මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.5.1. බ්‍රහ්මායු සුත්තං

2.5.1. බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා විදේහේසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි. තේන ඛෝ පන සමයේන බ්‍රහ්මායු නාම බ්‍රාහ්මණෝ මිථිලායං පටිවසති ජිණ්ණෝ වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ වීසංවස්සසතිකෝ ජාතියා, තිණ්ණං වේදානං පාරගූ සනිඝණ්ඩුකේටුභානං සාක්ඛරප්පභේදානං ඉතිහාසපඤ්චමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායතමහාපුරිසලක්ඛණේසු අනවයෝ. අස්සෝසි ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ: “සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ විදේහේසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි. තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ විදේහ ජනපදයෙහි පන්සියයක් පමණ වූ මහත් භික්ෂුසංඝයා සමඟ චාරිකාවෙහි වඩිමින් සිටියා. එසමයෙහි බ්‍රහ්මායු නම් බ්‍රාහ්මණයෙක් මිථිලා නගරයෙහි වාසය කළා. ඔහු දිරාපත් වෙලා, වයෝවෘද්ධ වෙලා, මහළු වෙලා, වයසේ කෙළවරට ගිහින් කෙමෙන් කෙමෙන් වයසට ගිහින්, උපතින් එකසිය විසි වසරක් වුනා. ඒ වගේ ම ඔහු ත්‍රිවේදය පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත්, පිළිබඳව හසළ නුවණ ඇති කෙනෙක්. ඉතින් ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙය අසන්නට ලැබුනා. එනම්;

“ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් පන්සියයක් සමඟ භික්ෂුසංඝයා සමඟ විදේහ ජනපදයන් හි චාරිකාවේ වඩිනවා. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැතිරී ගිහින් තියෙනවා. ඒ කියන්නෙ, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල. ඒ වගේ ම උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂට ඤාණයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, සමාප්තිය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. මෙබඳු වූ රහතුන් ගේ දැක්ම කොතරම් අගේ ද” කියා ඒ බ්‍රාහ්මණවරුන් අතර කතාබහ ඇතිවුනා.

තේන ඛෝ පන සමයේන බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස උත්තරෝ නාම මාණවෝ අන්තේවාසී හෝති තිණ්ණං වේදානං පාරගූ සනිඝණ්ඩුකේටුභානං සාක්ඛරප්පභේදානං ඉතිහාසපඤ්චමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායතමහාපුරිසලක්ඛණේසු අනවයෝ. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ උත්තරං මාණවං ආමන්තේසි: ‘අයං තාත උත්තර, සමණෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ විදේහේසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි. තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ….(පෙ)…. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී’ති. ඒහි ත්වං තාත උත්තර, යේන සමණෝ ගෝතමෝ තේනුපසංකමි. උපසංකමිත්වා සමණං ගෝතමං ජානාහි යදි වා තං භවන්තං ගෝතමං තථා සන්තං යේව සද්දෝ අබ්භුග්ගතෝ. යදි වා නෝ තථා, යදි වා සෝ භවං ගෝතමෝ තාදිසෝ, යදි වා න තාදිසෝ, තථා මයං තං භවන්තං ගෝතමං වේදිස්සාමා’ති. යථා කථම්පනාහං භෝ තං භවන්තං ගෝතමං ජානිස්සාමි: යදි වා තං භවන්තං ගෝතමං තථා සන්තං යේව සද්දෝ අබ්භුග්ගතෝ, යදි වා නෝ තථා, යදි වා සෝ භවං ගෝතමෝ තාදිසෝ යදි වා න තාදිසෝ’ති.

එසමයෙහි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ගේ උත්තර නම් තරුණයෙක් ගෝලයෙක් වශයෙන් සිටියා. ඔහු ත් ත්‍රිවේදය පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත්, පිළිබඳව හසළ නුවණ ඇති කෙනෙක්. එදා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා උත්තර මාණවකයා ඇමතුවා. “පුත, උත්තර, ශාක්‍ය කුලයෙන් පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂුසංඝයා සමඟ විදේහ ජනපදයන් හි චාරිකාවේ වඩිනවා. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැතිරී ගිහින් තියෙනවා. ඒ කියන්නෙ, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. ….(පෙ)…. මෙබඳු වූ රහතුන් ගේ දැක්ම කොතරම් අගේ ද. පුත, උත්තරය, එන්න ඔබ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත යන්න. ගිහින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හඳුනාගන්න. ඒ භවත් ගෞතමයන් වහන්සේ තුළ යම් ආකාරයක ගුණ ඇද්ද, එබඳු වූ ගුණයක් ම උස්ව නැගී තිබෙනවා ද, නැත්නම් එබඳු වූ කෙනෙක් නොවේ ද? ඔබ විසින් පවසන විස්තරයෙන් තමයි අපට ඒ භවත් ගෞතමයන් වහන්සේව දැනගන්නට තිබෙන්නේ, එසේ ගුණ තිබෙනවා ද නැද්ද කියා.

භවත්නි, කෙසේ නම් මම ඒ භවත් ගෞතමයන් වහන්සේ හඳුනාගන්න ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ තුළ යම් ආකාරයක ගුණ ඇද්ද, එබඳු වූ ගුණයක් ම උස්ව නැගී තිබෙනවා ද? නැතිනම් එබඳු වූ කෙනෙක් නො වේ ද? එසේ වූ ගුණ භවත් ගෞතමයන් තුළ තිබෙනවා ද නැති ද කියා?

ආගතානි ඛෝ තාත උත්තර, අම්හාකං මන්තේසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේයේව ගතියෝ භවන්ති අනඤ්ඤා, සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවන්ති, සෙය්‍යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන අභිවිජිය අජ්ඣාවසති: සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ. අහං ඛෝ පන තේ තාත උත්තර, මන්තානං දාතා, ත්වං මේ මන්තානං පටිග්ගහේතාති.

පුත, උත්තරය, අප ගේ මේ ශාස්ත්‍රය තුළ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් ගැන විස්තර ඇවිත් තියෙනවා නෙව. යම් මහා පුරුෂ ලකුණු වලින් සමන්විත වූ කෙනෙක් ඇද්ද, ඔහුට තිබෙන්නේ ගති දෙකයි. ඉදින් ගිහිව සිටිනවා නම්, චක්‍රවර්තී රජ බවට පත්වෙනවා. ධාර්මික ධර්මරාජයෙක්ව සතර මහා සාගරය ජයගෙන සියළු ජනපදයන්ට අධිපතිව රත්න සතකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය හා සත්වැනි වූ පුත්‍ර රත්නය යි. ඔහුට ශූර වීර වූ පරසෙන් මඬිනා දහසකටත් වැඩි පුත්‍රයන් ඉන්නවා. ඔහු මේ සාගරය සීමා කොට ඇති පෘථිවියෙහි දඬු මුගුරින් තොරව, අවි ආයුධයෙන් තොරව ධර්මයෙන් දිනාගෙන වාසය කරනවා. ඉදින් ඔහු ගිහිගෙයින් නික්ම පැවිදි වෙනවා නම් ලෝකයෙහි කෙලෙස් පියැස්ස කඩා බිඳ දැමූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්වෙනවා. පුත, උත්තරයෙනි, මං තමයි ඔබට ඔය ශාස්ත්‍රය ඉගැන්වූ කෙනා. ඔබ තමයි මාගෙන් මේ ශාස්ත්‍රය පිළිගත් කෙනා.”

ඒවං භෝති ඛෝ උත්තරෝ මාණවෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා උට්ඨායාසනා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා විදේහේසු යේන භගවා තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ උත්තරෝ මාණවෝ භගවතෝ කායේ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි සමන්නේසි. අද්දසාඛෝ උත්තරෝ මාණවෝ භගවතෝ කායේ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යේභුය්‍යේන ඨපෙත්වා ද්වේ. ද්වීසු මහාපුරිසලක්ඛණේසු කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති: ‘කෝසෝහිතේ ච වත්ථගුය්හේ පහූතජිව්හතාය චා’ති. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: ‘පස්සති ඛෝ මේ අයං උත්තරෝ මාණවෝ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යේභුය්‍යේන ඨපෙත්වා ද්වේ. ද්වීසු මහාපුරිසලක්ඛණේසු කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කෝසෝහිතේ ච වත්ථගුය්හේ පහූතජිව්හතාය චා’ති.

“එසේය භවත” කියා උත්තර මාණවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට පිළිතුරු දී හුනස්නෙන් නැගිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනක වැඩසිටිත් ද, ඒ විදේහ ජනපදයෙහි බලා චාරිකාවෙහි පිටත් වුනා. අනුපිළිවෙලින් සැරිසරා අවුත්, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩිවුනා.

එකත්පස්ව හුන් උත්තර මාණවකයා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි තිබෙන මහා පුරුෂ ලක්ෂණ තිස් දෙක පිළිබඳව විමසන්නට වුනා. එවිට උත්තර මාණවකයා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් දෙකක් හැර බොහෝ සෙයින් හඳුනාගත්තා. මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳව සැක කරන්නට වුනා. විචිකිච්ඡා කරන්නට වුනා. නො බැසගත්තා. නො පැහැදුනා. ඒ කෝසෝහිත වත්ථගුය්හ හා පහූතජිව්හතාව යි. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙය සිතුනා. ‘මේ උත්තර මාණවකයා මාගේ ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් දෙකක් හැර බොහෝ සෙයින් හඳුනාගත්තා. නමුත් මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳව සැක කරයි. විචිකිච්ඡා කරයි. නො බැසගනියි. නො පහදියි. ඒ කෝසෝහිත වත්ථගුය්හ හා පහූතජිව්හතාව පිළිබඳව යි.’

අථ ඛෝ භගවා තථාරූපං ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි. යථා අද්දස උත්තරෝ මාණවෝ භගවතෝ කෝසෝහිතං වත්ථගුය්හං. අථ ඛෝ භගවා ජිව්හං නින්නාමෙත්වා උභෝපි කණ්ණසෝතානි අනුමසි පරිමසි. උභෝපි නාසිකාසෝතානි අනුමසි පරිමසි. කේවලම්පි ලලාටමණ්ඩලං ජිව්හාය ඡාදේසිග

එවිට භාග්‍යවතුන් වහන්සේ උත්තර මාණවකයා භාග්‍යවතුන් වහන්සේ ගේ කෝසෝහිත වත්ථගුය්හ (ඇතුළට බැසගත් පියුම් කෙමියක් ලෙස ඇති පුරුෂ නිමිත්ත) දකින්නේ යම් අයුරින් ද එබඳු වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කළ සේක. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ ඉර්ධිමය ආකාරයකින් දිව දිගු කොට දෙකන්සිළු මැනැවින් ස්පර්ශ කළ සේක. දෙනැහැ සිදුරු දක්වා මැනැවින් ස්පර්ශ කළ සේක. මුළු නළල් තලය ම වසා ලූ සේක.

අථ ඛෝ උත්තරස්ස මාණවස්ස ඒතදහෝසි: ‘සමන්නාගතෝ ඛෝ සමණෝ ගෝතමෝ ද්වත්තිංස මහාපුරිසලක්ඛණේහි. යන්නූනාහං සමණං ගෝතමං අනුබන්ධෙය්‍යං ඉරියාපථඤ්චස්ස පස්සෙය්‍ය’න්ති. අථ ඛෝ උත්තරෝ මාණවෝ සත්ත මාසානි භගවන්තං අනුබන්ධි ඡායාව අනපායිනී අථ ඛෝ උත්තරෝ මාණවෝ සත්තන්නං මාසානං අච්චයේන විදේහේසු යේන මිථිලා තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන මිථිලා යේන බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ තේනුපසංකමි. උපසංකමිත්වා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ උත්තරං මාණවං බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ ඒතදවෝච: ‘කච්චි තාත උත්තර, තං භවන්තං ගෝතමං තථා සන්තං යේව සද්දෝ අබ්භුග්ගතෝ නෝ අඤ්ඤථා, කච්චි ච පන සෝ භවං ගෝතමෝ තාදිසෝ, නෝ අඤ්ඤාදිසෝ’ති.

එවිට උත්තර මාණවකයා මෙය සිතුවා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් සමන්විත සේක් ම යි. එනිසා දැන් මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ඉරියව් පරීක්ෂා කරමින් පසුපසින් ම සිටින්නට ඕන’ කියලා.

ඉතින් උත්තර මාණවකයා අත්නොහැර යන සෙවණැල්ලක් මෙන් සත් මසක් භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් ලුහුබැඳ ගියා. ඉතින් සත් මස ඇවෑමෙන් උත්තර මාණවකයා විදේහයෙහි මිථිලා නගරය බලා චාරිකාවෙහි පිටත් වුණා. අනුපිළිවෙලින් චාරිකාවේ පැමිණ මිථිලාවෙහි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙත පැමිණුනා. පැමිණ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වැඳ එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව හිඳගත් උත්තර මාණවකයා ගෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මෙය ඇසුවා. “පුත, උත්තරයෙනි, කිම? ඒ භවත් ගෞතමයන් උස්ව නැගී පැතිරී ඇති කීර්ති ඝෝෂාවට අනුකූල වූ ගුණයෙන් යුක්ත ද? එසේ නැතිව වෙනත් ස්වභාවයකින් යුක්ත ද? කිම? ඒ භවත් ගෞතමයන් එබඳු අයුරු වේ ද? නැතිනම් අන් අයුරු වේ ද?”

තථාසන්තංයේව භෝ තං භවන්තං ගෝතමං සද්දෝ අබ්භුග්ගතෝ, නෝ අඤ්ඤථා, තාදිසෝ ච භෝ සෝ භවං ගෝතමෝ, න අඤ්ඤාදිසෝ. සමන්නාගතෝ ච සෝ භෝ භවං ගෝතමෝ ද්වත්තිංස මහාපුරිසලක්ඛණේහි.

“භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ යම් කීර්ති ඝෝෂාවක් උස්ව නැගී පැතිරී ඇද්ද, ඒ අයුරු ම යි. අන් පරිදි නම් නො වෙයි. භවත, ඒ භාග්‍යවතුන් වහන්සේ කියන ගුණයන් ගේ ආකාරයෙන් ම යුක්ත යි. අන් අයුරකින් නම් නො වෙයි. භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්විත වන සේක.

(1). සුප්පතිට්ඨිතපාදෝ ඛෝ පන භවං ගෝතමෝ, ඉදම්පි තස්ස භෝතෝ ගෝතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

ඒ භවත් ගෞතමයන් වහන්සේ මනාව පිහිටි පා ඇති සේක. මෙය ද ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ මහා පුරුෂ ලක්ෂණයකි.

(2). හෙට්ඨා ඛෝ පනස්ස භෝතෝ ගෝතමස්ස පාදතලේසු චක්කානි ජාතානි සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරාණි.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ යටිපතුලෙහි දහසක් අර ඇති නිම් වළලු සහිත නාභි මණ්ඩල සහිත සර්වාකාරයෙන් ම පරිපූර්ණ වූ චක්‍ර සටහන් තියෙනවා.

(3). ආයතපණ්හී ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ දික් විලුඹ ඇති සේක.

(4). දීඝංගුලී ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ දික් ඇඟිලි ඇති සේක.

(5). මුදුතළුණහත්ථපාදෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ මෘදු යොවුන් අත් පා ඇති සේක.

(6). ජාලහත්ථපාදෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ පහසුවෙන් නැවිය හැකි ජාල අත් පා ඇති සේක.

(7). උස්සංඛපාදෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ උස්ව පිහිටි ගොප් ඇති පා ඇති සේක.

(8). ඒණිජංඝෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ඒණි මුවන්ට බඳු කෙණ්ඩා ඇති සේක.

(9). ඨිතකෝව ඛෝ පන සෝ භවං ගෝතමෝ අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති.

ඒ භවත් ගෞතමයන් වහන්සේ සිටගෙන සිටිය දී ම නො නැමී ම දෙඅත්ලෙන් දණ මඬුළු පිරිමදින සේක.

(10). කෝසෝහිතවත්ථගුය්හෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ කෝසෝහිත වත්ථගුය්හ ඇති සේක.

(11). සුවණ්ණවණ්ණෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ කඤ්චනසන්නිභත්තචෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ රන්වන් පැහැයෙන් යුතුව කාංචන වර්ණයෙන් යුතු පැහැ ඇති සමකින් යුතු සේක.

(12). සුඛුමච්ඡවි ඛෝ පන සෝ භවං ගෝතමෝ සුඛුමත්තා ඡවියා රජෝජල්ලං කායේ න උපලිප්පති.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි දූවිලි කුණු නො රැඳෙන අයුරින් ඉතා සියුම් ස්වභාවයෙන් යුතු සමකින් යුතු සේක.

(13). ඒකේකලෝමෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ, ඒකේකානි ලෝමානි ලෝමකූපේසු ජාතානි.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි එක එක ලෝමය බැගින් පිහිටා ඇත. එක් රෝම කූපයක හටගන්නේ එක් ලෝමයක් පමණි.

(14). උද්ධග්ගලෝමෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ උද්ධග්ගානි ලෝමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි පදක්ඛිණාවත්තකජාතානි.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි උඩට හැරුණු ලෝමයන් පිහිටා ඇත. නිල්වන් අඳුන්වන් දකුණු අතට කරකැවී ගොස් තිබෙන රෝමයේ කොන උඩු අතට හැරුණු ලෝම ඇති සේක.

(15). බ්‍රහ්මුජ්ජුගත්තෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ මහා බ්‍රහ්මරාජයාට බඳු ඍජු අවයවයන් ගෙන් යුතු සේක.

(16). සත්තුස්සදෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි දෙඅත් පිටු, දෙපා පිටු කර, දෙවුර යන සත් තැන උස් වූ මාංස ඇති සේක.

(17). සීහපුබ්බද්ධකායෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ සිංහරාජයෙකු ගේ ඇති තේජෝබල සම්පන්න ලීලාව වැනි තේජෝබල සම්පන්න පූර්වශරීරකාය ඇති සේක.

(18). චිතන්තරංසෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ මසින් පිරුණු පිටිකර ඇත්තේ වේ.

(19). නිග්‍රෝධපරිමණ්ඩලෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ, යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස ව්‍යාමෝ යාවතක්වස්ස ව්‍යාමෝ තාවතක්වස්ස කායෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය යම් තාක් ද බඹය ද ඒ තාක් ය. බඹය යම් තාක් ද, උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය ද ඒ තාක් ය. උසට සරිලන මහතින් ද, මහතට සරිලන උසින් ද යුතු ශරීරය මනාව වැඩී ගිය නුගරුකක ඇති ස්වභාවය වැන්න.

(20). සමවත්තක්ඛන්ධෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ මසින් පිරුණු උරහිස් ඇති සේක.

(21). රසග්ගසග්ගී ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ඕනෑම දෙයක් මැනැවින් දිරවන රස නහර ඇති සේක.

(22). සීහහනු ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ සිංහයෙකුට බඳු ශක්තිමත් හනු ඇති සේක.

(23). චත්තාළීසදන්තෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ දත් සතළිසක් ඇති සේක.

(24). සමදන්තෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ සම වූ දත් ඇති සේක.

(25). අවිවරදන්තෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ විවර නැති දත් ඇති සේක.

(26). සුසුක්කදාඨෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ඉතා සුදු දත් ඇති සේක.

(27). පහූතජිව්හෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ පහූතජිව්හා ඇති සේක.

(28). බ්‍රහ්මස්සරෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ, කරවීකභාණී.

ඒ භවත් ගෞතමයන් වහන්සේ කුරවි කෙවිල්ලන් ගේ අති මිහිරි නාදය බඳු බ්‍රහ්මස්වර ඇති සේක.

(29). අභිනීලනෙත්තෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ අභිනීල නෙත් යුග ඇති සේක.

(30). ගෝපඛුමෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ උපන් ඇසිල්ලෙන් දිළිසෙන විශාල ඇස් ඇති රතු වසු පැටවුන්ට බඳු විශාල ඇස් ඇති සේක.

(31). උණ්ණා ඛෝ පනස්ස භෝතෝ ගෝතමස්ස භමුකන්තරේ ජාතා ඕදාතා මුදුතූලසන්නිභා.

ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ දෙබැම අතර මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝම ධාතුව ඇති සේක.

(32). උණ්හීසසීසෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ, ඉදම්පි තස්ස භෝතෝ ගෝතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

ඒ භවත් ගෞතමයන් වහන්සේ උස්ව පිහිටි කෙස් රොද ඇති උණ්හීසසීසයෙන් යුතු සේක. මෙය ද ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ මහා පුරුෂ ලක්ෂණයකි.

ඉමේහි ඛෝ සෝ භවං ගෝතමෝ ද්වත්තිංස මහාපුරිසලක්ඛණේහි සමන්නාගතෝ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්විත වන සේක.

ගච්ඡන්තෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ දක්ඛිණේනේව පාදේන පඨමං පක්කමති, සෝ නාතිදූරේ පාදං උද්ධරති, නාච්චාසන්නේ පාදං නික්ඛිපති, සෝ නාතිසීඝං ගච්ඡති, නාතිසනිකං ගච්ඡති, න ච අද්දුවේන අද්දුවං සංඝට්ටෙන්තෝ ගච්ඡති, න ච ගොප්ඵකේන ගොප්ඵකං සංඝට්ටෙන්තෝ ගච්ඡති, සෝ ගච්ඡන්තෝ න සත්ථිං උන්නාමේති, න සත්ථිං ඕනාමේති, න සත්ථිං සන්නාමේති, න සත්ථිං විනාමේති. ගච්ඡතෝ ඛෝ පනස්ස භෝතෝ ගෝතමස්ස අධරකායෝව ඉඤ්ජති. න ච කායබලේන ගච්ඡති. අවලෝකෙන්තෝ ඛෝ පන සෝ භවං ගෝතමෝ සබ්බකායේනේව අවලෝකේති. සෝ න උද්ධං උල්ලෝකේති. න අධෝ ඕලෝකේති. න ච විපෙක්ඛමානෝ ගච්ඡති. යුගමත්තඤ්ච පෙක්ඛති. තතෝ චස්ස උත්තරිං අනාවටං ඤාණදස්සනං භවති.

ඒ වගේ ම ඒ භවත් ගෞතමයන් වහන්සේ පිටතට වඩින විට පළමුවෙන් ම පෙරට තබන්නේ දකුණු පාදය යි. උන්වහන්සේ ඉතා දුරින් පියවර තබන්නේ නෑ. ඉතා ළඟිනුත් පියවර තබන්නේ නෑ. ඉතා වේගයෙන් පියවර තබන්නෙත් නෑ. ඉතා සෙමින් පියවර තබන්නෙත් නෑ. දණ හිසින් දණ හිස වද්දවමින් වඩින්නෙත් නෑ. ගොප් ඇටයෙන් ගොප් ඇටය වද්දවමින් වඩින්නෙත් නෑ. උන්වහන්සේ වඩින විට කළවය උඩට නවන්නෙත් නෑ. යටට නවන්නෙත් නෑ. පාදයන් තද කොට තබන්නෙත් නෑ. සිරුර එහාට මෙහාට සොළවන්නෙත් නෑ. භවත් ගෞතමයන් වහන්සේ වඩින විට දී සෙලවෙන්නේ යටිකය විතරයි. උන්වහන්සේ කාය බලයෙන් වඩින්නේ නෑ. ඒ භවත් ගෞතමයන් වහන්සේ බලද්දී මුළු කය ම හරවා බලනවා. උන්වහන්සේ උඩ බලන්නෙත් නෑ. යට බලන්නෙත් නෑ. කලබලයෙන් වටපිට බලන්නෙත් නෑ. වික්ශේපයෙන් බලන්නෙත් නෑ. වියදඬු පමණ දුර පමණක් බලනවා. උන්වහන්සේ සාමාන්‍ය බැලීම එසේ වුණත් ඤාණදර්ශනය නම් කිසි දේකින් වැහිලා නෑ.

සෝ අන්තරඝරං පවිසන්තෝ න කායං උන්නාමේති. න කායං ඕනාමේති. න කායං සන්නාමේති. න කායං විනාමේති. සෝ නාතිදූරේ නාච්චාසන්නේ ආසනස්ස පරිවත්තති. න ච පාණිනා ආලම්බිත්වා ආසනේ නිසීදති. න ච ආසනස්මිං කායං පක්ඛිපති. සෝ අන්තරඝරේ නිසින්නෝ සමානෝ න හත්ථකුක්කුච්චං ආපජ්ජති. න පාදකුක්කුච්චං ආපජ්ජති. න ච අද්දුවේන අද්දුවං ආරෝපෙත්වා නිසීදති. න ච ගොප්ඵකේන ගොප්ඵකං ආරෝපෙත්වා නිසීදති. න ච පාණිනා හනුකං උපාදියිත්වා නිසීදති. සෝ අන්තරඝරේ නිසින්නෝව සමානෝ නච්ඡම්භති න කම්පති න වේධති න පරිතස්සති. සෝ අඡම්භී අකම්පී අවේධී අපරිතස්සී විගතලෝමහංසෝ. විවේකාවත්තෝ ච සෝ භවං ගෝතමෝ අන්තරඝරේ නිසින්නෝ හෝති.

උන්වහන්සේ ඇතුලු ගමට වඩිද්දී කය උඩට නවන්නෙත් නෑ. යටට නවන්නෙත් නෑ. කය පද්දවන්නෙත් නෑ. එහා මෙහා නවන්නෙත් නෑ. ඉතා දුර සිටිය දී, ඉතා ළඟ සිටිය දී ආසනයෙහි වේගයෙන් වාඩිවෙන්නෙත් නෑ. දෑතට බර දී අසුනෙහි වාඩිවෙන්නෙත් නෑ. අසුනෙහි වාඩි වූ විට කය බරකරන්නෙත් නෑ. උන්වහන්සේ ඇතුළු ගමට පිවිසුන විට, දෑතින් නො ගැලපෙන දෙයක් කරන්නෙත් නෑ. පා වලින් නො ගැලපෙන දෙයක් කරන්නෙත් නෑ. දණහිස උඩ අනිත් දණ තබා වාඩි වෙන්නෙත් නෑ. ගොප් ඇටයෙන් ගොප් ඇටය නගා වාඩිවෙන්නෙත් නෑ. අතින් නිකට තබා ගෙන වාඩිවෙන්නෙත් නෑ. උන්වහන්සේ ඇතුළු ගමේ වැඩසිටිද්දී තැතිගන්නෙත් නෑ. කම්පා වෙන්නෙත් නෑ. සැලෙන්නෙත් නෑ. තැති ගැනීම්, කම්පාවීම්, සැලීම්, බියවීම් නැතිව, ලොමු ඩැහැගැනීම් නැතිව වැඩඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ විවේකයට නැමුණු සිතින් ම ඇතුළුගමෙහි ත් වැඩඉන්නවා.

සෝ පත්තෝදකං පතිගණ්හන්තෝ න පත්තං උන්නාමේති. න පත්තං ඕනාමේති. න පත්තං සන්නාමේති. න පත්තං විනාමේති. සෝ පත්තෝදකං පතිගණ්හාති නාතිථෝකං නාතිබහුං. සෝ න බුලු‍බුලු‍කාරකං පත්තං ධෝවති. න සම්පරිවත්තකං පත්තං ධෝවති. න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථේ ධෝවති. හත්ථේසු ධෝතේසු පත්තෝ ධෝතෝ හෝති. පත්තේ ධෝතේ හත්ථා ධෝතා හොන්ති. සෝ පත්තෝදකං ඡඩ්ඩේති නාතිදූරේ නාච්චාසන්නේ න ච විච්ඡඩ්ඩයමානෝ.

උන්වහන්සේ පාත්‍රයට දිය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නෙත් නෑ. යටට පාත්කරන්නෙත් නෑ. පාත්‍රය තද කොට ගන්නෙත් නෑ. පාත්‍රය ඔබමොබ සොලවන්නෙත් නෑ. පාත්‍රයට දිය පිළිගනිද්දී ඉතා ස්වල්පයක් ගන්නෙත් නෑ. ඉතා ගොඩක් ගන්නෙත් නෑ. උන්වහන්සේ ‘බුලු බුලු’ හඬින් ජලය කැළඹී යන ලෙස පාත්‍රය සෝදන්නෙත් නෑ. යළි යළිත් පාත්‍රය සෝදන්නෙත් නෑ. පාත්‍රය බිම තබා අත් සෝදන්නෙත් නෑ. අත්සේදූ කළ පාත්‍රය ද සෝදන ලද්දේ වෙයි. පාත්‍රය සේදූ කළ දෑත ද සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍රය සේදූ දිය ඉතා දුර දමන්නෙත් නෑ. ඉතා ළඟ දමන්නෙත් නෑ. වතුර විසිරෙන පරිදි වීසිකරන්නෙත් නෑ.

සෝ ඕදනං පතිගණ්හන්තෝ න පත්තං උන්නාමේති. න පත්තං ඕනාමේති. න පත්තං සන්නාමේති. න පත්තං විනාමේති. සෝ ඕදනං පතිගණ්හාති නාතිථෝකං නාතිබහුං. බ්‍යඤ්ජනං ඛෝ පන සෝ භවං ගෝතමෝ බ්‍යඤ්ජනමත්තාය ආහාරේති, න ච බ්‍යඤ්ජනේන ආලෝපං අතිමානේති. ද්වත්තික්ඛත්තුං ඛෝ පන සෝ භවං ගෝතමෝ මුඛේ ආලෝපං සම්පරිවත්තෙත්වා අජ්ඣෝහරති. න චස්ස කාචි ඕදනමිඤ්ජා අසම්භින්නං කායං පවිසති, න චස්ස කාචි ඕදනමිඤ්ජා මුඛේ අවසිට්ඨා හෝති. අථාපරං ආලෝපං උපනාමේති. රසපටිසංවේදී ඛෝ පන සෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති නෝ ච රසරාගපටිසංවේදී. අට්ඨංගසමන්නාගතං ඛෝ පන සෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි. නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි. යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරෝ චා’ති.

උන්වහන්සේ දානය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නෙත් නෑ. යටට නවන්නෙත් නෑ. පාත්‍රය තදකොට ගන්නෙත් නෑ. පාත්‍රය ඔබ මොබ සොළවන්නෙත් නෑ. දානය ඉතා ස්වල්පයක් ගන්නෙත් නෑ. ඉතා ගොඩක් ගන්නෙත් නෑ. ඒ භවත් ගෞතමයන් වහන්සේ දානයට ප්‍රමාණවත් වන පරිදි පමණයි වෑංජන පිළිගන්නේ. ඒ වෑංජන වලින් බත ඉක්මවා යන්නෙත් නෑ.

ඒ භවත් ගෞතමයන් වහන්සේ බත්පිඬ මුවෙහි ඇතුළු කොට දෙතුන් වරක් සපා ගිලිනා සේක. වෑංජනයෙන් මැනැවින් මිශ්‍ර නො වූ බත් උන්වහන්සේ ගේ කයට ඇතුළු නො වෙයි. ඒ වගේ ම උන්වහන්සේ ගේ මුවෙහි හෝ හක්කේ හෝ ආහාර නො රැඳෙයි. අනිත් බත් පිඬ මුවට නගන්නේ ඉන්පසුවයි.

ඒ භවත් ගෞතමයන් වහන්සේ දන් වළඳද්දී එහි ඇති ලුණු ඇඹුල් ආදිය රස විඳිමින් වළඳින සේක. නමුත් රස රාගයෙන් නො වළඳින සේක. භවත් ගෞතමයන් වහන්සේ දන් වළඳද්දී අංග අටකින් සමන්විත වී දන් වළඳින සේක. එනම්;

(1). ජවය ඇතිකරගැනීම පිණිස දන් නො වළඳින සේක.

(2). සවි ශක්තියෙන් මත්වීම පිණිස දන් නො වළඳින සේක.

(3). මස් පුරවා තරකොට සරසා ගැනීම පිණිස දන් නො වළඳින සේක.

(4). අඩු තැන් මසින් පුරවා ගැනීම පිණිස දන් නො වළඳින සේක.

(5). මේ කයෙහි පැවැත්ම පිණිස පමණක් දන් වළඳින සේක.

(6). මේ කයෙහි යැපීම පිණිස පමණක් දන් වළඳින සේක.

(7). මේ කයෙහි වෙහෙස දුරුකර ගැනීම පිණිස පමණක් දන් වළඳින සේක.

(8). මේ අයුරින් ‘පැරණි කුසගිනි වේදනා නැතිකරමි. අළුත් කුසගිනි වේදනා නූපදවමි. මාගේ ජීවිත යාත්‍රාව නිවැරදිව හා පහසුවෙන් පවත්වන්නේ ය’ යන අදහස ඇතිව, බඹසර ජීවිතයට අනුග්‍රහ පිණිස පමණක් දන් වළඳින සේක.

සෝ භුත්තාවී පත්තෝදකං පතිගණ්හන්තෝ න පත්තං උන්නාමේති. න පත්තං ඕනාමේති. න පත්තං සන්නාමේති. න පත්තං විනාමේති. සෝ පත්තෝදකං පතිගණ්හාති නාතිථෝකං නාතිබහුං. සෝ න බුලු‍බුලු‍කාරකං පත්තං ධෝවති න සම්පරිවත්තකං පත්තං ධෝවති. න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථේ ධෝවති. හත්ථේසු ධෝතේසු පත්තෝ ධෝතෝ හෝති. පත්තේ ධෝතේ හත්ථා ධෝතා හොන්ති. සෝ පත්තෝදකං ඡඩ්ඩේති නාතිදූරේ නාච්චාසන්නේ න ච විච්ඡඩ්ඩයමානෝ. සෝ භුත්තාවී න පත්තං භූමියං නික්ඛිපති නාතිදූරේ නාච්චාසන්නේ. න ච අනත්ථිකෝ පත්තේන හෝති, න ච අතිවේලානුරක්ඛී පත්තස්මිං.

උන්වහන්සේ වැළඳූ පසු පාත්‍රයට දිය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නෙත් නෑ. යටට පාත්කරන්නෙත් නෑ. පාත්‍රය තද කොට ගන්නෙත් නෑ. පාත්‍රය ඔබමොබ සොලවන්නෙත් නෑ. පාත්‍රයට දිය පිළිගනිද්දී ඉතා ස්වල්පයක් ගන්නෙත් නෑ. ඉතා ගොඩක් ගන්නෙත් නෑ. උන්වහන්සේ ‘බුලු බුලු’ හඬින් ජලය කැළඹී යන ලෙස පාත්‍රය සෝදන්නෙත් නෑ. යළි යළිත් පාත්‍රය සෝදන්නෙත් නෑ. පාත්‍රය බිම තබා අත් සෝදන්නෙත් නෑ. අත්සේදූ කළ පාත්‍රය ද සෝදන ලද්දේ වෙයි. පාත්‍රය සේදූ කළ දෑත ද සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍රය සේදූ දිය ඉතා දුර දමන්නෙත් නෑ. ඉතා ළඟ දමන්නෙත් නෑ. වතුර විසිරෙන පරිදි වීසිකරන්නෙත් නෑ. උන්වහන්සේ වැළඳූ පසු පාත්‍රය බිම තබන්නෙත් නෑ. ඉතා දුර තබන්නෙත් නෑ. ඉතා ළඟ තබන්නෙත් නෑ. පාත්‍රයකින් ඵලක් නැති පරිද්දෙන් සිටින්නෙත් නෑ. පාත්‍රය බොහෝ වෙලාවක් රැකබලා ගන්නෙත් නෑ.

සෝ භුත්තාවී මුහුත්තං තුණ්හී නිසීදති. න ච අනුමෝදනස්ස කාලමතිනාමේති. සෝ භුත්තාවී අනුමෝදති. න තං භත්තං ගරහති. න අඤ්ඤං භත්තං පාටිකංඛති අඤ්ඤදත්ථු ධම්මියාව කථාය තං පරිසං සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහංසේති. සෝ තං පරිසං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කමති.

උන්වහන්සේ වැළඳු විට මොහොතක් නිශ්ශබ්දව වැඩසිටින සේක. අනුමෝදනා බණට කල් නො ඉක්මවන සේක. උන්වහන්සේ වැළඳූ පසු අනුමෝදනා කරන සේක. වළඳන ලද දානයට නො ගරහන සේක. වෙන දානයක් ද නො පතන සේක. ඒකාන්තයෙන් ම දැහැමි කතාවෙන් පිරිසට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. උනන්දු කරවන සේක. සතුටු කරවන සේක. උන්වහන්සේ ඒ පිරිසට දැහැමින් කරුණු දක්වා සමාදන් කරවා සතුටු කරවා උනන්දු කරවා හුනස්නෙන් නැගී නික්ම වඩින සේක.

සෝ නාතිසීඝං ගච්ඡති නාතිසනිකං ගච්ඡති. න ච නිමුච්චිතුකාමෝ ගච්ඡති. න ච තස්ස භෝතෝ ගෝතමස්ස කායේ චීවරං අච්චුක්කට්ඨං හෝති, න ච අච්චොක්කට්ඨං, න ච කායස්මිං අල්ලීනං, න ච කායස්මා අපකට්ඨං, න ච තස්ස භෝතෝ ගෝතමස්ස කායම්හා වාතෝ චීවරං අපවහති. න ච තස්ස භෝතෝ ගෝතමස්ස කායේ රජෝජල්ලං උපලිප්පති.

උන්වහන්සේ ඉතා වේගයෙන් නො වඩින සේක. ඉතා සෙමින් ද නො වඩින සේක. පිරිසෙන් නිදහස් වනු කැමැත්තෙන් මෙන් නො වඩින සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ ශරීරයෙන් සිවුර උඩට ඉස්සෙන පරිදි නො පොරවන සේක. එල්ලා වැටෙන සේ නො පොරවන සේක. කයෙහි තදින් සිර කොට නො පොරොවන සේක. කයින් ඉතා බුරුල් කොට නො පොරොවන සේක. භවත් ගෞතමයන් වහන්සේ විසින් පොරොවා සිටින සිවුර සුළඟින් ගසා නො යන ස්වභාවයෙන් යුතුයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගේ කයෙහි දූවිලි කුණු නො තැවරෙන ස්වභාවයෙන් යුක්තයි.

සෝ ආරාමගතෝ නිසීදති පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ පාදේ පක්ඛාලේති. න ච සෝ භවං ගෝතමෝ පාදමණ්ඩනානුයෝගමනුයුත්තෝ විහරති. සෝ පාදේ පක්ඛාලෙත්වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ නේව අත්තව්‍යාබාධාය චේතේති න පරව්‍යාබාධාය චේතේති. න උභයව්‍යාබාධාය චේතේති. අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලෝකහිතමේව සෝ භවං ගෝතමෝ චින්තෙන්තෝ නිසින්නෝ හෝති.

උන්වහන්සේ ආරාමයට වැඩම කොට අසුනෙහි වැඩ හිඳින සේක. වැඩ හිඳ දෙපා සෝදා ගන්නා සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ දෙපා සැරසීමේ අදහසින් නො සෝදන සේක. උන්වහන්සේ පා සෝදා පළඟක් බැඳ වාඩි වී කය ඍජු කොට තබාගෙන භාවනා අරමුණකට සිහිය යොදවා වැඩසිටින සේක.

උන්වහන්සේ තමන් හට පීඩා පිණිස නො සිතන සේක. අනුන් හට පීඩා පිණිස නො සිතන සේක. දෙපාර්ශයවට ම පීඩා පිණිස නො සිතන සේක. තමන් හට හිත පිණිස ද, අනුන් හට හිත පිණිස ද, සකල ලෝක සත්වයාට හිත පිණිස ද, උතුම් සිතුවිලි සිතමින් ඒ භවත් ගෞතමයන් වහන්සේ වැඩ හිඳින සේක.

සෝ ආරාමගතෝ පරිසතිං ධම්මං දේසේති න තං පරිසං උස්සාදේති. න තං පරිසං අපසාදේති. අඤ්ඤදත්ථු ධම්මියාව කථාය තං පරිසං සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහංසේති. අට්ඨංගසමන්නාගතෝ ඛෝ පනස්ස භෝතෝ ගෝතමස්ස මුඛතෝ ඝෝසෝ නිච්ඡරති. විස්සට්ඨෝ ච විඤ්ඤෙය්‍යෝ ච මඤ්ජු ච සවනීයෝ ච බින්දු ච අවිසාරී ච ගම්භීරෝ ච නින්නාදී ච. යථාපරිසං ඛෝ පන සෝ භවං ගෝතමෝ සරේන විඤ්ඤාපේති. න චස්ස බහිද්ධා පරිසාය ඝෝසෝ නිච්ඡරති. තේ තේන භෝතා ගෝතමේන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහංසිතා උට්ඨායාසනා පක්කමන්ති අපලෝකයමානායේව අවිජහන්තා භාවේන. අද්දසාම ඛෝ මයං භෝ තං භවන්තං ගෝතමං ගච්ඡන්තං. අද්දසාම ඨිතං. අද්දසාම අන්තරඝරං පවිසන්තං අද්දසාම අන්තරඝරේ නිසින්නං තුණ්හීභූතං. අද්දසාම භුත්තාවිං අනුමෝදන්තං. අද්දසාම ආරාමං ගච්ඡන්තං අද්දසාම ආරාමගතං නිසින්නං තුණ්හීභූතං. අද්දසාම ආරාමගතං පරිසතිං ධම්මං දේසෙන්තං. ඒදිසෝ ච ඒදිසෝ ච භෝ සෝ භවං ගෝතමෝ, තතෝ ච භිය්‍යෝ’ති.

උන්වහන්සේ ආරාමයට වැඩම කළ විට පිරිසට දහම් දෙසන සේක. ඒ පිරිස හුවා දක්වමින් වර්ණනා නො කරන සේක. හෙලා නො දකින සේක. ඒකාන්තයෙන් ම දැහැමි කතාවෙන් පිරිසට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. උනන්දු කරවන සේක. සතුටු කරවන සේක. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ගේ මුඛයෙන් අංග අටකින් සමන්විත බ්‍රහ්මස්වරයක් නික්මෙන්නේ ය.

(1). ගොත ගැසීමක්, බාධාවක්, උගුර පෑදීමක් නැතිව සුව සේ වචන නික්මෙයි.

(2). අවබෝධය ඇතිවෙන පරිද්දෙන් වචන නිකුත් වෙයි.

(3). මධුර හඬින් යුක්තයි.

(4). සවන් යුග ඒ හඬට ඇදී යයි.

(5). ඒ ස්වරය වචන හා හොඳින් කැටි වී තිබේ.

(6). ඒ ස්වරය පිරිසෙන් බැහැරට විසිර නො යයි.

(7). ඒ ස්වරය ගාම්භීර හඬකින් යුක්තයි.

(8). ඒ ස්වරය දෝංකාර දෙයි.

ඒ භවත් ගෞතමයන් වහන්සේ දහම් දෙසද්දී ස්වරයෙන් පිරිස දැනුවත් කරන සේක. උන්වහන්සේ ගේ හඬ එම පිරිසෙන් බැහැරට නික්ම නො යයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් දැහැමින් කරුණු දක්වා සමාදන් කරවා සතුටු කරවා උනන්දු කරවූ පසු ඒ පිරිස හුනස්නෙන් නැගී නික්ම යන්නේ භවත් ගෞතමයන් වහන්සේව බැහැරට දැමූ ස්වභාවයෙන් නො වෙයි. එමෙන් ම භවත් ගෞතමයන් වහන්සේ දෙස නැවත නැවතත් බලමින් ද නො වෙයි. ‘භවත්නි, අපි වඩින්නා වූ භවත් ගෞතමයන් වහන්සේව දැකගත්තා නෙව. වාඩි වී සිටින අයුරුත් දැකගත්තා නෙව. ඇතුළු ගමට වඩින අයුරුත් දැකගත්තා නෙව. ඇතුළු ගමෙහි නිහඬව වැඩ සිටිනා අයුරුත් දැකගත්තා නෙව. දන් වළඳා අනුමෝදන් කරන අයුරුත් දැකගත්තා නෙව. ආරාමයට වඩින අයුරුත් දැකගත්තා නෙව. අරමට වැඩම කොට නිහඬව වැඩසිටිනා අයුරුත් දැකගත්තා නෙව. අරමට පැමිණි පිරිසට දහම් දෙසනවා ත් දැකගත්තා නෙව’ කිය කියා පිටත්ව යයි. භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳු මෙබඳු වූ ගුණයන් ගෙන් යුක්තයි. එයටත් වඩා ගුණ තියෙනවා.

ඒවං වුත්තේ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ උට්ඨායාසනා ඒකංසං උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානේසි: නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස. අප්පේව නාම මයං කදාචි කරහචි තේන භෝතා ගෝතමේන සද්ධිං සමාගච්ඡෙය්‍යාම, අප්පේව නාම සියා කෝචිදේව කථාසල්ලාපෝ’ති.

එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිශාවට ඇඳිලි බැඳ තුන්වතාවක් මෙම උදානය පැවසුවා. “ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!” කියල. “අපට ත් කිසියම් දවසක ඒ භවත් ගෞතමයන් වහන්සේ සමඟ එක්වෙන්නට ලැබුනොත්, උන්වහන්සේ සමඟ කිසියම් කතා සල්ලාපයක් කරගන්නට ලැබුනොත් කොතරම් අගෙයි ද!”

අථ ඛෝ භගවා විදේහේසු අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන මිථිලා තදවසරි. තත්‍ර සුදං භගවා මිථිලායං විහරති මඛාදේවම්බවනේ අස්සෝසුං ඛෝ මෙථිලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ විදේහේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි මිථිලං අනුප්පත්තෝ මිථිලායං විහරති මඛාදේවම්බවනේ. තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා, සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී’ති. අථ ඛෝ මෙථිලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ භගවතෝ සන්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ විදේහ ජනපදයන්හි අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් මිථිලාවට ද වැඩම කළා. එසඳ භාග්‍යවතුන් වහන්සේ මිථිලාවෙහි මඛාදේව අඹ වනයෙහි වැඩසිටියා. එවිට මිථිලා නුවරවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරුන් හට මෙය අසන්නට ලැබුනා. “ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් පන්සියයක් පමණ භික්ෂුසංඝයා සමඟ විදේහ ජනපදයන් හි චාරිකාවේ වඩින අතර මිථිලාවට පැමිණ මිථිලාවෙහි මඛාදේව අඹ වනයෙහි වැඩ සිටිනවා. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැතිරී ගිහින් තියෙනවා. ඒ කියන්නෙ, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල.

ඒ වගේ ම උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, සමාප්තිය වූ කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. මෙබඳු වූ රහතුන් ගේ දැක්ම කොතරම් අගේ ද” කියා. ඉතින් මිථිලා නුවරවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරුන් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට පැමිණුනා. පැමිණි ඇතැම් අය භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩි වුනා. තවත් සමහරු භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව නිමවා එකත්පස්ව වාඩිවුනා. තවත් සමහරු භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ ප්‍රණාම කොට එකත්පස්ව වාඩිවුනා. තවත් සමහරු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි තමන්ව නම්ගොත් වශයෙන් හඳුන්වා දී එකත්පස්ව වාඩිවුනා. තවත් සමහරු නිශ්ශබ්දව ම එකත්පස්ව වාඩිවුනා.

අස්සෝසි ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ, ‘සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ මිථිලං අනුප්පත්තෝ, මිථිලායං විහරති මඛාදේවම්බවනේ’ති. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ සම්බහුලේහි මානවකේහි සද්ධිං යේන මඛාදේවම්බවනං තේනුපසංකමි, අථ ඛෝ බ්‍රහ්මායුනෝ බ්‍රාහ්මණස්ස අවිදූරේ අම්බවනස්ස ඒතදහෝසි: ‘න ඛෝ මේතං පතිරූපං යෝ හං පුබ්බේ අප්පටිසංවිදිතෝ සමණං ගෝතමං දස්සනාය උපසංකමෙය්‍ය’න්ති. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ අඤ්ඤතරං මාණවකං ආමන්තේසි: ‘ඒහි ත්වං මාණවක, යේන සමණෝ ගෝතමෝ තේනුපසංකම, උපසංකමිත්වා මම වචනේන සමණං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, බ්‍රහ්මායු භෝ ගෝතම බ්‍රාහ්මණෝ භවන්තං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. ඒවං ච වදේහි, බ්‍රහ්මායු භෝ ගෝතම, බ්‍රාහ්මණෝ ජිණ්ණෝ වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ වීසංවස්සසතිකෝ ජාතියා තිණ්ණං වේදානං පාරගූ සනිඝණ්ඩුකේටුභානං සාක්ඛරප්පභේදානං ඉතිහාසපඤ්චමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායතමහාපුරිසලක්ඛණේසු අනවයෝ. යාවතා භෝ බ්‍රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති බ්‍රහ්මායු තේසං බ්‍රාහ්මණෝ අග්ගමක්ඛායති යදිදං භෝගේහි. බ්‍රහ්මායු තේසං බ්‍රාහ්මණෝ අග්ගමක්ඛායති යදිදං මන්තේහි. බ්‍රහ්මායු තේසං බ්‍රාහ්මණෝ අග්ගමක්ඛායති යදිදං ආයුනා චේව යසසා ච. සෝ භෝතෝ ගෝතමස්ස දස්සනකාමෝ’ති.

බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට ද මෙය අසන්නට ලැබුණා. එනම්; “ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ මිථිලාවට වැඩම කරලා ඉන්නවා. දැන් උන්වහන්සේ මිථිලාවෙහි මඛාදේව අඹවනයෙහි වැඩඉන්නවා” කියලා. එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බොහෝ මාණවකයින් සමඟ මඛාදේව අඹ වනයට පැමිණුනා. මඛාදේව අඹවනයට ළං වී සිටිය දී බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙය සිතුනා. “මං කලින් දැනුම් නොදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දකින්නට යන්නේය යන කරුණ සුදුසු නැහැ.” එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා එක්තරා තරුණයෙකු කැඳෙව්වා. “එම්බා මාණවකය, ඔබ එන්න. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට යන්න. ගිහින් මගේ වචනයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ අල්පාබාධ බවත්, අල්ප පීඩා ඇති බවත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසුවිහරණය ත් විමසන්න. මෙසේත් කියන්න. ‘භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු නම් බ්‍රාහ්මණයා දිරාපත්ව සිටින කෙනෙක්, වයෝවෘද්ධ කෙනෙක්, මහළු කෙනෙක්, වයසේ කෙළවරට ගිය කෙනෙක්. කෙමෙන් කෙමෙන් වයසට ගොස් උපතින් එකසිය විසි වසරක් වූ කෙනෙක්. ඒ වගේ ම ඔහු ත්‍රිවේදය පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත්, පිළිබඳව හසළ නුවණ ඇති කෙනෙක්. ඒ වගේ ම මිථිලාවෙහි යම්තාක් බ්‍රාහ්මණ ගෘහපතිවරුන් වසත් ද, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔවුන් සියලු දෙනාට ම වඩා භෝග සම්පත් වලින් අග්‍ර යි. ඒ වගේ ම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔවුන් සියලු දෙනාට ම වඩා වේද මන්ත්‍ර වලින් අග්‍ර යි. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔවුන් සියලු දෙනාට ම වඩා ආයුෂයෙන් ද, කීර්තිරාවයෙන් ද අග්‍ර යි. ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භවත් ගෞතමයන් වහන්සේව දකින්නට කැමැත්තෙන් ඉන්නවා’ කියල.

ඒවං භෝති ඛෝ සෝ මාණවකෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ සෝ මාණවකෝ භගවන්තං ඒතදවෝච: බ්‍රහ්මායු භෝ ගෝතම, බ්‍රාහ්මණෝ භවන්තං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. බ්‍රහ්මායු භෝ ගෝතම, බ්‍රාහ්මණෝ ජිණ්ණෝ ….(පෙ)…. ලෝකායතමහාපුරිසලක්ඛණේසු අනවයෝ. යාවතා භෝ බ්‍රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති, බ්‍රහ්මායු තේසං බ්‍රාහ්මණෝ අග්ගමක්ඛායති යදිදං භෝගේහි. බ්‍රහ්මායු තේසං බ්‍රාහ්මණෝ අග්ගමක්ඛායති යදිදං මන්තේහි. බ්‍රහ්මායු තේසං බ්‍රාහ්මණෝ අග්ගමක්ඛායති යදිදං ආයුනා චේව යසසා ච. සෝ භෝතෝ ගෝතමස්ස දස්සනකාමෝ’ති.

“එසේය භවත” කියා ඒ මාණවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටගත් ඒ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු නම් බ්‍රාහ්මණයා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ අල්පාබාධ බවත්, අල්ප පීඩා ඇති බවත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසුවිහරණය ත් විමසනවා. ඒ වගේ ම ඒ බ්‍රහ්මායු නම් බ්‍රාහ්මණයා දිරාපත්ව සිටින කෙනෙක්, වයෝවෘද්ධ කෙනෙක්, මහළු කෙනෙක්, වයසේ කෙළවරට ගිය කෙනෙක්. කෙමෙන් කෙමෙන් වයසට ගොස් උපතින් එකසිය විසි වසරක් වූ කෙනෙක්. ඒ වගේ ම ඔහු ත්‍රිවේදය පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදිය ත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත් පිළිබඳව හසළ නුවණ ඇති කෙනෙක්. ඒ වගේ ම මිථිලාවෙහි යම්තාක් බ්‍රාහ්මණ ගෘහපතිවරුන් වසත් ද, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔවුන් සියලු දෙනාට ම වඩා භෝග සම්පත් වලින් අග්‍ර යි. ඒ වගේ ම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔවුන් සියලු දෙනාට ම වඩා වේද මන්ත්‍ර වලින් අග්‍ර යි. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔවුන් සියලු දෙනාට ම වඩා ආයුෂයෙන් ද, කීර්තිරාවයෙන් ද අග්‍ර යි. ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භවත් ගෞතමයන් වහන්සේව දකින්නට කැමැත්තෙන් ඉන්නවා”

‘යස්සදානි මාණවක, බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ කාලං මඤ්ඤතී’ති.

“පින්වත් මාණවකය, යම් දෙයකට දැන් කාලය නම්, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා එම කාලය දන්නේය”

අථ ඛෝ සෝ මාණවකෝ යේන බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ තේනුපසංකමි. උපසංකමිත්වා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං ඒතදවෝච: ‘කතාවකාසෝ ඛෝ භවං සමණේන ගෝතමේන, යස්සදානි භවං කාලං මඤ්ඤතී’ති.

එවිට ඒ මාණවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙත පැමිණුනා. පැමිණ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙය පැවසුවා. “භවත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් අවකාශ දෙන ලද්දේය. යමකට දැන් කාලය නම් එය භවතාණන් දන්නහුය.”

අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. අද්දසා ඛෝ සා පරිසා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන අථ නං ඕකාසමකාසි යථා තං ඤාතස්ස යසස්සිනෝ. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ තං පරිසං ඒතදවෝච: අලං භෝ, නිසීදථ තුම්හේ සකේ ආසනේ, ඉධාහං සමණස්ස ගෝතමස්ස සන්තිකේ නිසීදිස්සාමීති. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ භගවතෝ කායේ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි සමන්නේසි. අද්දසා ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ භගවතෝ කායේ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, යේභුය්‍යේන ඨපෙත්වා ද්වේ ද්වීසු මහාපුරිසලක්ඛණේසු කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කෝසෝහිතේ ච වත්ථගුය්හේ පහූතජිව්හතාය ච. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ භගවන්තං ගාථාහි අජ්ඣභාසි:

එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. එතන සිටි බ්‍රාහ්මණ ගෘහපති පිරිස දුරින් ම පැමිණෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දැක්කා. දැක ඔහුට ඉතා ප්‍රසිද්ධ කීර්තිමත් පුද්ගලයෙකුට ඉඩ කඩ දෙන්නේ යම් සේ ද එලෙසින් ඉඩ සලසා දුන්නා. එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඒ පිරිසට මෙය පැවසුවා. “භවත්නි, කම් නැත. ඔබ තම අසුන් මත සිටිනු මැනැව. මෙහි මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟින් ම වාඩිවෙන්නම්.”

ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව හුන් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි තිබෙන මහා පුරුෂ ලක්ෂණ තිස් දෙක පිළිබඳව විමසන්නට වුනා. එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් දෙකක් හැර බොහෝ සෙයින් හඳුනාගත්තා. මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳව සැක කරන්නට වුනා. විචිකිච්ඡා කරන්නට වුනා. නො බැසගත්තා. නො පැහැදුනා. ඒ කෝසෝහිත වත්ථගුය්හ හා පහූතජිව්හතාව යි. එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් පැවසුවා.

‘යේ මේ ද්වත්තිංසාති සුතා මහාපුරිසලක්ඛණා,
දුවේ තේසං න පස්සාමි භෝතෝ කායස්මිං ගෝතම.

භවත් ගෞතමයන් වහන්ස, මා විසින් අසන ලද යම් මේ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් ඇද්ද, එයින් ලක්ෂණ දෙකක් ඔබවහන්සේ ගේ කයෙහි මං දකින්නෙ නැහැ.

කච්චි කෝසෝහිතං භෝතෝ වත්ථගුය්හං නරුත්තම,
නාරීසහනාම සව්හයා කච්චි ජිව්හා න රස්සිකා

නරෝත්තමයන් වහන්ස, කිම? භවතාණන් කෙරෙහි කෝසෝහිත වත්ථගුය්හ තිබෙනවා නේද? කිම? ස්ත්‍රී ලිංගික වචනයක් වන ජිව්හා යන පදයෙන් යුතු කෙටි නො වූ දිවක් තිබෙනවා නේද?

කච්චි පහූතජිව්හෝසි? යථා තං ජානියාමසේ,
නින්නාමයේතං තනුකං කංඛං විනය නෝ ඉසේ,

කිම? පහූතජිව්හතාව තිබෙනවා නේද? පින්වත් ඍෂිවරයාණෙනි, අපි යම් පරිදි එය දනිමු නම්, එලෙසින් ඒ තුනී දිව පෙන්නුව මැනව. සැක දුරු කළ මැනව.

දිට්ඨධම්මහිතත්ථාය සම්පරාය සුඛාය ච,
කතාවකාසා පුච්ඡේමු යං කිඤ්චි අභිපත්ථිත’න්ති.

අප විසින් කිසියම් දෙයක් පතන ලද්දේ ද, එය සඳහා අවකාශ ලබා ඇති අපි මෙලොව හිත සුව පිණිස ත්, පරලොව හිත සුව පිණිස ත් පවතින දේ ගැන අසන්නෙමු.

අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: ‘පස්සති ඛෝ මේ අයං බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යේභුය්‍යේන ඨපෙත්වා ද්වේ ද්වීසු මහාපුරිසලක්ඛණේසු කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කෝසෝහිතේ ච වත්ථගුය්හ පහූතජිව්හතාය චා’ති. අථ ඛෝ භගවා තථාරූපං ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි. යථා අද්දස බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ භගවතෝ කෝසෝහිතං වත්ථගුය්හං. අථ ඛෝ භගවා ජිව්හං නින්නාමෙත්වා උභෝපි කණ්ණසෝතානි අනුමසි පරිමසි, උභෝපි නාසිකාසෝතානි අනුමසි පරිමසි. කේවලම්පි ලලාටමණ්ඩලං ජිව්හාය ඡාදේසි. අථ ඛෝ භගවා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං ගාථාහි පච්චභාසි.

එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇති විය. ‘මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මාගේ ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් දෙකක් හැර බොහෝ සෙයින් හඳුනාගත්තා. නමුත් මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳව සැක කරයි. විචිකිච්ඡා කරයි. නො බැසගනියි. නො පහදියි. ඒ කෝසෝහිත වත්ථගුය්හ හා පහූතජිව්හතාව පිළිබඳව යි.’

එවිට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගේ කෝසෝහිත වත්ථගුය්හ (ඇතුළට බැසගත් පියුම් කෙමියක් ලෙස ඇති පුරුෂ නිමිත්ත) දකින්නේ යම් අයුරින් ද එබඳු වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කළ සේක. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ ඉර්ධිමය ආකාරයකින් දිව දිගු කොට දෙකණ්සිළු මැනැවින් ස්පර්ශ කළ සේක. දෙනැහැ සිදුරු දක්වා මැනැවින් ස්පර්ශ කළ සේක. මුළු නළල් තලය ම වසා ලූ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හට ගාථා වලින් මෙසේ වදාළ සේක.

යේ තේ ද්වත්තිංසාති සුතා මහාපුරිසලක්ඛණා,
සබ්බේ තේ මම කායස්මිං මා තේ කංඛාහු බ්‍රාහ්මණ.

පින්වත් බ්‍රාහ්මණය, ඔබ විසින් යම් ඒ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් අසන ලද්දේ ද, ඒ සියලු මහා පුරුෂ ලක්ෂණ මාගේ කයෙහි ඇත. ඒ ගැන ඔබට සැකයක් නො වේවා!

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවේතබ්බඤ්ච භාවිතං,
පහාතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ.

පින්වත් බ්‍රාහ්මණය, විශිෂ්ට ඤාණයෙන් යුතුව දත යුතු දෙය මවිසින් විශිෂ්ට ඤාණයෙන් දන්නා ලද්දේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් වැඩිය යුතු දෙය මවිසින් වඩන ලද්දේ ය. ප්‍රහීන කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව මවිසින් ප්‍රහාණය කරන ලද්දේ ය. එහෙයින් පින්වත් බ්‍රාහ්මණය, මම ‘බුද්ධ’ වෙමි.

දිට්ඨධම්මහිතත්ථාය සම්පරාය සුඛාය ච,
කතාවකාසෝ පුච්ඡස්සු යං කිඤ්චි අභිපත්ථිතන්ති.

ඔබ විසින් කිසියම් දෙයක් පතන ලද්දේ ද, එය සඳහා අවකාශ ලබා ඇති ඔබ මෙලොව හිත සුව පිණිස ත්, පරලොව හිත සුව පිණිස ත් පවතින දේ ගැන අසන්න.

අථ ඛෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස ඒතදහෝසි: ‘කතාවකාසෝ ඛෝම්හි සමණේන ගෝතමේන. කින්නු ඛෝ අහං සමණං ගෝතමං පුච්ඡෙය්‍යං දිට්ඨධම්මිකං වා අත්ථං සම්පරායිකං වා’ති. අථ ඛෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස ඒතදහෝසි: ‘කුසලෝ ඛෝ අහං දිට්ඨධම්මිකානං අත්ථානං, අඤ්ඤේපි මං දිට්ඨධම්මිකං අත්ථං පුච්ඡන්ති. යන්නූනාහං සමණං ගෝතමං සම්පරායිකඤ්ඤේව අත්ථං පුච්ඡෙය්‍ය’න්ති. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ භගවන්තං ගාථාහි අජ්ඣභාසි:

එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මේ අදහස ඇති වුනා. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙන ලද අවකාශ ඇත්තේ වෙමි. කිම? මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් මේ ජීවිතයේ දී ලබන දියුණුව ගැන අසනවා ද? මරණින් මතු ලබන යහපත ගැන අසනවා ද?” එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මේ අදහස ඇති වුනා. “මේ ජීවිතයේ දී ලබන ලෞකික දියුණුව ගැන කියා දෙන්නට මම දක්ෂයි. අනෙක් උදවිය ත් මෙලොව ලබන ලෞකික දියුණුව ගැන මගෙන් අහනවා. එනිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් මරණින් මතු ලබන්නා වූ යහපත ගැන අසන එක තමයි හොඳ.” ඉතින් බ්‍රහ්මායු බ්‍රාහ්මණා භාග්‍යවතුන් වහන්සේට ගාථා වලින් පැවසුවා.

‘කථං භෝ බ්‍රාහ්මණෝ හෝති කථං භවති වේදගූ,
තේවිජ්ජෝ භෝ කථං හෝති සොත්තියෝ කින්ති වුච්චති.

භවතාණෙනි, ශ්‍රේෂ්ඨත්වයට පත් තැනැත්තා වශයෙන් ‘බ්‍රාහ්මණ’ නම් වන්නේ කොහොමද? දැනුමෙහි කෙළවරට පත් කෙනෙකු වශයෙන් ‘වේදගූ’ නම් වන්නේ කොහොම ද? ලොව්තුරු විද්‍යාව තුන් අයුරකින් සාක්ෂාත් කිරීම් වශයෙන් ‘තේවිජ්ජෝ’ නම් වන්නේ කොහොම ද? සෙත සලසා ගත් කෙනා වශයෙන් ‘සොත්තිය’ යැයි කියනු ලබන්නේ කොහොම ද?

අරහං භෝ කථං හෝති කථං භවති කේවලී,
මුනිච්ච භෝ කථං හෝති බුද්ධෝ කින්ති පවුච්චතී’ති.

භවතාණෙනි, නිකෙලෙස් බවට පත් වූ කෙනා වශයෙන් ‘අරහත්’ නම් වන්නේ කොහොම ද? නිවන් මග සම්පූර්ණ කළ කෙනා වශයෙන් ‘කේවලී’ නම් වන්නේ කොහොම ද? මුනි දහමට පත් වූ කෙනා වශයෙන් ‘මුනි’ නම් වන්නේ කොහොම ද? අවබෝධය ලත් කෙනා වශයෙන් ‘බුද්ධ’ යැයි කියනු ලබන්නේ කොහොම ද?”

අථ ඛෝ භගවා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං ගාථාහි පච්චභාසි.

එවිට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථාවලින් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙය වදාළා.

‘පුබ්බේනිවාසං යෝ වේදි සග්ගාපායඤ්ච පස්සති,
අථෝ ජාතික්ඛයං පත්තෝ අභිඤ්ඤා වෝසිතෝ මුනි.

යම් කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙල ගැන දන්නවා නම්, ස්වර්ගය ත් අපාය ත් දිවැසින් දකිනවා නම්, ඒ වගේ ම විශිෂ්ට ඤාණාවබෝධයේ කෙළවර වන මුනිභාවයට පැමිණ ඉපදෙන මැරෙන සසරේ ක්ෂය බවට පත්වූයේ ද,

චිත්තං විසුද්ධං ජානාති මුත්තං රාගේහි සබ්බසෝ,
පහීන ජාතිමරණෝ බ්‍රහ්මචරියස්ස කේවලී
පාරගූ සබ්බධම්මානං බුද්ධෝ තාදී පවුච්චතී’ති.

ස්ර්වප්‍රකාරයෙන් ම රාගයෙන් නිදහස් ව විමුක්තියට පත් පිරිසිදු සිත ගැන දන්නවා නම්, ඉපදෙන මැරෙන සසර ප්‍රහාණය වුනා නම්, පරිපූර්ණ බඹසරෙන් යුක්ත නම්, සියලු ධර්මයන් ගේ එතෙරට ගියේ නම්, අන්න ඒ තැනැත්තා අටලෝ දහමෙන් නො සැලෙන බුද්ධ යැයි කියනු ලැබේ.

ඒවං වුත්තේ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ උට්ඨායාසනා ඒකංසං උත්තරාසංගං කරිත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවතෝ පාදානි මුඛේන ච පරිචුම්බති පාණීහි ච පරිසම්බාහති. නාමඤ්ච සාවේති: බ්‍රහ්මායු චාහං භෝ ගෝතම බ්‍රාහ්මණෝ, බ්‍රහ්මායු චාහං භෝ ගෝතම බ්‍රාහ්මණෝ’ති. අථ ඛෝ සා පරිසා අච්ඡරියබ්භුතචිත්තා ජාතා අහෝසි: ‘අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතා. යත්‍ර හි නාමායං බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ ඤාතෝ යසස්සී ඒවරූපං පරමනිපච්චකාරං කරිස්සතී’ති.

මෙසේ වදාළ විට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශ කොට පොරවා ගෙන භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය අභියස නළල තබා බිම වැතිරී භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මයන් මුවින් සිඹින්නට පටන් ගත්තා. දෑතින් පිරිමදින්නට පටන් ගත්තා. තමන් ගේ නම පවසන්නට පටන් ගත්තා. “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහී බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. භවත් ගෞතමයන් වහන්ස, මම වනාහී බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි.”

එතකොට එතන රැස්ව සිටි පිරිස තුළ අසිරිමත් පුදුම සහගත සිතක් ඇති වුණා. ‘භවත්නි, ආශ්චර්යය යි! භවත්නි, අද්භූත යි! ශ්‍රමණයන් වහන්සේ නමක ගේ මහා ඍද්ධිමත්බව බලව. මහානුභාවය බලව. යම් හෙයකින් මේසා ප්‍රසිද්ධ වූ, කීර්තිධර බ්‍රහ්මායු බ්‍රාහ්මණයාණෝ මෙබඳු වූ පරම ගෞරවාදරයක් දක්වන්නාහු ය.’

අථ ඛෝ භගවා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං ඒතදවෝච: ‘අලං බ්‍රාහ්මණ, උට්ඨහ, නිසීද ත්වං සකේ ආසනේ, යතෝ තේ මයි චිත්තං පසන්න’න්ති. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ උට්ඨහිත්වා සකේ ආසනේ නිසීදි.

එවිට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හට මෙය වදාළ සේක. “පින්වත් බ්‍රාහ්මණය, කම් නැත. නැගිටින්න. ඔබ තම අසුනෙහි වාඩිවෙන්න. මා කෙරෙහි ඔබේ සිත පහන්ව ගියා නෙව.” එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා නැගිට තමන් ගේ අසුනේ වාඩි වුනා.

අථ ඛෝ භගවා බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස ආනුපුබ්බීකථං කථේසි. සෙය්‍යථීදං: ‘දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ ආනිසංසං පකාසේසි. යදා භගවා අඤ්ඤාසි බ්‍රහ්මායුං බ්‍රාහ්මණං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදේසනා තං පකාසේසි දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදේව රජනං පතිගණ්හෙය්‍ය, ඒවමේවං බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස තස්මිඤ්ඤේව ආසනේ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ දිට්ඨධම්මෝ, පත්තධම්මෝ, විදිතධම්මෝ, පරියෝගාළ්හධම්මෝ තිණ්ණවිචිකිච්ඡෝ විගතකථංකථෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්ථුසාසනේ භගවන්තං ඒතදවෝච: “අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම. සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය. පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච, උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතං. අධිවාසේතු ච මේ භවං ගෝතමෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා”ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

එවිට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හට අනුපිළිවෙල කතාව වදාළ සේක. ඒ කියන්නේ දන් දීම ගැන කතාව, සිල් රැකීම ගැන කතාව, ස්වර්ගෝත්පත්තිය ගැන කතාව, කාමයන් ගේ ආදීනවය ගැන කතාව, කෙලෙස් වල ඇති ලාමක බව ගැන කතාව, කෙලෙසුන් ගෙන් නික්මීමේ ආනිසංස ගැන කතාව වදාළා. ඉතින් යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා තුළ සකස් වූ සිතක්, මෘදු සිතක්, නීවරණ රහිත සිතක්, ඔද වැඩුණු සිතක්, ප්‍රසන්න වූ සිතක් ඇති වුණු බව දැන වදාළ සේක් ද, එවිට බුදුවරයන් වහන්සේලා ගේ යම් සාමුක්කංසික දේශනාවක් ඇද්ද, ඒ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය දේශනාව වදාළා. එය කිළුටු නැති සුදු වස්ත්‍රයක් මැනවින් සායම් කළා වගෙයි. ඒ ආකාරයෙන් ම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හට ඒ ආසනයේ දී ම ‘හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් හට ගත් සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත’ බවට කෙලෙස් රහිත වූ, අවිද්‍යා රහිත වූ දහම් ඇස පහළ වුණා.

දැක ගත් ධර්මයෙන් යුතු, ධර්මයට පැමිණි, ධර්මය දැනගත්, ධර්මයෙහි බැසගත්, සැකයෙන් එතෙර වූ, ‘කෙසේද, කෙසේද’ යන ස්වභාවයෙන් එතෙර වූ, විශාරද භාවයට පැමිණි, බාහිර උපකාරයකින් තොරව ශාස්තෘ ශාසනයෙහි දියුණුව ලැබිය හැකි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙයි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙයි. ඔන්න ඔය විදියට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා! ඒ වගේ ම භවත් ගෞතමයන් වහන්සේ හෙට දිනයෙහි භික්ෂුසංඝයා සමඟ මාගේ දානය ඉවසා වදාරණ සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් යුතුව එය ඉවසා වදාළ සේක.

අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසි: ‘කාලෝ භෝ ගෝතම, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. සද්ධිං භික්ඛුසංඝේන. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන විදේහේසු චාරිකං පක්කාමි. අථ ඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ අචිරපක්කන්තස්ස භගවතෝ කාලමකාසි.

එවිට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම ඉවසා වදාළ බව දැන හුනස්නෙන් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා එම රාත්‍රිය ඇවෑමෙන් තම නිවසෙහි ප්‍රණීත වූ ආහාරපානාදිය පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නා. “භවත් ගෞතමයන් වහන්ස, දැන් දානයට කාලය යි. දන් පැන් පිළියෙල කරලයි තියෙන්නෙ.” එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ගෙන භික්ෂුසංඝයා සමඟ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ගේ නිවස කරා වැඩියා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා. ඉතින් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සතියක් මුළුල්ලෙහි බුද්ධප්‍රමුඛ භික්ෂුසංඝයා හට ප්‍රණීත වූ ආහාර පානයන් ගෙන් සියතින් ම වැළඳෙව්වා. මැනවින් පැවරුවා. එම සත් දින ඇවෑමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ විදේහ ජනපදයන් හි යළි චාරිකාවට නික්ම වැඩියා. භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ කලකින් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා අභාවප්‍රාප්ත වුනා.

අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: ‘බ්‍රහ්මායු භන්තේ, බ්‍රාහ්මණෝ කාලංකතෝ, තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ’ති.

එකල්හි බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳගත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කළුරිය කළා. ඔහු ගේ උපත කොයි ආකාර වුනා ද? මරණින් මතු ජීවිතය කොයි ආකාර වුනා ද?”

පණ්ඩිතෝ භික්ඛවේ, බ්‍රහ්මායු බ්‍රාහ්මණෝ, පච්චපාදි ධම්මස්සානුධම්මං න ච මං ධම්මාධිකරණං විහේසේසි. බ්‍රහ්මායු භික්ඛවේ, බ්‍රාහ්මණෝ පඤ්චන්නං ඕරම්භාගියානං සඤ්ඤෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකාති.

“පින්වත් මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බුද්ධිමත්. ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණ සිටියා. ධර්මය හේතු කොට ගෙන මාව වෙහෙසෙව්වේ නෑ. පින්වත් මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි උපන්නා. එම ලොවින් මෙලොවට පෙරළා නො එන ස්වභාවයෙන් යුතුව එහි දී ම පිරිනිවන් පාවි.”

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

බ්‍රහ්මායුසුත්තං පඨමං.

බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M