මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.1. අනාථපිණ්ඩිකෝවාද සුත්තං

3.5.1. අනේපිඬු සිටුතුමාට අවවාද වශයෙන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන අනාථපිණ්ඩිකෝ ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ. අථ ඛෝ අනාථපිණ්ඩිකෝ ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තේසි: “ඒහි ත්වං අම්භෝ පුරිස, යේන භගවා තේනුපසංකම, උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි. ‘අනාථපිණ්ඩිකෝ භන්තේ, ගහපති ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ. සෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති. යේන චායස්මා සාරිපුත්තෝ තේනුපසංකම, උපසංකමිත්‘වා මම වචනේන ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දාහි ‘අනාථපිණ්ඩිකෝ භන්තේ, ගහපති ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ. සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දතී’ති. ඒවඤ්ච වදේහි: ‘සාධු කිර භන්තේ, ආයස්මා සාරිපුත්තෝ යේන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවේසනං තේනුපසංකමතු අනුකම්පං උපාදායා’”ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. ඒ දිනවල අනාථපිණ්ඩික ගෘහපතිතුමා අසනීපව සිටියා. ඉතාමත් දුක්ඛිතව, දැඩි සේ රෝගාතුරව සිටියා. එදා අනාථපිණ්ඩික ගෘහපතිතුමා එක්තරා පුරුෂයෙකු ඇමතුවා. “එම්බා පුරුෂය, ඔබ එන්න. භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න. ගිහින් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වඳින්න. ‘ස්වාමීනී, අනාථපිණ්ඩික ගෘහපතිතුමා රෝගීවයි සිටින්නේ. දුක්ඛිතව, බලවත්ව ලෙඩ වෙලයි ඉන්නේ. ඔහු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කරනවා’ කියලා. ඊට පස්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට යන්න. ගිහින් මගේ වචනයෙන් ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ගේ පා සඟල සිරසින් වඳින්න. ‘ස්වාමීනී, අනාථපිණ්ඩික ගෘහපතිතුමා රෝගීවයි සිටින්නේ. දුක්ඛිතව, බලවත්ව ලෙඩ වෙලයි ඉන්නේ. ඔහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ පා සඟල සිරසින් වන්දනා කරනවා’ කියලා. මේ විදිහටත් කියන්න. ‘ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාගේ නිවසට අනුකම්පාව උපදවා වැඩම කරන සේක්වා!’ කියලා.”

“ඒවං භන්තේ”ති ඛෝ සෝ පුරිසෝ අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ පුරිසෝ භගවන්තං ඒතදවෝච: “අනාථපිණ්ඩිකෝ භන්තේ, ගහපති ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ, සෝ භගවතෝ පාදේ සිරසා වන්දතී”ති. යේන චායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ පුරිසෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච: “අනාථපිණ්ඩිකෝ භන්තේ, ගහපති ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ, සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දති. ඒවඤ්ච වදේති: ‘සාධු කිර භන්තේ, ආයස්මා සාරිපුත්තෝ යේන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවේසනං තේනුපසංකමතු අනුකම්පං උපාදායා”ති.

“එසේය, ස්වාමීනී” කියලා ඒ පුරුෂයා අනාථපිණ්ඩික ගෘහපතිතුමාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. ‘ස්වාමීනී, අනාථපිණ්ඩික ගෘහපතිතුමා රෝගීවයි සිටින්නේ. දුක්ඛිතව, බලවත්ව ලෙඩ වෙලයි ඉන්නේ. ඔහු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කරනවා’ කියලා. ඊටපසුව ඒ පුරුෂයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත ගියා. ගිහින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ පුරුෂයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසුවා. ‘ස්වාමීනී, අනාථපිණ්ඩික ගෘහපතිතුමා රෝගීවයි සිටින්නේ. දුක්ඛිතව, බලවත්ව ලෙඩ වෙලයි ඉන්නේ. ඔහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ පා සඟල සිරසින් වන්දනා කරනවා’ කියලා. මේ විදිහටත් කිව්වා. ‘ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාගේ නිවසට අනුකම්පාව උපදවා වැඩම කරන සේක්වා!’ කියලා.”

අධිවාසේසි ඛෝ ආයස්මා සාරිපුත්තෝ තුණ්හීභාවේන.

එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්දව සිටීමෙන් ඒ ඇරයුම ඉවසා වදාළා.

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දේන පච්ඡාසමණේන යේන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ ආයස්මා සාරිපුත්තෝ අනාථපිණ්ඩිකං ගහපතිං ඒතදවෝච: “කච්චි තේ ගහපති, ඛමනීයං කච්චි යාපනීයං, කච්චි තේ දුක්ඛා වේදනා පටික්කමන්ති, නෝ අභික්කමන්ති, පටික්කමෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝ”ති.

ඊටපසුව ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සිවුරු හැඳ පොරවා ගෙන, පාත්තරය ද ගෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන් පසු ශ්‍රමණයන් ලෙස ගෙන, අනාථපිණ්ඩික ගෘහපතිතුමාගේ නිවසට වැඩියා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට මෙහෙම කිව්වා.

“පින්වත් ගෘහපතිය, කොහොමද? ඔබට ඉවසිය හැකිද? කොහොමද පහසුවෙන් යැපිය හැකිද? කොහොමද දුක් වේදනා අඩුවීමක් තියෙනවා නේද? වැඩිවීමක් නෑ නේද? අඩුවීමක්ම මිසක් වැඩිවීමක් පෙනෙන්නේ නෑ නේද?”

න මේ භන්තේ සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා, අභික්කමන්ති නෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝ”ති.

“පින්වත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. පහසුවෙන් යැපෙන්නටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ.

සෙය්‍යථාපි භන්තේ සාරිපුත්ත, බලවා පුරිසෝ තිණ්හේන සිඛරේන මුද්ධනි අභිමත්ථෙය්‍ය, ඒවමේව ඛෝ භන්තේ සාරිපුත්ත, අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. න මේ භන්තේ සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝති.

පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් තියුණු ආයුධයක් අරගෙන හිසට පහර දෙනවා වගෙයි. පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව වාතය හිස්මුදුන පෙළනවා. පින්වත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්න අමාරුයි. පහසුවෙන් යැපෙන්නත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ.

සෙය්‍යථාපි භන්තේ සාරිපුත්ත, බලවා පුරිසෝ දළ්හේන වරත්තඛණ්ඬේන සීසේ සීසවේඨං දදෙය්‍ය, ඒවමේව ඛෝ මේ භන්තේ සාරිපුත්ත, අධිමත්තා වාතා සීසං පරික්ඛන්තන්ති. න මේ භන්තේ සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝති.

පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් දැඩි වරපටකින් හිස් වෙළුම්වලන් හිස තද කරනවා වගේ. පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව හිසේ කැක්කුම තියෙනවා. පින්වත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්න අමාරුයි. පහසුවෙන් යැපෙන්නටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ.

සෙය්‍යථාපි භන්තේ සාරිපුත්ත, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා තිණ්හේන ගෝවිකන්තනේන කුච්ඡිං පරිකන්තෙය්‍ය, ඒවමේව ඛෝ මේ භන්තේ සාරිපුත්ත, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මේ භන්තේ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ගව ඝාතකයෙක් හරි, ඒ ගව ඝාතකයාගේ ගෝලයෙක් හරි ගෙරිමස් කපන තියුණු කැත්තෙන් කුස කපනවා වගේ. පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව වාතය කුස කීතු කරනවා. පින්වත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. පහසුවෙන් යැපෙන්නත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ.

සෙය්‍යථාපි භන්තේ සාරිපුත්ත, ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අංගාරකාසුයා සන්තාපෙය්‍යුං, සම්පරිතාපෙය්‍යුං, ඒවමේව ඛෝ මේ භන්තේ සාරිපුත්ත, අධිමත්තෝ කායස්මිං ඩාහෝ. න මේ භන්තේ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයන් දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකුව වෙන වෙනම අත්වලින් ඇද ගෙන ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ, හාත්පසින් තවනවා වගේ. පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඔන්න ඔය විදිහටම ඉතා බලවත්ව කයේ දැවිල්ලක් තියෙනවා. පින්වත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. පහසුවෙන් යැපෙන්නත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ.”

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුං උපාදියිස්සාමි. න ච මේ චක්ඛුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න සෝතං උපාදියිස්සාමි. න ච මේ සෝතනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න ඝානං උපාදියිස්සාමි. න ච මේ ඝානනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ …පෙ… න ජිව්හං …පෙ… සික්ඛිතබ්බං. තස්මාතිහ …පෙ… න කායං …පෙ… සික්ඛිතබ්බං. තස්මාතිහ …පෙ… න මනං …පෙ… සික්ඛිතබ්බං.

“එහෙමනම් පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහට හික්මිය යුතුයි; ‘මං ඇසට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය ඇස ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං කණට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය කන ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං නාසයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය නාසය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං දිවට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං කයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං මනසට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය මනස ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ …පෙ… න රූපං …පෙ… සික්ඛිතබ්බං: තස්මාතිහ …පෙ… න සද්දං උපාදියිස්සාමි ….(පෙ)…. න ගන්ධං උපාදියිස්සාමි …පෙ… න රසං උපාදියිස්සාමි …පෙ… න ඵොට්ඨබ්බං උපාදියිස්සාමි …පෙ… න ධම්මං උපාදියිස්සාමි න ච මේ ධම්මනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං රූපයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං ශබ්දයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං ගඳ සුවඳට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං රසයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං පහසට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං අරමුණුවලට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය අරමුණු ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුවිඤ්ඤාණං උපාදියිස්සාමි. න ච මේ චක්ඛුවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න සෝතවිඤ්ඤාණං උපාදියිස්සාමි …පෙ… න ඝානවිඤ්ඤාණං උපාදියිස්සාමි …පෙ… න ජිව්හාවිඤ්ඤාණං උපාදියිස්සාමි …පෙ… න කායවිඤ්ඤාණං උපාදියිස්සාමි …පෙ… න මනෝවිඤ්ඤාණං උපාදියිස්සාමි න ච මේ මනෝවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං ඇසේ විඤ්ඤාණයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය ඇසේ විඤ්ඤාණය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. ….(පෙ)…. මං කනේ විඤ්ඤාණයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං නාසයේ විඤ්ඤාණයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං දිවේ විඤ්ඤාණයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං කයේ විඤ්ඤාණයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං මනෝ විඤ්ඤාණයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුසම්ඵස්සං උපාදියිස්සාමි, න ච මේ චක්ඛුසම්ඵස්සනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න සෝතසම්ඵස්සං උපාදියිස්සාමි …පෙ… න ඝානසම්ඵස්සං උපාදියිස්සාමි …පෙ… න ජිව්හාසම්ඵස්සං උපාදියිස්සාමි …පෙ… න කායසම්ඵස්සං උපාදියිස්සාමි …පෙ… න මනෝසම්ඵස්සං උපාදියිස්සාමි, න ච මේ මනෝසම්ඵස්සනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය ඇසේ ස්පර්ශය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. ….(පෙ)…. මං කනේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං නාසයේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං දිවේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං කයේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං මනසේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය මනසේ ස්පර්ශය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුසම්ඵස්සජං වේදනං උපාදියිස්සාමි. න ච මේ චක්ඛුසම්ඵස්සජාවේදනානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න සෝතසම්ඵස්සජං වේදනං උපාදියිස්සාමි …පෙ… න ඝානසම්ඵස්සජං වේදනං උපාදියිස්සාමි …පෙ… න ජිව්හාසම්ඵස්සජං වේදනං උපාදියිස්සාමි …පෙ… න කායසම්ඵස්සජං වේදනං උපාදියිස්සාමි …පෙ… න මනෝසම්ඵස්සජං වේදනං උපාදියිස්සාමි. න ච මේ මනෝසම්ඵස්සජාවේදනානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේ ම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං ඇසේ ස්පර්ශයෙන් හටගත් විඳීමට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය ඇසේ ස්පර්ශයෙන් හටගත් විඳීම ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. ….(පෙ)…. මං කනේ ස්පර්ශයෙන් හටගත් විඳීමට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං නාසයේ ස්පර්ශයෙන් හටගත් විඳීමට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං දිවේ ස්පර්ශයෙන් හටගත් විඳීමට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං කයේ ස්පර්ශයෙන් හටගත් විඳීමට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං මනසේ ස්පර්ශයෙන් හටගත් විඳීමට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය මනසේ ස්පර්ශයෙන් හටගත් විඳීම ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියල. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න ප​ඨවීධාතුං උපාදියිස්සාමි, න ච මේ ප​ඨවීධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවංහි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ …පෙ… සික්ඛිතබ්බං: ‘න ආපෝධාතුං උපාදියිස්සාමි …පෙ… න තේජෝධාතුං උපාදියිස්සාමි …පෙ… න වායෝධාතුං උපාදියිස්සාමි …පෙ… න ආකාසධාතුං උපාදියිස්සාමි …පෙ… න විඤ්ඤාණධාතුං උපාදියිස්සාමි. න ච මේ විඤ්ඤාණධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේ ම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං පඨවි ධාතුවට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය පඨවි ධාතුව ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. ….(පෙ)…. මං ආපෝ ධාතුවට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං තේජෝ ධාතුවට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං වායෝ ධාතුවට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං ආකාස ධාතුවට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං විඤ්ඤාණ ධාතුවට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය විඤ්ඤාණ ධාතුව ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න රූපං උපාදියිස්සාමි, න ච මේ රූපනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න වේදනං උපාදියිස්සාමි …පෙ… න සඤ්ඤං උපාදියිස්සාමි …පෙ… න සංඛාරේ උපාදියිස්සාමි …පෙ… න විඤ්ඤාණං උපාදියිස්සාමි. න ච මේ විඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං රූප උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය රූප උපාදානස්කන්ධය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. ….(පෙ)…. මං වේදනා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං සඤ්ඤා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං සංස්කාර උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං විඤ්ඤාණ උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය විඤ්ඤාණ උපාදානස්කන්ධය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න ආකාසානඤ්චායතනං උපාදියිස්සාමි, න ච මේ ආකාසානඤ්චායතනනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න විඤ්ඤාණඤ්චායතනං උපාදියිස්සාමි …පෙ… න ආකිඤ්චඤ්ඤායතනං උපාදියිස්සාමි …පෙ… න නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපාදියිස්සාමි. න ච මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේ ම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං ආකාසානඤ්චායතනයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය ආකාසානඤ්චායතනය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. ….(පෙ)…. මං විඤ්ඤාණඤ්චායතනයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං ආකිඤ්චඤ්චායතනයට බැඳෙන්නේ නෑ. ….(පෙ)…. මං නේවසඤ්ඤානාසඤ්ඤායතනයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න ඉධලෝකං උපාදියිස්සාමි, න ච මේ ඉධලෝකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘න පරලෝකං උපාදියිස්සාමි, න ච මේ පරලෝකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බං.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං මෙලොවට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය මෙලොව ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං පරලොවට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය පරලොව ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බං: ‘යම්පි දං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං මනසා, තම්පි න උපාදියිස්සාමි, න ච මේ තංනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. ඒවං හි තේ ගහපති, සික්ඛිතබ්බ”න්ති.

ඒ වගේම පින්වත් ගෘහපතිය, ඔබ මෙන්න මේ විදිහටත් හික්මිය යුතුයි; ‘මං යමක් දැක්කාද, ඇසුවාද, ආඝ්‍රාණය කළාද, රස වින්ඳාද, පහස ලැබුවාද, සිතින් සිතුවාද, යමක් ලැබුනාද, සොයා ගත්තාද, සිතින් විමසුවාද, එයටත් බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඤාණය ඒවා ඇසුරු කරගත් දෙයක් බවට පත්වෙන්නේ නෑ’ කියලා. පින්වත් ගෘහපතිය, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.”

ඒවං වුත්තේ අනාථපිණ්ඩිකෝ ගහපති පරෝදි, අස්සූනි පවත්තේසි. අථ ඛෝ ආයස්මා ආනන්දෝ, අනාථපිණ්ඩිකං ගහපතිං ඒතදවෝච: “ඕලීයසි ඛෝ ත්වං ගහපති, සංසීදසි ඛෝ ත්වං ගහපතී”ති.
“නාහං භන්තේ ආනන්ද, ඕලීයාමි, නපි සංසීදාමි. අපි ච මේ දීඝරත්තං සත්ථා පයිරුපාසිතෝ, මනෝභාවනීයා ච භික්ඛූ. න ච මේ ඒවරූපී ධම්මී කථා සුතපුබ්බා”ති.

මෙසේ වදාළ විට අනාථපිණ්ඩික ගෘහපතිතුමා හඬන්නට පටන්ගත්තා. කඳුළු සැලුවා. එතකොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට මෙහෙම කිව්වා. “පින්වත් ගෘහපතිය, ඔබ ඇලෙනවාද? ගැලෙනවාද?” “ස්වාමීනී, ආනන්දයන් වහන්ස, මං ඇලෙන්නෙත් නෑ. ගැලෙන්නෙත් නෑ. නමුත් මං බොහෝ කාලයක් මුළුල්ලෙහි ශාස්තෘන් වහන්සේව ආශ්‍රය කළා. මනෝභාවනීය භික්ෂූන් වහන්සේලාව ද ආශ්‍රය කළා. එසේ නමුත් මා විසින් මෙබඳු වූ ධර්ම කථාවක් අහලා තිබුනේ නෑ.”

“න ඛෝ ගහපති, ගිහීනං ඕදාතවසනානං ඒවරූපී ධම්මී කථා පටිභාති. පබ්බජිතානං ඛෝ, ගහපති, ඒවරූපී ධම්මී කථා පටිභාතී”ති.

“පින්වත් ගෘහපතිය, සුදුවත් හඳින, ගිහි ගෙදර ගතකරන උදවියට ඔවැනි ධර්ම කථාවන් වැටහෙන්නේ නැහැ නෙව. පින්වත් ගෘහපතිය, පැවිද්දන්ට තමයි ඔවැනි ධර්ම කථාවන් වැටහෙන්නේ.”

“තේන හි භන්තේ සාරිපුත්ත, ගිහීනම්පි ඕදාතවසනානං ඒවරූපී ධම්මී කථා පටිභාතු. සන්ති හි භන්තේ සාරිපුත්ත, කුලපුත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ”ති.

“එසේ වී නම් ස්වාමීනී, සාරිපුත්තයන් වහන්ස, සුදු වත් හඳින ගිහියන්ට ද මෙබඳු වූ ධර්ම කථාවන් වැටහේවා! ස්වාමීනී, සාරිපුත්තයන් වහන්ස, කෙලෙස් අඩු කුලපුත්‍රයන් ගිහි ගෙදරත් ඉන්නවා. ධර්ම ශ්‍රවණය නොවුනෝතින් ඔවුන් පිරිහී යනවා. ධර්ම ශ්‍රවණය ලැබුනෝතින් අවබෝධ කරන අය ඇතිවෙනවා.”

අථ ඛෝ ආයස්මා ච සාරිපුත්තෝ ආයස්මා ච ආනන්දෝ, අනාථපිණ්ඩිකං ගහපතිං ඉමිනා ඕවාදේන ඕවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු.

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත් අනාථපිණ්ඩික ගෘහපතිතුමාට මේ අවවාදයෙන් අවවාද කොට, හුනස්නෙන් නැගී නික්මවැඩියා.

අථ ඛෝ අනාථපිණ්ඩිකෝ ගහපති, අචිරපක්කන්තේ ආයස්මන්තේ ච සාරිපුත්තේ ආයස්මන්තේ ච ආනන්දේ කායස්ස භේදා පරම්මරණා තුසිතං කායං උපපජ්ජි.

එවිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද වැඩම කළ නොබෝ වේලාවකින් අනාථපිණ්ඩික ගෘහපතිතුමා කය බිඳී මරණයට පත්ව තුසිත දෙව්ලොව උපන්නා.

අථ ඛෝ අනාථපිණ්ඩිකෝ දේවපුත්තෝ අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණෝ කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි.

ඉතින් අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා රැය ඉක්මයෑමෙන් මනස්කාන්ත වූ ශරීර වර්ණයකින් යුතුව මුළුමහත් ජේතවනය බබුලුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා.

ඒකමන්තං ඨිතෝ ඛෝ අනාථපිණ්ඩිකෝ දේවපුත්තෝ භගවන්තං ගාථාහි අජ්ඣභාසි:

එකත්පස්ව සිටි අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් පැවසුවා.

“ඉදං හි තං ජේතවනං ඉසිසංඝනිසේවිතං,
ආවුත්ථං ධම්මරාජේන පීතිසඤ්ජනනං මම.

“සංඝඉර්ෂීන් වහන්සේලා විසින් නිරන්තරයෙන් ඇසුරු කරනු ලබන, ධර්මරාජයාණන් වහන්සේ වැඩසිටින්නා වූ මේ ජේතවනය දකින විට මා තුළ මහත් ප්‍රීතියක් ඇතිවෙනවා.

කම්මං විජ්ජා ච ධම්මෝ ච සීලං ජීවිතමුත්තමං,
ඒතේන මච්චා සුජ්ඣන්ති න ගොත්තේන ධනේන වා.

සිතා මතා කරන ක්‍රියාවත්, අවබෝධයත්, ධර්මයත්, සීලයත් තමයි ජීවිතයට උතුම් වෙන්නේ. මේවායින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. එහෙම නැතුව උපන් කුලයෙන් හෝ ධනයෙන් හෝ නොවෙයි.

තස්මා හි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ,
යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ථ විසුජ්ඣති.

එම නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත ගැන කල්පනා කරනවා නම්, යෝනිසෝ මනසිකාරයෙන් දහම් කරුණු විමසිය යුතුයි. එහිදී තමයි ඔය විදිහේ පිරිසිදුකමක් ඇතිවෙන්නේ.

සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේන ච,
යෝ හි පාරගතෝ භික්ඛු ඒතාවපරමෝ සියා”ති.

පින්වත් සාරිපුත්තයන් වහන්සේම යි ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, කෙලෙස් සංසිඳීමෙනුත් ශ්‍රේෂ්ඨ වෙන්නේ. සසරෙන් එතෙර වැඩි යම්තාක් භික්ෂූන් වහන්සේලා සිටිත්ද, උන්වහන්සේලා අතර පරම ශ්‍රේෂ්ඨ වන්නේ සාරිපුත්තයන් වහන්සේම යි.”

ඉදමවෝච අනාථපිණ්ඩිකෝ දේවපුත්තෝ, සමනුඤ්ඤෝ සත්ථා අහෝසි. අථ ඛෝ අනාථපිණ්ඩිකෝ දේවපුත්තෝ සමනුඤ්ඤෝ මේ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායි.

අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා මෙය පැවසුවා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. එතකොට අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා ‘මා පැවසූ කරුණ ශාස්තෘන් වහන්සේ අනුමත කළ සේකැ’යි භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට එහිම නොපෙනී ගියා.

අථ ඛෝ භගවා තස්සා රත්තියා අච්චයේන භික්ඛූ ආමන්තේසි: “ඉමං භික්ඛවේ, රත්තිං අඤ්ඤතරෝ දේවපුත්තෝ අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණෝ කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේනාහං තේනුපසංකමි, උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ භික්ඛවේ, සෝ දේවපුත්තෝ මං ගාථාහි අජ්ඣභාසි:

එවිට ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් රැය ඉක්මයෑමෙන් මනස්කාන්ත වූ ශරීර වර්ණයකින් යුතුව මුළුමහත් ජේතවනය බබුලුවාගෙන මා වෙත පැමිණියා. පැමිණ මට ආදරයෙන් වන්දනා කොට එකත්පස් සිටගත්තා. එකත්පස්ව සිටි ඒ දිව්‍යපුත්‍රයා මට ගාථාවලින් පැවසුවා.

“ඉදං හි තං ජේතවනං …පෙ… ඒතාවපරමෝ සියා”ති.

“සංඝඉර්ෂීන් වහන්සේලා විසින් නිරන්තරයෙන් ඇසුරු කරනු ලබන, ධර්මරාජයාණන් වහන්සේ වැඩසිටින්නා වූ මේ ජේතවනය ….(පෙ)…. උන්වහන්සේලා අතර පරම ශ්‍රේෂ්ඨ වන්නේ සාරිපුත්තයන් වහන්සේම යි.”

“ඉදමවෝච භික්ඛවේ, සෝ දේවපුත්තෝ. සමනුඤ්ඤෝ මේ සත්ථාති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායී”ති.

පින්වත් මහණෙනි, ඒ දිව්‍යපුත්‍රයා මෙය පැවසුවා. ‘ශාස්තෘන් වහන්සේ මා පැවසූ කරුණ අනුමත කළ සේකැ’යි මට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට එහිම නොපෙනී ගියා.”

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “සෝ හි නූන සෝ භන්තේ, අනාථපිණ්ඩිකෝ දේවපුත්තෝ භවිස්සති. අනාථපිණ්ඩිකෝ භන්තේ, ගහපති ආයස්මන්තේ සාරිපුත්තේ අභිප්පසන්නෝ අහෝසී”ති. “සාධු, සාධු, ආනන්ද, යාවතකං ඛෝ ආනන්ද, තක්කාය පත්තබ්බං, අනුප්පත්තං තං තයා. අනාථපිණ්ඩිකෝ සො ආනන්ද, දේවපුත්තෝ ඤාඤ්ඤෝති.

මෙසේ වදාළ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ඔහු නම් ඒකාන්තයෙන්ම අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා වෙන්නට ඕන. ස්වාමීනී, අනාථපිණ්ඩික ගෘහපතිතුමා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදිලයි සිටියේ.”

“සාදු! සාදු! පින්වත් ආනන්ද, යම් කරුණක් පින්වත් ආනන්දය, තර්කානුකූලව විමසා තේරුම් ගත යුතුද, එය ඔබ තේරුම් අරගෙන තියෙනවා. පින්වත් ආනන්ද, ඔහු අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා තමයි. වෙන කෙනෙක් නොවෙයි.”

ඉදමවෝච භගවා, අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

අනාථපිණ්ඩිකෝවාදසුත්තං පඨමං.

අනාථපිණ්ඩික ගෘහපතිතුමාට අවවාද වශයෙන් වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M