මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.2.10. සංඛාරුප්පත්ති සුත්තං

3.2.10. සංස්කාරයන්ගේ උපත ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සංඛාරුප්පත්තිං වෝ භික්ඛවේ, දේසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරෝථ, භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“පින්වත් මහණෙනි, සංස්කාරයන්ගේ උප්පත්තිය ගැන ඔබට දේශනා කරන්නම්. සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

ඉධ භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති. සීලේන සමන්නාගතෝ හෝති. සුතේන සමන්නාගතෝ හෝති. චාගේන සමන්නාගතෝ හෝති. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා ඛත්තියමහාසාලානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ, මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

“පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඉතින් ඔහුට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු ඉතා උසස් රජපවුලක උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති. සීලේන සමන්නාගතෝ හෝති. සුතේන සමන්නාගතෝ හෝති. චාගේන සමන්නාගතෝ හෝති. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා බ්‍රාහ්මණමහාසාලානං වා ….(පෙ)…. ගහපතිමහාසාලානං වා සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඉතින් ඔහුට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු ඉතා උසස් බ්‍රාහ්මණ පවුලක උපදින්නට ඇත්නම්’ කියලා. ….(පෙ)…. ඉතා උසස් ගෘහපති පවුලක උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති. සීලේන සමන්නාගතෝ හෝති. සුතේන සමන්නාගතෝ හෝති. චාගේන සමන්නාගතෝ හෝති. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: චාතුම්මහාරාජිකා දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලා’ති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘චාතුම්මහාරාජික දෙවියන් දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා. ඉතින් ඔහුට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති. සීලේන සමන්නාගතෝ හෝති. සුතේන සමන්නාගතෝ හෝති. චාගේන සමන්නාගතෝ හෝති. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: තාවතිංසා දේවා ….(පෙ)…. යාමා දේවා ….(පෙ)…. තුසිතා දේවා ….(පෙ)…. නිම්මාණරතී දේවා ….(පෙ)…. පරනිම්මිතවසවත්තිනෝ දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලාති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං ඛෝ භික්ඛවේ මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘තව්තිසා දෙවියන් ….(පෙ)…. යාම දෙවියන් ….(පෙ)…. තුසිත දෙවියන් ….(පෙ)…. නිම්මාණරතී දෙවියන් ….(පෙ)…. පරනිම්මිත වසවත්තී දෙවියන් දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා. ඉතින් ඔහුට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙවියන් අතර උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ හෝති, සුතේන සමන්නාගතෝ හෝති, චාගේන සමන්නාගතෝ හෝති, පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: ‘සහස්සෝ බ්‍රහ්මා දීඝායුකෝ වණ්ණවා සුඛබහුලෝ’ති. සහස්සෝ භික්ඛවේ, බ්‍රහ්මා සහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා, තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි භික්ඛවේ, චක්ඛුමා පුරිසෝ ඒකං ආමණ්ඩං හත්ථේ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ, සහස්සෝ බ්‍රහ්මා සහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා, තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා සහස්සස්ස බ්‍රහ්මුනෝ සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ, මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘සහස්ස බ්‍රහ්මයා දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා. පින්වත් මහණෙනි, සහස්ස බ්‍රහ්මයා සහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඇස් ඇති පුරුෂයෙක් අතට නෙල්ලි ගෙඩියක් ගෙන හොඳින් හරව හරවා බලනවා වගෙයි. පින්වත් මහණෙනි, ඒ අයුරින්ම සහස්ස බ්‍රහ්මයා සහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා.

ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු සහස්සී බ්‍රහ්මයාගේ තත්වයට උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණ ම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ හෝති, සුතේන සමන්නාගතෝ හෝති, චාගේන සමන්නාගතෝ හෝති, පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: ද්විසහස්සෝ බ්‍රහ්මා ….(පෙ)…. තිසහස්සෝ බ්‍රහ්මා ….(පෙ)…. චතුසහස්සෝ බ්‍රහ්මා ….(පෙ)…. පඤ්චසහස්සෝ බ්‍රහ්මා දීඝායුකෝ වණ්ණවා සුඛබහුලෝති. පඤ්චසහස්සෝපි භික්ඛවේ, බ්‍රහ්මා පඤ්චසහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා, තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි භික්ඛවේ, චක්ඛුමා පුරිසෝ පඤ්ච ආමණ්ඩානි හත්ථේ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය, ඒවමේව ඛෝ භික්ඛවේ, පඤ්චසහස්සෝ බ්‍රහ්මා පඤ්චසහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා, තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා පඤ්චසහස්සස්ස බ්‍රහ්මුනෝ සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ, මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘ද්විසහස්ස බ්‍රහ්මයා ….(පෙ)…. තිසහස්ස බ්‍රහ්මයා ….(පෙ)…. චතුසහස්ස බ්‍රහ්මයා ….(පෙ)…. පඤ්ච සහස්ස බ්‍රහ්මයා දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා. පින්වත් මහණෙනි, පඤ්ච සහස්ස බ්‍රහ්මයා පඤ්චසහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඇස් ඇති පුරුෂයෙක් අතට නෙල්ලි ගෙඩි පහක් ගෙන හොඳින් හරව හරවා බලනවා වගෙයි. පින්වත් මහණෙනි, ඒ අයුරින්ම පඤ්චසහස්ස බ්‍රහ්මයා පඤ්චසහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා.

ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු පඤ්චසහස්සී බ්‍රහ්මයාගේ තත්වයට උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති. සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: දසසහස්සෝ බ්‍රහ්මා දීඝායුකෝ වණ්ණවා සුඛබහුලෝති. දසසහස්සෝ භික්ඛවේ, බ්‍රහ්මා දසසහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා, තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි භික්ඛවේ, මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ පණ්ඩුකම්බලේ නික්ඛිත්තෝ භාසතේ ච, තපතේ ච, විරෝචති ච. ඒවමේව ඛෝ භික්ඛවේ, දසසහස්සෝ බ්‍රහ්මා දසසහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා දසසහස්සස්ස බ්‍රහ්මුනෝ සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ, මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් ….(පෙ)…. සීලයෙනුත් ….(පෙ)…. ශ්‍රැතයෙනුත් ….(පෙ)…. ත්‍යාගයෙනුත් ….(පෙ)…. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘දසසහස්ස බ්‍රහ්මයා දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා. පින්වත් මහණෙනි, දසසහස්ස බ්‍රහ්මයා දසසහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. හොඳින් කරවන ලද අටපට්ටම් වූ නියම තත්වයෙන් පවතින වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා. එය රතු පළසක තැබූ විට තවත් බබලනවා. සෑහෙන්න බබලනවා. බොහෝ සේ බබලනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ දසසහස්ස බ්‍රහ්මයා දසසහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා.

ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු දසසහස්සී බ්‍රහ්මයාගේ තත්වයට උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: සතසහස්සෝ බ්‍රහ්මා දීඝායුකෝ වණ්ණවා සුඛබහුලෝති. සතසහස්සෝ භික්ඛවේ, බ්‍රහ්මා සතසහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි භික්ඛවේ, නෙක්ඛං ජම්බෝනදං දක්ඛකම්මාරපුත්තඋක්කාමුඛසුකුසලසම්පහට්ඨං පණ්ඩුකම්බලේ නික්ඛිත්තං භාසතේ ච තපතේ ච විරෝචති ච. ඒවමේව ඛෝ භික්ඛවේ, සතසහස්සෝ බ්‍රහ්මා සතසහස්සිං ලෝකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යේපි තත්ථ සත්තා උපපන්නා, තේපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා සතසහස්සස්ස බ්‍රහ්මුනෝ සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ, මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් ….(පෙ)…. සීලයෙනුත් ….(පෙ)…. ශ්‍රැතයෙනුත් ….(පෙ)…. ත්‍යාගයෙනුත් ….(පෙ)…. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘සතසහස්ස බ්‍රහ්මයා දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා. පින්වත් මහණෙනි, සතසහස්ස බ්‍රහ්මයා සතසහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ජම්බු නදියෙහි හටගත් රත්තරනින් කරන ලද පළඳනාවක් දක්ෂ රන්කරුපුතෙකු විසින් කඹුරු උදුනක දමා ඉතා හොඳින් පිරිසිදු කොට රත් පළසක තැබූ විට තවත් බබලනවා. සෑහෙන්න බබලනවා. බොහෝ සේ බබලනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ සතසහස්ස බ්‍රහ්මයා සතසහස්සී ලෝක ධාතුවට තම චිත්ත බලය පතුරුවා ගෙන යටත් කොටයි වාසය කරන්නේ. එහි යම් සත්වයන් උපදිනවා නම් ඔවුන්ටත් තම චිත්ත බලය පතුරුවා ගෙන වාසය කරනවා.

ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු සතසහස්සී බ්‍රහ්මයන්ගේ තත්වයට උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: ආභා දේවා ….(පෙ)…. පරිත්තාභා දේවා ….(පෙ)…. අප්පමාණාභා දේවා ….(පෙ)…. ආභස්සරා දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලාති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා ආභස්සරානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තේ සංඛාරා ච විහාරා ච ඒවංභාවිතා ඒවංබහුලීකතා තත්‍රෑපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවේ, මග්ගෝ අයං පටිපදා තත්‍රෑපපත්තියා සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් ….(පෙ)…. සීලයෙනුත් ….(පෙ)…. ශ්‍රැතයෙනුත් ….(පෙ)…. ත්‍යාගයෙනුත් ….(පෙ)…. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘ආභ දෙවියන් ….(පෙ)…. පරිත්තාභ දෙවියන් ….(පෙ)…. අප්පමාණාභ දෙවියන් ….(පෙ)…. ආභස්සර දෙවියන් දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා.

ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු ආභස්සර දෙවියන් අතර උපදින්නට ඇත්නම්’ කියලා. ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාරද, ඒ පැවැත්මද, ඔය විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: පරිත්තසුභා දේවා ….(පෙ)…. අප්පමාණසුභා දේවා ….(පෙ)…. සුභකිණ්ණා දේවා ??? දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලාති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං ….(පෙ)…. සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් ….(පෙ)…. සීලයෙනුත් ….(පෙ)…. ශ්‍රැතයෙනුත් ….(පෙ)…. ත්‍යාගයෙනුත් ….(පෙ)…. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘පරිත්තසුභ දෙවියන් ….(පෙ)…. අප්පමාණසුභ දෙවියන් ….(පෙ)…. සුභකිණ්හ දෙවියන් දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා.

ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු සුභකිණ්හ දෙවියන් අතර උපදින්නට ඇත්නම්’ කියලා. ….(පෙ)…. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති. සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: වේහප්ඵලා දේවා ….(පෙ)…. අවිහා දේවා ….(පෙ)…. අතප්පා දේවා ….(පෙ)…. සුදස්සා දේවා ….(පෙ)…. සුදස්සී දේවා ….(පෙ)…. අකණිට්ඨා දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලාති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා අකණිට්ඨානං දේවානං සහව්‍යතං උපපජ්ජෙය්‍යන්ති. සෝ තං චිත්තං දහති ….(පෙ)…. සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් ….(පෙ)…. සීලයෙනුත් ….(පෙ)…. ශ්‍රැතයෙනුත් ….(පෙ)…. ත්‍යාගයෙනුත් ….(පෙ)…. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘වේහප්ඵල දෙවියන් ….(පෙ)…. අවිහ දෙවියන් ….(පෙ)…. අතප්ප දෙවියන් ….(පෙ)…. සුදස්ස දෙවියන් ….(පෙ)…. සුදස්සී දෙවියන් ….(පෙ)…. අකණිට්ඨක දෙවියන් දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. වර්ණවන්තයි. සැප බහුලයි’ කියලා.

ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු අකණිට්ඨක දෙවියන් අතර උපදින්නට ඇත්නම්’ කියලා. ….(පෙ)…. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: ආකාසානඤ්චායතනූපගා දේවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලාති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං ….(පෙ)…. සංවත්තති.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස සුතං හෝති: විඤ්ඤාණඤ්චායතනූපගා දේවා ….(පෙ)….

පුන ච පරං භික්ඛවේ, ….(පෙ)…. ආකිඤ්චඤ්ඤායතනූපගා දේවා ….(පෙ)….

පුන ච පරං භික්ඛවේ, ….(පෙ)…. නේවසඤ්ඤානාසඤ්ඤායතනූපගා දේවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලාති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං ….(පෙ)…. සංවත්තති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් ….(පෙ)…. ශ්‍රැතයෙනුත් ….(පෙ)…. ත්‍යාගයෙනුත් ….(පෙ)…. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘ආකාසානඤ්චායතනයට පැමිණි දෙවියන් දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. චිරස්ඨිතිකයි. සැප බහුලයි’ කියලා. ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ මට ….(පෙ)…. එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් ….(පෙ)…. ශ්‍රැතයෙනුත් ….(පෙ)…. ත්‍යාගයෙනුත් ….(පෙ)…. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙය අසන්නට ලැබෙනවා. ‘විඤ්ඤාණඤ්චායතනයට පැමිණි දෙවියන් ….(පෙ)….

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි ….(පෙ)…. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි දෙවියන් ….(පෙ)….

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි ….(පෙ)…. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි දෙවියන් දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. චිරස්ඨිතිකයි. සැප බහුලයි’ කියලා. ඉතින් ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ… මට කය බිඳී මරණින් මතු නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි දෙවියන් අතර උපදින්නට ඇත්නම්’ කියලා. ….(පෙ)…. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ හෝති, සුතේන සමන්නාගතෝ හෝති, චාගේන සමන්නාගතෝ හෝති, පඤ්ඤාය සමන්නාගතෝ හෝති. තස්ස ඒවං හෝති: අහෝ වතාහං ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යන්ති. සෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවේ, භික්ඛු න කත්ථචි උපපජ්ජති, න කුහිඤ්චි උපපජ්ජතීති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ මටත් ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නට ඇත්නම්’ කියලා. ඉතින් ඒ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුව කිසි තැනක උපදින්නේ නෑ. කොහේවත් උපදින්නේ නෑ.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

සංඛාරුප්පත්ති සුත්තං දසමං.

සංස්කාරයන්ගේ උපත ගැන වදාළ දෙසුම නිමා විය.

අනුපදවග්ගෝ දුතියෝ.

තස්ස වග්ගස්ස උද්දානං.

අනුපදසෝධන පෝරිස ධම්මා – සේවිතබ්බ බහුධාතු විභත්ති.
ඉසිගිලිකිත්තිතචත්තාලීසං – ආනාපානසතී උපපත්තිං.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M