මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.4.8. බාහිතික සුත්තං

2.4.8. බාහිතික වස්ත්‍ර පූජාවට හේතු වූ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ ආයස්මා ආනන්දෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ, යේන පුබ්බාරාමෝ මිගාරමාතුපාසාදෝ තේනුපසංකමි දිවාවිහාරාය.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්තරය ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩියා. සැවැතෙහි පිඬු පිණිස වැඩ දන් වළඳා පසුව මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමය වෙත දිවාවිහරණය කරන්නට පැමිණුනා.

තේන ඛෝ පන සමයේන රාජා පසේනදි කෝසලෝ ඒකපුණ්ඩරීකං නාගං අභිරුහිත්වා සාවත්ථියා නිය්‍යාසි දිවාදිවස්ස. අද්දසා ඛෝ රාජා පසේනදි කෝසලෝ ආයස්මන්තං ආනන්දං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන සිරිවඩ්ඪං මහාමත්තං ආමන්තේසි: ‘ආයස්මා නෝ ඒසෝ සම්ම සිරිවඩ්ඪ, ආනන්දෝ’ති? ‘ඒවං මහාරාජ, ආයස්මා ඒසෝ ආනන්දෝ’ති. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ අඤ්ඤතරං පුරිසං ආමන්තේසි: ‘ඒහි ත්වං අම්භෝ පුරිස, යේනායස්මා ආනන්දෝ තේනුපසංකම. උපසංකමිත්වා මම වචනේන ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසා වන්දාහි: රාජා භන්තේ පසේනදි කෝසලෝ ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසා වන්දතී’ති. ඒවඤ්ච වදේහි: ‘සචේ කිර භන්තේ, ආයස්මතෝ ආනන්දස්ස න කිඤ්චි අච්චායිකං කරණීයං, ආගමේතු කිර භන්තේ, ආයස්මා ආනන්දෝ මුහුත්තං අනුකම්පං උපාදායා’ති. ඒවං දේවාති ඛෝ සෝ පුරිසෝ රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස පටිස්සුත්වා යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ සෝ පුරිසෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: “රාජා භන්තේ, පසේනදි කෝසලෝ ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසා වන්දති, ඒවඤ්ච වදේති: ‘සචේ කිර භන්තේ, ආයස්මතෝ ආනන්දස්ස න කිඤ්චි අච්චායිකං කරණීයං, ආගමේතු කිර භන්තේ, ආයස්මා ආනන්දෝ මුහුත්තං අනුකම්පං උපාදායා”ති. අධිවාසේසි ඛෝ ආයස්මා ආනන්දෝ තුණ්හීභාවේන.

එසමයෙහි පසේනදී කොසොල් රජු ඒකපුණ්ඩරීක නම් ඇත්රජා පිට නැගී මහා දහවල් සැවැතින් නික්මුනා. ඉතින් පසේනදී කොසොල් රජුට දුරින් ම වඩිනා ආයුෂ්මත් ආනන්දයන්ව දකින්නට ලැබුනා. දැක සිරිවඩ්ඪ මහා අමාත්‍යවරයා ඇමතුවා. “මිත්‍ර සිරිවඩ්ඪයෙනි, අර වඩින්නේ ආයුෂ්මත් ආනන්දයන් ද?” “එසේය මහාරජාණෙනි, ඒ ආයුෂ්මත් ආනන්දයන් තමයි.”

එවිට පසේනදී කොසොල් රජු එක්තරා පුරුෂයෙක් ඇමතුවා. “එම්බා පුරුෂය, මෙහි එව. ආයුෂ්මත් අනන්දයන් වහන්සේ ළඟට යන්න. ගිහින් මාගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්දයන් ගේ පාදයන් නළල බිම තබා වඳින්න. ‘ස්වාමීනී, පසේනදී කෝසල රාජා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගේ පාදයන් නළල බිම තබා වඳිනවා’ කියල. මෙසේත් කියන්න. ‘ඉදින් ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් හට කිසියම් විශේෂ කරුණක් නැත්නම් ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනුකම්පාව උපදවා මොහොතක් වැඩසිටින සේක්වා!’ කියල.” “එසේය දේවයනි” කියා ඒ පුරුෂයා පසේනදී කොසොල් රජුට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්දයන් වෙත පැමිණුනා. පැමිණ, ආයුෂ්මත් ආනන්දයන්ට වන්දනා කොට එකත්පස්ව සිටියා. එකත්පස්ව සිටි ඒ පුරුෂයා ආයුෂ්මත් ආනන්දයන්ට මෙය පැවසුවා. ‘ස්වාමීනී, පසේනදී කෝසල රාජා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගේ පාදයන් නළල බිම තබා වඳිනවා’ කියල. මෙසේත් කියයි. ‘ඉදින් ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් හට කිසියම් විශේෂ කරුණක් නැත්නම් ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනුකම්පාව උපදවා මොහොතක් වැඩසිටින සේක්වා!”එවිට ආයුෂ්මත් ආනන්දයන් නිශ්ශබ්දව සිටීමෙන් එය ඉවසා වදාළා.

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ යාවතිකා නාගස්ස භූමි, නාගේන ගන්ත්වා නාගා පච්චෝරෝහිත්වා පත්තිකෝව යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: ‘සචේ භන්තේ, ආයස්මතෝ ආනන්දස්ස න කිඤ්චි අච්චායිකං කරණීයං, සාධු භන්තේ, ආයස්මා ආනන්දෝ යේන අචිරවතියා නදියා තීරං, තේනුපසංකමතු අනුකම්පං උපාදායා’ති. අධිවාසේසි ඛෝ ආයස්මා ආනන්දෝ තුණ්හීභාවේන.

ඉතින් පසේනදී කොසොල් රජු ඇතු පිටින් යා හැකි තාක් ගොස්, ඇතු පිටින් බැස පා ගමනින් ආයුෂ්මත් ආනන්දයන් වෙත පැමිණුනා. පැමිණ, ආයුෂ්මත් ආනන්දයන්ට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව සිටි පසේනදී කෝසල රාජා ආයුෂ්මත් ආනන්දයන්ට මෙය පැවසුවා. “ස්වාමීනී, ඉදින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට කළ යුතු විශේෂ කටයුත්තක් නැත්නම්, ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් අචිරවතී නදී තෙර කරා වඩිනා සේක් නම් මැනවි.” ආයුෂ්මත් ආනන්දයන් නිශ්ශබ්දතාවයෙන් එය පිළිගත්තා.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන අචිරවතියා නදියා තීරං, තේනුපසංකමි, උපසංකමිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ යාවතිකා නාගස්ස භූමි නාගේන ගන්ත්වා නාගා පච්චෝරෝහිත්වා පත්තිකෝව යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: ‘ඉධ භන්තේ, ආයස්මා ආනන්දෝ හත්ථත්ථරේ නිසීදතූ’ති. අලං මහාරාජ, නිසීද ත්වං, නිසින්නෝ අහං සකේ ආසනේ’ති. නිසීදි ඛෝ රාජා පසේනදි කෝසලෝ පඤ්ඤත්තේ ආසනේ, නිසජ්ජ ඛෝ රාජා පසේනදි කෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච:

ඉතින් ආයුෂ්මත් ආනන්දයන් අචිරවතී නදී තෙර කරා වැඩියා. වැඩ එක්තරා රුක් සෙවණක පණවන ලද අසුනෙහි වැඩසිටියා. එවිට පසේනදී කොසොල් රජු ඇත් වාහනයෙන් යා හැකි තාක් භූමියෙහි ගොස් ඇතුපිටින් බැස පයින් ම ආයුෂ්මත් ආනන්දයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් ආනන්දයන්ට වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි පසේනදී කොසොල් රජු ආයුෂ්මත් ආනන්දයන්ට මෙය කිව්වා. “ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයාණෝ මේ ඇත් පළසෙහි වැඩ හිඳිනා සේක්වා!” “පින්වත් මහාරාජ, කම්නැත. ඔබ හිඳගන්න. මා තම ආසනයේ හිඳගෙනයි ඉන්නේ.” එවිට පසේ නදී කොසොල් රජු පණවන ලද අසුනෙහි වාඩි වුනා. එසේ වාඩිවූ පසේනදී කොසොල් රජු ආයුෂ්මත් ආනන්දයන්ට මෙය පැවසුවා.

කින්නු ඛෝ භන්තේ ආනන්ද, සෝ භගවා තථාරූපං කායසමාචාරං සමාචරෙය්‍ය ය්වාස්ස කායසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහීති? න ඛෝ මහාරාජ, සෝ භගවා තථාරූපං කායසමාචාරං සමාචරෙය්‍ය ය්වාස්ස කායසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහී’ති.

“කිම? ස්වාමීනී, ආනන්දයෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් යම් කායික හැසිරීමකට දොස් පරොස් කියනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු වූ කායික හැසිරීමක් හැසිරෙනවා ද?” “පින්වත් මහාරාජ, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් යම් කායික හැසිරීමකට දොස් පරොස් කියනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු වූ කායික හැසිරීමක් හැසිරෙන්නේ නැහැ.”

කිම්පන භන්තේ ආනන්ද, සෝ භගවා තථාරූපං වචීසමාචාරං ….(පෙ)…. මනෝසමාචාරං සමාචරෙය්‍ය ය්වාස්ස මනෝසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහීති? න ඛෝ මහාරාජ, සෝ භගවා තථාරූපං මනෝසමාචාරං සමාචරෙය්‍ය ය්වාස්ස මනෝසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති.

“කිම? ස්වාමීනී, ආනන්දයෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් යම් වාචසික හැසිරීමකට දොස් පරොස් කියනවා නම් ….(පෙ)…. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් යම් මානසික හැසිරීමකට දොස් පරොස් කියනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු වූ මානසික හැසිරීමක් හැසිරෙනවා ද?” “පින්වත් මහාරාජ, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් යම් මානසික හැසිරීමකට දොස් පරොස් කියනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු වූ මානසික හැසිරීමක් හැසිරෙන්නේ නැහැ.”

අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, යං හි මයං භන්තේ, නාසක්ඛිම්හා පඤ්හේන පරිපූරේතුං, තං භන්තේ, ආයස්මතා ආනන්දේන පඤ්හස්ස වෙය්‍යාකරණේන පරිපූරිතං. යේ තේ භන්තේ, බාලා අබ්‍යත්තා අනනුවිච්ච අපරියෝගාහෙත්වා පරේසං වණ්ණං වා අවණ්ණං වා භාසන්ති, න මයං තං සාරතෝ පච්චාගච්ඡාම. යේ ච ඛෝ තේ භන්තේ, පණ්ඩිතා බ්‍යත්තා මේධාවිනෝ අනුවිච්ච පරියෝගාහෙත්වා පරේසං වණ්ණං වා අවණ්ණං වා භාසන්ති, තං මයං සාරතෝ පච්චාගච්ඡාම.

“ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! අපට ස්වාමීනී, යම් ප්‍රශ්නයකින් පිළිතුරක් සපුරා ගන්නට පුළුවන්කමක් තිබුනෙ නෑ. ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විසින් ඒ ප්‍රශ්නෝත්තරයෙන් එය සම්පූර්ණ කළා.

ඉතින් ස්වාමීනී, යම් ඒ අඥාන වූ අව්‍යක්ත වූ පුද්ගලයන් ඉන්නවා. ඔවුන් නුවණින් නො විමසා, නුවණින් නො බැස ගෙන, අනුන් ගේ ගුණ කියනවා. අගුණ ත් කියනවා. එය අපි ඇත්තයි කියලා පිළිගන්නෙ නෑ. ඒ වගේ ම ස්වාමීනී, නුවණැති, ව්‍යක්ත, ප්‍රඥා සම්පන්න උදවිය ඉන්නවා. ඔවුන් නුවණින් විමසා, නුවණින් බැසගෙන තමයි කාට හෝ ගුණයක් හෝ අගුණයක් කියන්නෙ. එතකොට එය අපි පිළිගන්නවා.

කතමෝ පන භන්තේ ආනන්ද, කායසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති?

ස්වාමීනී, ආනන්දයන් වහන්ස, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දොස් පරොස් කියන්නා වූ කායික හැසිරීම නම් කුමක්ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ අකුසලෝ.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් අකුසල් වේ ද, එය යි.”

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ අකුසලෝ?

“ස්වාමීනී, අකුසල කායික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ සාවජ්ජෝ.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් වරදින් යුක්ත ද එය යි.”

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ සාවජ්ජෝ?

“ස්වාමීනී, වරදින් යුක්ත කායික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ සබ්‍යාපජ්ඣෝ.

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ සබ්‍යාපජ්ඣෝ?

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ දුක්ඛවිපාකෝ.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් දුක් විපාකයෙන් යුක්ත ද එය යි.”

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ දුක්ඛවිපාකෝ?

“ස්වාමීනී, දුක් විපාක ඇති කායික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් තමාට දුක් පීඩා පිණිස පවතී ද, අන් අයට දුක් පීඩා පිණිස පවතී ද, දෙපාර්ශවයට ම දුක් පීඩා පිණිස පවතී ද එය යි. ඒ තුළින් ඔහුට අකුසල ධර්ම වැඩෙනවා. කුසල් දහම් පිරිහී යනවා. පින්වත් මහාරාජ, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් නින්දා කරන ලද්දේ මෙම කායික හැසිරීමට යි.”

කතමෝ පන භන්තේ ආනන්ද, වචීසමාචාරෝ ….(පෙ)…. මනෝසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති?

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දොස් පරොස් කියන්නා වූ වාචසික හැසිරීම නම් කුමක්ද?” ….(පෙ)…. “නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දොස් පරොස් කියන්නා වූ මානසික හැසිරීම නම් කුමක්ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ අකුසලෝ.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් අකුසල් වේ ද, එය යි.”

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ අකුසලෝ?

“ස්වාමීනී, අකුසල මානසික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ සාවජ්ජෝ.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් වරදින් යුක්ත ද එය යි.”

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ සාවජ්ජෝ?

“ස්වාමීනී, වරදින් යුක්ත මානසික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ සබ්‍යාපජ්ඣෝ.

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ සබ්‍යාපජ්ඣෝ?

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ දුක්ඛවිපාකෝ.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් දුක් විපාකයෙන් යුක්ත ද එය යි.”

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ දුක්ඛවිපාකෝ?

“ස්වාමීනී, දුක් විපාක ඇති මානසික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ අත්තව්‍යාබාධායපි සංවත්තති ….(පෙ)…. උභයව්‍යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඒවරූපෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ ඕපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් තමාට දුක් පීඩා පිණිස පවතී ද, අන් අයට දුක් පීඩා පිණිස පවතී ද, දෙපාර්ශවයට ම දුක් පීඩා පිණිස පවතී ද එය යි. ඒ තුළින් ඔහුට අකුසල ධර්ම වැඩෙනවා. කුසල් දහම් පිරිහී යනවා. පින්වත් මහාරාජ, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් නින්දා කරන ලද්දේ මෙම මානසික හැසිරීමට යි.”

කින්නු ඛෝ භන්තේ ආනන්ද, සෝ භගවා සබ්බේසංයේව අකුසලානං ධම්මානං පහානං වණ්ණේතීති?

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ සෑම අකුසල ධර්මයක ම ප්‍රහාණය වර්ණනා කළ සේක් ද?”

සබ්බා’කුසලධම්මපහීනෝ ඛෝ මහාරාජ, තථාගතෝ කුසලධම්මසමන්නාගතෝති.

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ සෑම අකුසල ධර්මයක් ම ප්‍රහාණය කළ සේක. කුසල ධර්මයන් ගෙන් සමන්විත වන සේක.”

කතමෝ පන භන්තේ ආනන්ද, කායසමාචාරෝ අනෝපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති?

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නින්දා නො කරන්නා වූ කායික හැසිරීම නම් කුමක්ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ කුසලෝ.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් කුසල් වේ ද, එය යි.”

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ කුසලෝ?

“ස්වාමීනී, කුසල කායික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ අනවජ්ජෝ.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් වරදින් තොර ද එය යි.”

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ අනවජ්ජෝ?

“ස්වාමීනී, වරදින් තොර කායික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ අබ්‍යාපජ්ඣෝ.

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ අබ්‍යාපජ්ඣෝ?

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ සුඛවිපාකෝ.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් සැප විපාකයෙන් යුක්ත ද එය යි.”

කතමෝ පන භන්තේ, කායසමාචාරෝ සුඛවිපාකෝ?

“ස්වාමීනී, සැප විපාක ඇති කායික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ නේවත්තව්‍යාබාධායපි සංවත්තති, න පරව්‍යාබාධායපි සංවත්තති, න උභයව්‍යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ ඛෝ මහාරාජ, කායසමාචාරෝ අනෝපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති.

“පින්වත් මහාරාජ, යම් කායික හැසිරීමක් තමාට දුක් පීඩා පිණිස නො පවතී ද, අන් අයට දුක් පීඩා පිණිස නො පවතී ද, දෙපාර්ශවයට ම දුක් පීඩා පිණිස නො පවතී ද එය යි. ඒ තුළින් ඔහුට කුසල ධර්ම වැඩෙනවා. අකුසල් දහම් පිරිහී යනවා. පින්වත් මහාරාජ, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් නින්දා නො කරන ලද්දේ මෙම කායික හැසිරීමට යි.”

කතමෝ පන භන්තේ ආනන්ද, වචීසමාචාරෝ ….(පෙ)…. මනෝසමාචාරෝ අනෝපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති?

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දොස් පරොස් නො කියන්නා වූ වාචසික හැසිරීම නම් කුමක්ද?” ….(පෙ)….

“නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දොස් පරොස් නො කියන්නා වූ මානසික හැසිරීම නම් කුමක්ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ කුසලෝ.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් කුසල් වේ ද, එය යි.”

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ කුසලෝ?

“ස්වාමීනී, කුසල මානසික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ අනවජ්ජෝ.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් වරදින් තොර ද එය යි.”

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ අනවජ්ජෝ?

“ස්වාමීනී, වරදින් තොර මානසික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ අබ්‍යාපජ්ඣෝ.

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ අබ්‍යාපජ්ඣෝ?

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ සුඛවිපාකෝ.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් සැප විපාකයෙන් යුක්ත ද එය යි.”

කතමෝ පන භන්තේ, මනෝසමාචාරෝ සුඛවිපාකෝ?

“ස්වාමීනී, සැප විපාක ඇති මානසික හැසිරීම නම් කුමක් ද?”

යෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ නේවත්තව්‍යාබාධායපි සංවත්තති, න පරව්‍යාබාධායපි සංවත්තති, න උභයව්‍යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඒවරූපෝ ඛෝ මහාරාජ, මනෝසමාචාරෝ අනෝපාරම්භෝ සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහීති.

“පින්වත් මහාරාජ, යම් මානසික හැසිරීමක් තමාට දුක් පීඩා පිණිස නො පවතී ද, අන් අයට දුක් පීඩා පිණිස නො පවතී ද, දෙපාර්ශවයට ම දුක් පීඩා පිණිස නො පවතී ද එය යි. ඒ තුළින් ඔහුට කුසල ධර්ම වැඩෙනවා. අකුසල් දහම් පිරිහී යනවා. පින්වත් මහාරාජ, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් නින්දා නො කරන ලද්දේ මෙම මානසික හැසිරීමට යි.”

කිං පන භන්තේ ආනන්ද, සෝ භගවා සබ්බේසංයේව කුසලානං ධම්මානං උපසම්පදං වණ්ණේතීති?

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ සෑම කුසල ධර්මයක ම රැස් කිරීම වර්ණනා කළ සේක් ද?”

සබ්බා’කුසලධම්මපහීනෝ ඛෝ මහාරාජ, තථාගතෝ කුසලධම්මසමන්නාගතෝති.

“පින්වත් මහාරාජ, තථාගතයන් වහන්සේ සෑම අකුසල ධර්මයක් ම ප්‍රහාණය කළ සේක. කුසල ධර්මයන් ගෙන් සමන්විත වන සේක.”

අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, යාව සුභාසිතඤ්චිදං භන්තේ, ආයස්මතා ආනන්දේන. ඉමිනා ච මයං භන්තේ, ආයස්මතෝ ආනන්දස්ස සුභාසිතේන අත්තමනාභිරද්ධා, ඒවං අත්තමනාභිරද්ධා ච මයං භන්තේ, ආයස්මතෝ ආනන්දස්ස සුභාසිතේන, සචේ භන්තේ, ආයස්මතෝ ආනන්දස්ස හත්ථිරතනං කප්පෙය්‍ය, හත්ථිරතනම්පි මයං ආයස්මතෝ ආනන්දස්ස දදෙය්‍යාම. සචේ භන්තේ. ආයස්මතෝ ආනන්දස්ස අස්සරතනං කප්පෙය්‍ය, අස්සරතනම්පි මයං ආයස්මතෝ ආනන්දස්ස දදෙය්‍යාම. සචේ භන්තේ, ආයස්මතෝ ආනන්දස්ස ගාමවරං කප්පෙය්‍ය, ගාමවරම්පි මයං ආයස්මතෝ ආනන්දස්ස දදෙය්‍යාම. අපි ච භන්තේ, මයම්පේතං ජානාම: නේතං ආයස්මතෝ ආනන්දස්ස කප්පතීති. අයං මේ භන්තේ, බාහිතිකා රඤ්ඤා මාගධේන අජාතසත්තුනා වේදේහිපුත්තේන වත්ථනාළියා පක්ඛිපිත්වා පහිතා සෝළසසමා ආයාමේන, අට්ඨසමා විත්ථාරේන, තං භන්තේ, ආයස්මා ආනන්දෝ පතිගණ්හාතු අනුකම්පං උපාදායාති.

“ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ආයුෂ්මත් ආනන්දයන් විසින් මේ තාක් වදාළ දෑ සුභාෂිතයක් ම යි. ස්වාමීනී, අපි ආයුෂ්මත් ආනන්දයන් ගේ මේ සුභාෂිතයෙන් සතුටු සිත් ඇති වුනා. ස්වාමීනී, මේ අයුරින් ආයුෂ්මත් ආනන්දයන් ගේ සුභාෂිතයෙන් සතුටු වූ අපි. ඉදින් ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට හස්තිරාජයෙක් කැප නම් අපි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට හස්තිරාජයෙක් වුනත් පූජා කරන්නට සූදානම්. ඉදින් ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට වටිනා අශ්වයෙක් කැප නම් අපි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට වටිනා අශ්වයෙක් වුනත් පූජා කරන්නට සූදානම්. ඉදින් ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට ගම්වරයක් කැප නම් අපි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට ගම්වරයක් වුනත් පූජා කරන්නට සූදානම්. ස්වාමීනී, මාගේ මේ බාහිතික නම් වස්ත්‍රය මගධේශ්වර වේදේහිපුත්‍ර අජාසත් රජු විසින් වස්ත්‍රනාලියක බහා එව්වේ. මෙය දිගින් සොළොස් රියනක් වෙනවා. පළලින් අට රියනක් වෙනවා. ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනුකම්පා උපදවා එය පිළිගන්නා සේක්වා!”

අලං මහාරාජ, පරිපුණ්ණං මේ තිචීවරන්ති.

“පින්වත් මහාරාජ, කම් නැත. මට තුන් සිවුරු සම්පූර්ණයි.”

අයං භන්තේ, අචිරවතී නදී දිට්ඨා ආයස්මතා චේව ආනන්දේන අම්හේහි ච, යදා උපරිපබ්බතේ මහාමේඝෝ අභිප්පවුට්ඨෝ හෝති අථායං අචිරවතී නදී උභතෝ කූලානි සංවිස්සන්දන්තී ගච්ඡති. ඒවමේව ඛෝ භන්තේ, ආයස්මා ආනන්දෝ ඉමාය බාහිතිකාය අත්තනෝ තිචීවරං කරිස්සති. යම්පනායස්මතෝ ආනන්දස්ස පුරාණං තිචීවරං, තං සබ්‍රහ්මචාරීහි සංවිභජිස්සති. ඒවායං අම්හාකං දක්ඛිණා සංවිස්සන්දන්තී මඤ්ඤේ ගමිස්සති. පතිගණ්හාතු භන්තේ, ආයස්මා ආනන්දෝ බාහිතිකන්ති.

“ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විසිනුත්, අප විසිනුත් අචිරවතී ගංගාව දැක තියෙනවා. යම් විටෙක කඳු මුදුනේ මහා වැසි වසිද්දී අචිරවතී ගංගාව ඉවුරු දෙගොඩ තලා ගලා යනවා. ස්වාමීනී, එලෙසින් ම ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මේ බාහිතික වස්ත්‍රය තමන් උදෙසා තුන් සිවුරු කරාවි. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් යම් පැරණි තුන් සිවුරක් එය සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ බෙදා ගනීවි. මෙසේ අප ගේ මේ දක්ෂිණාව උතුරා ගලා යාවි කියල යි හිතෙන්නේ. එනිසා ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බාහිතික වස්ත්‍රය පිළිගන්නා සේක්වා!”

පටිග්ගහේසි ඛෝ ආයස්මා ආනන්දා බාහිතිකං. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: ‘හන්ද ච දානි මයං භන්තේ ආනන්ද, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා’ති. යස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති.

ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බාහිතික වස්ත්‍රය පිළිගත්තා. එවිට පසේනදී කොසොල් රජු ආයුෂ්මත් ආනන්දයන් හට මෙය පැවසුවා. “ස්වාමීනී, ආනන්දයන් වහන්ස, දැන් අපි යන්නම්. අපට බොහෝ වැඩ තියෙනවා නෙව. බොහෝ රාජකාරි තියෙනවා නෙව.” “පින්වත් මහාරාජ, යමකට දැන් කාලය නම් එය දැනගත මැනැව.”

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ ආයස්මතෝ ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

එවිට පසේනදී කොසොල් රජ ආයුෂ්මත් ආනන්දයන් ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වී හුනස්නෙන් නැගිට ආයුෂ්මත් ආනන්දයන්ට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ අචිරපක්කන්තස්ස රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ යාවතකෝ අහෝසි රඤ්ඤා පසේනදිනා කෝසලේන සද්ධිං කථාසල්ලාපෝ. තං සබ්බං භගවතෝ ආරෝචේසි. තඤ්ච බාහිතිකං භගවතෝ පාදාසි.

ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පසේනදී කොසොල් රජු පිටත්ව ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳගත් ආයුෂ්මත් ආනන්දයන් පසේනදී කොසොල් රජු සමඟ යම්තාක් කතා සල්ලාපයක් සිදුවූයේ ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකලා. ඒ බාහිතික වස්ත්‍රය ත් භාග්‍යවතුන් වහන්සේට පූජා කළා.

අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: ‘ලාභා භික්ඛවේ, රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස, සුලද්ධලාභා භික්ඛවේ, රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස. යං රාජා පසේනදි කෝසලෝ ලභති ආනන්දං දස්සනාය. ලභති පයිරුපාසනායාති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, පසේනදී කොසොල් රජුට ලාභයක් ම යි! පින්වත් මහණෙනි, පසේනදී කොසොල් රජුට මනා වූ ලාභයක් ම යි! යම් හෙයකින් පසේනදී කොසොල් රජුට ආනන්දයන් දකින්නට ලැබේ ද, ඇසුරු කරන්නට ලැබේ ද එය යි.”

ඉදමවෝච භගවා, අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

බාහිතිකසුත්තං අට්ඨමං.

බාහිතික වස්ත්‍ර පුජාවට හේතු වූ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M