මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.4.7. පියජාතික සුත්තං

2.4.7. ප්‍රිය වූ දෙයින් හටගන්නා දුක ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්ස ගහපතිස්ස ඒකපුත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ හෝති. තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සෝ ආළාහනං ගන්ත්වා ගන්ත්වා කන්දති ‘කහං ඒකපුත්තක, කහං ඒකපුත්තකා’ති. අථ ඛෝ සෝ ගහපති යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ තං ගහපතිං භගවා ඒතදවෝච: ‘න ඛෝ තේ ගහපති, සකේ චිත්තේ ඨිතස්ස ඉන්ද්‍රියානි, අත්ථි තේ ඉන්ද්‍රියානං අඤ්ඤථත්ත’න්ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. ඒ දිනවල එක්තරා ගෘහපතියෙකු ගේ ප්‍රිය වූ, මනාප වූ, එක ම පුත් කුමරා මරණයට පත් වුනා. ඉතින් ඒ දරුවා ගේ මරණය නිසා ඔහු ගේ රැකීරක්ෂා කටයුතු කිසිවක් කෙරෙන්නෙ නෑ. ආහාරපාන ගන්නෙත් නෑ. ඔහු ආදාහනය කළ තැනට නැවත නැවත ගොස් හඬනවා. “අහෝ! එක ම පුතේ, කොහිද ඔබ? අහෝ! එක ම පුතේ, කොහිද ඔබ?” කියලා.

එදා ඒ ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ඒ ගෘහපතියා ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය අසා වදාළා. “පින්වත් ගෘහපතිය, ඔබ ගේ ඉන්ද්‍රියයන් තියෙන්නෙ තමන් ගේ සිත අනුව නො වෙයි. ඔබේ ඉන්ද්‍රියයන් ගේ කිසියම් වෙනසක් තියෙනවා.”

කිං හි මේ භන්තේ ඉන්ද්‍රියානං නාඤ්ඤථත්තං භවිස්සති? මය්හං හි භන්තේ, ඒකපුත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සෝහං ආළාහනං ගන්ත්වා ගන්ත්වා කන්දාමි ‘කහං ඒකපුත්තක, කහං ඒකපුත්තකා’ති.

“අනේ ස්වාමීනී, මගේ ඉන්ද්‍රියයන් ගේ වෙනසක් නැතිව තියේවි ද? ස්වාමීනී, මගේ ඉතා ම ප්‍රිය වූ, මනාප වූ, එක ම පුත් කුමාරයා කලුරිය කළා නෙව. ඔහු ගේ කාලක්‍රියාව නිසා කිසි වැඩපළක් කෙරෙන්නෙත් නැහැ. කෑමක් බීමක් ගන්නටත් බැහැ. ඒ මං නිතර නිතර ආදාහනය කළ තැනට ගිහින් ‘අහෝ! එක ම පුතේ, කොහිද ඔබ? අහෝ! එක ම පුතේ, කොහිද ඔබ?’ කිය කියා හඬනවා.”

ඒවමේව ගහපති, පියජාතිකා හි ගහපති, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති.

“පින්වත් ගෘහපතිය, එය එසේ ම තමයි. පින්වත් ගෘහපතිය, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇද්ද, එය ප්‍රිය වූ දෙයිනුයි උපදින්නේ. ප්‍රිය වූ දෙයිනුයි හටගන්නේ.”

කිස්ස නු ඛෝ නාමේතං භන්තේ, ඒවං භවිස්සති: පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා, පියජාතිකා හි ඛෝ භන්තේ, ආනන්දසෝමනස්සා පියප්පභවිකාති. අථ ඛෝ සෝ ගහපති භගවතෝ භාසිතං අනභිනන්දිත්වා පටික්කෝසිත්වා උට්ඨායාසනා පක්කාමි.

“ස්වාමීනී, ප්‍රිය වූ දෙයින් උපදිනවා යැයි කියන, ප්‍රිය වූ දෙයින් හටගන්නවා යැයි කියන, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ඇද්ද, එය කෙසේ නම් හටගන්නවා ද? ස්වාමීනී, එසේ නොවේ. ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ආනන්දයක් නෙව. සොම්නසක් නෙව.”

මෙසේ ඒ ගෘහපතිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය නො පිළිගෙන, ප්‍රතික්ෂේප කොට හුනස්නෙන් නැගිට පිටත්ව ගියා.

තේන ඛෝ පන සමයේන සම්බහුලා අක්ඛධුත්තා භගවතෝ අවිදූරේ අක්ඛේහි දිබ්බන්ති. අථ ඛෝ සෝ ගහපති යේන තේ අක්ඛධුත්තා තේනුපසංකමි, උපසංකමිත්වා තේ අක්ඛධුත්තේ ඒතදවෝච: ඉධාහං භොන්තෝ, යේන සමණෝ ගෝතමෝ තේනුපසංකමිං, උපසංකමිත්වා සමණං ගෝතමං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිං. ඒකමන්තං නිසින්නං ඛෝ මං භොන්තෝ, සමණෝ ගෝතමෝ ඒතදවෝච: න ඛෝ තේ ගහපති, සකේ චිත්තේ ඨිතස්ස ඉන්ද්‍රියානි අත්ථි තේ ඉන්ද්‍රියානං අඤ්ඤථත්ත’න්ති. ඒවං වුත්තේ අහං භොන්තෝ, සමණං ගෝතමං ඒතදවෝචං: කිං හි මේ භන්තේ, ඉන්ද්‍රියානං නාඤ්ඤථත්තං භවිස්සති, මය්හං හි භන්තේ, ඒකපුත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ, තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති . සෝහං ආළාහනං ගන්ත්වා ගන්ත්වා කන්දාමි: ‘කහං ඒකපුත්තක, කහං ඒකපුත්තකා’ති. ඒවමේතං ගහපති, ඒවමේතං ගහපති, පියජාතිකා හි ගහපති, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකාති. කිස්ස ඛෝ නාමේතං භන්තේ, ඒවං භවිස්සති: පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා, පියජාතිකා හි ඛෝ භන්තේ, ආනන්දසෝමනස්සා පියප්පභවිකාති. අථ ඛ්වාහං භොන්තෝ, සමණස්ස ගෝතමස්ස භාසිතං අනභිනන්දිත්වා පටික්කෝසිත්වා උට්ඨායාසනා පක්කමි’න්ති.

එවේලෙහි බොහෝ සූදුවෙහි ලොල් වූ ධූර්තයන් භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි පසඇට කෙළිමින් සිටියා. එවිට ඒ ගෘහපතියා අර සූදුවෙහි ලොල් වූ ධූර්තයන් ළඟට ගියා. ගිහින් ඒ ධූර්තයන් හට මෙය පැවසුවා. “භවත්නි, මං මෙහි දී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ශ්‍රමණ ගෞතමයන්ට වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ මට ශ්‍රමණ ගෞතමයන් මෙය කිව්වා නෙව. ‘පින්වත් ගෘහපතිය, ඔබ ගේ ඉන්ද්‍රියයන් තියෙන්නෙ තමන් ගේ සිත අනුව නම් නො වෙයි. ඔබේ ඉන්ද්‍රියයන් ගේ කිසියම් වෙනසක් තියෙනවා.’ කියල. එතකොට මං මෙහෙම කිව්වා. ‘අනේ ස්වාමීනී, මගේ ඉන්ද්‍රියයන් ගේ වෙනසක් නැතිව තියේවි ද? ස්වාමීනී, මගේ ඉතා ම ප්‍රිය වූ, මනාප වූ, එක ම පුත් කුමරයා කලුරිය කළා නෙව. ඔහු ගේ කාලක්‍රියාව නිසා කිසි වැඩපළක් කෙරෙන්නෙත් නැහැ. කෑමක් බීමක් ගන්නටත් බැහැ. ඒ මං නිතර නිතර ආදාහනය කළ තැනට ගිහින් ‘අහෝ! එක ම පුතේ, කොහිද ඔබ? අහෝ! එක ම පුතේ, කොහිද ඔබ?’ කිය කියා හඬනවා කියල.’

එතකොට ශ්‍රමණ ගෞතමයන් මට මෙහෙම පැවසුවා. ‘පින්වත් ගෘහපතිය, එය එසේ ම තමයි. පින්වත් ගෘහපතිය, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇද්ද, එය ප්‍රිය වූ දෙයිනුයි උපදින්නේ. ප්‍රිය වූ දෙයිනුයි හටගන්නේ’ කියල. එතකොට මං මෙහෙම කිව්වා. ‘ස්වාමීනී, ප්‍රිය වූ දෙයින් උපදිනවා යැයි කියන, ප්‍රිය වූ දෙයින් හටගන්නවා යැයි කියන, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ඇද්ද, එය කෙසේ නම් හටගන්නවා ද? ස්වාමීනී, එසේ නොවේ. ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ආනන්දයක් නෙව. සොම්නසක් නෙව’ කියල. ඉතින් භවත්නි, මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වදාළ ධර්මය නො පිළිගෙන, ප්‍රතික්ෂේප කොට හුනස්නෙන් නැගිට පිටත්ව ගියා.”

ඒවමේතං ගහපති, ඒවමේතං ගහපති, පියජාතිකා හි ගහපති, ආනන්දසෝමනස්සා පියප්පභවිකා’ති . අථ ඛෝ සෝ ගහපති, සමේති මේ අක්ඛධුත්තේහීති පක්කාමි. අථ ඛෝ ඉදං කථාවත්ථුං අනුපුබ්බේන රාජන්තේපුරං පාවිසි.

“එම්බා ගෘහපතිය, එය එසේම තමයි. එම්බා ගෘහපතිය, එය එසේම තමයි. ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ආනන්දයක් සොම්නසක් නෙව.” එවිට ඒ ගෘහපතියා මාගේ අදහස මේ සූදු ලොල් ධූර්තයන් සමඟ හොඳින් ගැලපෙනවා කියා පිටත්ව ගියා.

මෙම කතා ප්‍රවෘත්තිය අනුපිළිවෙලින් රාජමාළිගාව තුළට ත් ගියා.

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ මල්ලිකං දේවිං ආමන්තේසි: ඉදන්තේ මල්ලිකේ, සමණේන ගෝතමේන භාසිතං: ‘පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති.

එදා පසේනදී කොසොල් රජු මල්ලිකා දේවිය ඇමතුවා. “මල්ලිකාවෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙය වදාරණ ලදැයි කියන්නේ. ඒ කියන්නේ; ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ ය කියල.”

සචේ තං මහාරාජ, භගවතා භාසිතං, ඒවමේතන්ති.

“භවත් මහාරාජ, භාග්‍යවතුන් වහන්සේ විසින් එය වදාරණ ලද්දේ නම් එය එසේම තමයි.”

ඒවමේවං පනායං මල්ලිකා යඤ්ඤදේව සමණෝ ගෝතමෝ භාසති තං තදේවස්ස අබ්භනුමෝදති. සචේ තං මහාරාජ, භගවතා භාසිතං ඒවමේත’න්ති. සෙය්‍යථාපි නාම ආචරියෝ යඤ්ඤදේව අන්තේවාසිස්ස භාසති, තං තදේවස්ස අන්තේවාසී අබ්භනුමෝදති: ඒවමේතං ආචරිය, ඒවමේතං ආචරියාති. ඒවමේවං ඛෝ ත්වං මල්ලිකේ, යඤ්ඤදේව සමණෝ ගෝතමෝ භාසති. තං තදේවස්ස අබ්භනුමෝදසි. සචේ තං මහාරාජ, භගවතා භාසිතං ඒවමේත’න්ති. චර පරේ මල්ලිකේ, විනස්සාති.

මෙසේ මේ මල්ලිකාව “ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් කියයි ද, එය ඒ අයුරින් ම අනුමෝදන් වෙනවා නෙව. ‘භවත් මහාරාජ, භාග්‍යවතුන් වහන්සේ විසින් එය වදාරණ ලද්දේ නම් එය එසේම තමයි’ කියා. ඒක මේ වගේ දෙයක්. ආචාර්යවරයා අන්තේවාසිකයාට යමක් කියනවා ද, ‘එය එසේ ම යි ආචාර්යපාදයෙනි, එය එසේ ම යි ආචාර්යපාදයෙනි’ කියනවා වගේ. ඒ වගෙයි මල්ලිකා, නුඹත් ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් කියයි ද, එය ඒ අයුරින් ම අනුමෝදන් වෙනවා නෙව. ‘භවත් මහාරාජ, භාග්‍යවතුන් වහන්සේ විසින් එය වදාරණ ලද්දේ නම් එය එසේම තමයි’ කියා. එම්බා මල්ලිකා, මෙතැන නො සිට නො පෙනී පල.”

අථ ඛෝ මල්ලිකා දේවී නාළිජංඝං බ්‍රාහ්මණං ආමන්තේසි: ඒහි ත්වං බ්‍රාහ්මණ, යේන භගවා තේනුපසංකම, උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘මල්ලිකා භන්තේ, දේවී භගවතෝ පාදේ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. ඒවඤ්ච වදේහි: “භාසිතා නු ඛෝ භන්තේ, භගවතා ඒසා වාචා: ‘පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති. යථා ච තේ භගවා ව්‍යාකරෝති, තථා තං සාධුකං උග්ගහෙත්වා මමං ආරෝචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී”ති. ඒවං භෝතීති ඛෝ නාළිජංඝෝ බ්‍රාහ්මණෝ මල්ලිකාය දේවියා පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ නාළිජංඝෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච: ‘මල්ලිකා භෝ ගෝතම, දේවී භෝතෝ ගෝතමස්ස පාදේ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. ඒවඤ්ච වදේති: “භාසිතා නු ඛෝ භන්තේ, භගවතා ඒසා වාචා: පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා”ති.

ඉක්බිති මල්ලිකා දේවිය, නාළිජංඝ බ්‍රාහ්මණයා ඇමතුවා. “එම්බා බ්‍රාහ්මණය, එන්න. ඔබ භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න. ගිහින් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය මාගේ වචනයෙන් නළල බිම තබා වඳින්න. අල්පාබාධ බව ත්, අල්ප පීඩා ඇති බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් විමසන්න. ඉන්පසු මෙය ත් අසන්න. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම වචනය වදාරා තිබෙනවා ද? ඒ කියන්නේ; ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ ය කියල. භාග්‍යවතුන් වහන්සේ යම් අයුරකින් පවසයි ද එය හොඳින් ඉගෙන ගෙන මට දැනුම් දුන්නා. තථාගතයන් වහන්සේලා බොරු නො කියති.” “එසේය භවතී” කියා නාළිජංඝ බ්‍රාහ්මණයා මල්ලිකා දේවියට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව හුන් නාළිජංඝ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයෙනි, මල්ලිකා දේවී තොමෝ භවත් ගෞතමයන් ගේ ශ්‍රී පදා පද්මය නළල බිම තබා වන්දනා කරන්නී. භවත් ගෞතමයන් ගෙන් අල්පාබාධ බව ත්, අල්ප පීඩා ඇති බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් විමසයි. එසේ ම මෙය ද පවසයි. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම වචනය වදාරා තිබෙනවා ද? ඒ කියන්නේ; ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ ය කියල.”

ඒවමේතං බ්‍රාහ්මණ, ඒවමේතං බ්‍රාහ්මණ, පියජාතිකා හි ඛෝ බ්‍රාහ්මණ, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකාති.

“පින්වත් බ්‍රාහ්මණය, එය එසේ ම තමයි. පින්වත් බ්‍රාහ්මණය එය එසේ ම තමයි. ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් උපදින්නේ ප්‍රිය වූ දෙයිනුයි. හටගන්නේ ප්‍රිය වූ දෙයිනුයි.

තදමිනාපේතං බ්‍රාහ්මණ, පරියායේන වේදිතබ්බං: ‘යථා පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායේව සාවත්ථියා අඤ්ඤතරස්සා ඉත්ථියා මාතා කාලමකාසි. සා තස්සා කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා ඒවමාහ: ‘අපි මේ මාතරං අද්දසථ අපි මේ මාතරං අද්දසථා’ති?

පින්වත් බ්‍රාහ්මණය, එය මේ අයුරිනුත් ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ යන කාරණය තේරුම් ගන්නට පුළුවනි. මෙය කලින් සිදු වූ දෙයක්. පින්වත් බ්‍රාහ්මණය, මේ සැවැත් නුවර ම එක්තරා කාන්තාවක ගේ මෑණියන් කලුරිය කළා. මව ගේ මරණය නිසා ඒ කාන්තාව උමතු වුනා. චිත්ත වික්ෂේපයට පත් වුණා. පාරක් පාරක් ගානේ, හතරමං හන්දියක් ගානේ ගිහින් මෙහෙම කියනවා. ‘මාගේ මෑණියන් දකින්නට ලැබුණා ද? මාගේ මෑණියන් දකින්නට ලැබුනා ද?’ කියල.

ඉමිනාපි ඛෝ ඒතං බ්‍රාහ්මණ, පරියායේන වේදිතබ්බං: යථා පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකාති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායේව සාවත්ථියා අඤ්ඤතරස්සා ඉත්ථියා පිතා කාලමකාසි ….(පෙ)…. භාතා කාලමකාසි, ….(පෙ)…. භගිනී කාලමකාසි ….(පෙ)…. පුත්තෝ කාලමකාසි ….(පෙ)…. ධීතා කාලමකාසි ….(පෙ)…. සාමිකෝ කාලමකාසි. සා තස්ස කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා ඒවමාහ: ‘අපි මේ සාමිකං අද්දසථ, අපි මේ සාමිකං අද්දසථා’ති?

පින්වත් බ්‍රාහ්මණය, එය මේ අයුරිනුත් ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ යන කාරණය තේරුම් ගන්නට පුළුවනි. මෙය කලින් සිදු වූ දෙයක්. පින්වත් බ්‍රාහ්මණය, මේ සැවැත් නුවර ම එක්තරා කාන්තාවක ගේ පියාණන් කලුරිය කළා. ….(පෙ)…. සොහොයුරා කලුරිය කළා. ….(පෙ)…. නැගණිය කළුරිය කළා ….(පෙ)…. පුතා කලුරිය කළා. ….(පෙ)…. දියණිය කළුරිය කළා ….(පෙ)…. ස්වාමියා කළුරිය කළා. තම ස්වාමියා ගේ මරණය නිසා ඒ කාන්තාව උමතු වුනා. චිත්ත වික්ෂේපයට පත් වුනා. පාරක් පාරක් ගානේ, හතරමං හන්දියක් ගානේ ගිහින් මෙහෙම කියනවා. ‘මාගේ ස්වාමි පුරුෂයා දකින්නට ලැබුනා ද? මාගේ ස්වාමි පුරුෂයා දකින්නට ලැබුණා ද?’ කියල.

ඉමිනාපි ඛෝ ඒතං බ්‍රාහ්මණ, පරියායේන වේදිතබ්බං: ‘යථා පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායේව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස මාතා කාලමකාසි. සෝ තස්සා කාලකිරියාය උම්මත්තකෝ ඛිත්තචිත්තෝ රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා ඒවමාහ: ‘අපි මේ මාතරං අද්දසථ, අපි මේ මාතරං අද්දසථා’ති?

පින්වත් බ්‍රාහ්මණය, එය මේ අයුරිනුත් ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ යන කාරණය තේරුම් ගන්නට පුළුවනි. මෙය කලින් සිදු වූ දෙයක්. පින්වත් බ්‍රාහ්මණය, මේ සැවැත් නුවර ම එක්තරා පුරුෂයෙකු ගේ මෑණියන් කලුරිය කළා. මව ගේ මරණය නිසා ඒ පුරුෂයා උමතු වුනා. චිත්ත වික්ෂේපයට පත් වුනා. පාරක් පාරක් ගානේ, හතරමං හන්දියක් ගානේ ගිහින් මෙහෙම කියනවා. ‘මාගේ මෑණියන් දකින්නට ලැබුනා ද? මාගේ මෑණියන් දකින්නට ලැබුනා ද?’ කියල.

ඉමිනාපි ඛෝ ඒතං බ්‍රාහ්මණ, පරියායේන වේදිතබ්බං: ‘යථා පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායේව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස පිතා කාලමකාසි ….(පෙ)…. භාතා කාලමකාසි, ….(පෙ)…. භගිනී කාලමකාසි ….(පෙ)…. පුත්තෝ කාලමකාසි ….(පෙ)…. ධීතා කාලමකාසි ….(පෙ)…. පජාපති කාලමකාසි. සෝ තස්සා කාලකිරියාය උම්මත්තකෝ ඛිත්තචිත්තෝ රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා ඒවමාහ: ‘අපි මේ පජාපතිං අද්දසථ, අපි මේ පජාපතිං අද්දසථා’ති?

එය මේ අයුරිනුත් ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ යන කාරණය තේරුම් ගන්නට පුළුවනි. මෙය කලින් සිදු වූ දෙයක්. පින්වත් බ්‍රාහ්මණය, මේ සැවැත් නුවර ම එක්තරා පුරුෂයෙකු ගේ පියාණන් කලුරිය කළා. ….(පෙ)…. සොහොයුරා කලුරිය කළා. ….(පෙ)…. නැගණිය කළුරිය කළා ….(පෙ)…. පුතා කලුරිය කළා. ….(පෙ)…. දියණිය කළුරිය කළා ….(පෙ)…. බිරිඳ කළුරිය කළා. තම බිරිඳ ගේ මරණය නිසා ඒ පුරුෂයා උමතු වුනා. චිත්ත වික්ෂේපයට පත් වුනා. පාරක් පාරක් ගානේ, හතරමං හන්දියක් ගානේ ගිහින් මෙහෙම කියනවා. ‘මාගේ බිරිඳ දකින්නට ලැබුනා ද? මාගේ බිරිඳ දකින්නට ලැබුනා ද?’ කියල.

ඉමිනාපි ඛෝ ඒතං බ්‍රාහ්මණ, පරියායේන වේදිතබ්බං: ‘යථා පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායේව සාවත්ථියා අඤ්ඤතරා ඉත්ථී ඤාතිකුලං ආගමාසි. තස්සා තේ ඤාතකා සාමිකා අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා, සා ච තං න ඉච්ඡති. අථ ඛෝ සා ඉත්ථී සාමිකං ඒතදවෝච: ‘ඉමේ මං අය්‍යපුත්ත, ඤාතකා තයා අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා අහඤ්ච තං න ඉච්ඡාමී’ති. අථ ඛෝ සෝ පුරිසෝ තං ඉත්ථිං ද්විධා ඡෙත්වා අත්තානං ඕපාදේසි, ‘උභෝ පෙච්ච භවිස්සාමා’ති. ඉමිනාපි ඛෝ ඒතං බ්‍රාහ්මණ, පරියායේන වේදිතබ්බං: ‘යථා පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා, පියප්පභවිකා’ති.

පින්වත් බ්‍රාහ්මණය, එය මේ අයුරිනුත් ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ යන කාරණය තේරුම් ගන්නට පුළුවනි. මෙය කලින් සිදු වූ දෙයක්. පින්වත් බ්‍රාහ්මණය, මේ සැවැත් නුවර ම එක්තරා කාන්තාවක් ඤාති කුලයකට ගියා. එහිදී ඒ ඤාතීන් ඇයව ස්වාමියා කෙරෙන් වෙන්කොට වෙන තැනැත්තෙකුට දෙන්නට සූදානම් වුනා. ඇය එයට කැමති වුනේ නෑ. ඉතින් ඒ ස්ත්‍රිය තම ස්වාමියාට මෙය පැවසුවා. ‘ආර්ය පුත්‍රය, මේ ඤාතීන් ඔබ කෙරෙන් මාව ඉවත් කොට වෙනත් කෙනෙකුට දෙන්නට හදනවා. මං එයට කැමති නැහැ’ කියල. එතකොට ඒ පුරුෂයා ‘එහෙම නම් අපි දෙන්නා පරලොව දී එක්වෙමු’ කියා අර ස්ත්‍රිය කඩුවෙන් දෙකඩ කොට කැපුවා. තමා ත් දිවි නසාගත්තා. මේ අයුරිනුත් තේරුම් ගන්නට ඕන ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ බව.”

අථ ඛෝ නාළිජංඝෝ බ්‍රාහ්මණෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා යේන මල්ලිකා දේවී තේනුපසංකමි, උපසංකමිත්වා යාවතකෝ අහෝසි භගවතා සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං මල්ලිකාය දේවියා ආරෝචේසි. අථ ඛෝ මල්ලිකා දේවී යේන රාජා පසේනදි කෝසලෝ තේනුපසංකමි, උපසංකමිත්වා රාජානං පසේනදිං කෝසලං ඒතදවෝච:

ඉක්බිති නාළිජංඝ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට මල්ලිකා දේවිය වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමඟ යම්තාක් කතා සල්ලාපයක් වූයේ ද, ඒ සියල්ල ම මල්ලිකා දේවියට පැවසුවා. ඉතින් මල්ලිකා දේවිය පසේනදී කොසොල් රජු වෙත ගියා. ගිහින් පසේනදී කොසොල් රජුට මෙය පැවසුවා.

තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තේ වජිරී කුමාරීති?

“භවත් මහාරාජ, ඒ කිමැයි සිතව් ද? වජිරී කුමරිය ඔබට ප්‍රිය යි ද?”

ඒවං මල්ලිකේ, පියා මේ වජිරී කුමාරීති.

“එසේය මල්ලිකාවෙනි. වජිරී කුමරිය, මට ප්‍රිය යි නෙව.”

තං කිං මඤ්ඤසි මහාරාජ, වජිරියා තේ කුමාරියා විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති?

“මහරජාණෙනි, ඒ කිමැයි සිතව් ද? වජිරී කුමරිය ගේ මරණය වැනි යම්කිසි විපරිණාමයක් සිදුවුවහොත් ඔබ තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා ද?”

වජිරියා මේ මල්ලිකේ, කුමාරියා විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිම්පන මේ න උප්පජ්ජිස්සන්ති සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති?

“මල්ලිකාවෙනි, වජිරී කුමරිය ගේ විපරිණාමය හා වෙනස් වීමෙන් මගේ ජීවිතය වුනත් නැතිවෙලා යන්නට පුළුවනි. එහෙම එකේ කිම? මා තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිනොවී තිබේවි ද?”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති.

“මහරජාණෙනි, දන්නා වූ, දක්නා වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් යම් කරුණක් අරභයා ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ කියා වදාළ සේක් ද, එසේ වදාළේ ඔය කරුණ අරභයා තමයි.”

තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තේ වාසභා ඛත්තියාති?

“භවත් මහාරාජ, ඒ කිමැයි සිතව් ද? වාසභඛත්තියාව ඔබට ප්‍රිය යි ද?”

ඒවං මල්ලිකේ, පියා මේ වාසභා ඛත්තියාති.

“එසේය මල්ලිකාවෙනි. වාසභඛත්තියාව මට ප්‍රිය යි නෙව.”

තං කිං මඤ්ඤසි මහාරාජ, වාසභාය තේ ඛත්තියාය විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසාති?

“මහරජාණෙනි, ඒ කිමැයි සිතව් ද? වාසභඛත්තියාව ගේ මරණය වැනි යම්කිසි විපරිණාමයක් සිදුවුවහොත් ඔබතුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා ද?”

වාසභාය මේ මල්ලිකේ, ඛත්තියාය විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මේ න උප්පජ්ජිස්සන්ති සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති?

“මල්ලිකාවෙනි, වාසභඛත්තියාව ගේ විපරිණාමය හා වෙනස් වීමෙන් මගේ ජීවිතය වුනත් නැතිවෙලා යන්නට පුළුවනි. එහෙම එකේ කිම? මා තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිනොවී තිබේවි ද?”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති.

“මහරජාණෙනි, දන්නා වූ, දක්නා වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් යම් කරුණක් අරභයා ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ කියා වදාළ සේක් ද, එසේ වදාළේ ඔය කරුණ අරභයා තමයි.”

තං කිං මඤ්ඤසි මහාරාජ, පියෝ තේ විඩූඩභෝ සේනාපතී’ති?

“භවත් මහාරාජ, ඒ කිමැයි සිතව් ද? විඩූඩභ සේනාපති ඔබට ප්‍රිය යි ද?”

ඒවං මල්ලිකේ, පියෝ මේ විඩූඩභෝ සේනාපතී’ති.

“එසේය මල්ලිකාවෙනි. විඩූඩභ සේනාපති මට ප්‍රිය යි නෙව.”

තං කිං මඤ්ඤසි මහාරාජ, විඩූඩභස්ස තේ සේනාපතිස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසාති?

“මහරජාණෙනි, ඒ කිමැයි සිතව් ද? විඩූඩභ සේනාපති ගේ මරණය වැනි යම්කිසි විපරිණාමයක් සිදුවුවහොත් ඔබතුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා ද?”

විඩූඩභස්ස මේ මල්ලිකේ, සේනාපතිස්ස විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං. කිං පන මේ න උප්පජ්ජිස්සන්ති සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසාති?

“මල්ලිකාවෙනි, විඩූඩභ සේනාපති ගේ විපරිණාමය හා වෙනස් වීමෙන් මගේ ජීවිතය වුනත් නැතිවෙලා යන්නට පුළුවනි. එහෙම එකේ කිම? මා තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිනොවී තිබේවි ද?”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති.

“මහරජාණෙනි, දන්නා වූ, දක්නා වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් යම් කරුණක් අරභයා ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ කියා වදාළ සේක් ද, එසේ වදාළේ ඔය කරුණ අරභයා තමයි.”

තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තේ අහන්ති?

“භවත් මහාරාජ, ඒ කිමැයි සිතව් ද? මාව ඔබට ප්‍රිය යි ද?”

ඒවං මල්ලිකේ, පියා මේසි ත්වන්ති.

“එසේය මල්ලිකාවෙනි, ඔබව මට ප්‍රිය යි නෙව.”

තං කිං මඤ්ඤසි මහාරාජ, මය්හං තේ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති?

“මහරජාණෙනි, ඒ කිමැයි සිතව් ද? මගේ මරණය වැනි යම්කිසි විපරිණාමයක් සිදුවුවහොත් ඔබතුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා ද?”

තුය්හං හි මේ මල්ලිකේ, විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං. කිං පන මේ න උප්පජ්ජිස්සන්ති සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති?

“මල්ලිකාවෙනි, ඔබ ගේ විපරිණාමය හා වෙනස් වීමෙන් මගේ ජීවිතය වුනත් නැතිවෙලා යන්නට පුළුවනි. එහෙම එකේ කිම? මා තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිනොවී තිබේවි ද?”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති.

“මහරජාණෙනි, දන්නා වූ, දක්නා වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් යම් කරුණක් අරභයා ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ කියා වදාළ සේක් ද, එසේ වදාළේ ඔය කරුණ අරභයා තමයි.”

තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තේ කාසිකෝසලාති?

“භවත් මහාරාජ, ඒ කිමැයි සිතව් ද? කාසි කෝසල ජනපදවාසීන් ඔබට ප්‍රිය යි ද?”

ඒවං මල්ලිකේ, පියා මේ කාසිකෝසලා. කාසිකෝසලානං මල්ලිකේ, ආනුභාවේන කාසිකෝසලං කාසිකචන්දනං පච්චනුභෝම, මාලාගන්ධවිලේපනං ධාරේමා’ති.

“එසේය මල්ලිකාවෙනි. කාසි කෝසල ජනපදවාසීන්ව මට ප්‍රිය යි තමා. ඒ වගේ ම මල්ලිකා කාසි කෝසල ජනපදවාසීන් ගේ ආනුභාවයෙන් තමයි මං කසී කොසොල් රටින් උපදින කසී සඳුන් දරන්නේ. මල් සුවඳ විලවුන් දරන්නෙ.”

තං කිං මඤ්ඤසි මහාරාජ, කාසිකෝසලානං තේ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති?

“මහරජාණෙනි, ඒ කිමැයි සිතව් ද? කාසි කෝසල ජනපදවාසීන් ගේ මරණය වැනි යම්කිසි විපරිණාමයක් සිදුවුවහොත් ඔබ තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිවෙනවා ද?”

කාසිකෝසලානං හි මල්ලිකේ, විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං. කිං පන මේ න උප්පජ්ජිස්සන්ති සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති?

“මල්ලිකාවෙනි, කාසි කෝසල ජනපදවාසීන් ගේ විපරිණාමය හා වෙනස් වීමෙන් මගේ ජීවිතය වුනත් නැතිවෙලා යන්නට පුළුවනි. එහෙම එකේ කිම? මා තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම් ඇතිනොවී තිබේවි ද?”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා’ති.

“මහරජාණෙනි, දන්නා වූ, දක්නා වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් යම් කරුණක් අරභයා ‘ප්‍රිය වූ දෙයින් උපදින්නේ, ප්‍රිය වූ දෙයින් හටගන්නේ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්’ කියා වදාළ සේක් ද, එසේ වදාළේ ඔය කරුණ අරභයා තමයි.”

අච්ඡරියං මල්ලිකේ, අබ්භුතං මල්ලිකේ, යාවඤ්ච සෝ භගවාපඤ්ඤාය අතිවිජ්ඣ මඤ්ඤේ පස්සති. ඒහි මල්ලිකේ ආචාමේහීති.

“මල්ලිකාවෙනි, ආශ්චර්යයක් ම යි! මල්ලිකාවෙනි අද්භූතයක් ම යි! ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් විනිවිද ගොස් දකිනවා කියල යි මට සිතෙන්නේ. මල්ලිකාවෙනි, එව. මුව දෝවනය කරන්නට පැන් ගෙනෙව.”

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ උට්ඨායාසනා ඒකංසං උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානේසි: ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති.

එවිට පසේනදී කොසොල් රජු හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිශාවට ඇඳිලි බැඳ තුන්වතාවක් මෙම උදානය පැවසුවා. “ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!” කියල.

සාදු! සාදු!! සාදු!!!

පියජාතිකසුත්තං සත්තමං.

ප්‍රිය වූ දෙයින් හටගන්නා දුක ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M