මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.2.2. ඡබ්බිසෝධන සුත්තං

3.2.2. සය තැනක ඇති පිරිසිදු බව ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං – ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් ද “පින්වතුන් වහන්සැ”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.

ඉධ භික්ඛවේ, භික්ඛු අඤ්ඤං බ්‍යාකරෝති – ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී’ති. තස්ස භික්ඛවේ, භික්ඛුනෝ භාසිතං නේව අභිනන්දිතබ්බං නප්පටික්කෝසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා පඤ්හෝ පුච්ඡිතබ්බෝ – චත්තාරෝමේ ආවුසෝ වෝහාරා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතා. කතමේ චත්තාරෝ? දිට්ඨේ දිට්ඨවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා. ඉමේ ඛෝ ආවුසෝ, චත්තාරෝ වෝහාරා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතා.

පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව අරහත්වය ප්‍රකාශ කළා කියමු. ඒ කියන්නේ ‘ඉපදීම ක්ෂය වුනාය, බඹසර සම්පූර්ණ කළාය, කළ යුත්ත කරගත්තාය, නැවත කළ යුතු වෙනත් දෙයක් නැතැ’යි කියලා. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව කරන ප්‍රකාශය ඒ අයුරින්ම සතුටින් පිළිගත යුතුත් නැහැ. ප්‍රතික්ෂේප කළ යුතුත් නැහැ. ඒ අයුරින්ම සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප ද නොකොට, ඔහුගෙන් ප්‍රශ්න විචාළ යුතුයි. ඒ මෙහෙමයි.

‘ප්‍රිය ආයුෂ්මතුනි, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද ව්‍යවහාර සතරක් තියෙනවා. කවර සතරක්ද යත්; දැකපු දේ පිළිබඳව දකින ලද්දක් ලෙස පැවසීම, අසන ලද දේ පිළිබඳව අසන ලද්දක් බව පැවසීම, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලද දේ පිළිබඳව එසේ ලද බව පැවසීම, සිතෙන් දැනගන්නා ලද දේ සිතෙන් දැනගන්නා ලද්දක් බව පැවසීම යන ව්‍යවහාරයි. ප්‍රිය ආයුෂ්මතුනි, සියල්ල දන්නා වූත්, දක්නා වූත් ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනාකොට වදාරණ ලද්දේ ඔය ව්‍යවහාර සතර පිළිබඳවයි.

කථං ජානතෝ පනායස්මතෝ කථං පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්ත’න්ති? ඛීණාසවස්ස භික්ඛවේ, භික්ඛුනෝ වුසිතවතෝ කතකරණීයස්ස ඕහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයෝජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මෝ හෝති වෙය්‍යාකරණාය – දිට්ඨේ ඛෝ අහං ආවුසෝ, අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදීකතේන චේතසා විහරාමි. සුතේ ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. මුතේ ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. විඤ්ඤාතේ ඛෝ අහං ආවුසෝ, අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදීකතේන චේතසා විහරාමි. ඒවං ඛෝ මේ ආවුසෝ, ජානතෝ ඒවං පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්ත’න්ති.

එතකොට ඔය ආයුෂ්මතුන්ගේ සිත මේ ව්‍යවහාර සතර තුළ උපාදාන වශයෙන් ග්‍රහණය නොවී ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනේ කොයි අයුරින් අවබෝධ කරද්දීද? කොයි අයුරින් දකිද්දීද?’

පින්වත් මහණෙනි, බඹසර වාසය සම්පූර්ණ කළ, කළ යුත්ත කළ, කෙලෙස් බර බැහැර කළ, පිළිවෙලින් පැමිණි මාර්ග ඵලාවබෝධය ඇති, භව සංයෝජන ක්ෂය වූ, මනාව දැන සියලු දුකින් නිදහස් වූ ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ පිළිතුර වන්නේ මෙන්න මේ ස්වභාවයෙනුයි. ‘ප්‍රිය ආයුෂ්මතුනි, දකින ලද කිසි දෙයක් කෙරෙහි මේ සිත බැසගත්තේ නැහැ. නොබැසගත්ත නිසා එය ඇසුරු කළේ නැහැ. එයට බැඳුනෙ නැහැ. එයින් නිදහස් වුනා. එයින් වෙන් වුනා. කිසි සීමාවකට හසු නොවුනු සිතකිනුයි මං වාසය කරන්නේ. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, අසන ලද කිසි දෙයක් කෙරෙහි ….(පෙ)…. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද කිසි දෙයක් කෙරෙහි ….(පෙ)…. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, සිතින් දැනගන්නා ලද කිසි දෙයක් කෙරෙහි මේ සිත බැසගත්තේ නැහැ. නොබැසගත්ත නිසා එය ඇසුරු කළේ නැහැ. එයට බැඳුනෙ නැහැ. එයින් නිදහස් වුනා. එයින් වෙන් වුනා. කිසි සීමාවකට හසු නොවුනු සිතකිනුයි මං වාසය කරන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී තමා ඔය සතර ව්‍යවහාරය තුළ උපාදාන වශයෙන් නොගෙන, ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනේ’ කියලා.

තස්ස භික්ඛවේ භික්ඛුනෝ සාධූති භාසිතං අභිනන්දිතබ්බං අනුමෝදිතබ්බං. සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරිං පඤ්හෝ පුච්ඡිතබ්බෝ. පඤ්ච ඛෝ ඉමේ ආවුසෝ, උපාදානක්ඛන්ධා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතා. කතමේ පඤ්ච? සෙය්‍යථිදං – රූපූපාදානක්ඛන්ධෝ, වේදනූපාදානක්ඛන්ධෝ, සඤ්ඤූපාදානක්ඛන්ධෝ, සංඛාරූපාදානක්ඛන්ධෝ, විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ. ඉමේ ඛෝ ආවුසෝ, පඤ්චුපාදානක්ඛන්ධා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතා. කථං ජානතෝ පනායස්මතෝ කථං පස්සතෝ ඉමේසු පඤ්චසු උපාදානක්ඛන්ධේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්ති? ඛීණාසවස්ස භික්ඛවේ, භික්ඛුනෝ වුසිතවතෝ කතකරණීයස්ස ඕහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයෝජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මෝ හෝති වෙය්‍යාකරණාය – රූපං ඛෝ අහං ආවුසෝ, අබලං විරාගං අනස්සාසික’න්ති විදිත්වා යේ රූපේ උපයූපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා, තේසං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්ත’න්ති පජානාමි. වේදනං ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. සඤ්ඤං ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. සංඛාරේ ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. විඤ්ඤාණං ඛෝ අහං ආවුසෝ, අබලං විරාගං අනස්සාසික’න්ති විදිත්වා යේ විඤ්ඤාණේ උපයූපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා, තේසං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තන්ති පජානාමි. ඒවං ඛෝ මේ ආවුසෝ, ජානතෝ ඒවං පස්සතෝ ඉමේසු පඤ්චසු උපාදානක්ඛන්ධේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්ත’න්ති.

එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුවගේ ප්‍රකාශයට ‘සාදු!’ කියා එය ඒ අයුරින්ම සතුටින් පිළිගත යුතුයි. අනුමෝදන් විය යුතුයි. ‘සාදු!’ කියා එම ප්‍රකාශය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී තවදුරටත් ප්‍රශ්න විචාළ යුතුයි.

‘ප්‍රිය ආයුෂ්මතුනි, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් උපාදාන ස්කන්ධ පහක් පිළිබඳව මනාකොට වදාරළා තියෙනවා. කවර පහක් ගැනද යත්; රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහ ගැනයි. ප්‍රිය ආයුෂ්මත, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරලා තියෙන්නේ ඔය උපාදානස්කන්ධ පහ ගැනයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත, ඔය උපාදානස්කන්ධ පහ පිළිබඳව කවර අයුරින් දැනගනිද්දීද, කවර අයුරින් දැකගනිද්දීද, කිසිවක් උපාදාන වශයෙන් නොගෙන, ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනේ?’

පින්වත් මහණෙනි, බඹසර වාසය සම්පූර්ණ කළ, කළ යුත්ත කළ, කෙලෙස් බර බැහැර කළ, පිළිවෙලින් පැමිණි මාර්ග ඵලාවබෝධය ඇති, භව සංයෝජන ක්ෂය වූ මනාව දැන සියලු දුකින් නිදහස් වූ ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ පිළිතුර වන්නේ මෙන්න මේ ස්වභාවයෙනි. ‘ප්‍රිය ආයුෂ්මත, මං රූපය අවබෝධ කළේ දුර්වල වූ, නොඇලිය යුතු, අස්වැසිලි රහිත දෙයක් හැටියටයි. ඉතින් ඒ රූපය කෙරෙහි සිතේ බැසගැනීමක්, බැඳීමක්, අධිෂ්ඨානයක්, වැළඳ ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් ආශාව පැවැත්වීමක් ඇද්ද, ඒවා ක්ෂය වීමෙන්, නොඇල්මෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින්ම දුරු කිරීමෙන්, එයින් මගේ සිත නිදහස් වුනා කියලා අවබෝධයක් ඇති වුනා. ප්‍රිය ආයුෂ්මත, විඳීම ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත, සඤ්ඤාව ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත, සංස්කාර ….(පෙ)…. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, මං විඤ්ඤාණය අවබෝධ කළේ දුර්වල වූ, නොඇලිය යුතු, අස්වැසිලි රහිත දෙයක් හැටියටයි. ඉතින් ඒ විඤ්ඤාණය කෙරෙහි සිතේ බැසගැනීමක්, බැඳීමක්, අධිෂ්ඨානයක්, වැළඳ ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් ආශාව පැවැත්වීමක් ඇද්ද, ඒවා ක්ෂය වීමෙන්, නොඇල්මෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින්ම දුරුකිරීමෙන්, එයින් මගේ සිත නිදහස් වුනා කියලා අවබෝධයක් ඇතිවුනා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනගනිද්දී, දැකගනිද්දී තමයි ඒ කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුනේ’ කියලා.

තස්ස භික්ඛවේ, භික්ඛුනෝ සාධූති භාසිතං අභිනන්දිතබ්බං අනුමෝදිතබ්බං. සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරිං පඤ්හෝ පුච්ඡිතබ්බෝ – ඡයිමා ආවුසෝ, ධාතුයෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතා. කතමා ඡ? පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු. ඉමා ඛෝ ආවුසෝ, ඡ ධාතුයෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතා. කථං ජානතෝ පනායස්මතෝ කථං පස්සතෝ ඉමාසු ඡසු ධාතුසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්ත’න්ති? ඛීණාසවස්ස භික්ඛවේ, භික්ඛුනෝ වුසිතවතෝ කතකරණීයස්ස ඕහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයෝජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මෝ හෝති වෙය්‍යාකරණාය – පඨවීධාතුං ඛෝ අහං ආවුසෝ, න අත්තතෝ උපගච්ඡිං, න ච පඨවීධාතුනිස්සිතං අත්තානං. යේ ච පඨවීධාතුනිස්සිතා උපයූපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා, තේසං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තන්ති පජානාමි. ආපෝධාතුං ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. තේජෝධාතුං ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. වායෝධාතුං ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. ආකාසධාතුං ඛෝ අහං ආවුසෝ ….(පෙ)…. විඤ්ඤාණධාතුං ඛෝ අහං ආවුසෝ, න අත්තතෝ උපගච්ඡිං, න ච විඤ්ඤාණධාතුනිස්සිතං අත්තානං. යේ ච විඤ්ඤාණධාතුනිස්සිතා උපයූපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා, තේසං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තන්ති පජානාමි. ඒවං ඛෝ මේ ආවුසෝ, ජානතෝ ඒවං පස්සතෝ ඉමාසු ඡසු ධාතුසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්ත’න්ති.

එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුවගේ ප්‍රකාශයට ‘සාදු!’ කියා එය ඒ අයුරින්ම සතුටින් පිළිගත යුතුයි. අනුමෝදන් විය යුතුයි. ‘සාදු!’ කියා එම ප්‍රකාශය සතුටින් පිළිගෙන අනුමෝදන් වී තවදුරටත් ප්‍රශ්න විචාළ යුතුයි.

‘ප්‍රිය ආයුෂ්මතුනි, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ධාතු හයක් පිළිබඳව මනා කොට වදාරලා තියෙනවා. කවර හයක්ද යත්; පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාස ධාතු, විඤ්ඤාණ ධාතු යන හයයි. ප්‍රිය ආයුෂ්මත, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරලා තියෙන්නේ ඔය ධාතු හය ගැනයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත, ඔය ධාතු හය පිළිබඳව කවර අයුරින් දැනගනිද්දීද, කවර අයුරින් දැකගනිද්දීද, කිසිවක් උපාදාන වශයෙන් නොගෙන, ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනේ?’

පින්වත් මහණෙනි, බඹසර වාසය සම්පූර්ණ කළ, කළ යුත්ත කළ, කෙලෙස් බර බැහැර කළ, පිළිවෙලින් පැමිණි මාර්ග ඵලාවබෝධය ඇති, භව සංයෝජන ක්ෂය වූ මනාව දැන සියලු දුකින් නිදහස් වූ ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ පිළිතුර වන්නේ මෙන්න මේ ස්වභාවයෙනි. ‘ප්‍රිය ආයුෂ්මත, මං පඨවි ධාතුව ආත්මයක් වශයෙන් ගෙන ඒ තුළට පැමිණුනේ නෑ. ඒ වගේම පඨවි ධාතුව ආශ්‍රය කරගත් කිසිවක් කෙරෙහි ආත්මයක් වශයෙන් ගෙන එය තුළට පැමිණුනේ නෑ. ඒ වගේම පඨවි ධාතුව ඇසුරු කරගත් යම් සිතේ බැසගැනීමක්, බැඳීමක්, අධිෂ්ඨානයක්, වැළඳ ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් ආශාව පැවැත්වීමක් ඇද්ද, ඒවා ක්ෂය වීමෙන්, නොඇල්මෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින්ම දුරු කිරීමෙන්, එයින් මගේ සිත නිදහස් වුනා කියලා අවබෝධයක් ඇති වුනා. ප්‍රිය ආයුෂ්මත, ආපෝ ධාතුව ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත, තේජෝ ධාතුව ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත, වායෝ ධාතුව ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත, ආකාස ධාතුව ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත, මං විඤ්ඤාණ ධාතුව ආත්මයක් වශයෙන් ගෙන ඒ තුළට පැමිණුනේ නෑ. ඒ වගේම විඤ්ඤාණ ධාතුව ආශ්‍රය කරගත් කිසිවක් කෙරෙහි ආත්මයක් වශයෙන් ගෙන එය තුළට පැමිණුනේ නෑ. ඒ වගේම විඤ්ඤාණ ධාතුව ඇසුරු කරගත් යම් සිතේ බැසගැනීමක්, බැඳීමක්, අධිෂ්ඨානයක්, වැළඳ ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් ආශාව පැවැත්වීමක් ඇද්ද, ඒවා ක්ෂය වීමෙන්, නොඇල්මෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින්ම දුරු කිරීමෙන්, එයින් මගේ සිත නිදහස් වුනා කියලා අවබෝධයක් ඇති වුනා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහට මේ ධාතු හය පිළිබඳව දැනගනිද්දී, දැකගනිද්දී තමයි ඒ කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන සිත ආශ්‍රවයන් ගෙන් නිදහස් වුනේ’ කියලා.

තස්ස භික්ඛවේ, භික්ඛුනෝ සාධූති භාසිතං අභිනන්දිතබ්බං අනුමෝදිතබ්බං. සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරිං පඤ්හෝ පුච්ඡිතබ්බෝ. ඡ ඛෝ පනිමානි ආවුසෝ, අජ්ඣත්තිකබාහිරානි ආයතනානි තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතානි. කතමානි ඡ? චක්ඛුං චේව රූපා ච, සෝතං ච සද්දා ච, ඝානං ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායෝ ච ඵොට්ඨබ්බා ච, මනෝ ච ධම්මා ච. ඉමානි ඛෝ ආවුසෝ, ඡ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සම්මදක්ඛාතානි. කථං ජානතෝ පනායස්මතෝ කථං පස්සතෝ ඉමේසු ඡසු අජ්ඣත්තිකබාහිරේසු ආයතනේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්ත’න්ති? ඛීණාසවස්ස භික්ඛවේ, භික්ඛුනෝ වුසිතවතෝ කතකරණීයස්ස ඕහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයෝජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මෝ හෝති වෙය්‍යාකරණාය – චක්ඛුස්මිං ආවුසෝ, රූපේ චක්ඛුවිඤ්ඤාණේ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේසු ධම්මේසු යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ ච උපයූපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා, තේසං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තන්ති පජානාමි. සෝතස්මිං ආවුසෝ, සද්දේ සෝතවිඤ්ඤාණේ ….(පෙ)…. ඝානස්මිං ආවුසෝ, ගන්ධේ ඝානවිඤ්ඤාණේ ….(පෙ)…. ජිව්හාය ආවුසෝ, රසේ ජිව්හාවිඤ්ඤාණේ ….(පෙ)…. කායස්මිං ආවුසෝ, ඵොට්ඨබ්බේ කායවිඤ්ඤාණේ ….(පෙ)…. මනස්මිං ආවුසෝ, ධම්මේ මනෝවිඤ්ඤාණේ මනෝවිඤ්ඤාණවිඤ්ඤාතබ්බේසු ධම්මේසු යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ ච උපයූපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා, තේසං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තන්ති පජානාමි. ඒවං ඛෝ මේ ආවුසෝ, ජානතෝ ඒවං පස්සතෝ ඉමේසු ඡසු අජ්ඣත්තිකබාහිරේසු ආයතනේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්ත’න්ති.

එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ගේ ප්‍රකාශයට ‘සාදු!’ කියා එය ඒ අයුරින්ම සතුටින් පිළිගත යුතුයි. අනුමෝදන් විය යුතුයි. ‘සාදු!’ කියා එම ප්‍රකාශය සතුටින් පිළිගෙන අනුමෝදන් වී තවදුරටත් ප්‍රශ්න විචාළ යුතුයි.

‘ප්‍රිය ආයුෂ්මතුනි, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආධ්‍යාත්මික බාහිර ආයතන හයක් පිළිබඳව මනාකොට වදාරලා තියෙනවා. කවර හයක්ද යත්; ඇස වගේම රූපයනුත්ය. කනත්, ශබ්දත්ය. නාසයත්, ගඳ සුවඳත්ය. දිවත්, රසත්ය. කයත්, පහසත්ය. මනසත්, අරමුණුත්ය.

ප්‍රිය ආයුෂ්මත, සියල්ල දන්නා වූ, දක්නා වූ, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරලා තියෙන්නේ ඔය ආධ්‍යාත්මික බාහිර ආයතන හය ගැනයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත, ඔය ආධ්‍යාත්මික බාහිර ආයතන හය පිළිබඳව කවර අයුරින් දැනගනිද්දීද, කවර අයුරින් දැකගනිද්දීද, කිසිවක් උපාදාන වශයෙන් නොගෙන, ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනේ?’

පින්වත් මහණෙනි, බඹසර වාසය සම්පූර්ණ කළ, කළ යුත්ත කළ, කෙලෙස් බර බැහැර කළ, පිළිවෙලින් පැමිණි මාර්ග ඵලාවබෝධය ඇති, භව සංයෝජන ක්ෂය වූ මනාව දැන සියලු දුකින් නිදහස් වූ ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ පිළිතුර වන්නේ මෙන්න මේ ස්වභාවයෙනි. ‘ප්‍රිය ආයුෂ්මත, ඇස කෙරෙහිත්, රූප කෙරෙහිත්, ඇසේ විඤ්ඤාණය කෙරෙහිත්, ඇසේ විඤ්ඤාණය මුල් කොට දැනගන්නා අරමුණු කෙරෙහිත් යම් කැමැත්තක් තිබුනාද, යම් රාගයක් තිබුනාද, යම් ආශ්වාදයක් තිබුනාද, යම් තණ්හාවක් තිබුනාද, යම් සිතේ බැස ගැනීමක්, බැඳීමක්, අධිෂ්ඨානයක්, වැළඳ ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් ආශාව පැවැත්වීමක් තිබුනාද, ඒවා ක්ෂය වීමෙන්, නොඇල්මෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින්ම දුරු කිරීමෙන්, එයින් මගේ සිත නිදහස් වුනා කියලා අවබෝධයක් ඇති වුනා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, කන කෙරෙහිත්, ශබ්ද කෙරෙහිත්, කනේ විඤ්ඤාණය කෙරෙහිත්, ….(පෙ)…. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, නාසය කෙරෙහිත්, ගඳ සුවඳ කෙරෙහිත්, නාසයේ විඤ්ඤාණය කෙරෙහිත්, ….(පෙ)…. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, දිව කෙරෙහිත්, රස කෙරෙහිත්, දිවේ විඤ්ඤාණය කෙරෙහිත්, ….(පෙ)…. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, කය කෙරෙහිත්, පහස කෙරෙහිත්, කයේ විඤ්ඤාණය කෙරෙහිත්, ….(පෙ)…. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, මනස කෙරෙහිත්, අරමුණු කෙරෙහිත්, මනසේ විඤ්ඤාණය කෙරෙහිත්, මනෝ විඤ්ඤාණය මුල් කොට දැනගන්නා අරමුණු කෙරෙහිත් යම් කැමැත්තක් තිබුනාද, යම් රාගයක් තිබුනාද, යම් ආශ්වාදයක් තිබුනාද, යම් තණ්හාවක් තිබුනාද, යම් සිතේ බැසගැනීමක්, බැඳීමක්, අධිෂ්ඨානයක්, වැළඳ ගැනීමක්, අභ්‍යන්තර වශයෙන් ආශාව පැවැත්වීමක් තිබුනාද, ඒවා ක්ෂය වීමෙන්, නොඇල්මෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින්ම දුරු කිරීමෙන්, එයින් මගේ සිත නිදහස් වුනා කියලා අවබෝධයක් ඇති වුනා. ප්‍රිය ආයුෂ්මත, ඔන්න ඔය විදිහට මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හය පිළිබඳව දැනගනිද්දී, දැකගනිද්දී තමයි ඒ කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන සිත ආශ්‍රවයන් ගෙන් නිදහස් වුනේ’ කියලා.

තස්ස භික්ඛවේ, භික්ඛුනෝ සාධූති භාසිතං අභිනන්දිතබ්බං අනුමෝදිතබ්බං. සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරිං පඤ්හෝ පුච්ඡිතබ්බෝ. ‘කථං ජානතෝ පනායස්මතෝ කථං පස්සතෝ ඉමස්මිං ච සවිඤ්ඤාණකේ කායේ බහිද්ධා ච සබ්බනිමිත්තේසු අහිංකාරමමිංකාරමානානුසයා සුසමූහතාති? ඛීණාසවස්ස භික්ඛවේ, භික්ඛුනෝ වුසිතවතෝ කතකරණීයස්ස ඕහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයෝජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මෝ හෝති වෙය්‍යාකරණාය – ‘පුබ්බේ ඛෝ අහං ආවුසෝ, අගාරියභූතෝ සමානෝ අවිද්දසු අහෝසිං. තස්ස මේ තථාගතෝ වා තථාගතසාවකෝ වා ධම්මං දේසේසි. තාහං ධම්මං සුත්වා තථාගතේ සද්ධං පටිලභිං. සෝ තේන සද්ධාපටිලාභේන සමන්නාගතෝ ඉති පටිසඤ්චික්ඛිං – ‘සම්බාධෝ ඝරාවාසෝ රජාපථෝ, අබ්භෝකාසෝ පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යන්නූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති.

එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුවගේ ප්‍රකාශයට ‘සාදු!’ කියා එය ඒ අයුරින්ම සතුටින් පිළිගත යුතුයි. අනුමෝදන් විය යුතුයි. ‘සාදු!’ කියා එම ප්‍රකාශය සතුටින් පිළිගෙන අනුමෝදන් වී තවදුරටත් ප්‍රශ්න විචාළ යුතුයි.

‘ප්‍රිය ආයුෂ්මතුනි, කොහොම දැනගනිද්දීද, කොහොම දැකගනිද්දීද මේ විඤ්ඤාණය සහිත කයෙහිත්, බාහිර සියලු නිමිතිවලත්, ‘මමය, මාගේය’ යනාදී මානානුසයන් ආයුෂ්මතුන් කෙරෙන් මනාකොට මුලින්ම ඉදිරිලා ගියේ?’

පින්වත් මහණෙනි, බඹසර වාසය සම්පූර්ණ කළ, කළ යුත්ත කළ, කෙලෙස් බර බැහැර කළ, පිළිවෙලින් පැමිණි මාර්ග ඵලාවබෝධය ඇති, භව සංයෝජන ක්ෂය වූ මනාව දැන සියලු දුකින් නිදහස් වූ ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ පිළිතුර වන්නේ මෙන්න මේ ස්වභාවයෙනි. ‘ප්‍රිය ආයුෂ්මත, මං ඉස්සර ගිහි ගෙදර සිටිද්දී චතුරාර්ය සත්‍යය පිළිබඳව කිසි අවබෝධයක් තිබුනෙ නෑ. නමුත් ඒ මට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් ධර්මය දේශනා කළා. ඉතින් ඒ ධර්මය ඇසූ මා තුළ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ශ්‍රද්ධාව ඇතිවුනා. ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් යුක්ත වූ මං නුවණින් විමසුවා. ‘ගිහි ජීවිතය කරදර සහිතයි. එය කෙලෙස් දූවිලි සහිත මාවතක්. නමුත් පැවිද්ද නම් අහස වගේ නිදහස්. ඒකාන්තයෙන් පරිපූර්ණ වූ, ඒකාන්තයෙන් පාරිශුද්ධ වූ පිරිසිදු සංඛයක් බඳු වූ මේ බඹසර හැසිරීම නම් ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් මං කෙස් රැවුල් බහා, කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරික බුදුසසුනෙහි පැවිදි වෙනවා නම් තමයි හොඳ’ කියල හිතුවා.

සෝ ඛෝ අහං ආවුසෝ, අපරේන සමයේන අප්පං වා භෝගක්ඛන්ධං පහාය මහන්තං වා භෝගක්ඛන්ධං පහාය, අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ අහෝසිං, නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහාසිං. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ අහෝසිං, දින්නාදායී දින්නපාටිකංඛී අථේනේන සුචිභූතේන අත්තනා විහාසිං. අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී අහෝසිං, ආරාචාරී විරතෝ මේථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ අහෝසිං, සච්චවාදී සච්චසන්ධෝ ථේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ අහෝසිං, ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය, අමුත්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං භේදාය, ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා අහෝසිං. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ අහෝසිං, යා සා වාචා නේලා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා අහෝසිං. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතෝ අහෝසිං, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා අහෝසිං කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසංහිතං.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මං ඒ විදිහට පසු කලෙක අල්ප වේවා භෝගස්කන්ධය හැරදමා, මහත් වූ වේවා භෝගස්කන්ධය හැරදමා, අල්ප වේවා ඤාති සමූහයා අත්හැර, මහත් වූ වේවා ඤාති සමූහයා අත්හැර කෙස් රැවුල් බහා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වුනා.

ඉතින් ඒ මං පැවිදි වෙලා භික්ෂූන් විසින් ආරක්ෂා කරන සිල් පද සමාදන් වෙලා, ප්‍රාණඝාතය අත්හැර, ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක් වුනා. දඬු මුගුරු අත්හැර, අවිආයුධ අත්හැර ප්‍රාණඝාතයෙන් ලැජ්ජාවට පත්ව, දයාවෙන් යුක්තව, සියලු සත්ව ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කළා. ඒ වගේම මං නුදුන් දේ ගැනීම අත්හැරලා, නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටියා. දුන් දේ විතරක් පිළිගත්තා. දුන් දේ විතරක් ගන්නට කැමති වුනා. සොර සිතින් තොරව පිරිසිදු ජීවිතයක් ගත කළා. ඒ වගේ ම මං අබ්‍රහ්මචරියාව අත්හැරලා බ්‍රහ්මචාරීව වාසය කළා. ඉතා ළාමක ක්‍රියාවක් වන මෛථුන සේවනයට ආශා නොකර, එයින් දුරුව වාසය කළා.

ඒ වගේම බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටියා. සත්‍යය වචන කතා කළා. සත්‍යය ගලපා කතා කළා. ස්ථිර වචන කතා කළා. ඇදහිය හැකි වචන කතා කළා. ලෝකය තුළ අර්බුද හටගන්නා දේවල් කතා කළේ නෑ. ඒ වගේම මං කේළාම් කීම අත්හැරියා. කේළාම් කීමෙන් වැළකී වාසය කළා. මෙතනින් අහලා මේ පිරිස බිඳවන්නට අතන ගිහින් කිව්වේ නෑ. එතනින් අහලා ඒ පිරිස බිඳවන්නට මෙතන ඇවිත් කිව්වේ නෑ. මේ විදිහට බිඳුණු අය සමඟි කරවන්නටත්, සමඟි වූ අය සතුටු කරවන්නටත්, සමඟියෙන් සතුටු වීමටත්, සමඟියේ ඇලී වසන්නටත් හේතු වන සමඟිය ඇතිකරවන වචනමයි මං කිව්වේ. ඒ වගේම මං ඵරුෂ වචන අත්හැරියා. ඵරුෂ වචනයෙන් වැළකී වාසය කළා. යම් වචනයක් යහපත්ද, කනට සැපයිද, ප්‍රේමවන්තයිද,

හෘදයාංගමයිද, වැදගත්ද, බොහෝ ජනයා කැමතිද, මනාපද, එබඳු වචනයි මං කතා කළේ. ඒ වගේම මං හිස් වචන කතා කිරීම අත්හැරියා. හිස් වචන කතාවෙන් වැළකී සිටියා. මං කතා කළේ කාලයට අදාළ, සිදු වූ, අර්ථවත්, ධර්මානුකූල, හික්මෙන්නට උපකාරී වන, නැවත නැවත සිහි කිරීමෙන් ප්‍රයෝජන ලැබෙන වචනයි. ඒ වගේම කරුණු සහිතව, සුදුසු කාලයට, අර්ථ සහිතව, සීමාවක් ඇතුවයි කතා කළේ.

සෝ බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතෝ අහෝසිං. ඒකභත්තිකෝ අහෝසිං රත්තූපරතෝ පටිවිරතෝ විකාලභෝජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතෝ අහෝසිං. මාලාගන්ධවිලේපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතෝ අහෝසිං. උච්චාසයනමහාසයනා පටිවිරතෝ අහෝසිං. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. ආමකමංසපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. දාසිදාසපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. අජේළකපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. හත්ථිගවාස්සවළවපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතෝ අහෝසිං. දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ අහෝසිං. කයවික්කයා පටිවිරතෝ අහෝසිං. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතෝ අහෝසිං. උක්කෝටනවඤ්චනනිකතිසාචියෝගා පටිවිරතෝ අහෝසිං. ඡේදනවධබන්ධනවිපරාමෝසආලෝපසහසාකාරා පටිවිරතෝ අහෝසිං.

ඒ වගේම ගස් කොළන් වනසන්නට ගියේ නෑ. රාත්‍රී භෝජනයෙන් වැළකිලා, විකාල භෝජනයෙන් වැළකිලා උදේ වරුවේ විතරයි වැළඳුවේ. ඒ වගේම නැටුම් ගැයුම් වැයුම්, විකාර දේ නැරඹීම් ආදී දෙයින් මං වැළකුනා. මල් සුවඳ විලවුන් ආදියෙන් සැරසීම මං කළේ නැහැ. වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් මං වැළකුනා. රන්, රිදී, මිල මුදල් පරිහරණයෙනුත් මං වැළකුනා. අමු ධාන්‍ය පිළිගැනීමෙනුත් මං වැළකුනා. අමු මස් පිළිගැනීමෙනුත් මං වැළකුනා. ස්ත්‍රීන් සහ කුඩා දැරියන් පිළිගැනීමෙනුත් මං වැළකුනා. දැසිදස්සන් පිළිගැනීමෙනුත් මං වැළකුනා. එළුවන්, බැටලුවන් පිළිගැනීමෙනුත් මං වැළකුනා. කුකුළන්, ඌරන් පිළිගැනීමෙනුත් මං වැළකුනා. ඇත්, ගව, අස්, වෙළඹ ආදී සතුන් පිළිගැනීමෙනුත් මං වැළකුනා. කුඹුරු, වතුපිටි පිළිගැනීමෙනුත් මං වැළකුනා. පණිවිඩ පණත් එහාට මෙහාට ගෙනයෑමෙන් මං වැළකුනා. වෙළඳ ව්‍යාපාරවලින් මං වැළකුනා. තරාදියෙන්, මැනීමෙන් ආදියෙන් රවට රවටා කරන ව්‍යාපාරවලිනුත් මං වැළකුනා. නොයෙකුත් කූට ප්‍රයෝග වංචාවෙන් කරන ව්‍යාපාරවලිනුත් මං වැළකුනා. ඒ වගේම අත්පා සිඳීම්, වධබන්ධන, මංපැහැරීම්, නිදන් කැඩීම් ආදියෙනුත් මං වැළකුනා.

සෝ සන්තුට්ඨෝ අහෝසිං කායපරිහාරිකේන චීවරේන, කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතේන. සෝ යේන යේනේව පක්කමිං, සමාදායේව පක්කමිං. සෙය්‍යථාපි නාම පක්ඛී සකුණෝ යේන යේනේව ඬේති, සපත්තභාරෝව ඬේති. ඒවමේව ඛෝ අහං ආවුසෝ, සන්තුට්ඨෝ අහෝසිං කායපරිහාරිකේන චීවරේන, කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතේන. සෝ යේන යේනේව පක්කමිං සමාදායේව පක්කමිං. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවේදේසිං.

ඒ මං කය වසා ගන්නට ලැබුණු සිවුරෙනුත්, කුසගින්න නිවාගන්න පිණ්ඩපාතයෙනුත් සතුටු වුනා. මං යම් තැනකට ගියා නම්, අරගෙන ගියේ ඔය පාත්තර සිවුරු විතරයි. මං ගියේ කුරුල්ලෙක් පියාපත් බර විතරක් අරගෙන යනවා වගෙයි. පාත්‍ර සිවුරු බර විතරයි තිබුනේ. ඔය විදිහට ප්‍රිය ආයුෂ්මත, මං කය වසා ගන්නට ලැබුණු සිවුරෙනුත්, කුසගින්න නිවාගන්න පිණ්ඩපාතයෙනුත් සතුටු වුනා. මං යන යන තැන රැගෙන ගියේ සිවුරු පාත්‍ර විතරයි.

මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්තව වාසය කරපු මං නිවැරදි ජීවිතය ගැන ආධ්‍යාත්මයෙන් සතුටක් වින්ඳා.

සෝ චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී අහෝසිං නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජිං, රක්ඛිං චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජිං. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී අහෝසිං නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජිං, රක්ඛිං මනින්ද්‍රියං, මනින්ද්‍රියේ සංවරං ආපජ්ජිං. සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ අජ්ඣත්තං අබ්‍යාසේකසුඛං පටිසංවේදේසිං.

ඒ මං ඇසින් රූප දැක, නිමිති ගත්තේ නෑ. නිමිතිවල කොටසක්වත් ගත්තේ නෑ. යම් නිමිත්තක් හිතට අරගෙන ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරන්නට ගිහින් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් ඇතිවෙනවා නම්, ඒ ඇස සංවර කරන්නටයි පිළිපැද්දේ. ඇස රැකගත්තා. ඇසේ සංවර බවට පැමිණුනා. ඒ වගේම මං කනින් ශබ්ද අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. ඒ වගේ ම මනසින් අරමුණු දැන, නිමිති ගත්තේ නෑ. නිමිතිවල කොටසක්වත් ගත්තේ නෑ. යම් නිමිත්තක් හිතට අරගෙන මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරන්නට ගිහින් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් ඇතිවෙනවා නම්, ඒ මනස සංවර කරන්නටයි පිළිපැද්දේ. මනස රැකගත්තා. මනසේ සංවර බවට පැමිණුනා.

සෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී අහෝසිං. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී අහෝසිං. සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී අහෝසිං. සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී අහෝසිං. අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී අහෝසිං. උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී අහෝසිං. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී අහෝසිං.

ඒ වගේම මං ඉදිරියට ගමන් කරද්දිත්, ආපසු හැරී එද්දිත් ඉතාමත් නුවණින් යුක්තවයි එය කළේ. ඉදිරිය බලද්දී, වටපිට බලද්දී ඉතාමත් කල්පනාකාරීවමයි මං එය කළේ. ඒ වගේම අත පය හකුලද්දී, දිගහරිද්දී ඉතාමත් කල්පනාකාරීවමයි මං එය කළේ. සඟල සිවුරු, පාත්‍ර, සිවුරු ආදිය පරිහරණයේදී පවා ඉතාමත් නුවණින් යුක්තවයි එය කළේ. වළඳන විට, පානය කරන විට, සපා ගිලින විට, රස විඳින විට ඉතාමත් නුවණින් යුක්තවයි එය කළේ. වැසිකිළි කැසිකිළි කරද්දී පවා ඉතාමත් නුවණින් යුක්තවයි එය කළේ. කොටින්ම ගමන් කරද්දී, නැවතී සිටිද්දී, වාඩි වී සිටිද්දී, නින්දට යද්දී, අවදි වී සිටිද්දී, කතාබස් කරද්දී, නිශ්ශබ්දව සිටිද්දී ඉතාමත් නුවණින් යුක්තවමයි එය කළේ.

සෝ ඉමිනා ච අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ, ඉමිනා ච අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ, ඉමිනා ච අරියේන සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජිං අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං. සෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ නිසීදිං පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.

ඉතින් මං ඔය ආර්ය සීලස්කන්ධයෙනුත් යුක්ත වෙලා, ඔය ආර්ය ඉන්ද්‍රිය සංවරයෙනුත් යුක්ත වෙලා, ඔය ආර්ය සිහි නුවණිනුත් යුක්ත වෙලා හුදෙකලා වන සෙනසුන් ඇසුරු කළා. අරණ්‍ය, රුක් සෙවන, පර්වත, දිය ඇලි, ගිරි ගුහා, සොහොන්, වන පෙත්, එළිමහන, පිදුර ගෙවල් ආදී හුදෙකලා තැන්වලයි හිටියේ. ඉතින් මං පිණ්ඩපාතයෙන් වැළකී හවස් වරුවේ පළඟක් බැඳගෙන කය ඍජු කොට වාඩිවෙලා භාවනා අරමුණට සිහිය යොදවා ගෙන සිටියා.

සෝ අභිජ්ඣං ලෝකේ පහාය විගතාභිජ්ඣේන චේතසා විහාසිං, අභිජ්ඣාය චිත්තං පරිසෝධේසිං. බ්‍යාපාදපදෝසං පහාය අබ්‍යාපන්නචිත්තෝ විහාසිං සබ්බපාණභූතහිතානුකම්පී, බ්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධේසිං. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධෝ විහාසිං ආලෝකසඤ්ඤී සතෝ සම්පජානෝ, ථීනමිද්ධා චිත්තං පරිසෝධේසිං. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතෝ විහාසිං අජ්ඣත්තං වූපසන්තචිත්තෝ, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධේසිං. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡෝ විහාසිං අකථංකථී කුසලේසු ධම්මේසු, විචිකිච්ඡාය චිත්තං පරිසෝධේසිං.

ඉතින් ඒ මං ලෝකයෙහි ලෝභය දුරු කොට, ලෝභය දුරු වූ සිතින් වාසය කළා. ලෝභයෙන් සිත පිරිසිදු කළා. ව්‍යාපාද, පීඩාව අත්හැර ව්‍යාපාද රහිත සිතින් වාසය කළා. සියලු සත්ව ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුක්තවයි මං හිටියේ. ව්‍යාපාදයෙන් සිත පිරිසිදු කළා. ථීනමිද්ධය අත්හැරියා. ථීනමිද්ධය රහිත වූ ආලෝක සඤ්ඤාවෙන් යුතුව සිහි නුවණින් යුතුවයි මං වාසය කළේ. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කළා. සිතේ විසිරීමත්, පසුතැවිල්ලත් අත්හැරියා. විසිරීමක් නැතුව, ආධ්‍යාත්මයේ සංසිඳුණු සිතින් මං හිටියේ. හිතේ විසිරීමෙනුත්, පසුතැවීමෙනුත් සිත පිරිසිදු කළා. ඒ වගේම සැකය අත්හැර, සැකයෙන් එතෙර වෙලයි මං හිටියේ. කුසල ධර්මයන් පිළිබඳව ‘අරක කොහොමද? මේක කොහොමද?’ කියන සැකයෙන් මං සිත පිරිසිදු කළා.

සෝ ඉමේ පඤ්ච නීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහාසිං සතෝ ච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේසිං. යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.

ඒ මං සිතේ උපක්ලේශ වන ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ අත්හැරියා. කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කළා. ඒ වගේම මං විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කළා. ඊළඟට මං ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව සිටියා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් වින්ඳා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැපසේ වාසය කරනවා’ කියන ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කළා. සැප ද දුක ද නැති කිරීමෙන්, කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කළා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛසමුදයෝති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරෝධෝති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. ඉමේ ආසවාති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවසමුදයෝති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවනිරෝධෝති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මේ ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භවාසවාපි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහෝසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. ඒවං ඛෝ මේ ආවුසෝ, ජානතෝ ඒවං පස්සතෝ ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකේ කායේ බහිද්ධා ච සබ්බනිමිත්තේසු අහිංකාරමමිංකාරමානානුසයා සුසමූහතාති.

ඉතින් මං ඔය විදිහට සමාධිගත සිතක් ඇතිවුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැතිවුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම, අකම්පිත වුනාම, ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබාගන්න සිත මෙහෙයෙව්වා. එතකොට මං ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි දුකේ නිරුද්ධ වීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රවයන්ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා.

ඔය විදිහට මං යථාර්ථය දැනගන්න කොට, යථාර්ථය දැකගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් මගේ සිත නිදහස් වුනා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනාම සියලු දුකින් මං නිදහස් වූ බවට අවබෝධය ඇතිවුනා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙ කවදාවත් සසරට වැටෙන්නෙ නෑ’ කියල දැනගත්තා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගනිද්දී, දැකගනිද්දී තමයි මේ විඤ්ඤාණය සහිත කය කෙරෙහිත්, බාහිර සියළු නිමිති කෙරෙහිත් තිබුණ ‘මමය, මාගේය’ යන මාන්නය මුළුමනින්ම ඉදිරිලා ගියේ.’

තස්ස භික්ඛවේ, භික්ඛුනෝ සාධූති භාසිතං අභිනන්දිතබ්බං අනුමෝදිතබ්බං. සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ඒවමස්ස වචනීයෝ – ‘ලාභා නෝ ආවුසෝ, සුලද්ධං නෝ ආවුසෝ, යේ මයං ආයස්මන්තං තාදිසං බ්‍රහ්මචාරිං පස්සාමා’ති.

එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුවගේ ප්‍රකාශයට ‘සාදු!’ කියා එය ඒ අයුරින්ම සතුටින් පිළිගත යුතුයි. අනුමෝදන් විය යුතුයි. ‘සාදු!’ කියා එම ප්‍රකාශය සතුටින් පිළිගෙන අනුමෝදන් වී ඒ භික්ෂුවට කිව යුත්තේ මේ විදිහටයි. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඒ අපට ලාභයක්මයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ අපට ඉතා යහපත් ලාභයක්මයි. ඒ කියන්නේ ආයුෂ්මතුන් වහන්සේ වගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් දැකගන්නට අපටත් අවස්ථාව ලැබුනා’ කියලා.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ඡබ්බිසෝධනසුත්තං දුතියං.

සය තැනක ඇති පිරිසිදු බව ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M