මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.1.8. අභයරාජකුමාර සුත්තං

2.1.8. අභයරාජකුමාරයා හට වදාළ දෙසුම

ඒවං මේ සුතං, ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. අථ ඛෝ අභයෝ රාජකුමාරෝ යේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අභයං රාජකුමාරං නිගණ්ඨෝ නාතපුත්තෝ ඒතදවෝච; ඒහි ත්වං රාජකුමාර, සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපේහි. ඒවං තේ කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති අභයේන රාජකුමාරේන සමණස්ස ගෝතමස්ස ඒවං මහිද්ධිකස්ස ඒවං මහානුභාවස්ස වාදෝ ආරෝපිතෝති. යථා කථං පනාහං භන්තේ සමණස්ස ගෝතමස්ස ඒවං මහිද්ධිකස්ස ඒවං මහානුභාවස්ස වාදං ආරෝපෙස්සාමීති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එක් සමයක දී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමිය වූ වේළුවනයෙහි වැඩසිටියා. එදා අභයරාජකුමාරයා නිගණ්ඨ නාතපුත්‍ර කරා එළඹුනා. එළැඹ නිගණ්ඨ නාතපුත්‍රයාට වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ අභයරාජකුමාරයාට නිගණ්ඨ නාතපුත්‍ර මෙය පැවසුවා. “එම්බා රාජකුමාරය, එන්න. ඔබ ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩ නංවන්න. එතකොට ‘මේසා මහා ඉර්ධිමත්, මේසා මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් හට අභයරාජකුමාරයා විසින් වාදයක් නංවන ලද්දේ යැ’යි ඔබ ගේ කළ්‍යාණ වූ කීර්ති ඝෝෂාව උස්ව පැතිර යාවි.”

“අනේ ස්වාමීනී, මං මේසා මහා ඉර්ධිමත්, මේසා මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩනංවන්නේ කොයි විදිහට ද?”

ඒහි ත්වං රාජකුමාර, යේන සමණෝ ගෝතමෝ තේනුපසංකම, උපසංකමිත්වා සමණං ගෝතමං ඒවං වදේහි; භාසෙය්‍ය නු ඛෝ භන්තේ තථාගතෝ තං වාචං යා සා වාචා පරේසං අප්පියා අමනාපාති. සචේ තේ සමණෝ ගෝතමෝ ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරෝති; භාසෙය්‍ය රාජකුමාර, තථාගතෝ තං වාචං යා සා වාචා පරේසං අප්පියා අමනාපාති. තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි; අථ කිඤ්චරහි තේ භන්තේ පුථුජ්ජනේන නානාකරණං, පුථුජ්ජනෝපි හි තං වාචං භාසෙය්‍ය, යා සා වාචා පරේසං අප්පියා අමනාපාති. සචේ පන තේ සමණෝ ගෝතමෝ ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරෝති; න රාජකුමාර තථාගතෝ තං වාචං භාසෙය්‍ය යා සා වාචා පරේසං අප්පියා අමනාපාති. තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි; අථ කිඤ්චරහි තේ භන්තේ දේවදත්තෝ බ්‍යාකතෝ; ආපායිකෝ දේවදත්තෝ, නේරයිකෝ දේවදත්තෝ, කප්පට්ඨෝ දේවදත්තෝ, අතේකිච්ඡෝ දේවදත්තෝති. තාය ච පන තේ වාචාය දේවදත්තෝ කුපිතෝ අහෝසි අනත්තමනෝති. ඉමං ඛෝ තේ රාජකුමාර, සමණෝ ගෝතමෝ උභතෝකෝටිකං පඤ්හං පුට්ඨෝ සමානෝ නේව සක්ඛිති උග්ගිලිතුං. න සක්ඛිති ඕගිලිතුං. සෙය්‍යථාපි නාම පුරිසස්ස අයෝසිංඝාටකං කණ්ඨේ විලග්ගං, සෝ නේව සක්කුණෙය්‍ය උග්ගිලිතුං, න සක්කුණෙය්‍ය ඕගිලිතුං. ඒවමේව ඛෝ තේ රාජකුමාර සමණෝ ගෝතමෝ ඉමං උභතෝකෝටිකං පඤ්හං පුට්ඨෝ සමානෝ නේව සක්ඛිති උග්ගිලිතුං න සක්ඛිති ඕගිලිතුන්ති.

“එම්බා රාජකුමාරය, එන්න. ශ්‍රමණ ගෞතමයන් යම් තැනක ද, එතනට යන්න. ගිහින් ශ්‍රමණ ගෞතමයන් හට මෙන්න මෙහෙම යි කිව යුත්තේ. ‘ස්වාමීනී, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය, අමනාප වෙයි ද, ඒ වචනය තථාගතයන් වහන්සේ පවසනවා ද?’ කියලයි. ඉදින් ඔබ විසින් ඔය විදිහට ඇසූ විට ශ්‍රමණ ගෞතමයන් මෙහෙම පිළිතුරු දේවි. ‘රාජකුමාරය, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය, අමනාප වෙයි ද, ඒ වචනය තථාගතයන් වහන්සේ වුනත් පවසන්නට පුළුවනි’ කියල. එතකොට ඔබ මෙන්න මෙහෙමයි කිව යුත්තේ. ‘එහෙම නම් ස්වාමීනී, පෘතග්ජන පුද්ගලයා හා ඔබවහන්සේ අතර ඇති වෙනස කුමක් ද? යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය අමනාප වෙයි ද, පෘතග්ජනයා තමයි ඒ වචනය කියන්නේ.’ එහෙම නැත්නම් ඔබ කියන දෙයට ශ්‍රමණ ගෞතමයන් මෙහෙම උත්තර දේවි. ‘රාජකුමාරය, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය අමනාප වෙයි ද, ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ’ කියල. එතකොට ඔබ මෙහෙම කියන්න. ‘එහෙම නම් ස්වාමීනී, තමුන්නාන්සේ දේවදත්ත අරභයා මෙය පැවසුවා නේ ද? ‘දේවදත්ත අපායේ උපදින කෙනෙක්. දේවදත්ත නිරයේ උපදින කෙනෙක්. දේවදත්ත කල්පයක් පැහෙන කෙනෙක්. දේවදත්ත පිළියම් නො කළ හැකි කෙනෙක්’ කියල. තමුන්නාන්සේ ගේ ඒ වචනය නිසා තමයි දේවදත්ත කිපුනේ. නො සතුටු වුනේ.’

ඉතින් රාජකුමාරය, ඔබ විසින් ශ්‍රමණ ගෞතමයන් මේ උභතෝකෝටික ප්‍රශ්නය විමසන ලද විට වමාරා ගන්නටත් බැරිවෙනවා. ගිලගන්නටත් බැරිවෙනවා. ඒක හරියට පුරුෂයෙකු ගේ උගුරෙහි යකඩ ගුලියක් හිරවුනා වගේ. එය වමාරා ගන්නටත් බැහැ. ගිලගන්නට ත් බැහැ. එපරිද්දෙන් ම රාජකුමාරය, ඔබ විසින් ශ්‍රමණ ගෞතමයන් ව මේ ප්‍රශ්නයෙන් විමසූ විට වමාරා ගන්නට ත් බැරිවෙනවා. ගිලගන්නට ත් බැරිවෙනවා.”

ඒවං භන්තේති ඛෝ අභයෝ රාජකුමාරෝ නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නස්ස ඛෝ අභයස්ස රාජකුමාරස්ස සූරියං ඕලෝකෙත්වා ඒතදහෝසි. අකාලෝ ඛෝ අජ්ජ භගවතෝ වාදං ආරෝපේතුං, ස්වේ දානාහං සකේ නිවේසනේ භගවතෝ වාදං ආරෝපෙස්සාමීති භගවන්තං ඒතදවෝච; අධිවාසේතු මේ භන්තේ භගවා ස්වාතනාය අත්තචතුත්ථෝ භත්තන්ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන. අථ ඛෝ අභයෝ රාජකුමාරෝ භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

“එසේය ස්වාමීනී” කියල අභයරාජකුමාරයා නිගණ්ඨ නාතපුත්‍රට පිළිතුරු දීලා අසුනෙන් නැගිට නිගණ්ඨ නාතපුත්‍රයාට වන්දනා කොට පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට එළැඹුනා. එතනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩි වූ අභයරාජකුමාරයා අහසේ හිරු දෙස බලා මෙහෙම සිතුවා. ‘අද භාග්‍යවතුන් වහන්සේට වාදයක් නංවන්නට කාලය නො වේ. මං හෙට තමන් ගෙ නිවසෙහි දී භාග්‍යවතුන් වහන්සේට වාදයක් නංවන්නම්’ කියල හිතල භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සෙට දිනයෙහි තමන් වහන්සේ සිව්වැනි කොට භික්ෂූන් තුන්නමක් සමඟ මාගේ දානයට වඩින සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ නිහඬව වැඩසිටිමින් එය ඉවසා වදාළා. එවිට අභයරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන, හුනස්සෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පැදකුණු කොට පිටත් වුනා.

අථ ඛෝ භගවා තස්සා රත්තියා අච්චයේන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන අභයස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංකමි, උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ අභයෝ රාජකුමාරෝ භගවන්තං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි, සම්පවාරේසි. අථ ඛෝ අභයෝ රාජකුමාරෝ භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ අභයෝ රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච;

භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳ පෙරව පාත්තරය ද ගෙන, අභයරාජකුමාරයා ගේ නිවස කරා වැඩම කළා. වැඩම කොට පණවන ලද ආසනයෙහි වැඩසිටියා. එවිට අභයරාජකුමාරයා ප්‍රණීත වූ ඛාද්‍යභෝජ්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේ සිය අතින් පිළිගැන්නුවා. මැනවින් උපස්ථාන කළා. ඉක්බිති අභයරාජකුමාරයා වළඳා නිම වූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත එක්තරා මිටි ආසනයක් ගෙන එකත්පසක වාඩි වුනා. එකත්පස වාඩි වූ අභයරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළා.

‘භාසෙය්‍ය නු ඛෝ භන්තේ තථාගතෝ තං වාචං යා සා වාචා පරේසං අප්පියා අමනාපා’ති. න ඛො’ත්ථ රාජකුමාර ඒකංසේනාති. එත්ථ භන්තේ අනස්සුං නිගණ්ඨාති. කිං පන ත්වං රාජකුමාර ඒවං වදේසි; ‘එත්ථ භන්තේ, අනස්සුං නිගණ්ඨා”ති. ඉධාහං භන්තේ යේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිං. ඒකමන්තං නිසින්නං ඛෝ මං භන්තේ නිගණ්ඨෝ නාටපුත්තෝ ඒතදවෝච: ඒහි ත්වං රාජකුමාර, සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපේහි ඒවං තේ කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති “අභයේන රාජකුමාරේන සමණස්ස ගෝතමස්ස ඒවං මහිද්ධිකස්ස ඒවං මහානුභාවස්ස වාදෝ ආරෝපිතෝ’ති. ඒවං වුත්තේ, අහං, භන්තේ, නිගණ්ඨං නාටපුත්තං ඒතදවෝචං. යථා කථං පනාහං භන්තේ සමණස්ස ගෝතමස්ස ඒවං මහිද්ධිකස්ස ඒවං මහානුභාවස්ස වාදං ආරෝපෙස්සාමීති. ඒහි ත්වං, රාජකුමාර, යේන සමණෝ ගෝතමෝ තේනුපසංකම, උපසංකමිත්වා සමණං ගෝතමං ඒවං වදේහි:‘භාසෙය්‍ය නු ඛෝ භන්තේ තථාගතෝ තං වාචං, යා සා වාචා පරේසං අප්පියා අමනාපා’ති. සචේ තේ සමණෝ ගෝතමෝ ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරෝති: භාසෙය්‍ය රාජකුමාර තථාගතෝ තං වාචං, යා සා වාචා පරේසං අප්පියා අමනාපාති. තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි: අථ කිඤ්චරහි තේ භන්තේ පුථුජ්ජනේන නානාකරණං, පුථුජ්ජනෝපි හි තං වාචං භාසෙය්‍ය, යා සා වාචා පරේසං අප්පියා අමනාපාති. සචේ පන තේ සමණෝ ගෝතමෝ ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරෝති: ‘න රාජකුමාර තථාගතෝ තං වාචං භාසෙය්‍ය, යා සා වාචා පරේසං අප්පියා අමනාපා’ති. තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි: අථ කිඤ්චරහි තේ භන්තේ දේවදත්තෝ බ්‍යාකතෝ: ආපායිකෝ දේවදත්තෝ, නේරයිකෝ දේවදත්තෝ, කප්පට්ඨෝ දේවදත්තෝ, අතේකිච්ඡෝ දේවදත්තෝති. තාය ච පන තේ වාචාය දේවදත්තෝ කුපිතෝ අහෝසි අනත්තමනෝ’ති. ඉමං ඛෝ තේ රාජකුමාර සමණෝ ගෝතමෝ උභතෝකෝටිකං පඤ්හං පුට්ඨෝ සමානෝ නේව සක්ඛිති උග්ගිලිතුං. න සක්ඛිති ඕගිලිතුං. සෙය්‍යථාපි නාම පුරිසස්ස අයෝසිංඝාටකං කණ්ඨේ විලග්ගං, සෝ නේව සක්කුණෙය්‍ය උග්ගිලිතුං, න සක්කුණෙය්‍ය ඕගිලිතුං. ඒවමේව ඛෝ තේ රාජකුමාර සමණෝ ගෝතමෝ ඉමං උභතෝකෝටිකං පඤ්හං පුට්ඨෝ සමානෝ නේව සක්ඛිති උග්ගිලිතුං, න සක්ඛිති ඕගිලිතුන්ති.

“ස්වාමීනී, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය අමනාප වෙයි ද, ඒ වචනය තථාගතයන් වහන්සේ පවසනවා ද?” “රාජකුමාරය, ඔය කාරණය ගැන එක එල්ලේ ම දිය හැකි පිළිතුරක් නැහැ.” “ස්වාමීනී, මේ කාරණය නිසා නිගණ්ඨයෝ වැනසුනා!”

“රාජකුමාරය, ‘ස්වාමීනී, මේ කාරණය නිසා නිගණ්ඨයෝ වැනසුනා!’ කියා ඔබ විසින් කුමක් නිසා ද ඔහොම කියන්නේ?” “ස්වාමීනී, මං නිගණ්ඨ නාතපුත්‍ර කරා ගියා. ගිහින් නිගණ්ඨ නාතපුත්‍රට වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. ස්වාමීනී, එකත්පස්ව වාඩි වූ මට නිගණ්ඨ නාතපුත්‍ර මෙහෙම කිව්වා. “එම්බා රාජකුමාරය, එන්න. ඔබ ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩ නංවන්න. එතකොට ‘මේසා මහා ඉර්ධිමත්, මේසා මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් හට අභයරාජකුමාරයා විසින් වාදයක් නංවන ලද්දේ යැ’යි ඔබ ගේ කළ්‍යාණ වූ කීර්ති ඝෝෂාව උස්ව පැතිර යාවි.”

එතකොට ස්වාමීනී මං නිගණ්ඨ නාතපුත්‍ර ගෙන් මෙය ඇසුවා. “අනේ ස්වාමීනී, මං මේසා මහා ඉර්ධිමත්, මේසා මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩනංවන්නේ කොයි විදිහට ද?” “එම්බා රාජකුමාරය, එන්න. ශ්‍රමණ ගෞතමයන් යම් තැනක ද, එතනට යන්න. ගිහින් ශ්‍රමණ ගෞතමයන් හට මෙන්න මෙහෙමයි කිව යුත්තේ. ‘ස්වාමීනී, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය අමනාප වෙයි ද, ඒ වචනය තථාගතයන් වහන්සේ පවසනවා ද?’ කියලයි. ඉදින් ඔබ විසින් ඔය විදිහට ඇසූ විට ශ්‍රමණ ගෞතමයන් මෙහෙම පිළිතුරු දේවි. ‘රාජකුමාරය, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය, අමනාප වෙයි ද, ඒ වචනය තථාගතයන් වහන්සේ වුනත් පවසන්නට පුළුවනි’ කියල. එතකොට ඔබ මෙන්න මෙහෙමයි කිව යුත්තේ. ‘එහෙම නම් ස්වාමීනී, පෘතග්ජන පුද්ගලයා හා ඔබවහන්සේ අතර ඇති වෙනස කුමක් ද? යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය අමනාප වෙයි ද, පෘතග්ජනයා තමයි ඒ වචනය කියන්නේ.’ එහෙම නැත්නම් ඔබ කියන දෙයට ශ්‍රමණ ගෞතමයන් මෙහෙම උත්තර දේවි. ‘රාජකුමාරය, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය, අමනාප වෙයි ද, ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ’ කියල. එතකොට ඔබ මෙහෙම කියන්න. ‘එහෙම නම් ස්වාමීනී, තමුන්නාන්සේ දේවදත්ත අරභයා මෙය පැවසුවා නේ ද? ‘දේවදත්ත අපායේ උපදින කෙනෙක්. දේවදත්ත නිරයේ උපදින කෙනෙක්. දේවදත්ත කල්පයක් පැහෙන කෙනෙක්. දේවදත්ත පිළියම් නො කළ හැකි කෙනෙක්’ කියල. තමුන්නාන්සේ ගේ ඒ වචනය නිසා තමයි දේවදත්ත කිපුනේ. නො සතුටු වුනේ.’

ඉතින් රාජකුමාරය, ඔබ විසින් ශ්‍රමණ ගෞතමයන් ගෙන් මේ උභතෝකෝටික ප්‍රශ්නය විමසන ලද විට වමාරා ගන්නට ත් බැරිවෙනවා. ගිල ගන්නට ත් බැරිවෙනවා. ඒක හරියට පුරුෂයෙකු ගේ උගුරෙහි යකඩ ගුලියක් හිරවුනා වගේ. එය වමාරා ගන්නට ත් බැහැ. ගිලගන්නට ත් බැහැ. එපරිද්දෙන් ම රාජකුමාරය, ඔබ විසින් ශ්‍රමණ ගෞතමයන් ව මේ ප්‍රශ්නයෙන් විමසූ විට වමාරා ගන්නට ත් බැරිවෙනවා. ගිලගන්නට ත් බැරිවෙනවා” කියල කිව්වා.

තේන ඛෝ පන සමයේන දහරෝ කුමාරෝ මන්දෝ උත්තානසෙය්‍යකෝ අභයස්ස රාජකුමාරස්ස අංකේ නිසින්නෝ හෝති. අථ ඛෝ භගවා අභයං රාජකුමාරං ඒතදවෝච: තං කිං මඤ්ඤසි රාජකුමාර, සචායං කුමාරෝ තුය්හං වා පමාදමන්වාය ධාතියා වා පමාදමන්වාය කට්ඨං වා කඨලං වා මුඛේ ආහරෙය්‍ය, කින්ති නං කරෙය්‍යාසීති. ආහරෙය්‍යස්සාහං භන්තේ. සචේ භන්තේ න සක්කුණෙය්‍යං ආදිකේනේව ආහත්තුං වාමේන හත්ථේන සීසං පරිග්ගහෙත්වා දක්ඛිණේන හත්ථේන වංකංගුලිං කරිත්වා සලෝහිතම්පි ආහරෙය්‍යං. තං කිස්ස හේතු: අත්ථි මේ භන්තේ කුමාරේ අනුකම්පාති. ඒවමේව ඛෝ රාජකුමාර, යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සා ච පරේසං අප්පියා අමනාපා, න තං තථාගතෝ වාචං භාසති. යම්පි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං, සා ච පරේසං අප්පියා අමනාපා, තම්පි තථාගතෝ වාචං න භාසති. යඤ්ච ඛෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච පරේසං අප්පියා අමනාපා, තත්‍ර කාලඤ්ඤූ තථාගතෝ හෝති තස්සා වාචාය වෙය්‍යාකරණාය. යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච පරේසං පියා මනාපා, න තං තථාගතෝ වාචං භාසති. යම්පි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං, සා ච පරේසං පියා මනාපා, තම්පි තථාගතෝ වාචං න භාසති. යඤ්ච ඛො තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං. සා ච පරේසං පියා මනාපා, තත්‍ර කාලඤ්ඤූ තථාගතෝ හෝති තස්සා වාචාය වෙය්‍යාකරණාය. තං කිස්ස හේතු: අත්ථි රාජකුමාර තථාගතස්ස සත්තේසු අනුකම්පාති.

එවේලෙහි අභයරාජකුමාරයා ගේ ඔඩොක්කුවෙහි බිළිඳු කුමරෙක් උඩුකුරු අතට නිදාගෙන හිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අභයරාජකුමාරයාට මෙය වදාළා. “පින්වත් රාජකුමාරය, මේ ගැන කුමක් ද සිතන්නේ? ඉදින් මේ බිළිඳා ඔබ ගේ ප්‍රමාදයක් නිසා හෝ කිරි මව ගේ ප්‍රමාදයක් නිසා හෝ ලී කැබැල්ලක් හෝ වෙනත් කැබැල්ලක් මුඛයෙහි බහා ගත්තොත් ඔබ මේ බිළිඳාට කරන්නේ කුමක් ද?” “ස්වාමීනී, මං බිළිඳා ගේ මුඛයෙන් එය බැහැර කරනවා. ඉතින් ස්වාමීනී, එය පහසුවෙන් බැහැර කරගන්නට බැරි වුනෝතින් මා මෙය යි කරන්නේ. මං බිළිඳා ගේ හිස වම් අතින් දැඩි කොට අල්ලා ගෙන දකුණතේ ඇඟිල්ල වක් කොට ගෙන ලේ ගලද්දී වුණත් ඒ කැට කැබැල්ල මුඛයෙන් බැහැර කරනවා. මක් නිසා ද යත්; ස්වාමීනී, මේ බිළිඳා කෙරෙහි මා තුළ අනුකම්පාව තියෙනවා.”

“රාජකුමාරය, ඔය වගේ ම තමයි. යම් වචනයක් සිදු නො වූ බව ද, අසත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නා නමුත්, එය අන්‍යයන්ට අප්‍රිය ද, අමනාප ද ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.

යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. එමෙන් ම එය අන්‍යයන්ට අප්‍රිය යි, අමනාප යි. ඒ වචනය ද තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.

යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. ඒ වගේ ම එය අන්‍යයන්ට අප්‍රිය යි, අමනාප යි. ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ කාලානුරූපව යි.

යම් වචනයක් සිදු නො වූ බව ද, අසත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. ඒ වගේ ම එය අන්‍යයන්ට ප්‍රිය, මනාප වෙන්නට පුළුවනි. නමුත් ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.

යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අනර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. එමෙන් ම එය අන්‍යයන්ට ප්‍රිය, මනාප වෙන්නට පුළුවනි. නමුත් ඒ වචනය ද තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ.

යම් වචනයක් සිදු වූ බව ද, සත්‍ය බව ද, අර්ථ සහිත බව ද, තථාගතයන් වහන්සේ දන්නවා. ඒ වගේ ම එය අන්‍යයන්ට ප්‍රිය, මනාප වෙන්නට පුළුවනි. ඒ වචනය තථාගතයන් වහන්සේ කාලානුරූපව පවසනවා. මක් නිසාද යත්; අභයරාජකුමාරය, තථාගතයන් වහන්සේ තුළ සත්වයන් කෙරෙහි අනුකම්පාව තියෙනවා.”

යේමේ භන්තේ ඛත්තියපණ්ඩිතාපි බ්‍රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසංඛරිත්වා තථාගතං උපසංකමිත්වා පුච්ඡන්ති. පුබ්බේව නු ඛෝ ඒතං භන්තේ භගවතෝ චේතසෝ පරිවිතක්කිතං හෝති: ‘යේ මං උපසංකමිත්වා ඒවං පුච්ඡිස්සන්ති. තේසාහං ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරිස්සාමී’ති උදාහු ඨානසෝ ඒතං තථාගතං පටිභාතීති. තේන හි රාජකුමාර තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තේ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි රාජකුමාර: කුසලෝ ත්වං රථස්ස අංගපච්චංගානන්ති. ඒවං භන්තේ, කුසලෝ අහං රථස්ස අංගපච්චංගානන්ති, තං කිං මඤ්ඤසි රාජකුමාර: යේ තං උපසංකමිත්වා ඒවං පුච්ඡෙය්‍යුං: කිං නාමිදං රථස්ස අංගපච්චංගන්ති, පුබ්බේ නු ඛෝ තේ ඒතං චේතසෝ පරිවිතක්කිතං අස්ස: යේ මං උපසංකමිත්වා ඒවං පුච්ඡිස්සන්ති තේසාහං ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරිස්සාමීති. උදාහු ඨානසෝවේතං පටිභාසෙය්‍යාති. අහඤ්හි භන්තේ රථිකෝ සඤ්ඤතෝ කුසලෝ රථස්ස අංගපච්චංගානං, සබ්බානි මේ රථස්ස අංගපච්චංගානි සුවිදිතානි, ඨානසෝවේතං මං පටිභාසෙය්‍යාති .

“ස්වාමීනී, යම් මේ ක්ෂත්‍රීය පණ්ඩිතවරු ත්, බ්‍රාහ්මණ පණ්ඩිතවරු ත්, ගෘහපති පණ්ඩිතවරු ත්, ශ්‍රමණ පණ්ඩිතවරු ත්, ප්‍රශ්න සකස් කරගෙන තථාගතයන් වහන්සේ ළඟට ඇවිත් ඒවා අසනවා නෙව. එතකොට ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ඒ ප්‍රශ්න අසන්ට කලින් ම සිතෙන් යම් සැකැස්මක් හදනවා ද? ‘මං ළඟට පැමිණ මෙසේ ඇසුවොත් මං ඔවුන්ට මෙසේ පිළිතුරු දෙනවා’ කියල. එහෙමත් නැත්නම් තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවට අනුකූල වූ පිළිතුර ප්‍රතිභානයෙන් වටහා ගන්නවා ද?”

“එසේ නම් රාජකුමාරය, ඔය කාරණය මම ඔබගෙන් ම විමසන්නම්. ඔබට යම් විදිහකට හැඟෙයි නම්, ඒ විදිහට උත්තර දෙන්න. රාජකුමාරය, මේ ගැන කුමක් ද සිතන්නේ? ඔබ වාහනයක සෑම කොටසක් ගැන ම නිපුණ දැනුමක් ඇතිව නේද ඉන්නෙ?” “එසේය ස්වාමීනී, මං වාහනයක ඇති සෑම කොටසක් ගැන ම නිපුණ දැනීමක් ඇතිව යි ඉන්නෙ.” “රාජකුමාරය, මේ ගැන කුමක් ද සිතන්නේ? යම් කෙනෙක් ඔබ වෙත පැමිණ මෙහෙම ඇසුවොත්; ‘වාහනයේ මේ තියෙන්නේ කවර නම් වූ කොටසක් ද?’ කියා. එතකොට ඔබ ඒ ගැන කලින් ම ‘මගෙන් මෙසේ ඇසුවොත් මේ මේ අයුරින් උත්තර දෙනවා’ කියා සිතා සකස් කොට සිටියා ද? එසේත් නැත්නම් ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව ඔබ තුළ ප්‍රතිභානයෙන් ඇතිවෙන වැටහීමක් ද?”

“ස්වාමීනී, මං ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ වාහන ඇති කෙනෙක් හැටියට යි. ඒ වගේ ම වාහනයේ සියලු කොටස් ගැන නිපුණ දැනුමක් ඇති කෙනෙක් හැටියට යි. මට වාහනයක සෑම කොටසක් ගැන ම හොඳ අවබෝධයක් තියෙනවා. ඒ ඒ සුදුසු තැනේ දී එයට අදාළ කොටස ගැන මට පවසන්නට ප්‍රතිභාන ශක්තියක් තියෙනවා.”

ඒවමේව ඛෝ රාජකුමාර යේ තේ ඛත්තියපණ්ඩිතාපි බ්‍රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසංඛරිත්වා තථාගතං උපසංකමිත්වා පුච්ඡන්ති. ඨානසෝවේතං තථාගතං පටිභාති. තං කිස්ස හේතු: සා හි රාජකුමාර තථාගතස්ස ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා ඨානසෝවේතං තථාගතං පටිභාතීති.

“පින්වත් රාජකුමාරය, ඔය වගේ ම තමයි. යම් මේ ක්ෂත්‍රීය පණ්ඩිතවරු ත්, බ්‍රාහ්මණ පණ්ඩිතවරු ත්, ගෘහපති පණ්ඩිතවරු ත්, ශ්‍රමණ පණ්ඩිතවරු ත්, ප්‍රශ්න සකස් කරගෙන තථාගතයන් වහන්සේ ළඟට ඇවිත් ඒවා අසනවා. එතකොට තථාගතයන් වහන්සේට ඒ ඒ අවස්ථානුකූලව ප්‍රශ්නයන්ට අදාළ පිළිතුරු ප්‍රතිභානයෙන් වැටහෙනවා. මක් නිසාද යත්; පින්වත් රාජකුමාරය, තථාගතයන් වහන්සේට ඒ ධර්ම ධාතුව පිළිබඳව ඉතා මැනවින් ම ලත් අවබෝධයක් තියෙනවා. යම් ධර්ම ධාතුවක් පිළිබඳව මැනවින් ලත් අවබෝධයක් තථාගතයන් තුළ තියෙන නිස යි ඕනෑම ප්‍රශ්නයකට ඒ අවස්ථානුකූල පිළිතුර තථාගතයන් වහන්සේට ප්‍රතිභානයෙන් වැටහෙන්නේ.”

ඒවං වුත්තේ, අභයෝ රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. ….(පෙ)…. අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ වදාළ විට අභයරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ඉතා සුන්දරයි! ස්වාමීනී, ඉතා සුන්දරයි! ….(පෙ)…. අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

අභයරාජකුමාරසුත්තං අට්ඨමං.

අභයරාජකුමාරයා හට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M