මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.1.4. පෝතලිය සුත්තං

2.1.4. පෝතලිය ගෘහපතියා හට වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසු විහරති ආපණං නාම අංගුත්තරාපානං නිගමෝ. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ආපණං පිණ්ඩාය පාවිසි. ආපණේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේනඤ්ඤතරෝ වනසණ්ඩෝ තේනුපසංකමි දිවාවිහාරාය. තං වනසණ්ඩං අජ්ඣෝගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසීදි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අංගුත්තරාප ජනපදයෙහි ආපණ නම් වූ අංගුත්තරාපයින් ගේ නියම් ගමෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන, පාත්තරය ගෙන ආපණ නියම් ගමට පිඬු සිඟා වැඩියා. ආපණ ගමෙහි පිඬු සිඟා වැඩම කොට දන් වැළඳීමෙන් පසු දිවා විහරණය පිණිස, එහි එක්තරා වන ලැහැබකට වැඩම කළා. ඒ වන ලැහැබ ඇතුළට වැඩ, එක්තරා රුක් සෙවනක දිවා විහරණයෙන් වැඩසිටියා.

පෝතලියෝපි ඛෝ ගහපති සම්පන්නනිවාසනපාපුරණෝ ඡත්තුපාහනාහි ජංඝාවිහාරං අනුවිචරමානෝ අනුචංකමමානෝ යේන සෝ වනසණ්ඩෝ තේනුපසංකමි. තං වනසණ්ඩං අජ්ඣෝගහෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතං ඛෝ පෝතලියං ගහපතිං භගවා ඒතදවෝච: ‘සංවිජ්ජන්තේ ඛෝ ගහපති ආසනානි සචේ ආකංඛසි නිසීදා’ති. ඒවං වුත්තේ පෝතලියෝ ගහපති ‘ගහපතිවාදේන මං සමණෝ ගෝතමෝ සමුදාචරතී’ති කුපිතෝ අනත්තමනෝ තුණ්හී අහෝසි. දුතියම්පි ඛෝ භගවා පෝතලියං ගහපතිං ඒතදවෝච ‘සංවිජ්ජන්ති ඛෝ ගහපති ආසනානි, සචේ ආකංඛසි නිසීදා’ති. ඒවං වුත්තේ පෝතලියෝ ගහපති ‘ගහපතිවාදේන මං සමණෝ ගෝතමෝ සමුදාචරතී’ති කුපිතෝ අනත්තමනෝ භගවන්තං ඒතදවෝච: ‘තයිදං භෝ ගෝතම නච්ඡන්නං, තයිදං නප්පතිරූපං, යං මං ත්වං ගහපතිවාදේන සමුදාචරසී’ති.

පෝතලිය නම් වූ ගෘහපතියා ද, හොඳින් හැඳ පොරවා ගෙන, කුඩයක් ඉහලා ගෙන, පාවහන් දමා ගෙන ව්‍යායාම පිණිස ඔබමොබ සක්මන් කරමින් ඒ වන ලැහැබ වෙත පැමිණුනා. ඒ වන ලැහැබ ඇතුළට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට ත් පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදුනා. එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි පෝතලිය ගෘහපතියා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් ගෘහපතිය, මේ ආසන තියෙන්නෙ. කැමති නම් වාඩි වෙන්න.” මෙසේ වදාළ විට පෝතලිය ගෘහපතියා ‘ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතියා කියා අගෞරව වචනයකින් කතා කළා නෙව’ කියා කිපුනා. නො සතුටු වුනා. නිශ්ශබ්ද වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වතාවත් පෝතලිය ගෘහපතියා හට මෙය වදාළා. “පින්වත් ගෘහපතිය, මේ ආසන තියෙන්නෙ. කැමති නම් වාඩි වෙන්න.” මෙසේ වදාළ විට දෙවෙනි වතාවටත් පෝතලිය ගෘහපතියා ‘ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතියා කියා අගෞරව වචනයකින් කතා කළා නෙව’ කියා කිපුනා. නො සතුටු වුනා. නිශ්ශබ්ද වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි වතාවටත් පෝතලිය ගෘහපතියා හට මෙය වදාළා. “පින්වත් ගෘහපතිය, මේ ආසන තියෙන්නෙ. කැමති නම් වාඩි වෙන්න.” මෙසේ වදාළ විට තුන්වෙනි වතාවටත් පෝතලිය ගෘහපතියා ‘ශ්‍රමණ ගෞතමයන් මට ‘ගෘහපතියා’ කියා අගෞරව වචනයකින් කතා කළා නෙව’ කියා කිපිලා, නො සතුටු වෙලා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයනි, යම් හෙයකින් ඔබ මා හට ‘ගෘහපතිය’ යන වචනයෙන් අමතා කරයි ද, ඒ වචනය හරි නැහැ. ඒ වචනය ගැලපෙන්නෙ නැහැ.”

තේ හි තේ ගහපති ආකාරා තේ ලිංගා තේ නිමිත්තා යථා තං ගහපතිස්සාති. තථාහි පන මේ භෝ ගෝතම සබ්බේ කම්මන්තා පටික්ඛිත්තා, සබ්බේ වෝහාරා සමුච්ඡින්නාති. ‘යථා කථං පන තේ ගහපති සබ්බේ කම්මන්තා පටික්ඛිත්තා, සබ්බේ වෝහාරා සමුච්ඡින්නා’ති. ‘ඉධ මේ භෝ ගෝතම යං අහෝසි ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා සබ්බං තං පුත්තානං දායජ්ජං නිය්‍යාතං, තත්ථාහං අනෝවාදී අනුපවාදී ඝාසච්ඡාදනපරමෝ විහරාමි. ඒවං ඛෝ මේ භෝ ගෝතම සබ්බේ කම්මන්තා පටික්ඛිත්තා සබ්බේ වෝහාරා සමුච්ඡින්නා’ති.

“පින්වත් ගෘහපතිය, ඔබ ගේ ඒ ආකාරයේ සටහන් තියෙනව නෙව. ඒ ආකාරයේ හැඩරුව තියෙනව නෙව. ඒ කියන්නෙ ගිහියෙකු ගෙ වගේ නෙව.”

“නමුත් භවත් ගෞතමයනි, මා සෑම කර්මාන්ත කටයුත්තක් ම බැහැර කරලයි ඉන්නෙ. සෑම ව්‍යවහාරයක් ම මුලින් සිඳ දමලයි ඉන්නෙ.”

“පින්වත් ගෘහපතිය, ඔබ සෑම කර්මාන්ත කටයුත්තක් ම බැහැර කළේ කොයි විදිහට ද? ඔබ සෑම ව්‍යවහාරයක් ම මුලින් සිඳ දැම්මෙ කොයි විදිහට ද?”

“භවත් ගෞතමයනි, මෙහිලා මට යම් ධනයක් තිබුනා නම්, ධාන්‍ය තිබුනා නම්, රිදී වේවා, මිල මුදල් ආදියක් වේවා තිබුනා නම්, ඒ සෑම දෙයක් ම මම දරුවන්ට දායාද හැටියට දුන්නා. ඒ ගැන මම අවවාද ලබන කෙනෙක් නො වෙයි. අපහාස ලබන කෙනෙක් නො වෙයි. ඒ නිසා මං ආහාරයකට, ඇඳුමකට වගේ මූලික දේකට යමක් අරගෙන ඉන්නවා විතරයි. භවත් ගෞතමයනි, ඔන්න ඔය විදිහට යි සෑම කර්මාන්ත කටයුත්තක් ම බැහැර කළේ. ඔය විදිහට යි සෑම ව්‍යවහාරයක් ම මුලින් සිඳ දැම්මෙ.”

අඤ්ඤථා ඛෝ ත්වං ගහපති වෝහාරසමුච්ඡේදං වදසි අඤ්ඤථා ච පන අරියස්ස විනයේ වෝහාරසමුච්ඡේදෝ හෝතී’ති. යථා කථං පන භන්තේ අරියස්ස විනයේ වෝහාරසමුච්ඡේදෝ හෝති. සාධු මේ භන්තේ භගවා තථා ධම්මං දේසේතු. යථා අරියස්ස විනයේ වෝහාරසමුච්ඡේදෝ හෝතී’ති. තේන හි ගහපති සුණාහි සාධුකං මනසිකරෝහි භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ පෝතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච;

“පින්වත් ගෘහපතිය, ඔබ ව්‍යවහාරය සමුච්ඡේදනය කළ බව පැවසුවේ වෙන අයුරකිනුයි. නමුත් ආර්ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදනය වන්නේ ඔයිට වෙනස් අයුරකිනුයි.”

“ස්වාමීනී, ආර්ය විනයෙහි ව්‍යවහාරය මුලින් ම සිඳ දැමීම වන්නේ කොයි ආකාරයෙන් ද? ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් අයුරකින් ආර්ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදනයක් වන්නේ ද, ඒ අයුරින් මට දහම් දෙසන සේක්වා!”

“එසේ වී නම් ගෘහපතිය, හොඳින් සවන් යොමන්න. මැනවින් නුවණින් විමසන්න. මා කියා දෙන්නම්.”

“එසේ ය ස්වාමීනී” කියා පෝතලිය ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

අට්ඨ ඛෝ ඉමේ ගහපති ධම්මා අරියස්ස විනයේ වෝහාරසමුච්ඡේදාය සංවත්තන්ති. කතමේ අට්ඨ: අපාණාතිපාතං නිස්සාය පාණාතිපාතෝ පහාතබ්බෝ, දින්නාදානං නිස්සාය අදින්නාදානං පහාතබ්බං, සච්චං වාචං නිස්සාය මුසාවාදෝ පහාතබ්බෝ, අපිසුණං වාචං නිස්සාය පිසුණා වාචා පහාතබ්බා, අගිද්ධිලෝභං නිස්සාය ගිද්ධිලෝභෝ පහාතබ්බෝ, අනින්දාරෝසං නිස්සාය නින්දාරෝසෝ පහාතබ්බෝ, අක්කෝධූපායාසං නිස්සාය කෝධූපායාසෝ පහාතබ්බෝ, අනතිමානං නිස්සාය අතිමානෝ පහාතබ්බෝ. ඉමේ ඛෝ ගහපති අට්ඨ ධම්මා සංඛිත්තේන වුත්තා විත්ථාරේන අවිභත්තා අරියස්ස විනයේ වෝහාරසමුච්ඡේදාය සංවත්තන්තී’ති.

“පින්වත් ගෘහපතිය, ව්‍යවහාරය මුලින් ම සිඳලීම පිණිස පවතින්නා වූ මෙම ධර්ම අට තමයි ආර්ය විනයෙහි තියෙන්නෙ. ඒ කවර අටක් ද යත්; ප්‍රාණඝාතය නො කිරීම භාවිතා කිරීමෙන්, ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි. දුන් දෙය පමණක් ගැනීම භාවිතා කිරීමෙන්, සොරකම ප්‍රහාණය කළ යුතුයි. සත්‍ය වචනය භාවිතා කිරීමෙන්, බොරු කීම ප්‍රහාණය කළ යුතුයි. කේළාම් රහිත වචනය භාවිතා කිරීමෙන්, කේළම ප්‍රහාණය කළ යුතුයි. ගිජු ලෝභය නැතිකම භාවිතා කිරීමෙන්, ගිජු ලෝභය ප්‍රහාණය කළ යුතුයි. නින්දා අපහාස නො කිරීම භාවිතා කිරීමෙන්, නින්දා අපහාස ප්‍රහාණය කළ යුතුයි. ක්‍රෝධ උපායාස නො කිරීම භාවිතා කිරීමෙන්, ක්‍රෝධ උපායාස ප්‍රහාණය කළ යුතුයි. නිහතමානී බව භාවිතා කිරීමෙන්, අතිමානය ප්‍රහාණය කළ යුතුයි. පින්වත් ගෘහපතිය, සංක්ෂේපයෙන් පවසන ලද, විස්තර වශයෙන් විග්‍රහ නො කරන ලද ඔය ධර්ම අට තමයි ආර්ය විනයෙහි ව්‍යවහාරය මුලින් ම සිඳලීම පිණිස පවතින්නේ.”

යේමේ භන්තේ භගවතා අට්ඨ ධම්මා සංඛිත්තේන වුත්තා විත්ථාරේන අවිභත්තා අරියස්ස විනයේ වෝහාරසමුච්ඡේදාය සංවත්තන්ති. සාධු මේ භන්තේ භගවා ඉමේ අට්ඨ ධම්මේ විත්ථාරේන විභජතු අනුකම්පං උපාදායාති. තේන හි ගහපති සුණාහි සාධුකං මනසිකරෝහි. භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ පෝතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද, විස්තර වශයෙන් විග්‍රහ නො කරන ලද ඔය ධර්ම අට ආර්ය විනයෙහි ව්‍යවහාරය මුලින් ම සිඳලීම පිණිස පවතිනවා ද? ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඔය ධර්ම අට අනුකම්පා උපදවා විස්තර වශයෙන් විග්‍රහ කොට වදාරණ සේක්වා!”

“එසේ වී නම් පින්වත් ගෘහපතිය, සවන් යොමා අසන්න. මැනවින් නුවණින් විමසන්න. මා කියා දෙන්නම්.”

“එසේ ය, ස්වාමීනී” කියා පෝතලිය ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

‘අපාණාතිපාතං නිස්සාය පාණාතිපාතෝ පහාතබ්බෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු පාණාතිපාතී අස්සං, තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ; අහඤ්චේව ඛෝ පන පාණාතිපාතී අස්සං අත්තාපි මං උපවදෙය්‍ය පාණාතිපාතපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං පාණාතිපාතපච්චයා, කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා පාණාතිපාතපච්චයා. ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං පාණාතිපාතෝ, යේ ච පාණාතිපාතපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, පාණාතිපාතා පටිවිරතස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අපාණාතිපාතං නිස්සාය පාණාතිපාතෝ පහාතබ්බෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

“පින්වත් ගෘහපතිය, ‘ප්‍රාණඝාතය නො කිරීම භාවිතා කිරීමෙන්, ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා ප්‍රාණඝාත කරන කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම ප්‍රාණඝාතය කරන කෙනෙක් වුනොත්, ප්‍රාණඝාත හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. ප්‍රාණඝාත හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. ප්‍රාණඝාත හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ ප්‍රාණඝාතය කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. ප්‍රාණඝාත හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, ප්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිස යි, ‘ප්‍රාණඝාතය නො කිරීම භාවිතා කිරීමෙන්, ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

‘දින්නාදානං නිස්සාය අදින්නාදානං පහාතබ්බ’න්ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු අදින්නාදායී අස්සං, තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ අහඤ්චේව ඛෝ පන අදින්නාදායී අස්සං, අත්තාපි මං උපවදෙය්‍ය අදින්නාදානපච්චයා. අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං අදින්නාදානපච්චයා. කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා අදින්නාදානපච්චයා. ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං අදින්නාදානං, යේ ච අදින්නාදානපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අදින්නාදානා පටිවිරතස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘දින්නාදානං නිස්සාය අදින්නාදානං පහාතබ්බ’න්ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් ගෘහපතිය, ‘දුන් දෙය පමණක් ගැනීම භාවිතා කිරීමෙන්, සොරකම ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා සොරකම් කරන කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම සොරකම් කරන කෙනෙක් වුනොත්, සොරකම හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. සොරකම හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. සොරකම හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ සොරකම කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. සොරකම හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, සොරකමින් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිස යි, ‘දුන් දෙය පමණක් ගැනීම භාවිතා කිරීමෙන්, සොරකම ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

‘සච්චං වාචං නිස්සාය මුසාවාදෝ පහාතබ්බෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු මුසාවාදී අස්සං. තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ. අහඤ්චේව ඛෝ පන මුසාවාදී අස්සං, අත්තාපි මං උපවදෙය්‍ය මුසාවාදපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං මුසාවාදපච්චයා, කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා මුසාවාදපච්චයා. ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං මුසාවාදෝ, යේ ච මුසාවාදපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. මුසාවාදා පටිවිරතස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘සච්චං වාචං නිස්සාය මුසාවාදෝ පහාතබ්බෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් ගෘහපතිය, ‘සත්‍ය වචනය භාවිතා කිරීමෙන්, බොරු කීම ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා බොරු කියන කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම බොරු කියන කෙනෙක් වුනොත්, බොරු කීම හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. බොරු කීම හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. බොරු කීම හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ බොරු කීම කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. බොරු කීම හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, බොරු කීමෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිස යි, ‘සත්‍ය වචනය භාවිතා කිරීමෙන් බොරු කීම ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

‘අපිසුණං වාචං නිස්සාය පිසුණා වාචා පහාතබ්බා’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු පිසුණාවාචෝ අස්සං, තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ අහඤ්චේව ඛෝ පන පිසුණාවාචෝ අස්සං, අත්තාපි මං උපවදෙය්‍ය පිසුණා වාචපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං පිසුණාවාචපච්චයා, කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා පිසුණාවාචපච්චයා. ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං පිසුණා වාචා, යේ ච පිසුණාවාචපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා පිසුණා වාචා පටිවිරතස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අපිසුණං වාචං නිස්සාය පිසුණා වාචා පහාතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් ගෘහපතිය, ‘කේලාම් නො කීම භාවිතා කිරීමෙන්, කේලාම් කීම ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා කේළාම් කියන කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම කේළාම් කියන කෙනෙක් වුනොත්, කේළාම් කීම හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. කේළාම් කීම හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. කේළාම් කීම හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ කේළාම් කීම කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. කේළාම් කීම හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, කේලාම් කීමෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිස යි, ‘කේළාම් නො කීම භාවිතා කිරීමෙන්, කේළාම් කීම ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

‘අගිද්ධිලෝභං නිස්සාය ගිද්ධිලෝභෝ පහාතබ්බෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු ගිද්ධිලෝභී අස්සං, තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ අහඤ්චේව ඛෝ පන ගිද්ධිලෝභී අස්සං, අත්තාපි මං උපවදෙය්‍ය ගිද්ධිලෝභපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං ගිද්ධිලෝභපච්චයා’කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා ගිද්ධිලෝභපච්චයා ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං ගිද්ධිලෝභෝ, යේ ච ගිද්ධිලෝභපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අගිද්ධිලෝභිස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අගිද්ධිලෝභං නිස්සාය ගිද්ධිලෝභෝ පහාතබ්බෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් ගෘහපතිය, ‘ගිජු ලෝභය නැතිකම භාවිතා කිරීමෙන්, ගිජු ලෝභය ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා ගිජු ලෝභය ඇති කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම ගිජු ලෝභය ඇති කෙනෙක් වුනොත්, ගිජු ලෝභය හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. ගිජු ලෝභය හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. ගිජු ලෝභය හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ ගිජු ලෝභය කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. ගිජු ලෝභය හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, ගිජු ලෝභයෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිස යි ‘ගිජු ලෝභය නැතිකම භාවිතා කිරීමෙන්, ගිජු ලෝභය ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

‘අනින්දාරෝසං නිස්සාය නින්දාරෝසෝ පහාතබ්බෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු නින්දාරෝසී අස්සං, තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ. අහඤ්චේව ඛෝ පන නින්දාරෝසී අස්සං, අත්තාපි මං උපවදෙය්‍ය නින්දාරෝස පච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං නින්දාරෝසපච්චයා, කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා නින්දාරෝසපච්චයා. ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං නින්දාරෝසෝ. යේ ච නින්දාරෝසපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අනින්දාරෝසිස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අනින්දාරෝසං නිස්සාය නින්දාරෝසෝ පහාතබ්බෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් ගෘහපතිය, ‘නින්දා අපහාස නො කිරීම භාවිතා කිරීමෙන්, නින්දා අපහාස ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා නින්දා අපහාස කරන කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම නින්දා අපහාස කරන කෙනෙක් වුනොත්, නින්දා අපහාස කිරීම හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. නින්දා අපහාස කිරීම හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. නින්දා අපහාස කිරීම හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ නින්දා අපහාස කිරීම කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. නින්දා අපහාස කිරීම හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, නින්දා අපහාස කිරීමෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිස යි, ‘නින්දා අපහාස නො කිරීම භාවිතා කිරීමෙන්, නින්දා අපහාස ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

‘අක්කෝධූපායාසං නිස්සාය කෝධූපායාසෝ පහාතබ්බෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු කෝධූපායාසී අස්සං, තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ. අහඤ්චේව ඛෝ පන කෝධූපායාසී අස්සං, අත්තාපි මං උපවදෙය්‍ය කෝධූපායාසපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං කෝධූපායාස පච්චයා, කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා කෝධූපායාසපච්චයා. ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං කෝධූපායාසෝ, යේ ච කෝධූපායාසපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අක්කෝධූපායාසිස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති ‘අක්කෝධූපායාසං නිස්සාය කෝධූපායාසෝ පහාතබ්බෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් ගෘහපතිය, ‘ක්‍රෝධ උපායාස නො කිරීම භාවිතා කිරීමෙන්, ක්‍රෝධ උපායාස ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා ක්‍රෝධ උපායාස කරන කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම ක්‍රෝධ උපායාස කරන කෙනෙක් වුනොත්, ක්‍රෝධ උපායාස කිරීම හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. ක්‍රෝධ උපායාස කිරීම හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. ක්‍රෝධ උපායාස කිරීම හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ ක්‍රෝධ උපායාස කිරීම කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. ක්‍රෝධ උපායාස කිරීම හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, ක්‍රෝධ උපායාස කිරීමෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිස යි, ‘ක්‍රෝධ උපායාස නො කිරීම භාවිතා කිරීමෙන්, ක්‍රෝධ උපායාස ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

‘අනතිමානං නිස්සාය අතිමානෝ පහාතබ්බෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේසං ඛෝ අහං සංයෝජනානං හේතු අතිමානී අස්සං, තේසාහං සංයෝජනානං පහානාය සමුච්ඡේදාය පටිපන්නෝ. අහඤ්චේව ඛෝ පන අතිමානී අස්සං, අත්තාපි මං උපවදෙය්‍ය අතිමානපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්‍යුං අතිමානපච්චයා, කායස්ස භේදා පරං මරණා දුග්ගති පාටිකංඛා අතිමානපච්චයා. ඒතදේව ඛෝ පන සංයෝජනං ඒතං නීවරණං යදිදං අතිමානෝ, යේච අතිමානපච්චයා උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අනතිමානිස්ස ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අනතිමානං නිස්සාය අතිමානෝ පහාතබ්බෝ’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං.

පින්වත් ගෘහපතිය, ‘නිහතමානීකම භාවිතා කිරීමෙන්, අතිමානය ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන ද? පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම නුවණින් මෙනෙහි කරනවා. ‘යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මා අතිමානී කෙනෙක් වෙනවා නම්, ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස, සමුච්ඡේදය පිණිස මං ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා. මම අතිමානී කෙනෙක් වුනොත්, අතිමානය හේතුවෙන් මගේ හදවත මට දොස් කියනවා. අතිමානය හේතුවෙන් බුද්ධිමත් මනුෂ්‍යයින් ගේ ගර්හාවට ලක්වෙනවා. අතිමානය හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතියෙහි ඉපදීම කැමති වෙන්න වෙනවා. එනිසා මේ අතිමානය කියන දෙය ම යි සංයෝජනය. ඕක ම යි නීවරණය. අතිමානය හේතුවෙන් යම් දුක් පීඩා ඇතිවෙන කෙලෙස් හටගන්නවා නම්, අතිමානයෙන් වැළකී සිටින කෙනෙකුට ඒ දුක් පීඩා ඇති වෙන කෙලෙස් නෑ. අන්න ඒ නිසා ‘නිහතමානීකම භාවිතා කිරීමෙන්, අතිමානය ප්‍රහාණය කළ යුතුයි’ කියා ඔය කරුණ පැවසුවේ.

ඉමේ ඛෝ ගහපති අට්ඨ ධම්මා සංඛිත්තේන වුත්තා විත්ථාරේන විභත්තා යේ අරියස්ස විනයේ වෝහාරසමුච්ඡේදාය සංවත්තන්ති. න ත්වේව තාව අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බථා සබ්බං වෝහාරසමුච්ඡේදෝ හෝතීති. යථා කථං පන භන්තේ අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බථා සබ්බං වෝහාරසමුච්ඡේදෝ හෝති. සාධු මේ භන්තේ භගවා තථා ධම්මං දේසේතු යථා අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බථා සබ්බං වෝහාරසමුච්ඡේදෝ හෝතීති. තේන හි ගහපති සුණාහි. සාධුකං මනසිකරෝහි. භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ පෝතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

පින්වත් ගෘහපතිය, ව්‍යවහාර සමුච්ඡේදය පිණිස පවතින ඔය ධර්ම අට සංක්ෂේපයෙනුත් පැවසුවා. විස්තර වශයෙනුත් විග්‍රහ කළා. නමුත්, ඔපමණකින් ආර්ය විනයෙහි සියලු අයුරින්, සියලු ලෙසින් ම, සියලු ම ව්‍යවහාර සමුච්ඡේදය වන්නේ නැහැ.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනයෙහි සියලු අයුරින්, සියලු ලෙසින් ම, සියලු ම ව්‍යවහාරය මුලින් ම සිඳලීම පිණිස පවතිනවා ද. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනයෙහි සියලු අයුරින්, සියලු ලෙසින් ම, සියලු ම ව්‍යවහාරය මුලින් ම සිඳලීමට හේතු වන ආකාරයෙන් මට දහම් දෙසන සේක්වා!”

“එසේ වී නම් පින්වත් ගෘහපතිය, සවන් යොමා අසන්න. මැනවින් නුවණින් විමසන්න. මා කියා දෙන්නම්.”

“එසේ ය ස්වාමීනී” කියා පෝතලිය ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සෙය්‍යථාපි ගහපති කුක්කුරෝ ජිඝච්ඡාදුබ්බල්‍යපරේතෝ ගෝඝාතකසූනං පච්චුපට්ඨිතෝ අස්ස. තමේනං දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා අට්ඨිකංකලං සුනික්කන්ත නිකන්තං නිම්මංසං ලෝහිතමක්ඛිත්තං උපච්ඡුභෙය්‍ය. තං කිං මඤ්ඤසි ගහපති: අපි නු සෝ කුක්කුරෝ අමුං අට්ඨිකංකලං සුනිකන්තනිකන්තං නිම්මංසං ලෝහිතමක්ඛිත්තං පළිඛාදෙන්තෝ ජිඝච්ඡාදුබ්බල්‍යං පටිවිනෙය්‍යාති. නෝ හේතං භන්තේ, තං කිස්ස හේත: අදුං හි භන්තේ අට්ඨිකංකලං සුනිකන්තනික්කන්තං නිම්මංසං ලෝහිතමක්ඛිත්තං, යාවදේව ච පන සෝ කුක්කුරෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති. ඒවමේව ඛෝ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති. අට්ඨිකංකලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝ’ති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතා, තං අභිනිවජ්ජෙත්වා යායං උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා, යත්ථ සබ්බසෝ ලෝකාමිසූපාදානා අපරිසේසා නිරුජ්ඣන්ති තමේවුපෙක්ඛං භාවේති.

“පින්වත් ගෘහපතිය, කුසගින්න නිසා ම දුර්වල ව පීඩිත වූ බල්ලෙක් ඉන්නවා. ඔහු ගවයන් මරණ ස්ථානයකට පැමිණෙනවා. එතකොට ගව ඝාතකයෙක් හෝ ගව ඝාතක අතවැසියෙක් හෝ හොඳින් ඉවත් කළ මස් ඇති, ලේ වැකී ගිය ඇටකැබැල්ලක් අර බල්ලා වෙතට දමනවා. ගෘහපතිය, ඒ ගැන ඔබ කුමක් ද හිතන්නෙ? ඒ බල්ලා මස් රහිත වූ, ලේ වැකුණු ඒ ඇට කැබැල්ල ලෙවමින් සිටින විට ඔහු ගේ කුසගින්න හා දුර්වලබව නැති වී යනවා ද?”

“ස්වාමීනී, එහෙම නැති වෙන්නෙ නෑ.”

“එයට හේතුව කුමක් ද?”

“ස්වාමීනී, ඒ ඇට කැබැල්ල මස් ඉවත් කළ එකක්. මස් රහිත වූ ලේ වැකුණු එකක්. ඒ හේතුවෙන් ඒ බල්ලා තවත් ක්ලාන්ත වෙලා වෙහෙසට පත් වීම විතරයි උරුම කරගන්නේ.”

“පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ඔය ආකාරයට යි. එනම්, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ ඇට කැබැල්ලක් උපමා කරලයි. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුළ බොහෝ ආදීනව තියෙනව කියල යි. මේ ආකාරයෙන් කාමයන් තුළ පවත්නා යථා ස්වභාවය දැකල නා නා ස්වභාව යුතු, නා නා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දුරු කොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද, ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්නවා. එතනදි සර්වප්‍රකාරයෙන් ම පංච කාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවේ ම සිත වැඩෙනවා.”

සෙය්‍යථාපි ගහපති ගිජ්ඣෝ වා කංකෝ වා කුලලෝ වා මංසපේසිං ආදාය උඩ්ඩීයෙය්‍ය, තමේනං ගිජ්ඣාපි කංකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙය්‍යුං විරාජෙය්‍යුං; තං කිං මඤ්ඤසි ගහපති, සචේ සෝ ගිජ්ඣෝ වා කංකෝ වා කුලලෝ වා තං මංසපේසිං න ඛිප්පමේව පටිනිස්සජ්ජෙය්‍ය. සෝ තතෝනිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛන්ති. ඒවං භන්තේ, ඒවමේව ඛෝ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: මංසපේසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතා, තං අභිනිවජ්ජෙත්වා යායං උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා. යත්ථ සබ්බසෝ ලෝකාමිසූපාදානා අපරිසේසා නිරුජ්ඣන්ති. තමේවුපෙක්ඛං භාවේති.

“පින්වත් ගෘහපතිය, ගිජු ලිහිණියෙක් වේවා, උකුස්සෙක් වේවා, ලිහිණියෙක් වේවා, මස් වැදැල්ලක් ගෙන අහසේ පියාසලා යනවා. එතකොට අනෙක් ගිජුලිහිණියෝ, උකුස්සෝ, ලිහිණියෝ අර සතාව ලුහු බඳිමින් කොටනවා. මස් වැදැල්ල අත්හරවන්න හදනවා. පින්වත් ගෘහපතිය, ඒ ගැන කුමක්ද සිතන්නෙ? ඉදින් ඒ ගිජුලිහිණියා හෝ උකුස්සා හෝ ලිහිණියා හෝ ඒ මස් වැදැල්ල ඉක්මනින් අත් නො හැරියොත් ඒ හේතුවෙන් ඒ සතා මරණයට හෝ මාරාන්තික දුකකට හෝ පත් වෙනවා නේද?”

“එසේය, ස්වාමීනී”

“පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ඔය ආකාරයට යි. එනම්, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ මස් වැදැල්ලක් උපමා කරලයි. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුළ බොහෝ ආදීනව තියෙනව කියලයි. මේ ආකාරයෙන් කාමයන් තුළ පවත්නා යථා ස්වභාවය දැකල නා නා ස්වභාව යුතු, නා නා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දුරු කොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද, ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්නවා. එතනදි සර්වප්‍රකාරයෙන් ම පංච කාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවේ ම සිත වැඩෙනවා.

සෙය්‍යථාපි ගහපති පුරිසෝ ආදිත්තං තිණුක්කං ආදාය පටිවාතං ගච්ඡෙය්‍ය. තං කිං මඤ්ඤසි ගහපති, සචේ සෝ පුරිසෝ තං ආදිත්තං තිණුක්කං න ඛිප්පමේව පටිනිස්සජ්ජෙය්‍ය. තස්ස සා ආදිත්තා තිණුක්කා හත්ථං වා දහෙය්‍ය බාහුං වා දහෙය්‍ය. අඤ්ඤතරං වා අංගපච්චංගං දහෙය්‍ය. සෝ තතෝ නිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛන්ති. ඒවං භන්තේ. ඒවමේව ඛෝ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: තිණුක්කූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ….(පෙ)…. තමේවුපෙක්ඛං භාවේති.

පින්වත් ගෘහපතිය, පුරුෂයෙක් ගිනි ඇවිලී ගිය තණ හුලක් අරගෙන, හුළඟ එන දිශාවට යනවා. පින්වත් ගෘහපතිය, ඒ ගැන කුමක්ද සිතන්නෙ? ඉදින් ඒ පුරුෂයා ඒ ගිනි ඇවිලෙන තණ හුල ඉක්මනින් ම අත් නො හැරියොත්, ඒ ඇවිලගත් තණ හුල විසින් ඔහු ගේ අත හෝ දවනවා. බාහුව හෝ දවනවා. වෙනත් ශරීර අවයවයක් හෝ දවනවා. ඒ හේතුවෙන් මරණයට හෝ පත්වෙනවා. මරණ මාත්‍ර දුකකට හෝ පත්වෙනවා නේද?”

“එසේය, ස්වාමීනී”

“පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ඔය ආකාරයට යි. එනම්, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ ඇවිලගත් තණ හුලක් උපමා කරලයි. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුළ බොහෝ ආදීනව තියෙනව කියල යි. මේ ආකාරයෙන් කාමයන් තුළ පවත්නා යථා ස්වභාවය දැකල නා නා ස්වභාව යුතු, නා නා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දුරු කොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද, ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්නවා. එතනදි සර්වප්‍රකාරයෙන් ම පංච කාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවේ ම සිත වැඩෙනවා.

සෙය්‍යථාපි ගහපති අංගාරකාසු සාධිකපෝරිසා පූරා අංගාරානං වීතච්චිකානං වීතධූමානං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛප්පටික්කූලෝ. තමේනං ද්වේ බලවන්තෝ පුරිසා නානාබාහාසු ගහෙත්වා අංගාරකාසුං උපකඩ්ඪෙය්‍යුං. තං කිං මඤ්ඤසි ගහපති, අපි නු සෝ පුරිසෝ ඉතිචිතිචේව කායං සන්නාමෙය්‍යාති, ඒවං භන්තෙ. තං කිස්ස හේතු: විදිතං හි භන්තේ තස්ස පුරිසස්ස ඉමඤ්චේහං අංගාරකාසුං පතිස්සාමි. තතෝ නිදානං මරණං වා නිගච්චාමි මරණමත්තං වා දුක්ඛන්ති. ඒවමේව ඛෝ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: අංගාරකාසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ….(පෙ)…. තමේවුපෙක්ඛං භාවේති.

පින්වත් ගෘහපතිය, පුරුෂයෙකු ගේ ප්‍රමාණයටත් වඩා අධික වූ, සිළු රහිත, දුම් රහිත ගිනි අඟුරු වළක් තියෙනවා. ඔතනට ජීවිතය කැමති මැරෙන්නට අකමැති, සැප කැමති දුක පිළිකුල් කරන පුරුෂයෙක් එනවා. එතකොට බලවත් පුරුෂයන් දෙදෙනෙක් ඇවිදින් වෙන වෙන ම අත් වලින් ඇද ගෙන අර පුරුෂයාව අඟුරු වළට ගෙනියන්න හදනවා. පින්වත් ගෘහපතිය, ඒ ගැන කුමක්ද හිතන්නෙ? ඒ පුරුෂයා තම ශරීරය අර අඟුරු වළට වැටෙන්නට නො දී, එයින් මුදවා ගන්නට දඟලනවා නේ ද?”

“එසේය, ස්වාමීනී”

“එයට හේතුව කුමක්ද?”

“ස්වාමීනී, ‘යම් හෙයකින් මම මේ අඟුරු වළට වැටුනොත් නම්, ඒ හේතුවෙන් මරණයට පත් වේවි. එක්කො මාරාන්තික දුකකට පත්වේවි’ කියන කරුණ ඒ පුරුෂයා දන්න නිසයි.”

“පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ඔය ආකාරයට යි. එනම්, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ ගිනි අඟුරු වළකට උපමා කරල යි. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුළ බොහෝ ආදීනව තියෙනවා කියලයි. මේ ආකාරයෙන් කාමයන් තුළ පවත්නා යථා ස්වභාවය දැකල නා නා ස්වභාව යුතු, නා නා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දුරු කොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද, ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්නවා. එතනදි සර්වප්‍රකාරයෙන් ම පංච කාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවේ ම සිත වැඩෙනවා.

සෙය්‍යථාපි ගහපති පුරිසෝ සුපිනකං පස්සෙය්‍ය ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක්ඛරණිරාමණෙය්‍යකං සෝ පටිබුද්ධෝ න කිඤ්චි පස්සෙය්‍ය, ඒවමේව ඛෝ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: සුපිනකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ….(පෙ)…. තමේවුපෙක්ඛං භාවේති.

පින්වත් ගෘහපතිය, පුරුෂයෙක් සිහිනයක් දකිනවා. ඉතාමත් ලස්සන, රමණීය වනයක, රමණීය භූමි භාගයක, පැන් පොකුණින් සුන්දර වූ භූමි භාගයක සිටින ලස්සන සිහිනයක් දකිනවා. ඉතින් ඔහු නින්දෙන් අවදි වෙනවා. එතකොට සිහිනෙන් දුටු කිසිවක් නැහැ.

පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ඔය ආකාරයට යි. එනම්, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ සිහිනයක් උපමා කරලයි. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුළ බොහෝ ආදීනව තියෙනවා කියල යි. මේ ආකාරයෙන් කාමයන් තුළ පවත්නා යථා ස්වභාවය දැකල නා නා ස්වභාව යුතු, නා නා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දුරු කොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද, ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්නවා. එතනදි සර්වප්‍රකාරයෙන් ම පංච කාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවේ ම සිත වැඩෙනවා.

සෙය්‍යථාපි ගහපති පුරිසෝ යාචිතකං භෝගං යාචිත්වා යානං වා පොරොසෙය්‍යං පවරමණිකුණ්ඩලං. සෝ තේහි යාචිතකේහි භෝගේහි පුරක්ඛතෝ පරිවුතෝ අන්තරාපණං පටිපජ්ජෙය්‍ය. තමේනං ජනෝ දිස්වා ඒවං වදෙය්‍ය: භෝගී වත භෝ පුරිසෝ, ඒවං කිර භෝගිනෝ භෝගානි භුඤ්ජන්තීති. තමේනං සාමිකා යත්ථ යත්ථේව පස්සෙය්‍යුං. තත්ථ තත්ථේව සානි හරෙය්‍යුං. තං කිං මඤ්ඤසි ගහපති, අලන්නු ඛෝ තස්ස පුරිසස්ස අඤ්ඤථත්තායාති. ඒවං භන්තේ, තං කිස්ස හේතු: සාමිනෝ හි භන්තේ සානි අහරන්තීති. ඒවමේව ඛෝ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යාචිතකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ….(පෙ)….තමේවුපෙක්ඛං භාවේති.

පින්වත් ගෘහපතිය, පුරුෂයෙක් යම්කිසි යානයක් හෝ උතුම් මිණි කොඬොල් අබරණ හෝ එබඳු සම්පත්තියක් අනුන් ගෙන් ඉල්ලාගන්නවා. ඉතින් ඔහු ඒවායින් සැරසී සෙනඟ පිරිවරාගෙන කඩපිල මැදින් ගමන් කරනවා. මේ පුද්ගලයාව දකින ජනතාව මෙහෙම කියනවා. “භවත්නි, මොහු මහා සම්පත් ඇති පුරුෂයෙක් නෙව. මහා භෝග පරිහරණය කරන පුරුෂයෙක් නෙව” කියල. නමුත් ඒ බඩු භාණ්ඩ වල හිමිකාරයා අර පුද්ගලයාව යම් තැනක දී දකිනවා ද, එතන දී ම තමන් දුන් බඩු භාණ්ඩ ආපසු ඉල්ලගන්නවා. පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? එතකොට අර පුරුෂයා තුළ යම් කිසි වෙනස් කමක් ඇතිවෙනවා නො වේද?” “එසේය ස්වාමීනී” “එයට හේතුව කිම?” “ස්වාමීනී, ඒ අර භාණ්ඩ හිමිකාරයා තමන් ගේ වස්තුව නැවත ලබා ගන්නා නිස යි.” “පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රවකයා ඔය ආකාරයෙන් ම යි කාමයන් ගැන නුවණින් විමසන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාමයන් ණයට ගත් සම්පත් වැනි බව යි. බොහෝ දුක් ඇති බව යි. බොහෝ පීඩා ඇති බව යි. කාමයන් තුළ බොහෝ ආදීනව තිබෙන බව යි. මේ ආකාරයෙන් කාමයන් තුළ පවත්නා යථා ස්වභාවය දැකල නා නා ස්වභාව යුතු, නා නා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දුරු කොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද, ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්නවා. එතනදි සර්වප්‍රකාරයෙන් ම පංච කාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවේ ම සිත වැඩෙනවා.

සෙය්‍යථාපි ගහපති ගාමස්ස වා නිගමස්ස වා අවිදූරේ තිබ්බෝ වනසණ්ඩෝ, තත්‍රස්ස රුක්ඛෝ සම්පන්නඵලෝ ච උප්පන්නඵලෝ ච, න චස්සු කානිචි ඵලානි භූමියං පතිතානි, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ඵලත්ථිකෝ ඵලගවේසී ඵලපරියේසනං චරමානෝ, සෝ තං වනසණ්ඩං අජ්ඣෝගහෙත්වා තං රුක්ඛං පස්සෙය්‍ය සම්පන්නඵලඤ්ච උප්පන්නඵලඤ්ච, නත්ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි, ජානාමි ඛෝ පනාහං රුක්ඛං ආරුහිතුං යංනූනාහං ඉමං රුක්ඛං ආරුහිත්වා යාවදත්ථඤ්ච ඛාදෙය්‍යං උච්ඡංගඤ්ච පූරෙය්‍යන්ති. සෝ තං රුක්ඛං ආරුහිත්වා යාවදත්ථඤ්ච ඛාදෙය්‍යං උච්ඡංගඤ්ච පූරෙය්‍ය. අථ දුතියෝ පුරිසෝ ආගච්චේය්‍ය ඵලත්ථිකෝ ඵලගවේසී ඵලපරියේසනං චරමානෝ තණ්හං කූඨාරිං ආදාය. සෝ තං වනසණ්ඩං අජ්ඣෝගාහෙත්වා තං රුක්ඛං පස්සෙය්‍ය සම්පන්නඵලඤ්ච උප්පන්නඵලඤ්ච තස්ස ඒවමස්ස: අයං ඛෝ රුක්ඛෝ සම්පන්නඵලෝ ච, උප්පන්නඵලෝ ච, නත්ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි න ඛෝ පනාහං ජානාමි රුක්ඛං ආරුහිතුං, යංනූනාහං ඉමං රුක්ඛං මූලතෝ ඡෙත්වා යාවදත්ථඤ්ච ඛාදෙය්‍යං උච්ඡංගඤ්ච පූරෙය්‍යන්ති. සෝ තං රුක්ඛං මූලතෝ ඡින්දෙය්‍ය තං කිං මඤ්ඤසි ගහපති, අසු යෝ සෝ පුරිසෝ පඨමං රුක්ඛං ආරූළ්හෝ, සචේ සෝ න ඛිප්පමේව ඕරෝහෙය්‍ය තස්ස සෝ රුක්ඛෝ පපතන්තෝ හත්ථං වා භඤ්ජෙය්‍ය. අඤ්ඤතරං වා අංගපච්චංගං භඤ්ජෙය්‍ය, සෝ තතෝ නිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛන්ති. ඒවං භන්තේ. ඒවමේව ඛෝ ගහපති අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා යායං උපෙක්ඛා ඒකත්තා ඒකත්තසිතා යත්ථ සබ්බසෝ ලෝකාමිසූපාදානා අපරිසේසා නිරුජ්ඣන්ති. තමේවුපෙක්ඛං භාවේති.

ඒ වගේ ම පින්වත් ගෘහපතිය, යම්කිසි ගමක් හෝ නියම්ගමක් හෝ අසල ඝන වන ලැහැබක් තියෙනවා. ඒ වනයෙහි මධුර ඵල ඇති, බොහෝ ඵල ඇති වෘක්ෂයක් තියෙනවා. ඒ වෘක්ෂයේ ගෙඩි බිම වැටිල නෑ. එතකොට පළතුරු වලින් ප්‍රයෝජන ඇති පුරුෂයෙක් පළතුරු සොය සොයා පැමිණෙනවා. ඔහු ඒ වනයට පිවිස, අර මධුර ඵල ඇති, බොහෝ ඵල ඇති වෘක්ෂය දකිනවා. ඔහුට මෙහෙම සිතෙනවා. ‘මේ වෘක්ෂය මධුර ඵල ඇති, බොහෝ ඵල ඇති රුකක්. පළතුරු බිම වැටිල ත් නෑ. මා ගස් නගින්නට ත් දන්නවා. මා මේ රුකට නැගී ඇතිවන තුරු අනුභව කරනවා නම්, ඔඩොක්කුවේ පුරවා ගන්නවා නම් තමයි හොඳ’ කියල ඔහු ඒ වෘක්ෂයට නගිනවා. ඇතිවන තුරු අනුභව කරනවා. ඔඩොක්කුවෙහි පුරවා ගන්නවා. එතකොට පළතුරු සොයමින් යන තව පුද්ගලයෙක් තියුණු කෙටේරියකුත් අරගෙන එනවා. ඔහුත් ඒ වනයට පිවිසෙනවා. මධුර ඵල ඇති, බොහෝ ඵල ඇති ඒ වෘක්ෂය ඔහුට ත් දකින්ට ලැබෙනවා. ඔහු මෙහෙම සිතනවා. ‘මෙය මධුර ඵල ඇති, බොහෝ ඵල ඇති වෘක්ෂයක්. පළතුරු බිම වැටිලත් නෑ. මා ගස් නගින්නට දන්නෙ ත් නැහැ. එනිසා මා මේ වෘක්ෂය මුලින් ම සිඳිනවා. එතකොට මේ වෘක්ෂයේ පළතුරු ඇති තරම් කන්නට ත් පුළුවනි. ඔඩොක්කුවේ පුරවා ගන්නටත් පුළුවනි.’ ඉතින් ඒ පුද්ගලයා ඒ වෘක්ෂය මුලින් සිඳිනවා.

පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? කලින් වෘක්ෂයට නැගුණු පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ඉක්මනින් ම එම රුකෙන් නො බැස්සොත්, ඒ රුක කඩාවැටෙද්දි ඔහු ගේ අත හෝ බිඳෙනවා. පය හෝ බිඳෙනවා. ශරීරයේ වෙන අවයවයක් හෝ කැඩී බිඳී යනවා. ඒ හේතුවෙන් එක්කෝ මරණයට පත් වෙනවා. මරණමාත්‍ර දුක්ඛයකට පත්වෙනවා නේද?” “එසේය, ස්වාමීනී”

“පින්වත් ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ඔය ආකාරයට යි. එනම්, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ රුක්ඵලයකට උපමා කරල යි. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුළ බොහෝ ආදීනව තියෙනව කියලයි. මේ ආකාරයෙන් කාමයන් තුළ පවත්නා යථා ස්වභාවය දැකල නා නා ස්වභාව යුතු, නා නා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද, ඒ උපේක්ෂාව දුරු කොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද, ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්නවා. එතනදි සර්වප්‍රකාරයෙන් ම පංච කාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතුරු නැතිව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවේ ම සිත වැඩෙනවා.

ස ඛෝ සෝ ගහපති අරියසාවකෝ ඉමංයේව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති.

පින්වත් ගෘහපතිය, ඒ ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර වූ උපේක්ෂාවෙන් යුතු සතිපාරිශුද්ධියට පැමිණ, කලින් ගෙවන ලද්දා වූ ජීවිත පිළිබඳ නන් වැදෑරුම් ආත්ම භාවයන් සිහි කරනවා. ඒ කියන්නේ, එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක් ….(පෙ)…. ඔය ආකාරයෙන් කරුණු සහිතව, විශේෂ අවස්ථා සහිතව කලින් ගෙවන ලද්දා වූ ජීවිත පිළිබඳ නන් වැදෑරුම් ආත්ම භාවයන් සිහි කරනවා.

ස ඛෝ සෝ ගහපති අරියසාවකෝ ඉමංයේව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ. හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති.

ඒ වගේ ම පින්වත් ගෘහපතිය, ඒ ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර වූ උපේක්ෂාවෙන් යුතු සතිපාරිශුද්ධියට පැමිණ, සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය දිව්‍ය ඇසින් චුතවෙන උපදින සත්වයන් දකිනවා. හීන, උසස්, පැහැපත්, දුර්වර්ණ, සුගති, දුගති යන ස්වභාවයෙන් යුතුව කළ කම් පල දෙමින් සිටින සත්වයන් දකිනවා.

ස ඛෝ සෝ ගහපති අරියසාවකෝ ඉමංයේව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.

ඒ වගේ ම පින්වත් ගෘහපතිය, ඒ ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර වූ උපේක්ෂාවෙන් යුතු සතිපාරිශුද්ධියට පැමිණ, ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතය තුළ දී ම තමා තුළ උපදවා ගත් විශිෂ්ඨ ඤාණයෙන් යුතුව සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා.

එත්තාවතා ඛෝ ගහපති අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බථා සබ්බං වෝහාරසමුච්ඡේදෝ හෝති. තං කිං මඤ්ඤසි ගහපති, යථා අරියස්ස විනයේ සබ්බේන සබ්බං වෝහාරසමුච්ඡේදෝ හෝති. අපි නු ත්වං ඒවරූපං වෝහාරසමුච්ඡේදං අත්තනි සමනුපස්සසීති. කෝ චාහං භන්තේ කෝ ච අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බථා සබ්බං වෝහාරසමුච්ඡේදෝ. මයං හි භන්තේ පුබ්බේ අඤ්ඤතිත්ථියේ පරිබ්බාජකේ අනාජානීයේව සමානේ ආජානීයාති අමඤ්ඤිම්හ. අනාජානීයේව සමානේ ආජානීයභෝජනං භෝජිම්හ. අනාජානීයේව සමානේ ආජානීයට්ඨානේ ඨපිම්හ. භික්ඛූ පන මයං භන්තේ ආජානීයේව සමානේ අනාජානීයාති අමඤ්ඤිම්හ. ආජානීයේව සමානේ අනාජානීයභෝජනං භෝජිම්හ. ආජානීයේව සමානේ අනාජානීයඨානේ ඨපිම්හ. ඉදානි පන මයං භන්තේ අඤ්ඤතිත්ථියේ පරිබ්බාජකේ අනාජානීයේව සමානේ අනාජානීයාති ජානිස්සාම. අනාජානීයේව සමානේ අනාජානීයභෝජනං භෝජෙස්සාම අනාජානීයේව සමානේ අනාජානීයට්ඨානේ ඨපෙස්සාම භික්ඛූ පන මයං භන්තේ ආජානීයේව සමානේ ආජානීයාති ජානිස්සාම ආජානීයේව සමානේ ආජානීයභෝජනං භෝජෙස්සාම. ආජානීයේව සමානේ ආජානීයට්ඨානේ ඨපෙස්සාම අජනේසි වත මේ භන්තේ භගවා සමණේසු සමණපේමං සමණේසු සමණප්පසාදං සමණේසු සමණගාරවං.

පින්වත් ගෘහපතිය, මෙපමණකින් ම ආර්ය විනයෙහි සියල්ලෙන් සියල්ල ම සර්වප්‍රකාරයෙන් සියලුම ව්‍යවහාරයන් සමුච්ඡේද වෙලා යනවා. පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? ආර්ය විනයෙහි යම් ආකාරයකින් සියල්ලෙන් සියල්ල ම සර්වප්‍රකාරයෙන් සියලුම ව්‍යවහාරයන් සමුච්ඡේද වී යයි ද, එබඳු ව්‍යවහාර සමුච්ඡේදයක් ඔබ තුළ දකිනවා ද?”

“අනේ, ස්වාමීනී, මා කවුද? ආර්ය විනයෙහි සියල්ලෙන් සියල්ල ම සර්වප්‍රකාරයෙන් සියලුම ව්‍යවහාරයන් සමුච්ඡේදය කුමක්ද? ස්වාමීනී, මා ආර්ය විනයෙහි දැක්වෙන සියල්ලෙන් සියල්ල ම සර්වප්‍රකාරයෙන් සියලුම ව්‍යවහාරයන් සමුච්ඡේදයෙන් අහසට පොළොව සේ දුරු වූ කෙනෙක්.

ස්වාමීනී, ඉස්සර අපි මේවා නො දැන සිටින්නා වූ අන්‍යාගමික සංචාරක තවුසන්, මේවා දන්නවා කියල යි සිතා ගෙන සිටියේ. මේවා නො දැන සිටින්නා වූ ඔවුන් ව තමයි, මේවා දැනගත්තවුන් විසින් වැළඳිය යුතු බොජුන් වැළඳෙව්වේ. මේවා නො දැන සිටින්නා වූ ඔවුන් ව තමයි, මේවා දැනගත්තවුන් විසින් සිටිය යුතු තන්හි තැබ්බෙව්වේ.

ඒ වගේ ම ස්වාමීනී, ඉස්සර අපි, මේවා දැන සිටින්නා වූ භික්ෂූන් වහන්සේලා මේවා නො දැන සිටිනවා කියල යි සිතා ගෙන සිටියේ. මේවා දැන සිටින්නා වූ භික්ෂූන් වහන්සේලා සිටිය දී තමයි, මේවා නො දන්නා වූ තවුසන්ට දැනගත්තවුන් විසින් වැළඳිය යුතු බොජුන් වැළඳෙව්වේ. මේවා දැන සිටින්නා වූ භික්ෂූන් වහන්සේලා සිටිය දී තමයි, මේවා නො දන්නා වූ තවුසන්ව දැනගත්තවුන් විසින් සිටිය යුතු තන්හි තැබ්බෙව්වේ.

ස්වාමීනී, නමුත් දැන් අපි, මේවා නො දන්නා වූ අන්‍යාගමික පැවිද්දන්, මේවා නො දන්නා පිරිසක් බව දන්නවා. එතකොට මේවා නො දන්නා වූ පැවිද්දන්ට වළඳවන්නේ, ඔවුන් නො දන්නා පිරිසක් බව දැනගෙන යි. මේවා නො දන්නා වූ පැවිද්දන්ට ඒ ඒ ස්ථානයන් හි තබ්බවන්නේ, ඔවුන් නො දන්නා පිරිසක් බව දැනගෙන යි.

ඒ වගේ ම ස්වාමීනී, මේවා දන්නා වූ භික්ෂූන් වහන්සේලා, මේවා දන්නා පිරිසක් ම බව දැන් අපි දන්නවා. එතකොට මේවා දන්නා වූ භික්ෂූන් වහන්සේලාව අප විසින් වළඳවන්නේ, උන්වහන්සේලා මේවා දැනගත්තවුන් විසින් වැළඳවිය යුතු දේට සුදුසු නිස යි. මේවා දන්නා වූ භික්ෂූන් වහන්සේලාව අප විසින් ඒ ඒ ස්ථානයන් හි තබ්බවන්නේ, උන්වහන්සේලා මේවා දැනගත්තවුන් විසින් තැබ්බවිය යුතු දේට සුදුසු නිස යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම මා තුළ ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය ඇතිකරවූ සේක. ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය ඇතිකරවූ සේක. ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඇතිකරවූ සේක.

අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ, සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය, චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති, ඒවමේවං භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, මේ ගැන මට මේ විදිහට යි හිතෙන්නෙ.

යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙ යි. ඔන්න ඔය විදියට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

පෝතලිය සුත්තං චතුත්ථං.

පෝතලිය ගෘහපතියාට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M