මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.3.8. උපක්කිලේස සුත්තං

3.3.8. උපක්ලේශ ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසම්බියං විහරති ඝෝසිතාරාමේ. තේන ඛෝ පන සමයේන කෝසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. අථ ඛෝ අඤ්ඤතරෝ භික්ඛු යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ සෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: ඉධ භන්තේ, කෝසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. සාධු භන්තේ, භගවා යේන තේ භික්ඛූ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. ඒ කාලයෙහි කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු සරුවල් වෙලා, කෝලාහල ඇතිකරගෙන, වාද විවාද ඇතිකරගෙන එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විද ගනිමිනුයි වාසය කළේ. එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා රණ්ඩු අල්ලනවා. කෝලාහල කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකාට වචන නැමැති ආයුධවලින් විදගන්නවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත අනුකම්පා උපදවා වැඩමකරන සේක් නම් මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එම ඇරයුම ඉවසා වදාළා.

අථ ඛෝ භගවා යේන තේ භික්ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා තේ භික්ඛූ ඒතදවෝච: ‘අලං භික්ඛවේ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.

ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා වෙත වැඩම කළා. වැඩම කොට ඒ භික්ෂූන්ට මෙය වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච. ආගමේතු භන්තේ, භගවා ධම්මස්සාමි. අප්පොස්සුක්කෝ භන්තේ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තෝ විහරතු. මයමේතේන භණ්ඩනේන කලහේන විග්ගහේන විවාදේන පඤ්ඤායිස්සාමාති.

මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ රණ්ඩු සරුවල් වලින්, කෝලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

දුතියම්පි ඛෝ භගවා තේ භික්ඛූ ඒතදවෝච: ‘අලං භික්ඛවේ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

දුතියම්පි ඛෝ සෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: ආගමේතු භන්තේ, භගවා ධම්මස්සාමි. අප්පොස්සුක්කෝ භන්තේ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තෝ විහරතු. මයමේතේන භණ්ඩනේන කලහේන විග්ගහේන විවාදේන පඤ්ඤායිස්සාමාති.

දෙවෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ රණ්ඩු සරුවල්වලින්, කෝලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

තතියම්පි ඛෝ භගවා තේ භික්ඛූ ඒතදවෝච: ‘අලං භික්ඛවේ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවටත් ඒ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. “කම් නැත, පින්වත් මහණෙනි, රණ්ඩුසරුවල් කරන්න එපා! කෝලාහල කරගන්න එපා! අර්බුද ඇතිකරගන්න එපා! වාද විවාද කරගන්න එපා!”

තතියම්පි ඛෝ සෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: ‘ආගමේතු භන්තේ, භගවා ධම්මස්සාමි. අප්පොස්සුක්කෝ භන්තේ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තෝ විහරතු. මයමේතේන භණ්ඩනේන කලහේන විග්ගහේන විවාදේන පඤ්ඤායිස්සාමාති.

තුන්වෙනි වතාවේදීත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී සිටින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදිහත් වීමට උත්සාහවත් නොවී භාවනානුයෝගී සුවයෙන් වැඩහිඳින සේක්වා! අපි මේ රණ්ඩු සරුවල්වලින්, කෝලාහලයෙන්, අර්බුදයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කෝසම්බිං පිණ්ඩාය පාවිසි. කෝසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ සේනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය ඨිතකෝව ඉමා ගාථා අභාසි:

එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය ද ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩම කළා. කොසඹෑ නුවර පිඬු පිණිස වැඩම කොට දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී තමන් වහන්සේගේ කුටිය අස්පස් කොට, පාත්‍රය හා සිවුරු ද රැගෙන සිටගෙන වැඩසිටියදී ම මෙම ගාථාවන් වදාළ සේක.

පුථු සද්දෝ සමජනෝ න බාලෝ කෝචි මඤ්ඤථ,
සංඝස්මිං භිජ්ජමානස්මිං නාඤ්ඤං භිය්‍යෝ අමඤ්ඤථ.

“මේ සමාන අදහස් ඇති පිරිස මහා ශබ්දයක් කරනවා. මේ කාටවත් හිතෙන්නේ නෑ තමන් බාලයෙක් නේද කියලා. සංඝභේදය සිදුවෙද්දී මේ එක්කෙනෙකුටවත් සිතෙන්නේ නෑ තමා නිසා නේද මේ බරපතල දේ සිදුවෙන්නේ කියලා.

පරිමුට්ඨා පණ්ඩිතා භාසා වාචා ගෝචරභාණිනෝ,
යාවිච්ඡන්ති මුඛායාමං යේන නීතා න තං විදූ.

සිහිමුලාව සිටින ඔවුන් මහා නුවණැත්තන් විදිහට සිතාගෙනයි අර්බුද ඇතිවෙන කරුණු රැස් කර කර කියවන්නේ. යම්තාක් කට පළල් කොට කතා කරන්නට කැමති වෙද්ද, ඒ තාක් මේ උදවිය දොඩවනවා.

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මේ,
යේ ච තං උපනය්හන්ති වේරං තේසං න සම්මති.

‘මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නවා නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳෙන්නේ නෑ.

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මේ,
යේ තං න උපනය්හන්ති වේරං තේසූපසම්මති.

‘මට ආක්‍රෝෂ කළා. මාව පෙලුවා. මාව පැරැද්දුවා. මා සතු දේවල් පැහැරගත්තා’ කිය කියා යම් කෙනෙක් සිතෙහි වෛර බැඳගන්නේ නැත්නම්, ඔවුන්ගේ ඒ වෛරය සංසිඳී යනවා.

න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං,
අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ.

මේ ලෝකයේ කවරදාකවත් වෛර කිරීමෙන් වෛරය සංසිඳී යන්නේ නෑ. වෛර නොකිරීමෙන්මයි සංසිඳී යන්නේ. මෙය සනාතන සත්‍යයක්.

පරේ ච න විජානන්ති මයමෙත්ථ යමාමසේ,
යේ ච තත්ථ විජානන්ති තතෝ සම්මන්ති මේධගා.

ඔය කෝලාහල කරන උදවිය දන්නෙ නෑ මේ කෝලාහල නිසාම අපි වැනසිලා යනවා කියලා. නමුත් යම් දිනෙක මේ කෝලාහල නිසා තමන් වැනසී යන බව තේරුම් ගන්නවා නම් ඒ හේතුවෙන් තමයි කෝලාහල සංසිඳී යන්නේ.

අට්ඨිච්ඡිදා පාණහරා ගවාස්සධනහාරිනෝ,
රට්ඨං විලුම්පමානානං තේසම්පි හෝති සංගති
කස්මා තුම්හාකං නෝ සියා?

මිනිසුන්ගේ ඇට බිඳලා, පණ නසන හොරු ඉන්නවා. ගවයන්, අසුන්, ධන ධාන්‍ය පැහැරගන්නා හොරු ඉන්නවා. රටවල් මංකොල්ලකන හොරු ඉන්නවා. ඔවුන්ගේ පවා සමඟියක් තියෙනවා. නුඹලාට සමඟි වෙන්නට බැරි මක් නිසාද?

සචේ ලභේථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං,
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි චරෙය්‍ය තේනත්තමනෝ සතීමා.

ඉදින් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති යහළුවෙක් ලැබුනොත් ඒ ප්‍රාඥ වූ කලණ මිතුරා සමඟ තිබෙන හැම කරදරයක්ම මැඩගෙන සතුටින් හා සිහියෙන් යුක්තව ඔහු සමඟ වාසය කරන්නට ඕන.

නෝ චේ ලභේථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං,
රාජාව රට්ඨං විජිතං පහාය ඒකෝ චරේ මාතංගරඤ්ඤේව නාගෝ.

නමුත් ඇසුරු කරන්නට ඉතා සුදුසු වූ, ස්ථානෝචිත ප්‍රඥාව ඇති, යහපත් ගති පැවතුම් ඇති, ප්‍රාඥ වූ කලණ මිතුරු වූ යහළුවෙක් නොලැබුනොත්, දිනපු රට අත්හැර හුදෙකලාවේ යන රජෙක් වගේ, වනාන්තරයෙහි හුදෙකලාවේ වාසය කළ මාතංග නම් හස්තිරාජයා වගේ තනියම යි ඉන්න ඕන.

ඒකස්ස චරිතං සෙය්‍යෝ නත්ථි බාලේ සහායතා,
ඒකෝ චරේ න ච පාපානි කයිරා අප්පොස්සුක්කෝ මාතංගරඤ්ඤේව නාගෝ’ති.

හුදෙකලාවේ හැසිරීමම යි ශ්‍රේෂ්ඨ වන්නේ. අඥාන බාලයන්ගේ යාළු කමෙන් ඇති ඵලක් නෑ. තනියම වාසය කිරීම හේතුවෙන් ඔහුට පව් රැස් වෙන්නේ නෑ. වනාන්තරයේ හුදෙකලාවේ වාසය කරන මාතංග හස්තිරාජයා වගේ උත්සාහ නැතුව තනියමයි ඉන්න තියෙන්නේ.”

අථ ඛෝ භගවා ඨිතකෝව ඉමා ගාථා භාසිත්වා යේන බාලකලෝණකාරගාමෝ තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන ආයස්මා භගු බාලකලෝණකාරගාමේ විහරති. අද්දසා ඛෝ ආයස්මා භගු භගවන්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපේසි උදකඤ්ච පාදානං. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ පාදේ පක්ඛාලේසි. ආයස්මාපි ඛෝ භගු භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං භගුං භගවා ඒතදවෝච:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිටගෙන වැඩසිටියදී ම මේ ගාථා වදාරා බාලකලෝණකාර නම් ගමට වැඩම කළා. ඒ දිනවල ආයුෂ්මත් භගු තෙරුන් වැඩසිටියේ බාලකලෝණකාර ගමෙහිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුරින්ම වඩින අයුරු ආයුෂ්මත් භගු තෙරුන් දුටුවා. දැක ආසනයක් පැණෙව්වා. පා දෝවනය කරන්නට පැන් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ආයුෂ්මත් භගු තෙරුන් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

කච්චි භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකේන න කිලමසීති?

“පින්වත් භික්ෂුව, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?”

ඛමනීයං භගවා, යාපනීයං භගවා, න චාහං භන්තේ පිණ්ඩකේන කිලමාමී’ති.

“භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

අථ ඛෝ භගවා ආයස්මන්තං භගුං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යේන පාචීනවංසදායෝ තේනුපසංකමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරුන් හට දැහැමි කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, පහදවා, හුනස්නෙන් නැගී පාචීනවංස නම් වනය කරා වැඩම කළා.

තේන ඛෝ පන සමයේන ආයස්මා ච අනුරුද්ධෝ ආයස්මා ච නන්දියෝ ආයස්මා ච කිම්බිලෝ පාචීනවංසදායේ විහරන්ති. අද්දසා ඛෝ දායපාලෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං ඒතදවෝච: ‘මා මහාසමණ ඒතං දායං පාවිසි, සන්තෙත්ථ තයෝ කුලපුත්තා අත්තකාමරූපා විහරන්ති, මා තේසං අඵාසුං අකාසී’ති. අස්සෝසි ඛෝ ආයස්මා අනුරුද්ධෝ දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං ඒතදවෝච:

ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද වාසය කළේ පාචීනවංස නැමැති වනාන්තරයේ. එහිදී වනාරක්ෂක තැනැත්තා දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “මහා ශ්‍රමණයන් වහන්ස, මේ අභය භූමියට ඇතුළු වන්නට එපා! මේ වනයේ තමන් කැමති පරිදි බණ භාවනා කරමින් සිටින කුලපුත්‍රයන් තුන් දෙනෙක් වාසය කරනවා. උන්වහන්සේලාව අපහසුවට පත්කරන්නට එපා!”

එතකොට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වනාරක්ෂක තැනැත්තා භාග්‍යවතුන් වහන්සේ සමඟ කරන මේ කතාව ඇසුවා. අසා ඒ වනාරක්ෂක තැනැත්තාට මෙය පැවසුවා.

‘මා ආවුසෝ දායපාල, භගවන්තං වාරේසි. සත්ථා නෝ භගවා අනුප්පත්තෝ’ති.

“ප්‍රිය ආයුෂ්මත් වනපාලය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව වළක්වන්නට එපා! අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේයි මේ වැඩම කරලා ඉන්නේ.”

අථ ඛෝ ආයස්මා අනුරුද්ධෝ යේනායස්මා ච නන්දියෝ යේනායස්මා ච කිම්බිලෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තං ච කිම්බිලං ඒතදවෝච: ‘අභික්කමථායස්මන්තෝ, අභික්කමථායස්මන්තෝ සත්ථා නෝ භගවා අනුප්පත්තෝ’ති. අථ ඛෝ ආයස්මා ච අනුරුද්ධෝ ආයස්මා ච නන්දියෝ ආයස්මා ච කිම්බිලෝ භගවන්තං පච්චුග්ගන්ත්වා ඒකෝ භගවතෝ පත්තචීවරං පටිග්ගහේසි, ඒකෝ ආසනං පඤ්ඤාපේසි, ඒකෝ පාදෝදකං උපට්ඨපේසි. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ පාදේ පක්ඛාලේසි. තේපි ඛෝ ආයස්මන්තෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං අනුරුද්ධං භගවා ඒතදවෝච:

ඉතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ආයුෂ්මත් නන්දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් නන්දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉක්මනින් වඩින්න. අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක” කියලා. එතකොට ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ද, ආයුෂ්මත් නන්දිය තෙරුන්ද, ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට එක නමක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු පිළිගත්තා. එක නමක් භාග්‍යවතුන් වහන්සේට වැඩසිටින්නට ආසනයක් පැණෙව්වා. එක නමක් පා සෝදන්නට දිය බඳුනක් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

කච්චි වෝ අනුරුද්ධා, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකේන න කිලමථාති?

“පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, ඉවසන්නට පුළුවනිද? කොහොමද, යැපෙන්නට පුළුවනිද? කොහොමද, පිණ්ඩපාතයෙන් අපහසුවක් නැද්ද?”

‘ඛමනීයං භගවා, යාපනීයං භගවා. න ච මයං භන්තේ, පිණ්ඩකේන කිලමාමා’ති.

“භාග්‍යවතුන් වහන්ස, ඉවසන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, යැපෙන්නටත් පුළුවනි. භාග්‍යවතුන් වහන්ස, පිණ්ඩපාතයෙන් කිසි අපහසුවක් නෑ.”

කච්චි පන වෝ අනුරුද්ධා, සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථාති?

“කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින්ද, වාසය කරන්නේ?”

තග්ඝ මයං භන්තේ, සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා’ති.

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමිනුයි වාසය කරන්නේ.”

යථා කථං පන තුම්හේ අනුරුද්ධා, සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා’ති.

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ කොයි අයුරින්ද, සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ?”

ඉධ මය්හං භන්තේ, ඒවං හෝති: ‘ලාභා වත මේ, සුලද්ධං වත මේ, යෝහං ඒවරූපේහි සබ්‍රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තේ, ඉමේසු ආයස්මන්තේසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවි චේව රහෝ ච. මෙත්තං වචීකම්මං ….(පෙ)…. මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතං ආවි චේව රහෝ ච. තස්ස මය්හං භන්තේ, ඒවං හෝති: යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමේසංයේව ආයස්මන්තානං චිත්තස්ස වසේන වත්තෙය්‍ය’න්ති. සෝ ඛෝ අහං භන්තේ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමේසංයේව ආයස්මන්තානං චිත්තස්ස වසේන වත්තාමි. නානා හි ඛෝ නෝ භන්තේ, කායා, ඒකං ච පන මඤ්ඤේ චිත්තන්ති.

“ස්වාමීනී, මට මෙහිදී මෙහෙමයි සිතෙන්නේ. ‘ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට යහපත් ලැබීමක්ම යි. මෙබඳු වූ ගතිගුණ ඇති සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ වාසය කරන්නට ලැබුනා නෙව’ කියලා. එතකොට ස්වාමීනී, මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී කාය කර්ම පිහිටලා තියෙනවා. මෛත්‍රී වචී කර්ම ….(පෙ)…. මා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහිත්, නැති විටත්, මෛත්‍රී මනෝ කර්ම පිහිටලා තියෙනවා. එතකොට ස්වාමීනී, මට මෙහෙමත් සිතෙනවා. මං මගේ සිත බැහැරින් තබලා මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වසන්නට ඕන කියලා. එතකොට ස්වාමීනී, ඒ මම මගේ සිත බැහැර කොට මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිත සමඟ එක් වී වාසය කරනවා. එතකොට ස්වාමීනී, අපගේ වෙනස්කම තියෙන්නේ ශරීරවලින් විතරයි. නමුත් අපේ සිත එකක් කියලයි හැඟෙන්නේ.”

ආයස්මාපි ඛෝ නන්දියෝ ….(පෙ)…. ආයස්මාපි කිම්බිලෝ භගවන්තං ඒතදවෝච. මය්හම්පි ඛෝ භන්තේ, ඒවං හෝති: ‘ලාභා වත මේ, සුලද්ධං වත මේ, යෝහං ….(පෙ)…. ඒකං ච පන මඤ්ඤේ චිත්තන්ති.

ආයුෂ්මත් නන්දිය තෙරුන්ද ….(පෙ)…. ආයුෂ්මත් කිම්බිල තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මටත් සිතෙන්නේ මෙහෙමයි. ‘ඒකාන්තයෙන්ම මට ලාභයක්ම යි. ඒකාන්තයෙන්ම මට මනා වූ ලාභයක්ම යි. ඒ මම ….(පෙ)…. සිතින් එකයි කියලයි හැඟෙන්නේ.”

ඒවං ඛෝ මයං භන්තේ, සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමාති.

“ස්වාමීනී, අපි ඔය විදිහටයි සමඟිව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, කිරියි වතුරයි එක්වුනා වගේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ.”

සාධු සාධු අනුරුද්ධා, ‘කච්චි පන වෝ අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරථා’ති?

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධයෙනි, කොහොමද, පින්වත් අනුරුද්ධයෙනි, ඔබ වාසය කරන්නේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පිදීමෙන්ද?”

‘තග්ඝ මයං භන්තේ, අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරාමා’ති.

“ස්වාමීනී, ඒකාන්තයෙන්ම අපි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදායි වාසය කරන්නේ.”

‘යථා කථං පන තුම්හේ අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරථා’ති?

“පින්වත් අනුරුද්ධයෙනි, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා ඔබ වාසය කරන්නේ කොයි අයුරින්ද?”

ඉධ භන්තේ, අම්හාකං යෝ පඨමං ගාමතෝ පිණ්ඩාය පටික්කමති. සෝ ආසනානි පඤ්ඤාපේති, පානීයං පරිභෝජනීයං උපට්ඨපේති, අවක්කාරපාතිං උපට්ඨපේති. යෝ පච්ඡා ගාමතෝ පිණ්ඩාය පටික්කමති, සචේ හෝති භුත්තාවසේසෝ, සචේ ආකංඛති, භුඤ්ජති. නෝ චේ ආකංඛති අප්පහරිතේ වා ඡඩ්ඩේති, අප්පාණකේ වා උදකේ ඕපිලාපේති. සෝ ආසනානි පටිසාමේති, පානීයං පරිභෝජනීයං පටිසාමේති. අවක්කාරපාතිං ධෝවිත්වා පටිසාමේති, භත්තග්ගං සම්මජ්ජති. යෝ පස්සති පානීයඝටං වා පරිභෝජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං. සෝ උපට්ඨපේති. සචස්ස හෝති අවිසය්හං, හත්ථවිකාරේන දුතියං ආමන්තෙත්වා හත්ථවිලංඝකේන උපට්ඨපේම. නත්වේව මයං භන්තේ තප්පච්චයා වාචං භින්දාම. පඤ්චාහිකං ඛෝ පන මයං භන්තේ, සබ්බරත්තියං ධම්මියා කථාය සන්නිසීදාම. ඒවං ඛෝ මයං භන්තේ, අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරාමා’ති.

“ස්වාමීනී, මෙහි වාසය කරන අප අතරින් යම් කෙනෙක් පළමුවෙන්ම ගමෙන් පිණ්ඩපාතේ කරගෙන ආපසු හැරී එනවා නම්, ඒ භික්ෂුව තමයි ආසන පණවන්නේ. පානීය පාරිභෝජනීය පැන් පිළියෙල කරන්නේ. ඉඳුල් භාජනය තබන්නේ. යමෙක් ගමෙන් පිඬු සිඟාගෙන පහුවෙලා එනවා නම්, වළඳා ඉතිරි වූ යමක් ඇද්ද, ඒ භික්ෂුව කැමති නම් එය වළඳනවා. වළඳන්නට අවශ්‍ය නැත්නම් තණකොළ නැති බිමක දමනවා. එක්කො ප්‍රාණීන් නැති ජලයේ පා කර යවනවා. ඒ භික්ෂුව තමයි ආසන නැවත හකුලා තබන්නේ. පානීය පාරිභෝජනීය දිය බඳුන් අස් කරන්නේ. ඉඳුල් භාජනය සෝදා තැන්පත් කරන්නේ. දන් ශාලාව අමදින්නේ. එහිදී පැන් කලය හෝ පරිභෝග කරන පැන් බඳුන හිස් වෙලා තියෙනවා කවුරුවත් දකිනවා නම්, ඒකට පැන් පුරවනවා. ඉදින් ඔහුට තනියම එය ඔසවන්නට නොහැකි නම්, අතින් අඬගසා අනිත් කෙනෙකුගේ උදව්වෙන් එය ඔසවා තබනවා. ස්වාමීනී, අපි ඒ හේතුවෙන්වත් වචන කතාබහක් කරන්නේ නෑ.

නමුත් ස්වාමීනී, අපි දවස් පහකට වතාවක් තුන්යම් රාත්‍රිය පුරාවට ධර්ම කතාවෙහි යෙදී වාසය කරනවා. ස්වාමීනී, අපි ඔය විදිහටයි අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන්නේ.”

සාධු සාධු අනුරුද්ධා, අත්ථි පන වෝ අනුරුද්ධා, ඒවං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරන්තානං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ අධිගතෝ ඵාසුවිහාරෝ’ති?

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධ, ඉතින් පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහට අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී මනුස්ස ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් උපදවා ගෙන පහසුවෙන් වාසය කිරීමක් තියෙනවාද?”

ඉධ මයං භන්තේ, අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරන්තා ඕභාසඤ්චේව සඤ්ජානාම දස්සනඤ්ච රූපානං. සෝ ඛෝ පන නෝ ඕභාසෝ න චිරස්සේව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තඤ්ච නිමිත්තං න පටිවිජ්ඣාමා’ති.

“ස්වාමීනී, අපි මෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී ආලෝකයත්, දිවැසින් රූප දැකීමත් ඇති කරගත්තා. ඒ වුණාට ඒ අපගේ ආලෝකය වැඩිවෙලාවක් පවතින්නේ නෑ. අතුරුදහන් වෙලා යනවා. රූප දර්ශනයටත් ඒකයි වෙන්නේ. ඒ නිමිත්ත සම්පූර්ණයෙන් වැටහෙන්නේ නෑ.”

තං ඛෝ පන වෝ අනුරුද්ධා, නිමිත්තං පටිවිජ්ක්‍ධිතබ්බං. අහම්පි සුදං අනුරුද්ධා පුබ්බේව සම්බෝධා අනභිසම්බුද්ධෝ බෝධිසත්තෝව සමානෝ ඕභාසඤ්චේව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සෝ ඛෝ පන මේ ඕභාසෝ න චිරස්සේව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා ඒතදහෝසි: ‘කෝ නු ඛෝ හේතු කෝ පච්චයෝ, යේන මේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා ඒතදහෝසි: ‘විචිකිච්ඡා ඛෝ මේ උදපාදි. විචිකිච්ඡාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි, යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සතීති. සෝ ඛෝ අහං අනුරුද්ධා, අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ ඕභාසඤ්චේව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සෝ ඛෝ පන මේ ඕභාසෝ න චිරස්සේව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා ඒතදහෝසි: ‘කෝ නු ඛෝ හේතු කෝ පච්චයෝ, යේන මේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා ඒතදහෝසි: ‘අමනසිකාරෝ ඛෝ මේ උදපාදි. අමනසිකාරාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි. යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති. න අමනසිකාරෝ’ති.

“පින්වත් අනුරුද්ධයෙනි, ඔබ විසින් ඒ නිමිත්ත සම්පූර්ණයෙන් ම වටහාගත යුතුයි. පින්වත් අනුරුද්ධයෙනි, මාත් සම්බුද්ධත්වයට කලින්, සම්බුදු නොවී සිටියදී ම බෝධිසත්ව වශයෙන් සිටියදී ම, ආලෝකයත්, රූප දර්ශනත් හඳුනා ගත්තා. මට ඇති වූ ඒ ආලෝකය බොහෝ වේලාවක් තියෙන්නේ නෑ. අතුරුදහන් වෙනවා. රූප දර්ශනයත් එහෙමයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙමයි සිතුනේ. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‘මා තුළ සැකය ඇතිවෙලා තියෙනවා. සැකය ඇතිවීම නිසයි ඒ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට පින්වත් අනුරුද්ධ, ඒ මං අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නොගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙහෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවාද, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‘මා තුළ මෙනෙහි නොකිරීම ඇතිවෙනවා. ඒ මෙනෙහි නොකිරීම හේතුවෙනුයි සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා ඒතදහෝසි: ‘ථීනමිද්ධං ඛෝ මේ උදපාදි. ථීනමිද්ධාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරෝ, න ථීනමිද්ධන්’ති.

ඒ මං පින්වත් අනුරුද්ධ, ….(පෙ)…. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. ‘මා තුළ ථීනමිද්ධය ඇතිවෙලා තියෙනවා. ථීනමිද්ධය නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘ඡම්භිතත්තං ඛෝ මේ උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්‍යථාපි අනුරුද්ධා, පුරිසෝ අද්ධානමග්ගපටිපන්නෝ, තස්ස උභතෝපස්සේ වධකා උප්පතෙය්‍යුං තස්ස තතෝනිදානං ඡම්භිතත්තං උප්පජ්ජෙය්‍ය. ඒවමේව ඛෝ මේ අනුරුද්ධා, ඡම්භිතත්තං උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි, යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තන්’ති.

ඒ මං පින්වත් අනුරුද්ධ, ….(පෙ)…. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. මා තුළ භය තැති ගැනීම් ඇති වුනා. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. දීර්ඝ මාර්ගයකට බැසගත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ දෙපැත්තේ වධකයෝ පැමිණිලා ඉන්නවා. එතකොට ඒ හේතුවෙන් ඔහුට බිය තැතිගැනීම් ඇතිවෙනවා නේද? පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ බිය තැතිගැනීම් හටගත්තේ. ඒ භය තැතිගැනීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘උබ්බිල්ලං ඛෝ මේ උදපාදි. උබ්බිල්ලාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්‍යථාපි අනුරුද්ධා පුරිසෝ ඒකං නිධිමුඛං ගවේසන්තෝ සකිදේව පඤ්චනිධිමුඛානි අධිගච්ඡෙය්‍ය. තස්ස තතෝනිදානං උබ්බිල්ලං උප්පජ්ජෙය්‍ය. ඒවමේව ඛෝ අනුරුද්ධා උබ්බිල්ලං ඛෝ මේ උදපාදි. උබ්බිල්ලාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි, යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලන්’ති.

ඒ මං පින්වත් අනුරුද්ධ, ….(පෙ)…. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. මා තුළ සතුටින් ඉපිල යාම ඇතිවුනා. ඒ සතුටින් ඉපිල යාම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධ ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් එක නිධානයක් හොයද්දී, එකවරම නිධාන පහක් හම්බවෙනවා වගෙයි. ඒ හේතුවෙන් ඔහුගේ සිත බලවත්ව සතුටින් ඉපිල යනවා. පින්වත් අනුරුද්ධය, ඔය විදිහටයි මා තුළ සතුටින් ඉපිල යාම ඇතිවුනේ. ඒ සතුටින් ඉපිල යාම නිසයි මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘දුට්ඨුල්ලං ඛෝ මේ උදපාදි. දුට්ඨුල්ලාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි, යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලන්’ති.

ඒ මං පින්වත් අනුරුද්ධ, ….(පෙ)…. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. මා තුළ කයට ලොකු වෙහෙසක් ඇතිවුනා. ඒ කයට ඇති වූ වෙහෙස නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘අච්චාරද්ධවිරියං ඛෝ මේ උදපාදි. අච්චාරද්ධවිරියාධිකරණඤ්ච පන මේ සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්‍යථාපි අනුරුද්ධා පුරිසෝ උභෝහි හත්ථේහි වට්ටකං ගාළ්හං ගණ්හෙය්‍ය. සෝ තත්ථේව පතමෙය්‍ය. ඒවමේව ඛෝ අනුරුද්ධා, අච්චාරද්ධවිරියං ඛෝ මේ උදපාදි. අච්චාරද්ධවිරියාධිකරණඤ්ච ….(පෙ)…. දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියන්’ති.

ඒ මං පින්වත් අනුරුද්ධ, ….(පෙ)…. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. මා තුළ අධික විදිහට වීරිය ඇතිවුනා. ඒ අධික වීරිය නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක දැඩි කොට වටුකුරුල්ලෙක්ව හයියෙන් අල්ලනවා. එතකොට ඌ එතනම මැරිලා වැටෙනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මටත් වුනේ. මා තුළ අධික විදිහේ වීරියක් ඇතිවුනා. ඒ අධික වූ වීරිය නිසා ම යි මගේ සමාධිය නැතිවුනේ. ….(පෙ)…. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘අතිලීනවිරියං ඛෝ මේ උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච ….(පෙ)…. දස්සනඤ්ච රූපානං. සෙය්‍යථාපි අනුරුද්ධා පුරිසෝ වට්ටකං සිථිලං ගණ්හෙය්‍ය. සෝ තස්ස හත්ථතෝ උප්පතෙය්‍ය. ඒවමේව ඛෝ මේ අනුරුද්ධා, අතිලීනවිරියං උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච ….(පෙ)…. දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියං, න අතිලීනවිරියන්’ති.

ඒ මං පින්වත් අනුරුද්ධ, ….(පෙ)…. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. මා තුළ වීරිය අතිශයින්ම ලිහිල් වීම ඇති වුනා. ඒ වීරිය හොඳටම ලිහිල් වීම නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. පින්වත් අනුරුද්ධයෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් අත් දෙක හොඳටම ලිහිල් කොට වටුකුරුල්ලෙක්ව අල්ලන්න යනවා. එතකොට ඌ පියාඹා යනවා. පින්වත් අනුරුද්ධයෙනි, ඔය විදිහේ දෙයක් තමයි මටත් වුනේ. මා තුළ හොඳට ලිහිල් වූ වීරියක් ඇතිවුනා. ඒ හොඳටම ලිහිල් වූ වීරිය නිසාම යි මගේ සමාධිය නැතිවුනේ. ….(පෙ)…. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘අභිජප්පා ඛෝ මේ උදපාදි. අභිජප්පාධිකරණඤ්ච ….(පෙ)…. දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියං, න අතිලීනවිරියං, න අභිජප්පා’ති.

ඒ මං පින්වත් අනුරුද්ධ, ….(පෙ)…. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. මා තුළ ආලෝක දර්ශන ආදිය පිණිස තෘෂ්ණාවක් ඇති වුනා. ඒ තෘෂ්ණාව නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැති ගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, ….(පෙ)…. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘නානත්තසඤ්ඤා ඛෝ මේ උදපාදි. නානත්තසඤ්ඤාධිකරණඤ්ච ….(පෙ)…. දස්සනඤ්ච රූපානං. සෝහං තථා කරිස්සාමි යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියං, න අතිලීනවිරියං, න අභිජප්පා, න නානත්තසඤ්ඤා’ති.

එතකොට පින්වත් අනුරුද්ධ, මා තුළ විවිධාකාර සඤ්ඤාවන් ඇතිවුනා. ඒ නා නා සඤ්ඤාවන් නිසයි, මගේ සමාධිය නැතිවෙන්නේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙන්නේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැතිබව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැතිගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, නා නා සඤ්ඤාවන් නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ ඕභාසඤ්චේව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං, සෝ ඛෝ පන මේ ඕභාසෝ න චිරස්සේව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ යේන මේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘අතිනිජ්ඣායිතත්තං ඛෝ මේ රූපානං උදපාදි. අතිනිජ්ඣායිතත්තාධිකරණඤ්ච පන මේ රූපානං සමාධි චවි. සමාධිම්හි චුතේ ඕභාසෝ අන්තරධායති දස්සනඤ්ච රූපානං, සෝහං තථා කරිස්සාමි, යථා මේ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරෝ, න ථීනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියං, න අතිලීනවිරියං, න අභිජප්පා, න නානත්තසඤ්ඤා, න අතිනිජ්ඣායිතත්තං රූපාන’න්ති.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මං අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකයත්, රූප දර්ශනයත් හඳුනා ගත්තා. නමුත් ඒ ආලෝකයත්, රූප දර්ශනයත් වැඩිකල් නොගිහින් අතුරුදහන් වෙනවා. එතකොට පින්වත් අනුරුද්ධ මම මෙහෙම හිතුවා. යම් කරුණකින් මට ඇති වූ ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙම සිතුනා. ‘මා තුළ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ඇතිවුනා. ඒ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම හේතුවෙනුයි සමාධිය නැතිවුනේ. සමාධිය නැතිවීමෙන් තමයි ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වුනේ. එතකොට මං තුළ නැවත සැකය නූපදින විදිහට, මනසිකාර නැති බව නූපදින විදිහට, ථීනමිද්ධය නූපදින විදිහට, භය තැතිගැනීම නූපදින විදිහට, සතුටින් ඉපිල යාම නූපදින විදිහට, කායික වෙහෙස නූපදින විදිහට, අධික වීරිය නූපදින විදිහට, හොඳටම ලිහිල් වූ වීරිය නූපදින විදිහට, තෘෂ්ණාව නූපදින විදිහට, ඒ නානා සඤ්ඤාවන් නූපදින විදිහට, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම නූපදින විදිහට කටයුතු කරනවා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලේසං පජහිං. අමනසිකාරෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අමනසිකාරං චිත්තස්ස උපක්කිලේසං පජහිං. ථීනමිද්ධං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ථීනමිද්ධං චිත්තස්ස උපක්කිලේසං පජහිං. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලේසං පජහිං. උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලේසං පජහිං. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලේසං පජහිං. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලේසං පජහිං. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලේසං පජහිං. අභිජප්පා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අභිජප්පං චිත්තස්ස උපක්කිලේසං පජහිං. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා නානත්තසඤ්ඤං චිත්තස්ස උපක්කිලේසං පජහිං. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලේසං පජහිං.

පින්වත් අනුරුද්ධයෙනි, ඒ මම සැකය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය අත්හැරියා. මෙනෙහි නොකිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය අත්හැරියා. ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය අත්හැරියා. භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම අත්හැරියා. සතුටින් සිත ඉපිල යාම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් සිත ඉපිලයාම අත්හැරියා. කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස අත්හැරියා. අධික ලෙස ගන්නා වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ අධික ලෙස ගන්නා වීරිය අත්හැරියා. ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ ලිහිල්ව ගත් වීරිය අත්හැරියා. තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව අත්හැරියා. නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව අත්හැරියා. එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව ඔය විදිහට තේරුම් අරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම අත්හැරියා.

සෝ ඛෝ අහං අනුරුද්ධා, අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ ඕභාසම්පි හි ඛෝ සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි. රූපානි හි ඛෝ පස්සාමි, න ච ඕභාසං සඤ්ජානාමි. කේවලම්පි රත්තිං කේවලම්පි දිවං කේවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ, සෝහං ඕභාසම්පි ඛෝ සඤ්ජානාමි. න ච රූපානි පස්සාමි. රූපානි හි ඛෝ තස්මිං සමයේ පස්සාමි. න ච ඕභාසං සඤ්ජානාමි. කේවලම්පි රත්තිං කේවලම්පි දිවසං කේවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: යස්මිං හි ඛෝ අහං සමයේ රූපනිමිත්තං අමනසිකරිත්වා ඕභාසනිමිත්තං මනසිකරෝමි. ඕභාසං හි ඛෝ තස්මිං සමයේ සඤ්ජානාමි න ච රූපානි පස්සාමි. යස්මිං පනාහං සමයේ ඕභාසනිමිත්තං අමනසිකරිත්වා රූපනිමිත්තං මනසිකරෝමි. රූපානි හි ඛෝ තස්මිං හි සමයේ පස්සාමි. න ච ඕභාසං සඤ්ජානාමි. කේවලම්පි රත්තිං කේවලම්පි දිවසං කේවලම්පි රත්තින්දිවන්ති.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, ආලෝකය හඳුනාගන්නවා. නමුත් රූප දකින්නේ නෑ. ඇතැම්විට රූප දකිනවා. නමුත් ආලෝකය හඳුනන්නේ නෑ. ඇතැම් විට මුළු රාත්‍රියමත්, මුළු දහවලත්, මුළු රෑ දවල් දෙකෙහිමත් ඔය විදිහයි. එතකොට පින්වත් අනුරුද්ධ මට මෙහෙම හිතුනා. ‘මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවල් දෙකෙහිත් මං ආලෝකය හඳුනාගන්නවා නම්, රූප දකින්නේ නැත්නම්, ඒ වගේම රූප දකිනවා නම්, ආලෝකය හඳුනන්නේ නැත්නම් මෙයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? කියලා.’ එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මේ අදහස ඇතිවුනා. යම් වෙලාවක මං රූප නිමිත්ත මෙනෙහි නොකොට ආලෝක නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං ආලෝකයයි හඳුනාගන්නේ. රූප දකින්නේ නෑ. යම් වෙලාවක ආලෝක නිමිත්ත මෙනෙහි නොකොට, රූප නිමිත්ත මෙනෙහි කරනවා නම් ඒ වෙලාවට මං රූප දකිනවා. ආලෝකය හඳුනාගන්නේ නෑ. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

සෝ ඛෝ අහං අනුරුද්ධා, අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ පරිත්තං චේව ඕභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චේව ඕභාසං සඤ්ජානාමි. අප්පමාණානි ච රූපානි පස්සාමි, කේවලම්පි රත්තිං කේවලම්පි දිවසං, කේවලම්පි රත්තින්දිව’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: ‘කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ, සෝහං පරිත්තං චේව ඕභාසං සඤ්ජානාමි, පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චේව ඕභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි. කේවලම්පි රත්තිං කේවලම්පි දිවසං කේවලම්පි රත්තින්දිව’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, ඒතදහෝසි: යස්මිං ඛෝ මේ සමයේ පරිත්තෝ, සමාධි හෝති, පරිත්තං මේ තස්මිං සමයේ චක්ඛු හෝති. සෝහං පරිත්තේන චක්ඛුනා පරිත්තඤ්චේව ඕභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. යස්මිං පන සමයේ අප්පමාණෝ මේ සමාධි හෝති. අප්පමාණං මේ තස්මිං සමයේ චක්ඛු හෝති. සෝහං අප්පමාණේන චක්ඛුනා අප්පමාණඤ්චේව ඕභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි කේවලම්පි රත්තිං කේවලම්පි දිවසං කේවලම්පි රත්තින්දිව’න්ති.

පින්වත් අනුරුද්ධය, ඒ මම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරද්දී, මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ස්වල්ප වූ ආලෝකය හඳුනාගන්නවා. රූප දකින්නෙත් ටිකයි. ඇතැම් විට අප්‍රමාණ වූ ආලෝකය හඳුනාගන්නවා. අප්‍රමාණ වූ රූපත් දකිනවා. එතකොට පින්වත් අනුරුද්ධය මට මෙහෙම හිතුනා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් මං ස්වල්ප වූ ආලෝකයක් හඳුනාගන්නවා නම්, ස්වල්ප වූ රූප දකිනවා නම්, අප්‍රමාණ ආලෝකයක් හඳුනාගන්නවා නම්, අප්‍රමාණ රූප දකිනවා නම්, එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද?

එතකොට පින්වත් අනුරුද්ධය, මට මෙහෙමයි සිතුනේ. යම් වෙලාවක සමාධිය පැතිරීම තිබෙන්නේ ටිකයිද, ඒ වෙලාවට මගේ දිවැස තිබෙන්නෙත් ටිකයි. ඒ මං ස්වල්ප වූ දිවැසින් තමයි රූප ටිකක් දකින්නේ. ආලෝකය ටිකක් හඳුනාගන්නේ. යම් වෙලාවක මා අප්‍රමාණ වූ සමාධියක් පතුරනවාද, ඒ වෙලාවට මගේ දිවැසත් ප්‍රමාණ රහිතයි. ඒ මං ප්‍රමාණ රහිත වූ දිවැසින් අප්‍රමාණ ආලෝකය හඳුනාගන්නවා. අප්‍රමාණ රූප දකිනවා. මුළු රැයත්, මුළු දහවලත්, මුළු රෑ දහවලත් ඔය විදිහයි.

යතෝ ඛෝ මේ අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. අමනසිකාරෝ චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අමනසිකාරෝ චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. ථීනමිද්ධං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ථීනමිද්ධං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. අභිජප්පා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අභිජප්පා චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලේසෝති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලේසෝ පහීනෝ අහෝසි. තස්ස මය්හං අනුරුද්ධා ඒතදහෝසි: යේ ඛෝ මේ චිත්තස්ස උපක්කිලේසා, තේ මේ පහීනා හන්දදානාහං තිවිධේන සමාධිං භාවේමී’ති. සෝ ඛෝ අහං අනුරුද්ධා සවිතක්කම්පි සවිචාරං සමාධිං භාවේසිං. අවිතක්කම්පි විචාරමත්තං සමාධිං භාවේසිං. අවිතක්කම්පි අවිචාරං සමාධිං භාවේසිං. සප්පීතිකම්පි සමාධිං භාවේසිං. අප්පීතිකම්පි සමාධිං භාවේසිං. සාතසහගතම්පි සමාධිං භාවේසිං. උපෙක්ඛාසහගතම්පි සමාධිං භාවේසිං. යතෝ ඛෝ මේ අනුරුද්ධා, සවිතක්කෝපි සවිචාරෝ සමාධි භාවිතෝ අහෝසි, අවිතක්කෝපි විචාරමත්තෝ සමාධි භාවිතෝ අහෝසි, අවිතක්කෝපි අවිචාරෝ සමාධි භාවිතෝ අහෝසි, සප්පීතිකෝපි සමාධි භාවිතෝ අහෝසි. නිප්පීතිකෝපි සමාධි භාවිතෝ අහෝසි, සාතසහගතෝපි සමාධි භාවිතෝ අහෝසි. උපෙක්ඛාසහගතෝපි සමාධි භාවිතෝ අහෝසි. ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි: අකුප්පා මේ චේතෝවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවෝති.

පින්වත් අනුරුද්ධය, යම් විටෙක සැකය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සැකය ප්‍රහාණය වුනාද, අමනසිකාරය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ අමනසිකාරය ප්‍රහාණය වුනාද, ථීනමිද්ධය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ථීනමිද්ධය ප්‍රහාණය වුනාද, භය තැතිගැනීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ භය තැතිගැනීම ප්‍රහාණය වුනාද, සිත සතුටින් ඉපිල යාම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ සතුටින් ඉපිල යාම ප්‍රහාණය වුනාද, කායික වෙහෙස සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ කායික වෙහෙස ප්‍රහාණය වුනාද, ඉතා දැඩිව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා දැඩිව ගත් වීරිය ප්‍රහාණය වුනාද, ඉතා ලිහිල්ව ගත් වීරිය සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ ඉතා ලිහිල්ව ගත් වීරිය ප්‍රහාණය වුනාද, තෘෂ්ණාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ තෘෂ්ණාව ප්‍රහාණය වුනාද, නානාත්ම සඤ්ඤාව සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ නානාත්ම සඤ්ඤාව ප්‍රහාණය වුනාද, එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම සිතට උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිතට උපක්ලේශයක් වූ එකම විදිහේ රූප මෙනෙහි කරන්නට අධිකව වෑයම් කිරීම ප්‍රහාණය වුනාද, එතකොට පින්වත් අනුරුද්ධයෙනි, මට මෙහෙමයි සිතුනේ. ‘මාගේ සිතේ යම් උපක්ලේශයන් තිබුණා නම් දැන් ඒවා ප්‍රහාණය වෙලයි තියෙන්නේ. එහෙම නම් මං දැන් තුන් ආකාරයකින් සමාධිය වඩන්නට ඕන’ කියලා.

එතකොට පින්වත් අනුරුද්ධයෙනි, විතර්ක විචාර සහිතවත් සමාධිය වැඩුවා, විතර්ක නැතුව විචාර මාත්‍රයකිනුත් සමාධිය වැඩුවා. විතර්ක නැතුව විචාර නැතුව සමාධිය වැඩුවා. ප්‍රීතිය සහිතවත් සමාධිය වැඩුවා. ප්‍රීතිය රහිතවත් සමාධිය වැඩුවා. සැප සහගතවත් සමාධිය වැඩුවා. උපේක්ෂා සහගතවත් සමාධිය වැඩුවා.

පින්වත් අනුරුද්ධයෙනි, යම් විටෙක මා විසින් විතර්ක සහිත වූ, විචාර සහිත වූ සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර මාත්‍ර වූත් සමාධිය වැඩුවාද, විතර්ක රහිත වූත්, විචාර රහිත වූත් සමාධිය වැඩුවාද, ප්‍රීතිය සහිත සමාධිය වැඩුවාද, ප්‍රීතිය රහිත සමාධිය වැඩුවාද, සැප සහිත සමාධිය වැඩුවාද, උපේක්ෂා සහගත සමාධිය වැඩුවාද එතකොට මට ඤාණදර්ශනය ඇතිවුනා. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන ස්වභාවයකින් යුක්තයි. මෙය මාගේ අන්තිම උපතයි. නැවත පුනර්භවයක් නැතැ’යි කියලා.

ඉදමවෝච භගවා, අත්තමනෝ ආයස්මා අනුරුද්ධෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

උපක්කිලේසසුත්තං අට්ඨමං.

උපක්ලේශ ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M