මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.3.9. බාලපණ්ඩිත සුත්තං

3.3.9. බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” යැයි කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

තීණිමානි භික්ඛවේ, බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි. කතමානි තීණි: ඉධ භික්ඛවේ, බාලෝ දුච්චින්තිතචින්තී ච හෝති දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච. නෝ චේතං භික්ඛවේ, බාලෝ දුච්චින්තිතචින්තී ච අභවිස්ස දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච කේන නං පණ්ඩිතා ජානෙය්‍යුං: බාලෝ අයං භවං අසප්පුරිසෝ’ති යස්මා ච ඛෝ භික්ඛවේ, බාලෝ දුච්චින්තිතචින්තී ච හෝති දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච, තස්මා නං පණ්ඩිතා ජානන්ති: බාලෝ අයං භවං අසප්පුරිසෝති.

“පින්වත් මහණෙනි, පවිටු බාලයා තුළ ඒ අසත්පුරුෂ බාල බව පෙන්වන ලක්ෂණ, ඒ අසත්පුරුෂ බාල බව දැනගත හැකි නිමිති, ඒ අසත්පුරුෂ බාල බව ඉස්මතු වෙන චරියාවන් තුනක් තියෙනවා. පින්වත් මහණෙනි, අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලිම යි සිතන්නේ. දුෂ්ට දේවල්ම යි කියන්නේ. දුෂ්ට වැඩම යි කරන්නේ. පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතන්නේ නැත්නම්, දුෂ්ට වචන කියන්නේ නැත්නම්, දුෂ්ට වැඩ කරන්නේ නැත්නම් සත්පුරුෂ පණ්ඩිතයෙකුට මේ ‘භවත් මොහු වනාහී අසත්පුරුෂයෙක් ය, බාලයෙක් ය’ කියලා හඳුනාගන්නේ කොහොමද? පින්වත් මහණෙනි, යම් හෙයකින් අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතුවිලි සිතනවාද, දුෂ්ට වචන කියනවාද, දුෂ්ට වැඩ කරනවාද, ඒ නිසාම යි ඔහුව සත්පුරුෂ නුවණැතියන් හඳුනාගන්නේ ‘මේ භවතා අසත්පුරුෂ බාලයා ය’ කියා.

ස ඛෝ සෝ භික්ඛවේ, බාලෝ තිවිධං දිට්ඨේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සචේ භික්ඛවේ, බාලෝ සභායං වා නිසින්නෝ හෝති. රථියාය වා නිසින්නෝ හෝති. සිංඝාටකේ වා නිසින්නෝ හෝති. තත්‍ර චේ ජනෝ තජ්ජං තස්සාරුප්පං කථං මන්තේති. සචේ භික්ඛවේ, බාලෝ පාණාතිපාතී හෝති අදින්නාදායී හෝති කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති සුරාමේරයමජ්ජපමාදට්ඨායී හෝති. තත්‍ර භික්ඛවේ බාලස්ස ඒවං හෝති: යං ඛෝ ජනෝ තජ්ජං තස්සාරුප්පං කථං මන්තේති. සංවිජ්ජන්තේ තේ ච ධම්මා මයි, අහඤ්ච තේසු ධම්මේසු සන්දිස්සාමීති. ඉදං භික්ඛවේ, බාලෝ පඨමං දිට්ඨේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති.

පින්වත් මහණෙනි, ඒ අසත්පුරුෂ බාලයා මේ ජීවිතය තුළදී ම තුන් ආකාරයකින් දුක් දොම්නස් විඳිනවා. පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා පිරිසක් මැද වාඩිවෙලා ඉන්නට පුළුවනි. වීදියක වාඩිවෙලා ඉන්න පුළුවනි. සිව් මංසලක වාඩිවෙලා ඉන්නට පුළුවනි. එහිදිත් ජනයා ඔහුගේ බාල ක්‍රියාවට ගැලපෙන දේවල් කතාබස් කරනවා අසන්නට ලැබෙනවා.

පින්වත් මහණෙනි, ඉදින් අසත්පුරුෂ බාලයා ප්‍රාණඝාත කරන කෙනෙක් වෙයිද, සොරකම් කරන කෙනෙක් වෙයිද, කාම මිත්‍යාචාරයේ යෙදෙන කෙනෙක් වෙයිද, බොරු කියන කෙනෙක් වෙයිද, මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙයිද, එතකොට පින්වත් මහණෙනි, බාලයාට මෙහෙම හිතෙනවා. ‘මේ මිනිස්සු දුෂ්චරිත පිළිබඳව ත් කතා බස් කරනවා නෙව. මේ දුෂ්චරිතයන් මා තුළ තියෙනවා. මාත් ඒ දුෂ්චරිත තුළ නෙව ඉන්නේ’ කියලා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින පළමු කාරණාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, බාලෝ පස්සති රාජානෝ චෝරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ: කසාහිපි තාළෙන්තේ, වෙත්තේහිපි තාළෙන්තේ, අද්ධදණ්ඩකේහිපි තාළෙන්තේ, හත්ථම්පි ඡින්දන්තේ, පාදම්පි ඡින්දන්තේ, හත්ථපාදම්පි ඡින්දන්තේ, කණ්ණම්පි ඡින්දන්තේ, නාසම්පි ඡින්දන්තේ, කණ්ණනාසම්පි ඡින්දන්තේ, බිලංගථාලිකම්පි කරොන්තේ, සංඛමුණ්ඩිකම්පි කරොන්තේ, රාහුමුඛම්පි කරොන්තේ, ජෝතිමාලිකම්පි කරොන්තේ, හත්ථපජ්ජෝතිකම්පි කරොන්තේ, ඒරකවත්තිකම්පි කරොන්තේ, චීරකවාසිකම්පි කරොන්තේ, ඒණෙය්‍යකම්පි කරොන්තේ, බලිසමංසිකම්පි කරොන්තේ, කහාපණකම්පි කරොන්තේ, ඛාරාපතච්ඡිකම්පි කරොන්තේ, පලිඝපරිවත්තිකම්පි කරොන්තේ, පලාලපීඨකම්පි කරොන්තේ, තත්තේනපි තේලේන ඕසිඤ්චන්තේ, සුනඛේහිපි ඛාදාපෙන්තේ, ජීවන්තම්පි සූලේ උත්තාසෙන්තේ, අසිනාපි සීසං ඡින්දන්තේ. තත්‍ර භික්ඛවේ, බාලස්ස ඒවං හෝති: යථාරූපානං ඛෝ පාපකානං කම්මානං හේතු රාජානෝ චෝරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කරොන්ති: කසාහිපි තාළෙන්ති. වෙත්තේහිපි තාළෙන්ති. අද්ධදණ්ඩකේහිපි තාළෙන්ති. හත්ථම්පි ඡින්දන්ති. පාදම්පි ඡින්දන්ති. හත්ථපාදම්පි ඡින්දන්ති. කණ්ණම්පි ඡින්දන්ති. නාසම්පි ඡින්දන්ති. කණ්ණනාසම්පි ඡින්දන්ති. බිලංගථාලිකම්පි කරොන්ති. සංඛමුණ්ඩිකම්පි කරොන්ති. රාහුමුඛම්පි කරොන්ති. ජෝතිමාලිකම්පි කරොන්ති. හත්ථපජ්ජෝතිකම්පි කරොන්ති. ඒරකවත්තිකම්පි කරොන්ති. චීරකවාසිකම්පි කරොන්ති. ඒණෙය්‍යකම්පි කරොන්ති. බලිසමංසිකම්පි කරොන්ති. කහාපණකම්පි කරොන්ති. ඛාරාපතච්ඡිකම්පි කරොන්ති. පලිඝපරිවත්තිකම්පි කරොන්ති. පලාලපිට්ඨිකම්පි කරොන්ති. තත්තේනපි තේලේන ඕසිඤ්චන්ති. සුනඛේහිපි ඛාදාපෙන්ති. ජීවන්තම්පි සූලේ උත්තාසෙන්ති. අසිනාපි සීසං ඡින්දන්ති. සංවිජ්ජන්තේ තේ ච ධම්මා මයි, අහඤ්ච තේසු ධම්මේසු සන්දිස්සාමි. මඤ්චේපි රාජානෝ ආජානෙය්‍යුං මම්පි රාජානෝ ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙය්‍යුං: කසාහිපි තාළෙය්‍යුං. වෙත්තේහිපි තාළෙය්‍යුං. අද්ධදණ්ඩකේහිපි තාළෙය්‍යුං. හත්ථම්පි ඡින්දෙය්‍යුං. පාදම්පි ඡින්දෙය්‍යුං. හත්ථපාදම්පි ඡින්දෙය්‍යුං. කණ්ණම්පි ඡින්දෙය්‍යුං. නාසම්පි ඡින්දෙය්‍යුං. කණ්ණනාසම්පි ඡින්දෙය්‍යුං. බිලංගථාලිකම්පි කරෙය්‍යුං. සංඛමුණ්ඩිකම්පි කරෙය්‍යුං. රාහුමුඛම්පි කරෙය්‍යුං. ජෝතිමාලිකම්පි කරෙය්‍යුං. හත්ථපජ්ජෝතිකම්පි කරෙය්‍යුං. ඒරකවත්තිකම්පි කරෙය්‍යුං. චීරකවාසිකම්පි කරෙය්‍යුං. ඒණෙය්‍යකම්පි කරෙය්‍යුං. බලිසමංසිකම්පි කරෙය්‍යුං. කහාපණකම්පි කරෙය්‍යුං. ඛාරාපතච්ඡිකම්පි කරෙය්‍යුං. පලිඝපරිවත්තිකම්පි කරෙය්‍යුං. පලාලපීඨකම්පි කරෙය්‍යුං. තත්තේනපි තේලේන ඕසිඤ්චෙය්‍යුං. සුනඛේහිපි ඛාදාපෙය්‍යුං. ජීවන්තම්පි සූලේ උත්තාසෙය්‍යුං. අසිනාපි සීසං ඡින්දෙය්‍යුන්ති. ඉදම්පි භික්ඛවේ, බාලෝ දුතියං දිට්ඨේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. රජවරු අපරාධකාරයෙක්, සොරෙක් අල්ලාගෙන ඔහුට විවිධාකාර දඬුවම් පමුණුවන අයුරු බාලයාට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ, ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. වේවැලෙන් තලනවා. දඬු මුගුරුවලින් තලනවා. අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කන කපනවා, නාසයත් කපනවා. කන් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා. හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා. යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝලා, ඇදගෙන යනවා. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝලා, එකට ගැට ගහනවා. දණිස් දෙකෙත්, වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරල, ගින්නෙන් රත් කරනවා, කොකුවලින් ඇන ඇන මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවා. ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා. පැත්තට ඇල කරල බිම දාල කනේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝල, කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. පණපිටින් උලේ ඉන්දවනවා. කඩුවෙන් හිස ගසා දානවා.

පින්වත් මහණෙනි, එතකොට බාලයාට මෙහෙම සිතෙනවා. ‘මේ අපරාධකාරයන්ව අල්ලාගෙන රජ දරුවෝ විවිධාකාර දඬුවම් දෙනවා නෙව. කසෙන් තලනවා. වේවැලෙන් තලනවා. දඬු මුගුරු වලින් තලනවා. අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කන කපනවා, නාසයත් කපනවා. කන් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා. හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා. යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල ඇදගෙන යනවා. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල, එකට ගැට ගහනවා. දණිස් දෙකෙත්, වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලා, ගින්නෙන් රත් කරනවා, කොකුවලින් ඇන ඇන මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා. පැත්තට ඇල කරල බිම දාල කනේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝලා, කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරලා දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. පණපිටින්ම උලේ ඉන්දවනවා. කඩුවෙන් හිස ගසා දානවා. මා අතිනුත් මෙවැනි අපරාධ සිද්ධ වෙලා තියෙනවා. මේ අපරාධ තුළ තමයි මම ඉන්නෙත්. ඉදින් රජවරුන් මාව හඳුනාගත්තොත්, මාවත් අල්ලගෙන ගිහින් මේ විදිහේ විවිධාකාර දඬුවම් දේවි. මාවත් කසෙන් තලාවි. වේවැලෙන් තලාවි. දඬු මුගුරුවලින් තලාවි. අත් කපලා දමාවි, කකුල් කපලා දමාවි, අත් කකුල් කපලා දමාවි, කන කපාවි, නාසයත් කපාවි. කන් නාසාත් කපාවි, හිස් කබල චප්ප කරල දමාවි. හිස් කබලේ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරාවි. යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබාවි. ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියාවි. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල, ඇදගෙන යාවි. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල, එකට ගැට ගසාවි. දණිස් දෙකෙත්, වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරල, ගින්නෙන් රත් කරාවි, කොකු වලින් ඇන ඇන මස් ලේ විසුරුවාවි. මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දමාවි. ශරීරයෙ තැනින් තැන සිදුරු කරල ලෝදිය දමාවි. පැත්තට ඇල කරල බිම දාල කනේ උලක් ගහලා, ඒ උලේ හිටෝලා, කකුල් දෙකෙන් වටේට කරකවාවි. ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දමාවි. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවාවි. බල්ලන්ට කන්න දමාවි. පණපිටින් උලේ ඉන්දවාවි. කඩුවෙන් හිස ගසා දමාවි’ කියලා. පින්වත් මහණෙනි, බාලයා මේ ජීවිතය තුළදීම දුක් දොම්නස් විඳවන දෙවෙනි කරුණ මෙයයි.

පුන ච පරං භික්ඛවේ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සේමානං යානිස්ස පුබ්බේ පාපකානි කම්මානි කතානි කායේන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයේ ඕලම්බන්ති, අජ්ඣෝලම්බන්ති, අභිප්පලම්බන්ති. සෙය්‍යථාපි භික්ඛවේ, මහන්තානං පබ්බතකූටානං ඡායා සායන්හසමයං පඨවියා ඕලම්බන්ති, අජ්ඣෝලම්බන්ති, අභිප්පලම්බන්ති. ඒවමේව ඛෝ භික්ඛවේ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සේමානං, යානිස්ස පුබ්බේ පාපකානි කම්මානි කතානි කායේන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයේ ඕලම්බන්ති, අජ්ඣෝලම්බන්ති, අභිප්පලම්බන්ති, තත්‍ර භික්ඛවේ බාලස්ස ඒවං හෝති: අකතං වත මේ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං. කතං පාපං, කතං ලුද්දකං, කතං කිබ්බිසං. යා ච හෝති අකතකල්‍යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති. තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සෝ සෝචති, කිලමති, පරිදේවති, උරත්තාළිං කන්දති, සම්මෝහං ආපජ්ජති. ඉදම්පි ඛෝ භික්ඛවේ, බාලෝ තතියං දිට්ඨේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව්, කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්නට පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. විශාල පර්වතයක ඡායාව සවස් වෙද්දී පොළොවේ වැතිරෙනවා. අන්න ඒ වගේ තමයි. බාලයා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පව්, කයින් කරපු දුසිරිත්, වචනයෙන් කරපු දුසිරිත්, මනසින් කරපු දුසිරිත් තමන්ට මැවිලා පෙනෙන්න පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.

පින්වත් මහණෙනි, එතකොට බාලයාට මෙහෙම සිතෙනවා. ‘අයියෝ! මා යහපත් දෙයක් කරගත්තේ නෑ. කුසලයක් කරගත්තේ නෑ. බිය නැතිවෙන දෙයක් කරගත්තේ නෑ. මං පව් කළා නෙව. දරුණු දේවල් කළා නෙව. දුෂ්ට දේවල් කළා නෙව. යහපත් දේවල් නොකළ, කුසල් නොකළ බිය නැති වෙන දේවල් නොකළ, පව් කළ, රෞද්‍ර දේවල් කළ, දුෂ්ට දේ කළ උදවිය උපදින තැනක් ඇද්ද, මට මරණින් මත්තේ යන්නට වෙන්නේ එහෙ තමයි’ කියල බාලයා ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. පපුවේ අත් ගසමින් හඬනවා. සිහි මුළා වෙනවා. පින්වත් මහණෙනි, බාලයා මෙලොවදී ම දුක් දොම්නස් විඳින තුන්වෙනි කාරණාව මෙයයි.

ස ඛෝ සෝ භික්ඛවේ බාලෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යං ඛෝ තං භික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය: ‘ඒකන්තං අනිට්ඨං ඒකන්තං අකන්තං ඒකන්තං අමනාප’න්ති. නිරයමේවෙතං සම්මා වදමානෝ වදෙය්‍ය: ඒකන්තං අනිට්ඨං ඒකන්තං අකන්තං ඒකන්තං අමනාපන්ති. යාවඤ්චිදං භික්ඛවේ, උපමාපි න සුකරා යාව දුක්ඛා නිරයාති.

පින්වත් මහණෙනි, ඉතින් ඒ බාලයා කයින් දුෂ්චරිතයෙහි යෙදිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදිලා, මනසින් දුෂ්චරිතයෙහි යෙදිලා, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, යමෙක් යම් දෙයක් අරභයා මනාකොට කියයි නම්, ‘ඒකාන්තයෙන් ම අනිෂ්ට වූ, ඒකාන්තයෙන්ම අකාන්ත වූ, ඒකන්තයෙන්ම අමනාප වූ තැනක් තියෙනවා’ කියල කියනවා නම්, ඒ ඒකාන්ත අනිෂ්ට වූ, ඒකාන්ත අකාන්ත වූ, ඒකාන්ත අමනාප වූ තැන කියල මනාකොට කියන්නේ නිරය ගැනම යි. පින්වත් මහණෙනි, නිරයේ ඇති භයානක දුක් කොතරම්ද යත්, උපමාවක් පැවසීමත් ලේසි දෙයක් නොවෙයි.”

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: සක්කා පන මේ භන්තේ, උපමං කාතුන්ති?

මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, උපමාවක් වදාරන්නට පුළුවනිද?” “පුළුවනි, පින්වත් භික්ෂුව” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

සක්කා භික්ඛූති භගවා අවෝච. සෙය්‍යථාපි භික්ඛු, චෝරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤෝ දස්සෙය්‍යුං: ‘අයං ඛෝ දේව, චෝරෝ ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි, තං දණ්ඩං පණේහී’ති. තමේනං රාජා ඒවං වදෙය්‍ය: ‘ගච්ඡථ භෝ, ඉමං පුරිසං පුබ්බණ්හසමයං සත්තිසතේන හනථා’ති. තමේනං පුබ්බණ්හසමයං සත්තිසතේන හනෙය්‍යුං. අථ රාජා මජ්ඣන්තිකසමයං ඒවං වදෙය්‍ය: ‘අම්භෝ, කථං සෝ පුරිසෝ’ති? ‘තථේව දේව ජීවතී’ති. තමේනං රාජා ඒවං වදෙය්‍ය: ‘ගච්ඡථ, භෝ, තං පුරිසං මජ්ඣන්තිකසමයං සත්තිසතේන හනථා’ති. තමේනං මජ්ඣන්තිකසමයං සත්තිසතේන හනෙය්‍යුං. අථ රාජා සායන්හසමයං ඒවං වදෙය්‍ය: ‘අම්භෝ, කථං සෝ පුරිසෝ’ති? ‘තථේව දේව ජීවතී’ති, තමේනං රාජා ඒවං වදෙය්‍ය: ‘ගච්ඡථ භෝ, තං පුරිසං සායන්හසමයං සත්තිසතේන හනථා’ති. තමේනං සායන්හසමයං සත්තිසතේන හනෙය්‍යුං. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ තීහි සත්තිසතේහි හඤ්ඤමානෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියේථා’ති?

“පින්වත් භික්ෂුව, ඒක මෙවැනි දෙයක්. දරුණු අපරාධ කරපු සොරෙක්ව අල්ලගෙන ගිහින් රජතුමාට පෙන්නනවා. ‘දේවයන් වහන්ස, මෙන්න ඉන්නවා දරුණු අපරාධ කරපු භයානක සොරා. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැති නම් එය පණවන්න’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත, මේ පුද්ගලයාව අරගෙන ගිහින් උදේ වරුවේ හුල් පහර සියයකින් අනින්න’ කියලා. එතකොට ඒ පුරුෂයා ව අරගෙන ගිහින් උදේ වරුවේ හුල් පහර සියයක් අනිනවා. මහ දවල් කාලයේ දී රජතුමා රාජපුරුෂයන්ට කතා කරනවා. ‘එම්බා පුරුෂය, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, සොරා තවම ජීවත් වෙනවා’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත, ගිහින් ඒ පුරුෂයාට මහ දවාලටත් හුල් පහරවල් සියයකින් අනින්න. එතකොට මධ්‍යාහ්න කාලෙදිත් රාජපුරුෂයන් අර හොරාට හුල් පහරවල් සියයක් අනිනවා. රජතුමා සවස් වරුවෙදිත් මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, සොරා තවම ජීවත් වෙනවා’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත, ගිහින් ඒ පුරුෂයාට සවසටත් හුල් පහරවල් සියයකින් අනින්න. එතකොට සවස් කාලෙදිත් රාජපුරුෂයන් අර හොරාට හුල් පහරවල් සියයක් අනිනවා.

ඒකිස්සාපි භන්තේ, සත්තියා හඤ්ඤමානෝ පුරිසෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියේථ. කෝ පන වාදෝ තීහි සත්තිසතේහීති.

පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා හුල් පහරවල් තුන්සියයකින් ඇනුම් කද්දී ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳිනවා නේද?” “ස්වාමීනී, ඒ පුරුෂයා එක හුල් පහරකින් ඇනුම් කද්දී ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳිනවාම යි. එහෙම එකේ හුල් පහරවල් තුන්සියයකින් ඇනුම් කද්දී විඳින දුක ගැන කවර කථාද?”

අථ ඛෝ භගවා පරිත්තං පාණිමත්තං පාසාණං ගහෙත්වා භික්ඛූ ආමන්තේසි: ‘තං කිං මඤ්ඤථ භික්ඛවේ, කතමෝ නු ඛෝ මහන්තතරෝ, යෝ චායං මයා පරිත්තෝ පාණිමත්තෝ පාසාණෝ ගහිතෝ, යෝ ච හිමවා පබ්බතරාජා’ති?

එතකොට භාග්‍යවතුන් වහන්සේ අතින් මිට මොලවා ගත හැකි කුඩා ගලක් ගෙන භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් විශාල කුමක්ද? මා අතින් මිට මොලවා ගෙන සිටින මේ ගල් කැටයද? නැත්නම් හිමාල පර්වත රාජයාද?”

අප්පමත්තෝ ඛෝ අයං භන්තේ, භගවතා පරිත්තෝ පාණිමත්තෝ පාසාණෝ ගහිතෝ, හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සංඛම්පි න උපේති, කලභාගම්පි න උපේති, උපනිධිම්පි න උපේතී’ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් මිට මොලවා ගෙන සිටින ගල් කැබැල්ල ඉතාමත්ම කුඩයි. හිමාල පර්වත රාජයා සමඟ සසඳා බැලීමේදී ගණන් කොට කියන්නට බැහැ. කොටස් කොට කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.”

ඒවමේව ඛෝ භික්ඛවේ, යං සෝ පුරිසෝ තීහි සත්තිසතේහි හඤ්ඤමානෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. තං නේරයිකස්ස දුක්ඛස්ස උපනිධාය සංඛම්පි න උපේති. කලභාගම්පි න උපේති. උපනිධිම්පි න උපේති.

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි යම් පුරුෂයෙක් හුල් පහරවල් තුන් සියයකින් පහරකද්දී ඒ හේතුවෙන් විඳින්නා වූ යම් දුකක් දොම්නසක් ඇද්ද, එය නිරයෙහි ඇති දුක සමඟ සසඳා බලන විට ගණනකට ගන්නට බැහැ. කොපමණ ප්‍රමාණයක්ද කියල කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.

තමේනං භික්ඛවේ, නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං කරොන්ති: තත්තං අයෝඛීලං හත්ථේ ගමෙන්ති. තත්තං අයෝඛීලං දුතියේ හත්ථේ ගමෙන්ති. තත්තං අයෝඛීලං පාදේ ගමෙන්ති. තත්තං අයෝඛීලං දුතියේ පාදේ ගමෙන්ති. තත්තං අයෝඛීලං මජ්ඣේ උරස්මිං ගමෙන්ති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, නිරයේ ඉපදුනු කෙනාට යමපල්ලෝ පස් ආකාරයක බන්ධනය නම් වූ දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් පපුවට අණිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහු ගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා සංවේසෙත්වා කුඨාරීහි තච්ඡන්ති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඔහුව යකඩ පොළොවක බාවනවා. බාවලා කෙටේරිවලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහු ගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා උද්ධපාදං අධෝසිරං ගහෙත්වා වාසීහි තච්ඡන්ති. සෝ තත්ථ ….(පෙ)…. යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව කකුල් උඩු අතට හරවලා ඔලුවෙන් හිටවනවා. හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා රථේ යෝජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජෝතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි. සෝ තත්ථ ….(පෙ)…. යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ගිනිගෙන දිළිසෙන රථයක ගැටගහනවා. ගැටගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලී තිබෙන ගිනියම් වූ යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා මහන්තං අංගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජෝතිභූතං ආරෝපෙන්තිපි ඕරෝපෙන්තිපි. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති. යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ, ගිනි අඟුරු පර්වතයකට මොහුව නග්ගවනවා, බස්සවනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා උද්ධපාදං අධෝසිරං ගහෙත්වා තත්තාය ලෝහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝතිභූතාය. සෝ තත්ථ ඵේණුද්දේහකං පච්චති. සෝ තත්ථ ඵේණුද්දේහකං පච්චමානෝ සකිම්පි උද්ධං ගච්ඡති. සකිම්පි අධෝ ගච්ඡති. සකිම්පි තිරියං ගච්ඡති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව කකුල් උඩුඅතට හරවලා හිස යටිඅතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු වූ දේහයක් ඇතුවයි. ඉතින් ඒ පෙණ ගුලියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවකට උඩට එනවා. ආයෙමත් යටට බහිනවා. ආයෙ වතාවක් හරස් අතට කරකැවෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා මහානිරයේ පක්ඛිපන්ති. සෝ ඛෝ පන භික්ඛවේ, මහානිරයෝ.

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඇදලා දානවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරයේ නම්,

චතුක්කණ්ණෝ චතුද්වාරෝ විභත්තෝ භාගසෝ මිතෝ,
අයෝපාකාරපරියන්තෝ අයසා පටිකුජ්ජිතෝ.

කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙනම කොටස් වශයෙන් බෙදලයි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වටවෙලයි තියෙන්නේ. යකඩ පියනකින් වැහිලයි තියෙන්නේ.

තස්ස අයෝමයා භූමි ජලිතා තේජසා යුතා,
සමන්තා යෝජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.

ඒ නිරයේ බිමත් යකඩින්ම යි කරලා තියෙන්නේ. ගිනිගන්නවා. ගිනි දැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් සියයක් පුරාවට ඒ ගිනි ජාලාව හැමදාම පැතිරිලා තියෙනවා.

අනේකපරියායේනපි ඛෝ අහං භික්ඛවේ, නිරයකථං කථෙය්‍යං, යාවඤ්චිදං භික්ඛවේ, න සුකරං අක්ඛානේන පාපුණිතුං යාව දුක්ඛා නිරයාති.

පින්වත් මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං නිරය පිළිබඳ විස්තර කියාදෙනවා. පින්වත් මහණෙනි, එහෙත් නිරයේ තිබෙන දුක් මෙපමණක්ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්නට නම් පුළුවන්කමක් නෑ.

සන්ති භික්ඛවේ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. තේ අල්ලානිපි තිණානි සුක්ඛානිපි තිණානි දන්තුල්ලේහකං ඛාදන්ති. කතමේ ච භික්ඛවේ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා, අස්සා ගෝණා ගද්‍රභා අජා මිගා, යේ වා පනඤ්ඤේපි කේචි තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. ස ඛෝ සෝ භික්ඛවේ, බාලෝ ඉධ පුබ්බේ රසාදෝ ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භේදා පරම්මරණා තේසං සත්තානං සහව්‍යතං උපපජ්ජති යේ තේ සත්තා තිණභක්ඛා.

පින්වත් මහණෙනි, තිරිසන්ගත ප්‍රාණීන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ තණකොළ කාලා. ඔවුන් තෙත් වූත්, වියළි වූත් තණ කොළ දතින් උලා ගෙනයි කන්නේ. පින්වත් මහණෙනි, ඒ තණකොළ කන තිරිසන් සතුන් කවුද? ඒ තමයි අශ්වයෝ, ගොන්නු, බූරුවෝ, එළුවෝ, මෘගයෝ. පින්වත් මහණෙනි, තණකොළ කාලා ජීවත් වෙන තවත් තිරිසන්ගත සතුන් ඉන්නවා. පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු තණකොළ කාලා ජීවත් වෙන සතුන් සිටිත් නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

සන්ති භික්ඛවේ, තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා, තේ දූරතෝව ගූථගන්ධං ඝායිත්වා ධාවන්ති: ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති. සෙය්‍යථාපි නාම බ්‍රාහ්මණා ආහුතිගන්ධේන ධාවන්ති: ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ, සන්ති තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා, තේ දූරතෝව ගූථගන්ධං ඝායිත්වා ධාවන්ති: ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති. කතමේ ච භික්ඛවේ, තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා: කුක්කුටා සූකරා සෝණා සිගාලා, යේ වා පනඤ්ඤේපි කේචි තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා. ස ඛෝ සෝ භික්ඛවේ, බාලෝ ඉධ පුබ්බේ රසාදෝ ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භේදා පරම්මරණා තේසං සත්තානං සහව්‍යතං උපපජ්ජති යේ තේ සත්තා ගූථභක්ඛා.

ඒ වගේම පින්වත් මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන් සතුන් ඉන්නවා. ඔවුන් දුරදී ම අසූචි ගඳ ඉවකරගෙන දුවන්නේ ‘මෙතනදිම කන්න ඕන, මෙතනදිම කන්න ඕන’ කියලයි. ඒක හරියට බ්‍රාහ්මණයන් යාග සුවඳට ඉව අල්ලගෙන ‘මෙතනදිම අනුභව කරන්න ඕන. මෙතනදිම අනුභව කරන්න ඕන’ කියල දුවනවා වගෙයි. ඔය විදිහමයි පින්වත් මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන් සතුන් ඉන්නවා. ඔවුන් දුරදී ම අසූචි ගඳ ඉවකරගෙන දුවන්නේ ‘මෙතනදිම කන්න ඕන, මෙතනදිම කන්න ඕන’ කියලයි. පින්වත් මහණෙනි, අසුචි අනුභව කරන තිරිසන්ගත සතුන් කවුද? කුකුලෝ, ඌරෝ, බල්ලෝ, හිවල්ලු ආදී සතුන්. ඒ වගේම අසූචි අනුභව කරන තවත් තිරිසන්ගත සතුන් ඇද්ද, ඔවුනුත් අයිතියි. පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු අසූචි කාලා ජීවත් වෙන සතුන් සිටිත් නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

සන්ති භික්ඛවේ, තිරච්ඡානගතා පාණා අන්ධකාරේ ජායන්ති අන්ධකාරේ ජීයන්ති අන්ධකාරේ මීයන්ති. කතමේ ච භික්ඛවේ, තිරච්ඡානගතා පාණා අන්ධකාරේ ජායන්ති අන්ධකාරේ ජීයන්ති අන්ධකාරේ මීයන්ති: කීටා පුලවා ගණ්ඩුප්පාදා, යේ වා පනඤ්ඤේපි කේචි තිරච්ඡානගතා පාණා අන්ධකාරේ ජායන්ති අන්ධකාරේ ජීයන්ති අන්ධකාරේ මීයන්ති. ස ඛෝ සෝ භික්ඛවේ, බාලෝ ඉධ පුබ්බේ රසාදෝ ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භේදා පරම්මරණා තේසං සත්තානං සහව්‍යතං උපපජ්ජති, යේ තේ සත්තා අන්ධකාරේ ජායන්ති අන්ධකාරේ ජීයන්ති අන්ධකාරේ මීයන්ති.

ඒ වගේම පින්වත් මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ අන්ධකාරයේම යි. ඔවුන් වයසට යන්නෙත් අන්ධකාරයේම යි. මැරෙන්නෙත් අන්ධකාරයේම යි. පින්වත් මහණෙනි, අඳුරේ ඉපදී, අඳුරේ දිරලා, අඳුරේ මියයන තිරිසන්ගත සතුන් කවුද? කීටයෝ, පණුවෝ, ගැඩවිල්ලු ආදියයි. ඒ වගේම තවත් අඳුරේ ඉපදී, අඳුරේ දිරලා, අඳුරේම මියයන තිරිසන්ගත සතුන් ඇද්ද, ඔවුනුත් අයිතියි. පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් අඳුරේ ඉපිද, අඳුරේ දිරලා, අඳුරේම මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

සන්ති භික්ඛවේ, තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති. කතමේ ච භික්ඛවේ, තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති: මච්ඡා කච්ඡපා සුංසුමාරා යේ වා පනඤ්ඤේපි කේචි තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති. ස ඛෝ සෝ භික්ඛවේ, බාලෝ ඉධ පුබ්බේ රසාදෝ ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භේදා පරම්මරණා තේසං සත්තානං සහව්‍යතං උපපජ්ජති, යේ තේ සත්තා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති.

ඒ වගේම පින්වත් මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ වතුරේම යි. ඔවුන් වයසට යන්නෙත් වතුරේම යි. මැරෙන්නෙත් වතුරේම යි. පින්වත් මහණෙනි, ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේම මියයන තිරිසන්ගත සතුන් කවුද? මාළු, කැස්බෑවෝ, කිඹුල්ලු ආදියයි. ඒ වගේම තවත් ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේම මියයන තිරිසන්ගත සතුන් ඇද්ද, ඔවුනුත් අයිතියි. පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේ මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

සන්ති භික්ඛවේ, තිරච්ඡානගතා පාණා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති. කතමේ ච භික්ඛවේ, තිරච්ඡානගතා පාණා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති: යේ තේ භික්ඛවේ සත්තා පූතිමච්ඡේ වා ජායන්ති පූතිමච්ඡේ වා ජීයන්ති පූතිමච්ඡේ වා මීයන්ති. පූතිකුණපේ වා ….(පෙ)…. පූතිකුම්මාසේ වා ….(පෙ)…. චන්දනිකාය වා ….(පෙ)…. ඕලිගල්ලේ වා ජායන්ති ….(පෙ)…. ස ඛෝ සෝ භික්ඛවේ, බාලෝ ඉධ පුබ්බේ රසාදෝ ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භේදා පරම්මරණා තේසං සත්තානං සහව්‍යතං උපපජ්ජති, යේ තේ සත්තා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති.

ඒ වගේම පින්වත් මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ අසූචි ගොඬේම යි. ඔවුන් වයසට යන්නෙත් අසූචි ගොඩේම යි. මැරෙන්නෙත් අසූචි ගොඬේම යි. පින්වත් මහණෙනි, අසූචියේ ඉපදී, අසූචියේ දිරලා, අසූචියේම මියයන තිරිසන්ගත සතුන් කවුද? පින්වත් මහණෙනි, යම් සත්වයන් කුණු මසෙහි උපදිනවාද, කුණු මසෙහිම දිරනවාද, කුණු මසෙහිම මැරෙනවාද ….(පෙ)…. මළකුණුවල උපදිනවාද, ….(පෙ)…. කුණු ආහාරයෙහි උපදිනවාද, ….(පෙ)…. කුණු කාණුවෙහි උපදිනවාද, ….(පෙ)…. කුණු වළෙහි උපදිනවාද, ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් අසූචියේ ඉපදී, අසූචියේ දිරලා, අසූචියේම මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

අනේකපරියායේනපි ඛෝ අහං භික්ඛවේ, තිරච්ඡානයෝනිකථං කථෙය්‍යං, යාවඤ්චිදං භික්ඛවේ, න සුකරං අක්ඛානේන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයෝනීති.

පින්වත් මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං තිරිසන් අපාය පිළිබඳ විස්තර කියාදෙනවා. පින්වත් මහණෙනි, එහෙත් තිරිසන් අපායේ තිබෙන දුක් මෙපමණක්ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්න නම් පුළුවන්කමක් නෑ.

සෙය්‍යථාපි භික්ඛවේ, පුරිසෝ ඒකච්ඡිග්ගලං යුගං මහාසමුද්දේ පක්ඛිපෙය්‍ය, තමේනං පුරත්ථිමෝ වාතෝ පච්ඡිමේන සංහරෙය්‍ය. පච්ඡිමෝ වාතෝ පුරත්ථිමේන සංහරෙය්‍ය. උත්තරෝ වාතෝ දක්ඛිණේන සංහරෙය්‍ය. දක්ඛිණෝ වාතෝ උත්තරේන සංහරෙය්‍ය. තත්‍රාස්ස කාණකච්ඡපෝ, සෝ වස්සසතස්ස වස්සසතස්ස අච්චයේන සකිං උම්මුජ්ජෙය්‍ය. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ කාණෝ කච්ඡපෝ අමුස්මිං ඒකච්ඡිග්ගලේ යුගේ ගීවං පවේසෙය්‍යාති?

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් එක සිදුරක් ඇති වියදණ්ඩක් මහ මුහුදට වීසි කරනවා. එතකොට ඒ වියදණ්ඩ පෙරදිගින් හමන සුළඟින් බටහිර පැත්තට ගෙන යනවා. බටහිරින් හමන සුළඟින් පෙරදිග පැත්තට ගෙන යනවා. උතුරින් හමන සුළඟින් දකුණු දිශාවට ගෙන යනවා. දකුණින් හමන සුළඟින් උතුරු දිශාවට ගෙනයනවා. ඔය අතරේ මුහුදේ එක ඇසක් පෙනෙන කණ කැස්බෑවෙක් ඉන්නවා. ඒ එක ඇසක් පෙනෙන කණ කැස්බෑවා අවුරුදු සියයකට වාරයක් මුහුදු පතුලේ ඉඳලා උඩට එනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට ඒ කණ කැස්බෑවා අර එක සිදුරක් තියෙන වියදණ්ඩෙන් හිස ඇතුළට දමාවිද?”

යදි නූන භන්තේ, කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේනාති.

“ස්වාමීනී, ඉතාමත් දීර්ඝ කාලයක් ගිය තැනකදී, යම් දවසක සිදුවෙන්නට පුළුවනි.”

ඛිප්පතරං ඛෝ සෝ භික්ඛවේ, කාණෝ කච්ඡපෝ අමුස්මිං ඒකච්ඡිග්ගලේ යුගේ ගීවං පවේසෙය්‍ය. අතෝ දුල්ලභතරාහං භික්ඛවේ මනුස්සත්තං වදාමි සකිං විනිපාතගතේන බාලේන. තං කිස්ස හේතු: න හෙත්ථ භික්ඛවේ, අත්ථි ධම්මචරියා සමචරියා කුසලකිරියා පුඤ්ඤකිරියා, අඤ්ඤමඤ්ඤඛාදිකා එත්ථ භික්ඛවේ, වත්තති දුබ්බලඛාදිකා.

“පින්වත් මහණෙනි, ඒ කණ කැස්බෑවා අර එක සිදුරක් තියෙන වියදණ්ඩෙන් ඉතා ඉක්මනින් වුනත් හිස ඇතුළට දමන්නට පුළුවනි. නමුත් පින්වත් මහණෙනි, එක් වතාවක් අපායෙහි උපන් අසත්පුරුෂ බාලයා නැවත මනුෂ්‍ය ආත්මයක් ලබනවාය කියන කරුණ එයට වඩා ඉතාමත්ම දුර්ලභයි කියලයි මා කියන්නේ. ඒ මක් නිසාද යත්, පින්වත් මහණෙනි, අපාය තුළ ධර්මයේ හැසිරීමක්, යහපතෙහි හැසිරීමක්, කුසල් කිරීමක්, පින් කිරීමක් නැත. පින්වත් මහණෙනි, අපායේ තිබෙන්නේ එකිනෙකා කා ගැනීමයි, දුර්වලයන් කා දැමීමයි විතරයි.

ස ඛෝ සෝ භික්ඛවේ, බාලෝ සචේ කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේන මනුස්සත්තං ආගච්ඡති. යානි තානි නීචකුලානි: චණ්ඩාලකුලං වා නේසාදකුලං වා වේණකුලං වා රථකාරකුලං වා පුක්කුසකුලං වා තථාරූපේ කුලේ පච්චාජායති දලිද්දේ අප්පන්නපානභෝජනේ කසිරවුත්තිකේ, යත්ථ කසිරේන ඝාසච්ඡාදෝ ලබ්භති. සෝ ච හෝති දුබ්බණ්ණෝ දුද්දසිකෝ ඕකෝටිමකෝ බව්හාබාධෝ, කාණෝ වා කුණී වා ඛුජ්ජෝ වා පක්ඛහතෝ වා, න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලේපනස්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්ස. සෝ කායේන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති. සෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.

පින්වත් මහණෙනි, ඒ බාලයා බොහෝ කාලයක්, ඉතා දීර්ඝ කාලයක් අපායෙහි දුක්විඳීමෙන් පසු මනුෂ්‍ය ආත්මභාවයකට පැමිණෙන අවස්ථාවක් ඇතිවෙන්නට පුළුවන්. එතකොට යම් නීච කුල තියෙනවා නම්, ඒ කියන්නේ සැඩොල් කුලයේ, වැදි කුලයේ, කුලුපොතු කුලයේ, රථකාර කුලයේ, පුක්කුස කුලය ආදී කුලයන්. එවැනි කුලයක තමයි උපදින්නේ. ඉතාම දිළිඳු වෙලා, කෑම බීම ඉතාමත් දුකසේ ලැබෙන, අමාරුවෙන් ජීවත් වෙන, පිපාස බඩගිනි යන්තමින් නිවාගන්නා ජීවිතයක් තමයි ලබන්නේ. ඒ වගේම ඒ පුද්ගලයා විරූපියි, දැකීමට අප්‍රසන්නයි. අතපය විකෘතියි. බොහෝ ආබාධවලින් යුක්තයි. එක්කො කණ වෙලා, එහෙම නැත්නම් කොර වෙලා, එහෙම නැත්නම් කුදුයි. එහෙම නැත්නම් අත පය පණ නෑ. ආහාර පාන යාන වාහන, මල්, සුවඳ විලවුන්, හොඳ ගෙවල් දොරවල් ආදිය ලැබෙන්නේ නෑ. ඊට පස්සේ ඔහු කරන්නේ ආයෙමත් කයෙන් දුෂ්චරිතයේ හැසිරීමයි. වචනයෙන් දුෂ්චරිතයේ හැසිරීමයි. මනසින් දුෂ්චරිතයේ හැසිරීමයි. ඔහු කයින් දුෂ්චරිතයේ හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයේ හැසිරිලා, මනසින් දුෂ්චරිතයේ හැසිරිලා, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයෙහි උපදිනවා.

සෙය්‍යථාපි භික්ඛවේ, අක්ඛධුත්තෝ පඨමේනේව කලිග්ගහේන පුත්තම්පි ජීයේථ දාරම්පි ජීයේථ සබ්බං සාපතෙය්‍යම්පි ජීයේථ උත්තරිම්පි අනුබන්ධං නිගච්ඡෙය්‍ය. අප්පමත්තකෝ සෝ භික්ඛවේ, කලිග්ගහෝ යං සෝ අක්ඛධුත්තෝ පඨමේනේව කලිග්ගහේන පුත්තම්පි ජීයේථ දාරම්පි ජීයේථ සබ්බං සාපතෙය්‍යම්පි ජීයේථ උත්තරිම්පි අනුබන්ධං නිගච්ඡෙය්‍ය. අථ ඛෝ අයමේව තතෝ මහන්තතරෝ කලිග්ගහෝ: යං සෝ බාලෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං භික්ඛවේ කේවලපරිපූරා බාලභූමීති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සූදු කාරයෙක් මුහුණ දෙන පළමුවෙනි පරාජයෙන්ම ඔහු දරුවාගෙනුත් පිරිහෙනවා. අඹුවගෙනුත් පිරිහෙනවා. හැම වස්තුවෙනුත් පිරිහෙනවා. ඒ වගේම හිරේ විලංගුවෙත් වැටෙනවා. පින්වත් මහණෙනි, යම්හෙයකින් සූදු කාරයෙක් මුහුණ දෙන පළමුවෙනි පරාජයෙන්ම ඔහු දරුවාගෙනුත් පිරිහෙනවා නම්, අඹුවගෙනුත් පිරිහෙනවා නම්, හැම වස්තුවෙනුත් පිරිහෙනවා නම් ඒ වගේම හිරේ විලංගුවෙත් වැටෙනවා නම්, ඒ පරාජය අල්පමාත්‍ර වූ පරාජයක්. නමුත් යම් හෙයකින් බාලයා කයින් දුෂ්චරිතයේ හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයේ හැසිරිලා, මනසින් දුෂ්චරිතයේ හැසිරිලා, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයෙහි උපදිනවාද, මේක තමයි අර පරාජයට වඩා ඉතාමත්ම භයානක පරාජය. පින්වත් මහණෙනි, මේ නිරය තමයි මුළුමනින්ම පරිපූර්ණ වූ බාල අසත්පුරුෂ භූමිය කියන්නේ.

තීණිමානි භික්ඛවේ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. කතමානි තීණි: ඉධ භික්ඛවේ, පණ්ඩිතෝ සුචින්තිතචින්තී ච හෝති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච. නෝ චේතං භික්ඛවේ, පණ්ඩිතෝ සුචින්තිතචින්තී ච අභවිස්ස සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච. කේන නං පණ්ඩිතා ජානෙය්‍යුං පණ්ඩිතෝ අයං භවං සප්පුරිසෝ’ති. යස්මා ච ඛෝ භික්ඛවේ, පණ්ඩිතෝ සුචින්තිතචින්තී ච හෝති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච තස්මා නං පණ්ඩිතා ජානන්ති පණ්ඩිතෝ අයං භවං සප්පුරිසෝ’ති.

පින්වත් මහණෙනි, සත්පුරුෂ නුවණැත්තා තුළ ඒ සත්පුරුෂ නුවණැති බව පෙන්වන ලක්ෂණ, ඒ සත්පුරුෂ නුවණැති බව දැනගත හැකි නිමිති, ඒ සත්පුරුෂ නුවැණැති බව ඉස්මතු වෙන චරියාවන් තුනක් තියෙනවා. පින්වත් මහණෙනි, සත්පුරුෂ නුවණැත්තා යහපත් සිතුවිලිම යි සිතන්නේ. යහපත් දේවල්ම යි කියන්නේ. යහපත් වැඩම යි කරන්නේ. පින්වත් මහණෙනි, යම් හෙයකින් සත්පුරුෂ නුවණැත්තා යහපත් සිතුවිලි සිතන්නේ නැත්නම්, යහපත් වචන කියන්නේ නැත්නම්, යහපත් වැඩ කරන්නේ නැත්නම් සත්පුරුෂ පණ්ඩිතයෙකුට මේ ‘භවත් මොහු වනාහී සත්පුරුෂයෙක් ය, නුවණැත්තෙක් ය’ කියලා හඳුනාගන්නේ කොහොමද? පින්වත් මහණෙනි, යම් හෙයකින් සත්පුරුෂ නුවණැත්තා යහපත් සිතුවිලි සිතනවාද, යහපත් වචන කියනවාද, යහපත් වැඩ කරනවාද, ඒ නිසාම යි ඔහුව සත්පුරුෂ නුවණැතියන් හඳුනා ගන්නේ ‘මේ භවතා සත්පුරුෂ නුවණැත්තා ය’ කියා.

ස ඛෝ සෝ භික්ඛවේ, අයං පණ්ඩිතෝ තිවිධං දිට්ඨේව ධම්මේ සුඛං සෝමනස්සං පටිසංවේදේති. සචේ භික්ඛවේ පණ්ඩිතෝ සභාය වා නිසින්නෝ හෝති, රථියාය වා නිසින්නෝ හෝති. සිංඝාටකේ වා නිසින්නෝ හෝති. තත්‍ර චේ ජනෝ තජ්ජං තස්සාරුප්පං කථං මන්තේති. සචේ භික්ඛවේ, පණ්ඩිතෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. තත්‍ර භික්ඛවේ, පණ්ඩිතස්ස ඒවං හෝති: යං ඛෝ ජනෝ තජ්ජං තස්සාරුප්පං කථං මන්තේති. සංවිජ්ජන්තේව තේ ධම්මා මයි, අහඤ්ච තේසු ධම්මේසු සන්දිස්සාමී’ති. ඉදං භික්ඛවේ පණ්ඩිතෝ පඨමං දිට්ඨේව ධම්මේ සුඛං සෝමනස්සං පටිසංවේදේති.

පින්වත් මහණෙනි, ඒ සත්පුරුෂ නුවණැත්තා මේ ජීවිතය තුළදී ම තුන් ආකාරයකින් සැපයක් සොම්නසක් විඳිනවා. පින්වත් මහණෙනි, ඉදින් සත්පුරුෂ නුවණැත්තා පිරිසක් මැද වාඩිවෙලා ඉන්නට පුළුවනි. වීදියක වාඩිවෙලා ඉන්නට පුළුවනි. සිව් මංසලක වාඩිවෙලා ඉන්නට පුළුවනි. එහිදිත් ජනයා ඔහුගේ සත්පුරුෂ ක්‍රියාවට ගැලපෙන දේවල් කතාබස් කරනවා අසන්නට ලැබෙනවා.

පින්වත් මහණෙනි, ඉදින් සත්පුරුෂ නුවණැත්තා ප්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙක් වෙයිද, සොරකමින් වැළකී සිටින කෙනෙක් වෙයිද, කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටින කෙනෙක් වෙයිද, බොරුවෙන් වැළකී සිටින කෙනෙක් වෙයිද, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකී සිටින කෙනෙක් වෙයිද, එතකොට පින්වත් මහණෙනි, සත්පුරුෂ නුවණැත්තාට මෙහෙම හිතෙනවා. ‘මේ මිනිස්සු සුචරිතය පිළිබඳවත් කතා බස් කරනවා නෙව. මේ මේ සුචරිත ධර්මයන් මා තුළ තියෙනවා. මාත් ඒ සුචරිත ධර්මයන් තුළ නෙව ඉන්නේ’ කියලා. පින්වත් මහණෙනි, සත්පුරුෂ නුවණැත්තා මෙලොවදීම සැප සොම්නස් විඳින පළමු කාරණාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, පණ්ඩිතෝ පස්සති රාජානෝ චෝරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ. කසාහිපි තාළෙන්තේ වෙත්තේහිපි තාළෙන්තේ ….(පෙ)…. අසිනාපි සීසං ඡින්දන්තේ. තත්‍ර භික්ඛවේ පණ්ඩිතස්ස ඒවං හෝති: යථාරූපානං ඛෝ පාපකානං කම්මානං හේතු රාජානෝ චෝරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති කසාහිපි තාළෙන්ති. වෙත්තේහිපි තාළෙන්ති ….(පෙ)…. අසිනාපි සීසං ඡින්දන්ති න තේ ධම්මා මයි සංවිජ්ජන්ති, අහඤ්ච න තේසු ධම්මේසු සන්දිස්සාමී’ති. ඉදම්පි භික්ඛවේ පණ්ඩිතෝ දුතියං දිට්ඨේව ධම්මේ සුඛං සෝමනස්සං පටිසංවේදේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. රජවරු අපරාධකාරයෙක්, සොරෙක් අල්ලාගෙන ඔහුට විවිධාකාර දඬුවම් පමුණුවන අයුරු සත්පුරුෂ නුවණැත්තාට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ, ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. ….(පෙ)…. කඩුවෙන් හිස ගසා දානවා.

පින්වත් මහණෙනි, එතකොට සත්පුරුෂ නුවණැත්තාට මෙහෙම සිතෙනවා. ‘මේ අපරාධකාරයන්ව අල්ලාගෙන රජ දරුවෝ විවිධාකාර දඬුවම් දෙනවා නෙව. කසෙන් තලනවා. ….(පෙ)…. කඩුවෙන් හිස ගසා දානවා. මා අතින් නම් මෙවැනි අපරාධ සිද්ධ වෙලා නැහැ. මම නම් ඉන්නේ ඔය අපරාධ තුළ නොවෙයි. පින්වත් මහණෙනි, සත්පුරුෂ නුවණැත්තා මේ ජීවිතය තුළදී ම සැප සොම්නස් විඳින දෙවෙනි කරුණ මෙයයි.

පුන ච පරං භික්ඛවේ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සේමානං. යානිස්ස පුබ්බේ කල්‍යාණානි කම්මානි කතානි කායේන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි, තානිස්ස තම්හි සමයේ ඕලම්බන්ති අජ්ඣෝලම්බන්ති අභිප්පලම්බන්ති. සෙය්‍යථාපි භික්ඛවේ, මහන්තානං පබ්බතකූටානං ඡායා සායන්හසමයං පඨවියා ඕලම්බන්ති, අජ්ඣෝලම්බන්ති, අභිප්පලම්බන්ති. ඒවමේව ඛෝ භික්ඛවේ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සේමානං යානිස්ස පුබ්බේ කල්‍යාණානි කම්මානි කතානි කායේන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි, තානිස්ස තම්හි සමයේ ඕලම්බන්ති, අජ්ඣෝලම්බන්ති, අභිප්පලම්බන්ති. තත්‍ර භික්ඛවේ, පණ්ඩිතස්ස ඒවං හෝති: ‘අකතං වත මේ පාපං අකතං ලුද්දං අකතං කිබ්බිසං, කතං කල්‍යාණං කතං කුසලං කතං භීරුත්තාණං. යාවතා හෝති අකතපාපානං අකතලුද්දානං අකතකිබ්බිසානං, කතකල්‍යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සෝ න සෝචති, න කිලමති, න පරිදේවති, න උරත්තාළිං කන්දති, න සම්මෝහං ආපජ්ජති. ඉදම්පි භික්ඛවේ, පණ්ඩිතෝ තතියං දිට්ඨේව ධම්මේ සුඛං සෝමනස්සං පටිසංවේදේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සත්පුරුෂ නුවණැත්තා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පින් කයින් කරපු යහපත් දේවල්, වචනයෙන් කියපු යහපත් දේවල්, මනසින් සිතපු යහපත් දේවල් තමන්ට මැවිලා පෙනෙන්නට පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. විශාල පර්වතයක ඡායාව සවස් වෙද්දී පොළොවේ වැතිරෙනවා. අන්න ඒ වගේ තමයි. සත්පුරුෂ නුවණැත්තා පුටුවක වාඩිවී ඉන්න වෙලාවක වේවා, ඇඳක හාන්සි වී සිටින වෙලාවක වේවා, බිම දිගාවී සිටින වෙලාවක වේවා, තමන් ඉස්සර කරපු පින්, කයින් කරපු යහපත් දේවල්, වචනයෙන් කියපු යහපත් දේවල්, මනසින් සිතපු යහපත් දේවල් තමන්ට මැවිලා පෙනෙන්නට පටන් ගන්නවා. ඒකම යි සිතට මතු වෙවී එන්නේ. ඒකම යි සිත වැළඳගන්නේ.

පින්වත් මහණෙනි, එතකොට සත්පුරුෂ නුවණැත්තාට මෙහෙම සිතෙනවා. ‘ඒකාන්තයෙන්ම මං අතින් පව් කෙරුනෙ නෑ. මං රෞද්‍ර වැඩ කරලා නෑ. දුෂ්ටකම් කරලා නෑ. යහපත් දෙයක්ම යි මං කරගත්තේ. කුසල්ම යි කරගත්තේ. බිය නැතිවෙන දෙයක්ම යි කරගත්තේ. යහපත් දේවල් කළ, කුසල් කළ, බිය නැති වෙන දේවල් කළ, පින් කළ, රෞද්‍ර දේවල් නොකළ, දුෂ්ට දේ නොකළ උදවිය උපදින තැනක් ඇද්ද, මට මරණින් මත්තේ යන්නට වෙන්නේ එහේ තමයි’ කියලා සත්පුරුෂ නුවණැත්තා ඒ ගැන ශෝක කරන්නේ නෑ. ක්ලාන්ත වෙන්නෙ නෑ. වැළපෙන්නේ නෑ. පපුවේ අත් ගසමින් හඬන්නේ නෑ. සිහි මුළා වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ නුවණැත්තා මෙලොවදී ම සැප සොම්නස් විඳින තුන්වෙනි කාරණාව මෙයයි.

ස ඛෝ සෝ භික්ඛවේ, පණ්ඩිතෝ කායේන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. යං ඛෝ තං භික්ඛවේ, සම්මා වදමානෝ වදෙය්‍ය ‘ඒකන්තං ඉට්ඨං ඒකන්තං කන්තං ඒකන්තං මනාප’න්ති. සග්ගමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය ‘ඒකන්තං ඉට්ඨං ඒකන්තං කන්තං ඒකන්තං මනාප’න්ති. යාවඤ්චිදං භික්ඛවේ, උපමාපි න සුකරා යාව සුඛා සග්ගාති.

පින්වත් මහණෙනි, ඉතින් ඒ සත්පුරුෂ නුවණැත්තා කයින් යහපතෙහි යෙදිලා, වචනයෙන් යහපතෙහි යෙදිලා, මනසින් යහපතෙහි යෙදිලා, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ උපදිනවා. පින්වත් මහණෙනි, යමෙක් යම් දෙයක් අරභයා මනාකොට කියයි නම්, ‘ඒකාන්තයෙන්ම ඉෂ්ට වූ, ඒකාන්තයෙන්ම කාන්ත වූ, ඒකාන්තයෙන්ම මනාප වූ තැනක් තියෙනවා’ කියල කියනවා නම්, ඒ ඒකාන්ත ඉෂ්ට වූ, ඒකාන්ත කාන්ත වූ, ඒකාන්ත මනාප වූ තැන කියල මනාකොට කියන්නේ ස්වර්ගයටම යි. පින්වත් මහණෙනි, ස්වර්ගයේ ඇති ඉතා යහපත් සැපය කොතරම්ද යත්, උපමාවක් පැවසීමත් ලේසි දෙයක් නොවෙයි.”

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: සක්කා, පන භන්තේ, උපමං කාතු’න්ති?

මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, උපමාවක් වදාරන්නට පුළුවනිද?”

‘සක්කා භික්ඛූ’ති භගවා අවෝච. සෙය්‍යථාපි භික්ඛු, රාජා චක්කවත්තී සත්තහි රතනේහි සමන්නාගතෝ චතූහි ච ඉද්ධිහි, තතෝ නිදානං සුඛං සෝමනස්සං පටිසංවේදේති. කතමේහි සත්තහි:

“පුළුවනි, පින්වත් භික්ෂුව” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“පින්වත් භික්ෂුව, ඒක මෙවැනි දෙයක්. සක්විති රජකෙනෙක් ඉන්නවා. ඔහුට මාණික්‍ය සතකුත් තියෙනවා. සතර ආකාර ඉර්ධියකිනුත් යුක්තයි. ඉතින් ඒ හේතුවෙන් ඔහු සැපයක් සොම්නසක් විඳිනවා. ඔහුගේ මාණික්‍යරත්න හත මොනවාද?

ඉධ භික්ඛු රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස තදහුපෝසථේ පණ්ණරසේ සීසං නහාතස්ස උපෝසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං. තං දිස්වාන රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ඒවං හෝති: ‘සුතං ඛෝ පන මේතං යස්ස රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස තදහුපෝසථේ පණ්ණරසේ සීසං නහාතස්ස උපෝසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං, සෝ හෝති රාජා චක්කවත්තී. අස්සං නු ඛෝ අහං රාජා චක්කවත්තී’ති.

පින්වත් භික්ෂුව, ඔටුණු පළන් ක්ෂත්‍රීය රජු ඒ පුන් පොහෝ දවසෙහි වතුර නාලා, පෙහෙවස් සමාදන් වෙලා, උඩු මහලට නැගලා සිටිද්දී දහසක් අර ඇති, නිම්වළලු ඇති, නැබ ඇති, මුළුමනින්ම පරිපූර්ණ වූ, දිව්‍ය වූ, චක්‍රරත්නය පහළ වෙනවා. ඒ ඔටුණු පළන් ක්ෂත්‍රීය රජ්ජුරුවන්ට එය දැක මෙහෙම සිතෙනවා. ‘ඔව්. මං අහලා තියෙනවා ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙක් පොහොය දවසක වතුර නාලා, පෙහෙවස් සමාදන් වෙලා, ප්‍රාසාදයේ උඩුමහලට නැගී සිටිද්දී දහසක් අර ඇති, නිම්වළලු ඇති, නැබ ඇති, මුළුමනින්ම පරිපූර්ණ වූ, දිව්‍ය වූ, චක්‍රරත්නය පහළ වෙනවා කියලා. එතකොට ඔහු තමයි සක්විති රජු වෙන්නේ. එහෙම නම් මම සක්විති රජකෙනෙක් වත්ද?’ කියලා.

අථ ඛෝ භික්ඛවේ, රාජා ඛත්තියෝ මුද්ධාවසිත්තෝ උට්ඨායාසනා වාමේන හත්ථේන භිංකාරං ගහෙත්වා දක්ඛිණේන හත්ථේන චක්කරතනං අබ්භුක්කිරති, ‘පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතන’න්ති. අථ ඛෝ තං භික්ඛවේ, චක්කරතනං පුරත්ථිමං දිසං පවත්තති, අන්වදේව රාජා චක්කවත්තී සද්ධිං චතුරංගිනියා සේනාය. යස්මිං ඛෝ පන භික්ඛවේ, පදේසේ චක්කරතනං පතිට්ඨාති. තත්ථ රාජා චක්කවත්තී වාසං උපේති සද්ධිං චතුරංගිනියා සේනාය.

පින්වත් මහණෙනි, එතකොට ඒ ඔටුණු පළන් ක්ෂත්‍රීය රජු අසුනෙන් නැගිටිනවා. වම් අතින් කෙණ්ඩිය ගන්නවා. දකුණු අතින් අර චක්‍රරත්නයට පැන්වඩනවා. ‘භවත් චක්‍රරත්නය කරකැවේවා! භවත් චක්‍රරත්නයට විශේෂයෙන්ම ජය ලැබේවා!’ කියලා. එතකොට පින්වත් මහණෙනි, ඒ චක්‍රරත්නය නැගෙනහිර පැත්තට කරකැවි කැවී යනවා. ඒ අනුව සක්විති රජුද, සිව්රඟ සේනා සමඟ පසුපසින් ගමන් කරනවා. පින්වත් මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය නවතිනවා නම්, එතැන සක්විති රජතුමා සිව්රඟ සේනාව සමඟ නවතිනවා.

යේ ඛෝ පන භික්ඛවේ, පුරත්ථිමාය දිසාය පටිරාජානෝ, තේ රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහංසු: ‘ඒහි ඛෝ මහාරාජ, ස්වාගතං මහාරාජ, සකන්තේ මහාරාජ, අනුසාස මහාරාජා’ති.

එතකොට පින්වත් මහණෙනි, පෙරදිග දිශාවෙහි යම් විරුද්ධ රජකෙනෙක් ඉන්නවා නම්, ඔහු සක්විති රජු කරා පැමිණෙනවා. ඇවිත් මෙහෙම කියනවා. ‘මහාරාජයාණෙනි, එනු මැනැව. මහාරාජයාණෙනි, ඔබේ පැමිණීම යහපත්ම ය. මහාරාජයාණෙනි, මේ රාජ්‍යයත් ඔබගේ ය. මහාරාජයාණෙනි, අනුශාසනා කළ මැනැව.’

රාජා චක්කවත්තී ඒවමාහ: ‘පාණෝ න හන්තබ්බෝ, අදින්නං නාදාතබ්බං, කාමේසු මිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති. යේ ඛෝ පන භික්ඛවේ, පුරත්ථිමාය දිසාය පටිරාජානෝ, තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා භවන්ති අථ ඛෝ තං භික්ඛවේ චක්කරතනං පුරත්ථිමසමුද්දං අජ්ඣෝගහෙත්වා පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්තති ….(පෙ)…. දක්ඛිණං සමුද්දං අජ්ඣෝගහෙත්වා පච්චුත්තරිත්වා පච්ඡිමං දිසං පවත්තති ….(පෙ)…. පච්ඡිමං සමුද්දං අජ්ඣෝගහෙත්වා, පච්චුත්තරිත්වා උත්තරං දිසං පවත්තති. අන්වදේව රාජා චක්කවත්තී සද්ධිං චතුරංගිනියා සේනාය.

එතකොට සක්විති රජතුමා මෙහෙම කියනවා. ‘ප්‍රාණඝාතය නොකළ යුතුයි; සොරකම නොකළ යුතුයි; වැරදි කාම සේවනය නොකළ යුතුයි; බොරු නොකිව යුතුයි; සුරා පානය නොකළ යුතුයි; සතුටින් කා බී සිටි පරිද්දෙන් හොඳින් අනුභව කරන්න’ කියලා. පින්වත් මහණෙනි, එතකොට පෙරදිග දිශාවෙහි සක්විති රජුට සතුරුව සිටි යම් රජෙක් ඇද්ද, ඔහු ඒ සක්විති රජුගේ කීමට අනුව ජීවත් වෙනවා.

පින්වත් මහණෙනි, ඊට පස්සේ ඒ චක්‍රරත්නය පෙරදිග සාගරයට වැටිලා දකුණු දිශාවට කරකැවෙන්න පටන්ගන්නවා. ….(පෙ)…. දකුණු සමුද්‍රයට වැටිලා බටහිර දිශාවට කරකැවෙන්න පටන්ගන්නවා. ….(පෙ)…. බටහිර සාගරයට වැටිලා උතුරු දිශාවට කරකැවෙන්න පටන්ගන්නවා. ඒ අනුව සක්විති රජුද, සිව්රඟ සේනා සමඟ පසුපසින් ගමන් කරනවා.

යස්මිං ඛෝ පන භික්ඛවේ, පදේසේ චක්කරතනං පතිට්ඨාති. තත්‍ර රාජා චක්කවත්තී වාසං උපේති සද්ධිං චතුරංගිනියා සේනාය. යේ ඛෝ පන භික්ඛවේ, උත්තරාය දිසාය පටිරාජානෝ තේ රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහංසු: ‘ඒහි ඛෝ මහාරාජ, ස්වාගතං මහාරාජ, සකං තේ මහාරාජ, අනුසාස මහාරාජා’ති.

පින්වත් මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය නවතිනවා නම්, එතැන සක්විති රජතුමා සිව්රඟ සේනාව සමඟ නවතිනවා.

එතකොට පින්වත් මහණෙනි, උතුරු දිශාවෙහි යම් විරුද්ධ රජකෙනෙක් ඉන්නවා නම්, ඔහු සක්විති රජු කරා පැමිණෙනවා. ඇවිත් මෙහෙම කියනවා. ‘මහාරාජයාණෙනි, එනු මැනැව. මහාරාජයාණෙනි, ඔබේ පැමිණීම යහපත්ම ය. මහාරාජයාණෙනි, මේ රාජ්‍යයත් ඔබගේ ය. මහාරාජයාණෙනි, අනුශාසනා කළ මැනැව.’

රාජා චක්කවත්තී ඒවමාහ: ‘පාණෝ න හන්තබ්බෝ, අදින්නං නාදාතබ්බං, කාමේසු මිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති. යේ ඛෝ පන භික්ඛවේ, උත්තරාය දිසාය පටිරාජානෝ තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා භවන්ති.

එතකොට සක්විති රජතුමා මෙහෙම කියනවා. ‘ප්‍රාණඝාතය නොකළ යුතුයි; සොරකම නොකළ යුතුයි; වැරදි කාම සේවනය නොකළ යුතුයි; බොරු නොකිව යුතුයි; සුරා පානය නොකළ යුතුයි; සතුටින් කා බී සිටි පරිද්දෙන් හොඳින් අනුභව කරන්න’ කියලා. පින්වත් මහණෙනි, එතකොට උතුරු දිශාවෙහි සක්විති රජුට සතුරුව සිටි යම් රජෙක් ඇද්ද, ඔහු ඒ සක්විති රජුගේ කීමට අනුව ජීවත් වෙනවා.

අථ ඛෝ තං භික්ඛවේ, චක්කරතනං සමුද්දපරියන්තං පඨවිං අභිවිජිනිත්වා තමේව රාජධානිං පච්චාගන්ත්වා රඤ්ඤෝ චක්කවත්තිස්ස අන්තේපුරද්වාරේ අක්ඛාහතං මඤ්ඤේ තිට්ඨති, රඤ්ඤෝ චක්කවත්තිස්ස අන්තේපුරද්වාරං උපසෝභයමානං. රඤ්ඤෝ භික්ඛවේ, චක්කවත්තිස්ස ඒවරූපං චක්කරතනං පාතුභවති.

පින්වත් මහණෙනි, එතකොට ඒ චක්‍රරත්නය මුහුද සීමා කොට ඇති මහ පොළොව දිනාගෙන කලින් රාජධානියටම ආපසු එනවා. ඇවිත් සක්විති රජුගේ ඇතුළු නුවර දොරටුවේ කිසිවෙකුට සොලවාලිය නොහැකි පරිද්දෙන් නවතිනවා. එයින් සක්විති රජුගේ අන්තඃපුර ද්වාරය සුන්දර කරනවා. පින්වත් මහණෙනි, ඔය විදිහේ සක්විති රත්නයක් තමයි පහළ වෙන්නේ.

පුන ච පරං භික්ඛවේ, රඤ්ඤෝ චක්කවත්තිස්ස හත්ථිරතනං පාතුභවති. සබ්බසේතෝ සත්තප්පතිට්ඨෝ ඉද්ධිමා වේහාසංගමෝ උපෝසථෝ නාගරාජා. තං දිස්වාන රඤ්ඤෝ චක්කවත්තිස්ස චිත්තං පසීදති. භද්දකං වත භෝ හත්ථියානං, සචේ දමථං උපෙය්‍යා’ති. අථ ඛෝ තං භික්ඛවේ, හත්ථිරතනං සෙය්‍යථාපි නාම භද්දෝ හත්ථාජානීයෝ දීඝරත්තං සුපරිදන්තෝ, ඒවමේව දමථං උපේති. භූතපුබ්බං භික්ඛවේ, රාජා චක්කවත්තී තමේව හත්ථිරතනං වීමංසමානෝ පුබ්බණ්හසමයං අභිරුහිත්වා සමුද්දපරියන්තං පඨවිං අනුසංයායිත්වා තමේව රාජධානිං පච්චාගන්ත්වා පාතරාසං අකාසි. රඤ්ඤෝ භික්ඛවේ, චක්කවත්තිස්ස ඒවරූපං හත්ථිරතනං පාතුභවති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජතුමාට හස්ති රත්නයකුත් ලැබෙනවා. ඒ හස්තිරාජයා මුළුමනින්ම සුදුපාටයි. සප්ත අංගයන් පොළොවෙහි වදිනවා. ඉර්ධිමත්. අහසින් යන්නට පුළුවන් උපෝසථ වර්ගයේ ඇත් රජෙක්. ඒ ඇතාව දුටු විට සක්විති රජතුමාගේ සිත පහදිනවා. ‘භවත්නි, මේ හස්තියානාව ඉතා ලස්සනයි නෙව. ඉදින් දමනය කරගන්නට ඇත්නම් හරි අගෙයි’ කියලා. පින්වත් මහණෙනි, ඉතා සුන්දර වූ ආජානීය හස්තියෙක් බොහෝ කාලයක් මනාව දමනය වී සිටිනවාද, ඒ හස්තිරත්නයත් එබඳු වූම දමනයකින් යුක්තයි. පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. ඉතින් සක්විති රජතුමා හස්තිරාජයාගේ හැකියාව විමසන්නට හිතලා පෙරවරුවේ ඇතා පිට නැග මුහුද සීමා කොට ඇති, පොළොව වටේ ගොස් ඒ රාජධානියටම ඇවිදින් තමයි උදේ ආහාරය ගත්තේ. පින්වත් මහණෙනි, සක්විති රජතුමාට ලැබෙන්නේ ඔය විදිහේ හස්තිරත්නයකුයි.

පුන ච පරං භික්ඛවේ, රඤ්ඤෝ චක්කවත්තිස්ස අස්සරතනං පාතුභවති. සබ්බසේතෝ කාකසීසෝ මුඤ්ජකේසෝ ඉද්ධිමා වේහාසංගමෝ වලාහකෝ අස්සරාජා. දිස්වාන රඤ්ඤෝ චක්කවත්තිස්ස චිත්තං පසීදති: භද්දකං වත භෝ අස්සයානං, සචේ දමථං උපෙය්‍යා’ති. අථ ඛෝ තං භික්ඛවේ, අස්සරතනං සෙය්‍යථාපි නාම භද්දෝ අස්සාජානීයෝ දීඝරත්තං සුපරිදන්තෝ, ඒවමේව දමථං උපේති. භූතපුබ්බං භික්ඛවේ, රාජා චක්කවත්තී තමේව අස්සරතනං වීමංසමානෝ පුබ්බණ්හසමයං අභිරුහිත්වා සමුද්දපරියන්තං පඨවිං අනුසංයායිත්වා තමේව රාජධානිං පච්චාගන්ත්වා පාතරාසං අකාසි. රඤ්ඤෝ භික්ඛවේ, චක්කවත්තිස්ස ඒවරූපං අස්සරතනං පාතුභවති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජතුමාට අශ්ව රත්නයකුත් ලැබෙනවා. ඒ අශ්වයා මුළුමනින්ම සුදුපාටයි. හිස කළු පාටයි. මුදු තණ බඳු කෙස් තියෙනවා. ඉර්ධිමත්. අහසින් යන්නට පුළුවන්. වළාහක වර්ගයේ අශ්ව රාජයෙක්. ඒ අශ්වයාව දුටු විට සක්විති රජතුමාගේ සිත පහදිනවා. ‘භවත්නි, මේ අශ්වයා ඉතා ලස්සනයි නෙව. ඉදින් දමනය කරගන්නට ඇත්නම් හරි අගෙයි’ කියලා. පින්වත් මහණෙනි, ඉතා සුන්දර වූ ආජානීය අශ්වයෙක් බොහෝ කාලයක් මනාව දමනය වී සිටිනවාද, ඒ අශ්වරත්නයත් එබඳු වූම දමනයකින් යුක්තයි. පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. ඉතින් සක්විති රජතුමා අශ්වරාජයාගේ හැකියාව විමසන්නට හිතලා පෙරවරුවේ අශ්වයා පිට නැග මුහුද සීමා කොට ඇති, පොළොව වටේ ගොස් ඒ රාජධානියටම ඇවිදින් තමයි උදේ ආහාරය ගත්තේ. පින්වත් මහණෙනි, සක්විති රජතුමාට ලැබෙන්නේ ඔය විදිහේ අශ්වරත්නයකුයි.

පුන ච පරං භික්ඛවේ, රඤ්ඤෝ චක්කවත්තිස්ස මණිරතනං පාතුභවති. සෝ හෝති මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ තස්ස ඛෝ පන භික්ඛවේ, මණිරතනස්ස ආභා සමන්තා යෝජනං ඵුටා හෝති. භූතපුබ්බං භික්ඛවේ, රාජා චක්කවත්තී තමේව මණිරතනං වීමංසමානෝ චතුරංගිනිං සේනං සන්නය්හිත්වා මණිං ධජග්ගං ආරෝපෙත්වා රත්තන්ධකාරතිමිසායං පායාසි. යේ ඛෝ පන භික්ඛවේ, සමන්තා ගාමා අහේසුං, තේ තේනෝභාසේන කම්මන්තේ පයෝජේසුං දිවාති මඤ්ඤමානා. රඤ්ඤෝ භික්ඛවේ, චක්කවත්තිස්ස ඒවරූපං මණිරතනං පාතුභවති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජතුමාට මාණික්‍ය රත්නයකුත් ලැබෙනවා. ඒ මැණික වෛරෝඩියක්. ඉතාම ලස්සනයි. ස්වභාවිකයි. අටැසින් යුක්තයි. හොඳින් ඔපමට්ටම් කරලා තියෙනවා. පින්වත් මහණෙනි, ඒ මැණික හාත්පස යොදුනක් පුරාවට එළිය විහිදුවනවා. පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. ඉතින් සක්විති රජතුමා මේ මාණික්‍ය රත්නයේ හැකියාව විමසන්නට හිතලා චතුරංගනී සේනාව සන්නද්ධ කරලා ඒ මාණික්‍ය රත්නය කොඩියේ මුදුනේ රඳවලා ඝන අඳුරේම නික්ම ගියා. පින්වත් මහණෙනි, එතකොට අවට ගම්වල මිනිස්සු ඒ ආලෝකයට දවල් ය කියල හිතාගෙන තමන්ගේ වැඩ කරන්නට පටන්ගත්තා. පින්වත් මහණෙනි, සක්විති රජතුමාට ලැබෙන්නේ ඔය විදිහේ මාණික්‍ය රත්නයකුයි.

පුන ච පරං භික්ඛවේ, රඤ්ඤෝ චක්කවත්තිස්ස ඉත්ථිරතනං පාතුභවති. අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා නාතිදීඝා නාතිරස්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී නාච්චෝදාතා අතික්කන්තා මානුසං වණ්ණං අප්පත්තා දිබ්බං වණ්ණං. තස්ස ඛෝ පන භික්ඛවේ, ඉත්ථිරතනස්ස ඒවරූපෝ කායසම්ඵස්සෝ හෝති: සෙය්‍යථාපි නාම තූලපිචුනෝ වා කප්පාසපිචුනෝ වා තස්ස ඛෝ පන භික්ඛවේ, ඉත්ථිරතනස්ස සීතේ උණ්හානි ගත්තානි හොන්ති. උණ්හේ සීතානි ගත්තානි හොන්ති. තස්ස ඛෝ පන භික්ඛවේ, ඉත්ථිරතනස්ස කායතෝ චන්දනගන්ධෝ වායති. මුඛතෝ උප්පලගන්ධෝ වායති. තං ඛෝ පන භික්ඛවේ, ඉත්ථිරතනං රඤ්ඤෝ චක්කවත්තිස්ස පුබ්බුට්ඨායිනී හෝති පච්ඡානිපාතිනී කිංකාරපටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී. තං ඛෝ පන භික්ඛවේ, ඉත්ථිරතනං රාජානං චක්කවත්තිං මනසාපි නෝ අතිචරති, කුතෝ පන කායේන. රඤ්ඤෝ භික්ඛවේ, චක්කවත්තිස්ස ඒවරූපං ඉත්ථිරතනං පාතුභවති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජතුමාට ස්ත්‍රී රත්නයකුත් ලැබෙනවා. ඒ ස්ත්‍රී රත්නය ඉතාමත් රූප සම්පන්නයි. දර්ශනීයයි. ඉතාම සුන්දරයි. ඉතා උතුම් වූ රූප සෞන්දර්යයෙන් යුක්තයි. ඉතා උසත් නෑ. ඉතා මිටිත් නෑ. ඉතා කෙට්ටුත් නෑ. ඉතා මහතත් නෑ. ඉතා කළුත් නෑ. ඉතා සුදුත් නෑ. මිනිස් පැහැය ඉක්ම ගිහිනුත් නෑ. දිව්‍ය වර්ණයට ඇවිල්ලත් නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රීරත්නයේ කායික පහස මෙබඳු ස්වරූපයෙන් යුක්තයි. ඒ කියන්නේ හොඳින් පොලාපු, හිඹුල් පුළුන් වගෙයි, කපු පුළුන් වගෙයි. පින්වත් මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයෙහි පාදයන් සීතල වෙලාවට උණුසුම්. උණුසුම් වෙලාවට සිසිලයි. ඒ වගේම පින්වත් මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයෙහි ශරීරයෙන් සඳුන් සුවඳ හමනවා. මුවින් මහනෙල් සුවඳ හමනවා. ඒ වගේම පින්වත් මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සක්විති රජු නැගිටින්නට පළමුව නැගිටිනවා. රජුට පසුව නිදියනවා. කුමක් කළ යුතුදැයි නිතර නිතර විමසනවා. රජු සතුටු වන දේම කරනවා. ප්‍රිය මනාප වචන කියනවා. පින්වත් මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සිහිනෙකින්වත් රජතුමා ඉක්මවා යන්නේ නෑ. කයින් ඉක්මවා යෑම ගැන කවර කථාද? පින්වත් මහණෙනි, සක්විති රජතුමාට ලැබෙන්නේ ඔය විදිහේ ස්ත්‍රීරත්නයකුයි.

පුන ච පරං භික්ඛවේ, රඤ්ඤෝ චක්කවත්තිස්ස ගහපතිරතනං පාතුභවති. තස්ස කම්මවිපාකජං දිබ්බචක්ඛු පාතුභවති, යේන නිධිං පස්සති සස්සාමිකම්පි අස්සාමිකම්පි. සෝ රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහ: අප්පොස්සුක්කෝ ත්වං දේව හෝහි. අහං තේ ධනේන ධනකරණීයං කරිස්සාමී’ති. භූතපුබ්බං භික්ඛවේ, රාජා චක්කවත්තී තමේව ගහපතිරතනං වීමංසමානෝ නාවං අභිරුහිත්වා මජ්fක්‍ධ්ගංගාය නදියා සෝතං ඕගහෙත්වා ගහපතිරතනං ඒතදවෝච: අත්ථෝ මේ ගහපති හිරඤ්ඤසුවණ්ණේනා’ති. තේන හි මහාරාජ ඒකං තීරං නාවා උපේතූ’ති. ඉධේව මේ ගහපති, අත්ථෝ හිරඤ්ඤසුවණ්ණේනා’ති. අථ ඛෝ තං භික්ඛවේ, ගහපතිරතනං උභෝහි හත්ථේහි උදකේ ඕමසිත්වා පූරං හිරඤ්ඤසුවණ්ණස්ස කුම්භිං උද්ධරිත්වා රාජානං චක්කවත්තිං ඒවමාහ: අලං එත්තාවතා මහාරාජ, කතං එත්තාවතා මහාරාජ, පූජිතං එත්තාවතා මහාරාජා’ති. රාජා චක්කවත්තී ඒවමාහ: අලං එත්තාවතා ගහපති, කතං එත්තාවතා ගහපති, පූජිතං එත්තාවතා ගහපතී’ති. රඤ්ඤෝ භික්ඛවේ, චක්කවත්තිස්ස ඒවරූපං ගහපතිරතනං පාතුභවති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජතුමාට ගෘහපති රත්නයකුත් ලැබෙනවා. ඔහුට කර්ම විපාකයෙන්ම හටගත් දිවැස් ලැබෙනවා. ඉතින් ඒ දිවැසින් ඔහු අයිතිකාරයන් නැති, අයිතිකාරයන් ඇති, නිදන් වස්තු සොයාගන්නවා. ඔහු සක්විති රජු ළඟට ඇවිත් මෙහෙම කියනවා. ‘දේවයන් වහන්ස, නුඹවහන්සේ මහන්සි වෙන්න ඕන නෑ. ධනයෙන් කළ යුතු යමක් ඇද්ද, එය මං නුඹවහන්සේට කරන්නම්’ කියලා. පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. ඉතින් ඒ සක්විති රජතුමා ගෘහපති රත්නය විමසන්නට හිතාගෙන නැවකට නැගී ගඟ මැදට ගිහින් ඒ ගෘහපති රත්නයට මෙසේ කිව්වා. ‘පින්වත් ගෘහපතිය, මට රන් රිදීවල අවශ්‍යතාවයක් තියෙනවා’ කියලා. ‘එසේ වී නම් මහරජාණෙනි, නැව එක ඉවුරකට අයින් කරන්න’ ‘එම්බා ගෘහපතිය, මට මෙතනදීම යි රන් රිදීවලින් ප්‍රයෝජනය තියෙන්නේ’ එතකොට පින්වත් මහණෙනි, ඒ ගෘහපති රත්නය තම දෝතින් ජලය ස්පර්ශ කොට රත්තරන්, අමුරන් පිරුණු කළයක් උඩට ගෙන සක්විති රජුට මෙහෙම කිව්වා. ‘මහරජාණෙනි, මෙපමණක් ඇද්ද? මහරජාණෙනි, මෙපමණකිනුත් කළා වෙනවාද? මහරජාණෙනි, මෙපමණකිනුත් පිදුවා වෙනවාද?’ කියලා. එතකොට සක්විති රජු මෙහෙම කියනවා. ‘ගෘහපතිය, මෙපමණකින්ම ප්‍රමාණවත්. ගෘහපතිය, මෙපමණකින්ම කළා වෙනවා. ගෘහපතිය, මෙපමණකින්ම පිදුවා වෙනවා’ පින්වත් මහණෙනි, සක්විති රජතුමාට ලැබෙන්නේ ඔය විදිහේ ගෘහපති රත්නයකුයි.

පුන ච පරං භික්ඛවේ, රඤ්ඤෝ චක්කවත්තිස්ස පරිනායකරතනං පාතුභවති. පණ්ඩිතෝ ව්‍යත්තෝ මේධාවී පටිබලෝ රාජානං චක්කවත්තිං උපට්ඨාපේතබ්බං උපට්ඨාපේතුං අපයාපේතබ්බං අපයාපේතුං. ඨපේතබ්බං ඨපේතුං. සෝ රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහ: අප්පොස්සුක්කෝ ත්වං දේව හෝහි. අහං අනුසාසිස්සාමී’ති. රඤ්ඤෝ භික්ඛවේ, චක්කවත්තිස්ස ඒවරූපං පරිනායකරතනං පාතුභවති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජතුමාට පුත්‍ර රත්නයකුත් ලැබෙනවා. හරිම ඤාණවන්තයි. ව්‍යක්තයි. ප්‍රඥාවන්තයි. සක්විති රජු කරා කැඳවිය යුත්තන් කැඳවන්නටද, ඉවත් කළ යුත්තන් ඉවත් කරන්නටද, ඔහු ඉතාමත් දක්ෂයි. තනතුරෙහි තැබිය යුත්තන් තබවන්නත් දක්ෂයි. ඒ පුත්‍රරත්නය සක්විති රජු වෙත පැමිණ මෙහෙම කියනවා. ‘දේවයන් වහන්ස, නුඹවහන්සේ මහන්සි ගන්නට ඕන නැහැ. මං කටයුතු සොයා බලන්නම්’ කියල. පින්වත් මහණෙනි, සක්විති රජතුමාට ලැබෙන්නේ ඔය විදිහේ පුත්‍ර රත්නයකුයි.

රාජා භික්ඛවේ, චක්කවත්තී ඉමේහි සත්තහි රතනේහි සමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. සක්විති රජතුමා මෙම සප්ත රත්නයන්ගෙන් තමයි සමන්විත වන්නේ.

කතමාහි චතුහි ඉද්ධීහි:

පින්වත් මහණෙනි, සක්විති රජතුමාගේ ඉර්ධි සතර කුමක්ද?

ඉධ භික්ඛවේ, රාජා චක්කවත්තී අභිරූපෝ හෝති දස්සනීයෝ පාසාදිකෝ පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතෝ අතිවිය අඤ්ඤේහි මනුස්සේහි. රාජා භික්ඛවේ, චක්කවත්තී ඉමාය පඨමාය ඉද්ධියා සමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, සක්විති රජතුමා ඉතාමත්ම දැකුම්කළු රූපයකින් යුක්තයි. දර්ශනීයයි. ඉතාම සුන්දරයි. අන් මිනිසුන්ට වඩා උදාර වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙය තමයි සක්විති රජුගේ පළමුවෙනි ඉර්ධිය.

පුන ච පරං භික්ඛවේ, රාජා චක්කවත්තී දීඝායුකෝ හෝති චිරට්ඨිතිකෝ අතිවිය අඤ්ඤේහි මනුස්සේහි. රාජා භික්ඛවේ, චක්කවත්තී ඉමාය දුතියාය ඉද්ධියා සමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, සක්විති රජතුමා දීර්ඝායුෂෙන් යුක්තයි. අන්‍ය මිනිසුන්ට වඩා බොහෝ කාලයක් ජීවත් වෙනවා. පින්වත් මහණෙනි, මෙය තමයි සක්විති රජුගේ දෙවෙනි ඉර්ධිය.

පුන ච පරං භික්ඛවේ, රාජා චක්කවත්තී අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ නාතිසීතාය නාච්චුණ්හාය අතිවිය අඤ්ඤේහි මනුස්සේහි. රාජා භික්ඛවේ, චක්කවත්තී ඉමාය තතියාය ඉද්ධියා සමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, සක්විති රජතුමා අල්පාබාධයෙන් යුක්තයි. අල්ප පීඩාවෙන් යුක්තයි. අන්‍ය මිනිසුන්ට වඩා ඕනෑම ආහාරයක් සුවසේ දිරවන, ඉතා සිසිල් නොවූ, ඉතා ඌෂ්ණ නොවූ, සම ව පැසෙන ග්‍රහණියකින් යුක්තයි. පින්වත් මහණෙනි, මෙය තමයි සක්විති රජුගේ තෙවෙනි ඉර්ධිය.

පුන ච පරං භික්ඛවේ, රාජා චක්කවත්තී බ්‍රාහ්මණගහපතිකානං පියෝ හෝති මනාපෝ. සෙය්‍යථාපි භික්ඛවේ, පිතා පුත්තානං පියෝ හෝති මනාපෝ, ඒවමේව ඛෝ භික්ඛවේ, රාජා චක්කවත්තී, බ්‍රාහ්මණගහපතිකානං පියෝ හෝති මනාපෝ. රඤ්ඤෝපි භික්ඛවේ, චක්කවත්තිස්ස බ්‍රාහ්මණගහපතිකා පියා හොන්ති මනාපා. සෙය්‍යථාපි භික්ඛවේ, පිතු පුත්තා පියා හොන්ති මනාපා. ඒවමේව ඛෝ භික්ඛවේ, රඤ්ඤෝපි චක්කවත්තිස්ස බ්‍රාහ්මණගහපතිකා පියා හොන්ති මනාපා. භූතපුබ්බං භික්ඛවේ, රාජා චක්කවත්තී චතුරංගිනියා සේනාය උය්‍යානභූමිං නිය්‍යාසි. අථ ඛෝ භික්ඛවේ, බ්‍රාහ්මණගහපතිකා රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහංසු: ‘අතරමානෝ දේව, යාහි, යථා තං මයං චිරතරං පස්සෙය්‍යාමා’ති. රාජාපි භික්ඛවේ, චක්කවත්තී සාරථිං ආමන්තේසි: ‘අතරමානෝ සාරථි, පේසේහි යථා මං බ්‍රාහ්මණගහපතිකා චිරතරං පස්සෙය්‍ය’න්ති. රාජා භික්ඛවේ, චක්කවත්තී ඉමාය චතුත්ථාය ඉද්ධියා සමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, සක්විති රජතුමා බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ඉතාමත්ම ප්‍රිය මනාපයි. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පියතුමා දරුවන්ට ඉතාමත් ප්‍රිය මනාප වෙයිද, ඒ අයුරින්ම සක්විති රජතුමාත් බ්‍රාහ්මණ ගෘහපතිවරුන් හට ඉතාමත් ම ප්‍රිය මනාපයි.

පින්වත් මහණෙනි, සක්විති රජතුමාටත් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ව ඉතාමත්ම ප්‍රිය මනාපයි. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පියතුමාට දරුවන්ව ඉතාමත් ප්‍රිය මනාප වෙයිද, ඒ අයුරින්ම සක්විති රජතුමාටත් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ව ඉතාමත්ම ප්‍රිය මනාප යි.

පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. සක්විති රජතුමා චතුරංගනී සේනාව සමඟ උයන් බිමට නික්මුනා. එතකොට පින්වත් මහණෙනි, බ්‍රාහ්මණ ගෘහපතිවරු සක්විති රජ්ජුරුවන් වෙත පැමිණ මෙහෙම කිව්වා. ‘අනේ දේවයන් වහන්ස, හෙමින් හෙමින් වඩිනු මැනැව. එතකොට අපට සෑහෙන වෙලාවක් නුඹවහන්සේව දැකගන්නට පුළුවනි’ කියලා. එතකොට සක්විති රජු රියදුරා ඇමතුවා. ‘පින්වත් රියදුර, බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට මාව බොහෝ වේලාවක් දකින්නට පුළුවන් වන පරිද්දෙන් හෙමින් හෙමින් අසුන් මෙහෙයවන්න’ කියලා. පින්වත් මහණෙනි, මෙය තමයි සක්විති රජුගේ සතරවෙනි ඉර්ධිය.

රාජා භික්ඛවේ, චක්කවත්තී ඉමාහි චතුහි ඉද්ධීහි සමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, ඔය ඉර්ධි හතරෙන් තමයි සක්විති රජු සමන්විත වන්නේ.

තං කිං මඤ්ඤථ භික්ඛවේ, අපි නු ඛෝ රාජා චක්කවත්තී ඉමේහි සත්තහි රතනේහි සමන්නාගතෝ ඉමාහි චතුහි ච ඉද්ධීහි, තතෝ නිදානං සුඛං සෝමනස්සං පටිසංවේදියේථාති.

පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට සක්විති රජතුමා මේ සප්ත රත්නයන්ගෙනුත් යුක්ත වෙලා, මේ ඉර්ධි සතරෙනුත් යුක්ත වෙලා සිටිද්දී, ඒ හේතුවෙන් සැපක් සොම්නසක් විඳිනවාද?”

ඒකමේකේනාපි තේන භන්තේ, රතනේන සමන්නාගතෝ රාජා චක්කවත්තී තතෝ නිදානං සුඛං සෝමනස්සං පටිසංවේදියේථ. කෝ පන වාදෝ සත්තහි රතනේහි චතුහි ච ඉද්ධීහීති.

“ස්වාමීනී, ඔය එක එක රත්නයකින් යුක්ත වූ සක්විති රජු ඒ හේතුවෙන් සැපයක් සොම්නසක් විඳිනවාම යි. සප්ත රත්නයෙනුත්, සතර ඉර්ධියෙනුත් සැපයක් සොම්නසක් විඳීම ගැන කවර කථාද?”

අථ ඛෝ භගවා පරිත්තං පාණිමත්තං පාසාණං ගහෙත්වා භික්ඛූ ආමන්තේසි: ‘තං කිං මඤ්ඤථ භික්ඛවේ, කතමෝ නු ඛෝ මහන්තතරෝ: යෝ චායං මයා පරිත්තෝ පාණිමත්තෝ පාසාණෝ ගහිතෝ, යෝ ච හිමවා පබ්බතරාජාති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අතින් මිට මොලවා ගත හැකි කුඩා ගලක් ගෙන භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් විශාල කුමක්ද? මා අතින් මිට මොලවා ගෙන සිටින මේ ගල් කැටයද? නැත්නම් හිමාල පර්වත රාජයාද?”

අප්පමත්තකෝ අයං භන්තේ, භගවතා පරිත්තෝ පාණිමත්තෝ පාසාණෝ ගහිතෝ හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සංඛම්පි න උපේති, කලභාගම්පි න උපේති, උපනිධිම්පි න උපේති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් මිට මොලවා ගෙන සිටින කුඩා ගල් කැබැල්ල ඉතාමත්ම කුඩයි. හිමාල පර්වත රාජයා සමඟ සසඳා බැලීමේදී ගණන් කොට කියන්නට බැහැ. කොටස් කොට කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.”

ඒවමේව ඛෝ භික්ඛවේ, යං රාජා චක්කවත්තී සත්තහි රතනේහි චතුහි ච ඉද්ධීහි සමන්නාගතෝ තතෝ නිදානං සුඛං සෝමනස්සං පටිසංවේදේති. තං දිබ්බස්ස සුඛස්ස උපනිධාය සංඛම්පි න උපේති, කලභාගම්පි න උපේති, උපනිධිම්පි න උපේති.

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි සක්විති රජතුමා සප්ත රත්නයෙනුත්, ඉර්ධි සතරෙනුත් යුක්තව යම් සැපයක් සොම්නසක් විඳිනවා නම්, එය දිව්‍ය වූ සැපය සමඟ සසඳා බලන විට ගණනකට ගන්නට බැහැ. කොපමණ ප්‍රමාණයක්ද කියල කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.

ස ඛෝ සෝ භික්ඛවේ, පණ්ඩිතෝ සචේ කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේන මනුස්සත්තං ආගච්ඡති. යානි තානි උච්චාකුලානි ඛත්තියමහාසාලකුලං වා බ්‍රාහ්මණමහාසාලකුලං වා ගහපතිමහාසාලකුලං වා, තථාරූපේ කුලේ පච්චාජායති අඩ්ඪේ මහද්ධනේ මහාභෝගේ පහූතජාතරූපරජතේ පහූතවිත්තූපකරණේ පහූතධනධඤ්ඤේ. සෝ ච හෝති අභිරූපෝ දස්සනීයෝ පාසාදිකෝ පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතෝ. ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලේපනස්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්ස. සෝ කායේන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සෝ කායේන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. සෙය්‍යථාපි භික්ඛවේ, අක්ඛධුත්තෝ පඨමේනේව කටග්ගහේන මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡෙය්‍ය, අප්පමත්තකෝ සෝ භික්ඛවේ, කටග්ගහෝ, යං සෝ අක්ඛධුත්තෝ පඨමේනේව කටග්ගහේන මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡෙය්‍ය. අථ ඛෝ අයමේව තතෝ මහන්තතරෝ කටග්ගහෝ, යං සෝ පණ්ඩිතෝ කායේන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. අයං භික්ඛවේ කේවලපරිපූරා පණ්ඩිතභූමීති.

පින්වත් මහණෙනි, ඒ සත්පුරුෂ නුවණැත්තා බොහෝ කාලයක්, ඉතා දීර්ඝ කාලයක් දෙව්ලොව සැප විඳීමෙන් පසු මනුෂ්‍ය ආත්මභාවයකට පැමිණෙන අවස්ථාවක් ඇතිවෙන්නට පුළුවන්. එතකොට යම් උසස් කුලයක්, ක්ෂත්‍රීය මහාසාර කුලයක්, බ්‍රාහ්මණ මහාසාර කුලයක්, ගෘහපති මහාසාර කුලයක් තියෙනවා නම්, එවැනි කුලයක තමයි උපදින්නේ. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වෙලා, මහා භෝග සම්පත් ඇතුව, බොහෝ රන් රිදී ඇතුව, බොහෝ සැපවත් බඩු භාණ්ඩ ඇතුව, බොහෝ ධන සම්පත් ඇතුව තමයි ඉන්නේ. ඒ වගේම ඔහු ඉතාමත්ම රූප සම්පත්තියෙන් යුක්තයි. දර්ශනීයයි. සුන්දරයි. උදාර වූ ශරීර වර්ණයෙන් යුක්තයි. ඒ වගේ ම ආහාර පාන, වස්ත්‍රාභරණ, යානවාහන, මල් සුවඳ විලවුන්, ගෙවල් දොරවල් ආදිය උතුම් විදිහට ලැබෙනවා. ඊට පස්සේ ඔහු කරන්නේ ආයෙමත් කයෙන් යහපතෙහි හැසිරීමයි. වචනයෙන් යහපතෙහි හැසිරීමයි. මනසින් යහපතෙහි හැසිරීමයි. ඔහු කයින් යහපතෙහි හැසිරිලා, වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සූදු කාරයෙක් මුහුණ දෙන පළමුවෙනි ජයග්‍රහණයෙන්ම මහත් වූ භෝගස්කන්ධයක් ලබාගන්නවා වගෙයි. පින්වත් මහණෙනි, යම්හෙයකින් සූදු කාරයෙක් මුහුණ දෙන පළමුවෙනි ජයග්‍රහණයෙන්ම මහත් වූ භෝගස්කන්ධයක් ලබාගන්නවා නම්, ඒ ජයග්‍රහණය අල්පමාත්‍ර වූ ජයග්‍රහණයක්. නමුත් යම් හෙයකින් සත්පුරුෂ නුවණැත්තා කයින් යහපතෙහි හැසිරිලා, වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොව උපදිනවාද, මේක තමයි අර ජයග්‍රහණයට වඩා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය. පින්වත් මහණෙනි, මේ ස්වර්ගය තමයි මුළුමනින් ම පරිපූර්ණ වූ සත්පුරුෂ නැණවතුන්ගේ භූමිය කියන්නේ.

ඉදමවෝච භගවා අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

බාලපණ්ඩිතසුත්තං නවමං.

බාලයාත් පණ්ඩිතයාත් ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M