මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.4.2. රට්‌ඨපාල සුත්‌තං

2.4.2. රට්ඨපාල තෙරුන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුරූසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන ථුල්ලකොට්ඨිතං නාම කුරූනං නිගමෝ තදවසරි. අස්සෝසුං ඛෝ ථුල්ලකොට්ඨිතකා බ්‍රාහ්මණගහපතිකා: සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ කුරූසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං ථුල්ලකොට්ඨිතං අනුප්පත්තෝ. තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති, සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි මහත් භික්ෂු සංඝයා සමඟ චාරිකාවේ වඩිමින් සිටිය දී ථුල්ලකොට්ඨිත නම් කුරු වැසියන් ගේ නියම් ගමෙහි වැඩසිටියා. එවිට ථුල්ලකොට්ඨිත නියම්ගම් වාසී බ්‍රාහ්මණ ගෘහපතියන් හට මෙය අසන්නට ලැබුනා.

“භවත්නි, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහත් භික්ෂුසංඝයා සමඟ කුරු ජනපද චාරිකාවෙහි වඩිමින් සිටියදී ථුල්ලකොට්ඨිත නියම්ගමට ත් වැඩම කොට සිටිනවා. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් උද්ගතව පැතිරී තිබෙනවා.

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල. ඒ වගේ ම උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, සමාප්තිය වූ කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. මෙබඳු වූ රහතුන් ගේ දැක්ම කොතරම් අගේ ද” කියා ඒ බ්‍රාහ්මණ ගෘහපතිවරුන් අතර කතාබහ ඇතිවුනා.

අථ ඛෝ ථුල්ලකොට්ඨිතකා බ්‍රාහ්මණගහපතිකා යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා, ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතෝ සන්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ ථුල්ලකොට්ඨිතකේ බ්‍රාහ්මණගහපතිකේ භගවා ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි.

ඉතින් ථුල්ලකොට්ඨිත නියම්ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණි ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදුනා. එකත්පස්ව වාඩි වුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේට දෑත් එක්කොට වන්දනා කිරීමෙන් පසු එකත්පස්ව වාඩි වුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් නම් ගොත් වශයෙන් හඳුන්වා දී එකත්පස්ව වාඩිවුනා. ඇතැමෙක් නිශ්ශබ්දව ම එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ථුල්ලකොට්ඨිත නියම්ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරු හට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වා වදාළා. සමාදන් කරවා වදාළා. තෙද ගන්වා වදාළා. සතුටු කරවා වදාළා.

තේන ඛෝ පන සමයේන රට්ඨපාලෝ නාම කුලපුත්තෝ තස්මිංයේව ථුල්ලකොට්ඨිතේ අග්ගකුලිකස්ස පුත්තෝ තස්සං පරිසායං නිසින්නෝ හෝති. අථ ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස ඒතදහෝසි:යථා යථා ඛෝ භගවා ධම්මං දේසේති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං, යංනූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. අථ ඛෝ ථුල්ලකොට්ඨිතකා බ්‍රාහ්මණගහපතිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහංසිතා භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ අචිරපක්කන්තේසු ථුල්ලකොට්ඨිතකේසු බ්‍රාහ්මණගහපතිකේසු යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ භගවන්තං ඒතදවෝච: ‘යථා යථාහං භන්තේ, භගවතා ධම්මං දේසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං, ලභෙය්‍යාහං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පදන්ති.

එවේලෙහි ඒ ථුල්ලකොට්ඨිත නියම්ගමෙහි ප්‍රධාන සිටුවරයා ගේ පුත්‍රයා වන රට්ඨපාල නම් තරුණ කුමාරයෙක් ඒ පිරිස අතරෙහි වාඩි වී සිටියා. ඉතින් ඒ රට්ඨපාල කුලපුත්‍රයා හට මෙහෙම හිතුනා. “භාග්‍යවතුන් වහන්සේ යම් යම් අයුරකින් ධර්ම දේශනා කරන සේක් ද, ඒ අයුරින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පාරිශුද්ධ වූ, පිරිසිදු කළ සංඛයක් බඳු නිවන් මඟ හැසිරෙන එක ගිහි ජීවිතය තුළ දී නම් පහසු දෙයක් නොවේ. එනිසා මං කෙස් රැවුල් බහා කසා වත් පොරවා ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙන එක තමයි හොඳ.”

එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ, සමාදන් කරවූ, තෙද ගැන්වූ, සතුටු කරවූ ථුල්ලකොට්ඨිත ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන් වෙලා හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා. එතකොට රට්ඨපාල කුමාරයා ථුල්ලකොට්ඨිත ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් නික්ම ගොස් සුළු වෙලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳගත් රට්ඨපාල කුලපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් යම් අයුරකින් ධර්ම දේශනා කරන සේක් ද, ඒ අයුරින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පාරිශුද්ධ වූ, පිරිසිදු කළ සංඛයක් බඳු නිවන් මඟ හැසිරෙන එක ගිහි ජීවිතය තුළ දී නම් පහසු දෙයක් නොවේ. එනිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මට පැවිද්ද ලැබේවා! උපසම්පදාව ද ලැබේවා!”

අනුඤ්ඤාතෝසි පන ත්වං රට්ඨපාල, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?

“පින්වත් රට්ඨපාල, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වන්නට මව්පියන් ගෙන් අවසර ගත්තා ද?”

න ඛෝ අහං භන්තේ, අනුඤ්ඤාතෝ මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති.

“ස්වාමීනී, මං ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වන්නට මව්පියන් ගෙන් අවසර ගත්තෙ නෑ.”

න ඛෝ රට්ඨපාල, තථාගතා අනනුඤ්ඤාතං මාතාපිතූහි පුත්තං පබ්බාජෙන්තීති.

“පින්වත් රට්ඨපාල, තථාගයන් වහන්සේලා මව්පියන් විසින් අවසර නො දුන් දරුවෙකු පැවිදි කරන්නෙ නැහැ.”

ස්වාහං භන්තේ තථා කරිස්සාමි යථා මං මාතාපිතරෝ අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති.

“ස්වාමීනී, එහෙම නම් ගිහි ගෙයින් නික්ම බුදු සසුනේ පැවිදි වීමට මට මව්පියන් ගෙන් අවසර ලැබෙයි නම් ඒ අයුරින් මා කටයුතු කරන්නම්.”

අථ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන මාතාපිතරෝ තේනුපසංකමි. උපසංකමිත්වා මාතාපිතරෝ ඒතදවෝච: ‘අම්ම තාත, යථා යථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං, ඉච්ඡාමහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං, අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති.

ඉතින් රට්ඨපාල කුලපුත්‍රයා හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට මව්පියන් කරා ගියා. ගිහින් මව්පියන්ට මෙය පැවසුවා. “මෑණියනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් අයුරකින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය දැනගන්නට නම්, ඒ අයුරින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පාරිශුද්ධ වූ, පිරිසිදු කළ සංඛයක් බඳු නිවන් මඟ හැසිරෙන එක ගිහි ජීවිතය තුළ දී නම් පහසු දෙයක් නොවේ. එනිසා මං කෙස් රැවුල් බහා කසා වත් පොරවා ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙන්නට කැමතියි. ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වීමට මට අවසර දෙන්න.”

ඒවං වුත්තේ, රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරෝ රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුං: ‘ත්වං ඛෝසි තාත රට්ඨපාල, අම්හාකං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිහතෝ න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. ඒහි ත්වං තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරේහි ච, භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණේනපි තේ මයං අකාමකා විනා භවිස්සාම, කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?

මෙසේ පැවසූ විට රට්ඨපාල කුල පුත්‍රයා ගේ මව්පියන් රට්ඨපාල කුල පුතු හට මෙය පැවසුවා. “පින්වත් රට්ඨපාල පුතේ, නුඹ තමයි අප ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් පින්වත් රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. පින්වත් රට්ඨපාල පුතේ, නුඹ එන්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. හැබැයි නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට නම් අවසර දෙන්නෙ නැහැ. අපි මරණයේ දී වුණත් නුඹ ගෙන් වෙන්වන්නට කැමති නැහැ. එහෙම එකේ අපි ජීවත්ව සිටිය දී නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දේවි ද?”

දුතියම්පි ඛෝ ….(පෙ)…. තතියම්පි ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ මාතාපිතරෝ ඒතදවෝච: ‘අම්ම තාත, යථා යථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං, අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති. තතියම්පි ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරෝ රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුං: ‘ත්වං ඛෝසි තාත රට්ඨපාල, අම්හාකං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිභතෝ. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. ඒහි ත්වං තාත රට්ඨපාල භුඤ්ජ ච පිව ච පරිචාරේ හි ච, භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. මරණේනපි තේ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති?

දෙවෙනි වතාවට ත් ….(පෙ)…. තුන්වෙනි වතාවට ත්, මව්පියන්ට මෙය පැවසුවා. “මෑණියනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් අයුරකින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය දැනගන්නට නම්, ඒ අයුරින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පාරිශුද්ධ වූ, පිරිසිදු කළ සංඛයක් බඳු නිවන් මඟ හැසිරෙන එක ගිහි ජීවිතය තුළ දී නම් පහසු දෙයක් නොවේ. එනිසා මං කෙස් රැවුල් බහා කසා වත් පොරවා ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙන්නට කැමතියි. ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වීමට මට අවසර දෙන්න.”

මෙසේ පැවසූ විට රට්ඨපාල කුල පුත්‍රයා ගේ මව්පියන් රට්ඨපාල කුල පුතු හට මෙය පැවසුවා. “පින්වත් රට්ඨපාල පුතේ, නුඹ තමයි අප ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් පින්වත් රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. පින්වත් රට්ඨපාල පුතේ, නුඹ එන්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. හැබැයි නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට නම් අවසර දෙන්නෙ නැහැ. අපි මරණයේ දී වුනත් නුඹ ගෙන් වෙන්වන්නට කැමති නැහැ. එහෙම එකේ අපි ජීවත්ව සිටිය දී නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දේවි ද?”

අථ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ මාතාපිතුසු පබ්බජජං අලභමානෝ තත්ථේව අනන්තරහිතාය භූමියා නිපජ්ජි, ඉධේව මේ මරණං භවිස්සති පබ්බජ්ජා වාති.

එතකොට මව්පියන් ගෙන් පැවිදි වීමට අවසර නො ලැබූ රට්ඨපාල කුමාරයා කිසිවක් නො අතුල ඒ බිම එතැන ම ඇද වැටුනා. ‘එක්කො මං මෙතන ම මැරිලා යනවා. නැත්නම් පැවිදි වෙනවා’ කියල.

අථ ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරෝ රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුං: ‘ත්වං ඛෝසි තාත රට්ඨපාල, අම්හාකං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිභතෝ, න ත්වං තාත රට්ඨපාල, කස්සචි, දුක්ඛස්ස ජානාසි, උට්ඨේහි තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරේහි ච. භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. මරණේනපි තේ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?

ඉතින් රට්ඨපාල කුලපුත්‍රයා ගේ මව්පියන් රට්ඨපාල කුල පුතු හට මෙය පැවසුවා. “පින්වත් රට්ඨපාල පුතේ, නුඹ තමයි අප ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් පින්වත් රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. පින්වත් රට්ඨපාල පුතේ, නුඹ එන්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. හැබැයි නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට නම් අවසර දෙන්නෙ නැහැ. අපි මරණයේ දී වුනත් නුඹ ගෙන් වෙන්වන්නට කැමති නැහැ. එහෙම එකේ අපි ජීවත්ව සිටිය දී නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දේවි ද?”

ඒවං වුත්තේ රට්ඨපාලෝ කුලපුත්තෝ තුණ්හී අහෝසි. දුතියම්පි ඛෝ ….(පෙ)…. තතියම්පි ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරෝ රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුං: ‘ත්වං ඛෝසි තාත රට්ඨපාල, අම්හාකං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිභතෝ. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨේහි තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරේහි ච, භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණේනපි තේ මයං අකාමකා විනා භවිස්සාම, කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති? තතියම්පි ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ තුණ්හී අහෝසි.

එසේ පැවසූ විට රට්ඨපාල කුමාරයා නිශ්ශබ්ද වුනා. දෙවෙනි වතාවට ත්, ….(පෙ)…. තුන්වෙනි වතාවට ත්, රට්ඨපාල කුලපුත්‍රයා ගේ මව්පියන් රට්ඨපාල කුල පුතු හට මෙය පැවසුවා. “පින්වත් රට්ඨපාල පුතේ, නුඹ තමයි අප ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් පින්වත් රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. පින්වත් රට්ඨපාල පුතේ, නුඹ එන්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. හැබැයි නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට නම් අවසර දෙන්නෙ නැහැ. අපි මරණයේ දී වුනත් නුඹ ගෙන් වෙන්වන්නට කැමති නැහැ. එහෙම එකේ අපි ජීවත්ව සිටිය දී නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දේවි ද?” තුන්වෙනි වතාවට ත් රට්ඨපාල කුමාරයා නිශ්ශබ්ද වුනා.

අථ ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතා පිතරෝ යේන රට්ඨපාලස්ස සහායකා තේනුපසංකමිංසු, උපසංකමිත්වා රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහයකේ ඒතදවෝචුං: ඒසෝ තාත, රට්ඨපාලෝ කුලපුත්තෝ අනන්තරහිතාය භූමියා නිපන්නෝ: ‘ඉධේව මේ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති. ඒථ තාතා, යේන රට්ඨපාලෝ කුලපුත්තෝ තේනුපසංකමථ, උපසංකමිත්වා රට්ඨපාල කුලපුත්තං ඒවං වදේථ: ‘ත්වං ඛෝ සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිභතෝ, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨේහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරේහි ච, භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු. න තං මාතාපිතරෝ අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණේනපි තේ මාතාපිතරෝ අකාමකා විනා භවිස්සන්ති, කිං පන තේ තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති?

එතකොට රට්ඨපාල කුල පුත්‍රයා ගේ මව්පියන් රට්ඨපාල කුලපුත්‍රයා ගේ යහළුවන් කරා ගියා. ගිහින් රට්ඨපාල කුලපුත්‍රයන් ගේ යහළුවන්ට මෙය කිව්වා. “අනේ පින්වත් දරුවනේ, රට්ඨපාල කුමාරයා කිසිවක් නො අතුල බිමෙහි ඇද වැටිලා ඉන්නවා. ‘එක්කො මෙතන ම මාගේ මරණය සිදුවේවි. එහෙම නැත්නම් පැවිදි වේවි’ කියල. අනේ දරුවෙනේ වරෙව්, රට්ඨපාල කුලපුත්‍රයා ළඟට පැමිණෙව්. පැමිණ රට්ඨපාල කුලපුත්‍රයා හට මෙය පවසව්. ‘ප්‍රිය යහළු රට්ඨපාලය, නුඹ තමයි මේ දෙමව්පියන් ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් යහළු රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. යහළු රට්ඨපාලය, නැගිටින්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. හැබැයි නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට නම් අවසර දෙන්නෙ නැහැ. දෙමව්පියන් මරණයේ දී වුනත් නුඹ ගෙන් වෙන්වන්නට කැමති නැහැ. එහෙම එකේ ඒ උදවිය ජීවත්ව සිටිය දී නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දේවි ද?’ කියල.”

අථ ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යේන රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතුන්නං පටිස්සුත්වා යේන රට්ඨපාල කුලපුත්තෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුං: ‘ත්වං ඛෝ සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිභතෝ, න ත්වං, සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨේහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරේහි ච, භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු. න තං මාතාපිතරෝ අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණේනපි තේ මාතාපිතරෝ අකාමකා විනා භවිස්සන්ති. කිං පන තේ තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?

ඉතින් රට්ඨපාල කුමාරයා ගේ යහළුවන් රට්ඨපාල කුමාරයා ගේ මාපියන් හට පිළිතුරු දී රට්ඨපාල කුමාරයා වෙත පැමිණුනා. පැමිණ රට්ඨපාල කුමාරයාට මෙය පැවසුවා. “ප්‍රිය යහළු රට්ඨපාලය, නුඹ තමයි මේ දෙමව්පියන් ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් යහළු රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. යහළු රට්ඨපාලය, නැගිටින්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. හැබැයි නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට නම් අවසර දෙන්නෙ නැහැ. දෙමව්පියන් මරණයේ දී වුනත් නුඹ ගෙන් වෙන්වන්නට කැමති නැහැ. එහෙම එකේ ඒ උදවිය ජීවත්ව සිටිය දී නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දේවි ද?”

ඒවං වුත්තේ, රට්ඨපාලෝ කුලපුත්තෝ තුණ්හී අහෝසි. දුතියම්පි ඛෝ ….(පෙ)…. තතියම්පි ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුං: ත්වං ඛෝ සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිභතෝ, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨේහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරේහි ච, භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු. න තං මාතාපිතරෝ අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණේනපි තේ මාතාපිතරෝ අකාමකා විනා භවිස්සන්ති, කිං පන තේ තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති. තතියම්පි ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ තුණ්හී අහෝසි.

එසේ පැවසූ විට රට්ඨපාල කුමාරයා නිශ්ශබ්ද වුණා. දෙවෙනි වතාවට ත් ….(පෙ)…. තුන්වෙනි වතාවට ත්, රට්ඨපාල කුමාරයා ගේ යහළුවන් රට්ඨපාල කුමාරයාට මෙය පැවසුවා. “ප්‍රිය යහළු රට්ඨපාලය, නුඹ තමයි මේ දෙමව්පියන් ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් යහළු රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. යහළු රට්ඨපාලය, නැගිටින්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. හැබැයි නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට නම් අවසර දෙන්නෙ නැහැ. දෙමව්පියන් මරණයේ දී වුණත් නුඹ ගෙන් වෙන්වන්නට කැමති නැහැ. එහෙම එකේ ඒ උදවිය ජීවත්ව සිටිය දී නුඹට ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දේවි ද?” තුන්වෙනි වතාවට ත් රට්ඨපාල කුමාරයා නිශ්ශබ්ද වුනා.

අථ ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යේන රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරෝ තේනුපසංකමිංසු, උපසංකමිත්වා රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරෝ ඒතදවෝචුං: ‘අම්ම තාත, ඒසෝ රට්ඨපාලෝ කුලපුත්තෝ තත්ථේව අනන්තරහිතාය භූමියා නිපන්නෝ ඉධේව මේ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති. සචේ තුම්හේ රට්ඨපාලං කුලපුත්තං නානුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, තත්ථේවස්ස මරණං ආගමිස්සති. සචේ පන තුම්හේ රට්ඨපාලං කුලපුත්තං අනුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, පබ්බජිතම්පි නං දක්ඛිස්සථ. සචේ රට්ඨපාලෝ කුලපුත්තෝ නාභිරමිස්සති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, කා චස්ස අඤ්ඤා ගති භවිස්සති, ඉධේව පච්චාගමිස්සති. අනුජානාථ රට්ඨපාලං කුලපුත්තං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති.

එතකොට රට්ඨපාල කුමාරයා ගේ යහළුවන් රට්ඨපාල කුමාරයා ගේ මව්පියන් වෙත ගියා. ගිහින් රට්ඨපාල කුමාරයා ගේ මව්පියන්ට මෙය පැවසුවා. “මෑණියනි, පියාණෙනි, මේ රට්ඨපාල කුමාරයා ‘එක්කො මගේ මරණය මෙතැන ම සිද්ධ වේවි. නැත්නම් මං පැවිදි වේවි’ කියල කිසිවක් නො අතුල බිමෙහි එතනම වැටිල ඉන්නවා නෙව. යම් හෙයකින් ඔබ රට්ඨපාල කුමාරයාට ගිහි ගෙය අත්හැර පැවිදි වෙන්නට අවසර නො දුන හොත් එතන ම ඔහු ගේ මරණය සිද්ධ වේවි. නමුත් යම්හෙයකින් ඔබ රට්ඨපාල කුමාරයාට ගිහි ගෙය අත්හැර පැවිදි වෙන්නට අවසර දුනහොත් පැවිදි වූ කුමාරයාව දැකගන්නට පුළුවන්. ඒ වගේ ම යම් හෙයකින් රට්ඨපාල කුමාරයා ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිද්දට සිත් අලවා වාසය නො කළ හොත්, ආයෙ ඉතින් වෙන කොහේ යන්ට ද? ආපසු මෙහි ම හැරී එනවා නෙව. එනිසා රට්ඨපාල කුමාරයාට ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙන්නට අවසර දෙනු මැනව.”

අනුජානාම තාතා, රට්ඨපාලං කුලපුත්තං අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බජිතේන ච පන මාතාපිතරෝ උද්දස්සේතබ්බාති.

“එසේ නම් දරුවෙනි, රට්ඨපාල කුමාරයාට ගිහි ගෙයින් නික්ම පැවිදි වෙන්නට අවසර දෙන්නම්. හැබැයි පැවිදි වෙලා වුනත් මව්පියන් ඉදිරියේ නිතර නිතර පෙනී සිටින්නට වේවි.”

අථ ඛෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යේන රට්ඨපාලෝ කුලපුත්තෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුං: ත්වං ඛෝ සම්ම රට්ඨපාල, මාතාපිතූනං ඒකපුත්තකෝ පියෝ මනාපෝ සුඛේධිතෝ සුඛපරිහතෝ, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි, උට්ඨේහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරේහි ච. භුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිභුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අභිරමස්සු, අනුඤ්ඤාතෝසි මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බජිතේන ච තේ මාතාපිතරෝ උද්දස්සේතබ්බා”ති.

එතකොට රට්ඨපාල කුලපුත්‍රයා ගේ යහළුවන් රට්ඨපාල කුලපුත්‍රයා වෙත පැමිණුනා. පැමිණ රට්ඨපාල කුලපුත්‍රයාට මෙය පැවසුවා. “ප්‍රිය යහළු රට්ඨපාලයෙනි, නුඹ තමයි මේ දෙමව්පියන් ගේ එක ම දරුවා. ප්‍රිය වූ, මනාප වූ, සුව සේ ඇතිදැඩි කළ, සුව සේ පෝෂණය කළ දරුවා. ඉතින් යහළු රට්ඨපාල, නුඹ කිසි දුකක් දන්නෙ නැහැ. යහළු රට්ඨපාලය, නැගිටින්න. හොඳින් කන්න, බොන්න, සිත් අලවා ගෙන ඉන්න. ඉතින් හොඳට කමින්, බොමින්, සිත් අලවමින්, කම්සැප පරිභෝග කරමින්, පින් දහම් කරමින්, ගිහි ජීවිතයෙහි ඇලී ඉන්න. ඒ වගේ ම ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙන්නට මව්පියන් ගෙන් අවසර ත් ලැබුනා. හැබැයි එක දෙයක් තියෙනවා. පැවිදි වෙලා වුනත් මව්පියන් ඉදිරියේ නිතර නිතර පෙනී සිටින්නට වේවි.”

අථ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ උට්ඨහිත්වා බලං ගාහෙත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ භගවන්තං ඒතදවෝච: ‘අනුඤ්ඤාතෝ අහං භන්තේ, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, පබ්බාජේතු මං භගවා’ති. අලත්ථ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං.

එතකොට රට්ඨපාල කුමාරයා නැගිට දුර්වල වූ ශරීර ශක්තිය යළි ගොඩනගා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව හිඳ ගත් රට්ඨපාල කුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වීමට මව්පියන් ගෙන් අවසර ලැබුනා. භාග්‍යවතුන් වහන්ස, මාව පැවිදි කරන සේක්වා!” ඉතින් රට්ඨපාල කුමාරයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිද්ද ලැබුවා. උපසම්පදාව ත් ලැබුවා.

අථ ඛෝ භගවා අචිරූපසම්පන්නේ ආයස්මන්තේ රට්ඨපාලේ අද්ධමාසූපසම්පන්නේ, ථුල්ලකොට්ඨිතේ යථාභිරන්තං විහරිත්වා යේන සාවත්ථි තේන චාරිකං පක්කාමි, අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන සාවත්ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ඛෝ පනායස්මා රට්ඨපාලෝ අරහතං අහෝසි.

භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාලයන් උපසම්පදාව ලබා සුළු කලකින් අඩමාසයකින් පමණ ථුල්ල කොට්ඨිත නියම් ගමෙහි කැමතිතාක් වැඩ හිඳ සැවැත් නුවර කරා චාරිකාවෙහි වැඩියා. අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට වැඩියා. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුවරයා ගේ ආරාමයෙහි ය.

ඉතින් ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ තනිව ම හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන ඒ උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.

අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා රට්ඨපාලෝ භගවන්තං ඒතදවෝච: ‘ඉච්ඡාමහං භන්තේ, මාතාපිතරෝ උද්දස්සේතුං, සචේ මං භගවා අනුජානාතී’ති.

එදා ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මං මාපියන් ඉදිරියෙහි පෙනී සිටින්නට කැමතියි.”

අථ ඛෝ භගවා ආයස්මතෝ රට්ඨපාලස්ස චේතසා චේතෝ චේතෝපරිවිතක්කං මනසාකාසි. යදා භගවා අඤ්ඤාසි: ‘අභබ්බෝ ඛෝ රට්ඨපාලෝ කුලපුත්තෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිතු’න්ති. අථ ඛෝ භගවා ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝච: යස්සදානි ත්වං රට්ඨපාල, කාලං මඤ්ඤසී’ති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාලයන් ගේ සිතිවිල්ල තම සිතින් පිරිසිඳ දැන මෙනෙහි කොට වදාළා. යම් කලෙක ‘ආයුෂ්මත් රට්ඨපාල කුලපුත්‍රයා ශාසනයෙහි හික්මීම ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙන්නට අභව්‍ය යැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් දැන වදාළ සේක් ද, එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාලයන් හට මෙය වදාළා. “පින්වත් රට්ඨපාලයෙනි, දැන් යමකට කාලය නම් එය දැනගන්න.”

අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සේනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යේන ථුල්ලකොට්ඨිතං තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන ථුල්ලකොට්ඨිතං තදවසරි. තත්‍ර සුදං ආයස්මා රට්ඨපාලෝ ථුල්ලකොට්ඨිතේ විහරති රඤ්ඤෝ කෝරව්‍යස්ස මිගාචීරේ. අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ථුල්ලකොට්ඨිතං පිණ්ඩාය පාවිසි, ථුල්ලකොට්ඨිතේ සපදානං පිණ්ඩාය චරමානෝ යේන සකපිතුනිවේසනං තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා මජ්ක්‍ධිමාය ද්වාරසාලාය උල්ලිඛාපේති. අද්දසා ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා ආයස්මන්තං රට්ඨපාලං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන ඒතදවෝච: ‘ඉමේහි මුණ්ඩකේහි සමණකේහි අම්හාකං ඒකපුත්තකෝ පියෝ මනාපෝ පබ්බාජිතෝ’ති. අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ සකපිතු නිවේසනේ නේව දානං අලත්ථ, න පච්චක්ඛානං, අඤ්ඤදත්ථු අක්කෝසමේව අලත්ථ.

ඉතින් ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට සෙනසුන් අස්පස් කොට තබා පා සිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගම දෙසට පිටත් වුනා. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් ථුල්ලකොට්ඨිත නියම්ගමට පැමිණියා. ඒ දිනවල ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ වැඩවිසුවේ කෝරව්‍ය රජු ගේ මිගාචීර නම් උද්‍යානයෙහි ය. එදා ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගමෙහි පිඬු පිණිස වැඩියා. ථුල්ලකොට්ඨිත නියම්ගමෙහි ගෙපිලිවෙලින් පිඬු පිණිස වඩිමින් තම පියා ගේ මාළිගය වෙත ත් පැමිණියා. එවේලෙහි ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ ගේ පියා මධ්‍යම ද්වාර ශාලාවෙහි සේවකයෙක් ලවා හිස පීරවා ගනිමින් සිටියා. එවිට ආයුෂ්මත් රට්ඨපාලයන් ගේ පියා දුරින් ම වඩින්නා වූ ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේව දැක්කා. දැක මෙය පැවසුවා.

“මේ හිස මුඩු ශ්‍රමණවරුන් තමයි අප ගේ ප්‍රිය මනාප වූ එක ම දරුවා ව මහණ කරගත්තේ.” එවිට ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ තම පියා ගේ මාළිගයෙන් දානයක් ලැබුවෙ නැහැ. ප්‍රතික්ෂේප කිරීමක් ලැබුවෙත් නැහැ. නමුත් සැබැවින් ම ආක්‍රෝශ නම් ලැබුවා.

තේන ඛෝ පන සමයේන ආයස්මතෝ රට්ඨපාලස්ස ඤාතිදාසී ආභිදෝසිකං කුම්මාසං ඡඩ්ඩේතුකාමා හෝති. අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ තං ඤාතිදාසිං ඒතදවෝච: ‘සචේතං භගිනි, ඡඩ්ඩනීයධම්මං ඉධ මේ පත්තේ ආකිරා’ති.

ඒ වෙලාවෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ ඤාති දාසියක් පිළුණු වූ පිට්ටුවක් වීසි කරනු කැමති වුනා. එවිට ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ එම ඤාති දාසියට මෙය පැවසුවා. “ඉදින් පින්වත් සොයුරිය, එය වීසි කළ යුතු දෙයක් නම් මෙහි මාගේ පාත්‍රයට දමන්න.”

අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස ඤාතිදාසී තං ආභිදෝසිකං කුම්මාසං ආයස්මතෝ රට්ඨපාලස්ස පත්තේ ආකිරන්තී හත්ථානඤ්ච පාදානඤ්ච සරස්ස ච නිමිත්තං අග්ගහේසි. අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස ඤාතිදාසී යේනායස්මතෝ රට්ඨපාලස්ස මාතා තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතෝ රට්ඨපාලස්ස මාතරං ඒතදවෝච: ‘යග්ඝෙය්‍යෙ ජානෙය්‍යාසි. අය්‍යපුත්තෝ රට්ඨපාලෝ අනුප්පත්තෝති.

ඉතින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ ඤාති දාසිය ඒ පිළුණු පිට්ටුව ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පාත්‍රයට දමන්නී අත් පා හැඩ රුවෙන් ද, හඬේ ස්වරයෙන් ද හඳුනාගත්තා. ඒ රට්ඨපාල තෙරුන් ගේ ඤාති දාසිය රට්ඨපාල මාතාව වෙත ගියා. ගිහින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මැණීයන්ට මෙය පැවසුවා. “සැබැවින් ම ආර්යාවෙනි, දන්නවා ද? ආර්ය පුත්‍ර වූ රට්ඨපාලයන් වහන්සේ වැඩම කරලා සිටිනවා නෙව.”

සචේ ජේ සච්චං වදසි, අදාසී භවසී’ති. අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස මාතා යේනායස්මතෝ රට්ඨපාලස්ස පිතා තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මතෝ රට්ඨපාලස්ස පිතරං ඒතදවෝච: යග්ඝේ ගහපති ජානෙය්‍යාසි, ‘රට්ඨපාලෝ කිර කුලපුත්තෝ අනුප්පත්තෝ’ති.

“එම්බා කෙල්ල, ඔය කතාව ඇත්තක් නම්, අද පටන් තී දාසියක් නො වෙයි.” එවිට ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මව් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියා වෙත ගියා. ගිහින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියාණන් හට මෙය පැවසුවා. “සැබැවින් ම ගෘහපතිය, දන්නවා ද? රට්ඨපාල කුලපුත්‍රයා ඇවිත් ඉන්නවා ලු.”

තේන ඛෝ පන සමයේන ආයස්මා රට්ඨපාලෝ තං ආභිදෝසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩං නිස්සාය පරිභුඤ්ජති. අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා යේනායස්මා රට්ඨපාලෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝච: අත්ථි නාම තාත රට්ඨපාල, ආභිදෝසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි, නනු තාත රට්ඨපාල, සකං ගේහං ගන්තබ්බන්ති.

ඒ මොහොතේ ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ ඒ පිළුණු වූ පිට්ටුව ගෙන එක්තරා බිත්තියකට පිට දී වළඳනවා. එවිට ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියාණන් ආයුෂ්මත් රට්ඨපාලයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් රට්ඨපාලයන්ට මෙය පැවසුවා. “රට්ඨපාල පුතණුවෙනි, ඔය වළඳන්නේ පිළුණු වූ පිට්ටුවක් නෙව. රට්ඨපාල පුතණුවෙනි, තමන් ගේ නිවසට යා යුතු බව දන්නේ නැද්ද?”

කුතෝ නෝ ගහපති, අම්හාකං ගේහං අගාරස්මා අනගාරියං පබ්බජිතානං, අනගාරා මයං ගහපති, අගමම්හා ඛෝ තේ, ගහපති ගේහං, තත්ථ නේව දානං අලත්ථම්හ, න පච්චක්ඛානං අඤ්ඤදත්ථු අක්කෝසමේව අලත්ථම්හා’ති.

“පින්වත් ගෘහපතිය, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූ අපට ගෙයක් කොයින් ද? පින්වත් ගෘහපතිය, අපට ගෙවල් නැහැ. පින්වත් ගෘහපතිය, ඔබ ගේ නිවසට අප පැමිණුනා. පින්වත් ගෘහපතිය, නමුත් එහිදී දානයක් නම් ලැබුනෙ නැහැ. ප්‍රතික්ෂේප කිරීමකුත් ලැබුනෙ නැහැ. හැබැයි ආක්‍රෝශ නම් ලැබුනා.”

‘ඒහි තාත රට්ඨපාල, ඝරං ගමිස්සාමා’ති.

“රට්ඨපාල පුතණුවෙනි, එන්න. ගෙට යමු.”

‘අලං ගහපති, කතං මේ අජ්ජ භත්තකිච්ච’න්ති.

“පින්වත් ගෘහපතිය, වැඩක් නැහැ. අද ආහාර ගැනීම කරල ඉවරයි.”

‘තේන හි තාත රට්ඨපාල, අධිවාසේහි ස්වාතනාය භත්ත’න්ති.

“එසේ වී නම් රට්ඨපාල පුතණුවෙනි, හෙට දවසේ දානය පිළිගත මැනැව.”

අධිවාසේසි ඛෝ ආයස්මා රට්ඨපාලෝ තුණ්හීභාවේන. අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා ආයස්මතෝ රට්ඨපාලස්ස අධිවාසනං විදිත්වා යේන සකං නිවේසනං තේනුපසංකමි, උපසංකමිත්වා මහන්තං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං කාරාපෙත්වා කිලඤ්ජේහි පටිච්ඡාදාපෙත්වා ආයස්මතෝ රට්ඨපාලස්ස පුරාණදුතියිකා ආමන්තේසි: ඒථ තුම්හේ වධුයෝ යේන අලංකාරේන අලංකතා පුබ්බේ රට්ඨපාලස්ස කුලපුත්තස්ස පියා හෝථ මනාපා, තේන අලංකාරේන අලංකරෝථාති.

එවිට ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් යුතුව එම ඇරයුම පිළිගත්තා. එවිට ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් තම ඇරයුම පිළිගත් බව දැන රට්ඨපාල තෙරුන් ගේ පියා සිය මාළිගයට ගියා. ගොස් මහත් වූ රන් රුවන් රැසක් ගොඩ ගස්වා කළාලයකින් වස්සවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පැරණි බිරින්දෑවරුන් ඇමතුවා.

“කණවැන්ඳුම් තැනැත්තියෙනි, නුඹලා එව්. යම් අලංකාරයකින් සැරසුන විට ඉස්සර රට්ඨපාල කුලපුත්‍රයාට ප්‍රිය බවක්, මනාපයක් ඇතිවෙනවා ද, අන්න එබඳු අලංකාරයෙන් සැරසෙව්.”

අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා ආයස්මතෝ රට්ඨපාලස්ස කාලං ආරෝචේසි: ‘කාලෝ තාත රට්ඨපාල, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන සකපිතු නිවේසනං තේනුපසංකමි, උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා තං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං විවරාපෙත්වා ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝච: ‘ඉදං තේ තාත රට්ඨපාල, මාතු මත්තිකං ධනං, අඤ්ඤං පෙත්තිකං, අඤ්ඤං පිතාමහං. සක්කා තාත රට්ඨපාල, භෝගේ ච භුඤ්ජිතුං, පුඤ්ඤානි ච කාතුං, ඒහි ත්වං තාත රට්ඨපාල, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භෝගේ ච භුඤ්ජස්සු, පුඤ්ඤානි ච කරෝහීති.

ඉතින් රට්ඨපාල තෙරුන් ගේ පියා ඒ රැය අවෑමෙන් තම මාළිගයෙහි ප්‍රණීත වූ ඛාද්‍යභෝජ්‍ය සකසා ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට ‘පුත රට්ඨපාලයෙනි, දැන් සුදුසු කාලය යි. දානය පිළියෙල කළා.’ කියලා කල් දැනුම් දුන්නා. එවිට ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්තරය ගෙන සිය පියා ගේ මාළිගය වෙත පැමිණුනා. පැමිණ පණවන ලද අසුනෙහි වැඩසිටියා. එවිට ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පියා ඒ වසා තිබූ කළාලය ඉවත් කොට ගොඩ ගසා ඇති රන් රුවන් රාශිය පෙන්වා ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට මෙය පැවසුවා.

“පුත රට්ඨපාලයෙනි, මෙය නුඹ ගේ මව සතු ධනය යි. අනික නුඹ ගේ පියා සතු ධනය යි. අනික මුත්තා සතු ධනය යි. රට්ඨපාල පුතණුවෙනි, දැන් ඉතින් භෝග සම්පත් වළඳන්නට ත් පුළුවනි. පින් කරගන්නට ත් පුළුවනි. රට්ඨපාල පුතණුවෙනි, නුඹ එන්න. සසුනෙහි හික්මීම ප්‍රතික්ෂේප කොට ගිහි බවට පැමිණ භෝග සම්පත් වළඳන්න. පින්දහම් කරන්න.”

සචේ මේ ත්වං ගහපති වචනං කරෙය්‍යාසි, ඉමං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං සකටේසු ආරෝපෙත්වා නිබ්බාහාපෙත්වා මජ්ඣේගංගාය නදියා සෝතේ ඕසිලාපෙය්‍යාසි. තං කිස්ස හේතු: ‘උප්පජ්ජිස්සන්ති හි තේ ගහපති, තතෝනිදානං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා’ති.

“පින්වත් ගෘහපතිය, ඉදින් ඔබ මා කියන දෙය කරනවා නම්, මේ හිරණ්‍යස්වර්ණ රැස ගැල්වල පටවා ගෙන ගොස් ඒවා එයින් බැහැර කොට ගංඟාව මැද සැඩ පහරට ගිල්ලවා දමන්න. මක් නිසාද යත්; පින්වත් ගෘහපතිය, මේවා හේතු කොට ගෙන ශෝක, වැළපීම්, දුක්, දොම්නස් උපදිනවා. සුසුම් හෙලීම් උපදිනවා.”

අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පුරාණදුතියිකායෝ පච්චේකං පාදේසු ගහෙත්වා ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝචුං: ‘කීදිසා නාම තා අය්‍යපුත්තක, අච්ඡරායෝ, යාසං ත්වං හේතු බ්‍රහ්මචරියං චරසී’ති?

එතකොට ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පැරණි බිරින්දෑවරුන් වෙන වෙන ම පා වලින් ගෙන ආයුෂ්මත් රට්ඨපාලයන් හට මෙය පැවසුවා. “පින්වත් ආර්ය පුත්‍රය, යම් අප්සාරාවන් පිණිස නුඹ වහන්සේ බඹසර හැසිරෙන සේක් නම්, ඒ අප්සරාවෝ කෙබඳු ද?”

‘න ඛෝ මයං භගිනී, අච්ඡරානං හේතු බ්‍රහ්මචරියං චරාමා’ති.

“පින්වත් සොහොයුරියනි, මං අප්සරාවන් හේතු කොට ගෙන බඹසර හැසිරෙන්නෙ නැහැ.”

භගිනිවාදේන නෝ අය්‍යපුත්තෝ රට්ඨපාලෝ සමුදාචරතී’ති තා තත්ථේව මුච්ඡිතා පපතිංසු.

එවිට “අහෝ! ආර්ය පුත්‍ර වූ පින්වත් රට්ඨපාලයාණෝ අපට සොහොයුරිවාදයෙන් කතා කරනවා නෙව” කියා එතන ම සිහි නැතුව වැටුනා.

අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ පිතරං ඒතදවෝච: සචේ ගහපති, භෝජනං දාතබ්බං දේථ, මා නෝ විහේඨේථා’ති.

එවිට ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ පියාණන් හට මෙය පැවසුවා.

“ඉදින් පින්වත් ගෘහපතිය බොජුන් දිය යුතු නම්, දෙනු මැනව. මේ අයුරින් අපව වෙහෙසට පත් කරන්නට එපා!”

භුඤ්ජ තාත රට්ඨපාල, නිට්ඨිතං භත්තන්ති. අථ ඛෝ ආයස්මතෝ රට්ඨපාලස්සපිතා ආයස්මන්තං රට්ඨපාලං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ භුත්තාවී ඕනීතපත්තපාණී ඨිතකෝව ඉමා ගාථා අභාසි:

“රට්ඨපාල පුතණුවෙනි, වළඳන්න. දානය පිළියෙල කරල යි තියෙන්නෙ.” එවිට ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියා ආයුෂ්මත් රට්ඨපාලයන්ට ප්‍රණීත වූ ආහාරපාන ආදියෙන් සියතින් ම පිළි ගැන්නුවා. මැනවින් වැළඳෙව්වා. ඉක්බිති වළඳා නිම වු ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ සිටිවන ම මේ ගාථාවන් වදාළා.

පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං,
ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති.

හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි.

පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච,
අට්ඨිත්තචේන ඕනද්ධං සහ වත්ථේහි සෝභති.

මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණ ත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕන. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.

අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

දෙපාවල පාට ගාලා තිබුනත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

අට්ඨපාදකතා කේසා නෙත්තා අඤ්ජනමක්ඛිතා,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

කොණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරල තිබුනත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

අඤ්ජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා අලංකාර කරලා අළුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

ඕදහි මිගවෝ පාසං නාසදා වාකරං මිගෝ,
භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිගබන්ධකේ’ති

මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තියෙන්නෙ. ඒ වුනාට මේ පාර නම් මුවා උගුලට අහුවුනේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා.

අථ ඛෝ ආයස්මා රට්ඨපාලෝ ඨිතකෝව ඉමා ගාථා භාසිත්වා යේන රඤ්ඤෝ කෝරව්‍යස්ස මිගාචීරං තේනුපසංකමි, උපසංකමිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසීදි.

ඉතින් ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ හිටිවන ම මේ ගාථාරත්නයන් පවසා කෝරව්‍ය රජතුමා ගේ මිගාචීර උද්‍යානයට පැමිණුනා. පැමිණ එක්තරා රුක් සෙවනක දිවා විහරණයෙන් වැඩසිටියා.

අථ ඛෝ රාජා කෝරබ්‍යො මිගවං ආමන්තේසි: සෝධේහි සම්ම මිගව, මිගාචීරං, උය්‍යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ඒවං දේවාති ඛෝ මිගවෝ රඤ්ඤෝ කෝරබ්‍යස්ස පටිස්සුත්වා මිගචීරං සෝධෙන්තෝ අද්දස ආයස්මන්තං රට්ඨපාලං අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසින්නං, දිස්වාන යේන රාජා කෝරබ්‍යො තේනුපසංකමි. උපසංකමිත්වා රාජානං කෝරබ්‍යං ඒතදවෝච: ‘සුද්ධං ඛෝ දේව මිගචීරං, අත්ථි ච තත්ථ රට්ඨපාලෝ නාම කුලපුත්තෝ ඉමස්මිංයේව ථුල්ලකොට්ඨිතේ අග්ගකුලිකස්ස පුත්තෝ, යස්ස ත්වං අභිණ්හං කිත්තයමානෝ අහෝසි, සෝ අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසින්නෝති. තේන හි සම්ම මිගව, අලං දානජ්ජ උය්‍යානභූමියා, තමේව දානි මයං භවන්තං රට්ඨපාලං පයිරුපාසිස්සාමා’ති.

එකල්හි කෝරව්‍ය රජු මිගව නම් උයන්පල්ලාට මෙය පැවසුවා. “යහළු මිගව, මිගාචීර උද්‍යාන භූමිය පිරිසිදු කරන්න. ඒ සොඳුරු බිම දකින්නට යන්නට ඕන.” “එසේය දේවයනි” කියා ඒ උයන්පල්ලා කෝරව්‍ය රජුට පිළිතුරු දී මිගාචීර උද්‍යානය පිරිසිදු කරද්දී, එක්තරා රුක් සෙවනක දිවා විහරණයෙන් වැඩසිටින ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ව දකින්නට ලැබුනා. දැක කෝරව්‍ය රජු වෙත පැමිණුනා. පැමිණ කෝරව්‍ය රජුට මෙය පැවසුවා. “පින්වත් දේවයනි, උයන් බිම පිරිසිදු කළා. නුඹ වහන්සේ යම් කුලපුත්‍රයෙකු ගේ ගුණ වර්ණනාව නිතර කියනවා නම්, අන්න ඒ කුලපුත්‍රයා වන ථුල්ලකොට්ඨිතයෙහි අග්‍ර සිටු කුලයෙහි පුත්‍රයා වූ රට්ඨපාල කුලපුත්‍රයන් වහන්සේ ත් එහි වැඩසිටිනවා. උන්වහන්සේ එක්තරා රුක්සෙවනක දිවා විහරණයෙන් වැඩසිටිනවා.” “එසේ වී නම් යහළු මිගව, අද උද්‍යාන ක්‍රීඩා පිණිස යෑමෙන් ඵලක් නැත. අපි ඒ භවත් රට්ඨපාලයන් වහන්සේව ඇසුරු කිරීම යි හොඳ.”

අථ ඛෝ රාජා කෝරබ්‍යෝ ‘යං තත්ථ ඛාදනීයං භෝජනීයං පටියත්තං තං සබ්බං විස්සජ්ජේථා’ති වත්වා භද්‍රානි භද්‍රානි යානානි යෝජාපෙත්වා භද්‍රං යානං අභිරුහිත්වා භද්‍රේහි භද්‍රේහි යානේහි ථුල්ලකොට්ඨිතම්හා නිය්‍යාසි මහච්ච රාජානුභාවේන ආයස්මන්තං රට්ඨපාලං දස්සනාය. යාවතිකා යානස්ස භූමි යානේන ගන්ත්වා යානා පච්චෝරෝහිත්වා පත්තිකෝව උස්සටාය උස්සටාය පරිසාය යේනායස්මා රට්ඨපාලෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මතා රට්ඨපාලේන සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි, ඒකමන්තං ඨිතෝ ඛෝ රාජා කෝරබ්‍යෝ ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝච:

ඉක්බිති කෝරව්‍ය රජු එහි දී උයන් කෙළි පිණිස යම් ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කරන ලද ද, ඒ හැම බැහැර කරන්න කියා සොඳුරු සොඳුරු වාහනයන් සකසා, සොඳුරු වාහනයක නැගී, සොඳුරු සොඳුරු වාහන වලින් මහත් රාජානුභාවයෙන් යුතුව ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේව දකිනු පිණිස ථුල්ලකොට්ඨිත නියම් ගමෙන් නික්ම ගියා. යානයෙන් යා හැකි තාක් ගොස් යානයෙන් බැස පා ගමනින් ම පිරිස් පිරිවරාගෙන ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් කරා පැමිණුනා. පැමිණ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව නිමවා එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි කෝරව්‍ය රජු ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට මෙය පැවසුවා.

ඉධ භවං රට්ඨපාලෝ හත්ථත්ථරේ නිසීදතූ’ති.

“භවත් රට්ඨපාලයෙනි, මෙහි ඇතුන් පිට අතුරන මේ ඇතිරිය මත හිඳිනු මැනව.”

‘අලං මහාරාජ, නිසීද ත්වං, නිසින්නෝ අහං සකේ ආසනේ’ති.

“පින්වත් මහාරාජ, කම් නැත. ඔබ හිඳින්න. මං සිය අසුනෙහි වාඩි වෙලා නෙව ඉන්නෙ.”

නිසීදි ඛෝ රාජා කෝරබ්‍යෝ පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ ඛෝ රාජා කෝරබ්‍යෝ ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝච: ‘චත්තාරිමානි භෝ රට්ඨපාල, පාරිජුඤ්ඤානි යේහි පාරිජුඤ්ඤේහි සමන්නාගතා ඉධේකච්චේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. කතමානි චත්තාරි: ජරාපාරිජුඤ්ඤං, බ්‍යාධිපාරිජුඤ්ඤං, භෝගපාරිජුඤ්ඤං, ඤාතිපාරිජුඤ්ඤං.

කෝරව්‍ය රජු ඒ පැණවූ අසුනෙහි වාඩි වුනා. වාඩි වී කෝරව්‍ය රජු ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට මෙය පැවසූවා.

“භවත් රට්ඨපාලයෙනි, යම් පිරිහීමකින් යුක්ත වන ඇතැම් පුද්ගලයෙක් මෙහි දී කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට පැමිණෙත් නම්, එබඳු පිරිහීම් හතරක් තියෙනවා. කවර සතරක් ද යත්; වයසට යාම නිසා පිරිහෙනවා. රෝගී වීම නිසා පිරිහෙනවා. සැප සම්පත් නැති වීමෙන් පිරිහෙනවා. ඤාතීන් අහිමි වීමෙන් පිරිහෙනවා.

කතමඤ්ච පන භෝ රට්ඨපාල, ජරාපාරිජුඤ්ඤං: ඉධ භෝ රට්ඨපාල, ඒකච්චෝ ජිණ්ණෝ හෝති වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි ඒතරහි ජිණ්ණෝ වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝඅනුප්පත්තෝ, න ඛෝ පන මයා සුකරං අනධිගතං වා භෝගං අධිගන්තුං, අධිගතං වා භෝගං ඵාතිකත්තුං, යංනූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජ්ජෙය්‍ය’න්ති. සෝ තේන ජරාපාරිජුඤ්ඤේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භෝ රට්ඨපාල, ජරාපාරිජුඤ්ඤං. භවං ඛෝ පන රට්ඨපාලෝ ඒතරහි දහරෝ යුවා සුසුකාළකේසෝ භද්‍රනේ යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා, තං භෝතෝ රට්ඨපාලස්ස ජරාපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ?

භවත් රට්ඨපාලයෙනි, වයසට යාම නිසා පිරිහීම යනු කුමක් ද? භවත් රට්ඨපාලයෙනි, මෙහිලා ඇතැමෙක් වයසට යනවා. වැඩිමහළු වෙනවා. ක්‍රමයෙන් වයසේ කෙලෙවරට පැමිණෙනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘මං දැන් දිරලයි ඉන්නෙ. වැඩිල යි ඉන්නෙ. මහළු වෙල යි ඉන්නෙ. පිළිවෙලින් වයසේ කෙළවරට පැමිණිල යි ඉන්නෙ. දැන් මට නො ලැබුණු භෝග සම්පත් ලබාගන්ට ත් අමාරුයි. ලැබුණු භෝග සම්පත් ගොනු කරගන්ටත් අමාරුයි. එහෙම නම් මං කරන්ට තියෙන්නේ කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන එක විතරයි’ කියල. ඉතින් ඔහු දිරායෑම නැමැති පිරිහීමෙන් යුක්තව තමයි කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන්නෙ. භවත් රට්ඨපාලයෙනි, මෙයට තමයි දිරායෑමෙන් වන පිරිහීම කියා කියන්නෙ.

නමුත් භවත් රට්ඨපාලයන් දැන් තරුණයි නෙව. යෞවනයෙක් නෙව. මනා කළු කෙස් රොදින් යුතු නෙව. භද්‍ර වූ යෞවනයෙන් යුතු පළමු වයසට අයිති නෙව. භවත් රට්ඨපාලයන් හට දිරා යාමෙන් ඇතිවන පිරිහීම නෑ නෙව. එසේ නම් භවත් රට්ඨපාලයන් කුමක් දැනගෙන ද, කුමක් දැකගෙන ද, කුමක් අසා ගෙන ද, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වුනේ?

කතමඤ්ච පන භෝ රට්ඨපාල, බ්‍යාධිපාරිජුඤ්ඤං: ඉධ භෝ රට්ඨපාල ඒකච්චෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ. සෝ ඉති පටිසඤ්චික්ඛති: අහං ඛොම්හි ඒතරහි ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ. න ඛෝ පන මයා සුකරං අනධිගතං වා භෝගං අධිගන්තුං අධිගතං වා භෝගං ඵාතිකත්තුං. යංනූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. සෝ තේන බ්‍යාධිපාරිජුඤ්ඤේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භෝ රට්ඨපාල, බ්‍යාධිපාරිජුඤ්ඤං. භවං ඛෝ පන රට්ඨපාලෝ ඒතරහි අප්පාබාධෝ අප්පාතංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ නාතිසීතාය නාච්චුණ්හාය. තං භෝතෝ රට්ඨපාලස්ස බ්‍යාධිපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ?

භවත් රට්ඨපාලයෙනි, රෝගයන් නිසා පිරිහීම යනු කුමක් ද? භවත් රට්ඨපාලයෙනි, මෙහිලා ඇතැමෙක් රෝගී වෙනවා. බලවත් ලෙස ගිලන් වෙනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘මං දැන් රෝගීව යි ඉන්නෙ. බලවත්ව ගිලන් වෙල යි ඉන්නෙ. දැන් මට නො ලැබුණු භෝග සම්පත් ලබා ගන්ට ත් අමාරුයි. ලැබුණු භෝග සම්පත් ගොනු කරගන්ටත් අමාරුයි. එහෙම නම් මං කරන්ට තියෙන්නේ කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන එක විතරයි’ කියල. ඉතින් ඔහු රෝගී වීම නැමැති පිරිහීමෙන් යුක්තව තමයි කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන්නෙ. භවත් රට්ඨපාලයෙනි, මෙයට තමයි රෝගී වීමෙන් වන පිරිහීම කියා කියන්නෙ.

නමුත් භවත් රට්ඨපාලයන් දැන් අල්පාබාධ ඇති, දුක් අඩු කෙනෙක් නෙව. ඉතා සීත ත් නො වූ, ඉතා රස්නෙ ත් නො වූ, සමව පැසෙන සුළු ග්‍රහණියකින් යුක්තයි නෙව. භවත් රට්ඨපාලයන් හට රෝගයන් නිසා ඇතිවෙන පිරිහීමක් නෑ නෙව. එසේ නම් භවත් රට්ඨපාලයන් කුමක් දැනගෙන ද, කුමක් දැකගෙන ද, කුමක් අසා ගෙන ද, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වුනේ?

කතමඤ්ච පන භෝ රට්ඨපාල, භෝගපාරිජුඤ්ඤං: ඉධ භෝ රට්ඨපාල, ඒකච්චෝ අඩ්ඪෝ හෝති මහද්ධනෝ මහාභෝගෝ. තස්ස තේ භෝගා අනුපුබ්බේන පරික්ඛයං ගච්ඡන්ති. සෝ ඉති පටිසඤ්චික්ඛති: අහං ඛෝ පුබ්බේ අඩ්ඪෝ අහෝසිං මහද්ධනෝ මහාභෝගෝ තස්ස මේ තේ භෝගා අනුපුබ්බේන පරික්ඛයං ගතා, න ඛෝ පන මයා සුකරං අනධිගතං වා භෝගං අධිගන්තුං අධිගතං වා භෝගං ඵාතිකත්තුං. යංනූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. සෝ තේන භෝගපාරිජුඤ්ඤේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භෝ රට්ඨපාල, භෝගපාරිජුඤ්ඤං. භවං ඛෝ පන රට්ඨපාලෝ ඉමස්මිංයේව ථුල්ලකොට්ඨිකේ අග්ගකුලස්ස පුත්තෝ. තං භෝතෝ රට්ඨපාලස්ස භෝගපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ?

භවත් රට්ඨපාලයෙනි, භෝග සම්පත් නැතිවීම නිසා පිරිහීම යනු කුමක් ද? භවත් රට්ඨපාලයෙනි, මෙහිලා ඇතැමෙක් මහා ධනයකින් යුතුව, මහා භෝග සම්පත් වලින් යුතුව ආඪ්‍යව ඉන්නවා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඔහු ගේ ඒ සම්පත් ක්ෂය වෙලා යනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘ඉස්සර මට ඕන තරම් මහත් ධනය තිබුනා. භෝග සම්පත් තිබුනා. ආඪ්‍යව සිටියා. නමුත් ඒ සම්පත් සියල්ල කෙමෙන් කෙමෙන් ක්ෂය වෙලා ගියා. දැන් මට නො ලැබුණු භෝග සම්පත් ලබාගන්ට ත් අමාරුයි. ලැබුණු භෝග සම්පත් ගොනු කරගන්ටත් අමාරුයි. එහෙම නම් මං කරන්ට තියෙන්නේ කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන එක විතරයි’ කියල. ඉතින් ඔහු භෝග සම්පත් නැතිවීම නැමැති පිරිහීමෙන් යුක්තව තමයි කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන්නෙ. භවත් රට්ඨපාලයෙනි, මෙයට තමයි භෝග සම්පත් නැතිවීමෙන් වන පිරිහීම කියා කියන්නෙ.

නමුත් භවත් රට්ඨපාලයන් මේ ථුල්ලකොට්ඨිත නියම්ගමේ අග්‍ර වූ සිටු පවුලට අයත් දරුවෙක්. ඉතින් භවත් රට්ඨපාලයන් හට භෝග සම්පත් නැතිවීම නිසා ඇතිවෙන පිරිහීමක් නෑ නෙව. එසේ නම් භවත් රට්ඨපාලයන් කුමක් දැනගෙන ද, කුමක් දැකගෙන ද, කුමක් අසා ගෙන ද, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වුනේ?

කතමඤ්ච පන භෝ රට්ඨපාල, ඤාතිපාරිජුඤ්ඤං: ඉධ භෝ රට්ඨපාල, ඒකච්චස්ස බහූ හොන්ති මිත්තාමච්චා ඤාතිසාලෝහිතා. තස්ස තේ ඤාතකා අනුපුබ්බේන පරික්ඛයං ගච්ඡන්ති. සෝ ඉති පටිසඤ්චික්ඛති: මමං ඛෝ පුබ්බේ බහූ අහේසුං මිත්තාමච්චා ඤාතිසාලෝහිතා, තස්ස මේ තේ අනුපුබ්බේන පරික්ඛයං ගතා, න ඛෝ පන මයා සුකරං අනධිගතං වා භෝගං අධිගන්තුං, අධිගතං වා භෝගං ඵාතිකත්තුං. යංනූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. සෝ තේන ඤාතිපාරිජුඤ්ඤේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භෝ රට්ඨපාල, ඤාතිපාරිජුඤ්ඤං. භෝතෝ ඛෝ පන රට්ඨපාලස්ස ඉමස්මිංයේව ථුල්ලකොට්ඨිකේ බහූ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා තං භෝතෝ රට්ඨපාලස්ස ඤාතිපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ?

භවත් රට්ඨපාලයෙනි, ඤාතීන් නැතිවීම නිසා පිරිහීම යනු කුමක් ද? භවත් රට්ඨපාලයෙනි, මෙහිලා ඇතැමෙකුට බොහෝ යහළු මිත්‍රයින්, සහලේ ඤාතීන් ඉන්නවා. ඔහු ගේ ඒ ඤාතීන් ක්‍රමක්‍රමයෙන් නැතිවෙලා යනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘මට ඉස්සර ගොඩාක් යහළු මිතුරන් හිටියා. ලේඤාතීන් හිටියා. නමුත් මාගේ ඒ ඤතීන් කෙමෙන් කෙමෙන් නැතිවෙලා ගියා. දැන් මට නො ලැබුණු භෝග සම්පත් ලබාගන්ට ත් අමාරුයි. ලැබුණු භෝග සම්පත් ගොනු කරගන්ටත් අමාරුයි. එහෙම නම් මං කරන්ට තියෙන්නේ කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන එක විතරයි’ කියල. ඉතින් ඔහු ඤාතීන් නැතිවීම නැමැති පිරිහීමෙන් යුක්තව තමයි කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙන්නෙ. භවත් රට්ඨපාලයෙනි, මෙයට තමයි ඤාතීන් නැතිවීමෙන් වන පිරිහීම කියා කියන්නෙ.

නමුත් භවත් රට්ඨපාලයන් හට මේ ථුල්ලකොට්ඨිතයෙහි ඕන තරම් යහළු මිත්‍රයන් ඉන්නවා. ලේ ඤාතීන් ඉන්නවා. එහෙම එකේ භවත් රට්ඨපාලයන් හට ඤාතීන් නැතිවීමෙන් ඇතිවෙන පිරිහීමක් නෑ නෙව. එසේ නම් භවත් රට්ඨපාලයන් කුමක් දැනගෙන ද, කුමක් දැකගෙන ද, කුමක් අසා ගෙන ද, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වුනේ?

ඉමානි ඛෝ භෝ රට්ඨපාල, චත්තාරි පාරිජුඤ්ඤානි, යේහි පාරිජුඤ්ඤේහි සමන්නාගතා ඉධේකච්චේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති තානි භෝතෝ රට්ඨපාලස්ස නත්ථි. කිං භවං රට්ඨපාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝති?

භවත් රට්ඨපාලයෙනි, යම් පිරිහීමකින් යුක්ත වන ඇතැම් පුද්ගලයෙක් මෙහි දී කෙස් රැවුල් බහා කහවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට පැමිණෙත් නම්, ඒ පිරිහීම් හතර මෙය යි. නමුත් භවත් රට්ඨපාලයන් හට මෙවැනි පරිහානියක් නෑ. භවත් රට්ඨපාලයන් කුමක් දැන ගෙන ද, කුමක් දැක ගෙන ද, කුමක් අසා ගෙන ද, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වුනේ?”

අත්ථි ඛෝ මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන චත්තාරෝ ධම්මුද්දේසා උද්දිට්ඨා යේ’හං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. කතමේ චත්තාරෝ:

“පින්වත් මහාරාජ, මං ඒ යම් ධර්ම මාතෘකාවන් දැනගත්තා ද, දැකගත්තා ද, අසාගත්තා ද, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වුනා ද, දැනගත යුතු සියල්ල දැනගත්, දැකගත යුතු සියල්ල දැකගත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ ධර්ම මාතෘකා සතරක් වදාරා තිබෙනවා. කවර සතරක් ද යත්;

‘උපනීයති ලෝකෝ අද්ධුවෝ’ති ඛෝ මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන පඨමෝ ධම්මුද්දේසෝ උද්දිට්ඨෝ, යං අහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ.

පින්වත් මහාරාජ, මං ඒ යම් ධර්ම මාතෘකාවන් දැනගත්තා ද, දැකගත්තා ද, අසාගත්තා ද, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වුනා ද, දැනගත යුතු සියල්ල දැනගත්, දැකගත යුතු සියල්ල දැකගත්, ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ විසින් වදාරණ ලද ‘උපනීයතී ලෝකෝ අද්ධුවෝ’ වශයෙන් ‘ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිර යි’ යන මේ ධර්ම මාතෘකාව පළමු වැන්න යි.

‘අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ති ඛෝ මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන දුතියෝ ධම්මුද්දේසෝ උද්දිට්ඨෝ, යං අහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ.

පින්වත් මහාරාජ, මං ඒ යම් ධර්ම මාතෘකාවන් දැනගත්තා ද, දැකගත්තා ද, අසාගත්තා ද, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වුනා ද, දැනගත යුතු සියල්ල දැනගත්, දැකගත යුතු සියල්ල දැකගත්, ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ විසින් වදාරණ ලද ‘අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ වශයෙන් ‘ලෝකය අනාරක්ෂිත යි. තමා ගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැහැ’ යන මේ ධර්ම මාතෘකාව දෙවැන්න යි.

‘අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීය’න්ති ඛෝ මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන තතියෝ ධම්මුද්දේසෝ උද්දිට්ඨෝ, යං අහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ.

පින්වත් මහාරාජ, මං ඒ යම් ධර්ම මාතෘකාවන් දැනගත්තා ද, දැකගත්තා ද, අසාගත්තා ද, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වුනා ද, දැනගත යුතු සියල්ල දැනගත්, දැකගත යුතු සියල්ල දැකගත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ‘අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං’ වශයෙන් ‘ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවා ද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි’ යන මේ ධර්ම මාතෘකාව තුන් වැන්න යි.

‘ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ’ති ඛෝ මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන චතුත්ථෝ ධම්මුද්දේසෝ උද්දිට්ඨෝ, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ.

පින්වත් මහාරාජ, මං ඒ යම් ධර්ම මාතෘකාවන් දැනගත්තා ද, දැකගත්තා ද, අසාගත්තා ද, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වුනා ද, දැනගත යුතු සියල්ල දැනගත්, දැකගත යුතු සියල්ල දැකගත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ‘ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ’ වශයෙන් ‘ලෝකය අසම්පූර්ණ යි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ’ යන මේ ධර්ම මාතෘකාව සිව් වැන්න යි.

ඉමේ ඛෝ මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන චත්තාරෝ ධම්මුද්දේසා උද්දිට්ඨා, යේ’හං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ’ති.

පින්වත් මහාරාජ, මං ඒ යම් ධර්ම මාතෘකාවන් දැනගත්තා ද, දැකගත්තා ද, අසාගත්තා ද, ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වුනා ද, දැනගත යුතු සියල්ල දැනගත්, දැකගත යුතු සියල්ල දැකගත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්ම මාතෘකා සතර තමයි වදාළේ.”

‘උපනීයති ලෝකෝ අද්ධුවෝ’ති: භවං රට්ඨපාලෝ ආහ. ඉධ පන භෝ රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථෝ දට්ඨබ්බෝති? තං කිං මඤ්ඤසි මහාරාජ, අහෝසි ත්වං වීසතිවස්සුද්දේසිකෝපි පඤ්චවීසති වස්සුද්දේසිකෝපි හත්ථිස්මිම්පි කතාවී අස්සස්මිම්පි කතාවී රථස්මිම්පි කතාවී ධනුස්මිම්පි කතාවී ථරුස්මිම්පි කතාවී ඌරුබලී බාහුබලී අලමත්තෝ සංගාමාවචරෝති.

“භවත් රට්ඨපාලයන් ‘උපනීයතී ලෝකෝ අද්ධුවෝ’ වශයෙන් ‘ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිර යි’ යන මේ දහම් පදයක් වදාළා. භවත් රට්ඨපාලයෙනි, ඔය පැවසූ කරුණෙහි අර්ථය දැනගත යුත්තේ කෙසේ ද?” “පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඔබට විසි හැවිරිදි වයසක් තිබුනා නේද? විසිපස් හැවිරිදි වයසකුත් තිබුනා නේද? එකල හස්ති ශිල්පයෙහි ත් කෙළ පැමිණියා නේද? අශ්ව ශිල්පයෙහි ත් කෙළ පැමිණියා නේද? රථ ශිල්පයෙහි ත් කෙළ පැමිණියා නේද? ධනු ශිල්පයෙහි ත් කෙළ පැමිණියා නේද? කඩු ශිල්පයෙහිත් කෙළ පැමිණියා නේද? පාවල සහ අත්වල බලවත් ශක්තියකින් යුතුව ඕනෑම යුද්ධයකට පිවිසෙන්නට සමර්ථව සිටියා නේද?”

අහෝසිං අහං භෝ රට්ඨපාල, වීසතිවස්සුද්දේසිකෝපි පඤ්චවීසති වස්සුද්දේසිකෝපි හත්ථිස්මිම්පි කතාවී අස්සස්මිම්පි කතාවී රථස්මිම්පි කතාවී ධනුස්මිම්පි කතාවී ථරුස්මිම්පි කතාවී ඌරුබලී බාහුබලී අලමත්තෝ සංගාමාවචරෝ, අප්පේකදාහං භෝ රට්ඨපාල, ඉද්ධිමා ච මඤ්ඤේ න අත්තනෝ බලේන සමසමං සමනුපස්සාමීති.

“භවත් රට්ඨපාලයෙනි, මා විසිහැවිරිදි වත් සිටියා තමයි. පස්විසි හැවිරිදි වත් සිටියා තමයි. හස්ති ශිල්පයෙත් කෙළ පැමිණිලා සිටියා. අශ්ව ශිල්පයෙත් කෙළ පැමිණිලා සිටියා. රථ ශිල්පයෙත් කෙළ පැමිණිලා සිටියා. ධනු ශිල්පයෙත් කෙළ පැමිණිලා සිටියා. කඩු ශිල්පයෙහි ත් කෙළ පැමිණියා. පාවල සහ අත්වල බලවත් ශක්තියකින් යුතුව ඕනෑම යුද්ධයකට පිවිසෙන්නට සමර්ථව සිටියා. භවත් රට්ඨපාලයෙනි, ඇතැම් අවස්ථාවන් හි දී මට සිතුනේ මට ඉර්ධියක් තියෙනවා කියල යි. එතරම් ම මා තුළ තිබූ බලය හා සමාන වූ කිසිවෙක් දැක්කෙ නැහැ.”

තං කිං මඤ්ඤසි මහාරාජ, ඒවමේව ත්වං ඒතරහි ඌරුබලී බාහුබලී අලමත්තෝ සංගාමාවචරෝති?

“පින්වත් මහාරාජ ඒ ගැන කුමක්ද සිතන්නේ? දැනුත් ඔබ ඒ විදිහේ පා වල සහ අත්වල බලය ඇතිව යුද භූමියකට පිවිසෙන්නට සමර්ථව සිටිනවා ද?”

නෝ හිදං භෝ රට්ඨපාල, ඒතරහි ජිණ්ණෝ වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝඅනුප්පත්තෝ, ආසීතිකෝ මේ වයෝ වත්තති. අප්පේකදාහං භෝ රට්ඨපාල, ඉධ පාදං කරිස්සාමීති අඤ්ඤේනේව පාදං කරෝමීති.

“අනේ භවත් රට්ඨපාලයෙනි, දැන් එහෙම නැහැ. දැන් මම දිරල යි ඉන්නෙ. වැඩිල යි ඉන්නෙ. මහළු යි. පිළිවෙලින් වයසට ගිහිල්ල යි ඉන්නෙ. මට දැන් වයස අසූවක් වෙනවා. භවත් රට්ඨපාලයෙනි, ඇතැම් අවස්ථාවන් හි දී මා පාදය තබන්නෙ වෙන තැනක. නමුත් පාදය තියවෙන්නෙ වෙන තැනක.”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං ‘උපනීයති ලෝකෝ අද්ධුවෝ’ති, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝති.

“පින්වත් මහාරාජ, දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කරුණ අරභයා යි ‘උපනීයතී ලෝකෝ අද්ධුවෝ’ වශයෙන් ‘ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිර යි’ යන මේ දහම් පදය වදාළේ. යම් දහම් පදයක් දැනගෙන, දැකගෙන, අසා ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වුනා නම් එයට හේතුව මෙය යි.”

අච්ඡරියං භෝ රට්ඨපාල, අබ්භුතං භෝ රට්ඨපාල, යාව සුභාසිතං මිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ‘උපනීයති ලෝකෝ අද්ධුවෝ’ති. උපනීයති හි භෝ රට්ඨපාල, ලෝකෝ අද්ධුවෝ.

“භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්ය යි! භවත් රට්ඨපාලයෙනි අද්භූත යි! දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘උපනීයතී ලෝකෝ අද්ධුවෝ’ වශයෙන් ‘ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිර යි’ වශයෙන් වදාරණ ලද මෙය සුභාෂිතයක් ම යි. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා ජරා මරණ විසින් ඇදගෙන යනවා. සැබැවින් ම අස්ථිර යි.”

සංවිජ්ජන්තේ ඛෝ භෝ රට්ඨපාල, ඉමස්මිං රාජකුලේ හත්ථිකායාපි අස්සකායාපි රථකායාපි පත්තිකායාපි, යේ අම්හාකං ආපදාසු පරියෝධාය වත්තිස්සන්ති. ‘අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ති භවං රට්ඨපාලෝ ආහ. ඉමස්ස පන භෝ රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථෝ දට්ඨබ්බෝති?

“භවත් රට්ඨපාලයෙනි, මේ රාජකුලයෙහි ඇත් සේනා, අශ්ව සේනා, රථ සේනා සහ පාබල සේනා ඉන්නවා. අපට ආපදා පැමිණි විට ඒ උවදුරු මැඬගෙන යන්නේ මේ සිවුරඟ සේනාව යි. එහි භවත් රට්ඨපාලයන් පවසනවා ‘අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ වශයෙන් ‘ලෝකය අනාරක්ෂිත යි. තමා ගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැතෙයි’ කියලා. භවත් රට්ඨපාලයෙනි, මේ පැවසූ කරුණේ අර්ථය දැනගත යුත්තේ කෙසේද?”

තං කිං මඤ්ඤසි මහාරාජ, අත්ථි තේ කෝචි අනුසායිකෝ ආබාධෝති?

“පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඔබට කිසියම් නිධන්ගත රෝගාබාධයක් තියෙනවා නේද?”

අත්ථි මේ භෝ රට්ඨපාල, අනුසායිකෝ ආබාධෝ. අප්පේකදා මං භෝ රට්ඨපාල, මිත්තාමච්චා ඤාතිසාලෝහිතා පරිවාරෙත්වා ඨිතා හොන්ති ඉදානි රාජා කෝරබ්‍යෝ කාලං කරිස්සති, ඉදානි රාජා කෝරබ්‍යෝ කාලං කරිස්සතී’ති.

“භවත් රට්ඨපාලයෙනි, මට නිධන්ගත වාත රෝගයක් තියෙනවා. ඇතැම් දවසට භවත් රට්ඨපාලයෙනි, යහළු මිතුරන් ලේ ඤාතීන් මාව පිරිවරාගෙන ඉන්නවා. ‘කෝරව්‍ය රජතුමා දැන් කළුරිය කරාවි! කෝරව්‍ය රජතුමා දැන් කළුරිය කරාවි!’ කියල.”

තං කිං මඤ්ඤසි මහාරාජ, ලභසි ත්වං තේ මිත්තාමච්චේ ඤාතිසාලෝහිතේ ‘ආයන්තු මේ භොන්තෝ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා, සබ්බේව සන්තා ඉමං වේදනං සංවිභජථ, යථාහං ලහුකතරිකං වේදනං වේදියෙය්‍ය’න්ති, උදාහු ත්වංයේව තං වේදනං වේදියසීති?

“පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? ‘භවත් යහළු මිතුරන් සහලේ ඤාතීන් මෙහි පැමිණෙත්වා! මං යම්බඳු සුළු වේදනාවක් විඳින්නේ නම් එබඳු ආකාරයෙන් මේ වේදනාව හැමෝම එකතුව බෙදාගනු මැනව’ කියා යමක් ඒ යහළු මිතුරන්ට, සහලේ ඤාතීන්ට ලබන්නට පුළුවන් ද? නැත්නම් ඒ වේදනාව ඔබ විසින් ම වින්ද යුතුද?”

නාහං භෝ රට්ඨපාල, ලභාමි තේ මිත්තාමච්චේ ඤාතිසාලෝහිතේ ආයන්තු මේ භොන්තෝ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා සබ්බේව සන්තා ඉමං වේදනං සංවිභජථ, යථාහං ලහුකතරිකං වේදනං වේදියෙය්‍යන්ති. අථ ඛෝ අහමේව තං වේදනං වේදියාමීති.

“භවත් රට්ඨපාල, භවත් යහළු මිතුරන් සහලේ ඤාතීන් මෙහි පැමිණෙත්වා! මං යම්බඳු සුළු වේදනාවක් විඳින්නේ නම් එබඳු ආකාරයෙන් මේ වේදනාව හැමෝම එකතුව බෙදාගනු මැනව’ කියා යමක් ඒ යහළු මිතුරන්ට, සහලේ ඤාතීන්ට ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒ වේදනාව මා විසින් ම වින්ද යුතුයි.”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං ‘අතාණෝ ලෝකෝ අනභිස්සරෝ’ති යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝති.

“පින්වත් මහාරාජ, දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කරුණ අරභයා යි ‘අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ වශයෙන් ‘ලෝකය අනාරක්ෂිත යි. තමා ගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැතෙයි’ යන මේ දහම් පදය වදාළේ. යම් දහම් පදයක් දැනගෙන, දැකගෙන, අසා ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වුනා නම් එයට හේතුව මෙය යි.”

අච්ඡරියං භෝ රට්ඨපාල, අබ්භුතං භෝ රට්ඨපාල, යාවසුභාසිතංමිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ‘අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ති. අත්තාණෝ හි භෝ රට්ඨපාල, ලෝකෝ අනභිස්සරෝ.

“භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්ය යි! භවත් රට්ඨපාලයෙනි අද්භූත යි! දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ වශයෙන් ‘ලෝකය අනාරක්ෂිත යි. තමා ගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැතෙයි’ වශයෙන් වදාරණ ලද මෙය සුභාෂිතයක් ම යි. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා අනාරක්ෂිත යි. එහි අධිපතිභාවය පවත්වන්නට කාටවත් බැහැ.

සංවිජ්ජති ඛෝ භෝ රට්ඨපාල, ඉමස්මිං රාජකුලේ පහූතං හිරඤ්ඤසුවණ්ණං භූමිගතඤ්චේව වේහාසගතඤ්ච, ‘අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීය’න්ති, භවං රට්ඨපාලෝ ආහ. ඉමස්ස පන, භෝ රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථෝ දට්ඨබ්බෝති?

භවත් රට්ඨපාලයෙනි, මේ රාජකුලයෙහි පොළොවෙහි ත්, අහසෙහි ත්, බොහෝ හිරණ්‍යස්වර්ණ තියෙනවා. නමුත් භවත් රට්ඨපාලයන් පවසනවා ‘අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං’ වශයෙන් ‘ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවා ද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි’ කියලා. භවත් රට්ඨපාලයෙනි, මේ පැවසූ කරුණේ අර්ථය දැනගත යුත්තේ කෙසේද?”

තං කිං මඤ්ඤසි මහාරාජ, යථා ත්වං ඒතරහි පඤ්චහි කාමගුණේහි සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේසි. ලච්ඡසි ත්වං පරත්ථාපි, ඒවමේවාහං ඉමේහේව පඤ්චහි කාමගුණේහි සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේමීති. උදාහු අඤ්ඤේ ඉමං භෝගං පටිපජ්ජිස්සන්ති, ත්වං පන යථාකම්මං ගමිස්සසීති?

“පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඔබ දැන් යම් පංචකාම ගුණයන් ගෙන් යුක්තව ඉඳුරන් පිනවමින් සතුටු වෙමින් ඉන්නව ද, ඉතින් ඔබ පරලොව දි ත්, මේ ආකාරයෙන් ම මං මේ පංච කාම ගුණයන් පිරිවරා ගෙන පිනවමින් සතුටු වෙවී ඉන්නවා කියන කරුණ ලබන්නට පුළුවන් ද? නැත්නම් අනෙක් උදවිය මේ භෝග සම්පත් ලබා සතුටුවේවි ද? ඒ වගේ ම ඔබ කර්මානුරූපව මිය පරලොව යාවිද?”

යථාහං භෝ රට්ඨපාල, ඒතරහි පඤ්චහි කාමගුණේහි සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේමි. නාහං ලච්ඡාමි පරත්ථාපි ඒවමේව ඉමේහේව පඤ්චහි කාමගුණේහි සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේමීති. අථ ඛෝ අඤ්ඤේ ඉමං භෝගං පටිපජ්ජිස්සන්ති. අහං පන යථාකම්මං ගමිස්සාමීති.

“භවත් රට්ඨපාලයෙනි, මං දැන් යම් පංචකාම ගුණයන් ගෙන් යුක්තව ඉඳුරන් පිනවමින් සතුටු වෙමින් ඉන්නව ද, ඉතින් මං පරලොව දි ත්, මේ ආකාරයෙන් ම මටමේ පංච කාම ගුණයන් පිරිවරා ගෙන පිනවමින් සතුටු වෙවී ඉන්නවා කියන කරුණ ලබන්නට පුළුවන් කමක් නැහැ. අනෙක් උදවිය මේ භෝග සම්පත් ලබා සතුටුවේවි. ඒ වගේ ම මම කර්මානුරූපව මිය පරලොව යාවි.”

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං: ‘අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීය’න්ති. යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝති.

“පින්වත් මහාරාජ, දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කරුණ අරභයා යි ‘අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං’ වශයෙන් ‘ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවා ද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි’ යන මේ දහම් පදය වදාළේ. යම් දහම් පදයක් දැනගෙන, දැකගෙන, අසා ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වුනා නම් එයට හේතුව මෙය යි.”

අච්ඡරියං භෝ රට්ඨපාල, අබ්භුතං භෝ රට්ඨපාල, යාව සුභාසිතං මිදං තේන භගවතා ජානතා පස්සතා අරහතාසම්මාසම්බුද්ධේන ‘අස්සකෝ ලෝකෝ, සබ්බං පහාය ගමනීය’න්ති, අස්සකෝ හි භෝ රට්ඨපාල, ලෝකෝ සබ්බං පහාය ගමනීයං.

“භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්ය යි! භවත් රට්ඨපාලයෙනි අද්භූත යි! දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං’ වශයෙන් ‘ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවා ද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි’ වශයෙන් වදාරණ ලද මෙය සුභාෂිතයක් ම යි. භවත් රට්ඨපාලයෙනි, ලෝකයාට තමා අයත් කිසිවක් ම නැහැ. ඒ සෑම දෙයක් ම අත්හැර දමා යන්නට වෙනවා.

‘ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ’ති භවං රට්ඨපාලෝ ආහ. ඉමස්ස භෝ රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථෝ දට්ඨබ්බෝති?

භවත් රට්ඨපාලයන් පවසනවා, ‘ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ’ වශයෙන් ‘ලෝකය අසම්පූර්ණ යි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ’ කියල. භවත් රට්ඨපාලයෙනි, මේ පැවසූ කරුණේ අර්ථය දැනගත යුත්තේ කෙසේද?”

තං කිං මඤ්ඤසි මහාරාජ, ඵීතං කුරුං අජ්ඣාවසසීති?

“පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඔබ මේ සමෘද්ධිමත් වූ කුරු ජනපදයේ අධිපතිව වසනවා නේද?”

ඒවං භෝ රට්ඨපාල, ඵීතං කුරුං අජ්ඣාවසාමීති.

“එසේය භවත් රට්ඨපාලයෙනි, මං සමෘද්ධිමත් වූ මේ කුරු ජනපදයෙහි අධිපතිව වසනවා.”

තං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ තේ පුරිසෝ ආගච්ඡෙය්‍ය පුරත්ථිමාය දිසාය සද්ධායිකෝ පච්චයිකෝ. සෝ තං උපසංකමිත්වා ඒවං වදෙය්‍ය: යග්ඝේ මහාරාජ, ජානෙය්‍යාසි, අහං ආගච්ඡාමි පුරත්ථිමාය දිසාය, තත්ථද්දසං මහන්තං ජනපදං ඉද්ධඤ්චේව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං, බහූ තත්ථ හත්ථිකායා අස්සකායා රථකායා පත්තිකායා, බහු තත්ථ ධනධඤ්ඤං, බහු තත්ථ හිරඤ්ඤසුවණ්ණං අකතඤ්චේව කතඤ්ච, බහු තත්ථ ඉත්ථිපරිග්ගහෝ. සක්කා ච තාවතකේනේව බලමත්තේන අභිවිජිනිතුං, අභිවිජින මහාරාජා’ති. කින්ති නං කරෙය්‍යාසීති?

“පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? මෙහිලා ඇදහිය හැකි වචන ඇති කරුණු දැනුම් දෙන එක්තරා පුරුෂයෙක් පෙරදිගින් ඔබ වෙත එනවා. ඔහු ඔබ වෙත අවුත් මෙහෙම කියනවා. ‘සැබැවින් ම මහාරාජයෙනි, දන්නවා ද? මා එන්නේ පෙරදිග දිශාවෙනු යි. එහි මං සමෘද්ධිමත් වූ, ඉතා දියුණු වූ, ඉතා ජනාකීර්ණ වූ මහා ජනපදයක් දැක්කා. එහි බොහෝ ඇත් සේනා, අශ්ව සේනා, රථ සේනා, පාබල සේනා ඉන්නවා. එහි බොහෝ ධන ධාන්‍ය තියෙනවා. එහි බොහෝ පරිභෝග කළ නො කළ හිරණ්‍යස්වර්ණ තියෙනවා. එහි බොහෝ සොඳුරු ස්ත්‍රීන් ඉන්නවා. ඒ ජනපදය ගැනීම යම් බල මාත්‍රයකින් කරන්නට පුළුවනි. මහරජතුමනි, එනිසා සේනාව යවා යුද්ධ කොට දිනාගත මැනව’ කියල කිව්වොත් ඔබ කුමක් ද කරන්නෙ?”

තම්පි මයං භෝ රට්ඨපාල, අභිවිජිය අජ්ඣාවසෙය්‍යාමාති.

“භවත් රට්ඨපාලයෙනි, එහෙමනම් අපි ඒ රටත් දිනා ගෙන එහි ත් අධිපති වෙනවා.”

තං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ තේ පුරිසෝ ආගච්ඡෙය්‍ය පච්ඡිමාය දිසාය ….(පෙ)…. උත්තරාය දිසාය ….(පෙ)…. දක්ඛිණාය දිසාය ….(පෙ)…. පරසමුද්දතෝ සද්ධායිකෝ පච්චයිකෝ. සෝ තං උපසංකමිත්වා ඒවං වදෙය්‍ය: යග්ඝේ මහාරාජ, ජානෙය්‍යාසි, අහං ආගච්ඡාමි පරසමුද්දතෝ, තත්ථද්දසං මහන්තං ජනපදං ඉද්ධඤ්චේව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං, බහූ තත්ථ හත්ථිකායා අස්සකායා රථකායා පත්තිකායා, බහු තත්ථ ධනධඤ්ඤං, බහු තත්ථ හිරඤ්ඤසුවණ්ණං අකතඤ්චේව කතඤ්ච, බහු තත්ථ ඉත්ථිපරිග්ගහෝ. සක්කා ච තාවතකේනේව බලමත්තේන අභිවිජිනිතුං. අභිවිජින මහාරාජා’ති. කින්ති නං කරෙය්‍යාසී”ති.

“පින්වත් මහාරාජ, ඒ ගැන කුමක් ද සිතන්නේ? මෙහිලා ඇදහිය හැකි වචන ඇති කරුණු දැනුම් දෙන එක්තරා පුරුෂයෙක් බටහිර දිගින් ඔබ වෙත එනවා. ….(පෙ)…. උතුරු දිශාවෙන් ….(පෙ)…. දකුණු දිශාවෙන් ….(පෙ)…. මුහුදෙන් එතෙරින් ඔබ වෙත එනවා. ඔහු ඔබ වෙත අවුත් මෙහෙම කියනවා. ‘සැබැවින් ම මහාරාජයෙනි, දන්නවා ද? මා එන්නේ මුහුදෙන් එතෙර සිට යි. එහි මං සමෘද්ධිමත් වූ, ඉතා දියුණු වූ, ඉතා ජනාකීර්ණ වූ මහා ජනපදයක් දැක්කා. එහි බොහෝ ඇත් සේනා, අශ්ව සේනා, රථ සේනා, පාබල සේනා ඉන්නවා. එහි බොහෝ ධන ධාන්‍ය තියෙනවා. එහි බොහෝ පරිභෝග කළ නො කළ හිරණ්‍යස්වර්ණ තියෙනවා. එහි බොහෝ සොඳුරු ස්ත්‍රීන් ඉන්නවා. ඒ ජනපදය ගැනීම යම් බල මාත්‍රයකින් කරන්නට පුළුවනි. මහරජතුමනි, එනිසා සේනාව යවා යුද්ධ කොට දිනාගත මැනව’ කියල කිව්වොත් ඔබ කුමක් ද කරන්නෙ?”

තම්පි මයං භෝ රට්ඨපාල, අභිවිජිය අජ්ඣාවසෙය්‍යාමාති.

“භවත් රට්ඨපාලයෙනි, එහෙමනම් අපි ඒ රටත් දිනා ගෙන එහි ත් අධිපති වෙනවා.

ඉදං ඛෝ තං මහාරාජ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සන්ධාය භාසිතං: ‘ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ’ති. යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතෝති.

“පින්වත් මහාරාජ, දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කරුණ අරභයා යි ‘ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ’ වශයෙන් ‘ලෝකය අසම්පූර්ණ යි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ’ යන මේ දහම් පදය වදාළේ. යම් දහම් පදයක් දැනගෙන, දැකගෙන, අසා ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වුනා නම් එයට හේතුව මෙය යි.”

අච්ඡරියං භෝ රට්ඨපාල, අබ්භුතං භෝ රට්ඨපාල, යාව සුභාසිතං මිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ‘ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ’ති. ඌනෝ හි භෝ රට්ඨපාල, ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝති.

“භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්ය යි! භවත් රට්ඨපාලයෙනි අද්භූත යි! දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ’ වශයෙන් ‘ලෝකය අසම්පූර්ණ යි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ’ වශයෙන් වදාරණ ලද මෙය සුභාෂිතයක් ම යි. භවත් රට්ඨපාලයෙනි, ලෝකය අසම්පූර්ණ යි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට දාස වෙලයි ඉන්නෙ”

ඉදමවෝචායස්මා රට්ඨපාලෝ, ඉදං වත්වා අථාපරං ඒතදවෝච:

ආයුෂ්මත් රට්ඨපාලයන් වහන්සේ මෙය වදාළා. මෙය පවසා යළි මේ ගාථාවන් ද වදාළා.

පස්සාමි ලෝකේ සධනේ මනුස්සේ
ලද්ධාන විත්තං න දදන්ති මෝහා,
ලුද්ධා ධනං සන්නචයං කරොන්ති
භිය්‍යෝව කාමේ අභිපත්ථයන්ති

මං දැකලා තියෙනවා ලෝකෙ ඉන්න ධනවත් ම මිනිසුන්. ඔවුන්ට ධනය ලැබුණාම එයට රැවටෙනවා. කාටවත් දෙන්නෙ නෑ. ලෝභකමින් ධනය එකතු කරල තව තවත් ධනය ම ප්‍රාර්ථනා කරනවා.

රාජා පසය්හ පඨවිං විජිත්වා
සසාගරන්තං මහිමාවසන්තෝ,
ඕරං සමුද්දස්ස අතිත්තරූපෝ
පාරං සමුද්දස්සපි පත්ථයේථ

රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකෙම ජය ගත්ත ත් එයාට තෘප්තියක් නෑ. එයා කැමතියි සාගරයෙන් එතෙර තිබෙන රටක ත් රජ කරන්න.

රාජා ච අඤ්ඤේ ච බහූ මනුස්සං
අවීතතණ්හා මරණං උපෙන්ති
ඌනාව හුත්වාන ජහන්ති දේහං
කාමේ හි ලෝකම්හි නහත්ථි තිත්ති.

ඒ රජුත් අනෙක් බොහෝ මිනිස්සු ත් තණ්හාව දුරු නො කොට ම යි මරණයට පත් වෙන්නෙ. ජීවිත අතහරින්නෙ ඌණත්වයට පත් වෙලා ම යි. මේ කාම ලෝකයේ තෘප්තියට පත්වීමක් නම් නෑ ම යි.

කන්දන්ති තං ඤාති පකිරිය කේසේ
අහෝ වතා නෝ අමරාති චාහු
වත්ථේන නං පාරුතං නීහරිත්වා
විතං සමාධාය තතෝ ඩහන්ති

කවුරු හරි මැරුණට පස්සේ නෑදෑයෝ එකතු වෙලා කෙහෙවලු කඩාගෙන හඬා වැලපෙනවා. ‘අනේ! අපේ මේ ඤාතියා අමරණීය වේවා!’ කියලා කියනවා. ඊට පස්සේ රෙද්දකින් ඔතල දර සෑයට දාලා ගිනි තියනවා.

සෝ ඩය්හති සූලේහි තුජ්ජමානෝ
ඒකේන වත්ථේන පහාය භෝගේ
න මීයමානස්ස භවන්ති තාණා
ඤාතීධ මිත්තා අථ වා සහායා

හැම සම්පතක් ම අතහැරල ඒ මැරුණ කෙනා අන්තිමේ දී එක ම එක වස්ත්‍රයකින් ඔතාගෙන හුල් වලින් පහර කාල පිච්චිලා යනවා. අවසන් වෙනවා. ඒ මැරුණ කෙනා ගෙ ආරක්ෂාවට නෑදෑයෝ, යාළු මිත්‍රයෝ කවුරුත් නෑ.

දායාදකා තස්ස ධනං හරන්ති
සත්තෝ පන ගච්ඡති යේන කම්මං
න මීයමානං ධනමන්වේති කිඤ්චි
පුත්තා ච දාරා ච ධනඤ්ච රට්ඨං.

එයාගෙ වස්තුව උරුමක්කාරයෝ ඇවිල්ලා අරගෙන යනවා. කර්මානුරූපව එයා එයා ගෙ ගමන ගියා. නමුත් එයා ගෙ පස්සෙන් යන්න අඹු දරුවන් මිල මුදල් රට රාජ්‍ය මොකවත් නෑ.

න දීඝමායුං ලභතේ ධනේන
න චාපි විත්තේන ජරං විහන්ති,
අප්පං හිදං ජීවිතමාහු ධීරා
අසස්සතං විප්පරිනාමධම්මං

සල්ලි තිබුණා කියලා දීර්ඝායුෂ ලැබෙන්නෙ නෑ. වස්තුව තිබුනා කියලා නාකි නොවී ඉන්ට බෑ. අන්න ඒ නිසයි ප්‍රඥාවන්ත මුනිවරු කියන්නෙ මේ ජීවිතය ඉතා සුළු කලයි තියෙන්නෙ කියලා. සදාකාලික නෑ කියලා. වෙනස් වෙන ස්වභාවයට අයිතියි කියලා.

අඩ්ඪා දළිද්දා ච ඵුසන්ති ඵස්සං
බාලෝ ච ධීරෝ ච තථේව ඵුට්ඨෝ
බාලෝ හි බාල්‍යාවධිතෝව සේති
ධීරෝ ච න වේධති ඵස්සඵුට්ඨෝ.

දුප්පත්, පොහොසත් කාට ත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. නුවණැති, මෝඩ කාට ත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. මෝඩ තැනැත්තා නුවණ නැති නිසා ම ඒ ස්පර්ශයෙන් දුක් විඳිනවා. දුක සේ නිදා ගන්නවා. නුවණැති මුනිවරයා කොයි ස්පර්ශයක් ලැබුන ත් අකම්පිතව ඉන්නවා.

තස්මා හි පඤ්ඤාව ධනේන සෙය්‍යෝ
යාය වෝසානං ඉධාධිගච්ඡති
අබ්‍යොසිතත්තා හි භවාභවේසු
පාපානි කම්මානි කරොන්ති මෝහා

මෙයින් පැහැදිලිව පේනවා සල්ලිවලට වඩා ප්‍රඥාව අග්‍ර බව. ඒ ප්‍රඥාවෙන් ම යි මේ දුක අවසන් කළ හැක්කේ. නමුත් මෝහය නිසා භවයේ ඇලුන සත්වයන් පව් ම රැස් කරනවා.

උපේති ගබ්භඤ්ච පරඤ්ච ලෝකං
සංසාරමාපජ්ජ පරම්පරාය
තස්සප්පපඤ්ඤෝ අභිසද්දහන්තෝ
උපේති ගබ්භඤ්ච පරඤ්ච ලෝකං

ඔවුන් මැරුණ ත් සසර දුකට ම යි වැටෙන්නෙ. ආයෙ ආයෙමත් මවු කුසකට ම යි එන්නෙ. ඔවුන් ගේ මතය පිළිගන්න උදවියට ද ඔච්චර යි සිද්ධ වෙන්නෙ.

චෝරෝ යථා සන්ධිමුඛේ ගහීතෝ
සකම්මනා හඤ්ඤති පාපධම්මෝ
ඒවං පජා පෙච්ච පරං හි ලෝකේ
සකම්මනා හඤ්ඤති පාපධම්මෝ.

සොරකම් කරන්ට ගිහින් අහු වෙච්ච හොරෙක් තමන් ගේ පාපී ක්‍රියාව නිසා ම යි දුක් විඳින්නෙ. අන්න ඒ වගේ තමන් ගේ ම පාපී ක්‍රියා නිසා ම යි මේ සත්වයන් පරලොව දී දුක් විඳින්නෙ.

කාමා හි චිත්‍රා මධුරා මනෝරමා
විරූපරූපේන මථෙන්ති චිත්තං,
ආදීනවං කාමගුණේසු දිස්වා
තස්මා අහං පබ්බජිතෝම්හි රාජ.

පින්වත් රජතුමනි, මේ කාමයන් විචිත්‍ර තමයි. මිහිරි තමයි. සිත ඇදී යනවා තමයි. ඒ වුණත් ඒ තුළින් මේ සිත නොයෙක් විදිහට කලබල වෙලා යනවා. කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මං මහණ වුනේ.

දුමප්ඵලානිව පතන්ති මානවා
දහරා ච වුද්ධා ච සරීරභේදා
ඒතම්පි දිස්වා පබ්බජිතෝම්හි රාජ
අපණ්ණකං සාමඤ්ඤමේව සේය්‍යෝ’ති

පුංචි අයත් වැඩිහිටියොත් කවුරුත් මැරිලා යන්නෙ ගස්වල ගෙඩි වැටෙනවා වගේ. පින්වත් රජතුමනි, ඒවා දැකලයි මං මහණ වුනේ. මේ ශ්‍රමණ ජීවිතය කිසි කරදරයක් නෑ. ඒ වගේ ම උතුම් ජීවිතයක්.

සාදු! සාදු!! සාදු!!!

රට්ඨපාලසුත්තං දුතියං.

රට්ඨපාල තෙරුන් වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M