මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.8. නළකපාන සුත්තං

2.2.8. නළකපාන ගමෙහි දී වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසලේසු විහරති නළකපානේ පලාසවනේ. තේන ඛෝ පන සමයේන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා භගවන්තං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා හොන්ති. ආයස්මා ච අනුරුද්ධෝ ආයස්මා ච භද්දියෝ ආයස්මා ච කිම්බිලෝ ආයස්මා ච භගු ආයස්මා ච කුණ්ඩධානෝ ආයස්මා ච රේවතෝ ආයස්මා ච ආනන්දෝ; අඤ්ඤේ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයෙහි නළකපාන ගමෙහි කෑලගස් පිරි වනයෙහි ය. එසමයෙහි ඉතාමත් ප්‍රසිද්ධ වූ බොහෝ කුලපුත්‍රයන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඉතාම ශ්‍රද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම පැවිදි වුනා. ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ, ආයුෂ්මත් භද්දියයන් වහන්සේ, ආයුෂ්මත් කිම්බිලයන් වහන්සේ, ආයුෂ්මත් භගු තෙරුන්, ආයුෂ්මත් කුණ්ඩධානයන් වහන්සේ, ආයුෂ්මත් රේවතයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැනි වෙනත් බොහෝ ප්‍රසිද්ධ කුලපුත්‍රයනුත් මෙයට ඇතුළත් වුනා.

තේන ඛෝ පන සමයේන භගවා භික්ඛුසංඝපරිවුතෝ අබ්භෝකාසේ නිසින්නෝ හෝති. අථ ඛෝ භගවා තේ කුලපුත්තේ ආරබ්භ භික්ඛූ ආමන්තේසි, ‘යේ තේ භික්ඛවේ කුලපුත්තා මමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, කච්චි තේ භික්ඛවේ භික්ඛූ අභිරතා බ්‍රහ්මචරියේ’ති. ඒවං වුත්තේ තේ භික්ඛූ තුණ්හී අහේසුං. දුතියම්පි ….(පෙ)…. තුණ්හී අහේසුං. තතියම්පි ඛෝ භගවා තේ කුලපුත්තේ ආරබ්භ භික්ඛූ ආමන්තේසි, ‘යේ තේ භික්ඛවේ කුලපුත්තා මමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, කච්චි තේ භික්ඛවේ භික්ඛූ අභිරතා බ්‍රහ්මචරියේ’ති. තතියම්පි ඛෝ තේ භික්ඛූ තුණ්හී අහේසුං.

එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා පිරිවරා ගෙන එළිමහනේ වාඩි වී වැඩසිටියා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරභයා භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, යම් මේ කුලපුත්‍රයන් මා උදෙසා ගිහි ගෙයින් නික්ම ඉතාමත් ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා නෙව. පින්වත් මහණෙනි, කිම? ඒ භික්ෂූන් වහන්සේලා ශාසන බ්‍රහ්මචරියාවෙහි ඇලී වාසය කරනවා ද?” මෙසේ වදාළ විට ඒ භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව සිටියා. දෙවන වතාවටත් ….(පෙ)…. නිශ්ශබ්දව සිටියා. තුන්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරභයා භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, යම් මේ කුලපුත්‍රයන් මා උදෙසා ගිහි ගෙයින් නික්ම ඉතාමත් ශ්‍රද්ධාවෙන් පැවිදි වුනා නෙව. පින්වත් මහණෙනි, කිම? ඒ භික්ෂූන් වහන්සේලා ශාසන බ්‍රහ්මචරියාවෙහි ඇලී වාසය කරනවා ද?” මෙසේ වදාළ විට ඒ භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව සිටියා.

අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: ‘යංනූනාහං තේව කුලපුත්තේ පුච්ඡෙය්‍ය’න්ති. අථ ඛෝ භගවා ආයස්මන්තං අනුරුද්ධං ආමන්තේසි: ‘කච්චි තුම්හේ අනුරුද්ධා අභිරතා බ්‍රහ්මචරියේ’ති. තග්ඝ මයං භන්තේ අභිරතා බ්‍රහ්මචරියේති. සාධු සාධු අනුරුද්ධා ඒතං ඛෝ අනුරුද්ධා තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හේ අභිරමෙය්‍යාථ බ්‍රහ්මචරියේ. යේන තුම්හේ අනුරුද්ධා භද්‍රේන යොබ්බනේන සමන්නාගතා පඨමේන වයසා සුසුකාලකේසා කාමේ පරිභුඤ්ජෙය්‍යාථ. තේන තුම්හේ අනුරුද්ධා භද්‍රේන යොබ්බනේන සමන්නාගතා පඨමේන වයසා සුසුකාලකේසා අගාරස්මා අනගාරියං පබ්බජිතා. තේ ඛෝ පන තුම්හේ අනුරුද්ධා නේව රාජාභිනීතා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න චෝරාභිනීතා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න භයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න ආජීවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා. ‘අපි ච ඛෝම්හි ඕතිණ්ණෝ ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ අප්පේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති. ‘නනු තුම්හේ අනුරුද්ධා ඒවං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා’ති. ඒවං භන්තේ. ඒවං පබ්බජිතේන ච පන අනුරුද්ධා කුලපුත්තේන කිමස්ස කරණීයං: ‘විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීතිසුඛං නාධිගච්ඡති අඤ්ඤං වා තතෝ සන්තතරං. තස්ස අභිජ්ඣාපි චිත්තං පරියාදාය තිට්ඨති. බ්‍යාපාදෝපි චිත්තං පරියාදාය තිට්ඨති. ථීනමිද්ධම්පි චිත්තං පරියාදාය තිට්ඨති. උද්ධච්චකුක්කුච්චම්පි චිත්තං පරියාදාය තිට්ඨති. විචිකිච්ඡාපි චිත්තං පරියාදාය තිට්ඨති. අරතීපි චිත්තං පරියාදාය තිට්ඨති. තන්දීපි චිත්තං පරියාදාය තිට්ඨති. විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීතිසුඛං නාධිගච්ඡති අඤ්ඤං වා තතෝ සන්තතරං. විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතෝ සන්තතරං. තස්ස අභිජ්ඣාපි චිත්තං න පරියාදාය තිට්ඨති. බ්‍යාපාදෝපි චිත්තං න පරියාදාය තිට්ඨති. ථීනමිද්ධම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. උද්ධච්චකුක්කුච්චම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. විචිකිච්ඡාපි චිත්තං න පරියාදාය තිට්ඨති. අරතීපි චිත්තං න පරියාදාය තිට්ඨති. තන්දීපි චිත්තං න පරියාදාය තිට්ඨති. විවේකං අනුරුද්ධා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතෝ සන්තතරං.

එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවුනා. “මා එම කුලපුත්‍රයන් ගෙන් ම මෙම කරුණ විමසන එක යි හොඳ” කියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් අමතා වදාළා. “කිම පින්වත් අනුරුද්ධයෙනි, ඔබ ශාසන බ්‍රහ්මචරියාවට ඇලුම් කරනවා ද?” “ස්වාමීනී, ඒකාන්තයෙන් ම අපි ශාසන බ්‍රහ්මචරියාවෙහි ඉතා සතුටින් ඇලී සිටිනවා.” “සාදු! සාදු! පින්වත් අනුරුද්ධ, ඔබ විසින් ශාසන බ්‍රහ්මචරියාවෙහි ඉතා සතුටින් සිත් අලවාගෙන සිටිනවා යන මෙම කාරණය ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය අත්හැර සසුන් ගත වූ ඔබ වැනි කුල පුත්‍රයන් හට ගැලපෙන දෙයක් ම යි.”

පින්වත් අනුරුද්ධයෙනි, ඔබ ඉතා භද්‍ර වූ යෞවනයෙන් යුක්තව සිටි නමුත්, ප්‍රථම වයසෙන් සිටි නමුත්, වර්ණවත් කළු කෙස් ඇතිව සිටි නමුත්, පංචකාම පරිභෝගයෙන් යුතුව සිටි නමුත්, පින්වත් අනුරුද්ධයෙනි, ඒ යෞවනයෙන් යුතුව සිටි, ප්‍රථම වයසෙහි සිටි, වර්ණවත් කළු කෙස් ඇතිව සිටි, පංචකාම පරිභෝගයෙන් යුතුව සිටි ඔබ ගිහිගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වුනා නෙව. පින්වත් අනුරුද්ධයෙනි, ඒ ඔබ ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූයේ රජුන් විසින් වරෙන්තු නිකුත් කිරීමෙන් ලත් භයක් නිසා නොවේ. එසේ ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූයේ සොරුන් විසින් වරෙන්තු නිකුත් කිරීමෙන් ලත් භයක් නිසා නොවේ. එසේ ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූයේ ගන්නා ලද ණයක් ගෙවා ගන්නට බැරි කමක් නිසා ද නොවේ. එසේ ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූයේ සමාජයෙන් උපන් කිසියම් භයකින් නිදහස් වීම පිණිස ද නොවේ. එසේ ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූයේ ජීවත් වෙන්නට පිළිවෙලක් නැතිකම නිසා ද නොවේ.

සැබැවින් ම ඔබ පැවිදි වූයේ ‘ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, සෝකයෙන්, වැළපීම් වලින්, දුකින් දොම්නසින්, සුසුම් හෙලීම් වලින් මං මහා විපතකට පත්වෙලයි සිටින්නේ. දුකට වැටිලයි සිටින්නේ. දුකින් පෙළෙමින් සිටින්නේ. ඉතින් මං මේ මහත් දුක්ඛස්කන්ධයා ගේ අවසන් වීමක් දකිනවා නම් ඒක තමයි හොඳ’ කියල නේද?” “එසේය ස්වාමීනී”

“ඉතින් පින්වත් අනුරුද්ධයෙනි, මේ අයුරින් සිතා පැවිදි වූ කුල පුත්‍රයෙක් විසින් කුමක් ද කළ යුත්තේ? පින්වත් අනුරුද්ධයෙනි, කාමයෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ලත් විවේකයෙන් යුතු ප්‍රීති සුඛය සාක්ෂාත් නොකරන්නේ නම්, එයට වඩා ශාන්ත වූ ධ්‍යානයන් සාක්ෂාත් නො කරන්නේ නම්, ඔහු ගේ සිත ලෝභයෙන් වුනත් යටකරගෙන යනවා. ව්‍යාපාදයෙන් වුනත් සිත යටකරගෙන යනවා. ථීනමිද්ධයෙන් වුනත් සිත යටකරගෙන යනවා. උද්ධච්ච කුක්කුච්චයෙන් වුනත් සිත යටකරගෙන යනවා. විචිකිච්ඡාවෙන් වුනත් සිත යටකරගෙන යනවා. බණ භාවනාවට ඇති අකමැත්ත ත් සිත යටකරගෙන යනවා. කම්මැලිකම ත් සිත යටකරගෙන යනවා. එතකොට අනුරුද්ධ ඔහු කාමයෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ලත් විවේකයෙන් යුතු ප්‍රීති සුඛය ලබා ගන්නෙ නෑ. එයට වඩා ශාන්ත වූ ධ්‍යාන සුඛය ද ලබා ගන්නෙ නෑ.

නමුත් පින්වත් අනුරුද්ධයෙනි, කාමයෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව ලත් විවේකයෙන් යුතු ප්‍රීති සුඛය ලබා ගන්නවා නම්, එයට වඩා ශාන්ත වූ ධ්‍යාන සුඛයක් හෝ ලබාගන්නවා නම්, ලෝභය වුනත් ඔහු ගේ සිත යට කොට පවතින්නෙ නෑ. ව්‍යාපාදය වුනත් ඔහු ගේ සිත යට කොට පවතින්නෙ නෑ. ථීනමිද්ධය වුනත් ඔහු ගේ සිත යට කොට පවතින්නෙ නෑ. උද්ධච්ච කුක්කුච්චය වුනත් ඔහු ගේ සිත යට කොට පවතින්නෙ නෑ. විචිකිච්ඡාව වුනත් ඔහු ගේ සිත යට කොට පවතින්නෙ නෑ. බණ භාවනාවට ඇති අකමැත්ත වුනත් ඔහු ගේ සිත යට කොට පවතින්නෙ නෑ. කම්මැලිකම වුනත් ඔහු ගේ සිත යට කොට පවතින්නෙ නෑ. සැබැවින් ම අනුරුද්ධ ඔහු කාමයෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ලත් විවේකයෙන් යුතු ප්‍රීති සුඛය ලබාගන්නවා. එයට වඩා ශාන්ත වූ ධ්‍යාන සුඛය ද ලබා ගන්නවා.

කින්ති වෝ අනුරුද්ධා මයි හෝති: යේ ආසවා සංකිලේසිකා පෝනෝභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, අප්පහීනා තේ තථාගතස්ස. තස්මා තථාගතෝ සංඛායේකං පටිසේවති, සංඛායේකං අධිවාසේති, සංඛායේකං පරිවජ්ජේති, සංඛායේකං විනෝදේතී’ති.

පින්වත් අනුරුද්ධයෙනි, ඔබට මා ගැන කුමක් ද සිතෙන්නේ? ඒ කියන්නෙ කෙනෙක්ව කිලුටු කරවන, පුනර්භවය ඇතිකරවන, පීඩා සහිත දුක් විපාක ඇති, මත්තෙහි ජරා මරණ පිණිස පවතින යම් ආශ්‍රවයන් තියෙනවා නම්, ඒ ආශ්‍රවයන් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා නැහැ කියල ද? ඒ නිසා තථාගතයන් වහන්සේ ඇතැම් ආශ්‍රවයන් නුවණින් දැනගෙන සේවනය කරනවා කියල ද? ඇතැම් ආශ්‍රවයන් නුවණින් ඉවසනවා කියල ද? ඇතැම් ආශ්‍රවයන් නුවණින් දැන දුරු කරනවා කියල ද? ඇතැම් ආශ්‍රවයන් නුවණින් දැන බැහැර කරනවා කියල ද?”

න ඛෝ නෝ භන්තේ භගවති ඒවං හෝති: ‘යේ ආසවා සංකිලේසිකා පෝනෝභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, අප්පහීනා තේ තථාගතස්ස. තස්මා තථාගතෝ සංඛායේකං පටිසේවති, සංඛායේකං අධිවාසේති, සංඛායේකං පරිවජ්ජේති, සංඛායේකං විනෝදේතී’ති.

“ස්වාමීනී, කෙනෙක්ව කිලුටු කරවන, පුනර්භවය ඇතිකරවන, පීඩා සහිත දුක් විපාක ඇති, මත්තෙහි ජරා මරණ පිණිස පවතින යම් ආශ්‍රවයන් තියෙනවා නම්, ඒ ආශ්‍රවයන් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා නැහැ කියල හෝ ඒ නිසා තථාගතයන් වහන්සේ ඇතැම් ආශ්‍රවයන් නුවණින් දැනගෙන සේවනය කරනවා කියල හෝ ඇතැම් ආශ්‍රවයන් නුවණින් ඉවසනවා කියල හෝ ඇතැම් ආශ්‍රවයන් නුවණින් දැන දුරු කරනවා කියල හෝ ඇතැම් ආශ්‍රවයන් නුවණින් දැන බැහැර කරනවා කියල හෝ මෙබඳු සිතක් නම්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට ඇතිවන්නේ නැහැ.

ඒවං ඛෝ නෝ භන්තේ භගවති හෝති: ‘යේ ආසවා සංකිලේසිකා පෝනෝභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, පහීනා තේ තථාගතස්ස. තස්මා තථාගතෝ සංඛායේකං පටිසේවති, සංඛායේකං අධිවාසේති, සංඛායේකං පරිවජ්ජේති, සංඛායේකං විනෝදේතී’ති. සාධු සාධු අනුරුද්ධා, තථාගතස්ස අනුරුද්ධා, යේ ආසවා සංකිලේසිකා පෝනෝභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, පහීනා තේ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සෙය්‍යථාපි අනුරුද්ධා තාලෝ මත්ථකච්ඡින්නෝ අභබ්බෝ පුනවිරූළ්හියා ඒවමේව ඛෝ අනුරුද්ධා තථාගතස්ස යේ ආසවා සංකිලේසිකා පෝනෝභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා. පහීනා තේ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතෝ සංඛායේකං පටිසේවති, සංඛායේකං අධිවාසේති, සංඛායේකං පරිවජ්ජේති, සංඛායේකං විනෝදේතී’ති.

නමුත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතක් ඇතිවෙනවා. ඒ කියන්නෙ කෙනෙක්ව කිලුටු කරවන, පුනර්භවය ඇතිකරවන, පීඩා සහිත දුක් විපාක ඇති, මත්තෙහි ජරා මරණ පිණිස පවතින යම් ආශ්‍රවයන් තියෙනවා නම්, ඒ ආශ්‍රවයන් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. ඒ නිසා තථාගතයන් වහන්සේ අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් සේවනය කරන සේක. අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් ඉවසන සේක. අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් දුරුකරන සේක. අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් බැහැර කරන සේක කියල යි.”

“සාදු! සාදු! පින්වත් අනුරුද්ධ, කෙනෙක්ව කිලුටු කරවන, පුනර්භවය ඇතිකරවන, පීඩා සහිත දුක් විපාක ඇති, මත්තෙහි ජරා මරණ පිණිස පවතින යම් ආශ්‍රවයන් තියෙනවා නම්, ඒ ආශ්‍රවයන් තථාගතයන්ට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුලින් ම උදුරා දමල යි තියෙන්නෙ. මුදුන් කරටිය විනාශ වී ගිය තල් ගසක් මෙන් කරල යි තියෙන්නෙ. අභාවයට පත්කරල යි තියෙන්නෙ. නැවත කිසිදා නූපදින ස්වභාවයට පත් කරල යි තියෙන්නෙ.

පින්වත් අනුරුද්ධ, එය මේ වගේ දෙයක්. මුදුන් කරටිය විනාශ වී ගිය තල් ගස නැවත කිසිදිනෙක වැඩෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ අයුරින් ම පින්වත් අනුරුද්ධ, කෙනෙක්ව කිලුටු කරවන, පුනර්භවය ඇතිකරවන, පීඩා සහිත දුක් විපාක ඇති, මත්තෙහි ජරා මරණ පිණිස පවතින යම් ආශ්‍රවයන් තියෙනවා නම්, ඒ ආශ්‍රවයන් තථාගතයන්ට ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුලින් ම උදුරා දමල යි තියෙන්නෙ. මුදුන් කරටිය විනාශ වී ගිය තල් ගසක් මෙන් කරලයි තියෙන්නෙ. අභාවයට පත්කරල යි තියෙන්නෙ. නැවත කිසිදා නූපදින ස්වභාවයට පත් කරල යි තියෙන්නෙ. ඒ නිසා තථාගතයන් වහන්සේ අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් සේවනය කරන සේක. අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් ඉවසන සේක. අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් දුරුකරන සේක. අවබෝධයෙන් ම ඇතැම් ආශ්‍රවයන් බැහැර කරන සේක.

තං කිං මඤ්ඤසි අනුරුද්ධා කං අත්ථවසං සම්පස්සමානෝ තථාගතෝ සාවකේ අබ්භතීතේ කාලකතේ උපපත්තීසු බ්‍යාකරෝති: ‘අසු අමුත්‍ර උපපන්නෝ, අසු අමුත්‍ර උපපන්නෝ’ති.

පින්වත් අනුරුද්ධ, මේ ගැන කුමක්ද සිතන්නේ? තථාගතයන් වහන්සේ මිය පරලොව ගිය ශ්‍රාවකයන් ඉපදුන තැන් පිළිබඳව, ඒ කියන්නේ ‘අසවල් තැන ඉපදුනා. අසවල් තැන ඉපදුනා’ කියල අන් අයට ප්‍රකාශ කරන්නේ කවර ප්‍රයෝජනයක් දකිමින් ද?”

භගවම්මූලකා නෝ භන්තේ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා. සාධු වත භන්තේ භගවන්තඤ්ඤේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝ. භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති.

“ස්වාමීනී, අප ගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන යි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ ගේ නායකත්වය මත යි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට යි පවතින්නේ. ස්වාමීනී, ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් මැනවි. එය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා භික්ෂූන් වහන්සේලා මතක තබා ගනීවි.”

න ඛෝ අනුරුද්ධා තථාගතෝ ජනකුහනත්ථං න ජනලපනත්ථං න ලාභසක්කාරසිලෝකානිසංසත්ථං, න ඉති මං ජනෝ ජානාතූ’ති සාවකේ අබ්භතීතේ කාලකතේ උපපත්තීසු බ්‍යාකරෝති: ‘අසු අමුත්‍ර උපපන්නෝ, අසු අමුත්‍ර උපපන්නෝ’ති. සන්ති ච ඛෝ අනුරුද්ධා කුලපුත්තා සද්ධා උළාරවේදා උළාරපාමොජ්ජා. තේ තං සුත්වා තථත්තාය චිත්තං උපසංහරන්ති. තේසං තං අනුරුද්ධා හෝති දීඝරත්තං හිතාය සුඛාය.

“පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේ මිය පරලොව ගිය ශ්‍රාවකයන් ඉපදුන තැන් පිළිබඳව, ඒ කියන්නේ ‘අසවල් තැන ඉපදුනා. අසවල් තැන ඉපදුනා’ කියල අන් අයට ප්‍රකාශ කරන්නේ ජනයා විස්මයට පත්කරවන්නට නොවේ. ජනයා නලවන්නට ත් නොවේ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලබා ගන්නටත් නොවේ. පින්වත් අනුරුද්ධ, ඉතා ශ්‍රද්ධාවෙන් යුතු ධර්මයෙන් උදාර සතුටක් ලබන උදාර ප්‍රමුදිත බවක් ලබන කුලපුත්‍රයන් ඉන්නවා. ඔවුන් එය අසා එබඳු සුගතියෙහි ඉපදීම පිණිස සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, එය ඔවුන්ට බොහෝ කලක් හිත සුව පවතිනවා ම යි.

ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමෝ භික්ඛු කාලකතෝ සෝ භගවතා බ්‍යාකතෝ: ‘අඤ්ඤාය සණ්ඨහී’ති. සෝ ඛෝ පනස්ස ආයස්මා සාමං දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා: ‘ඒවංසීලෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංධම්මෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවම්පඤ්ඤෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංවිහාරී සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවං විමුත්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපී’ති. සෝ තස්ස සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තෝ තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනෝ ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුවකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුව අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුව අරහත් ඵලයෙහි පිහිටි කෙනෙක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ පිරිනිවී ගිය ආයුෂ්මතුන්ව දැකගත් කෙනෙක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ‘ඒ පිරිනිවී ගිය ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි සීලයකින් යුක්ත යි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි ධර්මයකින් යුක්ත යි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි විහරණයකින් යුක්ත යි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුව ද පිරිනිවන් පෑ භික්ෂුව ගේ ශ්‍රද්ධාව ත්, සීලය ත්, ශ්‍රැතය ත්, ත්‍යාගය ත්, ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුවට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමෝ භික්ඛු කාලකතෝ, සෝ භගවතා බ්‍යාකතෝ: පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා’ති. සෝ ඛෝ පනස්ස ආයස්මා සාමං දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා: ‘ඒවංසීලෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංධම්මෝ ….(පෙ)…. ඒවංපඤ්ඤෝ ….(පෙ)…. ඒවංවිහාරී ….(පෙ)…. ඒවංවිමුත්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපී’ති. සෝ තස්ස සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තෝ තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනෝ ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුවකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුව අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුව ඕරම්භාගිය සංයෝජන පහ ගෙවා දමා ඕපපාතිකව බ්‍රහ්ම ලෝකයේ ඉපිද නැවත මෙලොවට පෙරලා නො එන ස්වභාවයෙන් යුතු එහි ම පිරිනිවන්පාන කෙනෙක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ අපවත් වූ ආයුෂ්මතුන්ව දැකගත් කෙනෙක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුව ද බඹ ලොව උපන් භික්ෂුව ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුවට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමෝ භික්ඛු කාලකතෝ, සෝ භගවතා බ්‍යාකතෝ: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී, සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සෝ ඛෝ පනස්ස ආයස්මා සාමං දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා: ‘ඒවංසීලෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංධම්මෝ ….(පෙ)…. ඒවංපඤ්ඤෝ ….(පෙ)…. ඒවංවිහාරී ….(පෙ)…. ඒවංවිමුත්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපී’ති. සෝ තස්ස සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තෝ තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනෝ ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුවකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුව අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුව සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහ තුනී බවට පත් කිරීමෙන් සකදාගාමී බවට පත්වෙලා එක් වතාවක් පමණක් මෙලොවට අවුත් දුක් කෙළවර කරන කෙනෙක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ අපවත් වූ ආයුෂ්මතුන්ව දැකගත් කෙනෙක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුව ද සකදාගාමී භික්ෂුව ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුවට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමෝ භික්ඛු කාලකතෝ, සෝ භගවතා බ්‍යාකතෝ: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති. සෝ ඛෝ පනස්ස ආයස්මා සාමං දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා: ‘ඒවංසීලෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංධම්මෝ ….(පෙ)…. ඒවංපඤ්ඤෝ ….(පෙ)…. ඒවංවිහාරී ….(පෙ)…. ඒවංවිමුත්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපී’ති. සෝ තස්ස සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තෝ තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනෝ ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුවකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුව අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුව සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්නව අපා දුකට නො වැටෙන ස්වභාවයෙන් යුතුව නියත වශයෙන් ම නිවන අවබෝධ කිරීම පිහිට කොට ගත් කෙනෙක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ අපවත් වූ ආයුෂ්මතුන්ව දැකගත් කෙනෙක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුව ද සෝවාන් භික්ෂුව ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුවට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්‍යාකතා: ‘අඤ්ඤාය සණ්ඨහී’ති. සා ඛෝ පනස්ස භගිනී සාමං දිට්ඨා වා හෝති අනුස්සවසුතා වා: ‘ඒවංසීලා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංධම්මා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංපඤ්ඤා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංවිහාරිනී සා භගිනී අහෝසි ඉතිපි, ඒවංවිමුත්තා සා භගිනී අහෝසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුණියකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුණිය අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුණිය අරහත් ඵලයෙහි පිහිටි තැනැත්තියක් බව යි’ කියල. ඉතින් ඇය ඒ පිරිනිවී ගිය සොහොයුරිය දැකගත් තැනැත්තියක් වෙන්නට පුළුවනි. අසන ලද තැනැත්තියක් වෙන්නට පුළුවනි. ‘ඒ පිරිනිවී ගිය සොහොයුරිය මෙවැනි සීලයකින් යුක්ත යි, ඒ සොහොයුරිය මෙවැනි ධර්මයකින් යුක්ත යි, ඒ සොහොයුරිය මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, ඒ සොහොයුරිය මෙවැනි විහරණයකින් යුක්ත යි, ඒ සොහොයුරිය මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුණිය ද පිරිනිවන් පෑ භික්ෂුණිය ගේ ශ්‍රද්ධාව ත්, සීලය ත්, ශ්‍රැතය ත්, ත්‍යාගය ත්, ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුණියට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා සා භගවතා බ්‍යාකතා පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලෝකා’ති. සා ඛෝ පනස්සා භගිනී සාමං දිට්ඨා වා හෝති අනුස්සවසුතා වා: ‘ඒවංසීලා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංධම්මා ….(පෙ)…. ඒවංපඤ්ඤා ….(පෙ)…. ඒවංවිහාරිනී ….(පෙ)…. ඒවංවිමුත්තා සා භගිනී අහෝසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුණියකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුණිය අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුණිය ඕරම්භාගිය සංයෝජන පහ ගෙවා දමා ඕපපාතිකව බ්‍රහ්ම ලෝකයේ ඉපිද නැවත මෙලොවට පෙරලා නො එන ස්වභාවයෙන් යුතු එහි ම පිරිනිවන්පාන තැනැත්තියක් බව යි’ කියල. ඉතින් ඇය ඒ අපවත් වූ සොහොයුරියව දැකගත් තැනැත්තියක් වෙන්නට පුළුවනි. අසන ලද තැනැත්තියක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුණිය ද බඹ ලොව උපන් භික්ෂුණිය ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුණියට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්‍යාකතා: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමිනී, සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛෝ පනස්සා භගිනී සාමං දිට්ඨා වා හෝති අනුස්සවසුතා වා: ‘ඒවංසීලා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංධම්මා ….(පෙ)…. ඒවංපඤ්ඤා ….(පෙ)…. ඒවංවිහාරිනී ….(පෙ)…. ඒවංවිමුත්තා සා භගිනී අහෝසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුණියකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුණිය අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුණිය සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහ තුනී බවට පත් කිරීමෙන් සකදාගාමී බවට පත්වෙලා එක් වතාවක් පමණක් මෙලොවට අවුත් දුක් කෙළවර කරන තැනැත්තියක් බව යි’ කියල. ඉතින් ඇය ඒ අපවත් වූ සොහොයුරියව දැකගත් තැනැත්තියක් වෙන්නට පුළුවනි. අසන ලද තැනැත්තියක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුණිය ද සකදාගාමී භික්ෂුණිය ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුණියට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්‍යාකතා: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බෝධිපරායණා’ති. සා ඛෝ පනස්සා භගිනී සාමං දිට්ඨා වා හෝති අනුස්සවසුතා වා: ‘ඒවංසීලා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංධම්මා ….(පෙ)…. ඒවංපඤ්ඤා ….(පෙ)…. ඒවංවිහාරිනී ….(පෙ)…. ඒවංවිමුත්තා සා භගිනී අහෝසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි භික්ෂුණියකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති භික්ෂුණිය අපවත් වුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ භික්ෂුණිය සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්නව අපා දුකට නො වැටෙන ස්වභාවයෙන් යුතුව නියත වශයෙන් ම නිවන අවබෝධ කිරීම පිහිට කොට ගත් තැනැත්තියක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ අපවත් වූ සොහොයුරියව දැකගත් තැනැත්තියක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර භික්ෂුණිය ද සෝවාන් භික්ෂුණිය ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ භික්ෂුණියට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා උපාසකෝ සුණාති: ‘ඉත්ථන්නාමෝ උපාසකෝ කාලකතෝ, සෝ භගවතා බ්‍යාකතෝ: පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා’ති. සෝ ඛෝ පනස්ස ආයස්මා සාමං දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා: ‘ඒවංසීලෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංධම්මෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංපඤ්ඤෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංවිහාරී සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංවිමුත්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපී’ති. සෝ තස්ස සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තෝ තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි උපාසක කෙනෙකුට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති උපාසකතුමා කළුරිය කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ උපාසකතුමා ඕරම්භාගිය සංයෝජන පහ ගෙවා දමා ඕපපාතිකව බ්‍රහ්ම ලෝකයේ ඉපිද නැවත මෙලොවට පෙරලා නො එන ස්වභාවයෙන් යුතු එහි ම පිරිනිවන්පාන කෙනෙක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ කළුරිය කළ උපාසකතුමාව දැකගත් කෙනෙක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ‘ඒ කළුරිය කළ උපාසකතුමා මෙවැනි සීලයකින් යුක්ත යි, ඒ උපාසකතුමා මෙවැනි ධර්මයකින් යුක්ත යි, ඒ උපාසකතුමා මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, ඒ උපාසකතුමා මෙවැනි විහරණයකින් යුක්ත යි, ඒ උපාසකතුමා මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර උපාසකතුමා ද කළුරිය කළ උපාසකතුමා ගේ ශ්‍රද්ධාව ත්, සීලය ත්, ශ්‍රැතය ත්, ත්‍යාගය ත්, ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ උපාසකතුමාට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා උපාසකෝ සුණාති: ‘ඉත්ථන්නාමෝ උපාසකෝ කාලකතෝ, සෝ භගවතා බ්‍යාකතෝ: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී, සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සෝ ඛෝ පනස්ස ආයස්මා සාමං දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා: ‘ඒවංසීලෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංධම්මෝ ….(පෙ)…. ඒවංපඤ්ඤෝ ….(පෙ)…. ඒවංවිහාරී ….(පෙ)…. ඒවංවිමුත්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපී’ති. සෝ තස්ස සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තෝ තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි උපාසක කෙනෙකුට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති උපාසකතුමා කළුරිය කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ උපාසකතුමා සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහ තුනී බවට පත් කිරීමෙන් සකදාගාමී බවට පත්වෙලා එක් වතාවක් පමණක් මෙලොවට අවුත් දුක් කෙළවර කරන කෙනෙක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ කළුරිය කළ උපාසකතුමාව දැකගත් කෙනෙක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර උපාසකතුමා ද සකදාගාමී උපාසකතුමා ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ උපාසකතුමාට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා උපාසකෝ සුණාති: ‘ඉත්ථන්නාමෝ උපාසකෝ කාලකතෝ, සෝ භගවතා බ්‍යාකතෝ: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති. සෝ ඛෝ පනස්ස ආයස්මා සාමං දිට්ඨෝ වා හෝති අනුස්සවසුතෝ වා: ‘ඒවංසීලෝ සෝ ආයස්මා අහෝසි ඉතිපි, ඒවංධම්මෝ ….(පෙ)…. ඒවංපඤ්ඤෝ ….(පෙ)…. ඒවංවිහාරී ….(පෙ)…. ඒවංවිමුත්තෝ සෝ ආයස්මා අහෝසි ඉතිපී’ති. සෝ තස්ස සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තෝ තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි උපාසක කෙනෙකුට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති උපාසකතුමා කළුරිය කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ උපාසකතුමා සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්නව අපා දුකට නො වැටෙන ස්වභාවයෙන් යුතුව නියත වශයෙන් ම නිවන අවබෝධ කිරීම පිහිට කොට ගත් කෙනෙක් බව යි’ කියල. ඉතින් ඔහු ඒ කළුරිය කළ උපාසකතුමාව දැකගත් කෙනෙක් වෙන්නට පුළුවනි. අසන ලද කෙනෙක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර උපාසකතුමා ද සෝවාන් උපාසකතුමා ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ උපාසකතුමාට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා උපාසිකා සුණාති: ‘ඉත්ථන්නාමා උපාසිකා කාලකතා සා භගවතා බ්‍යාකතා: පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලෝකා’ති. සා ඛෝ පනස්ස භගිනී සාමං දිට්ඨා වා හෝති අනුස්සවසුතා වා: ‘ඒවංසීලා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංධම්මා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංපඤ්ඤා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංවිහාරිනී සා භගිනී අහෝසි ඉතිපි, ඒවංවිමුත්තා සා භගිනී අහෝසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි උපාසිකාවකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති උපාසිකාව කළුරිය කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ උපාසිකාව ඕරම්භාගිය සංයෝජන පහ ගෙවා දමා ඕපපාතිකව බ්‍රහ්ම ලෝකයේ ඉපිද නැවත මෙලොවට පෙරලා නො එන ස්වභාවයෙන් යුතු එහි ම පිරිනිවන්පාන තැනැත්තියක් බව යි’ කියල. ඉතින් ඇය ඒ කළුරිය කළ උපාසිකාව දැකගත් තැනැත්තියක් වෙන්නට පුළුවනි. අසන ලද තැනැත්තියක් වෙන්නට පුළුවනි. ‘ඒ කළුරිය කළ උපාසිකාව මෙවැනි සීලයකින් යුක්ත යි, ඒ උපාසිකාව මෙවැනි ධර්මයකින් යුක්ත යි, ඒ උපාසිකාව මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, ඒ උපාසිකාව මෙවැනි විහරණයකින් යුක්ත යි, ඒ උපාසිකාව මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර උපාසිකාව ද කළුරිය කළ උපාසිකාව ගේ ශ්‍රද්ධාව ත්, සීලය ත්, ශ්‍රැතය ත්, ත්‍යාගය ත්, ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ උපාසිකාවට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා උපාසිකා සුණාති: ඉත්ථන්නාමා උපාසිකා කාලකතා, සා භගවතා බ්‍යාකතා: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමිනී සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛෝ පනස්සා භගිනී සාමං දිට්ඨා වා හෝති අනුස්සවසුතා වා: ‘ඒවංසීලා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංධම්මා ….(පෙ)…. ඒවංපඤ්ඤා ….(පෙ)…. ඒවංවිහාරිනී ….(පෙ)…. ඒවංවිමුත්තා සා භගිනී අහෝසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච ….(පෙ)…. පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි උපාසිකාවකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති උපාසිකාව කළුරිය කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ උපාසිකාව සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහ තුනී බවට පත් කිරීමෙන් සකදාගාමී බවට පත්වෙලා එක් වතාවක් පමණක් මෙලොවට අවුත් දුක් කෙළවර කරන තැනැත්තියක් බව යි’ කියල. ඉතින් ඇය ඒ කළුරිය කළ උපාසිකාව දැකගත් තැනැත්තියක් වෙන්නට පුළුවනි. අසන ලද තැනැත්තියක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර උපාසිකාව ද සකදාගාමී උපාසිකාව ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ උපාසිකාවට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉධානුරුද්ධා උපාසිකා සුණාති: ‘ඉත්ථන්නාමා උපාසිකා කාලකතා සා භගවතා බ්‍යාකතා: තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බෝධිපරායණා’ති. සා ඛෝ පනස්සා භගිනී සාමං දිට්ඨා වා හෝති අනුස්සවසුතා වා: ‘ඒවංසීලා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංධම්මා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංපඤ්ඤා සා භගිනී අහෝසි ඉතිපි, ඒවංවිහාරිනී සා භගිනී අහෝසි ඉතිපි, ඒවංවිමුත්තා සා භගිනී අහෝසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. ඒවම්පි ඛෝ අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරෝ හෝති.

පින්වත් අනුරුද්ධ, මෙ සස්නෙහි උපාසිකාවකට මෙය අසන්නට ලැබෙනවා. ‘අසවල් නම් ඇති උපාසිකාව කළුරිය කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ උපාසිකාව සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්නව අපා දුකට නො වැටෙන ස්වභාවයෙන් යුතුව නියත වශයෙන් ම නිවන අවබෝධ කිරීම පිහිට කොට ගත් තැනැත්තියක් බව යි’ කියල. ඉතින් ඇය ඒ කළුරිය කළ උපාසිකාව දැකගත් තැනැත්තියක් වෙන්නට පුළුවනි. අසන ලද තැනැත්තියක් වෙන්නට පුළුවනි. ….(පෙ)…. ‘මෙවැනි සීලයකින් යුක්ත යි, මෙවැනි ධර්මයකින් යුක්ත යි, මෙවැනි ප්‍රඥාවකින් යුක්ත යි, මෙවැනි විහරණයකින් යුක්ත යි, මෙවැනි විමුක්තියකින් යුක්ත යි’ කියල. එතකොට අර උපාසිකාව ද සෝවාන් උපාසිකාව ගේ ශ්‍රද්ධාව ත්, ….(පෙ)…. ප්‍රඥාව ත් අනුස්මරණය කරමින් ඒ අයුරින් ම සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ, මෙසේ උපාසිකාවට පහසු විහරණයක් ඇති වෙනවා.

ඉති ඛෝ අනුරුද්ධා තථාගතෝ න ජනකුහනත්ථං, න ජනලපනත්ථං, න ලාභසක්කාරසිලෝකානිසංසත්ථං, න ඉති මං ජනෝ ජානාතූ’ති සාවකේ අබ්භතීතේ කාලකතේ උපපත්තීසු බ්‍යාකරෝති: ‘අසු අමුත්‍ර උපපන්නෝ අසු අමුත්‍ර උපපන්නෝ’ති. සන්ති ච ඛෝ අනුරුද්ධා කුලපුත්තා සද්ධා උළාරවේදා උළාරපාමොජ්ජා. තේ තං සුත්වා තථත්තාය චිත්තං උපසංහරන්ති. තේසං තං අනුරුද්ධා හෝති දීඝරත්තං හිතාය සුඛායාති.

මෙසේ පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේ මිය පරලොව ගිය ශ්‍රාවකයන් ඉපදුන තැන් පිළිබඳව, ඒ කියන්නේ ‘අසවල් තැන ඉපදුනා. අසවල් තැන ඉපදුනා’ කියල අන් අයට ප්‍රකාශ කරන්නේ ජනයා විස්මයට පත්කරවන්නට නොවේ. ජනයා නලවන්නට ත් නොවේ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලබාගන්නට ත් නොවේ. පින්වත් අනුරුද්ධ, ඉතා ශ්‍රද්ධාවෙන් යුතු ධර්මයෙන් උදාර සතුටක් ලබන උදාර ප්‍රමුදිත බවක් ලබන කුලපුත්‍රයන් ඉන්නවා. ඔවුන් එය අසා එබඳු සුගතියෙහි ඉපදීම පිණිස සිත පිහිටුවා ගන්නවා. පින්වත් අනුරුද්ධ එය ඔවුන්ට බොහෝ කලක් හිත සුව පවතිනවා ම යි.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා අනුරුද්ධෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

නළකපාන සුත්තං අට්ඨමං.

නළකපාන ගමේදී වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M