මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.2.6. ඉසිගිලි සුත්තං

3.2.6. ඉසිගිලි පර්වතයේ දී වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති ඉසිගිලිස්මිං පබ්බතේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝ’ති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ඉසිගිලි පර්වතයෙහිය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.

භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළ සේක.

පස්සථ නෝ තුම්හේ භික්ඛවේ, ඒතං වේභාරං පබ්බතන්ති? ඒවං භන්තේ. ඒතස්සපි ඛෝ භික්ඛවේ, වේභාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤාපඤ්ඤත්ති.

“පින්වත් මහණෙනි, අර වේභාර පර්වතය ඔබට පෙනෙනවා නේද?” “එසේ ය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය වේභාර පර්වතයට වෙන නමක් තිබුනේ. වෙන පැණවීමක් තිබුනේ.

පස්සථ නෝ තුම්හේ භික්ඛවේ, ඒතං පණ්ඩවං පබ්බතන්ති? ඒවං භන්තේ. ඒතස්සපි ඛෝ භික්ඛවේ, පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤාපඤ්ඤත්ති.

පින්වත් මහණෙනි, අර පාණ්ඩව පර්වතය ඔබට පෙනෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය පාණ්ඩව පර්වතයට වෙන නමක් තිබුනේ. වෙන පැණවීමක් තිබුනේ.

පස්සථ නෝ තුම්හේ භික්ඛවේ, ඒතං වේපුල්ලං පබ්බතන්ති? ඒවං භන්තේ. ඒතස්සපි ඛෝ භික්ඛවේ, වේපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤාපඤ්ඤත්ති.

පින්වත් මහණෙනි, අර වේපුල්ල පර්වතය ඔබට පෙනෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය වේපුල්ල පර්වතයට වෙන නමක් තිබුනේ. වෙන පැණවීමක් තිබුනේ.

පස්සථ නෝ තුම්හේ භික්ඛවේ, ඒතං ගිජ්ඣකූටං පබ්බතන්ති? ඒවං භන්තේ. ඒතස්සපි ඛෝ භික්ඛවේ, ගිජ්ඣකූටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤාපඤ්ඤත්ති.

පින්වත් මහණෙනි, අර ගිජුකුළු පර්වතය ඔබට පෙනෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය ගිජුකුළු පර්වතයට වෙන නමක් තිබුනේ. වෙන පැණවීමක් තිබුනේ.

පස්සථ නෝ තුම්හේ භික්ඛවේ, ඉමං ඉසිගිලිං පබ්බතන්ති? ඒවං භන්තේ. ඉමස්ස ඛෝ භික්ඛවේ, ඉසිගිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා අහෝසි ඒසා පඤ්ඤත්ති.

පින්වත් මහණෙනි, මේ ඉසිගිලි පර්වතය ඔබට පෙනෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, මේ ඉසිගිලි පර්වතයට මේ නමම යි තිබුනේ. මේ පැණැවීමම යි තිබුනේ.

භූතපුබ්බං භික්ඛවේ පඤ්චපච්චේකබුද්ධසතානි ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසිනෝ අහේසුං. තේ ඉමං පබ්බතං පවිසන්තා දිස්සන්ති. පවිට්ඨා න දිස්සන්ති.

පින්වත් මහණෙනි, මෙය වනාහී පෙර සිදු වූ දෙයක්. ඒ කාලේ මේ ඉසිගිලි පර්වතයෙහි පන්සියනමක් පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ කාලයක් වැඩසිටියා. එතකොට උන්වහන්සේලා මේ පර්වතයට වඩින ආකාරය අගේට පේනවා. නමුත් වැඩම කළාට පස්සේ දකින්නට ලැබෙන්නේ නැහැ.

තමේනං මනුස්සා දිස්වා ඒවමාහංසු. අයං පබ්බතෝ ඉමේ ඉසී ගිලතීති ඉසිගිලි ඉසිගිලීත්වේව සමඤ්ඤා උදපාදි.

එතකොට ඒ කාරණය දැකගත් මිනිසුන් මෙහෙම කිව්වා. ‘මේ පර්වතය මේ ඉසිවරයන් වහන්සේලාව ගිල දමනවා නෙව’ කියලා. ඒ අනුව ‘ඉසිවරුන් ගිලින්නේය’ යන අර්ථයෙන් ‘ඉසිගිලි’ යන නාමය ඉපදුනා.

ආචික්ඛිස්සාමි භික්ඛවේ, පච්චේකබුද්ධානං නාමානි. කිත්තයිස්සාමි භික්ඛවේ, පච්චේකබුද්ධානං නාමානි. දේසිස්සාමි භික්ඛවේ පච්චේකබුද්ධානං නාමානි. තං සුණාථ. සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති.

පින්වත් මහණෙනි, පසේබුදුරජාණන් වහන්සේලාගේ නාමයන් පවසන්නම්. පින්වත් මහණෙනි, පසේබුදුරජාණන් වහන්සේලාගේ නාමයන් හඳුන්වා දෙන්නම්. පින්වත් මහණෙනි, පසේබුදුරජාණන් වහන්සේලාගේ නාමයන් දේශනා කරන්නම්. එය මනාකොට අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

අරිට්ඨෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. උපරිට්ඨෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. තගරසිඛී නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. යසස්සී නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. සුදස්සනෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. පියදස්සී නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. ගන්ධාරෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. පිණ්ඩෝලෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. උපාසභෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. නීතෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. තථෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. සුතවා නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. භාවිතත්තෝ නාම භික්ඛවේ, පච්චේකසම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.

“පින්වත් මහණෙනි, මේ ඉසිගිලි පර්වතයෙහි අරිට්ඨ නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි උපරිට්ඨ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි තගරසිඛී නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි යසස්සී නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි සුදස්සන නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි පියදස්සී නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි ගන්ධාර නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි පිණ්ඩෝල නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි උපාසභ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි නීත නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි තථ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි සුතවා නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා. ඒ වගේම මේ ඉසිගිලි පර්වතයෙහි භාවිතත්ත නමින් පසේබුදුරජාණන් වහන්සේ නමකුත් බොහෝ කාලයක් වැඩසිටියා.

යේ සත්තසාරා අනීඝා නිරාසා
පච්චේකමේවජ්ඣගමුං සුබෝධිං
තේසං විසල්ලානං නරුත්තමානං
නාමානි මේ කිත්තයතෝ සුණාථ

දුකින් තොර වූ කෙලෙස් දුරු වූ සාරවත් මිනිසුන් සිටින්නේ
ඉතා සුවසේ ඒ සියලු දෙන පසේ බුදු බව ලබා ගන්නේ
නිවන් දුටු ඒ උතුම් මුනිවරු කෙලෙස් හුල් උදුරා දමන්නේ
සවන් දෙනු මැන මා විසින් දැන් ඔවුන් ගේ නම් කියා දෙන්නේ

අරිට්ඨෝ උපරිට්ඨෝ තගරසිඛී යසස්සී
සුදස්සනෝ පියදස්සී ච බුද්ධෝ
ගන්ධාරෝ පිණ්ඩෝලෝ උපාසභෝ ච
නීතෝ තථෝ සුතවා භාවිතත්තෝ

අරිට්ඨ හා උපරිට්ඨය තගරසිඛී සහ යසස්සී
සුදස්සනය පියදස්සී ලොවේ පසේ බුදුවරුන්ය
ගන්ධාරය පිණ්ඩෝලය උපාසභය යන මුනිවරු
නීතය තථ සුතවා සහ භාවිතත්ත යන බුදුවරු

සුම්භෝ සුභෝ මේථුලෝ අට්ඨමෝ ච
අථස්සුමේඝෝ අනීඝෝ සුදාඨෝ
පච්චේකබුද්ධා භවනෙත්තිඛීණා
හිංගූ ච හිංගෝ ච මහානුභාවා

සුම්භය සුභ මේථුල සහ අට්ඨම යන බුදුවරුන්ද
මේඝ නමින් සහ අනීඝ සුදාඨ යන මුනිවරුන්ද
සියලු ම භව රැහැන් බින්ද උතුම් පසේ බුදුවරුන්ද
හිංගු මෙන්ම හිංගෝ යන මහනුභාව ඇති බුදුන්ද

ද්වේජාලිනෝ මුනිනෝ අට්ඨකෝ ච
අථ කෝසලෝ බුද්ධෝ අථෝ සුබාහු
උපනේමිසෝ නේමිසෝ සන්තචිත්තෝ
සච්චෝ තථෝ විරජෝ පණ්ඩිතෝ ච

ජාලි නමින් යුතු දෙනමකි අට්ඨක නම් බුදුවරයෙකි
කෝසල යන බුදුරජුන්ද සුබාහු නම් ඇති බුදුන්ද
උපනේමිස නේමිස හා සන්තචිත්ත මුනිවරුන්ද
සත්‍යය තථ විරජ මුනිඳු හා පණ්ඩිත යන බුදුන්ද

කාලූපකාලා විජිතෝ ජිතෝ ච
අංගෝ ච පංගෝ ච ගුතිජ්ජිතෝ ච
පස්සී ජහී උපධිං දුක්ඛමූලං
අපරාජිතෝ මාරබලං අජේසි

කාලය උපකාල විජිත හා ජිත නම් බුදුවරුන්ද
අංගය පංගය මුනිවරු හා ගුතිජ්ජිතෝ බුදුන්ද
හැම දුකටම මුල වූ මේ කෙලෙස් උපධි දුරු කළෝය
පස්සී හා අපරාජිත බුදුවරු මරු පැරදුවෝය

සත්ථා පවත්තා සරභංගෝ ලෝමහංසෝ
උච්චංගමායෝ අසිතෝ අනාසවෝ
මනෝමයෝ මානච්ඡිදෝ ච බන්ධුමා
තදාධිමුත්තෝ විමලෝ ච කේතුමා

සත්ථා හා පවත්ත හා සරභංගෝ ලෝමහංස
උච්චංගම හා අසිත ද අනාසවය යන බුදුන්ද
මනෝමයය මානච්ඡිද සහ බන්ධුම යන මුනිවරු
තදාධිමුත්තය විමලය කේතුම යන බුදුවරුන්ද

කේතුම්බරාගෝ ච මාතංගෝ අරියෝ
අථ’ච්චුතෝ අච්චුතගාමබ්‍යාමකෝ
සුමංගලෝ දබ්බිලෝ සුප්පතිට්ඨිතෝ
අසය්හෝ ඛේමාභිරතෝ ච සෝරතෝ

කේතුම්බරාගය මාතංග හා අරියෝ යන මුනිවරු
අච්චුත හා අච්චුතගාමබ්බ්‍යාමක බුදුවරුන්ද
සුමංගලය දබ්බිල හා සුප්පතිට්ඨ මුනිවරුන්ද
අසය්හ හා ඛේමාභිරත සෝරත යන මුනිවරුන්ද

දුරන්නයෝ සංඝෝ අථෝ’පි උච්චයෝ
අපරෝ මුනී සය්හෝ අනෝමනික්කමෝ
ආනන්දනන්දෝ උපනන්දෝ ද්වාදස
භාරද්වාජෝ අන්තිමදේහධාරී

දුරන්නයද සංඝ මුනිඳු හා උච්චය යන බුදුන්ද
අපරමුනිය හා සය්හ ද අනෝමනික්කම බුදුන්ද
ආනන්ද ද නන්ද සමග උපනන්දය යන බුදුවරු
දොළොස් නමක් සමගින් වෙති භාරද්වාජය මුනිඳුද

බෝධී මහානාමෝ අථෝපි උත්තරෝ
කේසී සිඛී සුන්දරෝ භාරද්වාජෝ
තිස්සූපතිස්සා භවබන්ධනච්ඡිදා
උපසීදරී තණ්හච්ඡිදෝ ච සීදරී

බෝධී හා මහානාම උත්තර යන බුදුවරුන්ද
කේසි සිඛී සුන්දර හා භාරද්වාජය බුදුන්ද
භව බන්ධන සිඳ බිඳලූ තිස්සය උපතිස්ස මුනිඳු
තණ්හා සිඳලූ මුනිවරු උපසීදරි හා සීදරි

බුද්ධෝ අහූ මංගලෝ වීතරාගෝ
උසභච්ඡිදා ජාලිනිං දුක්ඛමූලං
සන්තං පදං අජ්ඣගමූපනීතෝ
උපෝසථෝ සුන්දරෝ සච්චනාමෝ

මංගල හා වීතරාගි යන නම් ඇති මුනිවරුන්ද
දුක් මුල් ඇති කෙලෙස් නැසූ උසභ නමින් මුනි රජුන්ද
අමා නිවන් සුව ලැබගත් උතුම් පසේබුදුවරුන්ද
උපෝසථෝ හා සුන්දර සච්ච නමින් යුතු බුදුන්ද

ජේතෝ ජයන්තෝ පදුමෝ උප්පලෝ ච
පදුමුත්තරෝ රක්ඛිතෝ පබ්බතෝ ච
මානත්ථද්ධෝ සෝභිතෝ වීතරාගෝ
කණ්හෝ ච බුද්ධෝ සුවිමුත්තචිත්තෝ

ජේත ජයන්තය නමින්ද පදුමෝ උප්පල නමින්ද
පදුමුත්තර රක්ඛිත හා පබ්බත යන බුදුවරුන්ද
මානත්තද්ධය සෝභිත වීතරාගි මුනිවරුන්ද
කෙලෙසුන්ගෙන් නිදහස් වූ කණ්හ නමින් බුදු රජුන්ද

ඒතේ ච අඤ්ඤේ ච මහානුභාවා
පච්චේකබුද්ධා භවනෙත්තිඛීණා
තේ සබ්බසංගාතිගතේ මහේසි
පරිනිබ්බුතේ වන්දථ අප්පමෙය්‍යේති.

මේ බුදුවරු හා අනිකුත් මහනුභාව බුදුවරුන්ද
භව බන්ධන සිඳ බිඳලූ උතුම් පසේ බුදුවරුන්ද
මහ ඉසිවර මේ බුදුවරු සියලු කෙලෙස් නැති මුනිවරු
පිරිනිවනට වැඩි මුනිවරු අපමණ ගුණ ඇති බුදුවරු
පින්වත් මහණෙනී ඔබත් වන්දනා කරව් නිරතුරු

සාදු! සාදු!! සාදු!!!

ඉසිගිලි පර්වතයේ දී වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M