මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.4.1. ඝටිකාර සුත්‌තං

2.4.1. ඝටීකාර උපාසක ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං. අථ ඛෝ භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං පදේසේ සිතං පාත්වාකාසි. අථ ඛෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතදහෝසි: ‘කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතුකම්මාය, න අකාරණේන තථාගතා සිතං පාතුකරොන්තී’ති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ ඒකංසං චීවරංකත්වා යේන භගවා තේනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: ‘කෝ නු ඛෝ භන්තේ හේතු, කෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතුකම්මාය, න අකාරණේන තථාගතා සිතං පාතුකරොන්තී’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසංඝයා පිරිවරා කෝසල ජනපදයෙහි චාරිකාවෙහි වඩිමින් සිටියා. එදා භාග්‍යවතුන් වහන්සේ වඩින මගින් බැහැරව එක්තරා ස්ථානයක දී සිනහවක් පහළ කළ සේක. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය සිතුණා. “භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වෙන එකට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? තථාගතයන් වහන්සේලා කරුණු රහිතව සිනහ පහළ නො කරන සේක.”

ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සිවුරු ඒකාංශ කොට පොරවා ගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වන්දනා කොට, භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සිනහවක් පහළ කරන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක් ද? තථාගතයන් වහන්සේලා කරුණු රහිතව සිනහ පහළ නො කරන සේක.”

භූතපුබ්බං ආනන්ද, ඉමස්මිං පදේසේ වේගළිංගං වේභලිගං වේභලිංගං නාම ගාමනිගමෝ අහෝසි ඉද්ධෝ චේව ඵීතෝ ච බහුජනෝ ආකිණ්ණමනුස්සෝ. වේගළිංගං ඛෝ ආනන්ද, ගාමනිගමං කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ උපනිස්සාය විහාසි. ඉධ සුදං ආනන්ද, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ආරාමෝ අහෝසි, ඉධ සුදං ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ නිසින්නකෝ භික්ඛුසංඝං ඕවදතීති.

“පින්වත් ආනන්ද, මෙය කලින් සිදු වූ දෙයක්. මෙම ප්‍රදේශයෙහි වේහලිංග නම් නියම්ගමක් තිබුනා. ඒ නියම්ගම ඉතාම සමෘද්ධ යි. දියුණු යි. බොහෝ ජනාකීර්ණ වෙලා තිබුනා. පින්වත් ආනන්ද, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය වේහලිංග නියම්ගම ඇසුරු කොට වැඩවාසය කළා. පින්වත් ආනන්ද, ඒ කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණිස මෙතැන විහාරයක් තිබුනා. ඉතින් පින්වත් ආනන්ද, ඒ කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතැන වැඩ හිඳ භික්ෂුසංඝයාට ධර්මාවවාද කොට වදාළා.”

අථ ඛෝ ආයස්මා ආනන්දෝ චතුග්ගුණං සංඝාටිං පඤ්ඤපෙත්වා භගවන්තං ඒතදවෝච: තේන හි භන්තේ, භගවා නිසීදතු, ඒවා’යං භූමිපදේසෝ ද්වීහි අරහන්තේහි සම්මාසම්බුද්ධේහි පරිභුත්තෝ භවිස්සතී’ති. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි:

එකල්හි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඟල සිවුර සතර පොටකට නවා අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “එසේ වී නම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වැඩ හිඳින සේක්වා! මෙසේ මේ භූමි ප්‍රදේශය අරහත් වූ සම්මා සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් විසින් පරිභෝග කළා වෙනවා” කියල. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. එසේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් අමතා මෙය වදාළා.

‘භූතපුබ්බං ආනන්ද, ඉමස්මිං පදේසේ වේගළිංගං නාම ගාමනිගමෝ අහෝසි ඉද්ධෝ චේව ඵීතෝ ච බහුජනෝ ආකිණ්ණමනුස්සෝ. වේගළිංගං ඛෝ ආනන්ද, ගාමනිගමං කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ උපනිස්සාය විහාසි. ඉධ සුදං ආනන්ද, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ආරාමෝ අහෝසි. ඉධ සුදං ආනන්ද, කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ නිසින්නකෝ භික්ඛුසංඝං ඕවදති.

“පින්වත් ආනන්ද, මෙය පෙර සිදු වූ දෙයක්. මෙම ප්‍රදේශයෙහි වේහලිංග නම් නියම්ගමක් තිබුනා. ඒ නියම්ගම ඉතාම සමෘද්ධ යි. දියුණු යි. බොහෝ ජනාකීර්ණ වෙලා තිබුනා. පින්වත් ආනන්ද, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය වේහලිංග නියම්ගම ඇසුරු කොට වැඩවාසය කළා. පින්වත් ආනන්ද, ඒ කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණිස මෙතැන විහාරයක් තිබුනා. ඉතින් පින්වත් ආනන්ද, ඒ කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතැන වැඩ හිඳ භික්ෂුසංඝයාට ධර්මාවවාද කරනවා.

වේගළිංගේ ඛෝ ආනන්ද ගාමනිගමේ ඝටිකාරෝ නාම කුම්භකාරෝ කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. ඝටිකාරස්ස ඛෝ ආනන්ද, කුම්භකාරස්ස ජෝතිපාලෝ නාම මාණවෝ සහායෝ අහෝසි පියසහායෝ. අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මාණවං ආමන්තේසි: ‘ආයාම සම්ම ජෝතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම. සාධුසම්මතඤ්හි මේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති. ඒවං වුත්තේ ආනන්ද, ජෝතිපාලෝ මාණවෝ ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච: ‘අලං සම්ම ඝටිකාර, කිං පන තේන මුණ්ඩකේන සමණකේන දිට්ඨේනා’ති? දුතියම්පි ඛෝ ආනන්ද ….(පෙ)…. තතියම්පි ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මාණවං ඒතදවෝච: ‘ආයාම සම්ම ජෝතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම. සාධුසම්මතඤ්හි මේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති. තතියම්පි ඛෝ ආනන්ද, ජෝතිපාලෝ මාණවෝ ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච: ‘අලං සම්ම ඝටිකාර, කිං පන තේන මුණ්ඩකේන සමණකේන දිට්ඨේනා’ති? තේන හි සම්ම ජෝතිපාල, සොත්තිසිනානිං සොත්තිසිනානං ආදාය නදිං ගමිස්සාම සිනායිතුන්ති. ‘ඒවං සම්මා’ති ඛෝ ආනන්ද, ජෝතිපාලෝ මාණවෝ ඝටිකාරස්ස කුම්භකාරස්ස පච්චස්සෝසි. අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ ච කුම්භකාරෝ ජෝතිපාලෝ ච මාණවෝ සොත්තිසිනානිං ආදාය නදිං අගමංසු සිනායිතුං.

පින්වත් ආනන්ද, එතකොට ඒ වේහලිංග නියම්ගමේ ඝටීකාර නම් කුඹල්කරුවෙක් සිටියා. ඔහු තමයි කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථායක වුනේ. අග්‍රඋපස්ථායක වුනේ. ඉතින් පින්වත් ආනන්ද, ඒ ඝටීකාර කුඹල්කරුවා හට ජෝතිපාල නම් ප්‍රිය සහායක වූ යහළු තරුණයෙක් සිටියා. පින්වත් ආනන්ද, දවසක් ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල තරුණයා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, එන්න. කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්.”

මෙසේ පැවසූ විට පින්වත් ආනන්ද, ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා. “ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?” පින්වත් ආනන්ද, දෙවෙනි වතාවටත් ….(පෙ)…. පින්වත් ආනන්ද තුන්වෙනි වතාවටත් ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල තරුණයා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, එන්න. කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්” කියල.

තුන්වෙනි වතාවට ත් පින්වත් ආනන්ද, ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා. “ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?” කියල. “එසේ වී නම්, ප්‍රිය මිත්‍ර ජෝතිපාල, ඇඟ උලන ලණුව ත් ගෙන අපි වතුර නාන්නට නදියට යමු.” එතකොට පින්වත් ආනන්ද, “එසේය මිත්‍රය” කියා ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට පිළිතුරු දුන්නා. ඉතින් පින්වත් ආනන්දයෙනි, ඝටීකාර කුඹල්කරුවා ත්, ජෝතිපාල තරුණයා ත් ඇඟ උලන ලණුව ත් ගෙන දිය නාන්නට නදියට ගියා.

අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මාණවං ආමන්තේසි: ‘අයං සම්ම ජෝතිපාල, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අවිදූරේ ආරාමෝ, ආයාම සම්ම ජෝතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම. සාධුසම්මතඤ්හි මේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති.

පින්වත් ආනන්ද, එහිදී ත් ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල තරුණයා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටින ආරාමය මේ ළඟ ම යි තියෙන්නෙ. එන්න මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්” කියල.

ඒවං වුත්තේ ආනන්ද ජෝතිපාලෝ මාණවෝ ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච: අලං සම්ම ඝටිකාර, කිං පන තේන මුණ්ඩකේන සමණකේන දිට්ඨේනා’ති? දුතියම්පි ඛෝ ආනන්ද ….(පෙ)…. තතියම්පි ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මාණවං ඒතදවෝච: අයං සම්ම ජෝතිපාල, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අවිදූරේ ආරාමෝ. ආයාම සම්ම ජෝතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම. සාධුසම්මතඤ්හි මේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති. තතියම්පි ඛෝ ආනන්ද, ජෝතිපාලෝ මාණවෝ ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච: අලං සම්ම ඝටිකාර, කිං පන තේන මුණ්ඩකේන සමණකේන දිට්ඨේනා’ති?

මෙසේ පැවසූ විට පින්වත් ආනන්ද, ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා. “ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?” පින්වත් ආනන්ද, දෙවෙනි වතාවට ත් ….(පෙ)…. පින්වත් ආනන්ද තුන්වෙනි වතාවට ත් ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල තරුණයා ඇමතුවා. “ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටින ආරාමය මේ ළඟ ම යි තියෙන්නෙ. එන්න මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්” කියල. තුන්වෙනි වතාවට ත් පින්වත් ආනන්ද, ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා. “ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?” කියල.

අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මාණවං ඕවට්ටිකාය පරාමසිත්වා ඒතදවෝච: අයං සම්ම ජෝතිපාල, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අවිදූරේ ආරාමෝ, ආයාම සම්ම ජෝතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම. සාධුසම්මතඤ්හි මේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති.

එතකොට පින්වත් ආනන්ද, ඝටීකාර කුඹල්කරුවා ජෝතිපාල මාණවකයා ගේ ඉණ බැඳි වස්ත්‍රයෙන් අල්ලා ගෙන මෙය කිව්වා. “ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටින ආරාමය මේ ළඟ ම යි තියෙන්නෙ. එන්න, ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්” කියල.

අථ ඛෝ ආනන්ද, ජෝතිපාලෝ මාණවෝ ඕවට්ටිකං විනිවේඨෙත්වා ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච: අලං සම්ම ඝටිකාර. කිං පන තේන මුණ්ඩකේන සමණකේන දිට්ඨේනා’ති?

එතකොට පින්වත් ආනන්දයෙනි, ජෝතිපාල මාණවකයා ඔහු අල්ලා ගත් ඉණ බැඳ රෙදිකඩ ගසා අතහැර මෙය පැවසුවා. “ඝටීකාර මිත්‍රය, වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් වහන්සේලා දැකීමෙන් ඇති ඵලය කිම?” කියල.

අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මාණවං සසීසං නහාතං කේසේසු පරාමසිත්වා ඒතදවෝච: අයං සම්ම ජෝතිපාල, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අවිදූරේ ආරාමෝ. ආයාම සම්ම ජෝතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම. සාධුසම්මතඤ්හි මේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති.

ඉතින් පින්වත් ආනන්ද, ඝටීකාර කුඹල්කරුවා හිස සෝදා නහා සිටි ජෝතිපාල මාණවකයා ගේ ඒ තෙත කෙස් වැටියෙන් තදින් අල්ලා ගෙන මෙය කිව්වා. “ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටින ආරාමය මේ ළඟ ම යි තියෙන්නෙ. එන්න ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව බැහැදකින්නට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේව දකින්නට යෑම මංගල සම්මත කාරණයක්” කියල.

අථ ඛෝ ආනන්ද, ජෝතිපාලස්ස මාණවස්ස ඒතදහෝසි: අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ, යත්‍ර හි නාමායං ඝටිකාරෝ කුම්භකාරෝ ඉත්තරජච්චෝ සමානෝ අම්හාකං සසීසං නහාතානං කේසේසු පරාමසිතබ්බං මඤ්ඤිස්සති. න වතිදං ඕරකං මඤ්ඤේ භවිස්සතීති. ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච: යාවේතදෝහිපි සම්ම ඝටිකාරා’ති. යාවේතදෝහිපි සම්ම ජෝතිපාල, තථා හි පන මේ සාධුසම්මතං තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති. තේන හි සම්ම ඝටිකාර, මුඤ්ච ගමිස්සාමාති.

එතකොට පින්වත් ආනන්ද ජෝතිපාල මාණවකයාට මෙය සිතුනා. “භවත්නි, සැබැවින් ම ආශ්චර්යය යි! භවත්නි, සැබැවින් ම අද්භූත යි! යම් හෙයකින් ලාමක ජාතියෙහි උපන් ඝටීකාර කුඹල්කරුවා හිස සෝදා නහා සිටි අප ගේ කෙස් වැටිය ත් තද කොට ගන්නට තරම් සිතනවා නෙව. මොහු මේ යන්නට කතා කරන ගමන සාමාන්‍ය ගමනක් විය නො හැකියි” කියල ඝටීකාර කුඹල්කරුවාට මෙය කිව්වා. “ප්‍රිය මිත්‍ර ඝටීකාරය, මෙතෙක් දැ කළේ එයට නො වේද?” “ප්‍රිය මිත්‍ර ජෝතිපාලය, මෙතෙක් දෑ කළේ එයට තමයි. එසේය, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට යෑම සාධු සම්මතයි.” “එසේ වී නම් ප්‍රිය මිත්‍ර ඝටීකාර, කෙස් වැටිය අත්හරින්න. අපි යමු.”

අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ ච කුම්භකාරෝ ජෝතිපාලෝ ච මාණවෝ යේන කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ඝටිකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ජෝතිපාලෝ පන මාණවෝ කස්සපේන භගවතා අරහතා සම්මාසම්බුද්ධේන සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: අයං මේ භන්තේ, ජෝතිපාලෝ මාණවෝ සහායෝ පියසහායෝ, ඉමස්ස භගවා ධම්මං දේසේතූ’ති. අථ ඛෝ ආනන්ද, කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඝටිකාරඤ්ච කුම්භකාරං ජෝතිපාලඤ්ච මාණවං ධම්මියා කථාය සන්දස්සේසි, සමාදපේසි, සමුත්තේජේසි, සම්පහංසේසි. අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ ච කුම්භකාරෝ ජෝතිපාලෝ ච මාණවෝ කස්සපේන භගවතා අරහතා සම්මාසම්බුද්ධේන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහංසිතා කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.

එතකොට පින්වත් ආනන්දයෙනි, ඝටීකාර කුඹල්කරුවා ත්, ජෝතිපාල මාණවකයා ත් කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුනා. එසේ පැමිණි ඝටීකාර කුඹල්කරුවා කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. ජෝතිපාල මානවකයා ත් කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව නිමවා එකත්පස්ව වාඩි වුනා. එතකොට පින්වත් ආනන්ද, එකත්පස්ව වාඩි වූ ඝටීකාර කුඹල්කරුවා කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මේ ජෝතිපාල තරුණයා මගේ ප්‍රිය සහායක මිත්‍රයෙක්. භාග්‍යවතුන් වහන්සේ මොහුට ශ්‍රී සද්ධර්මය වදාරණ සේක්වා!”

පින්වත් ආනන්ද, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඝටීකාර කුඹල්කරුවාට ත්, ජෝතිපාල තරුණයාට ත් දැහැමි කතාවෙන් කරුණු දැක්වා වදාළා. සමාදන් කරවා වදාළා. තෙද ගන්වා වදාළා. සතුටු කරවා වදාළා. එතකොට පින්වත් ආනන්ද, ඒ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ, සමාදන් කරවූ, තෙද ගැන්වූ, සතුටු කරවූ ඝටීකාර කුඹල්කරුවා ත්, ජෝතිපාල මාණවකයා ත්, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන් වෙලා හුනස්නෙන් නැගිට කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා.

අථ ඛෝ ආනන්ද, ජෝතිපාලෝ මාණවෝ ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච: ඉංඝ නු ත්වං සම්ම ඝටිකාර, ධම්මං සුණන්තෝ අථ ච පන අගාරස්මා අනගාරියං න පබ්බජසීති.

එහිදී පින්වත් ආනන්ද, ජෝතිපාල තරුණයා ඝටීකාර කුඹල්කරුවාට මෙය පැවසුවා. “ප්‍රිය මිත්‍ර ඝටීකාරයෙනි, සැබැවින් ම ඔබ මේ ශ්‍රී සද්ධර්මය අසනවා නො වේ ද? එසේ නමුත්, ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙන්නෙ ත් නෑ.”

නනු මං සම්ම ජෝතිපාල, ජානාසි: අන්ධේ ජිණ්ණේ මාතාපිතරෝ පෝසේමී’ති?

“මා ප්‍රිය මිත්‍ර ජෝතිපාලයෙනි, වයස්ගත වූ දෑස් අඳ දෙමාපියන්ව මා පෝෂණය කරන බව ඔබ නො දන්නවා ද?”

තේන හි, සම්ම ඝටිකාර, අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී’ති.

“එසේ වී නම් ප්‍රිය මිත්‍ර ඝටීකාරය, මං ගිහි ගෙය අත්හැරලා බුදුසසුනෙහි පැවිදි වෙනවා.”

අථ ඛෝ ආනන්ද, ඝටිකාරෝ ච කුම්භකාරෝ ජෝතිපාලෝ ච මාණවෝ යේන කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආනන්ද, ඝටිකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: අයං මේ භන්තේ, ජෝතිපාලෝ මාණවෝ සහායෝ පියසහායෝ, ඉමං භගවා පබ්බාජේතූ’ති. අලත්ථ ඛෝ ආනන්ද, ජෝතිපාලෝ මාණවෝ කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සන්තිකේ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං.

එතකොට පින්වත් ආනන්ද, ඝටීකාර කුඹල්කරුවා ත්, ජෝතිපාල තරුණයා ත්, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට පැමිණුනා. පැමිණ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩිවුන ඝටීකාර කුඹල්කරුවා කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ ජෝතිපාල මාණවකයා මගේ ප්‍රිය සහායක මිත්‍රයෙක්. භාග්‍යවතුන් වහන්සේ මොහුව පැවිදි කරන සේක්වා!” පින්වත් ආනන්ද, ඉතින් ජෝතිපාල මාණවකයා කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිද්ද ලැබුවා. උපසම්පදාව ත් ලැබුවා.

අථ ඛෝ ආනන්ද, කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ අචිරූපසම්පන්නේ ජෝතිපාලේ මාණවේ අඩ්ඪමාසුපසම්පන්නේ වේගළිංගේ යථාභිරන්තං විහරිත්වා යේන බාරාණසී තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන බාරාණසී තදවසරි.

පින්වත් ආනන්ද, ඒ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජෝතිපාල මාණවකයා උපසම්පදාව ලද නොබෝ කලකින් එනම්, අඩමසකින් පමණ වේහලිංගයෙහි කැමැති තාක් වාසය කොට බරණැස් නුවර තෙක් චාරිකාවේ වැඩියා. අනුපිළිවෙලින් සැරිසරා වඩිමින් බරණැස් නුවර වැඩවාසය කළා.

තත්‍ර සුදං ආනන්ද, කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. අස්සෝසි ඛෝ, ආනන්ද, කිකී කාසිරාජා: කස්සපෝ කිර භගවා අරහං සම්මාසම්බුද්ධෝ බාරාණසිං අනුප්පත්තෝ, බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේති. අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා භද්‍රානි භද්‍රානි යානානි යෝජාපෙත්වා භද්‍රං යානං අභිරුහිත්වා භද්‍රේහි භද්‍රේහි යානේහි බාරාණසියා නිය්‍යාසි මහතා රාජානුභාවේන කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය. යාවතිකා යානස්ස භූමි යානේන ගන්ත්වා යානා පච්චෝරෝහිත්වා පත්තිකෝව යේන කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ තේනුපසංකමි. උපසංකමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආනන්ද කිකිං කාසිරාජානං කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ධම්මියා කථාය සන්දස්සේසි, සමාදපේසි, සමුත්තේජේසි, සම්පහංසේසි. අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා කස්සපේන භගවතා අරහතා සම්මාසම්බුද්ධේන ධම්මියා කථාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහංසිතෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: ‘අධිවාසේතු මේ භන්තේ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. අධිවාසේසි ඛෝ ආනන්ද, කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ තුණ්හීභාවේන. අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අධිවාසනං විදිත්වා උට්ඨායාසනා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා පණ්ඩුමුටිකස්ස සාලිනෝ විචිතකාලකං අනේකසූපං අනේකබ්‍යඤ්ජනං, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස කාලං ආරෝචාපේසි: ‘කාලෝ භන්තේ, නිට්ඨිතං භත්ත’න්ති.

එහිදී පින්වත් ආනන්ද, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩසිටියේ බරණැස ඉසිපතන මිගදායේ යි. පින්වත් ආනන්ද, එතකොට කිකී නම් කසී රට රජ්ජුරුවන්ට කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැසට වැඩම කළ බවත්, බරණැස ඉසිපතන මිගදායෙහි වැඩසිටින බව ත් අසන්නට ලැබුනා. පින්වත් ආනන්ද, එවිට කිකී නම් කසී රජු සොඳුරු සොඳුරු වාහන යොදවා ගෙන, සොඳුරු සොඳුරු වාහනයන් හි නැගී, සොඳුරු සොඳුරු වාහන වලින් මහත් වූ රාජානුභාවයෙන් යුතුව බරණැසින් නික්ම කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට පිටත් වුනා. වාහනයෙන් යා හැකි තාක් ගොස් එයින් බැස පා ගමනින් කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා.

පින්වත් ආනන්ද, එකත්පස්ව වාඩි වූ කිකී නම් කසී රජුට කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වා වදාළා. සමාදන් කරවා වදාළා. තෙද ගන්වා වදාළා. සතුටු කරවා වදාළා. එතකොට පින්වත් ආනන්ද, ඒ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ, සමාදන් කරවූ, තෙද ගැන්වූ, සතුටු කරවූ කිකී නම් කසී රජු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හෙට දිනයේ මාගේ දානය පිණිස භික්ෂු සංඝයා සමඟ වඩින්නට පිළිගන්නා සේක්වා!” පින්වත් ආනන්ද, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එම ඇරයුම පිළිගත්තා. එවිට පින්වත් ආනන්ද, කිකී නම් කසී රජු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ඇරයුම ඉවසා වදාළ බව දැන කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා.

පින්වත් ආනන්ද, කිකී නම් කසී රජු ඒ රැය ඇවෑමෙන් සිය මාළිගයෙහි නිවුඩු නැති සුවඳ රත් හැල් සහල් ගෙන බත් පිස, අනේක සූප ව්‍යංජන පිස ප්‍රණීත ලෙස ඛාද්‍යභෝජ්‍ය පිළියෙල කොට කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට “ස්වාමීනී, දැන් වඩින්නට කාලය යි. දන් පිළියෙළ කොට අවසන් වුනා” කියා කල් දැනුම් දුන්නා.

අථ ඛෝ ආනන්ද, කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන කිකිස්ස කාසිරඤ්ඤෝ නිවේසනං තේනුපසංකමි, උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි සද්ධිං භික්ඛුසංඝේන. අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා බුද්ධප්පමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි, සම්පවාරේසි.

පින්වත් ආනන්ද, එවිට කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිවුරු හැඳ පොරවා ගෙන පාත්තරය ගෙන කිකී නම් කසී රජු ගේ මාළිගයට වැඩම කළා. වැඩම කොට භික්ෂුසංඝයා සමඟ පණවන ලද ආසනයන් හි වැඩසිටියා. පින්වත් ආනන්ද, එකල්හි කිකී නම් කසී රජු බුද්ධප්‍රමුඛ භික්ෂුසංඝයා ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් ම පිළිගැන්වුවා. හොඳින් වැළඳෙව්වා.

අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: ‘අධිවාසේතු මේ භන්තේ, භගවා බාරාණසියං වස්සාවාසං, ඒවරූපං සංඝස්ස උපට්ඨානං භවිස්සතී’ති. ‘අලං මහාරාජ, අධිවුත්ථෝ මේ වස්සාවාසෝ’ති. දුතියම්පි ඛෝ ආනන්ද ….(පෙ)…. තතියම්පි ඛෝ ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: ‘අධිවාසේතු මේ භන්තේ, භගවා බාරාණසියං වස්සාවාසං ඒවරූපං සංඝස්ස උපට්ඨානං භවිස්සතී’ති. ‘අලං මහාරාජ, අධිවුත්ථෝ මේ වස්සාවාසෝ’ති. අථ ඛෝ ආනන්ද, කිකිස්ස කාසිරඤ්ඤෝ: ‘න මේ කස්සපෝ භගවා අරහංසම්මාසම්බුද්ධෝ අධිවාසේති බාරාණසියං වස්සාවාස’න්ති අහුදේව අඤ්ඤථත්තං, අහු දෝමනස්සං. අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: ‘අත්ථි නු තේ භන්තේ, අඤ්ඤෝ කෝචි මයා උපට්ඨාකතරෝ’ති.

පින්වත් ආනන්ද, ඉතින් ඒ කිකී නම් කසී රජු වළඳා අවසන් වූ කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසළින් එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස්ව වාඩි වුනා. පින්වත් ආනන්ද, එකත්පස්ව වාඩි වූ කිකී නම් කසී රජු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ බරණැස් නුවර මෙවර වස් වැසීම පිළිගෙන වදාරණ සේක්වා! එවිට මෙබඳු ආකාරයෙන් සංඝෝපස්ථාන කළ හැකි වන්නේ ය” “පින්වත් මහාරාජ, කම් නැත. මා විසින් වස් ආරාධනාව පිළිගන්නා ලද්දේ ය.” දෙවන වතාවට ත් පින්වත් ආනන්ද, ….(පෙ)…. තුන්වෙනි වතාවට ත් පින්වත් ආනන්ද, කිකී නම් කසී රජු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ බරණැස් නුවර මෙවර වස් වැසීම පිළිගෙන වදාරණ සේක්වා! එවිට මෙබඳු ආකාරයෙන් සංඝෝපස්ථාන කළ හැකි වන්නේ ය” “පින්වත් මහාරාජ, කම් නැත. මා විසින් වස් ආරාධනාව පිළිගන්නා ලද්දේ ය.”

එවිට පින්වත් ආනන්ද, කිකී නම් වූ කසී රජු හට ‘කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා විසින් බරණැස් නුවර වස් වසන්නට කළ ආරාධනාව නො පිළිගත් සේක’ කියල කම්පාවට පත් වුනා. දොම්නසට පත් වුණා. එතකොට පින්වත් ආනන්ද, කිකී නම් කසී රජු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මට ත් වඩා හොඳින් උපස්ථාන කරන වෙන කවුරුන් හෝ ඔබවහන්සේට සිටිනවාද?”

අත්ථි මහාරාජ, වේගළිංගං නාම ගාමනිගමෝ. තත්ථ ඝටිකාරෝ නාම කුම්භකාරෝ. සෝ මේ උපට්ඨාකෝ අග්ගුපට්ඨාකෝ. තුය්හං ඛෝ පන මහාරාජ: ‘න මේ කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ අධිවාසේති බාරාණසියං වස්සාවාස’න්ති, අත්ථි අඤ්ඤථත්තං අත්ථි දෝමනස්සං. තයිදං ඝටිකාරේ කුම්භකාරේ නත්ථි ච න ච භවිස්සති.

“පින්වත් මහාරාජ, වේහලිංග නම් නියම්ගමක් තිබෙනවා. එහි ඝටීකාර නම් කුඹල්කරුවෙක් සිටිනවා. ඔහු තමයි මගේ උපස්ථායකයා. අග්‍ර උපස්ථායකයා. පින්වත් මහාරාජ, දැන් ඔබට ‘කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා විසින් බරණැස් නුවර වස් වසන්නට කළ ආරාධනාව නො පිළිගත් සේක’ කියල කම්පාවක් ඇති වුනා නෙව. දොම්නසක් ඇති වුනා නෙව. නමුත් එවැනි දෙයක් ඝටීකාර කුඹල්කරුවා තුළ නම් නැහැ. ඇති වන්නෙ ත් නැහැ.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ බුද්ධං සරණං ගතෝ, ධම්මං සරණං ගතෝ, සංඝං සරණං ගතෝ.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ශ්‍රී සද්ධර්මයත් සරණ ගියා. ශ්‍රාවක සංඝයා ත් සරණ ගියා.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ පාණාතිපාතා පටිවිරතෝ, අදින්නාදානා පටිවිරතෝ, කාමේසුමිච්ඡාචාරා පටිවිරතෝ, මුසාවාදා පටිවිරතෝ, සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතෝ.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා සතුන් මැරීමෙන් වැළකිල යි ඉන්නෙ. සොරකමින් වැළකිල යි ඉන්නෙ. වැරදිකාම සේවනයෙන් වැළකිල යි ඉන්නෙ. බොරු කීමෙන් වැළකිල යි ඉන්නෙ. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිල යි ඉන්නෙ.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ ….(පෙ)…. සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ, අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා බුදුරජුන් කෙරෙහි නො සෙල්වෙන ප්‍රසාදයෙන් සමන්විතව යි ඉන්නෙ. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නො සෙල්වෙන ප්‍රසාදයෙන් සමන්විතව යි ඉන්නෙ. ආර්යකාන්ත ශීලයකින් සමන්විතව යි ඉන්නෙ.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ දුක්ඛේ නික්කංඛෝ, දුක්ඛසමුදයේ නික්කංඛෝ, දුක්ඛනිරෝධේ නික්කංඛෝ, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය නික්කංඛෝ.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිතව යි ඉන්නෙ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිතව යි ඉන්නෙ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිතව යි ඉන්නෙ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිතව යි ඉන්නෙ.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ ඒකභත්තිකෝ බ්‍රහ්මචාරී සීලවා කල්‍යාණධම්මෝ.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා උදේ වරුවෙහි පමණක් වළඳන, කළ්‍යාණධර්ම ඇතිව, සීලවන්තව, බ්‍රහ්මචාරීව යි ඉන්නෙ.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ නික්ඛිත්තමණිසුවණ්ණෝ, අපේතජාතරූපරජතෝ.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා රන්, මුතු, මැණික් ආදිය අත්හැර දමා රන්, රිදී, මිල-මුදල් ආදියෙන් බැහැර වෙලයි ඉන්නෙ.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ පන්නමුසලෝ. න සහත්ථා පඨවිං ඛණති. යං හෝති කූලපලු‍ග්ගං වා යෝ හෝති මූසිකුක්කාරෝ වා තං කාජේන ආහරිත්වා භාජනං කරිත්වා ඒවමාහ: ‘එත්ථ යෝ ඉච්ඡති තණ්ඩුලපටිභස්තානි වා මුග්ගපටිභස්තානි වා කළායපටිභස්තානි වා නික්ඛිපිත්වා යං ඉච්ඡති තං හරතූති.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා උදැල්ල පසෙක දැමූ කෙනෙක්. සිය අතින් පොළොව කණින්නෙ නෑ. ඉවුරු වලින් කඩා වැටෙන යම් මැට්ටක් වෙයි නම්, මීයන් ආදී සතුන් උඩට දමන යම් මැට්ටක් වෙයි නම්, එය කදින් ගෙනියනවා. එයින් වළං තනා මෙහෙම කියනවා. ‘යම් කෙනෙක් කැමති නම් හාල් කොටසක් වේවා, මුං කොටසක් වේවා, කඩල කොටසක් වේවා මෙහි දමා එයට සරිලන යම් බඳුනක් කැමති වේ නම් එය රැගෙන යනු මැනව’ කියල.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ අන්ධේ ජිණ්ණේ මාතාපිතරෝ පෝසේති.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා වයස්ගත වූ දෑස් අඳ දෙමාපියන්ව පෝෂණය කරනවා.

ඝටිකාරෝ ඛෝ මහාරාජ, කුම්භකාරෝ පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා.

පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා ඕරම්භාගීය සංයෝජන ගෙවා දමා ඕපපාතිකව බඹලොවෙහි ඉපිද එයින් ආපසු නො එන ස්වභාවයෙන් යුතුව එහි ම පිරිනිවන් පාන ස්වභාවයෙන් යුතුවයි ඉන්නෙ.

ඒකමි’දාහං මහාරාජ, සමයං වේගළිංගේ ගාමනිගමේ විහරාමි. අථ ඛ්වාහං මහාරාජ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරෝ තේනුපසංකමිං. උපසංකමිත්වා ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරෝ ඒතදවෝචං: හන්ද කෝ නු ඛෝ අයං භග්ගවෝ ගතෝති. නික්ඛන්තෝ ඛෝ තේ භන්තේ උපට්ඨාකෝ, අන්තෝකුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජාති. අථ ඛ්වාහං මහාරාජ, කුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කමිං. අථ ඛෝ මහාරාජ, ඝටිකාරෝ කුම්භකාරෝ යේන මාතාපිතරෝ තේනුපසංකමි. උපසංකමිත්වා මාතාපිතරෝ ඒතදවෝච: කෝ කුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තෝ’ති. කස්සපෝ තාත, භගවා අරහං සම්මාසම්බුද්ධෝ කුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තෝ’ති. අථ ඛෝ මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස ඒතදහෝසි: ලාභා වත මේ, සුලද්ධං වත මේ, යස්ස මේ කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඒවං අභිවිස්සත්ථෝ’ති. අථ ඛෝ මහාරාජ, ඝටිකාරං කුම්භකාරං අද්ධමාසං පීතිසුඛං න විජහි සත්තාහං මාතාපිතුන්නං.

පින්වත් මහාරාජ, එක් කාලයක මා වේහලිංග නියම්ගමේ වාසය කළා. එතකොට පින්වත් මහාරාජ, පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන ඝටීකාර කුඹල්කරුවා ගේ මව්පියන් කරා පැමිණුනා. පැමිණ ඝටීකාර කුඹල්කරුවා ගේ මව්පියන්ගෙන් මෙය ඇසුවා. ‘දැන් මේ භාර්ගවයන් කොහේ ගිහින් ද?’ ‘ස්වාමීනී, ඔබවහන්සේ ගේ උපස්ථායකයා බැහැරකට ගියා. නමුත් ස්වාමීනී, අසවල් සැළියෙහි ඇති බත් ගෙන වෑංජන බඳුනේ වෑංජනත් ගෙන වළඳිනු මැනව.’ එතකොට පින්වත් මහාරාජ, මං සැළියෙන් බත් ගෙන සූප බඳුනෙන් වෑංජන ආදිය ගෙන වළඳලා අසුනෙන් නැගිට පිටත් වුනා. එතකොට පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා මව්පියන් වෙත පැමිණුනා. පැමිණ මව්පියන් ගෙන් මෙය ඇසුවා. ‘සැළියෙන් බත් ගෙන, වෑංජන බඳුන් වලින් වෑංජන ද ගෙන ගියේ කවුද?’ ‘පුතේ, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැළියෙන් බත් ගෙන බඳුනෙන් වෑංජන ගෙන, වළඳලා අසුනෙන් නැගිට වැඩියා.’

එවිට පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවාට මෙය සිතුනා. ‘සැබැවින් ම මට ලාභයක් ම යි! සැබැවින් ම මට මනා වූ ලැබීමක් ම යි! යමෙකු කෙරෙහි කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක් නම් ඒ මා කෙරෙහි ම යි’ කියල. එවිට පින්වත් මහාරාජ, ඒ ඝටීකාර කුඹල්කරුවා අඩමසක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා. ඔහු ගේ මා පියන් සතියක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා.

ඒකමි’දාහං මහාරාජ, සමයං තත්ථේව වේගළිංගේ නාම ගාමනිගමේ විහරාමි. අථ ඛ්වාහං මහාරාජ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරෝ තේනුපසංකමිං, උපසංකමිත්වා ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරෝ ඒතදවෝචං: හන්ද කෝ නු ඛෝ අයං භග්ගවෝ ගතෝ’ති. නික්ඛන්තෝ ඛෝ තේ භන්තේ, උපට්ඨාකෝ, අතෝ ඛළෝපියා කුම්මාසං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජාති. අථ ඛ්වාහං මහාරාජ, ඛළෝපියා කුම්මාසං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කමිං. අථ ඛෝ මහාරාජ, ඝටිකාරෝ කුම්භකාරෝ යේන මාතාපිතරෝ තේනුපසංකමි, උපසංකමිත්වා මාතාපිතරෝ ඒතදවෝච: කෝ ඛළෝපියා කුම්මාසං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තෝ’ති. කස්සපෝ තාත, භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඛළෝපියා කුම්මාසං ගහෙත්වා පරියෝගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තෝ’ති. අථ ඛෝ මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස ඒතදහෝසි: ලාභා වත මේ, සුලද්ධං වත මේ, යස්ස මේ කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඒවං අභිවිස්සත්ථෝ’ති. අථ ඛෝ මහාරාජ, ඝටිකාරං කුම්භකාරං අඩ්ඪමාසං පීතිසුඛං න විජහි, සත්තාහං මාතාපිතුන්නං.

පින්වත් මහාරාජ, එක් කාලයක මා වේහලිංග නියම්ගමේ වාසය කළා. එතකොට පින්වත් මහාරාජ, පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන ඝටීකාර කුඹල්කරුවා ගේ මව්පියන් කරා පැමිණුනා. පැමිණ ඝටීකාර කුඹල්කරුවා ගේ මව්පියන් ගෙන් මෙය ඇසුවා. ‘දැන් මේ භාර්ගවයන් කොහේ ගිහින් ද?’ ‘ස්වාමීනී, ඔබවහන්සේ ගේ උපස්ථායකයා බැහැරකට ගියා. ‘ස්වාමීනී, අසවල් භාජනයේ කොමු තියෙනවා. අසවල් බඳුනේ සූප තියෙනවා. අරගෙන වළඳන්න.’ එතකොට පින්වත් මහාරාජ, මං සැළියෙන් කොමු ගෙන සූප බඳුනෙන් වෑංජන ආදිය ගෙන වළඳලා අසුනෙන් නැගිට පිටත් වුනා. එතකොට පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා මව්පියන් වෙත පැමිණුනා. පැමිණ මව්පියන් ගෙන් මෙය ඇසුවා. ‘සැළියෙන් කොමු ගෙන, වෑංජන බඳුන් වලින් වෑංජන ද ගෙන ගියේ කවුද?’ ‘පුතේ, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැළියෙන් කොමු ගෙන බඳුනෙන් වෑංජන ගෙන, වළඳලා අසුනෙන් නැගිට වැඩියා.’

එවිට පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවාට මෙය සිතුනා. ‘සැබැවින් ම මට ලාභයක් ම යි! සැබැවින් ම මට මනා වූ ලැබීමක් ම යි! යමෙකු කෙරෙහි කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක් නම් ඒ මා කෙරෙහි ම යි’ කියල. එවිට පින්වත් මහාරාජ, ඒ ඝටීකාර කුඹල්කරුවා අඩමසක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා. ඔහු ගේ මා පියන් සතියක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා.

ඒකමි’දාහං මහාරාජ, සමයං තත්ථේව වේගළිංගේ ගාමනිගමේ විහරාමි. තේන ඛෝ පන සමයේන ගන්ධකුටි ඕවස්සති. අථ ඛ්වාහං මහාරාජ, භික්ඛූ ආමන්තේසිං: ගච්ඡථ භික්ඛවේ, ඝටිකාරස්ස කුම්භකාරස්ස නිවේසනේ තිණං ජානාථා’ති. ඒවං වුත්තේ මහාරාජ, තේ භික්ඛූ මං ඒතදවෝචුං: නත්ථි ඛෝ භන්තේ, ඝටිකාරස්ස කුම්භකාරස්ස නිවේසනේ තිණං, අත්ථි ච ඛ්වාස්ස ආවේසනං තිණච්ඡදන’න්ති. ගච්ඡථ භික්ඛවේ ඝටිකාරස්ස කුම්භකාරස්ස ආවේසනං උත්තිණං කරෝථා’ති. අථ ඛෝ තේ මහාරාජ භික්ඛූ ඝටිකාරස්ස කුම්භකාරස්ස ආවේසනං උත්තිණමකංසු. අථ ඛෝ මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරෝ තේ භික්ඛූ ඒතදවෝචුං: කේ ආවේසනං උත්තිණං කරොන්තී’ති, භික්ඛූ භගිනි, කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස කුටි ඕවස්සතී’ති. හරථ භන්තේ, භද්‍රමුඛාති. අථ ඛෝ මහාරාජ, ඝටිකාරෝ කුම්භකාරෝ යේන මාතාපිතරෝ තේනුපසංකමි, උපසංකමිත්වා මාතාපිතරෝ ඒතදවෝච: කේ ආවේසනං උත්තිණමකංසූ’ති. භික්ඛූ තාත, කස්සපස්ස කිර භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ගන්ධකුටි ඕවස්සතී’ති. අථ ඛෝ මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස ඒතදහෝසි: ලාභා වත මේ, සුලද්ධං වත මේ, යස්ස මේ කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඒවං අභිවිස්සත්ථෝ’ති. අථ ඛෝ මහාරාජ, ඝටිකාරං කුම්භකාරං අඩ්ඪමාසං පීතිසුඛං න විජහි, සත්තාහං මාතාපිතුන්නං. අථ ඛෝ මහාරාජ ආවේසනං සබ්බන්තං තේමාසං ආකාසච්ඡදනං අට්ඨාසි, න චාතිවස්සි ඒවරූපෝ ච මහාරාජ, ඝටිකාරෝ කුම්භකාරෝති.

පින්වත් මහාරාජ, එක් කාලයක මා වේහලිංග නියම්ගමේ වාසය කළා. ඒ දවස් වල ගන්ධ කුටිය තෙමෙනවා. ඉතින් පින්වත් මහාරාජ, මං භික්ෂූන් ඇමතුවා. ‘පින්වත් මහණෙනි, යන්න. ඝටීකාර කුඹල්කරුවා ගේ නිවසින් හෙවිල්ලන තෘණ ගෙනෙන්න.’ මෙසේ පැවසූ විට පින්වත් මහාරාජ, ඒ භික්ෂූන් මට මෙය පැවසුවා. ‘ස්වාමීනී, ඝටීකාර කුඹල්කරුවා ගේ නිවසේ හෙවිල්ලන තෘණ නැහැ. නමුත් ඔහු ගේ අලුතින් තෘණ හෙවිල්ලන ලද ශිල්ප ශාලාවක් නම් තියෙනවා.’ ‘පින්වත් මහණෙනි, යන්න. ඝටීකාර කුඹල්කරුවා ගේ ශිල්ප ශාලාවෙහි තෘණ ඉවත්කරගෙන එන්න.’

එතකොට පින්වත් මහාරාජ, ඒ භික්ෂූන් ඝටීකාර කුඹල්කරුවා ගේ ශිල්ප ශාලාවෙන් තෘණ ඉවත් කළා. එවිට පින්වත් මහාරාජ ඝටීකාර කුඹල්කරුවා ගේ මව්පියන් ඒ භික්ෂූන්ට මෙය පැවසුවා. ‘ඔය ශිල්ප ශාලාවේ තෘණ ඉවත්කරන්නේ කවුද?’ භික්ෂූන් වහන්සේලා ‘නැගණියනි, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් ගේ ගන්ධ කුටිය තෙමෙනවා’ කියා පිළිතුරු දුන්නා. ‘සොඳුරු මුව මඬල ඇති ස්වාමීනී, ගෙනයනු මැනව.’

ඉතින් පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා මව්පියන් වෙත පැමිණුනා. පැමිණ මව්පියන්ට මෙය කිව්වා. ‘ශිල්ප ශාලාවෙහි තෘණ ඉවත් කළේ කවුද?’ ‘පුතේ, භික්ෂූන් වහන්සේලා යි. කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් ගේ ගන්ධ කුටිය තෙමෙනවා නෙව.’

එවිට පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවාට මෙය සිතුනා. ‘සැබැවින් ම මට ලාභයක් ම යි! සැබැවින් ම මට මනා වූ ලැබීමක් ම යි! යමෙකු කෙරෙහි කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක් නම් ඒ මා කෙරෙහි ම යි’ කියල. එවිට පින්වත් මහාරාජ, ඒ ඝටීකාර කුඹල්කරුවා අඩමසක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා. ඔහු ගේ මා පියන් සතියක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා. එවිට පින්වත් මහාරාජ, ඒ තුන් මාසය මුළුල්ලේ ම ඒ ශිල්ප ශාලාව වළාකුලින් ආවරණය වුනා. වැස්සෙන් නො තෙමී තිබුනා. පින්වත් මහාරාජ, ඝටීකාර කුඹල්කරුවා මෙවැනි කෙනෙක්.”

ලාභා භන්තේ, ඝටිකාරස්ස කුම්භකාරස්ස, සුලද්ධං භන්තේ, ඝටිකාරස්ස කුම්භකාරස්ස යස්ස භගවා ඒවං අභිවිස්සත්ථෝති.

“ස්වාමීනී, යම් කෙනෙක් කෙරෙහි කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක් නම්, එය ඝටීකාර කුඹල්කරුවාට ලාභයක් ම යි! ස්වාමීනී, එය ඝටීකාර කුඹල්කරුවාට මනා වූ ලාභයක් ම යි!”

අථ ඛෝ ආනන්ද, කිකී කාසිරාජා ඝටිකාරස්ස කුම්භකාරස්ස පඤ්චමත්තානි තණ්ඩුලවාහසතානි පාහේසි පණ්ඩුමුටිකස්ස සාලිනෝ තදුපියඤ්චේව සූපෙය්‍යං. අථ ඛෝ තේ ආනන්ද, රාජපුරිසා ඝටිකාරං කුම්භකාරං උපසංකමිත්වා ඒතදවෝචුං: ඉමානි තේ භන්තේ, පඤ්චමත්තානි තණ්ඩුලවාහසතානි කිකිනා කාසිරාජේන පහිතානි පණ්ඩුම්ටිකස්ස සාලිනෝ තදුපියඤ්ච සූපෙය්‍යං. තානි භන්තේ, පටිග්ගණ්හාතූ’ති, රාජා ඛෝ බහුකිච්චෝ බහුකරණීයෝ, අලං මේ රඤ්ඤෝව හෝතූති.

ඉතින් පින්වත් ආනන්ද, කිකී නම් කසී රජු ඝටීකාර කුඹල්කරුවා හට හොඳින් පොළන ලද, වියලන ලද, රතු ඇල් හාල් ගැල් පන්සියයක් පිටත් කොට යැව්වා. එයට සරිලන වෑංජන පිණිස ද්‍රව්‍යයන් ද යැව්වා. පින්වත් ආනන්ද, රාජ පුරුෂයන් ඝටීකාර කුඹල්කරුවා වෙත ගිහින් මෙය කිව්වා.

“ස්වාමීනී, ඔබට කිකී නම් කසී රජු විසින් හොඳින් පොළන ලද, වියලන ලද, රතු ඇල් හාල් ගැල් පන්සියයක් එවා තිබෙනවා. එයට සරිලන වෑංජන පිණිස ද්‍රව්‍යයන් ද එවා තිබෙනවා. ස්වාමීනී, ඒවා පිළිගත මැනව.” “රජතුමා හට බොහෝ රාජකෘත්‍ය තිබෙනවා නෙව. බොහෝ කටයුතු තිබෙනවා නෙව. එනිසා පින්වත, මෙයින් මට වැඩක් නැත. රජතුමාට ම මෙය වේවා!”

සියා ඛෝ පන තේ ආනන්ද, ඒවමස්ස: අඤ්ඤෝ නූන තේන සමයේන ජෝතිපාලෝ මාණවෝ අහෝසීති. න ඛෝ පනේතං ආනන්ද, ඒවං දට්ඨබ්බං අහං තේන සමයේන ජෝතිපාලෝ මාණවෝ අහෝසින්ති.

පින්වත් ආනන්ද, ඔබට මෙහෙම සිතෙනවාත් ඇති. “ඒ කාලෙ සිටිය ජෝතිපාල මාණවකයා වෙන කෙනෙක් වත් ද කියා. පින්වත් ආනන්ද, මෙය එසේ නො සිතිය යුතුයි. ඒ කාලෙ සිටිය ජෝතිපාල මාණවකයා නම් මම යි.

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඒ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ඝටීකාරසුත්තං පඨමං.

ඝටීකාර උපාසක ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M