මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.1.4. සාමගාම සුත්‌තං

3.1.4. සාම ගමේදී වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සක්කේසු විහරති සාමගාමේ. තේන ඛෝ පන සමයේන නිගණ්ඨෝ නාතපුත්තෝ පාවායං අධුනා කාලකතෝ හෝති. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වේධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නෝ ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නෝ. සහිතං මේ, අසහිතං තේ. පුරේවචනීයං පච්ඡා අවච පච්ඡාවචනීයං පුරේ අවච. ආචිණ්ණං තේ විපරාවත්තං, ආරෝපිතෝ තේ වාදෝ, නිග්ගහිතෝසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බේඨේහි වා සචේ පහෝසී’ති. වධෝ යේව ඛෝ මඤ්ඤේ නිගණ්ඨේසු නාතපුත්තියේසු වත්තති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයෙහි සාම නම් ගමේ. ඒ කාලය වනවිට නිගණ්ඨ නාතපුත්‍ර පාවා නුවරදී කළුරිය කොට වැඩි කලක් ගිහින් නැහැ. ඔහුගේ කළුරිය කිරීමෙන් පසු නිගණ්ඨයන් දෙකොටසකට බිඳුනා. ඔවුන් තුළ අර්බුද හටගත්තා, කෝළාහල හටගත්තා, වාද විවාද හටගත්තා, එකිනෙකා වචන නැමැති ආයුධ වලින් ඇණගත්තා. “නුඹ මේ ධර්ම විනය දන්නෙ නැහැ. මමයි මේ ධර්ම විනය දන්නෙ. නුඹ මේ ධර්ම විනය නොදන්නේ මක්නිසාද? නුඹ මිත්‍යා ප්‍රතිපත්තියකයි ඉන්නෙ. මම තමයි සැබෑ ප්‍රතිපත්තියේ ඉන්නෙ. මාගේ වචනය අර්ථ සහිතයි. නුඹගේ වචනය අර්ථ රහිතයි. නුඹ කලින් කිවයුතු වචනය තමයි පස්සෙ කිව්වෙ. පස්සෙ කිවයුතු වචනය තමයි මුලින්ම කිව්වෙ. නුඹ මෙතෙක් කල් පුරුදු කළ දෙය කණපිට හැරුනා. නුඹට වාදයක් නංවලයි තියෙන්නෙ. නිග්‍රහ කරලයි තියෙන්නෙ. පුළුවන්කමක් තිබෙයි නම් ඒ වාදයෙන් නිදහස් වන්නට ගැට ලිහාගන්න ඇවිදගෙන පල” කියලා. නිගණ්ඨ නාතපුත්‍රගේ ශ්‍රාවකයන් අතර මෙය මහා වදයක් කියලයි හැඟෙන්නෙ.

යේපි නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකා ගිහී ඕදාතවසනා, තේපි නිගණ්ඨේසු නාතපුත්තියේසු නිබ්බින්නරූපා විරත්තරූපා පටිවානරූපා, යථා තං දුරක්ඛාතේ ධම්මවිනයේ දුප්පවේදිතේ අනිය්‍යාණිකේ අනුපසමසංවත්තනිකේ අසම්මාසම්බුද්ධප්පවේදිතේ භින්නථූපේ අප්පටිසරණේ’ති.

නිගණ්ඨ නාතපුත්‍රගේ සුදු වත් හඳිනා යම් ගිහි ශ්‍රාවකයන් සිටිනවාද, මේ නිගණ්ඨ නාතපුත්‍රගේ ශ්‍රාවකයන් අතර හටගත් අර්බුදය නිසා ඔවුනුත් සිටියේ කළකිරුණු ස්වභාවයෙනුයි. නොඇලුණු ස්වභාවයෙනුයි. සැලකිලි නොදක්වන ස්වභාවයෙනුයි. යම් අයුරකින් වැරදි ලෙස පවසන ලද ධර්ම විනයක් ඇති, වැරදි ලෙස කියන ලද, නිවන් පිණිස නොපවතින, සංසිඳීම පිණිස නොපවතින, සම්මා සම්බුදු නොවන අය විසින් පවසන ලද ධර්ම විනයක් ඇති විට, දැන් එය තිබෙන්නේ පිළිසරණ රහිත වූ, කඩා වැටුණු දෙයක් ලෙසයි.

අථ ඛෝ චුන්දෝ සමණුද්දේසෝ පාවායං වස්සං වුත්ථෝ යේන සාමගාමෝ යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නෝ ඛෝ චුන්දෝ සමණුද්දේසෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: නිගණ්ඨෝ භන්තේ, නාතපුත්තෝ පාවායං අධුනා කාලකතෝ. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වේධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති ….(පෙ)…. භින්නථූපේ අප්පටිසරණේ’ති.

එවිට පාවා නුවර වස් වසා සිටි චුන්ද සමණුද්දේසයන් වහන්සේ සාම ග්‍රාමයෙහි සිටි ආයුෂ්මත් ආනන්දයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව හිඳගත්තා. එකත්පස්ව හුන් චුන්ද සමණුද්දේසයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට මෙය පැවසුවා. “ස්වාමිනී, නිගණ්ඨ නාතපුත්‍ර පාවා නුවරදී කළුරිය කොට වැඩි කලක් ගිහින් නැහැ. ඔහුගේ කළුරිය කිරීමෙන් පසු නිගණ්ඨයන් දෙකොටසකට බිඳුනා. ඔවුන් තුළ අර්බුද හටගත්තා, කෝළාහල හටගත්තා, වාද විවාද හටගත්තා, එකිනෙකා වචන නැමැති ආයුධවලින් ඇණගන්නවා. ….(පෙ)…. දැන් එය තිබෙන්නේ පිළිසරණ රහිත වූ, කඩා වැටුණු දෙයක් ලෙසයි.”

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ චුන්දං සමණුද්දේසං ඒතදවෝච: අත්ථි ඛෝ ඉදං ආවුසෝ චුන්ද, කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසෝ චුන්ද, යේන භගවා තේනුපසංකමිස්සාම, උපසංකමිත්වා ඒතමත්ථං භගවතෝ ආරෝචෙස්සාමා’ති. ඒවං භන්තේති ඛෝ චුන්දෝ සමණුද්දේසෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි.

මෙසේ පැවසූ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ චුන්ද සමණුද්දේසයන් හට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් චුන්ද, භාග්‍යවතුන් වහන්සේ දකින්නට සුදුසු වූ මේ කථා පඬුරක් තියෙනවා. ආයුෂ්මත් චුන්ද, එන්න. භාග්‍යවතුන් වහන්සේ කරා අපි යමු. ගිහින් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දෙමු.” “එසේය, ස්වාමීනී” චුන්ද සමණුද්දේසයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට පිළිතුරු දුන්නා.

අථ ඛෝ ආයස්මා ච ආනන්දෝ චුන්දෝ ච සමණුද්දේසෝ යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: අයං භන්තේ, චුන්දෝ සමණුද්දේසෝ ඒවමාහ: නිගණ්ඨෝ භන්තේ, නාතපුත්තෝ පාවායං අධුනා කාලකතෝ. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වේධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති ….(පෙ)…. භින්නථූපේ අප්පටිසරණේ’ති. තස්ස මය්හං භන්තේ, ඒවං හෝති: මාහේව භගවතෝ අච්චයේන සංඝේ විවාදෝ උප්පජ්ජි. සෝස්ස විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සාන’න්ති.

එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද චුන්ද සමණුද්දේසයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ චුන්ද සමණුද්දේසයන් මෙහෙම කියනවා. ‘ස්වාමිනී, නිගණ්ඨ නාතපුත්‍ර පාවා නුවරදී කළුරිය කොට වැඩි කලක් ගිහින් නැහැ. ඔහුගේ කළුරිය කිරීමෙන් පසු නිගණ්ඨයන් දෙකොටසකට බිඳුනා. ඔවුන් තුළ අර්බුද හටගත්තා, කෝළාහල හටගත්තා, වාද විවාද හටගත්තා, එකිනෙකා වචන නැමැති ආයුධ වලින් ඇණගන්නවා. ….(පෙ)…. දැන් එය තිබෙන්නේ පිළිසරණ රහිත වූ, කඩා වැටුණු දෙයක් ලෙසයි’ කියලා. ස්වාමීනී, ඔවුන්ගේ අර්බුදය පිළිබඳව මට මෙහෙම හිතෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පසු සංඝයා අතර නම් විවාදයක් හටගන්නට එපා! එහෙම වුණොත් ඒ විවාදය බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතීවි’ කියලා.

තං කිං මඤ්ඤසි ආනන්ද, යේ වෝ මයා ධම්මා අභිඤ්ඤා දේසිතා සෙය්‍යථීදං: චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පධානා චත්තාරෝ ඉද්ධිපාදා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. පස්සසි නෝ ත්වං ආනන්ද, ඉමේසු ධම්මේසු ද්වේපි භික්ඛූ නානාවාදේ’ති. යේ මේ භන්තේ, ධම්මා භගවතා අභිඤ්ඤා දේසිතා, සෙය්‍යථීදං: චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පධානා චත්තාරෝ ඉද්ධිපාදා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. නාහං පස්සාමි ඉමේසු ධම්මේසු ද්වේපි භික්ඛූ නානාවාදේ. යේ ච ඛෝ භන්තේ, පුග්ගලා භගවන්තං පතිස්සයමානරූපා විහරන්ති. තේපි භගවතෝ අච්චයේන සංඝේ විවාදං ජනෙය්‍යුං අජ්ඣාජීවේ වා අධිපාතිමොක්ඛේ වා. සෝස්ස විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානන්ති.

“පින්වත් ආනන්ද, ඒ ගැන කුමක්ද සිතන්නේ? මා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව ඔබට දේශනා කරන ලද ධර්මය තියෙනවා. ඒ කවර ධර්මයක්ද යත්; සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත් ආනන්ද, මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව භික්ෂූන් දෙදෙනෙකු අතරවත් නානාප්‍රකාර වාදයන් ඇති වී තිබෙන බව ඔබට පෙනෙනවාද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව අපට දේශනා කරන ලද ධර්මය තියෙනවා. ඒ කවර ධර්මයක්ද යත්; සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව භික්ෂූන් දෙදෙනෙකු අතරවත් නානාප්‍රකාර වාදයන් ඇති වී තිබෙන බවක් මා දකින්නේ නෑ. නමුත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරමින් වාසය කරන්නා වූ යම් පුද්ගලයන් සිටිත්ද, ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංඝයා අතර ආජීවය මුල් කොට හෝ ප්‍රාතිමෝක්ෂය මුල් කොට හෝ වාද විවාදයක් ඉපැද්දුවොත් එම වාදය බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතීවි.”

අප්පමත්තකෝ සෝ ආනන්ද, විවාදෝ යදිදං අජ්ඣාජීවේ වා අධිපාතිමොක්ඛේ වා. මග්ගේ වා පි ආනන්ද, පටිපදාය වා සංඝේ විවාදෝ උප්පජ්ජමානෝ උප්පජ්ජෙය්‍ය. සෝස්ස විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානන්ති.

“පින්වත් ආනන්ද, ජීවත්වන පිළිවෙල මුල්කොට හෝ ප්‍රාතිමෝක්ෂ සංඛ්‍යාත උතුම් විනය නීති මුල්කොට ඇතිවන්නා වූ යම් විවාදයක් ඇත්නම්, එය අල්පමාත්‍ර වූ දෙයකි. එහෙත් පින්වත් ආනන්ද, නිවන් පිණිස අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳව හෝ ප්‍රතිපදාව පිළිබඳවයි සංඝයා අතර විවාදයක් ඇති වුණොත් ඇතිවෙන්නේ. අන්න ඒ විවාදය නම් බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතීවි.

ඡයිමානි ආනන්ද, විවාදමූලානි. කතමානි ඡ: ඉධානන්ද, භික්ඛු කෝධනෝ හෝති උපනාහී, යෝ සෝ ආනන්ද භික්ඛු කෝධනෝ හෝති උපනාහී, සෝ සත්ථරිපි අගාරවෝ විහරති අප්පතිස්සෝ. ධම්මේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ. සංඝේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ. සික්ඛායපි න පරිපූරකාරී හෝති. යෝ සෝ ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සෝ. ධම්මේ ….(පෙ)…. සංඝේ අගාරවෝ විහරති අප්පතිස්සෝ. සික්ඛාය න පරිපූරකාරී හෝති. සෝ සංඝේ විවාදං ජනේති, යෝ හෝති විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. ඒවරූපං චේ තුම්හේ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හේ ආනන්ද, තස්සේව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. ඒවරූපං චේ තුම්හේ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හේ ආනන්ද, තස්සේව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හෝති, ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවෝ හෝති.

පින්වත් ආනන්ද, විවාදයන්ට මුල්වන මේ කරුණු හයක් තිබෙනවා. කවර කරුණු සයක්ද යත්; පින්වත් ආනන්ද, මෙහිලා ක්‍රෝධ කරන, බද්ධ වෛර ඇති භික්ෂුවක් ඉන්නවා. පින්වත් ආනන්ද, යම් මේ භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත වෙයිද, බද්ධ වෛරයෙන් යුක්ත වෙයිද, ඔහු වාසය කරන්නේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේම ඔහු වාසය කරන්නේ ධර්මය කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේම ඔහු වාසය කරන්නේ සංඝයා කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේම ඔහු ශික්ෂාව සම්පූර්ණ කරන කෙනෙක් නොවෙයි.

පින්වත් ආනන්දය, යම් ඒ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙස ඉන්නවාද, ඒ වගේම ධර්මය කෙරෙහිත් ….(පෙ)…. සංඝයා කෙරෙහිත් අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙස ඉන්නවාද, ඒ වගේම ශික්ෂාව සම්පූර්ණ නොකර ඉන්නවාද, අන්න ඒ භික්ෂුව තමයි සංඝයා අතර වාද විවාද උපදවන්නේ. යම් වාද විවාදයක් ඇද්ද, එය බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන් හට අහිත පිණිස, දුක් පිණිස හේතුවෙනවා.

එම නිසා පින්වත් ආනන්ද, ඉදින් මෙබඳු වූ වාද විවාදයන්ට මූලික වන දෙයක් තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා දකින්නට ලැබුනොත් පින්වත් ආනන්ද, එහිලා ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරන්න. ඒ වගේම පින්වත් ආනන්ද, තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා, මෙබඳු වූ විවාද මූලයක් දකින්නට නොලැබුනොත්, එහිලා අනාගතයේදීවත්, ඒ පවිටු වූ විවාද මූලයක් නූපදින්නට ඔබ කටයුතු කළ යුතුයි. ඔය ආකාරයට තමයි ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය වන්නේ. ඔය ආකාරයටමයි ඒ පවිටු විවාද මූලය අනාගතයෙහිදී හෝ නූපදින්නේ.

පුන ච පරං ආනන්ද, භික්ඛු මක්ඛී හෝති පලාසී ….(පෙ)…. ඉස්සුකී හෝති මච්ඡරී ….(පෙ)…. සඨෝ හෝති මායාවී ….(පෙ)…. පාපිච්ඡෝ හෝති මිච්ඡාදිට්ඨී ….(පෙ)…. සන්දිට්ඨිපරාමාසී හෝති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යෝ සෝ ආනන්ද, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හෝති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. සෝ සත්ථරිපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, ධම්මේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, සංඝේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, සික්ඛායපි න පරිපූරකාරී හෝති. යෝ සෝ ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සෝ, ධම්මේ ….(පෙ)…. සංඝේ ….(පෙ)…. සික්ඛාය න පරිපූරකාරී හෝති. සෝ සංඝේ විවාදං ජනේති. යෝ හෝති විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. ඒවරූපං චේ තුම්හේ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හේ ආනන්ද, තස්සේව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. ඒවරූපං චේ තුම්හේ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හේ ආනන්ද, තස්සේව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හෝති. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවෝ හෝති. ඉමානි ඛෝ ආනන්ද, ඡ විවාදමූලානි.

පින්වත් ආනන්ද, මෙහිලා අනුන්ගේ ගුණ නසන, එකට එක කරන භික්ෂුවක් ඉන්නවා. ….(පෙ)…. ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූ, තමා සතු දෙයක් තව කෙනෙක් පරිහණය කරනවාට අකමැති මසුරු භික්ෂුවක් ඉන්නවා ….(පෙ)…. කට්ට කෛරාටික මෙන්ම සත්‍ය සඟවා ගෙන බොරුවක් පෙන්වන මායාකාරී භික්ෂුවක් ඉන්නවා ….(පෙ)…. පාපී ආශාවන්ගෙන් යුක්තව මිත්‍යාදෘෂ්ටික භික්ෂුවක් ඉන්නවා ….(පෙ)…. ස්වකීය දෘෂ්ටියම තරයේ ගත්, දැඩි ලෙස මතවාද වලට බැඳුණු සහ ඒවා අත්හරින්නට දුෂ්කර භික්ෂුවක් ඉන්නවා. පින්වත් ආනන්ද, යම් මේ භික්ෂුවක් තම මතයම දැඩිව ග්‍රහණය කරගෙන සිටීද, දැඩි ලෙස මතවාදවලට බැඳී ඒවා අත්හරින්නට නොහැකිව සිටීද, ඔහු වාසය කරන්නේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේම ඔහු වාසය කරන්නේ ධර්මය කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේම ඔහු වාසය කරන්නේ සංඝයා කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේම ඔහු ශික්ෂාව සම්පූර්ණ කරන කෙනෙක් නොවෙයි.

පින්වත් ආනන්දය, යම් ඒ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙස ඉන්නවාද, ඒ වගේම ධර්මය කෙරෙහිත් ….(පෙ)…. සංඝයා කෙරෙහිත් අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙස ඉන්නවාද, ඒ වගේම ශික්ෂාව සම්පූර්ණ නොකර ඉන්නවාද, අන්න ඒ භික්ෂුව තමයි සංඝයා අතර වාද විවාද උපදවන්නේ. යම් වාද විවාදයක් ඇද්ද, එය බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන් හට අහිත පිණිස, දුක් පිණිස හේතුවෙනවා.

එම නිසා පින්වත් ආනන්ද, ඉදින් මෙබඳු වූ වාද විවාදයන්ට මූලික වන දෙයක් තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා දකින්නට ලැබුනොත් පින්වත් ආනන්ද, එහිලා ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරන්න. ඒ වගේම පින්වත් ආනන්ද, තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා, මෙබඳු වූ විවාද මූලයක් දකින්නට නොලැබුනොත්, එහිලා අනාගතයේදීවත්, ඒ පවිටු වූ විවාද මූලය නූපදින්නට ඔබ කටයුතු කළ යුතුයි. ඔය ආකාරයට තමයි ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය වන්නේ. ඔය ආකාරයටමයි ඒ පවිටු විවාද මූලය අනාගතයෙහිදී හෝ නූපදින්නේ. පින්වත් ආනන්ද, විවාදවලට මුල්වන කරුණු හය නම් මෙයයි.

චත්තාරිමානි ආනන්ද, අධිකරණානි. කතමානි චත්තාරි: විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං, ඉමානි ඛෝ ආනන්ද චත්තාරි අධිකරණානි.

පින්වත් ආනන්දය, ආරවුල් (අධිකරණ) සතරක් තියෙනවා. කවර සතරක්ද යත්; විවාදයන්ගෙන් හටගන්නා වූ ආරවුල හෙවත් විවාදාධිකරණය. මතවාදයන්ට අනුව කරුණු කීමෙන් හටගන්නා වූ ආරවුල හෙවත් අනුවාදාධිකරණය. ඇවැත් හේතුවෙන් හටගන්නා ආරවුල හෙවත් ආපත්තාධිකරණය. වැඩකටයුතු හේතුවෙන් හටගන්නා ආරවුල හෙවත් කිච්චාධිකරණය. පින්වත් ආනන්දය, මේ තමයි ආරවුල් හෙවත් අධිකරණ සතර.

සත්ත ඛෝ පනිමේ ආනන්ද, අධිකරණසමථා උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය, සම්මුඛාවිනයෝ දාතබ්බෝ සතිවිනයෝ දාතබ්බෝ අමූළ්හවිනයෝ දාතබ්බෝ පටිඤ්ඤාය කාරේතබ්බං යේභුය්‍යසිකා තස්සපාපිය්‍යසිකා තිණවත්ථාරකෝ’ති.

ඒ වගේම පින්වත් ආනන්ද, මෙම ආරවුල් හෙවත් අධිකරණයන් සංසිඳවීමට අධිකරණසමථ හතක් තියෙනවා. උපනුපන් ආරවුල්වල සමථයකට පත්වීම පිණිස, සංසිඳවීම පිණිස සම්මුඛාවිනය දිය යුතුය. සතිවිනය දිය යුතුය. අමූළ්හවිනය දිය යුතුය. ප්‍රතිඥාවෙන් කරවිය යුතුය. යේභුය්‍යසිකා කළ යුතුය. තස්සපාපිය්‍යසිකා කළ යුතුය. තිණවත්ථාරකය කළ යුතුය.

කථඤ්ච ආනන්ද, සම්මුඛාවිනයෝ හෝති: ඉධානන්ද භික්ඛූ විවදන්ති ධම්මෝති වා අධම්මෝති වා විනයෝති වා අවිනයෝති වා. තේහානන්ද භික්ඛූහි සබ්බේහේව සමග්ගේහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා. ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමේති. තථා තං අධිකරණං වූපසමේතබ්බං. ඒවං ඛෝ ආනන්ද, සම්මුඛාවිනයෝ හෝති. ඒවඤ්ච පනිධේකච්චානං අධිකරණානං වූපසමෝ හෝති, යදිදං සම්මුඛාවිනයේන.

පින්වත් ආනන්දය, සම්මුඛාවිනය වෙන්නේ කෙසේද? මෙකරුණෙහිලා පින්වත් ආනන්ද, භික්ෂූන් වහන්සේලා ධර්මයයි කියා හෝ අධර්මයයි කියා හෝ විනයයි කියා හෝ අවිනයයි කියා හෝ විවාද ඇති කරගන්නවා. පින්වත් ආනන්දය, එතකොට සමඟි සම්පන්නව සිටින සියලුම භික්ෂූන් වහන්සේලා රැස්විය යුතුයි. රැස් වී ධර්මයට අනුකූල වූ දෙය හොඳින් විමසිය යුතුයි. ධර්මයට අනුකූල වූ දෙය හොඳින් විමසා යම් අයුරකින් එය ධර්මය හා එකඟ වෙයිද, ඒ අයුරින් එම ආරවුල සංසිඳවිය යුතුයි. පින්වත් ආනන්ද, සම්මුඛාවිනය වෙන්නේ ඔය ආකාරයෙනුයි. මෙසේත් ඇතැම් ආරවුල් ඔය සම්මුඛාවිනය තුළින් සංසිඳී යනවා.

කථඤ්ච ආනන්ද යේභුය්‍යසිකා හෝති: තේ චේ ආනන්ද, භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං තස්මිං ආවාසේ වූපසමේතුං. තේහානන්ද, භික්ඛූහි යස්මිං ආවාසේ බහුතරා භික්ඛූ, සෝ ආවාසෝ ගන්තබ්බෝ. තත්ථ සබ්බේහේව සමග්ගේහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා. ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමේති, තථා තං අධිකරණං වූපසම්මේතබ්බං. ඒවං ඛෝ ආනන්ද, යේභුය්‍යසිකා හෝති. ඒවඤ්ච පනිධේකච්චානං අධිකරණානං වූපසමෝ හෝති, යදිදං යේභුය්‍යසිකාය.

පින්වත් ආනන්දය, යේභුය්‍යසිකාව වෙන්නේ කෙසේද? පින්වත් ආනන්ද, ඉදින් ඒ භික්ෂූන් වහන්සේලාට එම ආරවුල ඒ ආවාසය තුළදීම සංසිඳුවා ගන්නට නොහැකි වුනෝතින් පින්වත් ආනන්දය, එවිට යම් ආවාසයක ඊට වඩා බොහෝ භික්ෂූන් සිටිත්ද, ඒ භික්ෂූන් වහන්සේලා ඒ ආවාසයට යා යුතුයි. එහිදී සමඟි සම්පන්න වූ සියලූම භික්ෂූන් වහන්සේලා රැස්විය යුතුයි. රැස් වී ධර්මයට අනුකූල වූ දෙය හොඳින් විමසිය යුතුයි. ධර්මයට අනුකූල වූ දෙය හොඳින් විමසා යම් අයුරකින් එය ධර්මය හා එකඟ වෙයිද, ඒ අයුරින් එම ආරවුල සංසිඳවිය යුතුයි. පින්වත් ආනන්ද, යේභුය්‍යසිකාව වෙන්නේ ඔය ආකාරයෙනුයි. මෙසේත් ඇතැම් ආරවුල් ඔය යේභුය්‍යසිකාව තුළින් සංසිඳී යනවා.

කථඤ්ච ආනන්ද, සතිවිනයෝ හෝති: ඉධානන්ද, භික්ඛු භික්ඛුං ඒවරූපාය ගරුකාය ආපත්තියා චෝදේති පාරාජිකේන වා පාරාජිකසාමන්තේන වා ‘සරතායස්මා ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සෝ ඒවමාහ: ‘න ඛෝ අහං ආවුසෝ, සරාමි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තස්ස ඛෝ ආනන්ද, භික්ඛුනෝ සතිවිනයෝ දාතබ්බෝ. ඒවං ඛෝ ආනන්ද, සතිවිනයෝ හෝති. ඒවඤ්ච පනිධේකච්චානං අධිකරණානං වූපසමෝ හෝති, යදිදං සතිවිනයේන.

පින්වත් ආනන්දය, සතිවිනය වෙන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුවක් පාරාජිකා ආපත්තියකින් හෝ වේවා පාරාජිකා ආපත්තියකට කිට්ටු වූ ආපත්තියකින් හෝ වේවා මෙබඳු වූ ගරුකාපත්තියකින් භික්ෂුවකට චෝදනා කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බව සිහිකරනවාද? එතකොට ඒ භික්ෂුව මෙහෙම කිව්වොත් ‘ප්‍රිය ආයුෂ්මතුනි, පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බවක් මට සිහිවෙන්නෙ නැහැ.’ පින්වත් ආනන්ද, ඒ භික්ෂුවට දිය යුත්තේ සතිවිනයයි. පින්වත් ආනන්දය, සතිවිනය වෙන්නේ ඔය විදිහටයි. ඔය ආකාරයෙනුත් යම් මේ සතිවිනය තුළින් ඇතැම් අර්බුදයන් සංසිඳිලා යනවා.

කථඤ්ච ආනන්ද, අමූළ්හවිනයෝ හෝති: ඉධානන්ද, භික්ඛු භික්ඛුං ඒවරූපාය ගරුකාය ආපත්තියා චෝදේති පාරාජිකේන වා පාරාජිකසාමන්තේන වා ‘සරතායස්මා ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සෝ ඒවමාහ: ‘න ඛෝ අහං ආවුසෝ, සරාමි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමේනං සෝ නිබ්බේඨෙන්තං අතිවේඨේති ඉංඝායස්මා සාධුකමේව ජානාහි, යදි සරසි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සෝ ඒවමාහ: ‘අහං ඛෝ ආවුසෝ, උම්මාදං පාපුණිං චේතසෝ විපරියේසං. තේන මේ උම්මත්තකේන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං, නාහං තං සරාමි. මූළ්හේන මේ ඒතං කතන්ති. තස්ස ඛෝ ආනන්ද, භික්ඛුනෝ අමූළ්හවිනයෝ දාතබ්බෝ. ඒවං ඛෝ ආනන්ද, අමූළ්හවිනයෝ හෝති. ඒවඤ්ච පනිධේකච්චානං අධිකරණානං වූපසමෝ හෝති, යදිදං අමූළ්හවිනයේන.

පින්වත් ආනන්ද, අමූළ්හවිනය වෙන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව පාරාජිකාපත්තියකින් වේවා, පාරාජිකාපත්තියකට ආසන්න කරුණකින් වේවා එවැනි ගරුකාපත්තියකින් තවත් භික්ෂුවකට චෝදනා කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බව සිහිකරනවාද? එතකොට ඒ භික්ෂුව මෙහෙම කිව්වොත් ‘ප්‍රිය ආයුෂ්මතුනි, පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බවක් මට සිහිවෙන්නෙ නැහැ.’ එතකොට ඒ භික්ෂුව කරන්නේ ඇවැතින් නිදහස් වෙන්නට උත්සාහ කරන ඒ භික්ෂුවට එම ඇවැතම මතක් කරදෙමින් එහිම වෙලීමයි. ‘ආයුෂ්මත, හොඳින් කල්පනා කර බලන්න. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බව සිහිකරනවා නේද? එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, මං උමතුවෙන් වගේ චිත්ත විපර්යාසයකට පත්වෙලා සිටියා නෙව. ඒ සිහිවිකල්බව නිසාම මගේ අතින් පැවිද්දන්ට නොගැලපෙන බොහෝ දේවල් කෙරුනා. බොහෝ දේවල් කියවුනා. නමුත් මට ඒක සිහිවෙන්නෙ නෑ. සිහිමුලා වීමෙන්මයි මං එය කළේ’ කියල උත්තර දෙනවා. පින්වත් ආනන්ද, ඒ භික්ෂුවට දිය යුත්තේ අමූළ්හ විනයයි. පින්වත් ආනන්දය, අමූළ්හවිනය වෙන්නේ ඔය විදිහටයි. ඔය ආකාරයෙනුත් යම් මේ අමූළ්හවිනය තුළින් ඇතැම් අර්බුදයන් සංසිඳිලා යනවා.

කථඤ්ච ආනන්ද පටිඤ්ඤාතකරණං හෝති: ඉධානන්ද, භික්ඛු චෝදිතෝ වා අචෝදිතෝ වා ආපත්තිං සරති විවරති උත්තානීකරෝති. තේනානන්ද, භික්ඛුනා වුඞ්ඪතරෝ භික්ඛු උපසංකමිත්වා ඒකංසං චීවරං කත්වා පාදේ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා ඒවමස්ස වචනීයෝ: ‘අහං භන්තේ, ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නෝ, තං පටිදේසේමී’ති. සෝ ඒවමාහ: ‘පස්සසී’ති, ‘පස්සාමී’ති. ‘ආයතිං සංවරං ආපජ්ජෙය්‍යාසී’ති, සංවරං ආපජ්ජිස්සාමී’ති. ඒවං ඛෝ ආනන්ද, පටිඤ්ඤාතකරණං හෝති. ඒවඤ්ච පනිධේකච්චානං අධිකරණානං වූපසමෝ හෝති, යදිදං පටිඤ්ඤාතකරණේන.

පින්වත් ආනන්ද, පටිඤ්ඤාතකරණයක් වෙන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව චෝදනා ලැබ හෝ චෝදනා නොලැබ හෝ තමන්ගේ ඇවැත සිහිකරනවා. සිල්වත් සඟරුවන ඉදිරියෙහි විවෘත කරනවා. මතුකොට පෙන්වනවා. පින්වත් ආනන්ද, ඒ භික්ෂුව විසින් තමන්ට වඩා වැඩිමහළු භික්ෂුවක් වෙත පැමිණ සිවුර ඒකාංශ කොට අර භික්ෂුවට වන්දනා කොට උක්කුටියෙන් හිඳ ඇඳිලි බැඳ මේ ආකාරයට කිව යුතුයි. ‘ස්වාමීනී, මම මේ මේ ඇවැත්වලට පත්වුනා. මා එය දැන් පවසමි.’ එතකොට ඒ භික්ෂුව මෙහෙම අහනවා. ‘ඒ ඇවැත් දකිනවාද?’ ‘දකිමි.’ ‘එහෙම නම් යළි නොවීම පිණිස ඉදිරියට සංවර බවට පැමිණෙන්න.’ ‘සංවර බවට පැමිණෙන්නෙමි’ කියලා. පින්වත් ආනන්දය, පටිඤ්ඤාතකරණය වෙන්නේ ඔය විදිහටයි. ඔය ආකාරයෙනුත් යම් මේ පටිඤ්ඤාතකරණය තුළින් ඇතැම් අර්බුදයන් සංසිඳිලා යනවා.

කථඤ්ච ආනන්ද, තස්සපාපිය්‍යසිකා හෝති: ඉධානන්ද, භික්ඛු භික්ඛුං ඒවරූපාය ගරුකාය ආපත්තියා චෝදේති පාරාජිකේන වා පාරාජිකසාමන්තේන වා, ‘සරතායස්මා ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සෝ ඒවමාහ: ‘න ඛෝ අහං ආවුසෝ, සරාමි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමේනං සෝ නිබ්බේඨෙන්තං අතිවේඨේති. ඉංඝායස්මා සාධුකමේව ජානාහි, යදි සරසි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සෝ ඒවමාහ: ‘න ඛෝ අහං ආවුසෝ, සරාමි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා, සරාමි ඛෝ අහං ආවුසෝ ඒවරූපිං අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිතා’ති. තමේනං සෝ නිබ්බේඨෙන්තං අතිවේඨේති, ඉංඝායස්මා සාධුකමේව ජානාහි, යදි සරසි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සෝ ඒවමාහ: ‘ඉමං හි නාමාහං ආවුසෝ, අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨෝ පටිජානිස්සාමි. කිම්පනාහං ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨෝ නපටිජානිස්සාමී’ති. සෝ ඒවමාහ: ‘ඉමං හි නාම ත්වං ආවුසෝ, අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨෝ න පටිජානිස්සසි. කිම්පන ත්වං ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨෝ පටිජානිස්සසි, ‘ඉංඝායස්මා සාධුකමේව ජානාහි, යදි සරසි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සෝ ඒවමාහ: ‘සරාමි ඛෝ අහං ආවුසෝ, ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා ‘දවා මේ ඒවං වුත්තං, රවා මේ ඒවං වුත්තං, ‘නාහං තං සරාමි ඒවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. ඒවං ඛෝ ආනන්ද, තස්සපාපිය්‍යසිකා හෝති. ඒවඤ්ච පනිධේකච්චානං අධිකරණානං වූපසමෝ හෝති, යදිදං තස්සපාපිය්‍යසිකාය.

පින්වත් ආනන්ද, තස්සපාපිය්‍යසිකා වෙන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව පාරාජිකාපත්තියකින් වේවා, පාරාජිකාපත්තියකට ආසන්න කරුණකින් වේවා එවැනි ගරුකාපත්තියකින් තවත් භික්ෂුවකට චෝදනා කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බව සිහිකරනවාද? එතකොට ඒ භික්ෂුව මෙහෙම කිව්වොත් ‘ප්‍රිය ආයුෂ්මතුනි, පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බවක් මට සිහිවෙන්නෙ නැහැ.’ එතකොට ඒ භික්ෂුව කරන්නේ ඇවැතින් නිදහස් වෙන්නට උත්සාහ කරන ඒ භික්ෂුවට එම ඇවැතම මතක් කරදෙමින් එහිම වෙලීමයි. ‘ආයුෂ්මත, හොඳින් කල්පනා කර බලන්න. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බව සිහිකරනවා නේද? එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බවක් මට සිහිවෙන්නෙ නැහැ. නමුත් ප්‍රිය ආයුෂ්මත, මෙබඳු වූ අල්පමාත්‍ර ආපත්තියකට නම් පත්වුණු බව මතකයි.’ එතකොට අර භික්ෂුව ඒ චෝදනාවෙන් ගැලවෙන්නට හදන භික්ෂුව තව තවත් දැඩි කොට ඒ ඇවැතින්ම වෙලනවා. ‘ආයුෂ්මත, හොඳින් කල්පනා කර බලන්න. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ පාරාජිකාපත්තියකට හෝ පරාජිකාපත්තියකට ආසන්න වෙන කරුණකට හෝ එවැනි ගරුකාපත්තියකට පත් වී සිටින බව සිහිකරනවා නේද? එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මත, මං මේ නම් ඇති අල්ප මාත්‍ර වූ ආපත්තියකට පත් වෙලා ඒ ගැන නොවිමසද්දීම ආපත්තියට පත් වූ බව ප්‍රතිඥා දෙනවා. එහෙම එකේ පාරාජිකාවක් හෝ පාරාජිකාවකට ආසන්න ඇවැතක් හෝ පිළිබඳ මගෙන් විමසද්දී මා එබඳු වූ ගරුකාපත්තියකට කිම, පිළිතුරු නොදී සිටීවිද?’ එතකොට චෝදනා කරන භික්ෂුව මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මත, ඔබ මෙම අල්පමාත්‍ර වූ ආපත්තියකට පැමිණියත් නොවිමසද්දී ප්‍රතිඥා දුන්නේ නෑ නෙව. එනිසා ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ආසන්න හෝ ආපත්තියකට පත්වෙලා විමසද්දීත් ප්‍රතිඥා දේවි කියලද හිතන්නේ? එනිසා ආයුෂ්මත, ආයෙමත් ඉතාමත් හොඳින් කල්පනා කොට බලන්න. ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ආසන්න හෝ බරපතල ආපත්තියකට පත්වෙලා නේද ඉන්නේ?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මත, මං පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ආසන්න වූ හෝ බරපතල ආපත්තියකට පත්වෙලා ඉන්න බව මතක් වෙනවා. මං අර විදිහට කිව්වේ හිතට ගත්තු නිසයි. මං අර විදිහට කිව්වේ වෙන දේකින් වසන්නට ඕන නිසයි. ඒ කියන්නේ මං පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ආසන්න හෝ බරපතල ආපත්තියකට පත්වුනු බව සිහිකරන්නෙ නෑ කියලා.’ පින්වත් ආනන්ද, තස්සපාපිය්‍යසිකාව වෙන්නේ ඔය විදිහටයි. ඔය ආකාරයෙනුත් යම් මේ තස්සපාපිය්‍යසිකාව තුළින් ඇතැම් අර්බුදයන් සංසිඳිලා යනවා.

කථඤ්ච ආනන්ද, තිණවත්ථාරකෝ හෝති: ඉධානන්ද, භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හෝති භාසිතපරිකන්තං. තේහානන්ද, භික්ඛූහි සබ්බේහේව සමග්ගේහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ඒකතෝ පක්ඛිකානං භික්ඛූනං බ්‍යත්තතරේන. භික්ඛුනා උට්ඨායාසනා ඒකංසං චීවරං කත්වා අඤ්ජලිම්පනාමෙත්වා සංඝෝ ඤාපේතබ්බෝ.

පින්වත් ආනන්ද, තිණවත්ථාරකය වෙන්නේ කොයි විදිහටද? පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂූන් අතර අඬදබර ඇතිවෙනවා. කෝලාහලයක් ඇතිවෙනවා. වාද විවාද ඇතිවෙනවා. ඒ හේතුවෙන් ශ්‍රමණයන්ට නොගැලපෙන බොහෝ දේවල් කෙරෙනවා. කියන්නට සිදුවෙනවා. එතකොට පින්වත් ආනන්ද, සමඟි සම්පන්න වූ සියලුම භික්ෂූන් රැස්විය යුතුයි. රැස්වෙලා එකම මතයකින් යුක්තව සිටින භික්ෂූන් ගෙන් වඩාත් ව්‍යක්ත භික්ෂුව විසින් හුනස්නෙන් නැගිට සිවුර ඒකාංශ කොට පොරවා ඇඳිලි බැඳ සංඝයාට දැනුම් දිය යුතුයි.

‘සුණාතු මේ භන්තේ, සංඝෝ: ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. යදි සංඝස්ස පත්තකල්ලං, අහං යා චේව ඉමේසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනෝ ආපත්ති, ඉමේසඤ්චේව ආයස්මන්තානං අත්ථාය අත්තනෝ ච අත්ථාය සංඝමජ්ඣේ තිණවත්ථාරකේන දේසෙය්‍යං ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්ත’න්ති.

‘ස්වාමීනී, උතුම් සංඝයා වහන්ස, අඬදබරවලට මැදි වූ, කෝලාහලවලට මැදි වූ, වාද විවාදවලට මැදි වූ අප අතර ශ්‍රමණයන්ට නොගැලපෙන මේ බොහෝ නොසරුප් දෑ සිදුවුනා. නොසරුප් වචන කියවුනා. ඉදින් සංඝයාට කල් පැමිණ තිබෙනවා. මමත් මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ යම් ආපත්තියක් ඇද්ද, තමාගේ යම් ආපත්තියක් ඇද්ද, එය මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ යහපත පිණිස, තමාගේද යහපත පිණිස බරපතල ඇවැත්වලට නොව, ගිහි ප්‍රතිසංයුත්ත ඇවැත්වලට නොව, අවශේෂ ආපත්තිවලට සංඝයා මැද තණකොළ රොඩු ආදියකින් අපිරිසිදු දෙයක් වසාදමන්නාක් මෙන් තිණවත්ථාරකය දෙසමි.’

අථාපරේසං ඒකතෝපක්ඛිකානං භික්ඛූනං බ්‍යත්තතරේන භික්ඛුනා උට්ඨායාසනා ඒකංසං චීවරං කත්වා අඤ්ජලිම්පනාමෙත්වා සංඝෝ ඤාපේතබ්බෝ:

එවිට අනිත් පක්ෂයෙන් වූ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් ව්‍යක්ත භික්ෂුවක් අසුනින් නැගිට සිවුර ඒකාංශ කොට පොරවා ඇඳිලි බැඳ සංඝයාට දැනුම් දිය යුතුයි.

‘සුණාතු මේ භන්තේ, සංඝෝ: ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. යදි සංඝස්ස පත්තකල්ලං. අහං යා චේව ඉමේසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනෝ ආපත්ති, ඉමේසඤ්චේව ආයස්මන්තානං අත්ථාය අත්තනෝ ච අත්ථාය සංඝමජ්ඣේ තිණවත්ථාරකේන දේසෙය්‍යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්ත’න්ති.

‘ස්වාමීනී, උතුම් සංඝයා වහන්ස, අඬදබරවලට මැදි වූ, කෝලාහල වලට මැදි වූ, වාද විවාදවලට මැදි වූ අප අතර ශ්‍රමණයන්ට නොගැලපෙන මේ බොහෝ නොසරුප් දෑ සිදුවුනා. නොසරුප් වචන කියවුනා. ඉදින් සංඝයාට කල් පැමිණ තිබෙනවා. මමත් මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ යම් ආපත්තියක් ඇද්ද, තමාගේ යම් ආපත්තියක් ඇද්ද, එය මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ යහපත පිණිස, තමාගේද යහපත පිණිස බරපතල ඇවැත්වලට නොව, ගිහි ප්‍රතිසංයුත්ත ඇවැත්වලට නොව, අවශේෂ ආපත්තිවලට සංඝයා මැද තණකොළ රොඩු ආදියකින් අපිරිසිදු දෙයක් වසාදමන්නාක් මෙන් තිණවත්ථාරකය දෙසමි.’

ඒවං ඛෝ ආනන්ද, තිණවත්ථාරකෝ හෝති. ඒවඤ්ච පනිධේකච්චානං අධිකරණානං වූපසමෝ හෝති, යදිදං තිණවත්ථාරකේන.

පින්වත් ආනන්ද, තිණවත්ථාරකය වන්නේ ඔය විදිහටයි. ඔය ආකාරයෙනුත් යම් මේ තිණවත්ථාරකය තුළින් ඇතැම් අර්බුදයන් සංසිඳිලා යනවා.

ඡයිමේ ආනන්ද, ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තන්ති. කතමේ ඡ: ඉධානන්ද, භික්ඛුනෝ මෙත්තං කායකම්මං පච්චුට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවි චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

පින්වත් ආනන්ද, ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇති වෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්ම හයක් තියෙනවා. කවර ධර්ම හයක්ද යත්; පින්වත් ආනන්ද, මෙහිලා භික්ෂුව තුළ තමා සමඟ එකට සිල් රකින භික්ෂූන් වහන්සේලා කෙරෙහි එළිපිටත්, හුදෙකලාවෙත් මෛත්‍රිය පෙරටු කොට ගත් කායික ක්‍රියාවන් හොඳින් පිහිටා තියෙනවා. මෙයත් ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇති වෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්මයක්.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හෝති. සබ්‍රහ්මචාරීසු ආවි චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

පින්වත් ආනන්ද, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව තුළ තමා සමඟ එකට සිල් රකින භික්ෂූන් වහන්සේලා කෙරෙහි එළිපිටත්, හුදෙකලාවත් මෛත්‍රිය පෙරටු කොට ගත් වචනයෙන් කරන ක්‍රියාවන් හොඳින් පිහිටා තියෙනවා. මෙයත් ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇති වෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්මයක්.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවි චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

පින්වත් ආනන්ද, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව තුළ තමා සමඟ එකට සිල් රකින භික්ෂූන් වහන්සේලා කෙරෙහි එළිපිටත්, හුදෙකලාවත් මෛත්‍රිය පෙරටු කොට ගත් මනසින් කරන ක්‍රියාවන් හොඳින් පිහිටා තියෙනවා. මෙයත් ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇති වෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්මයක්.

පුන ච පරං ආනන්ද, භික්ඛු යේ තේ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසෝ පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපේහි ලාභේහි අප්පටිවිභත්තභෝගී හෝති සීලවන්තේහි සබ්‍රහ්මචාරීහි සාධාරණභෝගී. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

පින්වත් ආනන්ද, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුවට ධාර්මික වූ, ධාර්මිකව ලැබෙන්නා වූ යම්කිසි ලාභයක් ඇද්ද, අඩු ගණනේ පාත්‍රයට වැටෙන සුළු දෙයක් හෝ වේවා, එබඳු වූ ලාභයන් තමා සමඟ පිළිවෙත් පුරන සිල්වත් භික්ෂූන් වහන්සේලා සමඟ සාධාරණව බෙදා හදාගෙන පරිහරණය කරනවා. මෙයත් ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇතිවෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්මයක්.

පුන ච පරං ආනන්ද භික්ඛු, යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. තථාරූපේසු සීලේසු සීලසාමඤ්ඤගතෝ විහරති සබ්‍රහ්මචාරීහි ආවි චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

පින්වත් ආනන්ද, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව ආරක්ෂා කරන්නා වූ නොකඩ කොට රකින, සිදුරු නැතුව රකින, පැල්ලම් නැතුව රකින, දොස් නැතුව රකින, නුවණැත්තන් පසසන, දෘෂ්ටි මතවාද සමඟ මිශ්‍ර නොකොට රකින, සමාධිය වැඩීමට උපකාරය පිණිස රකින යම් සිල්පද ඇත්නම්, එබඳු වූ සීලය තුළ තමා සමඟ එකට සිල් රකින භික්ෂූන් වහන්සේලා සමඟ පිරිස මැදදීත්, තනියම සිටිද්දීත් සීලයෙන් සමාන බවට පත්වෙමින් වාසය කරනවා. මෙයත් ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇතිවෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්මයක්.

පුන ච පරං ආනන්ද, භික්ඛු යායං දිට්ඨි අරියා නිය්‍යාණිකා නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතෝ විහරති සබ්‍රහ්මචාරීහි ආවි චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

පින්වත් ආනන්ද, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව තුළ ආර්ය වූ, නිවන පිණිස පවතින, මැනවින් සසර දුක් ක්ෂය වීම පිණිස උපකාරී වන යම් දෘෂ්ටියක් ඇද්ද, එබඳු වූ දෘෂ්ටිය තුළ තමා සමඟ එකට සිල් රකින භික්ෂූන් වහන්සේලා සමඟ පිරිස මැදදීත්, තනියම සිටිද්දීත් දෘෂ්ටියෙන් සමාන බවට පත්වෙමින් වාසය කරනවා. මෙයත් ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇති වෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්මයක්.

ඉමේ ඛෝ ආනන්ද, ඡ සාරාණීයා ධම්මා පියකරණා ගරුකරණා සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තන්ති.

පින්වත් ආනන්ද, මේවා තමයි ප්‍රිය මනාප බව ඇතිවෙන, ගෞරවය ඇතිවෙන, එකිනෙකාට අනුග්‍රහය ඇතිවෙන, වාද විවාද ඇති නොවන, සමඟිය පිණිස පවතින, එක්සත්ව සිටීමට උපකාරී වන නිතර සිහි කළ යුතු ධර්ම හය.

ඉමේ චේ තුම්හේ ආනන්ද, ඡ සාරණීයේ ධම්මේ සමාදාය වත්තෙය්‍යාථ. පස්සථ නෝ තුම්හේ, ආනන්ද, තං වචනපථං අණුං වා ථූලං වා, යං තුම්හේ නාධිවාසෙය්‍යාථාති.

පින්වත් ආනන්ද, ඉදින් මේ නිතර සිහි කළ යුතු ධර්මයන් සය ඔබ සමාදන්ව පවත්වාගෙන යනවා නම්, එවිට පින්වත් ආනන්ද, යම් වචනයක් ඉවසන්නට නොහැකි වේද, එබඳු වූ කුඩා වේවා, මහත් වේවා වචනයක් ඔබ දකිනවාද?”

නෝ හේතං භන්තේ.

“ස්වාමීනී, එබඳු එකක් මා දකින්නේ නෑ.”

තස්මාතිහානන්ද ඉමේ ඡ සාරාණීයේ ධම්මේ සමාදාය වත්තථ. තං වෝ භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.

“එනිසා පින්වත් ආනන්ද, ඔය නිතර නිතර සිහි කළ යුතු ධර්ම හය සමාදන්ව පවත්වා ගෙන යන්න. එය ඔබලාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතීවි.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

සාමගාම සුත්තං චතුත්ථං.

සාම ගමේදී වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M