මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.1.5. ජීවක සුත්තං

2.1.5. කෝමාරභච්ච ජීවක හට වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති ජීවකස්ස කෝමාරභච්චස්ස අම්බවනේ. අථ ඛෝ ජීවකෝ කෝමාරභච්චෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ජීවකෝ කෝමාරභච්චෝ භගවන්තං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කෝමාරභච්ච ජීවකයන් ගේ අඹ වන උයනේ යි. එදා කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩි වුන කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළා.

සුතං මේතං භන්තේ, සමණං ගෝතමං උද්දිස්ස පාණං ආරභන්ති, තං සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති. යේ තේ භන්තේ ඒවමාහංසු: සමණං ගෝතමං උද්දිස්ස පාණං ආරභන්ති. තං සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති. කච්චි තේ භන්තේ භගවතෝ වුත්තවාදිනෝ, න ච භගවන්තං අභූතේන අබ්භාචික්ඛක්ඛන්ති. ධම්මස්ස චානුධම්මං බ්‍යාකරොන්ති. න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡතීති.

“ස්වාමීනී, මට මෙම කාරණය අසන්නට ලැබුනා. ඒ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා සතුන් මරණවා ලු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා සතුන් මරා මස් පිසූ බව දැන දැන, තමන් උදෙසා පිසින ලද මස් වර්ග වළඳනවා ලු. ඉතින් ස්වාමීනී, යම්කිසි කෙනෙක් ඔය විදිහට ප්‍රකාශ කළොත්, ඒ කියන්නේ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා සතුන් මරණවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා සතුන් මරා මස් පිසූ බව දැන දැන, තමන් උදෙසා පිසින ලද මස් වර්ග වළඳනවා’ කියල. ස්වාමීනී, ඒ ඔවුන් පවසන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ දෙයක් ද? එසේත් නැත්නම් ඔවුන් ගේ ඒ ප්‍රකාශය තුළින් භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් සිදු නො වෙනවා ද? එසේත් නැත්නම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණකට අනුකූල වූ ප්‍රකාශයක් ද? එසේත් නැත්නම්, එම ප්‍රකාශය කරුණු සහිතව සාධාරණ මත ඉදිරිපත් වන විට ගැරහිය යුතු බවට පත් නො වෙනවා ද?”

යේ තේ ජීවක ඒවමාහංසු: සමණං ගෝතමං උද්දිස්ස පාණං ආරභන්ති. තං සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති, න මේ තේ වුත්තවාදිනෝ, අබ්භාචික්ඛන්ති ච පන මං තේ අසතා අභූතේන. තීහි ඛෝ අහං ජීවක ඨානේහි මංසං අපරිභෝගන්ති වදාමි: දිට්ඨං සුතං පරිසංකිතං, ඉමේහි ඛෝ අහං ජීවක තීහි ඨානේහි මංසං අපරිභෝගන්ති වදාමි. තීහි ඛෝ අහං ජීවක ඨානේහි මංසං පරිභෝගන්ති වදාමි: අදිට්ඨං අසුතං අපරිසංකිතං, ඉමේහි ඛෝ අහං ජීවක තීහි ඨානේහි මංසං පරිභෝගන්ති වදාමි.

“පින්වත් ජීවක, යම් කෙනෙක් මෙබඳු ප්‍රකාශයක් කළ හොත්, ඒ කියන්නේ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා සතුන් මරණවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා සතුන් මරා මස් පිසූ බව දැන දැන, තමන් උදෙසා පිසින ලද මස් වර්ග වළඳනවා’ කියල ඔහු ඒ පවසන්නේ මා විසින් කියන ලද දෙයක් නො වේ. ඒ වගේ ම ඔහු මට අසත්‍ය වූ, අභූත වූ දෙයකින් චෝදනා කරනවා. පින්වත් ජීවක, මා කරුණු තුනකින් යුක්ත වූ මස් අනුභව නො කිරීම සුදුසු බව යි කියන්නේ. එනම්, තමා උදෙසා මැරූ බව දක්නා ලද්දේ ද, තමා උදෙසා මැරූ බව අසනා ලද්දේ ද, තමා උදෙසා මරණ ලද්දේ දෝ හෝ යි සැක කරන ලද්දේ ද, එය යි. පින්වත් ජීවක, මා මෙම කරුණු තුනෙන් යුක්ත වූ මස් පරිභෝග නො කිරීම සුදුසු බව යි කියන්නේ.

පින්වත් ජීවක, මා කරුණු තුනකින් යුක්ත වූ මස් අනුභව කිරීම සුදුසු බව යි කියනවා. එනම්, තමා උදෙසා මැරූ බව නො දක්නා ලද්දේ ද, තමා උදෙසා මැරූ බව නො අසනා ලද්දේ ද, තමා උදෙසා මරණ ලද්දේ දෝ හෝ යි සැක නො කරන ලද්දේ ද, එය යි. පින්වත් ජීවක, මා මෙම කරුණු තුනෙන් යුක්ත වූ මස් පරිභෝග කිරීම සුදුසු බව යි කියන්නේ.

ඉධ ජීවක භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති, සෝ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාබජ්ඣනේ ඵරිත්වා විහරති. තමේනං ගහපති වා ගහපතිපුත්තෝ වා උපසංකමිත්වා ස්වාතනාය භත්තේන නිමන්තේති. ආකංඛමානෝව ජීවක භික්ඛු අධිවාසේති. සෝ තස්සා රත්තියා අච්චයේන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවේසනං තේනුපසංකමති උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදති. තමේනං සෝ ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන පිණ්ඩපාතේන පරිවිසති. තස්ස න ඒවං හෝති: සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන පිණ්ඩපාතේන පරිවිසති. අහෝ වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා ආයතිම්පි ඒවරූපේන පණීතේන පිණ්ඩපාතේන පරිවිසෙය්‍යාති. ඒවම්පිස්ස න හෝති. සෝ තං පිණ්ඩපාතං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣෝපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති. තං කිං මඤ්ඤසි ජීවක, අපි නු සෝ භික්ඛු තස්මිං සමයේ අත්තව්‍යාබාධාය වා චේතේති, පරව්‍යාබාධාය වා චේතේති, උභයව්‍යාබාධාය වා චේතේති? නෝ හේතං භන්තේ. නනු සෝ ජීවක භික්ඛු තස්මිං සමයේ අනවජ්ජංයේව ආහාරං ආහාරේති. ඒවං භන්තේ. සුතං මේතං භන්තේ, බ්‍රහ්මා මෙත්තාවිහාරීති. තං මේ ඉදං භන්තේ භගවා සක්ඛිදිට්ඨෝ, භගවා හි භන්තේ මෙත්තාවිහාරීති. යේන ඛෝ ජීවක රාගේන යේන දෝසේන යේන මෝහේන බ්‍යාපාදවා අස්ස, සෝ රාගෝ සෝ දෝසෝ සෝ මෝහෝ තථාගතස්ස පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. සචේ ඛෝ තේ ජීවක ඉදං සන්ධාය භාසිතං, අනුජානාමි තේ ඒතන්ති. ඒතදේව ඛෝ පන මේ භන්තේ සන්ධාය භාසිතං.

පින්වත් ජීවක, මෙහිලා භික්ෂුව එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරනවා. ඉතින් ඒ භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරනවා. ඒ අයුරින් ම දෙවෙනි දිශාවට ත්, තුන්වෙනි දිශාවට ත්, සිව්වෙනි දිශාවට ත් පතුරුවා වාසය කරනවා. ඔය අයුරින් උඩ-යට-සරසටත් සියළු ආකාරයෙන් ම, සියළු සත්වයන් කෙරෙහි සකලවිධ ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිතින් යුතුව, අවෛරයෙන් යුතුව, අව්‍යාපාදයෙන් යුතුව පතුරුවා වාසය කරනවා.

එතකොට ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඒ භික්ෂුවට පසු දින දානයට ආරාධනා කරනවා. ඒ භික්ෂුව එයට කැමැතිව ඒ ඇරයුම පිළිගන්නවා. ඉන්පසුව ඒ භික්ෂුව ඒ රැය ඇවෑමෙන් පසුදින උදේ වරුවේ සිවුරු හැඳ පොරවා පාත්තරය ද ගෙන එම ගෘහපතියා ගේ හෝ ගෘහපති පුත්‍රයාගේ නිවසට පැමිණෙනවා. පැමිණ පණවන ලද අසුනෙහි වැඩ සිටිනවා. එතකොට ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත වූ පිණ්ඩපාතයෙන් වළඳවනවා. අර භික්ෂුවට ඒ ගැන මෙවැනි අදහසක් ඇති වෙන්නේ නෑ. ඒ කියන්නේ, ‘මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත පිණ්ඩපාතයකින් මාව වළඳවනවා නම් හොඳයි. අහෝ! ඒකාන්තයෙන් ම මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ආයෙමත් දවසකත් මේ ආකාර වූ ප්‍රණීත පිණ්ඩපාතයකින් මාව වළඳවනවා නම් තමයි හොඳ’ කියා. මෙබඳු අදහසක් ඒ භික්ෂුව තුළ ඇතිවන්නේ නෑ. ඒ භික්ෂුව එම පිණ්ඩපාතයට ඇලුම් නො කොට එහි රසයට මුසපත් නො වී, එහි සිත නො ගැලී, එහි ආදීනව දකිමින්, ඒ කෙරෙහි ඇති ආශාව දුරු වී යන ආකාරයේ ප්‍රඥාවකින් යුතුව ඒ පිණ්ඩපාතය වළඳනවා.

පින්වත් ජීවක, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? එතකොට ඒ භික්ෂුව ඒ කාලපරිච්ඡේදයේ දී තමාට හිංසා පිණිස ද සිතන්නේ? එසේත් නැත්නම්, අනුන්ට හිංසා පිණිස ද සිතන්නේ? එසේත් නැත්නම්, තමාට ත් අනුන්ට ත් හිංසා පිණිස ද සිතන්නේ?”

“ස්වාමීනී, එය එසේ නොවේ ම යි.”

“පින්වත් ජීවක, ඒ භික්ෂුව ඒ කාල පරිච්ඡේදයෙහි නිවැරදි වූ ම භෝජනයක් නොවේ ද වළඳන්නේ?”

“ස්වාමීනී, ඒ එසේ ම යි. ස්වාමීනී, මා මෙකරුණත් අසා තිබෙනවා. එනම්, මහා බ්‍රහ්මරාජයා මෛත්‍රී විහරණයෙන් යුක්තයි කියල. ඒ කාරණය අද මා විසින් භාග්‍යවතුන් වහන්සේව දෑසින් දැක සාක්ෂි වශයෙන් ම දැකගත්තා. භාග්‍යවතුන් වහන්සේ වනාහී මෛත්‍රී විහරණයෙන් යුතුව වැඩ සිටින සේක.”

“පින්වත් ජීවක, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මෝහයකින් ව්‍යාපාදයක් ඇතිවෙනවා ද, එයට හේතු භූත වන ඒ රාගය ත්, ඒ ද්වේෂය ත්, ඒ මෝහය ත් තථාගතයන් තුළ ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුලින් ම උදුරයි තියෙන්නෙ. කරටිය නැසූ තල් ගසක් සෙයින් කරල යි තියෙන්නෙ. එය අභාවයට පමුණුවල යි තියෙන්නෙ. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් කරලයි තියෙන්නෙ. එනිසා පින්වත් ජීවක, ඉතින් ඔබ විසින් ඔය කරුණ මුල් කොට පවසන ලද ඒ ඔබ ගේ බස මා අනුමත කරනවා.” “ස්වාමීනී, ඒ කරුණ ම සඳහා ම යි මා එය පවසන ලද්දේ.”

ඉධ ජීවක භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සෝ කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං, ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ක්‍ධ්න ඵරිත්වා විහරති තමේනං ගහපති වා ගහපතිපුත්තෝ වා උපසංකමිත්වා ස්වාතනාය භත්තේන නිමන්තේති. ආකංඛමානෝ ව ජීවක භික්ඛු අධිවාසේති. සෝ තස්සා රත්තියා අච්චයේන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවේසනං තේනුපසංකමති. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදති. තමේනං සෝ ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන පිණ්ඩපාතේන පරිවිසති. තස්ස න ඒවං හෝති: සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන පිණ්ඩපාතේන පරිවිසති. අහෝ වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා ආයතිම්පි ඒවරූපේන පණීතේන පිණ්ඩපාතේන පරිවිසෙය්‍යාති. ඒවම්පිස්ස න හෝති. සෝ තං පිණ්ඩපාතං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣෝපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති. තං කිං මඤ්ඤසි ජීවක, අපි නු සෝ භික්ඛු තස්මිං සමයේ අත්තව්‍යාබාධාය වා චේතේති, පරව්‍යාබාධාය වා චේතේති, උභයව්‍යාබාධාය වා චේතේතී’ති. නෝ හේතං භන්තේ. නනු සෝ ජීවක භික්ඛු තස්මිං සමයේ අනවජ්ජංයේව ආහාරං ආහාරේතී’ති. ඒවං භන්තේ. සුතං මේතං භන්තේ, බ්‍රහ්මා උපෙක්ඛාවිහාරීති. තං මේ ඉදං භන්තේ භගවා සක්ඛි දිට්ඨෝ. භගවා හි භන්තේ උපෙක්ඛාවිහාරීති. යේන ඛෝ ජීවක රාගේන යේන දෝසේන යේන මෝහේන විහේසවා අස්ස, අරති වා අස්ස, පටිඝවා අස්ස, සෝ රාගෝ සෝ දෝසෝ සෝ මෝහෝ තථාගතස්ස පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. සචේ ඛෝ තේ ජීවක ඉදං සන්ධාය භාසිතං, අනුජානාමි තේ ඒතන්ති. ඒතදේව ඛෝ පන මේ භන්තේ සන්ධාය භාසිතං.

“පින්වත් ජීවක, මෙහිලා භික්ෂුව එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරනවා. ඉතින් ඒ භික්ෂුව කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරනවා. ඒ අයුරින් ම දෙවෙනි දිශාවට ත්, තුන්වෙනි දිශාවට ත්, සිව්වෙනි දිශාවට ත් පතුරුවා වාසය කරනවා. ඔය අයුරින් උඩ-යට-සරසට ත් සියළු ආකාරයෙන් ම, සියළු සත්වයන් කෙරෙහි සකලවිධ ලෝකයට ම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ උපේක්ෂා සහගත සිතින් යුතුව, අවෛරයෙන් යුතුව, අව්‍යාපාදයෙන් යුතුව පතුරුවා වාසය කරනවා.

එතකොට ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඒ භික්ෂුවට පසු දින දානයට ආරාධනා කරනවා. ඒ භික්ෂුව එයට කැමැතිව ඇරයුම පිළිගන්නවා. ඉන්පසුව ඒ භික්ෂුව ඒ රැය ඇවෑමෙන්, පසුදින උදේ වරුවේ සිවුරු හැඳ පොරවා පාත්තරය ද ගෙන එම ගෘහපතියා ගේ හෝ ගෘහපති පුත්‍රයාගේ නිවසට පැමිණෙනවා. පැමිණ පණවන ලද අසුනෙහි වැඩ සිටිනවා. එතකොට ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත වූ පිණ්ඩපාතයෙන් වළඳවනවා. අර භික්ෂුවට ඒ ගැන මෙවැනි අදහසක් ඇති වෙන්නේ නෑ. ඒ කියන්නේ, ‘මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත පිණ්ඩපාතයකින් මාව වළඳවනවා නම් හොඳයි. අහෝ! ඒකාන්තයෙන් ම මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ආයෙමත් දවසකත් මේ ආකාර වූ ප්‍රණීත පිණ්ඩපාතයකින් මාව වළඳවනවා නම් තමයි හොඳ’ කියා. මෙබඳු අදහසක් ඒ භික්ෂුව තුළ ඇතිවන්නේ නෑ. ඒ භික්ෂුව එම පිණ්ඩපාතයට ඇලුම් නො කොට එහි රසයට මුසපත් නො වී, එහි සිත නො ගැලී, එහි ආදීනව දකිමින්, ඒ කෙරෙහි ඇති ආශාව දුරු වී යන ආකාරයේ ප්‍රඥාවකින් යුතුව, ඒ පිණ්ඩපාතය වළඳනවා.

පින්වත් ජීවක, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? එතකොට ඒ භික්ෂුව ඒ කාලපරිච්ඡේදයේ දී තමාට හිංසා පිණිස ද සිතන්නේ? එසේත් නැත්නම්, අනුන්ට හිංසා පිණිස ද සිතන්නේ? එසේත් නැත්නම්, තමාටත් අනුන්ටත් හිංසා පිණිස ද සිතන්නේ?”

“ස්වාමීනී, එය එසේ නොවේ ම යි.”

“පින්වත් ජීවක, ඒ භික්ෂුව ඒ කාල පරිච්ඡේදයෙහි නිවැරදි වූ ම භෝජනයක් නොවේ ද වළඳන්නේ?”

“ස්වාමීනී, ඒ එසේ ම යි. ස්වාමීනී, මා මෙකරුණත් අසා තිබෙනවා. එනම් මහා බ්‍රහ්මරාජයා උපේක්ෂා විහරණයෙන් යුක්තයි කියල. ඒ කාරණය අද මා විසින් භාග්‍යවතුන් වහන්සේව දෑසින් දැක සාක්ෂි වශයෙන් ම දැකගත්තා. භාග්‍යවතුන් වහන්සේ වනාහී උපේක්ෂා විහරණයෙන් යුතුව වැඩ සිටින සේක.”

“පින්වත් ජීවක, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මෝහයකින් ව්‍යාපාදයක් ඇති වෙනවා ද, එයට හේතු භූත වන ඒ රාගය ත්, ඒ ද්වේෂය ත්, ඒ මෝහය ත් තථාගතයන් තුළ ප්‍රහාණය වෙල යි තියෙන්නෙ. මුලින් ම උදුරයි තියෙන්නෙ. කරටිය නැසූ තල් ගසක් සෙයින් කරලයි තියෙන්නෙ. එය අභාවයට පමුණුවලයි තියෙන්නෙ. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් කරලයි තියෙන්නෙ. එනිසා පින්වත් ජීවක, ඉතින් ඔබ විසින් ඔය කරුණ මුල් කොට පවසන ලද ඒ ඔබ ගේ බස මා අනුමත කරනවා.” “ස්වාමීනී, ඒ කරුණ ම සඳහා ම යි මා එය පවසන ලද්දේ.”

යෝ ඛෝ ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සෝ පඤ්චහි ඨානේහි බහුං අපුඤ්ඤං පසවති: යම්පි සෝ ඒවමාහ: ගච්ඡථ අමුකං නාම පාණං ආනේථාති. ඉමිනා පඨමේන ඨානේන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සෝ පාණෝ ගලප්පවේධකේන ආනීයමානෝ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. ඉමිනා දුතියේන ඨානේන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සෝ ඒවමාහ: ගච්ඡථ ඉමං පාණං ආරභථාති. ඉමිනා තතියේන ඨානේන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සෝ පාණෝ ආරභියමානෝ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. ඉමිනා චතුත්ථේන ඨානේන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සෝ තථාගතං වා තථාගතසාවකං වා අකප්පියේන ආසාදේති. ඉමිනා පඤ්චමේන ඨානේන බහුං අපුඤ්ඤං පසවති. යෝ ඛෝ ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සෝ ඉමේහි පඤ්චහි ඨානේහි බහුං අපුඤ්ඤං පසවතී’ති.

“ඉතින් පින්වත් ජීවක, යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට වේවා තථාගත ශ්‍රාවකයෙකුට වේවා දානයක් පිණිස සතුන් මරයි ද, ඔහු පස් කරුණකින් බොහෝ පව් රැස්කර ගන්නවා. ඔහු මේ ආකාරයෙන් යම් කිසි කරුණක් පවසයි ද, ‘යව්, අසවල් සතාව රැගෙන වරෙව්’ කියල. මේ අණකිරීම නම් වූ පළමුවෙනි කරුණෙනුත් බොහෝ පව් රැස් කර ගන්නවා. ඉතින් ඒ සතා බියෙන් වෙව්ලද්දී, බෙල්ලෙන් ඇදගෙන එද්දී යම් දුකක් දොම්නසක් විඳී ද, මේ දෙවෙනි කරුණෙනුත් බොහෝ පව් රැස් කර ගන්නවා. එතකොට ඔහු මෙවැනි යම් කරුණක් පවසයි ද, ‘යව්, මේ සතාව මරව්’ කියල. මේ තුන්වන කරුණෙනුත් බොහෝ පව් රැස් කර ගන්නවා. ඉතින් ඒ සතා ඝාතනය කරනු ලබද්දී, යම් දුකක් දොම්නසක් විඳී ද, මේ සතරවෙනි කරුණෙනුත් බොහෝ පව් රැස් කර ගන්නවා. ඒ වගේ ම යම් කෙනෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ අකැප වූ මසින් වැළඳීමක් ගැන ඝටා චෝදනා කොට පවසයි ද, මේ පස්වෙනි කරුණෙනුත් බොහෝ පව් රැස් කර ගන්නවා.

පින්වත් ජීවක, යමෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතුන් මරයි ද, හේ ඔය පස් කරුණෙන් බොහෝ පව් රැස් කර ගන්නවා.

ඒවං වුත්තේ ජීවකෝ කෝමාරභච්චෝ භගවන්තං ඒතදවෝච: අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ. කප්පියං වත භන්තේ භික්ඛූ ආහාරං ආහාරෙන්ති. අනවජ්ජං වත භන්තේ භික්ඛූ ආහාරං ආහාරෙන්ති. අභික්කන්තං භන්තේ ….(පෙ)…. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ වදාළ කල්හි කෝමාරභච්ච ජීවක මෙකරුණ සැළ කළා. “ස්වාමීනී, ආශ්චර්ය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භික්ෂූන් වහන්සේලා කැප වූ ආහාරයක් ම යි වළඳන්නේ. ස්වාමීනී, භික්ෂූන් වහන්සේලා නිවැරදි වූ ආහාරයක් ම යි වළඳන්නේ. ස්වාමීනී, ඉතාමත් සුන්දර යි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරාවට මා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

ජීවක සුත්තං පඤ්චමං.

කොමාරභච්ච ජීවක හට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M