මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.10. කීටාගිරි සුත්තං

2.2.10. කීටාගිරි නියම් ගමේ දී වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කාසීසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “අහං ඛෝ භික්ඛවේ අඤ්ඤත්‍රේව රත්තිභෝජනා භුඤ්ජාමි, අඤ්ඤත්‍ර ඛෝ පනාහං භික්ඛවේ රත්තිභෝජනා භුඤ්ජමානෝ අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. ඒථ තුම්හේපි භික්ඛවේ අඤ්ඤත්‍රේව රත්තිභෝජනා භුඤ්ජථ, අඤ්ඤත්‍ර ඛෝ පන භික්ඛවේ තුම්හේපි රත්තිභෝජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා”ති. “ඒවං භන්තේ”ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. අථ ඛෝ භගවා කාසීසු අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන කීටාගිරි නාම කාසීනං නිගමෝ තදවසරි. තත්‍ර සුදං භගවා කීටාගිරිස්මිං විහරති කාසීනං නිගමේ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසංඝයා සමඟ කාසි ජනපදයෙහි චාරිකාවෙහි වඩිමින් සිටියේ. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මම රාත්‍රී භෝජනයෙන් තොරව ම යි වළඳන්නේ. මහණෙනි, රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන මා ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත්, ඇති බව දන්නවා. එනිසා පින්වත් මහණෙනි, ඔබත් එන්න. රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන්න. එතකොට පින්වත් මහණෙනි, රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන ඔබ ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත්, ඇති බව හොඳින් දැන ගනීවි.” “එසේය ස්වාමීනී” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් කාසී ජනපදයෙහි චාරිකාවෙහි වඩිමින් කාසි ජනපදවාසීන් ගේ කීටාගිරි නම් නියම් ගමට ද වැඩම කළා. එහිදී භාග්‍යවතුන් වහන්සේ කාසි ජනපදවාසීන් ගේ කීටාගිරි නම් නියම්ගමෙහි වැඩවාසය කළා.

තේන ඛෝ පන සමයේන අස්සජිපුනබ්බසුකා නාම භික්ඛූ කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති. අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තේනුපසංකමිංසු. උපසංකමිත්වා අස්සජිපුනබ්බසුකේ භික්ඛූ ඒතදවෝචුං: “භගවා ඛෝ ආවුසෝ අඤ්ඤත්‍රේව රත්තිභෝජනා භුඤ්ජති භික්ඛුසංඝෝ ච, අඤ්ඤත්‍ර ඛෝ පනාවුසෝ රත්තිභෝජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. ඒථ තුම්හේපි ආවුසෝ අඤ්ඤත්‍රේව රත්තිභෝජනා භුඤ්ජථ, අඤ්ඤත්‍ර ඛෝ පනාවුසෝ තුම්හේපි රත්තිභෝජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා”ති. ඒවං වුත්තේ අස්සජිපුනබ්බසුකා භික්ඛූ තේ භික්ඛූ ඒතදවෝචුං: “මයං ඛෝ ආවුසෝ සායඤ්චේව භුඤ්ජාම පාතෝ ච දිවා ච විකාලේ. තේ මයං සායඤ්චේව භුඤ්ජමානා පාතෝ ච දිවා ච විකාලේ අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච, තේ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම, සායඤ්චේව මයං භුඤ්ජිස්සාම පාතෝ ච දිවා ච විකාලේ”ති. යතෝ ඛෝ තේ භික්ඛූ නාසක්ඛිංසු අස්සජිපුනබ්බසුකේ භික්ඛූ සඤ්ඤාපේතුං. අථ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං.

ඒ දිනවල අස්සජී, පුනබ්බසුක නම් භික්ෂූන් ද කීටාගිරියෙහි නේවාසිකව යි සිටියේ. ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලා අස්සජී, පුනබ්බසුක භික්ෂූන් වෙත පැමිණුනා. පැමිණ අස්සජී, පුනබ්බසුක භික්ෂූන්ට මෙකරුණ පැවසුවා.

“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන සේක. භික්ෂුසංඝයා ත් රාත්‍රී භෝජනයෙන් තොරව යි වළඳන්නේ. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන කල්හි ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත්, ඇති බව හොඳින් වැටහෙනවා. එනිසා ප්‍රිය ආයුෂ්මතුනි, ඔබත් එන්න. රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන්න. එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන ඔබ ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත්, ඇති බව හොඳින් දැන ගනීවි.”

මෙසේ පැවසූ විට අස්සජී, පුනබ්බසුක භික්ෂූන් ඒ භික්ෂූන් වහන්සේලාට මෙය පැවසුවා. “එම්බා ආයුෂ්මත්නි, අපි නම් සවසට ත් වළඳනවා. උදේට ත් වළඳනවා. දහවල් විකාලයෙහි ත් වළඳනවා. ඉතින් සවසට ත්, උදෑසන ත්, දහවල් විකාලයෙහි ත් වළඳන්නා වූ ඒ අපට ද ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත් ඇති බව හොඳින් වැටහෙනවා. එනිසා දැන් මෙහි දී ම අත්විඳින අනුසස් අත්හැර වෙනත් කාලයක ලැබෙන සැපයක් පිණිස අපි අසවල් දෙයකට දුවනවා ද? ඒ අපි නම් සවසට ත්, උදේට ත්, දහවල් විකාලයෙහි ත් වළඳිනවා.”

යම් හෙයකින් ඒ භික්ෂූන් වහන්සේලා අස්සජී, පුනබ්බසුක භික්ෂූන්ට මේ කරුණ තේරුම් කරදෙන්නට අසමර්ථ වුනා ද, එවිට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ ඒ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.

“ඉධ මයං භන්තේ යේන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තේනුපසංකමිම්හ. උපසංකමිත්වා අස්සජිපුනබ්බසුකේ භික්ඛූ ඒතදවෝචුම්හ: ‘භගවා ඛෝ ආවුසෝ අඤ්ඤත්‍රේව රත්තිභෝජනා භුඤ්ජති ….(පෙ)…. ඵාසුවිහාරඤ්චා’ති. ඒවං වුත්තේ භන්තේ අස්සජිපුනබ්බසුකා භික්ඛූ අම්හේ ඒතදවෝචුං: ‘මයං ඛෝ ආවුසෝ ….(පෙ)…. දිවා ච විකාලේ’ති. යතෝ ඛෝ මයං භන්තේ නාසක්ඛිම්හ අස්සජිපුනබ්බසුකේ භික්ඛූ සඤ්ඤාපේතුං. අථ මයං ඒතමත්ථ භගවතෝ ආරෝචේමා”ති.

“ස්වාමීනී, අපි අස්සජී, පුනබ්බසුක භික්ෂූන් වෙත ගියා. ගිහින් අස්සජී, පුනබ්බසුක භික්ෂූන් හට මෙය පැවසුවා, ‘ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන සේක. ….(පෙ)…. සැප විහරණය ත්, ඇති බව හොඳින් වැටහෙනවා. ස්වාමීනී, මෙසේ පැවසූ විට අස්සජී, පුනබ්බසුක භික්ෂූන් අපට මෙය පැවසුවා. ‘එම්බා ආයුෂ්මත්නි, ….(පෙ)…. දහවල් විකාලයෙහි ත් වළඳිනවා.’ යම් හෙයකින් ස්වාමීනී, අපි අස්සජී, පුනබ්බසුක භික්ෂූන්ට මේ කරුණ තේරුම් කරදෙන්නට අසමර්ථ වුනා ද, ඒ නිස යි අපි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ.”

අථ ඛෝ භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තේසි: “ඒහි ත්වං භික්ඛු මම වචනේන අස්සජිපුනබ්බසුකේ භික්ඛූ ආමන්තේහි, සත්ථායස්මන්තේ ආමන්තේතී”ති. “ඒවං භන්තේ”ති ඛෝ සෝ භික්ඛු භගවතෝ පටිස්සුත්වා යේන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා අස්සජිපුනබ්බසුකේ භික්ඛූ ඒතදවෝච: “සත්ථායස්මන්තේ ආමන්තේතී”ති. “ඒවමාවුසෝ”ති ඛෝ අස්සජිපුනබ්බසුකා භික්ඛූ තස්ස භික්ඛුනෝ පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, ඒකමන්තං නිසින්නේ ඛෝ අස්සජිපුනබ්බසුකේ භික්ඛූ භගවා ඒතදවෝච.

එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා “පින්වත් භික්ෂුව, එන්න. මගේ වචනයෙන් අස්සජී, පුනබ්බසුක භික්ෂූන් අමතන්න ‘ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් වහන්සේලා අමතනවා’ කියා.” “එසේය ස්වාමීනී” කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී අස්සජී, පුනබ්බසුක භික්ෂූන් වෙත පැමිණුනා. පැමිණ “ආයුෂ්මතුන් වහන්සේලාට ශාස්තෘන් වහන්සේ අමතන සේක”යි අස්සජී, පුනබ්බසුක භික්ෂූන්ට පැවසුවා. අස්සජී, පුනබ්බසුක භික්ෂූන් “එසේය ආයුෂ්මතුනි” කියා ඒ භික්ෂුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ අස්සජී, පුනබ්බසුක භික්ෂූන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“සච්චං කිර භික්ඛවේ සම්බහුලා භික්ඛූ තුම්හේ උපසංකමිත්වා ඒතදවෝචුං: ‘භගවා ඛෝ ආවුසෝ අඤ්ඤත්‍රේව රත්තිභෝජනා භුඤ්ජති භික්ඛුසංඝෝ ච. අඤ්ඤත්‍ර ඛෝ පනාවුසෝ රත්තිභෝජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච, ඒථ තුම්හේපි ආවුසෝ අඤ්ඤත්‍රේව රත්තිභෝජනා භුඤ්ජථ. අඤ්ඤත්‍ර ඛෝ පනාවුසෝ තුම්හේපි රත්තිභෝජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. ඒවං වුත්තේ කිර භික්ඛවේ තුම්හේ තේ භික්ඛූ ඒවං අවචුත්ථ: ‘මයං ඛෝ ආවුසෝ සායඤ්චේව භුඤ්ජාම පාතෝ ච දිවා ච විකාලේ, තේ මයං සායඤ්චේව භුඤ්ජමානා පාතෝ ච දිවා ච විකාලේ, අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච, තේ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම, සායඤ්චේව මයං භුඤ්ජිස්සාම පාතෝ ච දිවා ච විකාලේ’ති. “ඒවං භන්තේ”.

“හැබෑ ද, පින්වත් මහණෙනි, බොහෝ භික්ෂූන් වහන්සේලා ඔබ කරා අවුත්, මෙය පැවසුවා ද? ‘ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන සේක. භික්ෂුසංඝයා ත් රාත්‍රී භෝජනයෙන් තොරව යි වළඳන්නේ. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන කල්හි ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත්, ඇති බව හොඳින් වැටහෙනවා. එනිසා ප්‍රිය ආයුෂ්මතුනි, ඔබත් එන්න. රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන්න. එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, රාත්‍රී භෝජනයෙන් තොරව වළඳන ඔබ ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත්, ඇති බව හොඳින් දැන ගනීවි.’

මෙසේ පැවසූ විට ඔබ ඒ භික්ෂූන් වහන්සේලාට මෙය පැවසුවා ද? ‘එම්බා ආයුෂ්මත්නි, අපි නම් සවසට ත් වළඳනවා. උදේට ත් වළඳනවා. දහවල් විකාලයෙහි ත් වළඳනවා. ඉතින් සවසට ත්, උදෑසන ත්, දහවල් විකාලයෙහි ත් වළඳන්නා වූ ඒ අපට ද ආබාධ අඩු බව ත්, ශාරීරික දුක් අඩු බව ත්, සැහැල්ලුව ත්, කායික සවිය ත්, සැප විහරණය ත් ඇති බව හොඳින් වැටහෙනවා. එනිසා දැන් මෙහි දී ම අත්විඳින අනුසස් අත්හැර වෙනත් කාලයක ලැබෙන සැපයක් පිණිස අපි අසවල් දෙයකට දුවනවා ද? ඒ අපි නම් සවසට ත්, උදේට ත්, දහවල් විකාලයෙහි ත් වළඳිනවා’ කියල.” “එසේය ස්වාමීනී”

කින්නු මේ තුම්හේ භික්ඛවේ ඒවං ධම්මං දේසිතං ආජානාථ. ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. ‘නෝහේතං භන්තේ’. නනු මේ තුම්හේ භික්ඛවේ ඒවං ධම්මං දේසිතං ආජානාථ, ‘ඉධේකච්චස්ස ඒවරූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනේකච්චස්ස ඒවරූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධේකච්චස්ස ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනේකච්චස්ස ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. ‘ඒවං භන්තේ’.

“පින්වත් මහණෙනි, කිම? මා විසින් මෙබඳු වූ ධර්මයක් දෙසන ලද බව ඔබ දන්නවා ද? ඒ කියන්නේ ‘මේ පුරුෂ පුද්ගලයා යම් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා විඳිනවා නම්, ඒ හේතුවෙන් ඔහු ගේ අකුසල් පිරිහී යනවා, කුසල් වැඩෙනවා’ කියල.” “ස්වාමීනී, එය නොවේ ම යි.”

“පින්වත් මහණෙනි, ඔබ දන්නේ මා විසින් මෙබඳු වූ ධර්මයක් දෙසන ලද බව නො වේද? ඒ කියන්නේ ‘මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් වැඩෙනවා. කුසල් පිරිහී යනවා කියල නො වේ ද? ඒ වගේ ම මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා. කුසල් වැඩෙනවා කියල නො වේ ද?

ඒ වගේ ම මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් වැඩෙනවා. කුසල් පිරිහී යනවා කියල නො වේ ද? ඒ වගේ ම මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා. කුසල් වැඩෙනවා කියල නො වේ ද?

මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප, දුක් රහිත විඳීමක් විඳින විට අකුසල් වැඩෙනවා. කුසල් පිරිහී යනවා කියල නො වේ ද? ඒ වගේ ම මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප, දුක් රහිත විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා. කුසල් වැඩෙනවා කියල නො වේ ද?” “එසේය ස්වාමීනී”

සාධු භික්ඛවේ මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධේකච්චස්ස ඒවරූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්තී’ති. ඒවමහං අජානන්තෝ ‘ඒවරූපං සුඛං වේදනං පජහථා’ති වදෙය්‍යං, අපි නු මේ ඒතං භික්ඛවේ පතිරූපං අභවිස්සා’ති. නෝ හේතං භන්තේ, යස්මා ච ඛෝ ඒතං භික්ඛවේ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධේකච්චස්ස ඒවරූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. තස්මාහං ‘ඒවරූපං සුඛං වේදනං පජහථා’ති වදාමි.

“හොඳයි පින්වත් මහණෙනි, ‘මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් වැඩෙන බව ත්, කුසල් පිරිහී යන බව ත් මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ නො කළා නම්, නො දැක්කා නම්, නො දැන ගත්තා නම්, සාක්ෂාත් නො කළා නම්, නුවණින් ස්පර්ශ නො කළා නම්, එසේ නො දැන සිටින්නා වූ මං මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් වැඩෙන බව ත්, කුසල් පිරිහී යන බව ත් පැවසුවොත්, පින්වත් මහණෙනි, එය මට ගැලපෙන දෙයක් ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.” “එනිසා පින්වත් මහණෙනි, යම් හෙයකින් මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් වැඩෙන බව ත්, කුසල් පිරිහී යන බව ත්, මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරල යි තියෙන්නෙ, දැකල යි තියෙන්නෙ, දැනගෙන යි තියෙන්නෙ, සාක්ෂාත් කරල යි තියෙන්නෙ, නුවණින් ස්පර්ශ කරල යි තියෙන්නෙ, ඒ නිසයි මං මේ ආකාර වූ සැප විඳීම අත්හරින්න කියා කියන්නෙ.

මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධේකච්චස්ස ඒවරූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. ඒවමහං අජානන්තෝ ‘ඒවරූපං සුඛං වේදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්‍යං. ‘අපි නු මේ ඒතං භික්ඛවේ පතිරූපං අභවිස්සා’ති. නෝ හේතං භන්තේ. යස්මා ච ඛෝ ඒතං භික්ඛවේ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධේකච්චස්ස ඒවරූපං සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. තස්මාහං ‘ඒවරූපං සුඛං වේදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.

ඒ වගේ ම පින්වත් මහණෙනි, ‘මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් පිරිහෙන බව ත්, කුසල් වැඩෙන බව ත් මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ නො කළා නම්, නො දැක්කා නම්, නො දැන ගත්තා නම්, සාක්ෂාත් නො කළා නම්, නුවණින් ස්පර්ශ නො කළා නම්, එසේ නො දැන සිටින්නා වූ මං මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා කියල හෝ, කුසල් වැඩෙනවා කියල හෝ පැවසුවොත්, පින්වත් මහණෙනි, එය මට ගැලපෙන දෙයක් ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.” “එනිසා පින්වත් මහණෙනි, යම් හෙයකින් මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ සැප විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා නම්, කුසල් වැඩෙනවා නම්, ඒ බව මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරල යි තියෙන්නෙ, දැකල යි තියෙන්නෙ, දැනගෙන යි තියෙන්නෙ, සාක්ෂාත් කරල යි තියෙන්නෙ, නුවණින් ස්පර්ශ කරල යි තියෙන්නෙ, ඒ නිසයි මං මේ ආකාර වූ සැප විඳීම උපදවා ගෙන වාසය කරන්න කියා කියන්නෙ.

මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. ඒවමහං අජානන්තෝ ‘ඒවරූපං දුක්ඛං වේදනං පජහථා’ති වදෙය්‍යං, ‘අපි නු මේ ඒතං භික්ඛවේ පතිරූපං අභවිස්සා’ති. නෝ හේතං භන්තේ. යස්මා ච ඛෝ ඒතං භික්ඛවේ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. තස්මාහං ‘ඒවරූපං දුක්ඛං වේදනං පජහථා’ති වදාමි.

හොඳයි පින්වත් මහණෙනි, ‘මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් වැඩෙන බව ත්, කුසල් පිරිහී යන බව ත් මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ නො කළා නම්, නො දැක්කා නම්, නො දැන ගත්තා නම්, සාක්ෂාත් නො කළා නම්, නුවණින් ස්පර්ශ නො කළා නම්, එසේ නො දැන සිටින්නා වූ මං මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් වැඩෙනවා කියල, කුසල් පිරිහී යනවා කියල පැවසුවොත්, පින්වත් මහණෙනි, එය මට ගැලපෙන දෙයක් ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.” “එනිසා පින්වත් මහණෙනි, යම් හෙයකින් මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහී යනවා නම්, එය මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරල යි තියෙන්නෙ, දැකල යි තියෙන්නෙ, දැනගෙන යි තියෙන්නෙ, සාක්ෂාත් කරල යි තියෙන්නෙ, නුවණින් ස්පර්ශ කරල යි තියෙන්නෙ, ඒ නිසයි මං මේ ආකාර වූ දුක් විඳීම අත්හරින්න කියා කියන්නෙ.

මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. ඒවමහං අජානන්තෝ ‘ඒවරූපං දුක්ඛං වේදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්‍යං. ‘අපි නු මේ ඒතං භික්ඛවේ පතිරූපං අභවිස්සා’ති. නෝ හේතං භන්තේ, යස්මා ච ඛෝ ඒතං භික්ඛවේ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. තස්මාහං ‘ඒවරූපං දුක්ඛං වේදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.

ඒ වගේ ම පින්වත් මහණෙනි, ‘මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් පිරිහෙන බව ත්, කුසල් වැඩෙන බව ත් මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ නො කළා නම්, නො දැක්කා නම්, නො දැන ගත්තා නම්, සාක්ෂාත් නො කළා නම්, නුවණින් ස්පර්ශ නො කළා නම්, එසේ නො දැන සිටින්නා වූ මං මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා කියල හෝ, කුසල් වැඩෙනවා කියල හෝ පැවසුවොත්, පින්වත් මහණෙනි, එය මට ගැලපෙන දෙයක් ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.” “එනිසා පින්වත් මහණෙනි, යම් හෙයකින් මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා නම්, කුසල් වැඩෙනවා නම්, ඒ බව මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරල යි තියෙන්නෙ, දැකල යි තියෙන්නෙ, දැනගෙන යි තියෙන්නෙ, සාක්ෂාත් කරල යි තියෙන්නෙ, නුවණින් ස්පර්ශ කරල යි තියෙන්නෙ, ඒ නිසයි මං මේ ආකාර වූ දුක් විඳීම උපදවා ගෙන වාසය කරන්න කියා කියන්නෙ.

මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධේකච්චස්ස ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. ඒවමහං අජානන්තෝ ‘ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං පජහථා’ති වදෙය්‍යං. ‘අපි නු මේ ඒතං භික්ඛවේ පතිරූපං අභවිස්සා’ති. නෝ හේතං භන්තේ. යස්මා ච ඛෝ ඒතං භික්ඛවේ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධේකච්චස්ස ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. තස්මාහං ‘ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං පජහථා’ති වදාමි.

හොඳයි පින්වත් මහණෙනි, ‘මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් සැප රහිත විඳීමක් විඳින විට අකුසල් වැඩෙන බව ත්, කුසල් පිරිහී යන බව ත් මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ නො කළා නම්, නො දැක්කා නම්, නො දැන ගත්තා නම්, සාක්ෂාත් නො කළා නම්, නුවණින් ස්පර්ශ නො කළා නම්, එසේ නො දැන සිටින්නා වූ මං මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් සැප රහිත විඳීමක් විඳින විට අකුසල් වැඩෙනවා කියල, කුසල් පිරිහී යනවා කියල පැවසුවොත්, පින්වත් මහණෙනි, එය මට ගැලපෙන දෙයක් ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.” “එනිසා පින්වත් මහණෙනි, යම් හෙයකින් මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් සැප රහිත විඳීමක් විඳින විට අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහී යනවා නම්, එය මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරල යි තියෙන්නෙ, දැකල යි තියෙන්නෙ, දැනගෙන යි තියෙන්නෙ, සාක්ෂාත් කරල යි තියෙන්නෙ, නුවණින් ස්පර්ශ කරල යි තියෙන්නෙ, ඒ නිසයි මං මේ ආකාර වූ දුක් සැප රහිත විඳීම අත්හරින්න කියා කියන්නෙ.

මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධේකච්චස්ස ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. ඒවමහං අජානන්තෝ ‘ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්‍යං. ‘අපි නු මේ ඒතං භික්ඛවේ පතිරූපං අභවිස්සා’ති. නෝ හේතං භන්තේ. යස්මා ච ඛෝ ඒතං භික්ඛවේ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධේකච්චස්ස ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. තස්මාහං ‘ඒවරූපං අදුක්ඛමසුඛං වේදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.

ඒ වගේ ම පින්වත් මහණෙනි, ‘මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් සැප රහිත විඳීමක් විඳින විට අකුසල් පිරිහෙන බව ත්, කුසල් වැඩෙන බව ත් මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ නො කළා නම්, නොදැක්කා නම්, නොදැන ගත්තා නම්, සාක්ෂාත් නො කළා නම්, නුවණින් ස්පර්ශ නො කළා නම්, එසේ නො දැන සිටින්නා වූ මං මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් සැප රහිත විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා කියල හෝ, කුසල් වැඩෙනවා කියල හෝ පැවසුවොත්, පින්වත් මහණෙනි, එය මට ගැලපෙන දෙයක් ද?” “ස්වාමීනී, එය නො වේ ම යි.” “එනිසා පින්වත් මහණෙනි, යම් හෙයකින් මෙහි ඇතැම් පුද්ගලයෙකු හට මේ ආකාර වූ දුක් සැප රහිත විඳීමක් විඳින විට අකුසල් පිරිහෙනවා නම්, කුසල් වැඩෙනවා නම්, ඒ බව මා විසින් ප්‍රඥාවෙන් අවබෝධ කරල යි තියෙන්නෙ, දැකල යි තියෙන්නෙ, දැනගෙන යි තියෙන්නෙ, සාක්ෂාත් කරල යි තියෙන්නෙ, නුවණින් ස්පර්ශ කරල යි තියෙන්නෙ, ඒ නිසයි මං මේ ආකාර වූ දුක් සැප රහිත විඳීම උපදවා ගෙන වාසය කරන්න කියා කියන්නෙ.

නාහං භික්ඛවේ සබ්බේසංයේව භික්ඛූනං අප්පමාදේන කරණීයන්ති වදාමි. න පනාහං භික්ඛවේ සබ්බේසංයේව භික්ඛූනං නාප්පමාදේන කරණීයන්ති වදාමි. යේ තේ භික්ඛවේ භික්ඛූ අරහන්තෝ ඛීණාසවා වුසිතවන්තෝ කතකරණීයා ඕහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයෝජනා සම්මදඤ්ඤා විමුත්තා. තථාරූපානාහං භික්ඛවේ භික්ඛූනං නාප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: කතං තේසං අප්පමාදේන අභබ්බා තේ පමජ්ජිතුං.

පින්වත් මහණෙනි, සියළුම භික්ෂූන් වහන්සේලාට අප්‍රමාදීව නිවන් පිණිස කටයුතු කළ යුතු යැයි මා කියන්නේ නැහැ. ඒ වගේ ම පින්වත් මහණෙනි, සියළුම භික්ෂූන් වහන්සේලාට අප්‍රමාදීව නිවන් පිණිස කටයුතු නො කළ යුතු යැයි මා කියන්නෙ ත් නැහැ.

පින්වත් මහණෙනි, යම් භික්ෂූන් අරහත්වයට පත් වී සිටිත් ද, ආශ්‍රව රහිතව සිටිත් ද, බඹසර වැස නිම කොට තිබෙත් ද, කළ යුතු දෙය අවසන් කොට තිබෙත් ද, කෙලෙස් බර බැහැර කොට සිටිත් ද, අනුපිළිවෙලින් පැමිණි අරහත්වය ඇතුව සිටිත් ද, භව සංයෝජනයන් ක්ෂය කොට සිටිත් ද, මැනවින් ලත් අවබෝධයෙන් යුතුව විමුක්තියට පැමිණ සිටිත් ද, අන්න එබඳු භික්ෂූන් වහන්සේලාට නම් අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතු යැයි මා කියන්නේ නැහැ. එයට හේතුව කුමක් ද? ඒ භික්ෂූන් විසින් අප්‍රමාදීව කළ යුතු දෙය කරන ලද්දේ ය. ඒ භික්ෂූන් ප්‍රමාදයට පත්වීම සිදු නො වන දෙයක්.

යේ ච ඛෝ තේ භික්ඛවේ භික්ඛූ සෙක්ඛා අප්පත්තමානසා අනුත්තරං යෝගක්ඛේමං පත්ථයමානා විහරන්ති. තථාරූපානාහං භික්ඛවේ භික්ඛූනං අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: ‘අප්පේවනාමිමේ ආයස්මන්තෝ අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානා කල්‍යාණමිත්තේ භජමානා ඉන්ද්‍රියානි සමන්නානයමානා යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යු’න්ති. ඉමං ඛෝ අහං භික්ඛවේ ඉමේසං භික්ඛූනං අප්පමාදඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි.

නමුත් පින්වත් මහණෙනි, නිවන් පිණිස හික්මෙන භික්ෂූන් ඉන්නවා. තවම අරහත්වයට පැමිණ නැති, අනුත්තර යෝගක්ඛේම නිවන පතමින් ඉන්න, පින්වත් මහණෙනි, එබඳු වූ භික්ෂූන් වහන්සේලා විසින් අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතුයි කියල යි මා කියන්නේ. එයට හේතුව කුමක් ද? ඒ මේ ආයුෂ්මතුන් වහන්සේලා ගැලපෙන සේනාසන වල වාසය කරනවා නම්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම්, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නවා නම්, යම් උතුම් අරුතක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙනවා නම්, ඒ අනුත්තර වූ බඹසරෙහි පූර්ණත්වය වන අරහත් ඵලය මෙහිදී ම තමන් උපදවා ගන්නා විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නට පුළුවනි.

පින්වත් මහණෙනි, මං මේ භික්ෂූන් වහන්සේලා ගේ අප්‍රමාදයෙහි ප්‍රතිඵල දක්නා නිසයි අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතු යැයි කියන්නේ.

සත්තිමේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ සත්ත: උභතෝභාගවිමුත්තෝ පඤ්ඤාවිමුත්තෝ කායසක්ඛී දිට්ඨප්පත්තෝ සද්ධාවිමුත්තෝ ධම්මානුසාරී සද්ධානුසාරී.

පින්වත් මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සත් දෙනෙක් දකින්නට ලැබෙනවා. කවර සත් දෙනෙක් ද යත්; උභතෝභාග විමුත්ත පුද්ගලයා, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා, කායසක්ඛී පුද්ගලයා, දිට්ඨප්පත්ත පුද්ගලයා, සද්ධාවිමුත්ත පුද්ගලයා, ධම්මානුසාරී පුද්ගලයා සහ සද්ධානුසාරී පුද්ගලයා ය.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ උභතෝභාගවිමුත්තෝ: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ කායේන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ උභතෝභාගවිමුත්තෝ. ඉමස්ස ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ න අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: කතං තස්ස අප්පමාදේන අභබ්බෝ සෝ පමජ්ජිතුං.

පින්වත් මහණෙනි, උභතෝභාග විමුත්ත පුද්ගලයා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් රූප සමාපත්තීන් ඉක්ම යෑමෙන් යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, ඒ විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරනවා. ඒ වගේ ම ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක ආශ්‍රවයනුත් ක්ෂය කරලා තියෙනවා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා යි උභතෝභාග විමුත්ත කියා කියන්නේ. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව හට අප්‍රමාදීව වීරිය කිරීම කළ යුතු නැතැයි කියමි. එයට හේතුව කුමක් ද? ඒ භික්ෂුව විසින් අප්‍රමාදීව කළ යුතු වීරිය කරන ලද්දේ ය. ඔහු පිරිහීමට පත්වීම සිදු නො වන්නකි.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ පඤ්ඤාවිමුත්තෝ: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ න කායේන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ පඤ්ඤාවිමුත්තෝ. ඉමස්සපි ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ න අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: කතං තස්ස අප්පමාදේන අභබ්බෝ සෝ පමජ්ජිතුං.

පින්වත් මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් රූප සමාපත්තීන් ඉක්ම යෑමෙන් යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, ඒ විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නේ නෑ. නමුත් ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක ආශ්‍රවයන් ක්ෂය කරලා තියෙනවා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා යි පඤ්ඤාවිමුත්ත කියා කියන්නේ. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව හට අප්‍රමාදීව වීරිය කිරීම කළ යුතු නැතැයි කියමි. එයට හේතුව කුමක් ද? ඒ භික්ෂුව විසින් අප්‍රමාදීව කළ යුතු වීරිය කරන ලද්දේ ය. ඔහු පිරිහීමට පත්වීම සිදු නො වන්නකි.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ කායසක්ඛී: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ න කායේන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ කායසක්ඛී. ඉමස්ස ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: අප්පේවනාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්‍යාණමිත්තේ භජමානෝ ඉන්ද්‍රියානි සමන්නානයමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති. ඉමං ඛෝ අහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ අප්පමාදඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි.

පින්වත් මහණෙනි, කායසක්ඛී පුද්ගලයා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් රූප සමාපත්තීන් ඉක්ම යෑමෙන් යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, ඒ විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නේ නෑ. ඒ වගේ ම ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක ඇතැම් ආශ්‍රවයන් ක්ෂය කරලා තියෙනවා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා යි කායසක්ඛී කියා කියන්නේ. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව හට අප්‍රමාදීව වීරිය කිරීම කළ යුතු යි කියමි. එයට හේතුව කුමක් ද? ඒ මේ ආයුෂ්මතුන් ගැලපෙන සේනාසන වල වාසය කරනවා නම්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම්, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නවා නම්, යම් උතුම් අරුතක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙනවා නම්, ඒ අනුත්තර වූ බඹසරෙහි පූර්ණත්වය ගැන අරහත් ඵලය මෙහිදී ම තමන් උපදවා ගන්නා විශිෂ්ඨ ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නට පුළුවනි. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව ගේ අප්‍රමාදයෙහි ප්‍රතිඵල දක්නා නිසයි අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතු යැයි කියන්නේ.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ දිට්ඨප්පත්තෝ: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ න කායේන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසවා පරික්ඛීණා හොන්ති. තථාගතප්පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය වෝදිට්ඨා හොන්ති වෝචරිතා. අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ දිට්ඨප්පත්තෝ. ඉමස්සපි ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: අප්පේවනාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්‍යාණමිත්තේ භජමානෝ ඉන්ද්‍රියානි සමන්නානයමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති. ඉමං ඛෝ අහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ අප්පමාදඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි.

පින්වත් මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් රූප සමාපත්තීන් ඉක්ම යෑමෙන් යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, ඒ විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නෙ නෑ. ඒ වගේ ම ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක ඇතැම් ආශ්‍රවයන් ක්ෂය කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ඔහු විසින් ප්‍රඥාවෙන් හොඳින් දැකල යි තියෙන්නෙ. නුවණ හොඳින් හසුරුවගෙන යි තියෙන්නෙ. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා යි දිට්ඨප්පත්ත කියා කියන්නේ. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව හට අප්‍රමාදීව වීරිය කිරීම කළ යුතු යි කියමි. එයට හේතුව කුමක් ද? ඒ මේ ආයුෂ්මතුන් ගැලපෙන සේනාසන වල වාසය කරනවා නම්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම්, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නවා නම්, යම් උතුම් අරුතක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙනවා නම්, ඒ අනුත්තර වූ බඹසරෙහි පූර්ණත්වය වන අරහත් ඵලය මෙහිදී ම තමන් උපදවා ගන්නා විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නට පුළුවනි. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව ගේ අප්‍රමාදයෙහි ප්‍රතිඵල දක්නා නිසයි අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතු යැයි කියන්නේ.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ සද්ධාවිමුත්තෝ: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ න කායේන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසවා පරික්ඛීණා හොන්ති. තථාගතේ චස්ස සද්ධා නිවිට්ඨා හෝති මූලජාතා පතිට්ඨිතා. අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ සද්ධාවිමුත්තෝ. ඉමස්සපි ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: අප්පේවනාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්‍යාණමිත්තේ භජමානෝ ඉන්ද්‍රියානි සමන්නානයමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති. ඉමං ඛෝ අහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ අප්පමාදඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි.

පින්වත් මහණෙනි, සද්ධාවිමුත්ත පුද්ගලයා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් රූප සමාපත්තීන් ඉක්ම යෑමෙන් යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, ඒ විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නෙ නෑ. ඒ වගේ ම ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක ඇතැම් ආශ්‍රවයන් ක්ෂය කරලා තියෙනවා. ඒ භික්ෂුව තුළ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හොඳින් බැසගෙන මුල්ඇදල පිහිටලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා යි සද්ධාවිමුත්ත කියා කියන්නේ. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව හට අප්‍රමාදීව වීරිය කිරීම කළ යුතු යි කියමි. එයට හේතුව කුමක් ද? ඒ මේ ආයුෂ්මතුන් ගැලපෙන සේනාසන වල වාසය කරනවා නම්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම්, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නවා නම්, යම් උතුම් අරුතක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙනවා නම්, ඒ අනුත්තර වූ බඹසරෙහි පූර්ණත්වය වන අරහත් ඵලය මෙහිදී ම තමන් උපදවා ගන්නා විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නට පුළුවනි. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව ගේ අප්‍රමාදයෙහි ප්‍රතිඵල දක්නා නිසයි අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතු යැයි කියන්නේ.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ ධම්මානුසාරී: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ න කායේන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛීණා හොන්ති, තථාගතප්පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසෝ නිජ්ඣානං ඛමන්ති. අපි චස්ස ඉමේ ධම්මා හොන්ති, සෙය්‍යථිදං: සද්ධින්ද්‍රියං විරියින්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍රියං පඤ්ඤින්ද්‍රියං. අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ ධම්මානුසාරී. ඉමස්සපි ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: අප්පේවනාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්‍යාණමිත්තේ භජමානෝ ඉන්ද්‍රියානි සමන්නානයමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති. ඉමං ඛෝ අහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ අප්පමාදඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි.

පින්වත් මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් රූප සමාපත්තීන් ඉක්ම යෑමෙන් යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, ඒ විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නෙ නෑ. ඒ වගේ ම ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක ආශ්‍රවයන් ක්ෂය වෙලත් නෑ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ඔහු විසින් තමන්ට අදාළ ප්‍රමාණයට ප්‍රඥාවෙන් වටහා ගෙන යි තියෙන්නෙ. ඒ වගේ ම ඔහු තුළ මේ ධර්මයන් තිබෙනවා. එනම්, සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය යි. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා යි ධම්මානුසාරී කියා කියන්නේ. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව හට අප්‍රමාදීව වීරිය කිරීම කළ යුතු යි කියමි. එයට හේතුව කුමක් ද? ඒ මේ ආයුෂ්මතුන් ගැලපෙන සේනාසන වල වාසය කරනවා නම්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම්, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නවා නම්, යම් උතුම් අරුතක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙනවා නම්, ඒ අනුත්තර වූ බඹසරෙහි පූර්ණත්වය වන අරහත් ඵලය මෙහිදී ම තමන් උපදවා ගන්නා විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නට පුළුවනි. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව ගේ අප්‍රමාදයෙහි ප්‍රතිඵල දක්නා නිසයි අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතු යැයි කියන්නේ.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ සද්ධානුසාරී: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ යේ තේ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ න කායේන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛීණා හොන්ති, තථාගතේ චස්ස සද්ධාමත්තං හෝති පේමමත්තං. අපි චස්ස ඉමේ ධම්මා හොන්ති. සෙය්‍යථිදං: සද්ධින්ද්‍රියං විරියින්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍රියං පඤ්ඤින්ද්‍රියං. අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ සද්ධානුසාරී. ඉමස්සපි ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස්ස හේතු: අප්පේවනාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්‍යාණමිත්තේ භජමානෝ ඉන්ද්‍රියානි සමන්නානයමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති. ඉමං ඛෝ අහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ අප්පමාදඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි.

පින්වත් මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් රූප සමාපත්තීන් ඉක්ම යෑමෙන් යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, ඒ විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නෙ නෑ. ඒ වගේ ම ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දැක ආශ්‍රවයන් ක්ෂය වෙලත් නෑ. තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහු තුළ ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා. ප්‍රේම මාත්‍රයක් තියෙනවා. ඒ වගේ ම ඔහු තුළ මේ ධර්මයන් තිබෙනවා. එනම්, සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය යි. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා යි සද්ධානුසාරී කියා කියන්නේ. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව හට අප්‍රමාදීව වීරිය කිරීම කළ යුතු යි කියමි. එයට හේතුව කුමක් ද? ඒ මේ ආයුෂ්මතුන් ගැලපෙන සේනාසන වල වාසය කරනවා නම්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම්, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නවා නම්, යම් උතුම් අරුතක් පිණිස කුල පුත්‍රයන් මනා කොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙනවා නම්, ඒ අනුත්තර වූ බඹසරෙහි පූර්ණත්වය වන අරහත් ඵලය මෙහිදී ම තමන් උපදවා ගන්නා විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නට පුළුවනි. පින්වත් මහණෙනි, මං මේ භික්ෂුව ගේ අප්‍රමාදයෙහි ප්‍රතිඵල දක්නා නිසයි අප්‍රමාදීව නිවන් පිණිස වීරිය කළ යුතු යැයි කියන්නේ.

නාහං භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. අපි ච භික්ඛවේ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හෝති.

පින්වත් මහණෙනි, මම පටන් ගත් ගමන් ම අරහත්වයට පත් වෙන බව කියන්නෙ නෑ. නමුත් පින්වත් මහණෙනි, අනුපිළිවෙලින් හික්මීම හේතුවෙන්, අනුපිළිවෙලින් ක්‍රියා කිරීම හේතුවෙන්, අනුපිළිවෙලින් ප්‍රතිපදාවෙහි යෙදීම හේතුවෙන් අරහත්වයේ පිහිටන්නට පුළුවන් වෙනවා.

කථඤ්ච භික්ඛවේ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හෝති: ඉධ භික්ඛවේ සද්ධාජාතෝ උපසංකමති, උපසංකමන්තෝ පයිරුපාසති, පයිරුපාසන්තෝ සෝතං ඕදහති, ඕහිතසෝතෝ ධම්මං සුණාති, සුත්වා ධම්මං ධාරේති, ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථං උපපරික්ඛතෝ ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දෝ ජායති, ඡන්දජාතෝ උස්සහති, උස්සහිත්වා තුලේති, තුලයිත්වා පදහති, පහිතත්තෝ සමානෝ කායේන චේව පරමං සච්චං සච්ඡිකරෝති; පඤ්ඤාය ච නං පටිවිජ්ඣ පස්සති.

පින්වත් මහණෙනි, අනුපිළිවෙලිත් හික්මීම ත්, අනුපිළිවෙලින් ක්‍රියා කිරීම ත්, අනුපිළිවෙලින් ප්‍රතිපදාවෙහි යෙදීම ත් තුළින් අරහත්වයට පත් වන්නේ කොහොම ද? පින්වත් මහණෙනි, මෙහි ශ්‍රද්ධාව උපදවා ගත් තැනැත්තා කලණ මිතුරන් කරා එළඹෙනවා. කලණ මිතුරන් කරා එළැඹීමෙන් ඇසුරු කරන්නට ලැබෙනවා. ඇසුරු කරන්නට ලැබීමෙන් ධර්මය ඇසීම පිණිස සවන් යොමු කරනවා. මනා කොට සවන් යොමු කිරීමෙන් යුතුව ධර්මය අසනවා. ඇසූ ධර්මය මතක තබා ගන්නවා. මතක තබා ගත් ධර්මයෙහි අර්ථ නුවණින් විමසනවා. අර්ථ නුවණින් විමසන විට ඒ ධර්මයන් වැටහෙන්නට පටන් ගන්නවා. ධර්මයන් ගේ ආර්ථාවබෝධය ඇති විට ධර්මයෙහි හැසිරෙන්නට ආසාව ඇති වෙනවා. එසේ ධර්මයෙහි හැසිරෙන්නට ආසාව උපදවා ගත් විට උත්සාහ කරනවා. උත්සාහ කොට හොඳින් ගලපා බලනවා. හොඳින් ගලපා බලා බලවත් ව වීරිය කරනවා. කාය ජිවිත දෙක් හි අපේක්ෂා රහිතව වීරිය කරද්දී පරම සත්‍යය කයෙන් ම ස්පර්ශ කරනවා. ප්‍රඥාවෙනුත් එය විනිවිද දකිනවා.

සාපි නාම භික්ඛවේ සද්ධා නාහෝසි. තම්පි නාම භික්ඛවේ උපසංකමනං නාහෝසි. සාපි නාම භික්ඛවේ පයිරුපාසනා නාහෝසි. තම්පි නාම භික්ඛවේ සෝතාවධානං නාහෝසි. තම්පි නාම භික්ඛවේ ධම්මස්සවනං නාහෝසි. සාපි නාම භික්ඛවේ ධම්මධාරණා නාහෝසි. සාපි නාම භික්ඛවේ අත්ථූපපරික්ඛා නාහෝසි. සාපි නාම භික්ඛවේ ධම්මනිජ්ඣානක්ඛන්ති නාහෝසි. සෝපි නාම භික්ඛවේ ඡන්දෝ නාහෝසි. සෝපි නාම භික්ඛවේ උස්සාහෝ නාහෝසි. සාපි නාම භික්ඛවේ තුලනා නාහෝසි. තම්පි නාම භික්ඛවේ පධානං නාහෝසි. විප්පටිපන්නා’ත්ථ භික්ඛවේ. මිච්ඡාපටිපන්නා’ත්ථ භික්ඛවේ. කීවදූරේවිමේ භික්ඛවේ මෝඝපුරිසා අපක්කන්තා ඉමස්මා ධම්මවිනයා.

මහණෙනි, ඔබට ඒ ශ්‍රද්ධාව තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ කළණ මිතුරන් වෙත එළඹීම තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ කළණ මිතුරන් ඇසුරු කිරීම තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ මනා කොට සවන් යොමු කිරීම තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ ධර්ම ශ්‍රවණය තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ ධර්ම ධාරණය තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ දරා ගත් ධර්මයෙහි අර්ථ නුවණින් විමසීම තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ ධර්මය වැටහීම තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ ධර්මය වැටහීමෙන් ලත් ධර්මයේ හැසිරීමෙහි ආසාව තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ ධර්මයේ හැසිරීමෙහි උත්සාහය තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ නුවණින් ගලපා බැලීම තිබුනෙත් නැහැ. මහණෙනි, ඒ බලවත් වීරිය තිබුනෙත් නැහැ. මහණෙනි, මේ කරුණු පිළිබඳව ඔබ වැරදියට පිළිපැදල යි ඉන්නෙ. පින්වත් මහණෙනි, මේ හිස් පුරුෂයන් මේ ගෞතම ශාසනයෙන් මොන තරම් ඈතට විසි වෙලා ගිහින් ද ඉන්නෙ.

අත්ථි භික්ඛවේ චතුප්පදං වෙය්‍යාකරණං යස්සුද්දිට්ඨස්ස විඤ්ඤූ පුරිසෝ නචිරස්සේව පඤ්ඤාය’ත්ථං ආජානෙය්‍ය. උද්දිසිස්සාමි වෝ භික්ඛවේ. ආජානිස්සථ මේතන්ති. කේ ච මයං භන්තේ, කේ ච ධම්මස්ස අඤ්ඤාතාරෝති. යෝපි සෝ භික්ඛවේ සත්ථා ආමිසගරු ආමිසදායාදෝ ආමිසේහි සංසට්ඨෝ විහරති, තස්සපයං ඒවරූපී පණෝපණවියා න උපේති. ඒවඤ්ච නෝ අස්ස, අථ නං කරෙය්‍යාම. න ච නෝ ඒවමස්ස, න නං කරෙය්‍යාමාති. කිං පන භික්ඛවේ යං තථාගතෝ සබ්බසෝ ආමිසේහි විසංසට්ඨෝ විහරති. සද්ධස්ස භික්ඛවේ සාවකස්ස සත්ථුසාසනේ පරියෝගාය වත්තතෝ අයමනුධම්මෝ හෝති: සත්ථා භගවා, සාවකෝහමස්මි. ජානාති භගවා, නාහං ජානාමීති. සද්ධස්ස භික්ඛවේ සාවකස්ස සත්ථුසාසනේ පරියෝගාය වත්තතෝ රුම්හනියං සත්ථුසාසනං හෝති ඕජවන්තං. සද්ධස්ස භික්ඛවේ සාවකස්ස සත්ථුසාසනේ පරියෝගාය වත්තතෝ අයමනුධම්මෝ හෝති: ‘කාමං තචෝ ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු උපසුස්සතු සරීරේ මංසලෝහිතං. යං තං පුරිසථාමේන පුරිසවිරියේන පුරිසපරක්කමේන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී’ති. සද්ධස්ස භික්ඛවේ සාවකස්ස සත්ථුසාසනේ පරියෝගාය වත්තතෝ ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං: දිට්ඨේව ධම්මේ අඤ්ඤා, සති වා උපාදිසේසේ අනාගාමිතාති.

පින්වත් මහණෙනි, පද සතරකින් යුතු ධර්ම විග්‍රහයක් තියෙනවා. එම ධර්ම විග්‍රහය අසන ලද්දා වූ නුවණැති පුරුෂයෙකුට සුලු කලෙකින් ම එහි අර්ථ ප්‍රඥාවෙන් දැනගන්නට පුළුවන්. පින්වත් මහණෙනි, මා ඔබට එය මතු කොට පවසන්නෙමි. එහි අර්ථය නුවණින් තේරුම් ගන්න.”

“අනේ ස්වාමීනී, අපි කවුද? ධර්මය අවබෝධ කරන්නා වූ උත්තමයන් කවුද?”

“පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම් වූ ආමිෂයට ගරු කරන, ආමිෂය දායාද කරගත්, ආමිෂය හා එක්ව වාසය කරන ශාස්තෘවරයෙක් ඉන්නවා. ඔහුට ද ‘අපට මේ විදිහට වෙනවා නම්, එතකොට එය අපි කරනවා. අපට මේ විදිහට නො වෙනවා නම්, එය අපි කරන්නෙ නැහැ’ කියල අගය අඩු වැඩි කිරීමකට පැමිණෙන්නෙ නැත්නම්, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා යනාදී යම් ආමිෂයක් ඇද්ද, සර්වප්‍රකාරයෙන් ම එයින් වෙන් වෙලා නො වේද වාසය කරන්නේ? එනිසා පින්වත් මහණෙනි, ශාස්තෘ ශාසනයෙහි හාත්පසින් ම නැගී සිටින්නා වූ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකු හට පිහිටිය යුතු අනුධර්මයක් තිබෙනවා. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වන සේක. මම් වනාහී ශ්‍රාවකයා වෙමි. භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මම් වනාහී නො දනිමි’ කියල යි.

පින්වත් මහණෙනි, ශාස්තෘ ශාසනය තුළ මුල් බැසගෙන වැඩෙන්නා වූ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකු හට එම ශාස්තෘ ශාසනයෙහි ඕජා සහිත වෙයි. පින්වත් මහණෙනි, ශාස්තෘ ශාසනය තුළ හාත්පසින් නැගී සිටින්නා වූ ශ්‍රාවකයෙකු ගේ අනුධර්මය මෙය යි. ‘ඒකාන්තයෙන් ම මේ ශරීරයෙහි සම ත්, නහර ත්, ඇට ත් ඉතුරු වේවා! මස් ලේ වියැලේවා! පුරුෂ ශක්තියකින්, පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක්‍රමයකින් යම් උතුම් අර්ථයක් ලබාගත යුතු ද, ඒ උතුම් අර්ථයට නො පැමිණ වීරියේ අත්හැරීමක් නො වන්නේ ය’ කියල යි.

පින්වත් මහණෙනි, ශාස්තෘ ශාසනයෙහි හාත්පසින් නැගී සිටින්නා වූ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකු හට ඵල දෙකක් අතුරෙන් එක්තරා ඵලයක් සාක්ෂාත් කිරීම ගැන කැමති විය යුතුය. එනම් මෙහිදී ම අවබෝධ කරන්නා වූ අරහත්වය හෝ කෙලෙස් ඉතුරු වූ කල්හි ලබන අනාගාමී බව යි.”

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

කීටාගිරිසුත්තං දසමං.

කීටාගිරි නියම් ගමේ දී වදාළ දෙසුම නිමා විය.

භික්ඛුවග්ගෝ දුතියෝ.

දෙවෙනි භික්ඛු වර්ගය යි.

තස්ස වග්ගස්ස උද්දානං

කුඤ්ජර රාහුල සස්සත ලෝකා මාලු‍ක්‍යපුත්තෝ ච භද්දාලි නාමෝ.
ඛුද්දදිජාථ සහම්පති යාචං නාලක රඤ්ඤීකිටාගිරිනාමෝ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M