මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.7. චාතුම සුත්තං

2.2.7. චාතුම ගමෙහි දී වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා චාතුමායං විහරති ආමලකීවනේ. තේන ඛෝ පන සමයේන සාරිපුත්තමොග්ගල්ලානපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි හොන්ති භගවන්තං දස්සනාය. තේ ච ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා අහේසුං. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘කේ පනේතේ ආනන්ද උච්චාසද්දා මහාසද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡවිලෝපේ’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ චාතුම ගමෙහි නෙල්ලි වනයක යි. එසමයෙහි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට චාතුම ගමට පැමිණුනා. ඉතින් ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නේවාසික භික්ෂූන් වහන්සේලා සමඟ පිළිසඳර කතා බස් කරමින් ඇඳන් ආදිය පිළියෙල කරමින් පාත්‍ර සිවුරු ආදිය තැන්පත් කරමින් උස් හඬින්, මහ හඬින් කල් ගත කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් අමතා වදාළා.

‘ඒතානි භන්තේ සාරිපුත්තමොග්ගල්ලානපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තේ ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’ති. තේනහානන්ද මම වචනේන තේ භික්ඛූ ආමන්තේහි. සත්ථායස්මන්තේ ආමන්තේතී’ති. ඒවං භන්තේති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා යේන තේ භික්ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා තේ භික්ඛූ ඒතදවෝච: ‘සත්ථායස්මන්තේ ආමන්තේතී’ති. ඒවමාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ ආනන්දස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ තේ භික්ඛූ භගවා ඒතදවෝච: ‘කින්නු තුම්හේ භික්ඛවේ උච්චාසද්දා මහාසද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡවිලෝපේ’ති.

“පින්වත් ආනන්ද, මසුන් මරණ තැන කෑ ගසන කෙවුලන් වගේ උස් හඬින්, මහා හඬින් මේ ඝෝෂා කරන්නේ කවුද?” “ස්වාමීනී, සැරියුත් මුගලන් වහන්සේලා ප්‍රමුඛ කොට මේ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට චාතුමාවට පැමිණ සිටිනවා. ඉතින් ඒ ආගන්තුක භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා කරමින් තමයි, සෙනසුන් පණවමින් තමයි, පා සිවුරු තැන්පත් කරමින් තමයි ඔය උස් හඬ මහ හඬ පවත්වන්නේ.”

“එසේ වී නම් ආනන්ද, මගේ වචනයෙන් ඒ භික්ෂූන් අමතන්න ‘ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් වහන්සේලා අමතනවා’ කියා.” “එසේය ස්වාමීනී” කියා ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ භික්ෂූන් වෙත පැමිණුනා. පැමිණ “ආයුෂ්මතුන් වහන්සේලාට ශාස්තෘන් වහන්සේ අමතන සේක”යි ඒ භික්ෂූන්ට පැවසුවා. ඒ භික්ෂූන් වහන්සේලා

“එසේය ආයුෂ්මතුනි” කියා ආයුෂ්මත් ආනන්දයන් හට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ඒ භික්ෂූන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“එම්බා මහණෙනි, මසුන් මරණ තැන කෑ ගසන කෙවුලන් වගේ උස් හඬින්, මහා හඬින් ඔබ ඝෝෂා කරන්නේ මක් නිසාද?”

ඉමානි භන්තේ සාරිපුත්තමොග්ගල්ලානපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තේමේ ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’ති. ‘ගච්ඡථ භික්ඛවේ පණාමේමි වෝ, න වෝ මම සන්තිකේ වත්ථබ්බ’න්ති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සේනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය පක්කමිංසු.

“ස්වාමීනී, සැරියුත් මුගලන් වහන්සේලා ප්‍රමුඛ කොට මේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට යි චාතුමාවට පැමිණුනේ. ඉතින් ඒ මේ ආගන්තුක භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා කරමින් තමයි, සෙනසුන් පණවමින් තමයි, පා සිවුරු තැන්පත් කරමින් තමයි ඔය උස් හඬ, මහ හඬ පවත්වන්නේ.”

“මහණෙනි, යන්න. ඔබව මම බැහැර කරනවා. ඔබ මා සමීපයේ නො විසිය යුතුයි.”

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා “එසේය ස්වාමීනී” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට නැවත ඇඳන් ආදිය තැන්පත් කොට, පාත්‍ර සිවුරු රැගෙන ආපසු පිටත් වුනා.

තේන ඛෝ පන සමයේන චාතුමෙය්‍යකා සක්‍යා සන්ථාගාරේ සන්නිපතිතා හොන්ති, කේනචිදේව කරණීයේන, අද්දසංසු ඛෝ චාතුමෙය්‍යකා සක්‍යා තේ භික්ඛූ දූරතෝව ගච්ඡන්තේ, දිස්වාන යේන තේ භික්ඛූ තේනුපසංකමිංසු, උපසංකමිත්වා තේ භික්ඛූ ඒතදවෝචුං: ‘හන්ද කහං පන තුම්හේ ආයස්මන්තෝ ගච්ඡථා’ති. භගවතා ඛෝ ආවුසෝ භික්ඛුසංඝෝ පණාමිතෝ’ති. ‘තේනහායස්මන්තෝ මුහුත්තං නිසීදථ, අප්පේව නාම මයං සක්කුණෙය්‍යාම භගවන්තං පසාදේතු’න්ති. ඒවමාවුසෝති ඛෝ තේ භික්ඛූ චාතුමෙය්‍යකානං සක්‍යානං පච්චස්සෝසුං.

ඒ අවස්ථාව වන විට චාතුමා ගම්වැසි ශාක්‍යවරු කිසියම් කටයුත්තක් පිණිස රැස්වීම් ශාලාවට රැස්ව සිටියා. ඒ චාතුමා ගම්වැසි ශාක්‍යවරුන්ට දුරින් ම ආපසු වඩින භික්ෂූන් වහන්සේලා දැකගන්නට ලැබුනා. එසේ දැක ඒ භික්ෂුන් වෙත පැමිණුනා. පැමිණ ඒ භික්ෂූන්ට මෙය පැවසුවා. “හැබෑවට ම පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා මේ කොහේ වඩින ගමන් ද?” “ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා බැහැර කරන ලද්දේ ය.” “එසේ වී නම්, ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් වාඩි වී සිටින්න. අපට භාග්‍යවතුන් වහන්සේව පහදවා ගන්නට පුළුවන්කමක් ලැබුනොත් නම් බොහොම හොඳයි.” “එසේය ආයුෂ්මතුනි” කියා ඒ භික්ෂූන් වහන්සේලා චාතුමාවාසී ශාක්‍යවරුන් හට පිළිතුරු දුන්නා.

අථ ඛෝ චාතුමෙය්‍යකා සක්‍යා යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, ඒකමන්තං නිසින්නා ඛෝ චාතුමෙය්‍යකා සක්‍යා භගවන්තං ඒතදවෝචුං: ‘අභිනන්දතු භන්තේ භගවා භික්ඛුසංඝං, අභිවදතු භන්තේ භගවා භික්ඛුසංඝං, සෙය්‍යථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛුසංඝෝ අනුග්ගහිතෝ, ඒවමේව භගවා ඒතරහි අනුගණ්හාතු භික්ඛුසංඝං. සන්තෙත්ථ භන්තේ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තේසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ. සෙය්‍යථාපි භන්තේ බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ, ඒවමේව ඛෝ භන්තේ සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තේසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ.

ඉතින් චාතුමාවාසී ශාක්‍යවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන චාතුමාවාසී ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා සතුටින් පිළිගන්නා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා හට කතා බස් කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් භික්ෂුසංඝයාට යම් අනුග්‍රහයක් කරන ලද්දේ ද, ඒ අයුරින් ම දැනුත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයාට අනුග්‍රහ කරන සේක්වා! ස්වාමීනී, මේ සඟ පිරිස අතර අළුත පැවිදි වූ, අළුතින් සසුනට පැමිණි, අළුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නො ලැබුනොත් ඒ භික්ෂූන් ගේ සිත් සතන් වල වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ස්වාමීනී, අළුත සිට වූ බීජයන්ට ජලය නො ලැබුනෝතින් වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ඒ අයුරින් ම ස්වාමීනී, මේ සඟ පිරිස අතර අළුත පැවිදි වූ, අළුතින් සසුනට පැමිණි, අළුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නො ලැබුනොත් ඒ භික්ෂූන් ගේ සිත් සතන් වල වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි.

සෙය්‍යථාපි භන්තේ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ ඒවමේව ඛෝ භන්තේ සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තේසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ. අභිනන්දතු භන්තේ භගවා භික්ඛුසංඝං. අභිවදතු භන්තේ භගවා භික්ඛුසංඝං. සෙය්‍යථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛුසංඝෝ අනුග්ගහිතෝ. ඒවමේව භගවා ඒතරහි අනුගණ්හාතු භික්ඛුසංඝ’න්ති.

ඒ වගේ ම ස්වාමීනී, ළදරු වසු පැටවෙකුට මව් වැස්සිය දකින්නට නො ලැබුනොත් වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ඒ අයුරින් ම ස්වාමීනී, මේ සඟ පිරිස අතර අළුත පැවිදි වූ, අළුතින් සසුනට පැමිණි, අළුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නො ලැබුනොත් ඒ භික්ෂූන් ගේ සිත් සතන් වල වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි.

එනිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා සතුටින් පිළිගන්නා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා හට කතා බස් කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් භික්ෂුසංඝයාට යම් අනුග්‍රහයක් කරන ලද්දේ ද, ඒ අයුරින් ම දැනුත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයාට අනුග්‍රහ කරන සේක්වා!”

අථ ඛෝ බ්‍රහ්මා සහම්පති භගවතෝ චේතසා චේතෝ පරිවිතක්කමඤ්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය. ඒවමේව බ්‍රහ්මලෝකේඅන්තරහිතෝ භගවතෝ පුරතෝ පාතුරහෝසි. අථ ඛෝ බ්‍රහ්මා සහම්පති ඒකංසං උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: අභිනන්දතු භන්තේ භගවා භික්ඛුසංඝං, අභිවදතු භන්තේ භගවා භික්ඛුසංඝං. සෙය්‍යථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛුසංඝෝ අනුග්ගහිතෝ. ඒවමේව භගවා ඒතරහි අනුග්ගණ්හාතු භික්ඛුසංඝං. සන්තෙත්ථ භන්තේ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං. තේසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ.

එකල්හි සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ ගේ සිත තම සිතින් පිරිසිඳ දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග අරින තරමක වෙලාවක් තුළ දික් කළ අතක් හකුලන වෙලාවක් තුළ බඹලොවින් අතුරුදහන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වුනා. එහිදී සහම්පතී බ්‍රහ්මරාජයා උතුරු සළුව ඒකාංශ කොට පොරවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වැඳගෙන භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා සතුටින් පිළිගන්නා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා හට කතා බස් කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් භික්ෂුසංඝයාට යම් අනුග්‍රහයක් කරන ලද්දේ ද, ඒ අයුරින් ම දැනුත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයාට අනුග්‍රහ කරන සේක්වා!

සෙය්‍යථාපි භන්තේ බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ. ඒවමේව ඛෝ භන්තේ සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තේසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ.

ස්වාමීනී, මේ සඟ පිරිස අතර අළුත පැවිදි වූ, අළුතින් සසුනට පැමිණි, අළුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නො ලැබුනොත් ඒ භික්ෂූන් ගේ සිත් සතන් වල වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ස්වාමීනී, අළුත සිට වූ බීජයන්ට ජලය නො ලැබුනෝතින් වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ඒ අයුරින් ම ස්වාමීනී, මේ සඟ පිරිස අතර අළුත පැවිදි වූ, අළුතින් සසුනට පැමිණි, අළුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නො ලැබුනොත් ඒ භික්ෂූන් ගේ සිත් සතන් වල වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි.

සෙය්‍යථාපි භන්තේ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ. ඒවමේව ඛෝ භන්තේ සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තේසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමෝ. අභිනන්දතු භන්තේ භගවා භික්ඛුසංඝං, අභිවදතු භන්තේ භගවා භික්ඛුසංඝං. සෙය්‍යථාපි භන්තේ භගවතා පුබ්බේ භික්ඛුසංඝෝ අනුග්ගහිතෝ, ඒවමේව භගවා ඒතරහි අනුගණ්හාතු භික්ඛුසංඝ’න්ති.

ඒ වගේ ම ස්වාමීනී, ළදරු වසු පැටවෙකුට මව් වැස්සිය දකින්නට නො ලැබුනොත් වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ඒ අයුරින් ම ස්වාමීනී, මේ සඟ පිරිස අතර අළුත පැවිදි වූ, අළුතින් සසුනට පැමිණි, අළුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නො ලැබුනොත් ඒ භික්ෂූන් ගේ සිත් සතන් වල වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි.

එනිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා සතුටින් පිළිගන්නා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුසංඝයා හට කතා බස් කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් භික්ෂුසංඝයාට යම් අනුග්‍රහයක් කරන ලද්දේ ද, ඒ අයුරින් ම දැනුත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයාට අනුග්‍රහ කරන සේක්වා!”

අසක්ඛිංසු ඛෝ චාතුමෙය්‍යකා ච සක්‍යා බ්‍රහ්මා ච සහම්පති භගවන්තං පසාදේතුං බීජූපමේන ච තරුණූපමේන ච. අථ ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ භික්ඛූ ආමන්තේසි: ‘උට්ඨහථාවුසෝ, ගණ්හාථ පත්තචීවරං, පසාදිතෝ භගවා චාතුමෙය්‍යකේහි ච සක්‍යෙහි බ්‍රහ්මුනා ච සහම්පතිනා බීජූපමේන ච තරුණූපමේන චා’ති. ඒවමාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස පටිස්සුත්වා උට්ඨායාසනා පත්තචීවරං ආදාය යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං සාරිපුත්තං භගවා ඒතදවෝච: කින්ති තේ සාරිපුත්ත අහෝසි මයා භික්ඛුසංඝේ පණාමිතේ’ති. ඒවං ඛෝ මේ භන්තේ අහෝසි භගවතා භික්ඛුසංඝේ පණාමිතේ අප්පොස්සුක්කෝදා’නි භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තෝ විහරිස්සති. මයම්පිදානි අප්පොස්සුක්කා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තා විහරිස්සාමා’ති. ආගමේහි ත්වං සාරිපුත්ත, ආගමේහි ත්වං සාරිපුත්ත, දිට්ඨධම්මසුඛවිහාරන්ති න ඛෝ තේ සාරිපුත්ත පුනපි ඒවරූපං චිත්තං උප්පාදේතබ්බන්ති.

ඉතින් චාතුමාවාසී ශාක්‍යවරුන්ට ත්, සහම්පතී බ්‍රහ්මරාජයාට ත් බීජ උපමාවෙන් ද, ළදරු වසුපැටියා ගේ උපමාවෙන් ද භාග්‍යවතුන් වහන්සේ තුළ පැහැදීම ඇතිකරවන්නට පුළුවන් වුනා. ඒ මොහොතේ දී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, නැගිටින්න. පා සිවුරු ගන්න. චාතුමාවාසී ශාක්‍යවරු විසිනුත්, සහම්පතී බ්‍රහ්මරාජායා විසිනුත්, බීජ උපමාවෙන් ද, ළදරු වසුපැටියා ගේ උපමාවෙන් ද භාග්‍යවතුන් වහන්සේ පහදවන ලද සේක.” “එසේය ආයුෂ්මතුනි” කියා ඒ භික්ෂූන් ද ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට පිළිතුරු දී නැගිට්ටා. පා සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය විමසා වදාළා.

“පින්වත් සාරිපුත්ත, මා විසින් භික්ෂු සංඝයාව බැහැර කරද්දි ඔබට සිතුනේ කුමක් ද?” “ස්වාමීනී, මට මෙහෙම යි සිතුනේ. ‘දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවෙහි උත්සාහ රහිතව, මෙහිදී ම අත්විඳින අරහත්ඵල සුඛයෙන් යුතුව වාසය කරන සේක. එසේ නම් අපි ත් දැන් ධර්ම දේශනාවෙහි උත්සාහ රහිතව, මෙහිදී ම අත්විඳින අරහත්ඵල සුඛයෙන් යුතුව වාසය කරන එක තමයි හොඳ’ කියල.” “ඔබ ඔය කියමන නවත්වන්න පින්වත් සාරිපුත්ත, ඔබ ඔය කියමන නවත්වන්න පින්වත් සාරිපුත්ත. ඔබ විසින් මෙහිදී ම අත්විඳින ‘අරහත්ඵල සුවයෙන් වාසය කරන්නට ඕන’ යන මෙවැනි වූ සිතක් නැවතත් නො ඉපදවිය යුතුයි.”

අථ ඛෝ භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තේසි. ‘කින්ති තේ මොග්ගල්ලාන අහෝසි මයා භික්ඛුසංඝේ පණාමිතේති ඒවං ඛෝ මේ භන්තේ අහෝසි භගවතා භික්ඛුසංඝේ පණාමිතේ අප්පොස්සුක්කෝ’දානි භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තෝ විහරිස්සති. අහඤ්ච දානි ආයස්මා ච සාරිපුත්තෝ භික්ඛුසංඝං පරිහරිස්සාමා’ති. සාධු සාධු මොග්ගල්ලාන, අහං වා හි මොග්ගල්ලාන භික්ඛුසංඝං පරිහරෙය්‍යං සාරිපුත්ත මොග්ගල්ලානා වාති.

ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ගෙන් මෙය ඇසුවා. “පින්වත් මොග්ගල්ලාන, මා විසින් භික්ෂු සංඝයාව බැහැර කරද්දි ඔබට සිතුනේ කුමක් ද?” “ස්වාමීනී, මට මෙහෙම යි සිතුනේ. ‘දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවෙහි උත්සාහ රහිතව, මෙහිදී ම අත්විඳින අරහත්ඵල සුඛයෙන් යුතුව වාසය කරන සේක. එසේ නම් ‘මම ත්, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ත් භික්ෂුසංඝයා පරිහරිණය කරන්නට ඕන’ කියල යි.” “සාදු! සාදු! පින්වත් මොග්ගල්ලාන. මම හෝ පින්වත් මොග්ගල්ලාන, භික්ෂුසංඝයා පරිහරණය කරන්නට ඕන. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම හෝ භික්ෂුසංඝයා පරිහරණය කරන්නට ඕන.”

අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: චත්තාරිමානි භික්ඛවේ භයානි උදකෝරෝහන්තේ පාටිකංඛිතබ්බානි, කතමානි චත්තාරි: ඌමිභයං කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං. ඉමානි ඛෝ භික්ඛවේ චත්තාරි භයානි උදකෝරෝහන්තේ පාටිකංඛිතබ්බානි. ඒවමේව ඛෝ භික්ඛවේ චත්තාරිමානි භයානි ඉධේකච්චේ පුග්ගලේ ඉමස්මිං ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිතේ පාටිකංඛිතබ්බානි. කතමානි චත්තාරි: ඌමිභයං කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළ සේක. “පින්වත් මහණෙනි, ජලයට බසිනා පුද්ගලයා මේ භය සතරට ගොදුරු වෙන්නට ඉඩ තියෙනවා. ඒ කවර සතරක් ද යත්; ඌමි භය නම් වූ දිය රැල්ලෙන් හටගන්නා භය, කුම්භීල භය නම් වූ කිඹුලන් ගෙන් හටගන්නා භය, ආවට්ට භය නම් වූ දිය සුළියෙන් හටගන්නා භය, සුසුකා භය නම් වූ මිනී කන මසුන් ගෙන් හට ගන්නා භය යන මෙය යි. පින්වත් මහණෙනි, ගිහි ගෙයින් නික්ම මේ ශාසනයෙහි පැවිදි වූ ඇතැම් පුද්ගලයෙකු ද මෙවැනි ම වූ භය සතරකට ගොදුරු වෙන්නට ඉඩ තිබෙනවා. ඒ කවර සතරක් ද යත්; ඌමි භය නම් වූ දිය රැල්ලෙන් හටගන්නා භය, කුම්භීල භය නම් වූ කිඹුලන් ගෙන් හටගන්නා භය, ආවට්ට භය නම් වූ දිය සුළියෙන් හටගන්නා භය, සුසුකා භය නම් වූ මිනී කන මසුන් ගෙන් හට ගන්නා භය යන මෙය යි.

කතමඤ්ච භික්ඛවේ ඌමිභයං: ඉධ භික්ඛවේ ඒකච්චෝ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, ‘ඕතිණ්ණෝම්හි ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ. අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති. තමේනං තථා පබ්බජිතං සමානං සබ්‍රහ්මචාරී ඕවදන්ති අනුසාසන්ති: ‘ඒවන්තේ අභික්කමිතබ්බං. ඒවන්තේ පටික්කමිතබ්බං. ඒවන්තේ ආලෝකිතබ්බං. ඒවන්තේ විලෝකිතබ්බං. ඒවන්තේ සමිඤ්ජිතබ්බං. ඒවන්තේ පසාරේතබ්බං. ඒවන්තේ සංඝාටිපත්තචීවරං ධාරේතබ්බ’න්ති. තස්ස ඒවං හෝති: මයං ඛෝ පුබ්බේ අගාරියභූතා සමානා අඤ්ඤේ ඕවදාමපි අනුසාසාමපි ඉමේ පනම්හාකං පුත්තමත්තා මඤ්ඤේ, නත්තමත්තා මඤ්ඤේ, අම්හේ ඕවදිතබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති. සෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවේ ඌමිභයස්ස භීතෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෝ ඌමිභයන්ති ඛෝ භික්ඛවේ කෝධුපායාසස්සේතං අධිවචනං.

පින්වත් මහණෙනි, ඌමි භය නම් වූ දිය රැල්ලෙන් හටගන්නා භය කුමක් ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය අත්හැර මේ සසුනෙහි පැවිදි වෙනවා. ඔහු පැවිදි වෙන්නේ ‘ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, සෝකයෙන්, වැළපීම් වලින්, දුකින් දොම්නසින්, සුසුම් හෙලීම් වලින් මං මහා විපතකට පත්වෙල යි සිටින්නේ. දුකට වැටිල යි සිටින්නේ. දුකින් පෙළෙමින් සිටින්නේ. ඉතින් මං මේ මහත් දුක්ඛස්කන්ධයා ගේ අවසන් වීමක් දකිනවා නම් ඒ තමයි හොඳ’ කියල යි.

එතකොට එසේ පැවිදි වූ ඔහුට සබ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද කරනවා. අනුශාසනා කරනවා. ‘ඔබ ඉදිරිය බලා යා යුත්තේ මේ විදිහට යි. ඔබ නැවත ආපසු පැමිණිය යුත්තේ මේ විදිහට යි. ඔබ ඉදිරිය බැලිය යුත්තේ මේ විදිහට යි. ඔබ වටපිටාව බැලිය යුත්තේ මේ විදිහට යි. ඔබ අත් පා හැකිලිය යුත්තේ මේ විදිහට යි. ඔබ අත් පා දිගහැරිය යුත්තේ මේ විදිහට යි. ඔබ දෙපට සිවුරු, පාත්‍ර හා අනෙකුත් සිවුරු පරිහරණය කළ යුත්තේ මේ විදිහට යි’ කියලා.

එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘ඉස්සර ගිහි ගෙදර සිටිද්දී අපි තමයි අනිත් උදවියට අවවාද ත් කරන්නෙ. අනුශාසනා ත් කරන්නෙ. දැන් හරි වැඩක් නෙව. මේ උන්නාන්සේලා අප ගේ දරුවන් වගෙයි. මුණුබුරන් වගෙයි. මේ ඇත්තො සිතන්නෙ අපට අවවාද කළ යුතුයි කියල යි. අනුශාසනා කළ යුතුයි කියල යි.’ ඉතින් මහණෙනි, ඒ භික්ෂුව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙනවා. පින්වත් මහණෙනි, මේ තැනැත්තාට තමයි කියන්නේ දිය රැල්ලෙන් හටගන්නා භයෙන් භීතියට පත්ව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටුණු කෙනා කියලා. පින්වත් මහණෙනි, දිය රැල්ලෙන් හට ගන්නා භය හෙවත් ඌමි භය යනු ක්‍රෝධ උපායාසයට කියන නමකි.

කතමඤ්ච භික්ඛවේ කුම්භීලභයං: ඉධ භික්ඛවේ ඒකච්චෝ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, ඕතිණ්ණෝම්හි ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ. අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති.

පින්වත් මහණෙනි, කුම්භීල භය නම් වූ කිඹුලන් ගෙන් හටගන්නා භය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය අත්හැර මේ සසුනෙහි පැවිදි වෙනවා. ඔහු පැවිදි වෙන්නේ ‘ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, සෝකයෙන්, වැළපීම් වලින්, දුකින් දොම්නසින්, සුසුම් හෙලීම් වලින් මං මහා විපතකට පත්වෙල යි සිටින්නේ. දුකට වැටිල යි සිටින්නේ. දුකින් පෙළෙමින් සිටින්නේ. ඉතින් මං මේ මහත් දුක්ඛස්කන්ධයා ගේ අවසන් වීමක් දකිනවා නම් ඒ තමයි හොඳ’ කියල යි.

තමේනං තථා පබ්බජිතං සමානං සබ්‍රහ්මචාරී ඕවදන්ති. අනුසාසන්ති: ඉදං තේ ඛාදිතබ්බං, ඉදං තේ න ඛාදිතබ්බං, ඉදං තේ භුඤ්ජිතබ්බං, ඉදං තේ න භුඤ්ජිතබ්බං, ඉදං තේ සායිතබ්බං, ඉදං තේ න සායිතබ්බං, ඉදං තේ පාතබ්බං, ඉදං තේ න පාතබ්බං, කප්පියං තේ ඛාදිතබ්බං, අකප්පියං තේ න ඛාදිතබ්බං, කප්පියං තේ භුඤ්ජිතබ්බං, අකප්පියං තේ න භුඤ්ජිතබ්බං, කප්පියං තේ සායිතබ්බං, අකප්පියං තේ න සායිතබ්බං, කප්පියං තේ පාතබ්බං, අකප්පියං තේ න පාතබ්බං, කාලේ තේ ඛාදිතබ්බං, විකාලේ තේ න ඛාදිතබ්බං, කාලේ තේ භුඤ්ජිතබ්බං, විකාලේ තේ න භුඤ්ජිතබ්බං, කාලේ තේ සායිතබ්බං, විකාලේ තේ න සායිතබ්බං, කාලේ තේ පාතබ්බං, විකාලේ තේ න පාතබ්බ’න්ති. තස්ස ඒවං හෝති: මයං ඛෝ පුබ්බේ අගාරියභූතා සමානා යං ඉච්ඡාම තං ඛාදාම, යං න ඉච්ඡාම න තං ඛාදාම, යං ඉච්ඡාම තං භුඤ්ජාම, යං න ඉච්ඡාම න තං භුඤ්ජාම, යං ඉච්ඡාම තං සායාම, යං න ඉච්ඡාම න තං සායාම, යං ඉච්ඡාම තං පිවාම යං න ඉච්ඡාම න තං පිවාම. කප්පියම්පි ඛාදාම, අකප්පියම්පි ඛාදාම, කප්පියම්පි භුඤ්ජාම, අකප්පියම්පි භුඤ්ජාම, කප්පියම්පි සායාම, අකප්පියම්පි සායාම, කප්පියම්පි පිවාම, අකප්පියම්පි පිවාම. කාලේපි ඛාදාම, විකාලේපි ඛාදාම, කාලේපි භුඤ්ජාම, විකාලේපි භුඤ්ජාම, කාලේපි සායාම, විකාලේපි සායාම, කාලේපි පිවාම, විකාලේපි පිවාම. යම්පි නෝ සද්ධා ගහපතිකා දිවා විකාලේ පණීතං ඛාදනීයං භෝජනීයං දෙන්ති, තත්ථපි මේ මුඛාවරණං මඤ්ඤේ කරොන්තී’ති. සෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවේ කුම්භීලභයස්ස භීතෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෝ. කුම්භීලභයන්ති ඛෝ භික්ඛවේ ඕදරිකත්තස්සේතං අධිවචනං.

එතකොට එසේ පැවිදි වූ ඔහුට සබ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද කරනවා. අනුශාසනා කරනවා. ‘ඔබ විසින් වැළඳිය යුත්තේ මෙය යි. ඔබ විසින් මෙය නො වැළඳිය යුතුයි. ඔබ විසින් අනුභව කළ යුත්තේ මෙය යි. ඔබ මෙය අනුභව නො කළ යුතුයි. ඔබ විසින් රස විඳිය යුත්තේ මෙය යි. ඔබ මෙය රස නො විඳිය යුතුයි. ඔබ විසින් පානය කළ යුත්තේ මෙය යි. මෙය පානය නො කළ යුතුයි. ඔබ වැළඳිය යුත්තේ කැප වූ දෙය පමණි. අකැප දෙය ඔබ විසින් නො වැළඳිය යුතුයි. ඔබ අනුභව කළ යුත්තේ කැප වූ දෙය පමණි. අකැප දෙය ඔබ විසින් අනුභව නො කළ යුතුයි. ඔබ රස විඳිය යුත්තේ කැප වූ දෙය පමණි. අකැප දෙය ඔබ විසින් රස නො විඳිය යුතුයි. ඔබ පානය කළ යුත්තේ කැප වූ දෙය පමණි. අකැප දෙය ඔබ විසින් පානය නො කළ යුතුයි. ඔබ වැළඳිය යුත්තේ සුදුසු කාලය තුළ යි. විකාලයෙහි නො වැළඳය යුතුයි. ඔබ අනුභව කළ යුත්තේ සුදුසු කාලය තුළ යි. විකාලයෙහි අනුභව නො කළ යුතුයි. ඔබ රස විඳිය යුත්තේ සුදුසු කාලය තුළ යි. විකාලයෙහි රස නො විඳිය යුතුයි. ඔබ පානය කළ යුත්තේ සුදුසු කාලය තුළ යි. විකාලයෙහි පානය නො කළ යුතුයි’ කියල.

එතකොට ඒ භික්ෂුවට මෙහෙම හිතෙනවා. ‘අපි ඉස්සර ගෙදර සිටිද්දී යමක් කැමති ද එය කනවා. යමක් අකමැති ද එය නො කා ඉන්නවා. යමක් කැමති ද එය අනුභව කරනවා. යමක් අකමැති ද එය අනුභව නො කර ඉන්නවා. යමක් කැමති ද එය රස විඳිනවා. යමක් අකමැති ද එය රස නො විඳිනවා. යමක් කැමති ද එය බොනවා. යමක් අකමැති ද එය නො බී ඉන්නවා. කැප වූ දෙයත් කනවා. අකැප දෙයත් කනවා. කැප වූ දෙයත් අනුභව කරනවා. අකැප දෙයත් අනුභව කරනවා. කැප වූ දෙයත් රස විඳිනවා. අකැප දෙයත් රස විඳිනවා. කැප වූ දෙයත් බොනවා. අකැප දෙයත් බොනවා. සුදුසු කාලෙදි ත් කනවා. විකාලයෙහි ත් කනවා. සුදුසු කාලෙදි ත් අනුභව කරනවා. විකාලයෙහි ත් අනුභව කරනවා. සුදුසු කාලෙදි ත් රස විඳිනවා. විකාලයෙහි ත් රස විඳිනවා. සුදුසු කාලෙදි ත් බොනවා. විකාලයෙහි ත් බොනවා.

ශ්‍රද්ධාවන්ත ගිහි පින්වතුන් දහවල් විකාලයට ත් ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය යමක් අපට පූජා කරනවා නම් දැන් හරි වැඩක් නෙව. ඒ ටිකවත් වළඳන්නට බැරි විදිහට මුකවාඩම් දමනවා වගෙයි නෙව’ කියල ඒ භික්ෂුව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙනවා. පින්වත් මහණෙනි, මේ තැනැත්තාට තමයි කියන්නේ කිඹුලන්ගෙන් හටගන්නා භයෙන් භීතියට පත්ව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටුණු කෙනා කියලා. පින්වත් මහණෙනි, කිඹුලන් ගෙන් හටගන්නා භය හෙවත් කුම්භීල භය යනු රසවත් දෙයින් බඩපුරවා ගන්නට ම සිතමින් සිටීමට කියන නමකි.

කතමඤ්ච භික්ඛවේ ආවට්ටභයං, ඉධ භික්ඛවේ ඒකච්චෝ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති. ඕතිණ්ණෝම්හි ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ. අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. අරක්ඛිතේනේව කායේන, අරක්ඛිතාය වාචාය, අනුපට්ඨිතාය සතියා, අසංවුතේහි ඉන්ද්‍රියේහි. සෝ තත්ථ පස්සති ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණේහි සමප්පිතං සමංගීභූතං පරිචාරයමානං. තස්ස ඒවං හෝති: මයං ඛෝ පුබ්බේ අගාරියභූතා සමානා පඤ්චහි කාමගුණේහි සමප්පිතා සමංගීභූතා පරිචාරිම්හ. සංවිජ්ජන්තේ ඛෝ කුලේ භෝගා, සක්කා භෝගේ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතු’න්ති. සෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවේ ආවට්ටභයස්ස භීතෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෝ. ආවට්ටභයන්ති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං.

පින්වත් මහණෙනි, ආවට්ට භය නම් වූ දිය සුළියෙන් හටගන්නා භය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය අත්හැර මේ සසුනෙහි පැවිදි වෙනවා. ඔහු පැවිදි වෙන්නේ ‘ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, සෝකයෙන්, වැළපීම් වලින්, දුකින් දොම්නසින්, සුසුම් හෙලීම් වලින් මං මහා විපතකට පත්වෙල යි සිටින්නේ. දුකට වැටිල යි සිටින්නේ. දුකින් පෙළෙමින් සිටින්නේ. ඉතින් මං මේ මහත් දුක්ඛස්කන්ධයා ගේ අවසන් වීමක් දකිනවා නම් ඒ තමයි හොඳ’ කියල යි.

එතකොට එසේ පැවිදි වූ ඔහු සිවුරු හැඳ පෙරව පාත්‍රය අතට ගෙන පෙරවරුවෙහි ගමට හෝ නියම්ගමට හෝ පිඬු සිඟා වඩිනවා. ඔහු ආරක්ෂා කර නො ගත් කයින් යුතුව, ආරක්ෂා කර නො ගත් වචනයෙන් යුතුව, සිහිය පිහිටුවා නො ගෙන, අසංවර වූ ඉන්ද්‍රියයන් ගෙන් යුතුව යි පිඬු සිඟා යන්නේ. ඉතින් ඔහු එහිදී ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා පංච කාම ගුණයන් පිරිවරා ගෙන එයින් විනෝද වෙමින් සිටින අයුරු දකින්නට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අපි ඉස්සර ගෙදර සිටිද්දී පංච කාම ගුණයන් පිරිවරා ගෙන එයින් සතුටු වෙවී හිටියා. අප ගේ ගෙදර දේපල වස්තුව තියෙනව නෙව. එහෙම එකේ ගිහි සැප අනුභව කරමින් පින් කරන්නට පුළුවන්කම තියෙනවා නෙව’ කියල ඒ භික්ෂුව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙනවා. පින්වත් මහණෙනි, මේ තැනැත්තාට තමයි කියන්නේ දිය සුළියෙන් හටගන්නා භයෙන් භීතියට පත්ව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටුණු කෙනා කියලා. පින්වත් මහණෙනි, දියසුළියෙන් හට ගන්නා භය හෙවත් ආවට්ට භය යනු පංච කාම ගුණයන්ට කියන නමකි.

කතමඤ්ච භික්ඛවේ සුසුකාභයං, ඉධ භික්ඛවේ ඒකච්චෝකුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, ඕතිණ්ණොම්හි ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ, අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතේනේව කායේන, අරක්ඛිතාය වාචාය, අනුපට්ඨිතාය සතියා, අසංවුතේහි ඉන්ද්‍රියේහි සෝ තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගෝ චිත්තං අනුද්ධංසේති, සෝ රාගානුද්ධස්තේන චිත්තේන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවේ සුසුකාභයස්ස භීතෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෝ. සුසුකාභයන්ති ඛෝ භික්ඛවේ මාතුගාමස්සේතං අධිවචනං.

පින්වත් මහණෙනි, සුසුකා භය නම් වූ මිනී කන මසුන් ගෙන් හටගන්නා භය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය අත්හැර මේ සසුනෙහි පැවිදි වෙනවා. ඔහු පැවිදි වෙන්නේ ‘ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, සෝකයෙන්, වැළපීම් වලින්, දුකින් දොම්නසින්, සුසුම් හෙලීම් වලින් මං මහා විපතකට පත්වෙල යි සිටින්නේ. දුකට වැටිල යි සිටින්නේ. දුකින් පෙළෙමින් සිටින්නේ. ඉතින් මං මේ මහත් දුක්ඛස්කන්ධයා ගේ අවසන් වීමක් දකිනවා නම් ඒ තමයි හොඳ’ කියල යි.

එතකොට එසේ පැවිදි වූ ඔහු සිවුරු හැඳ පෙරව පාත්‍රය අතට ගෙන පෙරවරුවෙහි ගමට හෝ නියම්ගමට හෝ පිඬු සිඟා වඩිනවා. ඔහු ආරක්ෂා කර නො ගත් කයින් යුතුව, ආරක්ෂා කර නො ගත් වචනයෙන් යුතුව, සිහිය පිහිටුවා නො ගෙන, අසංවර වූ ඉන්ද්‍රියයන් ගෙන් යුතුව යි පිඬු සිඟා යන්නේ. එතකොට ඔහුට අසංවරව ඇඳුම් ඇඳගත්, අසංවරව රෙදි පොරවා ගත් කාන්තාවක් දකින්නට ලැබෙනවා. ඒ අසංවර ඇඳුම් ඇඳගත්, අසංවරව රෙදි පොරවා ගත් කාන්තාව දැක්ක විට රාගය ඔහු ගේ සිත යටපත් කරනවා. ඉතින් රාගයෙන් කැළඹී ගිය සිතින් යුතු වූ ඒ භික්ෂුව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙනවා. පින්වත් මහණෙනි, මේ තැනැත්තාට තමයි කියන්නේ මිනී කන මසුන් ගෙන් හටගන්නා භයෙන් භීතියට පත්ව හික්මෙන්නට තිබෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටුණු කෙනා කියලා. පින්වත් මහණෙනි, මිනී කන මසුන් ගෙන් හට ගන්නා භය හෙවත් සුසුකා භය යනු ස්ත්‍රියට කියන නමකි.

ඉමානි ඛෝ භික්ඛවේ චත්තාරි භයානි ඉධේකච්චේ පුග්ගලේ ඉමස්මිං ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිතේ පාටිකංඛිතබ්බානීති.

පින්වත් මහණෙනි, ගිහි ගෙයින් නික්ම මේ ශාසනයෙහි පැවිදි වූ ඇතැම් පුද්ගලයෙකුට මේ භය සතරට මුහුණ දෙන්නට සිදුවෙනවා.

ඉදමවෝච භගවා අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

චාතුම සුත්තං සත්තමං.

චාතුම ගමේ දී වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M