මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.6. මහා කම්මවිභංග සුත්තං

3.4.6. කර්ම විග්‍රහය ගැන වදාළ විස්තරාත්මක දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්මා සමිද්ධි අරඤ්ඤකුටිකායං විහරති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහිය. ඒ දිනවල ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වනගත කුටියකයි වාසය කළේ.

අථ ඛෝ පෝතලිපුත්තෝ පරිබ්බාජකෝ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේනායස්මා සමිද්ධි තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා සමිද්ධිනා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ පෝතලිපුත්තෝ පරිබ්බාජකෝ ආයස්මන්තං සමිද්ධිං ඒතදවෝච: ‘සම්මුඛා මේතං ආවුසෝ සමිද්ධි, සමණස්ස ගෝතමස්ස සුතං, සම්මුඛා පටිග්ගහිතං: මෝඝං කායකම්මං, මෝඝං වචීකම්මං, මනෝකම්මමේව සච්ච’න්ති. අත්ථි ච සා සමාපත්ති යං සමාපත්තිං සමාපන්නෝ න කිඤ්චි වේදියතීති.

එදා පෝතලී පුත්‍ර තාපසයා ව්‍යායාම පිණිස එහාට මෙහාට ඇවිදිමින් සිටියදී ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් පෝතලී පුත්‍ර තාපසයා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය පැවසුවා.

“ආයුෂ්මත් සමිද්ධි, මං ශ්‍රමණ ගෞතමයන් ඉදිරියේදීම යි මෙය ඇසුවේ. ඉදිරියේදීම යි පිළිගත්තෙත්. ඒ කියන්නේ කයින් කෙරෙන කර්මයන් ගෙන් කිසි වැඩක් නැහැ. වචනයෙන් කෙරෙන කර්මයන්ගෙනුත් කිසි වැඩක් නැහැ. මනසින් කෙරෙන කර්මයන් විතරයි සත්‍යය’ කියලා. ඒ වගේම ‘යම් සමාපත්තියකට සමවැදුන විට කිසිවක් නොවිඳියිද, එවැනි සමාපත්තියකුත් තියෙනවා’ කියලා.”

මා ඒවං ආවුසෝ පෝතලිපුත්ත අවච, මා ඒවං ආවුසෝ පෝතලිපුත්ත අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය: ‘මෝඝං කායකම්මං, මෝඝං වචීකම්මං, මනෝකම්මමේව සච්ච’න්ති. අත්ථි ච ඛෝ සා ආවුසෝ, සමාපත්ති යං සමාපත්තිං සමාපන්නෝ න කිඤ්චි වේදියතීති.

ආයුෂ්මත් පෝතලී පුත්‍ර, ඔය කථාව නම් කියන්න එපා! ආයුෂ්මත් පෝතලී පුත්‍ර, ඔය කථාව නම් කියන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔවැනි දෙයක් වදාරන්නේ නැහැම යි. ඒ කියන්නේ කයින් කෙරෙන කර්මයන්ගෙන් කිසි වැඩක් නැහැ. වචනයෙන් කෙරෙන කර්මයන්ගෙනුත් කිසි වැඩක් නැහැ. මනසින් කෙරෙන කර්මයන් විතරයි සත්‍යය’ කියලා. ඒ වගේම ‘යම් සමාපත්තියකට සමවැදුන විට කිසිවක් නොවිඳියිද, එවැනි සමාපත්තියකුත් තියෙනවා’ කියලා.”

කීවචිරං පබ්බජිතෝසි ආවුසෝ, සමිද්ධීති.

“ආයුෂ්මත් සමිද්ධි, තමුන්නාන්සේ පැවිදි වී බොහෝ කල් ගත වෙනවාද?”

න චිරං ආවුසෝ, තීණි වස්සානීති.

“එච්චර කලක් නෑ, ආයුෂ්මත. තුන් අවුරුද්දයි.”

එත්ථ දානි මයං ථේරේ භික්ඛූ කිං වක්ඛාම, යත්‍ර හි නාම ඒවං නවෝ භික්ඛු සත්ථාරං පරිරක්ඛිතබ්බං මඤ්ඤිස්සති. සඤ්චේතනිකං ආවුසෝ සමිද්ධි, කම්මං කත්වා කායේන වාචාය මනසා, කිං සෝ වේදියතීති.

“එහෙම නම් අපි මේ ගැන මහතෙරුන් වහන්සේලා අරභයා මොනවා කියන්නද? මේ නවක භික්ෂුව ශාස්තෘන් වහන්සේව ආරක්ෂා කරගන්නට හිතන් ඉන්නෙත් ඔය විදිහට නම්. ආයුෂ්මත් සමිද්ධි, චේතනාවන් පහළ කොට කයෙන්, වචනයෙන්, මනසින් කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ කවර විඳීමක්ද?”

සඤ්චේතනිකං ආවුසෝ පෝතලිපුත්ත, කම්මං කත්වා කායේන වාචාය මනසා, දුක්ඛං සෝ වේදියතීති. අථ ඛෝ පෝතලිපුත්තෝ පරිබ්බාජකෝ ආයස්මතෝ සමිද්ධිස්ස භාසිතං නේව අභිනන්දි නප්පටික්කෝසි. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා උට්ඨායාසනා පක්කාමි.

“ආයුෂ්මත් පෝතලී පුත්‍ර, චේතනාවන් පහළ කොට කයෙන්, වචනයෙන්, මනසින් කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ දුකයි.”

එතකොට පෝතලී පුත්‍ර තාපසයා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ ප්‍රකාශය පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, හුනස්නෙන් නැගිට පිටත්ව ගියා.

අථ ඛෝ ආයස්මා සමිද්ධි අචිරපක්කන්තේ පෝතලිපුත්තේ පරිබ්බාජකේ යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා ආනන්දේන සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සමිද්ධි යාවතකෝ අහෝසි පෝතලිපුත්තේන පරිබ්බාජකේන සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං ආයස්මතෝ ආනන්දස්ස ආරෝචේසි.

එවිට ආයුෂ්මත් සමිද්ධි තෙරුන් පෝතලී පුත්‍ර තාපසයා පිටත්ව ගොස් නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්දයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරුන් පෝතලී පුත්‍ර තාපසයා සමඟ යම් කථාබහක් ඇතිවුනාද, ඒ සියල්ල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පැවසුවා.

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ ආයස්මන්තං සමිද්ධිං ඒතදවෝච: ‘අත්ථි ඛෝ ඉදං ආවුසෝ සමිද්ධි, කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසෝ සමිද්ධි, යේන භගවා තේනුපසංකමෙය්‍යාම, උපසංකමිත්වා ඒතමත්ථං භගවතෝ ආරෝචෙය්‍යාම. යථා නෝ භගවා බ්‍යාකරිස්සති, තථා නං ධාරෙය්‍යාමා’ති.

මෙසේ පැවසූ විට ආයුෂ්මත් ආනන්දයන් ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් සමිද්ධි, භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට ඉතා හොඳ කථා පඬුරක් නෙව මේ තියෙන්නේ. ආයුෂ්මත් සමිද්ධි, යමු. භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකරමු. භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව වදාරන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින් එය මතක තබා ගනිමු.”

ඒවමාවුසෝති ඛෝ ආයස්මා සමිද්ධි ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි. අථ ඛෝ ආයස්මා ච ආනන්දෝ ආයස්මා ච සමිද්ධි යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ යාවතකෝ අහෝසි ආයස්මතෝ සමිද්ධිස්ස පෝතලිපුත්තේන පරිබ්බාජකේන සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං භගවතෝ ආරෝචේසි.

“එසේ ය, ආයුෂ්මත” කියා ආයුෂ්මත් සමිද්ධි තෙරුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් ආනන්දයන්ද, ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණුනා. පැමිණ භාගවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්දයන් පෝතලී පුත්‍ර තාපසයා සමඟ ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ යම් කතාබහක් ඇතිවුනාද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළා.

ඒවං වුත්තේ භගවා ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: ‘දස්සනම්පි ඛෝ අහං ආනන්ද, පෝතලිපුත්තස්ස පරිබ්බාජකස්ස නාභිජානාමි. කුතෝ පනේවරූපං කථාසල්ලාපං. ඉමිනා ච ආනන්ද, සමිද්ධිනා මෝඝපුරිසේන පෝතලිපුත්තස්ස පරිබ්බාජකස්ස විභජ්ජව්‍යාකරණීයෝ පඤ්හෝ ඒකංසේන ව්‍යාකතෝ’ති.

මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට මෙය පැවසුවා. “පින්වත් ආනන්ද, මං පෝතලී පුත්‍ර නම් වූ තාපසයෙකුගේ දැකීමක් වත් දන්නෙ නෑ. එහෙම එකේ මෙවැනි කතාබහක් කොහොම නම් සිදුවන්නටද? නමුත් පින්වත් ආනන්ද, පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයාගේ බෙදා විග්‍රහ කළ යුතු ප්‍රශ්නයට සමිද්ධි නම් වූ හිස් පුරුෂයා විසින් දීලා තියෙන්නේ ඒක පාක්ෂික උත්තරයක්.

ඒවං වුත්තේ ආයස්මා උදායී භගවන්තං ඒතදවෝච: ‘සචේ පන භන්තේ, ආයස්මතා සමිද්ධිනා ඉදං සන්ධාය භාසිතං, යං කිඤ්චි වේදයිතං තං දුක්ඛස්මි’න්ති.

මෙසේ වදාළ විට ආයුෂ්මත් උදායී තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ඉදින් ආයුෂ්මත් සමිද්ධි තෙරුන් මේ අදහසින් වෙන්න ඇති ඔය කථාව කියන්න ඇත්තේ. ඒ කියන්නේ ‘විඳින්නා වූ යමක් ඇද්ද, එය තිබෙන්නේ දුක තුළයි’ යන අර්ථයෙන් වෙන්න ඇති.

අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘පස්ස ඛෝ ත්වං ආනන්ද, ඉමස්ස උදායිස්ස මෝඝපුරිසස්ස උම්මග්ගං. අඤ්ඤාසිං ඛෝ අහං ආනන්ද, ඉදානේවායං උදායී මෝඝපුරිසෝ උම්මුජ්ජමානෝ අයෝනිසෝ උම්මුජ්ජිස්සතී’ති. ආදිංයේව ආනන්ද, පෝතලිපුත්තේන පරිබ්බාජකේන තිස්සෝ වේදනා පුච්ඡිතා. සචායං ආනන්ද, සමිද්ධි මෝඝපුරිසෝ පෝතලිපුත්තස්ස පරිබ්බාජකස්ස ඒවං පුට්ඨෝ ඒවං ව්‍යාකරෙය්‍ය: ‘සඤ්චේතනිකං ආවුසෝ පෝතලිපුත්ත, කම්මං කත්වා කායේන වාචාය මනසා සුඛවේදනීයං, සුඛං සෝ වේදියති. සඤ්චේතනිකං ආවුසෝ පෝතලිපුත්ත, කම්මං කත්වා කායේන වාචාය මනසා දුක්ඛවේදනීයං, දුක්ඛං සෝ වේදියති. සඤ්චේතනිකං ආවුසෝ පෝතලිපුත්ත, කම්මං කත්වා කායේන වාචාය මනසා අදුක්ඛමසුඛවේදනීයං අදුක්ඛමසුඛං සෝ වේදයතීති. ඒවං ව්‍යාකරමානෝ ඛෝ ආනන්ද, සමිද්ධි මෝඝපුරිසෝ පෝතලිපුත්තස්ස පරිබ්බාජකස්ස සම්මා ව්‍යාකරෙය්‍ය. අපිචානන්ද, කේ ච අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා බාලා අව්‍යත්තා, කේ ච තථාගතස්ස මහාකම්මවිභංගං ජානිස්සන්ති. සචේ තුම්හේ ආනන්ද සුණෙය්‍යාථ තථාගතස්ස මහාකම්මවිභංගං විභජන්තස්සාති.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, මේ උදායී නම් හිස් පුරුෂයාගේ වැරදි වැටහීමේ හැටි බලන්න. පින්වත් ආනන්ද, මං දැනගත්තා දැන් මේ උදායී හිස් පුරුෂයා ඔලුව උස්ස උස්සා සූදානම් වෙනකොට නුවණින් තොරව තමයි මෙය කරන්නේ කියලා. පින්වත් ආනන්ද, පෝතලී පුත්‍ර තාපසයා මුලින්ම ඔය අහලා තියෙන්නේ ත්‍රිවිධ වේදනාව ගැනයි. ඉදින් පින්වත් ආනන්ද, යම් හෙයකින් සමිද්ධි හිස් පුරුෂයා පෝතලී පුත්‍ර තාපසයාගේ ඔය ප්‍රකාශයට මෙහෙම උත්තර දුන්නා නම්, ‘ආයුෂ්මත් පෝතලී පුත්‍රය, චේතනාවන් පහළ කොට කයෙන්, වචනයෙන්, මනසින් සැප විඳීම ඇති වෙන කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ සැපයි. චේතනාවන් පහළ කොට කයෙන්, වචනයෙන්, මනසින් දුක් විඳීම ඇති වෙන කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ දුකයි. චේතනාවන් පහළ කොට කයෙන්, වචනයෙන්, මනසින් දුක් සැප රහිත විඳීම ඇති වෙන කර්මයක් කළාට පස්සේ ඔහු විඳින්නේ දුක් සැප රහිත බවයි’ කියලා, පින්වත් ආනන්ද, සමිද්ධි හිස් පුරුෂයා ඔය විදිහට පෝතලී පුත්‍ර තාපසයාට පිළිතුරු දුන්නා නම්, නියම විදිහට පිළිතුරු දුන්නා වෙනවා.

පින්වත් ආනන්ද, එහෙත් බාල වූ, අව්‍යක්ත වූ, මේ අන්‍යාගමික තාපසවරු කවුද? තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයේ විස්තරාත්මක බව කවුරු නම් දන්නවාද? පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයේ විස්තරාත්මක දෙසුම ඔබ අසනවාද?”

ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ, යං භගවා මහාකම්මවිභංගං විභජෙය්‍ය, භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි. භාග්‍යවතුන් වහන්සේ කර්මය පිළිබඳව විග්‍රහයේ විස්තරාත්මක දෙසුමක් වදාරණ සේක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් වහන්සේලා ධාරණය කරගන්නවා.”

තේන හානන්ද, සුණාහි, සාධුකං මනසි කරෝහි, භාසිස්සාමීති.

“එසේ වී නම් පින්වත් ආනන්ද, සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

චත්තාරෝමේ ආනන්ද, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝ: ඉධානන්ද, ඒකච්චෝ පුග්ගලෝ ඉධ පාණාතිපාතී හෝති, අදින්නාදායී හෝති, කාමේසුමිච්ඡාචාරී හෝති, මුසාවාදී හෝති, පිසුණවාචෝ හෝති, ඵරුසාවාචෝ හෝති, සම්ඵප්පලාපී හෝති, අභිජ්ඣාලු හෝති, ව්‍යාපන්නචිත්තෝ හෝති, මිච්ඡාදිට්ඨි හෝති. සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.

“පින්වත් ආනන්ද, මේ ලෝකයෙහි පුද්ගලයන් සතර දෙනෙක් දකින්න ලැබෙනවා. කවර සතර දෙනෙක්ද යත්; පින්වත් ආනන්ද, මෙහිලා මෙලොව කිසියම් පුද්ගලයෙක් සතුන් මරනවා. සොරකම් කරනවා. කාම මිත්‍යාචාරයෙහි යෙදෙනවා. බොරු කියනවා. කේළාම් කියනවා. ඵරුෂ වචන කියනවා. සම්ඵප්ප්‍රලාප කියනවා. අනුන්ගේ දෙය තමන් සතු කරගැනීමට ආශා කරනවා. ද්වේෂ සිත් ඇතිකරගන්නවා. මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා.

ඉධ පන ආනන්ද, ඒකච්චෝ පුග්ගලෝ ඉධ පාණාතිපාතී හෝති, අදින්නාදායී හෝති, කාමේසුමිච්ඡාචාරී හෝති, මුසාවාදී හෝති, පිසුණාවාචෝ හෝති, ඵරුසාවාචෝ හෝති, සම්ඵප්පලාපී හෝති, අභිජ්ඣාලු හෝති, ව්‍යාපන්නචිත්තෝ හෝති, මිච්ඡාදිට්ඨි හෝති. සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති.

ඒ වගේම පින්වත් ආනන්ද, මෙහිලා මෙලොව තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුත් සතුන් මරනවා. සොරකම් කරනවා. කාම මිත්‍යාචාරයෙහි යෙදෙනවා. බොරු කියනවා. කේළාම් කියනවා. ඵරුෂ වචන කියනවා. සම්ඵප්ප්‍රලාප කියනවා. අනුන්ගේ දෙය තමන් සතු කරගැනීමට ආශා කරනවා. ද්වේෂ සිත් ඇතිකරගන්නවා. මිත්‍යා දෘෂ්ටික වෙනවා. නමුත් ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා.

ඉධානන්ද ඒකච්චෝ පුග්ගලෝ ඉධ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුණා වාචා පටිවිරතෝ හෝති, ඵරුසා වාචා පටිවිරතෝ හෝති, සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති, අනභිජ්ඣාලු හෝති, අව්‍යාපන්නචිත්තෝ හෝති, සම්මාදිට්ඨි හෝති. සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති.

ඒ වගේම පින්වත් ආනන්ද, මෙහිලා මෙලොව කිසියම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. සොරකමින් වැළකී ඉන්නවා. කාම මිත්‍යාචාරයෙන් වැළකී ඉන්නවා. බොරු කීමෙන් වැළකී ඉන්නවා. කේළාම් කීමෙන් වැළකී ඉන්නවා. ඵරුෂ වචන කීමෙන් වැළකී ඉන්නවා. සම්ඵප්ප්‍රලාප කීමෙන් වැළකී ඉන්නවා. අනුන්ගේ දෙය තමන් සතු කරගැනීමට ආශා කිරීමෙන් වැළකී ඉන්නවා. ද්වේෂ සිත් ඇතිකරගැනීමෙන් වැළකී ඉන්නවා. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා.

ඉධ පනානන්ද ඒකච්චෝ පුග්ගලෝ ඉධ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුණා වාචා පටිවිරතෝ හෝති, ඵරුසා වාචා පටිවිරතෝ හෝති, සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති, අනභිජ්ඣාලු හෝති, අව්‍යාපන්නචිත්තෝ හෝති, සම්මාදිට්ඨි හෝති. සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.

ඒ වගේම පින්වත් ආනන්ද, මෙහිලා මෙලොව කිසියම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුත් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. සොරකමින් වැළකී ඉන්නවා. කාම මිත්‍යාචාරයෙන් වැළකී ඉන්නවා. බොරු කීමෙන් වැළකී ඉන්නවා. කේළාම් කීමෙන් වැළකී ඉන්නවා. ඵරුෂ වචන කීමෙන් වැළකී ඉන්නවා. සම්ඵප්ප්‍රලාප කීමෙන් වැළකී ඉන්නවා. අනුන්ගේ දෙය තමන් සතු කරගැනීමට ආශා කිරීමෙන් වැළකී ඉන්නවා. ද්වේෂ සිත් ඇතිකරගැනීමෙන් වැළකී ඉන්නවා. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා.

ඉධානන්ද, ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති. යථාසමාහිතේ චිත්තේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන අමුං පුග්ගලං පස්සති: ‘ඉධ පාණාතිපාතිං අදින්නාදායිං කාමේසුමිච්ඡාචාරිං මුසාවාදිං පිසුණවාචං ඵරුසාවාචං සම්ඵප්පලාපිං අභිජ්ඣාලුං ව්‍යාපන්නචිත්තං මිච්ඡාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සති අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං. සෝ ඒවමාහ: ‘අත්ථි කිර භෝ, පාපකානි කම්මානි, අත්ථි දුච්චරිතස්ස විපාකෝ, අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං කාමේසුමිච්ඡාචාරිං මුසාවාදිං පිසුණවාචං ඵරුසාවාචං සම්ඵප්පලාපිං අභිජ්ඣාලුං ව්‍යාපන්නචිත්තං මිච්ඡාදිට්ඨිං කායස්ස භේදා පරං මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති. සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ, පාණාතිපාතී අදින්නාදායී ….පෙ…. මිච්ඡාදිට්ඨි, සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යේ ඒවං ජානන්ති, තේ සම්මා ජානන්ති, යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති. ඉති සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදේව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති: ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

පින්වත් ආනන්ද, මෙහිලා එක්තරා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙලා, බලවත් වීරියෙන් යුක්ත වෙලා, බොහෝ මහන්සියෙන් භාවනා කොට, අප්‍රමාදීව භාවනා කොට, හොඳින් මනසිකාර කරලා, යම්බඳු වූ චිත්ත සමාධියක් ඇතිකරගන්නවා. ඒ සමාහිත සිතින් යුතුව මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් අර පුද්ගලයාව දකිනවා. ‘මෙලොවදී සතුන් මැරූ, සොරකම් කළ, වැරදි කාමසේවනයෙහි යෙදුනු, බොරු කියූ, කේළාම් කියූ, ඵරුෂ වචන කියූ, සම්ඵප්ප්‍රලාප කියූ, අනුන්ගේ දෙය තමන් සතු කරගන්නට ආශා කළ, ද්වේෂ සිත් ඇතිකරගත්, මිසදිටු පුද්ගලයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදිලා ඉන්නවා දකිනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘භවත්නි, පාප කර්මයන් තියෙනවාම යි. දුෂ්චරිතයෙහි විපාක තියෙනවාම යි. මං පුද්ගලයෙක්ව දැක්කා. ඔහු මෙලොව සිටිද්දී ප්‍රාණාඝාත කළා. සොරකම් කළා. වැරදි කාම සේවනයෙහි යෙදුනා. බොරු කිව්වා. කේළාම් කිව්වා. ඵරුෂ වචන කිව්වා. හිස් වචන කිව්වා. අනුන්ගේ දෙයට ආශා කළා. ද්වේෂ සිතින් සිටියා. මිසදිටුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදිලා ඉන්නවා’ කියලා. ඊටපස්සේ ඔහු මෙහෙමත් කියනවා. භවත්නි, යමෙක් සතුන් මරනවාද, සොරකම් කරනවාද, ….(පෙ)…. මිසදිටු වෙනවාද, ඒ හැමෝම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. යමෙක් ඔය විදිහට දන්නවා නම්, ඒ උදවිය නියම විදිහටම දන්නවා. යමෙක් වෙන විදිහකට දන්නවා නම්, ඒ ඔවුන්ගේ ඤාණය මිත්‍යාවක්’ කියලා. මේ විදිහට ඔහු තමන් දන්නා වූ යමක් ඇද්ද, තමන් දක්නා වූ යමක් ඇද්ද, තමන් තේරුම් ගත් යමක් ඇද්ද, එයම දැඩි ලෙස ග්‍රහණය කරගෙන, එය තුළම බැසගෙන කියනවා. ‘මෙයම යි සත්‍යය. අනෙත් දේවල් හිස්’ ය කියලා.

ඉධ පනානන්ද, ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන අමුං පුග්ගලං පස්සති. ඉධ පාණාතිපාතිං අදින්නාදායිං ….පෙ… මිච්ඡාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සති සුගතිං සග්ගං ලෝකං උපපන්නං. සෝ ඒවමාහ: ‘නත්ථි කිර භෝ, පාපකානි කම්මානි, නත්ථි දුච්චරිතස්ස විපාකෝ, අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං ….පෙ…. මිච්ඡාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සාමි සුගතිං සග්ගං ලෝකං උපපන්න’න්ති. සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ, පාණාතිපාතී අදින්නාදායී ….පෙ…. මිච්ඡාදිට්ඨි, සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. යේ ඒවං ජානන්ති, තේ සම්මා ජානන්ති. යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති. ඉති සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදේව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති: ‘ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති.

ඒ වගේම පින්වත් ආනන්ද, මෙහිලා එක්තරා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙලා, බලවත් වීරියෙන් යුක්ත වෙලා, බොහෝ මහන්සියෙන් භාවනා කොට, අප්‍රමාදීව භාවනා කොට, හොඳින් මනසිකාර කරලා, යම්බඳු වූ චිත්ත සමාධියක් ඇතිකරගන්නවා. ඒ සමාහිත සිතින් යුතුව මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් අර පුද්ගලයාව දකිනවා. ‘මෙලොවදී සතුන් මැරූ, ….(පෙ)…. මිසදිටු පුද්ගලයා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා දකිනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘භවත්නි, පාප කර්මයන් කියල දෙයක් නැහැම යි. දුෂ්චරිතයෙහි විපාක නැහැම යි. මං පුද්ගලයෙක්ව දැක්කා. ඔහු මෙලොව සිටිද්දී ප්‍රාණාඝාත කළා. සොරකම් කළා. ….(පෙ)…. මිසදිටුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා’ කියලා. ඊට පස්සේ ඔහු මෙහෙමත් කියනවා. භවත්නි, යමෙක් සතුන් මරනවාද, සොරකම් කරනවාද, ….(පෙ)…. මිසදිටු වෙනවාද, ඒ හැමෝම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. යමෙක් ඔය විදිහට දන්නවා නම්, ඒ උදවිය නියම විදිහටම දන්නවා. යමෙක් වෙන විදිහකට දන්නවා නම්, ඒ ඔවුන්ගේ ඤාණය මිත්‍යාවක්’ කියලා. මේ විදිහට ඔහු තමන් දන්නා වූ යමක් ඇද්ද, තමන් දක්නා වූ යමක් ඇද්ද, තමන් තේරුම් ගත් යමක් ඇද්ද, එයම දැඩි ලෙස ග්‍රහණය කරගෙන, එය තුළම බැසගෙන කියනවා. ‘මෙයම යි සත්‍යය. අනෙත් දේවල් හිස්’ ය කියලා.

ඉධානන්ද, ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති, යථාසමාහිතේ චිත්තේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන අමුං පුග්ගලං පස්සති. ‘ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං කාමේසුමිච්ඡාචාරා පටිවිරතං මුසාවාදා පටිවිරතං පිසුණා වාචා පටිවිරතං ඵරුසා වාචා පටිවිරතං සම්ඵප්පලාපා පටිවිරතං අනභිජ්ඣාලුං අව්‍යාපන්නචිත්තං සම්මාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සති සුගතිං සග්ගං ලෝකං උපපන්නං. සෝ ඒවමාහ: ‘අත්ථි කිර භෝ, කල්‍යාණානි කම්මානි අත්ථි සුචරිතස්ස විපාකෝ. අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං ….පෙ…. සම්මාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සාමි සුගතිං සග්ගං ලෝකං උපපන්න’න්ති. සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ, පාණාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ ….පෙ…. සම්මාදිට්ඨි සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. යේ ඒවං ජානන්ති, තේ සම්මා ජානන්ති. යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති. ඉති සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදේව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති: ‘ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති.

පින්වත් ආනන්ද, මෙහිලා එක්තරා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙලා, බලවත් වීරියෙන් යුක්ත වෙලා, බොහෝ මහන්සියෙන් භාවනා කොට, අප්‍රමාදීව භාවනා කොට, හොඳින් මනසිකාර කරලා, යම් බඳු වූ චිත්ත සමාධියක් ඇතිකරගන්නවා. ඒ සමාහිත සිතින් යුතුව මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් අර පුද්ගලයාව දකිනවා. ‘මෙලොවදී සතුන් මැරීමෙන් වැළකුණු, සොරකමින් වැළකුණු, වැරදි කාමසේවනයෙන් වැළකුණු, බොරුවෙන් වැළකුණු, කේළමින් වැළකුණු, ඵරුෂ වචනයෙන් වැළකුණු, සම්ඵප්ප්‍රලාපයෙන් වැළකුණු, අනුන්ගේ දෙය තමන් සතු කරගන්නට ආශා නොකළ, ද්වේෂ සිත් ඇති නොකරගත්, සම්දිටු පුද්ගලයා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා දකිනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘භවත්නි, පුණ්‍ය කර්මයන් තියෙනවාම යි. සුචරිතයෙහි විපාක තියෙනවාම යි. මං පුද්ගලයෙක්ව දැක්කා. ඔහු මෙලොව සිටිද්දී ප්‍රාණාඝාතයෙන් වැළකී සිටියා. සොරකමින් වැළකී සිටියා ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුතුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා’ කියලා. ඊට පස්සේ ඔහු මෙහෙමත් කියනවා. භවත්නි, යමෙක් සතුන් මැරීමෙන් වළකිනවාද, සොරකමින් වළකිනවාද, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුතු වෙනවාද, ඒ හැමෝම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. යමෙක් ඔය විදිහට දන්නවා නම්, ඒ උදවිය නියම විදිහටම දන්නවා. යමෙක් වෙන විදිහකට දන්නවා නම්, ඒ ඔවුන් ගේ ඤාණය මිත්‍යාවක්’ කියලා. මේ විදිහට ඔහු තමන් දන්නා වූ යමක් ඇද්ද, තමන් දක්නා වූ යමක් ඇද්ද, තමන් තේරුම් ගත් යමක් ඇද්ද, එයම දැඩි ලෙස ග්‍රහණය කරගෙන, එය තුළම බැසගෙන කියනවා. ‘මෙයම යි සත්‍යය. අනිත් දේවල් හිස්’ ය කියලා.

ඉධ පනානන්ද ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති, යථාසමාහිතේ චිත්තේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන අමුං පුග්ගලං පස්සති. ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නදානං පටිවිරතං ….පෙ…. සම්මාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සති අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං. සෝ ඒවමාහ: ‘නත්ථි කිර භෝ කල්‍යාණානි කම්මානි, නත්ථි සුචරිතස්ස විපාකෝ. අපාහං පුග්ගලං අද්දසං- ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං ….පෙ…. සම්මාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති. සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ, පාණාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ ….පෙ…. සම්මාදිට්ඨි, සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, යේ ඒවං ජානන්ති, තේ සම්මා ජානන්ති. යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති. ඉති සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදේව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති ‘ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

පින්වත් ආනන්ද, මෙහිලා එක්තරා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙලා, බලවත් වීරියෙන් යුක්ත වෙලා, බොහෝ මහන්සියෙන් භාවනා කොට, අප්‍රමාදීව භාවනා කොට, හොඳින් මනසිකාර කරලා, යම්බඳු වූ චිත්ත සමාධියක් ඇතිකරගන්නවා. ඒ සමාහිත සිතින් යුතුව මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් අර පුද්ගලයාව දකිනවා. ‘මෙලොවදී සතුන් මැරීමෙන් වැළකුණු, සොරකමින් වැළකුණු, වැරදි කාමසේවනයෙන් වැළකුණු, බොරුවෙන් වැළකුණු, කේළමින් වැළකුණු, ඵරුෂ වචනයෙන් වැළකුණු, සම්ඵප්ප්‍රලාපයෙන් වැළකුණු, අනුන්ගේ දෙය තමන් සතු කරගන්නට ආශා නොකළ, ද්වේෂ සිත් ඇති නොකරගත්, සම්දිටු පුද්ගලයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදිලා ඉන්නවා දකිනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘භවත්නි, පුණ්‍ය කර්මයන් නැහැම යි. සුචරිතයෙහි විපාක නැහැම යි. මං පුද්ගලයෙක්ව දැක්කා. ඔහු මෙලොව සිටිද්දී ප්‍රාණාඝාතයෙන් වැළකී සිටියා. සොරකමින් වැළකී සිටියා ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුතුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදිලා ඉන්නවා’ කියලා. ඊට පස්සේ ඔහු මෙහෙමත් කියනවා. භවත්නි, යමෙක් සතුන් මැරීමෙන් වළකිනවාද, සොරකමින් වළකිනවාද, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුතු වෙනවාද, ඒ හැමෝම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. යමෙක් ඔය විදිහට දන්නවා නම්, ඒ උදවිය නියම විදිහටම දන්නවා. යමෙක් වෙන විදිහකට දන්නවා නම්, ඒ ඔවුන්ගේ ඤාණය මිත්‍යාවක්’ කියලා. මේ විදිහට ඔහු තමන් දන්නා වූ යමක් ඇද්ද, තමන් දක්නා වූ යමක් ඇද්ද, තමන් තේරුම් ගත් යමක් ඇද්ද, එයම දැඩි ලෙස ග්‍රහණය කරගෙන, එය තුළම බැසගෙන කියනවා. ‘මෙයම යි සත්‍යය. අනෙත් දේවල් හිස්’ ය කියලා.

තත්‍රානන්ද, ය්වායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවමාහ: ‘අත්ථි කිර භෝ, පාපකානි කම්මානි, අත්ථි දුච්චරිතස්ස විපාකෝ’ති. ඉදමස්ස අනුජානාමි. යම්පි සෝ ඒවමාහ: ‘අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං ….පෙ…. මිච්ඡාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති ඉදම්පිස්ස අනුජානාමි. යඤ්ච ඛෝ සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ, පාණාතිපාතී අදින්නාදායී ….පෙ…. මිච්ඡාදිට්ඨි, සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතී’ති ඉදමස්ස නානුජානාමි. යම්පි සෝ ඒවමාහ: ‘යේ ඒවං ජානන්ති, තේ සම්මා ජානන්ති, යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති ඉදම්පිස්ස නානුජානාමි, යම්පි සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදේව තත්ථ ථාමසා පරාමාස්ස අභිනිවිස්ස වෝහරති, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හේතු: අඤ්ඤථා හි ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභංගේ ඤාණං හෝති.

පින්වත් ආනන්ද, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහෙම කියනවා නම්, ‘භවත්නි, පාප කර්මයන් තියෙනවාම යි. දුෂ්චරිතයෙහි විපාක තියෙනවාම යි’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරනවා. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවාද, ‘මං පුද්ගලයෙක්ව දැක්කා ඔහු මෙහි සිටිද්දී සතුන් මැරුවා, සොරකම් කළා ….(පෙ)…. මිසදිටුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදිලා ඉන්නවා’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරනවා. ඊළඟට ඔහු මෙබඳු වූ ප්‍රකාශයක් කළාද, ඒ කියන්නේ ‘යමෙක් සතුන් මරනවා නම්, සොරකම් කරනවා නම්, ….(පෙ)…. මිසදිටුවෙන් යුතු නම්, ඒ හැමෝම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා’ ය කියලා, ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා නම්, ‘යමෙක් මේ විදිහට දැනගත්තොත් තමයි ඒ උදවිය හරියට දැනගත්තා වෙන්නේ. යමෙක් වෙන විදිහකට දැනගත්තොත් ඔවුන්ගේ ඒ ඤාණය මිත්‍යාවක්’ කියලා, ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු තමා දැනගත් දෙය, තමා දැක ගත් දෙය, තමා තේරුම් ගත් දෙය පමණක් ගෙන එයට බැඳිලා, එයම දැඩි කොට ගෙන, එහිම බැසගෙන කියනවා නම්, ‘මේකම යි සත්‍යය, අනෙත් ඒවා බොරුය’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. මක් නිසාද යත්; පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයෙහි විස්තරාත්මක අවබෝධය ඔයිට වෙනස් නිසයි.

තත්‍රානන්ද, ය්වායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවමාහ: ‘නත්ථි කිර භෝ, පාපකානි කම්මානි නත්ථි දුච්චරිතස්ස විපාකෝ’ති. ඉදමස්ස නානුජානාමි. යම්පි ඛෝ සෝ ඒවමාහ: ‘අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං ….පෙ…. මිච්ඡාදිට්ඨිං කායස්ස භේදා පරං මරණා පස්සාමි සුගතිං සග්ගං ලෝකං උපපන්න’න්ති, ඉදමස්ස අනුජානාමි. යඤ්ච ඛෝ සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ පාණාතිපාතී අදින්නාදායී ….පෙ…. මිච්ඡාදිට්ඨි, සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජතී’ති. ඉදමස්ස නානුජානාමි. යම්පි සෝ ඒවමාහ: ‘යේ ඒවං ජානන්ති, තේ සම්මා ජානන්ති යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. යම්පි සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදේව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති: ‘ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හේතු: අඤ්ඤථා හි ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභංගේ ඤාණං හෝති.

පින්වත් ආනන්ද, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහෙම කියනවා නම්, ‘භවත්නි, පාප කර්මයන් නැහැම යි. දුෂ්චරිතයෙහි විපාක නැහැම යි’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවාද, ‘මං පුද්ගලයෙක්ව දැක්කා ඔහු මෙහි සිටිද්දී සතුන් මැරුවා, සොරකම් කළා ….(පෙ)…. මිසදිටුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරනවා. ඊළඟට ඔහු මෙබඳු වූ ප්‍රකාශයක් කළාද, ඒ කියන්නේ ‘යමෙක් සතුන් මරනවා නම්, සොරකම් කරනවා නම්, ….(පෙ)…. මිසදිටුවෙන් යුතු නම්, ඒ හැමෝම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා’ ය කියලා, ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා නම්, ‘යමෙක් මේ විදිහට දැනගත්තොත් තමයි ඒ උදවිය හරියට දැනගත්තා වෙන්නේ. යමෙක් වෙන විදිහකට දැනගත්තොත් ඔවුන්ගේ ඒ ඤාණය මිත්‍යාවක්’ කියලා, ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු තමා දැනගත් දෙය, තමා දැකගත් දෙය, තමා තේරුම් ගත් දෙය පමණක් ගෙන එයට බැඳිලා, එයම දැඩි කොට ගෙන, එහිම බැසගෙන කියනවා නම්, ‘මේකම යි සත්‍යය, අනෙත් ඒවා බොරුය’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. මක් නිසාද යත්; පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයෙහි විස්තරාත්මක අවබෝධය ඔයිට වෙනස් නිසයි.

තත්‍රානන්ද ය්වායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවමාහ: ‘අත්ථි කිර භෝ, කල්‍යාණානි කම්මානි, අත්ථි සුචරිතස්ස විපාකෝ’ති. ඉදමස්ස අනුජානාමි. යම්පි ඛෝ සෝ ඒවමාහ: ‘අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං ….පෙ…. සම්මාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සාමි සුගතිං සග්ගං ලෝකං උපපන්න’න්ති. ඉදම්පිස්ස අනුජානාමි. යඤ්ච ඛෝ සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ, පාණාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ ….පෙ…. සම්මාදිට්ඨි, සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජතී’ති. ඉදමස්ස නානුජානාමි යම්පි සෝ ඒවමාහ: ‘යේ ඒවං ජානන්ති තේ සම්මා ජානන්ති, යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. යම්පි සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදේව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති: ‘ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හේතු: අඤ්ඤථා හි ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභංගේ ඤාණං හෝති.

පින්වත් ආනන්ද, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහෙම කියනවා නම්, ‘භවත්නි, පුණ්‍ය කර්මයන් තියෙනවාම යි. සුචරිතයෙහි විපාක තියෙනවාම යි’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරනවා. ඒ වගේම ඔහු මෙහමත් කියනවාද, ‘මං පුද්ගලයෙක්ව දැක්කා ඔහු මෙහි සිටිද්දී සතුන් මැරීමෙන් වැළකී සිටියා, සොරකමින් වැළකී සිටියා, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුතුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරනවා. ඊළඟට ඔහු මෙබඳු වූ ප්‍රකාශයක් කළාද, ඒ කියන්නේ ‘යමෙක් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා නම්, සොරකමින් වැළකී සිටිනවා නම්, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුක්ත නම්, ඒ හැමෝම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා’ ය කියලා, ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා නම්, ‘යමෙක් මේ විදිහට දැනගත්තොත් තමයි ඒ උදවිය හරියට දැනගත්තා වෙන්නේ. යමෙක් වෙන විදිහකට දැනගත්තොත් ඔවුන්ගේ ඒ ඤාණය මිත්‍යාවක්’ කියලා, ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු තමා දැනගත් දෙය, තමා දැකගත් දෙය, තමා තේරුම් ගත් දෙය පමණක් ගෙන එයට බැඳිලා, එයම දැඩි කොට ගෙන, එහි ම බැසගෙන කියනවා නම්, ‘මේකම යි සත්‍ය ය, අනෙත් ඒවා බොරු ය’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. මක් නිසාද යත්; පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයෙහි විස්තරාත්මක අවබෝධය ඔයිට වෙනස් නිසයි.

තත්‍රානන්ද, ය්වායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවමාහ: ‘නත්ථි කිර භෝ, කල්‍යාණානි කම්මානි, නත්ථි සුචරිතස්ස විපාකෝ’ති. ඉදමස්ස නානුජානාමි. යඤ්ච ඛෝ සෝ ඒවමාහ: ‘අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං ….පෙ…. සම්මාදිට්ඨිං, කායස්ස භේදා පරං මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති. ඉදමස්ස අනුජානාමි. යඤ්ච ඛෝ සෝ ඒවමාහ: ‘යෝ කිර භෝ, පාණාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ ….පෙ…. සම්මාදිට්ඨි, සබ්බෝ සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතී’ති ඉදමස්ස නානුජානාමි. යඤ්ච ඛෝ සෝ ඒවමාහ: ‘යේ ඒවං ජානන්ති, තේ සම්මා ජානන්ති, යේ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තේසං ඤාණ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. යම්පි සෝ යදේව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදේව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති: ‘ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හේතු: අඤ්ඤථා හි ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභංගේ ඤාණං හෝති.

පින්වත් ආනන්ද, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහෙම කියනවා නම්, ‘භවත්නි, පුණ්‍ය කර්මයන් නැහැම යි. සුචරිතයෙහි විපාක නැහැම යි’ කියලා ඔහු ගේ ඒ ප්‍රකාශය මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවාද, ‘මං පුද්ගලයෙක්ව දැක්කා ඔහු මෙහි සිටිද්දී සතුන් මැරීමෙන් වැළකී සිටියා, සොරකමින් වැළකී සිටියා, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුතුව සිටියා. දැන් ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදිලා ඉන්නවා’ කියලා ඔහු ගේ ඒ ප්‍රකාශය මං අනුමත කරනවා. ඊළඟට ඔහු මෙබඳු වූ ප්‍රකාශයක් කළාද, ඒ කියන්නේ ‘යමෙක් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා නම්, සොරකමින් වැළකී සිටිනවා නම්, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුක්ත නම්, ඒ හැමෝම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා’ ය කියලා, ඔහුගේ ඒ ප්‍රකාශය මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා නම්, ‘යමෙක් මේ විදිහට දැනගත්තොත් තමයි ඒ උදවිය හරියට දැනගත්තා වෙන්නේ. යමෙක් වෙන විදිහකට දැනගත්තොත් ඔවුන්ගේ ඒ ඤාණය මිත්‍යාවක්’ කියල, ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔහු තමා දැනගත් දෙය, තමා දැකගත් දෙය, තමා තේරුම් ගත් දෙය පමණක් ගෙන එයට බැඳිලා, එයම දැඩි කොට ගෙන, එහිම බැසගෙන කියනවා නම්, ‘මේකම යි සත්‍ය ය, අනෙත් ඒවා බොරු ය’ කියලා ඔහුගේ ඒ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නෑ. මක් නිසාද යත්; පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ ගේ කර්මය පිළිබඳ විග්‍රහයෙහි විස්තරාත්මක අවබෝධය ඔයිට වෙනස් නිසයි.

තත්‍රානන්ද, ය්වායං පුග්ගලෝ ඉධ පාණාතිපාතී අදින්නාදායී ….පෙ…. මිච්ඡාදිට්ඨි, කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, පුබ්බේ වාස්ස තං කතං හෝති පාපකම්මං දුක්ඛවේදනීයං, පච්ඡා වාස්ස තං කතං හෝති පාපකම්මං දුක්ඛවේදනීයං, මරණකාලේ වාස්ස හෝති මිච්ඡාදිට්ඨි සමත්තා සමාදින්නා. තේන සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යඤ්ච ඛෝ සෝ ඉධ පාණාතිපාතී හෝති අදින්නාදායී හෝති ….පෙ…. මිච්ඡාදිට්ඨි හෝති. තස්ස දිට්ඨේව ධම්මේ විපාකං පටිසංවේදේති, උපපජ්ජේ වා, අපරේ වා පරියායේ.

පින්වත් ආනන්දය, මෙහිලා යම් පුද්ගලයෙක් සතුන් මරනවා. සොරකම් කරනවා. ….(පෙ)…. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඔහු විසින් දුක් විඳීමට හේතුවන පාප කර්ම කරලා තියෙන්නේ කලින්ම යි. ඒ වගේම මේ දුක් විඳීමට හේතු වන ඒ පාප කර්මයම යි ඔහු පස්සේ කරලත් තියෙන්නේ. මරණාසන්න කාලයේදී ත් ඔහු කරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා හිටපු එකයි. ඒ නිසයි ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදුනේ. යම්හෙයකින් ඔහු මෙලොවදී සතුන් මරනවාද, සොරකම් කරනවාද, ….(පෙ)…. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවාද, ඒ කර්මයේ විපාක මෙලොවදී ම ලැබෙනවා. එහෙම නැත්නම්, ඊළඟ ආත්මභාවයේ විපාක දෙනවා. එහෙම නැත්නම් කවදා හෝ වෙනතැනකදී විපාක දෙනවා.

තත්‍රානන්ද, ය්වායං පුග්ගලෝ ඉධ පාණාතිපාතී අදින්නාදායී ….පෙ…. මිච්ඡාදිට්ඨි කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, පුබ්බේ වාස්ස තං කතං හෝති කල්‍යාණකම්මං සුඛවේදනීයං, පච්ඡා වාස්ස තං කතං හෝති කල්‍යාණකම්මං සුඛවේදනීයං, මරණකාලේ වාස්ස හෝති සම්මාදිට්ඨි සමත්තා සමාදින්නා, තේන සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. යඤ්ච ඛෝ සෝ ඉධ පාණාතිපාතී හෝති අදින්නාදායී හෝති ….පෙ…. මිච්ඡාදිට්ඨි හෝති තස්ස දිට්ඨේව ධම්මේ විපාකං පටිසංවේදේති, උපපජ්ජේ වා අපරේ වා පරියායේ.

පින්වත් ආනන්දය, මෙහිලා යම් පුද්ගලයෙක් සතුන් මරනවා. සොරකම් කරනවා. ….(පෙ)…. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඔහු විසින් සැප විඳීමට හේතුවන පුණ්‍ය කර්ම කරලා තියෙන්නේ ඊට කලින්ම යි. ඒ වගේම මේ සැප විඳීමට හේතු වන ඒ පුණ්‍ය කර්මයම යි ඔහු ඊට පස්සේ කරලත් තියෙන්නේ. මරණාසන්න කාලයේදී ත් ඔහු කරලා තියෙන්නේ සම්මා දෘෂ්ටික වෙලා, සම්මා දිට්ඨිය සමාදන් වෙලා හිටපු එකයි. ඒ නිසයි ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදුනේ. යම් හෙයකින් ඔහු මෙලොවදී සතුන් මරනවාද, සොරකම් කරනවාද, ….(පෙ)…. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවාද, ඒ කර්මයේ විපාක මෙලොවදී ම ලැබෙනවා. එහෙම නැත්නම්, ඊළඟ ආත්මභාවයේ විපාක දෙනවා. එහෙම නැත්නම් කවදා හෝ වෙනතැනකදී විපාක දෙනවා.

තත්‍රානන්ද, ය්වායං පුග්ගලෝ ඉධ පාණාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ ….පෙ…. සම්මාදිට්ඨි, කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, පුබ්බේ වාස්ස තං කතං හෝති කල්‍යාණකම්මං සුඛවේදනීයං, පච්ඡා වාස්ස තං කතං හෝති කල්‍යාණකම්මං සුඛවේදනීයං, මරණකාලේ වාස්ස හෝති සම්මාදිට්ඨි සමත්තා සමාදින්නා. තේන සෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. යඤ්ච ඛෝ සෝ ඉධ පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති ….පෙ…. සම්මාදිට්ඨි හෝති, තස්ස දිට්ඨේව ධම්මේ විපාකං පටිසංවේදේති, උපපජ්ජේ වා අපරේ වා පරියායේ.

පින්වත් ආනන්දය, මෙහිලා යම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඔහු විසින් සැප විඳීමට හේතුවන පුණ්‍ය කර්ම කරලා තියෙන්නේ කලින්ම යි. ඒ වගේම මේ සැප විඳීමට හේතු වන ඒ පුණ්‍ය කර්මයම යි ඔහු පස්සේ කරලත් තියෙන්නේ. මරණාසන්න කාලයේදී ත් ඔහු කරලා තියෙන්නේ සම්මා දිට්ඨික වෙලා, සම්මා දිට්ඨිය සමාදන් වෙලා හිටපු එකයි. ඒ නිසයි ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදුනේ. ඒ වගේම යම් හෙයකින් ඔහු මෙලොවදී සතුන් මැරීමෙන් වැළකී සිටිනවාද, සොරකමින් වැළකී සිටිනවාද, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවාද, ඒ කර්මයේ විපාක මෙලොවදී ම ලැබෙනවා. එහෙම නැත්නම්, ඊළඟ ආත්මභාවයේ විපාක දෙනවා. එහෙම නැත්නම් කවදා හෝ වෙනතැනකදී විපාක දෙනවා.

තත්‍රානන්ද, ය්වායං පුග්ගලෝ ඉධ පාණාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ ….පෙ…. සම්මාදිට්ඨි, කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, පුබ්බේ වාස්ස තං කතං හෝති පාපකම්මං දුක්ඛවේදනීයං, පච්ඡා වාස්ස තං කතං හෝති පාපකම්මං දුක්ඛවේදනීයං, මරණකාලේ වාස්ස හෝති මිච්ඡාදිට්ඨි සමත්තා සමාදින්නා. තේන සෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යඤ්ච ඛෝ සෝ ඉධ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති ….පෙ…. සම්මාදිට්ඨි හෝති, තස්ස දිට්ඨේව ධම්මේ විපාකං පටිසංවේදේති, උපපජ්ජේ වා, අපරේ වා පරියායේ.

පින්වත් ආනන්දය, මෙහිලා යම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඔහු විසින් දුක් විඳීමට හේතුවන පාප කර්ම කරලා තියෙන්නේ ඊට කලින්ම යි. ඒ වගේම මේ දුක් විඳීමට හේතු වන ඒ පාප කර්මයම යි ඔහු ඊට පස්සේ කරලත් තියෙන්නේ. මරණාසන්න කාලයේදී ත් ඔහු කරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා හිටපු එකයි. ඒ නිසයි ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදුනේ. ඒ වගේම යම් හෙයකින් ඔහු මෙලොවදී සතුන් මැරීමෙන් වැළකී සිටිනවාද, සොරකමින් වැළකී සිටිනවාද, ….(පෙ)…. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවාද, ඒ කර්මයේ විපාක මෙලොවදී ම ලැබෙනවා. එහෙම නැත්නම්, ඊළඟ ආත්මභාවයේ විපාක දෙනවා. එහෙම නැත්නම් කවදා හෝ වෙනතැනකදී විපාක දෙනවා.

ඉති ඛෝ ආනන්ද, අත්ථි කම්මං අභබ්බං අභබ්බාභාසං, අත්ථි කම්මං අභබ්බං භබ්බාභාසං, අත්ථි කම්මං භබ්බඤ්fක්‍ද්ච ව භබ්බාභාසඤ්ච, අත්ථි කම්මං භබ්බං අභබ්බාභාසන්ති.

පින්වත් ආනන්ද, ඔය විදිහට අකුසලය මැඬලන අකුසල කර්ම තියෙනවා. කුසලය මැඬලන අකුසල කර්ම තියෙනවා. කුසලය මැඬලන කුසල කර්ම තියෙනවා. අකුසලය මැඬලන කුසල කර්ම තියෙනවා.

ඉදමවෝච: භගවා. අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාකම්මවිභංගසුත්තං ඡට්ඨං.

කර්මය විග්‍රහය ගැන වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M