මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.8. උද්දේස විභංග සුත්තං

3.4.8. මූලික දෙසුම විස්තර විභාග වශයෙන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

උද්දේසවිභංගං වෝ භික්ඛවේ, දේසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමීති.

“පින්වත් මහණෙනි, ඔබට මූලික දෙසුම විස්තර විභාග වශයෙන් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

තථා තථා භික්ඛවේ, භික්ඛු උපපරික්ඛෙය්‍ය, යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය. බහිද්ධා භික්ඛවේ, විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ, අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතී’ති. ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසි.

“පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩම කළා.

අථ ඛෝ තේසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතෝ ඒතදහෝසි: ‘ඉදං ඛෝ නෝ ආවුසෝ, භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ, තථා තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛෙය්‍ය, යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය, බහිද්ධා භික්ඛවේ විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ, අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතී’ති. කෝ නු ඛෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජෙය්‍යා’ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කර නොබෝ වේලාවකින් ඒ භික්ෂූන් වහන්සේලාට මෙහෙම සිතුනා. “ප්‍රිය ආයුෂ්මත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය පිළිබඳව මූලික විග්‍රහය වදාරා, විස්තරාර්ථ නොදෙසා, විස්තර විභාග නොකොට හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක. ‘පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි.’ එහෙම නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් සංක්ෂේපයෙන් වදාළ, විස්තර වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි විස්තරාර්ථ විග්‍රහය කරන්නට පුළුවන් වෙන කාටද?

අථ ඛෝ තේසං භික්ඛූනං ඒතදහෝසි: ‘අයං ඛෝ ආයස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ, සම්භාවිතෝ ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං, පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං. යන්නූන මයං යේනායස්මා මහාකච්චානෝ, තේනුපසංකමෙය්‍යාම, උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාමා’ති. අථ ඛෝ තේ භික්ඛූ යේනායස්මා මහාකච්චානෝ, තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මතා මහාකච්චානේන සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං ඒතදවෝචුං:

එතකොට ඒ භික්ෂූන් වහන්සේලාට මෙහෙම සිතුනා. ‘මේ ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුත් වර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් සංක්ෂේපයෙන් වදාළ විස්තර වශයෙන් නොවදාළ මෙම ධර්මයේ විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට දක්ෂයි. එනිසා අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගෙන් මෙම ධර්මයේ අර්ථ විමසා ගනිමු’ කියලා.

ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත වැඩියා. වැඩම කොට ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේට මෙය පැවසුවා.

ඉදං ඛෝ නෝ ආවුසෝ කච්චාන, භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ. තථා තථා භික්ඛවේ, භික්ඛු උපපරික්ඛෙය්‍ය, යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය, බහිද්ධා භික්ඛවේ, විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ, අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතී’ති. තේසං නෝ ආවුසෝ කච්චාන, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතෝ ඒතදහෝසි:

“ප්‍රිය ආයුෂ්මත් කච්චානයන් වහන්ස, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය පිළිබඳ මූලික විග්‍රහය සංක්ෂේපයෙනුයි වදාළේ. විස්තර වශයෙන් අර්ථ විග්‍රහ නොකොටයි හුනස්නෙන් නැගී විහාරයට වැඩම කළේ. ඒ ධර්මය මෙයයි.

‘පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි’ කියලා.

ඉතින් ප්‍රිය ආයුෂ්මත් කච්චානයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් අපට මෙහෙම සිතුනා.

ඉදං ඛෝ නෝ ආවුසෝ, භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ: තථා තථා භික්ඛවේ, භික්ඛු උපපරික්ඛෙය්‍ය, යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය, බහිද්ධා භික්ඛවේ, විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ, අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතී’ති. කෝ නු ඛෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජෙය්‍යාති.

‘ප්‍රිය ආයුෂ්මත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය පිළිබඳව මූලික විග්‍රහය සංක්ෂේපයෙන් වදාරා, විස්තරාර්ථ වශයෙන් නොදෙසා, විස්තර විභාග නොකොට හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක.

‘පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි’ කියලා.

එහෙම නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් සංක්ෂේපයෙන් වදාළ විස්තර වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි විස්තරාර්ථ විග්‍රහය කරන්නට පුළුවන් වෙන කාටද? කියලා.

තේසං නෝ ආවුසෝ කච්චාන, අම්හාකං ඒතදහෝසි: අයං ඛෝ ආයස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ, සම්භාවිතෝ ච විඤ්ඤූණං සබ්‍රහ්මචාරීනං. පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං. යන්නූන මයං යේනායස්මා මහාකච්චානෝ, තේනුපසංකමෙය්‍යාම. උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාමාති. විභජතායස්මා මහාකච්චානෝති.

එතකොට අපට මෙහෙම සිතුනා. මේ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුත් වර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් සංක්ෂේපයෙන් වදාළ, විස්තර වශයෙන් නොවදාළ, මෙම ධර්මයේ විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට දක්ෂයි. එනිසා අපි ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේගෙන් මෙම ධර්මයේ අර්ථ විමසමු’ කියලා. ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ විස්තරාර්ථ වශයෙන් විග්‍රහ කරන සේක්වා!”

සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ සාරත්ථිකෝ සාරගවේසී සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම්මේව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසේ සාරං පරියේසිතබ්බං මඤ්ඤෙය්‍ය, ඒවං සම්පදමිදං ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතේ තං භගවන්තං අතිසිත්වා අම්හේ ඒතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සෝ හා’වුසෝ, භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතෝ ඤාණභූතෝ ධම්මභූතෝ බ්‍රහ්මභූතෝ වත්තා පවත්තා අත්ථස්ස නින්නේතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතෝ, සෝ චේව පනේතස්ස කාලෝ අහෝසි යං භගවන්තං යේව ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා නෝ භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාථා’ති.

“ප්‍රිය ආයුෂ්තුනි, ඕක මෙන්න මේ වගේ දෙයක්, අරටුවකින් ප්‍රයෝජන ඇති, අරටුවක් හොයන, අරටුවක් හොයමින් ඇවිදින මිනිහෙක් ඉන්නවා. ඉතින් ඒ මනුස්සයා හොඳට අරටුව තියෙන ගහක් ළඟට ගිහින් ඒ අරටුව අත්හැරලා, මුල් අත්හැරලා, කඳ අත්හැරලා, කොළ අතුවල අරටුවක් හොයනවා වගේ වැඩක් කියලයි මට මේ ගැන හිතෙන්නෙ. ආයුෂ්මතුන් වහන්සේලාට ශාස්තෘන් වහන්සේව මුණ ගැහිලත්, ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා දැනගන්නෙ නැතිව අපෙන් මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න හිතුවා නෙවද? මේකත් ඒ වගේම දෙයක් නෙවද?

ඒකාන්තයෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි දැන ගත යුතු දේ දන්නෙ. උන්වහන්සේ තමයි දැකගත යුතු දේ දකින්නෙ. උන්වහන්සේ දහම් ඇසින් උපන් කෙනෙක්. නැණ මඬලින් උපන් කෙනෙක්. දහම් තුළින් උපන් කෙනෙක්. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් කෙනෙක්. කිව යුතු දේ මැනවින් කියන කෙනෙක්. දහම් සක පවත්වන කෙනා. අර්ථ මතු කර දීමේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේ තමයි අමා නිවන දන් දෙන්නෙ. ධර්මයට ස්වාමී වූ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න කල් තිබුනා නොවේද? අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නෙ යම් අයුරකින්ද ඒ විදිහටම මතක තබාගන්නට ඕන.

අද්ධාවුසෝ කච්චාන, භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතෝ ඤාණභූතෝ ධම්මභූතෝ බ්‍රහ්මභූතෝ වත්තා පවත්තා අත්ථස්ස නින්නේතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතෝ. සෝ චේව පනේතස්ස කාලෝ අහෝසි, යං භගවන්තංයේව ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාම, යථා නෝ භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාම. අපි චායස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ සම්භාවිතෝ ච විඤ්ඤූණං සබ්‍රහ්මචාරීනං, පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානෝ අගරුං කරිත්වාති.

ඒක ඇත්ත, ප්‍රිය ආයුෂ්මත් මහා කච්චානයන් වහන්ස, ඒකාන්තයෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි දැනගත යුතු දේ දන්නෙ. උන්වහන්සේ තමයි දැකගත යුතු දේ දකින්නෙ. උන්වහන්සේ දහම් ඇසින් උපන් කෙනෙක්. නැණ මඬලින් උපන් කෙනෙක්. දහම් තුළින් උපන් කෙනෙක්. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් කෙනෙක්. කිව යුතු දේ මැනවින් කියන කෙනෙක්. දහම් සක පවත්වන කෙනා. අර්ථ මතු කර දීමේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේ තමයි අමා නිවන දන් දෙන්නෙ. ධර්මයට ස්වාමී වූ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ උතුම් ධර්මයේ අර්ථ නුවණින් විමසා දැනගන්න කල් තිබුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ධර්මයේ අර්ථ ඇසුවා නම් භාග්‍යවතුන් වහන්සේ අපට පිළිතුරු දෙනවාම යි. අපත් ඒ විදිහට මතක තබා ගන්නවාම යි.

නමුත් ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ ගැන ශාස්තෘන් වහන්සේ පවා වර්ණනා කරලා තියනවා. බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කරුණු එකට ගොනු කොට මාතෘකාවක් වශයෙන් වදාළ, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාළ, මේ උතුම් ධර්මය අර්ථ වශයෙන් විස්තර කරල දෙන්න සමර්ථයි. ඉතින් ඒ නිසා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට අපහසුවක් නැත්නම් මේ කරුණු බෙදා විස්තර කොට දෙනු මැනවි.

තේන හා’වුසෝ, සුණාථ සාධුකං මනසි කරෝථ භාසිස්සාමීති.

එසේ නම් ප්‍රිය ආයුෂ්මතුනි, මනාකොට අසන්න. නුවණින් තේරුම් ගන්න. මම කියා දෙන්නම්.

ඒවමාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ මහාකච්චානස්ස පච්චස්සෝසුං. ආයස්මා මහාකච්චානෝ ඒතදවෝච:

“එහෙමයි ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලාත් ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ මෙය වදාළා.

යං ඛෝ නෝ ආවුසෝ භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ: තථා තථා භික්ඛවේ, භික්ඛු උපපරික්ඛෙය්‍ය, යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය. බහිද්ධා භික්ඛවේ, විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ, අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතී’ති. ඉමස්ස ඛෝ අහං ආවුසෝ, භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි.

“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් විග්‍රහ කොට, විස්තරාර්ථ වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාරලා වෙහෙරට වැඩියාද, ඒ කියන්නේ; පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි’ කියලා.

ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් දේශනා කොට, විස්තරාර්ථ වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාළාද, විස්තර වශයෙන් එහි අර්ථය මං මේ විදිහටයි දන්නේ.

කථඤ්චාවුසෝ, බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති: ඉධාවුසෝ භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා රූපනිමිත්තානුසාරි විඤ්ඤාණං හෝති. රූපනිමිත්තස්සාදගථිතං රූපනිමිත්තස්සාදවිනිබද්ධං රූපනිමිත්තස්සාදසඤ්ඤෝජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය ධම්මනිමිත්තානුසාරී විඤ්ඤාණං හෝති. ධම්මනිමිත්තස්සාදගථිතං ධම්මනිමිත්තස්සාදවිනිබද්ධං ධම්මනිමිත්තස්සාදසඤ්ඤෝජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති. ඒවං ඛෝ ආවුසෝ බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, විඤ්ඤාණය බාහිර අරමුණට වික්ෂිප්තව විසිරිලා තියෙනවාය කියල කියන්නේ කවර කරුණු මතද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා ඇසින් රූපයක් දැක ඒ රූප නිමිත්ත අනුව නම් භික්ෂුවගේ විඤ්ඤාණය තියෙන්නේ, ඒ රූප නිමිත්ත කෙරෙහි වූ ආශ්වාදයට ගිජු වෙලා, ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආශ්වාදයට බැඳිලා, ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආශ්වාදය නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලා ඉන්න නිසයි, බාහිර අරමුණට විඤ්ඤාණය වික්ෂිප්තව විසිරුණාය කියල කියන්නේ.

කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන ඒ අරමුණ පිළිබඳ නිමිත්ත අනුව නම් භික්ෂුවගේ විඤ්ඤාණය තියෙන්නේ, ඒ අරමුණ පිළිබඳ නිමිත්ත කෙරෙහි වූ ආශ්වාදයට ගිජු වෙලා, ඒ අරමුණ පිළිබඳ නිමිත්තෙන් ලැබෙන ආශ්වාදයට බැඳිලා, ඒ අරමුණ පිළිබඳ නිමිත්තෙන් ලැබෙන ආශ්වාදය නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලා ඉන්න නිසයි, බාහිර අරමුණට විඤ්ඤාණය වික්ෂිප්තව විසිරුණාය කියල කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි ඕකට තමයි බාහිර අරමුණට විඤ්ඤාණය වික්ෂිප්තව විසිරුණා කියල කියන්නේ.

කථඤ්චාවුසෝ, බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති: ඉධාවුසෝ භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා න රූපනිමිත්තානුසාරි විඤ්ඤාණං හෝති. න රූපනිමිත්තස්සාදගථිතං න රූපනිමිත්තස්සාදවිනිබද්ධං, න රූපනිමිත්තස්සාදසඤ්ඤෝජනසංයුත්තං, බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය න ධම්මනිමිත්තානුසාරී විඤ්ඤාණං හෝති. න ධම්මනිමිත්තස්සාදගථිතං, න ධම්මනිමිත්තස්සාදවිනිබද්ධං, න ධම්මනිමිත්තස්සාදසඤ්ඤෝජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති. ඒවං ඛෝ ආවුසෝ, බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, විඤ්ඤාණය බාහිර අරමුණට වික්ෂිප්ත නොවී, නොවිසිරිලා තියෙනවාය කියල කියන්නේ කවර කරුණු මතද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා ඇසින් රූපයක් දැක ඒ රූප නිමිත්ත අනුව නොවෙයි භික්ෂුවගේ විඤ්ඤාණය තියෙන්නේ. ඒ රූප නිමිත්ත කෙරෙහි වූ ආශ්වාදයට ගිජු වෙලා නැහැ. ඒ රූප නිමිත්තෙන් ලැබෙන ආශ්වාදයට බැඳිලත් නැහැ. ඒ රූප නිමිත්තෙන් ලැබෙන, ආශ්වාදය නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලත් නැහැ. ඒ නිසයි, බාහිර අරමුණට විඤ්ඤාණය වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා කියල කියන්නේ.

කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන ඒ අරමුණ පිළිබඳ නිමිත්ත අනුව නොවෙයි භික්ෂුව ගේ විඤ්ඤාණය තියෙන්නේ. ඒ අරමුණ පිළිබඳ නිමිත්ත කෙරෙහි වූ ආශ්වාදයට ගිජු වෙලා නැහැ. ඒ අරමුණ පිළිබඳ නිමිත්තෙන් ලැබෙන ආශ්වාදයට බැඳිලත් නැහැ. ඒ අරමුණ පිළිබඳ නිමිත්තෙන් ලැබෙන, ආශ්වාදය නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලත් නැහැ. ඒ නිසයි, බාහිර අරමුණට විඤ්ඤාණය වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා කියල කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඕකට තමයි බාහිර අරමුණට විඤ්ඤාණය වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා කියල කියන්නේ.

කථඤ්චාවුසෝ අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති: ඉධාවුසෝ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස විවේකජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හෝති. විවේකජපීතිසුඛස්සාදගථිතං විවේකජපීතිසුඛස්සාදවිනිබද්ධං විවේකජපීතිසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, ආධ්‍යාත්මිකව සිත පිහිටලා තියෙනවා කියන්නේ කවර කරුණු මතද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව, කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. එතකොට ඔහු තුළ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය අනුව ගිය විඤ්ඤාණයක් තියෙනවා. විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලයි ඉන්නේ. විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලයි ඉන්නේ. විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවයි ඉන්නේ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත පිහිටියා කියන්නේ.

පුන ච පරං ආවුසෝ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස සමාධිජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හෝති සමාධිජපීතිසුඛස්සාදගථිතං සමාධිජපීතිසුඛස්සාදවිනිබද්ධං සමාධිජපීතිසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, නැවත අනෙකක් කියමි. ඒ වගේම භික්ෂුව, විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. එතකොට ඔහු තුළ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය අනුව ගිය විඤ්ඤාණයක් තියෙනවා. සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලයි ඉන්නේ. සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලයි ඉන්නේ. සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවයි ඉන්නේ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත පිහිටියා කියන්නේ.

පුන ච පරං ආවුසෝ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ච සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති. යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස උපෙක්ඛාසුඛානුසාරි විඤ්ඤාණං හෝති, උපෙක්ඛාසුඛස්සාදගථිතං උපෙක්ඛාසුඛස්සාදවිනිබද්ධං උපෙක්ඛාසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, නැවත අනෙකක් කියමි. ඒ වගේම භික්ෂුව, ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැපසේ වාසය කරනවා’ කියලා. ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. එතකොට ඔහු තුළ උපේක්ෂා සුඛය අනුව ගිය විඤ්ඤාණයක් තියෙනවා. උපේක්ෂා සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලයි ඉන්නේ. උපේක්ෂා සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලයි ඉන්නේ. උපේක්ෂා සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවයි ඉන්නේ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත පිහිටියා කියන්නේ.

පුන ච පරං ආවුසෝ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස අදුක්ඛමසුඛානුසාරි විඤ්ඤාණං හෝති. අදුක්ඛමසුඛස්සාදගථිතං අදුක්ඛමසුඛස්සාදවිනිබද්ධං අදුක්ඛමසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති. ඒවං ඛෝ ආවුසෝ, අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, නැවත අනෙකක් කියමි. ඒ වගේම භික්ෂුව, සැප ද දුක ද නැති කිරීමෙන්, කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. එතකොට ඔහු තුළ දුක් සැප රහිත ස්වභාවය අනුව ගිය විඤ්ඤාණයක් තියෙනවා. දුක් සැප රහිත ස්වභාවයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලයි ඉන්නේ. දුක් සැප රහිත ස්වභාවයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලයි ඉන්නේ. දුක් සැප රහිත ස්වභාවයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවයි ඉන්නේ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත පිහිටියා කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට තමයි ආධ්‍යාත්මිකව සිත පිහිටලා තියෙනවා කියන්නේ.

කථඤ්චාවුසෝ, අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති: ඉධාවුසෝ භික්ඛු විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න විවේකජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හෝති. න විවේකජපීතිසුඛස්සාදගථිතං න විවේකජපීතිසුඛස්සාදවිනිබද්ධං න විවේකජපීතිසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, ආධ්‍යාත්මිකව සිත නොපිහිටා තියෙනවා කියන්නේ කවර කරුණු මතද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව, කාමයන්ගෙන් වෙන්ව, ….(පෙ)…. පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. නමුත් ඔහු තුළ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය අනුව ගිය විඤ්ඤාණයක් නැහැ. විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලත් නැහැ. විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලත් නැහැ. විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවත් නැහැ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත නොපිහිටියා කියන්නේ.

පුන ච පරං ආවුසෝ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න සමාධිජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හෝති. න සමාධිජපීතිසුඛස්සාදගථිතං න සමාධිජපීතිසුඛස්සාදවිනිබද්ධං න සමාධිජපීතිසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, නැවත අනෙකක් කියමි. ඒ වගේම භික්ෂුව, විතර්ක විචාර සංසිඳුවාගෙන, ….(පෙ)…. දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. නමුත් ඔහු තුළ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය අනුව ගිය විඤ්ඤාණයක් නැහැ. සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලත් නැහැ. සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලත් නැහැ. සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවත් නැහැ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත නොපිහිටියා කියන්නේ.

පුන ච පරං ආවුසෝ, භික්ඛු පීතියා ච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න උපෙක්ඛාසුඛානුසාරි විඤ්ඤාණං හෝති. න උපෙක්ඛාසුඛස්සාදගථිතං න උපෙක්ඛාසුඛස්සාදවිනිබද්ධං න උපෙක්ඛාසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, නැවත අනෙකක් කියමි. ඒ වගේම භික්ෂුව, ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව ….(පෙ)…. ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. නමුත් ඔහු තුළ උපේක්ෂා සුඛය අනුව ගිය විඤ්ඤාණයක් නැහැ. උපේක්ෂා සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලත් නැහැ. උපේක්ෂා සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලත් නැහැ. උපේක්ෂා සුඛයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවත් නැහැ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත නොපිහිටියා කියන්නේ.

පුන ච පරං ආවුසෝ, භික්ඛු සුඛස්ස ච පහානා ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න අදුක්ඛමසුඛානුසාරි විඤ්ඤාණං හෝති. න අදුක්ඛමසුඛස්සාදගථිතං න අදුක්ඛමසුඛස්සාදවිනිබද්ධං න අදුක්ඛමසුඛස්සාදසඤ්ඤෝජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති. ඒවං ඛෝ ආවුසෝ, අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති.

ප්‍රිය ආයුෂ්මතුනි, නැවත අනෙකක් කියමි. ඒ වගේම භික්ෂුව, සැප ද දුක ද නැති කිරීමෙන්, ….(පෙ)…. හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. නමුත් ඔහු තුළ දුක් සැප රහිත ස්වභාවය අනුව ගිය විඤ්ඤාණයක් නැහැ. දුක් සැප රහිත ස්වභාවයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු ගිජුවෙලත් නැහැ. දුක් සැප රහිත ස්වභාවයෙන් ලැබෙන ආශ්වාදයට ඔහු බැඳිලත් නැහැ. දුක් සැප රහිත ස්වභාවයෙන් ලැබෙන ආශ්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්තවත් නැහැ. ඒකට තමයි ආධ්‍යාත්මයෙහි සිත නොපිහිටියා කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට තමයි. ආධ්‍යාත්මිකව සිත නොපිහිටා තියෙනවා කියන්නේ.

කථඤ්චාවුසෝ, අනුපාදා පරිතස්සනා හෝති: ඉධාවුසෝ, අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවී අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හෝති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හෝති. තස්ස රූපවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චේතසෝ පරියාදානා උත්තාසවා ච හෝති. විඝාතවා ච අපෙක්ඛවා ච අනුපාදාය ච පරිතස්සති. වේදනං ….(පෙ)…. සඤ්ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හෝති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හෝති. තස්ස විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චේතසෝ පරියාදානා උත්තාසවා ච හෝති විඝාතවා ච අපෙක්ඛවා ච අනුපාදාය ච පරිතස්සති. ඒවං ඛෝ ආවුසෝ, අනුපාදා පරිතස්සනා හෝති.

ප්‍රිය ආයුෂ්මතුනි, බැඳීම් රහිත වෙන්නට සිදුවීමෙන් කම්පිතව ඉන්නවා කියන්නේ කවර කරුණු මතද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂත් නැහැ. ආර්ය ධර්මයෙහි හික්මිලත් නෑ. සත්පුරුෂයන් හඳුනන්නේ නෑ. සත්පුරුෂ ධර්මයට දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලත් නෑ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. ඔහුගේ ඒ රූපය විපරිණාමයට පත්වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. රූපය විපරිණාමයට පත්වෙලා, වෙනස් වීම හේතුවෙන් ඒ රූප විපරිණාමයට අනුවයි, ඔහුගේ විඤ්ඤාණය තියෙන්නෙත්. එතකොට රූප විපරිණාමය නිසා ඇති වූ වෙනසින් උපන් කම්පනය තුළින් උපදින දේ තමයි ඔහු ගේ සිත යටකොට තියෙන්නේ. එහෙම යටකරගත් දේ හේතුවෙන් තමයි කම්පාව ඇතිවෙන්නේ. දුක ඇතිවෙන්නේ. අපේක්ෂාව ඇතිවෙන්නේ. බැඳීම් රහිත වීම හේතුවෙන් කම්පාව ඇතිවෙන්නේ.

විඳීම ….(පෙ)…. හඳුනාගැනීම ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. ඔහුගේ ඒ විඤ්ඤාණය විපරිණාමයට පත්වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. විඤ්ඤාණය විපරිණාමයට පත්වෙලා, වෙනස්වීම හේතුවෙන් ඒ විඤ්ඤාණ විපරිණාමයට අනුවයි, ඔහු ගේ විඤ්ඤාණය තියෙන්නෙත්. එතකොට විඤ්ඤාණ විපරිණාමය නිසා ඇති වූ වෙනසින් උපන් කම්පනය තුළින් උපදින දේ තමයි ඔහුගේ සිත යටකොට තියෙන්නේ. එහෙම යටකරගත් දේ හේතුවෙන් තමයි කම්පාව ඇතිවෙන්නේ. දුක ඇතිවෙන්නේ. අපේක්ෂාව ඇතිවෙන්නේ. බැඳීම් රහිත වීම හේතුවෙන් කම්පාව ඇතිවෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහටයි බැඳීම් රහිත වෙන්නට සිදුවීම නිසා කම්පාව ඇතිවෙන්නේ.

කථඤ්චාවුසෝ, අනුපාදා අපරිතස්සනා හෝති: ඉධාවුසෝ, සුතවා අරියසාවකෝ අරියානං දස්සාවී අරියධම්මස්ස කෝවිදෝ අරියධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කෝවිදෝ සප්පුරිසධම්මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හෝති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා න ච රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හෝති. තස්ස න රූපවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චේතසෝ පරියාදානා න චේව උත්තාසවා හෝති න ච විඝාතවා න ච අපෙක්ඛවා අනුපාදාය ච න පරිතස්සති. න වේදනං ….(පෙ)…. න සඤ්ඤං ….(පෙ)…. න සංඛාරේ ….(පෙ)…. න විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හෝති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා න ච විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හෝති. තස්ස න විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති, චේතසෝ පරියාදානා න චේව උත්තාසවා හෝති. න ච විඝාතවා න ච අපෙක්ඛවා අනුපාදාය ච න පරිතස්සති. ඒවං ඛෝ ආවුසෝ, අනුපාදා අපරිතස්සනා හෝති.

ප්‍රිය ආයුෂ්මතුනි, බැඳීම් රහිත වෙන්නට සිදුවීමෙන් කම්පා නොවී ඉන්නවා කියන්නේ කවර කරුණු මතද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි හික්මෙනවා. සත්පුරුෂයන් හඳුනනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයෙහි හික්මෙනවා. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකින්නෙ නෑ. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නෙ නෑ. ඔහුගේ ඒ රූපයත් විපරිණාමයට පත්වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. රූපය විපරිණාමයට පත්වෙලා, වෙනස් වීම හේතුවෙන් ඒ රූප විපරිණාමයට අනුව නොවෙයි ඔහුගේ විඤ්ඤාණය තියෙන්නේ. එතකොට රූප විපරිණාමය නිසා ඇති වූ වෙනසින් උපන් කම්පනයක් ඔහු තුළ නෑ. එවැනි කම්පනයකින් උපදින දෙයක් ඔහුගේ සිත යටකරගෙන යන්නේ නෑ. එහෙම යට නොකර ගෙන යෑම හේතුවෙන් තමයි කම්පාව ඇති නොවෙන්නේ. දුක ඇති නොවෙන්නේ. අපේක්ෂාව ඇති නොවෙන්නේ. ඔය විදිහටයි බැඳීම් රහිත වීම හේතුවෙන් කම්පාව ඇති නොවෙන්නේ.

විඳීම ….(පෙ)…. හඳුනාගැනීම ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකින්නෙ නෑ. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නෙ නෑ. ඔහුගේ ඒ විඤ්ඤාණයත් විපරිණාමයට පත්වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. විඤ්ඤාණය විපරිණාමයට පත්වෙලා, වෙනස් වීම හේතුවෙන් ඒ විඤ්ඤාණ විපරිණාමයට අනුව නොවෙයි ඔහුගේ විඤ්ඤාණය තියෙන්නේ. එතකොට විඤ්ඤාණ විපරිණාමය නිසා ඇති වූ වෙනසින් උපන් කම්පනයක් ඔහු තුළ නෑ. එවැනි කම්පනයකින් උපදින දෙයක් ඔහුගේ සිත යටකරගෙන යන්නේ නෑ. එහෙම යට නොකර ගෙන යෑම හේතුවෙන් තමයි කම්පාව ඇති නොවෙන්නේ. දුක ඇති නොවෙන්නේ. අපේක්ෂාව ඇති නොවෙන්නේ. බැඳීම් රහිත වීම හේතුවෙන් කම්පාව ඇති නොවෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහටයි බැඳීම් රහිත වීම හේතුවෙන් කම්පාව ඇති නොවෙන්නේ.

යං ඛෝ නෝ ආවුසෝ, භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ, තථා තථා භික්ඛවේ, භික්ඛු උපපරික්ඛෙය්‍ය, යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය, බහිද්ධා භික්ඛවේ, විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතීති. ඉමස්ස ඛෝ අහං ආවුසෝ, භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි. ආකංඛමානා ච පන තුම්හේ ආයස්මන්තෝ, භගවන්තංයේව උපසංකමිත්වා ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා වෝ භගවා ව්‍යාකරෝති, තථා නං ධාරෙය්‍යාථා’ති.

ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කොට, විස්තර වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාරා විහාරයට වැඩි සේක්ද, ඒ කියන්නේ පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි’ කියලා.

ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් දේශනා කොට, විස්තරාර්ථ වශයෙන් විග්‍රහ නොකොට යම් ධර්මයක් වදාළාද, එහි අර්ථය විස්තර වශයෙන් මං මේ විදිහටයි දන්නේ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉතින් ඔබවහන්සේලා කැමති නම්, භාග්‍යවතුන් වහන්සේ බැහැදැක ඔය කාරණය අසන්න. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් වදාරණ සේක් නම්, ඒ අයුරින්ම ධාරණය කරගන්න.

අථ ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: යං ඛෝ නෝ භන්තේ, භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ. තථා තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛෙය්‍ය යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය. බහිද්ධා භික්ඛවේ, විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ, අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතී’ති. තේසං නෝ භන්තේ, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතෝ ඒතදහෝසි:

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහා කච්චානයන් පැවසූ ධර්මය සතුටෙන් පිළිගෙන අනුමෝදන් වී හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් කෙටියෙන් වදාරා, විස්තර විභාග වශයෙන් නොවදාරා හුනස්නෙන් නැගී වෙහෙරට වැඩි සේක්ද, ඒ කියන්නේ ‘පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි’ කියලා.

ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ වේලාවකින් අපට මෙහෙම සිතුනා.

‘ඉදං ඛෝ නෝ ආවුසෝ, භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ. තථා තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛෙය්‍ය, යථා යථාස්සු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය, බහිද්ධා භික්ඛවේ, විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ඣත්තං අසණ්ඨිතේ, අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවෝ න හෝතී’ති.

‘ප්‍රිය ආයුෂ්මත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය පිළිබඳව මූලික විග්‍රහය වදාරා, විස්තරාර්ථ නොදෙසා, විස්තර විභාග නොකොට හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක. ‘පින්වත් මහණෙනි, යම් යම් අයුරකින් සසඳමින්, නුවණින් විමසන ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ නොපිහිටා තියෙනවා නම්, උපාදාන නොකොට කම්පා නොවී තියෙනවා නම්, භික්ෂුව ඒ අයුරින් සසඳමින් නුවණින් විමසනවා. ඒ වගේම පින්වත් මහණෙනි, විඤ්ඤාණය බාහිරට වික්ෂිප්ත නොවී, නොවිසිරී, ආධ්‍යාත්මයේ නොපිහිටා තිබෙද්දී, උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනාට මත්තෙහි ඉපදීම, ජරා මරණ ආදී දුක් හටගැනීමක් වෙන්නේ නැහැ යන කාරණාවයි’ කියලා.

කෝ නු ඛෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජෙය්‍යාති: තේසං නෝ භන්තේ, අම්හාකං ඒතදහෝසි: ‘අයං ඛෝ ආයස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ, සම්භාවිතෝ ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං, පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං, යන්නූන මයං යේනායස්මා මහාකච්චානෝ, තේනුපසංකමෙය්‍යාම. උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාමා’ති.

එහෙම නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ මෙම ධර්මයෙහි විස්තරාර්ථ විග්‍රහය කරන්නට පුළුවන් වෙන කාටද?

එතකොට ස්වාමීනී, අපට මෙහෙම සිතුනා. මේ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුත් වර්ණනා කරල තියෙනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් මූලික විග්‍රහයකින් වදාළ මෙම ධර්මයේ විස්තරාර්ථ විග්‍රහයක් කරන්නට දක්ෂයි. එනිසා අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වෙත යමු. ගිහින් ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ ගෙන් මෙම ධර්මයේ අර්ථ විමසා සිටිමු’ කියලා.

අථ ඛෝ මයං භන්තේ, යේනායස්මා මහාකච්චානෝ, තේනුපසංකමිම්හ. උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡිම්හ. තේසං නෝ භන්තේ ආයස්මතා මහාකච්චානේන ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ඉමේහි බ්‍යඤ්ජනේහි අත්ථෝ විභත්තෝ’ති.

ඉතින් ස්වාමීනී, අපි ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ වෙත වැඩියා. වැඩලා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේගෙන් ඔය ධර්මය පිළිබඳව විමසුවා. එතකොට ස්වාමීනී, ඒ අපට ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ මේ මේ ආකාරයෙන්, මේ මේ පදවලින්, මේ මේ ප්‍රකාශනයන්ගෙන් අර්ථය විස්තර කළා.

පණ්ඩිතෝ භික්ඛවේ, මහාකච්චානෝ, මහාපඤ්ඤෝ භික්ඛවේ, මහාකච්චානෝ, මඤ්චේපි තුම්හේ භික්ඛවේ, ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ, අහම්පි තං ඒවමේවං ව්‍යාකරෙය්‍යං, යථා තං මහාකච්චානේන බ්‍යාකතං ඒසෝ චේවේතස්ස අත්ථෝ. ඒවං ච නං ධාරෙය්‍යාථාති.

පින්වත් මහණෙනි, මහා කච්චානයන් ඉතා නුවණැති කෙනෙක්. පින්වත් මහණෙනි, මහා කච්චානයන් මහා ප්‍රඥාවන්තයි. පින්වත් මහණෙනි, ඔබ මගෙන් ඔය කාරණය පිළිබඳව විමසුවා නම්, මම විස්තර කරලා දෙන්නෙත් ඔය විදිහටම යි. එනිසා මහා කච්චානයන් විසින් යම් ආකාරයකින් කියාදුන්නාද, ඒක තමයි ඔය ධර්මයෙහි අර්ථය. එය ඒ විදිහටම දරාගන්න.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

උද්දේසවිභංගසුත්තං අට්ඨමං.

මූලික දෙසුම විස්තර විභාග වශයෙන් වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M