මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.2. ඡන්නෝවාද සුත්තං

3.5.2. ඡන්න තෙරුන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්මා ච සාරිපුත්තෝ ආයස්මා ච මහාචුන්දෝ ආයස්මා ච ඡන්නෝ ගිජ්ඣකූටේ පබ්බතේ විහරන්ති. තේන ඛෝ පන සමයේන ආයස්මා ඡන්නෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේනායස්මා මහාචුන්දෝ, තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං මහාචුන්දං ඒතදවෝච: ‘ආයාම ආවුසෝ චුන්ද, යේනායස්මා ඡන්නෝ, තේනුපසංකමෙය්‍යාම ගිලානපුච්ඡකා’ති. ඒවමාවුසෝති ඛෝ ආයස්මා මහාචුන්දෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. ඒ දිනවල ම ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේත්, ආයුෂ්මත් ඡන්න තෙරුන්ද වැඩසිටියේ ගිජ්ඣකූට පර්වතයේ. ඒ කාලයේ ආයුෂ්මත් ඡන්න තෙරුන් රෝගී වෙලා, දුකට පත් වෙලා, බොහෝ සේ ගිලන් වෙලා හිටියේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේ සිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් චුන්දයෙනි, එනු මැනව. ලෙඩ දුක් විමසීමට ආයුෂ්මත් ඡන්නයන් සිටින තැනට යමු.” “එසේය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා.

අථ ඛෝ ආයස්මා ච සාරිපුත්තෝ ආයස්මා ච මහාචුන්දෝ යේනායස්මා ඡන්නෝ, තේනුපසංකමිංසු, උපසංකමිත්වා ආයස්මතා ඡන්නේන සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං ඡන්නං ඒතදවෝච: ‘කච්චි තේ ආවුසෝ ඡන්න, ඛමනීයං කච්චි යාපනීයං කච්චි තේ දුක්ඛා වේදනා, පටික්කමන්ති නෝ අභික්කමන්ති. පටික්කමෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝ’ති.

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේත් ආයුෂ්මත් ඡන්න තෙරුන් සිටි තැනට පැමිණුනා. පැමිණ ආයුෂ්මත් ඡන්න තෙරුන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කථාව කොට නිමවා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න තෙරුන්ගෙන් මෙකරුණ විමසුවා.

“ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කොහොමද? ඔබට ඉවසිය හැකිද? කොහොමද පහසුවෙන් යැපිය හැකිද? කොහොමද දුක් වේදනා අඩුවීමක් තියෙනවා නේද? වැඩිවීමක් නෑ නේද? අඩුවීමක්ම මිසක් වැඩිවීමක් පෙනෙන්නේ නෑ නේද?”

න මේ ආවුසෝ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා. අභික්කමන්ති, නෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝ’ති. සෙය්‍යථාපි ආවුසෝ සාරිපුත්ත, බලවා පුරිසෝ තිණ්හේන සිඛරේන මුද්ධනි අභිමන්ථෙය්‍ය, ඒවමේව ඛෝ මේ ආවුසෝ සාරිපුත්ත අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. න මේ ආවුසෝ සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා, අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට ඉවසන්නට අමාරුයි. පහසුවෙන් යැපෙන්නටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් තියුණු ආයුධයක් අරගෙන හිසට පහර දෙනවා වගෙයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව වාතය හිස්මුදුන පෙළනවා.

සෙය්‍යථාපි ආවුසෝ සාරිපුත්ත, බලවා පුරිසෝ දළ්හේන වරත්ත බන්ධේන සීසේ සීසවේඨනං දදෙය්‍ය. ඒවමේව ඛෝ මේ ආවුසෝ සාරිපුත්ත, අධිමත්තා වාතා සීසං පරිකන්තන්ති. න මේ ආවුසෝ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා, අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට ඉවසන්නට අමාරුයි. පහසුවෙන් යැපෙන්නටත් අමාරු යි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් දැඩි වරපටකින් හිසෙහි හිස්වෙළුම් ඔතා හිස තද කරනවා වගේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව හිසේ කැක්කුම තියෙනවා.

සෙය්‍යථාපි ආවුසෝ සාරිපුත්ත, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා තිණ්හේන ගෝවිකන්තනේන කුච්ඡිං පරිකන්තෙය්‍ය. ඒවමේව ඛෝ මේ ආවුසෝ සාරිපුත්ත, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මේ ආවුසෝ සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝ’ති.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට ඉවසන්න අමාරුයි. පහසුවෙන් යැපෙන්නටත් අමාරුයි මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ගව ඝාතකයෙක් හරි, ඒ ගව ඝාතකයාගේ ගෝලයෙක් හරි ගෙරිමස් කපන තියුණු කැත්තෙන් කුස කපනවා වගේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව වාතය කුස කීතු කරනවා.

සෙය්‍යථාපි ආවුසෝ සාරිපුත්ත, ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අංගාරකාසුයා සන්තාපෙය්‍යුං, සම්පරිතාපෙය්‍යුං. ඒවමේව ඛෝ මේ ආවුසෝ සාරිපුත්ත, අධිමත්තෝ කායස්මිං ඩාහෝ. න මේ ආවුසෝ සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝ’ති. සත්ථං ආවුසෝ සාරිපුත්ත, ආහරිස්සාමි, නාවකංඛාමි ජීවිතන්ති.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට ඉවසන්නට අමාරුයි. පහසුවෙන් යැපෙන්නටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයන් දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකුව වෙන වෙනම අත්වලින් ඇද ගෙන ගිනි අඟුරු වළක දාලා තවනවා වගේ, හාත්පසින් තවනවා වගේ. ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව කයේ දැවිල්ලක් තියෙනවා.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට ඉවසන්නට අමාරුයි. පහසුවෙන් යැපෙන්නටත් අමාරු යි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මං (දිවි නසාගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරනවා. මට ජීවත් වෙන්නට කැමැත්තක් නෑ.”

‘මායස්මා ඡන්නෝ සත්ථං ආහරේසි. යාපේතායස්මා ඡන්නෝ, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාම. සචේ ආයස්මතෝ ඡන්නස්ස නත්ථි සප්පායානි භෝජනානි, අහං ආයස්මතෝ ඡන්නස්ස සප්පායානි භෝජනානි පරියේසිස්සාමි. සචේ ආයස්මතෝ ඡන්නස්ස නත්ථි සප්පායානි භේසජ්ජානි, අහං ආයස්මතෝ ඡන්නස්ස සප්පායානි භේසජ්ජානි පරියේසිස්සාමි. සචේ ආයස්මතෝ ඡන්නස්ස නත්ථි පතිරූපෝ උපට්ඨාකෝ, අහං ආයස්මන්තං ඡන්නං උපට්ඨහිස්සාමි. මායස්මා ඡන්නෝ සත්ථං ආහරේසි. යාපේතායස්මා ඡන්නෝ, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාමා’ති.

“ප්‍රිය ආයුෂ්මත් ඡන්න, (දිවි නසා ගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරන්නට එපා! ප්‍රිය අයුෂ්මත් ඡන්න, යැපෙනු මැනැව. අපි ආයුෂ්මත් ඡන්නයන් පහසුවෙන් යැපීම ගැනයි කැමැති. ඉතින් ආයුෂ්මත් ඡන්නයන් හට ගැලපෙන දානමාන ආදිය නැත්නම්, මං ආයුෂ්මත් ඡන්නයන් උදෙසා අසනීපයට ගැලපෙන දානමාන ආදිය සොයන්නම්. ඉදින් ආයුෂ්මත් ඡන්නයන් හට අසනීපයට ගැලපෙන බේත්හේත් නැත්නම්, මං ආයුෂ්මත් ඡන්නයන් හට අසනීපයට ගැලපෙන බෙහෙතුත් සොයන්නම්. ඉදින් ආයුෂ්මත් ඡන්නයන් හට ගැලපෙන උපස්ථායකයන් නැත්නම්, මං ආයුෂ්මත් ඡන්නයන් හට උපස්ථාන කරන්නම්. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, (දිවි නසා ගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරන්නට එපා! ප්‍රිය ආයුෂ්මත් ඡන්න, යැපෙනු මැනව. අපි ආයුෂ්මත් ඡන්නයන් පහසුවෙන් යැපීම ගැනයි කැමැති.”

නපි මේ ආවුසෝ සාරිපුත්ත, නත්ථි සප්පායානි භෝජනානි. නපි මේ නත්ථි සප්පායානි භේසජ්ජානි නපි මේ නත්ථි පතිරූපා උපට්ඨාකා. අපි චාවුසෝ සාරිපුත්ත, පරිචිණ්ණෝ මේ සත්ථා දීඝරත්තං මනාපේනේව නෝ අමනාපේන. ඒතං හි ආවුසෝ සාරිපුත්ත, සාවකස්ස පතිරූපං යං සත්ථාරං පරිචරෙය්‍ය මනාපේනේව නෝ අමනාපේන, අනුපවජ්ජං ඡන්නෝ භික්ඛු සත්ථං ආහරිස්සතී’ති. ඒවමේතං ආවුසෝ සාරිපුත්ත, ධාරේහීති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට අසනීපයට ගැලපෙන දානමාන නැතුවා නොවෙයි. මට අසනීපයට ගැලපෙන දානමාන තියෙනවා. මට අසනීපයට ගැලපෙන බේත්හේත් නැතුවා නොවෙයි. මට අසනීපයට ගැලපෙන බෙහෙතුත් තියෙනවා. මට ගැලපෙන උපස්ථායකයන් නැතුවා නොවෙයි. මට ගැලපෙන උපස්ථායකයන් ඉන්නවා. එහෙම වුනත් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, බොහෝ කාලයක් තිස්සේ මං ශාස්තෘන් වහන්සේව ඇසුරු කළේ මනාප සිතින්ම යි. අමනාප සිතින් නම් නොවේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ශාස්තෘන් වහන්සේව අමනාප සිතින් නොව මනාප සිතින්ම ඇසුරු කරනවා යන යම් කරුණක් ඇද්ද, එය ශ්‍රාවකයෙකුට සුදුසුම යි. වෙත පැමිණීමක් නොවන පරිදි තමයි ඡන්න භික්ෂුව (දිවි නසාගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරන්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය විදිහට මෙකරුණ පිළිගන්නා සේක්වා!”

පුච්ඡෙය්‍යාම මයං ආයස්මන්තං ඡන්නං කඤ්චිදේව දේසං, සචේ ආයස්මා ඡන්නෝ ඕකාසං කරෝති පඤ්හස්ස වෙය්‍යාකරණායා’ති. පුච්ඡාවුසෝ සාරිපුත්ත, සුත්වා වේදිස්සාමාති.

“මා විසින් ආයුෂ්මත් ඡන්නයන්ගෙන් යම්කිසි කරුණක් අසන්නම්, හැබැයි ආයුෂ්මත් ඡන්නයන් ප්‍රශ්න විමසීමට අවසර දෙනවා නම් විතරයි.”

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, අසනු මැනව. අසා දැනගන්න බැරියැ.”

චක්ඛුං ආවුසෝ ඡන්න, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සසි. සෝතං ආවුසෝ ඡන්න, සෝතවිඤ්ඤාණං ….(පෙ)…. ඝානං ආවුසෝ ඡන්න, ඝානවිඤ්ඤාණං ….(පෙ)…. ජිව්හං ආවුසෝ ඡන්න, ජිව්හාවිඤ්ඤාණං ….(පෙ)…. කායං ආවුසෝ ඡන්න, කායවිඤ්ඤාණං ….(පෙ)…. මනං ආවුසෝ ඡන්න, මනෝවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සසීති.

“ප්‍රිය ආයුෂ්මත් ඡන්න, ඇස, ඇසේ විඤ්ඤාණය, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ‘මේක මගේ, මේ තමයි මම, මෙය මගේ ආත්මය’යි කියලා දකිනවාද? ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කන, කනේ විඤ්ඤාණය, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, නාසය, නාසයේ විඤ්ඤාණය, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, දිව, දිවේ විඤ්ඤාණය, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කය, කයේ විඤ්ඤාණය, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, මනස, මනසේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ‘මේක මගේ, මේ තමයි මම, මෙය මගේ ආත්මය’ යි කියලා දකිනවාද?”

චක්ඛුං ආවුසෝ සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සාමි. සෝතං ආවුසෝ සාරිපුත්ත, සෝතවිඤ්ඤාණං ….(පෙ)…. ඝානං ආවුසෝ සාරිපුත්ත, ඝාණවිඤ්ඤාණං ….(පෙ)…. ජිව්හං ආවුසෝ සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණං ….(පෙ)…. කායං ආවුසෝ සාරිපුත්ත, කායවිඤ්ඤාණං ….(පෙ)…. මනං ආවුසෝ සාරිපුත්ත, මනෝවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සාමීති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඇස, ඇසේ විඤ්ඤාණය, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ’ කියලයි මා දකින්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කන, කනේ විඤ්ඤාණය, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, නාසය, නාසයේ විඤ්ඤාණය, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත දිව, දිවේ විඤ්ඤාණය, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කය, කයේ විඤ්ඤාණය ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මනස, මනසේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ’ කියලයි මා දකින්නේ.”

චක්ඛුස්මිං ආවුසෝ ඡන්න, චක්ඛුවිඤ්ඤාණේ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේසු ධම්මේසු කිං දිස්වා කිං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සසි. සෝතස්මිං ආවුසෝ ඡන්න, සෝතවිඤ්ඤාණේ ….(පෙ)…. ඝානස්මිං ආවුසෝ ඡන්න, ඝානවිඤ්ඤාණේ ….(පෙ)…. ජිව්හාය ආවුසෝ ඡන්න, ජිව්හාවිඤ්ඤාණේ ….(පෙ)…. කායස්මිං ආවුසෝ ඡන්න, කායවිඤ්ඤාණේ ….(පෙ)…. මනස්මිං ආවුසෝ ඡන්න, මනෝවිඤ්ඤාණේ මනෝවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේසු ධම්මේසු කිං දිස්වා කිං අභිඤ්ඤාය මනං මනෝවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සසීති.

“ප්‍රිය ආයුෂ්මත් ඡන්න, ඇස තුළත්, ඇසේ විඤ්ඤාණය තුළත්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් කවර දෙයක් දැකලද, විශේෂ නුවණින් කුමක් අවබෝධ කරගෙනද, ඇස, ඇසේ විඤ්ඤාණය, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ’ කියලා දකින්නේ? ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කන තුළත්, කනේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, නාසය තුළත් නාසයේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, දිව තුළත්, දිවේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කය තුළත්, කයේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, මනස තුළත්, මනසේ විඤ්ඤාණය තුළත්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් කවර දෙයක් දැකලද, විශේෂ නුවණින් කුමක් අවබෝධ කරගෙනද, මනස, මනසේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ’ කියල දකින්නේ?”

චක්ඛුස්මිං ආවුසෝ සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණේ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සාමි. සෝතස්මිං ආවුසෝ සාරිපුත්ත, සෝතවිඤ්ඤාණේ ….(පෙ)…. ඝානස්මිං ආවුසෝ සාරිපුත්ත, ඝානවිඤ්ඤාණේ ….(පෙ)…. ජිව්හාය ආවුසෝ සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණේ ….(පෙ)…. කායස්මිං ආවුසෝ සාරිපුත්ත, කායවිඤ්ඤාණේ ….(පෙ)…. මනස්මිං ආවුසෝ සාරිපුත්ත, මනෝවිඤ්ඤාණේ මනෝවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤා මනං මනෝවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සාමීති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඇස තුළත්, ඇසේ විඤ්ඤාණය තුළත්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් නිරුද්ධ වීම දැක්කා. නිරුද්ධ වීම විශේෂ නුවණින් අවබෝධ කරගත්තා. ඒ තුළින් තමයි ඇසත්, ඇසේ විඤ්ඤාණයත්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේත් ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ’ කියල මා දකින්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කන තුළත්, කනේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, නාසය තුළත්, නාසයේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, දිව තුළත්, දිවේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කය තුළත්, කයේ විඤ්ඤාණය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මනස තුළත් මනසේ විඤ්ඤාණය තුළත්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් නිරුද්ධ වීම දැක්කා. නිරුද්ධ වීම විශේෂ නුවණින් අවබෝධ කරගත්තා. ඒ තුළින් තමයි මනසත්, මනසේ විඤ්ඤාණයත්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේත් ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ’ කියල මා දකින්නේ.”

ඒවං වුත්තේ ආයස්මා මහාචුන්දෝ, ආයස්මන්තං ඡන්නං ඒතදවෝච: තස්මාතිහ ආවුසෝ ඡන්න, ඉදම්පි තස්ස භගවතෝ සාසනං නිච්චකප්පං මනසි කාතබ්බං: නිස්සිතස්ස චලිතං. අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතේ අසති පස්සද්ධි. පස්සද්ධියා සති නති න හෝති. නතියා අසති ආගතිගති න හෝති. ආගතිගතියා අසති චුතූපපාතෝ න හෝති. චුතූපපාතේ අසති නේව ඉධ න හුරං න උභයමන්තරේන ඒසේවන්තෝ දුක්ඛස්සා’ති.

එසේ පැවසූ විට ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේ, ආයුෂ්මත් ඡන්න තෙරුන්ට මේ විදිහට පැවසුවා. “එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් ඡන්නයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙම අනුශාසනාව ද නිරතුරුවම මනාකොට නුවණින් මෙනෙහි කළයුතුයි. ‘මමත්වයෙන් ඇසුරු කරන කොටයි සැලීමක් තියෙන්නේ. මමත්වයෙන් ඇසුරක් නැත්නම්, සැලීමක් නෑ. සැලීමක් නැත්නම්, සැහැල්ලුවක් තියෙන්නේ. සැහැල්ලු බව තියෙන විට භව පැවැත්මට නැඹුරු වෙන්නේ නෑ. භව පැවැත්මට නැඹුරු නොවන විට සසරෙහි ඒමක් යෑමක් නෑ. සසරෙහි ඒමක් යෑමක් නැති විට, චුතියක් උපතක් නෑ. චුතියක් උපතක් නැති විට, මෙහෙත් නෑ. වෙන තැනකත් නෑ. ඒ දෙක අතරේත් නෑ. මේක තමයි දුකෙහි අවසන් වීම’ කියලා.”

අථ ඛෝ ආයස්මා ච සාරිපුත්තෝ ආයස්මා ච මහාචුන්දෝ ආයස්මන්තං ඡන්නං ඉමිනා ඕවාදේන ඕවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛෝ ආයස්මා ඡන්නෝ, අචිරපක්කන්තේ ආයස්මන්තේ ච සාරිපුත්තේ ආයස්මන්තේ ච මහාචුන්දේ සත්ථං ආහරේසි. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච:

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේත්, ආයුෂ්මත් ඡන්න තෙරුන් හට ඔය අවවාදයෙන් අවවාද කරලා අසුනෙන් නැගිට ආපසු වැඩියා. එතකොට ඒ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේත් වැඩිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ඡන්න තෙරුන් ආයුධයක් පාවිච්චි කළා. (දිවි නසා ගත්තා.)

එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා.

ආයස්මතා භන්තේ, ඡන්නේන සත්ථං ආහරිතං, තස්ස කා ගති කෝ අභිසම්පරායෝති:

“ස්වාමීනී, ආයුෂ්මත් ඡන්නයන් (දිවි නසා ගැනීමට) ආයුධයක් පාවිච්චි කරලා තියෙනවා. ඔහුගේ ගතිය කුමක්ද? පරලොව උපත කුමක්ද?”

නනු තේ සාරිපුත්ත, ඡන්නේන භික්ඛුනා සම්මුඛායේව අනුපවජ්ජතා බ්‍යාකතාති:

“පින්වත් සාරිපුත්ත, ඡන්න භික්ෂුව විසින් ඔබ ඉදිරියෙහිම වෙත පැමිණීමක් නොවන විදිහට (අනුපවද්‍ය කොට) කියලා කිව්වා නේද?”

අත්ථි භන්තේ, පුබ්බජිරං නාම වජ්ජිගාමෝ. තත්‍රායස්මතෝ ඡන්නස්ස මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානී’ති. හොන්ති හේතේ සාරිපුත්ත, ඡන්නස්ස භික්ඛුනෝ මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානි. නාහං සාරිපුත්ත, එත්තාවතා සඋපවජ්ජෝති වදාමි. යෝ ඛෝ සාරිපුත්ත, ඉමඤ්ච කායං නික්ඛිපති. අඤ්ඤං ච කායං උපාදියති, තමහං සඋපවජ්ජෝති වදාමි. තං ඡන්නස්ස භික්ඛුනෝ නත්ථි. අනුපවජ්ජෝ, ඡන්නෝ භික්ඛු සත්ථං ආහරේසීති.

“එසේය, ස්වාමීනී, පුබ්බජිර කියලා වජ්ජීන්ගේ ගමක් තියෙනවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ මිතුරු පවුල්, සුහද පවුල්, උපවද්‍ය (එළඹිය යුතු – වෙත පැමිණිය යුතු) පවුල් එහෙ තියෙනවා.”

“පින්වත් සාරිපුත්ත, ඡන්න භික්ෂුවගේ මිතුරු පවුල්, සුහද පවුල්, උපවද්‍ය (එළඹිය යුතු – වෙත පැමිණිය යුතු) පවුල් එහෙ තියෙනවා තමයි. නමුත් සාරිපුත්ත ඔපමණකින් මං උපවද්‍ය සහිතයි කියලා කියන්නේ නෑ. පින්වත් සාරිපුත්ත, යමෙක් මේ කය අත්හරිනවාද, වෙනත් කයකට බැඳෙනවාද, අන්න ඒකටයි මං උපවද්‍ය (එළඹිය යුතු – වෙත පැමිණිය යුතු) සහිතයි කියලා කියන්නේ. ඒ දෙය ඡන්න භික්ෂුවට නෑ. ඡන්න භික්ෂුව විසින් ආයුධයක් පාවිච්චි කළේ උපවද්‍ය රහිතවයි. (වෙනත් කයකට නොබැඳෙන පරිදියි)”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා. සතුටු සිත් ඇති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ඡන්නෝවාද සුත්තං දුතියං.

ඡන්න තෙරුන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M