මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.9. ගුලිස්සානි සුත්තං

2.2.9. ගුලිස්සානි භික්ෂුව මුල් කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ගුලිස්සානි නාම භික්ඛු ආරඤ්ඤකෝ පදරසමාචාරෝ සංඝමජ්ඣේ ඕසටෝ හෝති කේනචිදේව කරණීයේන. තත්‍ර ඛෝ ආයස්මා සාරිපුත්තෝ ගුලිස්සානිං භික්ඛුං ආරබ්භ භික්ඛූ ආමන්තේසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයේ. එසමයෙහි අරණ්‍යවාසිකව සිටි ගොරෝසු ගති පැවතුම් ඇති ගුලිස්සානි නම් භික්ෂුව කිසියම් කටයුත්තක් පිණිස සංඝයා මැදට පැමිණ සිටියා. එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගුලිස්සානි භික්ෂුව පිළිබඳව භික්ෂූන් වහන්සේලා අමතා වදාළා.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන සබ්‍රහ්මචාරීසු සගාරවේන භවිතබ්බං සප්පතිස්සේන. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු සංඝගතෝ සංඝේ විහරන්තෝ සබ්‍රහ්මචාරීසු අගාරවෝ හෝති අප්පතිස්සෝ. තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්ස ආයස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා සබ්‍රහ්මචාරීසු අගාරවෝ අප්පතිස්සෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන සබ්‍රහ්මචාරීසු සගාරවේන භවිතබ්බං සප්පතිස්සේන.

“ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් ව යි සිටිය යුත්තේ. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි අගෞරව සහිතව යටහත් පහත් බවෙන් තොරව සිටියොත් ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තියෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නැහැ නෙව. යටහත් පහත් බවක් නැහැ නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් බවෙන් යුක්තව වාසය කළ යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන ආසනකුසලේන භවිතබ්බං ‘ඉති ථේරේ ච භික්ඛූ නානුපඛජ්ජ නිසීදිස්සාමි. නවේ ච භික්ඛූ න ආසනේන පටිබාහිස්සාමී’ති. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු සංඝගතෝ සංඝේ විහරන්තෝ න ආසනකුසලෝ හෝති. තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්ස ආයස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා ආභිසමාචාරිකම්පි ධම්මං න ජානාතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන ආසනකුසලේන භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී ‘ස්ථවිර භික්ෂූන් වහන්සේලා හා නො ගැටී වාඩි වෙන්නෙමි. නවක භික්ෂූන් වහන්සේලාව ආසනයෙන් බැහැර නො කරන්නෙමි’යි කියල තමන් ගේ ආසනය නිවැරදිව තෝරා ගන්නට දක්ෂ විය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් තමන් ගේ ආසනය නිවැරදිව තෝරා ගන්නට දක්ෂ නො වුව හොත්, ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තියෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් ඇවැතුම් පැවැතුම් පිළිබඳව වත දන්නෙ නැහැ නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් තමන් ගේ ආසනය නිවැරදිව තෝරා ගන්නට දක්ෂ කෙනෙක් විය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන නාතිකාලේන ගාමෝ පවිසිතබ්බෝ. නාති දිවා පටික්කමිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු සංඝගතෝ සංඝේ විහරන්තෝ අතිකාලේන ගාමං පවිසති. අතිදිවා පටික්කමති. තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්ස ආයස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා අතිකාලේන ගාමං පවිසති, අතිදිවා පටික්කමතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන නාතිකාලේන ගාමෝ පවිසිතබ්බෝ. නාති දිවා පටික්කමිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී ඉතා උදෑසන ගමට නො පිවිසිය යුතුයි. ඉතා දහවල් ද ගමින් නො පැමිණිය යුතුය. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් ඉතාමත් වේලාසනින් ගමට පිවිසෙනවා නම්, හොඳට ම ප්‍රමාද වී ආපසු පැමිණෙනවා නම්, ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තියෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් ඉතා උදෑසනින් ගමට වඩිනවා නෙව. හොඳට ම ප්‍රමාද වී නෙව ආපසු එන්නෙ’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් ඉතා උදෑසනින් ගමට නො වැඩිය යුතුය. ඉතා ප්‍රමාද වී ආපසු නො පැමිණිය යුතුය.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන න පුරේභත්තං පච්ඡාභත්තං කුලේසු චාරිත්තං ආපජ්ජිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු සංඝගතෝ සංඝේ විහරන්තෝ පුරේභත්තං පච්ඡාභත්තං කුලේසු චාරිත්තං ආපජ්ජති, තස්ස භවන්ති වත්තාරෝ: ‘අයන්නූනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන විහරතෝ විකාලචරියා බහුලීකතා, තමේනං සංඝගතම්පි සමුදාචරතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන න පුරේභත්තං පච්ඡාභත්තං කුලේසු චාරිත්තං ආපජ්ජිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී පෙරවරු කාලයෙහි වේවා, පස්වරු කාලයෙහි වේවා දායක පවුල් වල නො හැසිරිය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් පෙරවරු කාලයෙහි වේවා, පස්වරු කාලයෙහි වේවා දායක පවුල් ඇසුරු කරනවා නම් ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තියෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් බහුල වශයෙන් කොට තිබෙන්නේ විකාලයෙහි හැසිරීමෙක් නෙව. ඉතින් ඔහු සංඝයා මැද වුනත් පවත්වන්නේ ඒ විකාල හැසිරීම නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් පෙරවරුවෙහි වේවා, පස්වරුවෙහි වේවා දායක ගෙවල් වල හැසිරීම නො කළ යුතුය.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන අනුද්ධතේන භවිතබ්බං අචපලේන. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු සංඝගතෝ සංඝේ විහරන්තෝ උද්ධතෝ හෝති. චපලෝ තස්ස භවන්ති වත්තාරෝ: ‘ඉදන්නූනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන විහරතෝ උද්ධච්චං චාපල්‍යං බහුලීකතං, තමේනං සංඝගතම්පි සමුදාචරතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන අනුද්ධතේන භවිතබ්බං අචපලේන.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී උඩඟු නො විය යුතුය. චපල නො විය යුතුය. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් උඩඟු වුනොත්, චපල වුනොත් ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තියෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් උඩඟු කමත්, චපල කමත් නෙව බහුල කරල තියෙන්නෙ. ඉතින් මොහු සංඝයා මැදට පැමිණත් හැසිරෙන්නේ ඒ විදිහට යි නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් උඩඟු නො විය යුතුය. චපල නො විය යුතුය.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන අමුඛරේන භවිතබ්බං අවිකිණ්ණවාචේන. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු සංඝගතෝ සංඝේ විහරන්තෝ මුඛරෝ හෝති විකිණ්ණවාචෝ. තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා මුඛරෝ විකිණ්ණවාචෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන අමුඛරේන භවිතබ්බං අවිකිණ්ණවාචේන.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී කටමැත දොඩන්නෙක් නො විය යුතුය. විසුරුණු වචන ඇත්තෙක් නො විය යුතුය. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් කටමැත දොඩනවා නම්, විසුරුණු වචන පවත්වනවා නම්, ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තියෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් කටමැත දොඩනවා නෙව. විසුරුණු වචන පවසනවා නෙව’ කියල. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් කටමැත නො දෙඩිය යුතුය. නො විසුරුණු වචන ඇත්තෙක් විය යුතුය.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන සුබ්බචේන භවිතබ්බං කල්‍යාණමිත්තේන. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු සංඝගතෝ සංඝේ විහරන්තෝ දුබ්බචෝ හෝති පාපමිත්තෝ, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා දුබ්බචෝ පාපමිත්තෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන සුබ්බචේන භවිතබ්බං කල්‍යාණමිත්තේන.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, අවවාදයට කීකරු විය යුතුයි. කළණ මිතුරන් ඇත්තෙක් විය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් අවවාදයට අකීකරුව වසයි නම්, පාප මිතුරන් ඇතුව වසයි නම්, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් අවවාදය අකීකරු දුර්වච කෙනෙක් නෙව. පාප මිතුරන් ඇති කෙනෙක් නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් අවවාදයට කීකරුව සුවච විය යුතුයි. කළණ මිතුරන් ඇති කෙනෙක් විය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරේන භවිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ හෝති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරේන භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් සංවර කරගෙන වාසය කළ යුතුය. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් තොර නම්, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් ඉන්ද්‍රිය අසංවරව යි ඉන්නෙ’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කළ යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා භෝජනේ මත්තඤ්ඤුනා භවිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භෝජනේ අමත්තඤ්ඤූ හෝති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා භෝජනේ අමත්තඤ්ඤූ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා භෝජනේ මත්තඤ්ඤුනා භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරමින් ම දන් වළඳන කෙනෙක් විය යුතුය. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා නො කරමින් දන් වළඳයි ද, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් දන් වළඳන්නේ නුවණින් ප්‍රත්‍යවෙක්ෂා නො කරමින් නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරමින් දන් වළඳන කෙනෙක් විය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා ජාගරියං අනුයුත්තේන භවිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු ජාගරියං අනනුයුත්තෝ හෝති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා ජාගරියං අනනුයුත්තෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා ජාගරියං අනුයුත්තේන භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් නිදි වරමින් බණ භාවනාවෙහි යෙදෙන කෙනෙක් විය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව නිදි වරමින් බණ භාවනාවෙහි නො යෙදෙන කෙනෙක් නම්, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් නිදිවරමින් බණ භාවනාවෙහි යෙදෙන්නෙ නැහැ නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් නිදිවරමින් බණ භාවනාවෙහි යෙදිය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා ආරද්ධවිරියේන භවිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු කුසීතෝ හෝති. තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා කුසීතෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා ආරද්ධවිරියේන භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් අකුසල් දුරලීම පිණිසත්, කුසල් වැඩීම පිණිසත් අරඹන ලද වීරිය ඇති කෙනෙක් විය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව කුසීත කෙනෙක් නම්, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් කුසීත නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් අකුසල් දුරලීම පිණිසත්, කුසල් වැඩීම පිණිසත් අරඹන ලද වීරිය ඇති කෙනෙක් විය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා උපට්ඨිතසතිනා භවිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු මුට්ඨස්සති හෝති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා මුට්ඨස්සතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා උපට්ඨිතසතිනා භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් සතර සතිපට්ඨානයෙහි සිහිය පිහිටුවා ගෙන සිටින කෙනෙක් විය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව සිහි නුවණින් තොර කෙනෙක් නම්, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් සිහි නුවණින් තොර කෙනෙක් නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා ගෙන සිටින කෙනෙක් විය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා සමාහිතේන භවිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු අසමාහිතෝ හෝති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා අසමාහිතෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා සමාහිතේන භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් සමාධිමත් සිතක් ඇති කෙනෙක් විය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව අසමාහිත සිත් ඇති කෙනෙක් නම්, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් අසමාහිත යි නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව සමාධිමත් සිත් ඇති කෙනෙක් විය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු දුප්පඤ්ඤෝ හෝති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා දුප්පඤ්ඤෝ’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව ත් ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් විය යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව ප්‍රඥා රහිත කෙනෙක් නම්, ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් දුෂ්ප්‍රාඥ යි නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් විය යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ. සන්තාවුසෝ ආරඤ්ඤකං භික්ඛුං අභිධම්මේ අභිවිනයේ පඤ්හං පුච්ඡිතාරෝ. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු අභිධම්මේ අභිවිනයේ පඤ්හං පුට්ඨෝ න සම්පායති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා අභිධම්මේ අභිවිනයේ පඤ්හං පුට්ඨෝ න සම්පායතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් යෙදීමට උත්සාහ කරන කෙනෙක් විය යුතුයි. ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුවගෙන් ගැඹුරු ධර්මය පිළිබඳව ත්, ගැඹුරු විනය පිළිබඳව ත් ප්‍රශ්න අසන අය සිටින්ට පුළුවනි. යම්හෙයකින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුවගෙන් ගැඹුරු ධර්මය හා ගැඹුරු විනය පිළිබඳව ප්‍රශ්න අසද්දී එයට නිසි පිළිතුරු දෙන්නට නො හැකි වුවහොත් ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් ගෙන් ගැඹුරු ධර්මය හා ගැඹුරු විනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පිළිතුරු දීගන්නට බැහැ නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් ගැඹුරු ධර්මය හා ගැඹුරු විනය හදාරන්නට මහන්සි ගත යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා, තත්ථ යෝගෝ කරණීයෝ. සන්තාවුසෝ ආරඤ්ඤකං භික්ඛුං යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා, තත්ථ පඤ්හං පුච්ඡිතාරෝ. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තත්ථ පඤ්හං පුට්ඨෝ න සම්පායති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා, තත්ථ පඤ්හං පුට්ඨෝ න සම්පායතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා, තත්ථ යෝගෝ කරණීයෝ.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් රූප සමාපත්ති ඉක්මවා ගිය යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, එබඳු සමවත් තුළ ද යෙදීමට උත්සාහ කරන කෙනෙක් විය යුතුයි. ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුවගෙන් රූප සමාපත්ති ඉක්මවා ගිය යම් අරූපී ශාන්ත විමෝක්ෂය පිළිබඳවත් ප්‍රශ්න අසන අය සිටින්ට පුළුවනි. යම්හෙයකින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුවගෙන් රූප සමාපත්ති ඉක්මවා ගිය යම් අරූපී ශාන්ත විමෝක්ෂය පිළිබඳව ප්‍රශ්න අසද්දී එයට නිසි පිළිතුරු දෙන්නට නො හැකි වුවහොත් ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් ගෙන් රූප සමාපත්ති ඉක්මවා ගිය යම් අරූපී ශාන්ත විමෝක්ෂය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පිළිතුරු දීගන්නට බැහැ නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් රූප සමාපත්ති ඉක්මවා ගිය යම් අරූපී ශාන්ත විමෝක්ෂයෙහි යෙදෙන්නට මහන්සි ගත යුතුයි.

ආරඤ්ඤකේන’හාවුසෝ භික්ඛුනා උත්තරිමනුස්සධම්මේ යෝගෝ කරණීයෝ. සන්තාවුසෝ ආරඤ්ඤකං භික්ඛුං උත්තරිමනුස්සධම්මේ පඤ්හං පුච්ඡිතාරෝ. සචේ ආවුසෝ ආරඤ්ඤකෝ භික්ඛු උත්තරි මනුස්සධම්මේ පඤ්හං පුට්ඨෝ න සම්පායති, තස්ස භවන්ති වත්තාරෝ: ‘කිම්පනිමස්සායස්මතෝ ආරඤ්ඤකස්ස ඒකස්සාරඤ්ඤේ සේරිවිහාරේන, යෝ අයමායස්මා යස්සත්ථාය පබ්බජිතෝ තමත්ථං න ජානාතී’තිස්ස භවන්ති වත්තාරෝ. තස්මා ආරඤ්ඤකේන භික්ඛුනා උත්තරිමනුස්සධම්මේ යෝගෝ කරණීයෝති.

ප්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ මාර්ග ඵලාදියක් ඇති කරගැනීම පිණිස බොහෝ සෙයින් උත්සාහ කළ යුතුයි. ඉදින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුව ගෙන් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ මාර්ග ඵලාදිය පිළිබඳවත් ප්‍රශ්න අසන අය සිටින්ට පුළුවනි. යම්හෙයකින් ප්‍රිය ආයුෂ්මතුනි, ආරණ්‍යවාසී භික්ෂුවගෙන් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ මාර්ග ඵලාදිය පිළිබඳව ප්‍රශ්න අසද්දී එයට නිසි පිළිතුරු දෙන්නට නො හැකි වුවහොත් ඔහු ගැන නුගුණ පවසන අය ඇතිවෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් ගෙන් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ මාර්ග ඵලාදිය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පිළිතුරු දීගන්නට බැහැ නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ මාර්ග ඵලාදිය පිණිස ධර්මයෙහි හැසිරෙන්නට මහන්සි ගත යුතුයි.”

ඒවං වුත්තේ ආයස්මා මහාමොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච: ආරඤ්ඤකේනේව නු ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ඉමේ ධම්මා සමාදාය වත්තිතබ්බා උදාහු ගාමන්තවිහාරිනාපීති. ආරඤ්ඤකේනාපි ඛෝ ආවුසෝ මොග්ගල්ලාන භික්ඛුනා ඉමේ ධම්මා සමාදාය වත්තිතබ්බා. පගේව ගාමන්තවිහාරිනාති.

මෙසේ ආයුෂ්මත් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ කල්හි, ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, එතකොට ආරණ්‍යවාසී භික්ෂුව විසින් පමණක් ද මේ ධර්මයන් සමාදන්ව පැවැත්විය යුත්තේ? එහෙම නැත්නම් ග්‍රාමාන්ත සේනාසනයන් හි වසන භික්ෂුව විසිනුත් මේවා සමාදන්ව පැවැත්විය යුතුද?” “ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ආරණ්‍යවාසී භික්ෂුව විසිනුත් මේ ධර්මයන්ව සමාදන්ව පැවැත්විය යුතු නම්, ග්‍රාමාන්ත සේනාසනයන්හි වාසය කරන භික්ෂුව ගැන අමුතුවෙන් කිව යුතුද?”

සාදු! සාදු!! සාදු!!!

ගුලිස්සානි සුත්තං නවමං.

ගුලිස්සානි භික්ෂුව මුල් කොට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M