මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.3.2. අග්ගිවච්ඡගොත්ත සුත්තං

2.3.2. වච්ඡගොත්ත පිරිවැජියාට ගින්න උපමා කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව නිමවා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩි වුන වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළා.

කිං නු ඛෝ භෝ ගෝතම, ‘සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය සාදාකාලික ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘ලෝකය සාදාකාලික ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං පන භෝ ගෝතම, ‘අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය සාදාකාලික නො වේ ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘ලෝකය සාදාකාලික නො වේ ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘අන්තවා ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘අන්තවා ලෝකෝ ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය අන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘ලෝකය අන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං පන භෝ ගෝතම, ‘අනන්තවා ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘අනන්තවා ලෝකෝ ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය අනන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘ලෝකය අනන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘තං ජීවං තං සරීරං ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘තං ජීවං තං සරීරං ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘එය යි ආත්මය, එය යි ශරීරය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘එය යි ආත්මය, එය යි ශරීරය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං පන භෝ ගෝතම, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ආත්මය අනිකකි, ශරීරය අනිකකි යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘ආත්මය අනිකකි, ශරීරය අනිකකි යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං පන භෝ ගෝතම, ‘න හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘න හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා, නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා, නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං පන භෝ ගෝතම, ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැත, නැත්තෙත් නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ?” “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැත, නැත්තෙත් නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘සස්සතෝ ලෝකෝ, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘සස්සතෝ ලෝකෝ, ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්තී’ති වදේසි. කිං පන භෝ ගෝතම ‘අසස්සතෝ ලෝකෝ, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ, න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි ‘අසස්සතෝ ලෝකෝ, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤන්තී’ති වදේසි.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය සාදාකාලික ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘ලෝකය සාදාකාලික ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය සාදාකාලික නො වේ ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘ලෝකය සාදාකාලික නො වේ ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘අන්තවා ලෝකෝ, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘අන්තවා ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්තී’ති වදේසි. කිං පන භෝ ගෝතම ‘අනන්තවා ලෝකෝ ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘අනන්තවා ලෝකෝ ඉදමේව සච්චං, මෝඝමඤ්ඤන්තී’ති වදේසි.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය අන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘ලෝකය අන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ලෝකය අනන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘ලෝකය අනන්තවත් ය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘තං ජීවං තං සරීරං, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘තං ජීවං තං සරීරං, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤන්තී’ති වදේසි. කිං පන භෝ ගෝතම ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති. ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්තී’ති වදේසි.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘එය යි ආත්මය, එය යි ශරීරය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘එය යි ආත්මය, එය යි ශරීරය යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘ආත්මය අනිකකි, ශරීරය අනිකකි යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘ආත්මය අනිකකි, ශරීරය අනිකකි යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි ‘හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්තී’ති වදේසි. කිං පන භෝ ගෝතම, ‘න හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘න හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං, මෝඝමඤ්ඤන්තී’ති වදේසි.

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

“කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.”

කිං නු ඛෝ භෝ ගෝතම, ‘හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්තී’ති වදේසි. කිං පන භෝ ගෝතම ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤ’න්ති ඒවංදිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ අහං වච්ඡ ඒවංදිට්ඨි, ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා, ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්තී’ති වදේසි. කිං පන භවං ගෝතමෝ ආදීනවං සම්පස්සමානෝ ඒවං ඉමානි සබ්බසෝ දිට්ඨිගතානි අනුපගතෝති.

කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා, නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා, නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.

කිම භවත් ගෞතමයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැත, නැත්තෙත් නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨියෙහි ද භවත් ගෞතමයන් වහන්සේ ඉන්නෙ? කියල මා ඇසූ විට “පින්වත් වච්ඡය, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැත, නැත්තෙත් නැත යන මෙය ම යි සත්‍යය. අන් සෑම මතයක් ම හිස්’ කියන මෙම දෘෂ්ඨිය තුළ මම නෑ කියල යි මට පිළිතුරු දෙන්නෙ.

කිම භවත් ගෞතමයන් වහන්ස, කවර ආදීනවයක් දකිමින් ද සර්වප්‍රකාරයෙන් ම මෙසේ මෙම දෘෂ්ඨි වලට නො පැමිණ වැඩවසන්නේ?”

සස්සතෝ ලෝකෝති ඛෝ වච්ඡ දිට්ඨිගතමේතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤෝජනං, සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං. න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. අසස්සතෝ ලෝකෝති ඛෝ වච්ඡ ….(පෙ)…. අන්තවා ලෝකෝති ඛෝ වච්ඡ ….(පෙ)…. අනන්තවා ලෝකෝති ඛෝ වච්ඡ ….(පෙ)…. තං ජීවං තං සරීරන්ති ඛෝ වච්ඡ ….(පෙ)…. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති ඛෝ වච්ඡ ….(පෙ)…. හෝති තථාගතෝ පරං මරණාති ඛෝ වච්ඡ ….(පෙ)…. න හෝති තථාගතෝ පරං මරණාති ඛෝ වච්ඡ ….(පෙ)…. හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණාති ඛෝ වච්ඡ ….(පෙ)…. නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණාති ඛෝ වච්ඡ දිට්ඨිගතමේතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤෝජනං, සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. ඉමං ඛෝ අහං වච්ඡ ආදීනවං සම්පස්සමානෝ ඒවං ඉමානි සබ්බසෝ දිට්ඨිගතානි අනුපගතෝති.

“පින්වත් වච්ඡය, ‘ලෝකය සදාකාලික ය’ යන මෙම මතය දෘෂ්ඨිගත වීමක් ම යි. දෘෂ්ඨි අවුලක් ම යි. දෘෂ්ඨි කාන්තාරයක් ම යි. දෘෂ්ඨි කලබලයක් ම යි. දෘෂ්ඨි සැලීමක් ම යි. දෘෂ්ඨි බන්ධනයක් ම යි. දුක් සහිත දෙයක් ම යි. පීඩා සහිත දෙයක් ම යි. දැඩි ආයාස සහිත ම යි. දැවීම් සහිත දෙයක් ම යි. අවබෝධයෙන් යුතු කළකිරීම පිණිස හේතු වෙන්නේ නෑ. ඇල්ම දුරු කිරීම පිණිස හේතු වෙන්නේ නෑ. ඇල්ම නිරුද්ධ කිරීම පිණිස පවතින්නේ නෑ. සංසිඳීම පිණිස හේතුවෙන්නෙ නෑ. විශිෂ්ට ඤාණය පිණිස හේතුවෙන්නෙ නෑ. සත්‍යාවබෝධය පිණිස හේතුවෙන්නෙ නෑ. නිවන පිණිස හේතුවෙන්නෙ නෑ.

‘ලෝකය සදාකාලික නැත’ යන මෙම මතය ….(පෙ)…. ‘ලෝකය අන්තවත් ය’ යන මෙම මතය ….(පෙ)…. ‘ලෝකය අනන්තවත් ය’ යන මෙම මතය ….(පෙ)…. ‘ජීවය ද එය යි, ශරීරය ද එය යි’ යන මෙම මතය ….(පෙ)…. ‘ජීවය අනිකකි, ශරීරය අනිකකි’ යන මෙම මතය ….(පෙ)…. ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා’ යන මෙම මතය ….(පෙ)…. ‘තථාගතයන් වහන්සේ මරණින් මතු නැත’ යන මෙම මතය ….(පෙ)…. ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා, නැත’ යන මෙම මතය ….(පෙ)…. ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැත, නැත්තෙත් නැත’ යන මෙම මතය දෘෂ්ඨිගත වීමක් ම යි. දෘෂ්ඨි අවුලක් ම යි. දෘෂ්ඨි කාන්තාරයක් ම යි. දෘෂ්ඨි කලබලයක් ම යි. දෘෂ්ඨි සැලීමක් ම යි. දෘෂ්ඨි බන්ධනයක් ම යි. දුක් සහිත දෙයක් ම යි. පීඩා සහිත දෙයක් ම යි. දැඩි ආයාස සහිත ම යි. දැවීම් සහිත දෙයක් ම යි. අවබෝධයෙන් යුතු කළකිරීම පිණිස හේතු වෙන්නේ නෑ. ඇල්ම දුරු කිරීම පිණිස හේතු වෙන්නේ නෑ. ඇල්ම නිරුද්ධ කිරීම පිණිස පවතින්නේ නෑ. සංසිඳීම පිණිස හේතු වෙන්නෙ නෑ. විශිෂ්ට ඤාණය පිණිස හේතු වෙන්නෙ නෑ. සත්‍යාවබෝධය පිණිස හේතු වෙන්නෙ නෑ. නිවන පිණිස හේතු වෙන්නෙ නෑ. පින්වත් වච්ඡය, ඔන්න ඔය ආදීනව දැකීමෙනුයි මම සර්වප්‍රකාරයෙන් ම මෙසේ මෙම දෘෂ්ටි වලට නො පැමිණ සිටින්නේ.”

‘අත්ථි පන භෝතෝ ගෝතමස්ස කිඤ්චි දිට්ඨිග’න්ති. දිට්ඨිගතන්ති ඛෝ වච්ඡ අපනීතමේතං තථාගතස්ස. දිට්ඨං හේතං වච්ඡ තථාගතේන: ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ථංගමෝ. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයෝ, ඉති සඤ්ඤාය අත්ථංගමෝ. ඉති සංඛාරා, ඉති සංඛාරානං සමුදයෝ, ඉති සංඛාරානං අත්ථංගමෝ. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයෝ, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමෝති. තස්මා තථාගතෝ සබ්බමඤ්ඤිතානං සබ්බමථිතානං සබ්බඅහිංකාරමමිංකාරමානානුසයානං ඛයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා අනුපාදා විමුත්තෝති වදාමීති.

“එතකොට භවත් ගෞතමයන් වහන්සේ හට දෘෂ්ඨි ගත වූ කිසියම් දෙයක් තිබෙනවා ද?” “පින්වත් වච්ඡය, තථාගතයන් විසින් දෘෂ්ඨිගත වීම යන මෙය බැහැර කළ දෙයක්. පින්වත් වච්ඡය, තථාගතයන් විසින් නුවණින් දකින ලද්දේ මෙය යි. එනම්, ‘මෙය රූපය යි. මෙය රූපයේ හටගැනීම යි. මෙය රූපය නැතිවී යාම යි. මෙය වේදනාව යි. මෙය වේදනාවේ හටගැනීම යි. මෙය වේදනාව නැතිවී යාම යි. මෙය සඤ්ඤාව යි. මෙය සඤ්ඤාවේ හටගැනීම යි. මෙය සඤ්ඤාව නැතිවී යාම යි. මේවා සංස්කාර යි. මෙය සංස්කාරයන් ගේ හටගැනීම යි. මෙය සංස්කාරයන් ගේ නැතිවී යාම යි. මෙය විඤ්ඤාණය යි. මෙය විඤ්ඤාණයේ හටගැනීම යි. මෙය විඤ්ඤාණයේ නැතිවී යාම යි.’ එනිසා තථාගතයන් සියළු කෙලෙස් සහිත හැඟීම් වලින්, සියළු කෙලෙස් කැළඹීම් වලින්, සියළු අහංකාර මමංකාර මාන අනුසයන් ගේ ක්ෂය වීමෙන් එහි ඇල්ම දුරු වීමෙන්, එහි ඇල්ම නිරුද්ධ වීමෙන්, එහි ඇල්ම අත්හැරීමෙන්, බැහැර කිරීමෙන්, කිසිවකට ග්‍රහණය නොවී විමුක්තියට පත් වුනා කියලයි මා කියන්නේ.”

ඒවං විමුත්තචිත්තෝ පන භෝ ගෝතම භික්ඛු කුහිං උපපජ්ජතීති? උපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේති. තේන හි භෝ ගෝතම න උපපජ්ජතීති? න උපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේති. තේන හි භෝ ගෝතම උපපජ්ජතීති ච න ච උපපජ්ජතීති? උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේති. තේන හි භෝ ගෝතම නේව උපපජ්ජති න නූපපජ්ජතීති? නේව උපපජ්ජති න නූපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේතීති.

“භවත් ගෞතමයන් වහන්ස, එසේ විමුක්තියට පත් සිත් ඇති භික්ෂුව උපදින්නේ කොහේ ද?” “පින්වත් වච්ඡය, ‘උපදිනවා’ය යන මතය මෙහි යෙදෙන්නෙ නැහැ.”

“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්ස, උපදින්නේ නැද්ද?” “පින්වත් වච්ඡය, ‘උපදින්නේ නැත’ යන මතය මෙහි යෙදෙන්නෙ නැහැ.”

“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්ස, උපදිනවා ද? නූපදිනවා ද?” “පින්වත් වච්ඡය, ‘උපදිනවා ය, නූපදිනවා’ ය යන මතය මෙහි යෙදෙන්නෙ නැහැ.”

“එසේ වී නම් භවත් ගෞතමයන් වහන්ස, උපදින්නේ නැද්ද? නූපදින්නෙත් නැද්ද?” “පින්වත් වච්ඡය, ‘උපදින්නේ නැත, නූපදින්නේ ද නැත’ ය යන මතය මෙහි යෙදෙන්නෙ නැහැ.”

ඒවං විමුත්තචිත්තෝ පන භෝ ගෝතම භික්ඛු කුහිං උපපජ්ජතීති ඉති පුට්ඨෝ සමානෝ ‘උපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේතී’ති වදේසි. තේන හි භෝ ගෝතම න උපපජ්ජතීති ඉති පුට්ඨෝ සමානෝ ‘න උපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේතී’ති වදේසි. තේන හි භෝ ගෝතම උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඉති පුට්ඨෝ සමානෝ ‘උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේතී’ති වදේසි. තේන හි භෝ ගෝතම නේව උපපජ්ජති න නූපපජ්ජතීති ඉති පුට්ඨෝ සමානෝ ‘නේව උපපජ්ජති, න නූපපජ්ජතීති ඛෝ වච්ඡ න උපේතී’ති වදේසි. එත්ථාහං භෝ ගෝතම අඤ්ඤාණමාපාදිං, එත්ථ සම්මෝහමාපාදිං. යාපි මේ ඒසා භෝතෝ ගෝතමස්ස පුරිමේන කථාසල්ලාපේන අහු පසාදමත්තා, සාපි මේ ඒතරහි අන්තරහිතාති.

“භවත් ගෞතමයන් වහන්ස, ‘එසේ විමුක්තියට පත් සිත් ඇති භික්ෂුව උපදින්නේ කොහේද’ කියල මා ඇසූ විට, ‘පින්වත් වච්ඡය, උපදිනවා ය යන මතය මෙහි යෙදෙන්නේ නෑ’ කියල යි මට පිළිතුරු දෙන්නෙ. ‘එසේ වී නම් භවත් ගෞතමයන් වහන්ස, උපදින්නේ නැද්ද’ කියල මා ඇසූ විට ‘පින්වත් වච්ඡය, උපදින්නේ නැත යන මතය මෙහි යෙදෙන්නෙ නෑ’ කියල යි මට පිළිතුරු දෙන්නේ. ‘එසේ වී නම් භවත් ගෞතමයන් වහන්ස, උපදිනවා ද, නූපදිනවා ද’ කියල මා ඇසූ විට ‘පින්වත් වච්ඡය, උපදිනවාය, නූපදිනවා ය යන මතය මෙහි යෙදෙන්නේ නෑ’ කියල යි මට පිළිතුරු දෙන්නෙ. ‘එසේ වී නම් භවත් ගෞතමයන් වහන්ස, උපදින්නේ නැති ද? නූපදින්නෙත් නැති ද’ කියල මා ඇසූ විට ‘පින්වත් වච්ඡය, උපදින්නෙත් නැත. නූපදින්නෙත් නැත යන මතය මෙහි යෙදෙන්නේ නෑ’ කියල යි මට පිළිතුරු දෙන්නේ.

“අනේ! භවත් ගෞතමයන් වහන්ස, ඔය දුන් පිළිතුරු නිසා මට අවබෝධයක් ඇතිවුනේ නෑ. ඔය පිළිතුරුවලින් මං මුළාවට පත් වුනා. භවත් ගෞතමයන් වහන්සේ සමඟ කලින් ඇති වූ කතා බහ නිසා මා තුළ යම් ප්‍රසාද මාත්‍රයක් තිබුනා ද, දැන් ඒක ත් අතුරුදහන් වෙලා ගියා.”

අලං හි තේ වච්ඡ අඤ්ඤාණාය, අලං සම්මෝහාය. ගම්භීරෝහායං වච්ඡ ධම්මෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ. සෝ තයා දුජ්ජානෝ අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤඛන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤත්‍රයෝගේන අඤ්ඤත්ථාචරියකේන. තේන හි වච්ඡ තඤ්ඤේ’වෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තේ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි.

“පින්වත් වච්ඡය, අවබෝධය ඇති වුනේ නෑ යන කරුණ අත්හැර දමන්න. මුළා වුනා කියන කරුණත් අත්හැර දමන්න. ඇත්තෙන් ම වච්ඡය, මේ ධර්මය ගැඹුරු යි. දැකීමට දුෂ්කර යි. අවබෝධයට දුෂ්කර යි. ශාන්ත යි. ප්‍රණීත යි. තර්කයට ගෝචර නොවෙයි. සියුම්. නුවණැත්තන් විසින් දැක්ක යුතු දෙයක්. අන්‍ය දෘෂ්ඨියක් දරණ, අන්‍ය දෘෂ්ඨියක් ඉවසන, අන්‍ය දෘෂ්ඨියක් රුචි කරන, අන්‍ය දෘෂ්ඨියක යෙදෙන, අන්‍ය දෘෂ්ඨිගත ආචාර්යවරයන් සිටින ඔබට එය දැන ගැනීම දුෂ්කර දෙයක් ම යි. එහෙයින් පින්වත් වච්ඡය, මෙහි දී ඔබෙන් ම මෙය අසන්නම්. ඔබට වැටහෙන්නේ යම් අයුරකින් ද, ඒ අයුරින් පිළිතුරු දෙන්න.

තං කිං මඤ්ඤසි වච්ඡ සචේ තේ පුරතෝ අග්ගි ජලෙය්‍ය, ජානෙය්‍යාසි ත්වං අයං මේ පුරතෝ අග්ගි ජලතීති? සචේ මේ භෝ ගෝතම පුරතෝ අග්ගි ජලෙය්‍ය, ජානෙය්‍යාහං ‘අයං මේ පුරතෝ අග්ගි ජලතී’ති.

පින්වත් වච්ඡය, මේ ගැන කුමක්ද සිතන්නේ? ඉදින් ඔබ ඉදිරියෙහි ගින්නක් දැල්වෙනවා නම්, ‘මා ඉදිරියෙහි ගින්නක් දැල්වෙයි’ යන්න ඔබ දන්නවා ද?” “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි ගින්නක් දැල්වෙනවා නම්, ‘මා ඉදිරියෙහි ගින්නක් දැල්වෙයි’ යන්න මා දන්නවා.”

සචේ පන තං වච්ඡ ඒවං පුච්ඡෙය්‍ය, ‘යෝ තේ අයං පුරතෝ අග්ගි ජලති, අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති. ඒවං පුට්ඨෝ ත්වං වච්ඡ කින්ති බ්‍යාකරෙය්‍යාසීති? සචේ මං භෝ ගෝතම ඒවං පුච්ඡෙය්‍ය ‘යෝ තේ අයං පුරතෝ අග්ගි ජලති, අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති. ඒවං පුට්ඨෝ අහං භෝ ගෝතම ඒවං බ්‍යාකරෙය්‍යං. ‘යෝ මේ අයං පුරතෝ අග්ගි ජලති, අයං අග්ගි තිණකට්ඨුපාදානං පටිච්ච ජලතී’ති. සචේ තේ වච්ඡ පුරතෝ සෝ අග්ගි නිබ්බායෙය්‍ය, ජානෙය්‍යාසි ත්වං අයං මේ පුරතෝ අග්ගි නිබ්බුතෝති? සචේ මේ භෝ ගෝතම පුරතෝ සෝ අග්ගි නිබ්බායෙය්‍ය, ජානෙය්‍යාහං අයං මේ පුරතෝ අග්ගි නිබ්බුතෝති. සචේ පන තං වච්ඡ ඒවං පුච්ඡෙය්‍ය ‘යෝ තේ අයං පුරතෝ අග්ගි නිබ්බුතෝ සෝ අග්ගි ඉතෝ කතමං දිසං ගතෝ, පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වා’ති. ඒවං පුට්ඨෝ ත්වං වච්ඡ කින්ති බ්‍යාකරෙය්‍යාසීති? න උපේති භෝ ගෝතම. යං හි සෝ ගෝතම අග්ගි තිණකට්ඨුපාදානං පටිච්ච අජලි තස්ස ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා අනාහාරෝ නිබ්බුතෝ’තේව සංඛං ගච්ඡතී’ති.

“එතකොට පින්වත් වච්ඡය, ඔබෙන් යමෙක් මෙහෙම ඇසුවොත්, ඔබ ඉදිරියෙහි යම් ගින්නක් දැල්වෙනවා නම්, ‘මේ ගින්න කුමන හේතුවක් නිසා ද දැල්වෙන්නේ?’ කියල. එතකොට පින්වත් වච්ඡය, ඔබ කොහොම ද පිළිතුරු දෙන්නෙ?” “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් යමෙක් මගෙන් මෙහෙම ඇසුවොත්, ඔබ ඉදිරියෙහි යම් ගින්නක් දැල්වෙනවා නම්, ‘මේ ගින්න කුමන හේතුවක් නිසා ද දැල්වෙන්නේ?’ කියල. එතකොට මං භවත් ගෞතමයන් වහන්ස, මෙහෙම පිළිතුරු දෙනවා. මා ඉදිරියේ යම් ගින්නක් දැල්වෙනවා ද, මේ ගින්න තණ, දර කැබලි ආදියට ග්‍රහණය වීම නිසයි දැල්වන්නේ.”

“එතකොට පින්වත් වච්ඡය, ඔබ ඉදිරියෙහි ඒ ගින්න නිවී යනවා නම්, ඔබ ‘මා ඉදිරියෙහි මේ ගින්න නිවී ගියා’ යන කරුණ දන්නවා ද?” “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි දැල්වෙන ගින්න නිවී යනවා නම්, ‘මා ඉදිරියෙහි දැල්වුන ගින්න නිවී ගියා’ කියා මා දැනගන්නවා.”

“එතකොට පින්වත් වච්ඡය, ඔබෙන් මේ විදිහට ඇසුවොත්, ‘ඔබ ඉදිරියෙහි දැල්වුන ගින්න නිවී ගියා. එතකොට ඒ ගින්න මෙයින් කවර දිශාවකට ද ගියේ, පෙරදිගට ද? බටහිරට ද? උතුරට ද? දකුණට ද?’ කියල. ඔය විදිහට ඇසුවොත් පින්වත් වච්ඡය, ඔබ පිළිතුරු දෙන්නෙ කොහොම ද?” “භවත් ගෞතමයන් වහන්ස, ඒ ප්‍රශ්නය ඒකට යෙදෙන්නෙ නෑ. භවත් ගෞතමයන් වහන්ස, ඒ ගින්න දැල්වුනේ යම් තණ, දර කැබලි ආදියට ග්‍රහණය වීම නිසා නම්, ඒ ග්‍රහණය වූ දෙය ක්ෂය වීමෙන් ද, ගින්නට ග්‍රහණය වීම පිණිස වෙන කිසිවක් නො දැමීමෙන් ද, ආහාර රහිතව නිවී ගියා කියන කතාව යි ගැලපෙන්නේ”

ඒවමේව ඛෝ වච්ඡ යේන රූපේන තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය, තං රූපං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. රූපසංඛාවිමුත්තෝ ඛෝ වච්ඡ තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරියෝගාහෝ සෙය්‍යථාපි මහාසමුද්දෝ, උපපජ්ජතීති න උපේති, න උපපජ්ජතීති න උපේති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපේති, නේව උපපජ්ජති න නූපපජ්ජතීති න උපේති. යාය වේදනාය තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය, සා වේදනා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. වේදනාසංඛාවිමුත්තෝ ඛෝ වච්ඡ තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරියෝගාහෝ සෙය්‍යථාපි මහාසමුද්දෝ, උපපජ්ජතීති න උපේති, න උපපජ්ජතීති න උපේති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපේති, නේව උපපජ්ජති න නූපපජ්ජතීති න උපේති. යාය සඤ්ඤාය තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය, සා සඤ්ඤා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සඤ්ඤාසංඛාවිමුත්තෝ ඛෝ වච්ඡ තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරියෝගාහෝ, සෙය්‍යථාපි මහාසමුද්දෝ, උපපජ්ජතීති න උපේති, න උපපජ්ජතීති න උපේති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපේති, නේව උපපජ්ජති න නූපපජ්ජතීති න උපේති. යේහි සංඛාරේහි තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය, තේ සංඛාරා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සංඛාරසංඛාවිමුත්තෝ ඛෝ වච්ඡ තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරියෝගාහෝ සෙය්‍යථාපි මහාසමුද්දෝ, උපපජ්ජතීති න උපේති, න උපපජ්ජතීති න උපේති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපේති, නේව උපපජ්ජති න නූපපජ්ජතීති න උපේති. යේන විඤ්ඤාණේන තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය, තං විඤ්ඤාණං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. විඤ්ඤාණසංඛාවිමුත්තෝ ඛෝ වච්ඡ තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරියෝගාහෝ සෙය්‍යථාපි මහාසමුද්දෝ, උපපජ්ජතීති න උපේති, න උපපජ්ජතීති න උපේති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපේති, නේව උපපජ්ජති න නූපපජ්ජතීති න උපේතීති.

“පින්වත් වච්ඡය, ඔය විදිහට ම යි තේරුම් ගත යුත්තේ. යම් රූපයකින් තථාගතයන් වහන්සේව පණවනවා නම්, ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුල් උදුරා දමල යි තියෙන්නෙ. මුදුන් කරටිය විනාස කළ තල් ගසක් මෙන් කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරල යි තියෙන්නෙ. නැවත නූපදින ස්වභාවයට පත් කරලයි තියෙන්නෙ. පින්වත් වච්ඡය, රූපය නුවණින් අවබෝධ කොට, එහි තෘෂ්ණා නිරෝධයෙන් විමුක්තියට පත් තථාගතයන් වහන්සේ ගැඹුරු යි. මිණිය නො හැකි යි. බාහිර ස්වභාවයෙන් දැක්ක නො හැකියි. මහා සමුද්‍රය වගෙයි. උපදිනවා යන මතය තථාගතයන් වහන්සේට යෙදෙන්නෙ නැහැ. උපදින්නේ නැත යන මතය යෙදෙන්නෙත් නැහැ. උපදින්නේ ය, නූපදින්නේ ය යන මතය යෙදෙන්නේ ත් නෑ. උපදින්නෙත් නැත, නූපදින්නෙ ත් නැත යන මතය යෙදෙන්නෙත් නෑ.

යම් විඳීමකින් තථාගතයන් වහන්සේව පණවනවා නම්, ඒ විඳීම තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුල් උදුරා දමල යි තියෙන්නෙ. මුදුන් කරටිය විනාස කළ තල් ගසක් මෙන් කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරල යි තියෙන්නෙ. නැවත නූපදින ස්වභාවයට පත් කරලයි තියෙන්නෙ. පින්වත් වච්ඡය, විඳීම නුවණින් අවබෝධ කොට, එහි තෘෂ්ණා නිරෝධයෙන් විමුක්තියට පත් තථාගතයන් වහන්සේ ගැඹුරු යි. මිණිය නො හැකි යි. බාහිර ස්වභාවයෙන් දැක්ක නො හැකියි. මහා සමුද්‍රය වගෙයි. උපදිනවා යන මතය තථාගතයන් වහන්සේට යෙදෙන්නෙ නැහැ. උපදින්නේ නැත යන මතය යෙදෙන්නෙත් නැහැ. උපදින්නේ ය, නූපදින්නේ ය යන මතය යෙදෙන්නේ ත් නෑ. උපදින්නෙත් නැත, නූපදින්නෙ ත් නැත යන මතය යෙදෙන්නෙත් නෑ.

යම් සඤ්ඤාවකින් තථාගතයන් වහන්සේව පණවනවා නම්, ඒ සඤ්ඤාව තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුල් උදුරා දමල යි තියෙන්නෙ. මුදුන් කරටිය විනාස කළ තල් ගසක් මෙන් කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරල යි තියෙන්නෙ. නැවත නූපදින ස්වභාවයට පත් කරලයි තියෙන්නෙ. පින්වත් වච්ඡය, සඤ්ඤාව නුවණින් අවබෝධ කොට, එහි තෘෂ්ණා නිරෝධයෙන් විමුක්තියට පත් තථාගතයන් වහන්සේ ගැඹුරු යි. මිණිය නො හැකි යි. බාහිර ස්වභාවයෙන් දැක්ක නො හැකියි. මහා සමුද්‍රය වගෙයි. උපදිනවා යන මතය තථාගතයන් වහන්සේට යෙදෙන්නෙ නැහැ. උපදින්නේ නැත යන මතය යෙදෙන්නෙත් නැහැ. උපදින්නේ ය, නූපදින්නේ ය යන මතය යෙදෙන්නේ ත් නෑ. උපදින්නෙත් නැත, නූපදින්නෙ ත් නැත යන මතය යෙදෙන්නෙත් නෑ.

යම් සංස්කාර වලින් තථාගතයන් වහන්සේව පණවනවා නම්, ඒ සංස්කාර තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුල් උදුරා දමල යි තියෙන්නෙ. මුදුන් කරටිය විනාස කළ තල් ගසක් මෙන් කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරල යි තියෙන්නෙ. නැවත නූපදින ස්වභාවයට පත් කරලයි තියෙන්නෙ. පින්වත් වච්ඡය, සංස්කාර නුවණින් අවබෝධ කොට, එහි තෘෂ්ණා නිරෝධයෙන් විමුක්තියට පත් තථාගතයන් වහන්සේ ගැඹුරු යි. මිණිය නො හැකි යි. බාහිර ස්වභාවයෙන් දැක්ක නො හැකියි. මහා සමුද්‍රය වගෙයි. උපදිනවා යන මතය තථාගතයන් වහන්සේට යෙදෙන්නෙ නැහැ. උපදින්නේ නැත යන මතය යෙදෙන්නෙත් නැහැ. උපදින්නේ ය, නූපදින්නේ ය යන මතය යෙදෙන්නේ ත් නෑ. උපදින්නෙත් නැත, නූපදින්නෙ ත් නැත යන මතය යෙදෙන්නෙත් නෑ.

යම් විඤ්ඤාණයකින් තථාගතයන් වහන්සේව පණවනවා නම්, ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුල් උදුරා දමල යි තියෙන්නෙ. මුදුන් කරටිය විනාස කළ තල් ගසක් මෙන් කරලයි තියෙන්නෙ. අභාවයට පත් කරල යි තියෙන්නෙ. නැවත නූපදින ස්වභාවයට පත් කරලයි තියෙන්නෙ. පින්වත් වච්ඡය, විඤ්ඤාණය නුවණින් අවබෝධ කොට, එහි තෘෂ්ණා නිරෝධයෙන් විමුක්තියට පත් තථාගතයන් වහන්සේ ගැඹුරු යි. මිණිය නො හැකි යි. බාහිර ස්වභාවයෙන් දැක්ක නො හැකියි. මහා සමුද්‍රය වගෙයි. උපදිනවා යන මතය තථාගතයන් වහන්සේට යෙදෙන්නෙ නැහැ. උපදින්නේ නැත යන මතය යෙදෙන්නෙත් නැහැ. උපදින්නේ ය, නූපදින්නේ ය යන මතය යෙදෙන්නේ ත් නෑ. උපදින්නෙත් නැත, නූපදින්නෙ ත් නැත යන මතය යෙදෙන්නෙත් නෑ.”

ඒවං වුත්තේ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: සෙය්‍යථාපි භෝ ගෝතම ගාමස්ස වා නිගමස්ස වා අවිදූරේ මහාසාලරුක්ඛෝ, තස්ස අනිච්චතා සාඛාපලාසං පලු‍ජ්ජෙය්‍ය තචපපටිකං පලු‍ජ්ජෙය්‍ය ඵෙග්ගු පලු‍ජ්ජෙය්‍ය. සෝ අපරේන සමයේන අපගතසාඛාපලාසෝ අපගතතචපපටිකෝ අපගතඵෙග්ගුකෝ සුද්ධෝ අස්ස සාරේ පතිට්ඨිතෝ, ඒවමේවිදං භෝතෝ ගෝතමස්ස පාවචනං අපගතසාඛාපලාසං අපගතතචපපටිකං අපගතඵෙග්ගුකං සුද්ධං සාරේ පතිට්ඨිතං. අභික්කන්තං භෝ ගෝතම. අභික්කන්තං භෝ ගෝතම. ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ වදාළ විට වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළා. “භවත් ගෞතමයන් වහන්ස, ගමක හෝ නියම් ගමක හෝ නුදුරින් මහා සාල වෘක්ෂයක් තියෙනවා. ඉතින් එහි අනිත්‍යතාවය හේතුවෙන් කොළ, අතු නැසී යනවා. සිවි, පොතු නැසී යනවා. එළය නැසී යනවා. ටික කලක් යන විට කොළ අතු නැතිව, සිවි, පොතු නැතිව, එළය නැතිව, ඉතා පිරිසිදු අරටුව විතරක් මතු වෙලා එනවා. භවත් ගෞතමයන් වහන්සේ අන්න ඒ වගේ තමයි. කොළ අතු වැනි දේවල් නැතිව, සිවි පොතු දේවල් නැතිව, එළය වැනි දේවල් නැතිව, පාරිශුද්ධ වූ ලොව්තුරු අරටුවේ පිහිටල යි තියෙන්නෙ. භවත් ගෞතමයන් වහන්ස, ඉතාමත් සුන්දර යි! භවත් ගෞතමයන් වහන්ස, ඉතාමත් සුන්දර යි! ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස මාව පිළිගන්නා සේක්වා!

සාදු! සාදු!! සාදු!!!

අග්ගිවච්ඡගොත්ත සුත්තං දුතියං.

වච්ඡගොත්ත පිරිවැජියාට ගින්න උපමා කොට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M