මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.3.9. චූළසකුලු‍දායි සුත්තං

2.3.9. සකුළුදායී පිරිවැජියාට වදාළ කුඩා දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන සකුලු‍දායී පරිබ්බාජකෝ මෝරනිවාපේ පරිබ්බාජකාරාමේ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: අතිප්පගෝ ඛෝ තාව රාජගහං පිණ්ඩාය චරිතුං. යංනූනාහං යේන මෝරනිවාපෝ පරිබ්බාජකාරාමෝ යේන සකුලු‍දායී පරිබ්බාජකෝ තේනුපසංකමෙය්‍යන්ති. අථ ඛෝ භගවා යේන මෝරනිවාපෝ පරිබ්බාජකාරාමෝ තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන සකුලු‍දායී පරිබ්බාජකෝ මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නෝ හෝති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනේකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්‍යථිදං: රාජකථං චෝරකථං මහාමත්තකථං සේනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපේතකථං නානත්තකථං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. අද්දසා ඛෝ සකුලු‍දායී පරිබ්බාජකෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපේසි: “අප්පසද්දා භොන්තෝ හොන්තු මා භොන්තෝ සද්දමකත්ථ අයං සමණෝ ගෝතමෝ ආගච්ඡති, අප්පසද්දකාමෝ ඛෝ පන සෝ ආයස්මා අප්පසද්දස්ස වණ්ණවාදී, අප්පේව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤෙය්‍යා”ති. අථ ඛෝ තේ පරිබ්බාජකා තුණ්හී අහේසුං.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයේ. ඒ දිනවල සකුළුදායී පිරිවැජියා මහත් පිරිවැජියන් පිරිසක් සමඟ මෝරනිවාප නම් පිරිවැජි ආරාමයෙහි වාසය කළා.

එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ද ගෙන රජගහ නුවර පිඬුසිඟා වැඩියා. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුනා. ‘රජගහ නුවර පිඬුසිඟා වඩින්නට තවම වේලාසන වැඩියි. එහෙයින් මං මෝරනිවාප නම් පිරිවැජියන් ගේ ආරාමය යම් තැනක ද, සකුළුදායී පිරිවැජියා යම් තැනක ද එතනට යන්නට ඕන’ කියල. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෝරනිවාප පිරිවැජි ආරාමය වෙත වැඩියා.

එතකොට ඒ වෙලාවෙහි සකුළුදායී පිරිවැජියා මහත් පිරිවැජි පිරිසක් සමඟ උස් හඬින් මහ හඬින් කෑ ගසමින් නොයෙක් ආකාරයෙන් තිරිසන් කතාවන් කරමින් සිටියා. ඒ කියන්නේ; ආණ්ඩුව ගැන කතා කිරීම, ප්‍රසිද්ධ සොරුන් ගැන කතා කිරීම, මැති ඇමතිවරුන් ගැන කතා කිරීම, හමුදාවන් ගැන කතා කිරීම, භයජනක කතා කිරීම, යුද්ධ ගැන කතා කිරීම, ආහාර වර්ග ගැන කතා කිරීම, පාන වර්ග ගැන කතා කිරීම, වස්ත්‍ර ගැන කතා කිරීම, යාන වාහන ගැන කතා කිරීම, ඇඳ පුටු ගැන කතා කිරීම, මල් වර්ග ගැන කතා කිරීම, සුවඳ වර්ග ගැන කතා කිරීම, ඤාතීන් ගැන කතා කිරීම, ගම් ගැන කතා කිරීම, නියම් ගම් ගැන කතා කිරීම, නගර ගැන කතා කිරීම, ජනපද ගැන කතා කිරීම, ස්ත්‍රීන් ගැන කතා කිරීම, පුරුෂයන් ගැන කතා කිරීම, වීරයන් ගැන කතා කිරීම, මංමාවත් ගැන කතා කිරීම, පැන් තොටේ කතාවන් ගැන කතා කිරීම, මියගිය උදවිය ගැන කතා කිරීම, නා නා තිරිසන් කතාවන් ගැන කතා කිරීම, ලෝකය ගැන කතා කිරීම, මුහුද ගැන කතා කිරීම, මෙසේ මෙසේ ඇති වූයේ ය – නැති වූයේ ය යනුවෙන් කතා කිරීම ආදිය යි.

ඉතින් සකුළුදායී පිරිවැජියා දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක තමන් ගේ පිරිස සන්සුන් කෙරෙව්වා. “භවත්නි, නිශ්ශබ්ද වන්න! භවත්නි, ශබ්ද නො කරන්න! මේ ශ්‍රමණ ගෞතමයන් පැමිණෙනවා. ඒ ආයුෂ්මතුන් වහන්සේ නිශ්ශබ්දතාවයට කැමතියි. නිශ්ශබ්දතාවයට යි වර්ණනා කරන්නෙ. නිශ්ශබ්ද වූ පිරිස දැනගෙන ඔවුන් වෙත එළැඹීම හොඳයි කියල යි සිතන්නෙ.” එතකොට ඒ පිරිවැජියන් නිශ්ශබ්ද වුනා.

අථ ඛෝ භගවා යේන සකුලු‍දායී පරිබ්බාජකෝ තේනුපසංකමි. අථ ඛෝ සකුලු‍දායී පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: “ඒතු ඛෝ භන්තේ භගවා, ස්වාගතං භන්තේ භගවතෝ. චිරස්සං ඛෝ භන්තේ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තේ භගවා, ඉදමාසනං පඤ්ඤත්ත”න්ති. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. සකුලු‍දායීපි ඛෝ පරිබ්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ සකුලු‍දායිං පරිබ්බාජකං භගවා ඒතදවෝච:

එවිට භාග්‍යවතුන් වහන්සේ සකුළුදායී පිරිවැජියා වෙත වැඩම කළා. සකුළුදායී පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වඩින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහි පැමිණීම ස්වාගතයක් ම යි! භාග්‍යවතුන් වහන්සේ මෙහි පැමිණියේ බොහෝ කාලයකට පස්සෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ පණවන ලද අසුනෙහි වැඩසිටිත්වා.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ද පණවන ලද අසුනෙහි වැඩසිටියා. එතකොට සකුළුදායී පිරිවැජියා ද කුඩා අසුනක් ගෙන එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ සකුළුදායී පිරිවැජියාට භාග්‍යවතුන් වහන්සේ මෙය පැවසුවා.

“කායනුත්ථ උදායි, ඒතරහි කථාය සන්නිසින්නා? කා ච පන වෝ අන්තරාකථා විප්පකතා”ති? තිට්ඨතේසා භන්තේ කථා යාය මයං ඒතරහි කථාය සන්නිසින්නා. නේසා භන්තේ කථා භගවතෝ දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය. යදාහං භන්තේ ඉමං පරිසං අනුපසංකන්තෝ හෝමි. අථායං පරිසා අනේකවිහිතං තිරච්ඡානකථං කථෙන්තී නිසින්නා හෝති. යදා ච ඛෝ අහං භන්තේ, ඉමං පරිසං උපසංකන්තෝ හෝමි. අථායං පරිසා මමඤ්ඤේව මුඛං උල්ලෝකෙන්තී නිසින්නා හෝති: යං නෝ සමණෝ උදායී ධම්මං භාසිස්සති. තං නෝ සොස්සාමාති. යදා පන භන්තේ භගවා ඉමං පරිසං උපසංකන්තෝ හෝති, අථ අහඤ්චේව අයඤ්ච පරිසා භගවතෝ ව මුඛං උල්ලෝකෙන්තෝ නිසින්නා හෝම: ‘යං නෝ භගවා ධම්මං භාසිස්සති, තං සොස්සාමා’ති.

“පින්වත් උදායි, දැන් ඔබ රැස්වෙලා කුමක් ද කතා කරමින් හිටියේ. අප ගේ පැමිණීම නිසා ඔබ ගේ ඒ අඩාල වූ කතාව කුමක් ද?”

“ස්වාමීනී, ඔය කතාවන් පසෙක තිබේවා. අපි දැන් යම් කතාවක් කරමින් සිටියා ද ඒවා භාග්‍යවතුන් වහන්සේට අසන්නට ලැබෙන දුර්ලභ කතාවන් නොවෙයි. පස්සෙ වුනත් අසන්නට ලැබෙනවා. ස්වාමීනී, යම් වෙලාවක මං මේ පිරිස වෙත නො පැමිණෙනවා නම්, එතකොට මේ උදවිය කරන්නේ තිරිසන් කතාවල් කර කර වාඩි වෙලා ඉන්න එකයි. යම් කලෙක මං මේ පිරිස වෙත පැමිණෙනවා නම්, එතකොට විතරක් මේ උදවිය මගේ මූණ දිහා ම බලාගෙන වාඩි වෙලා ඉන්නවා. ‘මේ උදායී ශ්‍රමණයා යම් ධර්මයක් පවසයි ද, එය අපි අසාගන්නට ඕන’ කියල. ඉතින් ස්වාමීනී, යම් වෙලාවක භාග්‍යවතුන් වහන්සේ මේ පිරිස වෙත වැඩම කරනවා නම්, එතකොට මම ත්, මේ පිරිසත් භාග්‍යවතුන් වහන්සේ ගේ ම මුව මඬල බලමින් වාඩි වෙලයි ඉන්නෙ ‘භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් දෙසා වදාරත් ද, එය අපි අසාගන්නට ඕන’ කියල.”

තේනහුදායි, තඤ්ඤේවෙත්ථ පටිභාතු, යථා මං පටිභාසෙය්‍යාති. පුරිමානි භන්තේ දිවසානි පුරිමතරානි සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසේසං ඤාණදස්සනං පටිජානමානෝ: ‘චරතෝ ච මේ තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති, සෝ මයා පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුට්ඨෝ සමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරි. බහිද්ධා කථං අපනාමේසි. කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. තස්ස මය්හං භන්තේ, භගවන්තංයේව ආරබ්භ පීති උදපාදි: ‘අහෝ නූන භගවා, අහෝ නූන සුගතෝ, යෝ ඉමේසං ධම්මානං කුසලෝ’ති.

“එසේ වී නම් පින්වත් උදායී, යම් කරුණක් ධර්ම දේශනාව පිණිස මට වැටහෙනවා නම් එයට අදාළ වූ කරුණ ඔබට ම වැටහේවා!” “ස්වාමීනී, පසුගිය දවස්වල මට කෙනෙක් මුණ ගැහුනා. උන්දෑ සර්වඥ යි ලු. සියල්ල දකිනවා ලු. ‘මට ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, අවදි වී සිටින විට ත්, නිරතුරුව ම, හැම මොහොතේ ම ඤාණදර්ශනය පිහිටල තියෙනවා’ කියල අවශේෂ රහිත වූ ඤාණ දර්ශනයක් ගැන ප්‍රතිඥා දෙනවා. ඉතින් ස්වාමීනී, මා පූර්ව අන්තය පිළිබඳව ඔහු ගෙන් ප්‍රශ්න ඇසූ විට ඔහු වෙන වෙන කරුණු වලින් එය වැසුවා නෙව. බාහිර කතාවකුත් පටලවා ගත්තා නෙව. කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කළා නෙව. අනේ ස්වාමීනී, එතකොට මට භාග්‍යවතුන් වහන්සේව ම මතක් වෙලා ප්‍රීතියක් හට ගත්තා. ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියා නම්! අහෝ! සුගතයන් වහන්සේ වැඩසිටියා නම්! යමෙක් මේ ධර්මයන් ගැන දක්ෂ නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ ම තමයි’ කියල.”

කෝ පනේසෝ උදායි, සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසේසං ඤාණදස්සනං පටිජානමානෝ: ‘චරතෝ ච මේ තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති, යෝ තයා පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුට්ඨෝ සමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමේසි. කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසී’ති? නිගණ්ඨෝ භන්තේ නාටපුත්තෝ’ති.

“පින්වත් උදායී, කවුද ඒ පුද්ගලයා? සර්වඥ යි කියන, සියල්ල දකිනවා කියන, ඔහු ‘මට ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, අවදි වී සිටින විට ත්, නිරතුරුව ම, හැම මොහොතේ ම ඤාණදර්ශනය පිහිටල තියෙනවා’ කියල අවශේෂ රහිත වූ ඤාණ දර්ශනයක් ගැන ප්‍රතිඥා දෙනවා නම්, නමුත් ඔබ විසින් පූර්ව අන්තය අරභයා ප්‍රශ්න කරද්දී වෙන වෙන කරුණු වලින් එය වසා දමනවා නම්, බාහිර කතාවන් ඇදගන්නවා නම්, කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරනවා නම්, ඔහු කවුද?”

“ස්වාමීනී, නිගණ්ඨ නාතපුත්‍රයා යි.”

යෝ ඛෝ උදායි, අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරෙය්‍ය, සෙය්‍යථීදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරෙය්‍ය. සෝ වා මං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්‍ය තං වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්‍යං. සෝ වා මේ පුබ්බන්තං ආරබ්භ පඤ්හස්සවෙය්‍යාකරණේන චිත්තං ආරාධෙය්‍ය, තස්ස වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්‍යාකරණේන චිත්තං ආරාධෙය්‍යං.

“පින්වත් උදායී, යම් කෙනෙක් නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙල ගැන සිහි කරනවා නම්, ඒ කියන්නෙ එක ජාතියක්, ජාති දෙකක්, ….(පෙ)…. මෙසේ කරුණු සහිතව, විශේෂ සිදුවීම් සහිතව, පෙර විසූ කඳ පිළිවෙල ගැන සිහිකරනවා නම්, අන්න ඒ පුද්ගලයා මගෙන් පූර්ව අන්තය අරභයා ප්‍රශ්න ඇසුවොත්, මං පූර්ව අන්තය අරභයා අසන ඒ ප්‍රශ්න වලට දෙන්නා වූ පිළිතුරු ගැන ඔහු ගේ සිත පහදිනවා. එහෙම නැත්නම් මම වුනත් ඔහුගෙන් පූර්ව අන්තය අරභයා ප්‍රශ්න අසා ලැබෙන පිළිතුරු වලින් සතුටු වෙනවා.

යෝ ඛෝ උදායි, දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සෙය්‍ය: චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ ….(පෙ)…. යථාකම්මූපගේ සත්තේ පජානෙය්‍ය. සෝ වා මං අපරන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්‍ය. තං වාහං අපරන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්‍යං. සෝ වා මේ අපරන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්‍යාකරණේන චිත්තං ආරාධෙය්‍ය. තස්ස වාහං අපරන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්‍යාකරණේන චිත්තං ආරාධෙය්‍යං. අපිචුදායි, තිට්ඨතු පුබ්බන්තෝ තිට්ඨතු අපරන්තෝ, ධම්මං තේ දේසෙස්සාමි: ‘ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ඣතී’ති. අහං හි භන්තේ යාවතකම්පි මේ ඉමිනා අත්තභාවේන පච්චනුභූතං, තම්පි නප්පහෝමි සාකාරං සඋද්දේසං අනුස්සරිතුං. කුතෝ පනාහං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරිස්සාමි, සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරිස්සාමි සෙය්‍යථාපි භගවා. අහඤ්හි භන්තේ ඒතරහි පංසුපිසාචකම්පි න පස්සාමි, කුතෝ පනාහං දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සිස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ ….(පෙ)…. යථාකම්මූපගේ සත්තේ පජානිස්සාමි. සෙය්‍යථාපි භගවා. යං පන මං භන්තේ භගවා ඒවමාහ: අපිචුදායි තිට්ඨතු පුබ්බන්තෝ තිට්ඨතු අපරන්තෝ, ධම්මං තේ දේසෙස්සාමි: ‘ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣතී’ති. තඤ්ච පන මේ භිය්‍යෝසෝමත්තාය න පක්ඛායති අප්පේව නාමාහං භන්තේ සකේ ආචරියකේ භගවතෝ චිත්තං ආරාධෙය්‍යං පඤ්හස්ස වෙය්‍යාකරණේනා’ති

ඒ වගේ ම උදායී, යම් කෙනෙක් සාමාන්‍ය මිනිසුන් ගේ දැක්ම ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැස් නුවණින් යුතුව චුත වෙන, උපදින, හීන, උසස්, වර්ණවත්, දුර්වර්ණ, සුගති, දුගති වල උපන් සත්වයන් දකිනවා නම්, ….(පෙ)…. කර්මානුරූපව උපතකට පැමිණෙන සත්වයන් දකිනවා නම්, අන්න ඒ තැනැත්තා අපාරාන්තය අරභයා මගෙන් ප්‍රශ්න අසනවා නම්, මගෙන් අපරාන්තය අරභයා අසන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු වලින් ඔහු සතුටට පත්වෙනවා. ඒ වගේ ම මම හෝ අපරාන්තය අරභයා ඔහුගෙන් ප්‍රශ්න අසා ලැබෙන පිළිතුරු වලින් සතුටට පත්වෙනවා.

නමුත් උදායී, පූර්ව අන්තය පසෙක තිබේවා! අපර අන්තය ද පසෙක තිබේවා! මං ඔබට ධර්මය දේශනා කරන්නම්. ‘මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය උපදින විට මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වෙයි’ කියල.”

“ස්වාමීනී, මං මේ ආත්මභාවය තුළ යම්තාක් අත්දැකීම් ලබා තිබෙනවා ද, එය කරුණු සහිතව විශේෂ සිදුවීම් සහිතව සිහිකරන්නට බැහැ නෙව. ඉතින් එහෙම එකේ මං පෙර විසූ කඳ පිළිවෙල ත් කොහොම නම් සිහි කරන්න ද? ඒ කියන්නෙ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර විසූ කඳ පිළිවෙල සිහිකරන පරිද්දෙන් ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක් ….(පෙ)…. මෙසේ කරුණු සහිතව විශේෂ සිදුවීම් සහිතව සිහිකරන්නට බැහැ නෙව.

අනේ ස්වාමීනී, මං පාංශු පිශාචයෙකු වත් දැකල නැහැ. ඉතින් එහෙම එකේ මං කොහොම ද සාමාන්‍ය මිනිස් පෙනුම ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් භාග්‍යවතුන් වහන්සේ දකිනවා වගේ හීන වූත්, උසස් වූත්, වර්ණවත් වූත්, දුර්වර්ණ වූත්, සුගති වූත්, දුගති වූත් සත්වයන් ….(පෙ)…. කර්මානුරූපව උපතකට යන සත්වයන් දකින්නට බැහැ නෙව.

ඉතින් එහෙම තිබෙද්දී ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම වදාළා ‘උදායී, පූර්ව අන්තය පසෙක තිබේවා! අපර අන්තය ද පසෙක තිබේවා! මං ඔබට ධර්මය දේශනා කරන්නම්. ‘මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය උපදින විට මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වෙයි’ කියල යමක් වදාරයි ද අනේ මට එය බොහෝ සෙයින් ම නො වැටහී යාවි. ස්වාමීනී, එනිසා මං අප ගේ ආචාර්යවරු උගන්වා තිබෙන ප්‍රශ්නයක් අසා භාග්‍යවතුන් වහන්සේ ගේ සිත පහදවන්නම්.”

කින්ති පන තේ උදායි, සකේ ආචරියකේ හෝතීති?

“පින්වත් උදායී, ඔබට ආචාර්ය පරම්පරාවෙන් උගන්වා තිබෙන්නේ කුමක්ද?”

අම්හාකං භන්තේ, සකේ ආචරියකේ ඒවං හෝති: ‘අයං පරමෝ වණ්ණෝ, අයං පරමෝ වණ්ණෝ’ති.

“ස්වාමීනී, අපට ආචාර්ය පරම්පරාවෙන් උගන්වන්නේ මෙහෙම යි. ‘මෙය උත්තම වර්ණය යි. මෙය උත්තම වර්ණය යි’ කියල.”

යං පන තේ ඒතං උදායි, සකේ ආචරියකේ ඒවං හෝති: ‘අයං පරමෝ වණ්ණෝ, අයං පරමෝ වණ්ණෝ’ති. කතමෝ සෝ පරමෝ වණ්ණෝ’ති?

“පින්වත් උදායී, ඔබට තමන් ගේ ආචාර්ය පරම්පරාවෙන් යම් දෙයක් ‘මෙය උත්තම වර්ණය යි. මෙය උත්තම වර්ණය යි’ කියල ඔය විදිහට උගන්වලා තියෙනවා නම්, ඒ උත්තම වර්ණය කුමක් ද?”

යස්මා භන්තේ, වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි, සෝ පරමෝ වණ්ණෝති.

“ස්වාමීනී, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය.”

කතමෝ පන සෝ උදායි වණ්ණෝ, යස්මා වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථීති?

“පින්වත් උදායී, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැත්නම්, ඒ වර්ණය කුමක් ද?”

යස්මා භන්තේ වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි, සෝ පරමෝ වණ්ණෝති.

“ස්වාමීනී, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය.”

දීඝාපි ඛෝ තේ ඒසා උදායි, ඵරෙය්‍ය. යස්මා භන්තේ, වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි, සෝ පරමෝ වණ්ණෝති වදේසි. තඤ්ච වණ්ණං න පඤ්ඤපේසි. සෙය්‍යථාපි උදායි පුරිසෝ ඒවං වදෙය්‍ය: අහං යා ඉමස්මිං ජනපදේ ජනපදකල්‍යාණී තං ඉච්ඡාමි තං කාමේමී’ති. තමේනං ඒවං වදෙය්‍යුං: අම්භෝ පුරිස, යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමේසි. ජානාසි ත්වං ජනපදකල්‍යාණිං ඛත්තියී වා බ්‍රාහ්මණී වා වෙස්සී වා සුද්දී වාති? ඉති පුට්ඨෝ, නෝති වදෙය්‍ය. තමේනං ඒවං වදෙය්‍යුං: අම්භෝ පුරිස, යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමේසි ජානාසි ත්වං ජනපදකල්‍යාණිං ඒවංනාමා ඒවංගොත්තා ඉති වාති ….(පෙ)…. දීඝා වා රස්සා වා මජ්ඣිමා වාති. ….(පෙ)…. කාළී වා සාමා වා මංගුරච්ඡවී වාති ….(පෙ)…. අමුකස්මිං ගාමේ වා නිගමේ වා නගරේ වාති ඉති පුට්ඨෝ, නෝති වදෙය්‍ය. තමේනං ඒවං වදෙය්‍යුං: අම්භෝ පුරිස, යං ත්වං න ජානාසි න පස්සසි, තං ත්වං ඉච්ඡසි කාමේසීති ඉති පුට්ඨෝ ආමාති වදෙය්‍ය. තං කිං මඤ්ඤසි උදායි, නනු ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකං භාසිතං සම්පජ්ජතීති?

“පින්වත් උදායී, ඔබ ගේ මේ කතාව නිකම් දිග්ගැස්සීමක් නෙව. ‘ස්වාමීනී, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය’ කියල කියනවා. නමුත් ඒ වර්ණය කුමක් ද කියා කියන්නෙ නෑ. උදායී, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් මෙහෙම කියනවා. ‘මේ ජනපදයෙහි යම් ජනපද කල්‍යාණියක් ඉන්නවා, මං ඇයට රුචි යි. මං ඇයට කැමති යි’ කියල. එතකොට තව කෙනෙක් ඔහු ගෙන් මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියකට රුචි ද, කැමති ද, ඒ ජනපද කල්‍යාණිය ක්ෂත්‍රීය වංශික කුමරියක් බව හෝ බැමිණියක් බව හෝ වෛශ්‍ය වංශික කුමරියක් බව හෝ එහෙමත් නැත්නම් ශුද්‍ර වංශික තැනැත්තියක් බව හෝ ඔබ දන්නවා ද?’ එසේ ඇසූ විට පිළිතුරු දෙන්නේ ‘දන්නෙ නැහැ’ කියල යි. එතකොට ඔහුගෙන් තවදුරටත් මෙහෙම අසනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියකට රුචි ද, කැමති ද, ඒ ජනපද කල්‍යාණිය මේ නමින් යුක්තයි, මේ ගෝත්‍ර නාමයෙන් යුක්තයි කියල හෝ ….(පෙ)…. උස යි, මිටි යි, මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තයි කියල හෝ ….(පෙ)…. කළු යි, රන්වන් පාට යි, තළෙළුයි කියල හෝ ….(පෙ)…. අසවල් ගමේ ද ඉන්නෙ, නියම් ගමේ ද ඉන්නෙ, නගරෙ ද ඉන්නෙ කියල හෝ ඇසුවොත් ‘අනේ දන්නෙ නැතැ’යි කියනවා. එතකොට ඔහු ගෙන් මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියක් දන්නෙත් නැත්නම්, දකින්නෙත් නැත්නම්, ඇයව ද ඔබ රුචි කරන්නෙ? ඇයට ද කැමති වන්නෙ?’ කියල ඇසුවොත් ‘එසේය’ කියා පිළිතුරු දෙනවා. උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? මෙසේ ඇතිවිට ඒ පුද්ගලයා ගේ කතාව කිසි වැඩකට නැති හිස් දෙයක් බවට පත් වන්නේ නැද්ද?”

අද්ධා ඛෝ භන්තේ, ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකං භාසිතං සම්පජ්ජතීති.

“ස්වාමීනී, ඒකාන්තයෙන් ම මෙසේ ඇති කල්හි ඒ පුද්ගලයා ගේ කතාව කිසි වැඩකට නැති හිස් දෙයක් ම යි.”

ඒවමේව ඛෝ උදායි, යස්මා භන්තේ, වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි, සෝ පරමෝ වණ්ණෝති වදේසි, තඤ්ච වණ්ණං න පඤ්ඤපේසීති.

“පින්වත් උදායී, මෙයත් එවැනි දෙයක් නෙව. ‘ස්වාමීනී, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය’ කියල ඔබ කියනවා. නමුත් ඒ වර්ණය කුමක් ද කියා පවසන්නෙ නැහැ.”

සෙය්‍යථාපි භන්තේ, මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ පණ්ඩුකම්බලේ නික්ඛිත්තෝ භාසති ච තපති ච විරෝචති ච. ඒවං වණ්ණෝ අත්තා හෝති අරෝගෝ පරම්මරණාති.

“ස්වාමීනී, ඉතා සුන්දර වූ, ජාතිමත් වූ, අටපට්ටම් වූ, මැනවින් ඔප දැමූ වෛරෝඩි මාණික්‍යයක් රතු පළසක තිබෙද්දී බබලනවා නම්, විශේෂයෙන් බබලනවා නම්, දිළිසෙනවා නම්, අන්න එබඳු වූ, ආරෝග්‍ය වූ ආත්මය මරණින් මතු තිබෙනවා.”

තං කිං මඤ්ඤසි උදායි, මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ පණ්ඩුකම්බලේ නික්ඛිත්තෝ භාසති ච තපති ච විරෝචති ච යෝ වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජෝපනකෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චා ති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඉතා සුන්දර වූ, ජාතිමත් වූ, අටපට්ටම් වූ, මැනවින් ඔප දැමූ වෛරෝඩි මාණික්‍යයක් රතු පළසක තිබෙද්දී බබලනවා නම්, විශේෂයෙන් බබලනවා නම්, දිළිසෙනවා නම්, ඒ වගේ ම රාත්‍රී ඝන අන්ධකාරයෙහි යම් කණාමැදිරියෙක් දිළිසෙනවා නම්, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භන්තේ, රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජෝපනකෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“ස්වාමීනී, රාත්‍රී ඝන අන්ධකාරයෙහි යම් කණාමැදිරියෙක් දිළිසෙනවා නම්, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ කණාමැදිරි එළිය යි.”

තං කිං මඤ්ඤසි උදායි, යෝ වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජෝපනකෝ. යෝ වා රත්තන්ධකාරතිමිසායං තේලප්පදීපෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් කණාමැදිරියෙක් ඇද්ද, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, ම් දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භන්තේ, රත්තන්ධකාරතිමිසායං තේලප්පදීපෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“ස්වාමීනී, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ තෙල් පහන් එළිය යි.”

තං කිං මඤ්ඤසි උදායි, යෝ වා රත්තන්ධකාරතිමිසායං තේලප්පදීපෝ යෝ වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භන්තේ, රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“ස්වාමීනී, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ ගිනි කඳ යි.”

තං කිං මඤ්ඤසි උදායි, යෝ වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධෝ, යා වා රත්තියා පච්චූසසමයං විද්ධේ විගතවලාහකේ දේවේ ඕසධීතාරකා, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබළන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

යායං භන්තේ, රත්තියා පච්චූසසමයං විද්ධේ විගතවලාහකේ දේවේ ඕසධීතාරකා, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“ස්වාමීනී, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබලන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ ඕසධී තාරුකාව යි.”

තං කිං මඤ්ඤසි උදායි, යා වා රත්තියා පච්චූසසමයං විද්ධේ විගතවලාහකේ දේවේ ඕසධීතාරකා. යෝ වා තදහුපෝසථේ පණ්ණරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඪරත්තසමයං චන්දෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබලන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, ඒ වගේ ම පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භන්තේ, තදහුපෝසථේ පන්නරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඪරත්තසමයං චන්දෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“ස්වාමීනී, රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබලන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, ඒ වගේ ම පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ පුන්සඳ යි.”

තං කිං මඤ්ඤසි උදායි, යෝ වා තදහුපෝසථේ පන්නරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඪරත්තසමයං චන්දෝ. යෝ වා වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ මජ්ඣන්තිකං සමයං සුරියෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ ච වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, ඒ වගේ ම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් කාලයේ පහවූ වළා ඇති මධ්‍යහ්න අහස් තළයෙහි බබලන හිරු මඬලක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භන්තේ, වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ මජ්ඣන්තිකං සමයං සුරියෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“ස්වාමීනී, පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, ඒ වගේ ම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් කාලයේ පහවූ වළා ඇති මධ්‍යහ්න අහස් තළයෙහි බබළන හිරු මඬලක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ හිරු මඬල යි.”

අතෝ ඛෝ තේ උදායි, බහූ හි බහුතරා දේවා යේ ඉමේසං චන්දිමසුරියානං ආභා නානුභොන්ති, ත්‍යාහං පජානාමි. අථ ච පනාහං න වදාමි: යස්මා වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථී’ති. අථ ච පන ත්වං උදායි: ය්වායං වණ්ණෝ කිමිනා ඛජ්ජෝපනකේන හීනතරෝ ච පතිකිට්ඨතරෝ ච, සෝ පරමෝ වණ්ණෝති වදේසි, තඤ්ච වණ්ණං න පඤ්ඤපේසීති.

“පින්වත් උදායී, යම් දෙවි කෙනෙක් චන්ද්‍ර සූර්ය දෙදෙනා ගේ ආලෝකය ස්පර්ශ නො කරයි ද, එබඳු දෙවිවරු බොහෝ සිටිනවා. අතිශයින් ම සිටිනවා. ඒ ගැන මම දන්නවා. එනිසා මම නම් මෙය කියන්නෙ නෑ. ඒ කියන්නෙ ‘යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය’ කියල. නමුත් උදායී, ඔබ කණාමැදිරියෙකුටත් වඩා ඉතා හීන වූ, ඉතා ලාමක වූ වර්ණයකට නේද එය උත්තම වර්ණය යි කියා කියන්නේ. ඒ වගේ ම එය කුමක්ද කියා පෙන්වන්නෙ ත් නෑ.”

අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතෝ කථන්ති.

“භගවතාණෝ මේ කතාව සින්ඳා නෙව. සුගතයාණෝ මේ කතාව සින්ඳා නෙව.”

කිං පන ත්වං උදායි, ඒවං වදේසි: අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතෝ කථංති?

“පින්වත් උදායී, ඇයි ඔබ මෙහෙම කියන්නෙ. ‘භගවතාණෝ මේ කතාව සින්ඳා නෙව. සුගතයාණෝ මේ කතාව සින්ඳා නෙව’ කියල.”

අම්හාකං භන්තේ, සකේ ආචරියකේ ඒවං හෝති: ‘අයං පරමෝ වණ්ණෝ අයං පරමෝ වණ්ණෝ’ති. තේ මයං භන්තේ. භගවතා සකේ ආචරියකේ සමනුයුඤ්ජියමානා සමනුගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධා’ති.

“ස්වාමීනී, අප ගේ ආචාර්ය පරම්පරාවෙනුයි මෙහෙම ඉගෙන ගත්තෙ. ‘මෙය යි පරම වර්ණය. මෙය යි පරම වර්ණය’ කියල. නමුත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් ගේ ආචාර්ය මතය ඉස්මතු කොට කතා කරද්දී, කරුණු දක්වද්දී, කරුණු විමසද්දී මේ මතය හිස් දෙයක් වුනා. තුච්ඡ වුනා. වැරදුනා.”

කිං පනුදායි, අත්ථි ඒකන්තසුඛෝ ලෝකෝ, අත්ථි ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති?

“කිම පින්වත් උදායී, ඒකාන්ත සැප ඇති ලෝකයක් තියෙනවා ද? ඒ ඒකාන්ත සැප ඇති ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට සැබැවින් ම උපකාරී වන ප්‍රතිපදාවකුත් තියෙනවා ද?”

අම්හාකං භන්තේ, සකේ ආචරියකේ ඒවං හෝති: අත්ථි ඒකන්තසුඛෝ ලෝකෝ, අත්ථි ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායා’ති.

“ස්වාමීනී, අප ගේ ආචාර්ය පරම්පරාවෙන් මේ විදිහට යි උගන්වන්නෙ ‘ඒකාන්ත සුඛ ලෝකයක් තියෙනවා. ඒ ඒකාන්ත සුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට සැබැවින්ම උපකාරී වන ප්‍රතිපදාවකුත් තියෙනවා’ කියල.”

කතමා පන සා උදායි, ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති?

“පින්වත් උදායී, ඒකාන්ත සුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට සැබැවින් ම උපකාරී වන ඒ ප්‍රතිපදාව කුමක් ද?”

ඉධ භන්තේ, ඒකච්චෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරං පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති, අඤ්ඤතරං වා පන තපෝගුණං සමාදාය වත්තති, අයං ඛෝ සා භන්තේ, ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති.

“ස්වාමීනී, මෙහිලා කෙනෙක් සතුන් මැරීම අත්හැර දමා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. සොරකම් කිරීම අත්හැර දමා සොරකම් කිරීමෙන් වැළකී සිටිනවා. වැරදි කාම සේවනය අත්හැර දමා වැරදි කාම සේවනයෙන් වැළකී සිටිනවා. බොරු කීම අත්හැර දමා බොරුකීමෙන් වැළකී සිටිනවා. ඒ වගේ ම කුමක් හෝ තපස් ගුණයක් සමාදන් වෙලා ඉන්නවා. ස්වාමීනී, ඒකාන්ත සුඛ ලෝකය සාක්ෂාත් කිරීමට සැබෑ ලෙස ම පවතින ප්‍රතිපදාව නම් මෙය යි.”

තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයේ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති, ඒකන්තසුඛී වා තස්මිං සමයේ අත්තා හෝති සුඛදුක්ඛී වාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? යම් වෙලාවක සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වෙන් වී වාසය කරනවා නම්, ඒ වෙලාවේ ඒකාන්ත සුඛයක් ඇතුව ද ඉන්නේ? එහෙම නැත්නම් සැප, දුක් දෙකෙන් යුතුව ද?”

සුඛදුක්ඛී භන්තේ.

“ස්වාමීනී, සැප දුක් දෙකෙන් යුතුව යි.”

තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයේ අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති, ඒකන්තසුඛී වා තස්මිං සමයේ අත්තා හෝති සුඛදුක්ඛී වාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? යම් වෙලාවක සොරකම් කිරීම අත්හැර සොරකමින් වෙන් වී වාසය කරනවා නම්, ඒ වෙලාවේ ඒකාන්ත සුඛයක් ඇතුව ද ඉන්නේ? එහෙම නැත්නම් සැප, දුක් දෙකෙන් යුතුව ද?”

සුඛදුක්ඛී භන්තේ.

“ස්වාමීනී, සැප දුක් දෙකෙන් යුතුව යි.”

තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයේ කාමේසුමිච්ඡාචාරං පහාය කාමේසුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, ඒකන්තසුඛී වා තස්මිං සමයේ අත්තා හෝති සුඛදුක්ඛී වාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? යම් වෙලාවක වැරදි කාම සේවනය අත්හැර වැරදි කාම සේවනයෙන් වෙන් වී වාසය කරනවා නම්, ඒ වෙලාවේ ඒකාන්ත සුඛයක් ඇතුව ද ඉන්නේ? එහෙම නැත්නම් සැප, දුක් දෙකෙන් යුතුව ද?”

සුඛදුක්ඛී භන්තේ.

“ස්වාමීනී, සැප දුක් දෙකෙන් යුතුව යි.”

තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයේ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති ඒකන්තසුඛී වා තස්මිං සමයේ අත්තා හෝති සුඛදුක්ඛී වාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? යම් වෙලාවක බොරු කීම අත්හැර බොරු කීමෙන් වෙන් වී වාසය කරනවා නම්, ඒ වෙලාවේ ඒකාන්ත සුඛයක් ඇතුව ද ඉන්නේ? එහෙම නැත්නම් සැප, දුක් දෙකෙන් යුතුව ද?”

සුඛදුක්ඛී භන්තේ.

“ස්වාමීනී, සැප දුක් දෙකෙන් යුතුව යි.”

තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයේ අඤ්ඤතරං තපෝගුණං සමාදාය වත්තති, ඒකන්තසුඛී වා තස්මිං සමයේ අත්තා හෝති සුඛදුක්ඛී වාති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? යම් වෙලාවක එක්තරා තපස් ගුණයක් සමාදන් ව සිටිනවා නම්, ඒ වෙලාවේ ඒකාන්ත සුඛයක් ඇතුව ද ඉන්නේ? එහෙම නැත්නම් සැප, දුක් දෙකෙන් යුතුව ද?”

සුඛදුක්ඛී භන්තේ.

“ස්වාමීනී, සැප දුක් දෙකෙන් යුතුව යි.”

තං කිං මඤ්ඤසි උදායි, අපි නු ඛෝ වෝකිණ්ණසුඛදුක්ඛං පටිපදං ආගම්ම ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියා හෝතීති?

“පින්වත් උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? එතකොට සැප දුක මිශ්‍ර වූ ප්‍රතිපදාවකට පැමිණීමෙන් ඒකාන්ත සුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනීවි ද?”

අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතෝ කථන්ති.

“භගවතාණෝ මේ කතාව සින්ඳා නෙව. සුගතයාණෝ මේ කතාව සින්ඳා නෙව.”

කිං පන ත්වං උදායි, ඒවං වදේසි: ‘අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතෝ කථ’න්ති.

“පින්වත් උදායී, ඇයි ඔබ මෙහෙම කියන්නෙ. ‘භගවතාණෝ මේ කතාව සින්ඳා නෙව. සුගතයාණෝ මේ කතාව සින්ඳා නෙව’ කියල.”

අම්හාකං භන්තේ, සකේ ආචරියකේ ඒවං හෝති: ‘අත්ථි ඒකන්තසුඛෝ ලෝකෝ, අත්ථි ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායා’ති. තේ මයං භන්තේ, භගවතා සකේ ආචරියකේ සමනුයුඤ්ජියමානා සමනුගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධාති.

“ස්වාමීනී, අප ගේ ආචාර්ය පරම්පරාවෙනුයි මෙහෙම ඉගෙන ගත්තෙ. ‘ඒකාන්ත සුඛ ඇති ලෝකයක් තියෙනවා. ඒකාන්ත සුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීමට සැබැවින් ම උපකාරී වන ප්‍රතිපදාවකුත් තියෙනවා’ කියල. නමුත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් ගේ ආචාර්ය මතය ඉස්මතු කොට කතා කරද්දී, කරුණු දක්වද්දී, කරුණු විමසද්දී මේ මතය හිස් දෙයක් වුනා. තුච්ඡ වුනා. වැරදුනා.”

කිං පන භන්තේ, අත්ථි ඒකන්තසුඛෝ ලෝකෝ අත්ථි ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති?

“කිම? ස්වාමීනී, ඒකාන්ත සුඛ ඇති ලෝකයක් තියෙනවා ද? ඒ වගේ ම ඒකාන්ත සුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීමට සැබැවින් ම උපකාරී වන ප්‍රතිපදාවකුත් තියෙනවා ද?”

අත්ථිඛෝ උදායි, ඒකන්තසුඛෝ ලෝකෝ, අත්ථි ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති.

“පින්වත් උදායී, ඒකාන්ත සුඛ ඇති ලෝකයක් තියෙනවා. ඒ වගේ ම ඒකාන්ත සුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීමට සැබැවින් ම උපකාරී වන ප්‍රතිපදාවකුත් තියෙනවා.”

කතමා පන සා භන්තේ, ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති?

“ස්වාමීනී, ඒකාන්ත සුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීමට සැබැවින් ම උපකාරී වන ඒ ප්‍රතිපදාව කුමක් ද?”

ඉධුදායි භික්ඛු විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති.

“පින්වත් උදායී, මෙහිලා භික්ෂුව කාමයන් ගෙන් වෙන්ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. විතක්ක විචාරයන් සංසිඳවා ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. පින්වත් උදායී, ඒකාන්ත සැප ඇති ලෝකය සාක්ෂාත් කිරීමට සැබෑ ලෙස ම ඇති ප්‍රතිපදාව නම් මෙය යි.”

අයං ඛෝ සා උදායි, ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති. න ඛෝ සා භන්තේ, ආකාරවතී පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියාය. සච්ඡිකතෝ හිස්ස භන්තේ, එත්තාවතා ඒකන්තසුඛෝ ලෝකෝ හෝතීති.

“ස්වාමීනී, ඒකාන්ත සුඛ ලෝකය සාක්ෂාත් කිරීමට සැබෑ ලෙස ම ඇති ඒ ප්‍රතිපදාව විතරක් නො වෙයි. ස්වාමීනී, ඒ තැනැත්තා එපමණකින් ම ඒකාන්ත සුඛ ලෝකයක් සාක්ෂාත් කළා වෙනවා.”

නඛ්වාස්ස උදායි, එත්තාවතා ඒකන්තසුඛෝ ලෝකෝ සච්ඡිකතෝ හෝති, ආකාරවතීත්වේව සා පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති.

“පින්වත් උදායී, එපමණකින් ම ඒකාන්ත සුඛ ලෝකය සාක්ෂාත් කළා වෙන්නෙ නෑ. එය ඒකාන්ත සුඛ ලෝකය සාක්ෂාත් කිරීමට සැබෑ ලෙස ම ඇති ප්‍රතිපදාවක් විතරයි.”

ඒවං වුත්තේ සකුලු‍දායිස්ස පරිබ්බාජකස්ස පරිසා උන්නාදිනී උච්චාසද්දමහාසද්දා අහෝසි: එත්ථ මයං අනස්සාම සාචරියකා, එත්ථ මයං පනස්සාම සාචරියකා, න මයං ඉතෝ භිය්‍යෝ උත්තරිතරං පජානාමාති.

මෙසේ වදාළ විට සකුළුදායී පිරිවැජියා ගේ පිරිස උස් වූ නදින් යුතුව, උස් වූ හඬින් යුතුව, උස් වූ ශබ්දයෙන් යුතු වුනා. “මෙහිලා අපි නැසෙන්නේ ආචාර්යවරයා සහිතව ම යි. මෙහිලා අපි වැනසෙන්නේ ආචාර්යවරයා සහිතව ම යි. අපි මෙයට වඩා උත්තරීතර දෙයක් දන්නෙ නැහැ නෙව” කියල.

අථ ඛෝ සකුලු‍දායි පරිබ්බාජකෝ තේ පරිබ්බාජකේ අප්පසද්දේ කත්වා භගවන්තං ඒතදවෝච: ‘කිත්තාවතා පනස්ස භන්තේ, ඒකන්තසුඛෝ ලෝකෝ සච්ඡිකතෝ හෝතී’ති.

එවිට සකුළුදායී පිරිවැජියා ඒ පිරිවැජියන් නිශ්ශබ්ද කරලා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ඒකාන්ත සුඛ ලෝකය සාක්ෂාත් කළා වෙන්නෙ කවර කරුණු මත ද?”

ඉධුදායි, භික්ඛු සුඛස්ස ච පහානා ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යවතා දේවතා ඒකන්තසුඛං ලෝකං උපපන්නා තාහි දේවතාහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති, එත්තාවතා ඛ්වාස්ස උදායි, ඒකන්තසුඛෝ ලෝකෝ සච්ඡිකතෝ හෝතී’ති.

“පින්වත් උදායී, මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය කිරීමෙන් ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒකාන්ත සුඛ ඇති ලෝකයෙහි උපන් යම්තාක් දෙවිවරුන් ඇද්ද, ඒ දෙවිවරුන් සමඟ එක්ව ඉන්නවා. සල්ලාපයෙහි යෙදෙනවා. සාකච්ඡා කරනවා. පින්වත් උදායී, ඔහු විසින් මෙපමණකින් ඒකාන්ත සුඛ ඇති ලෝකය සාක්ෂාත් කළා වෙයි.”

ඒතස්ස නූන භන්තේ, ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ භගවති බ්‍රහ්මචරියං චරන්තීති?

“ස්වාමීනී, ඔය ඒකාන්ත සුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීම හේතු කොට ගෙන ද, භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනයෙහි බඹසර හැසිරෙන්නේ?”

න ඛෝ උදායි, ඒතස්ස ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති. අත්ථි ඛෝ උදායි, අඤ්ඤේච ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යේසං සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්තීති.

“පින්වත් උදායී, ඔය ඒකාන්ත සුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීම හේතු කොට ගෙන භික්ෂූන් වහන්සේලා මගේ ශාසනයෙහි බඹසර හැසිරෙන්නේ නෑ. පින්වත් උදායී, ඔයිට වඩා වෙනත් උත්තරීතර වූ, ප්‍රණීතතර වූ ධර්මයන් තිබෙනවා. අන්න ඒවා සාක්ෂාත් කිරීම උදෙසා තමයි භික්ෂූන් වහන්සේ මාගේ ශාසනයෙහි බඹසර හැසිරෙන්නේ.”

කතමේ පන තේ භන්තේ, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යේසං සච්ඡිකිරියාහේතු භික්ඛූ භගවති බ්‍රහ්මචරියං චරන්තීති?

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා යම් ධර්මයක් සාක්ෂාත් කරන්නට බඹසර හැසිරෙනවා නම්, ඒ උත්තරීතර වූ, ප්‍රණීතතර වූ ධර්මයන් මොනවා ද?”

ඉධුදායි, තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා ….(පෙ)…. සෝ ඉමේ පඤ්ච නීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ, විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛෝ උදායි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති.

“පින්වත් උදායී, මෙහිලා අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. ….(පෙ)…. එතකොට ඒ භික්ෂුව මේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් පහ කොට කාමයන් ගෙන් වෙන්ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. පින්වත් උදායී, මාගේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා යම් ධර්මයක් සාක්ෂාත් කරන්නට බඹසර හැසිරෙනවා නම්, මෙයත් උත්තරීතර වූ, ප්‍රණීතතර වූ ධර්මයක්.

පුන ච පරං උදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං ….(පෙ)…. තතියං ඣානං ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, අයම්පි ඛෝ උදායි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති.

පින්වත් උදායී, නැවත අනෙකක් කියමි. විතක්ක විචාරයන් සංසිඳවා ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. පින්වත් උදායී, මාගේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා යම් ධර්මයක් සාක්ෂාත් කරන්නට බඹසර හැසිරෙනවා නම්, මෙයත් උත්තරීතර වූ, ප්‍රණීතතර වූ ධර්මයක්.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති, අයම්පි ඛෝ උදායි ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච, යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති.

ඉතින් ඒ භික්ෂුව, ඔය අයුරින් සිත සමාහිත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, බබළන කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහව ගිය කල්හි, මෘදු ව කර්මණ්‍යව නො සෙල්වෙන ස්වභාවයට පත් වූ කල්හි පුබ්බේනිවාසානුස්සති ඤාණය උදෙසා සිත මෙහෙයවනවා. ඔහු නොයෙක් ආකාරයෙන් පුබ්බේනිවාසය සිහිකරනවා. ඒ කියන්නෙ; ජාති එකක්, ජාති දෙකක් ….(පෙ)…. මේ විදිහට කරුණු සහිතව, විශේෂ සිදුවීම් සහිතව, නොයෙක් අයුරින් පුබ්බේ නිවාසය සිහිකරනවා. පින්වත් උදායී, මාගේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා යම් ධර්මයක් සාක්ෂාත් කරන්නට බඹසර හැසිරෙනවා නම්, මෙයත් උත්තරීතර වූ, ප්‍රණීතතර වූ ධර්මයක්.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේති, සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති: චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ ….(පෙ)…. යථාකම්මූපගේ සත්තේ පජානාති. අයම්පි ඛෝ උදායි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච, යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති.

ඉතින් ඒ භික්ෂුව, ඔය අයුරින් සිත සමාහිත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, බබලන කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහව ගිය කල්හි, මෘදු ව කර්මණ්‍යව නො සෙල්වෙන ස්වභාවයට පත් වූ කල්හි චුතූපපාත ඤාණය උදෙසා සිත මෙහෙයවනවා. ඔහු සාමාන්‍ය මිනිස් දැක්ම ඉක්මවා ගිය දිවැසින් සත්වයන් දකිනවා. හීන වූත්, ප්‍රණීත වූත්, සුවර්ණ වූත්, දුර්වර්ණ වූත්, සුගතියේත්, දුගතියේත් ඉපදී සිටින සතුන් දකිනවා ….(පෙ)…. කර්මාණුරූපව උපත කරා යන සතුන් දකිනවා. මේ විදිහට සාමාන්‍ය මිනිස් දැක්ම ඉක්මවා ගිය දිවැසින් සත්වයන් දකිනවා. පින්වත් උදායී, මාගේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා යම් ධර්මයක් සාක්ෂාත් කරන්නට බඹසර හැසිරෙනවා නම්, මෙයත් උත්තරීතර වූ, ප්‍රණීතතර වූ ධර්මයක්.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයෝති ….(පෙ)…. අයං දුක්ඛනිරෝධෝති ….(පෙ)…. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, ඉමේ ආසවාති යථාභූතං පජානාති අයං ආසවසමුදයෝති ….(පෙ)…. අයං ආසවනිරෝධෝති ….(පෙ)…. අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. අයම්පි ඛෝ උදායි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච, යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති. ඉමේ ඛෝ උදායි, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච යේසං සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්තීති.

ඉතින් ඒ භික්ෂුව, ඔය අයුරින් සිත සමාහිත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, බබළන කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහව ගිය කල්හි, මෘදු ව කර්මණ්‍යව නො සෙල්වෙන ස්වභාවයට පත් වූ කල්හි ආශ්‍රවයන් ක්ෂය කිරීමේ ඤාණය උදෙසා සිත මෙහෙයවනවා. ඔහු ‘මෙය දුක නම් වූ ආර්ය සත්‍යය’ යි කියා යථාභූත වශයෙන් ම දැනගන්නවා. ‘මෙය දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය’ යි කියා ….(පෙ)…. ‘මෙය දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය’ යි කියා ….(පෙ)…. ‘මෙය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය’ යි කියා යථාභූත වශයෙන් ම දැනගන්නවා. ‘මේවා ආශ්‍රව’ යි කියා යථාභූත වශයෙන් ම දැනගන්නවා. ‘මෙය ආශ්‍රවයන් ගේ හටගැනීම’ යි කියා ….(පෙ)…. ‘මෙය ආශ්‍රවයන් ගේ නිරෝධය’ යි කියා ….(පෙ)…. ‘මෙය ආශ්‍රවයන් ගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ යි කියා යථාභූත වශයෙන් ම දැනගන්නවා. මෙසේ මේ අයුරින් නුවණින් දැනගනිද්දී, දැකගනිද්දී කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. එසේ විමුක්තියට පත් වූ කල්හි ‘නිදහස් වුනා’ යන ඤාණය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගන්නවා. පින්වත් උදායී, මාගේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේලා යම් ධර්මයක් සාක්ෂාත් කරන්නට බඹසර හැසිරෙනවා නම්, මෙයත් උත්තරීතර වූ, ප්‍රණීතතර වූ ධර්මයක්.”

ඒවං වුත්තේ සකුලු‍දායී පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තීති. ඒවමේවං භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ලභෙය්‍යාහං භන්තේ, භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පදන්ති.

මෙසේ වදාළ විට සකුළුදායී පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, හරි ම සුන්දර යි! ස්වාමීනී, හරි ම සුන්දර යි! ස්වාමීනී, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙ යි. ඔන්න ඔය විදිහට යි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් ඒ මං භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. ස්වාමීනී, මට භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයෙහි පැවිදිවීමට ලැබෙනවා නම්, උපසම්පදාව ලබනවා නම්, එයට මං කැමතියි.”

ඒවං වුත්තේ සකුලු‍දායිස්ස පරිබ්බාජකස්ස පරිසා සකුලු‍දායිං පරිබ්බාජකං ඒතදවෝච: මා භවං උදායි, සමණේ ගෝතමේ බ්‍රහ්මචරියං චරි, මා භවං උදායි, ආචරියෝ හුත්වා අන්තේවාසීවාසං වසි. සෙය්‍යථාපි නාම උදකමණිකෝ හුත්වා උදඤ්චනිකෝ අස්ස. ඒවං සම්පදමිදං භෝතෝ උදායිස්ස භවිස්සති. මා භවං උදායි සමණේ ගෝතමේ බ්‍රහ්මචරියං චරි. මා භවං උදායි ආචරියෝ හුත්වා අන්තේවාසීවාසං වසීති. ඉති හිදං සකුලු‍දායිස්ස පරිබ්බාජකස්ස පරිසා සකුලු‍දායිං පරිබ්බාජකං අන්තරායමකාසි භගවති බ්‍රහ්මචරියේති.

මෙසේ පැවසූ විට සකුළුදායී පිරිවැජියා හට ඒ සකුළුදායී පිරිවැජියා ගේ පිරිස මෙය කිව්වා. “භවත් උදායී, ශ්‍රමණ ගෞතමයන් ගේ ශාසනයෙහි බඹසර හැසිරෙන්න නම් එපා! භවත් උදායී, ආචාර්යයන් වහන්සේ නමක්ව ඉඳලා ගෝලයෙක් වෙලා වාසය කරන්න නම් එපා! මහා ජලබඳුනක් වගේ ඉඳලා වතුර හැන්ඳක් බවට පත්වෙනවා නම්, භවත් උදායී හට එවැනි සම්පතක් තමයි අයිති වෙන්නෙ. ඒ නිසා භවත් උදායී, ශ්‍රමණ ගෞතමයන් ගේ ශාසනයෙහි බඹසර හැසිරෙන්න නම් එපා! භවත් උදායී, ආචාර්යයන් වහන්සේ නමක්ව ඉඳලා ගෝලයෙක් වෙලා වාසය කරන්න නම් එපා!” කියල. මේ විදිහට සකුළුදායී පිරිවැජියා ගේ පිරිස සකුළුදායී පිරිවැජියා හට භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනයෙහි බඹසර හැසිරීමෙහි දුර්ලභ වාසනාවට අනතුරු කළා.

සාදු ! සාදු !! සාදු !!!

චූළසකුලු‍දායිසුත්තං නවමං.

සකුළුදායී පිරිවැජියාට වදාළ කුඩා දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M