මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.3.8. සමණමණ්ඩිකා සුත්තං

2.3.8. සමණමණ්ඩිකාපුත්‍ර පිරිවැජියා නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමණමණ්ඩිකාපුත්තෝ සමයප්පවාදකේ තින්දුකාචීරේ ඒකසාලකේ මල්ලිකාය ආරාමේ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං සත්තමත්තේහි පරිබ්බාජකසතේහි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. ඒ දිනවල ම සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා මල්ලිකා දේවිය විසින් කරවන ලද සමයප්පවාදක නම් වූ තින්දුකාචීර ඒකසාලක නම් ආරාමයෙහි හත්සියයක් පමණ වූ මහත් පිරිවැජියන් පිරිසක් සමඟ වාසය කළා.

අථ ඛෝ පඤ්චකංගෝ ථපති සාවත්ථියා නික්ඛමි දිවා දිවස්ස භගවන්තං දස්සනාය. අථ ඛෝ පඤ්චකංගස්ස ථපතිස්ස ඒතදහෝසි: අකාලෝ ඛෝ තාව භගවන්තං දස්සනාය, පටිසල්ලීනෝ භගවා, මනෝභාවනියානම්පි භික්ඛූනං අසමයෝ දස්සනාය, පටිසල්ලීනා මනෝභාවනියා භික්ඛූ, යංනූනාහං යේන සමයප්පවාදකෝ තින්දුකාචීරෝ ඒකසාලකෝ මල්ලිකාය ආරාමෝ යේන උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමණමණ්ඩිකාපුත්තෝ තේනුපසංකමෙය්‍යන්ති. අථ ඛෝ පඤ්චකංගෝ ථපති යේන සමයප්පවාදකෝ තින්දුකාචීරෝ ඒකසාලකෝ මල්ලිකාය ආරාමෝ යේන උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමණමණ්ඩිකාපුත්තෝ තේනුපසංකමි.

එදා පඤ්චකංග වඩුදෙටුතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම පිණිස දහවල් මධ්‍යාහ්නයෙහි සැවැත් නුවරින් නික්මුනා. එතකොට පඤ්චකංග වඩුදෙටුතුමාට මෙහෙම සිතුනා. “භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට තවම කාලය නො වෙයි. භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වැඩවසන වෙලාව යි. ඒ වගේ ම මනෝභාවනීය භික්ෂූන් දකින්නට ද මෙය කාලය නො වෙයි. මනෝභාවනීය භික්ෂූන් ද භාවනා කරන වෙලාව යි. එහෙම නම් මං මල්ලිකා දේවිය විසින් කළ සමයප්පවාදක නම් වූ තින්දුකාචීර ඒකසාලක නම් ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා වෙත යන්නට ඕන” කියල. ඉතින් පඤ්චකංග වඩුදෙඩුතුමා මල්ලිකා දේවිය විසින් කරවන ලද සමයප්පවාදක නම් වූ තින්දුකාචීර ඒකසාලක නම් ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා වෙත එළැඹුනා.

තේන ඛෝ පන සමයේන උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමණමණ්ඩිකාපුත්තෝ මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නෝ හෝති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනේකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්‍යථිදං: රාජකථං චෝරකථං මහාමත්තකථං සේනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපේතකථං නානත්තකථං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා.

ඒ වෙලාවෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා මහත් පිරිවැජි පිරිසක් සමඟ උස් හඬින් මහ හඬින් කෑ ගසමින් නොයෙක් ආකාරයෙන් තිරිසන් කතාවන් කරමින් සිටියා. ඒ කියන්නේ; ආණ්ඩුව ගැන කතා කිරීම, ප්‍රසිද්ධ සොරුන් ගැන කතා කිරීම, මැති ඇමති වරුන් ගැන කතා කිරීම, හමුදාවන් ගැන කතා කිරීම, භයජනක කතා කිරීම, යුද්ධ ගැන කතා කිරීම, ආහාර වර්ග ගැන කතා කිරීම, පාන වර්ග ගැන කතා කිරීම, වස්ත්‍ර ගැන කතා කිරීම, යාන වාහන ගැන කතා කිරීම, ඇඳ පුටු ගැන කතා කිරීම, ගෙවල් දොරවල් ගැන කතා කිරීම, මල් වර්ග ගැන කතා කිරීම, සුවඳ වර්ග ගැන කතා කිරීම, ඤාතීන් ගැන කතා කිරීම, ගම් ගැන කතා කිරීම, නියම් ගම් ගැන කතා කිරීම, නගර ගැන කතා කිරීම, ජනපද ගැන කතා කිරීම, ස්ත්‍රීන් ගැන කතා කිරීම, පුරුෂයන් ගැන කතා කිරීම, වීරයන් ගැන කතා කිරීම, මංමාවත් ගැන කතා කිරීම, පැන් තොටේ කතාවන් ගැන කතා කිරීම, මියගිය උදවිය ගැන කතා කිරීම, නා නා තිරිසන් කතාවන් ගැන කතා කිරීම, ලෝකය ගැන කතා කිරීම, මුහුද ගැන කතා කිරීම, මෙසේ මෙසේ ඇති වූයේ ය – නැති වූයේ ය යනුවෙන් කතා කිරීම ආදිය යි.

අද්දසා ඛෝ උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමණමණ්ඩිකාපුත්තෝ පඤ්චකංගං ථපතිං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපේසි: “අප්පසද්දා භොන්තෝ හොන්තු, මා භොන්තෝ සද්දමකත්ථ. අයං සමණස්ස ගෝතමස්ස සාවකෝ ආගච්ඡති පඤ්චකංගෝ ථපති. යාවතා ඛෝ පන සමණස්ස ගෝතමස්ස සාවකා ගිහී ඕදාතවසනා සාවත්ථියං පටිවසන්ති, අයං තේසං අඤ්ඤතරෝ පඤ්චකංගෝ ථපති. අප්පසද්දා ඛෝ පන තේ ආයස්මන්තෝ අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනෝ, අප්පේව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤෙය්‍යා”ති. අථ ඛෝ තේ පරිබ්බාජකා තුණ්හී අහේසුං.

ඉතින් සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා දුරින් ම එන්නා වූ පඤ්චකංග වඩුදෙටුතුමාව දැක්කා. දැක තමන් ගේ පිරිස සන්සුන් කෙරෙව්වා. “භවත්නි, නිශ්ශබ්ද වන්න! භවත්නි, ශබ්ද නො කරන්න! මේ ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකයෙක් වූ පඤ්චකංග වඩුදෙටුතුමා පැමිණෙනවා. ශ්‍රමණ ගෞතමයන් ගේ යම්තාක් සුදු වත් හඳිනා ගිහි ශ්‍රාවකයන් සැවැත් නුවර සිටිනවා නම්, පඤ්චකංග වඩුදෙටුතුමා ඔවුන් අතර කෙනෙක්. ඒ ආයුෂ්මතුන් නිශ්ශබ්දතාවයට කැමතියි. නිශ්ශබ්දතාවයට යි වර්ණනා කරන්නෙ. නිශ්ශබ්ද වූ පිරිස දැනගෙන ඔවුන් වෙත එළැඹීම හොඳයි කියල යි සිතන්නෙ.” එතකොට ඒ පිරිවැජියන් නිශ්ශබ්ද වුනා.

අථ ඛෝ පඤ්චකංගෝ ථපති යේන උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමණමණ්ඩිකාපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා උග්ගාහමානේන පරිබ්බාජකේන සමණමණ්ඩිකාපුත්තේන සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ පඤ්චකංගං ථපතිං උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමණමණ්ඩිකාපුත්තෝ ඒතදවෝච:

ඉතින් පඤ්චකංග වඩුදෙටුතුමා සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා වෙත පැමිණුනා. පැමිණ සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩිවුණු පඤ්චකංග වඩුදෙටුතුමාට සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා මෙය කිව්වා.

“චතූහි ඛෝ අහං ථපති, ධම්මේහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපේමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. කතමේහි චතූහි: ඉධ ථපති න කායේන පාපකම්මං කරෝති, න පාපිකං වාචං භාසති, න පාපකං සංකප්පං සංකප්පේති, න පාපකං ආජීවං ආජීවති. ඉමේහි ඛෝ අහං ථපති, චතූහි ධම්මේහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපේමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣ”න්ති.

“එම්බා වඩුදෙටුව, මං සතර දහමකින් සමන්විත පුරුෂ පුද්ගලයා කුසල සම්පන්න වූ ත්, පරම කුසල් තිබෙන්නා වූ ත්, උත්තම ප්‍රාප්තියට පත් වූ ත්, කිසි වාදයකින් සෙලවිය නො හැකි වූ ත්, ශ්‍රමණයා කියලා පෙන්වා දෙනවා. කවර සතරකින් ද යත්; මෙහිලා වඩුදෙටුව, කෙනෙක් කයින් පව්කමක් නො කරයි නම්, පවිටු වචනයක් නො කියයි නම්, පවිටු සංකල්පයක් නො සිතයි නම්, පවිටු ජීවිතයක් නො ගෙවයි නම්, එම්බා වඩුදෙටුව, මං මෙන්න මේ දහම් සතරෙන් සමන්විත පුද්ගලයාව තමයි කුසල සම්පන්න වූ ත්, පරම කුසල් ඇත්තා වූ ත්, උත්තම ප්‍රාප්තියට පත් වූ ත්, වාදයෙන් නො සෙල්විය හැකි වූ ත් ශ්‍රමණයා කියා පෙන්වන්නෙ.”

අථ ඛෝ පඤ්චකංගෝ ථපති උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස භාසිතං නේව අභිනන්දි, නප්පටික්කෝසි. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා උට්ඨායාසනා පක්කාමි. භගවතෝ සන්තිකේ ඒතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමීති. අථ ඛෝ පඤ්චකංගෝ ථපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ පඤ්චකංගෝ ථපති යාවතකෝ අහෝසි උග්ගාහමානේන පරිබ්බාජකේන සමණමණ්ඩිකාපුත්තේන සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං භගවතෝ ආරෝචේසි. ඒවං වුත්තේ භගවා පඤ්චකංගං ථපතිං ඒතදවෝච: ඒවං සන්තේ ඛෝ ථපති, දහරෝ කුමාරෝ මන්දෝ උත්තානසෙය්‍යකෝ සම්පන්නකුසලෝ භවිස්සති පරමකුසලෝ උත්තමපත්තිපත්තෝ සමණෝ අයොජ්ඣෝ, යථා උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස වචනං. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස කායෝතිපි න හෝති, කුතෝ පන කායේන පාපකං කම්මං කරිස්සති අඤ්ඤත්‍ර ඵන්දිතමත්තා. දහරස්ස හි ථපති කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස වාචාතිපි න හෝති. කුතෝ පන පාපිකං වාචං භාසිස්සති අඤ්ඤත්‍ර රෝදිතමත්තා. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස සංකප්පෝතිපි න හෝති, කුතෝ පන පාපිකං සංකප්පං සංකප්පිස්සති අඤ්ඤත්‍ර විකූජිතමත්තා. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස ආජීවෝතිපි න හෝති, කුතෝ පන පාපකං ආජීවං ආජීවිස්සති අඤ්ඤත්‍ර මාතුථඤ්ඤා. ඒවං සන්තේ ඛෝ ථපති, දහරෝ කුමාරෝ මන්දෝ උත්තානසෙය්‍යකෝ සම්පන්නකුසලෝ භවිස්සති පරමකුසලෝ උත්තමපත්තිපත්තෝ සමණෝ අයොජ්ඣෝ, යථා උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස වචනං.

එතකොට පඤ්චකංග වඩුදෙටුතුමා සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා ගේ ප්‍රකාශය පිළිගත්තෙ ත් නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නො පිළිගෙන, ප්‍රතික්ෂේප නො කොට හුනස්නෙන් නැගී පිටත්ව ගියා. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි දී මෙම කියමනෙහි අරුත දැනගන්නට ඕන කියල. ඉතින් පඤ්චකංග වඩුදෙටුතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුණ පඤ්චකංග වඩුදෙටුවා සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා සමඟ යම් කතාබහක් ඇතිවුනා ද, ඒ සියල්ල ම භාග්‍යවතුන් වහන්සේට සැළකළා.

මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ පඤ්චකංග වඩුදෙටු හට මෙය වදාළා. “පින්වත් වඩුදෙටුව, එහෙම නම් ඉතා ලාබාල වූ උඩුකුරුව සයනය කරන ලදරු සිඟිත්තා සම්පන්න කුසල වූ ත්, පරම කුසල වූ ත්, උත්තමප්‍රාප්ත වූ ත් වාදයෙන් නො පැරදවිය හැකි වූ ත් ශ්‍රමණයෙක් වේවි නෙව. සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා කියන හැටියට නම් පින්වත් වඩුදෙටුව, ඉතා ලාබාල වූ උඩුකුරුව සයනය කරන ලදරු සිඟිත්තාට කයක් තිබේ ය කියා හැඟීමක් නෑ. ස්ඵන්දන මාත්‍රය හැර කයින් කෙසේ නම් පාප කර්මයක් කරන්න ද? හැඬීම් මාත්‍රයක් හැර වචනයෙන් කෙසේ නම් පාපී බසක් කියන්න ද? සිනාසීම් මාත්‍රයක් හැර කෙසේ නම් පවිටු සංකල්පයක් සිතන්න ද? ඉතා ලාබාල වූ උඩුකුරුව සයනය කරන ලදරු සිඟිත්තාට ආජීවය පිළිබඳ හැඟීමක් නැහැ. මව්කිරි හැර කෙසේ නම් පවිටු ආජීවකයකින් ජීවත් වෙන්න ද? පින්වත් වඩුදෙටුව, මෙසේ ඇති කල්හි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පිරිවැජියා කියන හැටියට නම් ඉතා ලාබාල වූ උඩුකුරුව සයනය කරන ලදරු සිඟිත්තා සම්පන්න කුසල වූ ත්, පරම කුසල වූ ත්, උත්තමප්‍රාප්ත වූ ත් වාදයෙන් නො පැරදවිය හැකි වූ ත් ශ්‍රමණයෙක් වේවි නෙව.

චතූහි ඛෝ අහං ථපති, ධම්මේහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපේමි න චේව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. අපිචිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්‍යකං සමධිගය්හ තිට්ඨති. කතමේහි චතූහි: ඉධ ථපති න කායේන පාපකම්මං කරෝති, න පාපිකං වාචං භාසති, න පාපකං සංකප්පං සංකප්පේති, න පාපකං ආජීවං ආජීවති. ඉමේහි ඛෝ අහං ථපති, චතූහි ධම්මේහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපේමි න චේව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. අපිචිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්‍යකං සමධිගය්හ තිට්ඨති.

පින්වත් වඩුදෙටුව, දහම් සතරකින් සමන්විත පුද්ගලයෙකුව මං පෙන්වා දෙනවා; ඔහු කුසල සම්පන්න ත් නෑ, පරම කුසල ත් නෑ, උත්තම ප්‍රාප්තියට පත් වෙලත් නෑ, වාදයෙන් සෙල්විය නො හැකි ශ්‍රමණයෙකුත් නොවේ. ඒ වුනත් ඔහු මේ උඩුකුරුව නිදන ළදරු සිඟිත්තාව යට කොට ඉන්නවා. කවර සතරකින් ද යත්; පින්වත් වඩුදෙටුව, මෙහිලා කෙනෙක් කයින් පාප කර්මයක් නො කරයි. පාපී වචනයක් නො කියයි. පවිටු සංකල්පයක් නො සිතයි. පවිටු ජීවිතයක් නො ගෙවයි. පින්වත් වඩුදෙටුව, මේ දහම් සතරෙන් සමන්විත පුද්ගලයා තමයි කුසල සම්පන්න ත් නෑ, පරම කුසල ත් නෑ, උත්තම ප්‍රාප්තියට පත් වෙලත් නෑ, වාදයෙන් සෙල්විය නො හැකි ශ්‍රමණයෙකුත් නොවේ කියල මා පෙන්වා දෙන්නෙ. ඒ වුනත් ඔහු නම් මේ උඩුකුරුව නිදන ළදරු සිඟිත්තාව යට කොට ඉන්නවා.

දසහි ඛෝ අහං ථපති, ධම්මේහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපේමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං.

පින්වත් වඩුදෙටුව, මං දස ධර්මයකින් යුතු පුද්ගලයෙකු පෙන්වා දෙනවා. ඔහු නම් කුසල සම්පන්න යි. පරම කුසලින් යුක්ත යි. උත්තම ප්‍රාප්තියට පත්වෙලයි ඉන්නෙ. වාදයෙන් නො සෙල්විය හැකි ශ්‍රමණයෙක්.

ඉමේ අකුසලසීලා. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඉතෝ සමුට්ඨානා අකුසලසීලා. තාහං ථපති. වේදිතබ්බන්ති වදාමි. ඉධ අකුසලසීලා අපරිසේසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඒවං පටිපන්නෝ අකුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි.

‘පින්වත් වඩුදෙටුව, මේවා අකුසල ස්වභාවයන් ය’ කියල ඒවා දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘අකුසල ස්වභාවයන් හට ගන්නේ මේ මේ කරුණු නිසා ය’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මෙන්න මේ දේවල් තුළ අකුසල ස්වභාවයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා කියල’ එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මේ අයුරින් පිළිපැද්ද විට එය අකුසල ස්වභාවයන් නිරුද්ධ වීම පිණිස වූ පිළිපැදීම යි’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ.

ඉමේ කුසලසීලා. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඉතෝ සමුට්ඨානා කුසලසීලා. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඉධ කුසලසීලා අපරිසේසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඒවං පටිපන්නෝ කුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි.

පින්වත් වඩුදෙටුව, ‘මේවා කුසල ස්වභාවයන් ය’ කියල ඒවා දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘කුසල ස්වභාවයන් හට ගන්නේ මේ මේ කරුණු නිසා ය’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මෙන්න මේ දේවල් තුළ කුසල ස්වභාවයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා කියල’ එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මේ අයුරින් පිළිපැද්ද විට එය කුසල ස්වභාවයන් නිරුද්ධ වීම පිණිස වූ පිළිපැදීම යි’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ.

ඉමේ අකුසලසංකප්පා. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඉතෝ සමුට්ඨානා අකුසලසංකප්පා. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඉධ අකුසලසංකප්පා අපරිසේසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඒවං පටිපන්නෝ අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි.

පින්වත් වඩුදෙටුව, ‘මේවා අකුසල සංකල්පයන් ය’ කියල ඒවා දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘අකුසල සංකල්පයන් හට ගන්නේ මේ මේ කරුණු නිසා ය’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මෙන්න මේ දේවල් තුළ අකුසල සංකල්පයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා කියල’ එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මේ අයුරින් පිළිපැද්ද විට එය අකුසල සංකල්පයන් නිරුද්ධ වීම පිණිස වූ පිළිපැදීම යි’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ.

ඉමේ කුසලසංකප්පා. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඉතෝ සමුට්ඨානා කුසලසංකප්පා. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඉධ කුසලසංකප්පා අපරිසේසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි. ඒවං පටිපන්නෝ කුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති. තාහං ථපති, වේදිතබ්බන්ති වදාමි.

පින්වත් වඩුදෙටුව, ‘මේවා කුසල සංකල්පයන් ය’ කියල ඒවා දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘කුසල සංකල්පයන් හට ගන්නේ මේ මේ කරුණු නිසා ය’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මෙන්න මේ දේවල් තුළ කුසල සංකල්පයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා කියල’ එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ. පින්වත් වඩුදෙටුව, ‘මේ අයුරින් පිළිපැද්ද විට එය කුසල සංකල්පයන් නිරුද්ධ වීම පිණිස වූ පිළිපැදීම යි’ කියල එය ත් දැනගත යුතුය කියල යි මා කියන්නෙ.

කතමේ ච ථපති, අකුසලසීලා: අකුසලං කායකම්මං, අකුසලං වචීකම්මං, පාපකෝ ආජීවෝ. ඉමේ වුච්චන්ති ථපති, අකුසලසීලා. ඉමේ ච ථපති, අකුසලසීලා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නේසං වුත්තං චිත්තසමුට්ඨානාතිස්ස වචනීයා. කතමං චිත්තං: චිත්තම්පි හි බහුං අනේකවිධං නානප්පකාරකං. තං චිත්තං සරාගං සදෝසං සමෝහං. ඉතෝ සමුට්ඨානා අකුසලසීලා. ඉමේ ච ථපති, අකුසලසීලා කුහිං අපරිසේසා නිරුජ්ඣන්ති. නිරෝධෝපි නේසං වුත්තෝ. ඉධ ථපති, භික්ඛු කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවේති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවේති, මනෝදුච්චරිතං පහාය මනෝසුචරිතං භාවේති. මිච්ඡාජීවං පහාය සම්මාජීවේන ජීවිතං කප්පේති, එත්ථේතේ අකුසලසීලා අපරිසේසා නිරුජ්ඣන්ති කථං පටිපන්නෝ ච ථපති අකුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති: ඉධ ථපති භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඒවං පටිපන්නෝ ඛෝ ථපති අකුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති.

පින්වත් වඩුදෙටුව, අකුසල ස්වභාවයන් යනු මොනවා ද? අකුසල කාය කර්ම තියෙනවා. අකුසල වචී කර්ම තියෙනවා. පවිටු දිවි පැවැත්ම තියෙනවා. පින්වත් වඩුදෙටුව, මේවාට තමයි අකුසල ස්වභාවයන් කියා කියන්නෙ.

පින්වත් වඩුදෙටුව, මේ අකුසල ස්වභාවයන් හට ගන්නේ කුමකින් ද? ඒ අකුසල ස්වභාවයන් ගේ හටගැනීම කියල යි තියෙන්නෙ. එයට කිව යුත්තේ සිතෙන් හටගන්නවා කියල යි. කවර සිතක් ද යත්; බොහෝ අනේකප්‍රකාර වූ නානාප්‍රකාර වූ සිත් තිබෙනවා නෙව. එයින් ඒ සිතක් සරාගී වෙයි ද, සදෝසී වෙයි ද, සමෝහී වෙයි ද, මෙයින් තමයි අකුසල ස්වභාවයන් හටගන්නේ.

පින්වත් වඩුදෙටුව, මේ අකුසල ස්වභාවයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොහේදී ද? මේ අකුසල ස්වභාවයන් ගේ නිරුද්ධ වීම ගැන කියල යි තියෙන්නෙ. මෙහිලා පින්වත් වඩුදෙටුව, භික්ෂුව කාය දුෂ්චරිතය පහකොට, කාය සුචරිතය වඩනවා. වචී දුෂ්චරිතය පහකොට, වචී සුචරිතය වඩනවා. මනෝ දුෂ්චරිතය පහකොට, මනෝ සුචරිතය වඩනවා. මිත්‍යා ආජීවය පහකොට සම්මා ආජීවයෙන් යුතුව ජීවිතය ගෙවනවා. මේ තුළ ඒ අකුසල ස්වභාවයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යනවා.

පින්වත් වඩුදෙටුව, කෙසේ පිළිපැද්දොත් ද අකුසල් ස්වභාවයන් නිරුද්ධ වීම පිණිස පිළිපදිනවා කියල කියන්නෙ? පින්වත් වඩුදෙටුව, මෙහිදී භික්ෂුව නූපන් පාපී අකුසල් නූපදවීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. උපන් කුසල් පවත්වා ගැනීම පිණිස, ඒවා නැති නො වීම පිණිස, බොහෝ සෙයින් වැඩීම පිණිස, විපුලව වැඩීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. පින්වත් වඩුදෙටුව, ඔය විදිහට පිළිපදිනවා නම්, අකුසල ස්වභාවයන් ගේ නිරෝධය පිණිස තමයි පිළිපදින්නේ.

කතමේ ච ථපති කුසලසීලා: කුසලං කායකම්මං, කුසලං වචීකම්මං. ආජීවපරිසුද්ධිපි ඛෝ අහං ථපති, සීලස්මිං වදාමි. ඉමේ වුච්චන්ති ථපති කුසලසීලා. ඉමේ ච ථපති, කුසලසීලා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නේසං වුත්තං චිත්තසමුට්ඨානාතිස්ස වචනීයා. කතමං චිත්තං: චිත්තම්පි හි බහුං අනේකවිධං නානප්පකාරකං. තං චිත්තං වීතරාගං වීතදෝසං වීතමෝහං, ඉතෝ සමුට්ඨානා කුසලසීලා. ඉමේ ච ථපති, කුසලසීලා කුහිං අපරිසේසා නිරුජ්ඣන්ති: නිරෝධෝපි නේසං වුත්තෝ. ඉධ ථපති, භික්ඛු සීලවා හෝති නෝ ච සීලමයෝ, තඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස තේ කුසලසීලා අපරිසේසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නෝ ච ථපති කුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති: ඉධ ථපති භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ….(පෙ)…. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ….(පෙ)…. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඒවං පටිපන්නෝ ඛෝ ථපති, කුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති.

පින්වත් වඩුදෙටුව, කුසල ස්වභාවයන් යනු මොනවා ද? කුසල කාය කර්ම තියෙනවා. කුසල වචී කර්ම තියෙනවා. පිරිසිදු දිවි පැවැත්ම තියෙනවා. පින්වත් වඩුදෙටුව, මේවාට තමයි කුසල ස්වභාවයන් කියා කියන්නෙ.

පින්වත් වඩුදෙටුව, මේ කුසල ස්වභාවයන් හටගන්නේ කුමකින් ද? ඒ කුසල ස්වභාවයන් ගේ හටගැනීම කියල යි තියෙන්නෙ. එයට කිව යුත්තේ සිතෙන් හටගන්නවා කියල යි. කවර සිතක් ද යත්; බොහෝ අනේකප්‍රකාර වූ නානාප්‍රකාර වූ සිත් තිබෙනවා නෙව. එයින් ඒ සිතක් වීතරාගී වෙයි ද, වීතදෝසී වෙයි ද, වීතමෝහී වෙයි ද, මෙයින් තමයි කුසල ස්වභාවයන් හටගන්නේ.

පින්වත් වඩුදෙටුව, මේ කුසල ස්වභාවයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොහේදී ද? මේ කුසල ස්වභාවයන් ගේ නිරුද්ධ වීම ගැන කියල යි තියෙන්නෙ. මෙහිලා පින්වත් වඩුදෙටුව, භික්ෂුව සිල්වත් වෙනවා. සීලයෙන් සැකසුන දෙයක් විතරක් නො වෙයි, යම් තැනක ඔහුට ඒ කුසල ස්වභාවයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යනවා නම්, ඒ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් යථාභූත වශයෙන් ම අවබෝධ කරනවා.

පින්වත් වඩුදෙටුව, කෙසේ පිළිපැද්දොත් ද කුසල් ස්වභාවයන් නිරුද්ධ වීම පිණිස පිළිපදිනවා කියල කියන්නෙ? පින්වත් වඩුදෙටුව, මෙහිදී භික්ෂුව නූපන් පාපී අකුසල් නූපදවීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, ….(පෙ)…. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස, ….(පෙ)…. උපන් කුසල් පවත්වා ගැනීම පිණිස, ඒවා නැති නො වීම පිණිස, බොහෝ සෙයින් වැඩීම පිණිස, විපුලව වැඩීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. පින්වත් වඩුදෙටුව, ඔය විදිහට පිළිපදිනවා නම්, කුසල ස්වභාවයන් ගේ නිරෝධය පිණිස තමයි පිළිපදින්නේ.

කතමේ ච ථපති, අකුසලසංකප්පා: කාමසංකප්පෝ බ්‍යාපාදසංකප්පෝ විහිංසාසංකප්පෝ, ඉමේ වුච්චන්ති ථපති අකුසලසංකප්පා. ඉමේ ච ථපති, අකුසලසංකප්පා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නේසං වුත්තං, සඤ්ඤාසමුට්ඨානාතිස්ස වචනීයා. කතමා සඤ්ඤා: සඤ්ඤාපි හි බහූ අනේකවිධා නානප්පකාරකා කාමසඤ්ඤා බ්‍යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා, ඉතෝ සමුට්ඨානා අකුසලසංකප්පා. ඉමේ ච ථපති, අකුසලසංකප්පා කුහිං අපරිසේසා නිරුජ්ඣන්ති: නිරෝධෝපි නේසං වුත්තෝ. ඉධ ථපති, භික්ඛු විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථේතේ අකුසලසංකප්පා අපරිසේසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නෝ ච ථපති, අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති: ඉධ ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ….(පෙ)…. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ….(පෙ)…. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඒවං පටිපන්නෝ ඛෝ ථපති, අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති.

පින්වත් වඩුදෙටුව, අකුසල සංකල්පයන් යනු මොනවා ද? කාම සංකල්ප තියෙනවා, ව්‍යාපාද සංකල්ප තියෙනවා, හිංසාකාරී සංකල්ප තියෙනවා. පින්වත් වඩුදෙටුව, මේවාට තමයි අකුසල සංකල්පයන් කියා කියන්නෙ.

පින්වත් වඩුදෙටුව, මේ අකුසල සංකල්පයන් හට ගන්නේ කුමකින් ද? ඒ අකුසල සංකල්පයන් ගේ හටගැනීම කියල යි තියෙන්නෙ. එයට කිව යුත්තේ සඤ්ඤාවෙන් හටගන්නවා කියල යි. කවර සඤ්ඤාවක් ද යත්; බොහෝ අනේකප්‍රකාර වූ නානාප්‍රකාර වූ සඤ්ඤා තිබෙනවා නෙව. එයින් ඒ සඤ්ඤාවක් කාම සඤ්ඤාවක් වෙයි ද, ව්‍යාපාද සඤ්ඤාවක් වෙයි ද, හිංසාකාරී සඤ්ඤාවක් වෙයි ද, මෙයින් තමයි අකුසල සංකල්පයන් හටගන්නේ.

පින්වත් වඩුදෙටුව, මේ අකුසල සංකල්පයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොහේදී ද? මේ අකුසල සංකල්පයන් ගේ නිරුද්ධ වීම ගැන කියල යි තියෙන්නෙ. මෙහිලා පින්වත් වඩුදෙටුව, භික්ෂුව කාමයන් ගෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. මෙතන තමයි අකුසල සංකල්පයන් ඉතුරු නැතිව නිරුද්ධ වන්නේ.

පින්වත් වඩුදෙටුව, කෙසේ පිළිපැද්දොත් ද අකුසල සංකල්පයන් නිරුද්ධ වීම පිණිස පිළිපදිනවා කියල කියන්නෙ? පින්වත් වඩුදෙටුව, මෙහිදී භික්ෂුව නූපන් පාපී අකුසල් නූපදවීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, ….(පෙ)…. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස, ….(පෙ)…. උපන් කුසල් පවත්වා ගැනීම පිණිස, ඒවා නැති නො වීම පිණිස, බොහෝ සෙයින් වැඩීම පිණිස, විපුලව වැඩීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. පින්වත් වඩුදෙටුව, ඔය විදිහට පිළිපදිනවා නම්, අකුසල සංකල්පයන් ගේ නිරෝධය පිණිස තමයි පිළිපදින්නේ.

කතමේ ච ථපති, කුසලසංකප්පා: නෙක්ඛම්මසංකප්පෝ අබ්‍යාපාදසංකප්පෝ අවිහිංසාසංකප්පෝ. ඉමේ වුච්චන්ති ථපති, කුසලසංකප්පා. ඉමේ ච ථපති, කුසලසංකප්පා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නේසං වුත්තං, සඤ්ඤාසමුට්ඨානාතිස්ස වචනීයා. කතමා සඤ්ඤා: සඤ්ඤාපි හි බහූ අනේකවිධා නානප්පකාරකා නෙක්ඛම්මසඤ්ඤා අබ්‍යාපාදසඤ්ඤා අවිහිංසාසඤ්ඤා, ඉතෝ සමුට්ඨානා කුසලසංකප්පා. ඉමේ ච ථපති කුසලසංකප්පා කුහිං අපරිසේසා නිරුජ්ඣන්ති: නිරෝධෝපි නේසං වුත්තෝ. ඉධ ථපති, භික්ඛු විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථේතේ කුසලසංකප්පා අපරිසේසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නෝ ච ථපති කුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති: ඉධ ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ….(පෙ)…. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ….(පෙ)…. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඒවං පටිපන්නෝ ඛෝ ථපති, කුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති.

පින්වත් වඩුදෙටුව, කුසල සංකල්පයන් යනු මොනවා ද? නෙක්ඛම්ම සංකල්ප තියෙනවා, අව්‍යාපාද සංකල්ප තියෙනවා, අහිංසා සංකල්ප තියෙනවා. පින්වත් වඩුදෙටුව, මේවාට තමයි කුසල සංකල්පයන් කියා කියන්නෙ.

පින්වත් වඩුදෙටුව, මේ කුසල සංකල්පයන් හට ගන්නේ කුමකින් ද? ඒ කුසල සංකල්පයන් ගේ හටගැනීම කියල යි තියෙන්නෙ. එයට කිව යුත්තේ සඤ්ඤාවෙන් හටගන්නවා කියල යි. කවර සඤ්ඤාවක් ද යත්; බොහෝ අනේකප්‍රකාර වූ නානාප්‍රකාර වූ සඤ්ඤා තිබෙනවා නෙව. එයින් ඒ සඤ්ඤාවක් නෙක්ඛම්ම සඤ්ඤාවක් වෙයි ද, අව්‍යාපාද සඤ්ඤාවක් වෙයි ද, අහිංසා සඤ්ඤාවක් වෙයි ද, මෙයින් තමයි කුසල සංකල්පයන් හටගන්නේ.

පින්වත් වඩුදෙටුව, මේ කුසල සංකල්පයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොහේදී ද? මේ කුසල සංකල්පයන් ගේ නිරුද්ධ වීම ගැන කියල යි තියෙන්නෙ. මෙහිලා පින්වත් වඩුදෙටුව, භික්ෂුව විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. මෙතන තමයි කුසල සංකල්පයන් ඉතුරු නැතිව නිරුද්ධ වන්නේ.

පින්වත් වඩුදෙටුව, කෙසේ පිළිපැද්දොත් ද කුසල සංකල්පයන් නිරුද්ධ වීම පිණිස පිළිපදිනවා කියල කියන්නෙ? පින්වත් වඩුදෙටුව, මෙහිදී භික්ෂුව නූපන් පාපී අකුසල් නූපදවීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, ….(පෙ)…. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස, ….(පෙ)…. උපන් කුසල් පවත්වා ගැනීම පිණිස, ඒවා නැති නො වීම පිණිස, බොහෝ සෙයින් වැඩීම පිණිස, විපුලව වැඩීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. පින්වත් වඩුදෙටුව, ඔය විදිහට පිළිපදිනවා නම්, කුසල සංකල්පයන් ගේ නිරෝධය පිණිස තමයි පිළිපදින්නේ.

කතමේහි චාහං ථපති, දසහි ධම්මේහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපේමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං: ඉධ ථපති, භික්ඛු අසේඛාය සම්මාදිට්ඨියා සමන්නාගතෝ හෝති, අසේඛේන සම්මාසංකප්පේන සමන්නාගතෝ හෝති, අසේඛාය සම්මාවාචාය සමන්නාගතෝ හෝති, අසේඛේන සම්මාකම්මන්තේන සමන්නාගතෝ හෝති, අසේඛේන සම්මාආජීවේන සමන්නාගතෝ හෝති, අසේඛේන සම්මාවායාමේන සමන්නාගතෝ හෝති, අසේඛාය සම්මාසතියා සමන්නාගතෝ හෝති, අසේඛේන සම්මාසමාධිනා සමන්නාගතෝ හෝති, අසේඛේන සම්මාඤාණේන සමන්නාගතෝ හෝති, අසේඛාය සම්මාවිමුත්තියා සමන්නාගතෝ හෝති. ඉමේහි ඛෝ අහං ථපති, දසහි ධම්මේහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපේමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣන්ති.

පින්වත් වඩුදෙටුව, මං කවර දස ධර්මයකින් සමන්විත පුද්ගලයා ගැන ද සම්පන්න කුසල වූ ත්, පරම කුසල වූ ත්, උත්තමප්‍රාප්තියට පත් වූ ත්, කිසි වාදයකින් නො සෙල්විය හැකි වූ ත් ශ්‍රමණයා කියා පෙන්වා දෙන්නේ? පින්වත් වඩුදෙටුව, මෙහිලා භික්ෂුව අසේඛ වූ සම්මා දිට්ඨියෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා සංකල්පයෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා වාචාවෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා කම්මන්තයෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා ආජීවයෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා වායාමයෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා සතියෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා සමාධියෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා ඤාණයෙන් සමන්විත වෙයි. අසේඛ වූ සම්මා විමුක්තියෙන් සමන්විත වෙයි. පින්වත් වඩුදෙටුව, මෙන්න මේ දස ධර්මයෙන් සමන්විත පුද්ගලයා ගැන තමයි සම්පන්න කුසල වූ ත්, පරම කුසල වූ ත්, උත්තමප්‍රාප්තියට පත් වූ ත්, කිසි වාදයකින් නො සෙල්විය හැකි වූ ත් ශ්‍රමණයා කියා මා පෙන්වා දෙන්නේ.”

ඉදමවෝච භගවා. අත්තමනෝ පඤ්චකංගෝ ථපති භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් පඤ්චකංග වඩුදෙටු තුමා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

සමණමණ්ඩිකා සුත්තං අට්ඨමං.

සමණමණ්ඩිකාපුත්‍ර පිරිවැජියා නිසා වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M