මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.7. සළායතන විභංග සුත්තං

3.4.7. ආයතන හය පිළිබඳ විග්‍රහ කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සළායතනවිභංගං වෝ භික්ඛවේ, දේසිස්සාමි තං සුණාථ සාධුකං මනසි කරෝථ භාසිස්සාමීති.

“පින්වත් මහණෙනි, ඔබට ආයතන හය පිළිබඳ විස්තර විභාග වශයෙන් දේශනා කරන්නම්. එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“එසේ ය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානි. ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානි. ඡ විඤ්ඤාණකායා වේදිතබ්බා. ඡ ඵස්සකායා වේදිතබ්බා. අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා. ඡත්තිංස සත්තපදා වේදිතබ්බා. තත්‍රිදං නිස්සාය ඉදං පජහථ තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති, යදරියෝ සේවමානෝ සත්ථා ගණමනුසාසිතුමරහති, සෝ වුච්චති යොග්ගාචරියානං අනුත්තරෝ පුරිසදම්මසාරථී’ති. අයමුද්දේසෝ සළායතනවිභංගස්ස.

“ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. බාහිර ආයතන හය පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. සය වැදෑරුම් විඤ්ඤාණකාය පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. සය වැදෑරුම් ස්පර්ශකාය පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. දහඅට ආකාර වූ මනස හැසිරෙන තැන් පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. සත්ව පද තිස් හය පිළිබඳවත් අවබෝධ කළ යුතුයි.

එහිදී මෙය ඇසුරු කරගෙන මෙය අත්හරිව්. සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ තුන් වැදෑරුම් සතිපට්ඨානයන් සේවනය කරයි. සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ යමක් සේවනය කරමින් ශාස්තෘන් වහන්සේ බවට පත්ව පිරිසට අනුශාසනා කරන්නට සුදුසු වෙයිද, ඒ ගැනත් දත යුතුයි. ඒ ශාස්තෘන් වහන්සේට තමයි කියන්නේ යෝගාචාර්යවරයන් අතුරෙන් අනුත්තරෝ පුරිසදම්ම සාරථී කියලා. මෙය තමයි ආයතන හය පිළිබඳ විග්‍රහයේ මූලික විස්තරය.

ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානීති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානීති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘සය වැදෑරුම් ආධ්‍යාත්මික ආයතන අවබෝධ කළ යුතුයි’ කියා යමක් මං ප්‍රකාශ කළා නම්, ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරභයාද? එනම් ඇස නම් වූ ආයතනයක් ඇත. කන නම් වූ ආයතනයක් ඇත. නාසය නම් වූ ආයතනයක් ඇත. දිව නම් වූ ආයතනයක් ඇත. කය නම් වූ ආයතනයක් ඇත. මනස නම් වූ ආයතනයක් ඇත. ආධ්‍යාත්මික ආයතන හය අවබෝධ කළ යුතුයි කියලා යමක් ප්‍රකාශ කළා නම්, ඔය කරුණ සඳහායි එම ප්‍රකාශය කරන ලද්දේ.

ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානීති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ධම්මායතනං. ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානීති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘සය වැදෑරුම් බාහිර ආයතන අවබෝධ කළ යුතුයි’ කියා යමක් මං ප්‍රකාශ කළා නම්, ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරභයාද? එනම් රූප නම් වූ ආයතනයක් ඇත. ශබ්ද නම් වූ ආයතනයක් ඇත. ගඳ සුවඳ නම් වූ ආයතනයක් ඇත. රස නම් වූ ආයතනයක් ඇත. පහස නම් වූ ආයතනයක් ඇත. අරමුණු නම් වූ ආයතනයක් ඇත. බාහිර ආයතන හය අවබෝධ කළ යුතුයි කියලා යමක් ප්‍රකාශ කළා නම්, ඔය කරුණ සඳහායි එම ප්‍රකාශය කරන ලද්දේ.

ඡ විඤ්ඤාණකායා වේදිතබ්බාති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: චක්ඛුවිඤ්ඤාණං සෝතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණං. ඡ විඤ්ඤාණකායා වේදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘සය වැදෑරුම් විඤ්ඤාණකාය අවබෝධ කළ යුතුයි’ කියා යමක් මං ප්‍රකාශ කළා නම්, ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරභයාද? එනම් ඇසේ විඤ්ඤාණය, කනේ විඤ්ඤාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය යන මෙයයි. විඤ්ඤාණකාය හය අවබෝධ කළ යුතුයි කියලා යමක් ප්‍රකාශ කළා නම්, ඔය කරුණ සඳහායි එම ප්‍රකාශය කරන ලද්දේ.

ඡ ඵස්සකායා වේදිතබ්බාති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: චක්ඛුසම්ඵස්සෝ සෝතසම්ඵස්සෝ ඝානසම්ඵස්සෝ ජිව්හාසම්ඵස්සෝ කායසම්ඵස්සෝ මනෝසම්ඵස්සෝ. ඡ ඵස්සකායා වේදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘සය වැදෑරුම් ස්පර්ශකාය අවබෝධ කළ යුතුයි’ කියා යමක් මං ප්‍රකාශ කළා නම්, ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරභයාද? එනම් ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය යන මෙයයි. ස්පර්ශකාය හය අවබෝධ කළ යුතුයි කියලා යමක් ප්‍රකාශ කළා නම්, ඔය කරුණ සඳහායි එම ප්‍රකාශය කරන ලද්දේ.

අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බාති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: චක්ඛුනා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. දෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. උපෙක්ඛට්ඨානියං රූපං උපවිචරති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය සෝමනස්සට්ඨානියං ධම්මං උපවිචරති. දෝමනස්සට්ඨානියං ධම්මං උපවිචරති. උපෙක්ඛට්ඨානියං ධම්මං උපවිචරති. ඉති ඡ සෝමනස්සූපවිචාරා, ඡ දෝමනස්සූපවිචාරා, ඡ උපෙක්ඛූපවිචාරා. අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

‘මනස හැසිරෙන තැන් දහඅට අවබෝධ කළ යුතුයි’ කියා යමක් මං ප්‍රකාශ කළා නම්, ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරභයාද? එනම් ඇසින් රූපයක් දැක්කට පස්සේ සොම්නස ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයෙහි සිත හැසිරෙනවා. දොම්නස් ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයෙහිත් සිත හැසිරෙනවා. උපේක්ෂාව ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයෙහිත් සිත හැසිරෙනවා. කනින් ශබ්දයක් ඇසුවට පස්සේ ….(පෙ)…. නාසයෙන් ගඳසුවඳක් ආඝ්‍රාණය කළාට පස්සේ ….(පෙ)…. දිවෙන් රස වින්ඳාට පස්සේ ….(පෙ)…. කයෙන් පහස ලැබුවාට පස්සේ ….(පෙ)…. මනසින් අරමුණක් සිතලා සොම්නස ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ අරමුණෙහි සිත හැසිරෙනවා. දොම්නස ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ අරමුණෙහි සිත හැසිරෙනවා. උපේක්ෂාව ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ අරමුණෙහි සිත හැසිරෙනවා. දහඅට ආකාර වූ මනස හැසිරෙන තැන් අවබෝධ කළ යුතුයි කියලා යමක් ප්‍රකාශ කළා නම්, ඔය කරුණ සඳහායි එම ප්‍රකාශය කරන ලද්දේ.

ඡත්තිංස සත්තපදා වේදිතබ්බාති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඡ ගේහසිතානි සෝමනස්සානි, ඡ නෙක්ඛම්මසිතානි සෝමනස්සානි, ඡ ගේහසිතානි දෝමනස්සානි, ඡ නෙක්ඛම්මසිතානි දෝමනස්සානි, ඡ ගේහසිතා උපෙක්ඛා, ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා.

‘සත්වපද තිස් හය අවබෝධ කළ යුතුයි’ කියා යමක් මං ප්‍රකාශ කළා නම්, ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරභයාද? එනම් ගිහි ජීවිතය ඇසුරු කරගත් සොම්නස් හයක් තියෙනවා. නෙක්ඛම්මය ඇසුරු කරගත් සොම්නස් හයක් තියෙනවා. ගිහි ජීවිතය ඇසුරු කරගත් දොම්නස් හයක් තියෙනවා. නෙක්ඛම්මය ඇසුරු කරගත් දොම්නස් හයක් තියෙනවා. ගිහි ජීවිතය ඇසුරු කරගත් උපේක්ෂා හයක් තියෙනවා. නෙක්ඛම්මය ඇසුරු කරගත් උපේක්ෂා හයක් තියෙනවා.

තත්ථ කතමානි ඡ ගේහසිතානි සෝමනස්සානි: චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතෝ උප්පජ්ජති සෝමනස්සං, යං ඒවරූපං සෝමනස්සං ඉදං වුච්චති ගේහසිතං සෝමනස්සං. සෝතවිඤ්ඤෙය්‍යානං සද්දානං ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං ….(පෙ)…. මනෝවිඤ්ඤෙය්‍යානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතෝ උප්පජ්ජති සෝමනස්සං. යං ඒවරූපං සෝමනස්සං, ඉදං වුච්චති ගේහසිතං සෝමනස්සං. ඉමානි ඡ ගේහසිතානි සෝමනස්සානි.

එහිලා ගිහි ජීවිතය ඇසුරු කරගත් සොම්නස් හය මොනවාද? ඇසින් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, මනෝරම්‍ය වූ, කාම සැපයෙන් යුක්ත වූ රූපයන්ගේ ලැබීමක් හෝ එබඳු රූපයක ලැබීමෙන් පසු එය දකිද්දී හෝ කලින් ලැබුණු රූපයක් අතීතයෙහි නිරුද්ධ වෙලා, වෙනස් වෙලා ගියාද, එය සිහිකරද්දී හෝ ඔහුට සොම්නසක් උපදිනවා. මෙබඳු ස්වරූප වූ යම් සොම්නසක් ඇද්ද, මෙයටයි ගේහසිත සොම්නස කියා කියන්නේ. කනින් ඇසිය යුතු ශබ්ද ….(පෙ)…. නාසයෙන් දත යුතු ගඳ සුවඳ, ….(පෙ)…. දිවෙන් දත යුතු රස ….(පෙ)…. කයෙන් දත යුතු පහස ….(පෙ)…. මනසින් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, මනෝරම්‍ය වූ, කාම සැපයෙන් යුක්ත වූ අරමුණුවල ලැබීමක් හෝ එබඳු අරමුණක ලැබීමෙන් පසු එය දැනගනිද්දී හෝ කලින් ලැබුණු අරමුණක් අතීතයෙහි නිරුද්ධ වෙලා, වෙනස් වෙලා ගියාද, එය සිහිකරද්දී හෝ ඔහුට සොම්නසක් උපදිනවා. මෙබඳු ස්වරූප වූ යම් සොම්නසක් ඇද්ද, මෙයටයි ගේහසිත සොම්නස කියා කියන්නේ.

තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි සෝමනස්සානි: රූපානංත්වේව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරෝධං, පුබ්බේ චේව රූපා ඒතරහි ච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති සෝමනස්සං. යං ඒවරූපං සෝමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං. සද්දානංත්වේව ….(පෙ)…. ගන්ධානංත්වේව ….(පෙ)…. රසානංත්වේව ….(පෙ)…. ඵොට්ඨබ්බානංත්වේව ….(පෙ)…. ධම්මානංත්වේ අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරෝධං, පුබ්බේ චේව ධම්මා, ඒතරහි ච සබ්බේ තේ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති සෝමනස්සං. යං ඒවරූපං සෝමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං. ඉමානි ඡ නෙක්ඛම්මසිතානි සෝමනස්සානි.

එහිලා නෙක්ඛම්මය ඇසුරු කරගත් සොම්නස් හය මොනවාද? රූපයන්ගේ ම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත්, ඇල්ම නිරුද්ධ වීමත් දැනගනිමින් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී, කලින් රූපත්, දැන් රූපත් ඒ සෑම රූපයක්ම අනිත්‍යයයි, දුකයි, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කළ ප්‍රඥාවෙන් සත්‍යය ස්වභාවය දකිද්දී සොම්නසක් උපදිනවා. මෙබඳු වූ සොම්නසට තමයි නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස කියා කියන්නේ. ශබ්දයන්ගේ ම ….(පෙ)…. ගඳ සුවඳේම ….(පෙ)…. රසයේම ….(පෙ)…. ස්පර්ශයේම ….(පෙ)…. මනසට සිතෙන අරමුණුවලම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත්, ඇල්ම නිරුද්ධ වීමත් දැනගනිමින් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී, කලින් අරමුණුත්, දැන් අරමුණුත් ඒ සෑම අරමුණක්ම අනිත්‍යයයි, දුකයි, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කළ ප්‍රඥාවෙන් සත්‍යය ස්වභාවය දකිද්දී සොම්නසක් උපදිනවා. මෙබඳු වූ සොම්නසට තමයි නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස කියා කියන්නේ.

තත්ථ කතමානි ඡ ගේහසිතානි දෝමනස්සානි: චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේ වා අප්පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතෝ උප්පජ්ජති දෝමනස්සං. යං ඒවරූපං දෝමනස්සං, ඉදං වුච්චති ගේහසිතං දෝමනස්සං. සෝතවිඤ්ඤෙය්‍යානං සද්දානං ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං ….(පෙ)…. මනෝවිඤ්ඤෙය්‍යානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේ වා අප්පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතෝ උප්පජ්ජති දෝමනස්සං. යං ඒවරූපං දෝමනස්සං, ඉදං වුච්චති ගේහසිතං දෝමනස්සං. ඉමානි ඡ ගේහසිතානි දෝමනස්සානි.

එහිලා ගිහි ජීවිතය ඇසුරු කරගත් දොම්නස් හය මොනවාද? ඇසින් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, මනෝරම්‍ය වූ, කාම සැපයෙන් යුක්ත වූ රූපයන්ගේ නොලැබීමක් හෝ එබඳු රූපයක නොලැබීමෙන් පසු එය සිහිකරද්දී හෝ කලින් නොලැබුණු රූපයක් අතීතයෙහි නිරුද්ධ වෙලා ගියාද, එය සිහිකරද්දී හෝ ඔහුට දොම්නසක් උපදිනවා. මෙබඳු ස්වරූප වූ යම් දොම්නසක් ඇද්ද, මෙයටයි ගේහසිත දොම්නස කියා කියන්නේ. කනින් ඇසිය යුතු ශබ්ද ….(පෙ)…. නාසයෙන් දත යුතු ගඳ සුවඳ, ….(පෙ)…. දිවෙන් දත යුතු රස ….(පෙ)…. කයෙන් දත යුතු පහස ….(පෙ)…. මනසින් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, මනෝරම්‍ය වූ, කාම සැපයෙන් යුක්ත වූ අරමුණුවල නොලැබීමක් හෝ එබඳු අරමුණක නොලැබීමෙන් පසු එය දැනගනිද්දී හෝ කලින් නොලැබුණු අරමුණක් අතීතයෙහි නිරුද්ධ වෙලා ගියාද, එය සිහිකරද්දී හෝ ඔහුට දොම්නසක් උපදිනවා. මෙබඳු ස්වරූප වූ යම් දොම්නසක් ඇද්ද, මෙයටයි ගේහසිත දොම්නස කියා කියන්නේ.

තත්ථ කතමානි ඡ නෙක්ඛම්මසිතානි දෝමනස්සානි: රූපානංත්වේව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරෝධං, පුබ්බේ චේව රූපා ඒතරහි ච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමොක්ඛේසු පිහං උපට්ඨාපේති: කුදස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි. යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති. ඉති අනුත්තරේසු විමොක්ඛේසු පිහං උපට්ඨාපයතෝ උප්පජ්ජති පිහප්පච්චයා දෝමනස්සං. යං ඒවරූපං දෝමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. සද්දානංත්වේව ….(පෙ)…. ගන්ධානංත්වේව ….(පෙ)…. රසානංත්වේව ….(පෙ)…. ඵොට්ඨබ්බානංත්වේව ….(පෙ)…. ධම්මානංත්වේව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරෝධං පුබ්බේ චේව ධම්මා ඒතරහි ච සබ්බේ තේ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමොක්ඛේසු පිහං උපට්ඨාපේති. කුදස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති. ඉති අනුත්තරේසු විමොක්ඛේසු පිහං උපට්ඨාපයතෝ උප්පජ්ජති පිහප්පච්චයා දෝමනස්සං. යං ඒවරූපං දෝමනස්සං, ඉදං වුච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. ඉමානි ඡ නෙක්ඛම්මසිතානි දෝමනස්සානි.

එහිලා නෙක්ඛම්මය ඇසුරු කරගත් දොම්නස් හය මොනවාද? රූපයන්ගේ ම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත්, ඇල්ම නිරුද්ධ වීමත් දැනගනිමින් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී, කලින් රූපත්, දැන් රූපත් ඒ සෑම රූපයක්ම අනිත්‍යයයි, දුකයි, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කළ ප්‍රඥාවෙන් සත්‍යය ස්වභාවය දුටුවිට අනුත්තර වූ නිවන කෙරෙහි කැමැත්තක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේලා දැන් යම් අරහත්වයක් සාක්ෂාත් කරගෙන වාසය කරනවාද, මං කවරදාක නම් ඒ උතුම් නිවන අවබෝධ කරගෙන වාසය කරන්නද! කියලා ඔය විදිහට අනුත්තර වූ විමෝක්ෂය කෙරෙහි ආශාවක් පිහිටුවාගෙන ඉන්න කොට ඒ ආශාව හේතුවෙන් දොම්නසක් උපදිනවා. මෙබඳු වූ දොම්නසට තමයි නෙක්ඛම්මය ඇසුරු කළ දොම්නස කියා කියන්නේ. ශබ්දයන්ගේ ම ….(පෙ)…. ගඳ සුවඳේම ….(පෙ)…. රසයේම ….(පෙ)…. ස්පර්ශයේම ….(පෙ)…. මනසට සිතෙන අරමුණුවලම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත්, ඇල්ම නිරුද්ධ වීමත් දැනගනිමින් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී, කලින් අරමුණුත්, දැන් අරමුණුත් ඒ සෑම අරමුණක්ම අනිත්‍යයයි, දුකයි, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කළ ප්‍රඥාවෙන් සත්‍යය ස්වභාවය දුටුවිට අනුත්තර වූ නිවන කෙරෙහි කැමැත්තක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේලා දැන් යම් අරහත්වයක් සාක්ෂාත් කරගෙන වාසය කරනවාද, මං කවරදාක නම් ඒ උතුම් නිවන අවබෝධ කරගෙන වාසය කරන්නද! කියලා ඔය විදිහට අනුත්තර වූ විමෝක්ෂය කෙරෙහි ආශාවක් පිහිටුවාගෙන ඉන්න කොට ඒ ආශාව හේතුවෙන් දොම්නසක් උපදිනවා. මෙබඳු වූ දොම්නසට තමයි නෙක්ඛම්මය ඇසුරු කළ දොම්නස කියා කියන්නේ.

තත්ථ කතමා ඡ ගේහසිතා උපෙක්ඛා: චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස පුථුජ්ජනස්ස අනෝධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනෝ අස්සුතවතෝ පුථුජ්ජනස්ස. යා ඒවරූපා උපෙක්ඛා, රූපං සා නාතිවත්තති. තස්මා සා උපෙක්ඛා ගේහසිතාති වුච්චති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස පුථුජ්ජනස්ස අනෝධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනෝ අස්සුතවතෝ පුථුජ්ජනස්ස යා ඒවරූපා උපෙක්ඛා, ධම්මං සා නාතිවත්තති තස්මා සා උපෙක්ඛා ගේහසිතාති වුච්චති. ඉමා ඡ ගේහසිතා උපෙක්ඛා.

එහිලා ගිහි ජීවිතය ඇසුරු කරගත් උපේක්ෂා හය මොනවාද? ඇසින් රූපයක් දැක අඥාන වූ, මෝඩ වූ, බොහෝ කෙලෙස් ඇති, පෘථග්ජනයාට, කර්ම විපාක ජය නොගත්, ආදීනව නොදන්නා අශ්‍රැතවත් පෘථග්ජනයාට උපේක්ෂාව උපදිනවා. මෙබඳු යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව රූපය ඉක්මවා යන්නේ නෑ. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන අඥාන වූ, මෝඩ වූ, බොහෝ කෙලෙස් ඇති, පෘථග්ජනයාට, කර්ම විපාක ජය නොගත්, ආදීනව නොදන්නා අශ්‍රැතවත් පෘථග්ජනයාට උපේක්ෂාව උපදිනවා. මෙබඳු යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව අරමුණ ඉක්මවා යන්නේ නෑ. ඒ නිසයි මේ උපේක්ෂාව ගේහසිත උපේක්ෂාව කියන්නේ. මේ තමයි ගේහසිත උපේක්ෂා හය.

තත්ථ කතමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා: රූපානංත්වේව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරෝධං, පුබ්බේ චේව රූපා ඒතරහි ච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති උපෙක්ඛා යා ඒවරූපා උපෙක්ඛා රූපං සා අතිවත්තති. තස්මා සා උපෙක්ඛා නෙක්ඛම්මසිතාති වුච්චති. සද්දානංත්වේව ….(පෙ)…. ගන්ධානංත්වේව ….(පෙ)…. රසානංත්වේව ….(පෙ)…. ඵොට්ඨබ්බානංත්වේව ….(පෙ)…. ධම්මානංත්වේව අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරෝධං, පුබ්බේ චේව ධම්මා ඒතරහි ච සබ්බේ තේ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති උපෙක්ඛා. යා ඒවරූපා උපෙක්ඛා ධම්මං සා අතිවත්තති, තස්මා සා උපෙක්ඛා නෙක්ඛම්මසිතාති වුච්චති. ඉමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා. ඡත්තිංස සත්තපදා වේදිතබ්බාති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

එහිලා නෙක්ඛම්මය ඇසුරු කරගත් උපේක්ෂා හය මොනවාද? රූපයන්ගේ ම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත්, ඇල්ම නිරුද්ධ වීමත් දැනගනිමින් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී, කලින් රූපත්, දැන් රූපත් ඒ සෑම රූපයක්ම අනිත්‍යයයි, දුකයි, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කළ ප්‍රඥාවෙන් සත්‍යය ස්වභාවය දකිද්දී උපේක්ෂාවක් උපදිනවා. මෙබඳු වූ උපේක්ෂාවක් ඇද්ද, අන්න ඒ උපේක්ෂාව රූපය ඉක්මවා යනවා. එනිසයි ඒ උපේක්ෂාවට නෙක්ඛම්මය ඇසුරු කළ උපේක්ෂාව කියා කියන්නේ. ශබ්දයන්ගේ ම ….(පෙ)…. ගඳ සුවඳේම ….(පෙ)…. රසයේම ….(පෙ)…. ස්පර්ශයේම ….(පෙ)…. මනසට සිතෙන අරමුණුවලම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත්, ඇල්ම නිරුද්ධ වීමත් දැනගනිමින් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී, කලින් අරමුණුත්, දැන් අරමුණුත් ඒ සෑම අරමුණක්ම අනිත්‍යයයි, දුකයි, වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කළ ප්‍රඥාවෙන් සත්‍යය ස්වභාවය දකිද්දී උපේක්ෂාවක් උපදිනවා. මෙබඳු වූ උපේක්ෂාවක් ඇද්ද, අන්න ඒ උපේක්ෂාව අරමුණ ඉක්මවා යනවා. එනිසයි ඒ උපේක්ෂාවට නෙක්ඛම්මය ඇසුරු කළ උපේක්ෂාව කියා කියන්නේ. මේ තමයි නෙක්ඛම්මය ඇසුරු කළ උපේක්ෂා හය. සත්ව පද තිස්හයක් අවබෝධ කළ යුතුයි කියා යම් කරුණක් ප්‍රකාශ කළාද, එය ප්‍රකාශ කරන ලද්දේ ඔය සඳහායි.

තත්‍රිදං නිස්සාය ඉදං පජහථාති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: තත්‍ර භික්ඛවේ, යානි ඡ නෙක්ඛම්මසිතානි සෝමනස්සානි, තානි නිස්සාය තානි ආගම්ම, යානි ඡ ගේහසිතානි සෝමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. ඒවමේතේසං පහානං හෝති, ඒවමේතේසං සමතික්කමෝ හෝති. තත්‍ර භික්ඛවේ යානි ඡ නෙක්ඛම්මසිතානි දෝමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානි ඡ ගේහසිතානි දෝමනස්සානි, තානි පජහථ. තානි සමතික්කමථ. ඒවමේතේසං පහානං හෝති. ඒවමේතේසං සමතික්කමෝ හෝති. තත්‍ර භික්ඛවේ යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා, තා නිස්සාය තා ආගම්ම, යා ඡ ගේහසිතා උපෙක්ඛා තා පජහථ, තා සමතික්කමථ ඒවමේතාසං පහානං හෝති, ඒවමේතාසං සමතික්කමෝ හෝති. තත්‍ර භික්ඛවේ, යානි ඡ නෙක්ඛම්මසිතානි සෝමනස්සානි, තානි නිස්සාය තානි ආගම්ම, යානි ඡ නෙක්ඛම්මසිතානි දෝමනස්සානි, තානි පජහථ, තානි සමතික්කමථ. ඒවමේතේසං පහානං හෝති, ඒවමේතේසං සමතික්කමෝ හෝති. තත්‍ර භික්ඛවේ, යා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා, තා නිස්සාය තා ආගම්ම යානි ඡ නෙක්ඛම්මසිතානි සෝමනස්සානි තානි පජහථ, තානි සමතික්කමථ. ඒවමේතේසං පහානං හෝති, ඒවමේතේසං සමතික්කමෝ හෝති.

එහිලා ‘මෙය ඇසුරු කොට මෙය දුරුකරව’ කියා යම් කරුණක් ප්‍රකාශ කළාද, කුමක් අරභයාද එය ප්‍රකාශ කරන ලද්දේ? පින්වත් මහණෙනි, එහිලා නෙක්ඛම්මය ඇසුරු කළ යම් සොම්නස් හයක් තිබෙනවාද, ඒවා ඇසුරු කොට, ඒවාට පැමිණිලා යම් ගේහසිත සොම්නස් හයක් ඇද්ද, ඒවා දුරුකරන්න. ඒවා ඉක්මවා යන්න. ඔය විදිහටයි ඒවායේ ප්‍රහාණය සිදුවෙන්නේ. ඔය විදිහටයි ඒවායේ ඉක්මවා යාම වෙන්නේ.

පින්වත් මහණෙනි, එහිලා නෙක්ඛම්මය ඇසුරු කළ යම් දොම්නස් හයක් තිබෙනවාද, ඒවා ඇසුරු කොට, ඒවාට පැමිණිලා යම් ගේහසිත දොම්නස් හයක් ඇද්ද, ඒවා දුරුකරන්න. ඒවා ඉක්මවා යන්න. ඔය විදිහටයි ඒවායේ ප්‍රහාණය සිදුවෙන්නේ. ඔය විදිහටයි ඒවායේ ඉක්මවා යාම වෙන්නේ.

පින්වත් මහණෙනි, එහිලා නෙක්ඛම්මය ඇසුරු කළ යම් උපේක්ෂා හයක් තිබෙනවාද, ඒවා ඇසුරු කොට, ඒවාට පැමිණිලා යම් ගේහසිත උපේක්ෂා හයක් ඇද්ද, ඒවා දුරුකරන්න. ඒවා ඉක්මවා යන්න. ඔය විදිහටයි ඒවායේ ප්‍රහාණය සිදුවෙන්නේ. ඔය විදිහටයි ඒවායේ ඉක්මවා යාම වෙන්නේ.

පින්වත් මහණෙනි, එහිලා නෙක්ඛම්මය ඇසුරු කළ යම් සොම්නස් හයක් තිබෙනවාද, ඒවා ඇසුරු කොට, ඒවාට පැමිණිලා යම් නෙක්ඛම්මය ඇසුරු කළ දොම්නස් හයක් ඇද්ද, ඒවා දුරුකරන්න. ඒවා ඉක්මවා යන්න. ඔය විදිහටයි ඒවායේ ප්‍රහාණය සිදුවෙන්නේ. ඔය විදිහටයි ඒවායේ ඉක්මවා යාම වෙන්නේ.

පින්වත් මහණෙනි, එහිලා නෙක්ඛම්මය ඇසුරු කළ යම් උපේක්ෂා හයක් තිබෙනවාද, ඒවා ඇසුරු කොට, ඒවාට පැමිණිලා යම් නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස් හයක් ඇද්ද, ඒවා දුරුකරන්න. ඒවා ඉක්මවා යන්න. ඔය විදිහටයි ඒවායේ ප්‍රහාණය සිදුවෙන්නේ. ඔය විදිහටයි ඒවායේ ඉක්මවා යාම වෙන්නේ.

අත්ථි භික්ඛවේ, උපෙක්ඛා නානත්තා නානත්තසිතා. අත්ථි උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා. කතමා ච භික්ඛවේ, උපෙක්ඛා නානත්තා නානත්තසිතා: අත්ථි භික්ඛවේ, උපෙක්ඛා රූපේසු, අත්ථි සද්දේසු, අත්ථි ගන්ධේසු, අත්ථි රසේසු, අත්ථි ඵොට්ඨබ්බේසු. අයං භික්ඛවේ උපෙක්ඛා නානත්තා නානත්තසිතා.

පින්වත් මහණෙනි, විවිධාකාර අරමුණු සහිත, විවිධාකාර අරමුණු ඇසුරු කළ උපේක්ෂාවන් තියෙනවා. ඒ වගේම එකම අරමුණු ඇති එකම අරමුණු ඇසුරු කළ උපේක්ෂාවන් තියෙනවා. පින්වත් මහණෙනි, විවිධ අරමුණු සහිත, විවිධ අරමුණු ඇසුරු කළ උපේක්ෂාව කුමක්ද? පින්වත් මහණෙනි, රූපයන් පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. ශබ්දයන් පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. ගඳ සුවඳ පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. රසයන් පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. පහස පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි විවිධ අරමුණු සහිත, විවිධ අරමුණු ඇසුරු කළ උපේක්ෂාව.

කතමා ච භික්ඛවේ, උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා: අත්ථි භික්ඛවේ, උපෙක්ඛා ආකාසානඤ්චායතනනිස්සිතා, අත්ථි විඤ්ඤාණඤ්චායතනනිස්සිතා, අත්ථි ආකිඤ්චඤ්ඤායතනනිස්සිතා, අත්ථි නේවසඤ්ඤානාසඤ්ඤායතනනිස්සිතා. අයං භික්ඛවේ, උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා. තත්‍ර භික්ඛවේ, යා’යං උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා, තං නිස්සාය තං ආගම්ම, යා’යං උපෙක්ඛා නානත්තා නානත්තසිතා, තං පජහථ, තං සමතික්කමථ. ඒවමේතිස්සා පහානං හෝති, ඒවමේතිස්සා සමතික්කමෝ හෝති. අතම්මයතං භික්ඛවේ නිස්සාය අතම්මයතං ආගම්ම යා’යං උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා තං පජහථ. තං සමතික්කමථ. ඒවමේතිස්සා පහානං හෝති, ඒවමේතිස්සා සමතික්කමෝ හෝති. තත්‍රිදං නිස්සාය ඉදං පජහථා’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් මහණෙනි, එක අරමුණක් ඇති, එක අරමුණක් ඇසුරු කළ උපේක්ෂාව කුමක්ද? පින්වත් මහණෙනි, ආකාසානඤ්චායතනය ඇසුරු කළ උපේක්ෂාවක් තියෙනවා. විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කළ උපේක්ෂාවක් තියෙනවා. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළ උපේක්ෂාවක් තියෙනවා. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කළ උපේක්ෂාවක් තියෙනවා. පින්වත් මහණෙනි, මෙය තමයි එකම අරමුණක් සහිත, එක අරමුණක් ඇසුරු කළ උපේක්ෂාව. එහිලා පින්වත් මහණෙනි, මේ යම් උපේක්ෂාවක් එක අරමුණකින් යුතු, එක අරමුණක් ඇසුරු කොට පවතියිද, ඒ උපේක්ෂාව ඇසුරු කොට එයට පැමිණ, යම් උපේක්ෂාවක් නා නා අරමුණු සහිතව, නා නා අරමුණු ඇසුරු කොට පවතියිද, ඒ උපේක්ෂාව දුරුකරන්න. ඒ උපේක්ෂාව ඉක්මවා යන්න. ඔය විදිහට තමයි ඒ උපේක්ෂාවේ ප්‍රහාණය වෙන්නේ. ඔය විදිහට තමයි ඒ උපේක්ෂාව ඉක්මවා යන්නේ.

පින්වත් මහණෙනි, කෙලෙසුන්ට නොඇලී සිටීම ඇසුරු කරගෙන කෙලෙසුන්ට නොඇලී සිටීමට පැමිණිලා යම් මේ උපේක්ෂාවක් එක අරමුණක් සහිතව, එක අරමුණක් ඇසුරු කරගෙන ඇද්ද, එය දුරුකරන්න. එය ඉක්මවා යන්න. ඔය විදිහට ඒ උපේක්ෂාවේ ප්‍රහාණය වෙන්නේ. ඔය විදිහට තමයි ඒ උපේක්ෂාව ඉක්මවා යන්නේ. ‘මෙය ඇසුරු කොට මෙය දුරුකරන්න’ කියා යම් ප්‍රකාශයක් කළා නම්, ඔය කරුණ සඳහායි ඒ ප්‍රකාශය කරන ලද්දේ.

‘තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති, යදරියෝ සේවමානෝ සත්ථා ගණමනුසාසිතුමරහතී’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවේ, සත්ථා සාවකානං ධම්මං දේසේති අනුකම්පකෝ හිතේසී අනුකම්පං උපාදාය: ‘ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායා’ති. තස්ස සාවකා න සුස්සූසන්ති. න සෝතං ඕදහන්ති. න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. වොක්කම්ම ච සත්ථුසාසනං වත්තන්ති. තත්‍ර භික්ඛවේ, තථාගතෝ න චේව අත්තමනෝ හෝති. න ච අත්තමනතං පටිසංවේදේති. අනවස්සුතෝ ච විහරති සතෝ සම්පජානෝ. ඉදං භික්ඛවේ, පඨමං සතිපට්ඨානං, යදරියෝ සේවති, යදරියෝ සේවමානෝ සත්ථා ගණමනුසාසිතුමරහති.

‘සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ නමක් යම් සතිපට්ඨානයක් සේවනය කරත්ද, සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ සේවනය කරන්නා වූ ඒ සතිපට්ඨානය නිසා ශාස්තෘන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කරන්නට සුදුසු වෙත්ද, එබඳු සතිපට්ඨාන තුනක් තියෙනවා’ කියල යමක් ප්‍රකාශ කළාද, එසේ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරභයාද?

පින්වත් මහණෙනි, මෙහිලා ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන්ට හිතවත්ව අනුකම්පාවෙන්, අනුකම්පාව උපදවා, ‘මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා’ කියල ධර්ම දේශනා කරනවා. නමුත් ශ්‍රාවකයෝ ඒ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දෙන්නේ නෑ. සවන් යොමන්නේ නෑ. අර්ථ තේරුම් ගන්නට සිත යොදවන්නේ නෑ. ශාස්තෘ ශාසනයෙන් බැහැර වෙලයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ කිසි නොසතුටක් ඇතිකරගන්නේ නෑ. නොසතුටක් ඇති වූ බවක් දැනුම් දෙන්නේ නෑ. මනා සිහියෙන් හා නුවණින් යුතුව කෙලෙස් නොවැගිරෙන ස්වභාවයෙන් වාසය කරනවා. පින්වත් මහණෙනි, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරයිද, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරද්දී ශාස්තෘන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කිරීමට සුදුසු වෙයිද, මෙය තමයි ඒ පළමුවෙනි සතිපට්ඨානය.

පුන ච පරං භික්ඛවේ, සත්ථා සාවකානං ධම්මං දේසේති අනුකම්පකෝ හිතේසී අනුකම්පං උපාදාය: ‘ඉදං වෝ හිතාය, ඉදං වෝ සුඛායා’ති. තස්ස ඒකච්චේ සාවකා න සුස්සූසන්ති, න සෝතං ඕදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, වොක්කම්ම ච සත්ථුසාසනං වත්තන්ති. ඒකච්චේ සාවකා සුස්සූසන්ති. සෝතං ඕදහන්ති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. න ච වොක්කම්ම සත්ථුසාසනං වත්තන්ති. තත්‍ර භික්ඛවේ, තථාගතෝ න චේව අත්තමනෝ හෝති, න ච අත්තමනතං පටිසංවේදේති. න ච අනත්තමනෝ හෝති. න ච අනත්තමනතං පටිසංවේදේති. අත්තමනතඤ්ච අනත්තමනතඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා සෝ උපෙක්ඛකෝ විහරති සතෝ සම්පජානෝ. ඉදං වුච්චති භික්ඛවේ, දුතියං සතිපට්ඨානං යදරියෝ සේවති, යදරියෝ සේවමානෝ සත්ථා ගණමනුසාසිතුමරහති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන්ට හිතවත්ව අනුකම්පාවෙන්, අනුකම්පාව උපදවා, ‘මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා’ කියල ධර්ම දේශනා කරනවා. නමුත් ඇතැම් ශ්‍රාවකයෝ ඒ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දෙන්නේ නෑ. සවන් යොමන්නේ නෑ. අර්ථ තේරුම් ගන්නට සිත යොදවන්නේ නෑ. ශාස්තෘ ශාසනයෙන් බැහැර වෙලයි වාසය කරන්නේ. ඒ වගේම ඇතැම් ශ්‍රාවකයෝ ඒ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දෙනවා. සවන් යොමනවා. අර්ථ තේරුම් ගන්නට සිත යොදවනවා. ශාස්තෘ ශාසනයෙන් බැහැර නොවී වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ කිසි නොසතුටක් ඇතිකරගන්නේ නෑ. නොසතුටක් ඇති වූ බවක් දැනුම් දෙන්නේ නෑ. සතුටක් ඇතිකරගන්නෙත් නැ. සතුටු වූ බවක් දැනුම් දෙන්නෙත් නෑ. සතුටත්, නොසතුටත් කියන දෙකම අත්හැරලා මනා සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. පින්වත් මහණෙනි, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරයිද, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරද්දී ශාස්තෘන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කිරීමට සුදුසු වෙයිද, මෙය තමයි ඒ දෙවෙනි සතිපට්ඨානය.

පුන ච පරං භික්ඛවේ, සත්ථා සාවකානං ධම්මං දේසේති අනුකම්පකෝ හිතේසී අනුකම්පං උපාදාය: ‘ඉදං වෝ හිතාය, ඉදං වෝ සුඛායා’ති. තස්ස සාවකා සුස්සූසන්ති, සෝතං ඕදහන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනං වත්තන්ති. තත්‍ර භික්ඛවේ, තථාගතෝ අත්තමනෝ චේව හෝති අත්තමනතඤ්ච පටිසංවේදේති. අනවස්සුතෝ ච විහරති සතෝ සම්පජානෝ. ඉදං වුච්චති භික්ඛවේ, තතියං සතිපට්ඨානං යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්ථා ගණමනුසාසිතුමරහති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන්ට හිතවත්ව අනුකම්පාවෙන්, අනුකම්පාව උපදවා, ‘මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා’ කියල ධර්ම දේශනා කරනවා. ඒ ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දෙනවා. සවන් යොමනවා. අර්ථ තේරුම් ගන්නට සිත යොදවනවා. ශාස්තෘ ශාසනයෙන් බැහැර නොවී වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ සතුටක් ඇතිකරගන්නෙත් නෑ. සතුටු වූ බවක් දැනුම් දෙන්නෙත් නෑ. මනා සිහියෙන් හා නුවණින් යුතුව කෙලෙස් නොවැගිරෙන ස්වභාවයෙන් යුක්තව වාසය කරනවා. පින්වත් මහණෙනි, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරයිද, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරද්දී ශාස්තෘන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කිරීමට සුදුසු වෙයිද, මෙය තමයි ඒ තෙවෙනි සතිපට්ඨානය.

තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති, යදරියෝ සේවමානෝ සත්ථා ගණමනුසාසිතුමරහතීති ඉති යං තං වුත්තං ඉදමේතං, පටිච්ච වුත්තං.

‘සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ නමක් යම් සතිපට්ඨානයක් සේවනය කරත්ද, සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ සේවනය කරන්නා වූ ඒ සතිපට්ඨානය නිසා ශාස්තෘන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කරන්නට සුදුසු වෙත්ද, එබඳු සතිපට්ඨාන තුනක් තියෙනවා’ කියල යමක් ප්‍රකාශ කළාද, එසේ ප්‍රකාශ කරන ලද්දේ ඔය සඳහායි.

සෝ වුච්චති යොග්ගාචරියානං අනුත්තරෝ පුරිසදම්මසාරථීති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: හත්ථිදමකේන භික්ඛවේ හත්ථිදම්මෝ සාරිතෝ ඒකංයේව දිසං ධාවති, පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. අස්සදමකේන භික්ඛවේ, අස්සදම්මෝ සාරිතෝ ඒකංයේව දිසං ධාවති, පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. ගෝදමකේන භික්ඛවේ, ගෝදම්මෝ සාරිතෝ ඒකංයේව දිසං ධාවති, පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා. තථාගතේන හි භික්ඛවේ, අරහතා සම්මාසම්බුද්ධේන පුරිසදම්මෝ සාරිතෝ අට්ඨ දිසා විධාවති රූපී රූපානි පස්සති. අයං පඨමා දිසා අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියා දිසා. සුභන්ත්වේව අධිමුත්තෝ හෝති. අයං තතියා දිසා. සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථී දිසා. සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමී දිසා. සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨී දිසා. සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමී දිසා. සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමී දිසා. තථාගතේන භික්ඛවේ, අරහතා සම්මාසම්බුද්ධේන පුරිසදම්මෝ සාරිතෝ. ඉමා අට්ඨ දිසා විධාවති. සෝ වුච්චති යොග්ගාචරියානං අනුත්තරෝ පුරිසදම්මසාරථීති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තන්ති.

‘ඒ ශාස්තෘන් වහන්සේට තමයි කියන්නේ යෝගාචාර්යවරයන් අතුරෙන් අනුත්තරෝ පුරිසදම්ම සාරථී’ කියල යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ කවර කරුණක් සඳහා ද? පින්වත් මහණෙනි, ඇතුන් දමනය කරන කෙනෙක් විසින් දමනය කළ යුතු ඇතාව මෙහෙයවද්දී එකම දිශාවටයි දුවන්නේ. එක්කෝ පෙරදිගට දුවනවා. එහෙම නැත්නම් බටහිරට දුවනවා. එහෙම නැත්නම් උතුරට හෝ දකුණට දුවනවා.

පින්වත් මහණෙනි, අශ්වයන් දමනය කරන කෙනෙක් විසින් දමනය කළ යුතු අශ්වයාව මෙහෙයවද්දී එකම දිශාවටයි දුවන්නේ. එක්කෝ පෙරදිගට දුවනවා. එහෙම නැත්නම් බටහිරට දුවනවා. එහෙම නැත්නම් උතුරට හෝ දකුණට දුවනවා.

පින්වත් මහණෙනි, ගවයන් දමනය කරන කෙනෙක් විසින් දමනය කළ යුතු ගවයාව මෙහෙයවද්දී එකම දිශාවටයි දුවන්නේ. එක්කෝ පෙරදිගට දුවනවා. එහෙම නැත්නම් බටහිරට දුවනවා. එහෙම නැත්නම් උතුරට හෝ දකුණට දුවනවා.

නමුත් පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ යුතු පුරුෂයාව මෙහෙයවද්දී අට දිශාවකට දිවයනවා. රූපවත්ව සිට රූපයන් දකිනවා. මෙය පළමු දිශාවයි. ආධ්‍යාත්මයේ අරූප සඤ්ඤීව සිට බාහිර රූප දකිනවා. මෙය දෙවෙනි දිශාවයි. මෙය සුභ සමාධියක් ය කියා එය මුල් කරගෙන සිත මිදෙනවා. මෙය තුන්වෙනි දිශාවයි. සියලු අයුරින් රූප සඤ්ඤාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සඤ්ඤාවන් නැතිවීමෙන්, නා නා සඤ්ඤාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාසය යැයි ආකාසානඤ්චායතනය උපදවා ගෙන වාසය කරනවා. මෙය සතරවෙනි දිශාවයි. සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන් අනත්ත වූ විඤ්ඤාණය යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවා ගෙන වාසය කරනවා. මෙය පස්වෙනි දිශාවයි. සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන් කිසිවක් නැත යැයි ආකිඤ්චඤ්චායතනය උපදවා ගෙන වාසය කරනවා. මෙය සය වෙනි දිශාවයි. සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා ගෙන වාසය කරනවා. මෙය සත් වෙනි දිශාවයි. සියලු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා යෑමෙන් සඤ්ඤා වේදයිත නිරෝධය උපදවා ගෙන වාසය කරනවා. මෙය අටවෙනි දිශාවයි.

පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ යුතු පුරුෂයාව මෙහෙයවද්දී මේ අට දිශාවටයි දිවයන්නේ.

‘ඒ ශාස්තෘන් වහන්සේට තමයි කියන්නේ යෝගාචාර්යවරයන් අතුරෙන් අනුත්තරෝ පුරිසදම්ම සාරථී කියලා’ යම් ප්‍රකාශයක් කළාද, එම ප්‍රකාශය කරන ලද්දේ මේ සඳහායි.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

සළායතනවිභංගසුත්තං සත්තමං.

ආයතන හය පිළිබඳ විග්‍රහ කොට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M