මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.3.1. තේවිජ්ජවච්ඡගොත්ත සුත්තං

2.3.1. ත්‍රිවිද්‍යාව ගැන වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ ඒකපුණ්ඩරීකේ පරිබ්බාජකාරාමේ පටිවසති. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය වේසාලියං පිණ්ඩාය පාවිසි. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි. අතිප්පගෝ ඛෝ තාව වේසාලියං පිණ්ඩාය චරිතුං. යංනූනාහං යේන ඒකපුණ්ඩරීකෝ පරිබ්බාජකාරාමෝ, යේන වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ, තේනුපසංකමෙය්‍යන්ති. අථ ඛෝ භගවා යේන ඒකපුණ්ඩරීකෝ පරිබ්බාජකාරාමෝ යේන වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ තේනුපසංකමි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි ය. ඒ දිනවල ම වච්ඡගොත්ත පිරිවැජියා ත්, ඒකපුණ්ඩරීක නම් පිරිවැජි ආරාමයෙහි වාසය කළා. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ද ගෙන විශාලාවෙහි පිණ්ඩපාතය පිණිස වැඩම කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇති වුනා. ‘තවම විශාලාවෙහි පිණ්ඩපාත කරන්නට වේලාසන වැඩියි. එනිසා මං ඒකපුණ්ඩරීක පිරිවැජි ආරාමය යම් තැනක ද, වච්ඡගොත්ත පිරිවැජියා යම් තැනක ද, එතැනට යන්නට ඕන’ කියල. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒකපුණ්ඩරීක නම් පිරිවැජි ආරාමයෙහි වච්ඡගොත්ත පිරිවැජියා වෙත වැඩම කළා.

අද්දසා ඛෝ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන භගවන්තං ඒතදවෝච: “ඒතු ඛෝ භන්තේ භගවා, ස්වාගතං භන්තේ භගවතෝ, චිරස්සං ඛෝ භන්තේ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තේ භගවා ඉදමාසනං පඤ්ඤත්ත”න්ති. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. වච්ඡගොත්තාපි ඛෝ පරිබ්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: “සුතං මේතං භන්තේ, සමණෝ ගෝතමෝ සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසේසං ඤාණදස්සනං පටිජානාති: චරතෝ ච මේ තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. යේ තේ භන්තේ ඒවමාහංසු: සමණෝ ගෝතමෝ සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසේසං ඤාණදස්සනං පටිජානාති: චරතෝ ච මේ තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. කච්චි තේ භන්තේ භගවතෝ වුත්තවාදිනෝ, න ච භගවන්තං අභූතේන අබ්භාචික්ඛන්ති. ධම්මස්ස චානුධම්මං බ්‍යාකරොන්ති. න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡතී”ති.

වච්ඡගොත්ත පිරිවැජියා දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වඩිනා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගේ වැඩම වීම ස්වාගතයක් ම යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩම වීම බොහෝ කාලෙකට පසුවයි වුනේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ පණවන ලද අසුනෙහි වැඩ සිටින සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩ සිටියා. වච්ඡගොත්ත පිරිවැජියා ද එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මං මෙය අසා තිබෙනවා. ඒ කියන්නෙ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්වඥ යි. සියල්ල දක්නා කෙනෙක්. ඉතිරි නැතිව පවතින ඤාණ දර්ශනයක් ගැන ප්‍රතිඥා දෙනවා කියල. ඒ කියන්නෙ ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, නිදිවරන විටත් නිරතුරුව හැම කල්හි ම තමන් වහන්සේට ඤාණදර්ශන පිහිටා තිබෙනවා’ කියල.

ස්වාමීනී, යමෙක් ඒ විදිහට කිව්වොත් ඒ කියන්නෙ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්වඥ යි. සියල්ල දක්නා කෙනෙක්. ඉතිරි නැතිව පවතින ඤාණ දර්ශනයක් ගැන ප්‍රතිඥා දෙනවා කියල. ඒ කියන්නෙ ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, නිදිවරන විටත් නිරතුරුව හැම කල්හි ම තමන් වහන්සේට ඤාණදර්ශන පිහිටා තිබෙනවා’ කියල. ඉතින් ස්වාමීනී, ඔවුන් ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් ද? එහෙම නැත්නම්, ඔවුන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නැගීමක් ද? එසේත් නැත්නම් ඔවුන් කරන්නේ ධර්මයට අනුකූල වූ දෙයක් පැවසීමක් ද? කරුණු සහිතව ගැරහුම් ලබන කිසියම් වාදාභිමුඛ කරුණකට නො පැමිණීමක් ද?”

“යේ තේ වච්ඡ, ඒවමාහංසු: ‘සමණෝ ගෝතමෝ සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසේසං ඤාණදස්සනං පටිජානාති: චරතෝ ච මේ තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. න මේ තේ වුත්තවාදිනෝ, අබ්භාචික්ඛන්ති ච පන මං තේ අසතා අභූතේනා”ති.

“පින්වත් වච්ඡය, යම් කෙනෙක් මේ විදිහට කිව්වොත්, ඒ කියන්නෙ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්වඥ යි. සියල්ල දක්නා කෙනෙක්. ඉතිරි නැතිව පවතින ඤාණ දර්ශනයක් ගැන ප්‍රතිඥා දෙනවා කියල. ඒ කියන්නෙ ඇවිදින විට ත්, සිටින විට ත්, නිදන විට ත්, නිදිවරන විටත් නිරතුරුව හැම කල්හි ම තමන් වහන්සේට ඤාණදර්ශන පිහිටා තිබෙනවා’ කියල. එය මා පවසන ලද්දක් නොවේ. ඔවුන් ඒ කරන්නේ මට අසත්‍ය වූ අභූතයෙන් චෝදනා කිරීම යි.”

‘කථං බ්‍යාකරමානා පන මයං භන්තේ වුත්තවාදිනෝ චේව භගවතෝ අස්සාම, න ච භගවන්තං අභූතේන අබ්භාචික්ඛෙය්‍යාම. ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍යාම. න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා’ති.

“ස්වාමීනී, අපි කොයි විදිහට පැවසුවොත් ද භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් පැවසුවා වන්නේ? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නො කළා වන්නේ? ධර්මයට අනුකූල දෙයක් පැවසුවා වන්නේ? කරුණු සහිතව ගැරහුම් ලබන කිසියම් වාදාභිමුඛ කරුණකට නො පැමිණියා වන්නේ?”

‘තේවිජ්ජෝ සමණෝ ගෝතමෝ’ති ඛෝ වච්ඡ බ්‍යාකරමානෝ වුත්තවාදී චේව මේ අස්ස, න ච මං අභූතේන අබ්භාචික්ඛෙය්‍ය, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍ය, න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍ය. අහං හි වච්ඡ යාවදේව ආකංඛාමි අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි. අහං හි වච්ඡ යාවදේව ආකංඛාමි දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ ….(පෙ)…. යථාකම්මූපගේ සත්තේ පජානාමි. අහං හි වච්ඡ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි. ‘තේවිජ්ජෝ සමණෝ ගෝතමෝ’ති ඛෝ වච්ඡ බ්‍යාකරමානෝ වුත්තවාදී චේව මේ අස්ස න ච මං අභූතේන අබ්භාචික්ඛෙය්‍ය, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍ය, න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා’ති.

“පින්වත් වච්ඡය, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත්‍රිවිද්‍යාලාභී කෙනෙක් ය’ කියා කියනවා නම් ඒ කියන්නේ මා පවසන දෙයක් ම යි. ඒ කියමනින් මට අභූතයෙන් චෝදනාවක් වන්නෙ නෑ. ධර්මයට අනුකූල දෙයක් ම යි කියන්නෙ. කරුණු සහිතව ගැරහුම් ලබන කිසියම් වාදාභිමුඛ කරුණකට පැමිණෙන්නෙත් නෑ.

පින්වත් වච්ඡය, මට කැමති තාක් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නෙ එක ජාතියක්, ජාති දෙකක්, ….(පෙ)…. ඔය විදිහට ආකාර සහිත වූ පැහැදිලි සිදුවීම් සහිත ව, නොයෙක් ආකාරයෙන් පුබ්බේනිවාසානුස්සති ඤාණය සිහි කරන්නට පුළුවන්.

ඒ වගේ ම පින්වත් වච්ඡය, මට කැමති තාක් සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය ඇසින් චුත වෙන උපදින සතුන් දකින්ට පුළුවන්. හීන වූ, උසස් වූ, වර්ණවත් වූ, විරූපී වූ, සුගතියෙහි ඉපිද සිටින, දුගතියෙහි ඉපිද සිටින, ….(පෙ)…. කර්මානුරූපව චුතවෙන උපදින සතුන් දකින්නට පුළුවන්.

ඒ වගේ ම පින්වත් වච්ඡය, මං ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙහි දී ම තමන් ගේ විශිෂ්ඨ වූ ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණිලයි වාසය කරන්නේ. පින්වත් වච්ඡය, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත්‍රිවිද්‍යාලාභී කෙනෙක් ය’ කියා කියනවා නම් ඒ කියන්නේ මා පවසන දෙයක් ම යි. ඒ කියමනින් මට අභූතයෙන් චෝදනාවක් වන්නෙ නෑ. ධර්මයට අනුකූල දෙයක් ම යි කියන්නෙ. කරුණු සහිතව ගැරහුම් ලබන කිසියම් වාදාභිමුඛ කරුණකට පැමිණෙන්නෙත් නෑ.”

ඒවං වුත්තේ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: “අත්ථි නු ඛෝ භෝ ගෝතම කෝචි ගිහී ගිහීසඤ්ඤෝජනං අප්පහාය කායස්ස භේදා දුක්ඛස්සන්තකරෝ”ති. “නත්ථි ඛෝ වච්ඡ කෝචි ගිහී ගිහීසඤ්ඤෝජනං අප්පහාය කායස්ස භේදා දුක්ඛස්සන්තකරෝ”ති.

මෙසේ වදාළ විට වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ගිහි බන්ධන අත් නො හළ කිසියම් ගිහියෙක් කය බිඳී යාමෙන් පසු දුක් කෙළවර කර ගත් අවස්ථාවක් තිබේ ද?”

“පින්වත් වච්ඡය, ගිහි බන්ධන අත් නො හැර සිටීමෙන්, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කරගත් කිසි ගිහියෙක් නෑ.”

“අත්ථි පන භෝ ගෝතම කෝචි ගිහී ගිහීසඤ්ඤෝජනං අප්පහාය කායස්ස භේදා සග්ගූපගෝ”ති. “න ඛෝ වච්ඡ ඒකඤ්ඤේව සතං න ද්වේ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි, අථ ඛෝ භිය්‍යෝව යේ ගිහීසඤ්ඤෝජනං අප්පහාය කායස්ස භේදා සග්ගූපගා”ති.

“භවත් ගෞතමයන් වහන්ස, ගිහි බන්ධන අත් නො හළ කිසියම් ගිහියෙක් කය බිඳී යාමෙන් පසු සුගතියෙහි ඉපදුන අවස්ථාවක් තිබේ ද?” “පින්වත් වච්ඡය, ගිහි බන්ධන අත් නො හැර සිටීමෙන්, කය බිඳීමෙන් පසු සුගතියෙහි ඉපදුන ගිහියන් සියයක් නො වෙයි, දෙසීයකුත් නො වෙයි, තුන්සීයකුත් නො වෙයි, හාරසීයකුත් නො වෙයි, පන්සීයකුත් නො වෙයි. ඊටත් වඩා බොහෝ පිරිසක් ඉන්නවා.”

“අත්ථි නු ඛෝ භෝ ගෝතම කෝචි ආජීවකෝ කායස්ස භේදා දුක්ඛස්සන්තකරෝ”ති. “නත්ථි ඛෝ වච්ඡ කෝචි ආජීවකෝ කායස්ස භේදා දුක්ඛස්සන්තකරෝ”ති.

“භවත් ගෞතමයන් වහන්ස, කිසියම් අන්‍යගමිකයෙක් කය බිඳී යාමෙන් පසු දුක් කෙළවර කර ගත් අවස්ථාවක් තිබේ ද?” “පින්වත් වච්ඡය, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කරගත් කිසිඳු අන්‍යාගමිකයෙක් නෑ.”

“අත්ථි පන භෝ ගෝතම කෝචි ආජීවකෝ කායස්ස භේදා සග්ගූපගෝ”ති.“ඉතෝ ඛෝ සෝ වච්ඡ ඒකනවුතෝ කප්පෝ යමහං අනුස්සරාමි. නාභිජානාමි කඤ්චි ආජීවකං සග්ගූපගං අඤ්ඤත්‍ර ඒකේන, සෝපාසි කම්මවාදී කිරියවාදී”ති.

“භවත් ගෞතමයන් වහන්ස, කිසියම් අන්‍යගමිකයෙක් කය බිඳී යාමෙන් පසු සුගතියෙහි උපත ලැබූ අවස්ථාවක් තිබේ ද?” “පින්වත් වච්ඡය, මා දැන් මෙයින් අනූ එක් කල්පයක් දක්වා ආපස්සට සිතනවා. එක ම අන්‍යාගමික තවුසෙක් හැර වෙන කිසි අන්‍යාගමිකයෙක් ස්වර්ගයෙ හි උපත ලැබූ බවක් නම් මං දන්නෙ නෑ. ඒ ස්වර්ගයේ උපන් තැනැත්තා ද කර්ම කර්ම-ඵල විශ්වාස කළ කෙනෙක්. ක්‍රියාවෙහි විපාක විශ්වාස කළ කෙනෙක්.”

“ඒවං සන්තේ භෝ ගෝතම සුඤ්ඤං අදුං තිත්ථායතනං අන්තමසෝ සග්ගූපගේනපී”ති. “ඒවං සන්තේ වච්ඡ සුඤ්ඤං අදුං තිත්ථායතනං අන්තමසෝ සග්ගූපගේනපී”ති.

“භවත් ගෞතමයන් වහන්ස, එහෙම නම් ඔය තිබෙන්නා වූ අන්‍යාගම් අඩු ගණනේ ස්වර්ගයේ උපත ලබන කාරණයෙනුත් හිස් නෙව.”

“පින්වත් වච්ඡය, මෙසේ ඇති කල්හි ඔය තිබෙන්නා වූ අන්‍යාගම් අඩු ගණනේ ස්වර්ගයේ උපත ලබන කාරණයෙනුත් හිස් තමයි.”

ඉදමවෝච භගවා. අත්තමනෝ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

තේවිජ්ජවච්ඡගොත්ත සුත්තං පඨමං.

වච්ඡගොත්ත පිරිවැජියාට ත්‍රිවිද්‍යාව ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M