මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.6. ලටුකිකෝපම සුත්තං

2.2.6. කැටකිරිල්ලිය උපමා කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසු විහරති ආපණං නාම අංගුත්තරාපානං නිගමෝග අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසේත්වා පත්තචීවරං ආදාය ආපණං පිණ්ඩාය පාවිසිග ආපණේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේනඤ්ඤතරෝ වනසණ්ඩෝ තේනුපසංකමි දිවාවිහාරායග තං වනසණ්ඩං අජ්ඣෝගාහේත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසීදි

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අංගුත්තරාප ජනපදයෙහි ආපණ නම් වූ අංගුත්තරාපයින් ගේ නියම් ගමෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන, පාත්තරය ගෙන ආපණ නියම් ගමට පිඬු සිඟා වැඩියා. ආපණ ගමෙහි පිඬු සිඟා වැඩම කොට දන් වැළඳීමෙන් පසු දිවා විහරණය පිණිස, එහි එක්තරා වන ලැහැබකට වැඩම කළා. ඒ වන ලැහැබ ඇතුළට වැඩ, එක්තරා රුක් සෙවනක දිවා විහරණයෙන් වැඩ සිටියා.

ආයස්මාපි ඛෝ උදායී පුබ්බණ්හසමයං නිවාසේත්වා පත්තචීවරං ආදාය ආපණං පිණ්ඩාය පාවිසි. ආපණේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන සෝ වනසණ්ඩෝ තේනුපසංකමි දිවාවිහාරාය, තං වනසණ්ඩං අජ්ඣෝගාහේත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ ආයස්මතෝ උදායිස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: ‘බහූනං (බහුන්නං වත නෝ භගවා දුක්ඛධම්මානං අපහත්තා බහුන්නං වත නෝ භගවා සුඛධම්මානං උපහත්තා, බහුන්නං වත නෝ භගවා අකුසලානං ධම්මානං අපහත්තා බහුන්නං වත නෝ භගවා කුසලානං ධම්මානං උපහත්තා’ති.

ආයුෂ්මත් උදායී තෙරුන් ද, පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන, පාත්තරය ගෙන ආපණ නියම් ගමට පිඬු සිඟා වැඩියා. ආපණ ගමෙහි පිඬු සිඟා වැඩම කොට දන් වැළඳීමෙන් පසු දිවා විහරණය පිණිස, ඒ වන ලැහැබට වැඩම කළා. ඒ වන ලැහැබ ඇතුළට වැඩ, එක්තරා රුක් සෙවනක දිවා විහරණයෙන් යුතුව වාඩි වී සිටියා. එසේ භාවනාවෙන් විවේකීව සිටින ආයුෂ්මත් උදායී තෙරුන් හට මෙවැනි සිතිවිල්ලක් ඇතිවුනා. “ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අප ගේ බොහෝ දුක් බැහැර කරවන සේක. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අප හට බොහෝ සැප සලසා ලන සේක. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අප ගේ බොහෝ අකුසල් බැහැර කරවන සේක. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අප හට බොහෝ කුසල් උපදවා දෙන සේක” කියල.

අථ ඛෝ ආයස්මා උදායී සායන්හසමයං පටිසල්ලානාවුට්ඨිතෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා උදායී භගවන්තං ඒතදවෝච. “ඉධ මය්හං භන්තේ රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: ‘බහුන්නං වත නෝ භගවා ….(පෙ)…. කුසලානං ධම්මානං උපහත්තා’ති.

ඉතින් ආයුෂ්මත් උදායී තෙරුන් සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ආයුෂ්මත් උදායී තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මෙහි හුදෙකලාවෙහි භාවනාවෙන් සිටි මා හට මෙවැනි සිතිවිල්ලක් ඇතිවුනා. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අප ගේ බොහෝ ….(පෙ)…. කුසල ධර්මයන් උපදවා දෙන සේක’ කියල.

මයං හි භන්තේ පුබ්බේ සායඤ්චේව භුඤ්ජාම පාතෝ ච දිවා ච විකාලේ. අහු ඛෝ සෝ භන්තේ සමයෝ යං භගවා භික්ඛූ ආමන්තේසි: ‘ඉංඝ තුම්හේ භික්ඛවේ ඒතං දිවාවිකාලභෝජනං පජහථා’ති. තස්ස මය්හං භන්තේ අහුදේව අඤ්ඤථත්තං අහු දෝමනස්සං. යම්පි නෝ සද්ධා ගහපතිකා දිවා විකාලේ පණීතං ඛාදනීයං භෝජනීයං දේන්ති. තස්සපි නෝ භගවා පහානමාහ. තස්සපි නෝ සුගතෝ පටිනිස්සග්ගමාහාති.

ස්වාමීනී, අපි ඉස්සර සවස් කාලෙත්, හීල ත්, දහවල ත්, විකාලයෙහි ත් වැළඳුවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ‘සැබැවින් ම පින්වත් මහණෙනි, ඔබ දවල් විකාලයෙහි බොජුන් වැළඳීම අත්හැර දමන්න’ කියා භික්ෂූන් අමතා යම් කරුණක් වදාළ සේක් ද, එබඳු කාලයක් තිබුනා.

එතකොට ස්වාමීනී, මා තුළ මහත් වෙනසක් හටගත්තා. දොම්නසක් හටගත්තා. ‘ශ්‍රද්ධාවන්ත ගිහි උදවිය දිවා විකාලයෙහි තමයි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය වූ යමක් අපට දෙන්නෙ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ බොජුන ත් ප්‍රහාණය කිරීම ගැන වදාරණ සේක. සුගතයන් වහන්සේ එය බැහැර කරලීම ගැන වදාරණ සේක’ කියල.

තේ මයං භන්තේ භගවති පේමඤ්ච ගාරවඤ්ච හිරිඤ්ච ඔත්තප්පඤ්ච සම්පස්සමානා ඒවං තං දිවාවිකාලභෝජනං පජහිම්හා. තේ මයං භන්තේ සායඤ්චේව භුඤ්ජාම පාතෝ ච. අහු ඛෝ සෝ භන්තේ සමයෝ යං භගවා භික්ඛූ ආමන්තේසි: ඉංඝ තුම්හේ භික්ඛවේ ඒතං රත්තිං විකාලභෝජනං පජහථා’ති. තස්ස මය්හං භන්තේ අහුදේව අඤ්ඤථත්තං. අහු දෝමනස්සං යම්පි නෝ ඉමේසං ද්වින්නං භත්තානං පණීතසංඛාතතරං තස්සපි නෝ භගවා පහානමාහ. තස්සපි නෝ සුගතෝ පටිනිස්සග්ගමාහා’ති.

ඉතින් අපි ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමවන්ත භාවය ත්, ගෞරවය ත්, ලැජ්ජාව ත්, බිය ත් දකිමින් මෙසේ ඒ දිවා විකාලයෙහි වළඳන බොජුන් අත්හැරියා. ස්වාමීනී, අපි සවස ත්, උදෑසන ත් වැළඳුවා නෙව. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ‘සැබැවින් ම පින්වත් මහණෙනි, ඔබ රාත්‍රියට ගන්නා මේ විකල් බොජුන් වැළඳීම අත්හැර දමන්න’ කියා භික්ෂූන් අමතා යම් කරුණක් වදාළ සේක් ද, එබඳු කාලයක් තිබුනා.

එතකොට ස්වාමීනී, මා තුළ මහත් වෙනසක් හටගත්තා. දොම්නසක් හටගත්තා. ‘උදේ වරුවේ ත්, සවස් වරුවේ ත් කියන දෙවරුවෙහි ලැබෙන බත් අතුරින් යම් බතක් අතිශයින් ම ප්‍රණීත යැයි සලකන ලද්දේ ද, භාග්‍යවතුන් වහන්සේ ඒ බොජුන ත් ප්‍රහාණය කිරීම ගැන වදාරණ සේක. සුගතයන් වහන්සේ එය බැහැර කරලීම ගැන වදාරණ සේක’ කියල.

භූතපුබ්බං භන්තේ අඤ්ඤතරෝ පුරිසෝ දිවා සූපෙය්‍යං ලභිත්වා ඒවමාහ: ‘හන්ද ච ඉමං නික්ඛිපථ, සායං සබ්බේව සමග්ගා භුඤ්ජිස්සාමා’ති. යා කාචි භන්තේ සංඛතියෝ සබ්බා තා රත්තිං, අප්පා දිවා. තේ මයං භන්තේ භගවති පේමඤ්ච ගාරවඤ්ච හිරිඤ්ච ඔත්තප්පඤ්ච සම්පස්සමානා ඒවං තං තරෙත්තිං, විකාලභෝජනං පජහිම්හා.

ස්වාමීනී, ඉස්සර මෙහෙම දෙයක් වුනා. එක්තරා පුරුෂයෙක් දහවල් වෑංජනයකට සුදුසු දෙයක් ලබා මෙහෙම කිව්වා. ‘දැන් මෙය අරන් තියන්න. සවසට අපි හැමෝම එක්ව අනුභව කරමු’ කියා. ස්වාමීනී, යම් බොජුනක් හොඳින් පිසිනවා නම්, ඒ සෑම දෙයක් ම රෑට යි හදන්නෙ. දවාලට හදන්නේ ස්වල්පය යි. ඉතින් අපි ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමවන්ත භාවය ත්, ගෞරවය ත්, ලැජ්ජාව ත්, බිය ත් දකිමින් මෙසේ ඒ රාත්‍රී විකාලයෙහි වළඳන බොජුන් අත්හැරියා.

භූතපුබ්බං භන්තේ භික්ඛූ රත්තන්ධකාරතිමිසායං පිණ්ඩාය චරන්තා චන්දනිකම්පි පවිසන්ති. ඕලිගල්ලේපි පපතන්ති. කණ්ටකාවාටම්පි ආරෝහන්ති, සුත්තම්පි ගාවිං ආරෝහන්ති මාණවේහිපි සමාගච්ඡන්ති කතකම්මේහිපි අකතකම්මේහිපි. මාතුගාමෝපි තේ අසද්ධම්මේන නිමන්තේති.

ස්වාමීනී, ඉස්සර මෙහෙම දෙයක් වුනා. ‘භික්ෂූන් වහන්සේලා මහ ඝණ අඳුරු රැයෙහි පිඬු සිඟා වඩිද්දී ඉඳුල් දමන තැනට ත් යනවා. ගවර වලෙහිත් වැටෙනවා. කටු සහිත වැට-කඩුළු වල ත් පැටලෙනවා. නිදාසිටින ගවයන් මත ත් වැටෙනවා. සොරකම් කළා වූ ත්, සොරකම් නො කළා වූ ත් තරුණයන් වත් මුණ ගැහෙනවා. ඇතැම් අවස්ථා වල දී ස්ත්‍රීන් පවා නො මනා ක්‍රියා වලට යෝජනා කරනවා.’

භූතපුබ්බාහං භන්තේ රත්තන්ධකාරතිමිසායං පිණ්ඩාය චරාමි අද්දසා ඛෝ මං භන්තේ අඤ්ඤතරා ඉත්ථී විජ්ජන්තරිකාය භාජනං ධෝවන්තී. දිස්වා මං භීතා විස්සරමකාසි: ‘අබ්භුං මේ, පිසාචෝ වත ම’න්ති. ඒවං වුත්තේ අහං භන්තේ තං ඉත්ථිං ඒතදවෝචං: නාහං භගිනි, පිසාචෝ, භික්ඛු පිණ්ඩාය ඨිතෝ’ති. භික්ඛුස්ස ආතුමාරී, භික්ඛුස්ස මාතුමාරී, වරන්තේ භික්ඛු තිණ්හේන ගොවිකන්තනේන කුච්ඡි පරිකන්තෝ න ත්වේව යං රත්තන්ධකාරතිමිසායං කුච්ඡිහේතු පිණ්ඩාය චරසීති.

ස්වාමීනී, ඉස්සර මෙහෙම දෙයකුත් වුනා. මං මහ ඝණ අඳුරු රැයෙහි පිඬු සිඟා වඩිනවා. එතකොට ස්වාමීනී, ඉඳුල් භාජන සෝදන ස්ත්‍රියක් විදුලි කොටන එළියෙන් මාව දැක්කා. දැකලා හොඳට ම භය වුනා. මහ හඬින් කෑ ගැසුවා. ‘අයියෝ ! මාව වනසන්ට මෙන්න පිසාචයෙක් ආවෝ…’ කියල. එසේ පැවසූ විට ස්වාමීනී, මං ඒ ස්ත්‍රියට මෙහෙම කිව්වා. ‘පින්වත් නැගණිය, මං පිසාචයෙක් නො වෙයි. මං පිඬු පිණිස සිටගෙන සිටින භික්ෂුවක්’ කියල. එතකොට ඇය ‘භික්ෂුව ගේ පියා මැරුණා වත් ද? භික්ෂුව ගේ මව් මැරුණා වත් ද? එම්බා භික්ෂුව, ගව මස් කපන තියුණු වූ මන්නාපිහියක් ගෙන නුඹ ගේ කුස කපා ගත්තා නම් ඒක උතුම්. මේ මහ ඝණ අන්ධාකාරයේ පිණ්ඩපාතය පිණිස යම් හැසිරීමක් ඇද්ද, එය හොඳ දෙයක් නෙවෙයි’ කියල කිව්වා.

තස්ස මය්හං භන්තේ තදනුස්සරතෝ ඒවං හෝති: ‘බහුන්නං වත නෝ භගවා දුක්ඛධම්මානං අපහත්තා, බහුන්නං වත නෝ භගවා සුඛධම්මානං උපහත්තා, බහුනං වත නෝ භගවා අකුසලානං ධම්මානං අපහත්තා. බහුන්නං වත නෝ භගවා කුසලානං ධම්මානං උපහත්තා’ති.

ස්වාමීනී, මට ඒවා මතක් වෙද්දි තමයි මෙහෙම හිතුණෙ. ‘ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අප ගේ බොහෝ දුක් බැහැර කරවන සේක. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අප හට බොහෝ සැප සලසා ලන සේක. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අප ගේ බොහෝ අකුසල් බැහැර කරවන සේක. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අප හට බොහෝ කුසල් උපදවා දෙන සේක’ කියල.”

ඒවමේව පනුදායි ඉධේකච්චේ මෝඝපුරිසා, ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තේ ඒවමාහංසු: ‘කිම්පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස අධිසල්ලිඛතේවායං සමණෝ’ති. තේ තඤ්චේව නප්පජහන්ති. මයි ච අප්පච්චයං උපට්ඨාපේන්ති. යේ ච භික්ඛූ සික්ඛාකාමා, තේසං තං උදායි හෝති බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලෝ කලිංගරෝ.

“උදායී, ඒක එහෙම තමයි. මෙහි ඇතැම් හිස් පුරුෂයන්ට මා විසින් ‘මෙය අත්හැර දමන්න’ කියා පැවසූ විට ඔවුන් මෙහෙම කියනවා. ‘මේ ශ්‍රමණයන් වහන්සේ මොනවට නම් මේ ඉතා ස්වල්ප වූ කුඩා දේවල් වලට මෙතරම් වෑයමක් ගන්නව ද?’ කියල. ඔවුන් එබඳු කුඩා දෙයක් වත් අත්හරින්නෙ නෑ. මා කෙරෙහි නො සතුටක් උපදවා ගන්නවා. ඒ තුළ හික්මෙනු කැමති වූ යම් භික්ෂූන් ඇද්ද, ඔවුන් කෙරෙහි පවා නො සතුට ඇති කරගන්නවා. උදායී, ඒ හිස් පුද්ගලයන්ට එය බලවත් බන්ධනයක්. දැඩි බන්ධනයක්. ස්ථිර බන්ධනයක්. නො දිරූ බන්ධනයක්. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක්.

සෙය්‍යථාපි උදායි ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනේන බද්ධා තත්ථේව වධං වා, බන්ධං වා මරණං වා ආගමේති. යෝ නු ඛෝ උදායි ඒවං වදෙය්‍ය: ‘යේන සා ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනේන බද්ධා තත්ථේව වධං වා බන්ධං වා මරණං වා ආගමේති, තං හි තස්සා අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධන’න්ති. සම්මානු ඛෝ සෝ උදායි වදමානෝ වදෙය්‍යා’ති. නෝ හේතං භන්තේ. යේන සා භන්තේ ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනේන බද්ධා තත්ථේව වධං වා බන්ධං වා මරණං වා ආගමේති. තං හි තස්සා බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලෝ කලිංගරෝ’ති.

උදායී, කැටකිරිල්ලියක් ඉන්නවා. මේ කිරිල්ලිය ඉතා දිරූ වැල් පටකින් බැඳලා එයට හසුවෙලා ඉන්නවා. ඒ කිරිල්ලිය ඒ බන්ධනය තුළ ම වධයට පත් වෙනවා. බන්ධනයට පත්වෙනවා. මරණයට හෝ පත් වෙනවා. උදායී, එතකොට යම් කෙනෙක් මෙහෙම කිව්වොත්, ‘ඒ කැටකිරිල්ලිය යම් දිරාගිය වැල්පටකින් බඳිනා ලද බැඳුමකට හසු වුණා ද, එහි ම ඒ කිරිල්ලිය වධයට හෝ බන්ධනයට හෝ මරණයට හෝ පැමිණුනා ද, ඒ දිරාගිය වැල්පට කැටකිරිල්ලියට අබල බන්ධනයක් ම යි. දුර්වල බන්ධනයක් ම යි. දිරාගිය බන්ධනයක් ම යි. අසාර බන්ධනයක් ම යි කියල ඒ කෙනා උදායී, ඒ හරි දෙයක් ද කියන්නෙ?”

“ස්වාමීනී, ඒ එසේ නොවේ ම යි. ස්වාමීනී, ඒ කැටකිරිල්ලිය යම් දිරා ගිය වැල්පටකින් බඳිනා ලද බැඳුමකට හසු වුණා ද, එහි ම ඒ කිරිල්ලිය වධයට හෝ මරණයට හෝ පැමිණුනා ද, ඒ දිරාගිය වැල්පට කැටකිරිල්ලියට බලවත් වූ බන්ධනයක් ම යි. දැඩි බන්ධනයක් ම යි. ස්ථිර බන්ධනයක් ම යි. දිරා නො ගිය බන්ධනයක් ම යි. ඇය ගේ ගෙල සිර කොට ගත් මහා කාෂ්ඨයක් ම යි.”

ඒවමේව ඛෝ උදායි ඉධේකච්චේ මෝඝපුරිසා: ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තේ ඒවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස අධිසල්ලිඛතේවායං සමණෝ’ති. තේ තඤ්චේව නප්පජහන්ති, මයි ච අප්පච්චයං උපට්ඨාපේන්ති. යේ ච භික්ඛූ සික්ඛා කාමා තේසං තං උදායි හෝති බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලෝ කලිංගරෝ‍.

“උදායී, ඔය වගේ ම තමයි. මෙහි ඇතැම් හිස් පුරුෂයන්ට මා විසින් ‘මෙය අත්හැර දමන්න’ කියා පැවසූ විට ඔවුන් මෙහෙම කියනවා. ‘මේ ශ්‍රමණයන් වහන්සේ මොනවට නම් මේ ඉතා ස්වල්ප වූ කුඩා දේවල් වලට මෙතරම් වෑයමක් ගන්නව ද?’ කියල. ඔවුන් එබඳු කුඩා දෙයක් වත් අත්හරින්නෙ නෑ. මා කෙරෙහි නො සතුටක් උපදවා ගන්නවා. ඒ තුළ හික්මෙනු කැමති වූ යම් භික්ෂූන් ඇද්ද, ඔවුන් කෙරෙහි පවා නො සතුට ඇති කරගන්නවා. උදායී, ඒ හිස් පුද්ගලයන්ට එය බලවත් බන්ධනයක්. දැඩි බන්ධනයක්. ස්ථිර බන්ධනයක්. නො දිරූ බන්ධනයක්. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක්.

ඉධ පනුදායි ඒකච්චේ කුලපුත්තා: ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තේ ඒවමාහංසු: කිම්පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නෝ භගවා පහානමාහ. යස්ස නෝ සුගතෝ පටිනිස්සග්ගමාහා’ති. තේ තඤ්චේව පජහන්ති, මයි ච න අප්පච්චයං උපට්ඨාපේන්ති. යේ ච භික්ඛූ සික්ඛාකාමා. තේ තං පහාය අප්පොස්සුක්කා පන්නලෝමා පරදත්තවුත්තා මිගභූතේන චේතසා විහරන්ති. තේසන්තං උදායි හෝති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනං. සෙය්‍යථාපි උදායි රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බුළ්හවාභිජාතෝ සංගාමාවචරෝ දළ්හේහි වරත්තේහි බන්ධනේහි බද්ධෝ ඊසකඤ්ඤේව කායං සන්නාමේත්වා තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාළේත්වා යේන කාමං පක්කමති. යෝ නු ඛෝ උදායි ඒවං වදෙය්‍ය: යේහි සෝ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බුළ්හවාභිජාතෝ සංගාමාවචරෝ දළ්හේහි වරත්තේහි බන්ධනේහි බද්ධෝ ඊසකංයේව කායං සන්නාමේත්වා තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාලේත්වා යේන කාමං පක්කමති. තං හි තස්ස බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලෝ කලිංගරෝති. සම්මා නු ඛෝ සෝ උදායි වදමානෝ වදෙය්‍යාති නෝ හේතං භන්තේ. යේහි සෝ භන්තේ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බුළ්හවාභිජාතෝ සංගාමාවචරෝ දළ්හේහි වරත්තේහි බන්ධනේහි බද්ධෝ ඊසකඤ්ඤේව කායං සන්නාමේත්වා තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාලේත්වා යේන කාමං පක්කමති. තං හි තස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනන්ති.

නමුත් උදායී, ඇතැම් කුල පුත්‍රයන් ඉන්නවා. මා විසින් ඔවුන්ට ත් කියනවා ‘මෙය අත්හැර දමන්න’ කියල. එතකොට ඔවුන් මෙහෙම කියනවා. ‘අපට භාග්‍යවතුන් වහන්සේ යමක් අත්හැර දමන්නැයි වදාරණ සේක් ද, අපට සුගතයන් වහන්සේ යමක් දුරලන්නැයි වදාරණ සේක් ද, එය ඉතා ස්වල්ප වූ සුළු දේ පවා ප්‍රහාණය කිරීම ගැන බුදු කෙනෙක් ම වදාරණ තෙක් සිටිය යුතු ද?’ කියා ඔවුන් එය අත්හැර දමනවා. මා කෙරෙහි නො සතුටක් පහළ කරන්නෙ නැහැ. ඒ වගේ ම ඒ දේ තුළ හික්මෙනු කැමති භික්ෂූන් කෙරෙහි ද නො සතුටක් පහළ කරන්නෙ නැහැ. ඉතින් ඔවුන් අත්හළ යුතු දේ හැරපියා ඒ කෙරෙහි උත්සාහවත් නො වී, නිහතමානීව, අනුන් දුන් දෙයින් සතුටුව යැපෙමින්, මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා. එතකොට උදායී, එය ඔවුන්ට අබල බන්ධනයක්. දුර්වල බන්ධනයක්. කුණු වූ බන්ධනයක්. නිසරු බන්ධනයක්.

උදායී, සුවිශාල දළ යුගලක් ඇති, හොඳින් වැඩුණු සිරුරු ඇති, ජාති සම්පන්න වූ මහා හස්තිරාජයෙක් ඉන්නවා. ඒ ඇත් රජා යුද්ධ භූමියෙහි බැස ගෙන ඉන්නවා. එතකොට ඒ ඇත් රජා ව දැඩි වරපටකින් බැන්දොත් කය මඳක් ම එහාට මෙහාට නවා ඒ බන්ධන සිඳ බිඳ දමා කැමති සේ යනවා. එතකොට යමෙක් ඒ ඇත් රජු ගේ බන්ධනය ගැන මෙහෙම කියනවා. ‘සුවිශාල දළ ඇති වැඩුණු සිරුරු ඇති, ඒ හස්ති රාජයා යම් දැඩි වරපටකින් බඳිනා ලද්දේ ද, එම බන්ධනය කය මඳක් එහාට මෙහාට කිරීමෙන් සුණු විසුණු කොට කැමති දිශාවකට ගියේ ද, ඒ ඇත් රජාට එම බන්ධනය ඉතා බලවත් බන්ධනයක් ම යි. දැඩි වූ බන්ධනයක් ම යි. ස්ථිර වූ බන්ධනයක් ම යි. කුණු නො වූ බන්ධනයක් ම යි. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක් ම යි’ කියා කීවොත් උදායී, එය ඒ ගැන කියන සැබෑ කීමක් ද?”

“ස්වාමීනී, එය නොවේ ම යි. සුවිශාල දළ ඇති වැඩුණු සිරුරු ඇති, ඒ හස්ති රාජයා යම් දැඩි වරපටකින් බඳිනා ලද්දේ ද, එම බන්ධනය කය මඳක් එහාට මෙහාට කිරීමෙන් සුණු විසුණු කොට කැමති දිශාවකට ගියේ ද, ඒ ඇත් රජාට එම බන්ධනය අබල වූ බන්ධනයක් ම යි. දුර්වල වූ බන්ධනයක් ම යි. කුණු වූ බන්ධනයක් ම යි. අසාර වූ බන්ධනයක් ම යි.”

ඒවමේව ඛෝ උදායි ඉධේකච්චේ කුලපුත්තා ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තේ ඒවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නෝ භගවා පහානමාහ. යස්ස නෝ සුගතෝ පටිනිස්සග්ගමාහාති. තේ තඤ්චේව පජහන්ති. මයි ච න අප්පච්චයං උපට්ඨාපේන්ති. යේ ච භික්ඛූ සික්ඛාකාමා තේ තම්පහාය අප්පොස්සුක්කා පන්නලෝමා පරදත්තවුත්තා මිගභූතේන චේතසා විහරන්ති. තේසං තං උදායි හෝති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනං.

“උදායී, මෙයත් ඒ වගේ ම යි. ඇතැම් කුල පුත්‍රයන් ඉන්නවා. මා විසින් ඔවුන්ට ත් කියනවා ‘මෙය අත්හැර දමන්න’ කියල. එතකොට ඔවුන් මෙහෙම කියනවා. ‘අපට භාග්‍යවතුන් වහන්සේ යමක් අත්හැර දමන්නැයි වදාරණ සේක් ද, අපට සුගතයන් වහන්සේ යමක් දුරලන්නැයි වදාරණ සේක් ද, එය ඉතා ස්වල්ප වූ සුළු දේ පවා ප්‍රහාණය කිරීම ගැන බුදු කෙනෙක් ම වදාරණ තෙක් සිටිය යුතු ද?’ කියා ඔවුන් එය අත්හැර දමනවා. මා කෙරෙහි නො සතුටක් පහළ කරන්නෙ නැහැ. ඒ වගේ ම ඒ දේ තුළ හික්මෙනු කැමති භික්ෂූන් කෙරෙහි ද නො සතුටක් පහළ කරන්නෙ නැහැ. ඉතින් ඔවුන් අත්හළ යුතු දේ හැරපියා ඒ කෙරෙහි උත්සාහවත් නො වී, නිහතමානීව, අනුන් දුන් දෙයින් සතුටුව යැපෙමින්, මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා. එතකොට උදායී, එය ඔවුන්ට අබල බන්ධනයක්. දුර්වල බන්ධනයක්. කුණු වූ බන්ධනයක්. නිසරු බන්ධනයක්.

සෙය්‍යථාපි උදායි පුරිසෝ දළිද්දෝ අස්සකෝ අනාළ්හියෝ තස්සස්ස ඒකං අගාරකං ඕලු‍ග්ගවිලු‍ග්ගං කාකාතිදායිං න පරමරූපං. ඒකා ඛටෝපිකා ඕලු‍ග්ගවිලු‍ග්ගා න පරමරූපා, ඒකිස්සා කුම්භියා ධඤ්ඤසමවාපකං න පරමරූපං, ඒකා ජායිකා න පරමරූපා. සෝ ආරාමගතං භික්ඛුං පස්සෙය්‍ය සුධෝතහත්ථපාදං මනුඤ්ඤං භෝජනං භුත්තාවිං සීතාය ඡායාය නිසින්නං අධිචිත්තේ යුත්තං. තස්ස ඒවමස්ස: සුඛං වත භෝ සාමඤ්ඤං, ආරෝග්‍යං වත භෝ සාමඤ්ඤං, සෝ වතස්සං යෝහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යන්ති. සෝ න සක්කුණෙය්‍ය ඒකං අගාරකං ඕලු‍ග්ගවිලු‍ග්ගං කාකාතිදායිං න පරමරූපං පහාය, ඒකං ඛටෝපිකං ඕලු‍ග්ගවිලු‍ග්ගං න පරමරූපං පහාය, ඒකිස්සා කුම්භියා ධඤ්ඤසමවාපකං න පරමරූපං පහාය, ඒකං ජායිකං නපරමරූපං පහාය, කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං.

උදායී, ඉතා දිළිඳු වූ, තමා සතු කිසිවක් නැති, නිසරු පුරුෂයෙක් ඉන්නවා. ඔහුට පරාල කඩා වැටිලා, කපුටන්ට පවා රිංගන්නට පුළුවන්, කිසි පෙනුමක් නැති එක ම පැල්පතක් තියෙනවා. එහි ලණු කැබැලි වලින් අපිළිවෙලකට වියූ උණ බට වලින් කළ ඇඳකුත් තියෙනවා. එහි වළං කබලකුත්, පුස් බැඳුණු ධාන්‍ය ටිකකුත් තියෙනවා. ඒ වගේ ම ඔහුට කිසි පෙනුමක් නැති, නීච ගති ඇති බිරිඳකුත් ඉන්නවා. ඉතින් ඔහු අරණෙහි සිටින භික්ෂුවක් දකිනවා. ඒ භික්ෂුව හොඳින් අත් පා සෝදා පිරිසිදුවට ඉන්නවා. ප්‍රණීත දන් වළඳනවා. සිහිල් සෙවන ඇති රුක් සෙවනේ බවුන් වඩනවා. ඒ භික්ෂුව දකින ඔහුට මෙහෙම සිතෙනවා. ‘අහෝ! මේ ශ්‍රමණභාවය නම් සැපයක් ම යි. භවත්නි, මේ ශ්‍රමණ භාවය නම් නීරෝග බවක් ම යි. එනිසා මට ත් සැබැවින් ම ගිහි ගෙය අත්හැර කෙස් රැවුල බහා කහවත් දරා බුදුසසුනෙහි පැවිදි වෙන්නට ඇත්නම් කොතරම් හොඳ ද!’ කියල. නමුත් අර ඉතා දිළිඳු වූ, තමා සතු කිසිවක් නැති, නිසරු පුරුෂයාට ඔහු ගේ පරාල කඩා වැටී තිබෙන, කපුටන්ට පවා රිංගන්නට පුළුවන්ව තිබෙන, කිසි පෙනුමක් නැති එක ම පැල්පත අත්හැරලා, එහි තිබෙන ලණු කැබැලි වලින් අපිළිවෙලකට වියූ උණ බට වලින් කළ ඇඳ අත්හැරලා, එහි තියෙන වළං කබලත් අත්හැරලා, පුස් බැඳුණු ධාන්‍ය ටිකත් අත්හැරලා, ඒ වගේ ම ඔහු ගේ කිසි පෙනුමක් නැති, නීච ගති ඇති බිරිඳ ත් අත්හැරලා, ගිහි ගෙය අත්හැරලා, කෙස් රැවුල් බහා කහවත් පොරවා අනගාරික බුදු සසුනේ පැවිදි වෙන්නට හැකියාවක් නෑ.

යෝ නු ඛෝ උදායි ඒවං වදෙය්‍ය: යේහි සෝ පුරිසෝ බන්ධනේහි බද්ධෝ න සක්කෝති, ඒකං අගාරකං ඕලු‍ග්ග-විලු‍ග්ගං ….(පෙ)…. ඒකං ජායිකං න පරමරූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. තං හි තස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධන’න්ති. සම්මානු ඛෝ සෝ උදායි වදමානෝ වදෙය්‍යාති. නෝ හේතං භන්තේ. යේහි සෝ භන්තේ පුරිසෝ බන්ධනේහි බද්ධෝ න සක්කෝති ඒකං අගාරකං ඕලු‍ග්ගවිලු‍ග්ගං කාකාතිදායිං න පරමරූපං පහාය, ඒකං ඛටෝපිකං ඕලු‍ග්ගවිලු‍ග්ගං න පරමරූපං පහාය; ඒකිස්සා කුම්භියා ධඤ්ඤසමවාපකං න පරමරූපං පහාය, ඒකං ජායිකං න පරමරූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. තං හි තස්ස බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලෝ කලිංගරෝති.

එතකොට උදායී, යමෙක් මෙහෙම කිව්වොත්, ‘ඒ පුරුෂයා යම් බැඳුමකින් බැඳී තිබෙනවා නම්, ඒ කියන්නෙ; දිරා ගිය පරාල ඇති එක ම කුඩා පැල්පත ….(පෙ)…. නීච ගති ඇති, කිසි පෙනුමක් නැති බිරිඳ අත්හැරලා, ඒ බැඳීම් නැතිව ගිහි ගෙය අත්හැරලා, කෙස් රැවුල් බහා කහවත් හැඳ පැවිදි වෙන්නට යම් නො හැකියාවක් ඇද්ද, ඒ නිවසට, ඇඳට, වළඳට, ධාන්‍යවලට, බිරිඳට ඔහු තුළ ඇති බන්ධනය බල නැති බන්ධනයක් ම යි. දුර්වල බන්ධනයක් ම යි. කුණු වූ බන්ධනයක් ම යි. අසාර වූ බන්ධනයක් ම යි කියල කිව්වොත් උදායී, ඒ පවසන්නේ ඒ බන්ධනය ගැන සැබෑ වූ කීමක් ද?”

“ස්වාමීනී, එය නොවේ ම යි. ස්වාමීනී, යම් බන්ධනයකින් බැඳුණු, අර ඉතා දිළිඳු වූ, තමා සතු කිසිවක් නැති, නිසරු පුරුෂයාට ඔහු ගේ පරාල කඩා වැටී තිබෙන, කපුටන් ට පවා රිංගන්නට පුළුවන්ව තිබෙන, කිසි පෙනුමක් නැති එක ම පැල්පත අත්හැරලා, එහි තිබෙන ලණු කැබැලි වලින් අපිළිවෙලකට වියූ උණ බට වලින් කළ ඇඳ අත්හැරලා, එහි තියෙන වළං කබල ත් අත්හැරලා, පුස් බැඳුණු ධාන්‍ය ටිකත් අත්හැරලා, ඒ වගේ ම ඔහු ගේ කිසි පෙනුමක් නැති, නීච ගති ඇති බිරිඳ ත් අත්හැරලා, ගිහි ගෙය අත්හැරලා, කෙස් රැවුල් බහා කහවත් පොරවා අනගාරික බුදු සසුනේ පැවිදි වෙන්නට හැකියාවක් නැත්නම් ඒක ඔහුට බලවත් බන්ධනයක් ම යි. දැඩි වූ බන්ධනයක් ම යි. ස්ථිර වූ බන්ධනයක් ම යි. කුණු නො වූ බන්ධනයක් ම යි. ගෙල සිර කොට දැමූ මහා කාෂ්ඨයක් ම යි.”

ඒවමේව ඛෝ උදායි ඉධේකච්චේ මෝඝපුරිසා ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තේ ඒවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස. අධිසල්ලිඛතේවායං සමණෝ’ති. තේ තඤ්චේව නප්පජහන්ති. මයි ච අප්පච්චයං උපට්ඨාපේන්ති යේ ච භික්ඛූ සික්ඛාකාමා තේසන්තං උදායි හෝති බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථූලෝ කලිංගරෝ.

“උදායී, ඔය වගේ ම තමයි. මෙහි ඇතැම් හිස් පුරුෂයන්ට මා විසින් ‘මෙය අත්හැර දමන්න’ කියා පැවසූ විට ඔවුන් මෙහෙම කියනවා. ‘මේ ශ්‍රමණයන් වහන්සේ මොනවට නම් මේ ඉතා ස්වල්ප වූ කුඩා දේවල් වලට මෙතරම් වෑයමක් ගන්නව ද?’ කියල. ඔවුන් එබඳු කුඩා දෙයක් වත් අත්හරින්නෙ නෑ. මා කෙරෙහි නො සතුටක් උපදවා ගන්නවා. ඒ තුළ හික්මෙනු කැමති වූ යම් භික්ෂූන් ඇද්ද, ඔවුන් කෙරෙහි පවා නො සතුට ඇති කරගන්නවා. උදායී, ඒ හිස් පුද්ගලයන්ට එය බලවත් බන්ධනයක්. දැඩි බන්ධනයක්. ස්ථිර බන්ධනයක්. නො දිරූ බන්ධනයක්. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක්.

සෙය්‍යථාපි උදායි ගහපති වා ගහපතිපුත්තෝ වා අඩ්ඪෝ මහද්ධනෝ මහාභෝගෝ, නේකානං නික්ඛගණානං චයෝ නේකානං ධඤ්ඤගණානං චයෝ නේකානං බේත්තගණානං චයෝ නේකානං වත්ථුගණානං චයෝ නේකානං භරියගණානං චයෝ නේකානං දාසගණානං චයෝ නේකානං දාසිගණානං චයෝ, සෝ ආරාමගතං භික්ඛුං පස්සෙය්‍ය සුධෝතහත්ථපාදං මනුඤ්ඤං භෝජනං භුත්තාවිං සීතාය ඡායාය නිසින්නං අධිචිත්තේ යුත්තං, තස්ස ඒවමස්ස: සුඛං වත භෝ සාමඤ්ඤං, ආරෝග්‍යං වත භෝ සාමඤ්ඤං, සෝ වතස්සං යෝහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යන්ති. සෝ සක්කුණෙය්‍ය නේකානි නික්ඛගණානි පහාය, නේකානි ධඤ්ඤගණානි පහාය, නේකානි බේත්තගණානි පහාය, නේකානි වත්ථුගණානි පහාය, නේකානි භරියගණානි පහාය, නේකානි දාසගණානි පහාය, නේකානි දාසිගණානි පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං.

උදායී, ඉතා ආඪ්‍ය වූ, මහා ධනය ඇති, මහත් භෝග සම්පත් ඇති, රැස් කර ගත් නොයෙක් රන් රුවන් ඇති, රැස් කර ගත් නොයෙක් ධන ධාන්‍ය ඇති, රැස් කර ගත් නොයෙක් කෙත් ඇති, රැස් කර ගත් නොයෙක් වතුපිටි ඇති, රැස් කර ගත් නොයෙක් බිරින්දෑවරුන් සිටින, රැස් කර ගත් නොයෙක් මෙහෙකරුවන් සිටින, රැස් කර ගත් නොයෙක් මෙහෙකාරියන් සිටින ගෘහපතියෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් ගෘහපති පුත්‍රයෙක් ඉන්නවා. ඔහුට ත් අරණෙහි සිටින භික්ෂුවක් දකින්ට ලැබෙනවා. ඒ භික්ෂුව හොඳින් අත් පා සෝදා පිරිසිදුවට ඉන්නවා. ප්‍රණීත දන් වළඳනවා. සිහිල් සෙවන ඇති රුක් සෙවනේ බවුන් වඩනවා. ඒ භික්ෂුව දකින ඔහුට මෙහෙම සිතෙනවා. ‘අහෝ! මේ ශ්‍රමණභාවය නම් සැපයක් ම යි. භවත්නි, මේ ශ්‍රමණ භාවය නම් නීරෝග බවක් ම යි. එනිසා මට ත් සැබැවින් ම ගිහි ගෙය අත්හැර කෙස් රැවුල බහා කහවත් දරා බුදුසසුනෙහි පැවිදි වෙන්නට ඇත්නම් කොතරම් හොඳ ද!’ කියල.

ඉතින් ඔහු ඒ අනේක වූ රන් රුවන් අත්හරිනවා. අනේක වූ ධන ධාන්‍ය අත්හරිනවා. අනේක වූ කෙත් අත්හරිනවා. අනේක වූ වතුපිටි අත්හරිනවා. අනේක වූ බිරින්දෑවරුන් අත්හරිනවා. අනේක වූ මෙහෙකරුවන් අත්හරිනවා. අනේක වූ මෙහෙකාරියන් අත්හරිනවා. ඔහුට ගිහි ගෙයින් නික්මී, කෙස් රැවුල් බහා, කසාවත් පොරවා, අනගාරික බුදු සසුනේ පැවිදිවෙන්නට පුළුවන්කම ඇතිවෙනවා.

යෝ නු ඛෝ උදායි ඒවං වදෙය්‍ය: යේහි සෝ ගහපති වා ගහපතිපුත්තෝ වා බන්ධනේහි බද්ධෝ සක්කෝති ….(පෙ)…. දාසීගණානි පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං තං හි තස්ස බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලෝ කලිංගරෝති. සම්මා නු ඛෝ සෝ උදායි වදමානෝ වදෙය්‍යා’ති. නෝ හේතං භන්තේ. යේහි සෝ භන්තේ ගහපති වා ගහපතිපුත්තෝ වා බන්ධනේහි බද්ධෝ සක්කෝති නේකානි නික්ඛගණානි පහාය, නේකානි ධඤ්ඤගණානි පහාය, නේකානි ඛෙත්තගණානි පහාය, නේකානි වත්ථුගණානි පහාය, නේකානි භරියගණානි පහාය, නේකානි දාසගණානි පහාය, නේකානි දාසිගණානි පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. තං හි තස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනන්ති. ඒවමේව ඛෝ උදායි ඉධේකච්චේ කුලපුත්තා, ඉදං පජහථාති මයා වුච්චමානා තේ ඒවමාහංසු: ‘කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නෝ භගවා පහානමාහ. යස්ස නෝ සුගතෝ පටිනිස්සග්ගමාහා’ති තේ තඤ්චේව පජහන්ති. මයි ච න අප්පච්චයං උපට්ඨාපේන්ති. යේ ච භික්ඛූ සික්ඛාකාමා තේ තං පහාය අප්පොස්සුක්කා පන්නලෝමා පරදත්තවුත්තා මිගභූතේන චේතසා විහරන්ති. තේසං තං උදායි හෝති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනං”‍.

එතකොට උදායී, යම් කෙනෙක් ඔහු ගැන මෙහෙම කිව්වොත්, ‘ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා යම් බන්ධනයකින් බැඳිලා ඉන්නවා නම්, ….(පෙ)…. අනේක වූ මෙහෙකාරියන් පිරිස ද අත්හැර ගිහි ගෙයින් නික්මී, කෙස් රැවුල් බහා, කසාවත් පොරවා, අනගාරික බුදු සසුනේ පැවිදිවෙන්නට පුළුවන්කම ඇතිවෙනවා නම් ඔහු ගේ ඒ බන්ධනය ඉතා බලවත් බන්ධනයක් ම යි. දැඩි වූ බන්ධනයක් ම යි. ස්ථිර වූ බන්ධනයක් ම යි. කුණු නො වූ බන්ධනයක් ම යි. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක් ම යි’ කියල. උදායී, එය ඔහු ගැන කියන සැබෑ කීමක් ද?”

“ස්වාමීනී, එය එසේ නොවේ ම යි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ යම් බන්ධනයකින් බැඳිලා ඉන්නවා නම්, ඒ අනේක වූ රන් රුවන් අත් හැරලා, අනේක වූ ධන ධාන්‍ය අත් හැරලා, අනේක වූ කෙත් අත් හැරලා, අනේක වූ වතුපිටි අත්හැරලා, අනේක වූ බිරින්දෑවරුන් අත් හැරලා, අනේක වූ මෙහෙකරුවන් අත් හැරලා, අනේක වූ මෙහෙකාරියන් අත් හැරලා, ඒ බන්ධනයෙන් මිදී ගිහි ගෙයින් නික්මී, කෙස් රැවුල් බහා, කසාවත් දරා, අනගාරික බුදු සසුනෙහි පැවිදි වෙන්නට පුළුවන් කමක් තිබෙනවා ද, ඔහු ගේ ඒ බන්ධනය බල රහිත බන්ධනයක් ම යි. දුර්වල බන්ධනයක් ම යි. කුණු වූ බන්ධනයක් ම යි. අසාර බන්ධනයක් ම යි.”

“උදායී, මෙයත් ඒ වගේ ම යි. ඇතැම් කුල පුත්‍රයන් ඉන්නවා. මා විසින් ඔවුන්ට ත් කියනවා ‘මෙය අත්හැර දමන්න’ කියල. එතකොට ඔවුන් මෙහෙම කියනවා. ‘අපට භාග්‍යවතුන් වහන්සේ යමක් අත්හැර දමන්නැයි වදාරණ සේක් ද, අපට සුගතයන් වහන්සේ යමක් දුරලන්නැයි වදාරණ සේක් ද, එය ඉතා ස්වල්ප වූ සුළු දේ පවා ප්‍රහාණය කිරීම ගැන බුදු කෙනෙක් ම වදාරණ තෙක් සිටිය යුතු ද?’ කියා ඔවුන් එය අත්හැර දමනවා. මා කෙරෙහි නො සතුටක් පහළ කරන්නෙ නැහැ. ඒ වගේ ම ඒ දේ තුළ හික්මෙනු කැමති භික්ෂූන් කෙරෙහි ද නො සතුටක් පහළ කරන්නෙ නැහැ. ඉතින් ඔවුන් අත්හළ යුතු දේ හැරපියා ඒ කෙරෙහි උත්සාහවත් නො වී, නිහතමානීව, අනුන් දුන් දෙයින් සතුටුව යැපෙමින්, මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා. එතකොට උදායී, එය ඔවුන්ට අබල බන්ධනයක්. දුර්වල බන්ධනයක්. කුණු වූ බන්ධනයක්. නිසරු බන්ධනයක්.

චත්තාරෝමේ උදායි පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං, කතමේ චත්තාරෝ: ඉධූදායි ඒකච්චෝ පුග්ගලෝ උපධිපහානාය පටිපන්නෝ හෝති උපධිපටිනිස්සග්ගාය. තමේනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය උපධිපටිසංයුත්තා සරසංකප්පා සමුදාචරන්ති. සෝ තේ අධිවාසේති, නප්පජහති, න විනෝදේති, න බ්‍යන්තීකරෝති. න අනභාවං ගමේති. ඉමං ඛෝ අහං උදායි පුග්ගලං ‘සංයුත්තෝ’ති වදාමි නෝ විසඤ්ඤුත්තෝ. තං කිස්ස හේතු: ඉන්ද්‍රියවේමත්තතා හි මේ උදායි ඉමස්මිං පුග්ගලේ විදිතා.

උදායී, මෙලොව පුද්ගලයන් සතර දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ කවර සතර දෙනෙක් ද යත්; උදායී, මෙහි එක් පුද්ගලයෙක් කෙලෙස්උපධීන් ප්‍රහාණය කිරීම පිණිස, කෙලෙස්උපධීන් දුරලීම පිණිස ත් ප්‍රතිපදාවෙහි යෙදෙනවා. ඉතින් උපධීන් ප්‍රහාණය පිණිස, දුරලීම පිණිස පිළිවෙත් පුරන්නා වූ ඔහු තුළ කෙලෙස් සහිත හැඟීම් ඇතිවෙනවා. ක්ලේශ සංකල්පයන් සිත සිතා ඉන්නවා. ඔහු ඒවා ඉවසනවා. අත්හරින්නෙ නෑ. දුරුකරන්නෙ නෑ. නැති කරන්නෙ නෑ. අභාවයට පත්කරන්නෙ නෑ. උදායී, මං මේ පුද්ගලයාට කියන්නෙ ‘කෙලෙස් සමඟ එකතු වී සිටින කෙනා’ කියල යි, ‘කෙලෙස් සමඟ එකතු වී නො සිටින කෙනා’ කියල නො වෙයි. ඒ මක් නිසාද යත්; උදායී, යම්හෙයකින් මා පුද්ගලයා තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන් ගේ වෙනස්කම දන්නා නිසයි.

ඉධ පනුදායි ඒකච්චෝ පුග්ගලෝ උපධිපහානාය පටිපන්නෝ හෝති උපධිපටිනිස්සග්ගාය. තමේනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය උපධිපටිසඤ්ඤුත්තා සරසංකප්පා සමුදාචරන්ති. සෝ තේ නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. ඉමම්පි ඛෝ අහං උදායි පුග්ගලං සංයුත්තෝති වදාමි නෝ විසංයුත්තෝ. තං කිස්ස හේතු: ඉන්ද්‍රියවේමත්තතා හි මේ උදායි ඉමස්මිං පුග්ගලේ විදිතා.

ඒ වගේ ම උදායී, මෙහි තවත් පුද්ගලයෙක් කෙලෙස්උපධීන් ප්‍රහාණය කිරීම පිණිස, කෙලෙස් උපධීන් දුරලීම පිණිස ත් ප්‍රතිපදාවෙහි යෙදෙනවා. ඉතින් උපධීන් ප්‍රහාණය පිණිස, දුරලීම පිණිස පිළිවෙත් පුරන්නා වූ ඔහු තුළ කෙලෙස් සහිත හැඟීම් ඇතිවෙනවා. ක්ලේශ සංකල්පයන් සිතේ මතුවෙනවා. එතකොට ඔහු ඒවා ඉවසන්නෙ නෑ. අත්හරිනවා. දුරුකරනවා. නැති කරනවා. අභාවයට පත්කරනවා. උදායී, මං මේ පුද්ගලයාට කියන්නෙ ‘කෙලෙස් සමඟ එකතු වී නො සිටින කෙනා’ කියල යි, ‘කෙලෙස් සමඟ එකතු වී සිටින කෙනා’ කියල නො වෙයි. ඒ මක් නිසාද යත්; උදායී, යම්හෙයකින් මා පුද්ගලයා තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන් ගේ වෙනස්කම දන්නා නිසයි.

ඉධ පනුදායි ඒකච්චෝ පුග්ගලෝ උපධිපහානාය පටිපන්නෝ හෝති උපධිපටිනිස්සග්ගාය. තමේනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය කදාචි කරහචි සතිසම්මෝසා උපධිපටිසඤ්ඤුත්තා සරසංකප්පා සමුදාචරන්ති. දන්ධෝ උදායි සතුප්පාදෝ. අථ ඛෝ නං ඛිප්පමේව පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. සෙය්‍යථාපි උදායි පුරිසෝ දිවසසන්තත්තේ අයෝකටාහේ ද්වේ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්‍ය. දන්ධෝ උදායි උදකඵුසිතානං නිපාතෝ. අථ ඛෝ නං ඛිප්පමේව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය. ඒවමේව ඛෝ උදායි ඉධේකච්චෝ පුග්ගලෝ උපධිපහානාය පටිපන්නෝ හෝති උපධිපටිනිස්සග්ගාය. තමේනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය, කදාචි කරහචි සතිසම්මෝසා උපධිපටිසඤ්ඤුත්තා සරසංකප්පා සමුදාචරන්ති. දන්ධෝ උදායි සතුප්පාදෝ. අථ ඛෝ නං ඛිප්පමේව පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. ඉමම්පි ඛෝ අහං උදායි පුග්ගලං සඤ්ඤුත්තෝති වදාමි නෝ විසඤ්ඤුත්තෝ. තං කිස්ස හේතු: ඉන්ද්‍රියවේමත්තතා හි මේ උදායි ඉමස්මිං පුග්ගලේ විදිතා.

ඒ වගේ ම උදායී, මෙහි තවත් පුද්ගලයෙක් කෙලෙස්උපධීන් ප්‍රහාණය කිරීම පිණිස, කෙලෙස්උපධීන් දුරලීම පිණිස ත් ප්‍රතිපදාවෙහි යෙදෙනවා. ඉතින් උපධීන් ප්‍රහාණය පිණිස, දුරලීම පිණිස පිළිවෙත් පුරන්නා වූ ඔහු තුළ ඇතැම් අවස්ථාවන් වල දී සිහි මුළා වීම නිසා කෙලෙස් සහිත හැඟීම් ඇතිවෙනවා. ක්ලේශ සංකල්පයන් සිතෙහි මතුවෙනවා. එතකොට ඔහු තුළ සිහිය උපදවා ගන්නට වෙලාව යනවා. නමුත් සිහිය ඉපදුණු ගමන් ම සැණෙකින් ඔහු ඒවා අත්හරිනවා. දුරුකරනවා. නැති කරනවා. අභාවයට පත්කරනවා. උදායී, ඒක මේ වගේ දෙයක්. දවස මුළුල්ලෙහි ඉතා හොඳින් රත් වූ යකඩ භාජනයක් තියෙනවා. එහි දිය බිඳුවක් දෙකක් වැටෙනවා නම්, ඒ දිය බිඳු වැටීම සෙමින් සිදුවන්නට පුළුවන්. නමුත් එය වැටුණු සැණින් ම ක්ෂය වී, නැති වී යනවා. උදායී, මෙතන සිදුවන්නෙත් එවැනි දෙයක් ම යි. ඒ කියන්නෙ යම් පුද්ගලයෙක් කෙලෙස්උපධීන් ප්‍රහාණය කිරීම පිණිස, කෙලෙස් උපධීන් දුරලීම පිණිස ත් ප්‍රතිපදාවෙහි යෙදෙනවා. ඉතින් උපධීන් ප්‍රහාණය පිණිස, දුරලීම පිණිස පිළිවෙත් පුරන්නා වූ ඔහු තුළ ඇතැම් අවස්ථාවන් වල දී සිහි මුළා වීම නිසා කෙලෙස් සහිත හැඟීම් ඇතිවෙනවා. ක්ලේශ සංකල්පයන් සිතෙහි මතුවෙනවා. එතකොට ඔහු තුළ සිහිය උපදවා ගන්නට වෙලාව යනවා. නමුත් සිහිය ඉපදුණු ගමන් ම සැණෙකින් ඔහු ඒවා අත්හරිනවා. දුරුකරනවා. නැති කරනවා. අභාවයට පත්කරනවා. උදායී, මං මේ පුද්ගලයාට කියන්නෙ ‘කෙලෙස් සමඟ එකතු වී නො සිටින කෙනා’ කියල යි, ‘කෙලෙස් සමඟ එකතු වී සිටින කෙනා’ කියල නො වෙයි. ඒ මක් නිසාද යත්; උදායී, යම්හෙයකින් මා පුද්ගලයා තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන් ගේ වෙනස්කම දන්නා නිසයි.

ඉධ පනුදායි ඒකච්චෝ පුග්ගලෝ ‘උපධි දුක්ඛස්ස මූල’න්ති ඉති විදිත්වා නිරුපධි හෝති උපධිසංඛයේ විමුත්තෝ. ඉමං ඛෝ අහං උදායි පුග්ගලං ‘විසංයුත්තෝ’ති වදාමි නෝ සංයුත්තෝ . තං කිස්ස හේතු: ඉන්ද්‍රියවේමත්තතා හි මේ උදායි ඉමස්මිං පුග්ගලේ විදිතා. ඉමේ ඛෝ උදායි චත්තාරෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං.

උදායී, මෙහි තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ‘දුකට මුල උපධීන් බව’ මෙසේ දැනගෙන උපධි රහිත වෙනවා. උපධීන් ගෙවා දමා ලබන විමුක්තිය වන අරහත් ඵලයට පත්වෙනවා. ඉතින් උදායී, මං මේ පුද්ගලයාට කියන්නෙ ‘කෙලෙස් සමඟ එකතු වී නො සිටින කෙනා’ කියල යි, ‘කෙලෙස් සමඟ එකතු වී සිටින කෙනා’ කියල නො වෙයි. ඒ මක් නිසාද යත්; උදායී, යම්හෙයකින් මා පුද්ගලයා තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන් ගේ වෙනස්කම දන්නා නිසයි.

පඤ්ච ඛෝ ඉමේ උදායි කාමගුණා. කතමේ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සෝතවිඤ්ඤෙය්‍යා සද්දා ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා …(පෙ)… ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා …(පෙ)… කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමේ ඛෝ උදායි පඤ්ච කාමගුණා. යං ඛෝ උදායි ඉමේ පඤ්චකාමගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං, ඉදං වුච්චති කාමසුඛං මිළ්හසුඛං පුථුජ්ජනසුඛං අනරියසුඛං න සේවිතබ්බං න භාවේතබ්බං න බහුලීකාතබ්බං. භායිතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි.

උදායී, මේ කාම ගුණ පහක් තියෙනවා. කවර පහක් ද යත්; ඇසෙන් දැක්ක යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන රූප තියෙනවා. කනෙන් ඇසිය යුතු ….(පෙ)…. ශබ්ද තියෙනවා. නාසයෙන් දත යුතු ….(පෙ)…. ගඳ සුවඳ තියෙනවා. දිවෙන් දත යුතු ….(පෙ)…. රස තියෙනවා. කයෙන් දත යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප ඇති කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන පහස තියෙනවා. උදායී, මේ පංච කාම ගුණයන් හේතු කොට ගෙන යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම්, මෙයට කියන්නේ කාම සුඛය කියල යි. අපවිත්‍ර සුඛය කියල යි. පෘථග්ජන සුඛය කියල යි. අනාර්ය සුඛය කියල යි. මේ සුඛය සේවනය නො කළ යුතුයි. නො වැඩිය යුතුයි. බහුල වශයෙන් නො කළ යුතුයි. මේ සුඛයට භය විය යුතුයි කියලයි මා කියන්නේ.

ඉධූදායි භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං වේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියං ඣානං …පෙ… තතියං ඣානං …පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති නෙක්ඛම්මසුඛං පවිවේකසුඛං උපසමසුඛං සම්බෝධසුඛං ආසේවිතබ්බං භාවේතබ්බං බහුලීකාතබ්බං. න භායිතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි.

උදායී, මේ සසුනෙහි භික්ෂුව කාමයන් ගෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඒ වගේ ම ඔහු විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති කරවන, සිතෙහි ඒකාග්‍රතාවය පවත්වන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානයත් උපදවා ගෙන වාසය කරනවා. ….(පෙ)…. තුන්වන ධ්‍යානය ත් උපදවා ගෙන වාසය කරනවා. ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය ත් උපදවා ගෙන වාසය කරනවා.

උදායී, මේ ධ්‍යාන සැපයට කියන්නේ නෙක්ඛම්ම සුඛය කියල යි. පවිවේක සුඛය කියල යි. සංසිඳීමෙන් ලත් සුඛය කියල යි. අවබෝධයෙන් ලත් සුඛය කියල යි. මෙම ධ්‍යාන සැපය සේවනය කළ යුතුයි. වැඩිය යුතුයි. බහුල වශයෙන් වැඩිය යුතුයි. මෙම ධ්‍යාන සුඛයට භය නො විය යුතුයි කියල යි මා කියන්නේ.

ඉධූදායි භික්ඛු විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛෝ අහං උදායි ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං: යදේව තත්ථ විතක්කවිචාරා අනිරුද්ධා හොන්ති, ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං.

උදායී, මේ සසුනෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. උදායී, මෙම ප්‍රථම ධ්‍යානය ‘කම්පනයක් තුළ තිබෙනවා’ කියල යි මා කියන්නේ. එම ධ්‍යානයෙහි කම්පනය තුළ තිබෙන්නේ කුමක් ද? ඒ තුළ යම් විතර්ක විචාරයක් නිරුද්ධ නො වී තිබෙනවා ද මෙය තමයි ඒ කම්පනය තුළ තිබෙන්නේ.

ඉධූදායි භික්ඛු විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි ඛෝ අහං උදායි ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං: යදේව තත්ථ පීතිසුඛං අනිරුද්ධං හෝති, ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං.

උදායී, මේ සසුනෙහි භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. උදායී, මෙම දෙවෙනි ධ්‍යානය ත් ‘කම්පනයක් තුළ තිබෙනවා’ කියල යි මා කියන්නේ. එම ධ්‍යානයෙහි කම්පනය තුළ තිබෙන්නේ කුමක් ද? ඒ තුළ යම් ප්‍රීති සුඛයක් නිරුද්ධ නො වී තිබෙනවා ද මෙය තමයි ඒ කම්පනය තුළ තිබෙන්නේ.

ඉධූදායි භික්ඛු පීතියා ච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි ඛෝ අහං උදායි ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං: යදේව තත්ථ උපේක්ඛාසුඛං අනිරුද්ධං හෝති. ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං.

උදායී, මේ සසුනෙහි භික්ෂුව ප්‍රීතියට නො ඇලීමෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. උදායී, මෙම තුන්වෙනි ධ්‍යානය ‘කම්පනයක් තුළ තිබෙනවා’ කියල යි මා කියන්නේ. එම ධ්‍යානයෙහි කම්පනය තුළ තිබෙන්නේ කුමක් ද? ඒ තුළ යම් උපේක්ෂා සුඛයක් නිරුද්ධ නො වී තිබෙනවා ද මෙය තමයි ඒ කම්පනය තුළ තිබෙන්නේ.

ඉධූදායි භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්සච ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛෝ අහං උදායි අනිඤ්ජිතස්මිං වදාමි.

උදායී, මේ සසුනෙහි භික්ෂුව සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන් ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. උදායී, මෙම සතරවෙනි ධ්‍යානය ‘අකම්පිතය තුළ තිබෙන දෙයක්’ කියල යි මා කියන්නේ.

ඉධූදායි භික්ඛු විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛෝ අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු විතක්කවිචාරානං වූපසමා …පෙ… දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමෝ. ඉදම්පි ඛෝ අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු පීතියා ච විරාගා …පෙ… තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමෝ. ඉදම්පි ඛෝ අහං උදායි අනලන්ති වදාමි පජහථාති වදාමි. සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු සුඛස්ස ච පහානා …පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, අයං තස්ස සමතික්කමෝ. ඉදම්පි ඛෝ අහං උදායි අනලන්ති වදාමි. පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමෝ. ඉදම්පි ඛෝ අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං තස්ස සමතික්කමෝ, ඉදම්පි ඛෝ අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමෝ. ඉදම්පි ඛෝ අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමෝ, ඉදම්පි ඛෝ අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කෝ ච තස්ස සමතික්කමෝ: ඉධූදායි භික්ඛු සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති, අයං තස්ස සමතික්කමෝ. ඉති ඛෝ අහං උදායි නේවසඤ්ඤානාසඤ්ඤායතනස්සපි පහානං වදාමි. පස්සසි නෝ ත්වං උදායි තං සංයෝජනං අණුං වා ථූලං වා, යස්සාහං නෝ පහානං වදාමීති. නෝ හේතං භන්තේති.

උදායී, මේ සසුනෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. උදායී, මා කියන්නේ මෙම ප්‍රථම ධ්‍යානයට ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ ප්‍රථම ධ්‍යානය ඉක්ම යෑම යනු කුමක් ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව විතක්ක විචාරයන් සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. මෙම දෙවෙනි ධ්‍යානය යනු ප්‍රථම ධ්‍යානය ඉක්මවා යෑම යි. උදායී, මා කියන්නේ මෙම දෙවෙනි ධ්‍යානයට ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ දෙවෙනි ධ්‍යානය ඉක්ම යෑම යනු කුමක් ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව ප්‍රීතියට නො ඇලීමෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. මෙම තුන්වෙනි ධ්‍යානය යනු දෙවෙනි ධ්‍යානය ඉක්මවා යෑම යි. උදායී, මා කියන්නේ මෙම තුන්වෙනි ධ්‍යානයට ත් ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ තුන්වෙනි ධ්‍යානය ඉක්ම යෑම යනු කුමක් ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන් ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. මෙම සතරවෙනි ධ්‍යානය යනු තුන්වෙනි ධ්‍යානය ඉක්මවා යෑම යි. උදායී, මා කියන්නේ මෙම සතරවෙනි ධ්‍යානයට ද ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ සතරවෙනි ධ්‍යානය ඉක්ම යෑම යනු කුමක් ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව සියලු ආකාරයෙන් ම රූප සඤ්ඤාවන් ඉක්ම යෑමෙන් ගොරෝසු සඤ්ඤාවන් අරමුණු නො වීමෙන් නා නා සඤ්ඤාවන් මෙනෙහි නො කිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවා වාසය කරනවා. මෙම ආකාසානඤ්චායතනය යනු සතරවෙනි ධ්‍යානය ඉක්මවා යෑම යි. උදායී, මා කියන්නේ මෙම ආකාසානඤ්චායතනයට ද ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ ආකාසානඤ්චායතනය ඉක්ම යෑම යනු කුමක් ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව සියලු ආකාරයෙන් ම ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘විඤ්ඤාණය අනන්තයැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා ගෙන වාසය කරනවා. මෙම විඤ්ඤාණඤ්චායතනය යනු ආකාසානඤ්චායතනය ඉක්මවා යෑම යි. උදායී, මා කියන්නේ මෙම විඤ්ඤාණඤ්චායතනට ද ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑම යනු කුමක්ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව සියලු ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා ගෙන වාසය කරනවා. මෙම ආකිඤ්චඤ්ඤායතනය යනු විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑම යි. උදායී, මා කියන්නේ මෙම ආකිඤ්චඤ්ඤායතනට ද ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම යෑම යනු කුමක් ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව සියලු ආකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම යෑමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා ගෙන වාසය කරනවා. මෙම නේවසඤ්ඤානාසඤ්ඤායතනය යනු ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑම යි. උදායී, මා කියන්නේ මෙම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට ද ඇලුම් කිරීමෙන් වැඩක් නැතැයි කියල යි. එහි ඇල්ම අත්හරින්න කියල යි. එය ඉක්මවා යන්න කියල යි. ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම යෑම යනු කුමක් ද?

උදායී, මේ සසුනෙහි භික්ෂුව සියලු ආකාරයෙන් නේවසඤ්ඤා- නාසඤ්ඤායතනය ඉක්ම යෑමෙන් සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරනවා. උදායී, මේ සඤ්ඤාවේදයිත නිරෝධය යනු නේවසඤ්ඤානා-සඤ්ඤායතනය ඉක්මවා යෑම යි. උදායී, මා මේ විදිහට නේවසඤ්ඤානා-සඤ්ඤායතනයේ පවා ප්‍රහාණය ගැන පවසන්නේ. උදායී, මං යම් සංයෝජනයක ප්‍රහාණය වීමක් ගැන මා නො කියනවා නම්, එබඳු අණුමාත්‍ර හෝ වේවා විශාල හෝ වේවා ඒ සංයෝජනයක් ඔබ දකිනවා ද?” “ස්වාමීනී, එය නොවේ ම යි.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා උදායී භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් උදයී තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ලටුකිකෝපම සුත්තං ඡට්ඨං.

කැටකිරිල්ල උපමා කොට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M