මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.3.10. දේවදූත සුත්තං

3.3.10. දේවදූතයන් පිළිබඳව වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සෙය්‍යථාපි භික්ඛවේ, ද්වේ අගාරා සද්වාරා, තත්ථ චක්ඛුමා පුරිසෝ මජ්ඣේ ඨිතෝ පස්සෙය්‍ය මනුස්සේ ගේහං පවිසන්තේපි නික්ඛමන්තේපි, අනුසඤ්චරන්තේපි අනුවිචරන්තේපි. ඒවමේව ඛෝ අහං භික්ඛවේ, දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාමි.

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් පෙනෙන පුද්ගලයෙක් ඒ අතරමැද සිටගෙන බලාගෙන ඉන්නවා. එතකොට ගෙට ඇතුළුවෙන, ගෙයින් පිටවෙන, ගේ ඇතුළේ ඇවිදින, එහා මෙහා හැසිරෙන මිනිසුන්ව දකිනවා. පින්වත් මහණෙනි, මං ඔන්න ඔය විදිහට තමයි මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් දැක්කේ. චුතවෙන, උපදින සත්වයන් වගේම ලාමක, උසස්, ලස්සන, කැත සත්වයන් සුගති, දුගති දෙකෙහි ඔවුන්ගේ කර්මානුරූපව චුතවෙන, උපදින ආකාරය මං දැනගන්නවා.

ඉමේ වත භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා මනුස්සේසු උපපන්නා.

ඒකාන්තයෙන්ම මේ භවත් සත්වයන් කයින් යහපතෙහි හැසිරිලා, වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්තවෙලා, සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා.

ඒ වගේම මේ භවත් සත්වයන් කයින් යහපතෙහි හැසිරිලා, වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්තවෙලා, සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු මිනිසුන් අතර ඉපදිලා ඉන්නවා.

ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා පෙත්තිවිසයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා තිරච්ඡානයෝනිං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නාති.

ඒකාන්තයෙන්ම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු ප්‍රේතයන් අතර ඉපදිලා ඉන්නවා.

ඒ වගේම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු තිරිසනුන් අතර ඉපදිලා ඉන්නවා.

ඒ වගේම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපදිලා ඉන්නවා.

තමේනං භික්ඛවේ, නිරයපාලා නානාබාහාසු ගහෙත්වා යමස්ස රඤ්ඤෝ දස්සෙන්ති ‘අයං දේව, පුරිසෝ අමත්තෙය්‍යෝ අපෙත්තෙය්‍යෝ අසාමඤ්ඤෝ අබ්‍රාහ්මඤ්ඤෝ න කුලේජෙට්ඨාපචායී, ඉමස්ස දේවෝ දණ්ඩං පණේතූති.

පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයාව වෙන වෙනම අත්වලින් අල්ලා ගෙන යම රජ්ජුරුවෝ ළඟට ගෙනියනවා. ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා මව්ට අයහපත කරපු කෙනෙක්. පියාට අයහපත කරපු කෙනෙක්. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්. උතුම් පුද්ගලයන්ට අයහපත කරපු කෙනෙක්. කුල දෙටුවන් නොපිදූ කෙනෙක්. දේවයන් වහන්ස, මොහුට දඬුවම් පණවනු මැනැව.’

තමේනං භික්ඛවේ, යමෝ රාජා පඨමං දේවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු පඨමං දේවදූතං පාතුභූත’න්ති? සෝ ඒවමාහ: ‘නාද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු දහරං කුමාරං මන්දං උත්තානසෙය්‍යකං සකේ මුත්තකරීසේ පලිපන්නං සේමාන’න්ති? සෝ ඒවමාහ: ‘අද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, තස්ස තේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්ස න ඒතදහෝසි: ‘අහම්පි ඛෝම්හි ජාතිධම්මෝ ජාතිං අනතීතෝ, හන්දාහං කල්‍යාණං කරෝමි කායේන වාචාය මනසා’ති? සෝ ඒවමාහ: ‘නාසක්ඛිස්සං භන්තේ, පමාදස්සං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස පමාදවතාය න කල්‍යාණමකාසි කායේන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භෝ පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛෝ පන තේ ඒතං පාපං කම්මං නේව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චේහි කතං, න ඤාතිසාලෝහිතේහි කතං, න සමණබ්‍රාහ්මණේහි කතං, න දේවතාහි කතං. තයාවේතං පාපං කම්මං කතං, ත්වඤ්ඤේවේතස්ස විපාකං පටිසංවේදිස්සසී’ති.

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් පළමුවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. ‘එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ස්වාමීනී, දැක්කෙ නෑ.’

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ඉතා ලාබාල ළදරුවන් මළමුත්‍රා ගොඩෙහි උඩු අතට සයනය කරලා ඉන්න හැටි?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘දැක්කා, ස්වාමීනී’ කියල. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. ඉපදීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්නට ඕන’ කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා. ‘අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුනා.’ එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.’

තමේනං භික්ඛවේ, යමෝ රාජා පඨමං දේවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා දුතියං දේවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු දුතියං දේවදූතං පාතුභූතන්ති? සෝ ඒවමාහ: ‘නාද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු ඉත්ථිං වා පුරිසං වා ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා ජාතියා ජිණ්ණං ගෝපානසිවංකං භොග්ගං දණ්ඩපරායණං පවේධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං ඛණ්ඩදන්තං පලිතකේසං විලූනං ඛලිතසිරං වලිතං තිලකාහතගත්ත’න්ති? සෝ ඒවමාහ: ‘අද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, තස්ස තේ විඤ්ඤුස්ස. සතෝ මහල්ලකස්ස න ඒතදහෝසි: ‘අහම්පි ඛොම්හි ජරාධම්මෝ ජරං අනතීතෝ, හන්දාහං කල්‍යාණං කරෝමි කායේන වාචාය මනසා’ති? සෝ ඒවමාහ: ‘නාසක්ඛිස්සං භන්තේ, පමාදස්සං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායේන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භෝ පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛෝ පන තේ ඒතං පාපං කම්මං නේව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චේහි කතං, න ඤාතිසාලෝහිතේහි කතං, න සමණබ්‍රාහ්මණේහි කතං, න දේවතාහි කතං, තයාවේතං පාපං කම්මං කතං, ත්වඤ්ඤේව ඒතස්ස විපාකං පටිසංවේදිස්සසී’ති.

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් පළමුවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. ‘එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ස්වාමීනී, දැක්කෙ නෑ.’

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අවුරුදු අසූව පැනපු, අවුරුදු අනූව පැනපු, අවුරුදු සියය වුන, ඒ වගේම හොඳට ජරා ජීර්ණ වෙලා, දිරාපු පරාල වගේ වකුටු ගැහුණු. හැරමිටි ගගහා යන, වෙව්ලමින් යන, ලෙඩ වූ, යොවුන් බව නැති වූ, දත් කැඩුණු, කෙස් පැහුණු, කෙස් වැටුණු, හම රැළි වැටුණු, තල කැළැල් පිරුණු ශරීර ඇති නාකි උදවිය?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘දැක්කා, ස්වාමීනී’ කියල. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් ජරා ජීර්ණවීම ස්වභාව කොට ඇති කෙනෙක්. ජරා ජීර්ණවීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියල.’ ඔහු මෙහෙම උත්තර දෙනවා. ‘අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුනා.’ එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.’

තමේනං භික්ඛවේ, යමෝ රාජා දුතියං දේවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තතියං දේවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති. සමනුභාසති: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස, මනුස්සේසු තතියං දේවදූතං පාතුභූත’න්ති. සෝ ඒවමාහ: ‘නාද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු ඉත්ථිං වා පුරිසං වා ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකේ මුත්තකරීසේ පලිපන්නං සේමානං අඤ්ඤේහි වුට්ඨාපියමානං අඤ්ඤේහි සංවේසියමාන’න්ති. සෝ ඒවමාහ: ‘අද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, තස්ස තේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්ස න ඒතදහෝසි: ‘අහම්පි ඛොම්හි ව්‍යාධිධම්මෝ ව්‍යාධිං අනතීතෝ, හන්දාහං කල්‍යාණං කරෝමි කායේන වාචාය මනසා’ති. සෝ ඒවමාහ: ‘නාසක්ඛිස්සං භන්තේ, පමාදස්සං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායේන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භෝ පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛෝ පන තේ ඒතං පාපං කම්මං නේව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චේහි කතං, න ඤාතිසාලෝහිතේහි කතං, න සමණබ්‍රාහ්මණේහි කතං, න දේවතාහි කතං. තයාවේතං පාපං කම්මං කතං. ත්වඤ්ඤේවේතස්ස විපාකං පටිසංවේදිස්සසී’ති.

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, තුන්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. ‘එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ තුන්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ස්වාමීනී, දැක්කෙ නෑ.’

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ලෙඩ වෙලා ඉන්නවා. දුකට පත්වෙලා ඉන්නවා. දරුණු විදිහට අසනීප වෙලා, තමන් ගේ මළ මූත්‍රා ගොඬේ වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි නැගිට්ටවන්නේ. හාන්සිකරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා ‘දැක්කා, ස්වාමීනී’ කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මම ත් රෝගී වීම ස්වභාව කොට ඇති කෙනෙක්. රෝගී වීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්නට ඕන කියලා.’ ඔහු මෙහෙම උත්තර දෙනවා. ‘අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුනා.’ එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.’

තමේනං භික්ඛවේ, යමෝ රාජා තතියං දේවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා චතුත්ථං දේවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු චතුත්ථං දේවදූතං පාතුභූත’න්ති. සෝ ඒවමාහ: ‘නාද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු රාජානෝ චෝරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ, කසාහිපි තාළෙන්තේ වෙත්තේහිපි තාළෙන්තේ අද්ධදණ්ඩකේහිපි තාළෙන්තේ හත්ථම්පි ඡින්දන්තේ පාදම්පි ඡින්දන්තේ හත්ථපාදම්පි ඡින්දන්තේ කණ්ණම්පි ඡින්දන්තේ නාසම්පි ඡින්දන්තේ කණ්ණනාසම්පි ඡින්දන්තේ බිලංගථාලිකම්පි කරොන්තේ සංඛමුණ්ඩිකම්පි කරොන්තේ රාහුමුඛම්පි කරොන්තේ ජෝතිමාලිකම්පි කරොන්තේ හත්ථපජ්ජෝතිකම්පි කරොන්තේ ඒරකවත්තිකම්පි කරොන්තේ චීරකවාසිකම්පි කරොන්තේ ඒණෙය්‍යකම්පි කරොන්තේ බලිසමංසිකම්පි කරොන්තේ කහාපණකම්පි කරොන්තේ ඛාරාපතච්ඡිකම්පි කරොන්තේ පලිඝපරිවත්තිකම්පි කරොන්තේ පලාලපීඨකම්පි කරොන්තේ තත්තේනපි තේලේන ඕසිඤ්චන්තේ සුනඛේහිපි ඛාදාපෙන්තේ ජීවන්තම්පි සූලේ උත්තාසෙන්තේ අසිනාපි සීසං ඡින්දන්තේ’ති. සෝ ඒවමාහ: ‘අද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, තස්ස තේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්ස න ඒතදහෝසි: ‘යේ කිර භෝ පාපකානි කම්මානි කරොන්ති. තේ දිට්ඨේව ධම්මේ ඒවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. කිමංග පන පරත්ථ. හන්දාහං කල්‍යාණං කරෝමි කායේන වාචාය මනසා’ති. සෝ ඒවමාහ: ‘නාසක්ඛිස්සං භන්තේ, පමාදස්සං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි. කායේන වාචාය මනසා, තග්ඝ ත්වං අම්භෝ පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛෝ පන තේ ඒතං පාපං කම්මං නේව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චේහි කතං, න ඤාතිසාලෝහිතේහි කතං, න සමණබ්‍රාහ්මණේහි කතං, න දේවතාහි කතං. තයාවේතං පාපං කම්මං කතං, ත්වඤ්ඤේවේතස්ස විපාකං පටිසංවේදිස්සසී’ති.

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් තුන්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, සතරවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. ‘එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ සතරවෙනි දේවදූතයා දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ස්වාමීනී, දැක්කෙ නෑ.’

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, රජවරු, දරුණු අපරාධ කළ සොරෙක් අල්ලා ගෙන ගිහින් විවිධාකාරයෙන් දඬුවම් කරනවා. ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. වේවැලෙන් තලනවා. දඬු මුගුරුවලින් තලනවා. අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කන කපනවා, නාසයත් කපනවා. කන් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා. හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා. යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල, ඇදගෙන යනවා. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල, එකට ගැට ගහනවා. දණිස් දෙකෙත්, වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලා, ගින්නෙන් රත් කරනවා, කොකුවලින් ඇන ඇන මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේම මස් චූටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා. පැත්තට ඇල කරල බිම දාල කනේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝල, කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. උලේ ඉන්දවනවා. හිස ගසා දානවා නුඹ දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘දැක්කා, ස්වාමීනී’ කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? ‘භවත්නි, යමෙක් පව්කම් කරනවා නම්, ඔවුන්ට මෙලොවදීම මෙබඳු වූ දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවෙනවා. පරලොවදී විපාක දීම ගැන කවර කථාද?’ ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියලා.’ ඔහු මෙහෙම උත්තර දෙනවා. ‘අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුනා.’ එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.’

තමේනං භික්ඛවේ, යමෝ රාජා චතුත්ථං දේවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා පඤ්චමං දේවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු පඤ්චමං දේවදූතං පාතුභූත’න්ති, සෝ ඒවමාහ: ‘නාද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, න ත්වං අද්දස මනුස්සේසු ඉත්ථිං වා පුරිසං වා ඒකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාත’න්ති. සෝ ඒවමාහ: ‘අද්දසං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, තස්ස තේ විඤ්ඤුස්ස සතෝ මහල්ලකස්ස න ඒතදහෝසි: ‘අහම්පි ඛොම්හි මරණධම්මෝ මරණං අනතීතෝ, හන්දාහං කල්‍යාණං කරෝමි කායේන වාචාය මනසා’ති. සෝ ඒවමාහ: ‘නාසක්ඛිස්සං භන්තේ, පමාදස්සං භන්තේ’ති. තමේනං භික්ඛවේ, යමෝ රාජා ඒවමාහ: ‘අම්භෝ පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායේන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භෝ පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛෝ පන තේ ඒතං පාපං කම්මං නේව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චේහි කතං, න ඤාතිසාලෝහිතේහි කතං, න සමණබ්‍රාහ්මණේහි කතං, න දේවතාහි කතං, තයාවේතං පාපං කම්මං කතං, ත්වඤ්ඤේවේතස්ස විපාකං පටිසංවේදිස්සසී’ති.

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් සතරවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, පස්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. ‘එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ පස්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ස්වාමීනී, දැක්කෙ නෑ.’

පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, මැරිලා එක දවසක් ගතවෙලා තියෙනවා. එහෙම නැත්නම් මැරිලා දවස් දෙකක්, දවස් තුනක් ගතවෙලා තියෙනවා. ඉදිමිලා තියෙනවා. නිල්වෙලා තියෙනවා. සැරව පිරිලා තියෙනවා දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘දැක්කා, ස්වාමීනී’ කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් මරණයට පත්වීම ස්වභාව කොට ඇති කෙනෙක්. මරණය ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියලා.’ ඔහු මෙහෙම උත්තර දෙනවා. ‘අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා.’ එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.’

තමේනං භික්ඛවේ, යමෝ රාජා පඤ්චමං දේවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තුණ්හී හෝති.

ඊට පස්සේ පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ පස්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා නිශ්ශබ්ද වෙනවා.

තමේනං භික්ඛවේ, නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කම්මකාරණං කරොන්ති. තත්තං අයෝඛීලං හත්ථේ ගමෙන්ති, තත්තං අයෝඛීලං දුතියේ හත්ථේ ගමෙන්ති. තත්තං අයෝඛීලං පාදේ ගමෙන්ති, තත්තං අයෝඛීලං දුතියේ පාදේ ගමෙන්ති. තත්තං අයෝඛීලං මජ්ඣේ උරස්මිං ගමෙන්ති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති. තමේනං භික්ඛවේ, නිරයපාලා සංවේසෙත්වා කුඨාරීහි තච්ඡන්ති. සෝ තත්ථ දුක්ඛා ….(පෙ)…. තමේනං භික්ඛවේ, නිරයපාලා උද්ධපාදං අධෝසිරං ගහෙත්වා වාසීහි තච්ඡන්ති. සෝ තත්ථ දුක්ඛා ….(පෙ)…. තමේනං භික්ඛවේ, නිරයපාලා රථේ යෝජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජෝතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි. සෝ තත්ථ දුක්ඛා ….(පෙ)…. තමේනං භික්ඛවේ, නිරයපාලා මහන්තං අංගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජෝතිභූතං ආරෝපෙන්තිපි ඕරෝපෙන්තිපි. සෝ තත්ථ දුක්ඛා ….(පෙ)…. තමේනං භික්ඛවේ, නිරයපාලා උද්ධපාදං අධෝසිරං ගහෙත්වා තත්තාය ලෝහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝතිභූතාය. සෝ තත්ථ ඵේණුද්දේහකං පච්චති. සෝ තත්ථ ඵේණුද්දේහකං පච්චමානෝ සකිම්පි උද්ධං ගච්ඡති, සකිම්පි අධෝ ගච්ඡති, සකිම්පි තිරියං ගච්ඡති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති. යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

එතකොට පින්වත් මහණෙනි, නිරයේ ඉපදුනු කෙනාට යමපල්ලෝ පස් ආකාරයක බන්ධනය නම් වූ දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් පපුවට අණිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඔහුව යකඩ පොළොවක බාවනවා. බාවලා කෙටේරිවලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. ….(පෙ)…. ඔහුව කකුල් උඩු අතට හරවලා ඔලුවෙන් හිටවනවා. හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. ….(පෙ)…. ගිනිගෙන දිළිසෙන රථයක ගැටගහනවා. ගැටගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලී තිබෙන ගිනියම් වූ යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. ….(පෙ)…. හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ, ගිනි අඟුරු පර්වතයකට මොහුව නග්ගවනවා, බස්සවනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. ….(පෙ)…. ඔහුව කකුල් උඩුඅතට හරවලා හිස යටිඅතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු වූ දේහයක් ඇතුවයි. ඉතින් ඒ පෙණ ගුලියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවකට උඩට එනවා. ආයෙමත් යටට බහිනවා. ආයෙ වතාවක් හරස් අතට කරකැවෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහු ගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා මහානිරයේ පක්ඛිපන්ති. සෝ ඛෝ පන භික්ඛවේ, මහානිරයෝ:

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඇදලා දානවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරයේ නම්,

චතුක්කණ්ණෝ චතුද්වාරෝ විභත්තෝ භාගසෝ මිතෝ,
අයෝපාකාරපරියන්තෝ අයසා පටිකුජ්ජිතෝ.

කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙනම කොටස් වශයෙන් බෙදලයි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වටවෙලයි තියෙන්නේ. යකඩ පියනකින් වැහිලයි තියෙන්නේ.

තස්ස අයෝමයා භූමි ජලිතා තේජසා යුතා,
සමන්තා යෝජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.

ඒ නිරයේ බිමත් යකඩින්ම යි කරලා තියෙන්නේ. ගිනිගන්නවා. ගිනිදැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් සියයක් පුරාවට ඒ ගිනි ජාලාව හැමදාම පැතිරිලා තියෙනවා.

තස්ස ඛෝ පන භික්ඛවේ, මහානිරයස්ස පුරත්ථිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පච්ඡිමාය භිත්තියා පටිහඤ්ඤති. පච්ඡිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පුරත්ථිමාය භිත්තියා පටිහඤ්ඤති. උත්තරාය භිත්තියා අච්චි උට්ඨහිත්වා දක්ඛිණාය භිත්තියා පටිහඤ්ඤති. දක්ඛිණාය භිත්තියා අච්චි උට්ඨහිත්වා උත්තරාය භිත්තියා පටිහඤ්ඤති. හෙට්ඨා අච්චි උට්ඨහිත්වා උපරි පටිහඤ්ඤති. උපරිතෝ අච්චි උට්ඨහිත්වා හෙට්ඨා පටිහඤ්ඤති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඒ මහා නිරයේ පෙරදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් බටහිර බිත්තියේ වදිනවා. බටහිර බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් පෙරදිග බිත්තියේ වදිනවා. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් දකුණුදිග බිත්තියේ වදිනවා. දකුණුදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් උතුරුදිග බිත්තියේ වදිනවා. යටින් ගිනිදැල් මතුවෙලා ඇවිදින් උඩ වහලයේ වදිනවා. උඩ වහලයෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් යටට වදිනවා. එයට මැදිවෙන නිරිසතා දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

හෝති ඛෝ සෝ භික්ඛවේ, සමයෝ යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අවාපුරීයති. සෝ තත්ථ සීඝේන ජවේන ධාවති. තස්ස සීඝේන ජවේන ධාවතෝ ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති. අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමේව හෝති. යතෝ ච ඛෝ සෝ භික්ඛවේ, බහුසම්පත්තෝ හෝති, අථ තං ද්වාරං පිථීයති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුනාට පස්සේ ඒ මහා නිරයේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්, මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා. මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි.

පින්වත් මහණෙනි, ඔහු ඒ දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගාණක් ගතවෙනවා. යම් විටෙක ඒ දොරටුව ළඟට ළං වුනාද, එතකොට ඒ දොරටුව වැහෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

හෝති ඛෝ සෝ භික්ඛවේ, සමයෝ යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේන තස්ස මහානිරයස්ස පච්ඡිමං ද්වාරං අවාපුරීයති ….(පෙ)…. උත්තරං ද්වාරං අවාපුරීයති ….(පෙ)…. දක්ඛිණං ද්වාරං අවාපුරීයති. සෝ තත්ථ සීඝේන ජවේන ධාවති. තස්ස සීඝේන ජවේන ධාවතෝ ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති. අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමේව හෝති. යතෝ ච ඛෝ සෝ භික්ඛවේ, බහුසම්පත්තෝ හෝති. අථ තං ද්වාරං පිථීයති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුනාට පස්සේ ඒ මහා නිරයේ බටහිර දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. ….(පෙ)…. උතුරු දොරටුව විවෘත වෙනවාද, ….(පෙ)…. දකුණු දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්, මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා. මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි.

පින්වත් මහණෙනි, ඔහු ඒ දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගානක් ගතවෙනවා. යම් විටෙක ඒ දොරටුව ළඟට ළං වුනාද, එතකොට ඒ දොරටුව වැහෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

හෝති ඛෝ සෝ භික්ඛවේ, සමයෝ යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අවාපුරීයති. සෝ තත්ථ සීඝේන ජවේන ධාවති. තස්ස සීඝේන ජවේන ධාවතෝ ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති. අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමේව හෝති. සෝ තේන ද්වාරේන නික්ඛමති.

පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුණාට පස්සේ ඒ මහා නිරයේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්, මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා. මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි. එතකොට ඔහු ඒ දොරටුවෙන් එළියට පැන ගන්නවා.

තස්ස ඛෝ පන භික්ඛවේ, මහානිරයස්ස සමනන්තරා සහිතමේව මහන්තෝ ගූථනිරයෝ. සෝ තත්ථ පපතති. තස්මිං ඛෝ පන භික්ඛවේ, ගූථනිරයේ සූචිමුඛා පාණා ඡවිං ඡින්දන්ති. ඡවිං ඡෙත්වා චම්මං ඡින්දන්ති චම්මං ඡෙත්වා මංසං ඡින්දන්ති මංසං ඡෙත්වා නහාරුං ඡින්දන්ති. නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දන්ති. අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ඛාදන්ති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, මහානිරයට සමාන්තරව බැඳිලා තියෙන මහත් වූ අසූචි නිරයක් තියෙනවා. ඒ නිරිසතා අන්න ඒ අසූචි නිරයේ වැටෙනවා. පින්වත් මහණෙනි, ඔහු අසූචි නිරයේ ගිලෙනවා. එතකොට ඒ අසූචි නිරයේ ඉන්න හිඳිකටු තුඩ වැනි තුඩ ඇති පණුවෝ ඔහුගේ සිවිය සිදුරු කරනවා. සිවිය සිඳ මස් සිදුරු කරනවා. මස් සිදුරු කොට නහර සිදුරු කරනවා. නහර සිදුරු කොට ඇට සිදුරු කරනවා. ඇට සිදුරු කොට ඇටමිදුළු කන්නට පටන් ගන්නවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තස්ස ඛෝ පන භික්ඛවේ, ගූථනිරයස්ස සමනන්තරා සහිතමේව මහන්තෝ කුක්කුලනිරයෝ. සෝ තත්ථ පපතති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඒ අසූචි නිරයට සමාන්තරව ඉතා දරුණු වූ, අති විශාල හුණුඅළු නිරයක් තියෙනවා. ඊළඟට ඔහු වැටෙන්නේ ඒ නිරයටයි. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තස්ස ඛෝ පන භික්ඛවේ, කුක්කුලනිරයස්ස සමනන්තරා සහිතමේව මහන්තං සිම්බලීවනං යෝජනමුග්ගතං සෝළසංගුලකණ්ටකං ආදිත්තං සම්පජ්ජලිතං සජෝතිභූතං, තත්ථ ආරෝපෙන්තිපි ඕරෝපෙන්තිපි. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඒ හුණුඅළු නිරයට සමාන්තරව ඉතා දරුණු වූ, සියක් යොදුන් උස අඟල් දහසයේ පමණට දික් වූ කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අතිවිශාල හිඹුල් වනයක් තියෙනවා. එතකොට එහිදී යමපල්ලෝ ඔහුව ඒ හිඹුල් වනයේ නග්ගවනවා, බස්සවනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තස්ස ඛෝ පන භික්ඛවේ, සිම්බලීවනස්ස සමනන්තරා සහිතමේව මහන්තං අසිපත්තවනං. සෝ තත්ථ පවිසති තස්ස වාතේරිතානි පත්තානි පතිතානි හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති. කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඒ හිඹුල්වන නිරයට සමාන්තරව ඉතා දරුණු වූ, අතිවිශාල අසිපත්වන නිරයක් තියෙනවා. ඔහු ඒ වනයට ඇතුළුවෙනවා. එහිදී සුළඟෙන් සෙලවි සෙලවී අසිපත් වනයේ කොළ වැටෙන්න පටන්ගන්නවා. ඒ වැටෙන වැටෙන කොළවලින් ඔහුගේ අතුත් කපා දමනවා. පාදත් කපා දමනවා. අත් පාත් කපා දමනවා. කනුත් කපා දමනවා. නාසාත් කපා දමනවා. කන් නාසාත් කපා දමනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තස්ස ඛෝ පන භික්ඛවේ, අසිපත්තවනස්ස සමනන්තරා සහිතමේව මහතී ඛාරෝදිකා නදී. සෝ තත්ථ පපතති. සෝ තත්ථ අනුසෝතම්පි වුය්හති. පටිසෝතම්පි වුය්හති. අනුසෝතපටිසෝතම්පි වුය්හති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඒ අසිපත් නිරයට සමාන්තරව ඉතා දරුණු වූ, අති විශාල වේතරණී නම් ලුණු දිය ගඟක් ගලනවා. ඊළඟට ඔහු වැටෙන්නේ ඒ නිරයටයි. එතකොට එහිදී ඔහු යටටත් ගහගෙන යනවා. උඩු අතටත් ගහගෙන යනවා. යටි අතට උඩු අතට ගහගෙන යනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා බළිසේන උද්ධරිත්වා ථලේ පතිට්ඨාපෙත්වා ඒවමාහංසු: ‘අම්භෝ පුරිස, කිං ඉච්ඡසී’ති. සෝ ඒවමාහ: ජිඝච්ඡිතොස්මි භන්තේ’ති. තමේනං භික්ඛවේ, නිරයපාලා තත්තේන, අයෝසංකුනා මුඛං විවරිත්වා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝතිභූතේන තත්තං ලෝහගුළං මුඛේ පක්ඛිපන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජෝතිභූතං. සෝ තස්ස ඔට්ඨම්පි ඩය්හති, මුඛම්පි ඩය්හති, කණ්ඨම්පි ඩය්හති, උරම්පි ඩය්හති, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධෝභාගා නික්ඛමති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ බිලී කොකු දාලා ඒකෙ අමුණලා, ඒ නිරිසතාව වේතරණියෙන් ගොඩට ඇදලා ගන්නවා. අරගෙන මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, නුඹ ආශා මොනවාටද?’ නිරිසතා මෙහෙම කියනවා. ‘ස්වාමීනී, බඩගිනියි’ පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වූ යකඩ අඬුවලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිළියෙන යකඩ ගුලි ඔහුගේ මුඛයේ ඔබනවා. ඒ ලෝහගුලි ඔහුගේ තොලුත් දවනවා. මුඛයත් දවනවා. උගුරත් දවනවා. පපුවත් දවනවා. බඩවැලුත් දවනවා. අතුනුබහනුත් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිටවෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා ඒවමාහංසු: ‘අම්භෝ පුරිස, කිං ඉච්ඡසී’ති. සෝ ඒවමාහ: ‘පිපාසිතොස්මි භන්තේ’ති. තමේනං භික්ඛවේ, නිරයපාලා තත්තේන අයෝසංකුනා මුඛං විවරිත්වා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝතිභූතේන තත්තං තම්බලෝහං මුඛේ ආසිඤ්චන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජෝතිභූතං. තං තස්ස ඔට්ඨම්පි ඩය්හති, මුඛම්පි ඩය්හති, කණ්ඨම්පි ඩය්හති, උරම්පි ඩය්හති. අන්තම්පි අන්තගුණම්පි ආදාය අධෝභාගා නික්ඛමති. සෝ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. න ච තාව කාලං කරෝති, යාව න තං පාපං කම්මං බ්‍යන්තීහෝති.

පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, නුඹ ආශා මොනවාටද?’ නිරිසතා මෙහෙම කියනවා. ‘ස්වාමීනී, පිපාසයි’ පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වූ යකඩ අඬුවලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිළියෙන ලෝදිය ඔහුගේ මුඛයට වක්කරනවා. ඒ ලෝදිය ඔහුගේ තොලුත් දවනවා. මුඛයත් දවනවා. උගුරත් දවනවා. පපුවත් දවනවා. බඩවැලුත් දවනවා. අතුනුබහනුත් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිටවෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

තමේනං භික්ඛවේ, නිරයපාලා පුන මහානිරයේ පක්ඛිපන්ති.

පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ආයෙමත් ඔහුව මහානිරයට ඇදලා දානවා.

භූතපුබ්බං භික්ඛවේ, යමස්ස රඤ්ඤෝ ඒතදහෝසි: ‘යේ කිර භෝ ලෝකේ පාපකානි අකුසලානි කම්මානි කරොන්ති, තේ ඒවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. අහෝවතාහං මනුස්සත්තං ලභෙය්‍යං. තථාගතෝ ච ලෝකේ උප්පජ්ජෙය්‍ය අරහං සම්මාසම්බුද්ධෝ. තඤ්චාහං භගවන්තං පයිරුපාසෙය්‍යං, සෝ ච මේ භගවා ධම්මං දේසෙය්‍ය, තස්ස චාහං භගවතෝ ධම්මං ආජානෙය්‍ය’න්ති.

පින්වත් මහණෙනි, මෙය සිදු වූ දෙයක්. යම රජ්ජුරුවන්ට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුනා. ‘භවත්නි, ලෝකයෙහි යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම්, ඔවුන් මෙබඳු ආකාර වූ විවිධාකාර වූ දඬුවම් විඳිනවා නෙව. අහෝ! ඒකාන්තයෙන්ම මාත් මනුෂ්‍ය ආත්මභාවයක් ලබනවා නම්, ඒ කාලෙට තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වෙනවා නම්, එතකොට මං ඒ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරන්නට අවස්ථාවක් ලබනවා නම්, එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ මට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා නම්, එතකොට මං ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවා නම් මොනතරම් දෙයක්ද!’ කියා.

තං ඛෝ පන අහං භික්ඛවේ, නාඤ්ඤස්ස සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා සුත්වා වදාමි. අපි ච යදේව මේ සාමං ඤාතං, සාමං දිට්ඨං, සාමං විදිතං තමේවාහං වදාමීති.

පින්වත් මහණෙනි, මං මේවා කියන්නේ කිසිදු ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අහලා නොවෙයි. යම්කරුණක් මා විසින් තමන්ම දැනගත්තාද, තමන්ම දැකගත්තාද, ඒ තමන් ම අවබෝධ කරගත්, ප්‍රකට කරගත් දේම යි මම මේ කියන්නේ.

ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මේ ගාථාවන්ද වදාළ සේක.

චෝදිතා දේවදූතේහි යේ පමජ්ජන්ති මාණවා,
තේ දීඝරත්තං සෝචන්ති හීනකායූපගා නරා.

දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත්වෙලා ඉන්නවා. අන්තිමේදී ඒ නරයන් හීන වූ නිරයෙහි ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශෝක කරනවා.

යේ ච ඛෝ දේවදූතේහි සන්තෝ සප්පුරිසා ඉධ,
චෝදිතා නප්පමජ්ජන්ති අරියධම්මේ කුදාචනං.

දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලොව යම් ශාන්ත වූ සත්පුරුෂයන් සිටිත්ද, ඔවුන් කිසිකලෙකත් ආර්ය වූ සද්ධර්මයෙහි ප්‍රමාදයට පත්වෙන්නේ නෑ.

උපාදානේ භයං දිස්වා ජාතිමරණ සම්භවේ,
අනුපාදා විමුච්චන්ති ජාතිමරණසංඛයේ.

ඉපදෙන මැරෙන සසර හටගන්නා හේතුව වන උපාදානය පිළිබඳව භය ඇතිකරගෙන, යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙත්ද,

තේ ඛේමප්පත්තා සුඛිනෝ දිට්ඨධම්මාභිනිබ්බුතා,
සබ්බවේරභයාතීතා සබ්බදුක්ඛං උපච්චගුන්ති.

ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත්වෙලා ඉන්නේ. සැපසේ වසන්නේ. මෙලොවදී ම නිවී සැනසී වසන්නේ. සියලු භය වෛර ඉක්මවා ගිය ඒ රහත්හු සෑම දුකක්ම ඉක්මවා ගියා.

සාදු! සාදු!! සාදු!!!

දේවදූතසුත්තං දසමං.

දේවදූතයන් පිළිබඳව වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M