මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.2.1. අම්බලට්ඨික රාහුලෝවාද සුත්තං

2.2.1. අම්බලට්ඨිකාවේදී රාහුල හිමියන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්මා රාහුලෝ අම්බලට්ඨිකායං විහරති. අථ ඛෝ භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන අම්බලට්ඨිකා යේනායස්මා රාහුලෝ තේනුපසංකමි. අද්දසා ඛෝ ආයස්මා රාහුලෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපේසි උදකඤ්ච පාදානං. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ පාදේ පක්ඛාලේසි. ආයස්මාපි ඛෝ රාහුලෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන් ගේ අභයභූමිය වූ වේළුවනයේ. ඒ දිනවල ආයුෂ්මත් රාහුලයන් වහන්සේ ද වාසය කළේ අම්බලට්ඨිකාවේ. එදා සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට වදාළ භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි සිටි ආයුෂ්මත් රාහුලයන් වෙත වැඩමවා වදාළා. ආයුෂ්මත් රාහුලයන් දුරින් ම වඩිනා භාග්‍යවතුන් වහන්සේ දැක්කා. දැක ආසනයක් පැණෙව්වා. පා දෝවනයට දිය බඳුනක් තිබ්බා. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩසිටියා. වැඩ හිඳ සිරිපා යුගල දෝවනය කළා. ආයුෂ්මත් රාහුල භද්‍රයන් ද භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා.

අථ ඛෝ භගවා පරිත්තං උදකාවසේසං උදකාධානේ ඨපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි ‘පස්සසි නෝ ත්වං රාහුල ඉමං පරිත්තං උදකාවසේසං උදකාධානේ ඨපිත’න්ති. ඒවං භන්තේ, ඒවං පරිත්තං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජාති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිය බඳුනෙහි මදක් ඉතිරි වූ දිය ස්වල්පයක් තබා ආයුෂ්මත් රාහුලයන් අමතා වදාළා. “පින්වත් රාහුල, ඔබ මේ ස්වල්පයක් වූ ඉතිරි වී තිබෙන ජලයෙන් යුතු දිය බඳුන දකිනවා නේ ද?” “එසේය ස්වාමීනී” “පින්වත් රාහුල, එලෙසින් ම යම් කෙනෙක් දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහු ගේ ශ්‍රමණ ධර්මයත් ඉතාමත් ස්වල්ප යි.

අථ ඛෝ භගවා තං පරිත්තං උදකාවසේසං ඡඩ්ඩෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි පස්සසි නෝ ත්වං රාහුල තං පරිත්තං උදකාවසේසං ඡඩ්ඩිත’න්ති. ඒවං භන්තේති. ඒවං ඡඩ්ඩිතං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජාති.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වල්ප වූ ජලය දිය බඳුනින් බැහැර කොට ආයුෂ්මත් රාහුලයන් අමතා වදාළා. “පින්වත් රාහුල, ඔබට මේ ස්වල්ප වූ ජලය ඉවතට වීසි කරන ලද දිය බඳුන පෙනෙනවා නේ ද?” “එසේය ස්වාමීනී” “පින්වත් රාහුල, එලෙසින් ම යම් කෙනෙක් දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහු ගේ ශ්‍රමණ ධර්මයත් බැහැරට වීසි කරල යි තියෙන්නෙ.”

අථ ඛෝ භගවා තං උදකාධානං නික්කුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි පස්සසි නෝ ත්වං රාහුල ඉමං උදකාධානං නික්කුජ්ජිත’න්ති. ඒවං භන්තේ, ඒවං නික්කුජ්ජිතං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං, යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජාති.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන මුනින් අතට නවා තබා ආයුෂ්මත් රාහුලයන් අමතා වදාළා. “පින්වත් රාහුල, ඔබට මේ මුනින් අතට නවන ලද දිය බඳුන පෙනෙනවා නේ ද?” “එසේය ස්වාමීනී” “පින්වත් රාහුල, එලෙසින් ම යම් කෙනෙක් දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහු ගේ ශ්‍රමණ ධර්මයත් මුනින් අතට නවල යි තියෙන්නෙ.”

අථ ඛෝ භගවා තං උදකාධානං උක්කුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි. පස්සසි නෝ ත්වං රාහුල ඉමං උදකාධානං රිත්තං තුච්ඡන්ති. ඒවං භන්තේ. ඒවං රිත්තං තුච්ඡං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජාති.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන උඩු අතට හරවා තබා ආයුෂ්මත් රාහුලයන් අමතා වදාළා. “පින්වත් රාහුල, ඔබට මේ උඩු අතට හරවන ලද හිස් දිය බඳුන පෙනෙනවා නේ ද?” “එසේය ස්වාමීනී” “පින්වත් රාහුල, එලෙසින් ම යම් කෙනෙක් දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහු ගේ ශ්‍රමණ ධර්මයත් හිස් වූ කිසිවක් නැති දෙයක්.”

සෙය්‍යථාපි රාහුල රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බූළ්හවා අභිජාතෝ සංගාමාවචරෝ. සෝ සංගාමගතෝ පුරිමේහිපි පාදේහි කම්මං කරෝති, පච්ඡිමේහිපි පාදේහි කම්මං කරෝති, පුරිමේනපි කායේන කම්මං කරෝති, පච්ඡිමේනපි කායේන කම්මං කරෝති, සීසේනපි කම්මං කරෝති, කණ්ණේහිපි කම්මං කරෝති, දන්තේහිපි කම්මං කරෝති, නංගුට්ඨේනපි කම්මංකරෝති, රක්ඛතේව සොණ්ඩං. තත්ථ හත්ථාරෝහස්ස ඒවං හෝති: අයං ඛෝ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බූළ්හවා අභිජාතෝ සංගාමාවචරෝ සංගාමගතෝ පුරිමේහිපි පාදේහි කම්මං කරෝති, පච්ඡිමේහිපි පාදේහි කම්මං කරෝති, පුරිමේනපි කායේන කම්මං කරෝති, පච්ඡිමේනපි කායේන කම්මං කරෝති, සීසේනපි කම්මං කරෝති, කණ්ණේහිපි කම්මං කරෝති, දන්තේහිපි කම්මං කරෝති, නංගුට්ඨේනපි කම්මංකරෝති, රක්ඛතේව සොණ්ඩං, අපරිච්චත්තං ඛෝ රඤ්ඤෝ නාගස්ස ජීවිතන්ති. යතෝ ඛෝ රාහුල රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බූළ්හවා අභිජාතෝ සංගාමාවචරෝ සංගාමගතෝ ….(පෙ)…. නංගුට්ඨේනපි කම්මං කරෝති. සොණ්ඩායපි කම්මං කරෝති. තත්ථ හත්ථාරෝහස්ස ඒවං හෝති: අයං ඛෝ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බූළ්හවා අභිජාතෝ සංගාමාවචරෝ සංගාමගතෝ ….(පෙ) නංගුට්ඨේනපි කම්මං කරෝති. සොණ්ඩායපි කම්මං කරෝති. පරිච්චත්තං ඛෝ රඤ්ඤෝ නාගස්ස ජීවිතං, නත්ථි දානි කිඤ්චි රඤ්ඤෝ නාගස්ස කරණීයන්ති. ඒවමේව ඛෝ රාහුල යස්ස කස්සචි සම්පජානමුසාවාදේ නත්ථි ලජ්ජා, නාහං තස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි. තස්මාතිහ රාහුල හස්සාපි න මුසා භණිස්සාමී’ති ඒවං හි තේ රාහුල සික්ඛිතබ්බං.

“පින්වත් රාහුල, රජ කෙනෙකුට විශාලෙට වැඩුණු දළ ඇති, විශාල සිරුරක් ඇති, බලසම්පන්න උපතක් ඇති මහා හස්තිරාජයෙක් ඉන්නවා. ඉතින් ඒ ඇත් රජා යුද්දෙට යනවා. ඒ යුද බිමේ දී ඉදිරි පා වලිනුත් වැඩ කරනවා. පසු පා වලිනුත් වැඩකරනවා. ඉදිරි කයෙනුත් වැඩකරනවා. පසු කයෙනුත් වැඩකරනවා. ඔලුවෙනුත් වැඩකරනවා. කන් වලිනුත් වැඩකරනවා. දළ දෙකෙනුත් වැඩ කරනවා. නඟුටෙනුත් වැඩකරනවා. ඒ වුනාට සොඬවැල ආරක්ෂා කරගන්නවා. එතකොට ඇත්ගොව්වාට මෙහෙම හිතෙනවා. ‘විශාල දළ ඇති, වැඩුණු සිරුරු ඇති, ශ්‍රේෂ්ඨ උපතක් ඇති මේ රාජකීය හස්තිරාජයා යුද්දෙට ඇවිදින් ඉන්නෙ. යුද බිමේ දී මේ ඇත් රජා ඉදිරි පා වලිනුත් වැඩ කරනවා. පසු පා වලිනුත් වැඩකරනවා. ඉදිරි කයෙනුත් වැඩකරනවා. පසු කයෙනුත් වැඩකරනවා. ඔලුවෙනුත් වැඩකරනවා. කන් වලිනුත් වැඩකරනවා. දළ දෙකෙනුත් වැඩ කරනවා. නඟුටෙනුත් වැඩකරනවා. ඒ වුනාට සොඬවැල විතරක් ආරක්ෂා කරගෙන ඉන්නවා. මේ ඇත් රජා ගේ ජීවිතය රජු වෙනුවෙන් පරිත්‍යාග කරල නෑ’ කියල.

පින්වත් රාහුල යම් වෙලාවක ඒ විශාල දළ ඇති, විශාල සිරුරක් ඇති, බලසම්පන්න උපතක් ඇති මහා හස්තිරාජයා යුද බිමට ඇවිත් ඒ යුද බිමේ දී ඉදිරි පා වලිනුත් වැඩ කරනවා ද ….(පෙ)…. නඟුටෙනුත් වැඩකරනවා. ඒ වගේ ම සොඬවැලෙනුත් වැඩකරනවා ද එතකොට ඇත්ගොව්වාට මෙහෙම හිතෙනවා. ‘විශාල දළ ඇති, වැඩුණු සිරුරු ඇති, ශ්‍රේෂ්ඨ උපතක් ඇති මේ රාජකීය හස්තිරාජයා යුද්දෙට ඇවිදින් ඉන්නෙ. යුද බිමේ දී ….(පෙ)…. නඟුටෙනුත් වැඩකරනවා. සොඬවැලෙනුත් වැඩකරනවා ද මේ ඇත් රාජා ගේ ජීවිතය රජු වෙනුවෙන් පරිත්‍යාග කරල යි තියෙන්නෙ’ කියල. එතකොට මේ ඇත් රජා විසින් රජු වෙනුවෙන් වෙන කළ යුතු දෙයක් නෑ.

අන්න ඒ වගේ පින්වත් රාහුල, යම් කිසි කෙනෙකුට දැන දැන බොරු කියන්නට ලැජ්ජාවක් නැද්ද, ඔහුට නො කළ හැකි පාපයක් නැහැ කියල යි මං කියන්නෙ. එනිසා පින්වත් රාහුල, විහිළුවකටවත් බොරු කියන්නෙ නම් නෑ කියල ඔය විදිහට යි පින්වත් රාහුල, ඔබ පුහුණු විය යුත්තේ.

තං කිං මඤ්ඤසි රාහුල කිමත්ථියෝ ආදාසෝති. පච්චවෙක්ඛනත්ථෝ භන්තේති. ඒවමේව ඛෝ රාහුල පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායේන කම්මං කාතබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කාතබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනසා කම්මං කාතබ්බං.

පින්වත් රාහුල, මේ ගැන කුමක් ද සිතන්නේ? කණ්ණාඩියකින් තිබෙන්නේ කුමන ප්‍රයෝජනයක් ද?” “ස්වාමීනී, හොඳින් විමසා බැලීම ප්‍රයෝජන කොට යි තියෙන්නෙ.” “පින්වත් රාහුල, ඒ අයුරින් ම හොඳින් විමසා බලා, හොඳින් විමසා බලා තමයි කයින් ක්‍රියාවක් කළ යුත්තේ. හොඳින් විමසා බලා, හොඳින් විමසා බලා තමයි වචනයෙන් ක්‍රියාවක් කළ යුත්තේ. හොඳින් විමසා බලා, හොඳින් විමසා බලා තමයි මනසින් ක්‍රියාවක් කළ යුත්තේ.

යදේව ත්වං රාහුල කායේන කම්මං කත්තුකාමෝ අහෝසි තදේව තේ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං කායේන කම්මං කත්තුකාමෝ, ඉදං මේ කායකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං කායේන කම්මං කත්තුකාමෝ ඉදම්මේ කායකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. ඒවරූපං තේ රාහුල කායේන කම්මං සසක්කං න කරණීයං සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං කායේන කම්මං කත්තුකාමෝ, ඉදං මේ කායකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තෙය්‍ය, න පරව්‍යාබාධා සංවත්තෙය්‍ය, න උභයව්‍යාබාධාය සංවත්තෙය්‍ය, කුසලං ඉදං කායකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. ඒවරූපං තේ රාහුල කායේන කම්මං කරණීයං.

පින්වත් රාහුල, ඔබ යම්කිසි ක්‍රියාවක් කයින් කරන්නට කැමති වුනොත් ඒ කයින් කරන ක්‍රියාව ගැන හොඳින් විමසා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං කයින් මේ ක්‍රියාවක් කරන්නට යි කැමති. මාගේ මේ කයින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතීවි ද? අනුන්ට විපත පිණිස පවතීවි ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතීවි ද? මේ කයින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං කයින් මේ ක්‍රියාවක් කරන්නට කැමති නමුත්, මාගේ මේ කයින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ කයින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ කයෙන් මෙබඳු වූ ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං කයින් මේ ක්‍රියාවක් කරන්නට කැමතියි, මාගේ මේ කයින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ කයින් කරන ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ කයෙන් කළ යුත්තේ මෙබඳු වූ ක්‍රියාවකුයි.

කරොන්තේනපි තේ රාහුල කායේන කම්මං තදේව තේ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං කායේන කම්මං කරෝමි. ඉදම්මේ කායකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං කායේන කම්මං කරෝමි, ඉදං මේ කායකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. පටිසංහරෙය්‍යාසි ත්වං රාහුල ඒවරූපං කායකම්මං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං කායේන කම්මං කරෝමි, ඉදං මේ කායකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තති, න පරව්‍යාබාධාය සංවත්තති, න උභයව්‍යාබාධාය සංවත්තති, කුසලං ඉදං කායකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. අනුපදජ්ජෙය්‍යාසි ත්වං රාහුල ඒවරූපං කායකම්මං.

පින්වත් රාහුල, ඔබ කයෙන් ක්‍රියාවක් කරමින් සිටිය දී ද ඒ කයෙන් කරන්නා වූ ක්‍රියාව හොඳින් පිරික්සා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං කයින් මේ ක්‍රියාව කරමින් ඉන්නවා. මාගේ මේ කයින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතීවි ද? අනුන්ට විපත පිණිස පවතීවි ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතීවි ද? මේ කයින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං කයින් මේ කරමින් ඉන්නවා. මාගේ මේ කයින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ කයින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ කයෙන් මෙබඳු වූ ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං කයින් මේ ක්‍රියාව කරමින් ඉන්නෙ, මාගේ මේ කයින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ කයින් කරන ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ නැවත නැවතත් කයෙන් කළ යුත්තේ මෙබඳු වූ ක්‍රියාවකුයි.

කත්වාපි තේ රාහුල කායේන කම්මං තදේව තේ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං කායේන කම්මං අකාසිං, ඉදම්මේ කායකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං කායේන කම්මං අකාසිං, ඉදං මේ කායකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති ඒවරූපං තේ රාහුල කායකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දේසේතබ්බං, විවරිතබ්බං, උත්තානීකාතබ්බං, දේසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං කායේන කම්මං අකාසිං ඉදං මේ කායකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තති, න පරව්‍යාබාධාය සංවත්තති, න උභයව්‍යාබාධාය සංවත්තති, කුසලං ඉදං කායකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. තේනේව ත්වං රාහුල පීතිපාමොජ්ජේන විහරෙය්‍යාසි අහෝරත්තානුසික්ඛී කුසලේසු ධම්මේසු.

පින්වත් රාහුල, ඔබ කයෙන් ක්‍රියාවක් කොට නිමකළ පසු ද ඒ කයෙන් කරන ලද ක්‍රියාව හොඳින් පිරික්සා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං කයින් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ කයින් කළ ක්‍රියාව මට විපත පිණිස පැවතුනා ද? අනුන්ට විපත පිණිස පැවතුනා ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පැවතුනා ද? මේ කයින් කළ ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං කයින් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ කයින් කළ ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ කයින් කළ ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ එබඳු වූ කයෙන් කළ ක්‍රියාව ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ පැවසිය යුතුයි. විවෘත කළ යුතුයි. හෙළිදරව් කළ යුතුයි. එසේ පවසා, විවෘත කොට, හෙළිදරව් කොට මත්තෙහි එවැනි දෙයක් නො වීමට සංවර විය යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං කයින් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ කයින් කරන ලද ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ කයින් කළ ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුතුව දිවා රාත්‍රී දෙකෙහි ම කුසල් දහම් දියුණු කරගනිමින් වාසය කරන්න.

යදේව ත්වං රාහුල වාචාය කම්මං කත්තුකාමෝ අහෝසි. තදේව තේ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං වාචාය කම්මං කත්තුකාමෝ, ඉදම්මේ වචීකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං වාචාය කම්මං කත්තුකාමෝ ඉදං මේ වචීකම්මං ….(පෙ)…. උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. ඒවරූපං තේ රාහුල වාචාය කම්මං සසක්කං න කරණීයං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං වාචාය කම්මං කත්තුකාමෝ, ඉදම්මේ වචීකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තෙය්‍ය, න පරව්‍යාබාධාය සංවත්තෙය්‍ය, න උභයව්‍යාබාධාය සංවත්තෙය්‍ය, කුසලං ඉදං වචීකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. ඒවරූපං තේ රාහුල වාචාය කම්මං කරණීයං.

පින්වත් රාහුල, ඔබ යම්කිසි ක්‍රියාවක් වචනයෙන් කරන්නට කැමති වුණොත් ඒ වචනයෙන් කරන ක්‍රියාව ගැන හොඳින් විමසා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං වචනයෙන් මේ ක්‍රියාවක් කරන්නට යි කැමති. මාගේ මේ වචනයෙන් කරන ක්‍රියාව මට විපත පිණිස පවතීවි ද? අනුන්ට විපත පිණිස පවතීවි ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතීවි ද? මේ වචනයෙන් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං වචනයෙන් මේ ක්‍රියාවක් කරන්නට කැමති නමුත්, මාගේ මේ වචනයෙන් කරන ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ වචනයෙන් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ වචනයෙන් මෙබඳු වූ ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං වචනයෙන් මේ ක්‍රියාවක් කරන්නට කැමතියි, මාගේ මේ වචනයෙන් කරන ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ වචනයෙන් කරන ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ වචනයෙන් කළ යුත්තේ මෙබඳු වූ ක්‍රියාවකුයි.

කරොන්තේනපි තේ රාහුල වාචාය කම්මං තදේව තේ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි, ඉදම්මේ වචීකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපිසංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි, ඉදම්මේ වචීකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. පටිසංහරෙය්‍යාසි ත්වං රාහුල ඒවරූපං වචීකම්මං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි. ඉදම්මේ වචීකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තති, න පරව්‍යාබාධාය සංවත්තති, නඋභයව්‍යාබාධාය සංවත්තති, කුසලං ඉදං වචීකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. අනුපදජ්ජෙය්‍යාසි ත්වං රාහුල ඒවරූපං වචීකම්මං.

පින්වත් රාහුල, ඔබ වචනයෙන් ක්‍රියාවක් කරමින් සිටිය දී ද, ඒ වචනයෙන් කරන්නා වූ ක්‍රියාව හොඳින් පිරික්සා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං වචනයෙන් මේ ක්‍රියාව කරමින් ඉන්නවා. මාගේ මේ වචනයෙන් කරන ක්‍රියාව මට විපත පිණිස පවතීවි ද? අනුන්ට විපත පිණිස පවතීවි ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතීවි ද? මේ වචනයෙන් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං වචනයෙන් ක්‍රියාවක් කරමින් ඉන්නවා. මාගේ මේ වචනයෙන් කරන ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ වචනයෙන් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ වචනයෙන් මෙබඳු වූ ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං වචනයෙන් මේ ක්‍රියාව කරමින් ඉන්නෙ, මාගේ මේ වචනයෙන් කරන ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ වචනයෙන් කරන ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ නැවත නැවතත් වචනයෙන් කළ යුත්තේ මෙබඳු වූ ක්‍රියාවකුයි.

කත්වාපි තේ රාහුල වාචාය කම්මං තදේව තේ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං වාචාය කම්මං අකාසිං, ඉදං මේ වචීකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති. උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං වාචාය කම්මං අකාසිං, ඉදම්මේ වචීකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. ඒවරූපං තේ රාහුල වචීකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දේසේතබ්බං, විවරිතබ්බං උත්තානීකත්තබ්බං. දේසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං වාචාය කම්මං අකාසිං, ඉදම්මේ වචීකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තති. න පරව්‍යාබාධාය සංවත්තති, න උභයව්‍යාබාධාය සංවත්තති, කුසලං ඉදං වචීකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. තේනේව ත්වං රාහුල පීතිපාමොජ්ජේන විහරෙය්‍යාසි අහෝරත්තානුසික්ඛී කුසලේසු ධම්මේසු.

පින්වත් රාහුල, ඔබ වචනයෙන් ක්‍රියාවක් කොට නිමකළ පසු ද ඒ වචනයෙන් කරන ලද ක්‍රියාව හොඳින් පිරික්සා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං වචනයෙන් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ වචනයෙන් කළ ක්‍රියාව මට විපත පිණිස පැවතුනා ද? අනුන්ට විපත පිණිස පැවතුනා ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පැවතුනා ද? මේ වචනයෙන් කළ ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං වචනයෙන් කරන ලද මේ ක්‍රියාව තියෙනව. මාගේ මේ වචනයෙන් කළ ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ වචනයෙන් කළ ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ එබඳු වූ වචනයෙන් කළ ක්‍රියාව ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ පැවසිය යුතුයි. විවෘත කළ යුතුයි. හෙළිදරව් කළ යුතුයි. එසේ පවසා, විවෘත කොට, හෙළිදරව් කොට මත්තෙහි එවැනි දෙයක් නො වීමට සංවර විය යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං වචනයෙන් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ වචනයෙන් කරන ලද ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ වචනයෙන් කළ ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුතුව දිවා රාත්‍රී දෙකෙහි ම කුසල් දහම් දියුණු කරගනිමින් වාසය කරන්න.

යදේව ත්වං රාහුල මනසා කම්මං කත්තුකාමෝ අහෝසි. තදේව තේ මනෝකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං මනසා කම්මං කත්තුකාමෝ ඉදම්මේ මනෝකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, අකුසලං ඉදං මනෝකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං මනසා කම්මං කත්තුකාමෝ, ඉදම්මේ මනෝකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය අකුසලං ඉදං මනෝකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. ඒවරූපං තේ රාහුල මනසා කම්මං සසක්කං න කරණීයං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ පන අහං ඉදං මනසා කම්මං කත්තුකාමෝ, ඉදං මේ මනෝකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තෙය්‍ය, න පරව්‍යාබාධාය සංවත්තෙය්‍ය, න උභයව්‍යාබාධාය සංවත්තෙය්‍ය, කුසලං ඉදං මනෝකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. ඒවරූපං තේ රාහුල මනසා කම්මං කරණීයං.

පින්වත් රාහුල, ඔබ යම්කිසි ක්‍රියාවක් මනසින් කරන්නට කැමති වුනොත් ඒ මනසින් කරන ක්‍රියාව ගැන හොඳින් විමසා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං මනසින් මේ ක්‍රියාවක් කරන්නට යි කැමති. මාගේ මේ මනසින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතීවි ද? අනුන්ට විපත පිණිස පවතීවි ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතීවි ද? මේ මනසින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං මනසින් මේ ක්‍රියාවක් කරන්නට කැමති නමුත්, මාගේ මේ මනසින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ මනසින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ මනසින් මෙබඳු වූ ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං මනසින් මේ ක්‍රියාවක් කරන්නට කැමතියි, මාගේ මේ මනසින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ මනසින් කරන ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ මනසින් කළ යුත්තේ මෙබඳු වූ ක්‍රියාවකුයි.

කරොන්තේනපි තේ රාහුල මනසා කම්මං තදේව තේ මනෝකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං මනසා කම්මං කරෝමි, ඉදම්මේ මනෝකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං මනෝකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං මනසා කම්මං කරෝමි, ඉදම්මේ මනෝකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං මනෝකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. පටිසංහරෙය්‍යාසි ත්වං රාහුල ඒවරූපං මනෝකම්මං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං මනසා කම්මං කරෝමි. ඉදම්මේ මනෝකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තති, න පරව්‍යාබාධාය සංවත්තති, න උභයව්‍යාබාධාය සංවත්තති, කුසලං ඉදං මනෝකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. අනුපදජ්ජෙය්‍යාසි ත්වං රාහුල ඒවරූපං මනෝකම්මං.

පින්වත් රාහුල, ඔබ මනසින් ක්‍රියාවක් කරමින් සිටිය දී ද ඒ මනසින් කරන්නා වූ ක්‍රියාව හොඳින් පිරික්සා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං මනසින් මේ ක්‍රියාව කරමින් ඉන්නවා. මාගේ මේ මනසින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතීවි ද? අනුන්ට විපත පිණිස පවතීවි ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතීවි ද? මේ මනසින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං මනසින් මේ ක්‍රියාව කරමින් ඉන්නවා. මාගේ මේ මනසින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ මනසින් කරන ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ මනසින් මෙබඳු වූ ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං මනසින් මේ ක්‍රියාව කරමින් ඉන්නෙ, මාගේ මේ මනසින් කරන ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ මනසින් කරන ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ නැවත නැවතත් මනසින් කළ යුත්තේ මෙබඳු වූ ක්‍රියාවකුයි.

කත්වාපි තේ රාහුල මනසා කම්මං තදේව තේ මනෝකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛෝ අහං ඉදං මනසා කම්මං අකාසිං. ඉදම්මේ මනෝකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං මනෝකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති. සචේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං මනසා කම්මං අකාසිං. ඉදම්මේ මනෝකම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං මනෝකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාකන්ති ඒවරූපේ තේ රාහුල මනෝකම්මේ අට්ටීයිතබ්බං, හරායිතබ්බං, ජිගුච්ඡිතබ්බං, අට්ටීයිත්වා හරායිත්වා ජිගුච්ඡිත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචේ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ ඒවං ජානෙය්‍යාසි: යං ඛෝ අහං ඉදං මනසා කම්මං අකාසිං. ඉදම්මේ මනෝකම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තති, න පරව්‍යාබාධාය සංවත්තති, න උභයව්‍යාබාධාය සංවත්තති, කුසලං ඉදං මනෝකම්මං සුඛුද්‍රයං සුඛවිපාකන්ති. තේනේව ත්වං රාහුල පීතිපාමොජ්ජේන විහරෙය්‍යාසි අහෝරත්තානුසික්ඛී කුසලේසු ධම්මේසු.

පින්වත් රාහුල, ඔබ මනසින් ක්‍රියාවක් කොට නිමකළ පසු ද ඒ මනසින් කරන ලද ක්‍රියාව හොඳින් පිරික්සා බැලිය යුතුයි. ඒ කියන්නෙ ‘මං මනසින් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ මනසින් කළ ක්‍රියාව මට විපත පිණිස පැවතුනා ද? අනුන්ට විපත පිණිස පැවතුනා ද? මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පැවතුනා ද? මේ මනසින් කළ ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. පින්වත් රාහුලය, ඔබ හොඳින් විමසා බලද්දි එය මේ අයුරින් අවබෝධ වෙනවා ද, ‘මං මනසින් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ මනසින් කළ ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මේ මනසින් කළ ක්‍රියාව අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ විසින් මනසින් කරන ලද ක්‍රියාව පිළිබඳව කම්පාවට පත්විය යුතුයි. ලැජ්ජාවට පත් විය යුතුයි. පිළිකුල උපදවා ගත යුතුයි. එසේ කම්පාවට පත්වෙලා, ලැජ්ජාවට පත්වෙලා, පිළිකුල උපදවා ගෙන, නැවත අනාගතයේ එවැනි දෙයක් නො වීම පිණිස සංවර විය යුතුයි.

ඉදින් පින්වත් රාහුල, ඔබ හොඳින් විමසා බලද්දි මේ අයුරින් අවබෝධ කරගත්තොත්, ‘මං මනසින් කරන ලද මේ ක්‍රියාව තියෙනවා. මාගේ මේ මනසින් කරන ලද ක්‍රියාව මට විපත පිණිස පවතින්නෙ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නෙ නෑ. මට ත්, අනුන්ට ත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නෙ නෑ. මේ මනසින් කළ ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්’ කියල. එතකොට පින්වත් රාහුල, ඔබ ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුතුව දිවා රාත්‍රී දෙකෙහි ම කුසල් දහම් දියුණු කරගනිමින් වාසය කරන්න.

යේ හි කේචි රාහුල අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා කායකම්මං පරිසෝධේසුං, වචීකම්මං පරිසෝධේසුං, මනෝකම්මං පරිසෝධේසුං, සබ්බේ තේ ඒවමේවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසෝධේසුං. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසෝධේසුං. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනෝකම්මං පරිසෝධේසුං.

පින්වත් රාහුල, අතීතයෙහි සිටි යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමන් ගේ කයින් කරන ලද ක්‍රියාව පිරිසිදු කළා නම්, වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසිදු කළා නම්, මනසින් කරන ලද ක්‍රියාව පිරිසිදු කළා නම් ඒ සියලු දෙනා ම ඔය ආකාරයෙන් ම විමසා බල බලා, විමසා බල බලා තමයි කයින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගත්තේ. විමසා බල බලා, විමසා බල බලා තමයි වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගත්තේ. විමසා බල බලා, විමසා බල බලා තමයි මනසින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගත්තේ.

යේහිපි කේචි රාහුල අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා කායකම්මං පරිසෝධෙස්සන්ති, වචීකම්මං පරිසෝධෙස්සන්ති, මනෝකම්මං පරිසෝධෙස්සන්ති, සබ්බේ තේ ඒවමේවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසෝධෙස්සන්ති. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසෝධෙස්සන්ති. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනෝකම්මං පරිසෝධෙස්සන්ති.

පින්වත් රාහුල, අනාගතයෙහි පහළවන යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමන් ගේ කයින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගන්නවා නම්, වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගන්නවා නම්, මනසින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගන්නවා නම් ඒ සියලු දෙනා ම ඔය ආකාරයෙන් ම විමසා බල බලා, විමසා බල බලා තමයි කයින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගන්නේ. විමසා බල බලා, විමසා බල බලා තමයි වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගන්නේ. විමසා බල බලා, විමසා බල බලා තමයි මනසින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරගන්නේ.

යේහිපි කේචි රාහුල ඒතරහි සමණා වා බ්‍රාහ්මණා වා කායකම්මං පරිසෝධෙන්ති, වචීකම්මං පරිසෝධෙන්ති, මනෝකම්මං පරිසෝධෙන්ති, සබ්බේ තේ ඒවමේවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසෝධෙන්ති. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසෝධෙන්ති. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනෝකම්මං පරිසෝධෙන්ති.

පින්වත් රාහුල, වර්තමානයෙහි සිටින යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමන් ගේ කයින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරනවා නම්, වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසිදු කරනවා නම්, මනසින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරනවා නම් ඒ සියලු දෙනා ම ඔය ආකාරයෙන් ම විමසා බල බලා, විමසා බල බලා තමයි කයින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරන්නේ. විමසා බල බලා, විමසා බල බලා තමයි වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසිදු කරන්නේ. විමසා බල බලා, විමසා බල බලා තමයි මනසින් කරන ලද ක්‍රියාව පිරිසිදු කරන්නේ.

තස්මාතිහ රාහුල, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසෝධෙස්සාම. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසෝධෙස්සාම. පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනෝකම්මං පරිසෝධෙස්සාමාති ඒවං හි වෝ රාහුල සික්ඛිතබ්බන්ති.

එනිසා පින්වත් රාහුල, මෙන්න මේ විදිහට යි ඔබ පුහුණු විය යුත්තේ. ඒ කියන්නෙ ‘විමසා බල බලා ම, විමසා බල බලා ම කයින් කරන ක්‍රියාව පිරිසිදු කරගන්නවා. විමසා බල බලා ම, විමසා බල බලා ම වචනයෙන් කරන ක්‍රියාව පිරිසිදු කරගන්නවා. විමසා බල බලා ම, විමසා බල බලා ම මනසින් කරන ක්‍රියාව පිරිසිදු කරගන්නවා’ කියල.

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල භද්‍රයන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය ඉතාම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

අම්බලට්ඨික රාහුලෝවාද සුත්තං පඨමං.

අම්බලට්ඨිකාවේ දී රාහුල හිමියන්ට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M