මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.5.7. ධනඤ්ජානි සුත්තං

2.5.7. ධනඤ්ජානි බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්මා සාරිපුත්තෝ දක්ඛිණාගිරිස්මිං චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං. අථ ඛෝ අඤ්ඤතරෝ භික්ඛු රාජගහේ වස්සං වුත්ථෝ යේන දක්ඛිණාගිරි යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තේන සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නං ඛෝ තං භික්ඛුං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයේ. එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මහත් භික්ෂුසංඝයා පිරිවරාගෙන දක්ඛිණාගිරි ජනපදයෙහි චාරිකාවෙහි වැඩියා. එකල්හි රජගහ නුවර වස් විසූ එක්තරා භික්ෂුවක් දක්ඛිණාගිරියට ගොස් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව නිමවා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ඒ භික්ෂුවගෙන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය ඇසුවා.

කච්චාවුසෝ, භගවා අරෝගෝ ච බලවා චා’ති?

“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ නීරෝගව වැඩ සිටින සේක් ද? සවිබල ඇතිව වැඩසිටින සේක් ද?”

අරෝගෝ චාවුසෝ, භගවා බලවා චා’ති.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නීරෝගව වැඩ සිටින සේක. සවිබල ඇතිව වැඩසිටින සේක.”

කච්චි පනාවුසෝ, භික්ඛුසංඝෝ අරෝගෝ ච බලවා චා’ති?

“ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුසංඝයා වහන්සේ නීරෝගව වැඩ සිටින සේක් ද? සවිබල ඇතිව වැඩසිටින සේක් ද?”

භික්ඛු සංඝෝපි ඛෝ ආවුසෝ, අරෝගෝ ච බලවා චා’ති.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, භික්ෂුසංඝයා වහන්සේ නීරෝගව වැඩ සිටින සේක. සවිබල ඇතිව වැඩසිටින සේක.”

එත්ථ ආවුසෝ, තණ්ඩුලපාලද්වාරායං ධනඤ්ජානි නාම බ්‍රාහ්මණෝ අත්ථි. කච්චාවුසෝ, ධනඤ්ජානි නාම බ්‍රාහ්මණෝ අරෝගෝ ච බලවා චාති.

“ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි තණ්ඩුලපාල ද්වාර නම් ප්‍රදේශයෙහි ධනඤ්ජානි නම් බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, කිම? ඒ ධනඤ්ජානි නම් බ්‍රාහ්මණයා ත් නීරෝගයි ද? සවිබලයෙන් යුක්තයි ද?”

ධනඤ්ජානිපි ඛෝ ආවුසෝ, බ්‍රාහ්මණෝ අරෝගෝ ච බලවා චාති.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ධනඤ්ජානි නම් බ්‍රාහ්මණයා ත් නීරෝගයි. සවිබලයෙන් යුක්තයි.”

කච්චි පනාවුසෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ අප්පමත්තෝති.

“ප්‍රිය ආයුෂ්මතුනි, කිම? ධනඤ්ජානි බ්‍රාහ්මණයා අප්‍රමාදී බවින් යුක්තයි ද?”

කුතෝ නො ආවුසෝ, ධනඤ්ජානිස්ස බ්‍රාහ්මණස්ස අප්පමාදෝ? ධනඤ්ජානි ආවුසෝ, බ්‍රාහ්මණෝ රාජානං නිස්සාය බ්‍රාහ්මණගහපතිකේ විලු‍ම්පති. බ්‍රාහ්මණගහපතිකේ නිස්සාය රාජානං විලු‍ම්පති. යාපිස්ස භරියා සද්ධා සද්ධාකුලා ආනීතා, සාපිස්ස කාලකතා, අඤ්ඤ’ස්ස භරියා අස්සද්ධා අස්සද්ධාකුලා ආනීතා’ති.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ධනඤ්ජානි බ්‍රාහ්මණයාට මොන අප්‍රමාදයක් ද? ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ධනඤ්ජානි බ්‍රාහ්මණයා රාජ්‍ය බලය පාවිච්චි කොට බ්‍රාහ්මණ ගෘහපතියන් ගේ ධනය පැහැර ගන්නවා. බ්‍රාහ්මණ ගෘහපතියන් ගේ බලය යොදා රජ්ජුරුවන් සතු දේවල් පැහැර ගන්නවා. ඔහුට ශ්‍රද්ධාවන්ත කුලයකින් ගෙන ආ ශ්‍රද්ධාවන්ත බිරිඳක් හිටියා. ඈ ත් කළුරිය කළා නෙව. ඉතින් ඒ ගමන දැන් ගෙනැවිත් සිටින්නේ ශ්‍රද්ධා රහිත පවුලකින් ශ්‍රද්ධා රහිත බිරිඳක්.”

දුස්සුතං වතාවුසෝ අස්සුම්හා, දුස්සුතං වතාවුසෝ අස්සුම්හා, යේ මයං ධනඤ්ජානිං බ්‍රාහ්මණං පමත්තං අස්සුම්හා. අප්පේවනාම මයං කදාචි කරහචි ධනඤ්ජානිනා බ්‍රාහ්මණේන සද්ධිං සමාගච්ඡෙය්‍යාම. අප්පේව නාම සියා කෝචිදේව කථාසල්ලාපෝ’ති.

“ප්‍රිය ආයුෂ්මත, ප්‍රමාදී වූ ධනඤ්ජානි බ්‍රාහ්මණයා පිළිබඳව අප යමක් ඇසුවා ද, සැබැවින් ම අපට අසන්නට ලැබුනේ නපුරු දෙයක් නෙව. ප්‍රිය ආයුෂ්මත, සැබැවින් ම අපට අසන්නට ලැබුනේ නපුරු දෙයක් නෙව. අපට කිසියම් දිනක ධනඤ්ජානි බ්‍රාහ්මණයා සමඟ ඇසුරක් ලැබුනෝතින් හොඳයි. එවිට ඔහු සමඟ කිසියම් කතාසල්ලාපයක් කළොතින් හොඳයි.”

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා යේන රාජගහං තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන රාජගහං තදවසරි. තත්‍ර සුදං ආයස්මා සාරිපුත්තෝ රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි.

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ දක්ඛිණාගිරි ජනපදයෙහි කැමති තාක් වැඩවාසය කොට රජගහ නුවර බලා චාරිකාවෙහි නික්මුනා. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් රජගහ නුවරට වැඩම කළා. එහි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනයේ වැඩසිටියා. එදා පෙරවරුවෙහි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ද ගෙන රජගහ නුවර පිඬු සිඟා වැඩම කළා.

තේන ඛෝ පන සමයේන ධනඤ්ජානි බ්‍රාහ්මණෝ බහිනගරේ ගාවෝ ගොට්ඨේ දෝහාපේති අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ රාජගහේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන ධනඤ්ජානි බ්‍රාහ්මණෝ තේනුපසංකමි. අද්දසා ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ ආයස්මන්තං සාරිපුත්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච: ඉතෝ භෝ සාරිපුත්ත, පයෝ පීයතං තාව භත්තස්ස කාලෝ භවිස්සතී’ති.

එසමයෙහි ධනඤ්ජානි බ්‍රාහ්මණයා නගරයෙන් පිටත ගව පට්ටියක කිරි දොවමින් සිටියා. එවිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ රජගහ නුවර පිඬු පිණිස හැසිර දන් වළඳා ධනඤ්ජානි බ්‍රාහ්මණයා වෙත පැමිණියා. එකල්හි ධනඤ්ජානි බ්‍රාහ්මණයා දුරින් ම වඩිනා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව දුටුවා. දැක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසුවා. “භවත් සාරිපුත්තයන් වහන්ස, මේ රස්නෙ පිට තියෙන කිරි පානය කළ මැනැව. එතකොට දන් වළඳන්නට කල් තියෙනවා නෙව.”

අලං බ්‍රාහ්මණ, කතම්මේ අජ්ජ භත්තකිච්චං. අමුකස්මිං මේ රුක්ඛමූලේ දිවාවිහාරෝ භවිස්සති. තත්ථ ආගච්ඡෙය්‍යාසී’ති.

“පින්වත් බ්‍රාහ්මණය කම් නැත. අද මගේ දන් වැළඳීම අවසන් වුනා. මං අසවල් තැන රුක් සෙවනේ දවල් කාලයෙහි සිටිනවා. ඔබ එතනට එන්න.”

ඒවං භෝති ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසි. අථ ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ පච්ඡාභත්තං භුත්තපාතරාසෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තේන සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ධනඤ්ජානිං බ්‍රාහ්මණං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච:

“එසේය භවත” කියා ධනඤ්ජානි බ්‍රාහ්මණයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඉතින් ධනඤ්ජානි බ්‍රාහ්මණයා උදේ ආහාරය අනුභව කොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ධනඤ්ජානි බ්‍රාහ්මණයාගෙන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය ඇසුවා.

කච්චිසි ධනඤ්ජානි, අප්පමත්තෝ’ති?

“කිම? පින්වත් ධනඤ්ජානි, අප්‍රමාදී නේද?”

‘කුතෝ භෝ සාරිපුත්ත, අම්හාකං අප්පමාදෝ යේසං නෝ මාතාපිතරෝ පෝසේතබ්බා, පුත්තදාරා පෝසේතබ්බා, දාසකම්මකරපෝරිසං පෝසේතබ්බං, මිත්තාමච්චානං මිත්තාමච්චකරණීයං කාතබ්බං ඤාතිසාලෝහිතානං ඤාතිසාලෝහිතකරණීයං කාතබ්බං, අතිථීනං අතිථිකරණීයං කාතබ්බං, පුබ්බපේතානං පුබ්බපේතකරණීයං කාතබ්බං, දේවතානං දේවතාකරණීයං කාතබ්බං, රඤ්ඤෝ රාජකරණීයං කාතබ්බං, අයම්පි කායෝ පීණේතබ්බෝ බ්‍රෑහේතබ්බෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, අප්‍රමාදයක් අපට කොයින්ද? අපට මව්පියන් පෝෂණය කරන්නට තියෙනවා නෙව. අඹුදරුවනුත් පෝෂණය කරන්නට තියෙනවා නෙව. දැසි දස් කම්කරුවනුත් පෝෂණය කරන්නට තියෙනවා නෙව. යහළු මිතුරන් ගේ යහළු මිතුරන් සඳහා කළ යුතු වැඩ තියෙනවා නෙව. ලේ ඤාතීන් උදෙසා කළ යුතු වැඩ තියෙනවා නෙව. අමුත්තන් එනකොට ඒ අමුත්තන් වෙනුවෙන් කළ යුතු වැඩ තියෙනවා නෙව. ඤාතීන් මිය ගිය විට ඒ මියගිය ඤාතීන් වෙනුවෙනුත් කළ යුතු වැඩ තියෙනවා නෙව. දෙවියන් වෙනුවෙනුත් කළ යුතු වැඩ තියෙනවා නෙව. රජ්ජුරුවන් වෙනුවෙනුත් කළ යුතු රාජකාරි තියෙනවා නෙව. මේ ශරීරයත් පිනවන්නට තියෙනවා නෙව.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ මාතාපිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ මාතාපිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. මාතාපිතරෝ වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් මව්පියන් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ මව්පියන් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ මව්පියන් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ පුත්තදාරස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ පුත්තදාරස්ස හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං. මා මං නිරයං නිරයපාලා’ති. පුත්තදාරෝ වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් අඹුදරුවන් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ අඹුදරුවන් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ අඹුදරුවන් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ දාසකම්මකරපෝරිසස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ දාසකම්මකරපෝරිසස්ස හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. දාසකම්මකරපෝරිසං වා පනස්ස ලභෙය්‍ය ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් දාසකම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ දාසකම්කරු පුරුෂයන් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ දාසකම්කරු පුරුෂයන් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ මිත්තාමච්චානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ මිත්තාමච්චානං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. මිත්තාමච්චා වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් යහළුමිත්‍රයන් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ යහළුමිත්‍රයන් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ යහළුමිත්‍රයන් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ ඤාතිසාලෝහිතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ ඤාතිසාලෝහිතානං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං. මා මං නිරයං නිරයපාලා’ති. ඤාතිසාලෝහිතා වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි. මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් සහලේ ඤාතීන් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ සහලේ ඤාතීන් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ සහලේ ඤාතීන් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. අතිථී වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් ආගන්තුකයින් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ ආගන්තුකයින් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ ආගන්තුකයින් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ පුබ්බපේතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ පුබ්බපේතානං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. පුබ්බපේතා වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් මියපරලොව ගිය ඤාතීන් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ මියපරලොව ගිය ඤාතීන් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ මියපරලොව ගිය ඤාතීන් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ දේවතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ දේවතානං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. දේවතා වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් දෙවියන් නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ දෙවියන් නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ දෙවියන් ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ රඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ රඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. රාජා වා පනස්ස ලභෙය්‍ය ‘ඒසෝ ඛෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් රජතුමා නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ රජතුමා නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම ඔහු ගේ රජතුමා ‘අනේ, මොහු අප නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධේකච්චෝ කායස්ස පීණනහේතු බ්‍රෑහනහේතු අධම්මචාරී විසමචාරී අස්ස, තමේනං අධම්මචරියා විසමචරියාහේතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛෝ සෝ ‘අහං ඛෝ කායස්ස පීණනහේතු බ්‍රෑහනහේතු අධම්මචාරී විසමචාරී අහෝසිං, මා මං නිරයං නිරයපාලා’ති. පරේ වා පනස්ස ලභෙය්‍යුං ‘ඒසෝ ඛෝ කායස්ස පීණනහේතු බ්‍රෑහනහේතු අධම්මචාරී විසමචාරී අහෝසි, මා නං නිරයං නිරයපාලා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහි කවුරුන් හෝ කෙනෙක් ශරීරය පිනවීමේ, වැඩීමේ අවශ්‍යතාව නිසා අධර්මචාරී වෙනවා, විෂමචාරී වෙනවා. එතකොට ඒ අධර්මචාරී වීම හේතුවෙන්, විෂමචාරී වීම හේතුවෙන් නිරයපාලයන් ඔහුව නිරයට ඇදගෙන යනවා. ඉතින් ඔහු ‘අනේ මං අධර්මචාරී වුනේ, විෂමචාරී වුනේ ශරීරය පිනවීමේ, වැඩීමේ අවශ්‍යතාව නිසයි. අනේ ඒ නිසා නිරයපාලයෙනි, මාව නිරයට ගෙනයන්නට එපා!’ කියල කීවොත් එය ඔහුට ලබන්නට පුළුවන් ද? ඒ වගේ ම අනිත් උදවිය ‘අනේ, මොහු ඔහු ගේ ශරීරය පිනවීමේ, වැඩීමේ අවශ්‍යතාව නිසයි අධර්මචාරී වුනේ. විෂමචාරී වුනේ. ඒ නිසා නිරයපාලයෙනි, මොහුව නිරයට ගෙනියන්නට එපා!’ කියා ලබන්නට පුළුවන් ද?”

නෝ හිදං භෝ සාරිපුත්ත, අථ ඛෝ නං වික්කන්දන්තංයේව නිරයේ නිරයපාලා පක්ඛිපෙය්‍යුං.

“භවත් සාරිපුත්තයන් වහන්ස, එය නො වේ ම යි. නමුත් නිරයපාලයෝ ඔහුව හඬා වැළපෙද්දී ම නිරයට ඇද දමාවි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා මාතාපිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අස්ස. යෝ වා මාතාපිතුන්නං හේතු ධම්මචාරී සමචාරී අස්ස, කතමං සෙය්‍යෝති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් මව්පියන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් මව්පියන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, මාතාපිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, මාතාපිතුන්නං හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් මව්පියන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් මව්පියන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා මාතාපිතරෝ චේව පෝසේතුං. න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා පුත්තදාරස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා පුත්තදාරස්ස හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් මව්පෝෂණය කරන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් අඹුදරුවන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් අඹුදරුවන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, පුත්තදාරස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, පුත්තදාරස්ස හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් අඹුදරුවන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් අඹුදරුවන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා පුත්තදාරේචේව පෝසේතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා දාසකම්මකරපෝරිසස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා දාසකම්මකරපෝරිසස්ස හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් අඹුදරුවන් පෝෂණය කරන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් දැසිදස්කම්කරුවන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් දැසිදස්කම්කරුවන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, දාසකම්මකරපෝරිසස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, දාසකම්මකරපෝරිසස්ස හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් දැසිදස්කම්කරුවන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් දැසිදස්කම්කරුවන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා දාසකම්මකරපෝරිසඤ්චේව පෝසේතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා මිත්තාමච්චානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා මිත්තාමච්චානං හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් දැසිදස්කම්කරුවන් පෝෂණය කරන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් යහළු මිත්‍රයන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් යහළු මිත්‍රයන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, මිත්තාමච්චානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, මිත්තාමච්චානං හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් යහළු මිත්‍රයන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් යහළුමිත්‍රයන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා මිත්තාමච්චානඤ්චේව මිත්තාමච්චකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා ඤාතිසාලෝහිතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා ඤාතිසාලෝහිතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් යහළු මිත්‍රයන් පෝෂණය කරන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් සහලේ ඤාතීන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් සහලේ ඤාතීන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, ඤාතිසාලෝහිතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, ඤාතිසාලෝහිතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් සහලේ ඤාතීන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් සහලේ ඤාතීන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා ඤාතිසාලෝහිතානඤ්චේව ඤාතිසාලෝහිතකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා අතිථීනං හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් සහලේ ඤාතීන් පෝෂණය කරන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් ආගන්තුකයින් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් ආගන්තුකයින් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, අතිථීනං හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් ආගන්තුකයින් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් ආගන්තුකයින් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා අතිථීනඤ්චේව අතිථිකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා පුබ්බපේතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා පුබ්බපේතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් ආගන්තුකයින් පෝෂණය කරන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් මියගිය ඤාතීන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් මියගිය ඤාතීන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, පුබ්බපේතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, පුබ්බපේතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් මියගිය ඤාතීන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් මියගිය ඤාතීන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා පුබ්බපේතානඤ්චේව පුබ්බපේතකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා දේවතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා දේවතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් මියගිය ඤාතීන්ට සළකන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් දෙවියන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් දෙවියන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, දේවතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, දේවතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් දෙවියන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් දෙවියන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා දේවතානඤ්චේව දේවතාකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා රඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා රඤ්ඤෝ හේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් දෙවියන්ට සළකන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් රජුන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් රජුන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, රඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, රඤ්ඤෝ හේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් රජුන් හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් රජුන් හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා රඤ්ඤෝ චේව රාජකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යෝ වා කායස්ස පීණනහේතු බ්‍රෑහනහේතු අධම්මචාරී විසමචාරී අස්ස, යෝ වා කායස්ස පීණනහේතු බ්‍රෑහනහේතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්‍යෝ’ති?

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් රජුන්ට සළකන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යමෙක් කය වැඩීම, පිණවීම හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, ඒ වගේ ම තවත් කෙනෙක් කය වැඩීම, පිණවීම හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම් මේ දෙකෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?”

යෝ හි භෝ සාරිපුත්ත, කායස්ස පීණනහේතු බ්‍රෑහනහේතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්‍යෝ. යෝ ච ඛෝ භෝ සාරිපුත්ත, කායස්ස පීණනහේතු බ්‍රෑහනහේතු ධම්මචාරී සමචාරී අස්ස, තදේවෙත්ථ සෙය්‍යෝ. අධම්මචරියා විසමචරියා හි භෝ සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්‍යෝ’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යමෙක් කය වැඩීම, පිණවීම හේතු කොට ගෙන හෝ අධර්මචාරී වෙනවා නම්, විෂමචාරී වෙනවා නම්, එය ශ්‍රේෂ්ඨ දෙයක් නම් නො වෙයි. නමුත් තවත් කෙනෙක් කය වැඩීම, පිණවීම හේතු කොට ගෙන හෝ ධර්මචාරී වෙනවා නම්, සමචාරී වෙනවා නම්, ඒක නම් ශ්‍රේෂ්ඨ දෙයක්. භවත් සාරිපුත්තයන් වහන්ස, අධර්මචරියා, විෂමචරියාවට වඩා ධම්මචරියාව, සමචරියාව ශ්‍රේෂ්ඨ දෙයක් නෙව.”

අත්ථි ඛෝ ධනඤ්ජානි, අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා, යේහි සක්කා කායඤ්චේව පීණේතුං බ්‍රෑහේතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුන්ති.

“පින්වත් ධනඤ්ජානි, යම් රැකීරක්ෂාවකින් කය වැඩීම, පිණවීම කරන්නට පුළුවන් නම්, ඒ වගේ ම පව් ත් නො කර සිටින්නට පුළුවන් නම්, ඒ වගේ ම පුණ්‍ය ප්‍රතිපදාවකට ත් පැමිණෙන්නට පුළුවන් නම්, එබඳු විවිධාකාර යහපත් දෙයින් යුක්ත ධාර්මික රැකීරක්ෂාවන් තියෙනවා නෙව.”

අථ ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉතින් ධනඤ්ජානි බ්‍රාහ්මණයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. හුනස්නෙන් නැගිට පිටත්ව ගියා.

අථ ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ අපරේන සමයේන ආබාධිකෝ අහෝසි දුක්ඛිතෝ බාළ්හගිලානෝ. අථ ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ අඤ්ඤතරං පුරිසං ආමන්තේසි: ඒහි ත්වං අම්භෝ, පුරිස යේන භගවා තේනුපසංකම, උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි, ‘ධනඤ්ජානි භන්තේ, බ්‍රාහ්මණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ, සෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති. යේන චායස්මා සාරිපුත්තෝ තේනුපසංකම, උපසංකමිත්වා මම වචනේන ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දාහි, ‘ධනඤ්ජානි භන්තේ, බ්‍රාහ්මණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ. සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දතී’ති. ඒවඤ්ච වදේහි: ‘සාධු කිර භන්තේ, ආයස්මා සාරිපුත්තෝ යේන ධනඤ්ජානිස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුපසංකමතු අනුකම්පං උපාදායා’ති.

පසුකලෙක ධනඤ්ජානි බ්‍රාහ්මණයා අසනීප වුනා. ඉතාමත් අසාධ්‍ය වුනා. දුකට පත් වුනා. එවිට ධනඤ්ජානි බ්‍රාහ්මණයා එක්තරා පුරුෂයෙකු ඇමතුවා. “එම්බා පුරුෂය, ඔබ එන්න. භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න. ගිහින් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය නළල බිම තබා වඳින්න. ‘ස්වාමීනී, ධනඤ්ජානි බ්‍රාහ්මණයා අසනීපයෙන් අසාධ්‍ය තත්වයෙන් දුක්ඛිතව ඉන්නවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය නළල බිම තබා වඳිනවා’ කියල. ඊට පස්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට යන්න. ගිහින් මගේ වචනයෙන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගේ උතුම් පාදයන් නළල බිම තබා වඳින්න. ‘ස්වාමීනී, ධනඤ්ජානි බ්‍රාහ්මණයා අසනීපයෙන් අසාධ්‍ය තත්වයෙන් දුක්ඛිතව ඉන්නවා. ඔහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගේ උතුම් පාදයන් නළල බිම තබා වඳිනවා’ කියල. මෙසේත් කියන්න. ‘ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ධනඤ්ජානි බ්‍රාහ්මණයා ගේ නිවසට අනුකම්පාව උපදවා වැඩම කරන සේක් නම් යහපති!’ කියල.”

ඒවං භන්තේති ඛෝ සෝ පුරිසෝ ධනඤ්ජානිස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ පුරිසෝ භගවන්තං ඒතදවෝච: ‘ධනඤ්ජානි භන්තේ, බ්‍රාහ්මණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති. යේන චායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ පුරිසෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච: ‘ධනඤ්ජානි භන්තේ, බ්‍රාහ්මණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දති, ඒවඤ්ච වදේති: ‘සාධු කිර භන්තේ, ආයස්මා සාරිපුත්තෝ යේන ධනඤ්ජානිස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුපසංකමතු අනුකම්පං උපාදායා’ති. අධිවාසේසි ඛෝ ආයස්මා සාරිපුත්තෝ තුණ්හීභාවේන.

“එසේය ස්වාමීනී” ඒ පුරුෂයා ධනඤ්ජානි බ්‍රාහ්මණයාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳගත් ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. ‘ස්වාමීනී, ධනඤ්ජානි බ්‍රාහ්මණයා අසනීපයෙන් අසාධ්‍ය තත්වයෙන් දුක්ඛිතව ඉන්නවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය නළල බිම තබා වඳිනවා’ කියල.

ඊට පස්සේ ඒ පුරුෂයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ආදරෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳගත් ඒ පුරුෂයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසුවා. ‘ස්වාමීනී, ධනඤ්ජානි බ්‍රාහ්මණයා අසනීපයෙන් අසාධ්‍ය තත්වයෙන් දුක්ඛිතව ඉන්නවා. ඔහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගේ උතුම් පාදයන් නළල බිම තබා වඳිනවා’ කියල. මෙසේත් කියන්න කිව්වා. ‘ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ධනඤ්ජානි බ්‍රාහ්මණයා ගේ නිවසට අනුකම්පාව උපදවා වැඩම කරන සේක් නම් යහපති!’ කියල.” ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්දව ඉවසා වදාළා.

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන ධනඤ්ජානිස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුපසංකමි, උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ ආයස්මා සාරිපුත්තෝ ධනඤ්ජානිං බ්‍රාහ්මණං ඒතදවෝච: ‘කච්චි තේ ධනඤ්ජානි, ඛමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති, පටික්කමෝසානං පඤ්ඤායති, නෝ අභික්කමෝති?

ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ද ගෙන ධනඤ්ජානි බ්‍රාහ්මණයා ගේ නිවස වෙත වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා. එසේ වැඩසිටි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ධනඤ්ජානි බ්‍රාහ්මණයාගෙන් මෙය ඇසුවා. “පින්වත් ධනඤ්ජානි, කිම? ඉවසන්නට පුළුවන් නේද? කිම? යැපෙන්නට පුළුවන් නේද? කිම? දුක් වේදනා අඩුවෙනවා නේද? වැඩිවෙන්නේ නැහැ නේද? දුක්වේදනා වැඩිවීමක් නොව අඩුවීමක් නේද තේරෙන්නෙ?”

න මේ භෝ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති. සෙය්‍යථාපි භෝ සාරිපුත්ත, බලවා පුරිසෝ තිණ්හේන සිඛරේන මුද්ධනි අභිමන්ථෙය්‍ය. ඒවමේව ඛෝ මේ භෝ සාරිපුත්ත, අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති න මේ භෝ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

“අනේ භවත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මට දුක් වේදනාවන් ම යි වැඩිවෙන්නේ. අඩුවීමක් නම් නෑ. වැඩිවීමක් ම යි තේරෙන්නේ. අඩුවීමක් නො වෙයි. භවත් සාරිපුත්තයන් වහන්ස, බලවත් පුරුෂයෙක් තියුණු ආයුධයකින් හිස් මුදුනට දැඩිව පහර දෙනවා වගෙයි. භවත් සාරිපුත්තයන් වහන්ස, අන්න ඒ වගේ මේ වාත වේදනාවන් මහා බලවත් විදිහට හිස් මුදුනට පහර දෙනවා. අනේ භවත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මට දුක් වේදනාවන් ම යි වැඩිවෙන්නේ. අඩුවීමක් නම් නෑ. වැඩිවීමක් ම යි තේරෙන්නේ. අඩුවීමක් නො වෙයි.

සෙය්‍යථාපි භෝ සාරිපුත්ත, බලවා පුරිසෝ දළ්හේන වරත්තබන්ධනේන සීසේ සීසවේඨනං බන්ධෙය්‍ය, ඒවමේව ඛෝ මේ භෝ සාරිපුත්ත, අධිමත්තා සීසේ සීසවේදනා හෝති. න මේ භෝ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා. අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

භවත් සාරිපුත්තයන් වහන්ස, බලවත් පුරුෂයෙක් දැඩි වූ වරපටකින් හිස වෙලා ගැටගසා තදකරනවා වගෙයි. භවත් සාරිපුත්තයන් වහන්ස, අන්න ඒ වගේ මේ හිසේ කැක්කුම මහා බලවත් ව පවතිනවා. අනේ භවත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මට දුක් වේදනාවන් ම යි වැඩිවෙන්නේ. අඩුවීමක් නම් නෑ. වැඩිවීමක් ම යි තේරෙන්නේ. අඩුවීමක් නො වෙයි.

සෙය්‍යථාපි භෝ සාරිපුත්ත, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා තිණ්හේන ගෝවිකත්තනේන කුච්ඡිං පරිකන්තෙය්‍ය. ඒවමේව ඛෝ මේ භෝ සාරිපුත්ත, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මේ භෝ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

භවත් සාරිපුත්තයන් වහන්ස, දක්ෂ ගවඝාතකයෙක් හරි, ගවඝාතකයෙකු ගේ ගෝලයෙක් හරි තියුණු ගෙරි කපන කැත්ත ගෙන ගවයා ගේ කුස පෙති ගසා කපනවා වගෙයි, භවත් සාරිපුත්තයන් වහන්ස, අන්න ඒ වගේ මේ වාත වේදනාවන් ඉතා බලවත් විදිහට කුස කැක්කුම් කරනවා. අනේ භවත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මට දුක් වේදනාවන් ම යි වැඩිවෙන්නේ. අඩුවීමක් නම් නෑ. වැඩිවීමක් ම යි තේරෙන්නේ. අඩුවීමක් නො වෙයි.

සෙය්‍යථාපි භෝ සාරිපුත්ත, ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අංගාරකාසුයා සන්තාපෙය්‍යුං සම්පරිතාපෙය්‍යුං, ඒවමේව ඛෝ මේ භෝ සාරිපුත්ත, අධිමත්තෝ කායස්මිං ඩාහෝ, න මේ භෝ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

භවත් සාරිපුත්තයන් වහන්ස, බලවත් පුරුෂයන් දෙන්නෙක් දුර්වල පුරුෂයෙකු ගේ අත් වලින් ඇද ගෙන ගිහින් ගිණි අඟුරු වළක දාලා රත්කරනවා වගෙයි, දැඩි ලෙස රත්කරනවා වගෙයි, භවත් සාරිපුත්තයන් වහන්ස, අන්න ඒ වගේ මේ කයෙහි මහා බලවත් දාහයක් තියෙනවා නෙව. අනේ භවත් සාරිපුත්තයන් වහන්ස, මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මට දුක් වේදනාවන් ම යි වැඩිවෙන්නේ. අඩුවීමක් නම් නෑ. වැඩිවීමක් ම යි තේරෙන්නේ. අඩුවීමක් නො වෙයි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, නිරයෝ වා තිරච්ඡානයෝනි වාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? නිරය ද, තිරිසන් යෝනිය ද?”

නිරයා භෝ සාරිපුත්ත, තිරච්ඡානයෝනි සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, නිරයට වඩා තිරිසන් යෝනිය ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, තිරච්ඡානයෝනි වා පෙත්තිවිසයෝ වාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? තිරිසන් යෝනිය ද, ප්‍රේත ලෝකයේ උපත ද?”

තිරච්ඡානයෝනියා භෝ සාරිපුත්ත, පෙත්තිවිසයෝ සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, තිරිසන් යෝනියට වඩා ප්‍රේත ලෝකයේ උපත ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, පෙත්තිවිසයෝ වා මනුස්සෝ වාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? ප්‍රේත ලෝකයේ උපත ද, මනුෂ්‍ය ලෝකය ද?”

පෙත්තිවිසයා භෝ සාරිපුත්ත, මනුස්සා සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, ප්‍රේත ලෝකයේ උපතට වඩා මිනිස් ලොව උපත ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, මනුස්සා වා චාතුම්මහාරාජිකා දේවා වාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? මනුෂ්‍ය ලෝකය ද, චාතුම්මහාරාජික දෙව්ලොව ද?”

මනුස්සේහි භෝ සාරිපුත්ත, චාතුම්මහාරාජිකා දේවා සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, මිනිස් ලොව උපතට වඩා චාතුම්මහාරාජික දෙව්ලොව ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, චාතුම්මහාරාජිකා වා දේවා තාවතිංසා වා දේවා’ති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? චාතුම්මහාරාජික දෙව්ලොව ද, තව්තිසා දෙව්ලොව ද?”

චාතුම්මහාරාජිකේහි භෝ සාරිපුත්ත, දේවේහි තාවතිංසා දේවා සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, චාතුම්මහාරාජික දෙව්ලොවට වඩා තව්තිසා දෙව්ලොව ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, තාවතිංසා වා දේවා යාමා වා දේවාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? තව්තිසා දෙව්ලොව ද, යාම දෙව්ලොව ද?”

තාවතිංසේහි භෝ සාරිපුත්ත, දේවේහි යාමා දේවා සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, තව්තිසා දෙව්ලොවට වඩා යාම දෙව්ලොව ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, යාමා වා දේවා තුසිතා වා දේවාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? යාම දෙව්ලොව ද, තුසිත දෙව්ලොව ද?”

යාමේහි භෝ සාරිපුත්ත, දේවේහි තුසිතා දේවා සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, යාම දෙව්ලොවට වඩා තුසිත දෙව්ලොව ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, තුසිතා වා දේවා නිම්මානරතී වා දේවාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? තුසිත දෙව්ලොව ද, නිම්මාණරතී දෙව්ලොව ද?”

තුසිතේහි භෝ සාරිපුත්ත, දේවේහි නිම්මානරතී දේවා සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, තුසිත දෙව්ලොවට වඩා නිම්මාණරතී දෙව්ලොව ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, නිම්මානරතී වා දේවා පරනිම්මිතවසවත්තී වා දේවාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? නිම්මාණරතී දෙව්ලොව ද, පරනිම්මිත වසවත්තී දෙව්ලොව ද?”

නිම්මානරතීහි භෝ සාරිපුත්ත, දේවේහි පරනිම්මිතවසවත්තී දේවා සෙය්‍යෝති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, නිම්මාණරතී දෙව්ලොවට වඩා පරනිම්මිත වසවත්තී දෙව්ලොව ශ්‍රේෂ්ඨ යි.”

තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්‍යෝ, පරනිම්මිතවසවත්තී වා දේවා බ්‍රහ්මලෝකෝ වාති?

“පින්වත් ධනඤ්ජානි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මොකක් ද ශ්‍රේෂ්ඨ? පරනිම්මිත වසවත්තී දෙව්ලොව ද, බඹ ලොව ද?”

බ්‍රහ්මලෝකෝති භවං සාරිපුත්තෝ ආහ, බ්‍රහ්මලෝකෝති භවං සාරිපුත්තෝ ආහාති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, පරනිම්මිත වසවත්තී දෙව් ලොවට වඩා බඹ ලොව ශ්‍රේෂ්ඨ යි.”

අථ ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඒතදහෝසි: ඉමේ ඛෝ බ්‍රාහ්මණා බ්‍රහ්මලෝකාධිමුත්තා. යන්නූනාහං ධනඤ්ජානිස්ස බ්‍රාහ්මණස්ස බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගං දේසෙය්‍යන්ති. බ්‍රහ්මානං තේ ධනඤ්ජානි සහව්‍යතාය මග්ගං දේසෙස්සාමි. තං සුණාහි සාධුකං මනසි කරෝහි භාසිස්සාමීති. ඒවම්භෝති ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසි.

එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය සිතුනා. ‘මේ බ්‍රාහ්මණවරු කියන්නේ බඹ ලොව උපදින්නට ආසා පිරිසක් නෙව. ඒ නිසා ධනඤ්ජානි බ්‍රාහ්මණයාට බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මාර්ගය කියන්නට ඕන.’ “පින්වත් ධනඤ්ජානි, ඔබට බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මාර්ගය කියා දෙන්නම්. එය හොඳින් අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය භවත” කියා ධනඤ්ජානි බ්‍රාහ්මණයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළා.

ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච: ‘කතමෝ ච ධනඤ්ජානි, බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගෝ? ඉධ ධනඤ්ජානි, භික්ඛු මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහරති. අයම්පි ඛෝ ධනඤ්ජානි, බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගෝ.

“පින්වත් ධනඤ්ජානි, බඹලොව උපදින්නට ඇති මාර්ගය කුමක්ද? පින්වත් ධනඤ්ජානි, මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, සතරවෙනි දිශාවටත් පතුරවා වාසය කරනවා. ඒ වගේ ම උඩ, යට, හරස් අතට ආදී සෑම තැනක් කෙරෙහි ම සියළු උදවිය කෙරෙහි ම වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ මෛත්‍රී සිතින් පතුරුවා වාසය කරනවා. පින්වත් ධනඤ්ජානි, බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නට ඇති මාර්ගය මෙය යි.

පුන චපරං ධනඤ්ජානි, භික්ඛු කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේනචේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහරති. අයම්පි ඛෝ ධනඤ්ජානි, බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගෝති.

පින්වත් ධනඤ්ජානි, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, සතරවෙනි දිශාවටත් පතුරවා වාසය කරනවා. ඒ වගේ ම උඩ, යට, හරස් අතට ආදී සෑම තැනක් කෙරෙහි ම සියළු උදවිය කෙරෙහි ම වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ උපේක්ෂා සිතින් පතුරුවා වාසය කරනවා. පින්වත් ධනඤ්ජානි, බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නට ඇති මාර්ගය මෙය යි.”

තේන හි භෝ සාරිපුත්ත, මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි, ‘ධනඤ්ජානි භන්තේ, බ්‍රාහ්මණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ, සෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති.

“භවත් සාරිපුත්තයන් වහන්ස, අනේ එහෙම නම්, මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය වන්දනා කොට වදාළ මැනැව. ‘ස්වාමීනී, ධනඤ්ජානි බ්‍රාහ්මණයා අසනීපව, අසාධ්‍යව, දුක්ඛිතව ඉන්නවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා කමල් නළල බිම තබා වන්දනා කරනවා’ කියල.”

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ ධනඤ්ජානිං බ්‍රාහ්මණං සති උත්තරිං කරණීයේ හීනේ බ්‍රහ්මලෝකේ පතිට්ඨාපෙත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉතින් ධනඤ්ජානි බ්‍රාහ්මණයා හට තවදුරටත් සිත දියුණු කරගන්නට අවස්ථාව තිබිය දී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඔහුව හීන වූ බ්‍රහ්ම ලෝකයෙහි පිහිටුවා හුනස්නෙන් නැගිට වැඩම කළා.

අථ ඛෝ ධනඤ්ජානි බ්‍රාහ්මණෝ අචිරපක්කන්තේ ආයස්මන්තේ සාරිපුත්තේ කාලමකාසි, බ්‍රහ්මලෝකඤ්ච උපපජ්ජි.

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩම කොට ස්වල්ප වෙලාවකින් ධනඤ්ජානි බ්‍රාහ්මණයා අභාවප්‍රාප්ත වුනා. බඹලොව ඉපදුනා.

අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: ඒසෝ භික්ඛවේ, සාරිපුත්තෝ ධනඤ්ජානිං බ්‍රාහ්මණං සති උත්තරිං කරණීයේ, හීනේ බ්‍රහ්මලෝකේ පතිට්ඨාපෙත්වා උට්ඨායාසනා පක්කන්තෝති.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ සාරිපුත්තයන් ධනඤ්ජානි බ්‍රාහ්මණයාට තවදුරටත් සිත දියුණු කරගන්නට අවස්ථාව තිබෙද්දී ම ඔහුව හීන වූ බ්‍රහ්ම ලෝකයෙහි පිහිටුවා අසුනින් නැගිට පිටත්වුනා නෙව.”

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: ධනඤ්ජානි භන්තේ, බ්‍රාහ්මණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ, සෝ භගවතෝ පාදේ සිරසා වන්දතීති.

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කළා. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, ධනඤ්ජානි බ්‍රාහ්මණයා අසනීපව, අසාධ්‍යව, දුක්ඛිතව ඉන්නවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා කමල් නළල බිම තබා වන්දනා කරනවා”

කිං පන ත්වං සාරිපුත්ත, ධනඤ්ජානිං බ්‍රාහ්මණං සති උත්තරිං කරණීයේ, හීනේ බ්‍රහ්මලෝකේ පතිට්ඨාපෙත්වා උට්ඨායාසනා පක්කන්තෝති?

“කිම? පින්වත් සාරිපුත්ත, ධනඤ්ජානි බ්‍රාහ්මණයාට තවදුරටත් සිත දියුණු කරගන්නට අවස්ථාව තිබෙද්දී ම ඔහුව හීන වූ බ්‍රහ්ම ලෝකයෙහි පිහිටුවා ඔබ අසුනින් නැගිට පිටත්වුනා නෙව ද?”

මය්හං ඛෝ භන්තේ, ඒවං අහෝසි: ඉමේ ඛෝ බ්‍රාහ්මණා බ්‍රහ්මලෝකාධිමුත්තා යන්නූනාහං ධනඤ්ජානිස්ස බ්‍රාහ්මණස්ස බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගං දේසෙය්‍යන්ති.

“ස්වාමීනී, මට මෙහෙමයි සිතුනේ. මේ බ්‍රාහ්මණවරුන් කියන්නේ බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නට ආසා ඇති උදවිය නෙව. ඉතින් ධනඤ්ජානි බ්‍රාහ්මණයාට බ්‍රහ්මලෝකයෙහි උපදින්නට මාර්ගය කියන එක තමයි හොඳ කියල.”

කාලකතෝ ච සාරිපුත්ත, ධනඤ්ජානි බ්‍රාහ්මණෝ බ්‍රහ්මලෝකඤ්ච උපපන්නෝති.

“පින්වත් සාරිපුත්ත, ධනඤ්ජානි බ්‍රාහ්මණයා කළුරිය කළා. බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනා.”

සාදු! සාදු!! සාදු!!!

ධනඤ්ජානි සුත්තං සත්තමං.

ධනඤ්ජානි බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M