මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.5. චූළ කම්මවිභංග සුත්තං

3.4.5. කර්ම විග්‍රහය ගැන වදාළ කෙටි දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ, අථ ඛෝ සුභෝ මාණවෝ තෝදෙය්‍යපුත්තෝ යේන භගවා, තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ ඛෝ සුභෝ මාණවෝ තෝදෙය්‍යපුත්තෝ භගවන්තං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහිය. එදා තෝදෙය්‍ය බමුණාගේ පුත්‍රයා වූ සුභ නම් තරුණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් තෝදෙය්‍ය බ්‍රාහ්මණ පුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

කෝ නු ඛෝ භෝ ගෝතම, හේතු කෝ පච්චයෝ, යේන මනුස්සානංයේව සතං මනුස්සභූතානං දිස්සන්ති හීනප්පණීතතා. දිස්සන්ති හි භෝ ගෝතම, මනුස්සා අප්පායුකා, දිස්සන්ති දීඝායුකා. දිස්සන්ති බව්හාබාධා, දිස්සන්ති අප්පාබාධා. දිස්සන්ති දුබ්බණ්ණා, දිස්සන්ති වණ්ණවන්තෝ. දිස්සන්ති අප්පේසක්ඛා, දිස්සන්ති මහේසක්ඛා. දිස්සන්ති අප්පභෝගා, දිස්සන්ති මහාභෝගා. දිස්සන්ති නීචකුලීනා, දිස්සන්ති උච්චාකුලීනා. දිස්සන්ති දුප්පඤ්ඤා, දිස්සන්ති පඤ්ඤවන්තෝ. කෝ නු ඛෝ භෝ ගෝතම හේතු කෝ පච්චයෝ, යේන මනුස්සානංයේව සතං මනුස්සභූතානං දිස්සන්ති හීනප්පණීතතාති.

“භවත් ගෞතමයන් වහන්ස, මිනිසත් බවට පැමිණි මනුෂ්‍යයන් තුළ යම් යම් ළාමක ස්වභාවයන්ද, උතුම් ස්වභාවයන්ද දකින්නට ලැබෙනවා. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? භවත් ගෞතමයන් වහන්ස, අල්ප ආයුෂ ඇති මනුෂ්‍යයන් දකින්නට ලැබෙනවා. දිගාසිරි විඳින උදවියත් දකින්නට ලැබෙනවා. බොහෝ ආබාධ ඇති උදවියත් දකින්නට ලැබෙනවා. අල්ප ආබාධ ඇති උදවියත් දකින්නට ලැබෙනවා. විරූපී අයත් දකින්නට ලැබෙනවා. ඉතාමත් රූප සෝභා ඇති අයත් දකින්නට ලැබෙනවා. ස්වල්ප ආනුභාව ඇති අය දකින්නට ලැබෙනවා. මහේශාක්‍ය උදවියත් දකින්නට ලැබෙනවා. අල්පභෝගී අයත් දකින්නට ලැබෙනවා. බොහෝ සැප සම්පත් විඳින අයත් දකින්නට ලැබෙනවා. නීච කුලයේ උපන් අයත් දකින්නට ලැබෙනවා. උසස් කුලීනයන් දකින්නට ලැබෙනවා. ප්‍රඥා රහිත උදවියත් දකින්නට ලැබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත උදවියත් දකින්නට ලැබෙනවා. භවත් ගෞතමයන් වහන්ස, මිනිසත් බවට පැමිණි මනුෂ්‍යයන් තුළ යම් යම් ළාමක ස්වභාවයන්ද, උතුම් ස්වභාවයන්ද දකින්නට ලැබෙනවා. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?”

කම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධූ කම්මප්පටිසරණා. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතායාති.

“පින්වත් තරුණය, සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දෙය කරගෙනයි. කර්මය දායාදය කොටගෙනයි. කර්මය උත්පත්ති ස්ථානය කොටගෙනයි. කර්මය ඤාතියා කොටගෙනයි. කර්මය පිළිසරණ කොටගෙනයි. මේ ළාමක උසස් ස්වභාවයට සත්වයන්ව බෙදන්නේ කර්මයයි.”

න ඛෝ අහං ඉමස්ස භෝතෝ ගෝතමස්ස සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං ආජානාමි, සාධු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු, යථා හං ඉමස්ස භෝතෝ ගෝතමස්ස සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං ආජානෙය්‍යන්ති.

“භවත් ගෞතමයන් වහන්සේ විසින් කෙටි විග්‍රහයකින් පවසන ලද, විස්තර විභාග වශයෙන් නොපවසන ලද මෙම ප්‍රකාශය අර්ථ වශයෙන් මම දන්නේ නෑ. එනිසා භවත් ගෞතමයන් වහන්සේ විසින් කෙටි විග්‍රහයකින් පවසන ලද, විස්තර විභාග වශයෙන් නොපවසන ලද මෙම ප්‍රකාශයේ අර්ථ විස්තර වශයෙන් මා හට තේරුම් යන්නේ යම් පරිද්දෙන්ද, භවත් ගෞතමයන් වහන්සේ ඒ අයුරින් ධර්මය දේශනා කරන සේක් නම් මැනැවි.”

තේන හි මාණව, සුණාහි සාධුකං මනසි කරෝහි, භාසිස්සාමීති.

“එසේ වී නම් පින්වත් තරුණය, සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්”

ඒවං භෝති ඛෝ සුභෝ මාණවෝ තෝදෙය්‍යපුත්තෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒතදවෝච:

“එසේය, භවත” කියා තෝදෙය්‍ය පුත්‍ර සුභ මාණවකයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

ඉධ මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා පාණාතිපාතී හෝති ලුද්දෝ ලෝහිතපාණි හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ සබ්බපාණභූතේසු සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, අප්පායුකෝ හෝති. අප්පායුකසංවත්තනිකා ඒසා මාණව පටිපදා, යදිදං පාණාතිපාතී හෝති ලුද්දෝ ලෝහිතපාණි හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ සබ්බපාණභූතේසු.

“පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, සතුන් මරන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඔහු රෞද්‍රයි. ලේ වැකුණු අතින් යුක්තයි. සතුන් වැනසීමේ යෙදී සිටිනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි දයා රහිතයි. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි ඉපදෙන්නේ නැත්නම්, නැවත මනුෂ්‍ය ආත්මභාවයකට එනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, ආයුෂ අල්පයි. පින්වත් තරුණය, මේ සතුන් මැරීමක් වේද, රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇතිව, සතුන් මැරීමෙහි නියැලුණු සියලු ප්‍රාණභූතයින් කෙරෙහි දයා රහිත බවක් ඇද්ද, ඔය වැඩපිළිවෙල තමයි ආයුෂ අල්ප වීම පිණිස හේතුවන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති, නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ, ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, දීඝායුකෝ හෝති. දීඝායුකසංවත්තනිකා ඒසා මාණව පටිපදා යදිදං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, සතුන් මැරීම අත්හැරලා, සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. දඬු මුගුරු අත්හරිනවා. අවි ආයුධ අත්හරිනවා. සතුන් මැරීමෙහි ලැජ්ජා වෙනවා. සියලු ප්‍රාණභූතයින් කෙරෙහි හිතානුකම්පීව දයාවෙන් වාසය කරනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව නූපදින්නේ නම්, නැවත මනුෂ්‍ය ආත්මභාවයකට එනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, දීර්ඝායුෂයෙන් යුක්තයි. පින්වත් තරුණය, මේ සතුන් මැරීම අත්හැර දැමීමක් ඇද්ද, සතුන් මැරීමෙන් වැළකීමක් ඇද්ද, දඬු මුගුරු අත්හැරීමක් ඇද්ද, අවි ආයුධ අත්හැරීමක් ඇද්ද, සතුන් මැරීමෙහි ලැජ්ජාවක් ඇද්ද, සියලු ප්‍රාණභූතයින් කෙරෙහි හිතානුකම්පීව දයාවෙන් වාසය කිරීමක් ඇද්ද, ඔය වැඩපිළිවෙල තමයි දීර්ඝායුෂ ලැබීම පිණිස හේතු වන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා සත්තානං විහේඨකජාතිකෝ හෝති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩේන වා සත්ථේන වා. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, බව්හාබාධෝ හෝති. බව්හාබාධසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං සත්තානං විහේඨකජාතිකෝ හෝති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩේන වා සත්ථේන වා.

“පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, සතුන්ට හිංසා කරනවා. අතින් වේවා, ගල්ගෙඩිවලින් වේවා, දඬුමුගුරුවලින් වේවා, ආයුධයෙන් වේවා, සතුන්ට හිංසා කරනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉදින් නැවත මනුෂ්‍ය ආත්මභාවයකට එනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, බොහෝ අසනීපවලින් යුක්තයි. පින්වත් තරුණය, සතුන්ට හිංසා කිරීමක් ඇද්ද, අතින් වේවා, ගල්ගෙඩිවලින් වේවා, දඬුමුගුරුවලින් වේවා, ආයුධයෙන් වේවා, සතුන්ට හිංසා කිරීමක් ඇද්ද, ඔය වැඩපිළිවෙල තමයි බොහෝ ආබාධ ඇතිවීම පිණිස හේතු වන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා සත්තානං අවිහේඨකජාතිකෝ හෝති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩේන වා සත්ථේන වා. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, අප්පාබාධෝ හෝති. අප්පාබාධසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං සත්තානං අවිහේඨකජාතිකෝ හෝති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩේන වා සත්ථේන වා.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, සතුන්ට හිංසා කරන්නේ නෑ. අතින් වේවා, ගල්ගෙඩිවලින් වේවා, දඬුමුගුරු වලින් වේවා, ආයුධයෙන් වේවා, සතුන්ට හිංසා කරන්නේ නෑ. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව නූපදින්නේ නම්, නැවත මනුෂ්‍ය ආත්මභාවයකට එනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, අල්පාබාධයෙන් යුක්තයි. පින්වත් තරුණය, සතුන්ට හිංසා කිරීමෙන් වැළකීමක් ඇද්ද, අතින් වේවා, ගල්ගෙඩිවලින් වේවා, දඬුමුගුරුවලින් වේවා, ආයුධයෙන් වේවා, සතුන්ට හිංසා කිරීමෙන් වැළකීමක් ඇද්ද, ඔය වැඩපිළිවෙල තමයි අල්පාබාධ වීම පිණිස හේතු වන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා කෝධනෝ හෝති උපායාසබහුලෝ, අප්පම්පි වුත්තෝ සමානෝ අභිසජ්ජති කුප්පති බ්‍යාපජ්ජති පතිට්ඨීයති කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති දුබ්බණ්ණෝ හෝති. දුබ්බණ්ණසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං කෝධනෝ හෝති උපායාසබහුලෝ, අප්පම්පි වුත්තෝ සමානෝ අභිසජ්ජති කුප්පති ව්‍යාපජ්ජති පතිට්ඨීයති කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු ක්‍රෝධ කරන කෙනෙක්. බහුල වශයෙන් තරහෙන් ඉන්නවා. පොඩි දෙයක් කිව්වත් බලවත්ව ගැටෙනවා. කිපෙනවා. තරහා ඇතිකරගන්නවා. දැඩි බවට පත්වෙනවා. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, අවලස්සන වෙනවා. පින්වත් තරුණය, ක්‍රෝධ කරයිද, බහුල වශයෙන් තරහෙන් සිටියිද, පොඩි දෙයක් කිව්වත් බලවත්ව ගැටෙයිද, කිපෙයිද, තරහා ඇතිකරගනියිද, දැඩි බවට පත්වෙයිද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, ඔය වැඩපිළිවෙල තමයි අවලස්සන වීම පිණිස හේතු වන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අක්කෝධනෝ හෝති අනුපායාසබහුලෝ, බහුම්පි වුත්තෝ සමානෝ නාභිසජ්ජති, න කුප්පති න ව්‍යාපජ්ජති න පතිත්ථීයති න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකෝ හෝති. පාසාදිකසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං – අක්කෝධනෝ හෝති අනුපායාසබහුලෝ, බහුම්පි වුත්තෝ සමානෝ නාභිසජ්ජති න කුප්පති න බ්‍යාපජ්ජති න පතිට්ඨීයති න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු ක්‍රෝධ නොකරන කෙනෙක්. බහුල වශයෙන් තරහෙන් නොඉන්න කෙනෙක්. බොහෝ දෙයක් කිව්වත් ගැටෙන්නෙ නෑ. කිපෙන්නෙ නෑ. තරහා ඇතිකරගන්නෙ නෑ. දැඩි බවට පත්වෙන්නෙ නෑ. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරන්නෙ නෑ. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, දුටුවන් පහදින මනස්කාන්ත රූපයකින් යුතුවෙනවා. පින්වත් තරුණය, ක්‍රෝධ නොකරයිද, බහුල වශයෙන් තරහෙන් නොසිටියිද, බොහෝ දෙයක් කිව්වත් නොගැටෙයිද, නොකිපෙයිද, තරහා ඇති නොකරගනියිද, දැඩි බවට නොපත්වෙයිද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ නොකරයිද, ඔය වැඩපිළිවෙල තමයි දුටුවන් පහදවන රූපයක් ලැබීම පිණිස හේතු වන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා ඉස්සාමනකෝ හෝති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති, උපදුස්සති ඉස්සං බන්ධති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති අප්පේසක්ඛෝ හෝති. අප්පේසක්ඛසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං ඉස්සාමනකෝ හෝති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු ඊර්ෂ්‍යයා සහගත සිතකින් යුතු කෙනෙක්. අනුන්ට ලැබෙන ලාභ, සත්කාර, ගෞරව, මානන, වන්දනා, පූජාවන්වලට ඊර්ෂ්‍යයා කරනවා. ද්වේශය ඇති කරගන්නවා. ඊර්ෂ්‍යාව බැඳගන්නවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, කිසි ආනුභාවයක් නැතිකෙනෙක් වෙනවා. පින්වත් තරුණය, ඊර්ෂ්‍යයා සහගත සිතකින් යුතු කෙනෙක් වෙයිද, අනුන්ට ලැබෙන ලාභ, සත්කාර, ගෞරව, මානන, වන්දන, පූජාවන්වලට ඊර්ෂ්‍යයා කරයිද, ද්වේෂය ඇති කරගනියිද, ඊර්ෂ්‍යාව බැඳගනියිද, ඔය වැඩපිළිවෙල තමයි ආනුභාව නැතිවීම පිණිස හේතු වන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අනිස්සාමනකෝ හෝති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති මහේසක්ඛෝ හෝති. මහේසක්ඛසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං අනිස්සාමනකෝ හෝති පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු ඊර්ෂ්‍යයා සහගත සිතකින් යුතු කෙනෙක් නොවෙයි. අනුන්ට ලැබෙන ලාභ, සත්කාර, ගෞරව, මානන, වන්දනා, පූජාවන්වලට ඊර්ෂ්‍යයා කරන්නේ නෑ. ද්වේෂය ඇති කරගන්නේ නෑ. ඊර්ෂ්‍යාව බැඳගන්නේ නෑ. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, මහේශාක්‍ය වෙනවා. පින්වත් තරුණය, ඊර්ෂ්‍යයා සහගත සිතකින් යුතු කෙනෙක් නොවෙයිද, අනුන්ට ලැබෙන ලාභ, සත්කාර, ගෞරව, මානන, වන්දනා, පූජාවන්වලට ඊර්ෂ්‍යයා නොකරයිද, ද්වේෂය ඇති නොකරගනියිද, ඊර්ෂ්‍යාව නොබැඳගනියිද, ඔය වැඩපිළිවෙල තමයි මහේශාක්‍යභාවය පිණිස හේතුවන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා න දාතා හෝති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලේපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති අප්පභෝගෝ හෝති. අප්පභෝගසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං න දාතා හෝති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලේපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු දන් දෙන්නේ නෑ. ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස, තෙල් පහන් ආදිය පූජාකරගන්නේ නෑ. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, අල්ප වූ භෝග ඇති කෙනෙක් වෙනවා. පින්වත් තරුණය, දන් නොදෙයිද, ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස, තෙල් පහන් ආදිය පූජා නොකරයිද, ඔය වැඩපිළිවෙල තමයි අල්ප වූ භෝග ඇතිවීම පිණිස හේතුවන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා දාතා හෝති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලේපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, මහාභෝගෝ හෝති. මහාභෝගසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං දාතා හෝති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලේපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු දන් දෙනවා. ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස, තෙල් පහන් ආදිය පූජාකරනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, මහා භෝග සම්පත් ඇති කෙනෙක් වෙනවා. පින්වත් තරුණය, දන් දෙයි ද, ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස, තෙල් පහන් ආදිය පූජා කරයිද, ඔය වැඩපිළිවෙල තමයි මහා භෝග සම්පත් ඇතිවීම පිණිස හේතුවන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා ථද්ධෝ හෝති අතිමානී. අභිවාදේතබ්බං න අභිවාදේති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨේති, ආසනාරහස්ස න ආසනං දේති, මග්ගාරහස්ස න මග්ගං දේති, සක්කාතබ්බං න සක්කරෝති, ගරුකාතබ්බං න ගරුකරෝති, මානේතබ්බං න මානේති, පූජේතබ්බං න පූජේති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, නීචකුලීනෝ හෝති. නීචකුලීනසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං ථද්ධෝ හෝති අතිමානී, අභිවාදේතබ්බං න අභිවාදේති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨේති, ආසනාරහස්ස න ආසනං දේති, මග්ගාරහස්ස න මග්ගං දේති, සක්කාතබ්බං න සක්කරෝති, ගරුකාතබ්බං න ගරුකරෝති, මානේතබ්බං න මානේති, පූජේතබ්බං න පූජේති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු දැඩියි. අධික මාන්නයකින් යුක්තයි. වැඳිය යුත්තන්ට වඳින්නේ නෑ. දැක හුනස්නෙන් නැගිටිය යුත්තන්ට, දැක හුනස්නෙන් නැගිටින්නේ නෑ. ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් දෙන්නේ නෑ. මාර්ගයෙහි ඉඩ සැලසිය යුතු කෙනෙකුට ඒ මගට ඉඩ දෙන්නේ නෑ. සත්කාර ලැබිය යුතු කෙනෙකුට සත්කාර කරන්නේ නෑ. ගෞරව ලැබිය යුතු කෙනෙකුට ගෞරව කරන්නේ නෑ. බුහුමන් ලැබිය යුතු කෙනෙකුට බුහුමන් කරන්නේ නෑ. පිදිය යුතු කෙනෙකුට පුදන්නේ නෑ. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, නීච කුලයට අයත් කෙනෙක් වෙනවා. පින්වත් තරුණය, දැඩි වෙයිද, අධික මාන්නයකින් යුක්ත වෙයිද, වැඳිය යුත්තන්ට නොවඳියිද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තන්ට, දැක හුනස්නෙන් නොනැගිටියි ද, ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් නොදෙයිද, මාර්ගයෙහි ඉඩ සැලසිය යුතු කෙනෙකුට ඒ මගට ඉඩ නොදෙයිද, සත්කාර ලැබිය යුතු කෙනෙකුට සත්කාර නොකරයිද, ගෞරව ලැබිය යුතු කෙනෙකුට ගෞරව නොකරයිද, බුහුමන් ලැබිය යුතු කෙනෙකුට බුහුමන් නොකරයිද, පිදිය යුතු කෙනෙකුට නොපුදයිද, ඔය වැඩපිළිවෙල තමයි නීච කුලයේ ඉපදීම පිණිස හේතුවන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අත්ථද්ධෝ හෝති අනතිමානී. අභිවාදේතබ්බං අභිවාදේති, පච්චුට්ඨාතබ්බං පච්චුට්ඨේති, ආසනාරහස්ස ආසනං දේති, මග්ගාරහස්ස මග්ගං දේති, සක්කාතබ්බං සක්කරෝති, ගරුකාතබ්බං ගරුකරෝති, මානේතබ්බං මානේති, පූජේතබ්බං පූජේති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, උච්චාකුලීනෝ හෝති. උච්චාකුලීනසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං අත්ථද්ධෝ හෝති අනතිමානී, අභිවාදේතබ්බං අභිවාදේති, පච්චුට්ඨාතබ්බං පච්චුට්ඨේති, ආසනාරහස්ස ආසනං දේති, මග්ගාරහස්ස මග්ගං දේති, සක්කාතබ්බං සක්කරෝති, ගරුකාතබ්බං ගරුකරෝති, මානේතබ්බං මානේති, පූජේතබ්බං පූජේති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු දැඩි නෑ. අධික මාන්නයකින් යුක්ත නෑ. වැඳිය යුත්තන්ට වඳිනවා. දැක හුනස්නෙන් නැගිටිය යුත්තන්ට, දැක හුනස්නෙන් නැගිටිනවා. ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් දෙනවා. මාර්ගයෙහි ඉඩ සැලසිය යුතු කෙනෙකුට ඒ මගට ඉඩ දෙනවා. සත්කාර ලැබිය යුතු කෙනෙකුට සත්කාර කරනවා. ගෞරව ලැබිය යුතු කෙනෙකුට ගෞරව කරනවා. බුහුමන් ලැබිය යුතු කෙනෙකුට බුහුමන් කරනවා. පිදිය යුතු කෙනෙකුට පුදනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, උසස් කුලයට අයත් කෙනෙක් වෙනවා. පින්වත් තරුණය, දැඩි නොවෙයි ද, අධික මාන්නයකින් යුක්ත නොවෙයිද, වැඳිය යුත්තන්ට වඳියිද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තන්ට, දැක හුනස්නෙන් නැගිටියිද, ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් දෙයිද, මාර්ගයෙහි ඉඩ සැලසිය යුතු කෙනෙකුට ඒ මගට ඉඩ දෙයිද, සත්කාර ලැබිය යුතු කෙනෙකුට සත්කාර කරයිද, ගෞරව ලැබිය යුතු කෙනෙකුට ගෞරව කරයිද, බුහුමන් ලැබිය යුතු කෙනෙකුට බුහුමන් කරයිද, පිදිය යුතු කෙනෙකුට පුදයිද, ඔය වැඩපිළිවෙල තමයි උසස් කුලයේ ඉපදීම පිණිස හේතුවන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා න පරිපුච්ඡිතා හෝති: කිං භන්තේ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සේවිතබ්බං, කිං න සේවිතබ්බං, කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝති, කිං වා පන මේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හෝතීති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, දුප්පඤ්ඤෝ හෝති. දුප්පඤ්ඤසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා න පරිපුච්ඡිතා හෝති. කිං භන්තේ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සේවිතබ්බං, කිං න සේවිතබ්බං, කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝති, කිං වා පන මේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හෝතීති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු ශ්‍රමණයෙකු ළඟට හෝ, බ්‍රාහ්මණයෙකු ළඟට හෝ ගිහින් මෙහෙම අහන්නේ නෑ. ඒ කියන්නේ ‘ස්වාමීනී, කුසල් මොනවාද? අකුසල් මොනවාද? වැරදි දේ මොනවාද? නිවැරදි දේ මොනවාද? සේවනය කළ යුතු දේ මොනවාද? සේවනය නොකළ යුතු දේ මොනවාද? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් අහිත පිණිස, දුක පිණිස පවතින්නේ? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතින්නේ?’ කියලා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, ප්‍රඥා රහිත කෙනෙක් වෙනවා. පින්වත් තරුණය, ශ්‍රමණයෙකු ළඟට හෝ, බ්‍රාහ්මණයෙකු ළඟට හෝ ගිහින් මෙහෙම නොඅසයිද, ඒ කියන්නේ ‘ස්වාමීනී, කුසල් මොනවාද? අකුසල් මොනවාද? වැරදි දේ මොනවාද? නිවැරදි දේ මොනවාද? සේවනය කළ යුතු දේ මොනවාද? සේවනය නොකළ යුතු දේ මොනවාද? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් අහිත පිණිස, දුක පිණිස පවතින්නේ? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතින්නේ?’ කියලා. ඔය වැඩපිළිවෙල තමයි ප්‍රඥා රහිත බව පිණිස හේතු වන්නේ.

ඉධ පන මාණව, ඒකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා පරිපුච්ඡිතා හෝති. කිං භන්තේ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සේවිතබ්බං, කිං න සේවිතබ්බං, කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝති, කිං වා පන මේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හෝතීති. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. නෝ චේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, සචේ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, මහාපඤ්ඤෝ හෝති. මහාපඤ්ඤසංවත්තනිකා ඒසා මාණව, පටිපදා යදිදං සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා පරිපුච්ඡිතා හෝති. කිං භන්තේ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සේවිතබ්බං, කිං න සේවිතබ්බං, කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝති, කිං වා පන මේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හෝතීති.

පින්වත් තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ඔහු ශ්‍රමණයෙකු ළඟට හෝ, බ්‍රාහ්මණයෙකු ළඟට හෝ ගිහින් මෙහෙම අහනවා. ඒ කියන්නේ ‘ස්වාමීනී, කුසල් මොනවාද? අකුසල් මොනවාද? වැරදි දේ මොනවාද? නිවැරදි දේ මොනවාද? සේවනය කළ යුතු දේ මොනවාද? සේවනය නොකළ යුතු දේ මොනවාද? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් අහිත පිණිස, දුක පිණිස පවතින්නේ? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතින්නේ?’ කියලා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ නැත්නම්, ඉදින් ආයෙමත් මනුෂ්‍ය ජීවිතයකට පත්වෙනවා නම්, යම් යම් තැනක උපදිනවා නම්, මහා ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. පින්වත් තරුණය, ශ්‍රමණයෙකු ළඟට හෝ, බ්‍රාහ්මණයෙකු ළඟට හෝ ගිහින් මෙහෙම අසයිද, ඒ කියන්නේ ‘ස්වාමීනී, කුසල් මොනවාද? අකුසල් මොනවාද? වැරදි දේ මොනවාද? නිවැරදි දේ මොනවාද? සේවනය කළ යුතු දේ මොනවාද? සේවනය නොකළ යුතු දේ මොනවාද? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් අහිත පිණිස, දුක පිණිස පවතින්නේ? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතින්නේ?’ කියලා. ඔය වැඩපිළිවෙල තමයි මහා ප්‍රඥාවන්ත බව පිණිස හේතුවන්නේ.

ඉති ඛෝ මාණව, අප්පායුකසංවත්තනිකා පටිපදා අප්පායුකත්තං උපනේති. දීඝායුකසංවත්තනිකා පටිපදා දීඝායුකත්තං උපනේති. බව්හාබාධසංවත්තනිකා පටිපදා බව්හාබාධත්තං උපනේති. අප්පාබාධසංවත්තනිකා පටිපදා අප්පාබාධත්තං උපනේති. දුබ්බණ්ණසංවත්තනිකා පටිපදා දුබ්බණ්ණත්තං උපනේති. පාසාදිකසංවත්තනිකා පටිපදා පාසාදිකත්තං උපනේති. අප්පේසක්ඛසංවත්තනිකා පටිපදා අප්පේසක්ඛත්තං උපනේති. මහේසක්ඛසංවත්තනිකා පටිපදා මහේසක්ඛත්තං උපනේති. අප්පභෝගසංවත්තනිකා පටිපදා අප්පභෝගත්තං උපනේති. මහාභෝගසංවත්තනිකා පටිපදා මහාභෝගත්තං උපනේති. නීචකුලීනසංවත්තනිකා පටිපදා නීචකුලීනත්තං උපනේති. උච්චාකුලීනසංවත්තනිකා පටිපදා උච්චාකුලීනත්තං උපනේති. දුප්පඤ්ඤසංවත්තනිකා පටිපදා දුප්පඤ්ඤත්තං උපනේති. මහාපඤ්ඤසංවත්තනිකා පටිපදා මහාපඤ්ඤත්තං උපනේති.

පින්වත් තරුණය, ඔය විදිහට අල්පායුෂ ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි අල්පායුෂ්ක බවට පත්වෙන්නේ. දීර්ඝායුෂ ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි දීර්ඝායුෂ්ක බවට පත්වෙන්නේ. බොහෝ ආබාධ ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි බොහෝ ආබාධ ඇති බවට පත්වෙන්නේ. අල්පාබාධ ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි අල්පාබාධ බවට පත්වෙන්නේ. දුර්වර්ණභාවය ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි විරූපී බවට පත්වෙන්නේ. දුටුවන් පහදවන රුව ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි දුටුවන් පහදවන රුව ඇති බවට පත්වෙන්නේ. අල්පේශාක්‍යබව ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි අල්පේශාක්‍ය බවට පත්වෙන්නේ. මහේශාක්‍ය බව ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසයි මහේශාක්‍ය බවට පත්වෙන්නේ. අල්පභෝග බව ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්තවීම නිසයි අල්පභෝග බවට පත්වෙන්නේ. මහා භෝග බව ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්තවීම නිසයි මහා භෝග බවට පත්වෙන්නේ. නීච කුලයෙහි ඉපදීම පිණිස ඇති ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිස යි නීච කුල ඇති බවට පත්වෙන්නේ. උසස් කුලයෙහි ඉපදීම පිණිස ඇති ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිස යි උසස් කුලීන බවට පත්වෙන්නේ. දුෂ්ප්‍රාඥ බව ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිස යි දුෂ්ප්‍රාඥ බවට පත්වෙන්නේ. මහා ප්‍රඥාවන්ත බව ඇතිවෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිස යි මහා ප්‍රඥාවන්ත බවට පත්වෙන්නේ.

කම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයෝනී කම්මබන්ධූ කම්මප්පටිසරණා, කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතායාති.

පින්වත් තරුණය, සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දෙය කරගෙනයි. කර්මය දායාදය කොටගෙනයි. කර්මය උත්පත්ති ස්ථානය කොටගෙනයි. කර්මය ඤාතියා කොටගෙනයි. කර්මය පිළිසරණ කොටගෙනයි. මේ ළාමක උසස් ස්වභාවයට සත්වයන්ව බෙදන්නේ කර්මයයි.

ඒවං වුත්තේ සුභෝ මාණවෝ තෝදෙය්‍යපුත්තෝ භගවන්තං ඒතදවෝච. අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම, සෙය්‍යථාපි භෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ වදාළ කල්හි තෝදෙය්‍ය පුත්‍ර වූ සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, මේ ගැන මට මේ විදියටයි හිතෙන්නෙ.

යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වූවා වගෙයි. අඳුරේ සිටින උදවියට රූප දකින්න තෙල් පහන් දැල්වූවා වගෙයි. ඔන්න ඔය විදිහටයි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවනත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

චූළකම්මවිභංගසුත්තං පඤ්චමං.

කර්ම විග්‍රහය පිළිබඳව වදාළ කෙටි දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M