මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.4.3. මඛාදේව සුත්‌තං

2.4.3. මඛාදේව රජු ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා මිථිලායං විහරති මඛාදේවම්බවනේ අථ ඛෝ භගවා අඤ්ඤතරස්මිං පදේසේ සිතං පාත්වාකාසි. අථ ඛෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතදහෝසි: කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතුකම්මාය, න අකාරණේන තථාගතා සිතං පාතුකරොන්තී’ති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ ඒකංසං චීවරං කත්වා යේන භගවා තේනඤ්ජලිම් පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: කෝ නු ඛෝ භන්තේ, හේතු කෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතුකම්මාය? න අකාරණේන තථාගතා සිතං පාතුකරොන්තී’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ මිථිලා නුවර මඛාදේව නම් අඹ වනයෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ එක්තරා ස්ථානයක දී සිනහවක් පහළ කළ සේක. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය සිතුනා. “භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වෙන එකට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? තථාගතයන් වහන්සේලා කරුණු රහිතව සිනහ පහළ නො කරන සේක.”

භූතපුබ්බං ආනන්ද, ඉමිස්සායේව මිථිලායං රාජා අහෝසි මඛාදේවෝ නාම ධම්මිකෝ ධම්මරාජා ධම්මේ ඨිතෝ මහාරාජා ධම්මං චරති බ්‍රාහ්මණගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච. උපෝසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්ස.

ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සිවුරු ඒකාංශ කොට පොරවා ගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වන්දනා කොට, භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සිනහවක් පහළ කරන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක් ද? තථාගතයන් වහන්සේලා කරුණු රහිතව සිනහ පහළ නො කරන සේක.”

අථ ඛෝ ආනන්ද, රාජා මඛාදේවෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන කප්පකං ආමන්තේසි: ‘යදා මේ සම්ම කප්පක, පස්සෙය්‍යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ මේ ආරෝචෙය්‍යාසී’ති. ඒවං දේවාති ඛෝ ආනන්ද, කප්පකෝ රඤ්ඤෝ මඛාදේවස්ස පච්චස්සෝසි. අද්දසා ඛෝ ආනන්ද, කප්පකෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන රඤ්ඤෝ මඛාදේවස්ස සිරස්මිං පලිතානි ජාතානි. දිස්වාන රාජානං මඛාදේවං ඒතදවෝච: පාතුභූතා ඛෝ දේවස්ස දේවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානී’ති. තේන හි සම්ම කප්පක, තානි පලිතානි සාධුකං සණ්ඩාසේන උද්ධරිත්වා මම අඤ්ජලිස්මිං පතිට්ඨාපේහීති. ඒවං දේවාති ඛෝ ආනන්ද, කප්පකෝ රඤ්ඤෝ මඛාදේවස්ස පටිස්සුත්වා තානි පලිතානි සාධුකං සණ්ඩාසේන උද්ධරිත්වා රඤ්ඤෝ මඛාදේවස්ස අඤ්ජලිස්මිං පතිට්ඨාපේසි.

“පින්වත් ආනන්ද, මෙය කලින් සිදු වූ දෙයක්. මේ මිථිලා නුවර ම මඛාදේව කියලා රජ කෙනෙක් හිටියා. ඔහු ධාර්මික, ධර්මයෙන් රජ කරන කෙනෙක්. ධර්මයේ පිහිටි ඒ මහරජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ත්, නියම්ගම් වැසියන් කෙරෙහි ත්, ජනපද වැසියන් කෙරෙහි ත් ධර්මානුකූලව හැසිරුනා. ඒ වගේ ම තුදුස්වක, පසළොස්වක, අටවක යන පොහෝ දවස් වල දී උපෝසථ සිල් රැක්කා.

පින්වත් ආනන්ද, ඒ මඛාදේව රජු බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් ඇවෑමෙන් කරණවෑමියා ඇමතුවා. “යහළු කරණවෑමිය, යම් දවසක මාගේ හිසෙහි ඉදුණු කෙස් ගසක් දැක්කොත්, එය මට කියන්න” කියල. පින්වත් ආනන්ද, “එසේය දේවයිනි” කියා කරණවෑමියා ද මඛාදේව රජුට පැවසුවා. පින්වත් ආනන්ද, බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් ඇවෑමෙන් කරණවෑමියා මඛාදේව රජු ගේ හිසෙහි ඉදුණු කෙස් ගසක් තිබෙනවා දැක්කා. දැක මඛාදේව රජුට මෙය පැවසුවා. “පින්වත් දේවයන් වහන්සේට දේවදූතයන් පහළ වෙලා ඉන්නවා. සිරසෙහි ඉදුණු කෙස් පෙනෙනවා” කියල.

“එසේ වී නම් යහළු කරණවෑමිය, ඒ ඉදුණු කෙස් අඬුවෙන් උදුරා මාගේ අත මත තබව.” පින්වත් ආනන්ද, “එසේය දේවයිනි” කියා කරණවෑමියා මඛාදේව රජුට පිළිතුරු දී අඬුවකින් ඉතා පරෙස්සමෙන් ඒ ඉදුණු කෙස් උදුරා මඛාදේව රජතුමා ගේ අත්ල මත තැබුවා.

අථ ඛෝ ආනන්ද, රාජා මඛාදේවෝ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා ඒතදවෝච: පාතුභූතා ඛෝ මේ තාත කුමාර දේවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානි, භුත්තා ඛෝ පන මේ මානුසකා කාමා, සමයෝ දිබ්බේ කාමේ පරියේසිතුං. ඒහිත්වං තාත කුමාර, ඉමං රජ්ජං පටිපජ්ජ, අහං පන කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. තේන හි තාත කුමාර, යදා ත්වම්පි පස්සෙය්‍යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යාසි. යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාසි. මා ඛෝ මේ ත්වං අන්තිමපුරිසෝ අහෝසි. යස්මිං ඛෝ තාත කුමාර, පුරිසයුගේ වත්තමානේ ඒවරූපස්ස කල්‍යාණස්ස වට්ටස්ස සමුච්ඡේදෝ හෝති, සෝ තේසං අන්තිමපුරිසෝ හෝති. තං තාහං තාත කුමාර, ඒවං වදාමි: ‘යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාසි, මා ඛෝ මේ ත්වං අන්තිමපුරිසෝ අහෝසී’ති.

පින්වත් ආනන්ද, මඛාදේව රජු කරණවෑමියාට ගම්වරයක් දීලා, ජ්‍යෙෂ්ඨ පුත් කුමරා අමතා මෙය පැවසුවා. “පුත් කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වුනා. මා සිරසෙහි ඉදුණු කෙස් හටගත්තා. මා විසින් මිනිස් කම් සුව වැළඳුවා නෙව. දැන් දිව්‍ය කම් සැප සොයන්නට කාලය යි. පුත් කුමර, ඔබ එන්න. මේ රාජ්‍යය කරන්න. මං කෙස් රැවුල් බහා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙනවා. ඒ වගේ ම පුත් කුමර, යම් දවසක ඔබ ත් තම හිසෙහි ඉදුණු කෙස් ගස් දුටුවොත් එතකොට ත් කරණවෑමියාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත් කුමරාට රාජ්‍ය භාර දී කෙස් රැවුල් බහා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙන්න. මා විසින් මේ කල්‍යාණ වූ වැඩපිළිවෙලක් පිහිටුවන ලද්දේ ද, ඒ විදිහට ම පවත්වන්න. ඔබ මාගේ මේ වැඩපිළිවෙලෙහි අවසාන පුරුෂයා වෙන්න එපා! ඒ වගේ ම පුත් කුමර, යම් පුරුෂයෙකු ගේ යුගයක් පවතින විට මෙබඳු වූ කල්‍යාණ වැඩපිළිවෙලක් සහමුලින් සිඳී යයි ද, ඔහු ඒ පරම්පරාවේ අවසන් පුරුෂයා වනු ඇත. ඒ නිසයි පුත් කුමර මං ඔබට මෙහෙම කියන්නෙ. ‘මා විසින් මේ කල්‍යාණ වූ වැඩපිළිවෙලක් පිහිටුවන ලද්දේ ද, ඒ විදිහට ම පවත්වන්න. ඔබ මාගේ මේ වැඩපිළිවෙලෙහි අවසාන පුරුෂයා වෙන්න එපා!’ කියල.”

අථ ඛෝ ආනන්ද, රාජා මඛාදේවෝ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා ඉමස්මිංයේව මඛාදේවම්බවනේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සෝ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහාසි, කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහාසි.

ඉතින් පින්වත් ආනන්ද, මඛාදේව රජතුමා කරණවෑමියාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත් කුමරා මනා කොට රාජ්‍යයෙහි පිහිටුවා මේ මඛාදේව අඹවනයේ දී කෙස් රැවුල් බහා කහවත් පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිදි බවට පත් වුනා. ඔහු මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කළා. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කළා.

රාජා ඛෝ පනානන්ද, මඛාදේවෝ චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස්සසහස්සානි ඕපරජ්ජං කාරේසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරේසි, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයේව මඛාදේවම්බවනේ අගාරස්මා අනගාරියං පබ්බජිතෝ බ්‍රහ්මචරියං චරි. සෝ චත්තාරෝ බ්‍රහ්මවිහාරේ භාවෙත්වා කායස්ස භේදා පරං මරණා බ්‍රහ්මලෝකූපගෝ අහෝසි.

පින්වත් ආනන්ද, මඛාදේව රජු අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩාවෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු යුව රජ වශයෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු රජකම කළා. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදේව අඹවනයෙහි ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දෙන් බඹසරෙහි හැසිරුනා. ඉතින් ඔහු සතර බ්‍රහ්ම විහාර භාවනාව වඩා කය බිඳී මරණින් මතු බඹ ලොව උපන්නා.

අථ ඛෝ ආනන්ද, රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන කප්පකං ආමන්තේසි: ‘යදා මේ සම්ම කප්පක, පස්සෙය්‍යාසි සිරස්මිං පලිතානි ජාතානි. අථ මේ ආරෝචෙය්‍යාසී’ති. ඒවං දේවාති ඛෝ ආනන්ද, කප්පකෝ රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තස්ස පච්චස්සෝසි. අද්දසා ඛෝ ආනන්ද, කප්පකෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තස්ස සිරස්මිං පලිතානි ජාතානි, දිස්වාන රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තං ඒතදවෝච: ‘පාතුභූතා ඛෝ දේවස්ස දේවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානී’ති. තේන හි සම්ම කප්පක, තානි පලිතානි සාධුකං සණ්ඩාසේන උද්ධරිත්වා මම අඤ්ජලිස්මිං පතිට්ඨාපේහී’ති. ඒවං දේවාති ඛෝ ආනන්ද, කප්පකෝ රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තස්ස පටිස්සුත්වා තානි පලිතානි සාධුකං සණ්ඩාසේන උද්ධරිත්වා රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තස්ස අඤ්ජලිස්මිං පතිට්ඨාපේසි.

පින්වත් ආනන්ද, මඛාදේව රජු ගේ පුත්‍රයා ද බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් ඇවෑමෙන් කරණවෑමියා ඇමතුවා. “යහළු කරණවෑමිය, යම් දවසක මාගේ හිසෙහි ඉදුණු කෙස් ගසක් දැක්කොත්, එය මට කියන්න” කියල. පින්වත් ආනන්ද, “එසේය දේවයිනි” කියා කරණවෑමියා ද මඛාදේව රජු ගේ පුත්‍රයාට පැවසුවා. පින්වත් ආනන්ද, බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් ඇවෑමෙන් කරණවෑමියා මඛාදේව රජු ගේ පුත්‍රයා ගේ හිසෙහි ඉදුණු කෙස් ගසක් තිබෙනවා දැක්කා. දැක මඛාදේව රජු ගේ පුත්‍රයාට මෙය පැවසුවා. “පින්වත් දේවයන් වහන්සේට දේවදූතයන් පහළ වෙලා ඉන්නවා. සිරසෙහි ඉදුණු කෙස් පෙනෙනවා” කියල.

“එසේ වී නම් යහළු කරණවෑමිය, ඒ ඉදුණු කෙස් අඬුවෙන් උදුරා මාගේ අත මත තබව.” පින්වත් ආනන්ද, “එසේය දේවයිනි” කියා කරණවෑමියා මඛාදේව රජු ගේ පුත්‍රයාට පිළිතුරු දී අඬුවකින් ඉතා පරෙස්සමෙන් ඒ ඉදුණු කෙස් උදුරා මඛාදේව රජතුමා ගේ පුත්‍රයා ගේ අත්ල මත තැබුවා.

අථ ඛෝ ආනන්ද, රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තෝ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා ඒතදවෝච: ‘පාතුභූතා ඛෝ මේ තාත කුමාර, දේවදූතා දිස්සන්ති, සිරස්මිං පලිතානි ජාතානි, භුත්තා ඛෝ පන මේ මානුසකා කාමා, සමයෝ දිබ්බේ කාමේ පරියේසිතුං, ඒහි ත්වං තාත කුමාර, ඉමං රජ්ජං පටිපජ්ජ, අහං පන කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. තේන හි තාත කුමාර, යදා ත්වම්පි පස්සෙය්‍යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ කප්පකස්ස ගාමවරං දත්වා, ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යාසි. යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාසි, මා ඛෝ මේ ත්වං අන්තිමපුරිසෝ අහෝසි. යස්මිං ඛෝ තාත කුමාර, පුරිසයුගේ වත්තමානේ ඒවරූපස්ස කල්‍යාණස්ස වට්ටස්ස සමුච්ඡේදෝ හෝති, සෝ තේසං අන්තිමපුරිසෝ හෝති. තං තාහං තාත කුමාර, ඒවං වදාමි: යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාසි, මා ඛෝ මේ ත්වං අන්තිමපුරිසෝ අහෝසී’ති.

පින්වත් ආනන්ද, මඛාදේව රජු ගේ පුත්‍රයා කරණවෑමියාට ගම්වරයක් දීලා, ජ්‍යෙෂ්ඨ පුත් කුමරා අමතා මෙය පැවසුවා. “පුත් කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වුණා. මා සිරසෙහි ඉදුණු කෙස් හටගත්තා. මා විසින් මිනිස් කම් සුව වැළඳුවා නෙව. දැන් දිව්‍ය කම් සැප සොයන්නට කාලය යි. පුත් කුමර, ඔබ එන්න. මේ රාජ්‍යය කරන්න. මං කෙස් රැවුල් බහා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙනවා. ඒ වගේ ම පුත් කුමර, යම් දවසක ඔබ ත් තම හිසෙහි ඉදුණු කෙස් ගස් දුටුවොත් එතකොට ත් කරණවෑමියාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත් කුමරාට රාජ්‍ය භාර දී කෙස් රැවුල් බහා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙන්න. මා විසින් මේ කල්‍යාණ වූ වැඩපිළිවෙලක් පිහිටුවන ලද්දේ ද, ඒ විදිහට ම පවත්වන්න. ඔබ මාගේ මේ වැඩපිළිවෙලෙහි අවසාන පුරුෂයා වෙන්න එපා! ඒ වගේ ම පුත් කුමර, යම් පුරුෂයෙකු ගේ යුගයක් පවතින විට මෙබඳු වූ කල්‍යාණ වැඩපිළිවෙලක් සහමුලින් සිඳී යයි ද, ඔහු ඒ පරම්පරාවේ අවසන් පුරුෂයා වනු ඇත. ඒ නිසයි පුත් කුමර මං ඔබට මෙහෙම කියන්නෙ. ‘මා විසින් මේ කල්‍යාණ වූ වැඩපිළිවෙලක් පිහිටුවන ලද්දේ ද, ඒ විදිහට ම පවත්වන්න. ඔබ මාගේ මේ වැඩපිළිවෙලෙහි අවසාන පුරුෂයා වෙන්න එපා!’ කියල.”

අථ ඛෝ ආනන්ද, රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තෝ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා ඉමස්මිංයේව මඛාදේවම්බවනේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සෝ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහාසි. කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහාසි. රඤ්ඤෝ ඛෝ පනානන්ද, මඛාදේවස්ස පුත්තෝ චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස්සසහස්සානි ඕපරජ්ජං කාරේසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරේසි, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයේව මඛාදේවම්බවනේ අගාරස්මා අනගාරියං පබ්බජිතෝ බ්‍රහ්මචරියං චරි. සෝ චත්තාරෝ බ්‍රහ්මවිහාරේ භාවෙත්වා කායස්ස භේදා පරං මරණා බ්‍රහ්මලෝකූපගෝ අහෝසි.

ඉතින් පින්වත් ආනන්ද, මඛාදේව රජතුමා ගේ පුත්‍රයා කරණවෑමියාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත් කුමරා මනා කොට රාජ්‍යයෙහි පිහිටුවා මේ මඛාදේව අඹවනයේ දී කෙස් රැවුල් බහා කහවත් පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිදි බවට පත් වුනා. ඔහු මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කළා. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කළා.

පින්වත් ආනන්ද, මඛාදේව රජු ගේ පුත්‍රයා අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩාවෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු යුව රජ වශයෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු රජකම කළා. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදේව අඹවනයෙහි ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දෙන් බඹසරෙහි හැසිරුනා. ඉතින් ඔහු සතර බ්‍රහ්ම විහාර භාවනාව වඩා කය බිඳී මරණින් මතු බඹ ලොව උපන්නා.

රඤ්ඤෝ ඛෝ පනානන්ද, මඛාදේවස්ස පුත්තපපුත්තකා. තස්ස පරම්පරා චතුරාසීතිඛත්තියසහස්සානි ඉමස්මිංයේව මඛාදේවම්බවනේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිංසු. තේ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරිංසු. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාබජ්ඣනේ ඵරිත්වා විහරිංසු. කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරිංසු. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහරිංසු. චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළිංසු, චතුරාසීතිවස්සසහස්සානි ඕපරජ්ජං කාරේසුං, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරේසුං, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයේව මඛාදේවම්බවනේ අගාරස්මා අනගාරියං පබ්බජිතා බ්‍රහ්මචරියං චරිංසු. තේ චත්තාරෝ බ්‍රහ්මවිහාරේ භාවෙත්වා කායස්ස භේදා පරං මරණා බ්‍රහ්මලෝකූපගා අහේසුං.

පින්වත් ආනන්ද, ඒ මඛාදේව රජු ගේ දරු මුණුබුරු පරපුරෙහි අසූහාරදහසක් දෙනා මේ මඛාදේව අඹ වනයේ දී ම කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වුනා. ඔවුනුත් මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කළා. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කළා.

පින්වත් ආනන්ද, ඔවුනු ත් අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩාවෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු යුව රජවරුන් වශයෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු රජකම කළා. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදේව අඹවනයෙහි ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දෙන් බඹසරෙහි හැසිරුනා. ඉතින් ඔවුනුත් සතර බ්‍රහ්ම විහාර භාවනාව වඩා කය බිඳී මරණින් මතු බඹ ලොව උපන්නා.

නිමි තේසං රාජානං පච්ඡිමකෝ අහෝසි ධම්මිකෝ ධම්මරාජා, ධම්මේ ඨිතෝ මහාරාජා, ධම්මං චරති බ්‍රාහ්මණගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච, උපෝසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්ස.

ධාර්මික වූ, ධර්මරාජ වූ ඒ රජ පරපුරේ අන්තිමයා වුනේ නිමි රජතුමා. ධර්මයෙහි පිහිටි ඒ මහරජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ත්, නියම්ගම් වැසියන් කෙරෙහි ත්, ජනපද වැසියන් කෙරෙහි ත් ධර්මානුකූලව හැසිරුනා. ඒ වගේ ම තුදුස්වක, පසළොස්වක, අටවක යන පොහෝ දවස් වල දී උපෝසථ සිල් රැක්කා.

භූතපුබ්බං ආනන්ද, දේවානං තාවතිංසානං සුධම්මායං සභායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: ‘ලාභා වත භෝ විදේහානං, සුලද්ධං වත භෝ විදේහානං. යේසං නිමිරාජා ධම්මිකෝ ධම්මරාජා ධම්මේ ඨිතෝ මහාරාජා ධම්මං චරති බ්‍රාහ්මණගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච, උපෝසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සාති.

පින්වත් ආනන්ද, මෙය පෙර සිදු වූ දෙයක්. තව්තිසා දෙවියන් ගේ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි රැස් වූ දෙවියන් අතර මේ කතාව ඇතිවුනා. “භවත්නි, විදේහවාසීන්ට නම් ලාභයක් ම යි! භවත්නි, විදේහවාසීන්ට නම් මනා වූ ලාභයක් ම යි! ධාර්මික වූ, ධර්මරාජ වූ ඒ රජ පරපුරේ නිමි නම් රජ කෙනෙක් ඇද්ද, ධර්මයෙහි පිහිටි ඒ මහරජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ත්, නියම්ගම් වැසියන් කෙරෙහි ත්, ජනපද වැසියන් කෙරෙහි ත් ධර්මානුකූලව හැසිරෙනවා. ඒ වගේ ම තුදුස්වක, පසළොස්වක, අටවක යන පොහෝ දවස් වල දී උපෝසථ සිල් රකිනවා” කියල.

අථ ඛෝ ආනන්ද, සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතිංසේ ආමන්තේසි: ‘ඉච්ඡෙය්‍යාථ නෝ තුම්හේ මාරිසා, නිමිං රාජානං දට්ඨු’න්ති. ඉච්ඡාම මයං මාරිස, නිමිං රාජානං දට්ඨුන්ති. තේන ඛෝ පන ආනන්ද සමයේන නිමි රාජා තදහුපෝසථේ පන්නරසේ සසීසං නහාතෝ උපෝසථිකෝ උපරිපාසාදවරගතෝ නිසින්නෝ හෝති. අථ ඛෝ ආනන්ද, සක්කෝ දේවානමින්දෝ සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව දේවේසු තාවතිංසේසු අන්තරහිතෝ නිමිස්ස රඤ්ඤෝ පමුඛේ පාතුරහෝසි. අථ ඛෝ ආනන්ද, සක්කෝ දේවානමින්දෝ නිමිං රාජානං ඒතදවෝච: ‘ලාභා තේ මහාරාජ, සුලද්ධං තේ මහාරාජ, දේවා තේ මහාරාජ, තාවතිංසා සුධම්මායං සභායං කිත්තයමානරූපා සන්නිසින්නා: ‘ලාභා වත භෝ විදේහානං, සුලද්ධං වත භෝ විදේහානං යේසං නිමි රාජා ධම්මිකෝ ධම්මරාජා ධම්මේ ඨිතෝ මහාරාජා ධම්මං චරති බ්‍රාහ්මණගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච, උපෝසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සා’ති. දේවා තේ මහාරාජ, තාවතිංසා දස්සනකාමා, තස්ස තේ අහං මහාරාජ, සහස්සයුත්තං ආජඤ්ඤරථං පහිණිස්සාමි, අභිරුහෙය්‍යාසි මහාරාජ, දිබ්බං යානං අවිකම්පමානෝ’ති.

පින්වත් ආනන්ද, එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසාවෙහි දෙවියන් ඇමතුවා. “නිදුකාණෙනි, ඔබ අප ගේ නිමි රජ්ජුරුවන් දකින්නට කැමති ද?” “එසේය නිදුකාණෙනි, අපි නිමි රජ්ජුරුවන් දකින්නට කැමතියි.” ඒ වෙලාවෙහි නිමි රජු ඒ පසළොස්වක් පොහෝ දිනයෙහි හිස සෝදා වතුර නා පෙහෙවස් සමාදන්ව උඩුමහල් තලයෙහි සිටියා. ඉතින් පින්වත් ආනන්ද, ශක්‍ර දේවේන්ද්‍රයා බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වෙලාවක් තුළ, දිග හළ අතක් හකුලන වෙලාවක් තුළ තව්තිසා දෙව්ලොවින් නො පෙනී ගියා. නිමි රජතුමා ඉදිරියෙහි පහළ වුනා.

එවිට පින්වත් ආනන්ද, ශක්‍ර දේවේන්ද්‍රයා නිමි රජතුමාට මෙය පැවසුවා. “පින්වත් මහාරාජ, ඔබට ලාභයක් ම යි! ඔබට මනා වූ ලාභයක් ම යි! තව්තිසාවෙහි සුධර්මා නම් දිව්‍ය සභාවෙහි රැස් වූ දෙවිවරු ඔබ ගේ ගුණ කියමින් සිටියා. ‘භවත්නි, විදේහවාසීන්ට නම් ලාභයක් ම යි! භවත්නි, විදේහවාසීන්ට නම් මනා වූ ලාභයක් ම යි! ධාර්මික වූ, ධර්මරාජ වූ ඒ රජ පරපුරේ නිමි නම් රජ කෙනෙක් ඇද්ද, ධර්මයෙහි පිහිටි ඒ මහරජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ත්, නියම්ගම් වැසියන් කෙරෙහි ත්, ජනපද වැසියන් කෙරෙහි ත් ධර්මානුකූලව හැසිරෙනවා. ඒ වගේ ම තුදුස්වක, පසළොස්වක, අටවක යන පොහෝ දවස් වල දී උපෝසථ සිල් රකිනවා’ කියල. පින්වත් මහාරාජ, මං ඔබ වෙනුවෙන් දහසක් අසුන් යෙදූ ආජානීය රථයක් එවන්නම්. පින්වත් මහාරාජ, කිසි තැතිගැනීමක් නැතිව ඒ දිව්‍ය යානයට නගිනු මැනව”

අධිවාසේසි ඛෝ ආනන්ද, නිමි රාජා තුණ්හීභාවේන. අථ ඛෝ ආනන්ද, සක්කෝ දේවානමින්දෝ නිමිස්ස රඤ්ඤෝ අධිවාසනං විදිත්වා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය. ඒවමේව නිමිස්ස රඤ්ඤෝ පමුඛේ අන්තරහිතෝ දේවේසු තාවතිංසේසු පාතුරහෝසි.

එතකොට පින්වත් ආනන්ද, නිමි රජතුමා නිහඬව සිටීමෙන් එය පිළිගත්තා. පින්වත් ආනන්ද, ශක්‍ර දේවේන්ද්‍රයා නිමි රජු විසින් ඇරයුම පිළිගත් බව දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වෙලාවක් තුළ, දිග හළ අතක් හකුලන වෙලාවක් තුළ නිමි රජු ඉදිරියෙහි නො පෙනී ගියා. තව්තිසා දෙවියන් ඉදිරියෙහි පහළ වුනා.

අථ ඛෝ ආනන්ද, සක්කෝ දේවානමින්දෝ මාතලිං සංගාහකං ආමන්තේසි: ඒහි ත්වං සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං යෝජෙත්වා නිමිං රාජානං උපසංකමිත්වා ඒවං වදේසි: ‘අයං තේ මහාරාජ, සහස්සයුත්තෝ ආජඤ්ඤරථෝ සක්කේන දේවානමින්දේන පේසිතෝ. අභිරුහෙය්‍යාසි මහාරාජ, දිබ්බං යානං අවිකම්පමානෝ’ති. ඒවං භද්දන්තවාති ඛෝ ආනන්ද, මාතලි සංගාහකෝ සක්කස්ස දේවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං යෝජෙත්වා නිමිං රාජානං උපසංකමිත්වා ඒතදවෝච: ‘අයං තේ මහාරාජ සහස්සයුත්තෝ ආජඤ්ඤරථෝ සක්කේන දේවානමින්දේන පේසිතෝ, අභිරුහ මහාරාජ, දිබ්බං යානං අවිකම්පමානෝ. අපි ච මහාරාජ, කතමේන තං නේමි, යේන වා පාපකම්මා පාපකානං කම්මානං විපාකං පටිසංවේදෙන්ති, යේන වා කල්‍යාණකම්මා කල්‍යාණකම්මානං විපාකං පටිසංවේදෙන්තී’ති? උභයේනේව මං මාතලි නේහීති. සම්පාපේසි ඛෝ ආනන්ද, මාතලි සංගාහකෝ නිමිං රාජානං සුධම්මං සභං. අද්දසා ඛෝ ආනන්ද, සක්කෝ දේවානමින්දෝ නිමිං රාජානං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන නිමිං රාජානං ඒතදවෝච:

පින්වත් ආනන්ද, ශක්‍ර දේවේන්ද්‍රයා මාතලී රියැදුරා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර මාතලී, ඔබ එන්න. දහසක් අසුන් යෙදූ ආජානීය රථය සූදානම් කොට නිමි රජතුමා වෙත ගොස් ‘පින්වත් මහාරාජ, ශක්‍ර දේවේන්ද්‍රයා විසින් එවන ලද දහසක් අසුන් යෙදූ ආජානීය රථය මෙය යි. පින්වත් මහාරාජ, කිසි තැති ගැනීමක් නැතිව, රථයට ගොඩවෙනු මැනව’ කියල කියන්න. “එසේය පින්වතාණෙනි” කියා මාතලී රියැදුරා සක් දෙවිඳු හට පිළිතුරු දී දහසක් අසුන් යෙදූ ආජානීය රථය සකසා නිමි රජු වෙත එළැඹ මෙය පැවසුවා.

“පින්වත් මහාරාජ, ශක්‍ර දේවේන්ද්‍රයා විසින් එවන ලද දහසක් අසුන් යෙදූ ආජානීය රථය මෙය යි. පින්වත් මහාරාජ, කිසි තැති ගැනීමක් නැතිව, රථයට ගොඩවෙනු මැනව. ඒ වගේ ම මහාරාජ, පාපකර්ම කළ උදවිය ඒ පාපකර්මයන් ගේ විපාක විඳින ප්‍රදේශයක් ඇද්ද, ඒ මාර්ගයෙනුත් පුණ්‍ය කර්ම කළ උදවිය ඒ පුණ්‍ය කර්මයන් ගේ විපාක විඳින ප්‍රදේශයක් ඇද්ද, ඒ මාර්ගයෙනුත් යන මේ දෙකෙන් මං ඔබව ගෙන යන්නේ කොයි මාර්ගයෙන් ද?” කියල. “පින්වත් මාතලී, ඒ දෙමාර්ගයෙන් ම මාව ගෙනයන්න.”

පින්වත් ආනන්ද, මාතලී රියදුරා නිමි රජුව සුධර්මා සභාවට පැමිණෙව්වා. පින්වත් ආනන්ද, එතකොට සක් දෙවිඳු දුරින් ම පැමිණෙන නිමි රජු දැක්කා. දැක නිමි රජු හට මෙය පැවසුවා.

ඒහි ඛෝ මහාරාජ, ස්වාගතං මහාරාජ, දේවා තේ මහාරාජ, තාවතිංසා සුධම්මායං සභායං කිත්තයමානරූපා සන්නිසින්නා, ‘ලාභා වත භෝ විදේහානං, සුලද්ධං වත භෝ විදේහානං, යේසං නිමි රාජා ධම්මිකෝ ධම්මරාජා ධම්මේ ඨිතෝ මහාරාජා ධම්මං චරති බ්‍රාහ්මණගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච. උපෝසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සා’ති. දේවා තේ මහාරාජ, තාවතිංසා දස්සනකාමා, අභිරම මහාරාජ, දේවේසු දේවානුභාවේනාති. අලං මාරිස, තත්ථේව මං මිථිලං පටිනේතු. තත්ථාහං ධම්මං චරිස්සාමි බ්‍රාහ්මණගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච, උපෝසථඤ්ච උපවසාමි චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සාති. අථ ඛෝ ආනන්ද, සක්කෝ දේවානමින්දෝ මාතලිං සංගාහකං ආමන්තේසි: ඒහි ත්වං සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං යෝජෙත්වා නිමිං රාජානං තත්ථේව මිථිලං පටිනේහීති. ඒවං භද්දන්තවාති ඛෝ ආනන්ද, මාතලි සංගාහකෝ සක්කස්ස දේවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං යෝජෙත්වා නිමිං රාජානං තත්ථේව මිථිලං පටිනේසි.

“පින්වත් මහරජාණෙනි, එනු මැනව! පින්වත් මහරාජණෙනි, ඔබ ගේ පැමිණීම ස්වාගතයකි! පින්වත් මහාරජාණෙනි, තව්තිසාවෙහි සුධර්මා නම් දිව්‍ය සභාවෙහි රැස් වූ දෙවිවරු ඔබ ගේ ගුණ කියමින් සිටියා. ‘භවත්නි, විදේහවාසීන්ට නම් ලාභයක් ම යි! භවත්නි, විදේහවාසීන්ට නම් මනා වූ ලාභයක් ම යි! ධාර්මික වූ, ධර්මරාජ වූ ඒ රජ පරපුරේ නිමි නම් රජ කෙනෙක් ඇද්ද, ධර්මයෙහි පිහිටි ඒ මහරජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ත්, නියම්ගම් වැසියන් කෙරෙහි ත්, ජනපද වැසියන් කෙරෙහි ත් ධර්මානුකූලව හැසිරෙනවා. ඒ වගේ ම තුදුස්වක, පසළොස්වක, අටවක යන පොහෝ දවස් වල දී උපෝසථ සිල් රකිනවා’ කියල. පින්වත් මහාරාජ, තව්තිසාවැසි දෙවියන් ඔබව දකින්නට කැමතියි. පින්වත් මහාරාජ, දෙවියන් කෙරෙහි පවතින දේවානුභාවයට සිත් අලවනු මැනව.”

“නිදුකාණෙනි, වැඩක් නැහැ. මාව ඒ මිථිලා නුවරට ම පමුණුවනු මැනව. මං බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ත්, නියම්ගම් වැසියන් කෙරෙහි ත්, ජනපද වැසියන් කෙරෙහි ත් ධර්මානුකූලව හැසිරෙන්නම්. ඒ වගේ ම තුදුස්වක, පසළොස්වක, අටවක යන පොහෝ දවස් වල දී උපෝසථ සිල් රකින්නම්.”

එතකොට පින්වත් ආනන්ද, සක් දෙවිඳු මාතලී රියදුරා හට මෙය පැවසුවා. “යහළු මාතලී, ඔබ එන්න. දහසක් අසුන් යෙදූ ආජානීය රථය සකසා නිමි රජුව එහි මිථිලා නුවරට ම පමුණුවන්න.” එතකොට පින්වත් ආනන්ද “එසේය පින්වතාණෙනි” කියා මාතලී රියදුරා සක් දෙවිඳු හට පිළිතුරු දී දහස් අසුන් යෙදූ ආජානීය රථය සකසා නිමි රජුව ඒ මිනිස් ලොව මිථිලා නුවරට ම ඇරලුවා.

තත්‍ර සුදං ආනන්ද, නිමි රාජා ධම්මං චරති බ්‍රාහ්මණගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච, උපෝසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්ස. අථ ඛෝ ආනන්ද, නිමි රාජා බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන කප්පකං ආමන්තේසි, ‘යදා මේ සම්ම කප්පක, පස්සෙය්‍යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ මේ ආරෝචෙය්‍යාසී’ති. ඒවං දේවාති ඛෝ ආනන්ද, කප්පකෝ නිමිස්ස රඤ්ඤෝ පච්චස්සෝසි. අද්දසා ඛෝ ආනන්ද, කප්පකෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන නිමිස්ස රඤ්ඤෝ සිරස්මිං පලිතානි ජාතානි, දිස්වාන නිමිං රාජානං ඒතදවෝච: පාතුභූතා ඛෝ දේවස්ස දේවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානී’ති. තේන හි සම්ම කප්පක, තානි පලිතානි සාධුකං සණ්ඩාසේන උද්ධරිත්වා මම අඤ්ජලිස්මිං පතිට්ඨාපේහී’ති. ඒවං දේවාති ඛෝ ආනන්ද, කප්පකෝ නිමිස්ස රඤ්ඤෝ පටිස්සුත්වා තානි පලිතානි සාධුකං සණ්ඩාසේන උද්ධරිත්වා නිමිස්ස රඤ්ඤෝ අඤ්ජලිස්මිං පතිට්ඨාපේසි. අථ ඛෝ ආනන්ද, නිමි රාජා කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා ඒතදවෝච: ‘පාතුභූතා ඛෝ මේ තාත කුමාර, දේවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානි, භුත්තා ඛෝ පන මේ මානුසකා කාමා, සමයෝ දිබ්බේ කාමේ පරියේසිතුං. ඒහි ත්වං තාත කුමාර, ඉමං රජ්ජං පටිපජ්ජ, අහං පන කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. තේන හි තාත කුමාර, යදා ත්වම්පි පස්සෙය්‍යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යාසි, යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාසි, මා ඛෝ මේ ත්වං අන්තිමපුරිසෝ අහෝසි. යස්මිං ඛෝ තාත කුමාර, පුරිසයුගේ වත්තමානේ ඒවරූපස්ස කල්‍යාණස්ස වට්ටස්ස සමුච්ඡේදෝ හෝති, සෝ තේසං අන්තිමපුරිසෝ හෝති. තං තාහං තාත කුමාර, ඒවං වදාමි: ‘යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාසි, මා ඛෝ මේ ත්වං අන්තිමපුරිසෝ අහෝසී’ති.

පින්වත් ආනන්ද, ඉතින් එහිදී නිමි රජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ත්, නියම්ගම් වැසියන් කෙරෙහි ත්, ජනපද වැසියන් කෙරෙහි ත් ධර්මානුකූලව හැසිරෙනවා. ඒ වගේ ම තුදුස්වක, පසළොස්වක, අටවක යන පොහෝ දවස් වල දී උපෝසථ සිල් රකිනවා. පින්වත් ආනන්ද, ඒ නිමි රජු බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් ඇවෑමෙන් කරණවෑමියා ඇමතුවා. “යහළු කරණවෑමිය, යම් දවසක මාගේ හිසෙහි ඉදුණු කෙස් ගසක් දැක්කොත්, එය මට කියන්න” කියල. පින්වත් ආනන්ද, “එසේය දේවයිනි” කියා කරණවෑමියා ද නිමි රජුට පැවසුවා. පින්වත් ආනන්ද, බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් ඇවෑමෙන් කරණවෑමියා නිමි රජු ගේ හිසෙහි ඉදුණු කෙස් ගසක් තිබෙනවා දැක්කා. දැක නිමි රජුට මෙය පැවසුවා. “පින්වත් දේවයන් වහන්සේට දේවදූතයන් පහළ වෙලා ඉන්නවා. සිරසෙහි ඉදුණු කෙස් පෙනෙනවා” කියල.

“එසේ වී නම් යහළු කරණවෑමිය, ඒ ඉදුණු කෙස් අඬුවෙන් උදුරා මාගේ අත මත තබව.” පින්වත් ආනන්ද, “එසේය දේවයිනි” කියා කරණවෑමියා නිමි රජුට පිළිතුරු දී අඬුවකින් ඉතා පරෙස්සමෙන් ඒ ඉදුණු කෙස් උදුරා නිමි රජතුමා ගේ අත්ල මත තැබුවා.

පින්වත් ආනන්ද, නිමි රජු කරණවෑමියාට ගම්වරයක් දීලා, ජ්‍යෙෂ්ඨ පුත් කුමරා අමතා මෙය පැවසුවා. “පුත් කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වුනා. මා සිරසෙහි ඉදුණු කෙස් හටගත්තා. මා විසින් මිනිස් කම් සුව වැළඳුවා නෙව. දැන් දිව්‍ය කම් සැප සොයන්නට කාලය යි. පුත් කුමර, ඔබ එන්න. මේ රාජ්‍යය කරන්න. මං කෙස් රැවුල් බහා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙනවා. ඒ වගේ ම පුත් කුමර, යම් දවසක ඔබ ත් තම හිසෙහි ඉදුණු කෙස් ගස් දුටුවොත් එතකොට ත් කරණවෑමියාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත් කුමරාට රාජ්‍ය භාර දී කෙස් රැවුල් බහා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙන්න. මා විසින් මේ කල්‍යාණ වූ වැඩපිළිවෙලක් පිහිටුවන ලද්දේ ද, ඒ විදිහට ම පවත්වන්න. ඔබ මාගේ මේ වැඩපිළිවෙලෙහි අවසාන පුරුෂයා වෙන්න එපා! ඒ වගේ ම පුත් කුමර, යම් පුරුෂයෙකු ගේ යුගයක් පවතින විට මෙබඳු වූ කල්‍යාණ වැඩපිළිවෙලක් සහමුලින් සිඳී යයි ද, ඔහු ඒ පරම්පරාවේ අවසන් පුරුෂයා වනු ඇත. ඒ නිසයි පුත් කුමර මං ඔබට මෙහෙම කියන්නෙ. ‘මා විසින් මේ කල්‍යාණ වූ වැඩපිළිවෙලක් පිහිටුවන ලද්දේ ද, ඒ විදිහට ම පවත්වන්න. ඔබ මාගේ මේ වැඩපිළිවෙලෙහි අවසාන පුරුෂයා වෙන්න එපා!’ කියල.”

අථ ඛෝ ආනන්ද, නිමි රාජා කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා ඉමස්මිංයේව මඛාදේවම්බවනේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සෝ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහාසි. කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහාසි.

ඉතින් පින්වත් ආනන්ද, නිමි රජතුමා කරණවෑමියාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත් කුමරා මනා කොට රාජ්‍යයෙහි පිහිටුවා මේ මඛාදේව අඹවනයේ දී කෙස් රැවුල් බහා කහවත් පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිදි බවට පත් වුනා. ඔහු මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කළා. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කළා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, ඒ වගේ ම තුන්වන දිශාවටත්, ඒ වගේ ම හතරවන දිශාවට ත් මෙසෙයින් උඩ, යට, සරස් අත ආදී සෑම තැනකට ම, සෑම අයුරින් ම සමස්ත ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, දුක් නැති උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කළා.

නිමි ඛෝ පනානන්ද, රාජා චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස්සසහස්සානි ඕපරජ්ජං කාරේසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරේසි, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයේව මඛාදේවම්බවනේ අගාරස්මා අනගාරියං පබ්බජිතෝ බ්‍රහ්මචරියං චරි. සෝ චත්තාරෝ බ්‍රහ්මවිහාරේ භාවෙත්වා කායස්ස භේදා පරං මරණා බ්‍රහ්මලෝකූපගෝ අහෝසි.

පින්වත් ආනන්ද, නිමි රජු අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩාවෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු යුව රජ වශයෙන් කල්ගත කළා. අසූහාර දහසක් අවුරුදු රජකම කළා. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදේව අඹවනයෙහි ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දෙන් බඹසරෙහි හැසිරුනා. ඉතින් ඔහු සතර බ්‍රහ්ම විහාර භාවනාව වඩා කය බිඳී මරණින් මතු බඹ ලොව උපන්නා.

නිමිස්ස ඛෝ පනානනන්ද, රඤ්ඤෝ කළාරජනකෝ නාම පුත්තෝ අහෝසි. න සෝ අගාරස්මා අනගාරියං පබ්බජි. සෝ තං කල්‍යාණං වත්තං සමුච්ඡින්දි. සෝ තේසං අන්තිමපුරිසෝ අහෝසි. සියා ඛෝ පන තේ ආනන්ද, ඒවමස්ස: අඤ්ඤෝ නූන තේන සමයේන රාජා මඛාදේවෝ අහෝසි යේන තං කල්‍යාණං වට්ටං නිහිතන්ති. න ඛෝ පනේතං ආනන්ද, ඒවං දට්ඨබ්බං. අහං තේන සමයේන රාජා මඛාදේවෝ අහෝසිං. අහං තං කල්‍යාණං වට්ටං නිහිනිං මයා තං කල්‍යාණං වට්ටං නිහිතං පච්ඡිමා ජනතා අනුප්පවත්තේසි. තං ඛෝ පනානන්ද, කල්‍යාණං වට්ටං න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති, යාවදේව බ්‍රහ්මලෝකූපපත්තියා.

පින්වත් ආනන්ද, ඒ නිමි රජුට කලාරජනක නම් පුත්‍රයෙක් සිටියා. ඔහු ගිහි ගෙයින් නික්ම අනගාරිකව පැවිදි වුනේ නැහැ. ඔහු ඒ කල්‍යාණ වැඩපිළිවෙල සිඳ දැම්මා. ඔහු ඒ රාජ පරපුරෙහි අන්තිම පුරුෂයා වුනා. පින්වත් ආනන්දය, ඔබට මෙහෙම සිතෙන්නට පුළුවනි. ‘යමෙක් ඒ කල්‍යාණ වැඩපිළිවෙල ආරම්භ කළා ද ඒ මඛාදේව රජු වෙන කවුරුවත් ද?’ කියල. පින්වත් ආනන්දයෙනි, එය මෙසේ නො දැක්ක යුතුයි. ඒ කාලයෙහි මඛාදේව රජු වුනේ මම යි. ඒ කල්‍යාණ වැඩපිළිවෙල පිහිටෙව්වෙත් මම යි. මා විසින් පිහිටවූ කල්‍යාණ වැඩපිළිවෙල තමයි පශ්චිම ජනතාව ඒ අයුරින් පවත්වාගෙන ආවෙ. පින්වත් ආනන්ද, ඒ කල්‍යාණ වැඩපිළිවෙල අවබෝධයෙන් ම කලකිරීම පිණිස හේතු වුනේ නෑ. විරාගය පිණිස හේතු වුනෙත් නෑ. නිරෝධය පිණිස හේතු වුනෙත් නෑ. සංසිඳීම පිණිස හේතු වුනෙත් නෑ. විශිෂ්ට ඤාණය පිණිස හේතු වුනෙත් නෑ. සම්බෝධිය පිණිස හේතු වුනෙත් නෑ. නිවන පිණිස හේතු වුනෙත් නෑ. එය හේතු වුනේ බඹලොව උපත පිණිස විතරයි.

ඉදං ඛෝ පනානන්ද, ඒතරහි මයා කල්‍යාණං වට්ටං නිහිතං ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමා චානන්ද, ඒතරහි මයා කල්‍යාණං වට්ටං නිහිතං ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති: අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථිදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි. ඉදං ඛෝ ආනන්ද, ඒතරහි මයා කල්‍යාණං වත්තං නිහිතං ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. තං ඛෝ අහං ආනන්ද, ඒවං වදාමි: යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාථ. මා ඛෝ මේ තුම්හේ අන්තිමපුරිසා අහුවත්ථ. යස්මිං ඛෝ ආනන්ද, පුරිසයුගේ වත්තමානේ ඒවරූපස්ස කල්‍යාණස්ස වට්ටස්ස සමුච්ඡේදෝ හෝති, සෝ තේසං අන්තිමපුරිසෝ හෝති. තං වෝ අහං ආනන්ද, ඒවං වදාමි: යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාථ. මා ඛෝ මේ තුම්හේ අන්තිමපුරිසා අහුවත්ථා’ති.

පින්වත් ආනන්ද, දැන් මම මේ කල්‍යාණ වැඩපිළිවෙලක් පිහිටුවලා තියෙනවා. මෙය නම් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් ම කලකිරීම පිණිස හේතු වෙනවා. විරාගය පිණිස හේතු වෙනවා. නිරෝධය පිණිස හේතු වෙනවා. සංසිඳීම පිණිස හේතු වෙනවා. විශිෂ්ට ඤාණය පිණිස හේතු වෙනවා. සම්බෝධිය පිණිස හේතු වෙනවා. නිවන පිණිස හේතු වෙනවා. පින්වත් ආනන්ද, මා විසින් පිහිටුවන ලද ඒකාන්තයෙන් ම අවබෝධයෙන් ම කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඤාණය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස හේතු වන්නා වූ කල්‍යාණ වැඩපිළිවෙල කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒ කුමක් ද යත්; සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙය යි.

පින්වත් ආනන්දය, දැන් මා විසින් පිහිටුවන ලද මෙම කල්‍යාණ වැඩපිළිවෙල ඒකාන්තයෙන් ම අවබෝධයෙන් ම කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඤාණය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස හේතු වෙනවා. එහෙයින් පින්වත් ආනන්ද, මං ඒ ගැන කියන්නේ මෙහෙමයි. “මා විසින් පිහිටුවන ලද යම් කල්‍යාණ වූ වැඩපිළිවෙලක් ඇද්ද, එය ඒ අයුරින් ම පවත්වන්න” කියල යි. “ඔබ මා පිහිටවූ වැඩපිළිවෙලෙහි අන්තිම පුරුෂයන් වෙන්නට එපා!” කියල යි.

පින්වත් ආනන්දය, යම් පුරුෂ යුගයක් පවතින කල්හි මේ ආකාර වූ කල්‍යාණ වැඩපිළිවෙල මුළුමනින් ම නැසී යයි ද, ඔහු තමයි මේ කල්‍යාණ වැඩපිළිවෙල රැගෙන ආ පරම්පරාවෙහි අන්තිම පුරුෂයා වන්නේ. එහෙයින් පින්වත් ආනන්ද, මං ඒ ගැන මෙහෙම යි කියන්නෙ. “මා විසින් පිහිටුවන ලද යම් කල්‍යාණ වූ වැඩපිළිවෙලක් ඇද්ද, එය ඒ අයුරින් ම පවත්වන්න” කියල යි. “ඔබ මා පිහිටවූ වැඩපිළිවෙලෙහි අන්තිම පුරුෂයන් වෙන්නට එපා!” කියලයි.

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මඛාදේව සුත්තං තතියං.

මඛාදේව රජු ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M