මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.5.4. ඝෝටමුඛ සුත්තං

2.5.4. ඝෝටමුඛ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං ආයස්මා උදේනෝ බාරාණසියං විහරති ඛේමියම්බවනේ. තේන ඛෝ පන සමයේන ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ බාරාණසිං අනුප්පත්තෝ හෝති කේනචිදේව කරණීයේන. අථ ඛෝ ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන ඛේමියම්බවනං තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන ආයස්මා උදේනෝ අබ්භෝකාසේ චංකමති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි ආයුෂ්මත් උදේන තෙරුන් වහන්සේ වැඩසිටියේ බරණැස ඛේමිය නම් වූ අඹ වනයෙහි. ඒ දිනවල ඝෝටමුඛ බ්‍රාහ්මණයා කිසියම් කරුණකට බරණැසට පැමිණ සිටියා. එදා ඝෝටමුඛ බ්‍රාහ්මණයා ව්‍යායාම පිණිස සක්මන් කරමින්, ඔබ මොබ ඇවිදිමින් සිටිය දී ඛේමිය අඹවනයට පැමිණුනා. එවේලෙහි ආයුෂ්මත් උදේනයන් වහන්සේ එළිමහනේ සක්මන් කරනවා.

අථ ඛෝ සෝ ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ යේනායස්මා උදේනෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මතා උදේනේන සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ආයස්මන්තං උදේනං චංකමන්තං අනුචංකමමානෝ ඒවමාහ: ‘අම්භෝ සමණ, නත්ථි ධම්මිකෝ පරිබ්බාජෝ, ඒවං මේ එත්ථ හෝති, තඤ්ච ඛෝ භවන්තරූපානං වා අදස්සනා, යෝ වා පනෙත්ථ ධම්මෝ’ති.

එවිට ඝෝටමුඛ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදේන තෙරුන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් උදේනයන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට ආයුෂ්මත් උදේන තෙරුන් සමඟ ම සක්මන් කරමින් මෙසේ කිව්වා. “එම්බා ශ්‍රමණය, පැවිදි ජීවිතය ධාර්මික නැහැ. මං ඔය ගැන සිතන්නේ එහෙම තමයි. එයත් භවතාණන් වැනියනුත් නො දැක්ම පිණිස යි. ඒ වගේ ම ඒ පිළිබඳව යම් ධර්මයක් ඇද්ද, එය නො දැක්ම පිණිස යි.”

ඒවං වුත්තේ ආයස්මා උදේනෝ චංකමා ඕරෝහිත්වා විහාරං පවිසිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. ඝෝටමුඛෝපි ඛෝ බ්‍රාහ්මණෝ චංකමා ඕරෝහිත්වා විහාරං පවිසිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතං ඛෝ ඝෝටමුඛං බ්‍රාහ්මණං ආයස්මා උදේනෝ ඒතදවෝච: සංවිජ්ජන්තේ ඛෝ බ්‍රාහ්මණ, ආසනානි සචේ ආකංඛසි නිසීදා’ති.

මෙසේ පැවසූ විට ආයුෂ්මත් උදේන තෙරුන් සක්මන් කිරීම නවත්වා විහාරයට පිවිස පණවන ලද අසුනෙහි වැඩසිටියා. ඝෝටමුඛ බ්‍රාහ්මණයා ද, සක්මන් කිරීම නවතා විහාරයට පිවිස එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි ඝෝටමුඛ බ්‍රාහ්මණයාට ආයුෂ්මත් උදේන තෙරුන් මෙය පැවසුවා. “පින්වත් බ්‍රාහ්මණය, ආසන තියෙනවා නෙව. කැමති නම් වාඩිවෙන්න.”

ඒතදේව ච ඛෝ පන මයං භෝතෝ උදේනස්ස ආගමයමානා න නිසීදාම. කථං හි නාම මාදිසෝ පුබ්බේ අනිමන්තිතෝ ආසනේ නිසීදිතබ්බං මඤ්ඤෙය්‍යා’ති. අථ ඛෝ ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ ආයස්මන්තං උදේනං ඒතදවෝච: අම්භෝ සමණ, නත්ථි ධම්මිකෝ පරිබ්බාජෝ, ඒවං මේ එත්ථ හෝති, තඤ්ච ඛෝ භවන්තරූපානං වා අදස්සනා, යෝ වා පනෙත්ථ ධම්මෝ’ති.

“අපි භවත් උදේනයන් ගේ වචනය බලාපොරොත්තු වෙමිනුයි හිඳ නො ගත්තේ. මං වැනි කෙනෙක් ඇරයුමකින් තොරව ආසනයක වාඩි වීම කළ යුතු යැයි කෙසේ නම් සිතා ගන්නට ද?” කියා ඝෝටමුඛ බ්‍රාහ්මණයා එක්තරා කුඩා අසුනක් ගෙන එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳ ගත් ඝෝටමුඛ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදේනයන්ට මෙය පැවසුවා. “එම්බා ශ්‍රමණය, පැවිදි ජීවිතය ධාර්මික නැහැ. මං ඔය ගැන සිතන්නේ එහෙම තමයි. එයත් භවතාණන් වැනියනුත් නො දැක්ම පිණිස යි. ඒ වගේ ම ඒ පිළිබඳව යම් ධර්මයක් ඇද්ද, එය නො දැක්ම පිණිස යි.”

සචේ ඛෝ පන මේ ත්වං බ්‍රාහ්මණ, අනුඤ්ඤෙය්‍යං අනුජානෙය්‍යාසි, පටික්කෝසිතබ්බඤ්ච පටික්කෝසෙය්‍යාසි, යස්ස ච පන මේ භාසිතස්ස අත්ථං න ජානෙය්‍යාසි, මමංයේව තත්ථ උත්තරිං පටිපුච්ඡෙය්‍යාසි: ඉදං භෝ උදේන කථං, ඉමස්ස ක්වත්ථෝති? ඒවං කත්වා සියා නෝ එත්ථ කථාසල්ලාපෝති.

“පින්වත් බ්‍රාහ්මණය, ඉදින් ඔබ එකඟ විය යුතු මගේ වචනයට එකඟ වෙනවා නම්, ප්‍රතික්ෂේප කළ යුතු මගේ බස ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ වගේ ම මා කියන දෙයෙහි අර්ථය දන්නෙ නැත්නම් එය මගෙන් ම ‘භවත් උදේන, මෙය කෙසේ ද? මෙහි අර්ථය කුමක් ද?’ කියා විමසනවා නම්, පමණක් මෙහිලා අප ගේ කතා සල්ලාපය ඉදිරියට ගෙනයන්නට පුළුවනි.”

අනුඤ්ඤෙය්‍යං ඛ්වාහං භෝතෝ උදේනස්ස අනුජානිස්සාමි, පටික්කෝසිතබ්බඤ්ච පටික්කෝසිස්සාමි. යස්ස ච පනාහං භෝතෝ උදේනස්ස භාසිතස්ස අත්ථං න ජානිස්සාමි, භවන්තංයේව තත්ථ උදේනං උත්තරි පටිපුච්ඡිස්සාමි: ඉදං භෝ උදේන කථං, ඉමස්ස ක්වත්ථෝ’ති? ඒවං කත්වා හෝතු නෝ එත්ථ කථාසල්ලාපෝති.

“මම භවත් උදේනයන් ගේ එකඟ විය යුතු වචනයට එකඟ වෙන්නම්. ප්‍රතික්ෂේප කළ යුතු දෙය ප්‍රතික්ෂේප කරන්නම්. ඒ වගේ ම භවත් උදේනයන් පවසන දෙය තුළ යමක් දන්නෙ නැත්නම්, භවත් උදේනයන් ගෙන් ‘භවත් උදේන, මෙය කෙසේ ද? මෙහි අර්ථය කුමක් ද?’ කියා විමසන්නම්. මෙසේ ඇති කල්හි අප ගේ කතා සල්ලාපය වේවා!”

චත්තාරෝමේ බ්‍රාහ්මණ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝ: ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ පුග්ගලෝ අත්තන්තපෝ හෝති අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ. ඉධ පන බ්‍රාහ්මණ, ඒකච්චෝ පුග්ගලෝ පරන්තපෝ හෝති පරපරිතාපනානුයෝගමනුයුත්තෝ. ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ පුග්ගලෝ අත්තන්තපෝ ච හෝති අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, පරන්තපෝ ච පරපරිතාපනානුයෝගමනුයුත්තෝ. ඉධ පන බ්‍රාහ්මණ, ඒකච්චෝ පුග්ගලෝ නේවත්තන්තපෝ හෝති නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති. ඉමේසං බ්‍රාහ්මණ, චතුන්නං පුග්ගලානං කතමෝ තේ පුග්ගලෝ චිත්තං ආරාධේතී’ති?

“පින්වත් බ්‍රාහ්මණය, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් දකින්නට ලැබෙනවා. කවර පුද්ගලයන් සතර දෙනෙක් ද යත්; පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත්කර ගන්නා කෙනෙක්. තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.

ඒ වගේ ම පින්වත් බ්‍රාහ්මණය, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන්ව පීඩාවට පත්කරන කෙනෙක්. අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.

ඒ වගේ ම පින්වත් බ්‍රාහ්මණය, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත්කර ගන්නා කෙනෙක්. තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඒ වගේ ම අනුන්වත් පීඩාවට පත්කරන කෙනෙක්. අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.

ඒ වගේ ම පින්වත් බ්‍රාහ්මණය, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත් නො කරගන්නා කෙනෙක්. තමාව පීඩාවට පත් නො කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඒ වගේ ම අනුන්වත් පීඩාවට පත් නො කරන කෙනෙක්. අනුන්ව පීඩාවට පත් නො කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඉතින් ඔහු තමාව පීඩාවට පත් නො කරමින්, අනුන්ව පීඩාවට පත් නො කරමින්, මෙලොව දී ම තෘෂ්ණා රහිතව නිවී යන කෙනෙක්. සිහිල් වූ කෙනෙක්. සැප විඳින කෙනෙක්. ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇතිව වසන කෙනෙක්.

පින්වත් බ්‍රාහ්මණය, මේ පුද්ගලයන් සතර දෙනා ගෙන් ඔබ ගේ සිත පහදින්නේ කවර පුද්ගලයෙකුට ද?”

ය්වායං භෝ උදේන, පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, අයං මේ පුග්ගලෝ චිත්තං නාරාධේති. යෝපායං භෝ උදේන, පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, අයම්පි මේ පුග්ගලෝ චිත්තං නාරාධේති. යෝපායං භෝ උදේන, පුග්ගලෝ අත්තන්තපෝ ච අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ පරන්තපෝ ච පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, අයම්පි මේ පුග්ගලෝ චිත්තං නාරාධේති. යෝ ච ඛෝ අයං භෝ උදේන, පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති. අයං මේ පුග්ගලෝ චිත්තං ආරාධේතී’ති.

“භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් තමාව පීඩාවට පත්කර ගන්නවා ද, තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද මේ පුද්ගලයා ගැන මගේ සිත පහදින්නේ නැහැ.

ඒ වගේ ම භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් අනුන්ව පීඩාවට පත්කරනවා ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද මේ පුද්ගලයා ගැන ත් මගේ සිත පහදින්නේ නැහැ.

භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් තමාව පීඩාවට පත්කර ගන්නවා ද, තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත්කරනවා ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, මේ පුද්ගලයා ගැන ත් මගේ සිත පහදින්නේ නැහැ.

භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් තමාව පීඩාවට පත් නො කර ගන්නවා ද, තමාව පීඩාවට පත් නො කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් නො කරනවා ද, අනුන්ව පීඩාවට පත් නො කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, ඉතින් ඔහු තමාව පීඩාවට පත් නො කරමින්, අනුන්ව පීඩාවට පත් නො කරමින්, මෙලොව දී ම තෘෂ්ණා රහිතව නිවී යයි ද, සිහිල් වී යයි ද, සැප විඳී ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇතිව වාසය කරයි ද, මේ පුද්ගලයා ගැන තමයි මගේ සිත පහදින්නේ.”

කස්මා පන තේ බ්‍රාහ්මණ, ඉමේ තයෝ පුග්ගලා චිත්තං නාරාධෙන්තී’ති? ය්වායං භෝ උදේන, පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අත්තානං සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපේති පරිතාපේති, ඉමිනා මේ අයං පුග්ගලෝ චිත්තං නාරාධේති. යෝපායං භෝ උදේන, පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ පරං සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපේති පරිතාපේති, ඉමිනා මේ අයං පුග්ගලෝ චිත්තං නාරාධේති. යෝපායං භෝ උදේන, පුග්ගලෝ අත්තන්තපෝ ච අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, පරන්තපෝ ච පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අත්තානඤ්ච පරඤ්ච සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපේති පරිතාපේති, ඉමිනා මේ අයං පුග්ගලෝ චිත්තං නාරාධේති. යෝ ච ඛෝ අයං භෝ උදේන, පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති. සෝ අත්තානඤ්ච පරඤ්ච සුඛකාමේ දුක්ඛපටික්කූලේ නේව ආතාපේති, න පරිතාපේති, ඉමිනා මේ අයං පුග්ගලෝ චිත්තං ආරාධේතී’ති.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබට අර කලින් කිවූ පුද්ගලයන් තුන් දෙනා ගැන සිත නො පහදින්නේ මන්ද?”

“භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත්කර ගන්නවා නම්, තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති තමාව යි පීඩාවට පත් කරගන්නේ. දුකට පත් වෙන්නේ. මෙන්න මේ කාරණය නිසයි, මේ පුද්ගලයා ගැන මගේ සිත නො පහදින්නේ.

භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන්ව පීඩාවට පත්කරනවා නම්, අනුන්ව පීඩාවට පත්කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති අනුන්ව යි පීඩාවට පත් කරන්නේ. දුකට පත් කරන්නේ. මෙන්න මේ කාරණය නිසයි, මේ පුද්ගලයා ගැන මගේ සිත නො පහදින්නේ.

භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත්කර ගන්නවා නම්, තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති තමාව යි පීඩාවට පත් කරගන්නේ. දුකට පත් වෙන්නේ. ඔහු අනුන්ව පීඩාවට පත්කරනවා නම්, අනුන්ව පීඩාවට පත්කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති අනුන්ව යි පීඩාවට පත් කරන්නේ. දුකට පත් කරන්නේ. මෙන්න මේ කාරණය නිසයි, මේ පුද්ගලයා ගැන ත් මගේ සිත නො පහදින්නේ.

භවත් උදේනයෙනි, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත්කර ගැනීම හෝ තමාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක සිටීම හෝ කරන්නෙ නෑ. ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් කිරීම හෝ අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක සිටීම හෝ කරන්නෙ නෑ. ඔය විදිහට ඔහු තමාව පීඩාවට පත් නො කරමින්, අනුන්ව පීඩාවට පත් නො කරමින් මෙලොව දී ම තෘෂ්ණා රහිතව ඉන්නවා ද, නිවී සිහිල් වී, සැප විඳිමින් ඉන්නවා ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරනවා ද, අන්න ඒ තැනැත්තා සැප කැමති වූ, දුක් පිළිකුල් කරන තමාවත්, අනුන්වත් පීඩාවට පත් කරන්නෙ නෑ. පෙලන්නෙ නෑ. මේ කාරණය නිසයි මේ පුද්ගලයා ගැන මගේ සිත පහදින්නේ.”

ද්වේමා බ්‍රාහ්මණ පරිසා, කතමා ද්වේ: ඉධ බ්‍රාහ්මණ, ඒකච්චා පරිසා සාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තභරියං පරියේසති, දාසිදාසං පරියේසති, ඛෙත්තවත්ථුං පරියේසති, ජාතරූපරජතං පරියේසති. ඉධ පන බ්‍රාහ්මණ, ඒකච්චා පරිසා අසාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත්තවත්ථුං පහාය ජාතරූපරජතං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිතා. ය්වායං බ්‍රාහ්මණ, පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති. ඉමං ත්වං බ්‍රාහ්මණ, පුග්ගලං කතමස්සං පරිසායං බහුලං සමනුපස්සසි: යා චායං පරිසා සාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තභරියං පරියේසති, දාසිදාසං පරියේසති, ඛෙත්තවත්ථුං පරියේසති, ජාතරූපරජතං පරියේසති. යා චායං පරිසා අසාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත්තවත්ථුං පහාය ජාතරූපරජතං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිතා’ති.

“පින්වත් බ්‍රාහ්මණය, ලෝකයෙහි දෙපිරිසක් ඉන්නවා. කවර දෙපිරිසක් ද යත්; මෙහිලා පින්වත් බ්‍රාහ්මණය, ලොව එක්තරා පිරිසක් ඉන්නවා ඔවුන් මිණිකොඬොල් ආභරණ වල ඇලී, පුත්‍ර භාර්යයාවන් සොයමින් ඉන්නවා. ඔවුන් දැසි දස්සන් සොයනවා. කුඹුරු වතුපිටි සොයනවා. රන් රිදී මිල මුදල් සොයනවා. ඒ වගේ ම පින්වත් බ්‍රාහ්මණය, තවත් පිරිසක් ඉන්නවා, ඔවුන් මිණිකොඬොල් ආභරණ වල නො ඇලී, පුත්‍ර භාර්යයාවන් අත්හැර, දැසි දස්සන් අත්හැර, කුඹුරු වතුපිටි අත්හැර, රන් රිදී මිල මුදල් අත්හැර, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙනවා.

පින්වත් බ්‍රාහ්මණය, යම් මේ පුද්ගලයෙක් තමාව පීඩාවට පත්කර නො ගනී ද, තමාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො යෙදී සිටී ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් නො කරයි ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටී ද, මෙසේ ඔහු තමාව පීඩාවට පත් නො කරමින්, අනුන්ව පීඩාවට පත් නො කරමින් මෙලොව දී ම තෘෂ්ණා රහිතව සිටියි ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටියි ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරයි ද, පින්වත් බ්‍රාහ්මණය, මෙබඳු පුද්ගලයන් බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ කවර පිරිසක් අතරේ ද? ඒ කියන්නේ යම් පිරිසක් මිණිකොඬොල් ආභරණ වල ඇලී, පුත්‍ර භාර්යයාවන් සොයමින් ඉන්නවා ද, දැසි දස්සන් සොයනවා ද, කුඹුරු වතුපිටි සොයනවා ද, රන් රිදී මිල මුදල් සොයනවා ද අන්න ඒ පිරිසේ ද? එහෙම නැත්නම් පින්වත් බ්‍රාහ්මණය, යම් පිරිසක් මිණිකොඬොල් ආභරණ වල නො ඇලී, පුත්‍ර භාර්යයාවන් අත්හැර, දැසි දස්සන් අත්හැර, කුඹුරු වතුපිටි අත්හැර, රන් රිදී මිල මුදල් අත්හැර, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙනවා නම් ඒ පිරිස අතරෙහි ද?”

ය්වායං භෝ උදේන, පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති. ඉමාහං පුග්ගලං යායං පරිසා අසාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත්තවත්ථුං පහාය ජාතරූපරජතං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිතා, ඉමිස්සං පරිසායං බහුලං සමනුපස්සාමී’ති.

“භවත් උදේනයෙනි. යම් මේ පුද්ගලයෙක් තමාව පීඩාවට පත්කර නො ගනී ද, තමාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො යෙදී සිටී ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් නො කරයි ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටී ද, මෙසේ ඔහු තමාව පීඩාවට පත් නො කරමින්, අනුන්ව පීඩාවට පත් නො කරමින් මෙලොව දී ම තෘෂ්ණා රහිතව සිටියි ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටියි ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරයි ද, මම මෙබඳු පුද්ගලයන් බහුල වශයෙන් දකින්නේ යම් පිරිසක් මිණිකොඬොල් ආභරණ වල නො ඇලී, පුත්‍ර භාර්යයාවන් අත්හැර, දැසි දස්සන් අත්හැර, කුඹුරු වතුපිටි අත්හැර, රන් රිදී මිල මුදල් අත්හැර, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙනවා නම් ඒ පිරිස අතර යි.”

ඉදානේව ඛෝ පන තේ බ්‍රාහ්මණ, භාසිතං: මයං ඒවං ආජානාම, අම්භෝ සමණ, නත්ථි ධම්මිකෝ පරිබ්බාජෝ, ඒවං මේ එත්ථ හෝති, තඤ්ච ඛෝ භවන්තරූපානං වා අදස්සනා, යෝ වා පනෙත්ථ ධම්මෝ’ති.

“පින්වත් බ්‍රාහ්මණය, දැන් මේ වේලෙහි ඔබ විසින් ‘අපි මෙහෙමයි දන්නෙ, ‘එම්බා ශ්‍රමණය, පැවිදි ජීවිතය ධාර්මික නැහැ. මං ඔය ගැන සිතන්නේ එහෙම තමයි. එයත් භවතාණන් වැනියනුත් නො දැක්ම පිණිස යි. ඒ වගේ ම ඒ පිළිබඳව යම් ධර්මයක් ඇද්ද, එය නො දැක්ම පිණිස යි’ කියල කිව්වා නේද?”

අද්ධාමේසා භෝ උදේන, සානුග්ගහා වාචා භාසිතා, අත්ථි ධම්මිකෝ පරිබ්බාජෝ, ඒවං මේ එත්ථ හෝති, ඒවඤ්ච පන මං භවං උදේනෝ ධාරේතු. යේචිමේ භෝතා උදේනේන චත්තාරෝ පුග්ගලෝ සංඛිත්තේන වුත්තා විත්ථාරේන අවිභත්තා, සාධු මේ භවං උදේනෝ ඉමේ චත්තාරෝ පුග්ගලේ විත්ථාරේන විභජතු අනුකම්පං උපාදායාති.

“භවත් උදේනයෙනි, ඒකාන්තයෙන් ම ඔබවහන්සේ මට අනුග්‍රහ ලැබෙන වචනයක් ම යි පැවසුවේ. පැවිදි ජීවිතයේ දැහැමි බව තියෙනවා. මෙහිලා මට මෙහෙමත් සිතෙනවා. භවත් උදේනයෙනි, මේ පිළිබඳව මා ගැන මේ අයුරින් ධරත්වා! භවත් උදේනයන් විසින් සංක්ෂේපයෙන් පවසන ලද විස්තර වශයෙන් නො පවසන ලද, මේ පුද්ගලයන් හතර දෙනෙක් සිටිත් ද, භවත් උදේනයන් මා කෙරෙහි අනුකම්පා කොට මේ පුද්ගලයන් හතර දෙනා පිළිබඳව විස්තර වශයෙන් බෙදා පවසනු මැනැව.”

තේන හි බ්‍රාහ්මණ, සුණාහි, සාධුකං මනසි කරෝහි, භාසිස්සාමීති.

“එසේ වී නම් පින්වත් බ්‍රාහ්මණය, සවන් යොමා අසන්න. මැනැවින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

ඒවං භෝති ඛෝ ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ ආයස්මතෝ උදේනස්ස පච්චස්සෝසි. ආයස්මා උදේනෝ ඒතදවෝච:

“එසේය භවත” කියා ඝෝටමුඛ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදේනයන්ට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් උදේන තෙරුන් මෙම දෙසුම වදාළා.

කතමෝ ච බ්‍රාහ්මණ, පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ: ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ පුග්ගලෝ අචේලකෝ හෝති මුත්තාචාරෝ, හත්ථාවලේඛුනෝ න ඒහිභදන්තිකෝ න තිට්ඨභදන්තිකෝ නාභිහටං න උද්දිස්ස කටං න නිමන්තනං සාදියති, සෝ න කුම්භිමුඛා පතිගණ්හාති, න ඛලෝපිමුඛා පතිගණ්හාති, න ඒළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකිත්තීසු න යත්ථ සා උපට්ඨිතෝ හෝති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං න සුරං න මේරයං න ථුසෝදකං පිවති, සෝ ඒකාගාරිකෝ වා හෝති ඒකාලෝපිකෝ වා, ද්වාගාරිකෝ වා හෝති ද්වාලෝපිකෝ වා ….(පෙ)…. සත්තාගාරිකෝ වා හෝති සත්තාලෝපිකෝ වා, ඒකිස්සාපි දත්තියා යාපේති, ද්වීහිපි දත්තීහි යාපේති ….(පෙ)…. සත්තහිපි දත්තීහි යාපේති. ඒකාහිකම්පි ආහාරං ආහාරේති, ද්වීහිකම්පි ආහාරං ආහාරේති ….(පෙ)…. සත්තාහිකම්පි ආහාරං ආහාරේති. ඉති ඒවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභෝජනානුයෝගමනුයුත්තෝ විහරති. සෝ සාකභක්ඛෝ වා හෝති, සාමාකභක්ඛෝ වා හෝති, නීවාරභක්ඛෝ වා හෝති, දද්දුලභක්ඛෝ වා හෝති, හටභක්ඛෝ වා හෝති, කණභක්ඛෝ වා හෝති, ආචාමභක්ඛෝ වා හෝති, පිඤ්ඤාකභක්ඛෝ වා හෝති, තිණභක්ඛෝ වා හෝති, ගෝමයභක්ඛෝ වා හෝති, වනමූලඵලාහාරෝ යාපේති පවත්තඵලභෝජී. සෝ සාණානිපි ධාරේති, මසාණානිපි ධාරේති, ඡවදුස්සානිපි ධාරේති, පංසුකූලානිපි ධාරේති, තිරීටානිපි ධාරේති, අජිනානිපි ධාරේති, අජිනක්ඛිපම්පි ධාරේති, කුසචීරම්පි ධාරේති, වාකචීරම්පි ධාරේති, ඵලකචීරම්පි ධාරේති, කේසකම්බලම්පි ධාරේති, වාළකම්බලම්පි ධාරේති, උලූකපක්ඛම්පි ධාරේති. කේසමස්සුලෝචකෝපි හෝති කේසමස්සුලෝචනානුයෝගමනුයුත්තෝ, උබ්බට්ටකෝපි හෝති ආසනපටික්ඛිත්තෝ, උක්කුටිකෝපි හෝති උක්කුටිකප්පධානමනුයුත්තෝ, කණ්ටකාපස්සයිකෝපි හෝති කණ්ටකාපස්සයේ සෙය්‍යං කප්පේති, සායතතියකම්පි උදකෝරෝහණානුයෝගමනුයුත්තෝ විහරති. ඉති ඒවරූපං අනේකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයෝගමනුයුත්තෝ විහරති. අයං වුච්චති බ්‍රාහ්මණ, පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ.

“පින්වත් බ්‍රාහ්මණය, තමාව පීඩාවට පත් කරගන්නා වූ, තමාව පීඩාවට පත් කරගන්නා පිළිවෙතෙහි සිටින්නා වූ පුද්ගලයා කවරහුද? පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අත්හළ සිරිත් ඇති නිරුවත් කෙනෙක්. අතින් ආහාර පිළිගෙන අත ලෙවකන කෙනෙක්. ඔහු ‘ස්වාමීනී, වඩින්න’ කියද්දී එන්නෙ නෑ. ‘ස්වාමීනී, සිටින්න’ කියද්දී ඉන්නෙ නෑ. තමා උදෙසා ගෙනා දන් පිළිගන්නෙ නෑ. තමා උදෙසා පිසූ දන් පිළිගන්නෙ නෑ. ඇරයුම් පිළිගන්නෙ නෑ. වළඳේ උඩ කොටසින් දෙන දන් පිළිගන්නෙ නෑ. බඳුනේ උඩ කොටසින් දෙන දන් පිළිගන්නෙ නෑ. එළිපත්තේ සිට දෙන දන් පිළිගන්නෙ නෑ. ඉඳිකඩුල්ල ළඟ සිට දෙන දන් පිළිගන්නෙ නෑ. මොහොල් අතර සිට දෙන දන් පිළිගන්නෙ නෑ. දෙදෙනෙක් අනුභව කරද්දී එක් කෙනෙක් නැගිට දෙන දන් පිළිගන්නෙ නෑ. ගැබිණිය විසින් දෙන දන් පිළිගන්නෙ නෑ. කිරිපොවන්නිය විසින් දෙන දන් පිළිගන්නෙ නෑ. පුරුෂයන් අතරට ගිය තැනැත්තිය විසින් දෙන දන් පිළිගන්නෙ නෑ. නම් ගොත් පවසා දෙන දන් පිළිගන්නෙ නෑ. සුනඛයෙක් පැමිණ සිටිය දී, ඔහුට නො දී දෙන දන් පිළිගන්නෙ නෑ. මැස්සන් පොදි පොදි ගැහී සිටින තැන දී දෙන දන් පිළිගන්නෙ නෑ. මාළු, මස්, සුරා, මේරය, සෝවීරක පානය පිළිගන්නෙ නෑ.

ඔහු එක ගෙදරකින් භික්ෂාව ලබාගෙන එක බත් පිඬකින් යැපෙනවා. ගෙවල් දෙකකින් භික්ෂාව ලබාගෙන බත් පිඬු දෙකකින් යැපෙනවා ….(පෙ)…. ගෙවල් සතකින් භික්ෂාව ලබාගෙන බත් පිඬු සතකින් යැපෙනවා. කුඩා බත් තලියකින් යැපෙනවා. බත් තලි දෙකකින් යැපෙනවා. ….(පෙ)…. බත් තලි සතකින් යැපෙනවා. දවසකට වරක් ආහාර ගන්නවා. දෙ දවසකට වරක් ආහාර ගන්නවා. ….(පෙ)…. සත් දවසකට වරක් ආහාර ගන්නවා. ඔය විදිහට අඩ මසකට වරක් ආහාර වෙන් කොට වළඳන කෙනෙක් වෙනවා.

ඒ වගේ ම ඔහු අමු කොළ වර්ග වළඳනවා. බඩහමු වළඳනවා. ඌරුහැල් වළඳනවා. සම් තැම්බූ කසට වළඳනවා. මැලියම් වර්ග වළඳනවා. සුණුසහල් වළඳනවා. බත් පෙණ වළඳනවා. තල ඇට වළඳනවා. තණකොළ වළඳනවා. ගොම වළඳනවා. ගස් වල මුල්, ගෙඩි වළඳනවා. ගස්වලින් වැටුණු ගෙඩි වළඳනවා.

ඒ වගේ ම ඔහු හණවැහැරි පොරවනවා. නොයෙක් නූල් මිශ්‍ර කළ රෙදි පොරවනවා. මිනී ඔතපු රෙදි, කසල ගෙඩින් ගත් රෙදි, ගස් පොතු වලින් කළ රෙදි පොරවනවා. අඳුන් දිවි සම් පොරවනවා. අඳුන් මුව සම්, කුස තණ වලින් කළ වැහැරි පොරවනවා. එළු සමින් කළ වැහැරි පොරවනවා. දර පතුරු වලින් කළ රෙදි, කේශකම්බිලි පොරවනවා. අස්ලෝමයෙන් කළ කම්බිලි පොරවනවා. බකමුහුණු පියාපතින් කළ කම්බිලි පොරවනවා. කෙස්, ලොම් උදුරා දමනවා. කෙස්, ලොම් උදුරන වැඩපිළිවෙලෙහි යෙදී ඉන්නවා. ආසන ප්‍රතික්ෂේප කරනවා. උඩුබැල්ලෙන් ඉන්නවා. උක්කුටියෙන් ඉන්නවා. කටු ගහපු ලෑලි මත වාඩි වී ඉන්නවා. කටු ගහපු ලෑලි මත නිදා ගන්නවා. උදේ, දහවල්, සවස වශයෙන් දවසට තුන් වතාවක් වතුරේ බැහැලා කිමිදිලා ඉන්නවා. ඔන්න ඔය ආකාරයට ශරීරයට නොයෙක් ආකාරයේ දැවෙන, තැවෙන, පීඩා වෙන වැඩපිළිවෙලේ යෙදී ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, තමා ව පීඩාවට පත් කරන පිළිවෙතෙහි සිටින්නා වූ, තමා ව පෙළන්නා වූ පුද්ගලයා කියලයි මොහුට කියන්නෙ.

කතමෝ ච බ්‍රාහ්මණ, පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුයෝගමනුයුත්තෝ: ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ පුග්ගලෝ ඕරබ්භිකෝ හෝති, සූකරිකෝ සාකුන්තිකෝ මාගවිකෝ ලු‍ද්දෝ මච්ඡඝාතකෝ චෝරෝ චෝරඝාතකෝ බන්ධනාගාරිකෝ, යේ වා පනඤ්ඤේපි කේචි කුරූරකම්මන්තා. අයං වුච්චති බ්‍රාහ්මණ, පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුයෝගමනුයුත්තෝ.

පින්වත් බ්‍රාහ්මණය, අනුන්ව පීඩාවට පත් කරන්නා වූ, අනුන්ව පීඩාවට පත් කරවන පිළිවෙතෙහි සිටින්නා වූ පුද්ගලයා කවරහුද? පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු එළුවන් මරණ කෙනෙක්. ඌරන් මරණ කෙනෙක්. කුරුල්ලන් මරණ කෙනෙක්. මුවන් මරණ කෙනෙක්. ඔහු රෞද්‍රයි. මත්ස්‍ය ඝාතනයේ යෙදෙනවා. සොරෙක්. චෝර ඝාතකයෙක්. බන්ධනාගාරගත වී ඉන්න කෙනෙක්. තවත් යම් කෲරකම් ඇත් ද, ඒවා ත් කරනවා. පින්වත් බ්‍රාහ්මණය, අන්‍යයන් පීඩාවට පත් කරන පිළිවෙතෙහි සිටින්නා වූ, අනුන් පෙළන්නා වූ පුද්ගලයා කියලයි මොහුට කියන්නෙ.

කතමෝ ච බ්‍රාහ්මණ, පුග්ගලෝ අත්තන්තපෝ ච අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ පරන්තපෝ ච පරපරිතාපනානුයෝගමනුයුත්තෝ: ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ පුග්ගලෝ රාජා වා හෝති ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ, බ්‍රාහ්මණෝ වා මහාසාලෝ, සෝ පුරත්ථිමේන නගරස්ස නවං සන්ථාගාරං කාරාපෙත්වා කේසමස්සුං ඕහාරෙත්වා ඛරාජිනං නිවාසෙත්වා සප්පිතේලේන කායං අබ්භඤ්ජිත්වා මිගවිසාණේන පිට්ඨිං කණ්ඩුවමානෝ සන්ථාගාරං පවිසති සද්ධිං මහේසියා බ්‍රාහ්මණේන ච පුරෝහිතේන. සෝ තත්ථ අනන්තරහිතාය භූමියා හරිතුපත්තාය සෙය්‍යං කප්පේති, ඒකිස්සා ගාවියා සරූපවච්ඡාය යං ඒකස්මිං ථනේ ඛීරං හෝති, තේන රාජා යාපේති. යං දුතියස්මිං ථනේ ඛීරං හෝති, තේන මහේසී යාපේති. යං තතියස්මිං ථනේ ඛීරං හෝති, තේන බ්‍රාහ්මණෝ පුරෝහිතෝ යාපේති, යං චතුත්ථස්මිං ථනේ ඛීරං හෝති, තේන අග්ගිං ජුහති. අවසේසේන වච්ඡකෝ යාපේති. සෝ ඒවමාහ: ‘එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තිකා වච්ඡතරියෝ හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා අජා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා රුක්ඛා ඡිජ්ජන්තු යූපත්ථාය, එත්තකා දබ්බා ලූයන්තු බරිහිසත්ථායා’ති. යේපිස්ස තේ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තේපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති. අයං වුච්චති බ්‍රාහ්මණ, පුග්ගලෝ අත්තන්තපෝ ච අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ පරන්තපෝ ච පරපරිතාපනානුයෝගමනුයුත්තෝ.

පින්වත් බ්‍රාහ්මණය, තමාව පීඩාවට පත් කරගන්නා වූ, තමාව පීඩාවට පත් කරගන්නා පිළිවෙතෙහි සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් කරන්නා වූ, අනුන්ව පීඩාවට පත් කරවන පිළිවෙතෙහි සිටින්නා වූ ද පුද්ගලයා කවරහුද? පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ඔටුණු පැළඳූ රජෙක් වෙන්නට පුළුවනි. එසේ නැත්නම්, මහාසාර කුලයේ උපන් බමුණෙක් වෙන්නට පුළුවනි. ඔහු නුවරට නැගෙනහිරින් අලුත් යාග ශාලාවක් කරවනවා. ඊට පස්සෙ කෙස්, රැවුල් බාලා අඳුන් දිවි සමක් පොරෝගන්නවා. ගිතෙලින් ශරීරය ඉලීම් පිරිමැදීම් කරනවා. මුවෙකු ගේ අඟකින් පිට කසනවා. රාජමහේසිකාව හා පුරෝහිත බමුණා සමඟ යාග ශාලාවට පිවිසෙනවා. ඉතින් ඔහු අමු ගොම තැවරූ, අමු කොළ අතුල බිම හාන්සි වෙනවා. මව් වැස්සියට සමාන වූ රූප ඇති වසු පැටියෙකු සිටින එළදෙනක ගේ එක් තන පුඩුවකින් යම් කිරක් වැගිරෙයි ද, එයින් රජු යැපෙනවා. දෙවෙනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් මහේසිකාව යැපෙනවා. තුන්වෙනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් පුරෝහිත බමුණා යැපෙනවා. සිව් වෙනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් ගිනි පුදනවා. අනිත් තන පුඩු වලින් වහු පැටියා යැපෙනවා. ඊට පස්සේ ඔහු මෙහෙම කියනවා. ‘යාගය පිණිස මෙපමණ හොඳින් වැඩුණු වෘෂභයෝ නසත්වා ! යාගය පිණිස මෙපමණ තරුණ ගවයෝ නසත්වා! යාගය පිණිස මෙපමණ ගව නෑම්බියෝ නසත්වා! යාගය පිණිස මෙපමණ බැටලුවෝ නසත්වා! යාගය පිණිස මෙපමණ එළුවෝ නසත්වා! යාගය පිණිස මෙපමණ වෘක්ෂයෝ සිඳිනු ලබත්වා! යාගයට ඇතිරීම පිණිස මෙපමණ කුස තණ කපනු ලබත්වා!’ එතකොට ඔහුට සිටින යම් දාසයෝ වෙත් ද, යම් ඇත්ගොව් ආදී වෙත් ද, යම් කම්කරුවෝ වෙත් ද, ඔවුනුත් දඬුවමට තැති ගන්නවා. බියෙන් තැති ගන්නවා. කඳුළු වගුරුවා ගත් මුහුණින් යුතුව තමයි යාගයට ආවතේව කරන්නේ. පින්වත් බ්‍රාහ්මණය, තමාවත් පීඩාවට පත්කරවන වැඩපිළිවෙලක යෙදෙමින්, තමාව ද පෙළන්නා වූ, අනුන්වත් පීඩාවට පත්කරවන වැඩපිළිවෙලක යෙදෙමින්, අනුන්ව ද පෙළන්නා වූ පුද්ගලයා කියල යි මොහුට කියන්නේ.

කතමෝ ච බ්‍රාහ්මණ, පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති: ඉධ බ්‍රාහ්මණ, තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තෝ වා අඤ්ඤතරස්මිං වා කුලේ පච්චාජාතෝ, සෝ තං ධම්මං සුත්වා තථාගතේ සද්ධං පටිලභති. සෝ තේන සද්ධාපටිලාභේන සමන්නාගතෝ ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධෝ ඝරාවාසෝ රජාපථෝ, අබ්භෝකාසෝ පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං, යන්නූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. සෝ අපරේන සමයේන අප්පං වා භෝගක්ඛන්ධං පහාය මහන්තං වා භෝගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.

පින්වත් බ්‍රාහ්මණය, තමාව පීඩාවට පත්කර නො ගන්නා වූ ද, තමාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් නො කරන්නා වූ ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, මෙලොව දී ම තෘෂ්ණා රහිතව සිටින්නා වූ ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටින්නා වූ ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරන්නා වූ ද පුද්ගලයා කවරහු ද?

පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරන ලද ධර්මය දේශනා කරනවා. ඒ තථාගතයන් වහන්සේ මුළ කල්‍යාණ වූ, මධ්‍යයෙහි කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් හෙබි, ධර්මය දේශනා කරනවා. මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු වූ නිවන් මඟ බඹසර ප්‍රකාශ කරනවා.

එතකොට ගෘහපතියෙක් හෝ වේවා, ගෘහපති පුත්‍රයෙක් හෝ වේවා, යම් කිසි කුලයක උපන් කෙනෙක් ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය ඇසීමෙන් පසු තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තව මේ අයුරින් නුවණින් සලකා බලනවා. ‘ගෘහ වාසය කරදර සහිතයි. කෙලෙස් උපදවන මගකුයි තියෙන්නෙ. නමුත් පැවිදි බව අභ්‍යාවකාශය වගෙයි. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට ඒකාන්ත පරිපූර්ණ වූ, ඒකාන්ත පාරිශුද්ධ වූ පිරිසිදු කළ සංඛයක් බඳු වූ මේ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන එක ලෙහෙසි දෙයක් නො වෙයි. මා ගිහිගෙයින් නික්ම කෙස්, රැවුල් බහා කසාවත් දරා සසුනෙහි පැවිදි වෙන එක තමයි හොඳ’ කියා නුවණින් සලකනවා. ඉතින් ඔහු පසු කලක ස්වල්ප වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. මහත් වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. මහත් වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. ගිහි ගෙයින් නික්මෙනවා. කෙස්, රැවුල් බහා කසාවත් දරා සසුනෙහි පැවිදි වෙනවා.

සෝ ඒවං පබ්බජිතෝ සමානෝ භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති දින්නාදායී දින්නපාටිකංඛී අථේනේන සුචිභූතේන අත්තනා විහරති. අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හෝති ආරාචාරී විරතෝ මේථුනා ගාමධම්මා, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සච්චවාදී සච්චසන්ධෝ ථේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස, පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ හෝති ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය අමුත්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං භේදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හෝති, ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති යා සා වාචා නේලා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හෝති, සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසංහිතං.

ඔහු ඔය අයුරින් උතුම් පැවිදි ජීවිතේ ලැබුවට පස්සේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂා පද තමනුත් රකිනවා. ප්‍රාණඝාතය දුරු කරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු-මුගුරු අත්හරිනවා. අවි-ආයුධ අත්හරිනවා. ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. හොරකම අත්හරිනවා. හොරකමින් වලකිනවා. දුන් දේ විතරක් ගන්නවා. දුන් දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. අයහපත් හැසිරීමෙන් දුරු වෙනවා. ලාමක දෙයක් වන මෛථූනයෙන් වළකිනවා. බොරුව අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සත්‍යවාදී වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා. ස්ථිර වචන කියනවා. ඇදහිය යුතු දේ කියනවා. ලෝකයා අවුල් වෙන දේ කියන්නෙ නෑ. කේළම අත්හරිනවා. කේළමින් වළකිනවා. මෙතනින් අහල මේ අය බිඳවන්න එතන එකක් කියන්නෙ නෑ. එතනින් අහල ඒ අය බිඳවන්න මෙතන කියන්නෙ නෑ. බිඳිච්ච අය සමඟි කරනවා. සමඟි බව ඇති කරනවා. සමඟියට කැමති වෙනවා. සමඟියේ ඇලෙනවා. සමඟි බවේ සතුටු වෙනවා. සමඟිය ඇති වෙන දේ ම කියනවා. පරුෂ වචනය අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. දොස් රහිත දේ කියනවා. කනට මිහිරි දේ කියනවා. සෙනෙහෙබර වචන කියනවා. හෘදයාංගම වචන කියනවා. දැන උගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති ප්‍රියමනාප වචන කියනවා. හිස් දෙඩවිලි අත්හරිනවා. හිස් දෙඩවිල්ලෙන් වළකිනවා. සුදුසු කාලයට කතා කරනවා. ඇත්ත දෙය කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මය කතා කරනවා. විනය කතා කරනවා. මතක තබාගන්නට වටින දේ කතා කරනවා.

සෝ බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතෝ හෝති, ඒකභත්තිකෝ හෝති රත්තූපරතෝ විරතෝ විකාලභෝජනා, නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතෝ හෝති, මාලාගන්ධවිලේපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතෝ හෝති, උච්චාසයනමහාසයනා පටිවිරතෝ හෝති, ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතෝ හෝති, ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතෝ හෝති, ආමකමංසපටිග්ගහණා පටිවිරතෝ හෝති, ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතෝ හෝති, දාසිදාසපටිග්ගහණා පටිවිරතෝ හෝති, අජේළකපටිග්ගහණා පටිවිරතෝ හෝති, කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතෝ හෝති, හත්ථිගවස්සවළවාපටිග්ගහණා පටිවිරතෝ හෝති, ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතෝ හෝති, දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ හෝති, කයවික්කයා පටිවිරතෝ හෝති, තුලාකූටකංසකූටමානකූටා පටිවිරතෝ හෝති, උක්කෝටනවඤ්චනනිකතිසාචියෝගා පටිවිරතෝ හෝති, ඡේදනවධබන්ධනවිපරාමෝසආලෝපසහසාකාරා පටිවිරතෝ හෝති, සෝ සන්තුට්ඨෝ හෝති කායපරිහාරිකේන චීවරේන කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතේන, සෝ යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති, සෙය්‍යථාපි නාම පක්ඛී සකුණෝ යේන යේනේව ඩේති, සපත්තභාරෝව ඩේති, ඒවමේවං භික්ඛු සන්තුට්ඨෝ හෝති කායපරිහාරිකේන චීවරේන කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතේන, යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවේදේති.

ඒ භික්ෂුව ගස් කොළන් වැනසීමෙන් වළකිනවා. උදේ වරුවෙහි කැප සරුප් දේ විතරක් වළඳනවා. රාත්‍රී ආහාරය වූ විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දර්ශන වලින් වළකිනවා. සැප පහසු ආසන පරිහරණයෙන් වළකිනවා. මල්, සුවඳ විලවුන් වලින් සැරසීමෙන්, හැඩ වැඩ වීමෙන් වළකිනවා. රන්, රිදී, කහවනු ආදිය පිළිගැනීමෙන් වළකිනවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වළකිනවා. එළුවන්, කුකුළන්, ඌරන, ඇතුන්, අශ්වයින් පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු, වතුපිටි පිළිගැනීමෙන් වළකිනවා. ගිහියන් ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. වෙළඳ ගණුදෙනු වලින් වළකිනවා. හොරට තරාදියෙන් කිරන එක, හොරට මනින එක ආදියෙන් වළකිනවා. අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙන්නල රැවටීමෙන් වළකිනවා. කට්ටකම් වලින් වළකිනවා. අත් පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මං පැහැරීම්, ගම් පැහැරීම්, සාහසිකකම් යන මේවායින් වළකිනවා.

ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. කය පොරවන සිවුරෙනුත්, කුස පිරෙන ප්‍රමාණයේ පිණ්ඩපාතයෙනුත් සතුටු වෙනවා. ඔහු යන යන තැන පාත්තරෙයි, සිවුරුයි විතරක් ගෙනියනවා. ළිහිණි කුරුල්ලෙක් යන යන තැන පියාපත් බර විතරක් අරගෙන යනව වගෙයි. ඔන්න ඔය විදිහටයි භික්ෂුව ලද දෙයින් සතුටු වෙන්නෙ. කය පොරවන සිවුරෙනුත් කුස පිරෙන පිණ්ඩපාතෙනුත් සතුටු වෙනවා. ඔහු යම් තැනක යනව නම්, පාත්‍ර සිවුරු විතරක් අරගෙන යනව. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්විත වෙලා නිවැරදි ජීවිතය ගැන තමන් තුළ මහත් සතුටක් ලබනවා.

සෝ චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී යත්වාධිකරණමේනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්‍රියං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤායන න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමේනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්‍රියං, මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ අජ්ඣත්තං අබ්‍යාසේකසුඛං පටිසංවේදේති.

ඒ භික්ෂුව ඇසින් රූප දැකල එහි සටහන් ගන්නෙ නෑ. කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. ඇස අසංවරව ඉන්න කොට, ආශාව, තරහ වගේ පාපී අකුසල් දේවල් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න දේකට පත්වෙන්නෙ නෑ. තමන් ගේ ඇස සංවර කරගන්නවා. ඇස රකිනවා. ඇසේ සංවරකමට පැමිණෙනවා. කනින් ශබ්ද අහල ….(පෙ)…. නාසයෙන් ගඳ – සුවඳ දැනගෙන ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස දැනගෙන ….(පෙ)…. මනසින් අරමුණු දැනගෙන ඒ මනස අසංවරව හිටියොත්, ආශාව, තරහ වගේ පාපී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇති වෙනව නම් එබඳු නිමිති ගන්නෙ නෑ. එබඳු නිමිතිවල කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. මනසේ සංවරයට පැමිණෙනවා. මනස රකිනවා. මනස සංවර කරගන්නවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුතු ව තමන් තුළ පීඩා රහිත වූ මහත් සැපයක් විඳිනවා.

සෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සමිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති, සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී හෝති, අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති, උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හෝති, ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති.

ඉතින් ඒ භික්ෂුව ඉදිරියට යන කොට, ආපසු එන කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. ඉදිරියට බලන කොට, වටපිට බලන කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. අත පය හකුළන කොට, දිගහරින කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. දෙපොට සිවුරු, තනිපොට සිවුරු, පාත්තර පරිහරණය කරන කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. යමක් වළඳන කොට, පානය කරන කොට, සපා කන කොට, රස විඳින කොට, මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. වැසිකිළි කැසිකිළි යන කොට ත් මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. ඇවිදින කොට, නැවතී ඉන්න කොට, වාඩි වෙන කොට, නිදන කොට, නිදිවරන කොට, කතා කරන කොට, නිශ්ශබ්දව ඉන්න කොට, මනා සිහි නුවණින් යුක්තව එය කරනවා.

සෝ ඉමිනා ච අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ, ඉමිනා ච අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ, ඉමිනා ච අරියේන සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ, විවිත්තං සේනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං. සෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ අභිජ්ඣං ලෝකේ පහාය විගතාභිජ්ඣනේ චේතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසෝධේති, බ්‍යාපාදපදෝසං පහාය අබ්‍යාපන්නචිත්තෝ විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධේති, ථිනමිද්ධං පහාය විගතථීනමිද්ධෝ විහරති ආලෝකසඤ්ඤී සතෝ සම්පජානෝ ථීනමිද්ධා චිත්තං පරිසෝධේති, උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතෝ විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තෝ, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධේති, විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡෝ විහරති අකථංකථී කුසලේසු ධම්මේසු, විචිකිච්ඡාය චිත්තං පරිසෝධේති.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකිනුත් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ සිහිකල්පනාවකිනුත් යුක්ත වෙලා දුර ඈත වන සෙනසුන්වල ඉන්නවා. ආරණ්‍යවල ඉන්නවා. රුක් සෙවනෙ, පර්වතයෙ, දිය ඇලි අසල, ගිරි ගුහා, සොහොන්, වනගොමු, නිදහස් තැන්, පිදුරු ගෙවල් ආදියෙහි වාසය කරනවා.

ඉතින් ඒ භික්ෂුව පිණ්ඩපාතය වැළඳුවට පස්සේ පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය ඍජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. ඔහු ජීවිතේ නම් වූ ලෝකය ගැන තියෙන ඇල්ම දුරු කරනවා. ආශාවෙන් තොර වූ සිතින් වාසය කරනවා. ආශාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. තරහ අත්හරිනවා. තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. තරහ බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. ථීනමිද්ධය අත්හරිනවා. ථීනමිද්ධයෙන් තොරව ඉන්නවා. හොඳ සිහි කල්පනාවෙන් යුතුව ආලෝක සඤ්ඤාව ඇති කරගන්නවා. ථීනමිද්ධය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. උද්ධච්ච-කුක්කුච්ච අත් හරිනවා. හිතේ ඇවිස්සීමකින් තොරව වාසය කරනවා. තමා තුළ ශාන්ත සිතක් ඇති කරගන්නවා. උද්ධච්ච කුක්කුච්ච බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. විචිකිච්ඡාව අත්හරිනවා. විචිකිච්ඡාවෙන් තොරව ඉන්නවා. කුසල් දහම් ගැන ‘කෙසේද කෙසේද’ කියන සැකය අත්හරිනවා. සැකය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා.

සෝ ඉමේ පඤ්ච නීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ච සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.

ඒ භික්ෂුව ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ මේ නීවරණ පහ අත්හරිනවා. ඊට පස්සෙ කාමයෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ඊළඟට ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැප සේ වාසය කරනවා’ කියන ඒ තුන්වෙනි ධ්‍යානය ත් ලබාගෙන වාසය කරනවා. සැප ද, දුක ද නැති කිරීමෙන්, කලින් ම මානසික සැප දුක් දෙකින් ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාව ත්, සිහිය ත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමේති, සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං, ද්වේපි ජාතියෝ, තිස්සෝපි ….(පෙ)…. අනේකේපි සංවට්ටවිවට්ටකප්පේ, අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවේදී ඒවමායුපරියන්තෝ, සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං, තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවේදී ඒවමායුපරියන්තෝ, සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ’ති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති.

ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම අකම්පිත වුනා ම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයේ ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දාහක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප ගණන් සිහි කරනවා. ඒ කාලෙ මගේ නම මේකයි, ගෝත්‍රය මේකයි, හැඩ රුව මෙහෙමයි, මේව තමයි කෑවෙ බිව්වෙ, සැප දුක් වින්ඳෙ මෙහෙමයි. මැරිල ගියේ මෙහෙමයි. ඒ මං එතනින් චුත වෙලා මෙතන උපන්නා. ඔය විදිහට කරුණු සහිතව, පැහැදිලි විස්තර ඇති ව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ, යථාකම්මූපගේ සත්තේ පජානාති: ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා ….(පෙ)…. මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා, ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා ….(පෙ)…. සම්මාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නාති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ, යථාකම්මූපගේ සත්තේ පජානාති.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. එතකොට ඔහු සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරල, වචනින් දුසිරිත් කරල, මනසින් දුසිරිත් කරල, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරමින් ඉඳල, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නව. දුගතියෙ ඉපදිලා ඉන්නව. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නවා’ කියල. ඒ වගේ ම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිල, වචනයෙන් සුචරිතයේ යෙදිල, මනසින් සුචරිතයේ යෙදිල, ආර්යයන් වහන්සේලාට අපහාස නො කොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳල, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියා වල යෙදිල, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියල. මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගති වල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේති, සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයෝති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරෝධෝති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමේ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයෝති යථාභූතං පජානාති, අයං ආසවනිරෝධෝති යථාභූතං පජානාති, අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති: ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං වුච්චති බ්‍රාහ්මණ, පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරතී’ති.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල් වී තිබුනා ම, අකම්පිත වුනා ම, ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රවයන් ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා.

ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැන ගන්න කොට, යථාර්ථය දැක ගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනා ම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

පින්වත් බ්‍රාහ්මණය, තමාව පීඩාවට පත්කර නො ගන්නා වූ ද, තමාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් නො කරන්නා වූ ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, මෙලොව දී ම තෘෂ්ණා රහිතව සිටින්නා වූ ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටින්නා වූ ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරන්නා වූ ද පුද්ගලයා කියන්නෙ මොහුටයි.”

ඒවං වුත්තේ ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ ආයස්මන්තං උදේනං ඒතදවෝච: අභික්කන්තං භෝ උදේන, අභික්කන්තං භෝ උදේන, සෙය්‍යථාපි භෝ උදේන, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේවං භෝතා උදේනේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භවන්තං උදේනං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච, උපාසකං මං භවං උදේනෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගත’න්ති.

මෙසේ පැවසූ විට ඝෝටමුඛ බ්‍රාහ්මණයා, ආයුෂ්මත් උදේනයන් වහන්සේට මෙය පැවසුවා. “භවත් උදේනයන් වහන්ස, හරි ම සුන්දර යි! භවත් උදේනයන් වහන්ස, හරි ම සුන්දර යි! යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙ යි. ඔන්න ඔය විදියට යි භවත් උදේනයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මං භවත් උදේනයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භවත් උදේනයන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

මා ඛෝ මං ත්වං බ්‍රාහ්මණ, සරණං අගමාසි, තමේව ත්වං භගවන්තං සරණං ගච්ඡාහි යමහං සරණං ගතෝති.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබ මාව සරණ යන්නට එපා! මම යම් කෙනෙකුන් වහන්සේව සරණ ගියා නම්, ඒ භාග්‍යවතුන් වහන්සේව ම ඔබ ත් සරණ යන්න.”

කහං පන භෝ උදේන, ඒතරහි සෝ භවං ගෝතමෝ විහරති අරහං සම්මාසම්බුද්ධෝති?

“භවත් උදේනයන් වහන්ස, දැන් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩසිටින්නේ කොහේද?”

පරිනිබ්බුතෝ ඛෝ බ්‍රාහ්මණ, ඒතරහි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝති.

“පින්වත් බ්‍රාහ්මණය, දැන් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.”

සචේ හි මයං භෝ උදේන, සුණෙය්‍යාම තං භවන්තං ගෝතමං දසසු යෝජනේසු, දසපි මයං යෝජනානි ගච්ඡෙය්‍යාම තං භවන්තං ගෝතමං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. සචේ මයං භෝ උදේන, සුණෙය්‍යාම තං භවන්තං ගෝතමං වීසතියා යෝජනේසු ….(පෙ)…. තිංසාය යෝජනේසු ….(පෙ)…. චත්තාරීසාය යෝජනේසු ….(පෙ)…. පඤ්ඤාසාය යෝජනේසු, පඤ්ඤාසම්පි මයං යෝජනානි ගච්ඡෙය්‍යාම තං භවන්තං ගෝතමං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. යෝජනසතේපි මයං භෝ උදේන, සුණෙය්‍යාම තං භවන්තං ගෝතමං, යෝජනසතම්පි මයං ගච්ඡෙය්‍යාම තං භවන්තං ගෝතමං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. යතෝ ච ඛෝ භෝ උදේන, පරිනිබ්බුතෝ සෝ භවං ගෝතමෝ, පරිනිබ්බුතම්පි මයං තං භවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භවං උදේනෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතං. අත්ථි ච මේ භෝ උදේන, අංගරාජා දේවසිකං නිච්චභික්ඛං දදාති. තතෝ අහං භෝතෝ උදේනස්ස ඒකං නිච්චභික්ඛං දදාමීති.

“භවත් උදේනයන් වහන්ස, ඉදින් අපි දස යොදුනක් දුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනවා කියල අසනවා නම්, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට දස යොදුනක් ගෙවාගෙන හෝ යනවා. ඉදින් අපි විසි යොදුනක් දුරින් වේවා, තිස් යොදුනක් දුරින් වේවා, සතළිස් යොදුනක් දුරින් වේවා, පනස් යොදුනක් දුරින් වේවා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනවා කියල අසනවා නම්, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දකින්නට ඒ පනස් යොදුන ම ගෙවාගෙන හෝ යනවා. භවත් උදේනයන් වහන්ස, යම් කලෙක ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක් ද, ඒ පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේව අපි සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භවත් උදේනයන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!

භවත් උදේනයන් වහන්ස, මට අංග ජනපදයේ රජතුමා දිනපතා ම නිත්‍ය භික්ෂාවක් දෙනවා. මං භවත් උදේනයන් වහන්සේ හට එයින් එක් නිත්‍ය භික්ෂාවක් පූජා කරන්නම්.”

කිං පන තේ බ්‍රාහ්මණ, අංගරාජා දේවසිකං නිච්චභික්ඛං දදාතීති? පඤ්ච භෝ උදේන, කහාපණසතානීති. න ඛෝ නෝ බ්‍රාහ්මණ, කප්පති ජාතරූපරජතං පටිග්ගහේතුන්ති.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබට අංග රජතුමා දිනපතා දෙන නිත්‍ය භික්ෂාව කුමක්ද?”

“භවත් උදේනයන් වහන්ස, කහවනු පන්සියයක්.”

“පින්වත් බ්‍රාහ්මණය, අපට රන් රිදී පිළිගන්නට කැප නැහැ.”

සචේ තං භෝතෝ උදේනස්ස න කප්පති, විහාරං භෝතෝ උදේනස්ස කාරාපෙස්සාමීති.

“ඉදින් භවත් උදේනයන් වහන්ස, රන් රිදී පිළිගන්නට අකැප නම්, භවත් උදේනයන් වහන්සේට විහාරයක් කරවන්නම්.”

සචේ ඛෝ මේ ත්වං බ්‍රාහ්මණ, විහාරං කාරාපේතුකාමෝ, පාටලිපුත්තේ සංඝස්ස උපට්ඨානසාලං කාරාපේහීති.

“ඉදින් පින්වත් බ්‍රාහ්මණය, ඔබ විහාරයක් කරවන්නට කැමති නම්, පාටලී පුත්‍රයෙහි භික්ෂුසංඝයා හට උපස්ථාන ශාලාවක් කරවන්න.”

ඉමිනාපහං භෝතෝ උදේනස්ස භිය්‍යෝසෝමත්තාය අත්තමනෝ අභිරද්ධෝ, යං මං භවං උදේනෝ සංඝේ දානේ සමාදපේති, ඒසාහං භෝ උදේන, ඒතිස්සා ච නිච්චභික්ඛාය අපරාය ච නිච්චභික්ඛාය පාටලිපුත්තේ සංඝස්ස උපට්ඨානසාලං කාරාපෙස්සාමීති.

“මම ඔය කාරණයෙනුත් භවත් උදේනයන් වහන්සේ කෙරෙහි බලවත් සේ සතුටට පත්වුනා. සිත පැහැදුනා. භවත් උදේනයන් වහන්සේ මාව සංඝයා උදෙසා දන් දෙන්නට සමාදන් කරවනවා. එනිසා භවත් උදේනයන් වහන්ස, මම එම නිත්‍ය භික්ෂාවෙනුත් වෙනත් භික්ෂාවන්ගෙනුත් පාටලීපුත්‍ර නගරයෙහි සංඝයා උදෙසා උපස්ථාන ශාලාවක් කරවන්නම්.”

අථ ඛෝ ඝෝටමුඛෝ බ්‍රාහ්මණෝ ඒතිස්සා ච නිච්චභික්ඛාය අපරාය ච නිච්චභික්ඛාය පාටලිපුත්තේ සංඝස්ස උපට්ඨානසාලං කාරාපේසි. සා ඒතරහි ඝෝටමුඛීති වුච්චතීති.

ඉතින් ඝෝටමුඛ බ්‍රාහ්මණයා ඒ නිත්‍ය භික්ෂාවෙනුත්, වෙනත් නිත්‍ය භික්ෂාවකිනුත් පාටලීපුත්‍ර නගරයෙහි සංඝයා උදෙසා උපස්ථාන ශාලාවක් කෙරෙව්වා. දැනුත් ඒ ශාලාවට කියන්නේ ඝෝටමුඛ කියල යි.

සාදු! සාදු!! සාදු!!!

ඝෝටමුඛසුත්තං චතුත්ථං.

ඝෝටමුඛ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M