මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.3.10. වේඛනස්ස සුත්තං

2.3.10. වේඛනස්ස පිරිවැජියා හට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ වේඛනස්සෝ පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ වේඛනස්සෝ පරිබ්බාජකෝ භගවතෝ සන්තිකේ උදානං උදානේසි: ‘අයං පරමෝ වණ්ණෝ, අයං පරමෝ වණ්ණෝ’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා වේඛනස්ස පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව නිමවා එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් වේඛනස්ස පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උදානයක් පැවසුවා. “මෙය යි පරම වර්ණය! මෙය යි පරම වර්ණය!” කියලා.

“කිං පන ත්වං කච්චාන, ඒවං වදේසි: ‘අයං පරමෝ වණ්ණෝ අයං පරමෝ වණ්ණෝ’ති. කතමෝ කච්චාන, සෝ පරමෝ වණ්ණෝ”ති?

“පින්වත් කච්චාන, දැන් ඔබ කුමක් පිණිස ද ‘මෙය උත්තම වර්ණය යි. මෙය උත්තම වර්ණය යි’ කියල කියන්නෙ? පින්වත් කච්චාන, මොකක් ද ඒ උත්තම වර්ණය?”

යස්මා භෝ ගෝතම වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි, සෝ පරමෝ වණ්ණෝති.

“භවත් ගෞතමයනි, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය.”

කතමෝ පන සෝ කච්චාන, වණ්ණෝ යස්මා වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථීති?

“පින්වත් කච්චාන, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැත්නම්, ඒ වර්ණය කුමක් ද?”

යස්මා භෝ ගෝතම, වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි, සෝ පරමෝ වණ්ණෝති.

“භවත් ගෞතමයනි, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය.”

දීඝාපි ඛෝ තේ ඒසා කච්චාන, ඵරෙය්‍ය. යස්මා භෝ ගෝතම, වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි. සෝ පරමෝ වණ්ණෝති වදේසි. තඤ්ච වණ්ණං න පඤ්ඤාපේසි. සෙය්‍යථාපි කච්චාන, පුරිසෝ ඒවං වදෙය්‍ය: අහං යා ඉමස්මිං ජනපදේ ජනපදකල්‍යාණී, තං ඉච්ඡාමි තං කාමේමී’ති. තමේනං ඒවං වදෙය්‍යුං: අම්භෝ පුරිස, යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමේසි, ජානාසි ත්වං ජනපදකල්‍යාණි ඛත්තියී වා බ්‍රාහ්මණී වා වෙස්සී වා සුද්දී වා’ති? ඉති පුට්ඨෝ නෝති වදෙය්‍ය. තමේනං වදෙය්‍යුං: අම්භෝ පුරිස, යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමේසි, ජානාසි ත්වං ජනපදකල්‍යාණිං ඒවංනාමා ඒවංගොත්තා ඉති වා’ති. ….(පෙ)…. දීඝා වා රස්සා වා මජ්ඣිමා වා කාළී වා සාමා වා මංගුරච්ඡවී වා’ති? අමුකස්මිං ගාමේ වා නිගමේ වා නගරේ වා’ති? ඉති පුට්ඨෝ නෝති වදෙය්‍ය. තමේනං ඒවං වදෙය්‍යුං: අම්භෝ පුරිස, යං ත්වං න ජානාසි න පස්සසි, තං ත්වං ඉච්ඡසි කාමේසීති? ඉති පුට්ඨෝ ආමාති වදෙය්‍ය. තං කිං මඤ්ඤසි කච්චාන, නනු ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී’ති?

“පින්වත් කච්චාන, ඔබ ගේ මේ කතාව නිකම් දිග්ගැස්සීමක් නෙව. ‘භවත් ගෞතමයනි, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය’ කියල කියනවා. නමුත් ඒ වර්ණය කුමක් ද කියා කියන්නෙ නෑ. කච්චාන ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් මෙහෙම කියනවා. ‘මේ ජනපදයෙහි යම් ජනපද කල්‍යාණියක් ඉන්නවා, මං ඇයට රුචි යි. මං ඇයට කැමති යි’ කියල. එතකොට තව කෙනෙක් ඔහු ගෙන් මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියකට රුචි ද, කැමති ද, ඒ ජනපද කල්‍යාණිය ක්ෂත්‍රීය වංශික කුමරියක් බව හෝ බැමිණියක් බව හෝ වෛශ්‍ය වංශික කුමරියක් බව හෝ එහෙමත් නැත්නම් ශුද්‍ර වංශික තැනැත්තියක් බව හෝ ඔබ දන්නවා ද?’ එසේ ඇසූ විට පිළිතුරු දෙන්නේ ‘දන්නෙ නැහැ’ කියල යි. එතකොට ඔහුගෙන් තවදුරටත් මෙහෙම අසනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියකට රුචි ද, කැමති ද, ඒ ජනපද කල්‍යාණිය මේ නමින් යුක්තයි, මේ ගෝත්‍ර නාමයෙන් යුක්තයි කියල හෝ ….(පෙ)…. උස යි, මිටි යි, මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තයි කියල හෝ ….(පෙ)…. කළු යි, රන්වන් පාට යි, තළෙළුයි කියල හෝ ….(පෙ)…. අසවල් ගමේ ද ඉන්නෙ, නියම් ගමේ ද ඉන්නෙ, නගරෙ ද ඉන්නෙ කියල හෝ ඇසුවොත් ‘අනේ දන්නෙ නැතැ’යි කියනවා. එතකොට ඔහු ගෙන් මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියක් දන්නෙත් නැත්නම්, දකින්නෙත් නැත්නම්, ඇයව ද ඔබ රුචි කරන්නෙ? ඇයට ද කැමති වන්නෙ?’ කියල ඇසුවොත් ‘එසේය’ කියා පිළිතුරු දෙනවා. කච්චාන, ඒ ගැන කුමක් ද සිතන්නේ? මෙසේ ඇතිවිට ඒ පුද්ගලයා ගේ කතාව කිසි වැඩකට නැති හිස් දෙයක් බවට පත් වන්නේ නැද්ද?”

අද්ධා ඛෝ භෝ ගෝතම, ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතීති.

“භවත් ගෞතමයනි, ඒකාන්තයෙන් ම මෙසේ ඇති කල්හි ඒ පුද්ගලයා ගේ කතාව කිසි වැඩකට නැති හිස් දෙයක් ම යි.”

ඒවමේව ඛෝ ත්වං කච්චාන, යස්මා භෝ ගෝතම වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථි, සෝ පරමෝ වණ්ණෝ’ති වදේසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපේසීති.

“පින්වත් කච්චාන, මෙයත් එවැනි දෙයක් නෙව. ‘භවත් ගෞතමයනි, යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය’ කියල ඔබ කියනවා. නමුත් ඒ වර්ණය කුමක් ද කියා පවසන්නෙ නැහැ.”

සෙය්‍යථාපි භෝ ගෝතම, මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ පණ්ඩුකම්බලේ නික්ඛිත්තෝ භාසති ච තපති ච විරෝචති ච ඒවං වණ්ණෝ අත්තා හෝති අරෝගෝ පරම්මරණාති.

“භවත් ගෞතමයනි, ඉතා සුන්දර වූ, ජාතිමත් වූ, අටපට්ටම් වූ, මැනවින් ඔප දැමූ වෛරෝඩි මාණික්‍යයක් රතු පළසක තිබෙද්දී බබලනවා නම්, විශේෂයෙන් බබලනවා නම්, දිළිසෙනවා නම්, අන්න එබඳු වූ, ආරෝග්‍ය වූ ආත්මය මරණින් මතු තිබෙනවා.”

තං කිං මඤ්ඤසි කච්චාන, යෝ වා මණි වේළුරියෝ සුභෝජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ පණ්ඩුකම්බලේ නික්ඛිත්තෝ භාසති ච තපති ච විරෝචති ච, යෝ වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජෝපනකෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් කච්චාන, ඒ ගැන කුමක් ද සිතන්නේ? ඉතා සුන්දර වූ, ජාතිමත් වූ, අටපට්ටම් වූ, මැනවින් ඔප දැමූ වෛරෝඩි මාණික්‍යයක් රතු පළසක තිබෙද්දී බබලනවා නම්, විශේෂයෙන් බබලනවා නම්, දිළිසෙනවා නම්, ඒ වගේ ම රාත්‍රී ඝන අන්ධකාරයෙහි යම් කණාමැදිරියෙක් දිළිසෙනවා නම්, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භෝ ගෝතම, රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජෝපනකෝ අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“භවත් ගෞතමයනි, රාත්‍රී ඝන අන්ධකාරයෙහි යම් කණාමැදිරියෙක් දිළිසෙනවා නම්, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ කණාමැදිරි එළිය යි.”

තං කිං මඤ්ඤසි කච්චාන, යෝ වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජෝපනකෝ, යෝ වා රත්තන්ධකාරතිමිසායං තේලප්පදීපෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් කච්චාන, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් කණාමැදිරියෙක් ඇද්ද, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භෝ ගෝතම, රත්තන්ධකාරතිමිසායං තේලප්පදීපෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“භවත් ගෞතමයනි, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ තෙල් පහන් එළිය යි.”

තං කිං මඤ්ඤසි කච්චාන, යෝ වා රත්තන්ධකාරතිමිසායං තේලප්පදීපෝ, යෝ වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් කච්චාන, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භෝ ගෝතම, රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“භවත් ගෞතමයනි, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ යම් තෙල් පහනක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ ගිනි කඳ යි.”

තං කිං මඤ්ඤසි කච්චාන, යෝ වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධෝ, යා වා රත්තියා පච්චුසසමයං විද්ධේ විගතවලාහකේ දේවේ ඕසධීතාරකා, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“පින්වත් කච්චාන, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබලන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භෝ ගෝතම, රත්තියා පච්චුසසමයං විද්ධේ විගතවලාහකේ දේවේ ඕසධීතාරකා, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“භවත් ගෞතමයනි, රාත්‍රී ඝන අන්ධකාරයෙහි දිළිසෙන්නා වූ මහා ගිනි කඳක් ඇද්ද, ඒ වගේ ම රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබලන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ ඕසධී තාරුකාව යි.”

තං කිං මඤ්ඤසි කච්චාන, යා වා රත්තියා පච්චුසසමයං විද්ධේ විගතවලාහකේ දේවේ ඕසධීතාරකා, යෝ වා තදහුපෝසථේ පන්නරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඪරත්තිසමයං චන්දෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් කච්චාන, ඒ ගැන කුමක් ද සිතන්නේ? රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබලන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, ඒ වගේ ම පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භෝ ගෝතම, තදහුපෝසථේ පන්නරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඪරත්තිසමයං චන්දෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“භවත් ගෞතමයනි, රාත්‍රී පශ්චිම කාලයේ වළාකුළු රහිත අහස් තලයෙහි බබලන යම් ඕසධී තාරුකාවක් ඇද්ද, ඒ වගේ ම පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ පුන්සඳයි.”

තං කිං මඤ්ඤසි කච්චාන, යෝ වා තදහුපෝසථේ පන්නරසේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ අඩ්ඪරත්තිසමයං චන්දෝ, යෝ වා වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ මජ්ඣන්තිකසමයං සුරියෝ, ඉමේසං උභින්නං වණ්ණානං කතමෝ වණ්ණෝ අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති?

“පින්වත් කච්චාන, ඒ ගැන කුමක් ද සිතන්නේ? පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, ඒ වගේ ම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් කාලයේ පහවූ වළා ඇති මධ්‍යහ්න අහස් තළයෙහි බබලන හිරු මඬලක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ කවර වර්ණයක් ද?”

ය්වායං භෝ ගෝතම, වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ දේවේ අභිදෝ මජ්ඣන්තිකසමයං සූරියෝ, අයං ඉමේසං උභින්නං වණ්ණානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“භවත් ගෞතමයනි, පසළොස්වක පොහෝ දවසෙහි වළා පහව ගිය අහස් තලයෙහි මධ්‍යම රාත්‍රියෙහි බබලන යම් පුන්සඳක් ඇද්ද, ඒ වගේ ම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් කාලයේ පහවූ වළා ඇති මධ්‍යහ්න අහස් තළයෙහි බබලන හිරු මඬලක් ඇද්ද, මේ දෙකෙන් වඩාත් ම සුන්දර ලෙස, ප්‍රණීත ලෙස දිළිසෙන්නේ මේ හිරු මඬල යි.”

අතෝ ඛෝ තේ කච්චාන, බහූ හි බහුතරා දේවා, යේ ඉමේසං චන්දිමසූරියානං ආභා නානුභොන්ති, ත්‍යාහං පජානාමි. අථ ච පනාහං න වදාමි: යස්මා වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච නත්ථීති. අථ ච පන ත්වං කච්චාන, ය්වායං වණ්ණෝ කිමිනා ඛජ්ජෝපනකේන හීනතරෝ ච පතිකිට්ඨතරෝ ච සෝ පරමෝ වණ්ණෝති වදේසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපේසි.

“පින්වත් කච්චාන, යම් දෙවි කෙනෙක් චන්ද්‍ර සූර්ය දෙදෙනා ගේ ආලෝකය ස්පර්ශ නො කරයි ද, එබඳු දෙවිවරු බොහෝ සිටිනවා. අතිශයින් ම සිටිනවා. ඒ ගැන මම දන්නවා. එනිසා මම නම් මෙය කියන්නෙ නෑ. ඒ කියන්නෙ ‘යම් වර්ණයකට වඩා ඉතා උත්තරීතර වූ ත්, ප්‍රණීත වූ ත් වර්ණයක් නැද්ද, එය තමයි උත්තම වර්ණය’ කියල. නමුත් කච්චාන, ඔබ කණාමැදිරියෙකුටත් වඩා ඉතා හීන වූ, ඉතා ලාමක වූ වර්ණයකට නේද එය උත්තම වර්ණය යි කියා කියන්නේ. ඒ වගේ ම එය කුමක්ද කියා පෙන්වන්නෙ ත් නෑ.

පඤ්ච ඛෝ ඉමේ කච්චාන, කාමගුණා. කතමේ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සෝතවිඤ්ඤෙය්‍යා සද්දා ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමේ ඛෝ කච්චාන, පඤ්ච කාමගුණා. යං ඛෝ කච්චාන, ඉමේ පඤ්ච කාමගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං, ඉදං වුච්චති කාමසුඛං. ඉති කාමේහි කාමසුඛං, කාමසුඛා කාමග්ගසුඛං තත්ථ අග්ගමක්ඛායතීති.

පින්වත් කච්චාන, මේ කාම ගුණ පහක් තියෙනවා. කවර පහක් ද යත්; ඇසින් දකින රූප තියෙනවා, ඒවා ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන රූප. කනින් අසන ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයට දැනෙන ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් විඳින රස තියෙනවා ….(පෙ)…. කයට දැනෙන පහස තියෙනවා, ඒවා ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන පහස.

පින්වත් කච්චාන, මේ පංචකාම ගුණයන් නිසා යම් සැපයක්, සොම්නසක් ඇතිවෙනවා නම්, එයට කියන්නේ කාම සුඛය කියල යි. ඉතින් මේ කාම සුඛය ඇති වෙන්නෙ කාමයන්ගෙනු යි. නමුත් කාම සුඛයට වඩා කාම අග්‍ර සුඛයක් තියෙනවා. එය තමයි එහි අග්‍ර වෙනවා කියන්නෙ.”

ඒවං වුත්තේ වේඛනස්සෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: අච්ඡරියං භෝ ගෝතම, අබ්භුතං භෝ ගෝතම, යාව සුභාසිතං චිදං භෝතා ගෝතමේන: කාමේහි කාමසුඛං, කාමසුඛා කාමග්ගසුඛං තත්ථ අග්ගමක්ඛායතීති.

මෙසේ වදාළ විට වේඛනස්ස පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළා. “භවත් ගෞතමයනි, ආශ්චර්යය යි! භවත් ගෞතමයනි, අද්භූත යි! භවත් ගෞතමයන් විසින් ‘කාම සුඛය ඇති වෙන්නෙ කාමයන්ගෙනුයි කියල, ඒ වගේ ම කාම සුඛයට වඩා කාම අග්‍ර සුඛයක් තියෙනවා කියල, එය එහි අග්‍ර වෙනවා’ කියල යමක් වදාළා ද, මෙය සුභාෂිතයක් ම යි.”

දුජ්ජානං ඛෝ ඒතං කච්චාන, තයා අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤඛන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤත්‍රයෝගේන අඤ්ඤථාචරියකේන කාමා වා කාමසුඛං වා කාමග්ගසුඛං වා. යේ ඛෝ තේ කච්චාන, භික්ඛූ අරහන්තෝ ඛීණාසවා වුසිතවන්තෝ කතකරණීයා ඕහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයෝජනා සම්මදඤ්ඤා විමුත්තා, තේ ඛෝ ඒතං ජානෙය්‍යුං කාමා වා කාමසුඛං වා කාමග්ගසුඛං වාති.

“පින්වත් කච්චාන, අන්‍යාගමික දෘෂ්ඨියක් දරණ, අන්‍යාගමික මත ඉවසන, අන්‍ය මත රුචි කරන, අන්‍ය වැඩපිළිවෙලක යෙදෙන, අන්‍යාගමික ආචාර්යවරයෙක් වන ඔබට කාමයන් හෝ කාමසුඛය හෝ කාමාග්‍ර සුඛය හෝ දැන ගැනීම දුෂ්කර දෙයක්. පින්වත් කච්චාන, යම් ඒ අරහත් භික්ෂූන් සිටිනවා. ක්ෂීණාශ්‍රව වූ, බඹසර වාසය සම්පූර්ණ කළා වූ, කළ යුත්ත කළා වූ, කෙලෙස් බර බැහැර තැබූ, පිළිවෙළින් පැමිණි යහපත ඇති, භව සංයෝජනයන් ක්ෂය කළා වූ, මනා අවබෝධයෙන් ම විමුක්තියට පත් වූ, ඒ රහත් භික්ෂූන් සිටිනවා. ඒ භික්ෂූන් නම් කාමයන් හෝ කාම සුඛය හෝ කාමාග්‍ර සුඛය හෝ අවබෝධ කරගන්නවා.”

ඒවං වුත්තේ වේඛනසෝ පරිබ්බාජකෝ කුපිතෝ අනත්තමනෝ භගවන්තංයේව ඛුංසෙන්තෝ භගවන්තංයේව වම්භෙන්තෝ භගවන්තංයේව වදමානෝ සමණෝ ච ගෝතමෝ පාපිතෝ භවිස්සතී’ති භගවන්තං ඒතදවෝච: ඒවමේව පනිධේකේ සමණබ්‍රාහ්මණා අජානන්තා පුබ්බන්තං, අපස්සන්තා අපරන්තං, අථ ච පන: ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති පටිජානන්ති තේසමිදං භාසිතං හස්සකංයේව සම්පජ්ජති, ලාමකංයේව සම්පජ්ජති, රිත්තකංයේව සම්පජ්ජති, තුච්ඡකංයේව සම්පජ්ජතී’ති.

මෙසේ වදාළ විට වේඛනස්ස පිරිවැජියා කිපුනා. නො සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ සමඟ ගැටෙමින් භාග්‍යවතුන් වහන්සේට පරිභව කරමින් භාග්‍යවතුන් වහන්සේට ම කියමින් “ශ්‍රමණ ගෞතමයන් තමයි නො දන්නා කෙනෙක් වන්නේ” කියල කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“ඔය විදිහම තමයි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූර්ව අන්තය දන්නෙත් නෑ. අපර අන්තය දකින්නෙත් නෑ. නමුත් ‘ඉපදීම ක්ෂය වුනා, බඹසර වාසය සම්පූර්ණ වුනා. කළ යුත්ත කළා. ඒ වෙනුවෙන් කරන්නට අමුතුවෙන් යමක් නැතැ’යි ප්‍රතිඥා දෙනවා. ඔවුන් ඒ ප්‍රකාශය සිනහවක් ම යි උපදවන්නේ. ලාමක බවක් ම යි උපදවන්නේ. රික්තකයක් ම යි උපදවන්නේ. තුච්ඡ බවක් ම යි උපදවන්නේ.

යේ ඛෝ තේ කච්චාන, සමණබ්‍රාහ්මණා අජානන්තා පුබ්බන්තං අපස්සන්තා අපරන්තං ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමා’ති පටිජානන්ති, තේසං සෝයේව සහධම්මිකෝ නිග්ගහෝ හෝති. අපි ච කච්චාන, තිට්ඨතු පුබ්බන්තෝ, තිට්ඨතු අපරන්තෝ. ඒතු විඤ්ඤූ පුරිසෝ අසඨෝ අමායාවී උජුජාතිකෝ අහමනුසාසාමි, අහං ධම්මං දේසේමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ නචිරස්සේව සාමඤ්ඤේව ඤස්සති, සාමං දක්ඛිති. ඒවං කිර සම්මා බන්ධනා විප්පමොක්ඛෝ හෝති යදිදං අවිජ්ජා බන්ධනා. සෙය්‍යථාපි කච්චාන, දහරෝ කුමාරෝ මන්දෝ උත්තානසෙය්‍යකෝ කණ්ඨපඤ්චමේහි බන්ධනේහි බද්ධෝ අස්ස සුත්තබන්ධනේහි, තස්ස වුද්ධීමන්වාය ඉන්ද්‍රියානං පරිපාකමන්වාය තානි බන්ධනානි මුච්චෙය්‍යුං සෝ මොක්ඛෝම්හීති ඛෝ ජානෙය්‍ය නෝ ච බන්ධනං. ඒවමේව ඛෝ කච්චාන, ඒතු විඤ්ඤූ පුරිසෝ අසඨෝ අමායාවී උජුජාතිකෝ. අහමනුසාසාමි, අහං ධම්මං දේසේමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ න චිරස්සේව සාමඤ්ඤේව ඤස්සති. සාමං දක්ඛිති. ඒවං කිර සම්මා බන්ධනා විප්පමොක්ඛෝ හෝති යදිදං අවිජ්ජා බන්ධනාති.

ඒ වගේ ම පින්වත් කච්චාන, යම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූර්ව අන්තය දන්නෙත් නෑ. අපර අන්තය දකින්නෙත් නෑ. නමුත් ‘ඉපදීම ක්ෂය වුනා, බඹසර වාසය සම්පූර්ණ වුනා. කළ යුත්ත කළා. ඒ වෙනුවෙන් කරන්නට අමුතුවෙන් යමක් නැතැ’යි ප්‍රතිඥා දෙනවා. ඔවුන්ට කරුණු සහිතව නිග්‍රහය පිණිස පවතින්නේ ඒ කාරණය ම යි. එනම් පින්වත් කච්චාන, පූර්ව අන්තය පසෙක තිබේවා! අපර අන්තය පසෙක තිබේවා! කපටි නැති, මායා නැති, ඍජු ගති ඇති බුද්ධිමත් මනුෂ්‍යයෙක් මා වෙත පැමිණේවා! මං අනුශාසනා කරන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. යම් ආකාරයකින් අනුශාසනා ලැබෙයි ද, ඒ අයුරින් පිළිපදින විට වැඩි කලක් නො ගිහින් ම ‘යම් මේ අවිද්‍යාව නම් වූ බන්ධනයක් ඇද්ද, ඒ බන්ධයෙන් මනා කොට මිදුනේ මේ විදිහට යි’ කියල තමා ම දැනගන්නවා, තමා ම දැකගන්නවා.

කච්චාන, ඒක මේ වගේ දෙයක්, උඩුකුරුව නිදන බොළඳ වූ ළදරු සිඟිත්තෙක් ඉන්නවා. ඔහු බෙල්ල පස්වෙනි කොට හූයකින් බැඳලා තියෙන්නෙ. ඉතින් ඔහු වැඩී වයස මුහුකුරා යෑමෙන්, ඉන්ද්‍රියන් මෝරා යෑමෙන්, අර බන්ධනයන් ගෙන් නිදහස් වෙනවා. එතකොට ඔහු දැනගන්නේ එයින් මිදුනා කියල යි, බැඳිලා ඉන්නවා කියල නො වෙයි.

අන්න ඒ වගේ ම පින්වත් කච්චාන, කපටි නැති, මායා නැති, ඍජු ගති ඇති බුද්ධිමත් මනුෂ්‍යයෙක් මා වෙත පැමිණේවා! මං අනුශාසනා කරන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. යම් ආකාරයකින් අනුශාසනා ලැබෙයි ද, ඒ අයුරින් පිළිපදින විට වැඩි කලක් නො ගිහින් ම ‘යම් මේ අවිද්‍යාව නම් වූ බන්ධනයක් ඇද්ද, ඒ බන්ධයෙන් මනා කොට මිදුනේ මේ විදිහට යි’ කියල තමා ම දැනගන්නවා, තමා ම දැකගන්නවා.”

ඒවං වුත්තේ වේඛනස්සෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම, ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණංගතන්ති.

මෙසේ වදාළ විට වේඛනස්ස පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, ….(පෙ)…. අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

වේඛනස්සසුත්තං දසමං.

වේඛනස්ස පිරිවැජියාට වදාළ දෙසුම නිමා විය.

පරිබ්බාජකවග්ගෝ තතියෝ.

තුන් වෙනි පරිබ්බාජක වර්ගය යි.

තස්ස වග්ගස්ස උද්දානං

පුණ්ඩරී අග්ගි සහා කථිනාමෝ, දීඝනඛෝ පුන භාරද්වාජගොත්තෝ
සන්දක උද්දයි මණ්ඩිකපුත්තෝ, මණිකෝ තථා කච්චානෝ වරවග්ගෝ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M