මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.1.3. කින්‌ති සුත්‌තං

3.1.3. ‘කුමක්ද සිතෙන්නේ’ යනුවෙන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුසිනාරායං විහරති බලිහරණේ වනසණ්ඬේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං, භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුසිනාරා නුවර බලිහරණ නම් වන ලැහැබකයි. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

කින්ති වෝ භික්ඛවේ, මයි හෝති: ‘චීවරහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, පිණ්ඩපාතහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, සේනාසනහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, ඉති භවාභවහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේතී’ති.

“පින්වත් මහණෙනි, ඔබට මා පිළිබඳව කුමක්ද සිතෙන්නේ? ඒ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිවුරු පිරිකර නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියාද? එසේත් නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආහාර පාන නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියාද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුටි සෙනසුන් නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියාද? එසේත් නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි වෙනත් වෙනත් කරුණු නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියාද?”

න ඛෝ නෝ භන්තේ, භගවති ඒවං හෝති: ‘චීවරහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, පිණ්ඩපාතහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, සේනාසනහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, ඉති භවාභවහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේතී’ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඔවැනි අදහසක් නම් අපට ඇතිවුණේ නැහැ. ඒ කියන්නේ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිවුරු පිරිකර නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ එසේත් නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආහාර පාන නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුටි සෙනසුන් නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ එසේත් නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි වෙනත් වෙනත් කරුණු නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ මෙවැනි අදහසක් අපට ඇතිවුනේ නැහැ.”

න ච කිර වෝ භික්ඛවේ, මයි ඒවං හෝති: ‘චීවරහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, පිණ්ඩපාතහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, සේනාසනහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේති, ඉති භවාභවහේතු වා සමණෝ ගෝතමෝ ධම්මං දේසේතී’ති. අථ කින්ති චරහි වෝ භික්ඛවේ මයි හෝතී’ති.

“පින්වත් මහණෙනි, ඔබ තුළ මා පිළිබඳව මෙවැනි අදහසක් ඇතිවුනේ නැත්නම් ඒ කියන්නේ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිවුරු පිරිකර නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ එසේත් නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආහාර පාන නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුටි සෙනසුන් නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ එසේත් නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි වෙනත් වෙනත් කරුණු නිසාවෙන් ධර්මය දේශනා කරනවා කියා හෝ මෙවැනි අදහසක් ඇතිවුනේ නැත්නම්, පින්වත් මහණෙනි, මා කෙරෙහි ඔබට සැබැවින්ම ඇතිවූයේ කවර අදහසක්ද?”

ඒවං ඛෝ නෝ භන්තේ, භගවති හෝති: ‘අනුකම්පකෝ භගවා හිතේසී, අනුකම්පං උපාදාය ධම්මං දේසේතී’ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට ඇතිවූයේ මෙවැනි අදහසක්. ‘භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් යුතු සේක. ඉතාම හිතවත් සේක. අනුකම්පාවෙන් යුතුවම දහම් දෙසන සේක’ කියායි.”

ඒවඤ්ච කිර වෝ භික්ඛවේ මයි හෝති: ‘අනුකම්පකෝ භගවා හිතේසී, අනුකම්පං උපාදාය ධම්මං දේසේතී’ති. තස්මාතිහ භික්ඛවේ, යේ වෝ මයා ධම්මා අභිඤ්ඤා දේසිතා, සෙය්‍යථීදං: ‘චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පධානා චත්තාරෝ ඉද්ධිපාදා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. තත්ථ සබ්බේහේව සමග්ගේහි සම්මෝදමානේහි අවිවදමානේහි සික්ඛිතබ්බං.

“පින්වත් මහණෙනි, ඔබට මා පිළිබඳ ව සිතුනේ මේ අයුරින් නෙව. ඒ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් යුතු සේක. ඉතාම හිතවත් සේක. අනුකම්පාවෙන් යුතුවම දහම් දෙසන සේක’ කියල නෙව. එහෙම නම් පින්වත් මහණෙනි, මා විසින් උපදවා ගත් විශිෂ්ට වූ ඤාණයකින් යුතුව යම් ධර්මයක් ඔබට දේශනා කොට තිබෙනවාද, ඒ කවර ධර්මයක්ද යත්; සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සියලු දෙනාම ඉතාමත් සමඟියෙන් යුතුව ඉතාමත් සතුටින් යුතුව, වාද විවාද නොකර ගනිමින් හික්මිය යුත්තේ මේ සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළයි.

තේසඤ්ච වෝ භික්ඛවේ, සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං, තත්ථ සියුං ද්වේ භික්ඛූ අභිධම්මේ නානාවාදා. තත්‍ර චේ තුම්හාකං ඒවමස්ස: ‘ඉමේසං ඛෝ ආයස්මන්තානං අත්ථතෝ චේව නානං බ්‍යඤ්ජනතෝ ච නාන’න්ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං ඛෝ අත්ථතෝ චේව නානං. බ්‍යඤ්ජනතෝ ච නානං. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ යථා අත්ථතෝ චේව නානං බ්‍යඤ්ජනතෝ ච නානං මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරේසං ඒකතෝ පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං ඛෝ අත්ථතෝ චේව නානං බ්‍යඤ්ජනතෝ ච නානං. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ යථා අත්ථතෝ චේව නානං බ්‍යඤ්ජනතෝ ච නානං මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ.

පින්වත් මහණෙනි, ඉතාම සමඟියෙන් යුතුව, ඉතාමත් සන්තෝෂයෙන් යුතුව, වාද විවාද නොකරමින් හික්මෙන්නා වූ ඒ ඔබ අතර සත් තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ අභිධර්මය පිළිබඳව නොයෙක් මතවාද ඇති භික්ෂූන් දෙදෙනෙක් සිටින්නට පුළුවනි. එවිට ඔවුන්ගේ වාදය පිළිබඳව ඔබට මේ අදහස ඇතිවෙන්නටත් පුළුවනි. ‘මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ වාදය අර්ථ වශයෙනුත් වෙනස්. ප්‍රකාශ කරන ආකාරයත් වෙනස්’ කියල. එතකොට ඒ දෙදෙනා අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන කෙනෙක් වශයෙන් හැඟෙනවා නම් ඒ භික්ෂුව වෙත ගොස් මේ ආකාරයෙන් පවසන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙනුත් නානාප්‍රකාරයි. ප්‍රකාශ කරන ආකාරයත් නානාප්‍රකාරයි. යම් අයුරකින් ඔය වාදය තුළ නානාප්‍රකාර අර්ථත්, නානාප්‍රකාර වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඒ වගේම වාදයකට පැටලී එක ම අදහසක් තුළ සිටින්නා වූ භික්ෂූන් අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන බවට හැඟෙනවා නම්, ඒ භික්ෂුව කරා ගොස් මෙසේ කියන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙනුත් නානාප්‍රකාරයි. ප්‍රකාශ කරන ආකාරයත් නානාප්‍රකාරයි. යම් අයුරකින් ඔය වාදය තුළ නානාප්‍රකාර අර්ථත්, නානාප්‍රකාර වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඔය විදිහට වරදවා ගත් දෙය වරදවා ගත් දෙයක් වශයෙන්ම දරාගත යුතුයි. මනාකොට ගත් දෙය මනාකොට ගත් දෙයක් වශයෙන්ම දරාගත යුතුයි. වරදවා ගත් දෙය වරදවා ගත් දෙයක් වශයෙන් දරාගෙන, මනාකොට ගත් දෙය මනාකොට ගත් දෙයක් වශයෙනුත් දරාගෙන ධර්මය වූයේ යමක්ද, විනය වූයේ යමක්ද එය පමණක් ප්‍රකාශ කළ යුතුයි.

තත්‍ර චේ තුම්හාකං ඒවමස්ස: ‘ඉමේසං ඛෝ ආයස්මන්තානං අත්ථතෝ හි ඛෝ නානං, බ්‍යඤ්ජනතෝ සමේතී’ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං අත්ථතෝ හි ඛෝ නානං, බ්‍යඤ්ජනතෝ සමේති. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ යථා අත්ථතෝ හි ඛෝ නානං, බ්‍යඤ්ජනතෝ සමේති. මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරේසං ඒකතෝ පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං ඛෝ අත්ථතෝ හි ඛෝ නානං, බ්‍යඤ්ජනතෝ සමේති. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ ‘යථා අත්ථතෝ හි ඛෝ නානං, බ්‍යඤ්ජනතෝ සමේති. මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං. දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ.

ඒ වගේ ම පින්වත් මහණෙනි, ඔබට මෙසේත් සිතෙන්නට පුළුවනි. ‘මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ වාදය අර්ථ වශයෙන් නානාප්‍රකාරයි. නමුත් ප්‍රකාශ කරන ආකාරය සමානයි’ කියලා. එතකොට ඒ දෙදෙනා අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන කෙනෙක් වශයෙන් හැඟෙනවා නම් ඒ භික්ෂුව වෙත ගොස් මේ ආකාරයෙන් පවසන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙන් නානාප්‍රකාරයි. නමුත් ප්‍රකාශ කරන ආකාරය නම් සමානයි. යම් අයුරකින් ඔය වාදය තුළ නානාප්‍රකාර අර්ථත්, සමාන වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඒ වගේම වාදයකට පැටලී එකම අදහසක් තුළ සිටින්නා වූ භික්ෂූන් අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන බවට හැඟෙනවා නම්, ඒ භික්ෂුව කරා ගොස් මෙසේ කියන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙන් නානාප්‍රකාරයි. නමුත් ප්‍රකාශ කරන ආකාරය සමානයි. යම් අයුරකින් ඔය වාදය තුළ නානාප්‍රකාර අර්ථත්, සමාන වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඔය විදිහට වරදවා ගත් දෙය වරදවා ගත් දෙයක් වශයෙන්ම දරා ගත යුතුයි. මනාකොට ගත්දෙය මනා කොට ගත් දෙයක් වශයෙන්ම දරාගත යුතුයි. වරදවා ගත් දෙය වරදවා ගත් දෙයක් වශයෙන් දරාගෙන, මනාකොට ගත් දෙය මනාකොට ගත් දෙයක් වශයෙනුත් දරාගෙන ධර්මය වූයේ යමක්ද, විනය වූයේ යමක්ද එය පමණක් ප්‍රකාශ කළ යුතුයි.

තත්‍ර චේ තුම්හාකං ඒවමස්ස: ‘ඉමේසං ඛෝ ආයස්මන්තානං අත්ථතෝ හි ඛෝ සමේති. බ්‍යඤ්ජනතෝ නාන’න්ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං ඛෝ අත්ථතෝ හි සමේති. බ්‍යඤ්ජනතෝ නානං. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ ‘යථා අත්ථතෝ හි ඛෝ සමේති. බ්‍යඤ්ජනතෝ නානං. අප්පමත්තකං ඛෝ පනේතං යදිදං බ්‍යඤ්ජනං මා ආයස්මන්තෝ අප්පමත්තකේ විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරේසං ඒකතෝ පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං ඛෝ අත්ථතෝ හි සමේති. බ්‍යඤ්ජනතෝ නානං. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ ‘යථා අත්ථතෝ හි ඛෝ සමේති බ්‍යඤ්ජනතෝ නානං. අප්පමත්තකං ඛෝ පනේතං යදිදං බ්‍යඤ්ජනං. මා ආයස්මන්තෝ අප්පමත්තකේ විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං. සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ.

ඒ වගේ ම පින්වත් මහණෙනි, ඔබට මෙසේත් සිතෙන්නට පුළුවනි. ‘මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ වාදය අර්ථ වශයෙන් සමානයි. නමුත් ප්‍රකාශ කරන ආකාරය නානාප්‍රකාරයි’ කියලා. එතකොට ඒ දෙදෙනා අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන කෙනෙක් වශයෙන් හැඟෙනවා නම් ඒ භික්ෂුව වෙත ගොස් මේ ආකාරයෙන් පවසන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙන් නම් සමානයි. නමුත් ප්‍රකාශ කරන ආකාරය නානාප්‍රකාරයි. යම් අයුරකින් ඔය වාදය තුළ සමාන අර්ථත්, නානාප්‍රකාර වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. ඒ වගේම යම් මේ ප්‍රකාශ කරන්නා වූ ක්‍රමයෙහි ඇති වෙනස්කමක් ඇද්ද, එය වනාහී අල්පමාත්‍ර වූ දෙයකි. එනිසා අල්පමාත්‍ර වූ කරුණක් වන ප්‍රකාශ කරන ක්‍රමය පිළිබඳව ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඒ වගේම වාදයකට පැටලී එකම අදහසක් තුළ සිටින්නා වූ භික්ෂූන් අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන බවට හැඟෙනවා නම්, ඒ භික්ෂුව කරා ගොස් මෙසේ කියන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙන් නම් සමානයි. නමුත් ප්‍රකාශ කරන ආකාරය නානාප්‍රකාරයි. යම් අයුරකින් ඔය වාදය තුළ සමාන අර්ථත්, නානාප්‍රකාර වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. ඒ වගේම යම් මේ ප්‍රකාශ කරන්නා වූ ක්‍රමයෙහි ඇති වෙනස්කමක් ඇද්ද, එය වනාහී අල්පමාත්‍ර වූ දෙයකි. එනිසා අල්පමාත්‍ර වූ කරුණක් වන ප්‍රකාශ කරන ක්‍රමය පිළිබඳව ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඔය විදිහට වරදවා ගත් දෙය වරදවා ගත් දෙයක් වශයෙන්ම දරා ගත යුතුයි. මනාකොට ගත්දෙය මනාකොට ගත් දෙයක් වශයෙන්ම දරාගත යුතුයි. වරදවා ගත් දෙය වරදවා ගත් දෙයක් වශයෙන් දරාගෙන, මනාකොට ගත් දෙය මනාකොට ගත් දෙයක් වශයෙනුත් දරාගෙන ධර්මය වූයේ යමක්ද, විනය වූයේ යමක්ද එය පමණක් ප්‍රකාශ කළ යුතුයි.

තත්‍ර චේ තුම්හාකං ඒවමස්ස: ‘ඉමේසං ඛෝ ආයස්මන්තානං අත්ථතෝ චේව සමේති. බ්‍යඤ්ජනතෝ ච සමේතී’ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං ඛෝ අත්ථතෝ චේව සමේති. බ්‍යඤ්ජනතෝ ච සමේති. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ ‘යථා අත්ථතෝ චේව සමේති, බ්‍යඤ්ජනතෝ ච සමේති. මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරේසං ඒකතෝ පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘ආයස්මන්තානං ඛෝ අත්ථතෝ චේව සමේති, බ්‍යඤ්ජනතෝ ච සමේති. තදමිනාපේතං ආයස්මන්තෝ ජානාථ ‘යථා අත්ථතෝ චේව සමේති, බ්‍යඤ්ජනතෝ ච සමේති. මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ.

ඒ වගේ ම පින්වත් මහණෙනි, ඔබට මෙසේත් සිතෙන්නට පුළුවනි. ‘මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ වාදය අර්ථ වශයෙනුත් සමානයි. ඒ වගේම ප්‍රකාශ කරන ආකාරයත් සමානයි’ කියලා. එතකොට ඒ දෙදෙනා අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන කෙනෙක් වශයෙන් හැඟෙනවා නම් ඒ භික්ෂුව වෙත ගොස් මේ ආකාරයෙන් පවසන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙනුත් සමානයි. ඒ වගේම ප්‍රකාශ කරන ආකාරයත් සමානයි. යම් අයුරකින් ඔය වාදය තුළ සමාන අර්ථත්, සමාන වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. එනිසා ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඒ වගේම වාදයකට පැටලී එකම අදහසක් තුළ සිටින්නා වූ භික්ෂූන් අතර යම් භික්ෂුවක් වඩාත් ඇහුම්කම් දෙන බවට හැඟෙනවා නම්, ඒ භික්ෂුව කරා ගොස් මෙසේ කියන්නට ඕන. ‘ආයුෂ්මතුන් වහන්සේලාගේ ඔය වාදය අර්ථ වශයෙනුත් සමානයි. ඒ වගේම ප්‍රකාශ කරන ආකාරයත් සමානයි. යම් අයුරකින් ඔය වාදය තුළ සමාන අර්ථත්, සමාන වූ ප්‍රකාශත් ඇද්ද, ඒ බව ආයුෂ්මතුන් වහන්සේලා දැනගත මැනැව. එනිසා ආයුෂ්මතුන් වහන්සේලා වාද විවාදවලට බැසගන්නට එපා!’ කියලා.

ඔය විදිහට මනාකොට ගත් දෙය මනාකොට ගත් දෙයක් වශයෙන්ම දරාගත යුතුයි. මනාකොට ගත් දෙය මනාකොට ගත් දෙයක් වශයෙන් දරාගෙන ධර්මය වූයේ යමක්ද, විනය වූයේ යමක්ද එය පමණක් ප්‍රකාශ කළ යුතුයි.

තේසඤ්ච වෝ භික්ඛවේ, සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං, සියා අඤ්ඤතරස්ස භික්ඛුනෝ ආපත්ති සියා වීතික්කමෝ තත්‍ර භික්ඛවේ, න චෝදනාය තරිතබ්බං, පුග්ගලෝ උපපරික්ඛිතබ්බෝ, ඉති මය්හඤ්ච අවිහේසා භවිස්සති. පරස්ස ච පුග්ගලස්ස අනුපඝාතෝ, පරෝ හි පුග්ගලෝ අක්කෝධනෝ අනුපනාහී අදන්ධදිට්ඨී සුප්පටිනිස්සග්ගී, සක්කෝමි චා’හං ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතු’න්ති. සචේ භික්ඛවේ, ඒවමස්ස කල්ලං වචනාය.

පින්වත් මහණෙනි, ඉතාම සමඟියෙන් යුතුව, ඉතාමත් සන්තෝෂයෙන් යුතුව, වාද විවාද නොකරමින් හික්මෙන්නා වූ ඒ භික්ෂූන් අතර සිටින එක්තරා භික්ෂුවකට ආපත්තියක් සිදුවන්නට පුළුවනි. එය විනය ශික්ෂාපදය ඉක්මවා යන්නට පුළුවනි. එවිට ඒ භික්ෂුවට චෝදනා කිරීම පිණිස නොයා යුතුයි. කළ යුත්තේ ආපත්තියට පත් වූ පුද්ගලයා පිළිබඳව හොඳින් පරීක්ෂා කිරීමයි. ‘මෙසේ මටද වෙහෙසක් ඇති නොවන්නේය. බාහිර පුද්ගලයාටද පීඩාවක් ඇති නොවිය යුත්තේය’ කියාය. යම්හෙයකින් ඒ බාහිර පුද්ගලයා ක්‍රෝධ රහිත කෙනෙක් නම්, බද්ධ වෛර නැති කෙනෙක් නම්, දැඩි කොට ගත් දෘෂ්ටි නැති කෙනෙක් නම්, තමන්ගේ වරද පහසුවෙන් අත්හරින කෙනෙක් නම්, ‘මේ පුද්ගලයාව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවන්නට මට පුළුවනි’ යන හැඟීමෙන්ය. පින්වත් මහණෙනි, ඉදින් මෙබඳු වූ කෙනෙකුට නම් චෝදනාවක් කිරීම කරන්නට පුළුවනි.

සචේ පන භික්ඛවේ, ඒවමස්ස: ‘මය්හං ඛෝ අවිහේසා භවිස්සති. පරස්ස ච පුග්ගලස්ස උපඝාතෝ, පරෝ හි පුග්ගලෝ කෝධනෝ උපනාහී අදන්ධදිට්ඨී සුප්පටිනිස්සග්ගී. සක්කෝමි චාහං ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතුං. අප්පමත්තකං ඛෝ පනේතං ‘යදිදං පරස්ස පුග්ගලස්ස උපඝාතෝ. අථ ඛෝ ඒතදේව බහුතරං, ‘සෝහං සක්කෝමි ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතු’න්ති. සචේ භික්ඛවේ, ඒවමස්ස කල්ලං වචනාය.

පින්වත් මහණෙනි, ඉදින් යම්හෙයකින් මේ විදිහට සිතුනොත්; ‘මට නම් වෙහෙසක් ඇති නොවන්නේය. නමුත් බාහිර පුද්ගලයාට පීඩාවක් ඇති වන්නට පුළුවනි’ කියා. යම්හෙයකින් ඒ බාහිර පුද්ගලයාත් ක්‍රෝධ සහිත කෙනෙක් නමුත්, බද්ධ වෛර ඇති කෙනෙක් නමුත්, දැඩි කොට ගත් දෘෂ්ටි නැති කෙනෙක් නම්, තමන්ගේ වරද පහසුවෙන් අත්හරින කෙනෙක් නම්, එසේ වුනත් මේ පුද්ගලයාව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවන්නට මට පුළුවනි යන හැඟීමෙන්ය. මේ බාහිර පුද්ගලයාට යම් මේ ඇවැත විමසීමෙන් ඇතිවන පීඩාවක් ඇද්ද, එය වනාහී අල්පමාත්‍ර වූ දෙයකි. එසේ නමුත් ඒ පුද්ගලයාව අකුසලයෙන් මුදවා ගෙන කුසලයෙහි පිහිටුවන්නට මට ඇති පුළුවන්කම ඔහුට මහත් යහපතක්ම සලසයි. පින්වත් මහණෙනි, ඉදින් මෙබඳු වූ කෙනෙකුට නම් චෝදනාවක් කිරීම කරන්නට පුළුවනි.

සචේ පන භික්ඛවේ, ඒවමස්ස: ‘මය්හං ඛෝ විහේසා භවිස්සති, පරස්ස ච පුග්ගලස්ස අනුපඝාතෝ, පරෝ හි පුග්ගලෝ අක්කෝධනෝ අනුපනාහී අදන්ධදිට්ඨී දුප්පටිනිස්සග්ගී. සක්කෝමි චාහං ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතුං. අප්පමත්තකං ඛෝ පනේතං ‘යදිදං මය්හං විහේසා. අථ ඛෝ ඒතදේව බහුතරං, ‘සෝහං සක්කෝමි ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතු’න්ති. සචේ භික්ඛවේ, ඒවමස්ස කල්ලං වචනාය.

පින්වත් මහණෙනි, ඉදින් යම්හෙයකින් මේ විදිහට සිතුනොත්; ‘මට නම් වෙහෙසක් ඇතිවන්නේය. නමුත් බාහිර පුද්ගලයාට පීඩාවක් ඇති නොවන්නේය’ කියාය. යම්හෙයකින් ඒ බාහිර පුද්ගලයාත් ක්‍රෝධ රහිත කෙනෙක් වගේම, බද්ධ වෛර නැති කෙනෙක් වගේම, දැඩි කොට ගත් දෘෂ්ටි නැති කෙනෙක් නම්, නමුත් තමන්ගේ වරද පහසුවෙන් අත් නොහරින කෙනෙක් නම්, එසේ හෙයින් ’මේ පුද්ගලයාව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවන්නට මට පුළුවනි’ යන හැඟීමෙන්ය. මේ බාහිර පුද්ගලයාගේ යම් මේ ඇවැත විමසීමෙන් මට ඇතිවන පීඩාවක් ඇද්ද, එය වනාහී අල්පමාත්‍ර වූ දෙයකි. එසේ නමුත් ඒ පුද්ගලයාව අකුසලයෙන් මුදවා ගෙන කුසලයෙහි පිහිටුවන්නට මට ඇති පුළුවන්කම ඔහුට මහත් යහපතක්ම සලසයි. පින්වත් මහණෙනි, ඉදින් මෙබඳු වූ කෙනෙකුට නම් චෝදනාවක් කිරීම කරන්නට පුළුවනි.

සචේ පන භික්ඛවේ, ඒවමස්ස: ‘මය්හඤ්ච ඛෝ විහේසා භවිස්සති. පරස්ස ච පුග්ගලස්ස උපඝාතෝ. පරෝ හි පුග්ගලෝ කෝධනෝ උපනාහී අදන්ධදිට්ඨී දුප්පටිනිස්සග්ගී සක්කෝමි චාහං ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතුං. අප්පමත්තකං ඛෝ පනේතං ‘යදිදං මය්හඤ්ච විහේසා පරස්ස ච පුග්ගලස්ස උපඝාතෝ, අථ ඛෝ ඒතදේව බහුතරං ‘සෝහං සක්කෝමි ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතු’න්ති. සචේ භික්ඛවේ, ඒවමස්ස කල්ලං වචනාය.

පින්වත් මහණෙනි, ඉදින් යම්හෙයකින් මේ විදිහට සිතුනොත්; ‘මට ත් වෙහෙසක් ඇතිවන්නේය. ඒ වගේම බාහිර පුද්ගලයාටත් පීඩාවක් ඇති වන්නේය’ කියාය. යම්හෙයකින් ඒ බාහිර පුද්ගලයාත් ක්‍රෝධ සහිත කෙනෙක් වුනත්, බද්ධ වෛර ඇති කෙනෙක් වුනත්, දැඩි කොට ගත් දෘෂ්ටි නැති කෙනෙක් නම්, තමන්ගේ වරද පහසුවෙන් අත්නොහරින කෙනෙක් නම්, එසේ වුනත් ‘මේ පුද්ගලයාව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවන්නට මට පුළුවනි’ යන හැඟීමෙන්ය. මෙයට මැදිහත්වෙන්නට ගොස් මට ඇතිවන යම් පීඩාවක් ඇද්ද, මේ බාහිර පුද්ගලයාට යම් මේ ඇවැත විමසීමෙන් ඇතිවන පීඩාවක් ඇද්ද, එය වනාහී අල්පමාත්‍ර වූ දෙයකි. එසේ නමුත් ඒ පුද්ගලයාව අකුසලයෙන් මුදවා ගෙන කුසලයෙහි පිහිටුවන්නට මට ඇති පුළුවන්කම ඔහුට මහත් යහපතක්ම සලසයි. පින්වත් මහණෙනි, ඉදින් මෙබඳු වූ කෙනෙකුට නම් චෝදනාවක් කිරීම කරන්නට පුළුවනි.

සචේ පන භික්ඛවේ, ඒවමස්ස: ‘මය්හඤ්ච ඛෝ විහේසා භවිස්සති. පරස්ස ච පුග්ගලස්ස උපඝාතෝ, පරෝ හි පුග්ගලෝ කෝධනෝ උපනාහී දන්ධදිට්ඨී දුප්පටිනිස්සග්ගී. න චාහං සක්කෝමි ඒතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතු’න්ති. ඒවරූපේ භික්ඛවේ, පුග්ගලේ උපෙක්ඛා නාතිමඤ්ඤිතබ්බා.

පින්වත් මහණෙනි, ඉදින් යම්හෙයකින් මේ විදිහට සිතුනොත්; ‘මටත් වෙහෙසක් ඇතිවන්නේය. ඒ වගේම බාහිර පුද්ගලයාටද පීඩාවක් ඇති වන්නේය’ කියාය. යම්හෙයකින් ඒ බාහිර පුද්ගලයාත් ක්‍රෝධ සහිත කෙනෙක් වුනත්, බද්ධ වෛර ඇති කෙනෙක් වුනත්, දැඩි කොට ගත් දෘෂ්ටි ඇති කෙනෙක් නම්, තමන්ගේ වරද පහසුවෙන් අත්නොහරින කෙනෙක් නම්, ඒ වගේම ‘මේ පුද්ගලයාව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවන්නට මට පුළුවන්කමක් නැහැ’ යන හැඟීම ඇතිවෙනවා නම්, පින්වත් මහණෙනි, මෙබඳු වූ පුද්ගලයා කෙරෙහි ඇති උපේක්ෂාව ඉක්මවා නොයා යුතුයි.

තේසඤ්ච වෝ භික්ඛවේ, සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරෝ උප්පජ්ජෙය්‍ය දිට්ඨිපලාසෝ චේතසෝ ආඝාතෝ අප්පච්චයෝ අනභිරද්ධි. තත්ථ ඒකතෝ පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: ‘යං නෝ ආවුසෝ, අම්හාකං සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරෝ උප්පන්නෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආඝාතෝ අප්පච්චයෝ අනභිරද්ධි. තං ජානමානෝ සමානෝ ගරහෙය්‍යාති. සම්මා බ්‍යාකරමානෝ භික්ඛවේ, භික්ඛු ඒවං බ්‍යාකරෙය්‍ය: ‘යං නෝ ආවුසෝ අම්හාකං සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරෝ උප්පන්නෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආඝාතෝ අප්පච්චයෝ අනභිරද්ධි. තං ජානමානෝ සමානෝ ගරහෙය්‍යාති. ඒතං පනාවුසෝ ධම්මං අප්පහාය නිබ්බානං සච්ඡිකරෙය්‍යාති. සම්මා බ්‍යාකරමානෝ භික්ඛවේ, භික්ඛු ඒවං බ්‍යාකරෙය්‍ය: ඒතං ඛෝ ආවුසෝ, ධම්මං අප්පහාය න නිබ්බානං සච්ඡිකරෙය්‍යාති.

පින්වත් මහණෙනි, ඉතාම සමඟියෙන් යුතුව, ඉතාමත් සන්තෝෂයෙන් යුතුව, වාද විවාද නොකරමින් හික්මෙන්නා වූ ඒ ඔබ අතර එකිනෙකා හට වචනයෙන් බහින්බස් වීමක් හටගන්නට පුළුවනි. මතවාද ඝට්ටනයක් හටගන්නටත් පුළුවනි. ඒ පිළිබඳව අමනාපයක්, නොසතුටක් ඇතිව, එය සිතෙහි වේදනාකාරී හැඟීමක් වශයෙන් පවතින්නටත් පුළුවනි. එවිට සමාන මත දරන භික්ෂූන් අතරින් යම් භික්ෂුවක් තමන්ගේ වචනයට හොඳින් ඇහුම්කම් දෙන බව හැඟේ නම්, ඒ භික්ෂුව කරා ගොස් මේ අයුරින් කිව යුතුයි. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඉතාමත් සමඟියෙන් යුතුව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, ධර්මයෙහි හික්මෙමින් සිටි අප තුළ එකිනෙකා අතර බහින් බස් වීමක් ඇතිවුනා. දෘෂ්ටි ඝට්ටනයක් ඇතිවුනා. ඒ පිළිබඳව අමනාපයකුත්, නොසතුටකුත් ඇතිවුනා. එය සිතෙහි වේදනාකාරීව පවතිනවා. මෙය කවුරුන් හෝ දැනගත්තොත් ගැරහීමකට කරුණක් වන්නේය’ කියා. එවිට පින්වත් මහණෙනි, නියම ආකාරයෙන් උත්තර දෙන භික්ෂුවක් නම් මෙසේ කිව යුතුය. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඉතාමත් සමඟියෙන් යුතුව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, ධර්මයෙහි හික්මෙමින් සිටි අප තුළ එකිනෙකා අතර බහින් බස් වීමක් ඇතිවුනා තමයි. දෘෂ්ටි ඝට්ටනයක් ඇතිවුනා තමයි. ඒ පිළිබඳව අමනාපයකුත්, නොසතුටකුත් ඇතිවුනා තමයි. එය සිතෙහි වේදනාකාරීව පවතිනවා තමයි. මෙය කවුරුන් හෝ දැනගත්තොත් අපට ගැරහුම් ලැබෙනවාමයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ කෝලාහලය අත්නොහැර නිර්වාණය සාක්ෂාත් කරාවිද? පින්වත් මහණෙනි, නියම විදිහට උත්තර දෙන භික්ෂුවක් නම් මෙහෙමයි කියන්නේ. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඔය කෝලාහලය අත්නොහැර නම් නිර්වාණය සාක්ෂාත් කරන්නෙ නෑ’ කියලයි.

අථාපරේසං ඒකතෝපක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ, සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ: යං නෝ ආවුසෝ අම්හාකං සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරෝ උප්පන්නෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආඝාතෝ අප්පච්චයෝ අනභිරද්ධි. තං ජානමානෝ සමානෝ ගරහෙය්‍යාති. සම්මා බ්‍යාකරමානෝ භික්ඛවේ, භික්ඛු ඒවං බ්‍යාකරෙය්‍ය: යං නෝ ආවුසෝ අම්හාකං සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරෝ උප්පන්නෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආඝාතෝ අප්පච්චයෝ අනභිරද්ධි. තං ජානමානෝ සමානෝ ගරහෙය්‍යාති. ඒතං පනාවුසෝ ධම්මං අප්පහාය නිබ්බානං සච්ඡිකරෙය්‍යාති. සම්මා බ්‍යාකරමානෝ භික්ඛවේ භික්ඛු ඒවං බ්‍යාකරෙය්‍ය: ඒතං ඛෝ ආවුසෝ, ධම්මං අප්පහාය න නිබ්බානං සච්ඡිකරෙය්‍යා’ති.

ඒ වගේම පින්වත් මහණෙනි, එකම අදහස දරන්නා වූ අනෙක් භික්ෂූන් අතරින් යම් භික්ෂුවක් තමන්ගේ වචනයට ඇහුම්කම් දෙන බව හැඟෙයි නම්, ඒ භික්ෂුව වෙත ගොස් මේ අයුරින් කිව යුතුය. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඉතාමත් සමඟියෙන් යුතුව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, ධර්මයෙහි හික්මෙමින් සිටි අප තුළ එකිනෙකා අතර බහින් බස් වීමක් ඇතිවුනා. දෘෂ්ටි ඝට්ටනයක් ඇතිවුනා. ඒ පිළිබඳව අමනාපයකුත්, නොසතුටකුත් ඇතිවුනා. එය සිතෙහි වේදනාකාරීව පවතිනවා. මෙය කවුරුන් හෝ දැනගත්තොත් ගැරහීමකට කරුණක් වන්නේය’ කියා. එවිට පින්වත් මහණෙනි, නියම ආකාරයෙන් උත්තර දෙන භික්ෂුවක් නම් මෙසේ කිව යුතුය. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඉතාමත් සමඟියෙන් යුතුව, සමඟියෙන් සතුටු වෙමින්, වාද විවාද නොකරමින්, ධර්මයෙහි හික්මෙමින් සිටි අප තුළ එකිනෙකා අතර බහින් බස් වීමක් ඇතිවුනා තමයි. දෘෂ්ටි ඝට්ටනයක් ඇතිවුනා තමයි. ඒ පිළිබඳව අමනාපයකුත්, නොසතුටකුත් ඇතිවුනා තමයි. එය සිතෙහි වේදනාකාරීව පවතිනවා තමයි. මෙය කවුරුන් හෝ දැනගත්තොත් අපට ගැරහුම් ලැබෙනවාමයි. ප්‍රිය ආයුෂ්මතුනි, මේ කෝලාහලය අත්නොහැර නිර්වාණය සාක්ෂාත් කරන්නෙ නෑ නේද?’ කියලා. පින්වත් මහණෙනි, නියම විදිහට උත්තර දෙන භික්ෂුවක් නම් මෙහෙමයි කියන්නේ. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ඔය කෝලාහලය අත්නොහැර නම් නිර්වාණය සාක්ෂාත් කරන්නෙ නෑ’ කියලයි.

තඤ්චේ භික්ඛවේ, භික්ඛුං පරේ ඒවං පුච්ඡෙය්‍යුං: ආයස්මතා නෝ ඒතේ භික්ඛූ අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපිතාති. සම්මා බ්‍යාකරමානෝ භික්ඛවේ, භික්ඛු ඒවං බ්‍යාකරෙය්‍ය: ඉධාහං ආවුසෝ, යේන භගවා තේනුපසංකමිං, තස්ස මේ භගවා ධම්මං දේසේසි, තාහං ධම්මං සුත්වා තේසං භික්ඛූනං අභාසිං: තං තේ භික්ඛූ ධම්මං සුත්වා අකුසලා වුට්ඨහිංසු. කුසලේ පතිට්ඨහිංසූ’ති. ඒවං බ්‍යාකරමානෝ ඛෝ භික්ඛවේ, භික්ඛු න චේව අත්තානං උක්කංසේති, න පරං වම්භේති, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෝති, න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡතී’ති.

පින්වත් මහණෙනි, අනිත් භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගෙන් මෙහෙම අසන්නට පුළුවනි. ආයුෂ්මතුන් වහන්සේ විසින් මේ භික්ෂූන් වහන්සේලාව අකුසලයෙන් මුදවා ගෙන කුසලයෙහි පිහිටෙව්වා නේද?’ කියා. එවිට පින්වත් මහණෙනි, නියම විදිහට උත්තර දෙන භික්ෂුවක් කිව යුත්තේ මෙහෙමයි. ‘ප්‍රිය ආයුෂ්මතුනි, මං භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ඒ මට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළා. මං ධර්මය අසා ඒ භික්ෂූන් වහන්සේලාට එය පැවසුවා. ඒ භික්ෂූන් වහන්සේලාද ඒ ධර්මය අසා අකුසලයෙන් මිදුනා. කුසලයෙහි පිහිටියා’ කියලා. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් පිළිතුරු දෙන භික්ෂුව තමන්ව හුවාදක්වා ගන්නෙත් නෑ. අනුන්ව හෙළාදකින්නෙත් නෑ. ධර්මයට අනුකූල වූ දෙයක්ම කතා කරනවා. කරුණු සහිතව ගැරහිය යුතු වාදයක් ඇති වෙන තැනකට පත්වෙන්නෙත් නෑ.”

ඉදමවෝච භගවා අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

කින්ති සුත්තං තතියං.

‘කුමක්ද සිතෙන්නේ’ යනුවෙන් වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M