මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.5.2. සේල සුත්තං

2.5.2. සේල බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා අංගුත්තරාපේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං අඩ්ඪතේළසේහි භික්ඛුසතේහි, යේන ආපණං නාම අංගුත්තරාපානං නිගමෝ තදවසරි. අස්සෝසි ඛෝ කේණියෝ ජටිලෝ සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ අංගුත්තරාපේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං අඩ්ඪතේළසේහි භික්ඛුසතේහි ආපණං අනුප්පත්තෝ. තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ එක්දහස් දෙසිය පනහක් වූ මහත් භික්ෂු පිරිසක් සමඟ අංගුත්තරාප නම් ජනපද ග්‍රාමයන්හි චාරිකාවේ වඩිමින් සිටිය දී අංගුත්තරාපයින් ගේ ආපණ නම් කුඩා නගරයට වැඩම කොට වාසය කළා. එහිදී කේණිය නම් වූ ජටාධර තවුසෙකුට මේ ආරංචිය අසන්නට ලැබුනා.

“ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් අංගුත්තරාප ජනපද ග්‍රාමයන්හි චාරිකාවේ වඩින අතරේ අංගුත්තරාපයින්ගේ ආපණ නම් වූ කුඩා නගරයට එක් දහස් දෙසිය පණහක මහත් භික්ෂු පිරිසක් සමඟ වැඩම කොට ඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැන නැගී තිබෙනවා.”

ඒ කියන්නේ; ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල.

ඒ වගේ ම උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, සමාප්තිය වූ කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. මෙබඳු වූ රහතුන් ගේ දැක්ම කොතරම් අගේ ද” කියා ය.

අථ ඛෝ කේණියෝ ජටිලෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ කේණියං ජටිලං භගවා ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි. අථ ඛෝ කේණියෝ ජටිලෝ භගවතා ධම්මියා කථාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහංසිතෝ භගවන්තං ඒතදවෝච: ‘අධිවාසේතු මේ භවං ගෝතමෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති.

ඉක්බිති කේණිය ජටාධර තවුසා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කථා බහ අවසන් කොට එකත්පසෙක හිඳගත්තා. එකත්පසෙක හුන් කේණිය ජටාධර තවුසාට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කතාවෙන් කරුණු පෙන්වා දුන්නා. මැනවින් සමාදන් කළා. උනන්දුව ඇතිකළා සිත පිනා යන අයුරින් ම වටහා දුන්නා.

භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමින් කරුණු දක්වා සමාදන් කරවා සතුටු කරවා උනන්දු කරවූ පසු ජටාධර තවුස් කේණිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.

“භවත් ගෞතමයන් වහන්ස, භික්ෂුසංඝයා සමගින් හෙට දවසේ මාගේ දානය පිළිගන්නා සේක්වා!”

ඒවං වුත්තේ භගවා කේණියං ජටිලං ඒතදවෝච: ‘මහා ඛෝ කේණිය, භික්ඛුසංඝෝ අඩ්ඪතේළසානි භික්ඛුසතානි. ත්වඤ්ච බ්‍රාහ්මණේසු අභිප්පසන්නෝ’ති. දුතියම්පි ඛෝ කේණියෝ ජටිලෝ භගවන්තං ඒතදවෝච: ‘කිඤ්චාපි ඛෝ භෝ ගෝතම, මහා භික්ඛුසංඝෝ, අඩ්ඪතේළසානි භික්ඛුසතානි, අහඤ්ච බ්‍රාහ්මණේසු අභිප්පසන්නෝ, අධිවාසේතු මේ භවං ගෝතමෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. දුතියම්පි ඛෝ භගවා කේණියං ජටිලං ඒතදවෝච: ‘මහා ඛෝ කේණිය, භික්ඛුසංඝෝ අඩ්ඪතේළසානි භික්ඛුසතානි. ත්වඤ්ච ඛෝ බ්‍රාහ්මණේසු අභිප්පසන්නෝ’ති, තතියම්පි ඛෝ කේණියෝ ජටිලෝ භගවන්තං ඒතදවෝච: ‘කිඤ්චාපි ඛෝ භෝ ගෝතම මහා භික්ඛුසංඝෝ, අඩ්ඪතේළසානි භික්ඛුසතානි. අහඤ්ච බ්‍රාහ්මණේසු අභිප්පසන්නෝ, අධිවාසේතු මේ භවං ගෝතමෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

මෙසේ පැවසූ කේණිය ජටාධර තවුසාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් කේණිය, භික්ෂු පිරිස මහත් ය. භික්ෂූන් එක් දහස් දෙසිය පනස් නමක් වැඩසිටිනවා නෙව. ඇරත් ඔබ ද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙක් නෙව” කියල.

දෙවෙනි වරට ද ජටාධර තවුස් කේණිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“භවත් ගෞතමයන් වහන්ස, කිම? මේ භික්ෂුසංඝයා මහත් වුවද, භික්ෂූන් එක්දහස් දෙසිය පනස් නමක් වුනත්, මම් ද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙක් වුනත්, භික්ෂුසංඝයා ද සමගින් භවත් ගෞතමයන් වහන්සේ හෙට දවසේ මාගේ දානය පිළිගන්නා සේක්වා!”

දෙවන වතාවේ ද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටාධර තවුසාට මෙය වදාළ සේක.

“පින්වත් කේණිය, භික්ෂු පිරිස මහත් ය. භික්ෂූන් එක් දහස් දෙසිය පනස් නමක් වැඩසිටිනවා නෙව. ඇරත් ඔබ ද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙක් නෙව” කියල.

තුන්වෙනි වරට ද ජටාධර තවුස් කේණිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“භවත් ගෞතමයන් වහන්ස, කිම? මේ භික්ෂුසංඝයා මහත් වුවද, භික්ෂූන් එක්දහස් දෙසිය පනස් නමක් වුනත්, මම් ද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙක් වුනත්, භික්ෂුසංඝයා ද සමගින් භවත් ගෞතමයන් වහන්සේ හෙට දවසේ මාගේ දානය පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් යුතුව ඒ ඇරයුම පිළිගත් සේක.

අථ ඛෝ කේණියෝ ජටිලෝ භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යේන සකෝ අස්සමෝ තේනුපසංකමි. උපසංකමිත්වා මිත්තාමච්චේ ඤාතිසාලෝහිතේ ආමන්තේසි: ‘සුණන්තු මේ භොන්තෝ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා, සමණෝ මේ ගෝතමෝ නිමන්තිතෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේන. යේන මේ කායවෙය්‍යාවටිකං කරෙය්‍යාථා’ති. ඒවං භෝති ඛෝ කේණියස්ස ජටිලස්ස මිත්තාමච්චා ඤාතිසාලෝහිතා කේණියස්ස ජටිලස්ස පටිස්සුත්වා අප්පේකච්චේ උද්ධනානි ඛණන්ති, අප්පේකච්චේ කට්ඨානි ඵාලෙන්ති, අප්පේකච්චේ භාජනානි ධෝවන්ති, අප්පේකච්චේ උදකමණිකං පතිට්ඨාපෙන්ති, අප්පේකච්චේ ආසනානි පඤ්ඤාපෙන්ති, කේණියෝ පන ජටිලෝ සාමඤ්ඤේව මණ්ඩලමාලං පටියාදේති.

ඉක්බිති කේණිය ජටාධර තවුසා භාග්‍යවතුන් වහන්සේ ඒ අරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට සිය ආශ්‍රමයට ගියා. ගොස් යහළු මිත්‍රයන් ද, සහලේ නෑයින් ද ඇමතුවා.

“භවත් යහළු මිත්‍රයෙනි, සහලේ නෑයිනි, මාගේ වචනය අසන්න. මා විසින් භික්ෂුසංඝයා ගෙන් යුක්ත වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හෙට දානය පිණිස ඇරයුම් කරන ලද්දාහු ය. එහෙයින් මා හට ශ්‍රමයෙන් උදව් කරන්න.”

“භවත එසේය” කියලා ජටාධර කේණිය තවුසා ගේ යහළු මිත්‍රයෝ ද, සහලේ නෑයෝ ද, ජටාධර කේණිය තවුසාට පිළිතුරු දුන්නා. ඉතින් හෙට දානය පිණිස සමහරු ගිනි උඳුන් වළ කණිනවා. සමහරු ලිප් බඳිනවා. තවත් සමහරු දර පලනවා. තවත් සමහරු භාජන සෝදනවා. අනෙක් උදවිය අසුන් පණවනවා. ජටාධර කේණිය තවුසා ම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩ හිඳින මණ්ඩපය පිළියෙල කරනවා.

තේන ඛෝ පන සමයේන සේලෝ බ්‍රාහ්මණෝ ආපණේ පටිවසති තිණ්ණං වේදානං පාරගූ සනිඝණ්ඩුකේටුභානං සාක්ඛරප්පභේදානං ඉතිහාසපඤ්චමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායතමහාපුරිසලක්ඛණේසු අනවයෝ. තීණි ච මාණවකසතානි මන්තේ වාචේති. තේන ඛෝ පන සමයේන කේණියෝ ජටිලෝ සේලේ බ්‍රාහ්මණේ අභිප්පසන්නෝ හෝති. අථ ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ තීහි මාණවකසතේහි පරිවුතෝ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන කේණියස්ස ජටිලස්ස අස්සමෝ තේනුපසංකමි. අද්දසා ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ කේණියස්ස ජටිලස්ස අස්සමේ අප්පේකච්චේ උද්ධනානි ඛණන්තේ, අප්පේකච්චේ කට්ඨානි ඵාලෙන්තේ, අප්පේකච්චේ භාජනානි ධෝවන්තේ, අප්පේකච්චේ උදකමණිකං පතිට්ඨාපෙන්තේ, අප්පේකච්චේ ආසනානි පඤ්ඤාපෙන්තේ, කේණියං පන ජටිලං සාමඤ්ඤේව මණ්ඩලමාලං පටියාදෙන්තං. දිස්වාන කේණියං ජටිලං ඒතදවෝච: ‘කින්නු භෝතෝ කේණියස්ස ආවාහෝ වා භවිස්සති, විවාහෝ වා භවිස්සති, මහායඤ්ඤෝ වා පච්චුපට්ඨිතෝ, රාජා වා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ නිමන්තිතෝ ස්වාතනාය සද්ධිං බලකායේනා’ති. න මේ භෝ සේල ආවාහෝ භවිස්සති, නපි විවාහෝ භවිස්සති, නපි රාජා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ නිමන්තිතෝ ස්වාතනාය සද්ධිං බලකායේන. අපි ච ඛෝ මේ මහායඤ්ඤෝ පච්චුපට්ඨිතෝ. අත්ථි භෝ සමණෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ අංගුත්තරාපේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං අඩ්ඪතේළසේහි භික්ඛුසතේහි ආපණං අනුප්පත්තෝ. තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. සෝ මේ නිමන්තිතෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. බුද්ධෝති භෝ කේණිය වදේසි, බුද්ධෝති භෝ සේල වදාමි. බුද්ධෝති භෝ කේණිය වදේසි, බුද්ධෝති භෝ සේල වදාමි. බුද්ධෝති භෝ කේණිය වදේසි, බුද්ධෝති භෝ සේල වදාමී’ති.

එසමයෙහි ඉතිහාසය පස් වෙනි කොට, පූජකත්වය පිණිස පවතින සිරිත් විරිත් ඇතුළු භාෂා ශාස්ත්‍රයෙන් යුතු, ත්‍රිවේදයෙහි නිපුණ බවට පත් ව, පද හා ව්‍යාකරණ ද දත්, ලෝක විද්‍යා මෙන් ම, මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ගැන ද අතිශයින් දක්ෂ වූ සේල නම් බ්‍රාහ්මණයෙක් තුන් සියයක් වූ තම තරුණ ශිෂ්‍යයන්ට වේදමන්ත්‍ර උගන්වනවා. එකල ජටාධර කේණිය තවුසා සේල බ්‍රාහ්මණයා කෙරෙහි බලවත් ප්‍රසාදයකින් සිටියා.

එදා තුන් සියයක් තරුණ සිසුන් පිරිවරාගත් සේල බ්‍රාහ්මණයා ව්‍යායාම පිණිස ඇවිදිමින් ජටාධර කේණිය තවුසා ගේ ආශ්‍රමයට පැමිණුනා. එවිට සේල බ්‍රාහ්මණයාට ජටාධර කේණිය තවුසා ගේ ආශ්‍රමයේ ඇතැම් කෙනෙක් ගිනි උඳුන් වල කණින අයුරු ද, ඇතැම් කෙනෙක් ලිප් බඳින අයුරු ද, ඇතැම් කෙනෙක් දර පලන අයුරු ද, ඇතැම් කෙනෙක් භාජන සෝදන අයුරු ද, තවත් කෙනෙක් අසුන් පණවන අයුරු ද, ජටාධර කේණිය තවුසා තමන් ම වැඩ හිඳින මණ්ඩපය පිළියෙල කරන අයුරු ද දුටුවා. දැක ජටාධර කේණිය තවුසාට මෙය පැවසුවා.

“කිම? භවත් කේණිය ගේ ආවාහයෙක් හෝ වන්නේ ද? විවාහයක් හෝ වන්නේ ද? මහා යාගයක් වත් සකස් වුනා ද? සේනා බලකාය සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජතුමා හෙට බොජුන් පිණිස ඇරැයුම් කරණ ලද්දේ ද?”

“පින්වත් සේලයෙනි, මාගේ ආවාහයකුත් නො වෙයි. විවාහකුත් නො වෙයි. සේනා බලකාය සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජුට හෙට බොජුන් පිණිස ඇරයුම් කරන ලද්දකුත් නො වෙයි. එසේ නමුත් මාගේ මහායාගයක් පිළියෙල කොට තියෙනවා. ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අංගුත්තරාප ජනපද ග්‍රාමයන්හි චාරිකාවේ වඩින අතරේ එක්දහස් දෙසිය පණස් නමකින් යුතු භික්ෂුසංඝයා ද කැටුව ආපණයට වැඩම කර ඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ මේ ආකාර වූ කළ්‍යාණ කීර්ති ඝෝෂාවක් උස්ව පැන නැග තියෙනවා ඒ කියන්නේ; ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියලා. උන්වහන්සේ භික්ෂුසංඝයා සමඟ හෙට දානය පිණිස මා විසින් ඇරැයුම් කරන ලද සේක.

“භවත් කේණිය, ඔබ කියන්නේ ‘බුද්ධත්වයට පත් වූ කෙනෙක්’ කියලද?”

“භවත් සේල, මා කියන්නේ උන්වහන්සේ ‘බුද්ධ’ කියල යි.”

“භවත් කේණිය, ඔබ කියන්නේ ‘බුද්ධත්වයට පත් වූ කෙනෙක්’ කියලද?”

“භවත් සේල, මා කියන්නේ උන්වහන්සේ ‘බුද්ධ’ කියල යි.”

“භවත් කේණිය, ඔබ කියන්නේ ‘බුද්ධත්වයට පත් වූ කෙනෙක්’ කියලද?”

“භවත් සේල, මා කියන්නේ උන්වහන්සේ ‘බුද්ධ’ කියල යි.”

අථ ඛෝ සේලස්ස බ්‍රාහ්මණස්ස ඒතදහෝසි: ඝෝසෝපි ඛෝ ඒසෝ දුල්ලභෝ ලෝකස්මිං යදිදං බුද්ධෝති. ආගතානි ඛෝ පනස්මාකං මන්තේසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේ ව ගතියෝ භවන්ති අනඤ්ඤා සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවන්ති. සෙය්‍යථිදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන අභිවිජිය අජ්ඣාවසති. සචේ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවට්ටච්ඡදෝ කහං පන භෝ කේණිය ඒතරහි සෝ භවං ගෝතමෝ විහරති අරහං සම්මාසම්බුද්ධෝ’ති. ඒවං වුත්තේ කේණියෝ ජටිලෝ දක්ඛිණං බාහුං පග්ගහෙත්වා සේලං බ්‍රාහ්මණං ඒතදවෝච: යේනේසා භෝ සේල නීලවනරාජී’ති. අථ ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ තීහි මාණවකසතේහි සද්ධිං යේන භගවා තේනුපසංකමි. අථ ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ තේ මාණවකේ ආමන්තේසි: ‘අප්පසද්දා භොන්තෝ ආගච්ඡන්තු පාදේ පාදං නික්ඛිපන්තා, දුරාසදා හි තේ භගවන්තෝ සීහාව ඒකචරා, යදා චාහං භෝ සමණේන ගෝතමේන සද්ධිං මන්තෙය්‍යං, මා මේ භොන්තෝ අන්තරන්තරා කථං ඕපාතේථ, කථාපරියෝසානං මේ භවන්තෝ ආගමෙන්තූ’ති.

එවිට සේල බ්‍රාහ්මණයා හට මේ අදහස ඇති වුනා.

‘බුදුරජාණන් වහන්සේ’ යන මේ නම පිළිබඳව ඝෝෂාව පවා ලෝකයෙහි දුර්ලභයි. අප ගේ වේද ග්‍රන්ථ වල මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් ගැන සඳහන් වෙනවා. ඒ ලක්ෂණ වලින් යුතු මහා පුරුෂයෙකු හට තිබෙන්නේ ගති දෙකක් පමණයි. වෙන ගතියක් නැහැ.

ඉදින් ඒ තැනැත්තා ගිහි ගෙදර සිටියොත් රත්න සතක් ද ලබාගෙන රට රාජ්‍ය වල අනුශාසක බවට පත්ව සිව් මහ සමුදුර සීමා කොට ඇති මෙලොව ජයගත් ධර්මරාජ වූ ධාර්මික සක්විති රජ කෙනෙක් බවට පත්වෙනවා. ඔහු ගේ රත්න සත මේවා ය. කරකැවෙමින් ඇවිද යන චක්‍ර රත්නය, හසති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පුත්‍ර රත්නය. ඒ වගේ ම ඔහු හට බාහිරු සතුරු සේනා මැඩලීමෙහි දක්ෂ වූ දහසකට වැඩි සූර වීර වූ පුත්‍රයන් ඉන්නවා. ඒ වගේ ම ඔහු සාගරය සීමා කොට ඇති මේ පොළොව දඬු මුගුරු වලින් තොරව, අවි ආයුධ වලින් තොරව අර්ථයෙන් ධර්මයෙන් ජයගෙන වාසය කරනවා.

යම් හෙයකින් ඔහු ගිහි ගෙදරින් නික්ම අනගාරිකව පැවිදි ජීවිතයට පත් වුණොත් තෘෂ්ණාව ක්ෂය කොට ගුරූපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත්ව අරහත්වයට පත්වෙනවා”

“භවත් කේණිය, අරහත් වූ සම්මා සම්බුදු වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද?”

මෙසේ ඇසූ කල ජටාධර කේණිය තවුසා දකුණු අත දිගු කොට සේල බ්‍රාහ්මණයා හට මෙය පැවසුවා.

“භවත, අන්න අර පෙනෙන නිල් වන පියසේ යි.”

ඉක්බිති සේල බ්‍රාහ්මණයා තුන්සියයක් වූ තරුණ ශිෂ්‍යයන් ද කැටුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. එහිදී සේල බ්‍රාහ්මණයා තම සිසු පිරිසට මේ අවවාදය කළා.

“භවත්නි, හෙමිහිට පියවර තබමින් නිශ්ශබ්දව යි පැමිණිය යුත්තේ. ඒ භාග්‍යවතුන් වහන්සේලා වනාහී හුදෙකලාව වසන සිංහ රාජයන් බඳු හෙයින් සමීප වීම පහසු නෑ. භවත්නි, මා ශ්‍රමණ ගෞතමයන් සමඟ කතා කරමින් සිටින කාලයේ දී භවත්හු මාගේ කතාවට බාධක වන අතුරු කතා නො දැමිය යුතුය. භවත්හු මාගේ කතාව අවසන් වන තුරු සිටිත්වා!” යි.

අථ ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නෝ ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ භගවතෝ කායේ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි සමන්නේසි අද්දසා ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ භගවතෝ කායේ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යේභුය්‍යේන ඨපෙත්වා ද්වේ, ද්වීසු මහාපුරිසලක්ඛණේසු කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කෝසෝහිතේ ච වත්ථගුය්හේ පහූතජිව්හතාය චා’ති. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: ‘පස්සති ඛෝ මේ අයං සේලෝ බ්‍රාහ්මණෝ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යේභුය්‍යේන ඨපෙත්වා ද්වේ, ද්වීසු මහාපුරිසලක්ඛණේසු කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කෝසෝහිතේ ච වත්ථගුය්හේ පහූතජිව්හතාය චා’ති. අථ ඛෝ භගවා තථාරූපං ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි යථා අද්දස සේලෝ බ්‍රාහ්මණෝ භගවතෝ කෝසෝහිතං වත්ථගුය්හං. අථ ඛෝ භගවා ජිව්හං නින්නාමෙත්වා උභෝපි කණ්ණසෝතානි අනුමසි පරිමසි. උභෝපි නාසිකාසෝතානි අනුමසි පරිමසි. කේවලම්පි ලලාටමණ්ඩලං ජිව්හාය ඡාදේසි.

ඉක්බිති සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කථා බහ අවසන් කොට එකත්පස්ව හිඳගත්තා. එකත්පස්ව හුන් සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි තිබෙන මහා පුරුෂ ලක්ෂණ තිස් දෙක පිළිබඳව විමසන්නට වුනා. එවිට සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් දෙකක් හැර බොහෝ සෙයින් හඳුනාගත්තා. මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳව සැක කරන්නට වුනා. විචිකිච්ඡා කරන්නට වුනා. නො බැසගත්තා. නො පැහැදුනා. ඒ කෝසෝහිත වත්ථගුය්හ හා පහූතජිව්හතාව යි. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙය සිතුනා. ‘මේ සේල බ්‍රාහ්මණයා මාගේ ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් දෙකක් හැර බොහෝ සෙයින් හඳුනාගත්තා. නමුත් මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳව සැක කරයි. විචිකිච්ඡා කරයි. නො බැසගනියි. නො පහදියි. ඒ කෝසෝහිත වත්ථගුය්හ හා පහූතජිව්හතාව පිළිබඳව යි.’

එවිට භාග්‍යවතුන් වහන්සේ සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගේ කෝසෝහිත වත්ථගුය්හ (ඇතුළට බැසගත් පියුම් කෙමියක් ලෙස ඇති පුරුෂ නිමිත්ත) දකින්නේ යම් අයුරින් ද එබඳු වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කළ සේක. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ ඉර්ධිමය ආකාරයකින් දිව දිගු කොට දෙකන්සිළු මැනැවින් ස්පර්ශ කළ සේක. දෙනැහැ සිදුරු දක්වා මැනැවින් ස්පර්ශ කළ සේක. මුළු නළල් තලය ම වසා ලූ සේක.

අථ ඛෝ සේලස්ස බ්‍රාහ්මණස්ස ඒතදහෝසි: ‘සමන්නාගතෝ ඛෝ සමණෝ ගෝතමෝ ද්වත්තිංස මහාපුරිසලක්ඛණේහි පරිපුණ්ණේහි නෝ අපරිපුණ්ණේහි, නෝ ච ඛෝ නං ජානාමි බුද්ධෝ වා නෝ වා. සුතං ඛෝ පන මේතං බ්‍රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං. යේ තේ භවන්ති අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේ සකේ වණ්ණේ භඤ්ඤමානේ අත්තානං පාතුකරොන්ති. යන්නූනාහං සමණං ගෝතමං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවෙය්‍ය’න්ති. අථ ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි.

එවිට සේල බ්‍රාහ්මණයා මෙය සිතුවා. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂයන් ගෙන් පරිපූර්ණ යි. අපිරිපූර්ණ නො වෙයි. එහෙත් මුන්වහන්සේ ‘බුද්ධත්වයට’ පත් වූ කෙනෙක් ද? නැත්නම් එහෙම නැද්ද? කියා මා දන්නෙ නැහැ. නමුත් ඉතාම මහළු, වයෝවෘද්ධ, ආචාර්ය – ප්‍රාචාර්ය බ්‍රාහ්මණයන් ගෙන් මා අසන ලද දෙයක් තියෙනවා. එනම් ‘යම් ඒ අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලොව සිටිත් නම් උන්වහන්සේ තුළ පවතින ගුණධර්ම මතු කොට කතා කරද්දී ඒ බුදුවරයන් වහන්සේලා ඒ අයුරු ප්‍රකට කරනවා කියලයි. එනිසා මාත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ගැළපෙන ගථාවන් ගෙන් ප්‍රශංසා කරන එක තමයි හොඳ.”

ඉක්බිති සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බුදුගුණයට සුදුසු ගාථාවන් ගෙන් ප්‍රශංසා කළා.

පරිපුණ්ණකායෝ සුරුචි සුජාතෝ චාරුදස්සනෝ
සුවණ්ණවණ්ණෝසි භගවා සුසුක්කදාඨෝසි විරියවා

මහා වීරිය ඇති භාග්‍යවත් මුනිඳුනි, නුඹවහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්. ලස්සන ම ලස්සන රූපයක්. සුන්දර උපතක්. සුන්දර පෙනුමක්. රත්තරන් පාට සිරුරක්. සුදෝ සුදු දත් දෙපලක්.

නරස්ස හි සුජාතස්ස යේ භවන්ති වියඤ්ජනා
සබ්බේ තේ තව කායස්මිං මහාපුරිසලක්ඛණා.

වාසනාවන්ත උපතක් ලැබූ කෙනෙකු ගේ ශරීරයෙහි ඒ ගැන උතුම් සලකුණු තියෙනවා. නුඹවහන්සේ ගේ ශරීරයෙහි ත් ඒ උතුම් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව මට පේනවා.

පසන්නනෙත්තෝ සුමුඛෝ බ්‍රහා උජු පතාපවා,
මජ්ඣේ සමණසංඝස්ස ආදිච්චෝව විරෝචසි.

නුඹවහන්සේ ගේ නේත්‍ර යුග්මය හරීම ලස්සනයි. මුව මඬල හරීම සුන්දරයි. උස මහත බ්‍රහ්මයෙකු ගේ වගෙයි. ශ්‍රමණයන් වහන්සේලා මැද නුඹවහන්සේ වැඩ සිටිනකොට හිරු මඬල බබලනවා වගෙයි.

කල්‍යාණදස්සනෝ භික්ඛු කඤ්චනසන්නිභත්තචෝ,
කිං තේ සමණභාවේන ඒවං උත්තමවණ්ණිනෝ

කල්‍යාණ දැකුම් ඇති පින්වත් ශ්‍රමණයන් වහන්ස, නුඹවහන්සේ ගේ සමෙහි පැහැය රත්තරන් පාටින් යුක්තයි. මෙච්චර ලස්සන රූපයක් තියෙන නුඹවහන්සේ මහණ වීමෙන් ඇති ඵලය කුමක් ද?

රාජා අරහසි භවිතුං චක්කවත්තී රථේසභෝ,
චාතුරන්තෝ විජිතාවී ජම්බුසණ්ඩස්ස ඉස්සරෝ

නුඹවහන්සේට ගැලපෙන්නෙ සතර මහා සාගරය ජයගෙන මුළු ජම්බුද්වීපයට අග්‍රරාජන් වන මහා රථ ඇති චක්‍රවර්තී රජෙකු වීම නො වේද?

ඛත්තියා භෝගි රාජානෝ අනුයුත්තා භවන්තු තේ,
රාජාභිරාජා මනුජින්දෝ රජ්ජං කාරේහි ගෝතම.

එතකොට නුඹවහන්සේ පසුපස මහා සම්භාවනීය රජවරු පැමිණේවි. පින්වත් ගෞතමයාණෙනි, රජුන්ට රජ වූ මිනිසුන් ගේ ශක්‍රයා නම් වූ රජෙකු ලෙස රාජ්‍ය කරන්නට පුළුවන් නේද?

රාජාහමස්මි සේලා’ති ධම්මරාජා අනුත්තරෝ,
ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං

(භාග්‍යවතුන් වහන්සේ) පින්වත් සේල, මම ද රජෙක්මි. අනුත්තර වූ ධර්මරාජන් වෙමි. මා විසින් ලොව කිසිවෙකුටවත් කිසිසේත් ආපස්සට කරකවන්නට බැරි චක්‍රය ධර්මයෙන් කරකවනවා.

සම්බුද්ධෝ පටිජානාසි ධම්මරාජා අනුත්තරෝ,
ධම්මේන චක්කං වත්තේමි ඉති භාසසි ගෝතම.

(සේල බ්‍රාහ්මණ) පින්වත් ගෞතමයාණෙනි, නුඹවහන්සේ ඔය පවසන්නේ අනුත්තර ධර්මරාජන් වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක් බව ද? ධර්මයෙන් චක්‍රය කරකවන බව ද?

කෝ නු සේනාපති භෝතෝ සාවකෝ සත්ථුරන්වයෝ,
කෝ තේ ඉමං අනුවත්තේති ධම්මචක්කං පවත්තිතං.

එහෙම නම්, පින්වත් නුඹවහන්සේ ගේ සේනාපතියා කවුද? නුඹවහන්සේ විදිහට ම ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නට පුළුවන් වූ ශාස්තෘන් වහන්සේ ගේ අනුජාත ශ්‍රාවකයාණන් කවුද?

මයා පවත්තිතං චක්කං (සේලාති භගවා) ධම්මචක්කං අනුත්තරං,
සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතං.

(භාග්‍යවතුන් වහන්සේ) පින්වත් සේල, මං විදිහට ම යි ඒ ශ්‍රාවකයා අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. ඒ ශ්‍රාවකයාට තමයි අනුජාත තථාගත පුත්‍ර වූ ‘සාරිපුත්ත’ කියා කියන්නෙ.

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවේතබ්බඤ්ච භාවිතං,
පහාතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ.

පින්වත් බ්‍රාහ්මණය, විශිෂ්ට ඤාණයෙන් යුතුව දත යුතු දෙය මවිසින් විශිෂ්ට ඤාණයෙන් දන්නා ලද්දේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් වැඩිය යුතු දෙය මවිසින් වඩන ලද්දේ ය. ප්‍රහීන කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව මවිසින් ප්‍රහාණය කරන ලද්දේ ය. එහෙයින් පින්වත් බ්‍රාහ්මණය, මම ‘බුද්ධ’ වෙමි.

විනයස්සු මයි කංඛං අධිමුච්චස්සු බ්‍රාහ්මණ,
දුල්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අභිණ්හසෝ.

පින්වත් බ්‍රාහ්මණය, මා ගැන තියෙන සැක සංකා නැති කරල දාන්න. පහන් සිත් ඇති කරගන්න. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් හැම තිස්සේ ම දකින්නට ලැබෙනවයි කියන්නෙ අතිශයින් ම දුර්ලභ දෙයක්.

යේසං වේ දුල්ලභෝ ලෝකේ පාතුභාවෝ අභිණ්හසෝ,
සෝහං බ්‍රාහ්මණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ.

ලෝකයෙහි හැම තිස්සේ ම දකින්නට පුළුවන් විදිහට බුදු කෙනෙක් පහළව සිටීම අතිශයින් ම දුර්ලභ දෙයක්. පින්වත් බ්‍රාහ්මණය, අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා වන ඒ මම සම්මා සම්බුද්ධ වෙමි.

බ්‍රහ්මභූතෝ අතිතුලෝ මාරසේනප්පමද්දනෝ,
සබ්බාමිත්තේ වසී කත්වා මෝදාමි අකුතෝභයෝ.

මං ශ්‍රේෂ්ඨත්වය ලබාගත්තු කෙනෙක්. අසහාය කෙනෙක්. මාර සේනාව පරාජය කළ කෙනෙක්. විමුක්තිය පිණිස ඇති සියළු සතුරු බලවේග නැති කොට තම වසඟයේ පවත්වාගෙන කිසිඳු භයකින් තොරව සතුටුවෙවී සිටින කෙනෙක්.

ඉමං භොන්තෝ නිසාමේථ යථා භාසති චක්ඛුමා,
සල්ලකත්තෝ මහාවීරෝ සීහෝව නදතී වනේ.

(සේල බ්‍රාහ්මණ) භවත්නි, සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ මේ වදාරණ සුන්දර වචන හොඳට අසා ගන්න. උන්වහන්සේ සත්වයින් ගේ සිත්වලින් කෙලෙස් හුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්. මහා වීරියවන්තයෙක්. වනාන්තරයෙහි හැම සතුන් ගේ හඬ පරදවා නද දෙන සිංහ රාජයෙක් වගෙයි.

බ්‍රහ්මභූතං අතිතුලං මාරසේනප්පමද්දනං,
කෝ දිස්වා නප්පසීදෙය්‍ය අපි කණ්හාභිජාතිකෝ.

උන්වහන්සේ නිර්මාණය වෙලා තියෙන්නෙ ශ්‍රේෂ්ඨත්වය තුළින්. උන්වහන්සේ අසහායය යි. මාර සේනා පරදවා ජය ලැබූ කෙනෙක්. මේ බුදුරජාණන් වහන්සේ දකින විට ඕනෑම තරාතිරමක කෙනෙක්, පහත් කුලයෙහි උපන්නෙක් පවා නො පහදින්නේ කොහොම ද?

යෝ මං ඉච්ඡති අන්වේතු යෝ වා නිච්ඡති ගච්ඡතු,
ඉධාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකේ.

උතුම් ප්‍රඥා ඇති ශාස්තෘන් වහන්සේ සමීපයෙහි මං මහණ වෙනවා. ඔබ අතර යමෙක් කැමති නම් මා ත් සමඟ මහණ වෙන්න. යමෙක් අකමැති නම් ආපහු යන්න.

ඒතඤ්චේ රුච්චති භෝතෝ සම්මාසම්බුද්ධසාසනං,
මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකේ.

(ශිෂ්‍ය පිරිස) භවත් ආචාර්යපාදයෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයට ඔබතුමා මෙතරම් ආශා නම්, අපි ත් කැමතියි ඒ උතුම් ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ සමීපයෙහි මහණ වෙන්න.

බ්‍රාහ්මණා තිසතා ඉමේ යාචන්ති පඤ්ජලීකතා,
බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකේ.

(සේල බ්‍රාහ්මණයා) භාග්‍යවතුන් වහන්ස, මේ තුන්සීයක් බ්‍රාහ්මණ පිරිස ඉන්නවා. අපි ඔක්කොම නුඹවහන්සේට ඇඳිලි බැඳ වන්දනා කොට මේ ඉල්ලා සිටින්නේ උතුම් බඹසර ජීවිතය යි. නුඹවහන්සේ ළඟ අපි ඔක්කොම බඹසර රකින්නට කැමතියි.

ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං (සේලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං,
යත්ථ අමෝඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්ඛතෝ’ති.

(භාග්‍යවතුන් වහන්සේ) පින්වත් සේල, මේ නිවන් මඟ වනාහී මනා කොට දේශනා කරන ලද්දේ ය. මෙහිදී ම දැක්ක හැකි සන්දිට්ඨික වූ ත්, කල් නො යවා ප්‍රතිඵල ලබන අකාලික වූ ත් ධර්මයකි. යම් සසුනක පැවිදි ජීවිතය හිස් බවට පත් නො වේ නම් එහි අප්‍රමාදීව හික්මෙන කල්හි නිවන අවබෝධ කරන්නට පුළුවන් ම යි.

අලත්ථ ඛෝ සේලෝ බ්‍රාහ්මණෝ සපරිසෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අථ ඛෝ කේණියෝ ජටිලෝ තස්සා රත්තියා අච්චයේන සකේ අස්සමේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසි: ‘කාලෝ භෝ ගෝතම, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන කේණියස්ස ජටිලස්ස අස්සමෝ තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි සද්ධිං භික්ඛුසංඝේන. අථ ඛෝ කේණියෝ ජටිලෝ බුද්ධපමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ කේණියෝ ජටිලෝ භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ කේණියං ජටිලං භගවා ඉමාහි ගාථාහි අනුමෝදි.

එවිට පිරිස සහිත සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ද ලැබුවා.

එකල්හි ජටාධර කේණිය තවුසා ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්වකීය ආශ්‍රමයෙහි ප්‍රණීත වූ ආහාරපාන පිළියෙළ කොට “භවත් ගෞතමයන් වහන්ස, දානය පිළියෙල කොට සූදානම්” යයි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වූවා.

එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය ද ගෙන ජටාධර කේණිය තවුසා ගේ ආශ්‍රමයට වැඩි සේක. වැඩම කොට භික්ෂසංඝයා සමඟ පණවන ලද අසුන්හි වැඩහුන් සේක. ඉක්බිති ජටාධර කේණිය තවුසා බුදුරජුන් ප්‍රමුඛ භික්ෂුසංඝයාට ප්‍රණීත වූ ආහාරපානාදියෙන් සියතින් ම උපස්ථාන කළා. ඉතා හොඳින් සැලකුවා. වළඳා නිමා කොට පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි ජටාධර කේණිය තවුසා එකත්පසෙකින් පහත් අසුනක හිඳගත්තා. එකත්පසෙක හුන් ජටාධර කේණිය තවුස් හට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනුමෝදනා කළ සේක.

‘අග්ගිහුත්තමුඛා යඤ්ඤා සාවිත්තී ඡන්දසෝ මුඛං,
රාජා මුඛං මනුස්සානං නදීනං සාගරෝ මුඛං.

අග්නි පූජාව යාගයෙහි ප්‍රධාන ම දෙය වෙයි. වේද ශාස්ත්‍රයට සාවිත්‍රිය ප්‍රධාන ම දෙය යි. මහජනයා හට රජතුමා ප්‍රධාන ම කෙනා යි. ගංඟාවන්ට සාගරය ප්‍රධාන ම දෙය යි.

නක්ඛත්තානං මුඛං චන්දෝ ආදිච්චෝ තපතං මුඛං,
පුඤ්ඤං ආකංඛමානානං සංඝෝ වේ යජතං මුඛ’න්ති.

නැකත් තරු වලට චන්ද්‍රයා ප්‍රධාන ම දෙය යි. උණුසුම් දේවල් අතර සූර්යයා ප්‍රධාන ම දෙය යි. පින් ලබා ගනු කැමතිව දන් පැන් පුදන්නා වූ අයට ඒකාන්තයෙන් ම ශ්‍රාවක සංඝයා ප්‍රධාන වන්නේ ය.”

අථ ඛෝ භගවා කේණියං ජටිලං ඉමාහි ගාථාහි අනුමෝදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛෝ ආයස්මා සේලෝ සපරිසෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ න චිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ඛෝ පනායස්මා සේලෝ සපරිසෝ අරහතං අහෝසි.

මේ ගාථාවලින් අනුමෝදනා කළ භාග්‍යවතුන් වහන්සේ හුනස්සෙන් නැගී වැඩි සේක. එකල්හි පිරිස සහිත වූ ආයුෂ්මත් සේලයන් වහන්සේ තනිව ම හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනාකොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන ඒ උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් පිරිස සහිත ආයුෂ්මත් සේලයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.

අථ ඛෝ ආයස්මා සේලෝ සපරිසෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා ඒකංසං චීවරං කත්වා යේන භගවා තේනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

එකල්හි පිරිස් සහිත වූ ආයුෂ්මත් සේලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් ගාථා වලින් මෙය පැවසුවා.

යන්තං සරණමාගම්ම ඉතෝ අට්ඨමි චක්ඛුමා,
සත්තරත්තේන භගවා දන්තම්හා තව සාසනේ.

දහම් ඇස් ඇති මුනිඳාණෙනි, ඇත්තෙන් ම අපි මේ උතුම් තිසරණයට පැමිණියේ දවස් අටකට කලින්. භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ ගේ ශාසනය තුළ දවස් හතක් ඇතුළත අපි හැමෝම සදහට ම දමනය වුනා.

තුවං බුද්ධෝ තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි,
තුවං අනුසයේ ඡෙත්වා තිණ්ණෝ තාරේසිමං පජං.

ඇත්තෙන් ම බුදුරජාණන් වහන්සේ වනාහී නුඹවහන්සේ ම යි. දෙවි මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ නුඹවහන්සේ ම යි. මාර බලය මැඬලූ මුනිවරයන් වහන්සේ නුඹවහන්සේ ම යි. ක්ලේශ අනුශය සිඳ දමා සසරින් එතෙරට වැඩි නුඹවහන්සේ අපවත් මේ සංසාරයෙන් එතෙර කළ සේක.

උපධී තේ සමතික්කන්තා ආසවා තේ පදාලිතා,
සීහෝව අනුපාදානෝ පහීනභයභේරවෝ.

නුඹවහන්සේ විසින් සියළු කෙලෙස් ඉක්මවන ලද්දේය. නුඹවහන්සේ විසින් ආශ්‍රවයන් සුණු විසුණු කරන ලද්දේ ය. සිංහරාජයෙකු බඳු නුඹවහන්සේ උපාදානයන් ගෙන් මිදී සියළු භය භේරවයන් ප්‍රහාණය කළ සේක.

භික්ඛවෝ තිසතා ඉමේ තිට්ඨන්ති පඤ්ජලීකතා,
පාදේ වීර පසාරේහි නාගා වන්දන්තු සත්ථුනෝ’ති.

මහාවීර වූ භාග්‍යවතුන් වහන්ස, මේ තුන්සියයක් භික්ෂූන් වහන්සේලා වැඳගෙනයි සිටින්නේ. ඔය ශ්‍රී පාද පද්මය දිගු කොට වදාළ මැනව. මේ ශ්‍රමණ ශ්‍රේෂ්ඨවරුන් තම ශාස්තෘන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය වන්දනා කරත්වා!

සාදු! සාදු!! සාදු!!!

සේලසුත්තං දුතියං.

සේළ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M