මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.2.4. සේවිතබ්බාසේවිතබ්බ සුත්තං

3.2.4. සේවනය කළ යුතු, සේවනය නොකළ යුතු දේ ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං, භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සේවිතබ්බාසේවිතබ්බං වෝ භික්ඛවේ ධම්මපරියායං දේසෙස්සාමි. තං සුණාථ සාධුකං මනසි කරෝථ. භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං, භගවා ඒතදවෝච:

“පින්වත් මහණෙනි, සේවනය කළ යුතු, සේවනය නොකළ යුතු දේ පිළිබඳව වූ ධර්මයක් ඔබට දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. මනා කොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

කායසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං කායසමාචාරං. වචීසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං වචීසමාචාරං. මනෝසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං මනෝසමාචාරං. චිත්තුප්පාදම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාදං. සඤ්ඤාපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපටිලාභං. දිට්ඨිපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභං. අත්තභාවපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං අත්තභාවපටිලාභ’න්ති.

“පින්වත් මහණෙනි, කායික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් කායික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් කායික චරියාවන්ය.

වචනයෙන් වන හැසිරීම් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් වාචසික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් වාචසික චරියාවන්ය.

මනසින් කෙරෙන ක්‍රියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් මානසික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් මානසික චරියාවන්ය.

සිතක් ඉපිදවීම පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සිත් ඉපිදවීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් චිත්ත උත්පාදයන්ය.

සඤ්ඤා ප්‍රතිලාභ පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සඤ්ඤා ප්‍රතිලාභ තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සඤ්ඤා ප්‍රතිලාභයන්ය.

දෘෂ්ටි ඇතිවීම පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෘෂ්ටි ඇතිවීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් දෘෂ්ටි ඇතිවීම්ය.

ආත්මභාව ප්‍රතිලාභ පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ආත්මභාව ප්‍රතිලාභ තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් ආත්මභාව ප්‍රතිලාභයන්ය.”

ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: ඉමස්ස ඛෝ අහං භන්තේ භගවතා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපව වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මෙම ධර්මයෙහි අර්ථ මට මෙවැනි ආකාරයෙන් විස්තර වශයෙන් වැටහෙනවා.

“කායසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං කායසමාචාර”න්ති. ඉති ඛෝ පනේතං වුත්තං භගවතා. කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ කායසමාචාරෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ කායසමාචාරෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, කායික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් කායික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් කායික චරියාවන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

ස්වාමීනී, යම් ආකාර වූ කායික චරියාවක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි කායික චරියාවන් සේවනය නොකළ යුතුයි.

ඒ වගේම ස්වාමීනී, යම් ආකාර වූ කායික චරියාවක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි කායික චරියාවන් සේවනය කළ යුතුයි.

කථංරූපං භන්තේ, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. ඉධ භන්තේ, ඒකච්චෝ පාණාතිපාතී හෝති, ලුද්දෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු. අදින්නාදායී ඛෝ පන හෝති, යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං අදින්නං ථෙය්‍යසංඛාතං ආදාතා හෝති. කාමේසු මිච්ඡාචාරී ඛෝ පන හෝති, යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලාගුළපරික්ඛිත්තාපි. තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හෝති. ඒවරූපං භන්තේ කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර කායික චරියාවකදීද? ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් සතුන් මරණවා. රෞද්‍රයි. ලේ තැවරුණු අත්වලින් යුක්තයි. අනුන් නසනවා. අනුන් වනසනවා. සතුන් කෙරෙහි දයා රහිතයි. ඒ වගේම අනුන් සතු, අනුන් අයත් යම් බඩු බාහිරාදිය ඇද්ද, ගමේ වේවා, වනයේ වේවා, ඒ නොදුන් දේ සොර සිතින් ගන්නවා. ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් යුක්තයි. ඒ කියන්නේ මව් යටතේ රැකෙන, පියා යටතේ රැකෙන, මව්පියන් යටතේ රැකෙන, සොයුරා යටතේ රැකෙන, සොයුරිය යටතේ රැකෙන, කුල ගොත් යටතේ රැකෙන, ගුණ ධර්ම යටතේ රැකෙන, ස්වාමියා යටතේ රැකෙන, දඬුවම් යටතේ රැකෙන, යටත් පිරිසෙයින් මල් මාලාවකින් හෝ රැකගත් යම් කුලකුමාරිකාවන් ඇද්ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි ඇති චාරිත්‍ර ඉක්මවා කාම මිත්‍යාචාරයෙහි යෙදෙයිද, ස්වාමීනී, මෙවැනි වූ කායික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

කථංරූපං භන්තේ, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති, යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, තං අදින්නං ථෙය්‍යසංඛාතං න ආදාතා හෝති. කාමේසු මිච්ඡාචාරං පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලාගුළපරික්ඛිත්තාපි. තථාරූපාසු න චාරිත්තං න ආපජ්ජිතා හෝති. ඒවරූපං භන්තේ කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර කායික චරියාවකදීද? ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වළකිනවා. දඬු මුගුරු අත්හරිනවා. අවිආයුධ අත්හරිනවා. සතුන් මැරීමෙහි ලැජ්ජයි. දයාවෙන් යුක්තයි. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. ඒ වගේම නුදුන් දේ ගැනීම අත්හැර, සොරකමින් වැළකී වාසය කරනවා. ඒ කියන්නේ අනුන් සතු, අනුන් අයත් යම් බඩු බාහිරාදිය ඇද්ද, ගමේ වේවා, වනයේ වේවා, ඒ නොදුන් දේ සොර සිතින් ගන්නේ නැහැ. ඒ වගේම කාම මිත්‍යාචාරය අත්හැර කාම මිත්‍යාචාරයෙන් වැළකී වාසය කරනවා. ඒ කියන්නේ මව් යටතේ රැකෙන, පියා යටතේ රැකෙන, මව්පියන් යටතේ රැකෙන, සොයුරා යටතේ රැකෙන, සොයුරිය යටතේ රැකෙන, කුල ගොත් යටතේ රැකෙන, ගුණ ධර්ම යටතේ රැකෙන, ස්වාමියා යටතේ රැකෙන, දඬුවම් යටතේ රැකෙන, යටත් පිරිසෙයින් මල් මාලාවකින් හෝ රැකගත් යම් කුලකුමාරිකාවන් ඇද්ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි ඇති චාරිත්‍ර ඉක්මවා කාම මිත්‍යාචාරයෙහි යෙදෙන්නේ නැහැ. ස්වාමීනී, මෙවැනි වූ කායික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“කායසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං කායසමාචාර”න්ති ඉති යං තං වුත්තං භගවතා. ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, කායික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් කායික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් කායික චරියාවන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“වචීසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං වචීසමාචාර”න්ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා. කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ වචීසමාචාරෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති ඒවරූපෝ වචීසමාචාරෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, වාචසික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් වාචසික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් වාචසික චරියාවන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

ස්වාමීනී, යම් ආකාර වූ වාචසික චරියාවක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි වාචසික චරියාවන් සේවනය නොකළ යුතුයි.

ඒ වගේම ස්වාමීනී, යම් ආකාර වූ වාචසික චරියාවක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි වාචසික චරියාවන් සේවනය කළ යුතුයි.

කථංරූපං භන්තේ, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඉධ භන්තේ ඒකච්චෝ මුසාවාදී හෝති. සභාගතෝ වා පරිසග්ගතෝ වා ඤාතිමජ්ඣගතෝ වා පූගමජ්ඣගතෝ වා රාජකුලමජ්ඣගතෝ වා අභිනීතෝ සක්ඛිපුට්ඨෝ ‘ඒහම්භෝ පුරිස, යං ජානාසි තං වදේහී’ති. සෝ අජානං වා ආහ ‘ජානාමී’ති, ජානං වා ආහ ‘න ජානාමී’ති, අපස්සං වා ආහ ‘පස්සාමී’ති, පස්සං වා ආහ ‘න පස්සාමී’ති. ඉති අත්තහේතු වා පරහේතු වා ආමිසකිඤ්චික්ඛහේතු වා සම්පජානමුසා භාසිතා හෝති. පිසුනාවාචෝ ඛෝ පන හෝති ඉතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය, අමුත්‍ර වා සුත්වා ඉමේසං අක්ඛාතා අමූසං භේදාය, ඉති සමග්ගානං වා භෙත්තා, භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමෝ වග්ගරතෝ වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හෝති. ඵරුසවාචෝ ඛෝ පන හෝති, යා සා වාචා අණ්ඩකා කක්කසා ඵරුසා පරකටුකා පරාභිසජ්ජනී කෝධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හෝති. සම්ඵප්පලාපී ඛෝ පන හෝති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හෝති අකාලේන අනපදේසං අපරියන්තවතිං අනත්ථසංහිතං. ඒවරූපං භන්තේ, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර වාචසික චරියාවකදීද? ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් බොරු කියනවා. සභාවක් මැද වේවා, පිරිස් මැද වේවා, නෑදෑයින් මැද වේවා, සේනාව මැද වේවා, රජ පවුල් අතරට ගිහින් වේවා, ඔහුව කැඳවා ප්‍රශ්න කරද්දී ‘එම්බා පුරුෂය, එව. යමක් දන්නවා නම්, එය කියන්න’ කියලා. එතකොට ඔහු නොදැනම ‘දන්නවා’යි කියනවා. දැනගෙනම ‘දන්නෙ නැතෙ’යි කියනවා. නොදැකම ‘දැක්කා’යි කියනවා. දැකලම ‘දැක්කෙ නැතෙ’යි කියනවා. ඔය විදිහට තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ යම්කිසි ලාභයක් උදෙසා හෝ දැන දැන බොරු කියනවා.

ඒ වගේම ඔහු කේළාම් කියනවා. මෙතනින් අහලා වෙන තැනක ගිහින් කියනවා, මෙතන බිඳවීමට. එතනින් අහලා මෙතන ඇවිත් කියනවා, එතන බිඳවීමට. ඔය විදිහට සමඟි වූවන්ව බිඳෙන ආකාරයට වචන කියනවා. බිඳුණු උදවිය තව තවත් භේදභින්න වීමට වචන කියනවා. පිරිස් බිඳවීමෙහි කැමති වෙනවා. පිරිස් බිඳවීමෙහි ඇලෙනවා. පිරිස් බිඳවීමෙන් සතුටු වෙනවා. බිඳීම ඇතිවෙන වචන කතා කරනවා.

ඒ වගේම ඵරුෂ වචන කියනවා. යම් වචනයක් වරදින් යුක්තයිද, නපුරුයිද, ඵරුෂද, අන් අයට කටුකයිද, අන් අය ගැටෙනවාද, ක්‍රෝධයට ආසන්නයිද, සිතේ සංසිඳීම නැතිවෙනවාද, එවැනි වූ වචන කියනවා.

ඒ වගේම හිස් වචන කතාකරනවා. කාලය වනසන, අසත්‍ය වූ දෙයින් යුක්ත, අනර්ථ වූ දෙයින් යුක්ත, ධර්මයකට විනයකට අයත් නොවන, අයහපත් වූ වචන කතා කරනවා. ස්වාමීනී, මෙවැනි වූ වාචසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

කථංරූපං භන්තේ, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති. සභග්ගතෝ වා පරිසග්ගතෝ වා ඤාතිමජ්ඣගතෝ වා පූගමජ්ඣගතෝ වා රාජකුලමජ්ඣගතෝ වා අභිනීතෝ සක්ඛිපුට්ඨෝ ‘ඒහම්භෝ පුරිස, යං ජානාසි තං ‘වදේහී’ති,

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර වාචසික චරියාවකදීද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. ඒ කියන්නේ සභාවක් මැද වේවා, පිරිස් මැද වේවා, නෑදෑයින් මැද වේවා, සේනාව මැද වේවා, රජ පවුල් අතරට ගිහින් වේවා, ඔහුව කැඳවා ප්‍රශ්න කරද්දී ‘එම්බා පුරුෂය, එව. යමක් දන්නවා නම්, එය කියන්න’ කියලා.

සෝ අජානං වා ආහ ‘න ජානාමී’ති, ජානං වා ආහ ‘ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති, පස්සං වා ආහ ‘පස්සාමී’ති. ඉති අත්තහේතු වා පරහේතු වා ආමිසකිඤ්චික්ඛහේතු වා න සම්පජානමුසා භාසිතා හෝති. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය අමුත්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං භේදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හෝති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති. යා සා වාචා නේලා කණ්ණසුඛා පේමණීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හෝති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හෝති කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසංහිතං ඒවරූපං භන්තේ, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

එතකොට ඔහු නොදන්නා දේ ‘දන්නෙ නෑ’ කියනවා. දැනගත් දේ ‘දන්නවා’ කියනවා. නොදුටු දේ ‘දැක්කෙ නෑ’ කියනවා. දුටු දේ ‘දැක්කා’ කියනවා. ඔය විදිහට තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ යම්කිසි ලාභයක් උදෙසා දැන දැන බොරු කියන්නෙ නෑ.

ඒ වගේම ඔහු කේළාම් කීම අත්හැරලා, කේළාම් කීමෙන් වැළකී වාසය කරනවා. මෙතනින් අහලා වෙන තැනක ගිහින් කියන්නෙ නෑ, මෙතන බිඳවීමට. එතනින් අහලා මෙතන ඇවිත් කියන්නෙ නෑ, එතන බිඳවීමට. ඔය විදිහට බිඳුනු උදවිය සමඟි කරනවා. සමඟි වූ උදවියට තව තවත් සමඟි වෙන්න රුකුල් දෙනවා. සමඟියට කැමති වෙනවා. සමඟියෙහි ඇලෙනවා. සමඟි කිරීමෙන් සතුටු වෙනවා. සමඟිය ඇතිවෙන වචන කතා කරනවා.

ඒ වගේම ඵරුෂ වචන අත්හැර, ඵරුෂ වචනයෙන් වැළකී වාසය කරනවා. යම් වචනයක් වරදින් තොරයිද, කනට මිහිරියිද, ප්‍රේමණීයයිද, හෘදයාංගමද, වැදගත්ද, බොහෝ අයට මනාපද, සිත් අලවනවාද, එවැනි වූ වචන කතා කරනවා.

ඒ වගේම හිස් වචන අත්හැර, හිස්වචන කථාවෙන් වැළකී වාසය කරනවා. කාලය නොවනසන, සත්‍ය වූ දෙයින් යුක්ත, අර්ථවත් වූ දෙයින් යුක්ත, ධර්මානුකූල, හික්මෙන්නට උපකාරී වන නැවත නැවත සිහිකිරීමෙන් ප්‍රයෝජන ලැබෙන, ඒ වගේම කරුණු සහිතව, සුදුසු කාලයට, අර්ථ සහිතව, සීමාවක් ඇතුව කතා කරනවා.

ස්වාමීනී, මෙවැනි වූ වාචසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“වචීසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං වචීසමාචාර”න්ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, වාචසික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් වාචසික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් වාචසික චරියාවන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“මනෝසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං මනෝසමාචාර”න්ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා. කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, ඒවරූපෝ මනෝසමාචාරෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ඒවරූපෝ මනෝසමාචාරෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, මානසික හැසිරීම් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් මානසික හැසිරීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් මානසික හැසිරීම්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

ස්වාමීනී, යම් ආකාර වූ මානසික චරියාවක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි මානසික චරියාවන් සේවනය නොකළ යුතුයි.

ඒ වගේම ස්වාමීනී, යම් ආකාර වූ මානසික චරියාවක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි මානසික චරියාවන් සේවනය කළ යුතුයි.

කථංරූපං භන්තේ, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ අභිජ්ඣාලූ හෝති, යං තං පරස්ස පරවිත්තූපකරණං, තං අභිජ්ඣාතා හෝති: ‘අහෝ වත යං පරස්ස, තං මම අස්සා’ති. ව්‍යාපන්නචිත්තෝ ඛෝ පන හෝති පදුට්ඨමනසංකප්පෝ: ‘ඉමේ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා, විනස්සන්තු වා, මා වා අහේසුන්ති. ඒවරූපං භන්තේ, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර මානසික චරියාවකදීද? ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරනවා. අනුන්ට අයිති, අනුන්ගේ සතුට උපදවන ඔවුන්ගේ යමක් ඇද්ද, ඒවා පිළිබඳව ‘අනේ…! අනුන් සතු වූ යම් ඒ දෙයක් ඇද්ද, එය මට ඇත්නම්’ කියල ආශාව ඇතිකරගන්නවා.

ඒ වගේම ද්වේෂ සහගත සිතින්, දූෂිත වූ මානසික කල්පනා ඇතිකර ගන්නවා. ඒ කියන්නේ ‘මේ උදවිය නැසී යත්වා! වධයට පත්වෙත්වා! සිඳී බිඳී යත්වා! විනාශ වෙත්වා! නොවෙත්වා!’ කියල විපත්ති ඇතිකරවන සිතින් යුක්ත වෙනවා.

ස්වාමීනී, මෙවැනි වූ මානසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

කථංරූපං භන්තේ, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ අනභිජ්ඣාලූ හෝති: යං තං පරස්ස පරවිත්තූපකරණං, තං නාභිජ්ඣාතා හෝති: අහෝ වත යං පරස්ස, තං මම අස්සා’ති. අව්‍යාපන්නචිත්තෝ ඛෝ පන හෝති. අප්පදුට්ඨමනසංකප්පෝ ‘ඉමේ සත්තා අවේරා අබ්‍යාපජ්ඣා අනීඝා සුඛිනෝ අත්තානං පරිහරන්තූ’ති. ඒවරූපං භන්තේ, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර මානසික චරියාවකදීද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නෙ නෑ. අනුන්ට අයිති, අනුන්ගේ සතුට උපදවන ඔවුන්ගේ යමක් ඇද්ද, ඒවා පිළිබඳව ‘අනේ…! අනුන් සතු වූ යම් ඒ දෙයක් ඇද්ද, එය මට ඇත්නම්’ කියල ආශාව ඇතිකරගන්නෙ නෑ.

ඒ වගේම ද්වේෂ රහිත සිතින් යුක්ත වෙනවා. ඒ කියන්නේ ‘මේ උදවිය වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා!’ කියල දූෂිත නොවූ මානසික කල්පනා ඇතිකරගන්නවා.

ස්වාමීනී, මෙවැනි වූ මානසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“මනෝසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං මනෝසමාචාර”න්ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, මානසික හැසිරීම් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් මානසික හැසිරීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් මානසික හැසිරීම්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“චිත්තුප්පාදම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාද”න්ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, ඒවරූපෝ චිත්තුප්පාදෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ඒවරූපෝ චිත්තුප්පාදෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, සිතක් උපදවා ගැනීම පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සිත් උපදවා ගැනීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සිත් උපදවා ගැනීම්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

ස්වාමීනී, යම් ආකාර වූ සිතක් උපදවා ගෙන සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි සිත් උපදවා ගෙන සේවනය නොකළ යුතුයි.

ඒ වගේම ස්වාමීනී, යම් ආකාර වූ සිතක් උපදවා ගෙන සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි සිත් උපදවා ගෙන සේවනය කළ යුතුයි.

කථංරූපං භන්තේ, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ අභිජ්ඣාලූ හෝති, අභිජ්ඣාසහගතේන චේතසා විහරති. ව්‍යාපාදවා හෝති, ව්‍යාපාදසහගතේන චේතසා විහරති. විහේසවා හෝති. විහේසාසහගතේන චේතසා විහරති. ඒවරූපං භන්තේ, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර සිතක් උපදවා ගැනීමේදීද? ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරයි. අනුන් සතු දෙයට ආශාවෙන් යුතු සිතින් වාසය කරයි.

ඒ වගේම ද්වේෂ කරයි. ද්වේෂ සහගත සිතින් වාසය කරයි.

ඒ වගේම අනුන්ට හිංසා කිරීමට සිතයි. හිංසාකාරී සිතින් වාසය කරයි.

ස්වාමීනී, මෙවැනි වූ සිතක් උපදවා ගෙන සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

කථංරූපං භන්තේ, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ අනභිජ්ඣාලූ හෝති, අනභිජ්ඣාසහගතේන චේතසා විහරති. අව්‍යාපාදවා හෝති, අව්‍යාපාදසහගතේන චේතසා විහරති. අවිහේසවා හෝති, අවිහේසාසහගතේන චේතසා විහරති. ඒවරූපං භන්තේ, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර සිතක් උපදවාගෙන වාසය කරද්දීද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නේ නෑ. අනුන් සතු දෙයට ආශා නොකරන සිතින් වාසය කරනවා.

ඒ වගේ ම ද්වේෂ කරන්නේ නෑ. ද්වේෂ සහගත සිතින් තොරව වාසය කරයි.

ඒ වගේම අනුන්ට හිංසා කිරීමට සිතන්නේ නෑ. හිංසාකාරී සිතින් තොරව වාසය කරයි.

ස්වාමීනී, මෙවැනි වූ සිතක් උපදවාගෙන සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“චිත්තුප්පාදම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාද”න්ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, සිතක් උපදවා ගැනීම පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සිත් උපදවා ගැනීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සිත් උපදවා ගැනීම්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“සඤ්ඤාපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපටිලාභන්ති” ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති ඒවරූපෝ සඤ්ඤාපටිලාභෝ න සේවිතබ්බෝ. යථාරූපං ච ඛෝ භන්තේ, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ සඤ්ඤාපටිලාභෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, සඤ්ඤා ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සඤ්ඤා ප්‍රතිලාභයන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සඤ්ඤා ප්‍රතිලාභයන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

ස්වාමීනී, යම් ආකාර වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි සඤ්ඤා ප්‍රතිලාභය සේවනය නොකළ යුතුයි.

ඒ වගේ ම ස්වාමීනී, යම් ආකාර වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි සඤ්ඤා ප්‍රතිලාභය සේවනය කළ යුතුයි.

කථංරූපං භන්තේ, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ අභිජ්ඣාලූ හෝති, අභිජ්ඣාසහගතාය සඤ්ඤාය විහරති. ව්‍යාපාදවා හෝති, ව්‍යාපාදසහගතාය සඤ්ඤාය විහරති. විහේසවා හෝති, විහේසාසහගතාය සඤ්ඤාය විහරති. ඒවරූපං භන්තේ, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, කථංරූපං භන්තේ, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ අනභිජ්ඣාලූ හෝති, අනභිජ්ඣාසහගතාය සඤ්ඤාය විහරති. අව්‍යාපාදවා හෝති, අව්‍යාපාදසහගතාය සඤ්ඤාය විහරති. අවිහේසවා හෝති, අවිහේසාසහගතාය සඤ්ඤාය විහරති. ඒවරූපං භන්තේ, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර සඤ්ඤා ප්‍රතිලාභයකදීද? ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරයි. අනුන් සතු දෙයට ආශාවෙන් යුතු සඤ්ඤාවෙන් වාසය කරයි.

ඒ වගේම ද්වේෂ කරයි. ද්වේෂ සහගත සඤ්ඤාවෙන් වාසය කරයි.

ඒ වගේම අනුන්ට හිංසා කරයි. හිංසාකාරී සඤ්ඤාවෙන් වාසය කරයි.

ස්වාමීනී, මෙවැනි වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර සඤ්ඤා ප්‍රතිලාභයකදීද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නේ නෑ. අනුන් සතු දෙයට ආශා නොකරන සඤ්ඤාවෙන් වාසය කරනවා.

ඒ වගේම ද්වේෂ කරන්නේ නෑ. ද්වේෂ සහගත නොවූ සඤ්ඤාවෙන් යුතුව වාසය කරනවා.

ඒ වගේම අනුන්ට හිංසා කිරීමට සිතන්නේ නෑ. හිංසාකාරී නො වූ සඤ්ඤාවෙන් යුතුව වාසය කරනවා.

ස්වාමීනී, මෙවැනි වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“සඤ්ඤාපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපටිලාභ”න්ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, සඤ්ඤා ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සඤ්ඤා ප්‍රතිලාභයන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සඤ්ඤා ප්‍රතිලාභයන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“දිට්ඨිපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභන්ති” ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං, යථාරූපං භන්තේ, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ දිට්ඨිපටිලාභෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ දිට්ඨිපටිලාභෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, දෘෂ්ටි ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෘෂ්ටි ප්‍රතිලාභයක් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් දෘෂ්ටි ප්‍රතිලාභයන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

ස්වාමීනී, යම් ආකාර වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි දෘෂ්ටි ප්‍රතිලාභය සේවනය නොකළ යුතුයි.

ඒ වගේ ම ස්වාමීනී, යම් ආකාර වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි දෘෂ්ටි ප්‍රතිලාභය සේවනය කළ යුතුයි.

කථංරූපං භන්තේ, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ ඒවංදිට්ඨිකෝ හෝති: ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවරූපං භන්තේ, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං භන්තේ, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ භන්තේ, ඒකච්චෝ ඒවංදිට්ඨිකෝ හෝති: ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවරූපං භන්තේ, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර දෘෂ්ටි ප්‍රතිලාභයකදීද? ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් මෙවැනි දෘෂ්ටියකින් යුක්ත වෙයි. ඒ කියන්නේ; ‘දුන් දෙයක විපාක නැත. පුද පූජාවක විපාක නැත. සේවාවක විපාක නැත. පින් පව් කර්මවල ඵල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයන් නැත. ඒ වගේම ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවිය ද නැත’ කියලා.

ස්වාමීනී, මෙවැනි වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර දෘෂ්ටි ප්‍රතිලාභයකදීද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙක් මෙවැනි දෘෂ්ටියකින් යුක්ත වෙයි. ඒ කියන්නේ; ‘දුන් දෙයක විපාක ඇත. පුද පූජාවක විපාක ඇත. සේවාවක විපාක ඇත. පින් පව් කර්මවල ඵල විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවක් ඇත. පියෙක් ඇත. ඕපපාතික සත්වයන් ඇත. ඒ වගේම ලෝකයෙහි යහපත් මග ගමන් කළ, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවිය ද ඇත’ කියලා.

ස්වාමීනී, මෙවැනි වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“දිට්ඨිපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභ”න්ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, දෘෂ්ටි ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෘෂ්ටි ප්‍රතිලාභයන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් දෘෂ්ටි ප්‍රතිලාභයන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“අත්තභාවපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං අත්තභාවපටිලාභ”න්ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, අත්තභාවපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති ඒවරූපෝ අත්තභාවපටිලාභෝ න සේවිතබ්බෝ. යථාරූපං ච ඛෝ භන්තේ, අත්තභාවපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ඒවරූපෝ අත්තභාවපටිලාභෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, ආත්මභාව ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ආත්මභාව ප්‍රතිලාභයන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් ආත්මභාව ප්‍රතිලාභයන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

ස්වාමීනී, යම් ආකාර වූ ආත්මභාව ප්‍රතිලාභයක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි ආත්මභාව ප්‍රතිලාභය සේවනය නොකළ යුතුයි.

ඒ වගේම ස්වාමීනී, යම් ආකාර වූ ආත්මභාව ප්‍රතිලාභයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි ආත්මභාව ප්‍රතිලාභය සේවනය කළ යුතුයි.

කථංරූපං භන්තේ, අත්තභාවපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: සව්‍යාපජ්ඣං භන්තේ, අත්තභාවපටිලාභං අභිනිබ්බත්තයතෝ අපරිනිට්ඨිතභාවාය අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං භන්තේ, අත්තභාවපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. අව්‍යාපජ්ඣං භන්තේ, අත්තභාවපටිලාභං අභිනිබ්බත්තයතෝ පරිනිට්ඨිතභාවාය අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර ආත්මභාව ප්‍රතිලාභයක්ද? ස්වාමීනී, මෙහිලා දුක් සහිත වූ ආත්මභාව ප්‍රතිලාභයක් ඇති කරගන්නා කෙනෙකුගේ ඒ දුක්ඛිත ආත්මභාවය හේතුවෙන් අකුසල් වැඩෙනවා. කුසල් දහම් පිරිහෙනවා.

ස්වාමීනී, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර ආත්මභාව ප්‍රතිලාභයකද?

ස්වාමීනී, මෙහිලා දුක් රහිත වූ ආත්මභාව ප්‍රතිලාභයක් ඇති කරගන්නා කෙනෙකුගේ ඒ දුක් රහිත ආත්මභාවය හේතුවෙන් කුසල් දහම් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා.

“අත්තභාවපටිලාභම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං අත්තභාවපටිලාභ”න්ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, ආත්මභාව ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ආත්මභාව ප්‍රතිලාභයන් තියෙනවා. එයද එකිනෙකට වෙනස් වූත් ආත්මභාව ප්‍රතිලාභයන්ය’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

ඉමස්ස ඛෝ අහං භන්තේ භගවතා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමීති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි අර්ථ මා විස්තර වශයෙන් අවබෝධ කරගත්තේ ඔය ආකාරයටයි.”

සාධු සාධු සාරිපුත්ත, සාධු ඛෝ ත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාසි.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, සාදු! පින්වත් සාරිපුත්ත, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද විස්තර විභාග වශයෙන් නොවදාළ, මෙම ධර්මයෙහි අර්ථ ඔබ විසින් ඉතා හොඳින් විස්තර වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා.

“කායසමාචාරම්පහං භික්ඛවේ, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං කායසමාචාර”න්ති: ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං. යථාරූපං සාරිපුත්ත, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති ඒවරූපෝ කායසමාචාරෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ සාරිපුත්ත, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ කායසමාචාරෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, කායික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් කායික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් කායික චරියාවන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ කායික චරියාවක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි කායික චරියාවන් සේවනය නොකළ යුතුයි.

ඒ වගේම පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ කායික චරියාවක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි කායික චරියාවන් සේවනය කළ යුතුයි.

කථංරූපං සාරිපුත්ත, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ පාණාතිපාතී හෝති ….(පෙ)…. ඒවරූපං සාරිපුත්ත, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධ සාරිපුත්ත, ඒකච්චෝ පාණාතිපාතං පහාය ….(පෙ)…. ඒවරූපං සාරිපුත්ත කායසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. “කායසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං කායසමාචාර”න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර කායික චරියාවකදීද? පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් සතුන් මරනවා. ….(පෙ)…. පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ කායික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර කායික චරියාවකදීද? පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වළකිනවා. ….(පෙ)…. පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ කායික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

‘පින්වත් මහණෙනි, කායික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් කායික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් කායික චරියාවන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“වචීසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං වචීසමාචාර”න්ති ඉති ඛෝ පනේතං වුත්තං මයා. කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ වචීසමාචාරෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ සාරිපුත්ත, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ වචීසමාචාරෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, වාචසික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් වාචසික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් වාචසික චරියාවන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ වාචසික චරියාවක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි වාචසික චරියාවන් සේවනය නො කළ යුතුයි.

ඒ වගේ ම පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ වාචසික චරියාවක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි වාචසික චරියාවන් සේවනය කළ යුතුයි.

කථංරූපං සාරිපුත්ත, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඉධ සාරිපුත්ත, ඒකච්චෝ මුසාවාදී හෝති ….(පෙ)…. ඒවරූපං සාරිපුත්ත, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර වාචසික චරියාවකදීද? පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් බොරු කියනවා. ….(පෙ)…. පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ වාචසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

කථංරූපං සාරිපුත්ත, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති ….(පෙ)…. ඒවරූපං සාරිපුත්ත, වචීසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර වාචසික චරියාවකදීද?

පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. ….(පෙ)…. පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ වාචසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“වචීසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං වචීසමාචාර”න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, වාචසික චරියාවන් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් වාචසික චරියාවන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් වාචසික චරියාවන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“මනෝසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං මනෝසමාචාර”න්ති ඉති ඛෝ පනේතං වුත්තං මයා. කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, ඒවරූපෝ මනෝසමාචාරෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ සාරිපුත්ත, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ඒවරූපෝ මනෝසමාචාරෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, මානසික හැසිරීම් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් මානසික හැසිරීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් මානසික හැසිරීම්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ මානසික චරියාවක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි මානසික චරියාවන් සේවනය නොකළ යුතුයි.

ඒ වගේම පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ මානසික චරියාවක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි මානසික චරියාවන් සේවනය කළ යුතුයි.

කථංරූපං සාරිපුත්ත, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ අභිජ්ඣාලූ හෝති ….(පෙ)…. ඒවරූපං සාරිපුත්ත, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර මානසික චරියාවකදීද? පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරනවා. ….(පෙ)…. පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ මානසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

කථංරූපං සාරිපුත්ත, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ අනභිජ්ඣාලූ හෝති ….(පෙ)…. ඒවරූපං සාරිපුත්ත, මනෝසමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර මානසික චරියාවකදීද?

පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නෙ නෑ. ….(පෙ)…. පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ මානසික චරියාවක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“මනෝසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං මනෝසමාචාර”න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, මානසික හැසිරීම් පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් මානසික හැසිරීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් මානසික හැසිරීම්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“චිත්තුප්පාදම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාද”න්ති ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, ඒවරූපෝ චිත්තුප්පාදෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ සාරිපුත්ත, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ඒවරූපෝ චිත්තුප්පාදෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, සිතක් උපදවා ගැනීම පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සිත් උපදවා ගැනීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සිත් උපදවා ගැනීම්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ සිතක් උපදවා ගෙන සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි සිත් උපදවා ගෙන සේවනය නොකළ යුතුයි.

ඒ වගේ ම පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ සිතක් උපදවා ගෙන සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි සිත් උපදවා ගෙන සේවනය කළ යුතුයි.

කථංරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ අභිජ්ඣාලූ හෝති, අභිජ්ඣාසහගතේන චේතසා විහරති. ව්‍යාපාදවා හෝති, ව්‍යාපාදසහගතේන චේතසා විහරති. විහේසවා හෝති. විහේසාසහගතේන චේතසා විහරති. ඒවරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ අනභිජ්ඣාලූ හෝති, අනභිජ්ඣාසහගතේන චේතසා විහරති. අව්‍යාපාදවා හෝති, අව්‍යාපාදසහගතේන චේතසා විහරති. අවිහේසවා හෝති, අවිහේසාසහගතේන චේතසා විහරති. ඒවරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර සිතක් උපදවා ගැනීමේදීද? පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරයි. අනුන් සතු දෙයට ආශාවෙන් යුතු සිතින් වාසය කරයි.

ඒ වගේම ද්වේෂ කරයි. ද්වේෂ සහගත සිතින් වාසය කරයි.

ඒ වගේ ම අනුන්ට හිංසා කිරීමට සිතයි. හිංසාකාරී සිතින් වාසය කරයි.

පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ සිතක් උපදවා ගෙන සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර සිතක් උපදවාගෙන වාසය කරද්දීද?

පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නේ නෑ. අනුන් සතු දෙයට ආශා නොකරන සිතින් වාසය කරනවා.

ඒ වගේම ද්වේෂ කරන්නේ නෑ. ද්වේෂ සහගත සිතින් තොරව වාසය කරනවා.

ඒ වගේම අනුන්ට හිංසා කිරීමට සිතන්නේ නෑ. හිංසාකාරී සිතින් තොරව වාසය කරනවා.

පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ සිතක් උපදවාගෙන සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“චිත්තුප්පාදම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාද”න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, සිතක් උපදවා ගැනීම පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සිත් උපදවා ගැනීම් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සිත් උපදවා ගැනීම්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“සඤ්ඤාපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපටිලාභන්ති” ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති ඒවරූපෝ සඤ්ඤාපටිලාභෝ න සේවිතබ්බෝ. යථාරූපං ච ඛෝ සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ සඤ්ඤාපටිලාභෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, සඤ්ඤා ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සඤ්ඤා ප්‍රතිලාභයන් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සඤ්ඤා ප්‍රතිලාභයන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි සඤ්ඤා ප්‍රතිලාභය සේවනය නොකළ යුතුයි.

ඒ වගේ ම පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි සඤ්ඤා ප්‍රතිලාභය සේවනය කළ යුතුයි.

කථංරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ අභිජ්ඣාලූ හෝති, අභිජ්ඣාසහගතාය සඤ්ඤාය විහරති. ව්‍යාපාදවා හෝති, ව්‍යාපාදසහගතාය සඤ්ඤාය විහරති. විහේසවා හෝති, විහේසාසහගතාය සඤ්ඤාය විහරති. ඒවරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ අනභිජ්ඣාලූ හෝති, අනභිජ්ඣාසහගතාය සඤ්ඤාය විහරති. අව්‍යාපාදවා හෝති, අව්‍යාපාදසහගතාය සඤ්ඤාය විහරති. අවිහේසවා හෝති, අවිහේසාසහගතාය සඤ්ඤාය විහරති. ඒවරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර සඤ්ඤා ප්‍රතිලාභයක්ද? පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරයි. අනුන් සතු දෙයට ආශාවෙන් යුතු සඤ්ඤාවෙන් වාසය කරයි.

ඒ වගේම ද්වේෂ කරයි. ද්වේෂ සහගත සඤ්ඤාවෙන් වාසය කරයි.

ඒ වගේම අනුන්ට හිංසා කිරීමට සිතයි. හිංසාකාරී සඤ්ඤාවෙන් වාසය කරයි.

පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර සඤ්ඤා ප්‍රතිලාභයක්ද?

පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නේ නෑ. අනුන් සතු දෙයට ආශා නොකරන සඤ්ඤාවෙන් වාසය කරනවා.

ඒ වගේම ද්වේෂ කරන්නේ නෑ. ද්වේෂ සහගත නොවූ සඤ්ඤාවෙන් යුතුව වාසය කරනවා.

ඒ වගේම අනුන්ට හිංසා කිරීමට සිතන්නේ නෑ. හිංසාකාරී නොවූ සඤ්ඤාවෙන් යුතුව වාසය කරනවා.

පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ සඤ්ඤා ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“සඤ්ඤාපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපටිලාභ”න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, සඤ්ඤා ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් සඤ්ඤා ප්‍රතිලාභයක් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් සඤ්ඤා ප්‍රතිලාභයන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“දිට්ඨිපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභන්ති” ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං, යථාරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ දිට්ඨිපටිලාභෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ දිට්ඨිපටිලාභෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, දෘෂ්ටි ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෘෂ්ටි ප්‍රතිලාභයක් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් දෘෂ්ටි ප්‍රතිලාභයන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ දෘෂ්ටි ප්‍රතිලාභයන් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි දෘෂ්ටි ප්‍රතිලාභය සේවනය නොකළ යුතුයි.

ඒ වගේම පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි දෘෂ්ටි ප්‍රතිලාභය සේවනය කළ යුතුයි.

කථංරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ ඒවංදිට්ඨිකෝ හෝති: නත්ථි දින්නං ….(පෙ)…. පවේදෙන්තී’ති. ඒවරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, ඒකච්චෝ ඒවංදිට්ඨිකෝ හෝති: අත්ථි දින්නං ….(පෙ)…. පවේදෙන්තී’ති. ඒවරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර දෘෂ්ටි ප්‍රතිලාභයක්ද? පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් මෙවැනි දෘෂ්ටියකින් යුක්ත වෙයි. ඒ කියන්නේ; ‘දුන් දෙයක විපාක නැත. ….(පෙ)…. ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවියද නැත’ කියලා.

පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් වැඩෙන්නේ. කුසල් දහම් පිරිහෙන්නේ.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර දෘෂ්ටි ප්‍රතිලාභයක්ද?

පින්වත් සාරිපුත්ත, මෙහිලා ඇතැම් කෙනෙක් මෙවැනි දෘෂ්ටියකින් යුක්ත වෙයි. ඒ කියන්නේ; ‘දුන් දෙයක විපාක ඇත. ….(පෙ)…. ප්‍රඥාවෙන් අවබෝධ කොට කියා දෙත්ද, එවැනි උදවියද ඇත’ කියලා.

පින්වත් සාරිපුත්ත, මෙවැනි වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් සේවනය කරද්දී තමයි අකුසල් පිරිහෙන්නේ. කුසල් දහම් වැඩෙන්නේ.

“දිට්ඨිපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභ”න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, දෘෂ්ටි ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෘෂ්ටි ප්‍රතිලාභයක් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් දෘෂ්ටි ප්‍රතිලාභයන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.

“අත්තභාවපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධේන ….(පෙ)…. වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, ….(පෙ)…. න සේවිතබ්බෝ. යථාරූපං ච ඛෝ සාරිපුත්ත, අත්තභාවපටිලාභං ….(පෙ)…. අභිවඩ්ඪන්ති, ඒවරූපෝ අත්තභාවපටිලාභෝ සේවිතබ්බෝ.

‘පින්වත් මහණෙනි, ආත්මභාව ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ආත්මභාව ප්‍රතිලාභයක් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් ආත්මභාව ප්‍රතිලාභයන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය කුමක් උදෙසා වදාරණ ලද්දේද යත්;

පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ ආත්මභාව ප්‍රතිලාභයක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එවැනි ආත්මභාව ප්‍රතිලාභය සේවනය නොකළ යුතුයි.

ඒ වගේම පින්වත් සාරිපුත්ත, යම් ආකාර වූ ආත්මභාව ප්‍රතිලාභයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එවැනි ආත්මභාව ප්‍රතිලාභය සේවනය කළ යුතුයි.

කථංරූපං සාරිපුත්ත, ….(පෙ)…. පරිහායන්ති: සව්‍යාපජ්ඣං සාරිපුත්ත, ….(පෙ)…. පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, ….(පෙ)…. අභිවඩ්ඪන්ති. අව්‍යාපජ්ඣං සාරිපුත්ත, ….(පෙ)…. අභිවඩ්ඪන්ති.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් වැඩෙන්නෙත්, කුසල් දහම් පිරිහෙන්නෙත්, කවර ආත්මභාව ප්‍රතිලාභයක්ද? පින්වත් සාරිපුත්ත, මෙහිලා දුක් සහිත වූ ආත්මභාව ප්‍රතිලාභයක් ඇති කරගන්නා කෙනෙකුගේ ඒ දුක්ඛිත ආත්මභාවය හේතුවෙන් අකුසල් වැඩෙනවා. කුසල් දහම් පිරිහෙනවා.

පින්වත් සාරිපුත්ත, සේවනය කරද්දී අකුසල් පිරිහෙන්නෙත්, කුසල් දහම් වැඩෙන්නෙත්, කවර ආත්මභාව ප්‍රතිලාභයක්ද?

පින්වත් සාරිපුත්ත, මෙහිලා දුක් රහිත වූ ආත්මභාව ප්‍රතිලාභයක් ඇති කරගන්නා කෙනෙකුගේ ඒ දුක් රහිත ආත්මභාවය හේතුවෙන් කුසල් දහම් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා.

“අත්තභාවපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං අත්තභාවපටිලාභ”න්ති ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං.

‘පින්වත් මහණෙනි, ආත්මභාව ප්‍රතිලාභය පවා දෙආකාරයකින් යුක්තයි කියලයි මා පවසන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ආත්මභාව ප්‍රතිලාභයක් තියෙනවා. එය ද එකිනෙකට වෙනස් වූත් ආත්මභාව ප්‍රතිලාභයන්ය’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එසේ වදාරණ ලද්දේ ඔය කරුණ උදෙසායි.
ඉමස්ස ඛෝ සාරිපුත්ත, මයා සංඛිත්තේන භාසිතස්ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝ.

පින්වත් සාරිපුත්ත, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද විස්තර වශයෙන් නොවදාළ, මෙම ධර්මයෙහි අර්ථ විස්තර වශයෙන් දැනගත යුත්තේ ඔය විදිහට තමයි.

චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. සෝතවිඤ්ඤෙය්‍යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. ඝානවිඤ්ඤෙය්‍යං ගන්ධම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. ජිව්හාවිඤ්ඤෙය්‍යං රසම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. කායවිඤ්ඤෙය්‍යං ඵොට්ඨබ්බම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. මනෝවිඤ්ඤෙය්‍යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති.

ඒ වගේම පින්වත් සාරිපුත්ත, ඇසෙන් දත යුතු රූපයත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූ ත්, සේවනය නොකළ යුතු වූත් රූප තියෙනවා. පින්වත් සාරිපුත්ත, කනෙන් ඇසිය යුතු ශබ්දත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ශබ්ද තියෙනවා. පින්වත් සාරිපුත්ත, නාසයෙන් දත යුතු ගඳ සුවඳත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ගඳ සුවඳ තියෙනවා. පින්වත් සාරිපුත්ත, දිවෙන් වින්ඳ යුතු රසත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් රස තියෙනවා. පින්වත් සාරිපුත්ත, කයෙන් දත යුතු පහසත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් පහස තියෙනවා. පින්වත් සාරිපුත්ත, මනසෙන් දැනගත යුතු අරමුණුත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් අරමුණු තියෙනවා.”

ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: ඉමස්ස ඛෝ අහං භන්තේ, භගවතා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි:

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපව වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මෙම ධර්මයෙහි අර්ථ මට මෙවැනි ආකාරයෙන් විස්තර වශයෙන් වැටහෙනවා.

‘චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපං චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං න සේවිතබ්බං. යථාරූපඤ්ච ඛෝ භන්තේ, චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපං චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපං සේවිතබ්බං. ‘චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, ඇසෙන් දත යුතු රූපයත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් රූප තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහාද?

ස්වාමීනී, ඇසෙන් දත යුතු යම් රූපයක් සේවනය කරද්දී, අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ ඇසෙන් දත යුතු රූපය සේවනය නොකළ යුතුයි. ඒ වගේම ස්වාමීනී, ඇසෙන් දත යුතු යම් රූපයක් සේවනය කරද්දී, කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එබඳු වූ ඇසෙන් දත යුතු රූපය සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, ඇසෙන් දත යුතු රූපයත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් රූප තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

‘සෝතවිඤ්ඤෙය්‍යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, සෝතවිඤ්ඤෙය්‍යං සද්දං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ සෝතවිඤ්ඤෙය්‍යෝ සද්දෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, සෝතවිඤ්ඤෙය්‍යං සද්දං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ සෝතවිඤ්ඤෙය්‍යෝ සද්දෝ සේවිතබ්බෝ. ‘සෝතවිඤ්ඤෙය්‍යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, කනෙන් ඇසිය යුතු ශබ්දත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ශබ්ද තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහා ද?

ස්වාමීනී, කනෙන් ඇසිය යුතු යම් ශබ්දයක් සේවනය කරද්දී, අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ කනෙන් ඇසිය යුතු ශබ්දය සේවනය නොකළ යුතුයි. ඒ වගේම ස්වාමීනී, කනෙන් ඇසිය යුතු යම් ශබ්දයක් සේවනය කරද්දී, කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එබඳු වූ කනෙන් ඇසිය යුතු ශබ්දය සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, කනෙන් ඇසිය යුතු ශබ්දයත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ශබ්ද තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

‘ඝානවිඤ්ඤෙය්‍යං ගන්ධම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, ඝානවිඤ්ඤෙය්‍යං ගන්ධං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ ඝානවිඤ්ඤෙය්‍යෝ ගන්ධෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, ඝානවිඤ්ඤෙය්‍යං සද්දං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ ඝානවිඤ්ඤෙය්‍යෝ ගන්ධෝ සේවිතබ්බෝ. ‘ඝානවිඤ්ඤෙය්‍යං ගන්ධම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, නාසයෙන් දත යුතු ගඳ සුවඳත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ගඳ සුවඳ තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේ ද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහාද?

ස්වාමීනී, නාසයෙන් දත යුතු යම් ගඳ සුවඳක් සේවනය කරද්දී, අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ නාසයෙන් දත යුතු ගඳ සුවඳ සේවනය නොකළ යුතුයි. ඒ වගේම ස්වාමීනී, නාසයෙන් දත යුතු යම් ගඳ සුවඳක් සේවනය කරද්දී, කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එබඳු වූ නාසයෙන් දත යුතු ගඳ සුවඳ සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, නාසයෙන් දත යුතු ගඳ සුවඳත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ගඳ සුවඳ තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

‘ජිව්හාවිඤ්ඤෙය්‍යං රසම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, ජිව්හාවිඤ්ඤෙය්‍යං රසං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ ජිව්හාවිඤ්ඤෙය්‍යෝ රසෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, ජිව්හාවිඤ්ඤෙය්‍යං රසං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ ජිව්හාවිඤ්ඤෙය්‍යෝ රසෝ සේවිතබ්බෝ. ‘ජිව්හාවිඤ්ඤෙය්‍යං රසම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, දිවෙන් වින්ද යුතු රසත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් රස තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහාද?

ස්වාමීනී, දිවෙන් වින්ද යුතු යම් රසයක් සේවනය කරද්දී, අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ දිවෙන් වින්ද යුතු රස සේවනය නොකළ යුතුයි. ඒ වගේම ස්වාමීනී, දිවෙන් වින්ද යුතු යම් රසයක් සේවනය කරද්දී, කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එබඳු වූ දිවෙන් වින්ද යුතු රස සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, දිවෙන් වින්ද යුතු රසත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් රස තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

‘කායවිඤ්ඤෙය්‍යං ඵොට්ඨබ්බම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, කායවිඤ්ඤෙය්‍යං ඵොට්ඨබ්බං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ කායවිඤ්ඤෙය්‍යෝ ඵොට්ඨබ්බෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, කායවිඤ්ඤෙය්‍යං ඵොට්ඨබ්බං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ කායවිඤ්ඤෙය්‍යෝ ඵොට්ඨබ්බෝ සේවිතබ්බෝ. ‘කායවිඤ්ඤෙය්‍යං ඵොට්ඨබ්බම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, කයෙන් දත යුතු පහසත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් පහස තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහාද?

ස්වාමීනී, කයෙන් දත යුතු යම් පහසක් සේවනය කරද්දී, අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ කයෙන් දත යුතු පහස සේවනය නොකළ යුතුයි. ඒ වගේම ස්වාමීනී, කයෙන් දත යුතු යම් පහසක් සේවනය කරද්දී, කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එබඳු වූ කයෙන් දත යුතු පහස සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, කයෙන් දත යුතු පහසත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් පහස තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

‘මනෝවිඤ්ඤෙය්‍යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තේ, මනෝවිඤ්ඤෙය්‍යං ධම්මං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ මනෝවිඤ්ඤෙය්‍යෝ ධම්මෝ න සේවිතබ්බෝ. යථාරූපඤ්ච ඛෝ භන්තේ, මනෝවිඤ්ඤෙය්‍යං ධම්මං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ මනෝවිඤ්ඤෙය්‍යෝ ධම්මෝ සේවිතබ්බෝ. ‘මනෝවිඤ්ඤෙය්‍යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, මනසින් දැනගත යුතු අරමුණුත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් අරමුණු තියෙනවා’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහා ද?

ස්වාමීනී, මනසින් දැනගත යුතු යම් අරමුණක් සේවනය කරද්දී, අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ මනසින් දැනගත යුතු අරමුණ සේවනය නොකළ යුතුයි. ඒ වගේම ස්වාමීනී, මනසින් දැනගත යුතු යම් අරමුණක් සේවනය කරද්දී, කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, එබඳු වූ මනසින් දැනගත යුතු අරමුණ සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, මනසින් දැනගත යුතු අරමුණුත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් අරමුණු තියෙනවා’ කියා භාග්‍යතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

ඉමස්ස ඛෝ අහං භන්තේ, භගවතා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමීති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි අර්ථ මා විස්තර වශයෙන් අවබෝධ කරගත්තේ ඔය ආකාරයටයි.”

සාධු සාධු සාරිපුත්ත, සාධු ඛෝ ත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සංඛිත්තේන භාසිතස්ස, විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාසි.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, සාදු! පින්වත් සාරිපුත්ත, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද විස්තර විභාග වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි අර්ථ ඔබ විසින් ඉතා හොඳින් විස්තර වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා.

‘චක්ඛුවිඤ්ඤෙය්‍යං රූපම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, ….(පෙ)…. න සේවිතබ්බං. යථාරූපඤ්ච ඛෝ සාරිපුත්ත, ….(පෙ)…. අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං මයා, ඉදමේතං පටිච්ච වුත්තන්ති.

‘පින්වත් සාරිපුත්ත, ඇසෙන් දත යුතු රූපයත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් රූප තියෙනවා’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහාද?

පින්වත් සාරිපුත්ත, ඇසෙන් දත යුතු යම් රූපයක් ….(පෙ)…. සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, ඇසෙන් දත යුතු රූපයත් ….(පෙ)…. සේවනය නො කළ යුතු වූත් රූප තියෙනවා’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

‘සෝතවිඤ්ඤෙය්‍යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, සෝතවිඤ්ඤෙය්‍යං සද්දං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ සෝතවිඤ්ඤෙය්‍යෝ සද්දෝ න සේවිතබ්බෝ …..(පෙ)…. ඒවරූපෝ සෝතවිඤ්ඤෙය්‍යෝ සද්දෝ සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ ඝානවිඤ්ඤෙය්‍යෝ ගන්ධෝ න සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ ඝානවිඤ්ඤෙය්‍යෝ ගන්ධෝ සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ ජිව්හාවිඤ්ඤෙය්‍යෝ රසෝ න සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ ජිව්හාවිඤ්ඤෙය්‍යෝ රසෝ සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ කායවිඤ්ඤෙය්‍යෝ ඵොට්ඨබ්බෝ න සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ කායවිඤ්ඤෙය්‍යෝ ඵොට්ඨබ්බෝ සේවිතබ්බෝ ….(පෙ)….

‘පින්වත් සාරිපුත්ත, කනෙන් ඇසිය යුතු ශබ්දත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් ශබ්ද තියෙනවා’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ කුමන අර්ථයක් සඳහාද?

පින්වත් සාරිපුත්ත, කනෙන් ඇසිය යුතු යම් ශබ්දයක් සේවනය කරද්දී, අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ කනෙන් ඇසිය යුතු ශබ්දය සේවනය නොකළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ කනෙන් ඇසිය යුතු ශබ්ද සේවනය කළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ නාසයෙන් දත යුතු ගඳ සුවඳ සේවනය නොකළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ නාසයෙන් දත යුතු ගඳ සුවඳ සේවනය කළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ දිවෙන් වින්ද යුතු රස සේවනය නොකළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ දිවෙන් වින්ද යුතු රස සේවනය කළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ කයෙන් දත යුතු පහස සේවනය නොකළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ කයෙන් දත යුතු පහස සේවනය කළ යුතුයි ….(පෙ)…. එබඳු වූ මනසින් දැනගත යුතු අරමුණ සේවනය නොකළ යුතුයි. ….(පෙ)…. එබඳු වූ මනසින් දැනගත යුතු අරමුණ සේවනය කළ යුතුයි.

මනෝවිඤ්ඤෙය්‍යං ධම්මම්පහං සාරිපුත්ත, ….(පෙ)…. ඒවරූපෝ මනෝවිඤ්ඤෙය්‍යෝ ධම්මෝ න සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ මනෝවිඤ්ඤෙය්‍යෝ ධම්මෝ සේවිතබ්බෝ. ‘මනෝවිඤ්ඤෙය්‍යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං මයා ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, මනසින් දැනගත යුතු අරමුණුත් දෙආකාරයකින් යුක්තයි කියලයි මා කියන්නේ. එනම් සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් අරමුණු තියෙනවා’ කියා මා විසින් යම් ධර්මයක් වදාරණ ලද්දේද, එය වදාරණ ලද්දේ මෙන්න මේ අර්ථය සඳහායි.

ඉමස්ස ඛෝ සාරිපුත්ත, මයා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝ.

පින්වත් සාරිපුත්ත, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද මෙම ධර්මයෙහි අර්ථ විස්තර වශයෙන් දැනගත යුත්තේ ඔය විදිහට තමයි.

චීවරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. පිණ්ඩපාතම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. සේනාසනම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. ගාමම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. නිගමම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. නගරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. ජනපදම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පි. පුග්ගලම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පීති.

පින්වත් සාරිපුත්ත, සිවුරු පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි. ඒ වගේම පින්වත් සාරිපුත්ත, දන් වැළඳීම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි. ඒ වගේම පින්වත් සාරිපුත්ත, සේනාසන පරිහරණය පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි. ඒ වගේම පින්වත් සාරිපුත්ත, ගම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි. ඒ වගේම පින්වත් සාරිපුත්ත, නියම්ගම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි. ඒ වගේම පින්වත් සාරිපුත්ත, නගරය පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි. ඒ වගේම පින්වත් සාරිපුත්ත, ජනපදය පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි. ඒ වගේ ම පින්වත් සාරිපුත්ත පුද්ගලයා පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි.”

ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: ‘ඉමස්ස ඛෝ අහං භන්තේ, භගවතා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි:

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප ව වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාරණ ලද මෙම ධර්මයෙහි අර්ථ මට මෙවැනි ආකාරයෙන් විස්තර වශයෙන් වැටහෙනවා.

‘චීවරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං භගවතා. කිඤ්චේතං පටිච්ච වුත්තං. යථාරූපං භන්තේ, චීවරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපං චීවරං න සේවිතබ්බං. යථාරූපඤ්ච ඛෝ භන්තේ, චීවරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපං චීවරං සේවිතබ්බං. ‘චීවරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, සිවුරු පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්;

ස්වාමීනී, යම් බඳු වූ සිවුරක් පොරොවන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ සිවුර සේවනය නොකළ යුතුයි.

ස්වාමීනී, යම් බඳු වූ සිවුරක් පොරොවන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් පිරිහෙනවා නම්, කුසල් දහම් වැඩෙනවා නම්, එබඳු වූ සිවුර සේවනය කළ යුතුයි.

‘පින්වත් සාරිපුත්ත, සිවුරු පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

‘පිණ්ඩපාතම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘සේනාසනම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘ගාමම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘නිගමම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘නගරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘ජනපදම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘පුග්ගලම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, දන් වැළඳීම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි. පින්වත් සාරිපුත්ත, නවාතැන් පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි. පින්වත් සාරිපුත්ත, ගම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි. පින්වත් සාරිපුත්ත, නියම්ගම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි. පින්වත් සාරිපුත්ත, නගරය පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, ….(පෙ) …. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි. පින්වත් සාරිපුත්ත, ජනපදය පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, …. (පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි. පින්වත් සාරිපුත්ත, පුද්ගලයා පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

ඉමස්ස ඛෝ අහං භන්තේ, භගවතා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමීති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද, විස්තර විභාග වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි අර්ථ මා විස්තර වශයෙන් අවබෝධ කරගත්තේ ඔය ආකාරයටයි.”

සාධු සාධු සාරිපුත්ත, සාධු ඛෝ ත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාසි.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, සාදු! පින්වත් සාරිපුත්ත, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද, විස්තර විභාග වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි අර්ථ ඔබ විසින් ඉතා හොඳින් විස්තර වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා.

‘චීවරම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, චීවරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘පිණ්ඩපාතම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, පිණ්ඩපාතං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං. ‘සේනාසනම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ….(පෙ)…. ඒවරූපං සේනාසනං න සේවිතබ්බං ….(පෙ)…. ඒවරූපං සේනාසනං සේවිතබ්බං ….(පෙ)…. ඒවරූපෝ ගාමෝ න සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ ගාමෝ සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ නිගමෝ න සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ නිගමෝ සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපං නගරං න සේවිතබ්බං ….(පෙ)…. ඒවරූපං නගරං සේවිතබ්බං ….(පෙ)…. ඒවරූපෝ ජනපදෝ න සේවිතබ්බෝ ….(පෙ)…. ඒවරූපෝ ජනපදෝ සේවිතබ්බෝ ….(පෙ)…. ‘පුග්ගලම්පහං සාරිපුත්ත, දුවිධේන වදාමි: සේවිතබ්බම්පි, අසේවිතබ්බම්පී’ති ඉති ඛෝ පනේතං වුත්තං මයා, කිඤ්චේතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, පුග්ගලං සේවතෝ අකුසලා ධම්මා අභිවඞ්ඪන්ති, ….(පෙ)…. ඉදමේතං පටිච්ච වුත්තං.

‘පින්වත් සාරිපුත්ත, සිවුරු පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්;

පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ සිවුරක් පොරොවන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, එබඳු වූ සිවුර සේවනය නොකළ යුතුයි.

පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ සිවුරක් පොරොවන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් පිරිහෙනවා නම්, කුසල් දහම් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

‘පින්වත් සාරිපුත්ත, දන් වැළඳීම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්; පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ පිණ්ඩපාතය වළඳන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි. පින්වත් සාරිපුත්ත, නවාතැන් පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්; පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ නවාතැනක වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

පින්වත් සාරිපුත්ත, ගම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්; පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ ගමක වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

පින්වත් සාරිපුත්ත, නියම්ගම පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්; පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ නියම්ගමක වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

පින්වත් සාරිපුත්ත, නගරය පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්; පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ නගරයක වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

පින්වත් සාරිපුත්ත, ජනපදය පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්; පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ ජනපදයක වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

පින්වත් සාරිපුත්ත, පුද්ගලයා පිළිබඳවත්, මා පවසන්නේ සේවනය කළ යුතු වූත්, සේවනය නොකළ යුතු වූත් දෙආකාරයකින් යුතු බවයි’ කියා මා විසින් යම් ධර්මයක් වදාළ සේක්ද, එසේ වදාරණ ලද්දේ කුමක් පිණිසද යත්; පින්වත් සාරිපුත්ත, යම් බඳු වූ පුද්ගලයෙකු ඇසුරු කරන කෙනෙකුට ඒ හේතුවෙන් අකුසල් වැඩෙනවා නම්, ….(පෙ)…. එසේ වදාරණ ලද්දේ ඔය අර්ථය පිණිසයි.

ඉමස්ස ඛෝ සාරිපුත්ත, මයා සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝ.

පින්වත් සාරිපුත්ත, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද, විස්තර විභාග වශයෙන් නොවදාළ මෙම ධර්මයෙහි අර්ථ විස්තර වශයෙන් දැනගත යුත්තේ ඔය විදිහට තමයි.

සබ්බේපි චේ සාරිපුත්ත, ඛත්තියා ඉමස්ස මයා සංඛිත්තේන භාසිතස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානෙය්‍යුං, සබ්බේසානම්ප’ස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බේපි චේ සාරිපුත්ත, බ්‍රාහ්මණා ….(පෙ)…. වෙස්සා ….(පෙ)…. සබ්බේපි චේ සාරිපුත්ත, සුද්දා ඉමස්ස මයා සංඛිත්තේන භාසිතස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානෙය්‍යුං, සබ්බේසානම්ප’ස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය. සදේවකෝපි චේ සාරිපුත්ත, ලෝකෝ සමාරකෝ සබ්‍රහ්මකෝ සස්සමණබ්‍රාහ්මණී පජා සදේවමනුස්සා ඉමස්ස මයා සංඛිත්තේන භාසිතස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානෙය්‍ය, සදේවකස්සපිස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛායාති.

පින්වත් සාරිපුත්ත, යම් හෙයකින් ක්ෂත්‍රියයන් හැමෝම මා විසින් හකුළුවා පවසන ලද මෙම ධර්මය මේ විදිහට විස්තර වශයෙන් අර්ථ අවබෝධ කරගන්නවා නම්, ඒ සියලුම ක්ෂත්‍රියයන් හට එය බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. ඒ වගේම පින්වත් සාරිපුත්ත, ඉදින් සියලුම බ්‍රාහ්මණයන් ….(පෙ)…. ඉදින් පින්වත් සාරිපුත්ත, සියලුම වෛශ්‍යයන් ….(පෙ)…. පින්වත් සාරිපුත්ත, යම් හෙයකින් ශුද්‍රයන් හැමෝම මා විසින් හකුළුවා පවසන ලද මෙම ධර්මය මේ විදිහට විස්තර වශයෙන් අර්ථ අවබෝධ කරගන්නවා නම්, ඒ සියලුම ශුද්‍රයන් හට එය බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා.

ඒ වගේ ම පින්වත් සාරිපුත්ත, ඉදින් දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝක සත්වයා මා විසින් හකුළුවා පවසන ලද මෙම ධර්මය මේ විදිහට විස්තර වශයෙන් අර්ථ අවබෝධ කරගන්නවා නම් දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝක සත්වයාට එය බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

සේවිතබ්බාසේවිතබ්බසුත්තං චතුත්ථං.

සේවනය කළ යුතු දේත්, සේවනය නොකළ යුතු දේත් ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M