මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.4. ලෝමසකංගිය භද්දේකරත්ත සුත්තං

3.4.4. සොඳුරු හුදෙකලාවෙහි ඇලී සිටීම ගැන ලෝමසකංගිය තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා ලෝමසකංගියෝ සක්කේසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රෝධාරාමේ. අථ ඛෝ චන්දනෝ දේවපුත්තෝ අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණෝ කේවලකප්පං නිග්‍රෝධාරාමං ඕභාසෙත්වා යේනායස්මා ලෝමසකංගියෝ තේනුපසංකමි. උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ චන්දනෝ දේවපුත්තෝ ආයස්මන්තං ලෝමසකංගියං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයේ. එසමයෙහි ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් වැඩසිටියේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයේ.

එදා රාත්‍රියෙහි චන්දන දිව්‍යපුත්‍රයා ඉතා මනස්කාන්ත වර්ණයකින් යුතුව මුළුමහත් නිග්‍රෝධාරාමයම බබුලුවාගෙන ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් වෙත පැමිණුනා. පැමිණ එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි ඒ චන්දන දිව්‍යපුත්‍රයා ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන්ට මෙය පැවසුවා.

ධාරේසි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්චාති. න ඛෝ අහං ආවුසෝ, ධාරේමි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච.

“පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?” “ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව.”

ත්වං පනාවුසෝ, ධාරේසි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්චාති.

“ආයුෂ්මත, එතකොට ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?”

අහම්පි ඛෝ භික්ඛු, න ධාරේමි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච.

“පින්වත් භික්ෂුව, මටත් සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව.

ධාරේසි පන ත්වං භික්ඛු, භද්දේකරත්තියෝ ගාථාති.

පින්වත් භික්ෂුව, එහෙම නම් ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?”

න ඛෝ අහං ආවුසෝ, ධාරේමි භද්දේකරත්තියෝ ගාථා.

“ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකත් නැහැ.

ත්වං පනාවුසෝ, ධාරේසි භද්දේකරත්තියෝ ගාථාති.

ආයුෂ්මත, ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?”

ධාරේමි ඛෝ අහං භික්ඛු, භද්දේකරත්තියෝ ගාථාති.

“පින්වත් භික්ෂුව, මම සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතක තබාගෙන යි ඉන්නේ.”

යථා කථං පන ත්වං ආවුසෝ, ධාරේසි භද්දේකරත්තියෝ ගාථාති.

“ආයුෂ්මත, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව ගාථා මතක තබාගෙන ඉන්නේ කුමන අයුරින්ද?”

ඒකමිදං භික්ඛු සමයං භගවා දේවේසු තාවතිංසේසු විහරති පාරිච්ඡත්තකමූලේ පණ්ඩුකම්බලසිලායං. තත්‍ර භගවා දේවානං තාවතිංසානං භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසි:

“පින්වත් භික්ෂුව, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍ය විමානයෙහි පරසතු රුක් මුල පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩසිටි සේක. එහිදී තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තව්තිසාවෙහි දෙවියන් අරභයා සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව, මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙනුත් වදාළේ.

අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛේ අනාගතං,
යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියාද, එය නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද, එය තවම පැමිණිලා නෑ.

පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති,
අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෑහයේ.

යම් දෙයක් වර්තමානයෙහි තිබෙනවාද, ඒ ඒ අවස්ථාවෙදි නුවණින් විමසා බලනවා. කෙලෙස්වලට ඇදිලා යන්නෙ නෑ. කෙලෙස් සමඟ එකතු වී ඇවිස්සෙන්නේ නෑ. නුවණැති කෙනා ඔය විදිහටයි විදසුන් වඩන්නේ.

අජ්ජේව කිච්චමාතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ,
න හි නෝ සංගරං තේන මහාසේනේන මච්චුනා.

අදම යි කෙලෙස් තවන වීරියෙන් මෙය කළ යුත්තේ. හෙට මරණයට පත් වේදැයි කවුද දන්නේ. මහත් වූ සේනා ඇති මාරයා සමඟ කිසි ගිවිසුමක් ගසා නැහැ නෙව.

ඒවං විහාරිං ආතාපිං අහෝරත්තමතන්දිතං,
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

ඔය අයුරින් ධර්මයෙහි හැසිරෙන, කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දහවල් දෙකෙහිම කම්මැලි නොවී වාසය කරනවාද, ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි ශාන්ත වූ මුනිරජාණන් පවසන්නේ.”

ඒවං ඛෝ අහං භික්ඛු, ධාරේමි භද්දේකරත්තියෝ ගාථා. උග්ගණ්හාහි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච. පරියාපුණාහි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච. ධාරේහි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච. අත්ථසංහිතෝ භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසෝ ච විභංගෝ ච ආදිබ්‍රහ්මචරියකෝති. ඉදමවෝච චන්දනෝ දේවපුත්තෝ. ඉදං වත්වා තත්ථේවන්තරධායි.

පින්වත් භික්ෂුව, මම මේ විදිහටයි සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතක තබාගෙන ඉන්නේ. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් ඉගෙන ගන්න. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් හොඳින් පාඩම් කරගන්න. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් හොඳින් මතක තබාගන්න. පින්වත් භික්ෂුව, සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් නිවන් මඟට මුල් වෙනවාම යි. අර්ථවත්ම යි.” ඒ චන්දන දිව්‍යපුත්‍රයා මෙය පැවසුවා. මෙය පවසා එහිම නොපෙනී ගියා.

අථ ඛෝ ආයස්මා ලෝමසකංගියෝ තස්සා රත්තියා අච්චයේන සේනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යේන සාවත්ථි තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන සාවත්ථි ජේතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමෝ, යේන භගවා, තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ලෝමසකංගියෝ භගවන්තං ඒතදවෝච:

එතකොට ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් ඒ රාත්‍රිය ඇවෑමෙන් කුටිය අස්පස් කොට පාත්‍ර සිවුරු රැගෙන සැවැත් නුවර බලා පිටත් වුනා. අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයට වැඩියා. වැඩමකොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

‘ඒකමිදාහං භන්තේ, සමයං සක්කේසු විහරාමි කපිලවත්ථුස්මිං නිග්‍රෝධාරාමේ. අථ ඛෝ භන්තේ, අඤ්ඤතරෝ දේවපුත්තෝ අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණෝ කේවලකප්පං නිග්‍රෝධාරාමං ඕභාසෙත්වා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ භන්තේ, සෝ දේවපුත්තෝ මං ඒතදවෝච: ‘ධාරේසි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්චා’ති. ඒවං වුත්තේ අහං භන්තේ තං දේවපුත්තං ඒතදවෝචං: ‘න ඛෝ අහං ආවුසෝ, ධාරේමි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච. ත්වං පනාවුසෝ ධාරේසි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්චා’ති. අහම්පි ඛෝ භික්ඛු, න ධාරේමි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච. ධාරේසි පන ත්වං භික්ඛු, භද්දේකරත්තියෝ ගාථා’ති. න ඛෝ අහං ආවුසෝ, ධාරේමි භද්දේකරත්තියෝ ගාථා. ත්වං පනාවුසෝ ධාරේසි භද්දේකරත්තියෝ ගාථාති. ධාරේමි ඛෝ අහං භික්ඛු, භද්දේකරත්තියෝ ගාථාති. යථා කථං පන ත්වං ආවුසෝ, ධාරේසි භද්දේකරත්තියෝ ගාථාති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ දිනවල මං වැඩසිටියේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයේ. ස්වාමීනී, එදා රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් ඉතා මනස්කාන්ත වර්ණයකින් යුතුව මුළුමහත් නිග්‍රෝධාරාමයම බබුළුවාගෙන මා වෙත පැමිණුනා. පැමිණ එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි ඒ දිව්‍යපුත්‍රයා මට මෙය පැවසුවා.

‘පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?’ කියලා. එසේ පැවසූ විට ස්වාමීනී, මං ඒ දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා. ‘ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව’ කියලා.

‘ආයුෂ්මත, එතකොට ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක තබාගෙනද ඉන්නේ?’

‘පින්වත් භික්ෂුව, මටත් සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් මතක නැහැ නෙව.

පින්වත් භික්ෂුව, එහෙම නම් ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?’ ‘ආයුෂ්මත, මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකත් නැහැ.

ආයුෂ්මත, ඔබට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතකද?’ ‘පින්වත් භික්ෂුව, මම සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතක තබාගෙනයි ඉන්නේ’

ඒකමිදං භික්ඛු, සමයං භගවා දේවේසු තාවතිංසේසු විහරති පාරිච්ඡත්තකමූලේ පණ්ඩුකම්බලසිලායං. තත්‍ර ඛෝ භගවා දේවානං තාවතිංසානං භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසි:

පින්වත් භික්ෂුව, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍ය විමානයෙහි පරසතු රුක් මුල පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩසිටි සේක. එහිදී තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තව්තිසාවෙහි දෙවියන් අරභයා සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් වදාළේ.

අතීතං නාන්වාගමෙය්‍ය -පෙ-
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”

ඒවං ඛෝ අහං භික්ඛු, ධාරේමි භද්දේකරත්තියෝ ගාථා. උග්ගණ්හාහි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච, පරියාපුණාහි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච. ධාරේහි ත්වං භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච. අත්ථසංහිතෝ භික්ඛු, භද්දේකරත්තස්ස උද්දේසෝ ච විභංගෝ ච ආදිබ්‍රහ්මචරියකෝති. ඉදමවෝච සෝ භන්තේ, දේවපුත්තෝ, ඉදං වත්වා තත්ථේවන්තරධායි. සාධු මේ භන්තේ, භගවා භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච දේසේතූ’ති.

පින්වත් භික්ෂුව, මම මේ විදිහටයි සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳ ගාථාවන් මතක තබාගෙන ඉන්නේ. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් ඉගෙන ගන්න. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් හොඳින් පාඩම් කරගන්න. පින්වත් භික්ෂුව, ඔබ සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් දැනගැනීමත් හොඳින් මතක තබාගන්න. පින්වත් භික්ෂුව, සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් නිවන් මඟට මුල් වෙනවාම යි. අර්ථවත්ම යි.” ස්වාමීනී, ඒ දිව්‍යපුත්‍රයා මෙය පැවසුවා. මෙය පවසා එහිම නොපෙනී ගියා.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට සොඳුරු හුදෙකලාවට ඇලුණු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාගයත් දේශනා කරන සේක් නම් ඉතා මැනැවි.”

ජානාසි පන ත්වං භික්ඛු, තං දේවපුත්ත’න්ති. න ඛෝ අහං භන්තේ, ජානාමි තං දේවපුත්තන්ති.

“පින්වත් භික්ෂුව, ඔබ ඒ දිව්‍ය පුත්‍රයාව දන්නවාද?”

“නැහැ, ස්වාමීනී, මං ඒ දිව්‍ය පුත්‍රයාව දන්නේ නෑ.”

චන්දනෝ නාම සෝ භික්ඛු, දේවපුත්තෝ. චන්දනෝ භික්ඛු, දේවපුත්තෝ අට්ඨීකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති. තේන හි භික්ඛු, සුණාහි. සාධුකං මනසි කරෝහි. භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ ආයස්මා ලෝමසකංගියෝ භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

“පින්වත් භික්ෂුව, ඔහු තමයි චන්දන දිව්‍ය පුත්‍රයා. පින්වත් භික්ෂුව ඔය චන්දන දිව්‍ය පුත්‍රයා ඉතා හොඳට අවධානය යොමු කොට, මෙනෙහි කොට, මුළු සිතම බලවත්ව යොමු කරගෙනයි, කන් යොමා ගෙනයි බණ ඇසුවේ.

එසේ වී නම් පින්වත් භික්ෂුව එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියා ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛේ අනාගතං, -පෙ-
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”

කථඤ්ච භික්ඛු, අතීතං අන්වාගමේති: ඒවංරූපෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති. ඒවංවේදනෝ අහෝසිං -පෙ- ඒවංසඤ්ඤෝ අහෝසිං -පෙ- ඒවංසංඛාරෝ අහෝසිං -පෙ-ඒවංවිඤ්ඤාණෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති. ඒවං ඛෝ භික්ඛු, අතීතං අන්වාගමේති.

පින්වත් භික්ෂුව, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ කොහොමද? ‘මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඳීම් ඇතිවයි’ ….(පෙ)…. මෙබඳු සඤ්ඤා ඇතිවයි ….(පෙ)…. මෙබඳු සංස්කාර ඇතිවයි ….(පෙ)…. මෙබඳු විඤ්ඤාණයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. පින්වත් භික්ෂුව, මෙයට තමයි කියන්නේ අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙනවා කියලා.

කථඤ්ච භික්ඛු, අතීතං නාන්වාගමේති: ඒවංරූපෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවංවේදනෝ අහෝසිං -පෙ- ඒවංසඤ්ඤෝ අහෝසිං -පෙ- ඒවංසංඛාරෝ අහෝසිං -පෙ- ඒවංවිඤ්ඤාණෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවං ඛෝ භික්ඛු, අතීතං නාන්වාගමේති.

පින්වත් භික්ෂුව, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙන්නේ කොහොමද? ‘මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඳීම් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සඤ්ඤා ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සංස්කාර ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඤ්ඤාණයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. පින්වත් භික්ෂුව, මෙයට තමයි කියන්නේ අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙනවා කියලා.

කථඤ්ච භික්ඛු, අනාගතං පටිකංඛති: ඒවංරූපෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති. ඒවංවේදනෝ සියං -පෙ- ඒවංසඤ්ඤෝ සියං -පෙ- ඒවංසංඛාරෝ සියං -පෙ-ඒවංවිඤ්ඤාණෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති. ඒවං ඛෝ භික්ඛු, අනාගතං පටිකංඛති.

පින්වත් භික්ෂුව, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මට මෙබඳු වූ රූපයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘අනාගතයෙහි මට මෙබඳු වූ විඳීමක් ….(පෙ)…. මෙබඳු වූ සඤ්ඤාවක් ….(පෙ)…. මෙබඳු වූ සංස්කාර ….(පෙ)…. මෙබඳු වූ විඤ්ඤාණයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. පින්වත් භික්ෂුව, මෙයට තමයි කියන්නේ ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතනවා කියලා.

කථඤ්ච භික්ඛු, අනාගතං න පටිකංඛති: ඒවංරූපෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවංවේදනෝ සියං -පෙ- ඒවංසඤ්ඤෝ සියං -පෙ- ඒවංසංඛාරෝ සියං -පෙ-ඒවංවිඤ්ඤාණෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවං ඛෝ භික්ඛු, අනාගතං න පටිකංඛති.

පින්වත් භික්ෂුව, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මට මෙබඳු වූ රූපයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘අනාගතයෙහි මට මෙබඳු වූ විඳීමක් ….(පෙ)…. මෙබඳු වූ සඤ්ඤාවක් ….(පෙ)…. මෙබඳු වූ සංස්කාර ….(පෙ)…. මෙබඳු වූ විඤ්ඤාණයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. පින්වත් භික්ෂුව, මෙයට තමයි කියන්නේ ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතනවා කියලා.

කථඤ්ච භික්ඛු, පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති: ඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවි අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වේදනං -පෙ- සඤ්ඤං -පෙ- සංඛාරේ -පෙ- විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං , විඤ්ඤාණස්මිං වා අත්තානං. ඒවං ඛෝ භික්ඛු, පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති.

පින්වත් භික්ෂුව, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ කොහොමද? පින්වත් භික්ෂුව, මෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂත් නැහැ. ආර්ය ධර්මයෙහි හික්මිලත් නෑ. සත්පුරුෂයන් හඳුනන්නේ නෑ. සත්පුරුෂ ධර්මයට දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලත් නෑ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. විඳීම ….(පෙ)…. හඳුනාගැනීම ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. පින්වත් භික්ෂුව, ඔය විදිහටයි වර්තමානයෙහි හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ.

කථඤ්ච භික්ඛු, පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති: ඉධ භික්ඛු, සුතවා අරියසාවකෝ අරියානං දස්සාවි අරියධම්මස්ස කෝවිfදා් අරියධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිසධම්මස්ස කෝවිදෝ සප්පුරිසධම්මේ සුවිනීතෝ, න රූපං අත්තතෝ සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වේදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සංඛාරේ -පෙ- න විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. ඒවං ඛෝ භික්ඛු, පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති.

පින්වත් භික්ෂුව, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නො යන්නේ කොහොමද? පින්වත් භික්ෂුව, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි හික්මිලා ඉන්නේ. සත්පුරුෂයන් හඳුනනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලා ඉන්නේ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකින්නේ නෑ. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නෑ. විඳීම ….(පෙ)…. හඳුනාගැනීම ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකින්නේ නෑ. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියලා හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නෑ. පින්වත් භික්ෂුව, ඔය විදිහටයි වර්තමානයෙහි හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ.

අතීතං නාන්වාගමෙය්‍ය -පෙ-
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා ලෝමසකංගියෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ලෝමසකංගිය භද්දේකරත්ත සුත්තං චතුත්ථං.

සොඳුරු හුදෙකලාවේ ඇලී සිටීම ගැන ලෝමසකංගිය තෙරුන්ට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M