මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.2. මහාරාහුලෝවාද සුත්තං

2.2.2. රාහුල හිමියන්ට වදාළ විස්තරාත්මක දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. ආයස්මාපි ඛෝ රාහුලෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධි. අථ ඛෝ භගවා අපලෝකෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්තරය ගෙන සැවැත් නුවර පිණ්ඩපාතයේ වැඩම කළා. ආයුෂ්මත් රාහුල භද්‍රයන් ද පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්තරය ද ගෙන භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් ගමන් කළා. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ ආපසු හැරී බලා ආයුෂ්මත් රාහුල භද්‍රයන් අමතා වදාළා.

යං කිඤ්චි රාහුල රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා සබ්බං තං රූපං නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තා’ති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති. රූපමේව නු ඛෝ භගවා, රූපමේව නු ඛෝ සුගතාති. රූපම්පි රාහුල, වේදනාපි රාහුල, සඤ්ඤාපි රාහුල, සංඛාරාපි රාහුල, විඤ්ඤාණම්පි රාහුලාති.

“පින්වත් රාහුල, අතීත වූත්, අනාගත වූත්, වර්තමාන වූත්, යම් කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උසස් වේවා, දුර තිබෙන්නා වූ යම් රූපයක් ඇද්ද, ළඟ තිබෙන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු ම රූප ‘මෙය මාගේ නොවේ, මෙය මම නො වෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින් ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි.”

“භාග්‍යවතුන් වහන්ස, රූපය විතරක් ම ද? සුගතයන් වහන්ස, රූපය විතරක් ම ද?” “පින්වත් රාහුල, රූපයත් අවබෝධ කළ යුතුයි. පින්වත් රාහුල, විඳීමත් අවබෝධ කළ යුතුයි. පින්වත් රාහුල, සඤ්ඤාවත් අවබෝධ කළ යුතුයි. පින්වත් රාහුල, සංස්කාරත් අවබෝධ කළ යුතුයි. පින්වත් රාහුල, විඤ්ඤාණයත් අවබෝධ කළ යුතුයි.”

අථ ඛෝ ආයස්මා රාහුලෝ ‘කෝනජ්ජ භගවතා සම්මුඛා ඕවාදේන ඕවදිතෝ ගාමං පිණ්ඩාය පවිසිස්සතී’ති. තතෝ පටිනිවත්තිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ නිසීදි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං රාහුලං අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ නිසින්නං පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන ආයස්මන්තං රාහුලං ආමන්තේසි: ආනාපානසතිං රාහුල භාවනං භාවේහි. ආනාපානසති රාහුල භාවනා භාවිතා බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසාති.

ඉතින් ආයුෂ්මත් රාහුල භද්‍රයන් “භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේගෙන් ම උපදෙස් ලබා ගෙන අද ගමට කවුරු නම් පිණ්ඩපාතේ වඩිනවා ද?” කියා පිඬු පිණිස නො ගොස් එහි ම නැවතී එක්තරා රුක් සෙවනක පලඟක් බැඳ වාඩි වුනා. කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගත්තා. එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ එක්තරා රුක්සෙවනක කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන පලඟක් බැඳ වාඩි වී සිටින ආයුෂ්මත් රාහුල භද්‍රයන්ව දැක්කා. දැකල ආයුෂ්මත් රාහුල භද්‍රයන් ඇමතුවා. “පින්වත් රාහුල, ආනාපානසති භාවනාව වඩන්න. පින්වත් රාහුල, ආනාපානසතිය වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත් මහත්ඵල යි මහානිසංස යි.

අථ ඛෝ ආයස්මා රාහුලෝ සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා රාහුලෝ භගවන්තං ඒතදවෝච: කථං භාවිතා නු ඛෝ භන්තේ ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසාති.

”එතකොට ආයුෂ්මත් රාහුලයන් සවස් වරුවේ භාවනාවෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව හිඳ ගත් ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, කොයි ආකාරයෙන් ආනාපානසතිය වැඩුවොත් ද, කොයි ආකාරයෙන් බහුල වශයෙන් වැඩුවොත් ද මහත්ඵල, මහානිසංස වන්නේ?”

යං කිඤ්චි රාහුල අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, සෙය්‍යථිදං: කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා පඨවීධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු පඨවීධාතුරේවේසා. තං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්ත’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවීධාතුයා නිබ්බින්දති. පඨවීධාතුයා චිත්තං විරාජේති.

“පින්වත් රාහුල, තමා කෙරෙහි පවතින්නා වූ, තමා ගේ යැයි සළකන යම්කිසි ගොරෝසු වූ තද බවට පැමිණි, සතර මහා භූතයන්ගෙන් හටගත් යමක් ඇද්ද, ඒ කියන්නෙ; කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙණහළු, කුඩා බඩවැල, මහා බඩවැල, ආමාශය, නො පැසුණු ආහාර, අසූචි ආදී වූ තවත් තමා කෙරෙහි පවතින්නා වූ, තමා ගේ යැයි සළකන යම්කිසි ගොරෝසු වූ, තද බවට පැමිණි, සතර මහා භූතයන්ගෙන් හටගත් දේවල් තමා තුළ ඇද්ද, පින්වත් රාහුල මෙයට තමයි තමා තුළ තිබෙන්නා වූ පඨවි ධාතුව කියා කියන්නේ. ඉතින් තමා තුළ තිබෙන්නා වූ යම් පඨවි ධාතුවක් ඇද්ද, බාහිර යම් පඨවි ධාතුවක් ඇද්ද, ඒ ඔක්කොම පඨවි ධාතු ම යි. ඒ පඨවි ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින් ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

පින්වත් රාහුල, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක විට පඨවි ධාතුව ගැන කලකිරීම ඇතිවෙනවා. පඨවි ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

කතමා ච රාහුල ආපෝධාතු: ආපෝධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච රාහුල අජ්ඣත්තිකා ආපෝධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නං, සෙය්‍යථිදං: පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා බේළෝ සිංඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නං, අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා ආපෝධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා ආපෝධාතු, යා ච බාහිරා ආපෝධාතු ආපෝධාතුරේවේසා. තං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපෝධාතුයා නිබ්බින්දති. ආපෝධාතුයා චිත්තං විරාජේති.

පින්වත් රාහුල, ආපෝ ධාතුව යනු කුමක් ද? අපෝ ධාතුව තමා තුළ ත් තියෙනවා. බාහිර ත් තියෙනවා. පින්වත් රාහුල, තමා තුළ තිබෙන්නා වූ ආපෝ ධාතුව කුමක් ද? තමා කෙරෙහි පවත්නා වූ, තමා ගේ යැයි සළකන යම් වැගිරෙන දෙයක් ඇද්ද, වැගිරීමට පත් වෙන දෙයක් ඇද්ද, මහා භූතයන් ගෙන් හටගත් දෙයක් ඇද්ද ඒ කියන්නෙ; පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිඳුළු, මූත්‍රා. ඒ වගේ ම තවත් යම්කිසි තමා තුළ පවතින්නා වූ, තමා ගේ යැයි සළකන වැගිරෙන දෙයක් ඇද්ද, වැගිරීමට පත් වෙන දෙයක් ඇද්ද, මහා භූතයන් ගෙන් හටගත් දෙයක් ඇද්ද පින්වත් රාහුල, මෙයට කියන්නෙ තමා තුළ පවතින ආපෝ ධාතුව කියල යි. තමා තුළ පවතින්නා වූ යම් ආපෝ ධාතුවක් ඇද්ද, බාහිර යම් ආපෝ ධාතුවක් ඇද්ද, මේ සෑම දෙයක් ම ආපෝ ධාතුව ම යි. ඉතින් ඒ ආපෝ ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින් ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

පින්වත් රාහුල ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක විට ආපෝ ධාතුව ගැන කලකිරීම ඇතිවෙනවා. ආපෝ ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

කතමා ච රාහුල තේජෝධාතු: තේජෝධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච රාහුල අජ්ඣත්තිකා තේජෝධාතු: යං අජ්ඣත්තං පච්චත්තං තේජෝ තේජෝගතං උපාදින්නං, සෙය්‍යථිදං: යේන ච සන්තප්පති, යේන ච ජිරීයති, යේන ච පරිඩය්හති, යේන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තේජෝ තේජෝගතං උපාදින්නං, අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා තේජෝධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා තේජෝධාතු, යා ච බාහිරා තේජෝධාතු, තේජෝධාතුරේවේසා. තං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තේජෝධාතුයා නිබ්බින්දති. තේජෝධාතුයා චිත්තං විරාජේති.

පින්වත් රාහුල, තේජෝ ධාතුව යනු කුමක් ද? තේජෝ ධාතුව තමා තුළ ත් තියෙනවා. බාහිර ත් තියෙනවා. පින්වත් රාහුල, තමා තුළ තිබෙන්නා වූ තේජෝ ධාතුව කුමක් ද? තමා කෙරෙහි පවතින්නා වූ, තමා ගේ යැයි සළකන යම් උණුසුම් ස්වභාවයක්, උණුසුම් බවට පැමිණීමක්, මහාභූතයන් ගෙන් සකස් වීමක් ඇද්ද, ඒ කියන්නෙ; යම් තේජෝ ධාතුවකින් මේ කය රත් වෙයි ද, යම් තේජෝ ධාතුවකින් මේ කය දිරා යයි ද, යම් තේජෝ ධාතුවකින් මේ කය දැවී යයි ද, යම් තේජෝ ධාතුවකින් බුදින ලද – පානය කරන ලද – අනුභව කරන ලද – රස විඳින ලද ආහාර පාන ආදිය දිරවයි ද, ඒ වගේ ම තමා තුළ පවතින්නා වූ, තමා ගේ යැයි සළකන තවත් යම් උණුසුම් ස්වභාවයක් ඇද්ද, උණුසුම් බවට පත් වීමක් ඇද්ද, මහාභූතයන් ගේ සකස් වීමක් ඇද්ද, පින්වත් රාහුල, මෙයට තමයි තමා තුළ පවතින තේජෝ ධාතුව කියා කියන්නේ. ඉතින් තමා තුළ පවතින්නා වූ යම් තේජෝ ධාතුවක් ඇද්ද, බාහිර යම් තේජෝ ධාතුවක් ඇද්ද, මේ සෑම දෙයක් ම තේජෝ ධාතුව ම යි. ඉතින් ඒ තේජෝ ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින් ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

පින්වත් රාහුල, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක විට තේජෝ ධාතුව ගැන කලකිරීම ඇතිවෙනවා. තේජෝ ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

කතමා ච රාහුල වායෝධාතු: වායෝධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල අජ්ඣත්තිකා වායෝධාතු: යං අජ්ඣත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදින්නං, සෙය්‍යථිදං: උද්ධංගමා වාතා අධෝගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨසයා වාතා අංගමංගානුසාරිනෝ වාතා අස්සාසෝ පස්සාසෝ ඉති. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදින්නං, අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා වායෝධාතු යා චේව ඛෝ පන අජ්ඣත්තිකා වායෝධාතු, යා ච බාහිරා වායෝධාතු, වායෝධාතුරේවේසා. තං නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තාති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායෝධාතුයා නිබ්බින්දති. වායෝධාතුයා චිත්තං විරාජේති.

පින්වත් රාහුල, වායෝ ධාතුව යනු කුමක් ද? වායෝ ධාතුව තමා තුළ ත් තියෙනවා. බාහිර ත් තියෙනවා. පින්වත් රාහුල, තමා තුළ තිබෙන්නා වූ වායෝ ධාතුව කුමක් ද? තමා තුළ තිබෙන්නා වූ, තමා ගේ යැයි සළකන යම් වායු ස්වභාවයක් ඇද්ද, වායු ස්වභාවයට පත් වීමක් ඇද්ද, මහා භූතයන් ගෙන් හටගත් බවක් ඇද්ද ඒ කියන්නෙ; උඩුඅතට නැගෙන වාතය, යටිඅතට යන වාතය, කුසෙහි තිබෙන්නා වූ වාතය, ඒ ඒ කොටස් තුළ තිබෙන්නා වූ වාතය, ශරීර අවයව පුරා සැරිසරන්නා වූ වාතය, ආශ්වාස-ප්‍රශ්වාස යනාදිය යි. ඉතින් තමා තුළ තිබෙන්නා වූ, තමා ගේ යැයි සළකන වෙනත් යම් කිසි වායු ස්වභාවයක්, වායු බවට පත් වීමක්, මහා භූතයන්ගෙන් හටගත් බවක් ඇද්ද, පින්වත් රාහුල, මෙයට කියන්නේ වායෝ ධාතුව කියල යි. තමා තුළ තිබෙන්නා වූ යම් වායෝ ධාතුවක් ඇද්ද, බාහිර තිබෙන්නා වූ යම් වායෝ ධාතුවක් ඇද්ද, ඒ සෑම දෙයක් ම වායෝ ධාතුව ම යි. ඉතින් ඒ වයෝ ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින් ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

පින්වත් රාහුල, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක විට වායෝ ධාතුව ගැන කලකිරීම ඇතිවෙනවා. වායෝ ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

කතමා ච රාහුල ආකාසධාතු: ආකාසධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල අජ්ඣත්තිකා ආකාසධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්‍යථිදං: කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං, යේන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣෝහරති යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යේන ච අසිතපීතඛායිතසායිතං අධෝභාගා නික්ඛමති. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා ආකාසධාතු. යා චේව ඛෝ පන අජ්ඣත්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු, ආකාසධාතුරේවේසා. තං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාසධාතුයා නිබ්බින්දති. ආකාසධාතුයා චිත්තං විරාජේති.

පින්වත් රාහුල, ආකාස ධාතුව යනු කුමක් ද? ආකාස ධාතුව තමා තුළ ත් තියෙනවා. බාහිර ත් තියෙනවා. පින්වත් රාහුල, තමා තුළ තිබෙන්නා වූ ආකාස ධාතුව කුමක් ද? තමා තුළ තිබෙන්නා වූ, තමා ගේ යැයි සළකන අවකාශයක් (යමක් සඳහා ඇති ඉඩකඩ) ඇද්ද, අවකාශයකට පත්වන බවක් ඇද්ද, මහා භූතයන් ගෙන් සකස් වූ බවක් ඇද්ද, ඒ කියන්නෙ; කන් සිදුර, නාස් සිදුර, මුඛ ද්වාරය, කන බොන දේවල් – පානය, කරන අනුභව කරන දේවල් යම් මාර්ගයකින් ශරීරයට ඇතුල් වීමක් ඇද්ද, ඒ වගේ ම කන බොන දේවල් – පානය කරන, අනුභව කරන දේවල් යම් අවකාශයක රඳා සිටීමක් ඇද්ද, ඒ වගේ ම කන බොන දේවල් – පානය කරන, අනුභව කරන දේවල් යම් මාර්ගයකින් පහළට නික්මීමක් ඇද්ද, ඒ වගේ ම තමා තුළ තිබෙන්නා වූ, තමා ගේ යැයි සළකන්නා වූ තවත් යම්කිසි අවකාශයක් ඇද්ද, අවකාශයකට පත් වීමක් ඇද්ද, මහා භූතයන්ගෙන් සකස් වූ බවක් ඇද්ද, පින්වත් රාහුල, මෙයට කියන්නේ ආකාස ධාතුව කියල යි.

තමා තුළ තිබෙන්නා වූ යම් ආකාස ධාතුවක් ඇද්ද, බාහිර තිබෙන්නා වූ යම් ආකාස ධාතුවක් ඇද්ද, ඒ සෑම දෙයක් ම ආකාස ධාතුව ම යි. ඉතින් ඒ ආකාස ධාතුව ‘මෙය මගේ නොවේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ කියා දියුණු කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින් ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

පින්වත් රාහුල, ඔය විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක විට ආකාස ධාතුව ගැන කලකිරීම ඇතිවෙනවා. ආකාස ධාතුව කෙරෙහි සිතෙහි ඇල්ම නැතිව යනවා.

පඨවීසමං රාහුල භාවනං භාවේහි. පඨවීසමං හි තේ රාහුල භාවනං භාවයතෝ උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි රාහුල පථවියා සුචිම්පි නික්ඛිපන්ති, අසුචිම්පි නික්ඛිපන්ති, ගූථගතම්පි නික්ඛිපන්ති, මුත්තගතම්පි නික්ඛිපන්ති, ඛේළගතම්පි නික්ඛිපන්ති, පුබ්බගතම්පි නික්ඛිපන්ති, ලෝහිතගතම්පි නික්ඛිපන්ති. න ච තේන පඨවී අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා ඒවමේව ඛෝ ත්වං රාහුල පඨවීසමං භාවනං භාවේහි. පඨවීසමං හි තේ රාහුල භාවනං භාවයතෝ උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.

පින්වත් රාහුල, පොළොව වගේ සමාන වීමට භාවනා කරන්න. පින්වත් රාහුල, පොළොව වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනාව වඩනවා නම් උපන් මනාප අමනාප ස්පර්ශයන් සිත යටකරගෙන යන්නෙ නෑ. පින්වත් රාහුල, මහ පොළොවට පිරිසිදු දේවලුත් දානවා. අපිරිසිදු දේවලුත් දානවා. අසූචි ත් දානවා. මූත්‍රා ත් දානවා. කෙළ ත් ගසනවා. සැරව ත් දමනවා. ලේ ත් දමනවා. නමුත් ඒ කිසිවකින් පොළොව කම්පා වෙන්නෙ නෑ. ලැජ්ජා වෙන්නෙ නෑ. පිළිකුල් කරන්නෙ නෑ. අන්න ඒ විදිහට ම පින්වත් රාහුල, පොළොවේ ගති ගුණ වලට සමානව භාවනා කරන්න. පොළොවේ ගතිගුණ වලට සමානව භාවනා කරද්දි උපන් මනාප අමනාප ස්පර්ශයන් ඔබ ගේ සිත යටකරගෙන යන්නෙ නෑ.

ආපෝසමං රාහුල භාවනං භාවේහි, ආපෝසමං හි තේ රාහුල භාවනං භාවයතෝ උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි රාහුල ආපස්මිං සුචිම්පි ධෝවන්ති, අසුචිම්පි ධෝවන්ති, ගූථගතම්පි ධෝවන්ති, මුත්තගතම්පි ධෝවන්ති, ඛේළගතම්පි ධෝවන්ති, පුබ්බගතම්පි ධෝවන්ති, ලෝහිතගතම්පි ධෝවන්ති. න ච තේන ආපෝ අට්ටීයති වා, හරායති වා, ජිගුච්ඡති වා. ඒවමේව ඛෝ ත්වං රාහුල ආපෝසමං භාවනං භාවේහි. ….(පෙ)…. ඨස්සන්ති.

පින්වත් රාහුල, ජලය වගේ සමාන වීමට භාවනා කරන්න. පින්වත් රාහුල, ජලය වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනාව වඩනවා නම් උපන් මනාප අමනාප ස්පර්ශයන් සිත යටකරගෙන යන්නෙ නෑ. පින්වත් රාහුල, ජලයට පිරිසිදු දේවලුත් දානවා. අපිරිසිදු දේවලුත් දානවා. අසූචි ත් දානවා. මූත්‍රා ත් දානවා. කෙළ ත් ගසනවා. සැරව ත් දමනවා. ලේ ත් දමනවා. නමුත් ඒ කිසිවකින් ජලය කම්පා වෙන්නෙ නෑ. ලැජ්ජා වෙන්නෙ නෑ. පිළිකුල් කරන්නෙ නෑ. අන්න ඒ විදිහට ම පින්වත් රාහුල, ජලයේ ගති ගුණ වලට සමානව භාවනා කරන්න. ජලයේ ගතිගුණ වලට සමානව භාවනා කරද්දි උපන් මනාප අමනාප ස්පර්ශයන් ඔබ ගේ සිත යටකරගෙන යන්නෙ නෑ.

තේජෝසමං රාහුල භාවනං භාවේහි, තේජෝසමං හි තේ රාහුල භාවනං භාවයතෝ උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි රාහුල තේජෝ සුචිම්පි ඩහති, අසුචිම්පි ඩහති, ගූථගතම්පි ඩහති, මුත්තගතම්පි ඩහති, ඛේළගතම්පි ඩහති, පුබ්බගතම්පි ඩහති, ලෝහිතගතම්පි ඩහති. න ච තේන තේජෝ අට්ටීයති වා, හරායති වා, ජිගුච්ඡති වා. ඒවමේව ඛෝ ත්වං රාහුල තේජෝසමං භාවනං භාවේහි. ….(පෙ)…. ඨස්සන්ති.

පින්වත් රාහුල, ගින්න වගේ සමාන වීමට භාවනා කරන්න. පින්වත් රාහුල, ගින්න වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනාව වඩනවා නම් උපන් මනාප අමනාප ස්පර්ශයන් සිත යටකරගෙන යන්නෙ නෑ. පින්වත් රාහුල, ගින්නෙහි පිරිසිදු දේවලුත් දවනවා. අපිරිසිදු දේවලුත් දවනවා. අසූචි ත් දවනවා. මූත්‍රා ත් දවනවා. කෙළ ත් දවනවා. සැරව ත් දවනවා. ලේ ත් දවනවා. නමුත් ඒ කිසිවකින් ගින්න කම්පා වෙන්නෙ නෑ. ලැජ්ජා වෙන්නෙ නෑ. පිළිකුල් කරන්නෙ නෑ. අන්න ඒ විදිහට ම පින්වත් රාහුල, ගින්නේ ගති ගුණ වලට සමානව භාවනා කරන්න. ගින්නේ ගතිගුණ වලට සමානව භාවනා කරද්දි උපන් මනාප අමනාප ස්පර්ශයන් ඔබ ගේ සිත යටකරගෙන යන්නෙ නෑ.

වායෝසමං රාහුල භාවනං භාවේහි, වායෝසමං හි තේ රාහුල භාවනං භාවයතෝ උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි රාහුල වායෝ සුචිම්පි උපවායති, අසුචිම්පි උපවායති, ගූථගතම්පි උපවායති, මුත්තගතම්පි උපවායති, ඛේළගතම්පි උපවායති, පුබ්බගතම්පි උපවායති, ලෝහිතගතම්පි උපවායති. න ච තේන වායෝ අට්ටීයති වා, හරායති වා, ජිගුච්ඡති වා. ඒවමේව ඛෝ ත්වං රාහුල වායෝසමං භාවනං භාවේහි. ….(පෙ)…. ඨස්සන්ති.

පින්වත් රාහුල, සුළඟ වගේ සමාන වීමට භාවනා කරන්න. පින්වත් රාහුල, සුළඟ වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනාව වඩනවා නම් උපන් මනාප අමනාප ස්පර්ශයන් සිත යටකරගෙන යන්නෙ නෑ. පින්වත් රාහුල, සුළඟ පිරිසිදු දේවල් කරා ත් හමනවා. අපිරිසිදු දේවල් කරා ත් හමනවා. අසූචි කරා ත් හමනවා. මූත්‍රා කරා ත් හමනවා. කෙළ කරා ත් හමනවා. සැරව කරාත් හමනවා. ලේ කරා ත් හමනවා. නමුත් ඒ කිසිවකින් සුළඟ කම්පා වෙන්නෙ නෑ. ලැජ්ජා වෙන්නෙ නෑ. පිළිකුල් කරන්නෙ නෑ. අන්න ඒ විදිහට ම පින්වත් රාහුල, සුළඟේ ගති ගුණ වලට සමානව භාවනා කරන්න. සුළඟේ ගතිගුණ වලට සමානව භාවනා කරද්දි උපන් මනාප අමනාප ස්පර්ශයන් ඔබ ගේ සිත යටකරගෙන යන්නෙ නෑ.

ආකාසසමං රාහුල භාවනං භාවේහි. ආකාසසමං හි තේ රාහුල භාවනං භාවයතෝ උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි රාහුල ආකාසෝ න කත්ථචි පතිට්ඨිතෝ, ඒවමේව ඛෝ ත්වං රාහුල ආකාසසමං භාවනං භාවේහි. ආකාසසමං හි තේ රාහුල භාවනං භාවයතෝ උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.

පින්වත් රාහුල, ආකාසය වගේ සමාන වීමට භාවනා කරන්න. පින්වත් රාහුල, ආකාසය වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනාව වඩනවා නම් උපන් මනාප අමනාප ස්පර්ශයන් සිත යටකරගෙන යන්නෙ නෑ. පින්වත් රාහුල, ආකාසය කියන්නෙ කොතනකවත් ස්ථිරව පිහිටි දෙයක් නො වෙයි. අන්න ඒ විදිහට ම පින්වත් රාහුල, ආකාසයේ ගති ගුණ වලට සමානව භාවනා කරන්න. ආකාසයේ ගතිගුණ වලට සමානව භාවනා කරද්දි උපන් මනාප අමනාප ස්පර්ශයන් ඔබ ගේ සිත යටකරගෙන යන්නෙ නෑ.

මෙත්තං රාහුල භාවනං භාවේහි. මෙත්තං හි තේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝ සෝ පහීයිස්සති. කරුණං රාහුල භාවනං භාවේහි. කරුණං හි තේ රාහුල භාවනං භාවයතෝ යා විහේසා සා පහීයිස්සති. මුදිතං රාහුල භාවනං භාවේහි. මුදිතං හි තේ රාහුල භාවනං භාවයතෝ යා අරති සා පහීයිස්සති. උපෙක්ඛං රාහුල භාවනං භාවේහි. උපෙක්ඛං හි තේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිඝෝ සෝ පහීයිස්සති.

පින්වත් රාහුල, මෛත්‍රී භාවනාව වඩන්න. පින්වත් රාහුල, මෛත්‍රී භාවනාව වඩද්දී ඔබ තුළ යම් තරහක් තිබෙනවා නම්, එය ප්‍රහීණ වෙලා යාවි. පින්වත් රාහුල, කරුණා භාවනාව වඩන්න. පින්වත් රාහුල, කරුණා භාවනාව වඩද්දී ඔබ තුළ යම් හිංසාකාරී අදහස් තිබෙනවා නම්, එය ප්‍රහීණ වෙලා යාවි. පින්වත් රාහුල, මුදිතා භාවනාව වඩන්න. පින්වත් රාහුල, මුදිතා භාවනාව වඩද්දී ඔබ තුළ යම් අරතියක් තිබෙනවා නම්, එය ප්‍රහීණ වෙලා යාවි. පින්වත් රාහුල, උපේක්ෂා භාවනාව වඩන්න. පින්වත් රාහුල, උපේක්ෂා භාවනාව වඩද්දී ඔබ තුළ යම් පටිඝයක් තිබෙනවා නම්, එය ප්‍රහීණ වෙලා යාවි.

අසුභං රාහුල භාවනං භාවේහි. අසුභං හි තේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝ සෝ පහීයිස්සති. අනිච්චසඤ්ඤං රාහුල භාවනං භාවේහි. අනිච්චසඤ්ඤං හි තේ රාහුල භාවනං භාවයතෝ යෝ අස්මිමානෝ සෝ පහීයිස්සති.

පින්වත් රාහුල, අසුභ භාවනාව වඩන්න. පින්වත් රාහුල, අසුභ භාවනාව වඩද්දී ඔබ තුළ යම් රාගයක් තිබෙනවා නම්, එය ප්‍රහීණ වෙලා යාවි. පින්වත් රාහුල, අනිත්‍ය සඤ්ඤා භාවනාව වඩන්න. පින්වත් රාහුල, අනිත්‍ය සඤ්ඤා භාවනාව වඩද්දී ඔබ තුළ තමන් ගැන යම් මාන්නයක් තිබෙනවා නම්, එය ප්‍රහීණ වෙලා යාවි.

ආනාපානසතිං රාහුල භාවනං භාවේහි. ආනාපානසති රාහුල භාවිතා බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා. කථං භාවිතා ච රාහුල ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා: ඉධ රාහුල භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති, දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති, සබ්බකායපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති, පීතිපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, පීතිපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, සුඛපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති, චිත්තසංඛාරපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තසංඛාරපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, විමෝචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, විමෝචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරෝධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. ඒවං භාවිතා ඛෝ රාහුල ආනාපානසති ඒවං බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා. ඒවං භාවිතාය ඛෝ රාහුල ආනාපානසතියා ඒවං බහුලීකතාය යේපි තේ චරිමකා අස්සාසපස්සාසා තේපි විදිතාව නිරුජ්ඣන්ති නෝ අවිදිතාති.

පින්වත් රාහුල, ආනාපානසති භාවනාව වඩන්න. පින්වත් රාහුල, ආනාපානසති භාවනාව බහුල වශයෙන් වැඩුවොත් මහත්ඵල යි, මහානිසංස යි.

පින්වත් රාහුල, කොයි ආකාරයට ආනාපානසතිය වැඩුවොත් ද, කොයි ආකාරයට බහුල වශයෙන් වැඩුවොත් ද, මහත්ඵල මහානිසංස වන්නේ? පින්වත් රාහුල, මෙහිලා භික්ෂුව වන සෙනසුනකට යනවා. එහෙමත් නැත්නම්, රුක්සෙවනකට යනවා. එහෙමත් නැත්නම් පාළු තැනකට යනවා. ගිහින් කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන, පළඟක් බැඳගෙන වාඩි වෙනවා. ඉතින් ඒ භික්ෂුව සිහියෙන් ම හුස්ම ගන්නවා. සිහියෙන් ම හුස්ම හෙලනවා.

දීර්ඝව ආශ්වාස කරද්දි, දීර්ඝව ආශ්වාස කරන බව දැනගන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරද්දි, දීර්ඝව ප්‍රශ්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ආශ්වාස කරද්දි, කෙටියෙන් ආශ්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ප්‍රශ්වාස කරද්දි, කෙටියෙන් ප්‍රශ්වාස කරන බව දැනගන්නවා. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සංවේදී වෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සංවේදී වෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.

ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සැපය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සැපය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සඤ්ඤා වේදනා නම් වූ චිත්ත සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.

සිත ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත විශේෂයෙන් ප්‍රමුදිත කරමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත විශේෂයෙන් ප්‍රමුදිත කරමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත තැන්පත් කරගනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත තැන්පත් කරගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත අකුසල් වලින් මුදවා ගනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. සිත අකුසල් වලින් මුදවා ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.

අනිත්‍යය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. අනිත්‍යය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. නො ඇලෙන ස්වභාවය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. නො ඇලෙන ස්වභාවය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම නිරුද්ධ වී යන අයුරු බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම නිරුද්ධ වී යන අයුරු බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම මුලුමනින් ම බැහැර වී යන අයුරු බලමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා. ඇල්ම මුලුමනින් ම බැහැර වී යන අයුරු බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙනවා.

පින්වත් රාහුල, මේ අයුරින් වඩන ලද, මේ අයුරින් බහුල කරන ලද, ආනාපානසති භාවනාව මහත්ඵල යි, මහානිසංස යි. පින්වත් රාහුල, මේ අයුරින් වඩන ලද, මේ අයුරින් බහුල කරන ලද ආනාපානසතිය නිසා ඔහු ගේ අවසාන ආශ්වාස ප්‍රශ්වාස ඇද්ද, එය පවා දැනගෙන ම යි නිරුද්ධ වන්නේ, නො දැන නම් නොවේ.

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල භද්‍රයන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාරාහුලෝවාදසුත්තං දුතියං.

රාහුල හිමියන්ට වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M