මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.2. ආනන්ද භද්දේකරත්ත සුත්තං

3.4.2. සොඳුරු හුදෙකලාවෙහි ඇලී සිටීම ගැන ආනන්ද තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා ආනන්දෝ උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහංසේති. භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච භාසති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එසමයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ උපස්ථාන ශාලාවෙහිදී භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දක්වනවා, සමාදන් කරවනවා, උත්සාහවත් කරනවා, සතුටු කරවනවා. ඒ වගේම සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියා දෙනවා.

අථ ඛෝ භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතෝ යේන උපට්ඨානසාලා තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි ‘කෝ නු ඛෝ භික්ඛවේ උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි, භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසී’ති.

එදා භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වත් මහණෙනි, දැන් කවුද උපස්ථාන ශාලාවෙහිදී භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූයේ, සමාදන් කරවූයේ, උත්සාහවත් කරවූයේ, සතුටු කරවූයේ. ඒ වගේම සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියාදුන්නේ?”

‘ආයස්මා භන්තේ, ආනන්දෝ උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසී’ති.

“ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ තමයි උපස්ථාන ශාලාවෙහිදී භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූයේ, සමාදන් කරවූයේ, උත්සාහවත් කරවූයේ, සතුටු කරවූයේ. ඒ වගේම සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියාදුන්නේ.”

අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි ‘යථා කථං පන ත්වං ආනන්ද, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසී’ති?

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් අමතා වදාළා. “පින්වත් ආනන්දයෙනි, ඔබ කොයි ආකාරයෙන්ද, භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූයේ, සමාදන් කරවූයේ, උත්සාහවත් කරවූයේ, සතුටු කරවූයේ. ඒ වගේම සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියාදුන්නේ?”

ඒවං ඛෝ අහං භන්තේ, භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සේසිං සමාදපේසිං සමුත්තේජේසිං සම්පහංසේසිං භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසිං:

“ස්වාමීනී, මං මෙන්න මේ විදිහටයි භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූයේ, සමාදන් කරවූයේ, උත්සාහවත් කරවූයේ, සතුටු කරවූයේ. ඒ වගේම සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියාදුන්නේ.”

අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංබේ අනාගතං,
යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. යමක් අතීතයට ගියාද, එය නැතිවෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද, එය තවම පැමිණිලා නෑ.

පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති,
අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෑහයේ.

යම් දෙයක් වර්තමානයෙහි තිබෙනවාද, ඒ ඒ අවස්ථාවේදී නුවණින් විමසා බලනවා. කෙලෙස්වලට ඇදිලා යන්නෙ නෑ. කෙලෙස් සමඟ එකතු වී ඇවිස්සෙන්නේ නෑ. නුවණැති කෙනා ඔය විදිහටයි විදසුන් වඩන්නේ.

අජ්ජේව කිච්චං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ,
න හි නෝ සංගරං තේන මහාසේනේන මච්චුනා.

අදම යි කෙලෙස් තවන වීරියෙන් මෙය කළ යුත්තේ. හෙට මරණයට පත්වේදැයි කවුද දන්නේ. මහත් වූ සේනා ඇති මාරයා සමඟ කිසි ගිවිසුමක් ගසා නැහැ නෙව.

ඒවං විහාරිං ආතාපිං අහෝරත්තමතන්දිතං,
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

ඔය අයුරින් ධර්මයෙහි හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දහවල් දෙකෙහිම කම්මැලි නොවී වාසය කරනවාද, ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”

කථඤ්චාවුසෝ අතීතං අන්වාගමේති: ඒවංරූපෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති. ඒවංවේදනෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති. -පෙ- ඒවං ඛෝ ආවුසෝ අතීතං අන්වාගමේති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ කොහොමද? ‘මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඳීම් ඇතිවයි’ ….(පෙ)…. මෙබඳු සඤ්ඤා ඇතිවයි ….(පෙ)…. මෙබඳු සංස්කාර ඇතිවයි ….(පෙ)…. මෙබඳු විඤ්ඤාණයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි කියන්නේ අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙනවා කියලා.

කථඤ්චාවුසෝ අතීතං නාන්වාගමේති: ඒවංරූපෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවංවේදනෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවංසඤ්ඤෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවංසංඛාරෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවංවිඤ්ඤාණෝ අහෝසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවං ඛෝ ආවුසෝ අතීතං නාන්වාගමේති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙන්නේ කොහොමද? ‘මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඳීම් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සඤ්ඤා ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු සංස්කාර ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘මං ඉස්සර හිටියේ මෙබඳු විඤ්ඤාණයක් ඇතිවයි’ කියල අතීතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි කියන්නේ අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙනවා කියලා.

කථඤ්චාවුසෝ අනාගතං පටිකංඛති: ඒවංරූපෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති ඒවංවේදනෝ සියං -පෙ- ඒවංසඤ්ඤෝ සියං -පෙ- ඒවංසංඛාරෝ සියං -පෙ- ඒවංවිඤ්ඤාණෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානේති. ඒවං ඛෝ ආවුසෝ, අනාගතං පටිකංඛති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මට මෙබඳු වූ රූපයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ‘අනාගතයෙහි මට මෙබඳු වූ විඳීමක් ….(පෙ)…. මෙබඳු වූ සඤ්ඤාවක් ….(පෙ)…. මෙබඳු වූ සංස්කාර ….(පෙ)…. මෙබඳු වූ විඤ්ඤාණයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි කියන්නේ ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතනවා කියලා.

කථඤ්චාවුසෝ අනාගතං නප්පටිකංඛති: ඒවංරූපෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවංවේදනෝ සියං -පෙ- ඒවංසඤ්ඤෝ සියං -පෙ- ඒවංසංඛාරෝ සියං -පෙ- ඒවංවිඤ්ඤාණෝ සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානේති. ඒවං ඛෝ ආවුසෝ, අනාගතං නප්පටිකංඛති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ කොහොමද? ‘අනාගතයෙහි මට මෙබඳු වූ රූපයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ‘අනාගතයෙහි මට මෙබඳු වූ විඳීමක් ….(පෙ)…. මෙබඳු වූ සඤ්ඤාවක් ….(පෙ)…. මෙබඳු වූ සංස්කාර ….(පෙ)…. මෙබඳු වූ විඤ්ඤාණයක් ඇතිවෙනවා නම්’ කියල අනාගතය අරභයා ආශ්වාදය පිහිටුවාගෙන සිතන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි කියන්නේ ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතනවා කියලා.

කථඤ්චාවුසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති: ඉධාවුසෝ අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවී අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වේදනං -පෙ- සඤ්ඤං -පෙ- සංඛාරේ -පෙ- විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. ඒවං ඛෝ ආවුසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂත් නැහැ. ආර්ය ධර්මයෙහි හික්මිලත් නෑ. සත්පුරුෂයන් හඳුනන්නේ නෑ. සත්පුරුෂ ධර්මයට දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලත් නෑ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. විඳීම ….(පෙ)…. හඳුනාගැනීම ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය විදිහටයි වර්තමානයෙහි හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ.

කථඤ්චාවුසෝ, පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති: ඉධාවුසෝ, සුතවා අරියසාවකෝ අරියානං දස්සාවී අරියධම්මස්ස කෝවිදෝ අරියධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කෝවිදෝ සප්පුරිසධම්මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්සති. න රූපවන්තං වා අත්තානං, නාත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වේදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සංඛාරේ -පෙ- න විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. ඒවං ඛො ආවුසෝ පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි හික්මිලා ඉන්නේ. සත්පුරුෂයන් හඳුනනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයෙහි හික්මිලා ඉන්නේ. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකින්නේ නෑ. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ රූපය තියෙනවා කියල හෝ රූපය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නෑ. විඳීම ….(පෙ)…. හඳුනාගැනීම ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය හැටියට මුලාවෙන් දකින්නේ නෑ. විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුළ විඤ්ඤාණය තියෙනවා කියල හෝ විඤ්ඤාණය තුළ ආත්මය තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය විදිහටයි වර්තමානයෙහි හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ.

අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංබේ අනාගතං, -පෙ-
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”

ඒවං ඛෝ අහං භන්තේ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සේසිං සමාදපේසිං සමුත්තේජේසිං සම්පහංසේසිං භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසින්ති.

ස්වාමීනී, ඔන්න ඔය විදිහටයි මං භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූයේ, සමාදන් කරවූයේ, උත්සාහවත් කරවූයේ, සතුටු කරවූයේ. ඒ වගේම සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියාදුන්නේ.”

සාධු සාධු ආනන්ද, සාධු ඛෝ ත්වං ආනන්ද භික්ඛූ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි භද්දේකරත්තස්ස උද්දේසඤ්ච විභංගඤ්ච අභාසි.

“සාදු! සාදු! පින්වත් ආනන්ද, ඔබ භික්ෂූන් වහන්සේලාට මනාකොට දැහැමි කතාවෙන් කරුණු දක්වලා තියෙනවා. සමාදන් කරවලා තියෙනවා. උත්සාහවත් කරවලා තියෙනවා. සතුටු කරවලා තියෙනවා. ඒ වගේම සොඳුරු වූ හුදෙකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත්, විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කියාදීලා තියෙනවා.”

අතීතං නාන්වාගමෙය්‍ය -පෙ-
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”

කථඤ්චානන්ද, අතීතං අන්වාගමේති? -පෙ- ඒවං ඛෝ ආනන්ද, අතීතං අන්වාගමේති. කථඤ්චානන්ද අතීතං නාන්වාගමේති? -පෙ- ඒවං ඛෝ, ආනන්ද, අතීතං නාන්වාගමේති. කථඤ්ච, ආනන්ද, අනාගතං පටිකංඛති? -පෙ- ඒවං ඛෝ ආනන්ද, අනාගතං පටිකංඛති. කථඤ්චානන්ද අනාගතං නප්පටිකංඛති? -පෙ- ඒවං ඛෝ ආනන්ද, අනාගතං නප්පටිකංඛති. කථඤ්චානන්ද, පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති: -පෙ- ඒවං ඛෝ ආනන්ද, පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති. කථඤ්ච ආනන්ද, පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති: -පෙ- ඒවං ඛෝ ආනන්ද, පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති.

පින්වත් ආනන්ද, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ කොහොමද? ….(පෙ)…. ඔය විදිහටයි පින්වත් ආනන්ද, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ.

පින්වත් ආනන්ද, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙන්නේ කොහොමද? ….(පෙ)…. ඔය විදිහටයි පින්වත් ආනන්ද, අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් නොවෙන්නේ.

පින්වත් ආනන්ද, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ කොහොමද? ….(පෙ)…. ඔය විදිහටයි පින්වත් ආනන්ද, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නේ.

පින්වත් ආනන්ද, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ කොහොමද? ….(පෙ)…. ඔය විදිහටයි පින්වත් ආනන්ද, ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ.

පින්වත් ආනන්ද, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ කොහොමද? ….(පෙ)…. ඔය විදිහටයි, පින්වත් ආනන්ද, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ.

පින්වත් ආනන්ද, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ කොහොමද? ….(පෙ)…. ඔය විදිහටයි, පින්වත් ආනන්ද, වර්තමානය තුළ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ.

අතීතං නාන්වාගමෙය්‍ය -පෙ-
තං වේ භද්දේකරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති.

“අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නෑ. ආශ්වාදය තුළ දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නෑ. ….(පෙ)…. ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු වූ හුදෙකලාවෙහි ඇලුණු කෙනා කියලයි මුනිරජාණන් පවසන්නේ.”

ඉදමවෝච භගවා, අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද භද්දේකරත්ත සුත්තං දුතියං.

සොඳුරු හුදෙකලාවේ ඇලී සිටීම පිළිබඳව ආනන්ද තෙරුන්ට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M