මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.3.7. මහාසකුලු‍දායි සුත්තං

2.3.7. සකුළුදායී පිරිවැජියාට වදාළ විස්තරාත්මක දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා මෝරනිවාපේ පරිබ්බාජකාරාමේ පටිවසන්ති. සෙය්‍යථිදං: අන්නභාරෝ වරධරෝ සකුලු‍දායී ච පරිබ්බාජකෝ අඤ්ඤේ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: ‘අතිප්පගෝ ඛෝ තාව රාජගහේ පිණ්ඩාය චරිතුං. යංනූනාහං යේන මෝරනිවාපෝ පරිබ්බාජකාරාමෝ යේන සකුලු‍දායී පරිබ්බාජකෝ තේනුපසංකමෙය්‍යන්ති. අථ ඛෝ භගවා යේන මෝරනිවාපෝ පරිබ්බාජකාරාමෝ තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන සකුලු‍දායී පරිබ්බාජකෝ මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නෝ හෝති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනේකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්‍යථිදං: ‘රාජකථං චෝරකථං මහාමත්තකථං සේනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපේතකථං නානත්තකථං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං’ ඉති වා.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයේ. ඒ දිනවල බොහෝ ප්‍රසිද්ධ වූ, වඩාත් ප්‍රසිද්ධ වූ පිරිවැජියනුත් මෝරනිවාප නම් පිරිවැජි ආරාමයෙහි වාසය කළා. ඔවුන් කවරහුද යත්; අන්නහාර, වරධර, සකුළුදායී ආදී නොයෙක් ප්‍රසිද්ධ වූ පරිබ්‍රාජකයන් ය.

එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ද ගෙන රජගහ නුවර පිඬුසිඟා වැඩියා. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුණා. ‘රජගහ නුවර පිඬුසිඟා වඩින්නට තවම වේලාසන වැඩියි. එහෙයින් මං මෝරනිවාප නම් පිරිවැජියන් ගේ ආරාමය යම් තැනක ද, සකුළුදායී පිරිවැජියා යම් තැනක ද එතනට යන්නට ඕන’ කියල. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෝරනිවාප පිරිවැජි ආරාමය වෙත වැඩියා.

එතකොට ඒ වෙලාවෙහි සකුළුදායී පිරිවැජියා මහත් පිරිවැජි පිරිසක් සමඟ උස් හඬින් මහ හඬින් කෑ ගසමින් නොයෙක් ආකාරයෙන් තිරිසන් කතාවන් කරමින් සිටියා. ඒ කියන්නේ; ආණ්ඩුව ගැන කතා කිරීම, ප්‍රසිද්ධ සොරුන් ගැන කතා කිරීම, මැති ඇමතිවරුන් ගැන කතා කිරීම, හමුදාවන් ගැන කතා කිරීම, භයජනක කතා කිරීම, යුද්ධ ගැන කතා කිරීම, ආහාර වර්ග ගැන කතා කිරීම, පාන වර්ග ගැන කතා කිරීම, වස්ත්‍ර ගැන කතා කිරීම, යාන වාහන ගැන කතා කිරීම, ඇඳ පුටු ගැන කතා කිරීම, ගෙවල් දොරවල් ගැන කතා කිරීම, මල් වර්ග ගැන කතා කිරීම, සුවඳ වර්ග ගැන කතා කිරීම, ඤාතීන් ගැන කතා කිරීම, ගම් ගැන කතා කිරීම, නියම් ගම් ගැන කතා කිරීම, නගර ගැන කතා කිරීම, ජනපද ගැන කතා කිරීම, ස්ත්‍රීන් ගැන කතා කිරීම, පුරුෂයන් ගැන කතා කිරීම, වීරයන් ගැන කතා කිරීම, මංමාවත් ගැන කතා කිරීම, පැන් තොටේ කතාවන් ගැන කතා කිරීම, මියගිය උදවිය ගැන කතා කිරීම, නා නා තිරිසන් කතාවන් ගැන කතා කිරීම, ලෝකය ගැන කතා කිරීම, මුහුද ගැන කතා කිරීම, මෙසේ මෙසේ ඇති වූයේ ය – නැති වූයේ ය යනුවෙන් කතා කිරීම ආදිය යි.

අද්දසා ඛෝ සකුලු‍දායී පරිබ්බාජකෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨාපේසි: ‘අප්පසද්දා භොන්තෝ හොන්තු මා භොන්තෝ සද්දමකත්ථ. අයං සමණෝ ගෝතමෝ ආගච්ඡති. අප්පසද්දකාමෝ ඛෝ පන සෝ ආයස්මා අප්පසද්දස්ස වණ්ණවාදී, අප්පේව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤෙය්‍යා’ති. අථ ඛෝ තේ පරිබ්බාජකා තුණ්හී අහේසුං. අථ ඛෝ භගවා යේන සකුලු‍දායී පරිබ්බාජකෝ තේනුපසංකමි. අථ ඛෝ සකුලු‍දායී පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: ඒතු ඛෝ භන්තේ භගවා, ස්වාගතං භන්තේ භගවතෝ, චිරස්සං ඛෝ භන්තේ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තේ භගවා ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. සකුලු‍දායී ඛෝ පරිබ්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ සකුලු‍දායිං පරිබ්බාජකං භගවා ඒතදවෝච:

ඉතින් සකුළුදායී පිරිවැජියා දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක තමන් ගේ පිරිස සන්සුන් කෙරෙව්වා. “භවත්නි, නිශ්ශබ්ද වන්න! භවත්නි, ශබ්ද නො කරන්න! මේ ශ්‍රමණ ගෞතමයන් පැමිණෙනවා. ඒ ආයුෂ්මතුන් වහන්සේ නිශ්ශබ්දතාවයට කැමතියි. නිශ්ශබ්දතාවයට යි වර්ණනා කරන්නෙ. නිශ්ශබ්ද වූ පිරිස දැනගෙන ඔවුන් වෙත එළැඹීම හොඳයි කියල යි සිතන්නෙ.” එතකොට ඒ පිරිවැජියන් නිශ්ශබ්ද වුනා.

එවිට භාග්‍යවතුන් වහන්සේ සකුළුදායී පිරිවැජියා වෙත වැඩම කළා. සකුළුදායී පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වඩින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහි පැමිණීම ස්වාගතයක් ම යි! භාග්‍යවතුන් වහන්සේ මෙහි පැමිණියේ බොහෝ කාලයකට පස්සෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ පණවන ලද අසුනෙහි වැඩසිටිත්වා.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ද පණවන ලද අසුනෙහි වැඩසිටියා. එතකොට සකුළුදායී පිරිවැජියා ද කුඩා අසුනක් එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ සකුළුදායී පිරිවැජියාට භාග්‍යවතුන් වහන්සේ මෙය පැවසුවා.

කායනුත්ථ උදායි ඒතරහි කථාය සන්නිසින්නා? කා ච පන වෝ අන්තරාකථා විප්පකතාති? තිට්ඨතේසා භන්තේ කථා යාය මයං ඒතරහි කථාය සන්නිසින්නා, නේසා භන්තේ කථා භගවතෝ දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය. පුරිමානි භන්තේ දිවසානි පුරිමතරානි නානාතිත්ථියානං සමණබ්‍රාහ්මණානං කුතූහලසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං. අයමන්තරාකථා උදපාදි: ලාභා වත භෝ අංගමගධානං, සුලද්ධං වත භෝ අංගමගධානං, යත්ථිමේ සමණබ්‍රාහ්මණා සංඝිනෝ ගණිනෝ ගණාචරියා ඤාතා යසස්සිනෝ තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, රාජගහං වස්සාවාසං ඕසටා, අයම්පි ඛෝ පූරණෝ කස්සපෝ සංඝී චේව ගණී ච ගණාචරියෝ ච ඤාතෝ යසස්සී තිත්ථකරෝ සාධුසම්මතෝ බහුජනස්ස, සෝපි රාජගහං වස්සාවාසං ඕසටෝ. අයම්පි මක්ඛලි ගෝසාලෝ ….(පෙ)…. අජිතෝ කේසකම්බලී ….(පෙ)…. පකුධෝ කච්චායනෝ ….(පෙ)…. සඤ්ජයෝ බේලට්ඨපුත්තෝ ….(පෙ)…. නිගණ්ඨෝ නාතපුත්තෝ සංඝී චේව ගණී ච ගණාචරියෝ ච, ඤාතෝ යසස්සී තිත්ථකරෝ සාධුසම්මතෝ බහුජනස්ස, සෝපි රාජගහං වස්සාවාසං ඕසටෝ. අයම්පි ඛෝ සමණෝ ගෝතමෝ සංඝී චේව ගණී ච ගණාචරියෝ ච, ඤාතෝ යසස්සී තිත්ථකරෝ සාධුසම්මතෝ බහුජනස්ස, සෝපි රාජගහං වස්සාවාසං ඕසටෝ. කෝ නු ඛෝ ඉමේසං භවතං සමණබ්‍රාහ්මණානං සංඝීනං ගණීනං ගණාචරියානං ඤාතානං යසස්සීනං තිත්ථකරානං සාධුසම්මතානං බහුජනස්ස. සාවකානං සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ. කඤ්ච පන සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තී’ති?

“පින්වත් උදායි, දැන් ඔබ රැස්වෙලා කුමක් ද කතා කරමින් හිටියේ. අප ගේ පැමිණීම නිසා ඔබ ගේ ඒ අඩාල වූ කතාව කුමක් ද?”

“ස්වාමීනී, ඔය කතාවන් පසෙක තිබේවා. අපි දැන් යම් කතාවක් කරමින් සිටියා ද ඒවා භාග්‍යවතුන් වහන්සේට අසන්නට ලැබෙන දුර්ලභ කතාවන් නොවෙයි. පස්සෙ වුනත් අසන්නට ලැබෙනවා. ස්වාමීනී, පසුගිය දවස්වල නා නා ආගමික ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ රැස්වීමක් කුතුහල ශාලාවෙහි තිබුනා. ඔවුන් අතර මේ කතාව ඇතිවුණා. ‘භවත්නි, අංග-මගධ වැසියන්ට නම් ඒකාන්තයෙන් ම ලාභයක් ම යි. යම්තැනක ශ්‍රාවක පිරිස් ඇති නොයෙක් පිරිවර ඇති, පිරිසට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ, ආගමික මත දරන්නා වූ, බොහෝ ජනයා යහපත යි සම්මත කරන ලද මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් රජගහ නුවර වස් වසන්නට ඇවිත් සිටිනවා නෙව. බොහෝ ශ්‍රාවක පිරිස් ඇති නොයෙක් පිරිවර ඇති, පිරිසට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ, ආගමික මත දරන්නා වූ, බොහෝ ජනයා යහපත යි සම්මත කරන ලද මේ පූරණ කස්සප ත් රජගහ නුවර වස් වසා සිටිනවා නෙව. මේ මක්ඛලී ගෝසාල ත් ….(පෙ)…. අජිත කේශකම්බලි ත් ….(පෙ)…. පකුධ කච්චායන ත් ….(පෙ)…. සංජය බෙල්ට්ඨිපුත්‍ර ත් ….(පෙ)…. බොහෝ ශ්‍රාවක පිරිස් ඇති නොයෙක් පිරිවර ඇති, පිරිසට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ, ආගමික මත දරන්නා වූ, බොහෝ ජනයා යහපත යි සම්මත කරන ලද මේ නිගණ්ඨ නාතපුත්‍ර ත් රජගහ නුවර වස් වසා සිටිනවා නෙව. ඒ වගේම බොහෝ ශ්‍රාවක පිරිස් ඇති නොයෙක් පිරිවර ඇති, පිරිසට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ, ආගමික මත දරන්නා වූ, බොහෝ ජනයා යහපත යි සම්මත කරන ලද මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත් රජගහ නුවර වස් වසා සිටිනවා නෙව.

බොහෝ ශ්‍රාවක පිරිස් ඇති නොයෙක් පිරිවර ඇති, පිරිසට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ, ආගමික මත දරන්නා වූ, බොහෝ ජනයා යහපත යි සම්මත කරන ලද මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් ශ්‍රාවකයන් විසින් වඩාත් සත්කාර කරන්නේ කාට ද? සම්මාන දක්වන්නේ කාට ද? පිදුම් ලබන්නේ කවුද? ඒ ශ්‍රාවකයන් සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වාසය කරන්නේ කොයි අයුරින් ද?”

තත්‍රේකච්චේ ඒවමාහංසු: ‘අයං ඛෝ පූරාණෝ කස්සපෝ සංඝී චේව ගණී ච ගණාචරියෝ ච ඤාතෝ යසස්සී තිත්ථකරෝ සාධුසම්මතෝ බහුජනස්ස. සෝ ච ඛෝ සාවකානං න සක්කතෝ න ගරුකතෝ න මානිතෝ න පූජිතෝ. න ච පන පූරාණං කස්සපං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං පූරාණෝ කස්සපෝ අනේකසතාය පරිසාය ධම්මං දේසේති. තත්‍රඤ්ඤතරෝ පූරාණස්ස කස්සපස්ස සාවකෝ සද්දමකාසි: මා භොන්තෝ පූරණං කස්සපං ඒතමත්ථං පුච්ඡිත්ථ. නේසෝ ඒතං ජානාති, මයමේතං ජානාම, අම්හේ ඒතමත්ථං පුච්ඡථ. මයමේතං භවන්තානං බ්‍යාකරිස්සාමාති. භූතපුබ්බං පූරාණෝ කස්සපෝ බාහා පග්ගය්හ කන්දන්තෝ න ලභති: අප්පසද්දා භොන්තෝ හොන්තු මා භොන්තෝ සද්දමකත්ථ. නේතේ භවන්තේ පුච්ඡන්ති. අම්හේ ඒතේ පුච්ඡන්ති. මයමේතේසං බ්‍යාකරිස්සාමාති. බහූ ඛෝ පන පූරණස්ස කස්සපස්ස සාවකා වාදං ආරෝපෙත්වා අපක්කන්තා: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නෝ ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නෝ. සහිතං මේ, අසහිතං තේ. පුරේවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරේ අවච, ආචිණ්ණං තේ විපරාවත්තං. ආරෝපිතෝ තේ වාදෝ, නිග්ගහිතෝසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බේඨේහි වා සචේ පහෝසී’ති. ඉති පූරණෝ කස්සපෝ සාවකානං න සක්කතෝ න ගරුකතෝ න මානිතෝ න පූජිතෝ. න ච පන පූරණං කස්සපං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. අක්කුට්ඨෝ ච පන පූරණෝ කස්සපෝ ධම්මක්කෝසේනාති.

එතකොට කෙනෙක් මෙහෙම කිවුවා. “මේ පූරණ කස්සපට ත් ශ්‍රාවක පිරිසක් ඉන්නවා. පිරිස් සහිත යි. පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධ යි. කීර්තිමත්. ආගමික මත දරණවා. බොහෝ ජනයා විසින් යහපතැ’යි සම්මත යි. ඒ වුණාට ඔහු ශ්‍රාවකයන් ගෙන් සත්කාර ලබන්නේ නෑ. ගෞරව ලබන්නේ නෑ. සම්මාන ලබන්නේ නෑ. පිදුම් ලබන්නේ නෑ. ඒ ශ්‍රාවකයන් පූරණ කස්සපට සත්කාර නො කොට, ගෞරව නො කොට, ඇසුරු නො කොට යි වාසය කරන්නේ. මේක සිදු වූ දෙයක්. දිනක් පූරණ කස්සප නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසමින් සිටියා. එතකොට පූරණ කස්සප ගේ එක්තරා ශ්‍රාවකයෙක් කෑ ගැසුවා. ‘භවත්නි, පූරණ කස්සප ගෙන් ඔය කාරණාව අහන්ට එපා! ඔහු ඒක දන්නෙ නෑ. අපි ඒක දන්නවා. ඔය කාරණාව අපෙන් අසන්ට. අපි ඔය භවතුන් හට එය විස්තර කොට දෙන්නම්’ කියල. මේක සිදු වූ දෙයක්. එතකොට පූරණ කස්සප දෑත් හිස බැඳගෙන කෑ ගගහ කිව්වා ‘භවත්නි, නිශ්ශබ්ද වෙත්වා! භවත්නි, ශබ්ද නො කරත්වා! භවත්නි, ඔවුන් අසන්නේ ඔබ ගෙන් නො වේ. ඔවුන් අසන්නේ අපෙනුයි. එයට උත්තර දෙන්නට අපට පුළුවනි’ කියල. එහෙත් එයට ඉඩක් ලැබුනෙ නෑ. එතකොට පූරණ කස්සප ගේ ශ්‍රාවකයන් වාදයක් ගොඩනගා ගෙන පිටත් වෙලා ගියා. ‘ඔබ මේ ධර්ම-විනය දන්නෙ නෑ. මම යි මේ ධර්ම-විනය දන්නෙ. ඔබ මේ ධර්ම-විනය දන්න කෙනෙක් ද? ඔබ ඉන්නෙ මිත්‍යා ප්‍රතිපත්තියක යි. මං තමයි සම්‍යක් ප්‍රතිපත්තියේ ඉන්නෙ. මගේ වචනය කරුණු සහිතයි. ඔබ ගේ වචනය කරුණු රහිතයි. කලින් කිය යුත්ත ඔබ කිව්වේ පසුව යි. පසුව කිව යුත්ත ඔබ වේලාසනින් කිව්වා. ඔබ ප්‍රගුණ කළ දෙය කණපිට හැරුනා. ඔබට වාදයක් නංවලයි තියෙන්නේ. නිග්‍රහ කරල යි තියෙන්නෙ. ඉදින් හැකියාවක් තිබේ නම් මේ වාදයෙන් බේරෙන්නට කටයුතු කරන එක යි ඇත්තෙ’ කියල. මේ විදිහට පූරණ කස්සප ශ්‍රාවකයන් ගෙන් සත්කාර ලැබුවෙ නෑ. ගෞරව ලැබුවෙ නෑ. සම්මාන ලැබුවෙ නෑ. පිදුම් ලැබුවෙ නෑ. ශ්‍රාවකයන් පූරණ කස්සපට සත්කාර, ගෞරව නො දක්වා ඇසුරු නො කරයි හිටියෙ. පූරණ කස්සප ස්වභාව වශයෙන් ම සිදු වෙන ආක්‍රෝශයෙන් ආක්‍රෝශ ලැබුවා.”

ඒකච්චේ ඒවමාහංසු: අයම්පි ඛෝ මක්ඛලි ගෝසාලෝ ….(පෙ)…. අජිතෝ කේසකම්බලී ….(පෙ)…. පකුධෝ කච්චායනෝ ….(පෙ)…. සඤ්ජයෝබේලට්ඨපුත්තෝ ….(පෙ)…. නිගණ්ඨෝ නාතපුත්තෝ සංඝී චේව ගණී ච ගණාචරියෝ ච ඤාතෝ යසස්සී තිත්ථකරෝ සාධුසම්මතෝ බහුජනස්ස. සෝපි සාවකානං න සක්කතෝ න ගරුකතෝ න මානිතෝ න පූජිතෝ. න ච පන නිගණ්ඨං නාතපුත්තං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං නිගණ්ඨෝ නාතපුත්තෝ අනේකසතාය පරිසාය ධම්මං දේසේති. තත්‍රඤ්ඤතරෝ නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකෝ සද්දමකාසි: ‘මා භොන්තෝ නිගණ්ඨං නාතපුත්තං ඒතමත්ථං පුච්ඡිත්ථ, නේසෝ ඒතං ජානාති, මයමේතං ජානාම, අම්හේ ඒතමත්ථං පුච්ඡථ, මයමේතං භවන්තානං බ්‍යාකරිස්සාමා’ති. භූතපුබ්බං නිගණ්ඨෝ නාතපුත්තෝ බාහා පග්ගය්හ කන්දන්තෝ න ලභති. අප්පසද්දා භොන්තෝ හොන්තු, මා භොන්තෝ සද්දමකත්ථ. නේතේ භවන්තේ පුච්ඡන්ති, අම්හේ ඒතේ පුච්ඡන්ති, මයමේතේසං බ්‍යාකරිස්සාමා’ති. බහූ ඛෝ පන නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකා වාදං ආරෝපෙත්වා අපක්කන්තා: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නෝ ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නෝ, සහිතං මේ, අසහිතං තේ, පුරේවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරේ අවච, අවිචිණ්ණන්තේ විපරාවත්තං, ආරෝපිතෝ තේ වාදෝ නිග්ගහිතෝසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බේඨේහි වා සචේ පහෝසීති. ඉති නිගණ්ඨෝ නාතපුත්තෝ සාවකානං න සක්කතෝ න ගරුකතෝ න මානිතෝ න පූජිතෝ න ච පන නිගණ්ඨං නාතපුත්තං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. අක්කුට්ඨෝ ච පන නිගණ්ඨෝ නාතපුත්තෝ ධම්මක්කෝසේනා’ති.

එතකොට තව කෙනෙක් මෙහෙම කිව්වා. “මේ මක්ඛලී ගෝසාලයාට ත් ….(පෙ)…. මේ අජිත කේශකම්බිලියාට ත් ….(පෙ)…. මේ පකුධ කච්චායනයාට ත් ….(පෙ)…. මේ සංජය බෙල්ලට්ඨිපුත්‍රයාට ත් ….(පෙ)…. මේ නිගණ්ඨ නාතපුත්‍රයාට ත් ශ්‍රාවක පිරිසක් ඉන්නවා. පිරිස් සහිත යි. පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධ යි. කීර්තිමත්. ආගමික මත දරණවා. බොහෝ ජනයා විසින් යහපතැ’යි සම්මත යි. ඒ වුණාට ඔහු ශ්‍රාවකයන් ගෙන් සත්කාර ලබන්නේ නෑ. ගෞරව ලබන්නේ නෑ. සම්මාන ලබන්නේ නෑ. පිදුම් ලබන්නේ නෑ. ඒ ශ්‍රාවකයන් නිගණ්ඨ නාතපුත්‍රයාට සත්කාර නො කොට, ගෞරව නො කොට, ඇසුරු නො කොට යි වාසය කරන්නේ. මේක සිදු වූ දෙයක්. දිනක් නිගණ්ඨ නාතපුත්‍රයා නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසමින් සිටියා. එතකොට නිගණ්ඨ නාතපුත්‍රයා ගේ එක්තරා ශ්‍රාවකයෙක් කෑ ගැසුවා. ‘භවත්නි, නිගණ්ඨ නාතපුත්‍ර ගෙන් ඔය කාරණාව අහන්ට එපා! ඔහු ඒක දන්නෙ නෑ. අපි ඒක දන්නවා. ඔය කාරණාව අපෙන් අසන්ට. අපි ඔය භවතුන් හට එය විස්තර කොට දෙන්නම්’ කියල. මේක සිදු වූ දෙයක්. එතකොට නිගණ්ඨ නාතපුත්‍ර දෑත් හිස බැඳගෙන කෑ ගගහ කිව්වා ‘භවත්නි, නිශ්ශබ්ද වෙත්වා! භවත්නි, ශබ්ද නො කරත්වා! භවත්නි, ඔවුන් අසන්නේ ඔබ ගෙන් නො වේ. ඔවුන් අසන්නේ අපෙනුයි. එයට උත්තර දෙන්නට අපට පුළුවනි’ කියල. එහෙත් එයට ඉඩක් ලැබුනෙ නෑ. එතකොට නිගණ්ඨ නාතපුත්‍ර ගේ ශ්‍රාවකයන් වාදයක් ගොඩනගා ගෙන පිටත් වෙලා ගියා. ‘ඔබ මේ ධර්ම-විනය දන්නෙ නෑ. මම යි මේ ධර්ම-විනය දන්නෙ. ඔබ මේ ධර්ම-විනය දන්න කෙනෙක් ද? ඔබ ඉන්නෙ මිත්‍යා ප්‍රතිපත්තියක යි. මං තමයි සම්‍යක් ප්‍රතිපත්තියේ ඉන්නෙ. මගේ වචනය කරුණු සහිතයි. ඔබ ගේ වචනය කරුණු රහිතයි. කලින් කිය යුත්ත ඔබ කිව්වේ පසුව යි. පසුව කිව යුත්ත ඔබ වේලාසනින් කිව්වා. ඔබ ප්‍රගුණ කළ දෙය කණපිට හැරුණා. ඔබට වාදයක් නංවලයි තියෙන්නේ. නිග්‍රහ කරල යි තියෙන්නෙ. ඉදින් හැකියාවක් තිබේ නම් මේ වාදයෙන් බේරෙන්නට කටයුතු කරන එක යි ඇත්තෙ’ කියල. මේ විදිහට නිගණ්ඨ නාතපුත්‍ර ශ්‍රාවකයන් ගෙන් සත්කාර ලැබුවෙ නෑ. ගෞරව ලැබුවෙ නෑ. සම්මාන ලැබුවෙ නෑ. පිදුම් ලැබුවෙ නෑ. ශ්‍රාවකයන් නිගණ්ඨ නාතපුත්‍රට සත්කාර, ගෞරව නො දක්වා ඇසුරු නො කරයි හිටියෙ. නිගණ්ඨ නාතපුත්‍ර ස්වභාව වශයෙන් ම සිදු වෙන ආක්‍රෝශයෙන් ආක්‍රෝශ ලැබුවා.”

ඒකච්චේ ඒවමාහංසු: ‘අයං ඛෝ සමණෝ ගෝතමෝ සංඝී චේව ගණී ච ගණාචරියෝ ච ඤාතෝ යසස්සී තිත්ථකරෝ සාධුසම්මතෝ බහුජනස්ස. සෝ ච ඛෝ සාවකානං සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ. සමණඤ්ච පන ගෝතමං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං සමණෝ ගෝතමෝ අනේකසතාය පරිසාය ධම්මං දේසේති. තත්‍රඤ්ඤතරෝ සමණස්ස ගෝතමස්ස සාවකෝ උක්කාසි. තමේනඤ්ඤතරෝ සබ්‍රහ්මචාරී ජණ්ණුකේ ඝට්ටේසි අප්පසද්දෝ ආයස්මා හෝතු, මායස්මා සද්දමකාසි, සත්ථා නෝ භගවා ධම්මං දේසේතී’ති. යස්මිං සමයේ සමණෝ ගෝතමෝ අනේකසතාය පරිසාය ධම්මං දේසේති. නේව තස්මිං සමයේ සමණස්ස ගෝතමස්ස සාවකානං ඛිපිතසද්දෝ වා හෝති උක්කාසිතසද්දෝ වා. තමේනං ජනකායෝ පච්චාසිංසමානරූපෝ පච්චුපට්ඨිතෝ හෝති: ‘යං නෝ භගවා ධම්මං භාසිස්සති, තං නෝ සොස්සාමා’ති. සෙය්‍යථාපි නාම පුරිසෝ චාතුම්මහාපථේ ඛුද්දං මධුං අනේලකං පපීළෙය්‍ය තමේනං මහාජනකායෝ පච්චාසිංසමානරූපෝ පච්චුපට්ඨිතෝ අස්ස. ඒවමේවං යස්මිං සමයේ සමණෝ ගෝතමෝ අනේකසතාය පරිසාය ධම්මං දේසේති. නේව තස්මිං සමයේ සමණස්ස ගෝතමස්ස සාවකානං ඛිපිතසද්දෝ වා හෝති උක්කාසිතසද්දෝ වා, තමේනං මහාජනකායෝ පච්චාසිංසමානරූපෝ පච්චුපට්ඨිතෝ හෝති: යං නෝ භගවා ධම්මං භාසිස්සති, තං නෝ සොස්සාමාති. යේපි සමණස්ස ගෝතමස්ස සාවකා සබ්‍රහ්මචාරීහි සම්පයෝජෙත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තන්ති, තේපි සත්ථු වණ්ණවාදිනෝ හොන්ති, ධම්මස්ස වණ්ණවාදිනෝ හොන්ති, සංඝස්ස ච වණ්ණවාදිනෝ හොන්ති. අත්තගරහිනෝයේව හොන්ති අනඤ්ඤගරහිනෝ: මයමේවෙත්ථ අලක්ඛිකා, මයං අප්පපුඤ්ඤා යේ මයං ඒවං ස්වාක්ඛාතේ ධම්මවිනයේ පබ්බජිත්වා නාසක්ඛිම්හ යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරිතුන්ති. තේ ආරාමිකභූතා වා උපාසකභූතා වා පඤ්චසු සික්ඛාපදේසු සමාදාය වත්තන්ති. ඉති සමණෝ ගෝතමෝ සාවකානං සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ, සමණඤ්ච පන ගෝතමං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති.

එතකොට තව කෙනෙක් මෙහෙම කිව්වා. “මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ත් ශ්‍රාවක පිරිසක් ඉන්නවා. පිරිස් සහිත යි. පිරිසට ආචාර්ය වරයෙක්. ප්‍රසිද්ධ යි. කීර්තිමත්. ආගමික මත දරණවා. බොහෝ ජනයා විසින් යහපතැ’යි සම්මත යි. ඒ වගේ ම උන්වහන්සේ ශ්‍රාවකයන් ගෙන් සත්කාර ලබනවා. ගෞරව ලබනවා. සම්මාන ලබනවා. පිදුම් ලබනවා. ඒ ශ්‍රාවකයනුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට යි වාසය කරන්නේ. මේක සිදු වූ දෙයක්.

දිනක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසමින් සිටියා. එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ එක්තරා ශ්‍රාවකයෙක් කැස්සා. තවත් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් අර ශ්‍රාවකයාට ‘ප්‍රිය ආයුෂ්මත, නිහඬ වේවා! ප්‍රිය ආයුෂ්මත, ශබ්ද නො කරාවා! අප ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක’ කියා දණහිසින් තට්ටු කළා.

යම් වෙලාවක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්ම දේශනා කරනවා නම්, ඒ වෙලාවට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් තුළ කිවිසුම් හඬක් වත්, උගුර පාදන හඬක් වත් ඇහෙන්නෙ නෑ. මහජනයා ඒ වෙලාවට සිටින්නේ ඒ ධර්මය පතා ගෙන ඉන්න පිරිසක් හැටියට යි. ‘අප ගේ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් වදාරණ සේක් ද, එය අපි අසන්නෙමු’ කියල යි. ඒක හරියට පුරුෂයෙක් සිව්මංසලක දඬුවැල් බෑ මී වදයක් මිරිකල දෙනවා වගෙයි. එතකොට මහජනයා වට වෙලා ඒ මී පැණි ගන්නට පතාගෙන ඉන්නවා වගේයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත් යම් වෙලාවක නොයෙක් සිය ගණන් පිරිසට ධර්ම දේශනා කරද්දිත් ඒ වගේ ම තමයි. ඒ වෙලාවට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් තුළ කිවිසුම් හඬක් වත්, උගුර පාදන හඬක් වත් ඇහෙන්නෙ නෑ. මහජනයා ඒ වෙලාවට සිටින්නේ ඒ ධර්මය පතා ගෙන ඉන්න පිරිසක් හැටියට යි. ‘අප ගේ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් වදාරණ සේක් ද, එය අපි අසන්නෙමු’ කියල යි.

ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ඇතැම් විට සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සුළු විවාද නිසා ශාසනයෙහි හික්මීම ප්‍රතික්ෂේප කොට ගිහි බවට පත්වෙනවා. ඔවුන් පවා ශාස්තෘන් වහන්සේ ගේ ගුණ කියනවා. ධර්මයෙහි ගුණ කියනවා. සංඝයා ගේ ගුණ කියනවා. තමන්ට ම ගරහා ගන්නවා. අනුන්ට ගරහන්නෙ නෑ. ‘අපට ම යි වාසනාව නැත්තෙ. අපට පින් මදි. මෙබඳු මනාකොට වදාරණ ලද ධර්මයක් ඇති බුදුසසුනෙත් පැවිදි වෙලා අපට දිවි තිබෙන තුරාවට පිරිපුන් පිරිසිදු නිවන් මගෙහි හැසිරෙන්නට බැරිවුනා නෙව’ කියල. ඊට පස්සෙ ඔවුන් එක්කො ආරාමයේ නවතිනවා. උපාසකවරු වශයෙන් ඉඳගෙන හරි පන්සිල් ආරක්ෂා කරගන්නවා. මේ විදිහට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත් ශ්‍රාවකයන් ගෙන් සත්කාර ලබනවා. ගෞරව ලබනවා. සම්මාන ලබනවා. පිදුම් ලබනවා. ශ්‍රාවකයන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට සත්කාර කොට, ගෞරව කොට යි ඇසුරු කරමින් වසන්නේ.”

කති පන ත්වං උදායි, ධම්මේ සමනුපස්සසි යේහි මම සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති?

“පින්වත් උදායී, මගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා මට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට වාසය කරනවා නම්, එසේ සත්කාර කිරීමට හේතු වූ කවර ධර්මයන් ද ඔබ දකින්නේ?”

පඤ්ච ඛෝ අහං භන්තේ භගවති ධම්මේ සමනුපස්සාමි යේහි භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. කතමේ පඤ්ච:

“ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට වාසය කරනවා නම්, එසේ සත්කාර කිරීමට හේතු වූ ධර්මයන් හැටියට මං කරුණු පහක් දකිනවා.

භගවා හි භන්තේ, අප්පාහාරෝ අප්පාහාරතාය ච වණ්ණවාදී යම්පි භන්තේ භගවා අප්පාහාරෝ අප්පාහාරතාය ච වණ්ණවාදී ඉමං ඛෝ අහං භන්තේ. භගවති පඨමං ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආහාර ස්වල්පයක් වළඳන කෙනෙකි. අල්ප ආහාර වැළඳීම ගැන වර්ණනා කරන කෙනෙකි. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අල්ප ආහාරයෙන් යුතු ද, අල්ප ආහාර වැළඳීම ගැන වර්ණනා කරත් ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට වාසය කරනවා නම්, එසේ සත්කාර කිරීමට හේතු වූ ධර්මයන් ගෙන් මං දකින පළමු වෙනි කරුණ මෙය යි.

පුන ච පරං භන්තේ, භගවා සන්තුට්ඨෝ ඉතරීතරේන චීවරේන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි භන්තේ, භගවා සන්තුට්ඨෝ ඉතරීතරේන චීවරේන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී. ඉමං ඛෝ අහං භන්තේ භගවති දුතියං ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වන කෙනෙකි. ලද සිවුරෙන් සතුටු වෙමින්, ලද සිවුරෙන් සතුටු වීම ගැන වර්ණනා කරන කෙනෙකි. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වෙත් ද, ලද සිවුරෙන් සතුටු වෙමින්, ලද සිවුරෙන් සතුටු වීම ගැන වර්ණනා කරත් ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට වාසය කරනවා නම්, එසේ සත්කාර කිරීමට හේතු වූ ධර්මයන් ගෙන් මං දකින දෙවෙනි කරුණ මෙය යි.

පුන ච පරං භන්තේ, භගවා සන්තුට්ඨෝ ඉතරීතරේන පිණ්ඩපාතේන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි භන්තේ, භගවා සන්තුට්ඨෝ ඉතරීතරේන පිණ්ඩපාතේන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. ඉමං ඛෝ අහං භන්තේ භගවති තතියං ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වන කෙනෙකි. ලද පිණ්ඩපාතයෙන් සතුටු වෙමින්, ලද පිණ්ඩපාතයෙන් සතුටු වීම ගැන වර්ණනා කරන කෙනෙකි. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වෙත් ද, ලද පිණ්ඩපාතයෙන් සතුටු වෙමින්, ලද පිණ්ඩපාතයෙන් සතුටු වීම ගැන වර්ණනා කරත් ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට වාසය කරනවා නම්, එසේ සත්කාර කිරීමට හේතු වූ ධර්මයන් ගෙන් මං දකින තුන්වෙනි කරුණ මෙය යි.

පුන ච පරං භන්තේ, භගවා සන්තුට්ඨෝ ඉතරීතරේන සේනාසනේන ඉතරීතරසේනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි භන්තේ, භගවා සන්තුට්ඨෝ ඉතරීතරේන සේනාසනේන ඉතරීතරසේනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී. ඉමං ඛෝ අහං භන්තේ. භගවති චතුත්ථං ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වන කෙනෙකි. ලද සේනාසනයෙන් සතුටු වෙමින්, ලද සේනාසනයෙන් සතුටු වීම ගැන වර්ණනා කරන කෙනෙකි. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වෙත් ද, ලද සේනාසනයෙන් සතුටු වෙමින්, ලද සේනාසනයෙන් සතුටු වීම ගැන වර්ණනා කරත් ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට වාසය කරනවා නම්, එසේ සත්කාර කිරීමට හේතු වූ ධර්මයන් ගෙන් මං දකින හතරවෙනි කරුණ මෙය යි.

පුන ච පරං භන්තේ, භගවා පවිවිත්තෝ පවිවේකස්ස ච වණ්ණවාදී. යම්පි භන්තේ, භගවා පවිවිත්තෝ පවිවේකස්ස ච වණ්ණවාදී. ඉමං ඛෝ අහං භන්තේ භගවති පඤ්චමං ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. ඉමේ ඛෝ අහං භන්තේ භගවති පඤ්ච ධම්මේ සමනුපස්සාමි යේහි භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ලද හුදෙකලා විවේකයෙන් සිටින කෙනෙකි. හුදෙකලා විවේකයෙන් සිටිමින්, හුදෙකලා විවේකයෙන් සිටීම ගැන වර්ණනා කරන කෙනෙකි. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හුදෙකලා විවේකයෙන් සිටිත් ද, හුදෙකලා විවේකයෙන් සිටිමින්, හුදෙකලා විවේකයෙන් සිටීම ගැන වර්ණනා කරත් ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට වාසය කරනවා නම්, එසේ සත්කාර කිරීමට හේතු වූ ධර්මයන් ගෙන් මං දකින පස්වෙනි කරුණ මෙය යි.”

අප්පාහාරෝ සමණෝ ගෝතමෝ අප්පාහාරතාය ච වණ්ණවාදීති ඉති චේ මං උදායි සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. සන්ති ඛෝ පන මේ උදායි, සාවකා කෝසකාහාරාපි අඩ්ඪකෝසකාහාරාපි බේලු‍වාහාරාපි අඩ්ඪබේලු‍වාහාරාපි අහං ඛෝ පනුදායි, අප්පේකදා ඉමිනා පත්තේන සමතිත්තිකම්පි භුඤ්ජාමි, භිය්‍යෝපි භුඤ්ජාමි. අප්පාහාරෝ සමණෝ ගෝතමෝ අප්පාහාරතාය ච වණ්ණවාදීති ඉති චේ මං උදායි සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. යේ තේ උදායි, මම සාවකා කෝසකාහාරාපි අඩ්ඪකෝසකාහාරාපි බේලු‍වාහාරාපි අඩ්ඪබේලු‍වාහාරාපි, න මං තේ ඉමිනා ධම්මේන සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං.

“පින්වත් උදායි, ‘ශ්‍රමණ ගෞතමයන් ටිකක් වළඳන කෙනෙකි. අල්පාහාරයෙහි ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, පින්වත් උදායී, මගේ ශ්‍රාවකයන් ඉන්නවා එක බත් මිටෙනුත් යැපෙනවා. අඩ බත් මිටකිනුත් යැපෙනවා. බෙලි ගෙඩියක් පමණ බතිනුත් යැපෙනවා. අඩ බෙලි ගෙඩියක පමණ බතෙනුත් යැපෙනවා. නමුත් උදායී, මං ඇතැම් දිනවල මේ පාත්‍රය ගැට්ටට සමීප වෙන තෙක් වූ දානය ද වළඳනවා. ඊට වඩා ත් වළඳනවා.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් ටිකක් වළඳන කෙනෙකි. අල්පාහාරයෙහි ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, උදායී, බත් මිටෙනුත් යැපෙන, අඩ බත් මිටෙනුත් යැපෙන, බෙලි ගෙඩියක පමණ බතෙනුත් යැපෙන, අඩ බෙලි ගෙඩියක පමණ බතෙනුත් යැපෙන මගේ යම් ශ්‍රාවකයන් ඉන්නවා නම් ඔවුන් උදායී, ඔය කරුණ තුළින් මට සත්කාර කරන එකක් නෑ. ගෞරව කරන එකක් නෑ. සම්මාන දක්වන එකක් නෑ. පුදන එකක් නෑ. සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වසන එකක් නෑ.

සන්තුට්ඨෝ සමණෝ ගෝතමෝ ඉතරීතරේන චීවරේන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චේ මං උදායි සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. සන්ති ඛෝ පන මේ උදායි, සාවකා පංසුකූලිකා ලූඛචීවරධරා තේ සුසානා වා සංකාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සංඝාටිං කරිත්වා ධාරෙන්ති. අහං ඛෝ පනුදායි, අප්පේකදා ගහපතිචීවරානි ධාරේමි දළ්හානි යත්ථ ලූඛානි අලාබුලෝමසානි. සන්තුට්ඨෝ සමණෝ ගෝතමෝ ඉතරීතරේන චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨියා ච වණ්ණවාදීති. ඉති චේ මං උදායි සාවකා සක්කරෙය්‍යුං. ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යු. යේ තේ උදායි, මම සාවකා පංසුකූලිකා ලූඛචීවරධරා තේ සුසානා වා සංකාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සංඝාටිං කරිත්වා ධාරෙන්ති, න මං තේ ඉමිනා ධම්මේන සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං.

පින්වත් උදායි, ‘ශ්‍රමණ ගෞතමයන් ලද සිවුරෙන් සතුටු වන කෙනෙකි. ලද සිවුරෙන් සතුටු වීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, පින්වත් උදායී, මගේ ශ්‍රාවකයන් ඉන්නවා පාංශුකූල සිවුරු පොරවන, රළු සිවුරු පොරවන, අමු සොහොනෙන් හරි කසල ගොඩකින් හරි කඩපිලේ ඉවත දැමූ තැනකින් හරි පරණ රෙදි කැබලි හරි අහුලාගෙන දෙපට සිවුරු හදාගෙන පොරවනවා. නමුත් උදායී, මං ඇතැම් දිනවල ගිහි පින්වතුන් පුදන සිවුරු පොරවනවා. රූක්ෂ ගොරෝසු සිවුරුත් පොරවනවා.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් ලද සිවුරෙන් සතුටු වන කෙනෙකි. ලද සිවුරෙන් සතුටු වීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, උදායී, පාංශුකූල සිවුරු පොරවන, රළු සිවුරු පොරවන, අමු සොහොනෙන් හරි කසල ගොඩකින් හරි කඩපිලේ ඉවත දැමූ තැනකින් හරි පරණ රෙදි කැබලි හරි අහුලාගෙන දෙපට සිවුරු හදාගෙන පොරවන මගේ යම් ශ්‍රාවකයන් ඉන්නවා නම් ඔවුන් උදායී, ඔය කරුණ තුළින් මට සත්කාර කරන එකක් නෑ. ගෞරව කරන එකක් නෑ. සම්මාන දක්වන එකක් නෑ. පුදන එකක් නෑ. සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වසන එකක් නෑ.

සන්තුට්ඨෝ සමණෝ ගෝතමෝ ඉතරීතරේන පිණ්ඩපාතේන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චේ මං උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. සන්ති ඛෝ පන මේ උදායි සාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනෝ උඤ්ඡේපකේ වතේ රතා, තේ අන්තරඝරං පවිට්ඨා සමානා ආසනේනපි නිමන්තියමානා න සාදියන්ති. අහං ඛෝ පනුදායි, අප්පේකදා නිමන්තනේපි භුඤ්ජාමි සාලීනං ඕදනං විචිතකාළකං අනේකසූපං අනේකබ්‍යඤ්ජනං. සන්තුට්ඨෝ සමණෝ ගෝතමෝ ඉතරීතරේන පිණ්ඩපාතේන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චේ මං උදායි සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. යේ තේ උදායි මම සාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනෝ උඤ්ඡේපකේ වතේ රතා, අන්තරඝරං පවිට්ඨා සමානා ආසනේනපි නිමන්තියමානා න සාදියන්ති, න මං තේ ඉමිනා ධම්මේන සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං.

පින්වත් උදායි, ‘ශ්‍රමණ ගෞතමයන් ලද පිණ්ඩපාතයෙන් සතුටු වන කෙනෙකි. ලද පිණ්ඩපාතයෙන් සතුටු වීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, පින්වත් උදායී, මගේ ශ්‍රාවකයන් ඉන්නවා පිණ්ඩපාතික ධුතාංගය රකිනවා. ගෙපිලිවෙලින් ලැබෙන පිණ්ඩපාතයෙන් පමණක් යැපෙනවා. ඕනෑම කටුක ආහාරයකින් යැපීමට ඇලී සිටිනවා. ඔවුන් ඇතුළු ගමට ගිය ත් වාඩි වෙන්නට ආසනයකින් ඇරයුම් කළත් පිළිගන්නෙ නෑ. නමුත් උදායී, මං ඇතැම් දිනවල ආරාධනා ලැබ වළඳිනවා. නොයෙක් සූප ව්‍යංජන ඇතිව නිවුඩු ඉවත් කළ ඇල් හාල් බත් වළඳිනවා.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් ලද පිණ්ඩපාතයෙන් සතුටු වන කෙනෙකි. ලද පිණ්ඩපාතයෙන් සතුටු වීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, උදායී, පිණ්ඩපාතික ධුතාංගය රකින, ගෙපිලිවෙලින් ලැබෙන පිණ්ඩපාතයෙන් පමණක් යැපෙන, ඕනෑම කටුක ආහාරයකින් යැපීමට ඇලී සිටින, ඇතුළු ගමට ගිය ත් වාඩි වෙන්නට ආසනයකින් ඇරයුම් කළත් පිළිගන්නෙ නැති මගේ යම් ශ්‍රාවකයන් ඉන්නවා නම් ඔවුන් උදායී, ඔය කරුණ තුළින් මට සත්කාර කරන එකක් නෑ. ගෞරව කරන එකක් නෑ. සම්මාන දක්වන එකක් නෑ. පුදන එකක් නෑ. සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වසන එකක් නෑ.

සන්තුට්ඨෝ සමණෝ ගෝතමෝ ඉතරීතරේන සේනාසනේන, ඉතරීතරසේනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චේ මං උදායි සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. සන්ති ඛෝ පන මේ උදායි, සාවකා රුක්ඛමූලිකා අබ්භෝකාසිකා, තේ අට්ඨමාසේ ඡන්නං න උපෙන්ති. අහං ඛෝ පනුදායි, අප්පේකදා කූටාගාරේසුපි විහරාමි උල්ලිත්තාවලිත්තේසු නිවාතේසු ඵුස්සිතග්ගළේසු පිහිතවාතපානේසු. සන්තුට්ඨෝ සමණෝ ගෝතමෝ ඉතරීතරේනසේනාසනේන ඉතරීතරසේනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චේ මං උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. යේ තේ උදායි මම සාවකා රුක්ඛමූලිකා අබ්භෝකාසිකා තේ අට්ඨමාසේ ඡන්නං න උපෙන්ති. න මං තේ ඉමිනා ධම්මේන සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං.

පින්වත් උදායි, ‘ශ්‍රමණ ගෞතමයන් ලද සේනාසනයෙන් සතුටු වන කෙනෙකි. ලද සේනාසනයෙන් සතුටු වීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, පින්වත් උදායී, රුක්ඛමූලික ධුතාංගය රකින, එළිමහනේ පමණක් සිටින ධුතාංගය රකින මගේ ශ්‍රාවකයන් ඉන්නවා. ඔවුන් අටමාසයක් වහළයක් යටට යන්නෙ නෑ. නමුත් උදායී, මං ඇතැම් දිනවල ඇතුළත පිටත හොඳින් පිරියම් කළ වසන ලද දොර ජනෙල් ඇති, වසන ලද අගුලු ඇති කූටාගාර වල ත් වාසය කරනවා.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් ලද සේනාසනයෙන් සතුටු වන කෙනෙකි. ලද සේනාසනයෙන් සතුටු වීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, උදායී, රුක්ඛමූලික ධුතාංගය රකින, එළිමහනේ පමණක් සිටින ධුතාංගය රකින, අටමාසයක් වහළයක් යටට යන්නෙ නැති මගේ යම් ශ්‍රාවකයන් ඉන්නවා නම් ඔවුන් උදායී, ඔය කරුණ තුළින් මට සත්කාර කරන එකක් නෑ. ගෞරව කරන එකක් නෑ. සම්මාන දක්වන එකක් නෑ. පුදන එකක් නෑ. සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වසන එකක් නෑ.

පවිවිත්තෝ සමණෝ ගෝතමෝ පවිවේකස්ස ච වණ්ණවාදීති ඉති චේ මං උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. සන්ති ඛෝ පන මේ උදායි සාවකා ආරඤ්ඤකා පන්තසේනාසනා අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි අජ්ඣෝගහෙත්වා විහරන්ති. තේ අන්වද්ධමාසං සංඝමජ්ඣේ ඕසරන්ති පාතිමොක්ඛුද්දේසාය. අහං ඛෝ පනුදායි අප්පේකදා ආකිණ්ණෝ විහරාමි භික්ඛූහි භික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තේහි තිත්ථියේහි තිත්ථියසාවකේහි. පවිවිත්තෝ සමණෝ ගෝතමෝ පවිවේකස්ස ච වණ්ණවාදීති ඉති චේ මං උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුං. යේ තේ උදායි මම සාවකා ආරඤ්ඤකා පන්තසේනාසනා අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි අජ්ඣෝගහෙත්වා විහරන්ති අන්වද්ධමාසං සංඝමජ්ඣේ ඕසරන්ති පාතිමොක්ඛුද්දේසාය. න මං තේ ඉමිනා ධම්මේන සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්‍යුන්ති.

පින්වත් උදායි, ‘ශ්‍රමණ ගෞතමයන් හුදෙකලා විවේකයෙන් සිටින කෙනෙකි. හුදෙකලා විවේකයෙන් සිටීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, පින්වත් උදායී, අරණ්‍යයේ වාසය කිරීමේ ධුතාංගය රකින, ඈත වනයේ සෙනසුන් වල වසන, වනයෙහි ඉතාමත් ම දුර ඇතුළට ගොස් සෙනසුන් වල වසන මාගේ ශ්‍රාවකයන් ඉන්නවා. ඔවුන් අඩමසක් පාසා පාමොක් උදෙසන්නට සංඝයා මැදට පැමිණෙනවා. නමුත් උදායී, මං ඇතැම් දිනවල භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් පිරිවරාගෙන, රාජ, රාජ මහා අමාත්‍යයන් පිරිවරා ගෙන, තීර්ථකයන්, තීර්ථක ශ්‍රාවකයන් පිරිවරාගෙන වාසය කරනවා.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් හුදෙකලා විවේකයෙන් සිටින කෙනෙකි. හුදෙකලා විවේකයෙන් සිටීම ගැන ගුණ කියන කෙනෙක්’ කියා මට ශ්‍රාවකයන් සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට, ගරු කොට ඇසුරු කොට වසනවා නම්, උදායී, අරණ්‍යයේ වාසයේ කිරීමේ ධුතාංගය රකින, ඈත වනයේ සෙනසුන් වල වසන, වනයෙහි ඉතාමත් ම දුර ඇතුළට ගොස් සෙනසුන් වල වසන, අඩමසක් පාසා පාමොක් උදෙසන්නට සංඝයා මැදට පැමිණෙන මගේ යම් ශ්‍රාවකයන් ඉන්නවා නම් ඔවුන් උදායී, ඔය කරුණ තුළින් මට සත්කාර කරන එකක් නෑ. ගෞරව කරන එකක් නෑ. සම්මාන දක්වන එකක් නෑ. පුදන එකක් නෑ. සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වසන එකක් නෑ.

ඉති ඛෝ උදායි, න මමං සාවකා ඉමේහි පඤ්චහි ධම්මේහි සක්කරොන්ති. ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

පින්වත් උදායී, අන්න ඒ නිසා මගේ ශ්‍රාවකයන් ඔය කරුණු පහ හේතු කරගෙන මට සත්කාර කරන්නෙ නෑ. ගෞරව කරන්නෙ නෑ. සම්මාන දක්වන්නෙ නෑ. පුදන්නෙ නෑ. සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වසන්නෙ නෑ.

අත්ථි ඛෝ උදායි, අඤ්ඤේ ච පඤ්ච ධම්මා යේහි මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. කතමේ පඤ්ච:

නමුත් පින්වත් උදායී, වෙනත් කරුණු පහක් තියෙනවා. අන්න ඒ කරුණු මුල්කොට ගෙන නම් මාගේ ශ්‍රාවකයා මට සත්කාර කරනවා. ගෞරව කරනවා. සම්මාන දක්වනවා. පුදනවා. සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වසනවා.

ඉධූදායි, මමං සාවකා අධිසීලේ සම්භාවෙන්ති: සීලවා සමණෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධේන සමන්නාගතෝති. සම්පුදායි මමං සාවකා අධිසීලේ සම්භාවෙන්ති: සීලවා සමණෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධේන සමන්නාගතෝති. අයං ඛෝ උදායි, පඨමෝ ධම්මෝ යේන මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති. මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

උදායී, මෙහිලා මගේ ශ්‍රාවකයන් ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සීලවන්ත යි. ඉතා උතුම් සීලස්කන්ධයකින් සමන්විත යි’ කියල මට සම්භාවනා කරනවා. උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සීලවන්ත යි. ඉතා උතුම් සීලස්කන්ධයකින් සමන්විත යි’ කියල යම් හෙයකින් ශ්‍රාවකයන් මට සම්භාවනා කරත් ද, උදායී, යම් කරුණකින් ශ්‍රාවකයන් මට සත්කාර කරත් ද, ගෞරව කරත් ද, සම්මාන දක්වත් ද, පුදත් ද, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වසත් ද, මේ වනාහී ඒ පළමුවෙනි කාරණය යි.

පුන ච පරං උදායි, මමං සාවකා අභික්කන්තේ ඤාණදස්සනේ සම්භාවෙන්ති. ජානංයේවාහ සමණෝ ගෝතමෝ ජානාමීති, පස්සංයේවාහ සමණෝ ගෝතමෝ පස්සාමීති, අභිඤ්ඤාය සමණෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනභිඤ්ඤාය, සනිදානං සමණෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනිදානං, සප්පාටිහාරියං සමණෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අප්පාටිහාරියන්ති. සම්පුදායි මමං සාවකා අභික්කන්තේ ඤාණදස්සනේ සම්භාවෙන්ති. ජානංයේවාහ සමණෝ ගෝතමෝ ජානාමීති. පස්සංයේවාහ සමණෝ ගෝතමෝ පස්සාමීති. අභිඤ්ඤාය සමණෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනභිඤ්ඤාය, සනිදානං සමණෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනිදානං, සප්පාටිහාරියං සමණෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අප්පාටිහාරියන්ති. අයං ඛෝ උදායි, දුතියෝ ධම්මෝ යේන මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මෙහිලා මගේ ශ්‍රාවකයන් ‘ඉතා සුන්දර වූ ඤාණදර්ශනය පිළිබඳව’ මට සම්භාවනා කරනවා. ඒ කියන්නේ; ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් දැන ගෙන ම යි, ‘දනිමි’ කියන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දක්නා දෙයක් ම යි, ‘දකිමි’ කියන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ නො කොට නොව, ප්‍රත්‍යක්ෂ කරගෙන ම යි දහම් දෙසන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරුණු රහිතව නොව, කරුණු සහිතව ම යි දහම් දෙසන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාර්ය රහිතව නොව, ප්‍රාතිහාර්යය සහිතව ම යි දහම් දෙසන්නෙ’ කියල. මෙසේ උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් දැන ගෙන ම යි, ‘දනිමි’ කියන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දක්නා දෙයක් ම යි, ‘දකිමි’ කියන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ නො කොට නොව, ප්‍රත්‍යක්ෂ කරගෙන ම යි දහම් දෙසන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරුණු රහිතව නොව, කරුණු සහිතව ම යි දහම් දෙසන්නෙ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාර්ය රහිතව නොව, ප්‍රාතිහාර්යය සහිතව ම යි දහම් දෙසන්නෙ’ කියල යම් හෙයකින් ශ්‍රාවකයන් මට සම්භාවනා කරත් ද, උදායී, යම් කරුණකින් ශ්‍රාවකයන් මට සත්කාර කරත් ද, ගෞරව කරත් ද, සම්මාන දක්වත් ද, පුදත් ද, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වසත් ද, මේ වනාහී ඒ දෙවෙනි කාරණය යි.

පුන ච පරං උදායි, මමං සාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්ති: පඤ්ඤවා සමණෝ ගෝතමෝ පරමේන පඤ්ඤාක්ඛන්ධේන සමන්නාගතෝ. තං වත අනාගතං වා වාදපථං න දක්ඛති උප්පන්නං වා පරප්පවාදං න සහධම්මේන සුනිග්ගහීතං නිග්ගණ්හිස්සතීති නේතං ඨානං විජ්ජති. තං කිං මඤ්ඤසි උදායි? අපි නු මේ සාවකා ඒවං ජානන්තා ඒවං පස්සන්තා අන්තරන්තරා කථං ඕපාතෙය්‍යුන්ති? නෝ හේතං භන්තේ. න ඛෝ පනාහං උදායි සාවකේසු අනුසාසනිං පච්චාසිංසාමි අඤ්ඤදත්ථු මමංයේව සාවකා අනුසාසනිං පච්චාසිංසන්ති. යම්පුදායි මමං සාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්ති පඤ්ඤවා සමණෝ ගෝතමෝ පරමේන පඤ්ඤාක්ඛන්ධේන සමන්නාගතෝ. තං වත අනාගතං වා වාදපථං න දක්ඛති උප්පන්නං වා පරප්පවාදං න සහධම්මේන සුනිග්ගහිතං නිග්ගණ්හිස්සතීති නේතං ඨානං විජ්ජති. අයං ඛෝ උදායි, තතියෝ ධම්මෝ යේන මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මෙහිලා මගේ ශ්‍රාවකයන් ‘අධිප්‍රඥාව පිළිබඳව’ මට සම්භාවනා කරනවා. ඒ කියන්නෙ; ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රඥාවන්ත යි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉතා උතුම් වූ ප්‍රඥාස්කන්ධයෙන් සමන්විත යි. ‘හට නො ගත් වාද මාර්ගයන් නො දකින්නේ ය’ කියල හෝ ‘හට ගත් අන්‍ය වාදයන් කරුණු සහිතව නිග්‍රහ කොට බැහැරට නො දමන්නේ ය’ කියන කරුණ හෝ සිදුවන දෙයක් නො වෙයි කියල යි. උදායී, ඒ ගැන කුමක් ද සිතන්නේ? මාගේ ශ්‍රාවකයන් මා ගැන මේ අයුරින් දන්නවා නම්, මේ අයුරින් දකිනවා නම්, මා දහම් දෙසන අතරේ අනවශ්‍ය කතාවන් ඇද ගනී ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.”

“උදායී, මම ශ්‍රාවකයන් ගෙන් අනුශාසනාවන් පතන කෙනෙක් නො වෙයි. ශ්‍රාවකයන් ඒකාන්තයෙන් ම මගෙන් ම අනුශාසනාවන් පතනවා. උදායී, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රඥාවන්ත යි. ඉතා උතුම් ප්‍රඥාස්කන්ධයකින් සමන්විත යි’ කියල ‘හට නො ගත් වාද මාර්ගයන් නො දකින්නේ ය’ කියල හෝ ‘හට ගත් අන්‍ය වාදයන් කරුණු සහිතව නිග්‍රහ කොට බැහැරට නො දමන්නේ ය’ කියන කරුණ හෝ සිදුවන දෙයක් නො වෙයි කියල යම් හෙයකින් ශ්‍රාවකයන් මට සම්භාවනා කරත් ද, උදායී, යම් කරුණකින් ශ්‍රාවකයන් මට සත්කාර කරත් ද, ගෞරව කරත් ද, සම්මාන දක්වත් ද, පුදත් ද, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වසත් ද, මේ වනාහී ඒ තුන්වෙනි කාරණය යි.

පුන ච පරං උදායි, මම සාවකා යේන දුක්ඛේන දුක්ඛෝතිණ්ණා දුක්ඛපරේතා තේ මං උපසංකමිත්වා දුක්ඛං අරියසච්චං පුච්ඡන්ති. තේසාහං දුක්ඛං අරියසච්චං පුට්ඨෝ ව්‍යාකරෝමි, තේසාහං චිත්තං ආරාධේමි පඤ්හස්ස වෙය්‍යාකරණේන. තේ මං දුක්ඛසමුදයං ….(පෙ)…. දුක්ඛනිරෝධං ….(පෙ)…. දුක්ඛනිරෝධගාමිනීපටිපදං අරියසච්චං පුච්ඡන්ති. තේසාහං දුක්ඛනිරෝධගාමිනීපටිපදං අරියසච්චං පුට්ඨෝ ව්‍යාකරෝමි, තේසාහං චිත්තං ආරාධේමි පඤ්හස්ස වෙය්‍යාකරණේන. යම්පුදායි, මමං සාවකා යේන දුක්ඛේන දුක්ඛෝතිණ්ණා දුක්ඛපරේතා තේ මං උපසංකමිත්වා දුක්ඛං අරියසච්චං පුච්ඡන්ති, තේසාහං දුක්ඛං අරියසච්චං පුට්ඨෝ ව්‍යාකරෝමි. තේසාහං චිත්තං ආරාධේමි පඤ්හස්ස වෙය්‍යාකරණේන. තේ මං දුක්ඛසමුදයං ….(පෙ)…. දුක්ඛනිරෝධං ….(පෙ)…. දුක්ඛනිරෝධගාමිනීපටිපදං අරියසච්චං පුච්ඡන්ති. තේසාහං දුක්ඛනිරෝධගාමිනීපටිපදං අරියසච්චං පුට්ඨෝ ව්‍යාකරෝමි. තේසාහං චිත්තං ආරාධේමි පඤ්හස්ස වෙය්‍යාකරණේන. අයං ඛෝ උදායි, චතුත්ථෝ ධම්මෝ යේන මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මාගේ ශ්‍රාවකයන් යම් දුකකින් දුකට පත් වෙලා, දුකෙන් පීඩා විඳ විඳ සිට, ඔවුන් මා කරා ඇවිදින් ‘දුක නම් වූ ආර්ය සත්‍යය’ ගැන විමසනවා. එතකොට මා ඔවුන් විසින් අසන ලද ඒ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර කොට දෙනවා. එතකොට මං ඒ ප්‍රශ්නෙට දුන් පිළිතුර නිසා ඔවුන් ගේ සිත් ගන්නවා. ඒ වගේ ම ඔවුන් මගෙන් ‘දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය’ ගැන ….(පෙ)…. ‘දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය’ ගැන ….(පෙ)…. ‘දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය’ ගැන ගැන විමසනවා. එතකොට මා ඔවුන් විසින් අසන ලද ඒ දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර කොට දෙනවා. එතකොට මං ඒ ප්‍රශ්නෙට දුන් පිළිතුර නිසා ඔවුන් ගේ සිත් ගන්නවා.

උදායී, ‘මාගේ ශ්‍රාවකයන් යම් දුකකින් දුකට පත් වෙලා, දුකෙන් පීඩා විඳ විඳ සිට, ඔවුන් මා කරා ඇවිදින් ‘දුක නම් වූ ආර්ය සත්‍යය’ ගැන විමසනවා නම්, එතකොට මා ඔවුන් විසින් අසන ලද ඒ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර කොට දෙනවා නම්, එතකොට මං ඒ ප්‍රශ්නෙට දුන් පිළිතුර නිසා ඔවුන් ගේ සිත් ගන්නවා නම්, ඒ වගේ ම ඔවුන් මගෙන් ‘දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය’ ගැන ….(පෙ)…. ‘දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය’ ගැන ….(පෙ)…. ‘දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය’ ගැන ගැන විමසනවා නම්, එතකොට මා ඔවුන් විසින් අසන ලද ඒ දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර කොට දෙනවා නම්, එතකොට මං ඒ ප්‍රශ්නෙට දුන් පිළිතුර නිසා ඔවුන් ගේ සිත් ගන්නවා නම්, ඒ හේතුවෙන් ශ්‍රාවකයන් මට සම්භාවනා කරත් ද, උදායී, යම් කරුණකින් ශ්‍රාවකයන් මට සත්කාර කරත් ද, ගෞරව කරත් ද, සම්මාන දක්වත් ද, පුදත් ද, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වසත් ද, මේ වනාහී ඒ හතරවෙනි කාරණය යි.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා චත්තාරෝ සතිපට්ඨානේ භාවෙන්ති. ඉධූදායි භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. වේදනාසු ….(පෙ)…. චිත්තේ ….(පෙ)…. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් සතර සතිපට්ඨානයන් වඩන්නේ. උදායී මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි අභිජ්ඣා දෝමනස්ස දෙක දුරු කොට කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. වේදනා පිළිබඳව ….(පෙ)…. සිත පිළිබඳව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි අභිජ්ඣා දෝමනස්ස දෙක දුරු කොට ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා චත්තාරෝ සම්මප්පධානේ භාවෙන්ති ඉධූදායි, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් සතර සම්‍යක් ප්‍රධානයන් වඩන්නේ. උදායී මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් නූපදවීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. උපන් කුසල් පවත්වා ගැනීම පිණිස, ඒවා නැති නො වීම පිණිස, බොහෝ සෙයින් වැඩීම පිණිස, විපුලව වැඩීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් ලෙස වීරිය ගන්නවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා චත්තාරෝ ඉද්ධිපාදේ භාවෙන්ති. ඉධූදායි භික්ඛු ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. වීරියසමාධි ….(පෙ)…. චිත්තසමාධි ….(පෙ)…. වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් සතර ඉර්ධිපාදයන් වඩන්නේ. උදායී මෙහිලා භික්ෂුව අධික කැමැත්තෙන් සමාධිය වඩමින්, ඉතා බලවත් උත්සාහයකින් යුක්තව ඉර්ධි පාදය වඩනවා. වීරියෙන් යුතුව සමාධිය වඩමින්, ….(පෙ)…. බලවත් චිත්ත අධිෂ්ඨානයකින් යුතුව සමාධිය වඩමින්, ….(පෙ)…. නුවණින් විමසමින් සමාධිය වඩමින්, ඉතා බලවත් උත්සාහයකින් යුක්තව ඉර්ධි පාදය වඩනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා පඤ්චින්ද්‍රියානි භාවෙන්ති. ඉධූදායි භික්ඛු සද්ධින්ද්‍රියං භාවේති උපසමගාමිං සම්බෝධගාමිං. විරියින්ද්‍රියං භාවේති ….(පෙ)…. සතින්ද්‍රියං භාවේත ….(පෙ)…. සමාධින්ද්‍රියං භාවේති ….(පෙ)…. පඤ්ඤින්ද්‍රියං භාවේති උපසමගාමිං සම්බෝධගාමිං. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් පංච ඉන්ද්‍රියයන් වඩන්නේ. උදායී මෙහිලා භික්ෂුව සංසිඳවීම ඇති කරදෙන, සත්‍යාවබෝධය ඇති කරදෙන, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩනවා. විරිය ඉන්ද්‍රිය වඩනවා ….(පෙ)…. සති ඉන්ද්‍රිය වඩනවා ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය වඩනවා ….(පෙ)…. සංසිඳවීම ඇති කරදෙන, සත්‍යාවබෝධය ඇති කරදෙන, ප්‍රඥා ඉන්ද්‍රිය වඩනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මේ සාවකා පඤ්ච බලානි භාවෙන්ති. ඉධූදායි, භික්ඛු සද්ධාබලං භාවේති උපසමගාමිං සම්බෝධගාමිං. විරියබලං භාවේති ….(පෙ)…. සතිබලං භාවේති ….(පෙ)…. සමාධිබලං භාවේති ….(පෙ)…. පඤ්ඤාබලං භාවේති උපසමගාමිං සම්බෝධගාමිං. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් පංච බලයන් වඩන්නේ. උදායී මෙහිලා භික්ෂුව සංසිඳවීම ඇති කරදෙන, සත්‍යාවබෝධය ඇති කරදෙන, ශ්‍රද්ධා බලය වඩනවා. විරිය බලය වඩනවා ….(පෙ)…. සති බලය වඩනවා ….(පෙ)…. සමාධි බලය වඩනවා ….(පෙ)…. සංසිඳවීම ඇති කරදෙන, සත්‍යාවබෝධය ඇති කරදෙන, ප්‍රඥා බලය වඩනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා සත්තබොජ්ඣංගේ භාවෙන්ති. ඉධූදායි, භික්ඛු සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. විරියසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පීතිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. සමාධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් සප්ත බොජ්ඣංගයන් වඩන්නේ. උදායී මෙහිලා භික්ෂුව කාය-චිත්ත විවේකය ඇසුරු කරගත්, විරාගය ඇසුරු කරගත්, නිරෝධය ඇසුරු කරගත්, නිවනට නැඹුරු වූ සති සම්බොජ්ඣංගය වඩනවා. ධම්මවිචය සම්බොජ්ඣංගය වඩනවා ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය වඩනවා ….(පෙ)…. පීති සම්බොජ්ඣංගය වඩනවා ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩනවා ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩනවා ….(පෙ)…. කාය-චිත්ත විවේකය ඇසුරු කරගත්, විරාගය ඇසුරු කරගත්, නිරෝධය ඇසුරු කරගත්, නිවනට නැඹුරු වූ උපේක්ඛා සම්බොජ්ඣංගය වඩනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්ති. ඉධූදායි, භික්ඛු සම්මාදිට්ඨිං භාවේති, සම්මාසංකප්පං භාවේති, සම්මාවාචං භාවේති, සම්මාකම්මන්තං භාවේති, සම්මාආජීවං භාවේති, සම්මාවායාමං භාවේති, සම්මාසතිං භාවේති, සම්මාසමාධිං භාවේති, තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්නේ. උදායී මෙහිලා භික්ෂුව සම්මා දිට්ඨිය වඩනවා. සම්මා සංකල්පය වඩනවා. සම්මා වාචා වඩනවා. සම්මා කම්මන්තය වඩනවා. සම්මා ආජීවය වඩනවා. සම්මා වායාමය වඩනවා. සම්මා සතිය වඩනවා. සම්මා සමාධිය වඩනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා අට්ඨ විමොක්ඛේ භාවෙන්ති. රූපී රූපානි පස්සති. අයං පඨමෝ විමොක්ඛෝ. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියෝ විමොක්ඛෝ. සුභන්තේව අධිමුත්තෝ හෝති. අයං තතියෝ විමොක්ඛෝ. සබ්බසෝ රූපසඤ්ඤානංසමතික්කම්ම පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථෝ විමොක්ඛෝ. සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමෝ විමොක්ඛෝ. සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චි’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨෝ විමොක්ඛෝ. සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමෝ විමොක්ඛෝ. සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමෝ විමොක්ඛෝ. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් අෂ්ට විමෝක්ෂයන් වඩන්නේ. එතකොට රූප ධ්‍යාන තුළ රූප දකිනවා. මෙය පළමුවෙනි විමෝක්ෂය යි. ඊළඟට ආධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤා ඇතිව බාහිර රූපයන් දකිනවා. මෙය දෙවෙනි විමෝක්ෂය යි. ඒ වගේ ම සුභ වූ භාවනා අරමුණක් ම මුල්කොට සමාධිය වඩනවා. මෙය තුන්වෙනි විමෝක්ෂය යි. සියළු රූප සඤ්ඤාවන් ඉක්ම යෑමෙන්, ගොරෝසු සඤ්ඤාවන් නැති වීමෙන්, නා නා සඤ්ඤාවන් නො මෙනෙහි කිරීමෙන්, ‘අනන්ත වූ ආකාසය යැ’යි මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරනවා. මෙය සතරවෙනි විමෝක්ෂය යි. සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘අනන්ත වූ විඤ්ඤාණය යැ’යි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරනවා. මෙය පස්වෙනි විමෝක්ෂය යි. සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘කිසිවක් නැතැ’යි මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. මෙය සයවෙනි විමෝක්ෂය යි. සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම යෑමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරනවා. මෙය සත්වෙනි විමෝක්ෂය යි. සියලු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම යෑමෙන් සඤ්ඤාවේදයිත නිරෝධය උපදවා ගෙන එයට පැමිණ වාසය කරනවා. මෙය අටවෙනි විමෝක්ෂය යි. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා අට්ඨ අභිභායතනානි භාවෙන්ති. අජ්ඣත්තං රූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති. ඉදං පඨමං අභිභායතනං.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් අභිභායතන අට වඩන්නෙ. ඒ කියන්නෙ අධ්‍යාත්මයෙහි රූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර වර්ණවත්, දුර්වර්ණ රූපයන් ස්වල්ප වශයෙන් දකියි. ඒ වගේ ම ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය පළමුවෙනි අභිභායතනය යි.

අජ්ඣත්තං රූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති. ඉදං දුතියං අභිභායතනං.

අධ්‍යාත්මයෙහි රූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර වර්ණවත්, දුර්වර්ණ රූපයන් අප්‍රමාණ වශයෙන් දකියි. ඒ වගේ ම ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය දෙවෙනි අභිභායතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති. ඒවං සඤ්ඤී හෝති. ඉදං තතියං අභිභායතනං.

අධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර වර්ණවත්, දුර්වර්ණ රූපයන් ස්වල්ප වශයෙන් දකියි. ඒ වගේ ම ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය තුන්වෙනි අභිභායතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති. ඉදං චතුත්ථං අභිභායතනං.

අධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර වර්ණවත්, දුර්වර්ණ රූපයන් අප්‍රමාණ වශයෙන් දකියි. ඒ වගේ ම ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය හතරවෙනි අභිභායතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්‍යථාපි නාම උමාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං ඒවමේවං අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවං සඤ්ඤී හෝති. ඉදං පඤ්චමං අභිභායතනං.

අධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ නිල් වූ, නීල වර්ණයෙන් යුතු වූ, නීල නිදර්ශන ඇති නීල ප්‍රභා ඇති රූපයන් දකිනවා. එය නිල් වූ, නීල වර්ණයෙන් යුතු වූ, නීල නිදර්ශන ඇති නීල ප්‍රභා ඇති දිය බෙරලිය මලක් දකිනවා වගෙයි. ඒ වගේ ම නිල් වූ, නීල වර්ණයෙන් යුතු වූ, නීල නිදර්ශන ඇති නීල ප්‍රභා ඇති මැනවින් ඔප මට්ටම් කළ කසී සළුවක් දකිනවා වගෙයි. මේ අයුරින් ම අධ්‍යාත්මයෙහි එක ම අරූප සඤ්ඤාවක් ඇතිව බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ නිල් වූ, නීල වර්ණයෙන් යුතු වූ, නීල නිදර්ශන ඇති නීල ප්‍රභා ඇති රූපයන් දකිනවා. ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය පස් වෙනි අභිභායතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්‍යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. ඒවමේවං අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති. ඉදං ඡට්ඨං අභිභායතනං.

අධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ කහ වූ, කහ වර්ණයෙන් යුතු වූ, කහ නිදර්ශන ඇති කහ ප්‍රභා ඇති රූපයන් දකිනවා. එය කහ වූ, කහ වර්ණයෙන් යුතු වූ, කහ නිදර්ශන ඇති කහ ප්‍රභා ඇති කිණිහිරි මලක් දකිනවා වගෙයි. ඒ වගේ ම කහ වූ, කහ වර්ණයෙන් යුතු වූ, කහ නිදර්ශන ඇති කහ ප්‍රභා ඇති මැනවින් ඔප මට්ටම් කළ කසී සළුවක් දකිනවා වගෙයි. මේ අයුරින් ම අධ්‍යාත්මයෙහි එක ම අරූප සඤ්ඤාවක් ඇතිව බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ කහ වූ, කහ වර්ණයෙන් යුතු වූ, කහ නිදර්ශන ඇති කහ ප්‍රභා ඇති රූපයන් දකිනවා. ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය සය වෙනි අභිභායතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතකවණ්ණානි ලෝහිතකනිදස්සනානි ලෝහිතකනිභාසානි. සෙය්‍යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලෝහිතකං ලෝහිතකවණ්ණං ලෝහිතකනිදස්සනං ලෝහිතකනිභාසං. සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං ලෝහිතකං ලෝහිතකවණ්ණං ලෝහිතකනිදස්සනං ලෝහිතකනිභාසං. ඒවමේවං අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතකවණ්ණානි ලෝහිතකනිදස්සනානි ලෝහිතකනිභාසානි. තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවං සඤ්ඤී හෝති. ඉදං සත්තමං අභිභායතනං.

අධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ රතු වූ, රතු වර්ණයෙන් යුතු වූ, රතු නිදර්ශන ඇති රතු ප්‍රභා ඇති රූපයන් දකිනවා. එය රතු වූ, රතු වර්ණයෙන් යුතු වූ, රතු නිදර්ශන ඇති රතු ප්‍රභා ඇති බඳුවද මලක් දකිනවා වගෙයි. ඒ වගේ ම රතු වූ, රතු වර්ණයෙන් යුතු වූ, රතු නිදර්ශන ඇති රතු ප්‍රභා ඇති මැනවින් ඔප මට්ටම් කළ කසී සළුවක් දකිනවා වගෙයි. මේ අයුරින් ම අධ්‍යාත්මයෙහි එක ම අරූප සඤ්ඤාවක් ඇතිව බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ රතු වූ, රතු වර්ණයෙන් යුතු වූ, රතු නිදර්ශන ඇති රතු ප්‍රභා ඇති රූපයන් දකිනවා. ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය සත් වෙනි අභිභායතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාතවණ්ණානි ඕදාතනිදස්සනානි ඕදාතනිභාසානි. සෙය්‍යථාපි නාම ඕසධීතාරකා ඕදාතා ඕදාතවණ්ණා ඕදාතනිදස්සනා ඕදාතනිභාසා. සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං ඕදාතං ඕදාතවණ්ණං ඕදාතනිදස්සනං ඕදාතනිභාසං. ඒවමේවං අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාතවණ්ණානි ඕදාතනිදස්සනානි ඕදාතනිභාසානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං අට්ඨමං අභිභායතනං. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

අධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤාවක් ඇති කෙනෙක් බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ සුදු වූ, සුදු වර්ණයෙන් යුතු වූ, සුදු නිදර්ශන ඇති සුදු ප්‍රභා ඇති රූපයන් දකිනවා. එය සුදු වූ, සුදු වර්ණයෙන් යුතු වූ, සුදු නිදර්ශන ඇති සුදු ප්‍රභා ඇති ඕසධී තරුවක් දකිනවා වගෙයි. ඒ වගේ ම සුදු වූ, සුදු වර්ණයෙන් යුතු වූ, සුදු නිදර්ශන ඇති සුදු ප්‍රභා ඇති මැනවින් ඔප මට්ටම් කළ කසී සළුවක් දකිනවා වගෙයි. මේ අයුරින් ම අධ්‍යාත්මයෙහි එක ම අරූප සඤ්ඤාවක් ඇතිව බාහිර රූපයන් දකිනවා. ඒ කියන්නෙ සුදු වූ, සුදු වර්ණයෙන් යුතු වූ, සුදු නිදර්ශන ඇති සුදු ප්‍රභා ඇති රූපයන් දකිනවා. ඒ රූපයන් අභිභවනය කොට ‘දනිමි, දකිමි’ යි යන මෙබඳු සඤ්ඤාවෙන් යුතු වෙයි. මෙය අට වෙනි අභිභායතනය යි. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා දස කසිණායතනානි භාවෙන්ති. පථවීකසිණමේකෝ සඤ්ජානාති උද්ධං අධෝ තිරියං අද්වයං අප්පමාණං. ආපෝකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. තේජෝකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. වායෝකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. නීලකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. පීතකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. ලෝහිතකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. ඕදාතකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. ආකාසකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. විඤ්ඤාණකසිණමේකෝ සඤ්ජානාති උද්ධං අධෝ තිරියං අද්වයං අප්පමාණං. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් දස කසිණයන් වඩන්නෙ.

ඇතැමෙක් උඩ, යට, සරස දෙකක් නො කොට අප්‍රමාණ වූ පඨවි කසිණය ගැන දැනගන්නවා. ඇතැමෙක් අපෝ කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් තේජෝ කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් වායෝ කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් නීල කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් කහ කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් රතු කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් සුදු කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් ආකාස කසිණය ගැන දැනගන්නවා. ….(පෙ)…. ඇතැමෙක් උඩ, යට, සරස දෙකක් නො කොට අප්‍රමාණ වූ විඤ්ඤාණ කසිණය ගැන දැනගන්නවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා චත්තාරි ඣානානි භාවෙන්ති. ඉධූදායි, භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. සෙය්‍යථාපි උදායි, දක්ඛෝ නහාපකෝ වා නහාපකන්තේවාසී වා කංසථාලේ නහානීයචුණ්ණානි ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං සන්දෙය්‍ය. සාස්ස නහානීයපිණ්ඩී ස්නේහානුගතා ස්නේහපරේතෝ සන්තරබාහිරා ඵුටා ස්නේහේන, න ච පග්ඝරණී ඒවමේව ඛෝ උදායි, භික්ඛු ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති, පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති.

උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් ධ්‍යාන සතර වඩන්නෙ.

ඒ කියන්නෙ; මෙහි ලා භික්ෂුව කාමයන් ගෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කය ම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහු ගේ සියළු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක් (රජවරුන් ආදී පිරිස් නහවන) දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකු ගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නානසුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නානසුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන පිඬ ඇතුළත පිටත සෑම තැන ම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නෙත් නෑ. පින්වත් උදායී, ඔය විදිහම යි. භික්ෂුව මේ කය ම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහු ගේ සියළු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

පුන ච පරං උදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. සෙය්‍යථාපි උදායි, උදකරහදෝ උබ්භිදෝදකෝ. තස්ස නේවස්ස පුරත්ථිමාය දිසාය උදකස්සායමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්සායමුඛං, න උත්තරාය දිසාය උදකස්සායමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්සායමුඛං. දේවෝ ච කාලේන කාලං න සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය. අථ ඛෝ තම්හා ච උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමේව උදකරහදං සීතේන වාරිනා අභිසන්දෙය්‍ය පරිසන්දෙය්‍ය පරිපූරෙය්‍ය පරිප්ඵරෙය්‍ය. නාස්ස කිඤ්චි සබ්බාවතෝ උදකරහදස්ස සීතේන වාරිනා අප්ඵුටං අස්ස. ඒවමේව ඛෝ උදායි, භික්ඛු ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්ඵුටං හෝති.

පින්වත් උදායී, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති කරවන, සිතෙහි ඒකාග්‍රතාවය පවත්වන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කය ම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහු ගේ සියළු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මඟක් නෑ. දකුණු පැත්තෙන් වතුර එන මඟක් නෑ. බටහිර පැත්තෙන් වතුර එන මඟක් නෑ. උතුරු පැත්තෙන් වතුර එන මඟක් නෑ. වැස්සත් කලින් කලට පිළිවෙලකට වහින්නේ නෑ. එතකොට ඒ විලෙන් ම සීතල දියදහරා උල්පත්වලින් උඩට මතු වෙවී ඒ විල ම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින් ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොඳින් පුරවනවා. ඒ මුළු විලේ ම සිහිල් ජලයෙන් පහස නො ලැබූ කිසි තැනක් නෑ. පින්වත් උදායී, ඔය විදිහම යි. භික්ෂුව මේ කය ම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහු ගේ සියළු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

පුන ච පරං උදායි, භික්ඛු පීතියා ච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති. සෙය්‍යථාපි උදායි, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තෝනිමුග්ගපෝසීනි. තානි යාව චග්ගා යාව ච මූලා සීතේන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි. න නේසං කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතේන වාරිනා අප්ඵුටං අස්ස. ඒවමේව ඛෝ උදායි, භික්ඛු ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති.

පින්වත් උදායී, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව ….(පෙ)…. තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කය ම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහු ගේ සියළු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නො කළ කිසිතැනක් නෑ.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක හෝ ඇතැම් මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා ඒ නෙළුම් ජලයේ ම යි හට ගන්නේ. ජලයේ ම යි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිත් නෑ. ජලය තුළ ම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුම් අග දක්වා ත් මුල දක්වා ත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. මුළුමණින් ම තෙත් වෙලා තියෙන්නේ. පිරිල තියෙන්නේ. හැම තැන ම පැතිරිලා තියෙන්නේ. ඒ සෑම මහනෙල්වල, රතු නෙළුම්වල, සුදු නෙළුම්වල සීතල දිය නො පැතුරුණු කිසි තැනක් නෑ. පින්වත් උදායී, ඔය විදිහම යි. භික්ෂුව මේ කය ම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහු ගේ සියළු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නො කළ කිසිතැනක් නෑ.

පුන ච පරං උදායි, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්වා නිසින්නෝ හෝති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්ඵුටං හෝති. සෙය්‍යථාපි උදායි, පුරිසෝ ඕදාතේන වත්ථේන සසීසං පාරුපිත්වා නිසින්නෝ අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස ඕදාතේන වත්ථේන අප්ඵුටං අස්ස. ඒවමේව ඛෝ උදායි, භික්ඛු ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්වා නිසින්නෝ හෝති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්ඵුටං හෝති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, නැවත අනිකක් කියමි. මෙහිලා භික්ෂුව සැප ද, දුක ද නැති කිරීමෙන්, කලින් ම මානසික සැප දුක් දෙකින් ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාව ත්, සිහිය ත් තියෙන හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කය ම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහු ගේ සියළු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුලු සිරුර ම පොරොවා ගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහු ගේ මුළු කයෙහි ම සුදු වස්ත්‍රයෙන් නො වැසුණු කිසි තැනක් නෑ. පින්වත් උදායී, අන්න ඒ වගේ ම යි භික්ෂුව මේ කය ම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහු ගේ සියළු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා ඒවං පජානන්ති: අයං ඛෝ මේ කායෝ රූපී චාතුම්මහාභූතිකෝ මාතාපෙත්තිකසම්භවෝ ඕදනකුම්මාසූපචයෝ අනිච්චුච්ඡාදනපරිමද්දනභේදනවිද්ධංසනධම්මෝ, ඉදඤ්ච පන මේ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධං සෙය්‍යථාපි උදායි මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ සබ්බාකාරසම්පන්නෝ, තත්‍රස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩුසුත්තං වා. තමේනං චක්ඛුමා පුරිසෝ හත්ථේ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය: අයං ඛෝ මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ සබ්බාකාරසම්පන්නෝ, තදිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩුසුත්තං වාති. ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා ඒවං පජානන්ති: අයං ඛෝ මේ කායෝ රූපී චාතුමහාභූතිකෝ මාතාපෙත්තිකසම්භවෝ ඕදනකුම්මාසූපචයෝ අනිච්චුච්ඡාදනපරිමද්දනභේදනවිද්ධංසනධම්මෝ. ඉදඤ්ච පන මේ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් මෙහෙමයි අවබෝධ කරන්නෙ. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන් ගෙන් හට ගත්, මව්පියන් නිසා හට ගත්, බත් වෑංජන ආදියෙන් වැඩුන, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම් වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණය ද පවතින්නේ මේ සිරුරෙහි ම යි. බැඳී තිබෙන්නෙත් මෙහි ම යි” කියල.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා. හරි ලස්සනට පහළ වුන දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම් කරලා. ඉතාමත් හොඳ යි. ඉතාම ප්‍රසන්න යි. පිවිතුරු යි. මැණිකක තිබිය යුතු හැම දෙයක් ම තියෙනවා. ඉතින් ඔය මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතට ගෙන හොඳින් විමසා බලනවා. “මේ වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා. හරි ලස්සනට පහළ වුන දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම් කරලා. ඉතාමත් හොඳ යි. ඉතාම ප්‍රසන්න යි. පිවිතුරු යි. මැණිකක තිබිය යුතු හැම දෙයක් ම තියෙනවා. ඉතින් ඔය මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා” කියලා.

පින්වත් උදායී, මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් මෙහෙමයි අවබෝධ කරන්නෙ.

“මාගේ මේ කය වනාහී සතර මහා භූතයන් ගෙන් හට ගත්, මව්පියන් නිසා හට ගත්, බත් වෑංජන ආදියෙන් වැඩුණ, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම් වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණය ද පවතින්නේ මේ සිරුරෙහි ම යි. බැඳී තිබෙන්නෙත් මෙහි ම යි” කියල. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මේ සාවකා ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති රූපිං මනෝමයං සබ්බංගපච්චංගිං අහීනින්ද්‍රියං. සෙය්‍යථාපි උදායි, පුරිසෝ මුඤ්ජම්හා ඊසිකං පබ්බාහෙය්‍ය. තස්ස ඒවමස්ස: අයං මුඤ්ජෝ අයං ඊසිකා, අඤ්ඤෝ මුඤ්ජෝ අඤ්ඤා ඊසිකා මුඤ්ජම්හා ත්වේව ඊසිකා පබ්බාළ්හාති. සෙය්‍යථාපි වා පනුදායි පුරිසෝ අසිං කෝසියා පබ්බාහෙය්‍ය. තස්ස ඒවමස්ස: අයං අසි, අයං කෝසි, අඤ්ඤෝ අසි, අඤ්ඤා කෝසි, කෝසියාත්වේව අසි පබ්බාළ්හෝති. සෙය්‍යථාපි වා පනුදායි, පුරිසෝ අහිං කරණ්ඩා උද්ධරෙය්‍ය, තස්ස ඒවමස්ස: අයං අහි, අයං කරණ්ඩෝ, අඤ්ඤෝ අහි, අඤ්ඤෝ කරණ්ඩෝ, කරණ්ඩා ත්වේව අහි උබ්භතෝති. ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති. රූපිං මනෝමයං සබ්බංගපච්චංගිං අහීනින්ද්‍රියං. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් මේ කයින් රූපී වූ ත්, මනෝමය වූ ත්, සියළු අඟපසඟ ඇතිව, නො පිරිහුණු ඉඳුරන් ඇතිව, වෙනත් කයක් මවන්නෙ. ඒ කියන්නෙ; පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මුඤ්ජතණ ගසෙන් තණ ගොබය ඇදල ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ මුඤ්ජතණ ගස යි, මේ තණ ගොබය යි. එතකොට මුඤ්ජතණ ගස වෙන එකක්. තණ ගොබය වෙන එකක්. නමුත් මුඤ්ජතණ ගසෙන් ම යි තණ ගොබය ඇදල ගන්නේ” කියලා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් කොපුවෙන් කඩුවක් ඇදල ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ කඩුව. මේ කොපුව. එතකොට කඩුව අනෙකක්. කොපුව අනෙකක්. නමුත් කොපුවෙන් තමයි කඩුව ඇදල ගත්තෙ” කියලා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් නයි පෙට්ටියෙන් නයෙකුව ඇදල ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ තමයි නයා. මේක නයි පෙට්ටිය. එතකොට නයා අනෙකෙක්. නයි පෙට්ටිය අනෙකක්. නමුත් නයි පෙට්ටියෙන් තමයි නයාව ඇදල ගත්තේ” කියල.

පින්වත් උදායී, මේ අයුරින් මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් මේ කයින් රූපී වූ ත්, මනෝමය වූ ත්, සියළු අඟපසඟ ඇතිව, නො පිරිහුණු ඉඳුරන් ඇතිව, වෙනත් කයක් මවන්නෙ. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති: ඒකෝපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා ඒකෝ හෝන්ති. ආවීභාවං තිරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති සෙය්‍යථාපි ආකාසේ, පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති සෙය්‍යථාපි උදකේ, උදකේපි අභිජ්ජමානේ ගච්ඡන්ති සෙය්‍යථාපි පථවියං, ආකාසේපි පල්ලිංකේන කමන්ති සෙය්‍යථාපි පක්ඛී සකුණෝ, ඉමේපි චන්දිමසුරියේ ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ පාණිනා පරිමසන්ති පරිමජ්ජන්ති, යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තෙන්ති. සෙය්‍යථාපි උදායි දක්ඛෝ කුම්භකාරෝ වා කුම්භකාරන්තේවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යඤ්ඤදේව භාජනවිකතිං ආකංඛෙය්‍ය තං තදේව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය, සෙය්‍යථාපි වා පනුදායි දක්ඛෝ දන්තකාරෝ වා දන්තකාරන්තේවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යඤ්ඤදේව දන්තවිකතිං ආකංඛෙය්‍ය තං තදේව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය, සෙය්‍යථාපි වා පනුදායි දක්ඛෝ සුවණ්ණකාරෝ වා සුවණ්ණකාරන්තේවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යඤ්ඤදේව සුවණ්ණවිකතිං ආකංඛෙය්‍ය තං තදේව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය, ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති: ඒකෝපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා ඒකෝ හෝන්ති ආවිභාවං තිරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති සෙය්‍යථාපි ආකාසේ, පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති සෙය්‍යථාපි උදකේ, උදකේපි අභිජ්ජමානේ ගච්ඡන්ති සෙය්‍යථාපි පථවියං, ආකාසේපි පල්ලංකේන කමන්ති සෙය්‍යථාපි පක්ඛී සකුණෝ, ඉමේපි චන්දිමසූරියේ ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ පාණිනා පරිමසන්ති පරිමජ්ජන්ති, යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තෙන්ති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවන්නේ, එතකොට ඔහු එයට සිත නතු කරයි. තනි කෙනෙක් වගේ සිට බොහෝ ආකාර ඇතිකරගන්නවා. බොහෝ ආකාර ඇතිව සිට තනි කෙනෙක් වෙනවා. ඒ වගේ ම බිත්ති, පවුරු, පදනම් වල නො ගැටී ඉන් එහාට අහසින් යන්නා සේ යනවා. ජලයෙහි කිමිදෙන්නා සේ පොළොවෙහි කිමිදෙනවා. පොළොවෙහි සක්මන් කරන්නා සේ ජලයෙහිත් ඇවිදිනවා. කුරුල්ලෙක් අහසෙහි පියාඹන්නා සේ භාවනා ඉරියව්වෙන් අහසින් යනවා. ඒ වගේ ම මේසා මහා ඉර්ධිමත් මේසා මහානුභාව සම්පන්න සඳ හිරු පවා අතින් පිරිමදිනවා. ඒ වගේ ම බඹ ලොව දක්වා මේ ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් යුතු කයින් වසඟයෙහි පවත්වනවා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරුවෙකු ගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් ම ආකාරයේ භාජනයක් හදන්ට කැමැති නම්, ඒ ඒ ආකාරයේ බඳුන් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ඇත්දත් කැටයම් කරුවෙක් හෝ ඇත්දත් කැටයම්කරුවෙකු ගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ ඇත්දතක යම් ම ආකාරයේ ඇත් දළ කැටයමක් කරන්ට කැමති නම්, ඒ ඒ ආකාරයේ ඇත් දළ කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. දක්ෂ රන් කැටයම්කරුවෙක් හෝ රන් කැටයම්කරුවෙකු ගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ රනක යම් ම ආකාරයේ රන් කැටයමක් කරන්ට කැමති නම්, ඒ ඒ ආකාරයේ රන් කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.

පින්වත් උදායී, ඔය අයුරින් මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවන්නේ, එතකොට ඔහු එයට සිත නතු කරයි. තනි කෙනෙක් වගේ සිට බොහෝ ආකාර ඇතිකරගන්නවා. බොහෝ ආකාර ඇතිව සිට තනි කෙනෙක් වෙනවා. ඒ වගේ ම බිත්ති, පවුරු, පදනම් වල නො ගැටී ඉන් එහාට අහසින් යන්නා සේ යනවා. ජලයෙහි කිමිදෙන්නා සේ පොළොවෙහි කිමිදෙනවා. පොළොවෙහි සක්මන් කරන්නා සේ ජලයෙහිත් ඇවිදිනවා. කුරුල්ලෙක් අහසෙහි පියාඹන්නා සේ භාවනා ඉරියව්වෙන් අහසින් යනවා. ඒ වගේ ම මේසා මහා ඉර්ධිමත් මේසා මහානුභාව සම්පන්න සඳ හිරු පවා අතින් පිරිමදිනවා. ඒ වගේ ම බඹ ලොව දක්වා මේ ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් යුතු කයින් වසඟයෙහි පවත්වනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මේ සාවකා දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභෝ සද්දේ සුණන්ති දිබ්බේ ච මානුසේ ච, යේ දූරේ සන්තිකේ ච. සෙය්‍යථාපි උදායි, බලවා සංඛධමකෝ. අප්පකසිරේනේව චාතුද්දිසා විඤ්ඤාපෙය්‍ය. ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභෝ සද්දේ සුණන්ති දිබ්බේ ච මානුසේ ච යේ දූරේ සන්තිකේ ච. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරන්නේ. එතකොට ඔහු එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන් ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය ශ්‍රවණයෙන් මානුෂික වූ ත්, දිව්‍ය වූ ත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා. එය මේ වගේ දෙයක්. පින්වත් උදායී, ශක්ති සම්පන්න සක්පිඹින්නෙක් ඉන්නවා. ඔහු කිසි වෙහෙසක් නැතිව ම සිව් දිශාවට ඇසෙන පරිදි සක් පිඹිනවා. පින්වත් උදායී, ඔය අයුරින් මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරන්නේ. එතකොට ඔහු එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන් ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය ශ්‍රවණයෙන් මානුෂික වූ ත්, දිව්‍ය වූ ත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මේ සාවකා පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානන්ති සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානන්ති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානන්ති, සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානන්ති, වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානන්ති, සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානන්ති, වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානන්ති, සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානන්ති, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානන්ති, මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානන්ති, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානන්ති, සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානන්ති, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානන්ති, සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානන්ති, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානන්ති, විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානන්ති, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානන්ති. සෙය්‍යථාපි උදායි, ඉත්ථී වා පුරිසෝ වා දහරෝ යුවා මණ්ඩනකජාතිකෝ ආදාසේ වා පරිසුද්ධේ පරියෝදාතේ අච්ඡේ වා උදපත්තේ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානෝ සකණිකං වා සකණිකන්ති ජානෙය්‍ය. අකණිකං වා අකණිකන්ති ජානෙය්‍ය ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානන්ති, සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානන්ති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානන්ති, සදෝසං වා චිත්තං ….(පෙ)…. වීතදෝසං වා චිත්තං ….(පෙ)…. සමෝහං වා චිත්තං ….(පෙ)…. වීතමෝහං වා චිත්තං ….(පෙ)…. සංඛිත්තං වා චිත්තං ….(පෙ)…. වික්ඛිත්තං වා චිත්තං ….(පෙ)…. මහග්ගතං වා චිත්තං ….(පෙ)…. අමහග්ගතං වා චිත්තං ….(පෙ)…. සඋත්තරං වා චිත්තං ….(පෙ)…. අනුත්තරං වා චිත්තං ….(පෙ)…. සමාහිතං වා චිත්තං ….(පෙ)…. අසමාහිතං වා චිත්තං ….(පෙ)…. විමුත්තං වා චිත්තං ….(පෙ)…. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානන්ති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් අනුන් ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරන්නේ. එතකොට එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන් ගේ බාහිර පුද්ගලයන් ගේ සිතේ ස්වභාවයන් සිතින් පිරිසිඳ දැනගන්නවා. ඒ කියන්නෙ, සරාගී සිත සරාගී සිතක් වශයෙන් දැනගන්නවා. වීතරාගී සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. සදෝෂී සිත සදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. වීතදෝෂී සිත වීතදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. සමෝහී සිත සමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. වීතමෝහී සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකිළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා. විසිරුණු සිත විසුරුණු සිතක් වශයෙන් දැනගන්නවා. මහග්ගත සිත මහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. අමහග්ගත සිත අමහග්ගත සිතක් වශයෙන් දැනගන්නවා. සඋත්තර සිත සඋත්තර සිතක් වශයෙන් දැනගන්නවා. අනුත්තර සිත අනුත්තර සිතක් වශයෙන් දැනගන්නවා. සමාහිත සිත සමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. අසමාහිත සිත අසමාහිත සිතක් වශයෙන් දැනගන්නවා. විමුත්ත සිත විමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා. අවිමුත්ත සිත අවිමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්ට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දරුවෙක් හෝ තරුණයෙක් හෝ ඉන්නවා. ඔහු පිරිසිදු දීප්තිමත් කණ්ණාඩියක් ඉදිරියේ හෝ පැහැදිලි දිය ඇති බඳුනකින් හෝ තමන් ගේ මුව මඬල හොඳින් විමසා බලනවා. එතකොට දොස් ඇති තැන දොස් ඇති තැන වශයෙන් දැන ගන්නවා. දොස් නැති තැන දොස් නැති තැන වශයෙන් දැනගන්නවා.

පින්වත් උදායී, ඔය අයුරින් මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් අනුන් ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරන්නේ. එතකොට එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන් ගේ බාහිර පුද්ගලයන් ගේ සිතේ ස්වභාවයන් මගේ සිතින් පිරිසිඳ දැන ගන්නවා. ඒ කියන්නෙ, සරාගී සිත සරාගී සිතක් වශයෙන් දැනගන්නවා. වීතරාගී සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. සදෝෂී සිත සදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. වීතදෝෂී සිත වීතදෝෂී සිතක් වශයෙන් දැනගන්නවා. සමෝහී සිත සමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. වීතමෝහී සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකිළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. මහග්ගත සිත ….(පෙ)…. අමහග්ගත සිත ….(පෙ)…. සඋත්තර සිත ….(පෙ)…. අනුත්තර සිත ….(පෙ)…. සමාහිත සිත ….(පෙ)…. අසමාහිත සිත ….(පෙ)…. විමුත්ත සිත විමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා. අවිමුත්ත සිත අවිමුත්ත සිතක් වශයෙන් දැනගන්නවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මේ සාවකා අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරන්ති, සෙය්‍යථීදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පඤ්චපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාරීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනේකේපි සංවට්ටකප්පේ අනේකේපි විවට්ටකප්පේ අනේකේපි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං තත්‍රපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරන්ති. සෙය්‍යථාපි උදායි, පුරිසෝ සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය, තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය. සෝ තම්හා ගාමා සකඤ්ඤේව ගාමං පච්චාගච්ඡෙය්‍ය. තස්ස ඒවමස්ස: අහං ඛෝ සකම්හා ගාමා අමුං ගාමං අගඤ්ඡිං තත්‍ර ඒවං අට්ඨාසිං ඒවං නිසීදිං. ඒවං අභාසිං. ඒවං තුණ්හී අහෝසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගඤඡිං. තත්‍රාපි ඒවං අට්ඨාසිං ඒවං නිසීදිං ඒවං අභාසිං ඒවං තුණ්හී අහෝසිං. සෝම්හි තම්හා ගාමා සකඤ්ඤේව ගාමං පච්චාගතෝති. ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මේ සාවකා අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරන්ති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං දේවේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරන්ති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරනවා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, ජාති දහයක්, ජාති විස්සක්, ජාති තිහක්, ජාති හතළිහක්, ජාති පනහක්, ජාති සීයක්, ජාති දහසක්, ජාති ලක්ෂයක්, ඒ වගේ ම නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කරනවා. මං අසවල් තැන හිටියා, මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. අසවල් තැන ඉපදුනා. අසවල් තැන හිටියා. මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුනා. මෙතන ඉපදුනා” ආදී වශයෙන්. මෙසේ මං කරුණු සහිත ප්‍රධාන සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමන් ගේ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ඒ ගමෙන් යළි තමන් ගේ ගමට එනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මං මගේ ගමෙන් අසවල් ගමට ගියා. මං එහෙදී මෙහෙමයි හිටියේ. මෙහෙමයි වාඩි වුනේ. මෙහෙමයි කතාබහ කළේ. මෙහෙමයි නිශ්ශබ්දව සිටියේ. ඉතින් මං ඒ ගමෙනුත් අසවල් ගමට ගියා. එහෙ හිටියේ මේ විදිහට යි. වාඩි වුනේ මේ විදිහට යි. කතාබස් කළේ මේ විදිහට යි. නිහඬව සිටියේ මේ විදිහට යි. ඒ මං ඒ ගමෙන් මගේ ගමට ම නැවත ආවා” කියල.

පින්වත් උදායී, ඔය අයුරින් මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරනවා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, ජාති දහයක්, ජාති විස්සක්, ජාති තිහක්, ජාති හතළිහක්, ජාති පනහක්, ජාති සීයක්, ජාති දහසක්, ජාති ලක්ෂයක්, ඒ වගේ ම නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කරනවා. මං අසවල් තැන හිටියා, මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුණා. අසවල් තැන ඉපදුනා. අසවල් තැන හිටියා. මෙබඳු නමින් හිටියා, මෙබඳු ගෝත්‍ර නාමයෙන් හිටියා, මෙබඳු හැඩරුවින් හිටියා, මෙබඳු ආහාර වැළඳුවා, මෙබඳු සැප දුක් වින්ඳා, මේ අයුරින් ජීවිතය අවසන් වුනා. ඒ මං එතනින් චුත වුණා. මෙතන ඉපදුනා” ආදී වශයෙන්. මෙසේ මං කරුණු සහිත ප්‍රධාන සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මේ සාවකා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සන්ති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානන්ති: ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචී ….(පෙ)…. මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචී ….(පෙ)…. මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නාති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සන්ති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානන්ති. සෙය්‍යථාපස්සුදායි ද්වේ අගාරා සද්වාරා. තත්ථ චක්ඛුමා පුරිසෝ මජ්ඣේ ඨිතෝ පස්සෙය්‍ය මනුස්සේ ගේහං පවිසන්තේපි නික්ඛමන්තේපි අනුසඤ්චරන්තේපි අනුවිචරන්තේපි. ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සන්ති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානන්ති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් සත්වයන් ගේ චුතියත් උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවන්නේ. සිත එයට නතු කරනවා. එතකොට ඒ භික්ෂුව, ‘මං සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා කියල. ඒ කියන්නෙ; උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරල, වචනින් දුසිරිත් කරල, මනසින් දුසිරිත් කරල, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරමින් ඉඳල, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නවා. දුගතියෙ ඉපදිලා ඉන්නවා. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නවා’ කියල. ඒ වගේ ම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිල, වචනයෙන් සුචරිතයේ යෙදිල, මනසින් සුචරිතයේ යෙදිල, ආර්යයන් වහන්සේලාට අපහාස නො කොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳල, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියා වල යෙදිල, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියල. මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගති වල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා.

පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. හතරමං හන්දියක තට්ටු නිවසක් තියෙනවා. එහි ඇස් ඇති පුරුෂයෙක් සිටගෙන බලාගෙන ඉන්නවා. ඔහු (පහළ) ගෙට ඇතුළු වන්නා වූත්, නික්මෙන්නා වූ ත්, විදිහේ එහාට මෙහාට ඇවිදින්නා වූ ත්, හතරමං හන්දිය මැද වාඩි වී සිටින්නා වූ ත් මිනිසුන් දකිනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ මිනිසුන් ගෙට ඇතුළු වෙනවා. මේ උදවිය ගෙයින් නික්මෙනවා. මේ උදවිය වීදියේ එහාට මෙහාට ඇවිදිනවා. මේ උදවිය හතරමං හන්දිය මැද වාඩිවෙලා ඉන්නවා” කියල.

පින්වත් උදායී, ඔය අයුරින් මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් සත්වයන් ගේ චුතියත් උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවන්නේ. සිත එයට නතු කරනවා. එතකොට ඒ භික්ෂුව, ‘මං සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා කියල. ඒ කියන්නෙ; උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරල, වචනින් දුසිරිත් කරල, මනසින් දුසිරිත් කරල, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරමින් ඉඳල, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නව. දුගතියෙ ඉපදිලා ඉන්නව. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නව’ කියල. ඒ වගේ ම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිල, වචනයෙන් සුචරිතයේ යෙදිල, මනසින් සුචරිතයේ යෙදිල, ආර්යයන් වහන්සේලාට අපහාස නො කොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳල, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියා වල යෙදිල, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියල. මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගති වල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මේ සාවකා ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. සෙය්‍යථාපි උදායි, පබ්බතසංඛේපේ උදකරහදෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ, තත්ථ චක්ඛුමා පුරිසෝ තීරේ ඨිතෝ පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස ඒවමස්ස: අයං ඛෝ උදකරහදෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ. තත්‍රිමේ සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි මච්ඡගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපීති. ඒවමේව ඛෝ උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මේ සාවකා ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්‍ර ච පන මේ සාවකා බහූ අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා විහරන්ති. අයං ඛෝ උදායි, පඤ්චමෝ ධම්මෝ යේන මමං සාවකා සක්කරොන්ති ගරු කරොන්ති මානෙන්ති පූජෙන්ති. සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

පින්වත් උදායී, තව කරුණක් කියමි. මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙහි දී ම තමන් තුළ උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ. පින්වත් උදායී, ඒක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඉතා හොඳ යි. හරිම ප්‍රසන්න යි. කැළඹිලා නෑ. එතැන ඇස් ඇති පුරුෂයෙක් ඒ ඉවුරේ සිටගෙන ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබලිත්, මාළු රංචු ආදියත් හැසිරෙන අයුරු, සිටින අයුරු දකින්ට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නො කැළඹුණු දිය ඇති විලක්. මෙහි මේ සිප්පිබෙල්ලන්, සක්බෙල්ලන්, කැටකැබලිති, මාළු රංචුත් හැසිරෙනවා නෙව. ඉන්නවා නෙව” කියල.

පින්වත් උදායී, ඔය අයුරින් මා විසින් ශ්‍රාවකයන් හට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් කියා දීලා තියෙනවා. යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල මත ඉඳිමින් තමයි මාගේ ශ්‍රාවකයන් ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙහි දී ම තමන් තුළ උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ. ඉතින් ඔය වැඩපිළිවෙල තුළ මාගේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විශිෂ්ට ඤාණයෙන් යුතු පාරමීප්‍රාප්ත වීම නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා.

ඉමේ ඛෝ උදායි, පඤ්ච ධම්මා යේහි මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති. සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති.

පින්වත් උදායී, මාගේ ශ්‍රාවකයන් යම් කරුණු හේතු කොට ගෙන මට සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම්, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වසනවා නම්, ඒ මේ පස්වෙනි කාරණය යි.

ඉදමවෝච භගවා. අත්තමනෝ සකුලු‍දායී පරිබ්බාජකෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් සකුළුදායී පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාසකුලු‍දායි සුත්තං සත්තමං.

සකුළුදායී පිරිවැජියාට වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M