මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.2.9. කායගතාසති සුත්තං

3.2.9. කායගතාසති භාවනාව ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: අච්ඡරියං ආවුසෝ, අබ්භුතං ආවුසෝ, යාවඤ්චිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලීකතා මහප්ඵලා වුත්තා මහානිසංසා’ති. අයං ච හිදං තේසං භික්ඛූනං අන්තරාකථා විප්පකතා හෝති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ. එදා දන් වළඳා පිණ්ඩපාතයෙන් වැළකී උපස්ථාන ශාලාවෙහි රැස්ව වැඩසිටි බොහෝ භික්ෂූන් වහන්සේලා අතර මෙවැනි කතාබහක් ඇතිවුණා.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, හරි ආශ්චර්යයි නෙව. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, හරි අද්භූතයි නෙව. දත යුතු සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ප්‍රගුණ කරන ලද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද කායගතාසති භාවනාව මහත්ඵල, මහානිසංස බවයි.”

ඒ භික්ෂූන් වහන්සේලා අතර මෙම කථාවයි එවේලෙහි අඩාළ වුනේ.

අථ ඛෝ භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන උපට්ඨානසාලා, තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: කායනුත්ථ භික්ඛවේ, ඒතරහි කථාය සන්නිසින්නා කා ච පන වෝ අන්තරාකථා විප්පකතා’ති.

එවිට භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.

“පින්වත් මහණෙනි, දැන් ඔබ මෙතන රැස් වී කවර කථාවකින්ද කල් ගත කළේ? මෙතනදී අඩාළ වුනේ කවර කථාවක් ද?”

ඉධ භන්තේ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: අච්ඡරියං ආවුසෝ, අබ්භුතං ආවුසෝ, යාවඤ්චිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලීකතා මහප්ඵලා වුත්තා මහානිසංසා’ති. අයං නෝ භන්තේ අන්තරාකථා විප්පකතා. අථ භගවා අනුප්පත්තෝ’ති.

“ස්වාමීනී, මෙහි අපි දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී උපස්ථාන ශාලාවෙහි රැස්වෙලා සිටිද්දී අප අතර ඇතිවුනේ මෙන්න මේ කථාවයි. ‘ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, හරි ආශ්චර්යයි නෙව. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, හරි අද්භූතයි නෙව. දත යුතු සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ප්‍රගුණ කරන ලද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද කායගතාසති භාවනාව මහත්ඵල, මහානිසංස බවයි’ කියලා. ස්වාමීනී, මේ කථාවෙන් තමයි අපි කල්ගත කළේ. මේ කථාව තමයි මෙතනදී අඩාළ වුනේ. එතකොටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළේ.”

කථං භාවිතා ච භික්ඛවේ, කායගතා සති කථං බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා: ඉධ භික්ඛවේ, භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

“පින්වත් මහණෙනි, කොයි විදිහට වඩන ලද, කොයි විදිහට බහුල වශයෙන් වඩන ලද කායගතාසති භාවනාවද මහත්ඵල මහානිසංස වන්නේ?

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගිහින් හෝ රුක්සෙවණකට ගිහින් හෝ නිදහස් තැනකට ගිහින් කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන, පළඟක් බැඳගෙන වාඩිවෙනවා. ඉතින් ඒ භික්ෂුව සිහියෙන්ම හුස්ම ගන්නවා. සිහියෙන්ම හුස්ම හෙලනවා.

දීර්ඝව ආශ්වාස කරද්දි, දීර්ඝව ආශ්වාස කරන බව දැනගන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරද්දි, දීර්ඝව ප්‍රශ්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ආශ්වාස කරද්දි, කෙටියෙන් ආශ්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ප්‍රශ්වාස කරද්දි, කෙටියෙන් ප්‍රශ්වාස කරන බව දැනගන්නවා. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට, ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඨිතෝ වා ඨිතොම්හීති පජානාති. නිසින්නෝ වා නිසින්නොම්හීති පජානාති. සයානෝ වා සයානොම්හීති පජානාති. යථා යථා වා පනස්ස කායෝ පණිහිතෝ හෝති. තථා තථා නං පජානාති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

ඒ වගේම පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියන්නම්. භික්ෂුව ගමන් කරද්දී ‘ගමන් කරන බව’ හොඳින් දැනගන්නවා. නැවතී සිටිද්දී ‘නැවතී සිටින බව’ හොඳින් දැනගන්නවා. වාඩි වී සිටිද්දී ‘වාඩි වී සිටින බව’ හොඳින් දැනගන්නවා. සැතපී සිටිද්දී ‘සැතපී සිටින බව’ හොඳින් දැනගන්නවා. ඒ කියන්නේ භික්ෂුවගේ කය පිහිටුවන්නේ යම් යම් ආකාරයෙන්ද, ඒ ඒ ආකාරයෙන් ඒ කායික ඉරියව් දැනගන්නවා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්, භික්ෂුව ඉදිරියට ගමන් කරද්දීත්, ආපසු හැරී එද්දීත් එය කරන්නේ නුවණින් දැනගෙනම යි. ඉදිරිය බලද්දීත්, අවට බලද්දීත් එය කරන්නේ නුවණින් දැනගෙනම යි. ඒ වගේම අතපය දිගහරිද්දී, හකුළද්දී එය කරන්නේ නුවණින් දැනගෙනම යි. සඟළ සිවුරු, පාත්‍ර, සිවුරු පරිහරණය කරද්දී එය කරන්නේ නුවණින් දැනගෙනම යි. වළඳද්දී, පානය කරද්දී, සපා අනුභව කරද්දී, රස විඳිද්දී එය කරන්නේ නුවණින් දැනගෙනම යි. වැසිකිළි කැසිකිළි කරද්දී එය කරන්නේ නුවණින් දැනගෙනම යි. ගමන් කරද්දී, සිටගෙන සිටිද්දී, වාඩිවෙද්දී, සැතපෙද්දී, නිදිවරද්දී, කතාබස් කරද්දී, නිහඬව සිටිද්දී එය කරන්නේ නුවණින් දැනගෙනම යි.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේළෝ සිංඝාණිකා ලසිකා මුත්ත’න්ති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්, භික්ෂුව පා තලයෙන් උඩ, කෙස් වලින් යට සමකින් සීමා කොට ගත් නානාප්‍රකාර අපිරිසිදු දැයෙන් පිරුණු මේ කයම යි නුවණින් විමස විමසා බලන්නේ. ඒ කියන්නේ මේ කයෙහි කෙස් තියෙනවා. ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල, මහා බඩවැල, නොපැසුණු ආහාර, අසුචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදය, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මූත්‍රා යන මේවා තියෙනවා කියලා.

සෙය්‍යථාපි භික්ඛවේ, උභතෝමුඛා මූතෝළී පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස සෙය්‍යථීදං: සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං, තමේනං චක්ඛුමා පුරිසෝ මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය: ඉමේ සාලී, ඉමේ වීහී, ඉමේ මුග්ගා, ඉමේ මාසා, ඉමේ තිලා, ඉමේ තණ්ඩුලා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේළෝ සිංඝාණිකා ලසිකා මුත්ත’න්ති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දෙපැත්තකින් කට ඇති නොයෙක් ධාන්‍ය වර්ග පුරවපු මල්ලක් තියෙනවා. ඒ කියන්නේ හැල් වී, වී, මුං ඇට, මෑ ඇට, තල ඇට, සහල් ආදිය පුරවපු. ඉතින් ඇස් ඇති පුරුෂයෙක් ඇවිදින් ඔය මල්ල ලිහා විමසා බලනවා. ‘මේ තියෙන්නේ හැල් වී නෙව. මේවා වී නෙව. මේවා මුං ඇට නෙව. මේ තියෙන්නේ මෑ ඇට. මේ තලත් තියෙන්නෙ. මේ සහලුත් තියෙන්නෙ’ කියලා.

පින්වත් මහණෙනි, අන්න ඒ විදිහමයි භික්ෂුව පා තලයෙන් උඩ, කෙස් වලින් යට සමකින් සීමා කොට ගත් නානාප්‍රකාර අපිරිසිදු දැයෙන් පිරුණු මේ කයම යි නුවණින් විමස විමසා බලන්නේ. ඒ කියන්නේ මේ කයෙහි කෙස් තියෙනවා. ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල, මහා බඩවැල, නොපැසුණු ආහාර, අසුචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදය, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මූත්‍රා යන මේවා තියෙනවා කියලා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතූති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්, භික්ෂුව මේ කයම, යම් අයුරකින් පිහිටා තිබෙයිද, යම් අයුරකින් සකස් වෙයිද, ඒ අයුරින්ම ධාතු ස්වභාව වශයෙන් නුවණින් විමසා බලනවා. ‘මේ කයෙහි පඨවි ධාතු තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තියෙනවා’ කියලා.

සෙය්‍යථාපි භික්ඛවේ, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා ගාවිං වධිත්වා චාතුම්මහාපථේ බිලසෝ විභජිත්වා නිසින්නෝ අස්ස, ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතූ’ති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ ගෝලයෙක් ඉන්නවා. ඉතින් මොහු ගව දෙනක් මරා, සතරමං සන්ධියකදී කොටස් කොට, බෙදා, විකිණීමට තබා වාඩි වී ඉන්නවා. පින්වත් මහණෙනි, ඔය විදිහමයි භික්ෂුව මේ කයම, යම් අයුරකින් පිහිටා තිබෙයිද, යම් අයුරකින් සකස් වෙයිද, ඒ අයුරින්ම ධාතු ස්වභාව වශයෙන් නුවණින් විමසා බලනවා. ‘මේ කයෙහි පඨවි ධාතු තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තියෙනවා’ කියලා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඞ්ඩිතං ඒකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සෝ ඉමමේව කායං උපසංහරති: ‘අයම්පි ඛෝ කායෝ ඒවංධම්මෝ ඒවංභාවී ඒතං අනතීතෝ’ති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්, අමු සොහොනේ දමන ලද, මැරී දවසක් ගත වූ, දෙදවසක් ගත වූ, තුන් දවසක් ගත වූ, මළමිනියක් ඉදිමිලා, නිල් පැහැ ගැන්විලා, සැරව හටගෙන තිබෙන අයුරු භික්ෂුවකට දකින්නට ලැබෙන්නේ යම් අයුරකින්ද, එලෙසින් ම ඒ භික්ෂුව තමා ගේ කයද ඒ අයුරින් ගලපා බලනවා. ‘මේ ශරීරයත් ඔය ස්වභාවයටම යි පත්වෙන්නේ. ඔය විදිහටම වේවි. ඔය ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ’ කියලා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඞ්ඩිතං කාකේහි වා ඛජ්ජමානං කුලලේහි වා ඛජ්ජමානං ගිජ්fක්‍ධ්හි වා ඛජ්ජමානං සුවාණේහි වා ඛජ්ජමානං සිගාලේහි වා ඛජ්ජමානං විවිධේහි වා පාණකජාතේහි ඛජ්ජමානං. සෝ ඉමමේව කායං උපසංහරති: ‘අයම්පි ඛෝ කායෝ ඒවංධම්මෝ ඒවංභාවී ඒතං අනතීතෝ’ති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්, සොහොනෙහි දමන ලද මළකුණක් භික්ෂුවකට දකින්නට ලැබෙනවා කියල හිතමු. එතකොට කපුටන් විසින් හෝ ඒ මළකුණ කකා ඉන්නවා. උකුස්සන් විසින් හෝ ඒ මළකුණ කකා ඉන්නවා. ගිජුලිහිණියන් විසින් හෝ ඒ මළකුණ කකා ඉන්නවා. බල්ලන් විසින් හෝ ඒ මළකුණ කකා ඉන්නවා. සිවලුන් විසින් හෝ ඒ මළකුණ කකා ඉන්නවා. විවිධාකාර සතුන් විසින් හෝ ඒ මළකුණ කකා ඉන්නවා. එතකොට ඒ භික්ෂුව තමාගේ කයද ඒ අයුරින් ගලපා බලනවා. ‘මේ ශරීරයත් ඔය ස්වභාවයටම යි පත්වෙන්නේ. ඔය විදිහටම වේවි. ඔය ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ’ කියලා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඞ්ඩිතං අට්ඨිකසංඛලිකං සමංසලෝහිතං නහාරුසම්බන්ධං, ….(පෙ)…. අට්ඨිකසංඛලිකං නිම්මංසලෝහිතමක්ඛිතං නහාරුසම්බන්ධං, ….(පෙ)…. අට්ඨිකසංඛලිකං අපගතමංසලෝහිතං නහාරුසම්බන්ධං, ….(පෙ)…. අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසාවිදිසාසු වික්ඛිත්තානි අඤ්ඤේන හත්ථට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකණ්ඨකං අඤ්ඤේන සීසකටාහං සෝ ඉමමේව කායං උපසංහරති: ‘අයම්පි ඛෝ කායෝ ඒවංධම්මෝ ඒවංභාවී ඒතං අනතීතෝ’ති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්, සොහොනෙහි දමන ලද මළකුණක් භික්ෂුවකට දකින්නට ලැබෙනවා කියල හිතමු. එය ඇටසැකිල්ල මතුවෙලා, බැඳුණු නහරවලින් යුක්තව, මස් ලේ සහිතවයි දකින්නට ලැබෙන්නේ. ….(පෙ)…. මස් නැති වෙලා, ලේ වැකුණු නහර වැල් ඇති ඇටසැකිල්ලකුයි දකින්නට ලැබෙන්නේ ….(පෙ)…. මසුත් නැතිවෙලා, ලේත් නැතිවෙලා, නහර වැල් විතරක් බැඳුණු ඇටසැකිල්ලකුයි දකින්නට ලැබෙන්නේ ….(පෙ)…. ඇටසැකිල්ලේ කිසි සම්බන්ධයක් නෑ. එක එක පැත්තට ඇට විසිරිලා තියෙනවා. අත් ඇට එක පැත්තක. පා ඇට තවත් පැත්තක. කෙණ්ඩා ඇට තවත් පැත්තක. කලවා ඇට තවත් පැත්තක. උකුල් ඇට තව පැත්තක.කොඳු ඇට තව පැත්තක. හිස් කබල තව පැත්තක. එවැනි ඇට ගොඩකුයි දකින්නට ලැබෙන්නේ. එතකොට ඒ භික්ෂුව තමාගේ කයද ඒ අයුරින් ගලපා බලනවා. ‘මේ ශරීරයත් ඔය ස්වභාවයටම යි පත්වෙන්නේ. ඔය විදිහටම වේවි. ඔය ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ’ කියලා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඞ්ඩිතං අට්ඨිකානි සේතානි සංඛවණ්ණූපනිභානි ….(පෙ)…. අට්ඨිකානි පුඤ්ජකිතානි, තේරෝවස්සිකානි, ….(පෙ)…. අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි, සෝ ඉමමේව කායං උපසංහරති: ‘අයම්පි ඛෝ කායෝ ඒවංධම්මෝ ඒවංභාවී ඒතං අනතීතෝ’ති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්, සොහොනෙහි දමන ලද මළකුණක් භික්ෂුවකට දකින්නට ලැබෙනවා කියල හිතමු. ඒ මළකුණ හොඳටම පරණ වෙලා. හක්ගෙඩියේ පැහැය ගත් සුදු පැහැ ඇති ඇට ගොඩක් විතරයි දකින්න ලැබෙන්නේ. ….(පෙ)…. බොහෝ කල් ගත වූ ඇට ගොඩක් විතර යි දකින්න ලැබෙන්නේ. ….(පෙ)…. සුණු බවට පත් වී කුණු වී ගිය ඇට ගොඩක් විතරයි දකින්ට ලැබෙන්නේ.

එතකොට ඒ භික්ෂුව තමාගේ කයද ඒ අයුරින් ගලපා බලනවා. ‘මේ ශරීරයත් ඔය ස්වභාවයටම යි පත්වෙන්නේ. ඔය විදිහටම වේවි. ඔය ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ’ කියලා.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. සෙය්‍යථාපි භික්ඛවේ, දක්ඛෝ නහාපකෝ වා නහාපකන්තේවාසී වා කංසථාලේ නහානීයචුණ්ණානි ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං සන්නෙය්‍ය, සාස්ස නහානීයපිණ්ඩී ස්නේහානුගතා ස්නේහපරේතා සන්තරබාහිරා ඵුට්ඨා ස්නේහේන, න ච පග්ඝරිණී. ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති, පරිසන්දේති, පරිපූරේති, පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියන්නම්. මෙහිලා භික්ෂුව කාමයන් ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක් (රජවරුන් ආදී පිරිස් නහවන) දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකුගේ ගෝලයෙක් හෝ ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නානසුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නානසුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන පිඬ ඇතුළත පිටත සෑම තැනම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නෙත් නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නෑ.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති, පරිසන්දේති, පරිපූරේති, පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. සෙය්‍යථාපි භික්ඛවේ, උදකරහදෝ ගම්භීරෝ උබ්භිදෝදකෝ, තස්ස නේවස්ස පුරත්ථිමාය දිසාය උදකස්සායමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්සායමුඛං, න උත්තරාය දිසාය උදකස්සායමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්සායමුඛං, දේවෝ ච න කාලේන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය. අථ ඛෝ තම්හාව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමේව උදකරහදං සීතේන වාරිනා අභිසන්දෙය්‍ය පරිසන්දෙය්‍ය පරිපූරෙය්‍ය පරිප්ඵරෙය්‍ය. නාස්ස කිඤ්චි සබ්බාවතෝ උදකරහදස්ස සීතේන වාරිනා අප්ඵුටං අස්ස. ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති කරවන, සිතෙහි ඒකාග්‍රතාවය පවත්වන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නෑ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මඟක් නෑ. බටහිර පැත්තෙන් වතුර එන මඟක් නෑ. උතුරු පැත්තෙන් වතුර එන මඟක් නෑ. දකුණු පැත්තෙන් වතුර එන මඟක් නෑ. වැස්සත් කලින් කලට පිළිවෙලකට වහින්නේ නෑ. එතකොට ඒ විලෙන්ම සීතල දියදහරා උල්පත්වලින් උඩට මතු වෙවී ඒ විලම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොඳින් පුරවනවා. ඒ මුළු විලේම සිහිල් ජලයෙන් පහස නොලැබූ කිසි තැනක් නෑ. ඔය විදිහමයි. පින්වත් මහණෙනි, භික්ෂුව මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නෑ.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ච සම්පජානෝ, සුඛඤ්ච කායේන පටිසංවේදේති. යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති, සෙය්‍යථාපි භික්ඛවේ, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි අන්තෝ නිමුග්ගපෝසීනි. තානි යාව ච අග්ගා යාව ච මූලා සීතේන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි. නාස්ස කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතේන වාරිනා අප්ඵුටං අස්ස. ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැපසේ වාසය කරනවා’ කියලා. අන්න ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක හෝ ඇතැම් මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා ඒ නෙළුම් ජලයේම යි හටගන්නේ. ජලයේම යි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිත් නෑ. ජලය තුළම ගිලී වැඩෙනවා. එතකොට ඒවායේ අග දක්වාත් මුල දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. මුළුමණින්ම තෙත් වෙලා තියෙන්නේ. පිරිල තියෙන්නේ. හැම තැනම පැතිරිලා තියෙන්නේ. ඒ සෑම මහනෙල්වල, රතු නෙළුම්වල, සුදු නෙළුම්වල සීතල දිය නොපැතුරුණු කිසි තැනක් නෑ. ඔය විදිහමයි. පින්වත් මහණෙනි, භික්ෂුව මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්වා නිසින්නෝ හෝති, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්ඵුටං හෝති. සෙය්‍යථාපි භික්ඛවේ, පුරිසෝ ඕදාතේන වත්ථේන සසීසං පාරුපිත්වා නිසින්නෝ අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස ඕදාතේන වත්ථේන අප්ඵුටං අස්ස. ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්වා නිසින්නෝ හෝති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්ඵුටං හෝති. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා, තේ පහීයන්ති. තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඒවම්පි ඛෝ භික්ඛවේ, භික්ඛු කායගතං සතිං භාවේති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව සැප ද, නැති කිරීමෙන් දුක ද නැති කිරීමෙන්, කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා, දුක් සැප රහිත, පිරිසිදු උපේක්ෂාවත් සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහු ගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නෑ.

ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුලු සිරුරම පොරොවා ගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙහිම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ. පින්වත් මහණෙනි, අන්න ඒ වගේම යි භික්ෂුව මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩිවී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නෑ.

එතකොට පින්වත් මහණෙනි, ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට ගිහි උදවිය සිතන ආකාරයේ යම් පංච කාම ගුණ පිළිබඳව සිත දුවන කල්පනාවල් ඇද්ද, ඒවා ප්‍රහාණය වී යනවා. ඒ කාම සහගත කල්පනා ප්‍රහාණය වී ගිය විට තමා තුළම සිත පිහිටන්න පටන් ගන්නවා. සිත තැන්පත් වෙනවා. එක්තැන් වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඔය අයුරිනුත් කායගතාසති භාවනාව වඩනවා.

යස්ස කස්සචි භික්ඛවේ, කායගතා සති භාවිතා බහුලීකතා අන්තෝගධා තස්ස කුසලා ධම්මා යේ කේචි විජ්ජාභාගියා. සෙය්‍යථාපි භික්ඛවේ, යස්ස කස්සචි මහාසමුද්දෝ චේතසා ඵුටෝ, අන්තෝගධා තස්ස කුන්නදියෝ යා කාචි සමුද්දංගමා. ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා අන්තෝගධා තස්ස කුසලා ධම්මා යේ කේචි විජ්ජාභාගියා.

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නම්, ඔහු තුළ යම් විද්‍යාභාගී හෙවත් අවබෝධඤාණය ඇතිවෙන ධර්මයන් ඇත්නම්, ඒ කුසල් දහම් ඇතුළත තැන්පත්ව වැඩෙනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. යම්කිසි කෙනෙක් සිතෙන් ස්පර්ශ කොට ගත් මහා සමුද්‍රයක් ඇද්ද, ඒ මහා සමුද්‍රය තුළට ඇදී එන කුඩා ගංගාවන් සියල්ලම ඒ සමුද්‍රයට ඇතුළත් වෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහටම යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නම්, ඔහු තුළ යම් විද්‍යාභාගී හෙවත් අවබෝධඤාණය ඇතිවෙන ධර්මයන් ඇත්නම්, ඒ කුසල් දහම් ඇතුළත තැන්පත්ව වැඩෙනවා.

යස්ස කස්සචි භික්ඛවේ, භික්ඛුනෝ කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරෝ ඕතාරං, ලභති තස්ස මාරෝ ආරම්මණං.

පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නැත්නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නැත්නම්, මාරයා ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට අවස්ථාව ලබාගන්නවා. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයා අවස්ථාව ලබාගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ, පුරිසෝ ගරුකං සිලාගුලං අල්ලමත්තිකාපුඤ්ජේ පක්ඛිපෙය්‍ය, තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු තං ගරුකං සිලාගුලං අල්ලමත්තිකාපුඤ්ජේ ලභේථ ඕතාරන්ති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ඉතා බර කළුගල් ගෝලයක් අමු මැටි පිඬකට අතහරිනවා නම්, පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර බර කළුගල් ගෝලය තෙත් මැටි පිඬෙහි ගිලෙන්නට අවස්ථාව ලබාගන්නවා නේද?”

ඒවං භන්තේ.

“එසේය, ස්වාමීනී”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරෝ ඕතාරං ලභති තස්ස මාරෝ ආරම්මණං.

“පින්වත් මහණෙනි, ඒ වගේ තමයි යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නැත්නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නැත්නම්, මාරයා ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට අවස්ථාව ලබා ගන්නවා. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයා අවස්ථාව ලබාගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ, සුක්ඛං කට්ඨං කෝළාපං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි. තේජෝ පාතුකරිස්සාමීති. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ අමුං සුක්ඛං කට්ඨං කෝළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය තේජෝ පාතුකරෙය්‍යාති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වියළුණු, පතුරු ගිය දර කොටයක් තියෙනවා. එතකොට පුරුෂයෙක් ගිනිගානා දඬුව අරගෙන ඇවිදින් ‘මං ගිනි උපදවන්න ඕන. තේජෝ ධාතුව පහළ කරවන්න ඕන’ කියල උත්සාහ කරනවාද, පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා මේ වේළුණු පතුරු ගිය දර කොටය ගෙන ගිනිගානා දණ්ඩෙන් අතුල්ලද්දී ගිනි උපදවාවිද? තේජස පහළ කරාවිද?”

ඒවං භන්තේ.

“එසේය, ස්වාමීනී”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරෝ ඕතාරං ලභති තස්ස මාරෝ ආරම්මණං.

“පින්වත් මහණෙනි, ඒ වගේ තමයි යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නැත්නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නැත්නම්, මාරයා ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට අවස්ථාව ලබා ගන්නවා. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයා අවස්ථාව ලබාගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ, උදකමණිකෝ රිත්තෝ තුච්ඡෝ ආධාරේ ඨපිතෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උදකභාරං ආදාය. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ ලභේථ උදකස්ස නික්ඛේපනන්ති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක වතුර නැති හිස් එකක්. එතකොට පුරුෂයෙක් ලොකු දිය බඳුනක් රැගෙන එනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුරුෂයාට තමා රැගෙන එන ජලය අර බඳුනෙහි දැමීමට අවස්ථාව ලැබෙනවා නේද?”

ඒවං භන්තේ.

“එසේය, ස්වාමීනී”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරෝ ඕතාරං ලභති තස්ස මාරෝ ආරම්මණං.

“පින්වත් මහණෙනි, ඒ වගේ තමයි යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නැත්නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නැත්නම්, මාරයා ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට අවස්ථාව ලබා ගන්නවා. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයා අවස්ථාව ලබාගන්නවා.

යස්ස කස්සචි භික්ඛවේ, කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං, න තස්ස ලභති මාරෝ ආරම්මණං. සෙය්‍යථාපි භික්ඛවේ, පුරිසෝ ලහුකං සුත්තගුළං සබ්බසාරමයේ අග්ගලඵලකේ පක්ඛිපෙය්‍ය. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ තං ලහුකං සුත්තගුළං සබ්බසාරමයේ අග්ගලඵලකේ ලභේථ ඕතාරන්ති.

පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ඉතා සැහැල්ලු නූල් බෝලයක් ගෙනැවිත් මුළුමනින්ම අරටුවෙන් කළ දොරපළුවකට තියල තදකරනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට අර පුරුෂයා ඒ සැහැල්ලු නූල් බෝලය මුළුමනින්ම අරටුවෙන් කරපු ඒ දොර පළුවට ගිල්ලවන්න අවස්ථාවක් ලබා ගනීවිද?”

නෝ හේතං භන්තේ.

“ස්වාමීනී, එය සිදුවෙන්නේ නැහැ.”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං න තස්ස ලභති මාරෝ ආරම්මණං.

“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.

සෙය්‍යථාපි භික්ඛවේ, අල්ලං කට්ඨං සස්නේහං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි තේජෝ පාතුකරිස්සාමීති. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය තේජෝ පාතුකරෙය්‍යාති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අමු, කිරි සහිත, තෙතබරිත දර කොටයක් තියෙනවා. එතකොට පුරුෂයෙක් ගිනිගානා දඬුව අරගෙන ඇවිදින් ‘මං ගිනි උපදවන්න ඕන. තේජෝ ධාතුව පහළ කරවන්න ඕන’ කියල උත්සාහ කරනවාද, පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා මේ අමු, කිරි සහිත, තෙතබරිත දර කොටය ගිනිගානා දණ්ඩෙන් ගෙන අතුල්ලද්දී ගිනි උපදවාවිද? තේජස පහළ කරාවිද?”

නෝ හේතං භන්තේ.

“ස්වාමීනී, එය සිදුවෙන්නේ නැහැ.”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං න තස්ස ලභති මාරෝ ආරම්මණං.

“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.

සෙය්‍යථාපි භික්ඛවේ, උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්‍යෝ ආධාරේ ඨපිතෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උදකභාරං ආදාය. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ ලභේථ උදකස්ස නික්ඛේපනන්ති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක කටගාවටම හොඳට වතුර පුරෝපු එකක්. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතකොට පුරුෂයෙක් ලොකු දිය බඳුනක් රැගෙන එනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුරුෂයාට තමා රැගෙන එන ජලය අර බඳුනෙහි දැමීමට අවස්ථාව ලැබෙනවාද?”

නෝ හේතං භන්තේ.

“ස්වාමීනී, එය සිදුවෙන්නේ නැහැ.”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං, න තස්ස ලභති මාරෝ ආරම්මණං.

“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.

යස්ස කස්සචි භික්ඛවේ, කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.

පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබා ගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ, උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්‍යෝ ආධාරේ ඨපිතෝ, තමේනං බලවා පුරිසෝ යතෝ යතෝ ආවජ්ජෙය්‍ය, ආගච්ඡෙය්‍ය උදකන්ති.

පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක කට ගාවටම හොඳට වතුර පුරෝපු එකක්. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතකොට බලවත් පුරුෂයෙක් ඇවිදින් යම් යම් පැත්තකින් අර දිය බඳුන ඇල කරන්නේ නම්, ඒ ඒ පැත්තෙන් දිය ගලනවා නේද?”

ඒවං භන්තේ.

“එසේය, ස්වාමීනී”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.

“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි. යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබාගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ, සමේ භූමිභාගේ චතුරස්සා පොක්ඛරණී අස්ස ආළිබද්ධා පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා. තමේනං බලවා පුරිසෝ යතෝ යතෝ ආළිං මුඤ්චෙය්‍ය, ආගච්ඡෙය්‍ය උදකන්ති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සමභූමි භාගයක, වටේට නියර බැඳපු හතරැස් පොකුණක් තියෙනවා. ඒක වතුරෙන් කටගාවට පුරවලා තියෙන්නේ. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතනට බලවත් පුරුෂයෙක් එනවා. ඇවිදින් යම් යම් තැනකින් නියර බිඳිනවා නම්, ඒ ඕනෑම තැනකින් ජලය ගලනවා නේද?”

ඒවං භන්තේ.

“එසේය, ස්වාමීනී”

ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.

“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි. යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබා ගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ, සුභූමියං චාතුම්මහාපථේ ආජඤ්ඤරථෝ යුත්තෝ අස්ස ඨිතෝ ඕධස්තපතෝදෝ. තමේනං දක්ඛෝ යොග්ගාචරියෝ අස්සදම්මසාරථි අභිරුහිත්වා වාමේන හත්ථේන රස්මියෝ ගහෙත්වා දක්ඛිණේන හත්ථේන පතෝදං ගහෙත්වා යේනිච්ඡකං යදිච්ඡකං සාරෙය්‍යාපි පච්චාසාරෙය්‍යාපි ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.

පින්වත් මහණෙනි, ඒ වගේම ඉතා යහපත් බිමක, සතරමං හන්දියක ඕනෑම අවස්ථාවක පැදවිය හැකි ලෙස කෙවිටද සහිත ව සූදානම් කරන ලද ආජානීය අශ්වයන් යෙදූ රථයක් තියෙනවා. ඔතනට දක්ෂ ලෙස අශ්වයන් හැසිරවිය හැකි රියදුරෙක් ඇවිදින් ඒ රථයට නගිනවා. වම් අතින් රැහැන් පට අල්ලාගෙන දකුණු අතින් කෙවිට ගෙන තමන් කැමති කැමති සේ ඒ රථය පදවනවා. නැවත හරවගෙනත් එනවා.

පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි. යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබා ගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.

කායගතාය භික්ඛවේ, සතියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ දසානිසංසා පාටිකංඛා. කතමේ දස:

පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, හොඳට වඩලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, යානාවක් වගේ ප්‍රගුණ කරලා නම්, ස්ථාවර පරිදි ප්‍රගුණ කරලා නම්, නැවත නැවත ප්‍රගුණ කරලා නම්, ඉතා හොඳ පරිචයකින් යුතු නම්, ඉතා ප්‍රබලව පවත්වනවා නම්, මෙන්න මේ ආනිශංස දහය කැමති වෙන්න ඕන. කවර දහයක්ද යත්;

අරතිරතිසහෝ හෝති, න ච තං අරති සහති, උප්පන්නං අරතිං අභිභුය්‍ය අභිභුය්‍ය විහරති, භයභේරවසහෝ හෝති, න ච තං භයභේරවං සහති, උප්පන්නං භයභේරවං අභිභුය්‍ය අභිභුය්‍ය විහරති. ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකෝ හෝති. චතුන්නං ඣානානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී.

බණ භාවනාවට ඇති නොඇල්මත්, පංච කාමයට ඇති ඇල්මත්, පාලනය කරන්න පුළුවන්. ඒ අරතිය ඔහුව යට කරන්නේ නෑ. උපන් අරතිය යළි යළිත් මැඬගෙන වාසය කරන්න පුළුවන්. බියජනක අරමුණු යටපත් කරන්න පුළුවන්. බිය සහගත අරමුණුවලට ඔහුව යටකරන්න බැහැ. උපන් බියජනක අරමුණු යළි යළිත් මැඬලමින් වාසය කරන්න පුළුවන්. සීතල, රස්නය, බඩගින්න, පිපාසය, මැසි මදුරු කරදර, අව් සුළං, සර්පාදීන්ගෙන් වන කරදර ඉවසන්න පුළුවන්. නපුරු ලෙස පවසන, නපුරු ලෙස පැමිණි, දරුණු වචන ඉවසන්න පුළුවන්. ශරීරයෙහි ඇතිවෙන දැඩි වේදනා සහිත වූ, දුක් සහිත වූ, තියුණු, කර්කශ, කටුක, අමිහිරි, අමනාප, ප්‍රාණය නැතිවන තරමේ දරුණු වේදනා වුනත් ඉවසන්න පුළුවන්. උසස් සිත ඇසුරු කළ මෙලොවදීම සැප විහරණ ඇතිවෙන ධ්‍යාන හතරම කැමති සේ ලබන්න පුළුවනි. සුවසේ ලබන්න පුළුවනි. බොහෝ කොට ලබන්න පුළුවනි.

සෝ අනේකවිහිතං ඉද්ධිවිධං පච්චානුභෝති. ඒකෝපි හුත්වා බහුධා හෝති. බහුධාපි හුත්වා ඒකෝ හෝති. ආවිභාවං තිරෝභාවං තිරෝකුඞ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍යථාපි ආකාසේ. පඨවියාපි උම්මුජ්ජනිම්මුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකේ. උදකේපි අභිජ්ජමානේ. ගච්ඡති සෙය්‍යථාපි පඨවියං. ආකාසේපි පල්ලංකේන චංකමති සෙය්‍යථාපි පක්ඛී සකුණෝ. ඉමේපි චන්දිමසුරියේ ඒවං මහිද්ධිකේ ඒවං මහානුභාවේ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේති.

ඉතින් ඔහු නොයෙක් ආකාරයේ ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන කෙනෙක් වෙනවා. ඒ කියන්නෙ, භික්ෂුව තනි කෙනෙක් වගේ සිට බොහෝ ආකාර ඇතිකරගන්නවා. බොහෝ ආකාර ඇතිව සිට තනි කෙනෙක් වෙනවා. ඒ වගේම බිත්ති, පවුරු, පදනම්වල නොගැටී ඉන් එහාට අහසින් යන්නා සේ යනවා. ඒ වගේම ජලයෙහි කිමිදෙන්නා සේ පොළොවෙහි කිමිදෙනවා. නැවත මතුවෙනවා. ඒ වගේම පොළොවෙහි සක්මන් කරන්නා සේ ජලයෙහිත් ඇවිදිනවා. ඒ වගේම කුරුල්ලෙක් අහසෙහි පියාඹන්නා සේ භාවනා ඉරියව්වෙන් අහසින් යනවා. ඒ වගේම මේසා මහා ඉර්ධිමත් මේසා මහානුභාව සම්පන්න සඳ හිරු පවා අතින් පිරිමදිනවා. ඒ වගේම බඹලොව දක්වා මේ ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් යුතු කයින් වසඟයෙහි පවත්වනවා.

දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභෝ සද්දේ සුණාති: දිබ්බේ ච මානුසේ ච, යේ දූරේ සන්තිකේ ච. පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.

ඒ වගේම ඒ භික්ෂුව, සාමාන්‍ය මිනිස් ඇසීම ඉක්මවා ගිය, ඉතා පිරිසිදු වූ දිව්‍යමය ශ්‍රවණයෙන් යුතුව දිව්‍ය වූත්, මානුෂික වූත්, දුර වූත්, ළඟ වූත් යම් දෙවැදෑරුම් ශබ්දයන් ඇද්ද, ඒවාත් අසනවා.

ඒ වගේම ඒ භික්ෂුව, බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ සිතේ ස්වභාවයන් තමාගේ සිතින් පිරිසිඳ දැනගන්නවා. ඒ කියන්නෙ, සරාගී සිත සරාගී සිතක් වශයෙන් දැනගන්නවා. වීතරාගී සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. සදෝෂී සිත සදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. වීතදෝෂී සිත වීතදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. සමෝහී සිත සමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. වීතමෝහී සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකිළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා. විසිරුණු සිත විසුරුණු සිතක් වශයෙන් දැනගන්නවා. මහග්ගත සිත මහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. අමහග්ගත සිත අමහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. සඋත්තර සිත සඋත්තර සිතක් වශයෙන් දැනගන්නවා. අනුත්තර සිත අනුත්තර සිතක් වශයෙන් දැනගන්නවා. සමාහිත සිත සමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. අසමාහිත සිත අසමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. විමුත්ත සිත විමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා. අවිමුත්ත සිත අවිමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා.

සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථීදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති. ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.

ඒ වගේම ඒ භික්ෂුව, නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරනවා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, ජාති දහයක්, ජාති විස්සක්, ජාති තිහක්, ජාති හතළිහක්, ජාති පනහක්, ජාති සීයක්, ජාති දහසක්, ජාති ලක්ෂයක්, ඒ වගේම නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කරනවා. මං අසවල් තැන හිටියා, මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. අසවල් තැන ඉපදුනා. අසවල් තැන හිටියා. මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. මෙතන ඉපදුනා ආදී වශයෙන්. මෙසේ කරුණු සහිත ප්‍රධාන සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා.

ඒ වගේම ඒ භික්ෂුව, සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා. ඒ කියන්නෙ; උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරලා, වචනින් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරමින් ඉඳලා, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නවා. දුගතියෙ ඉපදිලා ඉන්නවා. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නවා’ කියලා. ඒ වගේම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිලා, වචනයෙන් සුචරිතයේ යෙදිලා, මනසින් සුචරිතයේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳලා, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියාවල යෙදිලා, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියලා. මේ විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා.

ඒ වගේම ඒ භික්ෂුව, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙහිදී ම තමන්ගේ විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා.

කායගතාය භික්ඛවේ, සතියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ දසානිසංසා පාටිකංඛාති.

පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව දියුණු වෙලා තියෙනවා නම්, හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, යානාවක් වගේ ප්‍රගුණ කරලා නම්, ස්ථාවර පරිදි ප්‍රගුණ කරලා නම්, නැවත නැවත ප්‍රගුණ කරලා නම්, ඉතා හොඳ පරිචයකින් යුතු නම්, ඉතා ප්‍රබලව පවත්වනවා නම්, මෙන්න මේ ආනිශංස දහය තමයි කැමති වෙන්න ඕන.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

කායගතාසති සුත්තං නවමං.

කායගතාසති භාවනාව ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M