මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.5. භද්දාලිසුත්තං

2.2.5. භද්දාලි තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච: අහං ඛෝ භික්ඛවේ ඒකාසනභෝජනං භුඤ්ජාමි. ඒකාසනභෝජනං ඛෝ අහං භික්ඛවේ භුඤ්ජමානෝ අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. ඒථ තුම්හේපි භික්ඛවේ ඒකාසනභෝජනං භුඤ්ජථ, ඒකාසනභෝජනං ඛෝ භික්ඛවේ තුම්හේපි භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චාති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළා. “පින්වතුන් වහන්සැ”යි කියා ඒ භික්ෂූන් වහන්සේලා ද, භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, මා වළඳන්නේ පෙරවරු කාලයේ වළඳන ඒකාසන භෝජනය යි. ඉතින් පින්වත් මහණෙනි, ඒකාසන භෝජනය වළඳන්නා වූ මට ආබාධ අඩු යි. දුක් අඩු යි. ශරීරය සැහැල්ලු යි. ශාරීරික ශක්තියත් තියෙනවා. පහසු විහරණයත් තියෙන බව හොඳට වැටහෙනවා. පින්වත් මහණෙනි, එන්න, ඔබත් ඒකාසන බොජුන් වළඳන්න. එතකොට පින්වත් මහණෙනි, ඒකාසන භෝජන වළඳන්නා වූ ඔබටත් ආබාධ අඩු වෙලා යන බව, දුක් අඩු බව, ශරීරයේ සැහැල්ලු බව, ශරීර ශක්තිය තියෙන බව, පහසු විහරණය ඇති බව හොඳට වැටහේවි.”

ඒවං වුත්තේ ආයස්මා භද්දාලි භගවන්තං ඒතදවෝච: ‘අහං ඛෝ භන්තේ න උස්සහාමි ඒකාසනභෝජනං භුඤ්ජිතුං. ඒකාසනභෝජනඤ්හි මේ භන්තේ භුඤ්ජතෝ සියා කුක්කුච්චං, සියා විප්පටිසාරෝති. තේන හි ත්වං භද්දාලි යත්ථ නිමන්තිතෝ අස්සසි තත්ථ ඒකදේසං භුඤ්ජිත්වා ඒකදේසං නීහරිත්වාපි භුඤ්ජෙය්‍යාසි. ඒවම්පි ඛෝ ත්වං භද්දාලි භුඤ්ජමානෝ යාපෙස්සසීති. ඒවම්පි ඛෝ අහං භන්තේ න උස්සහාමි භුඤ්ජිතුං. ඒවම්පි හි මේ භන්තේ භුඤ්ජතෝ සියා කුක්කුච්චං සියා විප්පටිසාරෝති. අථ ඛෝ ආයස්මා භද්දාලි භගවතා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛුසංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසි. අථ ඛෝ ආයස්මා භද්දාලි සබ්බං තං තේමාසං න භගවතෝ සම්මුඛීභාවං අදාසි යථා තං සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරී.

මෙසේ වදාළ විට ආයුෂ්මත් භද්දාලි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මා නම් ඒකාසන බොජුන් වළඳන්ට උත්සාහ කරන්නෙ නෑ. ස්වාමීනී, මා විසින් ඒකාසන භෝජනය වැළඳුවොත් (දිගට ම පැවිදි ජීවිතය ගෙවන්න පුළුවන් වේවි ද කියල) කුකුස් ඇතිවෙන්ට පුළුවනි. විපිළිසර ඇතිවෙන්ට පුළුවනි.”

“භද්දාලි එහෙම නම්, යම් තැනක ඇරයුමක් ලැබෙනවා නම්, එතනදි කොටසක් වළඳල, අනෙක් කොටස බැහැරට ගෙන ගිහින් (ඉර අවරට යන්න කලින්) වළඳන්න. එතකොට භද්දාලි, ඔය විදිහට වළඳන ඔබට යැපෙන්නට පුළුවනි.”

“ස්වාමීනී, මා නම් ඔය විදිහටත් වළඳන්ට උත්සාහ කරන්නෙ නෑ. ස්වාමීනී, මා විසින් ඔය විදිහට වැළඳුවත් (දිගට ම පැවිදි ජීවිතය ගෙවන්න පුළුවන් වේවි ද කියල) කුකුස් ඇතිවෙන්ට පුළුවනි. විපිළිසර ඇතිවෙන්ට පුළුවනි.”

ඉතින් ආයුෂ්මත් භද්දාලි තෙරුන්, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂා පද පණවා වදාරණ කල්හි ත්, භික්ෂුසංඝයා ශික්ෂා පදය සමාදන් වී සිටින කල්හි ත්, පැවසුවේ නො හැකියාව ගැන ම යි. ඒ හේතුවෙන් ආයුෂ්මත් භද්දාලි තෙරුන් ශාස්තෘ ශාසනයෙහි සිල් පද නො පුරා සිටින කෙනෙකු පරිද්දෙන් ඒ මුළු තුන් මාසය ම භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පැමිණියේ නෑ.

තේන ඛෝ පන සමයේන සම්බහුලා භික්ඛූ භගවතෝ චීවරකම්මං කරොන්ති, නිට්ඨිතචීවරෝ භගවා තේමාසච්චයේන චාරිකං පක්කමිස්සතීති. අථ ඛෝ ආයස්මා භද්දාලි යේන තේ භික්ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා තේහි භික්ඛූහි සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං භද්දාලිං තේ භික්ඛූ ඒතදවෝචුං: ‘ඉදං ඛෝ ආවුසෝ භද්දාලි භගවතෝ චීවරකම්මං කරීයති. නිට්ඨිතචීවරෝ භගවා තේමාසච්චයේන චාරිකං පක්කමිස්සතී’ති. ඉංඝාවුසෝ භද්දාලි ඒතං දේසකං සාධුකං මනසි කරෝහි. මා තේ පච්ඡා දුක්කරතරං අහෝසීති.

ඒ කාලයෙහි දී බොහෝ භික්ෂූන් වහන්සේලා “සිවුරු මසා සම්පූර්ණ වූ කල්හි භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකාවේ වඩිනා සේක” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගේ චීවරය සකස් කරමින් සිටියා. එතකොට ආයුෂ්මත් භද්දාලි ඒ භික්ෂූන් ළඟට පැමිණුනා. පැමිණ ඒ භික්ෂූන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදිල එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ආයුෂ්මත් භද්දාලි තෙරුන්ට ඒ භික්ෂූන් වහන්සේලා මෙය පැවසුවා. “ආයුෂ්මත් භද්දාලි, මේ සකස් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ චීවරය යි. සිවුරු මසා සම්පූර්ණ වූ කල්හි තුන් මාසය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිනා සේක. ආයුෂ්මත් භද්දාලි සැබැවින් ම ඔය සිද්ධිය ගැන හොඳින් නුවණින් විමසන්න. පස්සෙ ඔබ කරදරයකට පත්වෙන්න නම් එපා.”

ඒවමාවුසෝති ඛෝ ආයස්මා භද්දාලි තේසං භික්ඛූනං පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා භද්දාලි භගවන්තං ඒතදවෝච: අච්චයෝ මං භන්තේ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යෝහං භගවතා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛුසංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසිං. තස්ස මේ භන්තේ භගවා අච්චයං අච්චයතෝ පටිග්ගණ්හාතු ආයතිං සංවරායාති.

“එසේය ආයුෂ්මතුනි” කියා ආයුෂ්මත් භද්දාලි තෙරුන් ඒ භික්ෂූන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ආයුෂ්මත් භද්දාලි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂා පද පණවා වදාරද්දී ත්, භික්ෂුසංඝයා ශික්ෂාව සමාදන් වෙද්දීත්, මං කියා හිටියේ කරන්නට නො හැකි දෙයක් බව යි. ස්වාමීනී, පුහුදුන් අඥානයෙක් වගේ, මුලා වූ කෙනෙක් වගේ, අදක්ෂ කෙනෙක් වගේ ඒ වරද මාව යටකරගෙන ගියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වරද අනාගතයේ යළි නො වී සංවර වීම පිණිස, වරදක් වශයෙන් ම පිළිගෙන වදාරණ සේක්වා!”

තග්ඝ ත්වං භද්දාලි අච්චයෝ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යං ත්වං මයා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛුසංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසි.

“සැබැවින් ම භද්දාලි, මා විසින් ශික්ෂා පද පණවද්දී ත්, භික්ෂුසංඝයා ශික්ෂාව සමාදන් වෙද්දී ත්, ඔබ කියා හිටියේ කරන්නට නො හැකි දෙයක් බව යි. පුහුදුන් අඥානයෙක් වගේ, මුලා වූ කෙනෙක් වගේ, අදක්ෂ කෙනෙක් වගේ ඒ වරද ඔබව යටකරගෙන ගියා.”

සමයෝපි ඛෝ තේ භද්දාලි අප්පටිවිද්ධෝ අහෝසි: භගවා ඛෝ සාවත්ථියං විහරති. භගවාපි මං ජානිස්සති ‘භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛෝ තේ භද්දාලි සමයෝ අප්පටිවිද්ධෝ අහෝසි.

“භද්දාලි, ඔබ විසින් දැන් තිබෙන තත්වය ගැනවත්, සැලකිලිමත් වුනේ නෑ. ඒ කියන්නෙ; ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටිනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ත් මං ගැන දැනගන්නවා, භද්දාලි නම් වූ භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂා පද නො පුරන කෙනෙක්’ ය කියා. භද්දාලි ඔන්න ඔය තත්වය ගැනවත් ඔබ සැලකිලිමත් වුනේ නෑ.

සමයෝපි ඛෝ තේ භද්දාලි අප්පටිවිද්ධෝ අහෝසි: සම්බහුලා ඛෝ භික්ඛු සාවත්ථියං වස්සං උපගතා, තේපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛෝ තේ භද්දාලි සමයෝ අප්පටිවිද්ධෝ අහෝසි.

භද්දාලි, ඔබ විසින් දැන් තිබෙන තත්වය ගැනවත්, සැලකිලිමත් වුනේ නෑ. ඒ කියන්නෙ; ‘භික්ෂූන් වහන්සේලා සැවැත් නුවර වස් වසා වැඩසිටිනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ත් මං ගැන දැනගන්නවා, භද්දාලි නම් වූ භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂා පද නො පුරන කෙනෙක්’ ය කියා. භද්දාලි ඔන්න ඔය තත්වය ගැනවත් ඔබ සැලකිලිමත් වුනේ නෑ.

සමයෝපි ඛෝ තේ භද්දාලි අප්පටිවිද්ධෝ අහෝසි: සම්බහුලා ඛෝ භික්ඛුනියෝ සාවත්ථියං වස්සං උපගතා, තාපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛෝ තේ භද්දාලි සමයෝ අප්පටිවිද්ධෝ අහෝසි.

භද්දාලි, ඔබ විසින් දැන් තිබෙන තත්වය ගැනවත්, සැලකිලිමත් වුනේ නෑ. ඒ කියන්නෙ; ‘භික්ෂුණීන් වහන්සේලා සැවැත් නුවර වස් වසා වැඩ සිටිනවා. එතකොට ඒ භික්ෂුණීන් වහන්සේලා ත් මං ගැන දැනගන්නවා, භද්දාලි නම් වූ භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂා පද නො පුරන කෙනෙක්’ ය කියා. භද්දාලි ඔන්න ඔය තත්වය ගැනවත් ඔබ සැලකිලිමත් වුනේ නෑ.

සමයෝපි ඛෝ තේ භද්දාලි අප්පටිවිද්ධෝ අහෝසි: සම්බහුලා ඛෝ උපාසකා සාවත්ථියං පටිවසන්ති. තේපි මං ජානිස්සන්ති ….(පෙ)…. සම්බහුලා ඛෝ උපාසිකා සාවත්ථියං පටිවසන්ති. තාපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛෝ තේ භද්දාලි සමයෝ අප්පටිවිද්ධෝ අහෝසි.

භද්දාලි, ඔබ විසින් දැන් තිබෙන තත්වය ගැනවත්, සැලකිලිමත් වුනේ නෑ. ඒ කියන්නෙ; ‘උපාසකවරු සැවැත් නුවර වාසය කරනවා. ….(පෙ)…. උපාසිකාවනුත් සැවැත් නුවර වාසය කරනවා. එතකොට ඒ උපාසිකාවනුත් මං ගැන දැනගන්නවා, භද්දාලි නම් වූ භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂා පද නො පුරන කෙනෙක්’ ය කියා. භද්දාලි ඔන්න ඔය තත්වය ගැනවත් ඔබ සැලකිලිමත් වුනේ නෑ.

සමයෝපි ඛෝ තේ භද්දාලි අප්පටිවිද්ධෝ අහෝසි: සම්බහුලා ඛෝ නානාතිත්ථියා සමණබ්‍රාහ්මණා සාවත්ථියං වස්සං උපගතා, තේපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සමණස්ස ගෝතමස්ස සාවකෝ ථේරඤ්ඤතරෝ භික්ඛු සාසනේ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛෝ තේ භද්දාලි සමයෝ අප්පටිවිද්ධෝ අහෝසීති.

භද්දාලි, ඔබ විසින් දැන් තිබෙන තත්වය ගැනවත්, සැලකිලිමත් වුනේ නෑ. ඒ කියන්නෙ; ‘නා නා ආගමික ශ්‍රමණ බ්‍රාහ්මණයින් සැවැත් නුවර වස් වසා සිටිනවා. එතකොට ඒ නා නා ආගමික ශ්‍රමණ බ්‍රාහ්මණයිනුත් මං ගැන දැනගන්නවා, භද්දාලි නම් වූ භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂා පද නො පුරන කෙනෙක්’ ය කියා. භද්දාලි ඔන්න ඔය තත්වය ගැනවත් ඔබ සැලකිලිමත් වුනේ නෑ.”

අච්චයෝ මං භන්තේ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යෝ‘හං භගවතා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛුසංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසිං. තස්ස මේ භන්තේ භගවා අච්චයං අච්චයතෝ පතිගණ්හාතු ආයතිං සංවරායාති, තග්ඝ ත්වං භද්දාලි අච්චයෝ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං මයා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛුසංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසි.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂා පද පණවා වදාරද්දීත්, භික්ෂුසංඝයා ශික්ෂාව සමාදන් වෙද්දීත්, මං කියා හිටියේ කරන්නට නො හැකි දෙයක් බව යි. ස්වාමීනී, පුහුදුන් අඥානයෙක් වගේ, මුලා වූ කෙනෙක් වගේ, අදක්ෂ කෙනෙක් වගේ ඒ වරද මාව යටකරගෙන ගියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වරද අනාගතයේ යළි නො වී සංවර වීම පිණිස, වරදක් වශයෙන් ම පිළිගෙන වදාරණ සේක්වා!”

“සැබැවින් ම භද්දාලි, මා විසින් ශික්ෂා පද පණවද්දී ත්, භික්ෂුසංඝයා ශික්ෂාව සමාදන් වෙද්දී ත්, ඔබ කියා හිටියේ කරන්නට නො හැකි දෙයක් බව යි. පුහුදුන් අඥානයෙක් වගේ, මුලා වූ කෙනෙක් වගේ, අදක්ෂ කෙනෙක් වගේ ඒ වරද ඔබව යටකරගෙන ගියා.

තං කිං මඤ්ඤසි භද්දාලි ඉධස්ස භික්ඛු උභතෝභාගවිමුත්තෝ, තමහං ඒවං වදෙය්‍යං: ‘ඒහි මේ ත්වං භික්ඛු පංකේ සංකමෝ හෝහී’ති. අපි නු සෝ සංකමෙය්‍ය වා අඤ්ඤේන වා කායං සන්නාමෙය්‍ය, නෝති වා වදෙය්‍යාති. නෝ හේතං භන්තේ. තං කිං මඤ්ඤසි භද්දාලි: ‘ඉධස්ස භික්ඛු පඤ්ඤාවිමුත්තෝ ….(පෙ)…. කායසක්ඛි ….(පෙ)…. දිට්ඨප්පත්තෝ ….(පෙ)…. සද්ධාවිමුත්තෝ ….(පෙ)…. ධම්මානුසාරී ….(පෙ)…. සද්ධානුසාරී, තමහං ඒවං වදෙය්‍යං: ‘ඒහි මේ ත්වං භික්ඛු පංකේ සංකමෝ හෝහී’ති. අපි නු සෝ සංකමෙය්‍ය වා අඤ්ඤේන වා කායං සන්නාමෙය්‍ය, නෝති වා වදෙය්‍යාති. නෝ හේතං භන්තේ. තං කිං මඤ්ඤසි භද්දාලි: ‘අපි නු ත්වං භද්දාලි තස්මිං සමයේ උභතෝභාගවිමුත්තෝ වා හෝසි’ පඤ්ඤාවිමුත්තෝ වා කායසක්ඛි වා දිට්ඨප්පත්තෝ වා සද්ධාවිමුත්තෝ වා ධම්මානුසාරී වා සද්ධානුසාරී වාති. නෝ හේතං භන්තේ. නනු ත්වං භද්දාලි තස්මිං සමයේ රිත්තෝ තුච්ඡෝ අපරද්ධෝති. ඒවං භන්තේ. අච්චයෝ මං භන්තේ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යෝහං භගවතා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛුසංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසිං. තස්ස මේ භන්තේ භගවා අච්චයං අච්චයතෝ පතිගණ්හාතු ආයතිං සංවරායාති.

භද්දාලි, මේ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා උභතෝභාග විමුක්තියට පත් භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවට මං මෙහෙම කියනවා. ‘පින්වත් භික්ෂුව මෙහි එන්න. මට වඩින්නට මඩ ගොඩ මත ඒදණ්ඩක් වගේ වැතිරෙන්න’ කියල. එතකොට ඒ භික්ෂුව එයට අදිමදි කරමින් තමන් ගේ කය ඒ පැත්තට මේ පැත්තට නමාවි ද? ‘අනේ බෑ’ කියා කියාවි ද?”

“ස්වාමීනී, එය වෙන්නෙ නෑ ම යි.”

“භද්දාලි, මේ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා ප්‍රඥා විමුක්තියට පත් භික්ෂුවක් ඉන්නවා. ….(පෙ)…. කායසක්ඛී භික්ෂුවක් ඉන්නවා. ….(පෙ)…. දිට්ඨප්පත්ත භික්ෂුවක් ඉන්නවා. ….(පෙ)…. සද්ධාවිමුත්ත භික්ෂුවක් ඉන්නවා. ….(පෙ)…. ධම්මානුසාරී භික්ෂුවක් ඉන්නවා. ….(පෙ)…. ශ්‍රද්ධානුසාරී භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවට මං මෙහෙම කියනවා. ‘පින්වත් භික්ෂුව මෙහි එන්න. මට වඩින්නට මඩ ගොඩ මත ඒදණ්ඩක් වගේ වැතිරෙන්න’ කියල. එතකොට ඒ භික්ෂුව එයට අදිමදි කරමින් තමන් ගේ කය ඒ පැත්තට මේ පැත්තට නමාවි ද? ‘අනේ බෑ’ කියා කියාවි ද?”

“ස්වාමීනී, එය වෙන්නෙ නෑ ම යි.”

“භද්දාලි, මේ ගැන කුමක්ද සිතන්නේ? ඔබ ඒ වෙලාවෙහි කටයුතු කළේ උභතෝභාග විමුක්තියට පත් භික්ෂුවක් වශයෙන් ද? එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ත හෝ කායසක්ඛී හෝ දිට්ඨප්පත්ත හෝ සද්ධාවිමුත්ත හෝ ධම්මානුසාරී හෝ ශ්‍රද්ධානුසාරී හෝ භික්ෂුවක් වශයෙන් ද?”

“ස්වාමීනී, එය නො වේ ම යි.”

“එහෙම නම් භද්දාලි, ඔබ ඒ වෙලාවෙහි කිසිවක් නැතිව සිටිය දී, හිස් ව සිටිය දී නො වේ ද, ඔය වරද සිදුවූයේ?”

“එසේය, ස්වාමීනී”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂා පද පණවා වදාරද්දී ත්, භික්ෂුසංඝයා ශික්ෂාව සමාදන් වෙද්දී ත්, මං කියා හිටියේ කරන්නට නො හැකි දෙයක් බව යි. ස්වාමීනී, පුහුදුන් අඥානයෙක් වගේ, මුලා වූ කෙනෙක් වගේ, අදක්ෂ කෙනෙක් වගේ ඒ වරද මාව යටකරගෙන ගියා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වරද අනාගතයේ යළි නො වී සංවර වීම පිණිස, වරදක් වශයෙන් ම පිළිගෙන වදාරණ සේක්වා!”

තග්ඝ ත්වං භද්දාලි අච්චයෝ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං මයා සික්ඛාපදේ පඤ්ඤාපියමානේ භික්ඛුසංඝේ සික්ඛං සමාදියමානේ අනුස්සාහං පවේදේසි. යතෝ ච ඛෝ ත්වං භද්දාලි අච්චයං අච්චයතෝ දිස්වා යථාධම්මං පටිකරෝසි. තං තේ මයං පතිගණ්හාම. වුද්ධිහේසා භද්දාලි අරියස්ස විනයේ යෝ අච්චයං අච්චයතෝ දිස්වා යථාධම්මං පටිකරෝති, ආයතිං සංවරං ආපජ්ජති.

“සැබැවින් ම භද්දාලි, මා විසින් ශික්ෂා පද පණවද්දී ත්, භික්ෂුසංඝයා ශික්ෂාව සමාදන් වෙද්දී ත්, ඔබ කියා හිටියේ කරන්නට නො හැකි දෙයක් බව යි. පුහුදුන් අඥානයෙක් වගේ, මුලා වූ කෙනෙක් වගේ, අදක්ෂ කෙනෙක් වගේ ඒ වරද ඔබව යටකරගෙන ගියා. භද්දාලි, යම් විටෙක ඔබ වරද වරද වශයෙන් දැකල එයට සුදුසු ධර්මානුකූල පිරියම් කරයි ද, අපි එය වරදක් බව පිළිගන්නවා. භද්දාලි, යමෙක් වරද වරද වශයෙන් දැකල එයට සුදුසු ධර්මානුකූල පිරියම් කරයි ද, මත්තෙහි එසේ නො වීම පිණිස සංවරයට පැමිණෙයි ද මෙය ආර්ය විනයෙහි අභිවෘද්ධියක් ම යි.

ඉධ භද්දාලි ඒකච්චෝ භික්ඛු සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරී හෝති, තස්ස ඒවං හෝති: යංනූනාහං විවිත්තං සේනාසනං භජෙය්‍යං, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං. අප්පේවනාමා’හං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකරෙය්‍යන්ති. සෝ විවිත්තං සේනාසනං භජති, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතෝ සත්ථාපි උපවදති. අනුවිච්චපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී උපවදන්ති. දේවතාපි උපවදන්ති. අත්තාපි අත්තානං උපවදති. සෝ සත්ථාරාපි උපවදිතෝ අනුවිච්ච විඤ්ඤූහි සබ්‍රහ්මචාරීහි උපවදිතෝ දේවතාහිපි උපවදිතෝ අත්තනාපි අත්තානං උපවදිතෝ න උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකරෝති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති, යථා තං සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරිස්ස.

භද්දාලි, මෙහිලා ඇතැම් භික්ෂුවක් ශාස්තෘ ශාසනය තුළ ශික්ෂා පද නො පුරමින් ඉන්නවා. ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං ආරණ්‍ය, රුක් සෙවන, පර්වත, දිය ඇලි අසල, ගිරිගුහා, සොහොන, වන පෙත වගේ ම පාළු තැන් යන හුදෙකලා විවේක සේනාසනයක ඉන්නව නම් හොඳයි. ඒ වගේ ම මං සාමාන්‍ය මිනිස් ස්වභාවයට වඩා උත්තරීතර වූ, ආර්ය වූ, ඤාණදර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් තමයි හොඳ’ කියල. ඉතින් ඔහු ආරණ්‍ය, රුක් සෙවන, පර්වත, දිය ඇලි අසල, ගිරිගුහා, සොහොන, වන පෙත වගේ ම පාළු තැන් යන හුදෙකලා විවේක සේනාසනයක වාසය කරනවා. එසේ හුදෙකලාවේ වාසය කරන ඔහුට ශාස්තෘන් වහන්සේ පවා උපවාද කරනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද එය දැනගෙන උපවාද කරනවා. දෙවියනුත් උපවාද කරනවා. තමා ගේ හදවත ත් තමාට උපවාද කරනවා. ඉතින් ඔහු ශාස්තෘන් වහන්සේගෙනුත් උපවාද ලැබ, සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙනුත් උපවාද ලැබ, දෙවියන්ගෙනුත් උපවාද ලැබ, තමා ගේ හදවතෙනුත් තමන්ට උපවාද ලැබ සාමාන්‍ය මිනිස් ස්වභාවයට වඩා උත්තරීතර වූ, ආර්ය වූ, ඤාණදර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙ නම් නෑ. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව නො පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.

ඉධ පන භද්දාලි ඒකච්චෝ භික්ඛු සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරී හෝති. තස්ස ඒවං හෝති: යංනූනාහං විවිත්තං සේනාසනං භජෙය්‍යං. අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං. අප්පේවනාමා’හං උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකරෙය්‍යන්ති. සෝ විවිත්තං සේනාසනං භජති. අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතෝ සත්ථාපි න උපවදති අනුවිච්චපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී න උපවදන්ති. දේවතාපි න උපවදන්ති. අත්තාපි අත්තානං න උපවදති. සෝ සත්ථාරාපි අනුපවදිතෝ අනුවිච්ච විඤ්ඤූහි සබ්‍රහ්මචාරීහි අනුපවදිතෝ දේවතාහිපි අනුපවදිතෝ අත්තනාපි අත්තානං අනුපවදිතෝ උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකරෝති.

භද්දාලි, මෙහිලා ඇතැම් භික්ෂුවක් ශාස්තෘ ශාසනය තුළ ශික්ෂා පද පුරමින් ඉන්නවා. ඔහුටත් මෙහෙම හිතෙනවා. ‘මං ආරණ්‍ය, රුක් සෙවන, පර්වත, දිය ඇලි අසල, ගිරිගුහා, සොහොන, වන පෙත වගේ ම පාළු තැන් යන හුදෙකලා විවේක සේනාසනයක ඉන්නව නම් හොඳයි. ඒ වගේ ම මං සාමාන්‍ය මිනිස් ස්වභාවයට වඩා උත්තරීතර වූ, ආර්ය වූ, ඤාණදර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් තමයි හොඳ’ කියලා. ඉතින් ඔහු ආරණ්‍ය, රුක් සෙවන, පර්වත, දිය ඇලි අසල, ගිරිගුහා, සොහොන, වන පෙත වගේ ම පාළු තැන් යන හුදෙකලා විවේක සේනාසනයක වාසය කරනවා. එසේ හුදෙකලාවේ වාසය කරන ඔහුට ශාස්තෘන් වහන්සේ උපවාද කරන්නෙත් නෑ. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා එය දැනගෙන උපවාද කරන්නෙත් නෑ. දෙවියන් උපවාද කරන්නෙත් නෑ. තමා ගේ හදවත තමාට උපවාද කරන්නෙත් නෑ. ඉතින් ඔහු ශාස්තෘන් වහන්සේගෙනුත් උපවාද නො ලැබ, සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙනුත් උපවාද නො ලැබ, දෙවියන්ගෙනුත් උපවාද නො ලැබ, තමා ගේ හදවතෙනුත් තමන්ට උපවාද නො ලැබ සාමාන්‍ය මිනිස් ස්වභාවයට වඩා උත්තරීතර වූ, ආර්ය වූ, ඤාණදර්ශන විශේෂයක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා.

සෝ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති යථා තං සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරිස්ස.

ඉතින් ඒ භික්ෂුව කාමයන් ගෙන් වෙන්ව, අකුසල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.

පුන ච පරං භද්දාලි භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති යථා තං සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරිස්ස.

ඒ වගේ ම ඒ භික්ෂුව විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති කරවන, සිතෙහි ඒකාග්‍රතාවය පවත්වන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.

පුන ච පරං භද්දාලි භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති. සතෝ ච සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති. යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති යථා තං සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරිස්ස.

ඒ වගේ ම ඒ භික්ෂුව ප්‍රීතියට නො ඇලෙමින්, උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව, නුවණින් යුතුව වාසය කරනවා. කයින් සැපයක් ද විඳිනවා. ‘ආර්යයන් වහන්සේලා යම් සමාධියකට උපේක්ෂා සහිත වූ සිහි නුවණ ඇති සැප විහරණයකැ’යි පවසත් ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.

පුන ච පරං භද්දාලි භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති යථා තං සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරිස්ස.

ඒ වගේ ම ඒ භික්ෂුව සැපයේ ද ප්‍රහාණයෙන්, දුකෙහි ද ප්‍රහාණයෙන්, කලින් ම සොම්නස් – දොම්නස් ඉක්මයෑමෙන් දුක් සැප රහිත වූ, උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු වූ ඒ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරනවා. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති යථා තං සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරිස්ස.

ඒ වගේ ම ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබළන කොට, සිතේ කිලිටි පහ වුනා ම, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම අකම්පිත වුනා ම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයේ ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ….(පෙ)…. ඔය විදිහට කරුණු සහිතව, පැහැදිලි විස්තර ඇති ව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ ….(පෙ)…. යථාකම්මූපගේ සත්තේ පජානාති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති යථා තං සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරිස්ස.

ඒ වගේ ම ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, සිතේ කිලිටි පහ වුනා ම, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබා ගන්ට සිත මෙහෙයවනවා. ….(පෙ)…. මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගති වල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති ….(පෙ)…. අයං දුක්ඛනිරෝධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමේ ආසවාති යථාභූතං පජානාති ….(පෙ)…. අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතංබ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. තං කිස්ස හේතු: ඒවංහේතං භද්දාලි හෝති යථා තං සත්ථුසාසනේ සික්ඛාය පරිපූරකාරිස්සාති.

ඒ වගේ ම ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, සිතේ කිලිටි පහ වුනා ම, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නොසෙල් වී තිබුනා ම අකම්පිත වුනා ම ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබා ගන්ට සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ….(පෙ)…. ‘මේ තමයි දුක නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව’ කියලා යථාර්ථය අවබෝධ කරනවා. ….(පෙ)…. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියලා යථාර්ථය අවබෝධ කරනවා.

ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැන ගන්න කොට, යථාර්ථය දැක ගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනා ම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙ කවදාවත් සසරට වැටෙන්නෙ නෑ’ කියල දැනගන්නවා. එයට හේතුව කුමක් ද? භද්දාලි, ශාස්තෘ ශාසනය තුළ ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවා ද, ඒක තමයි ඔහුට වෙන්නෙ.”

ඒවං වුත්තේ ආයස්මා භද්දාලි භගවන්තං ඒතදවෝච: කෝ නු ඛෝ භන්තේ හේතු කෝ පච්චයෝ යේනමිධේකච්චං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරොන්ති. කෝ පන භන්තේ හේතු කෝ පච්චයෝ යේනමිධේකච්චං භික්ඛුං නෝ තථා පවය්හ පවය්හ කාරණං කරොන්තීති.

මෙසේ වදාළ විට ආයුෂ්මත් භද්දාලි භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළා. “ස්වාමීනී, මෙහි ඇතැම් භික්ෂුවකට යම් කරුණකින් අඩුපාඩු දක්ව දක්වා හික්මවන්නට වුවමනා දේ කරනවා නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? ඒ වගේ ම ස්වාමීනී, ඇතැම් භික්ෂුවකට යම් කරුණකින් අඩුපාඩු දක්ව දක්වා ඒ අයුරින් හික්මවන්නට වුවමනා දේ නො කරනවා නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

ඉධ භද්දාලි ඒකච්චෝ භික්ඛු අභිණ්හාපත්තිකෝ හෝති ආපත්තිබහුලෝ. සෝ භික්ඛූහි වුච්චමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමේති. කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. න සම්මා වත්තති. න ලෝමං පාතේති. න නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති නාහ. තත්‍ර භද්දාලි භික්ඛූනං ඒවං හෝති: අයං ඛෝ ආවුසෝ භික්ඛු අභිණ්හාපත්තිකෝ ආපත්තිබහුලෝ, සෝ භික්ඛූහි වුච්චමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමේති. කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. න සම්මා වත්තති. න ලෝමං පාතේති. න නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති නාහ. සාධුවතායස්මන්තෝ ඉමස්ස භික්ඛුනෝ තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං න ඛිප්පමේව වූපසමෙය්‍යාති. තස්ස ඛෝ ඒතං භද්දාලි භික්ඛුනෝ භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං න ඛිප්පමේව වූපසම්මති.

“භද්දාලි, මෙහි ඇතැම් භික්ෂුවක් නිරතුරුව ම ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් වෙනවා. භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසනවා. බාහිර කතාවක් ඇදල ගන්නවා. එක්කො කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරනවා. යහපත් ලෙස සිටින්නෙ නෑ. කීකරුව පවතින්නේ නෑ. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටින්නෙ නෑ. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියන්නෙ නෑ. එහිලා භද්දාලි භික්ෂූන් හට මෙහෙම හිතෙනවා. ‘මේ ආයුෂ්මත් භික්ෂුව නිරතුරුව ම ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් වෙනවා. භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසනවා. බාහිර කතාවක් ඇදල ගන්නවා. එක්කො කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරනවා. යහපත් ලෙස සිටින්නෙ නෑ. කීකරුව පවතින්නේ නෑ. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටින්නෙ නෑ. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියන්නෙ නෑ’ කියල. එතකොට ආයුෂ්මත්නි, මේ භික්ෂුව ගේ ආරවුල ඉක්මනින් සංසිඳී නො යන්නේ යම් සේ ද, ඒ අයුරින් ම භික්ෂූන් ද ඒ භික්ෂුව ගේ ආරවුල ගැන ඒ ඒ විදිහට විමසා බලනවා. එතකොට භද්දාලි, අර භික්ෂුව ගේ ආරවුල භික්ෂූන් විසින් යම් පරිද්දකින් පිරික්සා බලනවා ද, ඒ ආරවුල ඒ ඒ අයුරින් ම නො සංසිඳී පවතිනවා.

ඉධ පන භද්දාලි ඒකච්චෝ භික්ඛු අභිණ්හාපත්තිකෝ හෝති ආපත්තිබහුලෝ. සෝ භික්ඛූහි වුච්චමානෝ නාඤ්ඤේනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමේති න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. සම්මා වත්තති. ලෝමං පාතේති. නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති ආහ. තත්‍ර භද්දාලි භික්ඛූනං ඒවං හෝති: අයං ඛෝ ආවුසෝ භික්ඛු අභිණ්හාපත්තිකෝ ආපත්තිබහුලෝ, සෝ භික්ඛූහි වුච්චමානෝ නාඤ්ඤේනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමේති. න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. සම්මා වත්තති. ලෝමං පාතේති. නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති ආහ. සාධුවතායස්මන්තෝ ඉමස්ස භික්ඛුනෝ තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං ඛිප්පමේව වූපසමෙය්‍යාති. තස්ස ඛෝ ඒතං භද්දාලි භික්ඛුනෝ භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං ඛිප්පමේව වූපසම්මති.

භද්දාලි, මෙහි ඇතැම් භික්ෂුවක් නිරතුරුව ම ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් වෙනවා. භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසන්නෙ නෑ. බාහිර කතාවක් ඇදල ගන්නෙ නෑ. කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරන්නෙ නෑ. යහපත් ලෙස සිටිනවා. කීකරුව පවතිනවා. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටිනවා. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියනවා. එහිලා භද්දාලි භික්ෂූන් හට මෙහෙම හිතෙනවා. ‘මේ ආයුෂ්මත් භික්ෂුව නිරතුරුව ම ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් වෙනවා. භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසන්නෙ නෑ. බාහිර කතාවක් ඇදල ගන්නෙ නෑ. කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරන්නෙ නෑ. යහපත් ලෙස සිටිනවා. කීකරුව පවතිනවා. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටිනවා. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියනවා’ කියල. එතකොට ආයුෂ්මත්නි, මේ භික්ෂුව ගේ ආරවුල ඉක්මනින් සංසිඳී යන්නේ යම් සේ ද, ඒ අයුරින් ම භික්ෂූන් ද ඒ භික්ෂුව ගේ ආරවුල ගැන ඒ ඒ විදිහට විමසා බලනවා. එතකොට භද්දාලි, අර භික්ෂුව ගේ ආරවුල භික්ෂූන් විසින් යම් පරිද්දකින් පිරික්සා බලනවා ද, ඒ ආරවුල ඒ ඒ අයුරින් ම සංසිඳී යනවා.

ඉධ භද්දාලි ඒකච්චෝ භික්ඛු අධිච්චාපත්තිකෝ හෝති අනාපත්තිබහුලෝ. සෝ භික්ඛූහි වුච්චමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමේති. කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. න සම්මා වත්තති. න ලෝමං පාතේති. න නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති නාහ. තත්‍ර භද්දාලි භික්ඛූනං ඒවං හෝති: අයං ඛෝ ආවුසෝ භික්ඛු අධිච්චාපත්තිකෝ අනාපත්තිබහුලෝ, සෝ භික්ඛූහි වුච්චමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමේති. කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. න සම්මා වත්තති. න ලෝමං පාතේති. න නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති නාහ. සාධුවතායස්මන්තෝ ඉමස්ස භික්ඛුනෝ තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං න ඛිප්පමේව වූපසමෙය්‍යාති. තස්ස ඛෝ ඒතං භද්දාලි භික්ඛුනෝ භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං න ඛිප්පමේව වූපසම්මති.

භද්දාලි, මෙහි ඇතැම් භික්ෂුවක් සමහර අවස්ථා වලදී ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් නො වෙයි. නමුත් භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසනවා. බාහිර කතාවක් ඇදල ගන්නවා. එක්කො කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරනවා. යහපත් ලෙස සිටින්නෙ නෑ. කීකරුව පවතින්නේ නෑ. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටින්නෙ නෑ. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියන්නෙ නෑ. එහිලා භද්දාලි භික්ෂූන් හට මෙහෙම හිතෙනවා. ‘මේ ආයුෂ්මත් භික්ෂුව සමහර අවස්ථා වලදී ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් නොවේ. නමුත් භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසනවා. බාහිර කතාවක් ඇදල ගන්නවා. එක්කො කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරනවා. යහපත් ලෙස සිටින්නෙ නෑ. කීකරුව පවතින්නේ නෑ. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටින්නෙ නෑ. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියන්නෙ නෑ’ කියල. එතකොට ආයුෂ්මත්නි, මේ භික්ෂුව ගේ ආරවුල ඉක්මනින් සංසිඳී නො යන්නේ යම් සේ ද, ඒ අයුරින් ම භික්ෂූන් ද ඒ භික්ෂුව ගේ ආරවුල ගැන ඒ ඒ විදිහට විමසා බලනවා. එතකොට භද්දාලි, අර භික්ෂුව ගේ ආරවුල භික්ෂූන් විසින් යම් පරිද්දකින් පිරික්සා බලනවා ද, ඒ ආරවුල ඒ ඒ අයුරින් ම නො සංසිඳී පවතිනවා.

ඉධ පන භද්දාලි ඒකච්චෝ භික්ඛු අධිච්චාපත්තිකෝ හෝති අනාපත්තිබහුලෝ. සෝ භික්ඛූහි වුච්චමානෝ නාඤ්ඤේනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමේති. න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. සම්මා වත්තති. ලෝමං පාතේති. නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති ආහ. තත්‍ර භද්දාලි භික්ඛූනං ඒවං හෝති: අයං ඛෝ ආවුසෝ භික්ඛු අධිච්චාපත්තිකෝ අනාපත්තිබහුලෝ. සෝ භික්ඛූහි වුච්චමානෝ නාඤ්ඤේනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමේති. න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. සම්මා වත්තති. ලෝමං පාතේති. නෙත්ථාරං වත්තති. යේන සංඝෝ අත්තමනෝ හෝති තං කරෝමීති ආහ. සාධුවතායස්මන්තෝ ඉමස්ස භික්ඛුනෝ තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං ඛිප්පමේව වූපසමෙය්‍යාති. තස්ස ඛෝ ඒතං භද්දාලි භික්ඛුනෝ භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං ඛිප්පමේව වූපසම්මති.

භද්දාලි, මෙහි ඇතැම් භික්ෂුවක් සමහර අවස්ථා වලදී ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් නොවේ. භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසන්නෙ නෑ. බාහිර කතාවක් ඇදල ගන්නෙ නෑ. කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරන්නෙ නෑ. යහපත් ලෙස පවතිනවා. කීකරුව පවතිනවා. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටිනවා. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියනවා. එහිලා භද්දාලි, භික්ෂූන් හට මෙහෙම හිතෙනවා. ‘මේ ආයුෂ්මත් භික්ෂුව සමහර අවස්ථා වලදී ආපත්ති වලට පත්වෙනවා. ආපත්ති බහුල කෙනෙක් නොවේ. භික්ෂූන් විසින් එය පෙන්වා දෙද්දී ඔහු වෙන වෙන කතාවලින් එය වසන්නෙ නෑ. බාහිර කතාවක් ඇදල ගන්නෙ නෑ. කෝපය ත්, ද්වේශය ත්, නො සතුට ත් පහළ කරන්නෙ නෑ. යහපත් ලෙස පවතිනවා. කීකරුව පවතිනවා. කරුණු පෙන්වා දෙන වැඩිහිටි භික්ෂූන් අනුව සිටිනවා. යම් කරුණකින් සංඝයා සතුටු වෙනවා ද, ‘මා එය කරන්නම්’ කියා කියනවා.’ කියල. එතකොට ආයුෂ්මත්නි, මේ භික්ෂුව ගේ ආරවුල ඉක්මනින් සංසිඳී යන්නේ යම් සේ ද, ඒ අයුරින් ම භික්ෂූන් ද ඒ භික්ෂුව ගේ ආරවුල ගැන ඒ ඒ විදිහට විමසා බලනවා. එතකොට භද්දාලි, අර භික්ෂුව ගේ ආරවුල භික්ෂූන් විසින් යම් පරිද්දකින් පිරික්සා බලනවා ද, ඒ ආරවුල ඒ ඒ අයුරින් ම සංසිඳී යනවා.

ඉධ භද්දාලි ඒකච්චෝ භික්ඛු සද්ධාමත්තකේන වහති පේමමත්තකේන. තත්‍ර භද්දාලි භික්ඛූනං ඒවං හෝති: ‘අයං ඛෝ ආවුසෝ භික්ඛු සද්ධාමත්තකේන වහති පේමමත්තකේන. සචේ මයං ඉමං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරිස්සාම, මා’යම්පිස්ස තං සද්ධාමත්තකං පේමමත්තකං තම්හාපි පරිහායීති. සෙය්‍යථාපි භද්දාලි පුරිසස්ස ඒකං චක්ඛුං තස්ස මිත්තාමච්චා ඤාතිසාලෝහිතා තං ඒකං චක්ඛුං රක්ඛෙය්‍යුං: මා’යම්පිස්ස තං ඒකං චක්ඛුං තම්හාපි පරිහායී’ති. ඒවමේව ඛෝ භද්දාලි ඉධේකච්චෝ භික්ඛු සද්ධාමත්තකේන වහති පේමමත්තකේන. තත්‍ර භද්දාලි භික්ඛූනං ඒවං හෝති: ‘අයං ඛෝ ආවුසෝ භික්ඛු සද්ධාමත්තකේන වහති පේමමත්තකේන. සචේ මයං ඉමං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරිස්සාම, මා’යම්පිස්ස තං සද්ධාමත්තකං පේමමත්තකං තම්හාපි පරිහායී’ති. අයං ඛෝ භද්දාලි හේතු අයං පච්චයෝ යේන මිධේකච්චං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරොන්ති. අයං පන භද්දාලි හේතු අයං පච්චයෝ යේන මිධේකච්චං භික්ඛුං නෝ තථා පවය්හ පවය්හ කාරණං කරොන්තීති.

භද්දාලි, මෙහි ඇතැම් භික්ෂුවක් යැපෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයකින්, ප්‍රේම මාත්‍රයකින්. එහිලා භද්දාලි, භික්ෂූන් හට මෙහෙම සිතෙනවා. ‘මේ ආයුෂ්මත් භික්ෂුව ශ්‍රද්ධා මාත්‍රයකින්, ප්‍රේම මාත්‍රයකින් යැපෙනවා. ඉදින් අපි මේ භික්ෂුවට අඩුපාඩු දක්ව දක්වා හික්මවන්නට වුවමනා දේ කරන්නට ඕන ‘මොහු ගේ යම් ශ්‍රද්ධා මාත්‍රයක් ඇද්ද, ප්‍රේම මාත්‍රයක් ඇද්ද, එය නො පිරිහේවා’ කියල යි. භද්දාලි, පුරුෂයෙකු හට එක ඇසක් පමණක් තියෙනවා. ඉතින් ඔහු ගේ යාළු මිත්‍රයනුත්, සහලේ නෑදෑයනුත්, ඔහු ගේ ඒ තනි ඇස ආරක්ෂා කරනවා ‘මොහු ගේ ඒ තනි ඇස නො පිරිහේවා’ කියල.

භද්දාලි, අන්න ඒ වගේ ම යි මෙහි ඇතැම් භික්ෂුවක් යැපෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයකින්, ප්‍රේම මාත්‍රයකින්. එහිලා භද්දාලි, භික්ෂූන් හට මෙහෙම සිතෙනවා. ‘මේ ආයුෂ්මත් භික්ෂුව ශ්‍රද්ධා මාත්‍රයකින්, ප්‍රේම මාත්‍රයකින් යැපෙනවා. ඉදින් අපි මේ භික්ෂුවට අඩුපාඩු දක්ව දක්වා හික්මවන්නට වුවමනා දේ කරන්නට ඕන ‘මොහු ගේ යම් ශ්‍රද්ධා මාත්‍රයක් ඇද්ද, ප්‍රේම මාත්‍රයක් ඇද්ද, එය නො පිරිහේවා’ කියල යි.

භද්දාලි, මෙහි ඇතැම් භික්ෂුවකට යම් කරුණකින් අඩුපාඩු දක්ව දක්වා හික්මවන්නට වුවමනා දේ කරනවා නම් එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි. භද්දාලි, මෙහි ඇතැම් භික්ෂුවකට යම් කරුණකින් අඩුපාඩු දක්ව දක්වා හික්මවන්නට වුවමනා දේ නො කරනවා නම් එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි.”

කෝ නු ඛෝ භන්තේ හේතු, කෝ පච්චයෝ, යේන පුබ්බේ අප්පතරානි චේව සික්ඛාපදානි අහේසුං, බහුතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහිංසු. කෝ පන භන්තේ හේතු කෝ පච්චයෝ යේනේතරහි බහුතරානි චේව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්තීති.

“ස්වාමීනී, ඉස්සර යම් හෙයකින් ශික්ෂා පද තිබුනේ ස්වල්පය යි. නමුත් බොහෝ භික්ෂූන් වහන්සේලා අරහත්වයට පත්වුනා. එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? නමුත් ස්වාමීනී, වර්තමානයෙහි යම් හෙයකින් බොහෝ ශික්ෂා පද තිබෙද්දී ත්, භික්ෂූන් වහන්සේලා ස්වල්ප නම යි අරහත්වයට පත් වන්නේ. එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

ඒවංහේතං භද්දාලි හෝති: සත්තේසු හායමානේසු සද්ධම්මේ අන්තරධායමානේ බහුතරානි චේව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති.

“භද්දාලි, ඒක එහෙම ම තමයි. සත්වයන් පිරිහී යන විට, සද්ධර්මය අතුරුදහන් වී යන විට, බොහෝ ශික්ෂා පද අවශ්‍ය වෙනවා. නමුත් අරහත්ඵලයට පත්වන්නේ භික්ෂූන් ස්වල්ප දෙන යි.

න තාව භද්දාලි සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපේති. යාව න ඉධේකච්චේ ආසවට්ඨානීයා ධම්මා සංඝේ පාතුභවන්ති. යතෝ ච ඛෝ භද්දාලි ඉධේකච්චේ ආසවට්ඨානීයා ධම්මා සංඝේ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපේති. තේසං යේව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය. න තාව භද්දාලි ඉධේකච්චේ ආසවට්ඨානීයා ධම්මා සංඝේ පාතුභවන්ති, යාව න සංඝෝ මහත්තං පත්තෝ හෝති. යතෝ ච ඛෝ භද්දාලි සංඝෝ මහත්තං පත්තෝ හෝති. අථ ඉධේකච්චේ ආසවට්ඨානීයා ධම්මා සංඝේ පාතුභවන්ති. අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපේති තේසං යේව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.

භද්දාලි, යම්තාක් මේ ශාසනයෙහි ඇතැම් පිරිහීමට හේතු වන කරුණු සංඝයා තුළ පහළ නො වෙත් ද, ඒ තාක් ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂා පද පණවන්නේ නැහැ. භද්දාලි, යම් කලෙක මේ ශාසනයෙහි ඇතැම් පිරිහීමට හේතු වන කරුණු සංඝයා තුළ පහළ වෙත් ද, එතකොට යි ශාස්තෘන් වහන්සේ එම පිරිහීමට හේතුවන කාරණා දුරු කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂා පද පණවන්නේ.

භද්දාලි, යම්තාක් සංඝයා මහත් පිරිසක් බවට පත් නො වී සිටී ද, ඒ තාක් මේ ශාසනයෙහි ඇතැම් පිරිහීමට හේතු වන කරුණු සංඝයා තුළ පහළ වෙන්නෙ නෑ. භද්දාලි, යම්විටෙක සංඝයා මහත් පිරිසක් බවට පත් වෙනවා ද, එතකොටයි මේ ශාසනයෙහි ඇතැම් පිරිහීමට හේතු වන කරුණු සංඝයා තුළ පහළ වෙන්නේ. එකල්හි ශාස්තෘන් වහන්සේ ඒ පිරිහීමට හේතුවන කාරණා දුරු කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂා පද පණවනවා.

න තාව භද්දාලි ඉධේකච්චේ ආසවට්ඨානීයා ධම්මා සංඝේ පාතුභවන්ති යාව න සංඝෝ ලාභග්ගං පත්තෝ හෝති ….(පෙ)…. යසග්ගං පත්තෝ හෝති ….(පෙ)…. බාහුසච්චං පත්තෝ හෝති ….(පෙ)…. රත්තඤ්ඤුතං පත්තෝ හෝති. යතෝ ච ඛෝ භද්දාලි සංඝෝ රත්තඤ්ඤුතං පත්තෝ හෝති. අථ ඉධේකච්චේ ආසවට්ඨානීයා ධම්මා සංඝේ පාතුභවන්ති අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපේති තේසං යේව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.

භද්දාලි, යම්තාක් සංඝයා ලාභ සත්කාර වලින් අග්‍ර බවට පත් නො වී සිටී ද, ….(පෙ)…. කීර්ති ප්‍රශංසාවන් ගෙන් අග්‍ර බවට පත් නො වී සිටී ද, ….(පෙ)…. බොහෝ දැන උගත්කමින් අග්‍ර බවට පත් නො වී සිටී ද, ….(පෙ)…. පැවිදි ව බොහෝ කල් ගත වූ බවට පත් නො වී සිටී ද, ඒ තාක් මේ ශාසනයෙහි ඇතැම් පිරිහීමට හේතු වන කරුණු සංඝයා තුළ පහළ වෙන්නෙ නෑ. භද්දාලි, යම්විටෙක සංඝයා පැවිදි ව බොහෝ කල් ගත වූ බවට පත් වෙයි ද, එතකොටයි මේ ශාසනයෙහි ඇතැම් පිරිහීමට හේතු වන කරුණු සංඝයා තුළ පහළ වෙන්නේ.

අප්පකා ඛෝ තුම්හේ භද්දාලි තේන සමයේන අහුවත්ථ යදා වෝ අහං ආජානීයසුසූපමං ධම්මපරියායං දේසේසිං, සරසි ත්වං භද්දාලීති. නෝ හේතං භන්තේ. තත්‍ර භද්දාලි කං හේතුං පච්චේසීති. සෝ හි නූනාහං භන්තේ දීඝරත්තං සත්ථුසාසනේ සික්ඛාය අපරිපූරකාරී අහෝසින්ති. න ඛෝ භද්දාලි ඒසේව හේතු ඒස පච්චයෝ, අපි ච මේ ත්වං භද්දාලි දීඝරත්තං චේතසා චේතෝපරිච්ච විදිතෝ. නචායං මෝඝපුරිසෝ මයා ධම්මේ දේසියමානේ අට්ඨිං කත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාතීති. අපි ච තේ අහං භද්දාලි ආජානීයසුසූපමං ධම්මපරියායං දේසෙස්සාමි. තං සුණාහි, සාධුකං මනසිකරෝහි, භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ ආයස්මා භද්දාලි භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

භද්දාලි, යම් කලක මා ආජානීය අශ්ව පැටියා ගේ උපමාවෙන් යුතු ධර්මය දේශනා කරද්දී, ඒ දිනවල ඔබ තුළ ත්, ඔය කරුණු තිබුනේ ස්වල්ප වශයෙන්. භද්දාලි, ඔබට එය මතක ද?” “අනේ, ස්වාමීනී, මට එය මතක නැහැ.” “භද්දාලි, ඒ අමතක වීමට හේතුව කුමක් කියල ද ඔබ සලකන්නේ?” “ස්වාමීනී, ඒ මං බොහෝ කාලයක් ශාස්තෘ ශාසනයෙහි වාසය කළේ ශික්ෂා පද නො පුරන්නෙක් හැටියට යි.” “භද්දාලි, එම හේතුව විතරක් ම නො වෙයි. එම ප්‍රත්‍යය විතරක් ම නො වෙයි. භද්දාලි, බොහෝ කලක් මුළුල්ලෙහි මා විසින් මගේ සිතින් ඔබ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළා. එතකොට මට වැටහුනා. මේ හිස් පුරුෂයා මා විසින් ධර්මය දේශනා කරන විට, හොඳින් අවධානය යොමු කොට, හොඳින් මනස යොමු කොට, සියලු සිත ධර්ම ශ්‍රවණයට එක්තැන් කොට, මනා කොට සවන් යොමා ධර්මය අසන්නේ නැති බව. නමුත් භද්දාලි, මං ඔබට ආජානීය අශ්ව පැටවා ගේ උපමාවෙන් යුතු ධර්මය කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. මැනවින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය ස්වාමීනී” කියා ආයුෂ්මත් භද්දාලි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සෙය්‍යථාපි භද්දාලි දක්ඛෝ අස්සදමකෝ භද්‍රං අස්සාජානීයං ලභිත්වා පඨමේනේව මුඛාධානේ කාරණං කාරේති. තස්ස මුඛාධානේ කාරණං කාරියමානස්ස හොන්තියේව විසූකායිතානි විසේවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සෝ අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානේ පරිනිබ්බායති. යතෝ ඛෝ භද්දාලි භද්‍රෝ අස්සාජානීයෝ අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානේ පරිනිබ්බුතෝ හෝති. තමේනං අස්සදමකෝ උත්තරිං කාරණං කාරේති යුගාධානේ. තස්ස යුගාධානේ කාරණං කාරියමානස්ස හොන්තියේව විසූකායිතානි විසේවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සෝ අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානේ පරිනිබ්බායති. යතෝ ඛෝ භද්දාලි භද්‍රෝ අස්සාජානීයෝ අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානේ පරිනිබ්බුතෝ හෝති. තමේනං අස්සදමකෝ උත්තරිං කාරණං කාරේති අනුක්කමේ මණ්ඩලේ ඛුරකාසේ ධාවේ රවත්ථේ රාජගුණේ රාජවංසේ උත්තමේ ජවේ උත්තමේ හයේ උත්තමේ සාඛල්‍යෙ. තස්ස උත්තමේ ජවේ උත්තමේ හයේ උත්තමේ සාඛල්‍යෙ කාරණං කාරියමානස්ස හොන්තියේව විසූකායිතානි විසේවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සෝ අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානේ පරිනිබ්බායති. යතෝ ච ඛෝ භද්දාලි භද්‍රෝ අස්සාජානීයෝ අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානේ පරිනිබ්බුතෝ හෝති. තමේනං අස්සදමකෝ උත්තරිං වණ්ණියඤ්ච වලියඤ්ච අනුප්පවෙච්ඡති. ඉමේහි ඛෝ භද්දාලි දසහංගේහි සමන්නාගතෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජාරහෝ හෝති රාජභොග්ගෝ රඤ්ඤෝ අංගන්තේව සංඛං ගච්ඡති.

“භද්දාලි, අශ්වයන් දමනය කිරීමෙහි දක්ෂ අස් ගොව්වෙක් ඉන්නවා. ඔහුට ඉතා යහපත් වූ ආජානීය අශ්වයෙක් ලැබෙනවා. ඉතින් ඔහු මුලින් ම කරන්නේ ඒ අශ්වයා කටකලියාවට පුරුදු කිරීම යි. කටකලියාවට පුරුදු කරන විට ඒ අශ්වයා කලින් නො කළ ක්‍රියාවක් අලුතෙන් ම කිරීමේ දී ඇතිවන අපහසුතා, කලබල වීම්, දැඟලීම් ආදී විසම හැසිරීම් ඇතිවෙනවා. නමුත් ඒ අශ්වයා නිතර නිතර කටකලියාවට පුරුදු වීමෙන් ඒ කරුණ සම්පූර්ණ වීම නිසා අර මුලින් තිබුණ අපහසුතා සියල්ල නිවී යනවා.

ඉතින් භද්දාලි, ඒ භද්‍ර වූ ආජානීය අශ්වයා නිතර නිතර පුරුදු කිරීමෙන් අනුපිළිවෙලින් කිරීමෙන් ඒ අපහසුතා සියල්ල නිවී යයි ද, එතකොට අස් ගොව්වා ඒ අශ්වයා මත්තෙහි වියදණ්ඩ තබන්නට පුරුදු කරනවා. එසේ අශ්වයා මත වියදණ්ඩ තබන්නට පුරුදු කරද්දී කලින් නො කළ ක්‍රියාවක් අලුතෙන් ම කිරීමේ දී ඇතිවන අපහසුතා, කලබලවීම්, දැඟලීම් ආදී විසම හැසිරීම් ඇතිවෙනවා ම යි. නමුත් ඒ අශ්වයා නිතර නිතර වියදණ්ඩ දරා සිටීමට පුරුදු වීමෙන් ඒ කරුණ සම්පූර්ණ වීම නිසා අර මුලින් තිබුන අපහසුතා සියල්ල නිවී යනවා.

ඉතින් භද්දාලි, ඒ භද්‍ර වූ ආජානීය අශ්වයා නිතර නිතර පුරුදු කිරීමෙන් අනුපිළිවෙලින් කිරීමෙන් ඒ අපහසුතා සියල්ල නිවී යයි ද, එතකොට අස් ගොව්වා ඒ අශ්වයා ක්‍රමක්‍රමයෙන් මණ්ඩලාකාරව දුවන්නට පුරුදු කරනවා. ….(පෙ)…. කුරඟින් පැන පැන දුවන්නට පුරුදු කරනවා. ….(පෙ)…. වේගයෙන් දුවන්නට පුරුදු කරනවා. ….(පෙ)…. අන් අසුන් ගේ හේසරාවයෙන් පසු නොබා පිවිසෙන්නට පුරුදු කරනවා. ….(පෙ)…. අශ්ව රාජයෙකු සතු ගුණයන්ට පුරුදු කරනවා. ….(පෙ)…. අශ්වරාජ වංශය සතු ගුණයන්ට පුරුදු කරනවා. ….(පෙ)…. උතුම් ජව සම්පන්න බවට පුරුදු කරනවා. ….(පෙ)…. උත්තම අශ්වයෙක් වන්නට පුරුදු කරනවා. ….(පෙ)…. අස් ගොව්වා ගේ වචනයට අනුව සැණෙකින් ක්‍රියාත්මක වන උතුම් අශ්වයෙක් ලෙස පුරුදු කරනවා. එසේ අශ්වයා උතුම් ජවයට, උතුම් අශ්ව භාවයට, වචනයට අවනත උතුම් අශ්වයෙක් ලෙස පුරුදු කරද්දී කලින් නො කළ ක්‍රියාවක් අලුතෙන් ම කිරීමේ දී ඇතිවන අපහසුතා, කලබලවීම්, දැඟලීම් ආදී විසම හැසිරීම් ඇතිවෙනවා ම යි. නමුත් ඒ අශ්වයා නිතර නිතර උතුම් ජවයට, උතුම් අශ්ව භාවයට, වචනයට අවනත උතුම් අශ්වයෙක් ලෙස පුරුදු වීමෙන් ඒ කරුණ සම්පූර්ණ වීම නිසා අර මුලින් තිබුන අපහසුතා සියල්ල නිවී යනවා.

භද්දාලි, යම් කලක භද්‍ර වූ ආජානීය අශ්වයා මෙම කරුණු නිතර නිතර කිරීමෙන්, අනුපිළිවෙලින් කිරීමෙන් දුෂ්කරතා සියල්ල සංසිඳී, එම සුදුසුකම් සම්පූර්ණ වෙනවා ද, එතකොට අස්ගොව්වා අශ්වයාව අශ්ව ආභරණ වලින් සරසලා සුන්දර කරනවා. එතකොට භද්දාලි, මේ දස අංගයෙන් සමන්විත වූ භද්‍ර වූ ආජානීය අශ්වයා රාජපූජිත වෙනවා. රජෙකු ගේ පරිහරණයට සුදුසු වෙනවා. රාජකීය අංගයක් බවට පත්වෙනවා.

ඒවමේව ඛෝ භද්දාලි දසහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යො හෝති පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. කතමේහි දසහි: ඉධ භද්දාලි භික්ඛු අසෙක්ඛාය සම්මාදිට්ඨියා සමන්නාගතෝ හෝති. අසෙක්ඛේන සම්මාසංකප්පේන සමන්නාගතෝ හෝති. අසෙක්ඛාය සම්මාවාචාය සමන්නාගතෝ හෝති. අසෙක්ඛේන සම්මාකම්මන්තේන සමන්නාගතෝ හෝති. අසෙක්ඛේන සම්මාආජීවේන සමන්නාගතෝ හෝති. අසෙක්ඛේන සම්මාවායාමේන සමන්නාගතෝ හෝති. අසෙක්ඛාය සම්මාසතියා සමන්නාගතෝ හෝති. අසෙක්ඛේන සම්මාසමාධිනා සමන්නාගතෝ හෝති. අසෙක්ඛේන සම්මාඤාණේන සමන්නාගතෝ හෝති. අසෙක්ඛාය සම්මාවිමුත්තියා සමන්නාගතෝ හෝති. ඉමේහි ඛෝ භද්දාලි දසහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති, පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

ඔය අයුරින් ම භද්දාලි, දස ධර්මයකින් සමන්විත භික්ෂුව ආහුනෙය්ය වෙනවා. පාහුනෙය්ය වෙනවා. දක්ඛිණෙය්ය වෙනවා. අංජලිකරණීය වෙනවා. ලොවට උතුම් පින්කෙත වෙනවා. කවර දස අංගයක් නිසා ද යත්; භද්දාලි, මේ ශාසනයෙහි භික්ෂුව (අරහත් භික්ෂුවක් තුළ පමණක් පිහිටන) අසේඛ වූ සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා සංකල්පයෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා වාචා වෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා කම්මන්තයෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා ආජීවයෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා වායාමයෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා සතියෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා සමාධියෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා ඤාණයෙන් යුක්ත වෙනවා. අසේඛ වූ සම්මා විමුක්තියෙන් යුක්ත වෙනවා. මෙසේ භද්දාලි, මේ දස ධර්මයෙන් සමන්විත භික්ෂුව ආහුනෙය්ය වෙනවා. පාහුනෙය්ය වෙනවා. දක්ඛිණෙය්ය වෙනවා. අංජලිකරණීය වෙනවා. ලොවට උතුම් පින්කෙත වෙනවා.

ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා භද්දාලි භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් භද්දාලි තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

භද්දාලි සුත්තං පඤ්චමං.

භද්දාලි තෙරුන්ට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M