මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.4.6. අංගුලිමාල සුත්තං

2.4.6. අංගුලිමාල තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස විජිතේ චෝරෝ අංගුලිමාලෝ නාම හෝති ලු‍ද්දෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු. තේන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සෝ මනුස්සේ වධිත්වා වධිත්වා අංගුලීනං මාලං ධාරේති. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ සේනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යේන චෝරෝ අංගුලිමාලෝ තේන’ද්ධානමග්ගං පටිපජ්ජි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා ගේ ආරාමයේ. එසමයෙහි පසේනදී කොසොල් රජතුමා ගේ රාජධානියෙහි අංගුලිමාල නම් ප්‍රසිද්ධ සොරෙක් සිටියා. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන සිටියා.

එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ගෙන සැවැත් නුවර පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිඬුසිඟා වැඩ අවසන් කොට තමන් වහන්සේ ගේ සෙනසුන අස්පස් කොට තබා පා සිවුරු ගෙන අංගුලිමාල සොරා සිටින ප්‍රදේශයට දිවෙන මාර්ගයෙහි බැසගත්තා.

අද්දසංසු ඛෝ ගෝපාලකා පසුපාලකා කස්සකා පථාවිනෝ භගවන්තං යේන චෝරෝ අංගුලිමාලෝ තේනද්ධානමග්ගං පටිපන්නං දිස්වාන භගවන්තං ඒතදවෝචුං: මා සමණ, ඒතං මග්ගං පටිපජ්ජි, ඒතස්මිං සමණ, මග්ගේ චෝරෝ අංගුලිමාලෝ නාම ලු‍ද්දෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු. තේන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සෝ මනුස්සේ වධිත්වා වධිත්වා අංගුලීනං මාලං ධාරේති. ඒතං හි සමණ, මග්ගං දසපි පුරිසා වීසතිම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති. තේපි චෝරස්ස අංගුලිමාලස්ස හත්ථත්ථං ගච්ඡන්තී’ති. ඒවං වුත්තේ භගවා තුණ්හීභූතෝ අගමාසි.

එවිට ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවියත් අංගුලිමාල සොරා සිටින ප්‍රදේශයට දිවෙන මාර්ගයෙහි ගමන් කරන භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි ඉතාමත් දරුණු වූ, ලෙහෙ වැකුණු අත් ඇති, මිනිසුන් මරා විනාශ කරන, දයා කරුණා රහිත, අංගුලිමාල නම් සොරෙක් ඉන්නවා. ඔහු ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි මිනිසුන් දහ දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා, පනස් දෙනා වගේ කණ්ඩායම් හැදිල තමයි යන්නේ. එහෙම ගියත් ඔවුනුත් අංගුලිමාල සොරා ගේ අතට හසුවෙලා විනාශ වෙනවා.” මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුනා.

දුතියම්පි ඛෝ ගෝපාලකා පසුපාලකා කස්සකා පථාවිනෝ භගවන්තං ඒතදවෝචුං: මා සමණ, ඒතං මග්ගං පටිපජ්ජි, ඒතස්මිං සමණ, මග්ගේ ….(පෙ)…. හත්ථත්ථං ගච්ඡන්තී’ති. දුතියම්පි ඛෝ භගවා තුණ්හීභූතෝ අගමාසි.

දෙවෙනි වතාවට ත් ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි ….(පෙ)…. අතට හසුවෙලා විනාශ වෙනවා.” දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුනා.

තතියම්පි ඛෝ ගෝපාලකා පසුපාලකා කස්සකා පථාවිනෝ භගවන්තං ඒතදවෝචුං: මා සමණ, ඒතං මග්ගං පටිපජ්ජි, ඒතස්මිං සමණ, මග්ගේ චෝරෝ අංගුලිමාලෝ නාම ලු‍ද්දෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු. තේන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සෝ මනුස්සේ වධිත්වා වධිත්වා අංගුලීනං මාලං ධාරේති. ඒතං හි සමණ, මග්ගං දසපි පුරිසා වීසතිම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති. තේපි චෝරස්ස අංගුලිමාලස්ස හත්ථත්ථං ගච්ඡන්තී’ති. තතියම්පි ඛෝ භගවා තුණ්හීභූතෝ අගමාසි.

තුන්වෙනි වතාවට ත් ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි ඉතාමත් දරුණු වූ, ලෙහෙ වැකුණු අත් ඇති, මිනිසුන් මරා විනාශ කරන, දයා කරුණා රහිත, අංගුලිමාල නම් සොරෙක් ඉන්නවා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි මිනිසුන් දහ දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා, පනස් දෙනා වගේ කණ්ඩායම් හැදිල තමයි යන්නේ. එහෙම ගියත් ඔවුනුත් අංගුලිමාල සොරා ගේ අතට හසුවෙලා විනාශ වෙනවා.” තුන්වෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුනා.

අද්දසා ඛෝ චෝරෝ අංගුලිමාලෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං, දිස්වානස්ස ඒතදහෝසි: අච්ඡරියං වත භෝ අබ්භූතං වත භෝ. ඉමං හි මග්ගං දසපි පුරිසා, වීසතිම්පි පුරිසා, තිංසම්පි පුරිසා, චත්තාරීසම්පි පුරිසා, පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති, තේපි මම හත්ථත්ථං ගච්ඡන්ති. අථ ච පනායං සමණෝ ඒකෝ අදුතියෝ පසය්හ මඤ්ඤේ ආගච්ඡති. යන්නූනාහං ඉමං සමණං ජීවිතා වෝරෝපෙය්‍ය’න්ති.

එවිට දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව අංගුලිමාල සොරා දැක්කා. දැක මෙහෙම හිතුනා. “භවත්නි, ආශ්චර්යයක් නෙව. භවත්නි, අද්භූතයි නෙව. මේ මාර්ගයෙහි පුරුෂයන් දහය බැගින් සැදී, විස්ස බැගින් සැදී, තිහ බැගින් සැදී, හතළිහ බැගින් සැදී, පනහ බැගින් සැදී කණ්ඩායම් හැටියට යි එන්නේ. ඔවුනු ත් මගේ අතට අහුවෙලා විනාශ වෙනවා. එහෙම එකේ මේ ශ්‍රමණයා තනිව ම දෙවැන්නෙක් නැතිව මාව අභිබවා යන්නට වගෙයි මේ එන්නෙ. හොඳයි, මේ ශ්‍රමණයා ගේ ජීවිතය ද විනාශ කරන එක තමයි කරන්න තියෙන්නෙ.”

අථ ඛෝ චෝරෝ අංගුලිමාලෝ අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධි. අථ ඛෝ භගවා තථාරූපං ඉද්ධාභිසංඛාරං අභිංඛාසි. යථා චෝරෝ අංගුලිමාලෝ භගවන්තං පකතියා ගච්ඡන්තං සබ්බත්ථාමේන ගච්ඡන්තෝ න සක්කෝති සම්පාපුණිතුං. අථ ඛෝ චෝරස්ස අංගුලිමාලස්ස ඒතදහෝසි: අච්ඡරියං වත භෝ අබ්භූතං වත භෝ, අහං හි පුබ්බේ හත්ථිම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, අස්සම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, රථම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, මිගම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි. අථ ච පනාහං ඉමං සමණං පකතියා ගච්ඡන්තං සබ්බත්ථාමේන ගච්ඡන්තෝ න සක්කෝමි සම්පාපුණිතු’න්ති ඨිතෝ භගවන්තං ඒතදවෝච: තිට්ඨ සමණ, තිට්ඨ සමණාති. ඨිතෝ අහං අංගුලිමාල, ත්වඤ්ච තිට්ඨාති.

ඉතින් අංගුලිමාල සොරා කඩු පළිහ ගෙන දුනු හියවුරු බැඳ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් හඹා යන්නට පටන් ගත්තා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙවැනි වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කොට වදාළා. එනම්, භාග්‍යවතුන් වහන්සේ ප්‍රකෘති ගමනින් ශාන්තව වඩිද්දී අංගුලිමාල සොරා සියළු ආකාර වීරිය ගනිමින් වේගයෙන් හඹා එද්දී ත්, භාග්‍යවතුන් වහන්සේට ළං නො වන හැටියට යි. එවිට අංගුලිමාල සොරාට මෙහෙම හිතුනා. “භවත්නි, ආශ්චර්යය යි නෙව. භවත්නි. අද්භූත යි නෙව. මං කලින් වේගයෙන් දුවන හස්තියාව ත්, ලුහු බැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන අශ්වයා ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන වාහනය ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන මුවා ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. එහෙත් දැන් මං මේ ප්‍රකෘති ගමනින් යන ශ්‍රමණයාව අල්ලා ගන්නට සියළු වෙර වීරිය ගෙන හඹා ගිය ත් ළං වෙන්නට බැහැ නෙව” කියා සිටිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ඒයි ශ්‍රමණය, සිටුව. ඒයි ශ්‍රමණය, සිටුව.” “පින්වත් අංගුලිමාල, මම සිටියෙමි. ඔබ ත් සිටින්න.”

අථ ඛෝ චෝරස්ස අංගුලිමාලස්ස ඒතදහෝසි: ඉමේ ඛෝ සමණා සක්‍යපුත්තියා සච්චවාදිනෝ සච්චපටිඤ්ඤා, අථ ච පනායං සමණෝ ගච්ඡං යේව සමානෝ ඒවමාහ ඨිතෝ අහං අංගුලිමාල, ත්වඤ්ච තිට්ඨා’ති. යන්නූනාහං ඉමං සමණං පුච්ඡෙය්‍යන්ති. අථ ඛෝ චෝරෝ අංගුලිමාලෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි:

එවිට අංගුලිමාල සොරා හට මෙය සිතුනා. “මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණවරුන් සත්‍යවාදී යි. සත්‍යය ප්‍රතිඥා දෙනවා. නමුත් මේ ශ්‍රමණයා යද්දී ම මෙහෙම කියනවා. ‘පින්වත් අංගුලිමාල, මම සිටියෙමි. ඔබ ත් සිටින්න’ කියලා. ඉතින් මං මේ ශ්‍රමණයා ගෙන් ඔය කාරණාව අසන්නට ඕන” කියලා අංගුලිමාල සොරා භාග්‍යවතුන් වහන්සේට ගාථා වලින් පැවසුවා.

ගච්ඡං වදේසි සමණ ඨිතොම්හි
මමඤ්ච බ්‍රෑසි ඨිතං අට්ඨිතෝති,
පුච්ඡාමි තං සමණ ඒතමත්ථං
කථං ඨිතෝ ත්වං අහමට්ඨිතෝම්හී’ති?

ඒයි ශ්‍රමණය, ඔය යන ගමන් නේද සිටියා කියල කියන්නෙ? සිටින්නා වූ මට නේද නො සිටිනවයි කියන්නෙ? ඒයි ශ්‍රමණය, මේ කථාවේ තේරුම යි මං දැන් අහන්නෙ. ඔබ ඔය විදිහට ඉන්නෙ කොහොමද? මං මේ විදිහට නො ඉන්නෙ කොහොම ද?

ඨිතෝ අහං අංගුලිමාල සබ්බදා
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං,
තුවඤ්ච පාණේසු අසඤ්ඤතෝසි
තස්මා ඨිතෝහං තුවමට්ඨිතෝසී’ති.

අංගුලිමාල, මං ඉන්නෙ මෙන්නෙ මෙහෙමයි. හැම තිස්සේ ම හැම සතුන් කෙරෙහි ම වද දීම් අතහැරල, ඒ වුනාට ඔබ නො සිටින්නෙ මෙහෙමයි. ඔබ සතුන් ගැන කිසි අනුකම්පාවක් නෑ. ඒ නිසා මං නැවතිලා ඉන්නවා. ඔබ නැවතිලා නෑ.

චිරස්සං වත මේ මහිතෝ මහේසී
මහාවනං සමණෝයං පච්චුපාදි,
සෝහං චිරස්සාපි පහස්සං පාපං
සුත්වාන ගාථං තව ධම්මයුත්තං.

ඇත්තෙන් ම පූජනීය මහා ඉසිවරයෙක් වන ඔය ශ්‍රමණයන් වහන්සේ මට අනුකම්පාවෙන් ම යි මේ මහ වනයට වැඩියේ. ධර්මය ගැන කියවෙන ඔය ගාථාව ඇහුවට පස්සේ මා වෙනස් වුනා. මේ පව් හැම එකක් ම අත්හැරලා මං ධර්මයේ හැසිරෙනවා.

ඉත්වේව චෝරෝ අසිආවුධඤ්ච
සොබ්භේ පපාතේ නරකේ අන්වකාරි,
අවන්දි චෝරෝ සුගතස්ස පාදේ
තත්ථේව නං පබ්බජ්ජං අයාචි.

අංගුලිමාල සොරා මෙහෙම කියල කඩුව ත්, අනිත් ආයුධ ත් කන්දෙන් පහළට වීසි කළා. සුගතයන් වහන්සේ ගේ සිරි පතුළ් ළඟ ඇද වැටුනා. උන්වහන්සේගෙන් මහණ වෙන්නට අවසර ඉල්ලා හිටියා.

බුද්ධෝ ච ඛෝ කාරුණිකෝ මහේසි
යෝ සත්ථා ලෝකස්ස සදේවකස්ස,
තමේහි භික්ඛූති තදා අවෝච
ඒසෝව තස්ස අහු භික්ඛුභාවෝ’ති.

මහ ඉසිවර බුදුරජාණන් වහන්සේ හරිම කරුණාවන්තයි. සදේවක ලෝකයාට ම නිවන් මග පෙන්නා දෙන ශාස්තෘන් වහන්සේ යි. ඉතින් බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට “භික්ෂුව, මෙහාට එන්න” කියා වදාළා. ඒක තමයි ඔහු ගේ උතුම් පැවිදි බව.

අථ ඛෝ භගවා ආයස්මතා අංගුලිමාලේන පච්ඡාසමණේන යේන සාවත්ථි තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන සාවත්ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස අන්තේපුරද්වාරේ මහාජනකායෝ සන්නිපතිත්වා උච්චාසද්දෝ මහාසද්දෝ හෝති. චෝරෝ තේ දේව, විජිතේ අංගුලිමාලෝ නාම ලු‍ද්දෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු. තේන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා, සෝ මනුස්සේ වධිත්වා වධිත්වා අංගුලීනං මාලං ධාරේති. තං දේවෝ පටිසේධේතූ’ති.

ඉක්බිති ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසු ශ්‍රමණයන් කොට ගත් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර චාරිකාවෙහි වැඩියා. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් සැවැත් නුවරට වැඩම කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ අරමෙහි වැඩ විසුවා. එසමයෙහි පසේනදී කොසොල් රජු ගේ අන්තඃපුර දොරටුවේ රැස් වූ මහාජනයා උස් හඬින් මහ හඬින් ඝෝෂා කළා. “දේවයන් වහන්ස, ඔබ ගේ රාජධානියෙහි අංගුලිමාල නම් සොරෙක් සිටියි. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. දේවයන් වහන්ස, ඒ සොරාව වළකාලන සේක්වා!”

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ පඤ්චමත්තේහි අස්සසතේහි සාවත්ථියා නික්ඛමි. දිවාදිවස්ස යේනාරාමෝ තේන පායාසි. යාවතිකා යානස්ස භූමි, යානේන ගන්ත්වා යානා පච්චෝරෝහිත්වා පත්තිකෝව යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ රාජානං පසේනදිං කෝසලං භගවා ඒතදවෝච: කින්නු තේ මහාරාජ, රාජා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ, වේසාලිකා වා ලිච්ඡවී, අඤ්ඤේ වා පටිරාජානෝ’ති? න ඛෝ මේ භන්තේ, රාජා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ, නපි වේසාලිකා ලිච්ඡවී, නපි අඤ්ඤේ පටිරාජානෝ. චෝරෝ මේ භන්තේ, විජිතේ අංගුලිමාලෝ නාම ලු‍ද්දෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු. තේන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සෝ මනුස්සේ වධිත්වා වධිත්වා අංගුලීනං මාලං ධාරේති. තාහං භන්තේ පටිසේධිස්සාමීති.

එවිට පසේනදී කොසොල් රජු පන්සීයකින් යුතු අශ්ව සේනාවක් සමඟ සැවැත් නුවරින් නික්මුනා. ගිනි මද්දහන වේලෙහි දෙව්රම කරා පිටත් වුනා. යානභූමිය යම් තාක් ද, එතෙක් වාහනයෙන් ගොස් එයින් බැස පා ගමනින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩි වූ පසේනදී කොසොල් රජුට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් මහාරාජ, කිම? සේනිය බිම්බිසාර මහධේශ්වරයන් කිපුනා වත් ද? විසල් නුවර ලිච්ඡවීන් කිපුනා වත් ද? වෙනත් ප්‍රතිරාජයෙක් කිපුනා වත් ද?”

“අනේ නැහැ ස්වාමීනී, මගධේශ්වර සේනිය බිම්බිසාර රාජයන් කිපිලා ත් නොවෙයි. විශාලාවෙහි ලිච්ඡවීන් කිපිලා ත් නොවෙයි. අන්‍ය ප්‍රතිරාජයෙක් කිපිලා ත් නොවෙයි. ස්වාමීනී, මාගේ විජිතයෙහි අංගුලමාල නම් සොරෙක් ඉන්නව නෙව. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා නෙව. ස්වාමීනී, මං මේ යන්නෙ ඒ සොරාව වළක්වන්නට යි.”

සචේ පන ත්වං මහාරාජ, අංගුලිමාලං පස්සෙය්‍යාසි කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතං, විරතං පාණාතිපාතා විරතං අදින්නාදානා විරතං මුසාවාදා ඒකභත්තිකං බ්‍රහ්මචාරිං සීලවන්තං කල්‍යාණධම්මං, කින්ති නං කරෙය්‍යාසීති? අභිවාදෙය්‍යාම වා මයං භන්තේ පච්චුට්ඨෙය්‍යාම වා ආසනේන වා නිමන්තෙය්‍යාම අභිනිමන්තෙය්‍යාමපි නං චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරේහි, ධම්මිකං වා අස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්‍යාම කුතෝ පනස්ස භන්තේ, දුස්සීලස්ස පාපධම්මස්ස ඒවරූපෝ සීලසංයමෝ භවිස්සතීති? තේන ඛෝ පන සමයේන ආයස්මා අංගුලිමාලෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති. අථ ඛෝ භගවා දක්ඛිණං බාහුං පග්ගහෙත්වා රාජානං පසේනදිං කෝසලං ඒතදවෝච: ඒසෝ මහාරාජ, අංගුලිමාලෝ’ති.

“පින්වත් මහාරාජ, ඉදින් යම්හෙයකින් කෙස් රැවුල් බහා කසාවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වී සිටින, සතුන් මැරීමෙන් වැළකී සිටින, සොරකමින් වැළකී සිටින, බොරුවෙන් වැළකී සිටින, එක්වේල වළඳන, සීලවන්ත වූ බඹසර සුරකින කල්‍යාණ ධර්ම ඇතිව ඒ අංගුලිමාල සිටිනවා දුටුවොත් ඔබ මොකද කරන්නේ?”

“ස්වාමීනී, එහෙම නම් අපි වන්දනමානන කරනවා. දැක හුනස්නෙන් නැගිටිනවා. අසුනෙන් පවරනවා. සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පුදනවා. ඒ භික්ෂුවට ධාර්මික ආරක්ෂාව සපයනවා. එහෙත් ස්වාමීනී, දුස්සීල වූ, පවිටු ස්වභාව ඇති පුද්ගලයෙකුට මෙබඳු සීල සංවරයක් කෙසේ නම් ඇතිකරගන්නට ද?”

එවේලෙහි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වාඩි වී සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජතුමා ගේ දකුණු අතින් අල්ලා ගෙන අවුත් මෙය වදාළා. “පින්වත් මහාරාජ, ඔය ඉන්නේ ඒ අංගුලිමාල තමයි.”

අථ ඛෝ රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස අහුදේව භයං අහු ඡම්භිතත්තං අහු ලෝමහංසෝ. අථ ඛෝ භගවා රාජානං පසේනදිං කෝසලං භීතං සංවිග්ගං ලෝමහට්ඨජාතං විදිත්වා රාජානං පසේනදිං කෝසලං ඒතදවෝච: මා භායි මහාරාජ, මා භායි මහාරාජ, නත්ථි තේ අතෝ භයන්ති. අථ ඛෝ රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස යං අහෝසි භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා, සෝ පටිප්පස්සම්භි. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ යේනායස්මා අංගුලිමාලෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං අංගුලිමාලං ඒතදවෝච: අය්‍යෝ නෝ භන්තේ, අංගුලිමාලෝති? ඒවං මහාරාජාති. කථංගොත්තෝ භන්තේ, අය්‍යස්ස පිතා, කථංගොත්තා මාතාති? ගග්ගෝ ඛෝ මහාරාජ, පිතා, මන්තානී මාතාති. අභිරමතු භන්තේ, අය්‍යෝ ගග්ගෝ මන්තානීපුත්තෝ. අහමය්‍යස්ස ගග්ගස්ස මන්තානීපුත්තස්ස උස්සුක්කං කරිස්සාමි චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානන්ති.

එවිට පසේනදී කොසොල් රජතුමාට භයක් ඇතිවුනා. තැති ගැනීමකුත් ඇතිවුනා. ලොමුඩැහැ ගැනීමකුත් ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජු භය වී, තැතිගෙන, ලොමුඩැහැගෙන සිටින බව දැන පසේනදී කොසොල් රජුට මෙය වදාළා. “පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! ඔබට ඒ භික්ෂුව ගෙන් කිසි භයක් වන්නේ නැහැ.” එතකොට පසේනදී කොසොල් රජුහට යම් භයක්, තැතිගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් තිබුනා ද, එය සංසිඳී ගියා. ඉක්බිති පසේනදී කොසොල් රජු ආයුෂ්මත් අංගුලිමාලයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් අංගුලිමාලයන් ගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, අප ගේ ආර්යයන් වහන්සේ අංගුලිමාලයන් ද?” “එසේය පින්වත් මහාරාජ” “ස්වාමීනී, ආර්යයන් වහන්සේ ගේ පියාණන් කවර ගෝත්‍ර නාමයකින් යුක්ත ද? මෑණියන්දෑ කවර ගෝත්‍ර නාමයකින් යුක්ත දෑ ද?” “පින්වත් මහාරාජ, මාගේ පියාණන් ගර්ග නම් වෙයි. මෑණියන්දෑ මන්තානි නම් වූ දෑ ය.” “ස්වාමීනී, මන්තානිපුත්‍ර වූ ගර්ග ආර්යයන් වහන්සේ මේ ශාසනයෙහි ඇලී වසත්වා! මන්තානිපුත්‍ර ගර්ග වූ ආර්යයන් වහන්සේට මං සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර සපයන්නට උත්සාහ ගන්නම්.”

තේන ඛෝ පන සමයේන ආයස්මා අංගුලිමාලෝ ආරඤ්ඤකෝ හෝති පිණ්ඩපාතිකෝ පංසුකූලිකෝ තෙචීවරිකෝ. අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ රාජානං පසේනදිං කෝසලං ඒතදවෝච: අලං මහාරාජ, පරිපුණ්ණං මේ තිචීවරන්ති.

එකල්හි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ආරණවාසීව පමණක් සිටිමින්, පිණ්ඩපාතයෙන් පමණක් යැපෙමින්, පාංශුකූල චීවරය පමණක් පොරවමින්, තුන්සිවුර පමණක් ඇතිව සිටියා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසේනදී කොසොල් රජුහට මෙය පැවසුවා. “පින්වත් මහාරාජ, කම්නැත. මට තුන්සිවුරු සම්පූර්ණව තියෙනවා.”

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ යේන භගවා, තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්තං ඒතදවෝච: අච්ඡරියං භන්තේ, අබ්භූතං භන්තේ, යාවඤ්චිදං භන්තේ, භගවා අදන්තානං දමේතා අසන්තානං සමේතා අපරිනිබ්බුතානං පරිනිබ්බාපේතා. යං හි මයං භන්තේ, නාසක්ඛිම්හා දණ්ඩේනපි සත්ථේනපි දමේතුං. සෝ භගවතා අදණ්ඩේන අසත්ථේනේව දන්තෝ. හන්ද ච දානි මයං භන්තේ, ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව හිඳ ගත්තා. එකත්පස්ව හුන් පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දමනය නො වූ වන් දමනය කරන සේක ම යි! ශාන්ත නො වූ වන් ශාන්ත බවට පත් කරන සේක් ම යි! නො පිරිනිවී ගිය සතුන් පිරිනිවන් බවට පත් කරන සේක් ම යි! ස්වාමීනී, ඒ අපි යමෙකුව දඬුමුගුරෙන් වේවා, ආයුධයෙන් වේවා දමනය කරන්නට අසමර්ථ ද, එහෙත් ඔහුව භාග්‍යවතුන් වහන්සේ දඬුමුගුරෙන් තොරව, ආයුධයෙන් තොරව දමනය කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් අපි යන්නම්. අපට ඉතින් බොහෝ කෘත්‍ය තියෙනවා නෙව. බොහෝ රාජකාරී තියෙනවා නෙව.” “පින්වත් මහාරාජ, යමකට කාලය නම් එය දැනගත මැනැව.” එකල්හි පසේනදී කොසොල් රජු හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත්ව ගියා.

අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛෝ ආයස්මා අංගුලිමාලෝ සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානෝ අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං දිස්වානස්ස ඒතදහෝසි: කිලිස්සන්ති වත භෝ සත්තා කිලිස්සන්ති වත භෝ සත්තා’ති. අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා අංගුලිමාලෝ භගවන්තං ඒතදවෝච: ඉධාහං භන්තේ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිං, අද්දසං ඛෝ අහං භන්තේ, සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානෝ අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං දිස්වාන මේ ඒතදහෝසි: කිලිස්සන්ති වත භෝ සත්තා, කිලිස්සන්ති වත භෝ සත්තා’ති.

දිනක් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය ගෙන සැවැත් නුවර පිණ්ඩපාතයෙහි වැඩියා. සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී එක්තරා ස්ත්‍රියක් ගැබ්ගෙල සිරවී, දරු ප්‍රසූතිය කරගත නො හැකිව, වේදනාවෙන් කෑ ගසනා අයුරු දකින්නට ලැබුනා. එසේ දැක මෙය සිතුනා. “භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව! භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව!” කියල. එවිට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩ වළඳා අවසන් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳගත් ආයුෂ්මත් අංගුලිමාලයන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මෙහි මං පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන සැවැතෙහි පිඬු සිඟා වැඩියා. ඉතින් ස්වාමීනී, සැවැතෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී දරුගැබ සිරවී දරුවා වදනු නො හැකිව විලාප දෙන එක්තරා ස්ත්‍රියක් දකින්නට ලැබුනා. දැක මෙය සිතුනා. ‘භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව! භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව!’ කියල.”

තේන හි ත්වං අංගුලිමාල, යේන සා ඉත්ථී තේනුපසංකම, උපසංකමිත්වා තං ඉත්ථිං ඒවං වදේහි: යතෝහං භගිනි ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා. තේන සච්චේන සොත්ථි තේ හෝතු, සොත්ථි ගබ්භස්සා’ති. සෝ හි නූන මේ භන්තේ, සම්පජානමුසාවාදෝ භවිස්සති, මයා හි භන්තේ, බහූ සඤ්චිච්ච පාණා ජීවිතා වෝරෝපිතාති.

“එසේ වී නම් පින්වත් අංගුලිමාල, ඔබ ඒ ස්ත්‍රිය වෙත යන්න. ගිහින් ඒ ස්ත්‍රියට මෙය පවසන්න. ‘පින්වත් නැගණියෙනි, මං යම් දවසක ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!’ කියලා.”

“අනේ ස්වාමීනී, එය මට බොරුවක් නො වන්නේ ද? ස්වාමීනී, මා විසින් දැන දැන බොහෝ ජීවිත විනාශ කොට තිබෙනවා.”

තේන හි ත්වං අංගුලිමාල, යේන සා ඉත්ථී තේනුපසංකම. උපසංකමිත්වා තං ඉත්ථිං ඒවං වදේහි: යතෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා. තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සා’ති. ඒවං භන්තේති ඛෝ ආයස්මා අංගුලිමාලෝ භගවතෝ පටිස්සුත්වා යේන සා ඉත්ථී තේනුපසංකමි, උපසංකමිත්වා තං ඉත්ථිං ඒතදවෝච: යතෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ, නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සා’ති. අථ ඛෝ සොත්ථි ඉත්ථියා අහෝසි සොත්ථි ගබ්භස්ස.

“එසේ වී නම් පින්වත් අංගුලිමාල, ඔබ ඒ ස්ත්‍රිය වෙත යන්න. ගිහින් ඒ ස්ත්‍රියට මෙය පවසන්න. ‘පින්වත් නැගණියෙනි, මං යම් දවසක ආර්ය ජාතියෙහි ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!’ කියලා.”

“එසේය ස්වාමීනී,” ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ ස්ත්‍රිය සිටි තැනට වැඩියා. වැඩමකොට ඒ ස්ත්‍රියට මෙය පැවසුවා. “පින්වත් නැගණියෙනි, මං යම් දවසක ආර්ය ජාතියෙහි ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!” එවිට ස්ත්‍රිය සුවපත් වුනා. ගර්භය සුවපත් වුනා. (සුව සේ දරුවා බිහිවුනා)

අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ න චිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ච ඛෝ පනායස්මා අංගුලිමාලෝ අරහතං අහෝසි.

එවිට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ තනිව ම හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන ඒ උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.

අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි, තේන ඛෝ පන සමයේන අඤ්ඤේනපි ලෙඩ්ඩු ඛිත්තෝ ආයස්මතෝ අංගුලිමාලස්ස කායේ නිපතති, අඤ්ඤේනපි දණ්ඩෝ ඛිත්තෝ ආයස්මතෝ අංගුලිමාලස්ස කායේ නිපතති, අඤ්ඤේනපි සක්ඛරා ඛිත්තා ආයස්මතෝ අංගුලිමාලස්ස කායේ නිපතති. අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ භින්නේන සීසේන ලෝහිතේන ගළන්තේන භින්නේන පත්තේන විප්ඵාලිතාය සංඝාටියා යේන භගවා තේනුපසංකමි. අද්දසා ඛෝ භගවා ආයස්මන්තං අංගුලිමාලං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන ආයස්මන්තං අංගුලිමාලං ඒතදවෝච: අධිවාසේහි ත්වං බ්‍රාහ්මණ, අධිවාසේහි ත්වං බ්‍රාහ්මණ, යස්ස ඛෝ ත්වං කම්මස්ස විපාකේන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි නිරයේ පච්චෙය්‍යාසි. තස්ස ත්වං බ්‍රාහ්මණ, කම්මස්ස විපාකං දිට්ඨේව ධම්මේ පටිසංවේදේසී’ති. අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ රහෝගතෝ පටිසල්ලීනෝ විමුත්තිසුඛපටිසංවේදී තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය ද ගෙන සැවැත් නුවර පිඬුසිඟා වඩිනවා. එවැනි වෙලාවක දී වෙනත් තැනකට ගසන ගල් පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන දඬු මුගුරු පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන කැට කැබිලිති පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. එතකොට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ බිඳුණු හිසින් යුතුව, ලේ වැගිරෙද්දී, බිඳුණු පාත්‍රය ඇතිව, ඉරී ගිය සඟල සිවුරු ඇතිව, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනවා. එවිට දුරින් ම වඩින ආයුෂ්මත් අංගුලිමාලයන් දකින භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් අංගුලිමාලයන්ට මෙය පවසා වදාරණවා. “පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න! පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න! ඔබ විසින් කරන ලද යම් කර්මයක විපාකය බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයෙහි පැසවන්නට තිබුනා ද, පින්වත් බ්‍රාහ්මණය, ඔබට ඒ කර්මයේ විපාක මේ ජීවිතයේ දී විතරයි විඳවන්නට තියෙන්නේ.” ඉතින් හුදෙකලාවෙහි භාවනා කරමින් විමුක්ති සුඛ විඳිමින් සිටින ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ඒ වේලාවෙහි මේ උදානය වදාළා.

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සෝ නප්පමජ්ජති,
සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා.

කවුරු හරි කලින් දහමේ හැසිරෙන්නට පමා වෙලා හිටිය ත්, පස්සෙ කාලෙක අප්‍රමාදීව දහමේ හැසිරුනොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.

යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති,
සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා.

කවුරු හරි කෙනෙක් තමන් ගේ පව් කුසල් බලයෙන් නැති කරල දැම්මොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන්සඳක් වගේ.

යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධසාසනේ,
සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා.

කොයි තරම් තරුණ භික්ෂුවක් වුනත් ශීල, සමාධි, ප්‍රඥාවේ යෙදෙනවා නම් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.

දිසා හි මේ ධම්මකථං සුණන්තු
දිසා හි මේ යුඤ්ජන්තු බුද්ධසාසනේ,
දිසා හි මේ තේ මනුජෙ භජන්තු
යේ ධම්මමේවාදපයන්ති සන්තෝ.

මගේ සතුරන්ට ත් ඇසෙන්නට ඕන මේ චතුරාර්ය සත්‍යය ධර්මය ම යි. මගේ සතුරන් හැසිරෙන්නට ඕන ශීල, සමාධි, ප්‍රඥාවේ ම යි. මගේ සතුරො ත් ඇසුරු කරන්නට ඕන මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය පෙන්නා දෙන සත්පුරුෂ උතුමන්ව යි.

දිසා හි මේ ඛන්තිවාදානං අවිරෝධප්පසංසිනං,
සුණන්තු ධම්මං කාලේන තඤ්ච අනුවිධීයන්තු.

ඉවසන ගුණයෙන් යුතු, මෛත්‍රියට ප්‍රශංසා කරන ඒ උතුමන් ගේ ධර්මය ම මාගේ හතුරෝ ද අසත්වා! ඒ උතුම් ධර්මය ම අනුගමනය කරත්වා!

න හි ජාතු සෝ මමං හිංසේ අඤ්ඤං වා පන කඤ්චනං,
පප්පුය්‍ය පරමං සන්තිං රක්ඛෙය්‍ය තසථාවරේ.

ඒ මාගේ සතුරෝ මට හෝ වෙන කෙනෙකුට හෝ හිංසා නො කරත්වා! දැන් අංගුලිමාල පරම ශාන්තියට පැමිණිලා ඉන්නෙ. තැති ගන්නා සතුනුත්, තැති නො ගන්නා රහතුනුත් රකිනවා.

උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.

වතුර අදින අය තමන් කැමැති දිශාවට වතුර ගෙනියනවා. හී වඩුවන් ඊතල වල ඇද හැරලා කෙලින් කරනවා. ලී වඩුවන් කැමැති විදිහට ලී නවනවා. අන්න ඒ විදිහට බුද්ධිමත් කෙනා තමන් ගේ ජීවිතය දමනය කර ගන්නවා.

දණ්ඩේනේකේ දමයන්ති අංකුසේහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථේන අහං දන්තෝම්හි තාදිනා.

සමහර උදවිය දඬු මුගුරු වලිනුත්, හෙණ්ඩුවෙනුත්, කසයෙනුත් තමයි අනුන්ව දමනය කරන්නේ. ඒ වුනාට දඬු මුගුරු නැතිවයි, අවි ආයුධ නැතිවයි අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ මාව දමනය කළේ.

අහිංසකෝති මේ නාමං හිංසකස්ස පුරේ සතෝ,
අජ්ජාහං සච්චනාමෝම්හි න නං හිංසාමි කඤ්චනං.

ඉස්සර මට අහිංසක කියල කීවෙ අනුන්ට හිංසා කරද්දී ම යි. ඒත් දැන් මං කාටවත් හිංසා නො කරන ඇත්තට ම අහිංසක කෙනෙක්.

චෝරෝ අහං පුරේ ආසිං අංගුලිමාලෝති විස්සුතෝ,
වුය්හමානෝ මහෝඝේන බුද්ධං සරණමාගමං.

මං ඉස්සර අංගුලිමාල නමින් ප්‍රසිද්ධ වෙච්ච හොරා. මාව සංසාරෙ සැඩ පහරට අහුවෙලා ගහගෙන යන කොට තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබුනේ.

ලෝහිතපාණි පුරේ ආසිං අංගුලිමාලෝති විස්සුතෝ,
සරණාගමනං පස්ස භවනෙත්ති සමූහතා.

ඉස්සර මං අත්වල ලේ තවරාගෙන ප්‍රසිද්ධ වෙලා හිටියේ අංගුලිමාල නමින්. එහෙත් උතුම් තිසරණයට පැමිණීමේ ආනිශංසය බලන්න. සියළු භව රැහැන් මුලින් ම කපලා දැම්මා.

තාදිසං කම්මං කත්වාන බහුං දුග්ගතිගාමිනං,
ඵුට්ඨෝ කම්මවිපාකේන අනණෝ භුඤ්ජාමි භෝජනං.

මගේ අතින් අපායට යන්නට බොහෝ පව් සිද්ධ වුනා. එහෙත් දැන් මං විපාක විඳින්නෙ මේ ජීවිතයේ දී විතරයි. අනුන් ගේ දානෙ මං වළඳන්නෙ ණය නැතිව යි.

පමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මේධිනෝ ජනා,
අප්පමාදඤ්ච මේධාවී ධනං සෙට්ඨංව රක්ඛති.

අඥාන ජනතාව බාහිර වැඩ කටයුතුවලට මුළු ජීවිතය ම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා. නමුත් බුද්ධිමත් කෙනා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නෙ උතුම් ධනයක් රැක ගන්නවා වගෙයි.

මා පමාදමනුයුඤ්ජේථ මා කාමරතිසන්ථවං,
අප්පමත්තෝ හි ඣායන්තෝ පප්පෝති විපුලං සුඛං.

ධර්මයේ හැසිරීම පිණිස ප්‍රමාද වෙන්නට එපා! කාම සැපයේ ම ඇලී වාසය කරන්නට එපා! අප්‍රමාදීව භාවනා කරන කෙනා තමයි උතුම් සැපය ලබා ගන්නෙ.

සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම,
සංවිභත්තේසු ධම්මේසු යං සෙට්ඨං තදුපාගමං.

සම්බුදු සසුනට මං ආපු එක කොයි තරම් හොඳයි ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නොවේ. විස්තර වශයෙන් පහදල දෙන ඒ චතුරාර්ය සත්‍යය ධර්මය තුළිනුයි මං උතුම් නිවනට පත් වුනේ.

සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.

බුදුරජාණන් වහන්සේ ගේ සසුනට මං ආපු එක කොයිතරම් හොඳ ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නො වෙයි. මා ත්‍රිවිද්‍යාව ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

සාදු! සාදු!! සාදු!!!

අංගුලිමාලසුත්තං ඡට්ඨං.

අංගුලිමාල තෙරුන්ට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M