මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.2.3. සප්පුරිස සුත්තං

3.2.3. සත්පුරුෂයා ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝ ති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සප්පුරිසධම්මඤ්ච වෝ භික්ඛවේ, දේසෙස්සාමි අසප්පුරිසධම්මඤ්ච. තං සුණාථ සාධුකං මනසි කරෝථ. භාසිස්සාමීති.

“පින්වත් මහණෙනි, මා ඔබට සත්පුරුෂයන්ගේ ධර්මයත්, අසත්පුරුෂයන්ගේ ධර්මයත් කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. මනා කොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.

කතමෝ ච භික්ඛවේ, අසප්පුරිසධම්මෝ: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ උච්චාකුලා පබ්බජිතෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි උච්චාකුලා පබ්බජිතෝ ඉමේ පනඤ්ඤේ භික්ඛූ න උච්චාකුලා පබ්බජිතාති. සෝ තාය උච්චාකුලීනතාය අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ උච්චාකුලීනතාය ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි උච්චාකුලා පබ්බජිතෝ හෝති, සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තාය උච්චාකුලීනතාය නේවත්තානුක්කංසේති. න පරං වම්භේති. අයං භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

“පින්වත් මහණෙනි, අසත්පුරුෂ ධර්මය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා උසස් කුලයෙන් පැවිදි වූ කෙනෙක් වෙන්න පුළුවනි. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං උසස් කුලයෙන් පැවිදි වූ කෙනෙක්. මේ අවශේෂ භික්ෂූන් වහන්සේලා උසස් කුලයෙන් පැවිදි වූ උදවිය නොවෙයි’ කියලා, ඔහු ඒ උසස් කුලය මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘උසස් කුලයේ උපන්නා කියලා ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. උසස් කුලයෙන් මහණ වුනේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ උසස් කුලයේ ඉපදීම මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ මහාකුලා පබ්බජිතෝ හෝති පෙ…. මහාභෝගකුලා පබ්බජිතෝ හෝති ….පෙ…. උළාරභෝගකුලා පබ්බජිතෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි උළාරභෝගකුලා පබ්බජිතෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න උළාරභෝගකුලා පබ්බජිතා’ති. සෝ තාය උළාරභෝගතාය අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ උළාරභෝගතාය ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි උළාරභෝගකුලා පබ්බජිතෝ හෝති. සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තාය උළාරභෝගතාය නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; අසත්පුරුෂයා ඉතා වැදගත් පවුල් පසුබිමකින් ඇවිත් පැවිදි වූ කෙනෙක් වෙන්න පුළුවනි. ….(පෙ)…. බොහෝ සැප සම්පත් ඇති පවුලකින් ඇවිත් පැවිදි වූ කෙනෙක් වෙන්න පුළුවනි ….(පෙ)…. ඉතා උසස් භෝග සම්පත් ඇති පවුලකින් ඇවිත් පැවිදි වූ කෙනෙක් වෙන්න පුළුවනි. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං ඉතා උසස් භෝග සම්පත් ඇති පවුලකින් ඇවිත් පැවිදි වූ කෙනෙක්. මේ අවශේෂ භික්ෂූන් වහන්සේලා ඉතා උසස් භෝග සම්පත් ඇති පවුල්වලින් ඇවිත් පැවිදි වූ උදවිය නොවෙයි’ කියලා, ඔහු ඒ ඉතා උසස් භෝග සම්පත් මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘ඉතා උසස් භෝග සම්පත් තිබුණා කියලා ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඉතා උසස් භෝග සම්පත් ඇති පවුලකින් මහණ වුනේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ ඉතා උසස් භෝග සම්පත් ඇති බව මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ ඤාතෝ හෝති යසස්සී. සෝ ඉති පටිසඤ්චික්ඛති:“අහං ඛෝම්හි ඤාතෝ යසස්සී. ඉමේ පනඤ්ඤේ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පේසක්ඛා’ති. සෝ තේන ඤාතත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ ඤාතත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි ඤාතෝ හෝති යසස්සී, සෝ ච හෝති ධම්මානුධම්මප්පටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී. සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන ඤාතත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; අසත්පුරුෂයා ඉතා ප්‍රසිද්ධ කීර්තිමත් කෙනෙක් වෙන්න පුළුවනි. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං ඉතා ප්‍රසිද්ධ වූ කීර්තිමත් කෙනෙක්. නමුත් මේ අවශේෂ භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධ නෑ නෙව. අල්පේශාක්‍යයයි නෙව’ කියලා ඔහු ඒ ප්‍රසිද්ධභාවය මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් ප්‍රසිද්ධ වුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. කෙනෙක් ප්‍රසිද්ධ වුනේ නැතත්, කීර්තිමත් වුනේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ ප්‍රසිද්ධිය මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ ලාභී හෝති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි ලාභී චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න ලාභිනෝ චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරාන’න්ති. සෝ තේන ලාභේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ ලාභේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි ලාභී හෝති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං සෝ ච හෝති ධම්මානුධම්මප්පටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන ලාභේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; අසත්පුරුෂයා සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදී ලාභ සත්කාර ලැබෙන කෙනෙක් වෙනවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මට තමයි සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙන්නේ. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලාට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නට වාසනාව නැහැ නෙව’ කියල’ ඔහු ලාභ සත්කාර මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙකුට ලාභ සත්කාර ලැබුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. කෙනෙකුට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලැබුනේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ ලාභ සත්කාර මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ බහුස්සුතෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි බහුස්සුතෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න බහුස්සුතා’ති. සෝ තේන බාහුසච්චේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ බාහුසච්චේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි බහුස්සුතෝ හෝති, සෝ ච හෝති ධම්මානුධම්මප්පටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන බාහුසච්චේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; බොහෝ දැනගත් කරුණු ඇති බහුශ්‍රැත වූ අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං බොහෝ දැනගත් කරුණුවලින් යුතු බහුශ්‍රැතයෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා බහුශ්‍රැත නැහැ නෙව’ කියලා, ඔහු බහුශ්‍රැතභාවය මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් බහුශ්‍රැත වුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් බහුශ්‍රැත නොවුනත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ බහුශ්‍රැතභාවය මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ විනයධරෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි විනයධරෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න විනයධරා’ති. සෝ තේන විනයධරත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ විනයධරත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි විනයධරෝ හෝති, සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන විනයධරත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; විනයධර වූ අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මම විනයධර කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා විනයධර නැහැ නෙව’ කියල, ඔහු විනයධර බව මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයට යි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් විනයධර වුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් විනයධර නොවුනත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ විනයධර බව මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ ධම්මකථිකෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි ධම්මකථිකෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න ධම්මකථිකා’ති. සෝ තේන ධම්මකථිකත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ ධම්මකථිකත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි ධම්මකථිකෝ හෝති, සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන ධම්මකථිකත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; ධර්මකථික වූ අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං ධර්මකථිකයෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා ධර්මකථික නැහැ නෙව’ කියලා, ඔහු ධර්මකථික බව මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් ධර්මකථික වුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් ධර්මකථික නොවුනත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ ධර්මකථික බව මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ ආරඤ්ඤිකෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි ආරඤ්ඤිකෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න ආරඤ්ඤිකා’ති. සෝ තේන ආරඤ්ඤිකත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ, භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ ආරඤ්ඤිකත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි ආරඤ්ඤිකෝ හෝති, සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන ආරඤ්ඤිකත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; අරණ්‍යවාසී වූ අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං අරණ්‍යවාසී කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා අරණ්‍යවාසී නැහැ නෙව’ කියලා, ඔහු අරණ්‍යවාසය මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් අරණ්‍යවාසී වුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් අරණ්‍යවාසී නොවුනත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ අරණ්‍යවාසය මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ පංසුකූලිකෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි පංසුකූලිකෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න පංසුකූලිකා’ති. සෝ තේන පංසුකූලිකත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ පංසුකූලිකත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි පංසුකූලිකෝ හෝති, සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී. සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන පංසුකූලිකත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පොරවන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පොරවන කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පොරවන්නේ නැහැ නෙව’ කියලා, ඔහු පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පෙරවීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පෙරෙව්වා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පෙරෙව්වේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පෙරවීම මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ පිණ්ඩපාතිකෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි පිණ්ඩපාතිකෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න පිණ්ඩපාතිකා’ති. සෝ තේන පිණ්ඩපාතිකත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ පිණ්ඩපාතිකත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි පිණ්ඩපාතිකෝ හෝති, සෝ ච හෝති ධම්මානුධම්මප්පටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන පිණ්ඩපාතිකත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; පිණ්ඩපාතයෙන් යැපෙන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං පිණ්ඩපාතයෙන් යැපෙන කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතය කොට වළඳන්නේ නැහැ නෙව’ කියලා, ඔහු පිණ්ඩපාතයෙන් යැපීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් පිණ්ඩපාතයෙන් යැපුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් පිණ්ඩපාතයෙන් යැපුනේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ පිණ්ඩපාතයෙන් යැපීම මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ රුක්ඛමූලිකෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි රුක්ඛමූලිකෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න රුක්ඛමූලිකා’ති. සෝ තේන රුක්ඛමූලිකත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ, භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ රුක්ඛමූලිකත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි රුක්ඛමූලිකෝ හෝති සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී. සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන රුක්ඛමූලිකත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; රුක් සෙවනෙහි වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං රුක් සෙවනෙහි වාසය කරන කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා රුක් සෙවනෙහි වාසය කරන්නේ නැහැ නෙව’ කියලා, ඔහු රුක් සෙවනෙහි වාසය කිරීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් රුක් සෙවනෙහි වාසය කළා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් රුක් සෙවනෙහි වාසය කළේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ රුක් සෙවනෙහි වාසය කිරීම මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ සෝසානිකෝ හෝති ….පෙ…. අබ්භෝකාසිකෝ හෝති …පෙ… නේසජ්ජිකෝ හෝති …පෙ… යථාසන්ථතිකෝ හෝති …ප… ඒකාසනිකෝ හෝති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි ඒකාසනිකෝ, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න ඒකාසනිකා’ති. සෝ තේන ඒකාසනිකත්තේන අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ ඒකාසනිකත්තේන ලෝභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දෝසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මෝහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නෝ චේපි ඒකාසනිකෝ හෝති. සෝ ච හෝති ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිප්පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තත්ථ පුජ්ජෝ, සෝ තත්ථ පාසංසෝ’ති. සෝ පටිපදංයේව අන්තරං කරිත්වා තේන ඒකාසනිකත්තේන නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; සොහොනෙහි වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. ….(පෙ)…. එළිමහනෙහි වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. ….(පෙ)…. ලද සෙනසුනෙන් සතුටු වන අසත්පුරුෂයෙක් ඉන්නවා ….(පෙ)…. නිදන ඉරියව්වෙන් තොරව සිටින අසත්පුරුෂයෙක් ඉන්නවා ….(පෙ)…. ඒකාසනික භෝජනයෙන් යැපෙන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං ඒකාසනික භෝජනයෙන් යැපෙන කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා ඒකාසනික භෝජනයෙන් යැපෙන්නේ නැහැ නෙව’ කියලා, ඔහු ඒකාසනික භෝජනයෙන් යැපීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘කෙනෙක් ඒකාසනික භෝජනයෙන් යැපුනා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේ ක්ෂය වෙලා යන්නෙ නැහැ නෙව. ද්වේෂ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. මෝහ සහගත දේ ක්ෂය වෙලා යන්නෙත් නැහැ නෙව. ඒ වගේම කෙනෙක් ඒකාසනික භෝජනයෙන් යැපුනේ නැතත්, ඒ භික්ෂුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයෙහි හැසිරෙනවා නම්, ඔහු පිදිය යුත්තෙක්මයි. ඒ කාරණයටමයි ප්‍රශංසා කළ යුත්තේ.’ මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාව ම සිතෙහි පිහිටුවා ගෙන ඒ ඒකාසනික භෝජනයෙන් යැපීම මුල් කොට තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි පඨමජ්ඣානසමාපත්තියා ලාභී, ඉමේ පනඤ්ඤේ භික්ඛූ න පඨමජ්ඣානසමාපත්තියා ලාභිනෝ’ති. සෝ තාය පඨමජ්ඣානසමාපත්තියා අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘පඨමජ්ඣානසමාපත්තියාපි ඛෝ අතම්මයතා වුත්තා භගවතා යේන යේන හි මඤ්ඤන්ති, තතෝ තං හෝති අඤ්ඤථා’ති. සෝ අතම්මයතඤ්ඤේව අන්තරං කරිත්වා තාය පඨමජ්ඣානසමාපත්තියා නේවඅත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවදින ධ්‍යානලාභී කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවදින ධ්‍යානලාභී උදවිය නොවෙයි නෙව’ කියලා, ඔහු ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථම ධ්‍යාන සමාපත්තිය වුනත් නිකෙලෙස්භාවයට අයිතියි කියලයි වදාරණ ලද්දේ. එනිසා යම් යම් දෙයකින් මං ‘මමය, මාගේය’ යන කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගත්තත්, එහි ස්වභාවය නම් වෙනස් වී යාමමයි’ කියල ඔහු නිකෙලෙස්භාවයම සිතෙහි පිහිටුවාගෙන ඒ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය මුල්කරගෙන තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං ….පෙ…. තතියං ඣානං …පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි චතුත්ථජ්ඣානසමාපත්තියා ලාභී, ඉමේ පනඤ්ඤේ භික්ඛූ චතුත්ථජ්ඣානසමාපත්තියා න ලාභිනෝ’ති. සෝ තාය චතුත්ථජ්ඣානසමාපත්තියා අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘චතුත්ථජ්ඣානසමාපත්තියාපි ඛෝ අතම්මයතා වුත්තා භගවතා. යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථා’ති. සෝ අතම්මයතඤ්ඤේව අන්තරං කරිත්වා තාය චතුත්ථජ්ඣානසමාපත්තියා නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සමවදින ධ්‍යානලාභී කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සමවදින ධ්‍යානලාභී උදවිය නොවෙයි නෙව’ කියලා, ඔහු චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සමවැදීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් චතුර්ථ ධ්‍යාන සමාපත්තිය වුනත් නිකෙලෙස්භාවයට අයිතියි කියලයි වදාරණ ලද්දේ. එනිසා යම් යම් දෙයකින් මං ‘මමය, මාගේය’ යන කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගත්තත්, එහි ස්වභාවය නම් වෙනස් වී යාමම යි’ කියල ඔහු නිකෙලෙස්භාවය ම සිතෙහි පිහිටුවාගෙන ඒ චතුර්ථ ධ්‍යාන සමාපත්තිය මුල්කරගෙන තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභී, ඉමේ පනඤ්ඤේ භික්ඛූ ආකාසානඤ්චායතනසමාපත්තියා න ලාභිනෝ’ති. සෝ තාය ආකාසානඤ්චායතනසමාපත්තියා අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘ආකාසානඤ්චායතනසමාපත්තියාපි ඛෝ අතම්මයතා වුත්තා භගවතා. යේන යේන හි මඤ්ඤන්ති, තතෝ තං හෝති අඤ්ඤථා’ති. සෝ අතම්මයතඤ්යේව අන්තරං කරිත්වා තාය ආකාසානඤ්චායතනසමාපත්තියා නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; සියලු ආකාරයෙන් රූප සඤ්ඤා ඉක්මවා ගොස්, ගොරෝසු සඤ්ඤා නැතිවීමෙන්, නානත්ත සඤ්ඤාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාසය යැ’යි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං ආකාසානඤ්චායතන සමාපත්තියට සමවදින කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා ආකාසානඤ්චායතන සමාපත්තියට සමවදින උදවිය නොවෙයි නෙව’ කියලා, ඔහු ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකාසානඤ්චායතන සමාපත්තිය වුණත් නිකෙලෙස්භාවයට අයිතියි කියලයි වදාරණ ලද්දේ. එනිසා යම් යම් දෙයකින් මං ‘මමය, මාගේය’ යන කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගත්තත්, එහි ස්වභාවය නම් වෙනස් වී යාමමයි’ කියලා, ඔහු නිකෙලෙස්භාවය ම සිතෙහි පිහිටුවාගෙන ඒ ආකාසානඤ්චායතන සමාපත්තිය මුල්කරගෙන තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ලාභී, ඉමේ පනඤ්ඤේ භික්ඛූ විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා න ලාභිනෝ’ති. සෝ තාය විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘විඤ්ඤාණඤ්චායතනසමාපත්තියාපි ඛෝ අතම්මයතා වුත්තා භගවතා. යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථා’ති. සෝ අතම්මයතඤ්යේව අන්තරං කරිත්වා තාය විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ගොස් ‘අනන්ත වූ විඤ්ඤාණය යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවදින කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවදින උදවිය නොවෙයි නෙව’ කියලා, ඔහු විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය වුනත් නිකෙලෙස්භාවයට අයිතියි කියලයි වදාරණ ලද්දේ. එනිසා යම් යම් දෙයකින් මං ‘මමය, මාගේය’ යන කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගත්තත්, එහි ස්වභාවය නම් වෙනස් වී යාමමයි’ කියල ඔහු නිකෙලෙස්භාවය ම සිතෙහි පිහිටුවාගෙන ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය මුල්කරගෙන තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා ලාභී, ඉමේ පනඤ්ඤේ භික්ඛූ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා න ලාභිනෝ’ති. සෝ තාය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියාපි ඛෝ අතම්මයතා වුත්තා භගවතා. යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථා’ති. සෝ අතම්මයතඤ්යේව අන්තරං කරිත්වා තාය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්ප භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගොස් ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤා÷යතනය උපදවාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවදින කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවදින උදවිය නොවෙයි නෙව’ කියලා, ඔහු ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය වුනත් නිකෙලෙස්භාවයට අයිතියි කියලයි වදාරණ ලද්දේ. එනිසා යම් යම් දෙයකින් මං ‘මමය, මාගේය’ යන කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගත්තත්, එහි ස්වභාවය නම් වෙනස් වී යාමමයි’ කියල ඔහු නිකෙලෙස්භාවය ම සිතෙහි පිහිටුවාගෙන ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය මුල්කරගෙන තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, අසප්පුරිසෝ සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛෝම්හි නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභී, ඉමේ පනඤ්ඤේ භික්ඛූ නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා න ලාභිනෝ’ති. සෝ තාය නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා අත්තානුක්කංසේති, පරං වම්භේති. අයම්පි භික්ඛවේ, අසප්පුරිසධම්මෝ. සප්පුරිසෝ ච ඛෝ භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛති: ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියාපි ඛෝ අතම්මයතා වුත්තා භගවතා. යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථා’ති. සෝ අතම්මයතඤ්යේව අන්තරං කරිත්වා තාය නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. අයම්පි භික්ඛවේ, සප්පුරිසධම්මෝ.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා ගොස් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඔහු කල්පනා කරන්නේ මේ විදිහටයි. ‘මං නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවදින කෙනෙක්. නමුත් මේ අනිත් භික්ෂූන් වහන්සේලා නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවදින උදවිය නොවෙයි නෙව’ කියල, ඔහු නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදීම මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළාදකිනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අයිති අසත්පුරුෂ ධර්මයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටයි කල්පනා කරන්නේ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය වුනත් නිකෙලෙස්භාවයට අයිතියි කියලයි වදාරණ ලද්දේ. එනිසා යම් යම් දෙයකින් මං ‘මමය, මාගේය’ යන කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගත්තත්, එහි ස්වභාවය නම් වෙනස් වී යාමමයි’ කියල ඔහු නිකෙලෙස්භාවය ම සිතෙහි පිහිටුවාගෙන ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය මුල්කරගෙන තමාව හුවා දක්වන්නේ නෑ. අනුන්ව හෙළාදකින්නේ නෑ. පින්වත් මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු මෙයයි.

පුන ච පරං භික්ඛවේ, සප්පුරිසෝ සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං ඛෝ භික්ඛවේ, භික්ඛු න කිඤ්චි මඤ්ඤති, න කුහිඤ්චි මඤ්ඤති, න කේනචි මඤ්ඤතී’ති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියනවා නම්; සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගොස් සඤ්ඤාවේදයිත නිරෝධය උපදවාගෙන වාසය කරන සත්පුරුෂයෙක් ඉන්නවා. ප්‍රඥාවෙන් ලත් අවබෝධය හේතුවෙන් ඔහු තුළ ආශ්‍රවයනුත් ක්ෂය වෙලා යනවා. එතකොට පින්වත් මහණෙනි, මේ භික්ෂුව කිසිදෙයක් ‘මමය, මාගේය, මාගේ ආත්මයය’ ආදී වශයෙන් කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගන්නේ නෑ. කිසිතැනක හෝ කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගන්නේ නෑ. කිසිකෙනෙක් කෙරෙන් හෝ කෙලෙස් ඇතිවෙන හැඟීම් ඇතිකරගන්නේ නෑ.

ඉදමවෝච භගවා, අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

සප්පුරිසසුත්තං තතියං.

සත්පුරුෂයා ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M