මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.4.5. බෝධිරාජකුමාර සුත්‌තං

2.4.5. බෝධිරාජකුමාරයා හට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා භග්ගේසු විහරති සුසුමාරගිරේ භේසකළාවනේ මිගදායේ. තේන ඛෝ පන සමයේන බෝධිස්ස රාජකුමාරස්ස කෝකනදෝ නාම පාසාදෝ අචිරකාරිතෝ හෝති අනජ්ඣාවුට්ඨෝ සමණේන වා බ්‍රාහ්මණේන වා කේනචි වා මනුස්සභූතේන. අථ ඛෝ බෝධි රාජකුමාරෝ සඤ්ජිකාපුත්තං මාණවං ආමන්තේසි: ඒහි ත්වං සම්ම සඤ්ජිකාපුත්ත, යේන භගවා තේනුපසංකම, උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්ද, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, බෝධි භන්තේ, රාජකුමාරෝ භගවතෝ පාදේ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. ඒවඤ්ච වදේහි: ‘අධිවාසේතු කිර භන්තේ භගවා’ බෝධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. ඒවං භෝති ඛෝ සඤ්ජිකාපුත්තෝ මාණවෝ බෝධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නෝ ඛෝ සඤ්ජිකාපුත්තෝ මාණවෝ භගවන්තං ඒතදවෝච: බෝධි භෝ ගෝතම රාජකුමාරෝ භෝතෝ ගෝතමස්ස පාදේ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති ඒවඤ්ච වදේති: අධිවාසේතු කිර භවං ගෝතමෝ බෝධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනාති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ භගු රට සුංසුමාරගිර නුවර භේසකලා නම් මිගදායෙහි ය. ඒ දිනවල ම බෝධිරාජ කුමාරයා ගේ ‘කෝකනද’ නම් මාලිගාවක් කරවපු අලුත යි. ඒ වගේ ම ඒ මාළිගාව කිසියම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, කිසියම් මනුෂ්‍යයෙක් වේවා පරිභෝග කරල ත් නෑ. එදා බෝධිරාජකුමාරයා සඤ්ජිකාපුත්‍ර මානවකයා අමතා මෙය පැවසුවා. “ප්‍රිය යහළු සඤ්ජිකාපුත්‍රය, භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න. ගිහින් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය නළල බිම තබා වඳින්න. අල්පාබාධ බව ත්, නිදුක් බව ත්, සැහැල්ලු බව ත්, කායික සවිය ත්, පහසු විහරණය ත් විමසන්න. මෙසේ ත් කියන්න. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හෙට දවසේ බෝධිරාජකුමාරයා ගේ දානය පිණිස භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ වඩින සේක්වා!’ කියල.”

“එසේය භවත” කියා සඤ්ජිකාපුත්‍ර තරුණයා බෝධිරාජකුමාරයාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කථාව කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ සඤ්ජිකාපුත්‍ර තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, බෝධිරාජකුමාරයා භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය නළල බිම තබා වඳියි. අල්පාබාධ බව ත්, නිදුක් බව ත්, සැහැල්ලු බව ත්, කායික සවිය ත්, පහසු විහරණය ත් විමසයි. මෙසේ ත් කියයි. ‘භවත් ගෞතමයන් වහන්ස, හෙට දවසේ බෝධිරාජකුමාරයා ගේ දානය පිණිස භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ වඩින සේක්වා!’ එතකොට භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම නිශ්ශබ්දතාවයෙන් යුතුව ඉවසා වදාළා.

අථ ඛෝ සඤ්ජිකාපුත්තෝ මාණවෝ භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යේන බෝධි රාජකුමාරෝ තේනුපසංකමි, උපසංකමිත්වා බෝධිං රාජකුමාරං ඒතදවෝච: “අවෝචුම්හ භෝතෝ වචනේන තං භවන්තං ගෝතමං: බෝධි භෝ ගෝතම, රාජකුමාරෝ භෝතෝ ගෝතමස්ස පාදේ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. ඒවඤ්ච වදේති: ‘අධිවාසේතු කිර භවං ගෝතමෝ බෝධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා”ති. අධිවුට්ඨඤ්ච පන සමණේන ගෝතමේනාති.

එවිට සඤ්ජිකාපුත්‍ර මාණවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් එය පිළිගත්බව දැන හුනස්නෙන් නැගී බෝධිරාජකුමාරයා වෙත පැමිණුනා. පැමිණ බෝධිරාජකුමාරයාට මෙය පැවසුවා. “අපි භවතාණන් ගේ වචනයෙන් භවත් ගෞතමයන් හට දැනුම් දුන්නා. ‘ස්වාමීනී, බෝධිරාජකුමාරයා භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය නළල බිම තබා වඳියි. අල්පාබාධ බව ත්, නිදුක් බව ත්, සැහැල්ලු බව ත්, කායික සවිය ත්, පහසු විහරණය ත් විමසයි. මෙසේ ත් කියයි. ‘භවත් ගෞතමයන් වහන්ස, හෙට දවසේ බෝධිරාජකුමාරයා ගේ දානය පිණිස භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ වඩින සේක්වා!’ කියල. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එම ඇරයුම පිළිගත්තා.

අථ ඛෝ බෝධි රාජකුමාරෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා කෝකනදඤ්ච පාසාදං ඕදාතේහි දුස්සේහි සන්ථරාපෙත්වා යාව පච්ඡිමා සෝපානකළේපරා සඤ්ජිකාපුත්තං මාණවං ආමන්තේසි: ‘ඒහි ත්වං සම්ම සඤ්ජිකාපුත්ත, යේන භගවා තේනුපසංකම, උපසංකමිත්වා භගවතෝ කාලං ආරෝචේහි: ‘කාලෝ භන්තේ නිට්ඨිතං භත්ත’න්ති. ඒවං භෝති ඛෝ සඤ්ජිකාපුත්තෝ මාණවෝ බෝධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවතෝ කාලං ආරෝචේසි: ‘කාලෝ භෝ ගෝතම නිට්ඨිතං භත්තන්ති.

එවිට බෝධිරාජකුමාරයා ඒ රාත්‍රිය ඈවෑමෙන් තම මාළිගයෙහි ප්‍රණීත වූ ආහාරපානාදිය පිළියෙල කොට කෝකනද මාළිගයේ පියගැටපෙළ පාමුල දක්වා සුදු පාවඩ අතුරා සඤ්ජිකාපුත්‍ර තරුණයා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර සඤ්ජිකාපුත්‍රයෙනි, ඔබ එන්න. භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනී, දැන් එයට කාලය යි. දානය පිළියෙල කරල යි තියෙන්නෙ’ කියා කල් දැනුම් දෙන්න.” “එසේය භවත” කියා සඤ්ජිකාපුත්‍ර මාණවකයා බෝධිරාජකුමාරයාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, දැන් එයට කාලය යි. දානය පිළියෙල කරල යි තියෙන්නෙ” කියා කල් දැනුම් දුන්නා.

අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන බෝධිස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංකමි, තේන ඛෝ පන සමයේන බෝධි රාජකුමාරෝ බහිද්වාරකොට්ඨකේ ඨිතෝ හෝති භගවන්තං ආගමයමානෝ. අද්දසා ඛෝ බෝධි රාජකුමාරෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන පච්චුග්ගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා පුරක්ඛත්වා යේන කෝකනදෝ පාසාදෝ තේනුපසංකමි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන, පාත්‍රය ගෙන බෝධිරාජකුමාරයා ගේ මාළිගය වෙත වැඩම කළා. එවේලෙහි බෝධිරාජකුමාරයා දොරටුවෙන් එළියට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වඩිනා මග බලමින් සිටියා. එතකොට බෝධිරාජකුමාරයා දුරින් ම වඩිනා භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක පෙරගමන් කළා. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පෙරටු කරගෙන කෝකනද මාළිගය කරා පැමිණුනා.

අථ ඛෝ භගවා පච්ඡිමං සෝපානකළේපරං නිස්සාය අට්ඨාසි. අථ ඛෝ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච: ‘අභිරූහතු භන්තේ, භගවා දුස්සානි, අභිරුහතු සුගතෝ දුස්සානි, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. ඒවං වුත්තේ භගවා තුණ්හී අහෝසි. දුතියම්පි ඛෝ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච: ‘අභිරුහතු භන්තේ භගවා දුස්සානි, අභිරුහතු සුගතෝ දුස්සානි, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායාති. දුතියම්පි ඛෝ භගවා තුණ්හී අහෝසි. තතියම්පි ඛෝ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච: ‘අභිරුහතු භන්තේ භගවා දුස්සානි, අභිරුහතු සුගතෝ දුස්සානි, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පියගැටපෙළ පාමුළ නැවතී සිටියා. එතකොට බෝධිරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පාවඩය මතින් වඩින සේක්වා! සුගතයන් වහන්ස, පාවඩය මතින් වඩින සේක්වා! එය මට බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි.” මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෙවන වතාවට ත්, බෝධිරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පාවඩය මතින් වඩින සේක්වා! සුගතයන් වහන්ස, පාවඩය මතින් වඩින සේක්වා! එය මට බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි.” දෙවන වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුනා. තුන්වන වතාවට ත්, බෝධිරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පාවඩය මතින් වඩින සේක්වා! සුගතයන් වහන්ස, පාවඩය මතින් වඩින සේක්වා! එය මට බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි.” තුන්වන වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුනා.

අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං අපලෝකේසි. අථ ඛෝ ආයස්මා ආනන්දෝ බෝධිං රාජකුමාරං ඒතදවෝච: ‘සංහරතු රාජකුමාර, දුස්සානි. න භගවා චේලපත්තිකං අක්කමිස්සති. පච්ඡිමං ජනතං තථාගතෝ අපලෝකේතී’ති. අථ ඛෝ බෝධි රාජකුමාරෝ දුස්සානි සංහරාපෙත්වා උපරි කෝකනදේ පාසාදේ ආසනානි පඤ්ඤපේසි. අථ ඛෝ භගවා කෝකනදං පාසාදං අභිරුහිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි සද්ධිං භික්ඛුසංඝේන. අථ ඛෝ බෝධි රාජකුමාරෝ බුද්ධප්පමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි, සම්පවාරේසි. අථ ඛෝ බෝධි රාජකුමාරෝ භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච: ‘මය්හං ඛෝ භන්තේ, ඒවං හෝති, න ඛෝ සුඛේන සුඛං අධිගන්තබ්බං, දුක්ඛේන ඛෝ සුඛං අධිගන්තබ්බ’න්ති.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් දෙස හැරී බැලුවා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බෝධිරාජකුමාරයාට මෙය පැවසුවා. “පින්වත් රාජකුමාරය, ඔය පාවඩය හකුලනු මැනව. භාග්‍යවතුන් වහන්සේ පාවඩය මතින් නො වඩින සේක. තථාගතයන් වහන්සේ පශ්චිම ජනතාව දෙස බලන සේක.”

එවිට බෝධිරාජකුමාරයා පාවඩ හකුළුවා කෝකනද මාළිගයෙහි උඩුමහලෙහි ආසන පැණෙව්වා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා සමඟ කෝකනද මාළිගයට නැග පණවන ලද ආසනයන් හි වැඩසිටියා. එවිට බෝධිරාජකුමාරයා බුද්ධප්‍රමුඛ භික්ෂුසංඝයා හට ප්‍රණීත වූ ආහාරපානාදියෙන් සිය අතින් ම පිළිගැන්නුවා. මැනවින් වැළඳෙව්වා. එකල්හි බෝධිරාජකුමාරයා දන් වළඳා අවසන් වූ භාග්‍යවතුන් වහන්සේ අසලින් එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ බෝධිරාජකුමාරයා මෙය පැවසුවා.

“ස්වාමීනී, මා තුළ මෙවැනි අදහසක් තියෙනවා. ‘සැපයෙන් සැපයක් ලබන්නට බැහැ. දුකින් තමයි සැපයක් ලබන්නට පුළුවන් වෙන්නෙ’ කියල.”

මය්හම්පි ඛෝ රාජකුමාර, පුබ්බේව සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතදහෝසි: “න ඛෝ සුඛේන සුඛං අධිගන්තබ්බං, දුක්ඛේන ඛෝ සුඛං අධිගන්තබ්බන්”ති. සෝ ඛෝ අහං රාජකුමාර, අපරේන සමයේන දහරෝ’ව සමානෝ සුසුකාළකේසෝ භද්‍රනේ යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා, අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානෝ යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමිං, උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝචං: ‘ඉච්ඡාමහං ආවුසෝ කාලාම ඉමස්මිං ධම්මවිනයේ බ්‍රහ්මචරියං චරිතු’න්ති. ඒවං වුත්තේ රාජකුමාර, ආළාරෝ කාලාමෝ මං ඒතදවෝච: ‘විහරතායස්මා, තාදිසෝ අහං ධම්මෝ, යත්ථ විඤ්ඤූ පුරිසෝ නචිරස්සේ’ව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා”ති. සෝ ඛෝ අහං රාජකුමාර, නචිරස්සේ’ව ඛිප්පමේව තං ධම්මං පරියාපුණිං සෝ ඛෝ අහං රාජකුමාර, තාවතකේනේව ඔට්ඨපහතමත්තේන ලපිතලාපනමත්තේන ඤාණවාදඤ්ච වදාමි. ථේරවාදඤ්ච, ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි, අහඤ්චේව අඤ්ඤේ ච. තස්ස මය්හං රාජකුමාර ඒතදහෝසි: “න ඛෝ ආළාරෝ කාලාමෝ ඉමං ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේති. අද්ධා ආළාරෝ කාලාමෝ ඉමං ධම්මං ජානං පස්සං විහරතී”ති.

“පින්වත් රාජකුමාරය, සම්බුද්ධත්වයට පත්වෙන්නට කලින් අවබෝධ නො වී බෝධිසත්ව වශයෙන් සිටිය දී මට තිබුනෙත් ඔය අදහස ම යි. ඒ කියන්නෙ ‘සැපයෙන් සැපයක් ලබන්නට බැහැ. දුකින් තමයි සැපයක් ලබන්නට පුළුවන් වෙන්නෙ’ කියල.

ඉතින් පින්වත් රාජකුමාරය, ඒ මං පස්සෙ කාලෙක තරුණ වයසේ සිටිය දී කළු කෙස් ඇතිව සිටිය දී, භද්‍ර වූ යොවුන් වියෙහි ප්‍රථම වයසෙහි සිටිය දී මා පියන් අකමැති වෙද්දී, කඳුළු වැගුරූ මුහුණින් යුතුව ඔවුන් හඬද්දී, ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට පත්වුනා. මෙසේ මං පැවිදිව ‘කිං කුසල ගවේසී’ව කුසල් කුමක් ද යන්න සොයමින්, අනුත්තර වූ නිර්වාණ ශාන්තිය සොයමින් ආළාරකාලාමයන් වෙත පැමිණුනා. පැමිණ ආළාරකාලාමට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් කාලාම, මං කැමති යි මේ ධර්ම විනයෙ බඹසර හැසිරෙන්ට” කියල.

එතකොට පින්වත් රාජකුමාරය, ආළාර කාලාම මට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම නම් මේ ධර්මයේ බඹසර හැසිරෙන්න. බුද්ධිමත් කෙනෙකු ට සුළු කලක දී මේ ධර්මය තමා තුළින් ම තේරුම් අරගෙන සාක්ෂාත් කරල ඉන්නට පුළුවනි” කියල. පින්වත් රාජකුමාරය, මං ඉතා ම සුළු කලකින් වහා ම ඒ ධර්මය ඉගෙන ගත්තා. පින්වත් රාජකුමාරය, මං ඔවුන් තොල් සොලවා යමක් කියන පමණින් ම ඒක තේරුම් ගත්තා. ඔවුන් ගේ ධර්ම ක්‍රමය තේරුම් ගත්තා. ඒ දේ දන්න කෙනෙක්, දකින කෙනෙක් බවට පත් වුනා. අනිත් උදවිය ත් මං ගැන එහෙම කිව්වා.

එතකොට පින්වත් රාජකුමාරය, මට මෙහෙම හිතුනා. ‘ඔය ආළාර කාලාම මේ ධර්මය කියන්නෙ හුදෙක් ශ්‍රද්ධාවකින් පමණක් ම නො වෙයි. තමන් ම අවබෝධ කරල, සාක්ෂාත් කරල ඉඳගෙන යි ඔය කියන්නෙ. ඇත්තෙන් ම ඔය ආළාර කාලාම මේ ධර්මය දැනගෙන, දැකගෙන ඉන්න කෙනෙක්.’

අථ ඛ්වාහං රාජකුමාර, යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමිං. උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝචං: “කිත්තාවතා නෝ ආවුසෝ කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේසී”ති. ඒවං වුත්තේ රාජකුමාර, ආළාරෝ කාලාමෝ ආකිඤ්චඤ්ඤායතනං පවේදේසි. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “න ඛෝ ආළාරස්සේව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හංපත්ථි සද්ධා, න ඛෝ ආළාරස්සේ’ව කාලාමස්ස අත්ථි වීරියං, මය්හංපත්ථි විරියං, න ඛෝ ආළාරස්සේව කාලාමස්ස අත්ථි සති, මය්හංපත්ථි සති, න ඛෝ ආළාරස්සේව කාලාමස්ස අත්ථි සමාධි මය්හංපත්ථි සමාධි, න ඛෝ ආළාරස්සේව කාලාමස්ස අත්ථි පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා, යන්නූනාහං යං ධම්මං ආළාරෝ කාලාමෝ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේති, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍යන්”ති. සෝ ඛෝ අහං රාජකුමාර නචිරස්සේව ඛිප්පමේව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.

ඉතින් පින්වත් රාජකුමාරය, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් ආළාර කාලාම ගෙන් මෙහෙම ඇහුවා. “ආයුෂ්මත් කාලාම, ඔබේ අවබෝධය තුලින් ම සාක්ෂාත් කරගෙන තියෙන මේ ධර්මය කොච්චර දුරට කියන්න පුළුවන් ද?” කියල. පින්වත් රාජකුමාරය, ආළාර කාලාම මට ‘ආකිඤ්චඤ්ඤායතන සමාධිය’ ගැන කිව්වා.

එතකොට මට මෙහෙම හිතුනා. ‘ඉතින් ආළාර කාලාමට විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන්නෙ. මට ත් ශ්‍රද්ධාව තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි වීරිය තියෙන්නෙ. මට ත් වීරිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි සිහිය තියෙන්නෙ. මට ත් සිහිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි සමාධිය තියෙන්නෙ. මට ත් සමාධිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි ප්‍රඥාව තියෙන්නෙ. මට ත් ප්‍රඥාව තියෙනවා නෙව. ඉතින් එහෙනම් මම ත් ආළාර කාලාම තමන් ගෙ නුවණින් සාක්ෂාත් කරල ඉඳගෙන කියන දේ සාක්ෂාත් කරන්නට වීරිය ගන්නට ඕන’ කියල. පින්වත් රාජකුමාරය, ටික දවසකින් ම ඉතා ඉක්මනින් ම මම ත් ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට පැමිණ වාසය කළා.

අථ ඛ්වාහං රාජකුමාර, යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමිං. උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝචං: “එත්තාවතා, නෝ ආවුසෝ කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේසී”ති. එත්තාවතා ඛෝ අහං ආවුසෝ ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේමී’ති. අහම්පි ඛෝ ආවුසෝ එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ලාභා නෝ ආවුසෝ, සුලද්ධං නෝ ආවුසෝ, යේ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම. ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේමි. ඉති යාහං ධම්මං ජානාමි. තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි. තමහං ධම්මං ජානාමි ඉති යාදිසෝ අහං, තාදිසෝ තුවං, යාදිසෝ තුවං, තාදිසෝ අහං. ඒහි දානි ආවුසෝ උභෝ’ව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛෝ රාජකුමාර ආළාරෝ කාලාමෝ ආචරියෝ මේ සමානෝ අන්තේවාසිං මං සමානං අත්තනෝ සමසමං ඨපේසි, උළාරාය ච මං පූජාය පූජේසි. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “නායං ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. යාවදේව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියා”ති. සෝ ඛෝ අහං රාජකුමාර, තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.

එතකොට පින්වත් රාජකුමාරය, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් මං මෙහෙම කිව්වා. “ආයුෂ්මත් කාලාම, අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන ඔබ ඔය කියන ධර්මය ඔච්චර යි ද?”

“ප්‍රිය අයුෂ්මතුනි, මං අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන කියන ධර්මය ඔච්චර තමයි.”

ඉතින් ආයුෂ්මතුනි, දැන් ඔය ධර්මය මම ත් අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන ඉන්නවා නෙව.”

“අනේ ඇත්තට ම ආයුෂ්මතුනි, ඕක ලාභයක්. ආයුෂ්මතුනි, ඕක අපිට හරි ලාභයක්. ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් අපට ත් දැක ගන්නට ලැබුනා. යම් දෙයක් මං අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඉන්නවා නම්, ඒ දේ ඔබ ත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන යි ඉන්නෙ. යම් ධර්මයක් ඔබ අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඉන්නවා නම්, ඒ ධර්මය මම ත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන යි ඉන්නෙ. එහෙම නම් ඉතින් යම් ධර්මයක් මම දන්නවා නම් ඒ ධර්මය ඔබ ත් දන්නවා. යම් ධර්මයක් ඔබ දන්නවා නම්, ඒ ධර්මය මම ත් දන්නවා. මම යම් විදිහක නම් ඔබ ත් ඒ විදිය යි. ඔබ යම් විදිහක නම් මම ත් ඒ විදිය යි. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, දැන් එන්න. අපි දෙන්න එකතු වෙලා මේ පිරිස බලා හදාගෙන ඉඳිමු.”

ඉතින් පින්වත් රාජකුමාරය, මගේ ගුරුවරයාව සිටි ආළාර කාලාම, ගෝලයා වෙලා මාව තමන් හා සමාන තැනක තිබ්බා. උතුම් පුද පූජාවල් කළා. ඒත් පින්වත් රාජකුමාරය, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් ම කළකිරීමට හේතු වෙන්නෙ නෑ. නො ඇල්ම පිණිස හේතු වෙන්නෙ නෑ. දුක් නැති වෙන්ට හේතු වෙන්නෙ නෑ. කෙලෙස් සංසිඳීම පිණිස හේතු වෙන්නෙ නෑ. විශේෂ ඥානයට හේතු වෙන්නෙ නෑ. ආර්ය සත්‍යය අවබෝධයට හේතු වෙන්නෙ නෑ. නිවනට හේතු වෙන්නෙ නෑ. මේ ධර්මය හේතු වෙන්නෙ ආකිඤ්චඤ්ඤායතන ලෝකෙ උපදින්නට විතර යි’ කියල. පින්වත් රාජකුමාරය, ඉතින් මම ඒ ධර්මයේ ඇත්ත දැකල ඒ ධර්මය ගැන කළකිරුනා. එතන දාල ගියා.

සෝ ඛෝ අහං රාජකුමාර, කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානෝ යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමිං, උපසංකමිත්වා උදකං රාමපුත්තං ඒතදවෝචං: “ඉච්ඡාමහං ආවුසෝ රාම ඉමස්මිං ධම්මවිනයේ බ්‍රහ්මචරියං චරිතු”න්ති. ඒවං වුත්තේ රාජකුමාර, උදකෝ රාමපුත්තෝ මං ඒතදවෝච: “විහරතායස්මා තාදිසෝ අයං ධම්මෝ, යත්ථ විඤ්ඤූ පුරිසෝ නචිරස්සේ’ව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා”ති. සෝ ඛෝ අහං රාජකුමාර, නචිරස්සේව ඛිප්පමේව තං ධම්මං පරියාපුණිං, සෝ ඛෝ අහං රාජකුමාර තාවතකේනේව ඔට්ඨපහතමත්තේන ලපිතලාපනමත්තේන ඤාණවාදඤ්ච වදාමි ථේරවාදඤ්ච, ‘ජානාමි පස්සාමීති ච පටිජානාමි අහඤ්චේව අඤ්ඤේ ච. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “න ඛෝ රාමෝ ඉමං ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේසි. අද්ධා රාමෝ ඉමං ධම්මං ජානං පස්සං විහාසී”ති.

පින්වත් රාජකුමාරය, මං ආයෙමත් ‘කුසල් කියන්නෙ මොකක් ද?’ කියල හොයන්නට පටන් ගත්තා. අනුත්තර වූ අමා නිවන හොයන්නට පටන් ගත්තා. රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, මං කැමති යි මේ ධර්ම-විනයෙ බඹසර හැසිරෙන්නට” කියල. එතකොට පින්වත් රාජකුමාරය, රාමපුත්‍ර උද්දක මට මෙහෙම කිව්වා. “හොඳයි අයුෂ්මතුනි, බඹසර හැසිරෙන බුද්ධිමත් කෙනෙකුට ඉතා කෙටි කලකින් මේ ධර්මය ඉගෙන ගෙන, සාක්ෂාත් කරල වාසය කරන්නට පුළුවන්” කියල. පින්වත් රාජකුමාරය, ඒ ධර්මය තොල් සොලවා කියූ පමණින් ම මං අවබෝධ කරගත්තා. එහි වැඩිහිටියෙක් බවට පත්වුනා. ඒ ධර්මය දන්න කෙනෙක් දකින කෙනෙක් බවට පත්වුනා. අනිත් උදවිය ත් මං ගැන එහෙම කිව්වා.

එතකොට පින්වත් රාජකුමාරය, මට මෙහෙම හිතුනා. ‘පින්වත් රාමපුත්‍ර උද්දක මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් කියනවා නො වෙයි. තමන් ගේ ම ඤාණයෙන් සාක්ෂාත් කරල ඉඳගෙන යි කියන්නෙ. ඇත්තෙන් ම පින්වත් රාමයන් මේ ධර්මය දැනගෙන, දැකගෙන හිටපු කෙනෙක්.’

අථ ඛ්වාහං රාජකුමාර, යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමිං, උපසංකමිත්වා උද්දකං රාමපුත්තං ඒතදවෝචං: “කිත්තාවතා නෝ ආවුසෝ රාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේසී”ති. ඒවං වුත්තේ රාජකුමාර, උදකෝ රාමපුත්තෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං පවේදේසි. තස්ස මය්හං රාජකුමාර ඒතදහෝසි: “න ඛෝ රාමස්සේ’ව අහෝසි සද්ධා, මය්හංපත්ථි සද්ධා. න ඛෝ රාමස්සේ’ව අහෝසි වීරියං, මය්හංපත්ථි වීරියං. න ඛෝ රාමස්සේ’ව අහෝසි සති, මය්හංපත්ථි සති. න ඛෝ රාමස්සේ’ව අහෝසි සමාධි, මය්හංපත්ථි සමාධි. න ඛෝ රාමස්සේ’ව අහෝසි පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං රාමෝ ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේසි. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං රාජකුමාර, නචිරස්සේ’ව ඛිප්පමේව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.

ඉතින් පින්වත් රාජකුමාරය, මං රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, පින්වත් රාමයන් මේ ධර්මය තමන් ගේ නුවණින් සාක්ෂාත් කරල කියල දෙන්නෙ කොච්චර දුරකට ද?” එතකොට පින්වත් රාජකුමාරය, රාමපුත්‍ර උද්දක මට ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන’ සමාධිය ගැන පැවසුවා.

එතකොට මට මෙහෙම හිතුනා. ‘ශ්‍රද්ධාව තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් වීරිය තියෙනවා. සිහිය තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් සිහිය තියෙනවා. සමාධිය තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් සමාධිය තියෙනවා. ප්‍රඥාව තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් ප්‍රඥාව තියෙනවා. එහෙනම් මම ත් පින්වත් රාමයන් යම් දෙයක් අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන වාසය කළා නම්, ඒ දේ අවබෝධ කරගන්නට වීරිය කරනවා. ඒ දේ සාක්ෂාත් කරන්නට වීරිය ගන්නවා’ කියල. ඉතින් පින්වත් රාජකුමාරය, ඉතා සුළු කලකින්, ඉතා ඉක්මනින් ම මම ත් ඒ ධර්මය අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඒ ධර්මය ට පැමිණ වාසය කළා.

අථ ඛ්වාහං රාජකුමාර, යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමිං, උපසංකමිත්වා උද්දකං රාමපුත්තං ඒතදවෝචං: “එත්තාවතා නෝ ආවුසෝ රාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසී”ති. එත්තාවතා ඛෝ ආවුසෝ රාමෝ ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේමී’ති. ‘අහම්පි ඛෝ ආවුසෝ එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ලාභා නෝ ආවුසෝ, සුලද්ධං නෝ ආවුසෝ, යේ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම, ඉති යං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසි. ඉති යං ධම්මං රාමෝ අඤ්ඤාසි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමෝ අභිඤ්ඤාසි. ඉති යාදිසෝ රාමෝ අහෝසි, තාදිසෝ තුවං. යාදිසෝ තුවං තාදිසෝ රාමෝ අහෝසි. ඒහි දානි ආවුසෝ තුවං ඉමං ගණං පරිහරා’ති. ඉති ඛෝ රාජකුමාර උදකෝ රාමපුත්තෝ සබ්‍රහ්මචාරී මේ සමානෝ ආචරියට්ඨානේ මං ඨපේසි. උළාරාය ච මං පූජාය පූජේසි. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “නායං ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති, යාවදේව නේවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා’ති. සෝ ඛෝ අහං රාජකුමාර තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.

පින්වත් රාජකුමාරය, මං දවසක් රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, ඔබේ පියා වන පින්වත් රාමයන් තමන් ගේ ම නුවණින් මේ ධර්මය සාක්ෂාත් කරගෙන වාසය කළේ ඔච්චරකින් ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඔව්! අපේ පියාණන් වන පින්වත් රාමයන් තමන් ගේ නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරපු ධර්මය ඔච්චර තමයි.”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඒ (ඔබේ පියා වන පින්වත් රාමයන් සාක්ෂාත් කළ) ඔය ධර්මය මම ත් ඔච්චරකින් අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන යි ඉන්නෙ.”

“ප්‍රිය ආයුෂ්මතුනි, අපිට මහ ලාභයක් නෙව. අපට උතුම් ලාභයක් නෙව. අපිට ත් ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් දැක ගන්නට ලැබුනා නෙව. ඉතින් යම් ධර්මයක් අපේ පියාණන් වන පින්වත් රාමයන් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කළා නම් ඒ ධර්මය ඔබ ත් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නෙව. ඔබ යම් ධර්මයක් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නම් ඒ ධර්මය පින්වත් රාමයන් සාක්ෂාත් කරගෙන වාසය කළා. යම් ධර්මයක් රාම දැනගෙන හිටියා නම්, ඒ ධර්මය ත් ඔබ දන්නවා. යම් ධර්මයක් ඔබ දැනගෙන ඉන්නවා නම්, ඒ ධර්මය රාමයන් දැනගත්තා. ඒ නිසා රාම යම් බඳු නම් ඔබ ත් එබඳු ම යි. ඔබ යම් බඳු නම් රාම ත් එබඳු ම යි. ඒ නිසා පින්වත් ආයුෂ්මතුනි, දැන් එන්න. ඔබ මේ පිරිස බලා හදාගන්න.”

මේ විදියට පින්වත් රාජකුමාරය, රාමපුත්‍ර උද්දක මා හා සමානව සබ්‍රහ්මචාරීව සිටිය දී මාව ආචාර්ය තනතුරේ තැබුවා. මට උතුම් පුද පූජාවල් කළා. නමුත් පින්වත් රාජකුමාරය, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් ම කළකිරීමට හේතු වෙන්නෙ නෑ. නො ඇල්ම පිණිස හේතු වෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධ වීම පිණිස හේතු වෙන්නෙ නෑ. සංසිඳීම පිණිස හේතු වෙන්නෙ නෑ. විශිෂ්ට ඤාණය පිණිස හේතු වෙන්නෙ නෑ. අවබෝධය පිණිස හේතු වෙන්නෙ නෑ. නිවන පිණිස හේතු වෙන්නෙ නෑ. මේ ධර්මය හේතු වෙන්නෙ නේවසඤ්ඤානාසඤ්ඤායතන ලෝකයේ උපදින්නට විතර යි’ කියල.

පින්වත් රාජකුමාරය, ඔය විදියට මං ඒ ධර්මයේ ඇත්ත තත්වය තේරුම් අරගෙන, ඒ ධර්මය ගැන කළකිරිල එතනින් නික්මිල ගියා.

සෝ ඛෝ අහං රාජකුමාර කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානෝ මගධේසු අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන උරුවේලා සේනානිගමෝ තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං පාසාදිකඤ්ච වනසණ්ඩං නදීඤ්ච සන්දන්තිං, සේතකං සුපතිත්ථං රමණීයං, සමන්තා ච ගෝචරගාමං. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “රමණීයෝ වත භෝ භූමිභාගෝ, පාසාදිකෝ ච වනසණ්ඩෝ නදිඤ්ච සන්දන්තිං. සේතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගෝචරගාමෝ, අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා”ති. සෝ ඛෝ අහං රාජකුමාර තත්ථේ’ව නිසීදිං අලමිදං පධානායා’ති.

ඉතින් පින්වත් රාජකුමාරය, මං ආයෙමත් ‘කුසල් කියන්නෙ මොනව ද?’ කියල හොයන කෙනෙක් වුනා. ඒ අමා නිවන සොයා ගෙන යන කෙනෙක් වුනා. මං මගධ ජනපදයෙ ඇවිදගෙන ඇවිදගෙන ගියා. එහෙම යද්දි තමයි උරුවේලාවේ සේනානිගම නම් නියම්ගම හම්බ වුනේ. මං එහෙදි නැවතුනා. ඒ භූමිය මං දැකපු රමණීය තැනක්. ඒ වන ගැබ ඇත්තෙන් ම ලස්සන යි. සුදු වැලි තලාව තියෙන රමණීය තැනක්. ඒ වන ගැබ ඇත්තෙන් ම ලස්සන යි. සුදු වැලි තලාව තියෙන රමණීය ගං ඉවුරු මැදින් නදිය ගලා බසිනවා. පිණ්ඩපාතෙ කරගන්න ගම ත් ලඟින් ම තිබුනා.

පින්වත් රාජකුමාරය, මට එතකොට මේ විදිහට යි හිතුනෙ. ‘ඇත්තෙන් ම මේ පළාත රමණීය යි. මේ වන ගැබත් ලස්සන යි. සුදු වැලිතලා තියනෙ ගං ඉවුරෙන් යුතු නදිය ත් ලස්සනට ගලනවා. පිණ්ඩපාතෙ කරගන්න ගම ත් මේ ළඟ ම යි. ඇත්තෙන් ම වීරියෙන් භාවනා කරන පින්වතෙකුට මෙතන සුදුසු ම තැනක්’ කියල. ඉතින් පින්වත් රාජකුමාරය, මං එහෙ නැවතුනා. භාවනා කරන්නට මෙතන තමයි සුදුසු කියල හිතුනා.

අපිස්සු මං රාජකුමාර, තිස්සෝ උපමා පටිභංසු, අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා: “සෙය්‍යථාපි රාජකුමාර අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්ඛිත්තං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සා’මි. තේජෝ පාතුකරිස්සාමීති තං කිං මඤ්ඤසි රාජකුමාර, අපි නු සෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්ඛිත්තං, උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තේජෝ පාතුකරෙය්‍යා’ති. නෝ හිදං භන්තේ. තං කිස්ස හේතු? අදුඤ්හි භන්තේ අල්ලං කට්ඨං සස්නේහං තඤ්ච පන උදකේ නික්ඛිත්තං, යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. ඒවමේව ඛෝ රාජකුමාර යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා කායේන චේව චිත්තේන ච කාමේහි අවූපකට්ඨා විහරන්ති. යෝ ච නේසං කාමේසු කාමච්ඡන්දෝ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහෝ, සෝ ච අජ්ඣත්තං න සුප්පහීනෝ හෝති. න සුප්පටිප්පස්සද්ධෝ. ඕපක්කමිකා චේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදයන්ති. අභබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. නෝ චේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඕපක්කමිකා දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදයන්ති. අභබ්බා’ව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. අයං ඛෝ මං රාජකුමාර පඨමා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා.

පින්වත් රාජකුමාරය, එතකොට මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත් උපමා තුනක් වැටහුනා. පින්වත් රාජකුමාරය, ජලයේ බැස්ස වූ වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ලක් තියෙනවා. එතකොට පුරුෂයෙක් උත්තරාරණිය අරගෙන එනවා, ‘මං ගිනි උපද්දවන්නම්, තේජස පහළ කරන්නම්’ කියල. පින්වත් රාජකුමාරය, කුමක්ද ඒ ගැන සිතන්නෙ? ඒ පුරුෂයාට අර ජලයේ බැස්ස වූ, වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ල උත්තරාරණියෙහි කොතරම් ඇතිල්ලුවත් ගිනි උපද්දවන්නට පුළුවන් වේවි ද? තේජස පහළකරන්නට පුළුවන් වේවි ද?” “ස්වාමීනී, එය නො වේ ම යි. මක් නිසාද යත්, ස්වාමීනී, ඒ දර කැබැල්ල වතුරේ බැස්ස වූ එකක් නෙව. දිය වැගිරෙන තෙත එකක් නෙව. ඉතින් අර පුද්ගලයාට ක්ලාන්තයක් වෙහෙසක් විතරයි නෙව සිද්ධ වෙන්නෙ.”

පින්වත් රාජකුමාරය, ඔය විදිහ ම යි, යම් කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ කයෙනුත්, සිතෙනුත්, කාමයන් ගෙන් වෙන් නො වී ඉන්නවා. කාමයන් කෙරෙහි ඔවුන් තුළ යම් කාමාශාවක්, කාමස්නේහයක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද, එය තමා තුළ මැනැවින් ප්‍රහීණ වෙල ත් නෑ. මැනැවින් සංසිඳිල ත් නෑ. ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවනවා. නමුත් අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණදර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. ඒ වගේ ම ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවන්නේ නැත ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණ දර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. පින්වත් රාජකුමාරය, මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු ප්‍රථම උපමාව නම් එය යි.

අපරා’පි ඛෝ මං රාජකුමාර, දුතියා උපමා පටිභාසි අනච්ඡරියාපුබ්බේ අස්සුතපුබ්බා. සෙය්‍යථාපි රාජකුමාර, අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකා ථලේ නික්ඛිත්තං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි තේජෝ පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි රාජකුමාර, අපි නු සෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකා ථලේ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තේජෝ පාතුකරෙය්‍යා’ති? නෝ හිදං භන්තේ, තං කිස්ස හේතු? අදුඤ්හි භන්තේ අල්ලං කට්ඨං සස්නේහං කිඤ්චා’පි ආරකා උදකා ථලේ නික්ඛිත්තං යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. ඒවමේව ඛෝ රාජකුමාර යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා කායේන චේව චිත්තේන ච කාමේහි වූපකට්ඨා විහරන්ති, යෝ ච නේසං කාමේසු කාමච්ඡන්දෝ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහෝ සෝ ච අජ්ඣත්තං න සුප්පහීනෝ හෝති න සුප්පටිප්පස්සද්ධෝ ඕපක්කමිකා චේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වේදනා වේදයන්ති අභබ්බා’ව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය, නෝ චේ’පි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඕපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වේදනා වේදයන්ති. අභබ්බා’ව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. අයං ඛෝ මං රාජකුමාර, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා.

ඒ වාගේ ම පින්වත් රාජකුමාරය, පෙර නො ඇසූ විරූ ආශ්චර්ය උපදවන දෙවෙනි උපමාව ත් වැටහුනා. ඒ කියෙන්නේ වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ලක් තියෙනවා. එය දියෙන් ගොඩ අරගෙන යි තියෙන්නෙ. එතකොට පුරුෂයෙක් උත්තරාරණිය අරගෙන එනවා, ‘මං ගිනි උපද්දවන්නම්, තේජස පහළ කරන්නම්’ කියලා. පින්වත් රාජකුමාරය, කුමක්ද ඒ ගැන සිතන්නෙ? ඒ පුරුෂයාට අර දියෙන් ගොඩට ගෙන තියෙන, වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ල උත්තරාරණියෙහි කොතරම් ඇතිල්ලුවත් ගිනි උපද්දවන්නට පුළුවන් වේවි ද? තේජස පහළකරන්නට පුළුවන් වේවි ද?” “ස්වාමීනී, එය නො වේ ම යි. මක් නිසාද යත්, ස්වාමීනී, ඒ දර කැබැල්ල දියෙන් ගොඩට ගෙන තිබෙන නමුත්, දිය වැගිරෙන තෙත එකක් නෙව. ඉතින් අර පුද්ගලයාට ක්ලාන්තයක් වෙහෙසක් විතරයි නෙව සිද්ධ වෙන්නෙ.”

පින්වත් රාජකුමාරය, ඔය විදිහ ම යි, යම් කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ කයෙනුත්, සිතෙනුත්, කාමයන් ගෙන් වෙන් නො වී ඉන්නවා. කාමයන් කෙරෙහි ඔවුන් තුළ යම් කාමාශාවක්, කාමස්නේහයක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද, එය තමා තුළ මැනැවින් ප්‍රහීණ වෙල ත් නෑ. මැනැවින් සංසිඳිල ත් නෑ. ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවනවා. නමුත් අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණදර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. ඒ වගේ ම ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවන්නේ නැත ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණ දර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. පින්වත් රාජකුමාරය, මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු දෙවන උපමාව නම් එය යි.

අපරා’පි ඛෝ මං රාජකුමාර, තතියා උපමා පටිභාසි. අනච්ඡරියාපුබ්බේ අස්සුතපුබ්බා. සෙය්‍යථාපි රාජකුමාර, සුක්ඛං කට්ඨං කෝළාපං ආරකා උදකා ථලේ නික්ඛිත්තං. අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය “අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි තේජෝ පාතුකරිස්සාමී”ති. තං කිං මඤ්ඤසි රාජකුමාර, අපි නු සෝ පුරිසෝ අමුං සුක්ඛං කට්ඨං කෝළාපං ආරකා උදකා ථලේ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තේජෝ පාතුකරෙය්‍යාති. ඒවම්භන්තේ, තං කිස්ස හේතු, අදුඤ්හි භන්තේ සුක්ඛං කට්ඨං කෝළාපං, තඤ්ච පන ආරකා උදකා ථලේ නික්ඛිත්තන්ති. ඒවමේව ඛෝ රාජකුමාර යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා කායේන චේව චිත්තේන ච කාමේහි වූපකට්ඨා විහරන්ති. යෝ ච නේසං කාමේසු කාමච්ඡන්දෝ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහෝ, සෝ ච අජ්ඣත්තං සුප්පහීනෝ හෝති සුප්පටිප්පස්සද්ධෝ ඕපක්කමිකා චේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වේදනා වේදියන්ති. භබ්බා’ව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. නෝ චේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඕපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වේදනා වේදයන්ති භබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. අයං ඛෝ මං රාජකුමාර, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා. ඉමා ඛෝ මං රාජකුමාර, තිස්සෝ උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා.

ඒ වාගේ ම පින්වත් රාජකුමාරය, පෙර නො ඇසූ විරූ ආශ්චර්ය උපදවන තුන්වෙනි උපමාව ත් වැටහුනා. ඒ කියන්නේ දියෙන් ගොඩට ගත් ජලයට ළං නො වූ හොඳින් වියළී ගිය දර කැබැල්ලක් තියෙනවා. එතකොට පුරුෂයෙක් උත්තරාරණිය අරගෙන එනවා, ‘මං ගිනි උපද්දවන්නම්, තේජස පහළ කරන්නම්’ කියල. පින්වත් රාජකුමාරය, කුමක්ද ඒ ගැන සිතන්නෙ? ඒ පුරුෂයාට අර දියෙන් ගොඩට ගත්, ජලයට ළං නො වූ හොඳින් වියළි ගිය දර කැබැල්ල උත්තරාරණියෙහි ඇතිල්ලීමෙන් ගිනි උපද්දවන්නට පුළුවන් වේවි ද? තේජස පහළකරන්නට පුළුවන් වේවි ද?” “ස්වාමීනී, එය සිදුවන දෙයක් ම යි. මක් නිසාද යත්, ස්වාමීනී, ඒ දර කැබැල්ල දියෙන් ගොඩට ගත්, ජලයට ළං නො වූ, හොඳින් වියළී ගිය එකක් නෙව.”

පින්වත් රාජකුමාරය, ඔය විදිහ ම යි, යම් කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ කයෙනුත්, සිතෙනුත්, කාමයන් ගෙන් වෙන් වෙලයි ඉන්නෙ. කාමයන් කෙරෙහි ඔවුන් තුළ යම් කාමාශාවක්, කාමස්නේහයක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද, එය තමා තුළ මැනැවින් ප්‍රහීණ වෙලා තියෙනවා. මැනැවින් සංසිඳිලා තියෙනවා. ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳෙව්ව ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණදර්ශනය ලබාගන්නට භව්‍ය ම යි. ඒ වගේ ම ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවන්නේ නැත ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණ දර්ශනය ලබාගන්නට භව්‍ය ම යි. පින්වත් රාජකුමාරය, මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු තුන්වෙනි උපමාව නම් එය යි. පින්වත් රාජකුමාරය, පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු උපමා තුන නම් මෙය යි.

තස්ස මය්හං රාජකුමාර ඒතදහෝසි: “යංනූනාහං දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හෙය්‍යං අභිනිප්පීළෙය්‍යං අභිසන්තාපෙය්‍යන්”ති. සෝ ඛෝ අහං රාජකුමාර, දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හාමි අභිනිප්පීළේමි අභිසන්තාපේමි. තස්ස මය්හං රාජකුමාර, දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හතෝ අභිනිප්පීළයතෝ අභිසන්තාපයතෝ කච්ඡේහි සේදා මුච්චන්ති. සෙය්‍යථාපි රාජකුමාර, බලවා පුරිසෝ දුබ්බලතරං පුරිසං සීසේ වා ගහෙත්වා ඛන්ධේ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්‍ය අභිනිප්පීළෙය්‍ය අභිසන්තාපෙය්‍ය, ඒවමේව ඛෝ මේ රාජකුමාර, දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හතෝ අභිනිප්පීළයතෝ අභිසන්තාපයතෝ කච්ඡේහි සේදා මුච්චන්ති. ආරද්ධං ඛෝ පන මේ රාජකුමාර වීරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා ‘මං යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් දැඩි කොට තලන්නට ඕන, පෙළන්නට ඕන, විශේෂයෙන් තවන්නට ඕන’ කියල. ඉතින් පින්වත් රාජකුමාරය, මං යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් වලට දැඩි කොට තලනවා, පෙළනවා, විශේෂයෙන් තවනවා. එතකොට පින්වත් රාජකුමාරය, යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් දැඩි කොට තලද්දී, පෙළද්දී, විශේෂයෙන් තවද්දී, කිසිලි වලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. පින්වත් රාජකුමාරය, බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු ගේ හිසෙන් අල්ලා ගෙන හෝ කඳින් අල්ලා ගෙන හෝ දැඩි කොට තලනවා නම්, පෙළනවා නම්, විශේෂයෙන් තවනවා නම් අන්න එබඳු ආකාරයෙන් මං යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් දැඩි කොට තලද්දී, පෙළද්දී, විශේෂයෙන් තවද්දී, කිසිලි වලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා.

පින්වත් රාජකුමාරය, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං රාජකුමාර ඒතදහෝසි: “යංනූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍යන්”ති. සෝ ඛෝ අහං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං තස්ස මය්හං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු කණ්ණසෝතේහි වාතානං නික්ඛමන්තානං අධිමත්තෝ සද්දෝ හෝති. සෙය්‍යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තෝ සද්දෝ හෝති. ඒවමේව ඛෝ මේ රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු කණ්ණසෝතේහි වාතානං නික්ඛමන්තානං අධිමත්තෝ සද්දෝ හෝති ආරද්ධං ඛෝ පන මේ රාජකුමාර, වීරියං හෝති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

එතකොට පින්වත් රාජකුමාරය, මට මෙහෙම හිතුනා. ‘මං එහෙම නම්, අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් රාජකුමාරය, මං මුඛයෙනුත්, නාසයෙනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් රාජකුමාරය, මුඛයෙනුත් නාසයෙනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ මගේ කණ් වලින් අධිමාත්‍ර ශබ්දයකින් යුතුව වාතය පිටවෙන්නට ගත්තා. ඒක හරියට රන් කරුවෙක් මයිනහම පිඹිද්දී ඇතිවෙන අධිමාත්‍ර ශබ්දයක් වගෙයි. ඔය විදිහට ම පින්වත් රාජකුමාරය, මුඛයෙනුත් නාසයෙනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ මගේ කණ් වලින් අධිමාත්‍ර ශබ්දයකින් යුතුව වාතය පිටවෙන්නට ගත්තා.

පින්වත් රාජකුමාරය, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “යංනූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති සෙය්‍යථාපි රාජකුමාර බලවා පුරිසෝ තිණ්හේන සිඛරේන මුද්ධානං අභිමන්ථෙය්‍ය, ඒවමේව ඛෝ මේ රාජකුමාර මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා මුද්ධානං ඌහනන්ති. ආරද්ධං ඛෝ පන මේ රාජකුමාර වීරියං හෝති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේ’ව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් රාජකුමාරය, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කන් වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් රාජකුමාරය, මුඛයෙනුත් නාසයෙනුත් කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත්වූ විට අධිමාත්‍ර වූ වාතය මගේ හිස් මුදුන පෙළන්න පටන් ගත්තා. පින්වත් රාජකුමාරය, බලවත් පුරුෂයෙක් තියුණු උලක් අරගෙන ඔළුවට අනිනවා වගෙයි. පින්වත් රාජකුමාරය, ඔය විදිහට ම මුඛයෙනුත් නාසයෙනුත් කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත්වූ විට අධිමාත්‍ර වූ වාතය මගේ හිස් මුදුන පෙළන්න පටන් ගත්තා. පින්වත් රාජකුමාරය, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “යංනූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර. මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා සීසේ සීසවේදනා හොන්ති. සෙය්‍යථාපි රාජකුමාර, බලවා පුරිසෝ දළ්හේන වරත්තකබන්ධනේන සීසේ සීසවේඨං දදෙය්‍ය ඒවමේව ඛෝ මේ රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා සීසේ සීසවේදනා හොන්ති. ආරද්ධං ඛෝ පන මේ රාජකුමාර වීරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේ’ව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් රාජකුමාරය, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කණ් වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් රාජකුමාරය, මුඛයෙනුත් නාසයෙනුත් කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ හිසෙහි අධිමාත්‍ර වූ හිසරුජාවක් හටගත්තා. පින්වත් රාජකුමාරය, බලවත් පුරුෂයෙක් දැඩි වූ වරපටකින් හිස දැඩිකොට වෙලා තදකරනවා වගෙයි. පින්වත් රාජකුමාරය, ඔය විදිහට ම මුඛයෙනුත් නාසයෙනුත් කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ හිසෙහි අධිමාත්‍ර වූ හිසරුජාවක් හටගත්තා.

පින්වත් රාජකුමාරය, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “යංනූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං රාජකුමාර මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. සෙය්‍යථාපි රාජකුමාර, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා තිණ්හේන ගෝවිකන්තනේන කුච්ඡිං පරිකන්තෙය්‍ය, ඒවමේව ඛෝ මේ රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරද්ධං ඛෝ පන මේ රාජකුමාර, වීරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් රාජකුමාරය, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් රාජකුමාරය, මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ කුසයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා. පින්වත් රාජකුමාරය, දක්ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකු ගේ ගෝලයෙක් හෝ තියුණු වූ මන්නයකින් කුස කපා දමයි ද, පින්වත් රාජකුමාරය, ඔය විදිහට ම මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ කුසයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා.

පින්වත් රාජකුමාරය, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “යංනූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍යන්”ති. සෝ ඛෝ අහං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තෝ කායස්මිං ඩාහෝ හෝති. සෙය්‍යථාපි රාජකුමාර, ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අංගාරකාසුයා සන්තාපෙය්‍යුං, සම්පරිතාපෙය්‍යුං. ඒවමේව ඛෝ මේ රාජකුමාර, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තෝ කායස්මිං ඩාහෝ හෝති. ආරද්ධං ඛෝ පන මේ රාජකුමාර වීරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේ’ව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් රාජකුමාරය, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් රාජකුමාරය, මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ ශරීරයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා. පින්වත් රාජකුමාරය, බලවත් පුරුෂයන් දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු ගේ අත්පා වලින් අල්ලා ගෙන ගිනි අඟුරු වලක තවයි ද, බලවත්ව තවයි ද, පින්වත් රාජකුමාරය, ඔය විදිහට ම මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ ශරීරයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා.

පින්වත් රාජකුමාරය, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

අපිස්සු මං රාජකුමාර, දේවතා දිස්වා ඒවමාහංසු: “කාලංකතෝ සමණෝ ගෝතමෝ”ති. ඒකච්චා දේවතා ඒවමාහංසු: “න කාලංකතෝ සමණෝ ගෝතමෝ අපි ච කාලංකරෝතී”ති. ඒකච්චා දේවතා ඒවමාහංසු: “න කාලංකතෝ සමණෝ ගෝතමෝ නාපි කාලංකරෝති, අරහං සමණෝ ගෝතමෝ, විහාරො’ත්වේවේසෝ අරහතෝ ඒවරූපෝ හෝතී’ති.

එතකොට පින්වත් රාජකුමාරය, දෙවිවරු මාව දැක මෙහෙම කතා වුනා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වුනා!’ කියල. ඇතැම් දෙවිවරු මෙහෙම කිව්වා. ‘නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වුනේ නෑ. නමුත් අපවත් වේවි’ කියල. ඇතැම් දෙවිවරු මෙහෙම කිව්වා. ‘නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වුනේ නෑ. අපවත් වෙන්නෙත් නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේලා වැඩවාසය කරන්නේ ඔය අයුරින් නෙව’ කියල.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “යංනූනාහං සබ්බසෝ ආහාරුපච්ඡේදාය පටිපජ්ජෙය්‍ය”න්ති. අථ ඛෝ මං රාජකුමාර, දේවතා උපසංකමිත්වා ඒතදවෝචුං: “මා ඛෝ ත්වං මාරිස සබ්බසෝ ආහාරුපච්ඡේදාය පටිපජ්ජි සචේ ඛෝ ත්වං මාරිස සබ්බසෝ ආහාරුපච්ඡේදාය පටිපජ්ජිස්සසි, තස්ස තේ මයං දිබ්බං ඕජං ලෝමකූපේහි අජ්ඣෝහරිස්සාම තාය ත්වං යාපෙස්සසී”ති. තස්ස මය්හං රාජකුමාර ඒතදහෝසි: “අහඤ්චේව ඛෝ පන සබ්බසෝ අජද්ධුකං පටිජානෙය්‍යං ඉමා ච මේ දේවතා දිබ්බං ඕජං ලෝමකූපේහි අජ්ඣෝහරෙය්‍යුං තාය චාහං යාපෙය්‍යං, තං මමස්ස මුසා”ති. සෝ ඛෝ අහං රාජකුමාර, තා දේවතා පච්චාචික්ඛාමි හලන්ති වදාමි.

එතකොට පින්වත් රාජකුමාරය, මට මෙහෙම හිතුනා. ‘එහෙම නම් මං සර්වප්‍රකාරයෙන් ම ආහාර ගැනීම නවත්වන ප්‍රතිපදාවකට එනවා’ කියල. එතකොට පින්වත් රාජකුමාරය, දෙවිවරු මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. ‘අනේ නිදුකාණෙනි, සර්වප්‍රකාරයෙන් ආහාර නො ගැනීමට නම් පැමිණෙන්නට එපා! ඉදින් යම් හෙයකින් ඔබවහන්සේ සර්වප්‍රකාරයෙන් ම ආහාර නො ගෙන සිටින ප්‍රතිපදාවකට බැසගත්තොත් අපි ඔබවහන්සේ ගේ සිරුරෙහි රෝම කූප තුළින් දිව්‍ය ඕජස් ඇතුළුකරනවා. එතකොට ඔබවහන්සේ එයින් යැපේවි’ ඉතින් පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං සර්වප්‍රකාරයෙන් ආහාර නො ගන්නා ප්‍රතිපදාවකට බැසගත්තොත්, දෙවියෝ ත් මාගේ රෝම කූප වලින් දිව්‍ය ඕජස් මේ ශරීරයට දැම්මොත්, එයින් මං යැපුනොත් ඒ මාගේ ප්‍රතිපදාව බොරුවක් වෙනවා.’ පින්වත් රාජකුමාරය, ඉතින් මං ඒ දෙවියන් ගේ අදහස ‘එයින් කම් නැතැ’යි කියා ප්‍රතික්ෂේප කළා.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “යංනූනාහං ථෝකං ථෝකං ආහාරං ආහාරෙය්‍යං පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං, යදි වා කළායයූසං යදි වා හරේණුකයූසන්ති. සෝ ඛෝ අහං රාජකුමාර ථෝකං ථෝකං ආහාරං ආහාරේසිං පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරේණුකයූසං. තස්ස මය්හං රාජකුමාර, ථෝකං ථෝකං ආහාරං ආහාරයතෝ පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරේණුකයූසං, අධිමත්තකසිමානං පත්තෝ කායෝ හෝති සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා. ඒවමේවස්සු මේ අංගපච්චංගානි භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං ඒවමේවස්සු මේ ආනිසදං හෝති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී ඒවමේවස්සු මේ පිට්ඨිකණ්ටකෝ උණ්ණතාවනතෝ හෝති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගෝපානසියෝ ඕලු‍ග්ගවිලු‍ග්ගා භවන්ති ඒවමේවස්සු මේ ඵාසුළියෝ ඕලු‍ග්ගවිලු‍ග්ගා භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, ඒවමේවස්සු මේ අක්ඛිකූපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නෝ වාතාතපේන සම්ඵුටිතෝ හෝති සම්මිලාතෝ. ඒවමේවස්සු මේ සීසච්ඡවි සම්ඵුටිතා හෝති සම්මිලාතා තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං රාජකුමාර, ‘උදරච්ඡවිං පරිමසිස්සා’මීති පිට්ඨිකණ්ටකංයේව පරිග්ගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමී’ති උදරච්ඡවිංයේව පරිග්ගණ්හාමි. යාවස්සු මේ රාජකුමාර, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හෝති තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං රාජකුමාර, ‘වච්චං වා මුත්තං වා කරිස්සාමී’ති, තත්ථේ’ව අවකුජ්ජෝ පපතාමි තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං රාජකුමාර, ඉමමේව කායං අස්සාසෙන්තෝ පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං රාජකුමාර, පාණිනා ගත්තානි අනුමජ්ජතෝ පූතිමූලානි ලෝමානි කායස්මා පපතන්ති තායේවප්පාහාරතාය. අපිස්සු මං රාජකුමාර, මනුස්සා දිස්වා ඒවමාහංසු: ‘කාළෝ සමණෝ ගෝතමෝ’ති. ඒකච්චේ මනුස්සා ඒවමාහංසු: ‘න කාළෝ සමණෝ ගෝතමෝ සාමෝ සමණෝ ගෝතමෝ’ති. ඒකච්චේ මනුස්සා ඒවමාහංසු: “න කාළෝ සමණෝ ගෝතමෝ නපි සාමෝ, මංගුරච්ඡවි සමණෝ ගෝතමෝ’ති. යාවස්සු මේ රාජකුමාර, තාව පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ, උපහතෝ හෝති තායේවප්පාහාරතාය.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘එහෙම නම් මං මුං යුෂ වේවා, කොල්ලු යුෂ වේවා, කඩල යුෂ වේවා, මෑ යුෂ වේවා, ටික ටික ස්වල්පය ස්වල්පය පමණක් ආහාරයක් වශයෙන් ගන්නවා’ කියල. ඉතින් පින්වත් රාජකුමාරය, මුං යුෂ වේවා, කොල්ලු යුෂ වේවා, කඩල යුෂ වේවා, මෑ යුෂ වේවා, ටික ටික ස්වල්පය ස්වල්පය පමණක් ආහාරයක් වශයෙන් ගත්තා. පින්වත් රාජකුමාරය, ඒ මං මුං යුෂ වේවා, කොල්ලු යුෂ වේවා, කඩල යුෂ වේවා, මෑ යුෂ වේවා, ටික ටික ස්වල්පය ස්වල්පය පමණක් ආහාරයක් වශයෙන් ගනිද්දී මාගේ ශරීරය අතිශයින් ම කෘෂ බවට පත් වුනා. ආසීතික වැල් පුරුක් වගෙයි පෙනුනෙ. (මෙයින් අදහස් වෙන්නෙ රසකිඳ වැල් වැනි ඉතා ම කෘෂ වී ගිය ශරීරයක් ඇති ව සිටි බව යි.) මම ඔය විදිහට ඉතාමත් යාන්තමින් ආහාර ගත්තු නිසා මගේ ඇඟ-පත ඒ විදිහට ම කෙට්ටු වෙලා ගියා. මම කෑම්-බීම් කොයි තරම් අඩුවෙන් ගත්තද කිව්වොත් මගේ තට්ටම් කෙට්ටු වෙලා ගියෙ ඔටුවෙකු ගෙ පියසටහන් වගෙයි. වට්ටනාවලි කියල ගැට හැදිච්ච වැලි ජාතියක් තියෙනවා. මගේ කොඳු ඇට පේලිය ඒ වගේ වුනා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. ඒ වගේ ම හොඳට දිරපු ශාලාවක වහලෙ පරාල තියෙන්නෙ එහාට මෙහාට උස් පහත් වෙලා. කෑම්-බීම් අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් මගේ පපුවෙ ඇට පෙනුනෙත් ඒ විදිහට ම යි. ඒ වගේ ම ගැඹුරු ලිඳක් තියෙනවා කියල හිතන්න. ඒ ලිඳ කොච්චර ගැඹුරු ද කිව්වොත්, වතුර ටික යාන්තමට දිලිසෙනවා විතර යි පේන්නෙ. ඔය විදිහට ම මගේ ඇස් දෙක ඇස් වලේ යටට ම ගිලිල යාන්තමට දිළිසුනා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. ඒ වගේ ම අමුවෙන් කඩලා අව්වට වේලිල මැලවෙලා ගිය ලබු ගෙඩියක් ගැන හිතන්න. මගේ හිසේ හමත් අන්න ඒ විදිහට මැළවෙලා, රැලි වැටිල ගියා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ.

පින්වත් රාජකුමාරය, මම බඩේ හම අතින් පිරිමදින කොට, කොඳු ඇට පේලිය අතට අහුවෙනවා. කොඳුඇට පේළිය පිරිමදින කොට බඩේ හම තමයි අතට අහු වුනේ. පින්වත් රාජකුමාරය, කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. කොඳු ඇට පේළිය යි බඩේ හමයි එකට ඇලිල ගියා. මම වැසිකිළි-කැසිකිළි යන්ට හදනකොට එතන ම යටිකුරු ව වැටුනා. පින්වත් රාජකුමාරය, කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. පින්වත් රාජකුමාරය, මේ ශරීරයේ අතපය පිරිමදින කොට ඇඟේ මවිල් වල මුල් ඉදිරිලා ඒ මවිල් ගැලවිල වැටෙනවා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ.

පින්වත් රාජකුමාරය, මාව දුටු මිනිස්සු මෙහෙම කතා වුනා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් කළු යි නෙව.’ ඇතැම් මිනිස්සු මෙහෙම කිව්වා. ‘නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අඳුරු පාට යි.’ ඇතැම් මිනිස්සු මෙහෙම කිව්වා. ‘නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු ත් නෑ. අඳුරු පාට ත් නෑ. රන්වන් පාට යි.’ පින්වත් රාජකුමාරය, අල්පාහාර හේතුවෙන් ම යි මාගේ පිරිසිදු වූ ත්, බබලන්නා වූ ත් සමේ පැහැය නැතිවී ගියේ.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “යේ ඛෝ කේචි අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඕපක්කමිකා දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදයිංසු, ඒතාවපරමං නයිතෝ. භිය්‍යෝ යේ’පි හි කේචි අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඕපක්කමිකා දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදයිස්සන්ති, ඒතාවපරමං නයිතෝ භිය්‍යෝ. යේ’පි හි කේචි ඒතරහි සමණා වා බ්‍රාහ්මණා වා ඕපක්කමිකා දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදයන්ති, ඒතාවපරමං නයිතෝ භිය්‍යෝ. න ඛෝ පනා’හං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං. සියා නු ඛෝ අඤ්ඤෝ මග්ගෝ බෝධායා’ති?

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. අතීත කාලයෙහි සිටි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා උපක්‍රමයකින් කළ යුතු යම්තාක් තියුණු වූ, කටුක වූ දුක් වේදනා වින්ඳා නම්, මෙපණකින් ම තමයි විඳින්නට තියෙන්නේ. මෙයට වඩා නම් නෙවෙයි. අනාගතයෙහි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා උපක්‍රමයකින් කළ යුතු යම්තාක් තියුණු වූ, කටුක වූ දුක් වේදනා විඳිනවා නම්, මෙපණකින් ම තමයි විඳින්නට තියෙන්නේ. මෙයට වඩා නම් නෙවෙයි. වර්තමානයේ ත් ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා උපක්‍රමයකින් කළ යුතු යම්තාක් තියුණු වූ, කටුක වූ දුක් වේදනා විඳිනවා නම්, මෙපණකින් ම තමයි විඳින්නට තියෙන්නේ. මෙයට වඩා නම් නො වෙයි. එසේ නමුත් මෙතරම් කටුක වූ දුෂ්කරක්‍රියාවකින් වුණත් මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඤාණදර්ශනයක් ලබාගන්නට බැරි වුනා. සත්‍යාවබෝධය පිණිස හේතු වන්නා වූ වෙන මාර්ගයක් ඇද්ද?

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “අභිජානාමි ඛෝ පනා’හං පිතු සක්කස්ස කම්මන්තේ සීතාය ජම්බුච්ඡායාය නිසින්නෝ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා. සියා නු ඛෝ ඒසෝ මග්ගෝ බෝධායා’ති? තස්ස මය්හං රාජකුමාර, සතානුසාරි විඤ්ඤාණං අහෝසි: “ඒසෝව මග්ගෝ බෝධායා”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “කිං නු ඛෝ අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්‍රේ’ව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහී”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “න ඛෝ අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්‍රේ’ව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහී”ති.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා.

මං ශාක්‍ය පියාණන් ගේ කමත අසල දඹරුක් සෙවණේ වාඩි වී සිටිද්දී කාමයන් ගෙන් වෙන්ව, අකුසලයන් ගෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් යුතුව ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන සිටිය බව මට මතක් වුනා. සැබැවින් ම සත්‍යාවබෝධය පිණිස මේ මගවත් උපකාරී වේවි ද? එතකොට පින්වත් රාජකුමාරය, එය සිහිකිරීමේ දී ඒ අනුව මට මේ සිත පහළ වුනා. ‘මෙය ම තමයි සත්‍යාවබෝධයට මාර්ගය’ කියලා.

ඉතින් පින්වත් රාජකුමාරය, මං මෙහෙම හිතුවා. ‘මං කුමට ද කාමයන් ගෙන් වෙන් වූ, අකුසල් ධර්මයන් ගෙන් වෙන් වූ යම් මේ සුඛයක් ඇද්ද, එබඳු සැපයකට භය වෙන්නෙ?’

ඉතින් පින්වත් රාජකුමාරය, මට මෙහෙම හිතුනා. ‘කාමයන් ගෙන් වෙන් වූ, අකුසල් ධර්මයන් ගෙන් වෙන් වූ යම් මේ සුඛයක් ඇද්ද, එබඳු සැපයකට මං භය වෙන්නෙ නෑ.’

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “න ඛෝ තං සුකරං සුඛං අධිගන්තුං ඒවං අධිමත්තකසිමානං පත්තකායේන. යංනූනාහං ඕළාරිකං ආහාරං ආහාරෙය්‍යං ඕදනකුම්මාසන්ති. යෝ ඛෝ අහං රාජකුමාර, ඕළාරිකං ආහාරං ආහාරේසිං ඕදනකුම්මාසං තේන ඛෝ පන මං රාජකුමාර, සමයේන පඤ්චවග්ගියා භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති: “යං ඛෝ සමණෝ ගෝතමෝ ධම්මං අධිගමිස්සති තං නෝ ආරෝචෙස්සතී”ති. යතෝ ඛෝ අහං රාජකුමාර, ඕළාරිකං ආහාරං ආහාරේසිං ඕදනකුම්මාසං. අථ මේ තේ පඤ්චවග්ගියා භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු “බාහුලිකෝ සමණෝ ගෝතමෝ පධානවිබ්භන්තෝ ආවත්තෝ බාහුල්ලායා”ති.

එතකොට පින්වත් රාජකුමාරය, මට මෙහෙම හිතුනා. ‘මේ අතිශයින් ම දුර්වලව කෘෂව ගිය ශරීරයෙන් නම් ඒ සැපය ලබන්නට පුළුවන්කමක් නෑ. ඒ නිසා මං බත් වෑංජනාදී ගොරෝසු ආහාර වළඳන්නට ඕන’ කියල. ඉතින් පින්වත් රාජකුමාරය, මං බත් වෑංජන ආදී ගොරෝසු ආහාරයන් වළඳන්නට පටන් ගත්තා. පින්වත් රාජකුමාරය, ඒ භික්ෂූන් පස්වග භික්ෂූන් වහන්සේලා ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගනිත් ද, ඒ ධර්මය අපට ද දේශනා කරනු ඇත’ කියා මට උපස්ථාන කරමින් සිටියේ. නමුත් පින්වත් රාජකුමාරය, මං යම් දවසක බත් වෑංජන ආදී ගොරෝසු ආහාර වළඳන්නට පටන් ගත්තා ද, එය පස්වග භික්ෂූන් වහන්සේලා ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රත්‍ය බහුල බවට පත්වුනා. දැඩි වීරිය කණපිට හැරුනා. ලාභ සත්කාරයන් වෙතට ම කැරකිලා ආවා’ කියා කලකිරී මාව අත්හැර දමා නික්ම ගියා.

සෝ ඛෝ අහං රාජකුමාර, ඕළාරිකං ආහාරං ආහාරෙත්වා බලං ගහෙත්වා විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං ….(පෙ)…. තතියං ඣානං ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණායචිත්තං අභිනින්නාමේසිං. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි, සෙය්‍යථිදං ඒකම්පි ජාතිං, ද්වේ’පි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි. අයං ඛෝ මේ රාජකුමාර, රත්තියා පඨමේ යාමේ පඨමා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමෝ විහතෝ, ආලෝකෝ උප්පන්නෝ, යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

ඉතින් පින්වත් රාජකුමාරය, ඒ ඕලාරික ආහාරයන් වළඳා ශරීර ශක්තිය ඇතිකරගෙන මං කාමයන් ගෙන් වෙන්ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කළා. විතක්ක විචාරයන් ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කළා.

ඉතින් ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, එතකොට මං නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරන්නට සිත යොමු කළා. එතකොට මං නොයෙක් ආකාරයෙන් පුබ්බේ නිවාසය සිහි කළා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක්, ….(පෙ)…. මෙසේ මං කරුණු සහිත ප්‍රධාන සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් මං පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා. පින්වත් රාජකුමාරය, රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි මා විසින් අත්දුටු පළමු විද්‍යාව මෙය යි. අවිද්‍යාව දුරු වී ගියා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරු වී ගියා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව ධර්මයෙහි හැසිරෙන යමෙකුට යමක් ලැබෙනවා නම් අන්න ඒ ආකාරයට යි සිදුවුනේ.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි, චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාමි. ….(පෙ)…. අයං ඛෝ මේ රාජකුමාර, රත්තියා මජ්ක්‍ධිමේ යාමේ දුතියා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමෝ විහතෝ, ආලෝකෝ උප්පන්නෝ, යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

ඉතින් ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, එතකොට මං සත්වයන්ගේ චුත වීමත්, ඉපදීමත් දැන ගැනීමේ ඤාණය පිණිස සිත යොමු කළා. ඉතින් ඒ මං සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය දිවැස් නුවණින් චුතවන්නා වූ ත්, උපදින්නා වූ ත්, හීන, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සුගති, දුගති සත්වයන් ….(පෙ)…. කර්මානුරූපව උපතක් කරා යන සත්වයන් දැක්කා. පින්වත් රාජකුමාරය, රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි මා විසින් අත්දුටු දෙවෙනි විද්‍යාව මෙය යි. අවිද්‍යාව දුරු වී ගියා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරු වී ගියා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව ධර්මයෙහි හැසිරෙන යමෙකුට යමක් ලැබෙනවා නම් අන්න ඒ ආකාරයට යි සිදුවුනේ.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ….(පෙ)…. ‘අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ‘ඉමේ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ….(පෙ)…. ‘අයං ආසවනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මේ ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවා’පි චිත්තං විමුච්චිත්ථ, භවාසවා’පි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චිත්ථ විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහෝසි. ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛෝ මේ රාජකුමාර, රත්තියා පච්ඡිමේ යාමේ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමෝ විහතෝ, ආලෝකෝ උප්පන්නෝ, යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

ඉතින් ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, එතකොට මං ආසවක්ඛය ඤාණය ලැබීමේ නුවණ ලබාගන්ට සිත යොමු කළා. ඉතින් මං ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රවයන් ගේ හට ගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා.

ඔය විදිහට මං යථාර්ථය දැනගන්න කොට, යථාර්ථය දැකගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනා ම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වුා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධ කරගත්තා.

පින්වත් රාජකුමාරය, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මා විසින් අත්දුටු තුන්වෙනි විද්‍යාව මෙය යි. අවිද්‍යාව දුරු වී ගියා. විද්‍යාව පහළ වුා. අඳුර දුරු වී ගියා. ආලෝකය පහළ වුා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව ධර්මයෙහි හැසිරෙන යමෙකුට යමක් ලැබෙනවා නම් අන්න ඒ ආකාරයට යි සිදුවුනේ.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ, ආලයරාමා ඛෝ පනා’යං පජා ආලයරතා ආලයසම්මුදිතා, ආලයරාමාය ඛෝ පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදෝ, ඉදම්පි ඛෝ ඨානං දුද්දසං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. අහඤ්චේ’ව ඛෝ පන ධම්මං දේසෙය්‍යං පරේ ච මේ න ආජානෙය්‍යුං, සෝ මමස්ස කිලමථෝ, සා මමස්ස විහේසා”ති. අපිස්සු මං රාජකුමාර, ඉමා අනච්ඡරියා ගාථායෝ පටිභංසු පුබ්බේ අස්සුතපුබ්බා.

එතකොට පින්වත් රාජකුමාරය, ඒ ගැන මට මෙන්න මේ විදියට හිතුනා. ‘මං අවබෝධ කරපු මේ ධර්මය හරි ම ගැඹුරු යි. දකින එක ලේසි නෑ. අවබෝධ කරන එක ලේසි නෑ. හරි ශාන්ත යි. හරි ප්‍රණීත යි. තර්ක කරල තේරුම් ගන්ට අමාරු යි. හරි ම සියුම්. බුද්ධිමතුන් ට අවබෝධ කරගන්ට පුළුවනි. නමුත් මේ ලෝක සත්වයා ආශාව තුළ යි ඉන්නෙ. ආශාවට ඇලිල යි ඉන්නෙ. ආශාවෙන් සතුටු වෙවී ඉන්නෙ. ඉතින් ආශාව තුළ ඉන්න, ආශාවට ඇලිල ඉන්න, ආශාවෙන් සතුටු වෙවී ඉන්න මේ ලෝක සත්වයාට නම් හේතු-ඵල ධර්මය වන පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කිරීම ලේසි දෙයක් නො වෙයි. ඒ වගේ ම මේ සියළු සංස්කාරයන් සංසිඳවන, සියලු කෙලෙස් දුරු කරන, තණ්හාව ක්ෂය කරන, තණ්හාවේ නො ඇලෙන, තණ්හාව නැති කරන ඒ අමා නිවන අවබෝධ කිරීම නම් ලේසි දෙයක් නො වෙයි. ඉතින් මම මේ ධර්මය දේශනා කරන්ට පටන් ගත්තොත්, අනිත් අය අවබෝධ කරන්නෙ ත් නැත්නම්, මට ඒක මහන්සියක් විතර යි, මං කවදාවත් ම අහල නැති මේ අසිරිමත් ගාථාව මට වැටහුනා.

“කිච්ඡේන මේ අධිගතං හලං දානි පකාසිතුං
රාගදෝසපරේතේහි නා’යං ධම්මෝ සුසම්බුධෝ

“අතිශයින් ම දුක් මහන්සි වෙල යි මේ ධර්මය අවබෝධ කළේ. මේ ධර්මය අනුන්ට කීමෙන් ප්‍රයෝජන වෙන එකක් නෑ. රාග, ද්වේෂ වලින් පෙළෙන ඒ ජනතාවට මේ ධර්මය අවබෝධ කරනවා කියන එක ලේසි එකක් නො වෙයි.

පටිසෝතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඛන්ති තමෝඛන්ධේන ආවටා”ති

මේ ධර්මය උඩුගම් බලා යන එකක්. සියුම් එකක්. ගැඹුරු එකක්. දැකීමට දුෂ්කර එකක්. ඉතා සියුම් එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු, රාගයෙන් ඇලුණු මේ සත්වයෝ මේ ධර්මය අවබෝධ කරන්නෙ නෑ.”

ඉතිහ මේ රාජකුමාර, පටිසඤ්චික්ඛතෝ අප්පොස්සුක්කතාය චිත්තං නමති නෝ ධම්මදේසනාය.

පින්වත් රාජකුමාරය, මේ අයුරින් මා කල්පනා කරද්දී, උත්සාහ අඩු පැත්තට ම යි හිත නැමෙන්නෙ. ධර්ම දේශනාවට හිත නැමෙන්නෙ නෑ.

අථ ඛෝ රාජකුමාර, බ්‍රහ්මුනෝ සහම්පතිස්ස මම චේතසා චේතෝපරිවිතක්කමඤ්ඤාය ඒතදහෝසි. “නස්සති වත භෝ ලෝකෝ විනස්සති වත භෝ ලෝකෝ යත්‍ර හි නාම තථාගතස්ස අරහතෝ සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති නෝ ධම්මදේසනායා”ති. අථ ඛෝ රාජකුමාර, බ්‍රහ්මා සහම්පති සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව බ්‍රහ්මලෝකේ අන්තරහිතෝ මම පුරතෝ පාතුරහෝසි. අථ ඛෝ රාජකුමාර, බ්‍රහ්මා සහම්පති ඒකංසං උත්තරාසංගං කරිත්වා යේනා’හං තේනඤ්ජලිං පණාමෙත්වා මං ඒතදවෝච: දේසේතු භන්තේ භගවා ධම්මං, දේසේතු සුගතෝ ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවනතාය ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ”ති. ඉදමවෝච රාජකුමාර බ්‍රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං ඒතදවෝච:

එතකොට පින්වත් රාජකුමාරය, සහම්පතී මහා බ්‍රහ්මයා හට ඔහු ගේ සිතින් මං හිතපු දේ දැනගන්නට ලැබුනා. එතකොට ඔහුට මෙහෙම හිතුනා. ‘අයියෝ! භවත්නි, ලෝක සත්වයා නැසිල යාවි! අයියෝ භවත්නි, ලෝක සත්වයා වැනසිලා යාවි! මේ ලෝකයේ පහළ වුණු තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ සිත අල්ප උත්සාහයට නැමිල ගියා. ධර්ම දේශනාවට නැමුනෙ නෑ’ කියල. ඉතින් පින්වත් රාජකුමාරය, ඒ සහම්පතී බ්‍රහ්මයා ශක්තිමත් මනුස්සයෙක් හකුලපු අතක් දිගහරිනව වගේ, දිය ඇරපු අතක් හකුලනවා වගේ බඹලොවින් අතුරුදහන් වෙලා මං ඉදිරියේ පහළ වුනා.

පින්වත් රාජකුමාරය, ඒ සහම්පතී මහා බ්‍රහ්මය උතුරු සළුව එක පැත්තට පොරවාගෙන වන්දනා කරගෙන මට මෙහෙම කිව්වා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! ස්වාමීනී, සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! මේ ලෝකයේ කෙලෙස් අඩු සත්වයන් ඉන්නවා. ධර්මය අසන්ට නො ලැබුනොත් ඒ අය පිරිහිල යාවි. ධර්මය අසන්ට ලැබුනොත් අවබෝධ කරාවි” කියල.

පින්වත් රාජකුමාරය, සහම්පතී බ්‍රහ්මයා ඔය විදියට කියල, ආයෙමත් මේ ගාථාවනුත් කිව්වා.

“පාතුරහෝසි මගධේසු පුබ්බේ
ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ
අවාපුරේතං අමතස්ස ද්වාරං
සුණන්තු ධම්මං විමලේනානුබුද්ධං.

“ඉස්සර මගධ ජනපදයේ කෙලෙස් සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු ධර්මයක් පහළ වෙලා තිබුණෙ. එහෙයින් මේ අමා නිවන් දොරටුව විවෘත කරන සේක්වා! නිර්මල ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය නුවණැත්තෝ අසත්වා!

සේලේ යථා පබ්බතමුද්ධනිට්ඨිතෝ
යථා’පි පස්සේ ජනතං සමන්තතෝ
තථූපමං ධම්මමයං සුමේධ
පාසාදමාරුය්හ සමන්තචක්ඛු
සෝකාවතිණ්ණං ජනතමපේතසෝකෝ
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං

ශෛලමය පර්වතයක් මුදුනට නැගගත්තු කෙනෙක් හාත්පස සිටින ජනතාව දිහා බලනවා වගේ මහා ප්‍රාඥ වූ, හාත්පස දකින නුවණැස ඇත්තා වූ බුදුරජාණන් වහන්ස! සද්ධර්මයෙන් කරන ලද ප්‍රාසාදයට නැගී ශෝක රහිත සිතින් ඉපදීම් වලින් ජරා වලින් පෙළෙන ශෝකයෙහි ගිලුනු ජනතාව දෙස බලන සේක්වා!

උට්ඨේහි වීර විජිතසංගාම
සත්ථවාහ අනණ විචර ලෝකේ
දේසස්සු භගවා ධම්මං
අඤ්ඤාතාරෝ භවිස්සන්තී”ති.

මාර යුද්ධයෙන් දිනූ මහාවීරයන් වහන්ස, නැගී සිටින සේක්වා! උතුම් ගැල්කරුවාණන් වහන්ස, ණය නැති උතුමාණන් වහන්ස, ලොව පුරා සැරිසරන සේක්වා! භාග්‍යවතුන් වහන්ස, සදහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය ඇති වෙනවා ම යි.”

අථ ඛ්වාහං රාජකුමාර, බ්‍රහ්මුනෝ ච අජ්ඣසේනං විදිත්වා සත්තේසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකේසිං. අද්දසං ඛෝ අහං රාජකුමාර, බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකෙන්තෝ සත්තේ අප්පරජක්බේ මහාරජක්බේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ අප්පේකච්චේ පරලෝකවජ්ජභයදස්සාවිනෝ විහරන්තේ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ විහරන්තේ සෙය්‍යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි අන්තෝනිමුග්ගපෝසීනි. අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි සමෝදකං ඨිතානි. අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකේන, ඒවමේව ඛෝ අහං රාජකුමාර, බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකෙන්තෝ අද්දසං සත්තේ අප්පරජක්බේ මහාරජක්බේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ අප්පේකච්චේ පරලෝකවජ්ජභයදස්සාවිනේ විහරන්තේ, අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ විහරන්තේ අථ ඛ්වාහං රාජකුමාර, බ්‍රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසිං:

පින්වත් රාජකුමාරය, ඒ මහාබ්‍රහ්මයා ගේ අදහස මට අවබෝධ වුනා. සත්වයන් කෙරෙහි කරුණාවක් ම ඇතිවුනා. බුදුඇසින් මං ලෝකය දිහා බැලුවා. පින්වත් රාජකුමාරය, මං බුදුඇසින් ලෝකය දිහා බලද්දී ලෝක සත්වයන්ව දැක්කා. සමහරුන්ට කෙලෙස් අඩු යි. සමහරුන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහරුන් ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් හරි තියුණු යි. සමහරුන් ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් මෘදු යි. සමහරුන් ගේ ස්වභාවය යහපත්. සමහරුන් ගේ ස්වභාවය අයහපත්. සමහරුන්ට ඉතා පහසුවෙන් අවබෝධ කරවන්ට පුළුවනි. සමහරුන්ට අවබෝධ කරවන එක ලේසි නෑ. සමහරුන් තුළ පරලොවට ත්, වැරදි වලට ත් බය තියෙනවා. සමහරුන් පරලොවට ත් වැරදි වලට ත් බයක් නෑ.

මේ ලෝකසත්වයා ගේ ස්වභාවය මහනෙල් විලක් වගෙයි. නෙළුම් විලක් වගෙයි. සුදු නෙළුම් විලක් වගෙයි. ඒ විල්වල වතුරෙ හැදෙන සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා. ඒවා තවම මෝරගෙන එනවා. තවම වතුර ඇතුළෙ වැඩෙනවා. ඒ වගේ ම සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා, වතුරෙ හැදිලා, වතුරෙ වැඩිලා, වතුරෙ ම ගෑවි ගෑවී තියෙනවා. ඒ වගේ ම සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා, ඒවා වතුරෙ ම හැදිලා, වතුරෙන් උඩට ඇවිල්ලා, වතුරෙ නො ගෑවී තියෙනවා. පින්වත් රාජකුමාරය, ඔන්න ඔය විදිහට යි මං මේ ලෝකසත්වයා දිහා බුදුඇසින් බැලුවෙ. බලනකොට මං ලෝක සත්වයන් ගෙ ස්වභාවය හඳුනාගත්තා. සමහරු ඉන්නවා කෙලෙස් අඩු යි. සමහරුන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහරුන් ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් තියුණු යි. සමහරුන් ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් මෘදු යි. සමහරුන් යහපත්. සමහරු අයහපත්. සමහරුන්ට පහසුවෙන් අවබෝධ කරවන්ට පුළුවනි. සමහරුන්ට අවබෝධ කරවන එක ලේසි නෑ. සමහරුන් තුළ පරලොවට ත්, වැරදිවලට ත් භය යි. සමහරුන් පරලොවට ත් වැරදිවලට ත් භය නෑ. ඉතින් පින්වත් රාජකුමාරය, එතකොට මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.

“අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං
විහිංසසඤ්ඤී පගුණං න භාසිං
ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ”ති.

“ලොවෙහි ඒ නැණවතුන් හට අමා නිවනෙහි ද්වාරය මා විසින් විවෘත කරන ලද්දේ ය. සදහම් අසනු කැමැත්තෝ ශ්‍රද්ධාව මුදත්වා! පින්වත් බ්‍රහ්මය, මං මේ ප්‍රණීත වූ ධර්මය, මට මැනවින් ප්‍රගුණ වූ ධර්මය මිනිසුන්ට මෙතෙක් ප්‍රකාශ නො කළේ එය වෙහෙසක් ය යන අදහස නිසයි.”

අථ ඛෝ රාජකුමාර, බ්‍රහ්මා සහම්පති “කතාවකාසෝ ඛොම්හි භගවතා ධම්මදේසනායා”ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායි.

පින්වත් රාජකුමාරය, එතකොට සහම්පතී බ්‍රහ්මයා ‘භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නට ඉඩප්‍රස්ථා ඇති කළ සේක’ කියල මට වන්දනා කරලා, පැදකුණු කරලා එතන ම නො පෙනී ගියා.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “කස්ස නු ඛෝ අහං පඨමංධම්මං දේසෙය්‍යං, කෝ ඉමං ධම්මං ඛිප්පමේව ආජානිස්සතී”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “අයං ඛෝ ආළාරෝ කාලාමෝ පණ්ඩිතෝ වියත්තෝ මේධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකෝ, යන්නූනා’හං ආළාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දේසෙය්‍යං, සෝ ඉමං ධම්මං ඛිප්පමේව ආජානිස්සති”ති. අථ ඛෝ මං රාජකුමාර, දේවතා උපසංකමිත්වා ඒතදවෝච: “සත්තාහකාලංකතෝ භන්තේ, ආළාරෝ කාලාමෝ”ති ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි: “සත්තාහකාලංකතෝ ආළාරෝ කාලාමෝ”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “මහාජානියෝ ඛෝ ආළාරෝ කාලාමෝ, සචේ හි සෝ ඉමං ධම්මං සුණෙය්‍ය ඛිප්පමේව ආජානෙය්‍යා”ති.

පින්වත් රාජකුමාරය, එතකොට මං මෙහෙම හිතුවා. ‘කාටද මං ඉස්සෙල්ල ම ධර්මය දේශනා කරන්නේ? කවුද මේ ධර්මය ඉක්මනින් ම අවබෝධ කරන්නේ?’ කියල. පින්වත් රාජකුමාරය, ඒ වෙලාවෙ මට මෙහෙම හිතුනා. ‘මේ ආළාරකාලාම බුද්ධිමත්. ව්‍යක්ත යි. ප්‍රඥාවන්ත යි. බොහෝ කලක් කෙලෙස් අඩුවෙන් සිටිය කෙනෙක්. මං ආළාරකාලාමට තමයි ඉස්සෙල්ලා ම ධර්මය දේශනා කරන්නේ’ කියල. පින්වත් රාජකුමාරය, ඒ මොහොතේ දී දෙවිවරු මා ළඟට ඇවිදින් මෙහෙම කිව්වා. “ස්වාමීනී, හත් දවසකට කලින් ආළාරකාලාම මරණයට පත් වුනා’ කියලා. මට ත් ඒ ගැන අවබෝධ වුනා අළාරකාලාම සත් දවසකට පෙර මරණයට පත් වූ බව.

පින්වත් රාජකුමාරය, එතකොට මට ඔහු ගැන මෙහෙම හිතුනා. ‘අනේ! ආළාරකාලාම මහා අවාසනාවන්ත කෙනෙක්. ඇත්තෙන් ම ඔහු මේ ධර්මය ඇහුවා නම් වහා ම අවබෝධ කරගන්නවා.’

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “කස්ස නු ඛෝ අහං පඨමං ධම්මං දේසෙය්‍යං, කෝ ඉමං ධම්මං ඛිප්පමේව ආජානිස්සතී”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “අයං ඛෝ උදකෝ රාමපුත්තෝ පණ්ඩිතෝ වියත්තෝ මේධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකෝ යංනූනාහං උදකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දේසෙය්‍යං සෝ ඉමං ධම්මං ඛිප්පමේව ආජානිස්සතී”ති. අථ ඛෝ මං රාජකුමාර දේවතා උපසංකමිත්වා ඒතදවෝච: “අභිදෝසකාලංකතෝ භන්තේ උදකෝ රාමපුත්තෝ”ති. ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි: “අභිදෝසකාලංකතෝ උදකෝ රාමපුත්තෝ”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: මහාජානියෝ ඛෝ උදකෝ රාමපුත්තෝ, සචේ හි සෝ ඉමං ධම්මං සුණෙය්‍ය, ඛිප්පමේව ආජානෙය්‍යා”ති.

පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘එහෙමනම් දැන් කාටද මම ඉස්සෙල්ලා ම ධර්මය දේශනා කරන්නේ?’ පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘මේ රාමපුත්‍ර උද්දක බුද්ධිමත්. ව්‍යක්ත යි. ප්‍රඥාවන්ත යි. බොහෝ කාලයක් කෙලෙස් අඩුවෙන් හිටපු කෙනෙක්. මං රාමපුත්‍ර උද්දකට තමයි ඉස්සෙල්ලා ම ධර්මය දේශනා කරන්නට ඕන’ කියල. එතකොට ඔහු වහා ම මේ ධර්මය අවබෝධ කරගනීවි.’

නමුත් පින්වත් රාජකුමාරය, ඒ මොහොතේ දෙවිවරු මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ස්වාමීනී, ඊයේ රෑ රාමපුත්‍ර උද්දක මිය ගියා’ කියල. පින්වත් රාජකුමාරය, මට ත් ඒ ගැන අවබෝධ වුනා. ‘ඊයේ රෑ රාමපුත්‍ර උද්දක මිය ගියා’ කියල. මට ඔහු ගැන මෙහෙමයි හිතුනෙ. ‘අනේ! රාමපුත්‍ර උද්දක මහා අවාසනාවන්ත කෙනෙක්. ඇත්තෙන් ම ඔහු මේ ධර්මය ඇහුවා නම් වහා ම අවබෝධ කරගන්නවා’ කියල.

තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “කස්ස නු ඛෝ අහං පඨමං ධම්මං දේසෙය්‍යං, කෝ ඉමං ධම්මං ඛිප්පමේව ආජානිස්සතී”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “බහුකාරා ඛෝ මේ පඤ්චවග්ගියා භික්ඛූ යේ මං පධානපහිතත්තං උපට්ඨහිංසු යංනූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දේසෙය්‍යන්”ති. තස්ස මය්හං රාජකුමාර, ඒතදහෝසි: “කහං නු ඛෝ ඒතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තී”ති. අද්දසං ඛ්වාහං රාජකුමාර, දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන පඤ්චවග්ගියේ භික්ඛූ බාරාණසියං විහරන්තේ ඉසිපතනේ මිගදායේ. අථ ඛ්වාහං රාජකුමාර, උරුවේලායං යථාභිරන්තං විහරිත්වා යේන බාරාණසී තේන චාරිකං පක්කමිං. අද්දසා ඛෝ මං රාජකුමාර, උපකෝ ආජීවකෝ අන්තරා ච ගයං අන්තරා ච බෝධිං අද්ධානමග්ගප්පටිපන්නං. දිස්වාන මං ඒතදවෝච: “විප්පසන්නානි ඛෝ තේ ආවුසෝ ඉන්ද්‍රියානි, පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ, කංසි ත්වං ආවුසෝ උද්දිස්ස පබ්බජිතෝ, කෝ වා තේ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රෝචේසී”ති ඒවං වුත්තේ අහං රාජකුමාර, උපකං ආජීවකං ගාථාහි අජ්ඣභාසිං:

පින්වත් රාජකුමාරය, ඊට පස්සෙ මං මෙහෙම හිතුවා. ‘එහෙමනම් දැන් කාටද මම ඉස්සෙල්ලා ම ධර්මය දේශනා කරන්නේ? කවුද මේ ධර්මය ඉක්මනින් ම අවබෝධ කරන්නේ?’ පින්වත් රාජකුමාරය, එතකොට මට මෙහෙම හිතුනා. ‘මේ පස්වග භික්ෂූන් වහන්සේලා මට ගොඩාක් උපකාර කරල තියෙනවා. මං මහත් වෙහෙසක් ගෙන භාවනා කරද්දී මට උපස්ථාන කරල තියෙනවා. එහෙම නම් මං පස්වග භික්ෂූන්ට තමයි ඉස්සෙල්ලා ම ධර්මය දේශනා කරන්නට ඕන.’ එතකොට මං මෙහෙම හිතුවා. ‘දැන් ඒ පස්වග භික්ෂූන් වහන්සේලා කොහේද ඉන්නේ?’ පින්වත් රාජකුමාරය, මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් දැක්කා, ඒ පස්වග භික්ෂූන් වහන්සේලා ඉන්නෙ බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ කියලා.

පින්වත් රාජකුමාරය, මං උරුවේල ජනපදයේ කැමතිතාක් කල් ඉඳල බරණැස බලා පිටත් වුනා. පින්වත් රාජකුමාරය, උපක කියන තාපසයෙක් මාව දැක්කා. මං ඒ වෙලාවෙ හිටියේ ගයාවට ත්, බෝධියට ත් අතර. ඉතින් මාව දුටු ඔහු මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබ ගේ ඉඳුරන් හරී ම ප්‍රසන්න යි. ඔබ ගේ සමේ පැහැය ත් පිරිසිදු යි, බබලනවා. ඇත්තෙන් ම ඔබ කවුරුන් උදෙසා ද මහණ වුනේ? ඔබේ ශාස්තෘන් වහන්සේ කවුද? ඔබ කැමති කාගේ ධර්මයට ද?” කියල. එතකොට පින්වත් රාජකුමාරය, මං ඒ උපක තවුසාට ගාථා වලින් කියල දුන්නා.

“සබ්බාභිභූ සබ්බවිදූහමස්මි
සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ
සබ්බඤ්ජහෝ තණ්හාක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං

මම සියලු අකුසල් මැඩලූ කෙනෙක්. මම සියලු දෙය ම අවබෝධ කළ කෙනෙක්. මම සෑමදේකට ම නො ඇලුන කෙනෙක්. සෑම ක්ලේශයක් ම අත්හළ කෙනෙක්. තණ්හාව ක්ෂය වීමෙන් ලත් විමුක්තියට පත් වූ කෙනෙක්. මා තුළ ඇති වුන අවබෝධ ඥානයෙන් මේ සියල්ල දැනගත් මං කවර ගුරුවරයෙක් නම් සොයන්ට ද?

න මේ ආචරියෝ අත්ථි සදිසෝ මේ න විජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි මේ පටිපුග්ගලෝ

මට ගුරුවරයෙක් නෑ. මට සමාන කෙනෙකු ත් නෑ. මේ දෙවියන් සහිත ලෝකයේ මට සමාන කෙනෙක් සොයාගන්ට ත් නෑ.

අහං හි අරහා ලෝකේ අහං සත්ථා අනුත්තරෝ
ඒකොම්හි සම්මාසම්බුද්ධෝ සීතිභූතොස්මි නිබ්බුතෝ

මම වනාහී ලොවෙහි රහතන් වහන්සේ වෙමි. මම වනාහී අනුත්තර වූ ශාස්තෘවරයාණන් වෙමි. හුදෙකලාවේ ම තනිව ම සම්මාසම්බුද්ධත්වයට පත් වූ මම තෘෂ්ණාව ක්ෂය වීම හේතුවෙන් සිහිල් ව නිවී ගිය කෙනෙක් වෙමි.

ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං
අන්ධභූතස්මිං ලෝකස්මිං ආහඤ්ඡං ආහඤ්ඤිං අමතදුන්දුභිං”ති.

චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ දහම් රෝදය කරකවා ලන්නට කසී රට බරණැසට යමි. අවිද්‍යා අන්ධකාරයෙන් යුතු ලෝකය තුළ අමාබෙරය වයන්නෙමි.”

යථා ඛෝ ත්වං ආවුසෝ පටිජානාසි අරහසි අනන්තජිනෝ”ති,

එතකොට “ආයුෂ්මතුන් වහන්ස, ඔබ වහන්සේ යම් අයුරකින් ප්‍රතිඥා දෙත් නම් ඔබවහන්සේ ‘අනන්තජින’ යැයි කියන්නට සුදුසුවන්නහු ය.”

“මාදිසා වේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයං
ජිතා මේ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනෝ”ති.

යම් කෙනෙක් ආශ්‍රවයන් ක්ෂය වීමකට පත් වුනා නම්, මා බඳු ඔවුන් ඒකාන්තයෙන් ම ජින නම් වෙනවා. මා විසින් පාපී අකුසල ධර්මයන් දිනන ලද්දේ ය. එහෙයින් උපකය, මම ජින නම් වෙමි.”

ඒවං වුත්තේ රාජකුමාර, උපකෝ ආජීවකෝ “හූවෙය්‍ය පාවුසෝ”ති වත්වා සීසං ඕකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.

පින්වත් රාජකුමාරය, මෙසේ පැවසූ විට උපක ආජිවකයා “ආයුෂ්මතුන් වහන්ස, එසේත් වන්නට පුළුවනි” කියා හිස සළා වෙනත් මාර්ගයකින් නික්ම ගියා.

අථ ඛ්වාහං රාජකුමාර, අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන බාරාණසී ඉසිපතනං මිගදායෝ යේන පඤ්චවග්ගියා භික්ඛූ තේනුපසංකමිං. අද්දසංසු ඛෝ මං රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ දූරතෝ’ව ආගච්ඡන්තං දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපේසුං: “අයං ඛෝ ආවුසෝ සමණෝ ගෝතමෝ ආගච්ඡති බාහුල්ලිකෝ පධානවිබ්භන්තෝ ආවත්තෝ බාහුල්ලාය. සෝ නේව අභිවාදේතබ්බෝ, න පච්චුට්ඨාතබ්බෝ, නාස්ස පත්තචීවරං පටිග්ගහේතබ්බං, අපි ච ඛෝ ආසනං ඨපේතබ්බං සචේ ආකංඛිස්සති නිසීදිස්සතී”ති. යථා යථා ඛෝ අහං රාජකුමාර, පඤ්චවග්ගියේ භික්ඛූ උපසංකමාමි, තථා තථා පඤ්චවග්ගියා භික්ඛූ නාසක්ඛිංසු සකාය කතිකාය සණ්ඨාතුං අප්පේකච්චේ මං පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහේසුං. අප්පේකච්චේ ආසනං පඤ්ඤපේසුං. අප්පේකච්චේ පාදෝදකං උපට්ඨපේසුං. අපි ච ඛෝ මං නාමේන ච ආවුසෝවාදේන ච සමුදාචරන්ති. ඒවං වුත්තේ අහං රාජකුමාර, පඤ්චවග්ගියේ භික්ඛූ ඒතදවෝචං: ‘මා භික්ඛවේ තථාගතං නාමේන ච ආවුසෝවාදේන ච සමුදාචරිත්ථ අරහං භික්ඛවේ තථාගතෝ සම්මාසම්බුද්ධෝ ඕදහථ භික්ඛවේ සෝතං, අමතමධිගතං, අහමනුසාසාමි, අහං ධම්මං දේසේමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

ඉතින් පින්වත් රාජකුමාරය, මං අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් බරණැස ඉසිපතනය මිගදායට පැමිණුනා. පස්වග භික්ෂූන් වහන්සේලා වෙත පැමිණුනා. පස්වග භික්ෂූන් වහන්සේලා මාව දුර දී ම දැක්කා. දැකල ඔවුනොවුන් මෙහෙම කතා වුනා. “ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එනවා. දැන් ඔහු සිව්පසය බහුල කෙනෙක්. ප්‍රධන් වීර්යය කණපිට හරවාගත්තු කෙනෙක්. සිව්පසයෙහි බහුල බවට කරකැවී පත් වුනා. අපි ඔහුට වඳින්නට ඕන නෑ. උපස්ථාන කරන්නට ඕන නෑ. ඔහු ගේ පාත්‍රසිවුරු පිළිගන්නට ඕන නෑ. අපි ආසනයක් විතරක් පිළියෙල කරමු. කැමති නම් ඉතින් වාඩිවෙන්නෙ නැතැ”යි කියල. නමුත් පින්වත් රාජකුමාරය, මං ළං වෙද්දී ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට කතා බස් කරගත්තු කතිකාවතට අනුව ඉන්නට බැරිව ගියා. එක් කෙනෙක් ඉස්සරහට ඇවිත් පාත්‍ර-සිවුරු පිළිගත්තා. තව කෙනෙක් ආසනයක් පිළියෙල කළා. තව කෙනෙක් පා දොවන්නට පැන් පිළියෙල කළා. නමුත් මට කතා කළේ ‘ආයුෂ්මතුනි’ කියල යි.

පින්වත් රාජකුමාරය, මං එතකොට ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට මෙහෙම කිව්වා. “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට නමින් වත් ‘ආයුෂ්මතුනි’ කියල වත් අමතන්න එපා! තථාගතයන් වහන්සේ අරහත් කෙනෙක්. සම්මා සම්බුදුවරයෙක්. පින්වත් මහණෙනි, හොඳට අහගන්න. මට අමෘතය හම්බ වුනා! මං ඔබට කියා දෙන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. මං කියා දෙන විදිහට ම පිළිපැද්දොත් යම් කුලපුත්‍රයන් ගිහි ජීවිතය අතහැරල යම් උතුම් අර්ථයක් පිණිස ශ්‍රමණ ජීවිතයට පැමිණෙනව ද, අන්න ඒ අයට ඉතා ම සුළු කලකින් මේ අනුත්තර වූ බඹසර මග සම්පූර්ණ කරගෙන ඉතා ම සුළු කලකින් තමන් ගේ ම අවබෝධඥානයෙන් උතුම් වූ අරහත්වයට පැමිණෙන්නට පුළුවනි” කියල.

ඒවං වුත්තේ රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං ඒතදවෝචුං: “තාය’පි ඛෝ ත්වං ආවුසෝ ගෝතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං, කිං පන ත්වං ඒතරහි බාහුලිකෝ පධානවිබ්භන්තෝ ආවට්ටෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේස”න්ති. ඒවං වුත්තේ අහං රාජකුමාර, පඤ්චවග්ගියේ භික්ඛූ ඒතදවෝචං: “න භික්ඛවේ තථාගතෝ බාහුල්ලිකෝ න පධානවිබ්භන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මාසම්බුද්ධෝ ඕදහථ භික්ඛවේ සෝතං, අමතමධිගතං අහමනුසාසාමි. අහං ධම්මං දේසේමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සේ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති. දුතියම්පි ඛෝ රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං ඒතදවෝචුං: “තාය’පි ඛෝ ත්වං ආවුසෝ ගෝතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං. කිං පන ත්වං ඒතරහි බාහුල්ලිකෝ පධානවිබ්භන්තෝ ආවත්තෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේස”න්ති. දුතියම්පි ඛෝ අහං රාජකුමාර, පඤ්චවග්ගියේ භික්ඛූ ඒතදවෝචං: “න භික්ඛවේ තථාගතෝ බාහුල්ලිකෝ න පධානවිබ්භන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මාසම්බුද්ධෝ ඕදහථ භික්ඛවේ සෝතං අමතමධිගතං, අහමනුසාසාමි අහං ධම්මං දේසේමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සේ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති. තතියම්පි ඛෝ රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං ඒතදවෝචුං: “තාය’පි ඛෝ ත්වං ආවුසෝ ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං. කිං පන ත්වං ඒතරහි බාහුල්ලිකෝ පධානවිබ්භන්තෝ ආවත්තෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේස”න්ති. ඒවං වුත්තේ අහං රාජකුමාර, පඤ්චවග්ගියේ භික්ඛූ ඒතදවෝචං: අභිජානාථ මේ නෝ තුම්හේ භික්ඛවේ ඉතෝ පුබ්බේ ඒවරූපං වබ්භාවිතමේත’න්ති. නෝ හේතං භන්තේ. න භික්ඛවේ තථාගතෝ බාහුලිකෝ, න පධානවිබ්භන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මාසම්බුද්ධෝ, ඕදහථ භික්ඛවේ සෝතං, අමතමධිගතං අහමනුසාසාමි, අහං ධම්මං දේසේමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සේ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

පින්වත් රාජකුමාරය, මං එහෙම කිව්ව ම පස්වග භික්ෂූන් වහන්සේලා මට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, ඔබ අච්චර දුෂ්කර ක්‍රියාවල යෙදිල ත්, අච්චර දුෂ්කර ඉරියව්වල යෙදිල ත්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරගන්නට ඔබට බැරුව ගියා නෙව. ඉතිං එහෙම එකේ දැන් ඔය ප්‍රත්‍ය බහුල බවට පත්වෙලා, ප්‍රධන් වීරිය කණපිට හරවා ගෙන, සිව්පස බහුල පැත්තට ම කැරකී ඇවිදින් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කළා ද?”

පින්වත් රාජකුමාරය, එසේ පැවසූ විට පස් වග භික්ෂූන් වහන්සේලාට මං මෙය පැවසුවා. “පින්වත් මහණෙනි, තථාගතයන් ප්‍රත්‍ය බහුල බවට පත් වී නැහැ. ප්‍රධන් වීරිය කණපිට හරවා ගෙන ත් නැහැ. සිව්පස බහුල පැවැත්මකට කැරකිලා ඇවිදිනුත් නැහැ. පින්වත් මහණෙනි, තථාගතයන් අරහත්වයට පත්වෙල යි ඉන්නෙ. සම්මා සම්බුද්ධත්වයට පත්වෙල යි ඉන්නෙ. පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න, මං ඒ අමා නිවන සාක්ෂාත් කළා. මා අනුශාසනා කරන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. යම් අයුරකින් මා අනුශාසනා කරයි ද, ඒ අයුරින් පිළිපදිනා කෙනෙකුට නොබෝ කලකින් ම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට ඔබ ත් වාසය කරන්න.”

පින්වත් රාජකුමාරය, දෙවෙනි වතාවට ත් පස්වග භික්ෂූන් වහන්සේලා මට මෙය පැවසුවා. “ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, ඔබ අච්චර දුෂ්කර ක්‍රියාවල යෙදිල ත්, අච්චර දුෂ්කර ඉරියව්වල යෙදිල ත්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරගන්නට ඔබට බැරුව ගියා නෙව. ඉතිං එහෙම එකේ දැන් ඔය ප්‍රත්‍ය බහුල බවට පත්වෙලා, ප්‍රධන් වීරිය කණපිට හරවා ගෙන, සිව්පස බහුල පැත්තට ම කැරකී ඇවිදින් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කළා ද?”

පින්වත් රාජකුමාරය, දෙවන වතාවට ත් පස් වග භික්ෂූන් වහන්සේලාට මං මෙය කිව්වා. “පින්වත් මහණෙනි, තථාගතයන් ප්‍රත්‍ය බහුල බවට පත් වී නැහැ. ප්‍රධන් වීරිය කණපිට හරවා ගෙන ත් නැහැ. සිව්පස බහුල පැවැත්මකට කැරකිලා ඇවිදිනුත් නැහැ. පින්වත් මහණෙනි, තථාගතයන් අරහත්වයට පත්වෙල යි ඉන්නෙ. සම්මා සම්බුද්ධත්වයට පත්වෙල යි ඉන්නෙ. පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න, මං ඒ අමා නිවන සාක්ෂාත් කළා. මා අනුශාසනා කරන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. යම් අයුරකින් මා අනුශාසනා කරයි ද, ඒ අයුරින් පිළිපදිනා කෙනෙකුට නොබෝ කලකින් ම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට ඔබ ත් වාසය කරන්න.”

පින්වත් රාජකුමාරය, තුන්වෙනි වතාවට ත් පස්වග භික්ෂූන් වහන්සේලා මට මෙය පැවසුවා. “ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, ඔබ අච්චර දුෂ්කර ක්‍රියාවල යෙදිල ත්, අච්චර දුෂ්කර ඉරියව්වල යෙදිල ත්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරගන්නට ඔබට බැරුව ගියා නෙව. ඉතිං එහෙම එකේ දැන් ඔය ප්‍රත්‍ය බහුල බවට පත්වෙලා, ප්‍රධන් වීරිය කණපිට හරවා ගෙන, සිව්පස බහුල පැත්තට ම කැරකී ඇවිදින් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කළා ද?”

පින්වත් රාජකුමාරය, මෙසේ පැවසූ විට පස් වග භික්ෂූන් වහන්සේලාට මං මෙය පැවසුවා. “පින්වත් මහණෙනි, මෙයට පෙර මෙබඳු ආකාර වූ මෙම ප්‍රකාශය මා විසින් ඔබට කියා තිබෙන බවක් දන්නවා ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.” “එම නිසා පින්වත් මහණෙනි, තථාගතයන් ප්‍රත්‍ය බහුල බවට පත් වී නැහැ. ප්‍රධන් වීරිය කණපිට හරවා ගෙන ත් නැහැ. සිව්පස බහුල පැවැත්මකට කැරකිලා ඇවිදිනුත් නැහැ. පින්වත් මහණෙනි, තථාගතයන් අරහත්වයට පත්වෙල යි ඉන්නෙ. සම්මා සම්බුද්ධත්වයට පත්වෙල යි ඉන්නෙ. පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න, මං ඒ අමා නිවන සාක්ෂාත් කළා. මා අනුශාසනා කරන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. යම් අයුරකින් මා අනුශාසනා කරයි ද, ඒ අයුරින් පිළිපදිනා කෙනෙකුට නොබෝ කලකින් ම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට ඔබ ත් වාසය කරන්න.”

අසක්ඛිං ඛෝ අහං රාජකුමාර, පඤ්චවග්ගියේ භික්ඛූ සඤ්ඤාපේතුං, ද්වේ’පි සුදං රාජකුමාර, භික්ඛූ ඕවදාමි තයෝ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයෝ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති, තේන ඡබ්බග්ගියා යාපේම. තයෝ’පි සුදං රාජකුමාර, භික්ඛූ ඕවදාමි, ද්වේ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වේ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති. තේන ඡබ්බග්ගියා යාපේම. අථ ඛෝ රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මයා ඒවං ඕවදියමානා ඒවං අනුසාසියමානා නචිරස්සේ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසූ’ති.

පින්වත් රාජකුමාරය, ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට මෙය පැහැදිලි කර දෙන්නට මට පුළුවන් වුනා. ඉතින් පින්වත් රාජකුමාරය, මං භික්ෂූන් දෙනමකට අවවාද කරනවා. එතකොට භික්ෂූන් තුන් නමක් පිණ්ඩපාතෙ වඩිනවා. ඒ භික්ෂූන් තුන් නම පිඬු පිණිස හැසිර යමක් රැගෙන එනවා ද, එයින් අපි හය දෙනා ම යැපුනා. පින්වත් රාජකුමාරය, මං භික්ෂූන් තුන් නමකට අවවාද කරනවා. එතකොට භික්ෂූන් දෙනමක් පිණ්ඩපාතෙ වඩිනවා. ඒ භික්ෂූන් දෙනම පිඬු පිණිස හැසිර යමක් රැගෙන එනවා ද, එයින් අපි හය දෙනා ම යැපුනා.

මෙසේ පින්වත් රාජකුමාරය, ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට මා විසින් ඔය විදිහට අවවාද කරද්දී, අනුශාසනා කරද්දී යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම නොබෝ කලකින් ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට වාසය කළා.”

ඒවං වුත්තේ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච: ‘කීවචිරේන නු ඛෝ භන්තේ, භික්ඛු තථාගතං විනායකං ලභමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’ති.

මෙසේ වදාළ විට බෝධිරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමක ගේ ඇසුර ලබන භික්ෂූන් වහන්සේලා යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම නොබෝ කලකින් ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට වාසය කරනවා නම්, එය ලබා ගන්නට කොපමණ කලක් ගත වේවි ද?”

තේන හි රාජකුමාර, තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි යථා තේ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි තං කිං මඤ්ඤසි රාජකුමාර, කුසලෝ ත්වං හත්ථාරුය්හේ අංකුසගය්හේ සිප්පේති? ඒවං භන්තේ, කුසලෝ අහං හත්ථාරුය්හේ අංකුසගය්හේ සිප්පේති. තං කිං මඤ්ඤසි රාජකුමාර, ඉධ පුරිසෝ ආගච්ඡෙය්‍ය ‘බෝධි රාජකුමාරෝ හත්ථාරූළ්හං අංකුසගය්හං සිප්පං ජානාති. තස්සාහං සන්තිකේ හත්ථාරූළ්හං අංකුසගය්හං සිප්පං සික්ඛිස්සාමීති. සෝ චස්ස අස්සද්ධෝ. යාවතකං සද්ධේන පත්තබ්බං, තං න සම්පාපුණෙය්‍ය. සෝ චස්ස බව්හාබාධෝ, යාවතකං අප්පාබාධේන පත්තබ්බං, තං න සම්පාපුණෙය්‍ය. සෝ චස්ස සඨෝ මායාවී, යාවතකං අසඨේන අමායාවිනා පත්තබ්බං, තං න සම්පාපුණෙය්‍ය. සෝ චස්ස කුසීතෝ, යාවතකං ආරද්ධවීරියේන පත්තබ්බං, තං න සම්පාපුණෙය්‍ය, සෝ චස්ස දුප්පඤ්ඤෝ, යාවතකං පඤ්ඤවතා පත්තබ්බං, තං න සම්පාපුණෙය්‍ය. තං කිං මඤ්ඤසි රාජකුමාර, අපි නු සෝ පුරිසෝ තව සන්තිකේ හත්ථාරුය්හං අංකුසගය්හං සිප්පං සික්ඛෙය්‍යාති? ඒකමේකේනපි භන්තේ, අංගේන සමන්නාගතෝ සෝ පුරිසෝ න මම සන්තිකේ හත්ථාරුය්හං අංකුසගය්හං සිප්පං සික්ඛෙය්‍ය. කෝ පන වාදෝ පඤ්චහංගේහීති.

“එසේ වී නම් පින්වත් රාජකුමාරය, ඔබ ගෙන් ම මං මෙය අසන්නම්. ඔබ යම් අයුරකින් කැමති නම් ඒ අයුරින් පිළිතුරු දෙන්න. පින්වත් රාජකුමාරය, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඔබ ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි දක්ෂ කෙනෙක් නේ ද?” “එසේය ස්වාමීනී මං ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි දක්ෂ කෙනෙක් තමයි.” “පින්වත් රාජකුමාරය, ඒ ගැන කුමක් ද සිතන්නේ? එතකොට මෙහිලා පුරුෂයෙක් එනවා. ‘බෝධිරාජකුමාරයා ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි දක්ෂයි. ඉතින් මං ඔහු සමීපයෙහි ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පය ඉගෙන ගන්නට ඕන’ කියල.

නමුත් ඔහුට ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාවෙන් යම්තාක් පැමිණිය යුතු ශිල්පයක් වේ නම්, ඔහුට එය ලැබෙන්නෙ නෑ. ඒ වගේ ම ඔහු නිරන්තරයෙන් ම රෝගී වන කෙනෙක්. අල්පාබාධ ඇති කෙනෙක් ලැබිය යුතු යම් ශිල්පයක් වේ නම් එය ඔහුට ලැබෙන්නෙත් නෑ. ඒ වගේ ම ඔහු ශඨකපට මායා ඇති කෙනෙක්. ශඨ නොවූ, කපටි නොවූ, මායා නැති කෙනෙක් ලැබිය යුතු යම් ශිල්පයක් වෙයි නම් එය ඔහුට ලැබෙන්නෙත් නෑ. ඒ වගේ ම ඔහු කුසීත කෙනෙක්. පටන්ගත් වීරිය ඇති කෙනෙකුට ලැබිය යුතු යම් ශිල්පයක් ඇත්නම් එය ඔහුට ලැබෙන්නෙත් නෑ. ඒ වගේ ම ඔහු දුෂ්ප්‍රාඥ කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙකුට ලැබිය යුතු යම් ශිල්පයක් ඇත්නම් එය ඔහුට ලැබෙන්නෙත් නෑ.

පින්වත් රාජකුමාරය, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඉතින් ඒ පුද්ගලයා ඔබ සමීපයට පැමිණ, ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි පුහුණු වේවි ද?” “ස්වාමීනී, ඔය එක එක අංගයකින් වුණත් සමන්විත වූ පුද්ගලයෙක් මා ළඟට ආවොත් ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි පුහුණු වෙන්නෙ නම් නැහැ. ඒ අංග පහ ම තියෙන පුද්ගලයා ගැන කවර කතා ද?”

තං කිං මඤ්ඤසි රාජකුමාර, ඉධ පුරිසෝ ආගච්ඡෙය්‍ය ‘බෝධිරාජකුමාරෝ හත්ථාරූළ්හං අංකුසගය්හං සිප්පං ජානාති. තස්සාහං සන්තිකේ හත්ථාරූළ්හං අංකුසගය්හං සිප්පං සික්ඛිස්සාමීති සෝ චස්ස සද්ධෝ යාවතකං සද්ධේන පත්තබ්බං, තං සම්පාපුණෙය්‍ය. සෝ චස්ස අප්පාබාධෝ, යාවතකං අප්පාබාධේන පත්තබ්බං, තං සම්පාපුණෙය්‍ය. සෝ චස්ස අසඨෝ අමායාවී, යාවතකං අසඨේන අමායාවිනා පත්තබ්බං, තං සම්පාපුණෙය්‍ය. සෝ චස්ස ආරද්ධවිරියෝ යාවතකං ආරද්ධවීරියේන පත්තබ්බං තං සම්පාපුණෙය්‍ය. සෝ චස්ස පඤ්ඤවා යාවතකං පඤ්ඤවතා පත්තබ්බං, තං සම්පාපුණෙය්‍ය. තං කිං මඤ්ඤසි රාජකුමාර, අපි නු සෝ පුරිසෝ තව සන්තිකේ හත්ථාරුය්හං අංකුසගය්හං සිප්පං සික්ඛෙය්‍යාති? ඒකමේකේනපි භන්තේ, අංගේන සමන්නාගතෝ සෝ පුරිසෝ මම සන්තිකේ හත්ථාරුය්හං අංකුසගය්හං සිප්පං සික්ඛෙය්‍ය කෝ පන වාදෝ පඤ්චහංගේහීති.

“පින්වත් රාජකුමාරය, ඒ ගැන කුමක් ද සිතන්නේ? එතකොට මෙහිලා පුරුෂයෙක් එනවා. ‘බෝධිරාජකුමාරයා ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි දක්ෂයි. ඉතින් මං ඔහු සමීපයෙහි ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පය ඉගෙන ගන්නට ඕන’ කියල.

ඉතින් ඔහුට ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාවෙන් යම්තාක් පැමිණිය යුතු ශිල්පයක් වේ නම්, ඔහුට එය ලැබෙනවා. ඒ වගේ ම ඔහු අල්පාබාධ කෙනෙක්. අල්පාබාධ ඇති කෙනෙක් ලැබිය යුතු යම් ශිල්පයක් වේ නම් එය ත් ඔහුට ලැබෙනවා. ඒ වගේ ම ඔහු ශඨකපට මායා නැති කෙනෙක්. ශඨ නොවූ, කපටි නොවූ, මායා නැති කෙනෙක් ලැබිය යුතු යම් ශිල්පයක් වෙයි නම් එය ත් ඔහුට ලැබෙනවා. ඒ වගේ ම ඔහු පටන්ගත් වීරිය ඇති කෙනෙක්. පටන්ගත් වීරිය ඇති කෙනෙකුට ලැබිය යුතු යම් ශිල්පයක් ඇත්නම් එය ත් ඔහුට ලැබෙනවා. ඒ වගේ ම ඔහු ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙකුට ලැබිය යුතු යම් ශිල්පයක් ඇත්නම් එය ත් ඔහුට ලැබෙනවා.

පින්වත් රාජකුමාරය, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඉතින් ඒ පුද්ගලයා ඔබ සමීපයට පැමිණ, ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි පුහුණු වේවි ද?” “ස්වාමීනී, ඔය එක එක අංගයකින් වුනත් සමන්විත වූ පුද්ගලයෙක් මා ළඟට ආවොත් ඇතුන් පිට නැගීම පිළිබඳව හෙණ්ඩුව හැසිරවීමෙහිලා වූ හස්ති ශිල්පයෙහි පුහුණු වෙනවා ම යි. ඒ අංග පහ ම තියෙන පුද්ගලයා ගැන කවර කතා ද?”

ඒවමේව ඛෝ රාජකුමාර, පඤ්චිමානි පධානියංගානි. කතමානි පඤ්ච? ඉධ රාජකුමාර, භික්ඛු සද්ධෝ හෝති. සද්දහති තථාගතස්ස බෝධිං ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨෝ හෝති අමායාවී යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු. ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු. පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා ඉමානි ඛෝ රාජකුමාර, පඤ්ච පධානියංගානි. ඉමේහි රාජකුමාර, පඤ්චහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු තථාගතං විනායකං ලභමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය සත්ත වස්සානි.

පින්වත් රාජකුමාරය, ඔය විදිහම තමයි, ප්‍රධන් වීරිය ඇතිවීම පිණිස අංග පහක් තිබෙනවා. කවර පහක් ද යත්; පින්වත් රාජකුමාරය, මෙහිලා භික්ෂුව, ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ කියන්නෙ තථාගතයන් වහන්සේ ගේ අවබෝධය අදහා ගන්නවා. ‘මේ මේ කරුණින් භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවත් වන සේක’ කියල.

ඒ වගේ ම භික්ෂුව අල්පාබාධ ඇති කෙනෙක්. දුක් අඩු කෙනෙක්. ඉතා ශීත ත් නො වූ, ඉතා ඌෂ්ණ ත් නො වූ, මධ්‍යස්ථ වූ ප්‍රධන් වීරියට සරිලන පරිදි සම සේ දිරවන ග්‍රහණියකින් යුතු වෙනවා.

ඒ වගේ ම භික්ෂුව ශඨ නැති, මායා නැති කෙනෙක්. තම ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්චාරීන් වහන්සේලාට හෝ තමන් ගේ සැබෑ ස්වභාවය ප්‍රකට කොට පවසන කෙනෙක් වෙනවා.

ඒ වගේ ම භික්ෂුව පටන්ගත් වීරිය ඇති කෙනෙක්. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ත්, උපදවා ගත් දෘඪතර වීරියෙන් යුතු වෙනවා. දැඩි පරාක්‍රමයෙන් යුතු වෙනවා. කුසල් දහම් පිළිබඳව අත්නොහළ වීරියෙන් යුතු වෙනවා.

ඒ වගේ ම භික්ෂුව ප්‍රඥාවන්ත කෙනෙක්. ආර්ය වූ, කළකිරීමට නිසි වූ මනාව දුක් ක්ෂය කරන්නා වූ, අනිත්‍යාවබෝධය ඇති කරන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා.

පින්වත් රාජකුමාරය, මේවා තමයි මාර්ගඵලාවබෝධය පිණිස වීරිය ගත යුතු කෙනෙකු ගේ අංග පහ. පින්වත් රාජකුමාරය, මේ පංචපධානීය අංග වලින් සමන්විත වූ භික්ෂුවක් සිටිනවා නම්, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමක ගේ ඇසුර ලබන ඒ භික්ෂුව, සත් අවුරුද්දක් ඇතුළත, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට වාසය කරනවා.

තිට්ඨන්තු රාජකුමාර, සත්තවස්සානි. ඉමේහි පඤ්චහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු ….(පෙ)…. විහරෙය්‍ය ඡ වස්සානි ….(පෙ)…. පඤ්ච වස්සානි ….(පෙ)…. චත්තාරි වස්සානි ….(පෙ)…. තීණි වස්සානි ….(පෙ)…. ද්වේ වස්සානි ….(පෙ)…. ඒකං වස්සං. තිට්ඨතු රාජකුමාර, ඒකං වස්සං. ඉමේහි පඤ්චහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු ….(පෙ)…. විහරෙය්‍ය සත්ත මාසානි. තිට්ඨන්තු රාජකුමාර, සත්ත මාසානි ඉමේහි පඤ්චහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු ….(පෙ)…. විහරෙය්‍ය ඡ මාසානි ….(පෙ)…. පඤ්ච මාසානි ….(පෙ)…. චත්තාරි මාසානි ….(පෙ)…. තීණි මාසානි ….(පෙ)…. ද්වේ මාසානි ….(පෙ)…. ඒකං මාසං ….(පෙ)…. අද්ධමාසං.

පින්වත් රාජකුමාරය, සත්වසරක් තිබේවා. මේ පංචපධානීය අංගයන් ගෙන් සමන්විත වූ භික්ෂුවක් ….(පෙ)…. සය වසක් ඇතුළත ….(පෙ)…. පස් වසක් ඇතුළත ….(පෙ)…. සිව් වසක් ඇතුළත ….(පෙ)…. තුන් වසක් ඇතුළත ….(පෙ)…. දෙවසක් ඇතුළත ….(පෙ)…. පින්වත් රාජකුමාරය, මේ පංචපධානීය අංගයන්ගෙන් සමන්විත භික්ෂුව එක්වසක් ඇතුළත ….(පෙ)…. පින්වත් රාජකුමාරය, එක්වසක් තිබේවා. මේ පංචපධානීය අංගයන්ගෙන් සමන්විත භික්ෂුව ….(පෙ)…. සත් මසක් තුළ ….(පෙ)…. සය මසක් තුළ ….(පෙ)…. පස් මසක් තුළ ….(පෙ)…. සිව් මසක් තුළ ….(පෙ)…. තුන් මසක් ….(පෙ)…. දෙමසක් තුළ ….(පෙ)…. පින්වත් රාජකුමාරය, අඩ මසක් තුළ ….(පෙ)…. සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට වාසය කරනවා.

තිට්ඨතු රාජකුමාර, අද්ධමාසෝ. ඉමේහි පඤ්චහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු තථාගතං විනායකං ලභමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය සත්ත රත්තින්දිවානි.

පින්වත් රාජකුමාරය, අඩමසක් තිබේවා. මේ පංචපධානීය අංග වලින් සමන්විත වූ භික්ෂුවක් සිටිනවා නම්, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමක ගේ ඇසුර ලබන ඒ භික්ෂුව, සත් දිනක් ඇතුළත, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට වාසය කරනවා.

තිට්ඨන්තු රාජකුමාර, සත්ත රත්තින්දිවානි. ඉමේහි පඤ්චහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු තථාගතං විනායකං ලභමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය ඡ රත්තින්දිවානි: ….(පෙ)…. පඤ්ච රත්තින්දිවානි ….(පෙ)…. චත්තාරි රත්තින්දිවානි ….(පෙ)…. තීණි රත්තින්දිවානි ….(පෙ)…. ද්වේ රත්තින්දිවානි ….(පෙ)…. ඒකං රත්තින්දිවං.

පින්වත් රාජකුමාරය, සත් දිනක් තිබේවා. මේ පංචපධානීය අංග වලින් සමන්විත වූ භික්ෂුවක් සිටිනවා නම්, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමක ගේ ඇසුර ලබන ඒ භික්ෂුව, සය දිනක් ඇතුළත, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත් නම්, අන්න ඒ අර්ථය මෙහි දී ම බඹසර වාසය සම්පූර්ණ කිරීමෙන් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් සාක්ෂාත් කොට වාසය කරනවා. ….(පෙ)…. පස් දිනක් ඇතුළත ….(පෙ)…. සිව් දිනක් ඇතුළත ….(පෙ)…. තුන් දිනක් ඇතුළත ….(පෙ)…. දෙදිනක් ඇතුළත ….(පෙ)…. එක් රෑ දවාලක් ඇතුළත ….(පෙ)…. සාක්ෂාත් කොට වාසය කරනවා.

තිට්ඨතු රාජකුමාර, ඒකං රත්තින්දිවං, ඉමේහි පඤ්චහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු තථාගතං විනායකං ලභමානෝ සායමනුසිට්ඨෝ පාතෝ විසේසං අධිගමිස්සති. පාතමනුසිට්ඨෝ සායං විසේසං අධිගමිස්සතීති.

පින්වත් රාජකුමාරය, එක් රෑ දවාලක් තිබේවා. මේ පංචපධානීය අංග වලින් සමන්විත වූ භික්ෂුවක් සිටිනවා නම්, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමක ගේ ඇසුර ලබන ඒ භික්ෂුවට සවසට අනුශාසනාව ලැබෙනවා. පසුවදා උදේ වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා. උදේ අනුශාසනාව ලැබෙනවා. සවස් වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා.”

ඒවං වුත්තේ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච: අහෝ බුද්ධෝ, අහෝ ධම්මෝ, අහෝ ධම්මස්ස ස්වාක්ඛාතතා, යත්‍ර හි නාම සායමනුසිට්ඨෝ පාතෝ විසේසං අධිගමිස්සති, පාතමනුසිට්ඨෝ සායං විසේසං අධිගමිස්සතීති.

මෙසේ වදාළ විට බෝධිරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “අහෝ! බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යය යි. අහෝ! ශ්‍රී සද්ධර්මයෙහි ඇති මනාකොට දෙසන ලද බව ඒකාන්තයෙන් ම ආශ්චර්යය යි. සවස අනුශාසනාව ලබා උදේ වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා නෙව. උදේ අනුශාසනාව ලබා සවස් වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා නෙව.”

ඒවං වුත්තේ සඤ්ජිකාපුත්තෝ මාණවෝ බෝධිං රාජකුමාරං ඒතදවෝච: ඒවමේව පනායං භවං බෝධි අහෝ බුද්ධෝ, අහෝ ධම්මෝ, අහෝ ධම්මස්ස ස්වාක්ඛාතතාති ච වදේති. අථ ච පන න තං භවන්තං ගෝතමං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසංඝඤ්චාති.

මෙසේ පැවසූ විට සඤ්ජිකාපුත්‍ර මාණවකයා බෝධිරාජකුමාරයාට මෙය පැවසුවා. “භවත් බෝධි කුමාරාණන්, මේ අයුරින් ‘අහෝ! බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යය යි. අහෝ! ශ්‍රී සද්ධර්මයෙහි ඇති මනාකොට දෙසන ලද බව ඒකාන්තයෙන් ම ආශ්චර්යය යි’ කියා කියනවා. නමුත් තවම ඔබ ඒ භවත් ගෞතමයන් වහන්සේව ත්, ශ්‍රී සද්ධර්මය ත්, භික්ෂුසංඝයා ත් සරණ ගියේ නැහැ නෙව.”

මා හේවං සම්ම සඤ්ජිකාපුත්ත අවච, මා හේවං සම්ම සඤ්ජිකාපුත්ත අවච. සම්මුඛා මේතං සම්ම සඤ්ජිකාපුත්ත, අය්‍යාය සුතං සම්මුඛා පටිග්ගහීතං ඒකමිදං සම්ම සඤ්ජිකාපුත්ත, සමයං භගවා කෝසම්බියං විහරති ඝෝසිතාරාමේ. අථ ඛෝ මේ අය්‍යා කුච්ඡිමතී යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නා ඛෝ මේ අය්‍යා භගවන්තං ඒතදවෝච: යෝ මේ අයං භන්තේ, කුච්ඡිගතෝ කුමාරකෝ වා කුමාරිකා වා, සෝ භගවන්තං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච, උපාසකං තං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“ප්‍රිය මිත්‍ර සඤ්ජිකාපුත්‍රය, එහෙම කියන්න එපා! ප්‍රිය මිත්‍ර සඤ්ජිකාපුත්‍රය, එහෙම කියන්න එපා! ප්‍රිය මිත්‍ර සඤ්ජිකාපුත්‍රය, මං මේ මෑණියන් ඉදිරියේ දී අසා තිබෙනවා. මෑණියන් ඉදිරියේ පිළිගෙන තිබෙනවා. ප්‍රිය මිත්‍ර සඤ්ජිකාපුත්‍රය, ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි. එතකොට ගර්භනීව සිටි මාගේ මව් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේව ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ මාගේ මව් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ මාගේ කුසෙහි යම් කුමාරයෙක් හෝ කුමාරිකාවක් හෝ සිටිනවා ඇද්ද, ඒ බිළිඳා භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත්, භික්ෂු මහා සංඝයා ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් ඒ බිළින්ඳා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”

ඒකමිදං සම්ම සඤ්ජිකාපුත්ත, සමයං භගවා ඉධේව භග්ගේසු විහරති සුසුමාරගිරේ භේසකළාවනේ මිගදායේ අථ ඛෝ මමං ධාති අංකේන වාහිත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨිතා ඛෝ මමං ධාති භගවන්තං ඒතදවෝච: අයං භන්තේ, බෝධි රාජකුමාරෝ භගවන්තං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච උපාසකං තං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

ප්‍රිය මිත්‍ර සඤ්ජිකාපුත්‍රය, එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මේ භග්ග ජනපදයෙහි ම සුංසුමාරගිර නුවර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවාසය කළා. එතකොට කිරිමව් මාව ඇකයෙන් වඩාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් මාගේ කිරිමාතාව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මේ බෝධිරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත්, භික්ෂු මහා සංඝයා ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මේ කුමාරයා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”

ඒසා’හං සම්ම සඤ්ජිකාපුත්ත තතියකම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

ප්‍රිය මිත්‍ර සඤ්ජිකාපුත්‍රයෙනි, ඒ මං තුන්වෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත්, භික්ෂු මහා සංඝයා ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

බෝධිරාජකුමාරසුත්තං පඤ්චමං.

බෝධිරාජකුමාරයාට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M