මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.1.7. කුක්කුරවතිය සුත්තං

2.1.7. සුනඛ ව්‍රත ගත් තවුසන් අරභයා වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා කෝලියේසු විහරති හලිද්දවසනං නාම කෝලියානං නිගමෝ. අථ ඛෝ පුණ්ණෝ ච කෝලියපුත්තෝ ගෝවතිකෝ, අචේලෝ ච සේනියෝ කුක්කුරවතිකෝ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. අචේලෝ පන සේනියෝ කුක්කුරවතිකෝ භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා කුක්කුරෝව පලිකුජ්ජිත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ භගවන්තං ඒතදවෝච; අයං භන්තේ අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ දුක්කරකාරකෝ, ඡමානික්ඛිත්තං භුඤ්ජති. තස්ස තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං, තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ ති. අලං පුණ්ණ, තිට්ඨතේතං, මා මං ඒතං පුච්ඡීති. දුතියම්පි ඛෝ ….(පෙ)…. තතියම්පි ඛෝ පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ භගවන්තං ඒතදවෝච; අයං භන්තේ, අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ දුක්කරකාරකෝ, ඡමානික්ඛිත්තං භුඤ්ජති. තස්ස තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං, තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ ති. අද්ධා ඛෝ තේ අහං පුණ්ණ න ලභාමි; අලං පුණ්ණ, තිට්ඨතේතං, මා මං ඒතං පුච්ඡීති. අපි ච ඛෝ ත්‍යාහං බ්‍යාකරිස්සාමි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කෝලිය ජනපදයෙහි හලිද්දවසන නම් වූ කෝලිය වරුන් ගේ නියම් ගමෙහි ය. එදා ගව ව්‍රතය සමාදන් වූ කෝලිය පුත්‍ර පුණ්ණ ත්, සුනඛ ව්‍රතය සමාදන් වූ නිරුවත් සේනිය ත් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. එසේ පැමිණි ගව ව්‍රතය සමාදන් වූ කෝලිය පුත්‍ර පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. සුනඛ ව්‍රතය සමාදන් වූ නිරුවත් සේනිය භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව නිමවා, සුනඛයෙකු ලෙසින් හැකිලී කරකැවී එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව හුන් ගව ව්‍රතය සමාදන් වූ කෝලිය පුත්‍ර පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට මෙය කිව්වා.

“ස්වාමීනී, මේ නිරුවත් සේනිය සුනඛ ව්‍රතය සමාදන් වෙලා ඉන්නෙ. දුෂ්කර ක්‍රියාවක් කරන්නෙ. බිමට දැමූ දෙයක් තමයි අනුභව කරන්නෙ. මොහු විසින් ඒ සුනඛ ව්‍රතය දිගු කලක් තිස්සේ සමාදන්ව සිටිනවා. ඉතින් ස්වාමීනී, මෙහු ගේ ගතිය කුමක් වේවි ද? පරලොව උපත කුමක් වේවි ද?”

“වැඩක් නැහැ පුණ්ණ, ඔය කාරණය එසේ ම තිබේවා! එය මගෙන් අසන්නට එපා.” දෙවෙනි වතාවට ත් ….(පෙ)…. තුන්වෙනි වතාවටත් ගව ව්‍රතය සමාදන් වූ කෝලිය පුත්‍ර පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට මෙය කිව්වා.

“ස්වාමීනී, මේ නිරුවත් සේනිය සුනඛ ව්‍රතය සමාදන් වෙලා ඉන්නෙ. දුෂ්කර ක්‍රියාවක් කරන්නෙ. බිමට දැමූ දෙයක් තමයි අනුභව කරන්නෙ. මොහු විසින් ඒ සුනඛ ව්‍රතය දිගු කලක් තිස්සේ සමාදන්ව සිටිනවා. ඉතින් ස්වාමීනී, මෙහු ගේ ගතිය කුමක් වේවි ද? පරලොව උපත කුමක් වේවි ද?”

“වැඩක් නැහැ පුණ්ණ, ඔය කාරණය එසේ ම තිබේවා! එය මගෙන් අසන්නට එපා කියල පුණ්ණ මා ඔබට පැවසූ බස මට ලැබෙන්නෙ නැහැ. එනිසා මං ඔබට එය ප්‍රකාශ කරන්නම්.

ඉධ පුණ්ණ, ඒකච්චෝ කුක්කුරවතං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කුක්කුරසීලං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කුක්කුරචිත්තං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කුක්කුරාකප්පං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, සෝ කුක්කුරවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කුක්කුරසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කුක්කුරාකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කායස්ස භේදා පරං මරණා කුක්කුරානං සහබ්‍යතං උපපජ්ජති. සචේ ඛෝ පනස්ස ඒවංදිට්ඨි හෝති: ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වා ති. සාස්ස හෝති මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨිස්ස ඛෝ අහං පුණ්ණ ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච්ඡානයෝනිං වා. ඉති ඛෝ පුණ්ණ සම්පජ්ජමානං කුක්කුරවතං කුක්කුරානං සහබ්‍යතං උපනේති. විපජ්ජමානං නිරයන්ති.

පුණ්ණය, මෙහිලා කෙනෙක් සුනඛ ව්‍රතය වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. සුනඛ සීලය වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. සුනඛ සිත වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. සුනඛ ආකල්ප වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. ඉතින් ඔහු සුනඛ ව්‍රතය පරිපූර්ණව නිරතුරුව වඩලා, සුනඛ සීලය පරිපූර්ණව නිරතුරුව වඩලා, සුනඛ සිත පරිපූර්ණව නිරතුරුව වඩලා, සුනඛ ආකල්ප පරිපූර්ණව නිරතුරුව වඩලා කය බිඳී මරණින් මතු සුනඛයන් ගේ ලෝකයෙහි උපත ලබනවා. ඉදින් යම් කෙනෙකුට මෙවැනි දෘෂ්ටියක් තිබුනොත්, ඒ කියන්නේ; ‘මං මේ සීලයෙන් වේවා, ව්‍රතයෙන් වේවා, තපසින් වේවා, බඹසරින් වේවා දෙවියෙක් වන්නෙමි. අන්‍ය වූ දෙවියෙක් හෝ වන්නෙමි’ කියා, එය ඔහු ගේ මිත්‍යා දෘෂ්ටිය යි. පුණ්ණය, මිත්‍යා දෘෂ්ටිකයා හට ගති දෙකක් අතරින් එක්තරා ගතියක් උරුම බවයි මා කියන්නේ. එක්කො නිරයේ උපත ලබනවා. එහෙම නැත්නම් තිරිසන් යෝනියේ උපදිනවා. පුණ්ණය, හුදෙක් සුනඛ ව්‍රතය සුනඛයන් ගේ ලෝකයෙහි උපත ලබා දෙනවා. වරදවා ගත් දෘෂ්ඨිය ඇති විට නිරයෙහි උපත ලබා දෙනවා.

ඒවං වුත්තේ අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ පරෝදි, අස්සූනි පවත්තේසි. අථ ඛෝ භගවා පුණ්ණං කෝලියපුත්තං ගෝවතිකං ඒතදවෝච: ඒතං ඛෝ තේ අහං පුණ්ණ නාලත්ථං: අලං පුණ්ණ, තිට්ඨතේතං මා මං ඒතං පුච්ඡී ති. නාහං භන්තේ ඒතං රෝදාමි, යං මං භගවා ඒවමාහ. අපි ච මේ ඉදං භන්තේ කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. අයඤ්ච භන්තේ පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ තස්ස තං ගෝවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති. කෝ අභිසම්පරායෝ ති. අලං සේනිය, තිට්ඨතේතං, මා මං ඒතං පුච්ඡී ති. දුතියම්පි ඛෝ ….(පෙ)…. තතියම්පි ඛෝ අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ භගවන්තං ඒතදවෝච: අයං භන්තේ පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ, තස්ස තං ගෝවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ ති. අද්ධා ඛෝ තේ අහං සේනිය, න ලභාමි: අලං සේනිය, තිට්ඨතේතං. මා මං ඒතං පුච්ඡීති. අපි ච ඛෝ ත්‍යාහං බ්‍යාකරිස්සාමි.

මෙසේ වදාළ කල්හි සුනඛ ව්‍රතයෙන් යුතු නිරුවත් සේනිය හඬන්නට පටන් ගත්තා. කඳුළු සැලුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ගව ව්‍රතයෙන් යුතු කෝලිය පුත්‍ර පුණ්ණයා හට මෙය වදාළා. “පුණ්ණය, ඔබට මා මුලින් කියූ බස මට ලැබුනේ නැහැ නෙව. ඒ කියන්නේ; ‘වැඩක් නැහැ පුණ්ණ, ඔය කාරණය එසේ ම තිබේවා! එය මගෙන් අසන්නට එපා’ කියල.” “භාග්‍යවතුන් වහන්සේ මා ගැන යමක් වදාළ සේක් ද, ස්වාමීනී, මං මේ හඬන්නේ ඒ කාරණයට නො වෙයි. නමුත් ස්වාමීනී, මං බොහෝ කලක් මුලුල්ලෙහි මේ සුනඛ ව්‍රතය සමාදන්ව සිටියා. ඒ වගේ ම ස්වාමීනී, මේ කෝලිය පුත්‍ර පුණ්ණයා ද ගව ව්‍රතය සමාදන්ව සිටිනවා. “ඉතින් ස්වාමීනී, මොහු ගේ ගතිය කුමක් වේවි ද? පරලොව උපත කුමක් වේවි ද?”

“වැඩක් නැහැ සේනිය, ඔය කාරණය එසේ ම තිබේවා! එය මගෙන් අසන්නට එපා.” දෙවෙනි වතාවට ත් ….(පෙ)…. තුන්වෙනි වතාවට ත් සුනඛ ව්‍රතය සමාදන් වූ නිරුවත් සේනිය භාග්‍යවතුන් වහන්සේට මෙය කිව්වා.

“ස්වාමීනී, මේ කෝලිය පුත්‍ර පුණ්ණයා ගව ව්‍රතය බොහෝ කලක් තිස්සේ සමාදන් වෙලා ඉන්නෙ. ඉතින් ස්වාමීනී, මොහු ගේ ගතිය කුමක් වේවි ද? පරලොව උපත කුමක් වේවි ද?”

“වැඩක් නැහැ සේනිය, ඔය කාරණය එසේ ම තිබේවා! එය මගෙන් අසන්නට එපා කියල සේනිය මා ඔබට පැවසූ බස මට ලැබෙන්නෙ නැහැ. එනිසා මං ඔබට එය ප්‍රකාශ කරන්නම්.

ඉධ සේනිය, ඒකච්චෝ ගෝවතං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, ගෝසීලං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, ගෝචිත්තං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, ගවාකප්පං භාවේති පරිපුණ්ණං අබ්බෝකිණ්ණං. සෝ ගෝවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, ගෝසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, ගෝචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, ගවාකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බෝකිණ්ණං, කායස්ස භේදා පරං මරණා ගුන්නං සහව්‍යතං උපපජ්ජති. සචේ ඛෝ පනස්ස ඒවංදිට්ඨි හෝති: ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වා ති. සාස්ස හෝති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිස්ස ඛෝ අහං සේනිය ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච්ඡානයෝනිං වා. ඉති ඛෝ සේනිය සම්පජ්ජමානං ගෝවතං ගුන්නං සහව්‍යතං උපනේති විපජ්ජමානං නිරයන්ති.

සේනිය, මෙහිලා කෙනෙක් ගව ව්‍රතය වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. ගව සීලය වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. ගව සිත වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. ගව ආකල්ප වඩනවා. පරිපූර්ණව නිරතුරුව වඩනවා. ඉතින් ඔහු ගව ව්‍රතය පරිපූර්ණව නිරතුරුව වඩලා, ගව සීලය පරිපූර්ණව නිරතුරුව වඩලා, ගව සිත පරිපූර්ණව නිරතුරුව වඩලා, ගව ආකල්ප පරිපූර්ණව නිරතුරුව වඩලා කය බිඳී මරණින් මතු ගවයන් ගේ ලෝකයෙහි උපත ලබනවා. ඉදින් යම් කෙනෙකුට මෙවැනි දෘෂ්ඨියක් තිබුනොත්, ඒ කියන්නේ; ‘මං මේ සීලයෙන් වේවා, ව්‍රතයෙන් වේවා, තපසින් වේවා, බඹසරින් වේවා දෙවියෙක් වන්නෙමි. අන්‍ය වූ දෙවියෙක් හෝ වන්නෙමි’ කියා. එය ඔහු ගේ මිත්‍යා දෘෂ්ටිය යි. සේනිය, මිත්‍යා දෘෂ්ටිකයා හට ගති දෙකක් අතරින් එක්තරා ගතියක් උරුම බවයි මා කියන්නේ. එක්කො නිරයේ උපත ලබනවා. එහෙම නැත්නම් තිරිසන් යෝනියේ උපදිනවා. සේනිය, හුදෙක් ගව ව්‍රතය ගවයන් ගේ ලෝකයෙහි උපත ලබා දෙනවා. වරදවා ගත් දෘෂ්ටිය ඇති විට නිරයෙහි උපත ලබා දෙනවා.”

ඒවං වුත්තේ පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ පරෝදි. අස්සූනි පවත්තේසි. අථ ඛෝ භගවා අචේලං සේනියං කුක්කුරවතිකං ඒතදවෝච: ඒතං ඛෝ තේ අහං සේනිය, නාලත්ථං: අලං සේනිය, තිට්ඨතේතං, මා මංඒතං පුච්ඡී ති. නාහං භන්තේ ඒතං රෝදාමි, යං මං භගවා ඒවමාහ. අපි ච මේ ඉදං භන්තේ ගෝවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. ඒවං පසන්නෝ අහං භන්තේ භගවති: පහෝති භගවා තථා ධම්මං දේසේතුං යථා අහඤ්චේවිමං ගෝවතං පජහෙය්‍යං. අයඤ්ච අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ තං කුක්කුරවතං පජහෙය්‍යාති. තේන හි පුණ්ණ සුණාහි. සාධුකං මනසි කරෝහි භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

මෙසේ වදාළ කල්හි ගව ව්‍රතයෙන් යුතු කෝලිය පුත්‍ර පුණ්ණයා හඬන්නට පටන් ගත්තා. කඳුළු සැලුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ සුනඛ ව්‍රතයෙන් යුතු නිරුවත් සේනිය හට මෙය වදාළා. “සේනිය, ඔබට මා මුලින් කියූ බස මට ලැබුනේ නැහැ නෙව. ඒ කියන්නෙ ‘වැඩක් නැහැ සේනිය, ඔය කාරණය එසේ ම තිබේවා! එය මගෙන් අසන්නට එපා’ කියල.” “භාග්‍යවතුන් වහන්සේ මා ගැන යමක් වදාළ සේක් ද, ස්වාමීනී, මං මේ හඬන්නේ ඒ කාරණයට නො වෙයි. නමුත් ස්වාමීනී, මං බොහෝ කලක් මුලුල්ලෙහි මේ ගව ව්‍රතය සමාදන්ව සිටියා. ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලයි ඉන්නෙ. අනේ ස්වාමීනී, මම මේ ගව ව්‍රතය අත්හරිනවා නම්, ඒ වගේ ම සුනඛ ව්‍රතයෙන් යුතු මේ නිරුවත් සේනිය ඒ සුනඛ ව්‍රතය අත්හරිනවා නම්’ ඒ අයුරින් ධර්ම දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ සමර්ථ වන සේක් ම යි.”

“පුණ්ණය, එසේ නම් සවන් යොමා අසන්න. මැනවින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය ස්වාමීනී” කියල ගව ව්‍රතයෙන් යුතු කෝලිය පුත්‍ර පුණ්ණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.

චත්තාරිමානි පුණ්ණ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදිතානි. කතමානි චත්තාරි: අත්ථි පුණ්ණ කම්මං කණ්හං කණ්හවිපාකං, අත්ථි පුණ්ණ කම්මං සුක්කං සුක්කවිපාකං, අත්ථි පුණ්ණ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං, අත්ථි පුණ්ණ කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං කම්මං කම්මක්ඛයාය සංවත්තති.

“පුණ්ණ, මා විසින් තමා තුළ උපදවා ගත් විශිෂ්ට වූ ඤාණයෙන් යුතුව, ප්‍රත්‍යක්ෂව දැනගෙන පවසන ලද්දා වූ කර්මයන් සතරක් තියෙනවා. ඒ කවර සතරක් ද යත්; පුණ්ණය, අඳුරු විපාක ඇති අඳුරු කර්මයක් තිබෙනවා. දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මයක් තිබෙනවා. අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු – දීප්තිමත් කර්මයක් තිබෙනවා. අඳුරු ත් නො වූ, දීප්තිමත් ද නොවූ විපාක ඇති අඳුරු ත් නො වන, දීප්තිමත් ද නො වන, කර්මක්ෂය වීම පිණිස පවතින්නා වූ කර්මයකුත් තිබෙනවා.

කතමඤ්ච පුණ්ණ කම්මං කණ්හං කණ්හවිපාකං: ඉධ පුණ්ණ ඒකච්චෝ සබ්‍යාබජ්ඣං කායසංඛාරං අභිසංඛරෝති. සබ්‍යාබජ්ඣං වචීසංඛාරං අභිසංඛරෝති. සබ්‍යාබජ්ඣං මනෝසංඛාරං අභිසංඛරෝති. සෝ සබ්‍යාබජ්ඣං කායසංඛාරං අභිසංඛරිත්වා සබ්‍යාබජ්ඣං වචීසංඛාරං අභිසංඛරිත්වා සබ්‍යාබජ්ඣං මනෝසංඛාරං අභිසංඛරිත්වා සබ්‍යාබජ්ඣං ලෝකං උපපජ්ජති. තමේනං සබ්‍යාබජ්ඣං ලෝකං උපපන්නං සමානං සබ්‍යාබජ්ඣා ඵස්සා ඵුසන්ති. සෝ සබ්‍යාපජ්ඣේහි ඵස්සේහි ඵුට්ඨෝ සමානෝ සබ්‍යාපජ්ඣං වේදනං වේදේති ඒකන්තදුක්ඛං. සෙය්‍යථාපි සත්තා නේරයිකා. ඉති ඛෝ පුණ්ණ භූතා භූතස්ස උපපත්ති හෝති. යං කරෝති තේන උපපජ්ජති. උපපන්නමේනං ඵස්සා ඵුසන්ති. ඒවම්පහං පුණ්ණ කම්මදායාදා සත්තාති වදාමි. ඉදං වුච්චති පුණ්ණ කම්මං කණ්හං කණ්හවිපාකං.

පුණ්ණය, අඳුරු විපාක ඇති අඳුරු කර්මය කුමක් ද? පුණ්ණය, මෙහිලා ඇතැම් කෙනෙක් දරුණු වූ කායික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. දරුණු වූ වාචසික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. දරුණු වූ මානසික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. ඉතින් ඔහු දරුණු වූ කායික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, දරුණු වූ වාචසික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, දරුණු වූ මානසික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, දරුණු වූ ස්වභාවයෙන් යුතු ලෝකයෙහි උපදිනවා. ඉතින් ඔහු දරුණු ස්වභාවයෙන් යුතු ලෝකයෙහි ඉපිද දරුණු වූ දුක්ඛ විපාකයන් ස්පර්ශ කරනවා. ඔහු දරුණු වූ දුක්ඛ විපාක ස්පර්ශයෙන් පහස්නා ලදුව ඒකාන්තයෙන් ම දරුණු වූ දුක් විඳීම් විඳිනවා. නිරයේ උපන්නා වූ සතුනුත් ඒ වගේ තමයි. පුණ්ණය, ඔය විදිහට කර්මයන් ගෙන් සකස් වුන සත්වයා තමයි, එබඳු වූ සත්වයෙකු ගේ උපතකට යන්නේ. යමක් කරනවා ද, ඒ කරන දේට අනුවයි උපදින්නේ. උපන්නා වූ සත්වයා ඒ ස්පර්ශයන් ගේ පහස ලබනවා. මේ ආකාරයෙන් පුණ්ණ, මා කියන්නේ සත්වයන් කර්මය දායාද කොට සිටින බවයි. පුණ්ණය, මෙයට තමයි අඳුරු විපාක ඇති අඳුරු කර්මය කියා කියන්නේ.

කතමඤ්ච පුණ්ණ කම්මං සුක්කං සුක්කවිපාකං: ඉධ පුණ්ණ ඒකච්චෝ අබ්‍යාපජ්ඣං කායසංඛාරං අභිසංඛරෝති. අබ්‍යාපජ්ඣං වචීසංඛාරං අභිසංඛරෝති. අබ්‍යාපජ්ඣං මනෝසංඛාරං අභිසංඛරෝති. සෝ අබ්‍යාපජ්ඣං කායසංඛාරං අභිසංඛරිත්වා අබ්‍යාපජ්ඣං වචීසංඛාරං අභිසංඛරිත්වා අබ්‍යාපජ්ඣං මනෝසංඛාරං අභිසංඛරිත්වා අබ්‍යාපජ්ඣං ලෝකං උපපජ්ජති. තමේනං අබ්‍යාපජ්ඣං ලෝකං උපපන්නං සමානං අබ්‍යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සෝ අබ්‍යාපජ්ඣේහි ඵස්සේහි ඵුට්ඨෝ සමානෝ අබ්‍යාපජ්ඣං වේදනං වේදේති ඒකන්තසුඛං, සෙය්‍යථාපි දේවා සුභකිණ්හා. ඉති ඛෝ පුණ්ණ භූතා භූතස්ස උපපත්ති හෝති. යං කරෝති තේන උපපජ්ජති. උපපන්නමේනං ඵස්සා ඵුසන්ති. ඒවංපාහං පුණ්ණ කම්මදායාදා සත්තාති වදාමි. ඉදං වුච්චති පුණ්ණ කම්මං සුක්කං සුක්කවිපාකං.

පුණ්ණය, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය කුමක් ද? පුණ්ණය, මෙහිලා ඇතැම් කෙනෙක් කාරුණික වූ කායික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. කාරුණික වූ වාචසික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. කාරුණික වූ මානසික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. ඉතින් ඔහු කාරුණික වූ කායික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, කාරුණික වූ වාචසික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, කාරුණික වූ මානසික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, සැනසිලිදායක ස්වභාවයෙන් යුතු ලෝකයෙහි උපදිනවා. ඉතින් ඔහු සැනසිලිදායක ස්වභාවයෙන් යුතු ලෝකයෙහි ඉපිද සැනසිලිදායක වූ සැප විපාකයන් ස්පර්ශ කරනවා. ඔහු සැනසිලිදායක වූ සැප විපාක ස්පර්ශයෙන් පහස්නා ලදුව ඒකාන්තයෙන් ම සැනසිලිදායක විඳීම් විඳිනවා. සුභකිණ්ණ දෙවියනුත් ඒ වගේ තමයි. පුණ්ණය, ඔය විදිහට කර්මයන් ගෙන් සකස් වුන සත්වයා තමයි, එබඳු වූ සත්වයෙකු ගේ උපතකට යන්නේ. යමක් කරනවා ද, ඒ කරන දේට අනුවයි උපදින්නේ. උපන්නා වූ සත්වයා ඒ ස්පර්ශයන් ගේ පහස ලබනවා. මේ ආකාරයෙන් පුණ්ණ, මා කියන්නේ සත්වයන් කර්මය දායාද කොට සිටින බවයි. පුණ්ණය, මෙයට තමයි දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය කියා කියන්නේ.

කතමඤ්ච පුණ්ණ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං: ඉධ පුණ්ණ ඒකච්චෝ සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි කායසංඛාරං අභිසංඛරෝති. සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි වචීසංඛාරං අභිසංඛරෝති. සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි මනෝසංඛාරං අභිසංඛරෝති. සෝ සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි කායසංඛාරං අභිසංඛරිත්වා සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි වචීසංඛාරං අභිංඛරිත්වා සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි මනෝසංඛාරං අභිසංඛරිත්වා සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි ලෝකං උපපජ්ජති. තමේනං සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි ලෝකං උපපන්නං සමානං සබ්‍යාපජ්ඣාපි අබ්‍යාපජ්ඣාපි ඵස්සා ඵුසන්ති. සෝ සබ්‍යාපජ්ඣේහිපි අබ්‍යාපජ්ඣේහිපි ඵස්සේහි ඵුට්ඨෝ සමානෝ සබ්‍යාපජ්ඣම්පි අබ්‍යාපජ්ඣම්පි වේදනං වේදේති වෝකිණ්ණසුඛදුක්ඛං, සෙය්‍යථාපි මනුස්සා ඒකච්චේ ච දේවා ඒකච්චේ ච විනිපාතිකා. ඉති ඛෝ, පුණ්ණ භූතා භූතස්ස උපපත්ති හෝති. යං කරෝති තේන උපපජ්ජති. උපපන්නමේනං ඵස්සා ඵුසන්ති. ඒවංපාහං පුණ්ණ කම්මදායාදා සත්තාති වදාමි. ඉදං වුච්චති පුණ්ණ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.

පුණ්ණය, අඳුරු වූත්, දීප්තිමත් වූත් විපාක ඇති අඳුරු – දීප්තිමත් කර්මය යනු කුමක් ද? පුණ්ණය, මෙහිලා ඇතැම් කෙනෙක් දරුණු වූත්, කාරුණික වූත් කායික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. දරුණු වූත්, කාරුණික වූත් වාචසික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. දරුණු වූ ත්, කාරුණික වූ ත් මානසික ක්‍රියාවන් ගෙන් කටයුතු කරනවා. ඉතින් ඔහු දරුණු වූ ත්, කාරුණික වූ ත් කායික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, දරුණු වූ ත්, කාරුණික වූ ත් වාචසික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, දරුණු වූ ත්, කාරුණික වූ ත් මානසික ක්‍රියාවන් ගෙන් කටයුතු කොට, දුක්ඛදායක වූ ත් – සැනසිලිදායක වූ ත් ස්වභාවයෙන් යුතු ලෝකයෙහි උපදිනවා. ඉතින් ඔහු දුක්ඛදායක වූ ත් – සැනසිලිදායක වූ ත් ස්වභාවයෙන් යුතු ලෝකයෙහි ඉපිද දුක්ඛදායක වූ ත් – සැනසිලිදායක වූ ත් සුඛ දුක් මිශ්‍ර වූ විපාකයන් ස්පර්ශ කරනවා. ඔහු සුඛ දුක් මිශ්‍ර වූ විපාක ස්පර්ශයෙන් පහස්නා ලදුව ඒකාන්තයෙන් ම සුඛ දුක් මිශ්‍ර විඳීම් විඳිනවා. මනුෂ්‍යයින්, ඇතැම් දෙවිවරුන්, ඇතැම් විනිපාතිකයින් ඒ වගේ තමයි. පුණ්ණය, ඔය විදිහට කර්මයන් ගෙන් සකස් වුන සත්වයා තමයි, එබඳු වූ සත්වයෙකු ගේ උපතකට යන්නේ. යමක් කරනවා ද, ඒ කරන දේට අනුවයි උපදින්නේ. උපන්නා වූ සත්වයා ඒ ස්පර්ශයන් ගේ පහස ලබනවා. මේ ආකාරයෙන් පුණ්ණ, මා කියන්නේ සත්වයන් කර්මය දායාද කොට සිටින බව යි. පුණ්ණය, මෙයට තමයි අඳුරු-දීප්තිමත් විපාක ඇති අඳුරු-දීප්තිමත් කර්මය කියා කියන්නේ.

කතමඤ්ච පුණ්ණ කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං, කම්මක්ඛයාය සංවත්තති, තත්‍ර පුණ්ණ යමිදංකම්මං කණ්හං කණ්හවිපාකං තස්ස පහානාය යා චේතනා, යම්පිදං කම්මං සුක්කං සුක්කවිපාකං තස්ස පහානාය යා චේතනා, යම්පිදං කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං තස්ස පහානාය යා චේතනා, ඉදං වුච්චති පුණ්ණ කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං, කම්මක්ඛයාය සංවත්තතීති. ඉමානි ඛෝ පුණ්ණ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදිතානීති.

පුණ්ණය, අඳුරු ත් නො වූ, දීප්තිමත් ද නො වූ විපාක ඇති අඳුරු ත් නො වන, දීප්තිමත් ද නො වන, කර්මක්ෂය වීම පිණිස පවතින්නා වූ කර්මය කුමක් ද? පුණ්ණය, එහිදී යම් මේ කර්මයක් අඳුරු වේ නම්, අඳුරු විපාකයෙන් යුක්ත වේ නම්, එය ප්‍රහාණය කිරීම සඳහා යම් චේතනාවක් ඇද්ද, ඒ වගේ ම යම් මේ කර්මයක් දීප්තිමත් වේ නම්, දීප්තිමත් විපාකයෙන් යුක්ත වේ නම්, එය ප්‍රහාණය කිරීම සඳහා යම් චේතනාවක් ඇද්ද, ඒ වගේ ම යම් මේ කර්මයක් අඳුරු ද , දීප්තිමත් ද වෙයි නම්, අඳුරු – දීප්තිමත් විපාකයෙන් යුක්ත වේ නම්, එය ප්‍රහාණය කිරීම සඳහා යම් චේතනාවක් ඇද්ද, පුණ්ණය, මෙයට තමයි කියන්නේ අඳුරු ත් නො වූ, දීප්තිමත් ද නො වූ විපාක ඇති අඳුරු ත් නො වන, දීප්තිමත් ද නො වන, කර්මක්ෂය වීම පිණිස පවතින්නා වූ කර්මය කියා. පුණ්ණය, ඔන්න ඔය කර්ම සතර තමයි මා විසින් විශිෂ්ට වූ ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැන් ප්‍රකාශ කරන ලද්දේ.”

ඒවං වුත්තේ පුණ්ණෝ කෝලියපුත්තෝ ගෝවතිකෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ ….(පෙ)…. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති. අචේලෝ පන සේනියෝ කුක්කුරවතිකෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ, අභික්කන්තං, භන්තේ, සෙය්‍යථාපි භන්තේ ….(පෙ)…. පකාසිතෝ. ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ලභෙය්‍යාහං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං. ලභෙය්‍යං උපසම්පදන්ති.

මෙසේ වදාළ කල්හි ගව ව්‍රතය ඇති කෝලිය පුත්‍ර පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා. “ස්වාමීනී, ඉතා සොඳුරුයි! ස්වාමීනී, ඉතා සොඳුරුයි! ස්වාමීනී, යම් සේ ….(පෙ)…. අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මාව පිළිගන්නා සේක්වා!” සුනඛ ව්‍රත ඇති නිරුවත් සේනිය ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා. “ස්වාමීනී, ඉතා සොඳුරුයි! ස්වාමීනී, ඉතා සොඳුරුයි! ස්වාමීනී, යම් සේ ….(පෙ)…. දෙසා වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේව ද, ශ්‍රී සද්ධර්මය ද, ආර්ය සංඝයා ද සරණ යමි. ස්වාමීනී, මා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිද්ද ලබම්වා! උපසම්පදාව ද ලබම්වා!”

යෝ ඛෝ සේනිය අඤ්ඤතිත්ථියපුබ්බෝ ඉමස්මිං ධම්මවිනයේ ආකංඛති පබ්බජ්ජං, ආකංඛති උපසම්පදං. සෝ චත්තාරෝ මාසේ පරිවසති චතුන්නං මාසානං අච්චයේන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවේමත්තතා විදිතාති. සචේ භන්තේ අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයේ ආකංඛන්තා පබ්බජ්ජං, ආකංඛන්තා උපසම්පදං, චත්තාරෝ මාසේ පරිවසන්ති. චතුන්නං මාසානං අච්චයේන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි. චතුන්නං මං වස්සානං අච්චයේන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු, උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති. අලත්ථ ඛෝ අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නෝ ඛෝ පනායස්මා සේනියෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ඛෝ පනායස්මා සේනියෝ අරහතං අහෝසීති.

“සේනිය, යමෙක් කලින් අන්‍යාගමික කෙනෙක් වශයෙන් සිටියේ නම්, ඔහු මේ ධර්ම විනයෙහි පැවිදි බව කැමති වූ විට, උපසම්පදාව කැමති වූ විට, ඒ තැනැත්තා සිව් මාසයක පරිවාස කාලයක් ගත කරයි. එවිට ඒ සිව් මාසය ඇවෑමෙන් ඔහු කෙරෙහි සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා ඔහුව පැවිදි කරනවා ඇති. භික්ෂුභාවය පිණිස උපසම්පදා කරනවා ඇති. ඒ වගේ ම මෙකරුණෙහි ලා මා විසින් පුද්ගලයන් ගේ විවිධත්වය ද දැන ගෙනයි ඉන්නෙ.” “ඉදින් ස්වාමීනී, අන්‍යාගමිකව සිටි උදවිය මේ ධර්ම විනයෙහි පැවිදි බව කැමති වූ විට, උපසම්පදාව කැමති වූ විට සාර මාසයක් පිරිවෙස් වසනවා නම්, ඒ සාර මාසය ඇවෑමෙන් ඒ උදවිය කෙරෙහි සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා ඒ උදවිය පැවිදි කරනවා නම්, භික්ෂුභාවය පිණිස උපසම්පදා කරනවා නම්, මම සතර අවුරුද්දක් වුණත් පිරිවෙස් වසන්නම්. සතර අවුරුද්ද ඇවෑමෙන් මා කෙරෙහි පහන් සිත් ඇති භික්ෂූන් වහන්සේලා මාව පැවිදි කරන සේක්වා! භික්ෂුභාවය පිණිස උපසම්පදා කරන සේක්වා!”

සුනඛ ව්‍රත ඇති නිරුවත් සේනිය භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ද ලැබුවා. ඉතින් ආයුෂ්මත් සේනියන් වහන්සේ උපසම්පදා වී සුළු කාලයකින් හුදෙකලා වුනා. හුදෙකලාවෙහි අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා ධර්මයෙහි හැසිරුනා. යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනාකොට ගිහි ගෙයින් නික්මී ගෞතම ශාසනයෙහි පැවිදි වෙත් ද, නොබෝ කලකින් ම ඒ උතුම් අර්ථය වන මේ බඹසරෙහි මුදුන්පත්වීම වන අරහත් ඵලය මේ ජීවිතයේ දී ම තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට ගෙන වාසය කළා. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය වසන ලද්දේ ය. කළ යුතු දේ කරන ලද්දේ ය. ඒ අමා නිවන පිණිස කළ යුතු අන් කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඒ ආයුෂ්මත් සේනියන් වහන්සේ ද මේ ශාසනයෙහි රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත්වුනා.

සාදු! සාදු!! සාදු!!!

කුක්කුරවතිය සුත්තං සත්තමං.

සුනඛ ව්‍රත ගත් තවුසන් අරභයා වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M