මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.5.6. මහාධම්මසමාදාන සුත්තං

1.5.6. යහපත් අයහපත් දේ සමාදන් වීම ගැන වදාළ විස්තරාත්මක දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝ’ති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂු සංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂු පිරිස ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.

2. යේභුය්‍යෙන භික්ඛවේ සත්තා ඒවංකාමා ඒවංඡන්දා ඒවංඅධිප්පායා: අහෝ වත අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායෙය්‍යුං ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪෙය්‍යුන්ති. තේසං භික්ඛවේ සත්තානං ඒවංකාමානං ඒවංඡන්දානං ඒවංඅධිප්පායානං අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති, ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තත්‍ර තුම්හේ භික්ඛවේ කං හේතුං පච්චේථාති. “භගවංමූලකා නෝ භන්තේ ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත භන්තේ භගවන්තංයේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝ. භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. තේන හි භික්ඛවේ සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“පින්වත් මහණෙනි, ලෝක සත්වයා තුළ බොහෝ විට තියෙන්නෙ මෙන්න මේ විදිහේ කැමැත්තක්. මේ විදිහේ ආශාවක්. මේ විදිහේ බලාපොරොත්තුවක්. ‘අනේ ඇත්තෙන් ම අපේ කරදර කම්කටොළු පීඩාවන් නැතිවෙලා යනවා නම් ප්‍රිය මනාප දේ, යහපත් දේ දියුණු වෙනවා නම්’ කියල. ඒ වුනාට පින්වත් මහණෙනි, ලෝක සත්වයා තුළ එබඳු කැමැත්තක් තිබුනත්, එබඳු ආශාවක් තිබුනත්, එබඳු බලාපොරොත්තුවක් තිබුනත් දුක් කරදර, කම්කටොළු තමයි වැඩිවෙන්නෙ. සතුට සැනසිල්ල ම යි නැතිවෙන්නෙ. පින්වත් මහණෙනි, ඔබ ඒකට හේතුව හැටියට දකින්නෙ මොනවා ද?”

“ස්වාමීනී, අපගේ මේ ධර්මය තියෙන්නෙ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේගේ නායකත්වයෙනුයි. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ම ඔය වදාළ කාරණාවේ අර්ථය අපට කියල දෙනවා නම්, කොයිතරම් හොඳ ද? භාග්‍යවතුන් වහන්සේ ගෙන් අහල, මේ භික්ෂූන් වහන්සේලා මතක තබාගනීවි.”

“එහෙම නම් පින්වත් මහණෙනි, හොඳින් අහගෙන ඉන්න ඕන. නුවණින් තේරුම්ගන්න ඕන. මං කියා දෙන්නම්.”

“එසේ ය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.

3. ඉධ භික්ඛවේ අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවී අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ සේවිතබ්බේ ධම්මේ න ජානාති, අසේවිතබ්බේ ධම්මේ න ජානාති, භජිතබ්බේ ධම්මේ න ජානාති, අභජිතබ්බේ ධම්මේ න ජානාති. සෝ සේවිතබ්බේ ධම්මේ අජානන්තෝ අසේවිතබ්බේ ධම්මේ අජානන්තෝ, භජිතබ්බේ ධම්මේ අජානන්තෝ අභජිතබ්බේ ධම්මේ අජානන්තෝ, අසේවිතබ්බේ ධම්මේ සේවති සේවිතබ්බේ ධම්මේ න සේවති, අභජිතබ්බේ ධම්මේ භජති, භජිතබ්බේ ධම්මේ න භජති. තස්ස අසේවිතබ්බේ ධම්මේ සේවතෝ සේවිතබ්බේ ධම්මේ අසේවතෝ, අභජිතබ්බේ ධම්මේ භජතෝ භජිතබ්බේ ධම්මේ අභජතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං අවිද්දසුනෝ.

“පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලාව අඳුනන්නෙ නෑ. ආර්ය ධර්මයක් තේරුම්ගන්න දක්ෂත් නෑ. ආර්ය ධර්මයක් පුරුදු වෙන්නෙත් නෑ. ඔහු සත්පුරුෂයන්ව අඳුනන්නෙත් නෑ. සත්පුරුෂ ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයක් පුහුණු වෙන්නෙත් නෑ. ඉතින් ඔහු ඒ නිසා පුරුදු කළ යුතු දේ දන්නෙත් නෑ. පුරුදු නොකළ යුතු දේ දන්නෙත් නෑ. ඇසුරු කළ යුතු දේ දන්නෙත් නෑ. ඇසුරු නොකළ යුතු දේ දන්නෙත් නෑ. ඔහු පුරුදු කළ යුතු දේ නොදන්න නිසා, පුරුදු නොකළ යුතු දේ නොදන්න නිසා, ඇසුරු කළ යුතු දේ නොදන්න නිසා, ඇසුරු නොකළ යුතු දේ නොදන්නා නිසා, පුරුදු නොකළ යුතු දේ පුරුදු කරනවා. පුරුදු කළ යුතු දේ පුරුදු කරන්නෙ නෑ. ඇසුරු නොකළ යුතු දේ ඇසුරු කරනවා. ඇසුරු කළ යුතු දේ ඇසුරු කරන්නෙ නෑ.

එතකොට පුරුදු නොකළ යුතු දේ පුරුදු කරන, පුරුදු කළ යුතු දේ පුරුදු නොකරන, ඇසුරු නොකළ යුතු දේ ඇසුරු කරන, ඇසුරු කළ යුතු දේ ඇසුරු නොකරන ඔහුට සිද්ධ වෙන්නෙ මෙච්චරයි. දුක් කරදර, කම්කටොළු වැඩිවෙනවා. සතුට සොම්නස ඇතිවෙන දේ පිරිහෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අන්ධ බාල පෘථග්ජනයාට සිද්ධ වෙන්නෙ ඔච්චර තමයි.

4. සුතවා ච ඛෝ භික්ඛවේ අරියසාවකෝ අරියානං දස්සාවී අරියධම්මස්ස කෝවිදෝ අරියධම්මේ සුවිනීතෝ, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කෝවිදෝ සප්පුරිසධම්මේ සුවිනීතෝ සේවිතබ්බේ ධම්මේ පජානාති අසේවිතබ්බේ ධම්මේ පජානාති, භජිතබ්බේ ධම්මේ පජානාති අභජිතබ්බේ ධම්මේ පජානාති. සෝ සේවිතබ්බේ ධම්මේ පජානන්තෝ අසේවිතබ්බේ ධම්මේ පජානන්තෝ, භජිතබ්බේ ධම්මේ පජානන්තෝ අභජිතබ්බේ ධම්මේ පජානන්තෝ අසේවිතබ්බේ ධම්මේ න සේවති, සේවිතබ්බේ ධම්මේ සේවති. අභජිතබ්බේ ධම්මේ න භජති, භජිතබ්බේ ධම්මේ භජති. තස්ස අසේවිතබ්බේ ධම්මේ අසේවතෝ සේවිතබ්බේ ධම්මේ සේවතෝ, අභජිතබ්බේ ධම්මේ අභජතෝ භජිතබ්බේ ධම්මේ භජතෝ, අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං විද්දසුනෝ.

නමුත් පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙහෙම කෙනෙක්. ඔහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මය තේරුම්ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයින්ව හඳුනනවා. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. ඔහු පුරුදු කළ යුතු ධර්මයන් දන්නවා. පුරුදු නොකළ යුතු ධර්මයන් ද දන්නවා. ඇසුරු කළ යුතු ධර්මය දන්නවා. ඇසුරු නොකළ යුතු ධර්මයත් දන්නවා. ඔහු පුරුදු කළ යුතු ධර්මය දන්න නිසා, පුරුදු නොකළ යුතු ධර්මයත් දන්න නිසා, ඇසුරු කළ යුතු ධර්මය දන්න නිසා, ඇසුරු නොකළ යුතු ධර්මයත් දන්න නිසා, පුරුදු නොකළ යුතු දේ පුරුදු කරන්නෙ නෑ. පුරුදු කළ යුතු දේ පමණක් පුරුදු කරනවා. ඇසුරු නොකළ යුතු දේ ඇසුරු කරන්නෙ නෑ. අසුරු කළ යුතු දේ පමණක් ඇසුරු කරනවා. එතකොට දුක් කරදර, කම්කටොළු, විපත් නැතිවෙලා යනවා. සැප, සතුට, සොම්නස, යහපත ඇතිවෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ජීවිතේ ගැන අවබෝධයක් තියෙන ආර්ය ශ්‍රාවකයෙකුට සිදුවිය යුතු යහපත තමයි ඒ සිදුවෙන්නෙ.

5. චත්තාරිමානි භික්ඛවේ ධම්මසමාදානානි. කතමානි චත්තාරි?

පින්වත් මහණෙනි, යහපත අයහපත ඇතිවෙන සමාදන් වීම් හතරක් තියෙනවා. ඒ හතර මොනවාද?

අත්ථි භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකං. අත්ථි භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං අත්ථි භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං. අත්ථි භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකං.

(1). පින්වත් මහණෙනි, මෙලොව දී සැප ලැබෙන, පරලොව දී දුක් විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.

(2). මෙලොව දී දුක් ලැබෙන, පරලොව දී ත් දුක් විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.

(3). මෙලොව දී දුක් ලැබෙන, පරලොව දී සැප විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.

(4). මෙලොව දී ත් සැප ලැබෙන, පරලොව දී ත් සැප විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමකුත් තියෙනවා.

6. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකං, තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං නප්පජානාති. ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං අප්පජානන්තෝ තං සේවති, තං න පරිවජ්ජේති. තස්ස තං සේවතෝ තං අපරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං අවිද්දසුනෝ.

පින්වත් මහණෙනි, දැන් ඔය මෙලොව දී ත් දුක් ලබාදෙන, පරලොව දී ත් දුක් විපාක ලබාදෙන දේවල් සමාදන් වීමක් තියෙනවා නේද? ඒ ගැන අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයාට කිසිම අවබෝධයක් නෑ. මේ දේවල් සමාදන් වීමෙන් මේ ජීවිතේ දී දුක් විඳිනවා. ඊළඟ ජීවිතේ දී ත් දුක් විපාක ලැබෙනවා කියල. ඒ ගැන අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයා කිසිම දෙයක් අවබෝධ නොකරන නිසා ඒක පුරුදු කරනවා. ඒක අත්හරින්නෙ නෑ. ඉතින් ඔහු ඒක පුරුදු කරන කොට, ඒක අත්නොහරින කොට දුක් කරදර, කම්කටොළු, විපත් ඇතිවෙනවා. සැප, සතුට, සොම්නස, යහපත නැතුව යනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අන්ධ බාල පෘථග්ජනයින්ට සිදුවෙන්නෙ ඔච්චර තමයි.

7. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං, තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං නප්පජානාති: ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං අප්පජානන්තෝ තං සේවති, තං න පරිවජ්ජේති. තස්ස තං සේවතෝ තං අපරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං අවිද්දසුනෝ.

පින්වත් මහණෙනි, ඒ වගේ ම දැන් ඔය මේ ජීවිතේ දී සැප ලබාදෙන, ඊළඟ ජීවිතේ දී දුක් විපාක ලබාදෙන දේවල් සමාදන් වීමක් තියෙනවා නේද? අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මෙන්න මේ දේවල් සමාදන් වීමෙන් වර්තමානයේ සැප ලැබුනත්, ඊළඟ ජීවිතේ දී දුක් විපාක ලැබෙනවා’ කියල ඒ ගැන කිසිම අවබෝධයක් නෑ. ඉතින් ඔය විදිහට අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයාට ඒ ගැන කිසි ම අවබෝධයක් නැති නිසා, ඔහු ඒක කරගෙන යනවා. ඒක අත්හරින්නෙ නෑ. ඒක දිගටම කරන කොට, ඒක අත්නොහරින කොට, දුක්, කරදර, කම්කටොළු, විපත් ඇතිවෙනවා. සැප, සතුට, සොම්නස, යහපත නැතිවෙනවා. ඒකට හේතුව මොකක් ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට සිදුවිය යුතු දේ තමයි ඒ සිදු වෙන්නෙ.

8. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං, තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං නප්පජානාති: ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං අප්පජානන්තෝ තං න සේවති, තං පරිවජ්ජේති. තස්ස තං අසේවතෝ තං පරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං අවිද්දසුනෝ.

පින්වත් මහණෙනි, ඒ වගේම ඔය වර්තමානයේ දුක් ලැබෙන, ඊළඟ ජීවිතේ දී සැප විපාක ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා නේද? ඒක ගැන අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මේ දේවල් සමාදන් වීමෙන් වර්තමානයේ දුක් ලැබුනත්, ඊළඟ ජීවිතේ දි සැප විපාක ලැබෙනවා නෙව’ කියල ඒ ගැන කිසිම අවබෝධයක් නෑ. ඒ විදිහට අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයාට කිසිම අවබෝධයක් නැති නිසා, ඔහු ඒක පුරුදු කරන්නෙ නෑ. ඒක අත්හරිනවා. ඔහු ඒක පුරුදු නොකරන නිසා, අත්හරින නිසා, ඔහු තුළ දුක්, කරදර, කම්කටොළු, විපත් ඇතිවෙනවා. සැප, සතුට, සැනසිල්ල, යහපත නැතුව යනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට සිදුවිය යුතු දේ තමයි ඒ සිදුවෙන්නෙ.

9. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකං, තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං නප්පජානාති: ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතෝ යථාභූතං අප්පජානන්තෝ තං න සේවති, තං පරිවජ්ජේති. තස්ස තං අසේවතෝ තං පරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං අවිද්දසුනෝ.

පින්වත් මහණෙනි, දැන් ඔය මේ ජීවිතේ දී ත් සැප ලැබෙන, පරලොව ජීවිතේ දී ත් සැප විපාක ලැබෙන දේවල් සමාදන්වීමක් තියෙනවා නේද? ඒ ගැන අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මේ දේවල් සමාදන් වීමෙන් මේ ජීවිතේ දී සැප ලැබෙනවා. පරලොව ජීවිතේ දී ත් සැප විපාක ලැබෙනවා’ කියල ඒ ගැන කිසි ම අවබෝධයක් නෑ. ඔය විදිහට අවිද්‍යාව තුළ ඉන්න අශ්‍රැතවත් පෘථග්ජනයාට කිසිම අවබෝධයක් නැති නිසා, ඔහු ඒක පුරුදු කරන්නෙ නෑ. ඒක අත්හරිනවා. ඔහු ඒක පුරුදු නොකරන කොට ඒක අත්හරින කොට දුක්, කරදර, කම්කටොළු, විපත් ඇතිවෙනවා. සැප, සතුට, සැනසිල්ල, යහපත නැතුව යනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට සිදුවිය යුතු දේ තමයි ඒ සිදුවෙන්නෙ.

10. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකං, තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානාති: ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකන්ති. තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානන්තෝ තං න සේවති, තං පරිවජ්ජේති. තස්ස තං අසේවතෝ තං පරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං විද්දසුනෝ.

පින්වත් මහණෙනි, ඒ වගේ ම වර්තමානයේ දුක් ලැබෙන, ඊළඟ ජීවිතේ දී ත් දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා නේද? අවබෝධයක් තියෙන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ‘මේ දේවල් සමාදන් වීමෙන් වර්තමානයේත් දුක් ලැබෙනවා. ඊළඟ ජීවිතේ දී ත් දුක් විපාක ලැබෙනවා’ කියල යථාර්ථයෙන් ම දන්නවා. ඔය විදිහට අවබෝධයක් තියෙන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා යථාර්ථයෙන් ම දන්න නිසා ඒක පුරුදු කරන්නෙ නෑ. ඒ දේවල් අත්හරිනවා. ඒක පුරුදු නොකරන කොට, ඒක අත්හරින කොට, ඔහු තුළ දුක්, කරදර, කම්කටොළු, විපත් නැතිව යනවා. සැප, සතුට, සැනසිල්ල, යහපත ඇතිවෙනවා. ඒකට හේතුව මොකක් ද? ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකුට සිදුවිය යුතු යහපත තමයි ඒ සිදුවෙන්නෙ.

11. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං, තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානාති: ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකන්ති. තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානන්තෝ තං න සේවති, තං පරිවජ්ජේති. තස්ස තං අසේවතෝ තං පරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං විද්දසුනෝ.

පින්වත් මහණෙනි, දැන් ඔය මේ ජීවිතේ දී සැප ලැබෙන, ඊළඟ ජීවිතේ දි දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා නේද? අවබෝධයට පැමිණි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ‘මේ දේවල් සමාදන් වීමෙන් මේ ජීවිතේ දී සැප ලැබෙන නමුත්, ඊළඟ ජීවිතේ දී දුක් විපාක ලැබෙනවා’ කියල යථාර්ථයෙන් ම දැනගන්නවා. ඔය විදිහට අවබෝධයට පැමිණි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා යථාර්ථයෙන් ම දන්න නිසා ඒක පුරුදු කරන්නෙත් නෑ. ඒක අත්හරිනවා. ඒක පුරුදු නොකරන නිසා, ඒක අත්හරින නිසා ඔහු තුළ දුක්, කරදර, පීඩා, විපත් හටගන්නෙ නෑ. සතුට, සොම්නස, සැනසිල්ල, යහපත ඇතිවෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අවබෝධයට පැමිණි ශ්‍රාවකයෙකුට සිදුවෙන්න ඕන යහපත තමයි ඒ සිදුවුනේ.

12. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානාති: ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකන්ති. තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානන්තෝ තං සේවති, තං න පරිවජ්ජේති තස්ස තං සේවතෝ තං අපරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හේතු? ඒවං හේතං භික්ඛවේ හෝති යථා තං විද්දසුනෝ.

පින්වත් මහණෙනි, දැන් ඔය මෙලොව දී දුක් විපාක ලැබෙන නමුත්, ඊළඟ ජීවිතේ දී සැප විපාක ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා නේද? අවබෝධයට පැමිණි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ‘මේ දේවල් සමාදන් වීමෙන් මෙලොව ජීවිතේ දී දුක ලැබෙන නමුත්, ඊළඟ ජීවිතේ දී සැප ලැබෙනවා’ කියල යථාර්ථයෙන් ම දන්නවා. ඔය විදිහට අවබෝධයට පැමිණි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා යථාර්ථයෙන් ම දන්න නිසා ඒක පුරුදු කරනවා. ඒක අත්හරින්නෙ නෑ. ඒක පුරුදු කරන නිසා, ඒක අත්නොහරින නිසා දුක්, කරදර, කම්කටොළු, විපත් නැතිවෙලා යනවා. සැප, සතුට, සොම්නස, යහපත ඇතිවෙනවා. ඒකට හේතුව මොකක් ද? පින්වත් මහණෙනි, අවබෝධයට පැමිණිච්ච කෙනෙකුට සිදුවෙන්න ඕන යහපත තමයි ඒ සිදුවුනේ.

13. තත්‍ර භික්ඛවේ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකං, තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානාති: ඉදං ඛෝ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකන්ති. තං විද්වා විජ්ජාගතෝ යථාභූතං පජානන්තෝ තං සේවති, තං න පරිවජ්ජේති; තස්ස තං සේවතෝ තං අපරිවජ්ජයතෝ අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හේතු? ඒවඤ්හේතං භික්ඛවේ හෝති යථා තං විද්දසුනෝ.

පින්වත් මහණෙනි, මෙලොව ජීවිතේ දී ත් සැප ලැබෙන, පරලොව ජීවිතේ දී ත් සැප විපාක ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා නේද? අවබෝධයට පැමිණි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ‘මේ දේවල් සමාදන් වීමෙන් මෙලොව ජීවිතේ දී ත් සැප ලැබෙනවා. ඊළඟ ජීවිතේ දී ත් සැප විපාක ලැබෙනවා’ කියල යථාර්ථයෙන් ම දන්නවා. ඉතින් ඔය විදිහට අවබෝධයට පැමිණි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා යථාර්ථය දන්න නිසා ඒක පුරුදු කරනවා. ඒක අත්හරින්නෙ නෑ. ඒක පුරුදු කරන කොට, ඒක අත් නොහරින කොට, දුක්, කරදර, කම්කටොළු, විපත් නැතිවෙලා යනවා. සැප, සතුට, සොම්නස, යහපත ඇතිවෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අවබෝධයට පැමිණිච්ච කෙනෙකුට සිදුවෙන්න ඕන යහපත තමයි ඒ සිදුවුනේ.

14. කතමඤ්ච භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකං?

පින්වත් මහණෙනි, මෙලොව ජීවිතේ දී ත් දුක් ලැබෙන, ඊළඟ ජීවිතේ දී ත් දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියල කියන්නෙ මොකක්ද?

ඉධ භික්ඛවේ ඒකච්චෝ සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන පාණාතිපාතී හෝති පාණාතිපාතපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අදින්නාදායී හෝති අදින්නාදානපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන කාමේසු මිච්ඡාචාරී හෝති. කාමේසු මිච්ඡාචාරපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන මුසාවාදී හෝති. මුසාවාදපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන පිසුනාවාචෝ හෝති. පිසුනාවාචපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන ඵරුසාවාචෝ හෝති ඵරුසාවාචපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන සම්ඵප්පලාපී හෝති. සම්ඵප්පලාපපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අභිජ්ඣාලු‍ හෝති. අභිජ්ඣාපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන බ්‍යාපන්නචිත්තෝ හෝති. බ්‍යාපාදපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන මිච්ඡාදිට්ඨි හෝති. මිච්ඡාදිට්ඨිපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සෝ කායස්ස භේදා පරංමරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකං.

පින්වත් මහණෙනි, කෙනෙක් ඉන්නවා. ඔහු දුකින් දොම්නසින් ම ඉඳගෙන සතුන් මරනවා. ඒ සතුන් මැරීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. ඒ වගේම දුකින් දොම්නසින් ම ඉඳගෙන සොරකම් කරනවා. ඒ සොරකම් කිරීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. ඒ වගේම දුකින් දොම්නසින් ම ඉඳගෙන වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඒ වැරදි කාම සේවනය නිසාත් දුක් දොම්නස් විඳිනවා. ඒ වගේම දුකින් දොම්නසින් ම ඉඳගෙන බොරු කියනවා. ඒ බොරු කීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. ඒ වගේම දුකින් දොම්නසින් ම ඉඳගෙන කේළාම් කියනවා. ඒ කේළාම් කීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් ඉඳගෙන ම පරුෂ වචන කියනවා. ඒ පරුෂ වචන කියන නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් ඉඳගෙන ම හිස් වචන කියනවා. ඒ හිස් වචන කීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් ඉඳගෙන ම අනුන්ගේ දේට ආශා කරනවා. අනුන්ගේ දේට ආශා කිරීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් ඉඳගෙන ම තරහ සිතින් ඉන්නවා. ඒ තරහ නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් ඉඳගෙන ම මිථ්‍යා දෘෂ්ටික වෙනවා. ඒ මිථ්‍යා දෘෂ්ටිය නිසාත් දුක් දොම්නස් විඳිනවා. ඉතින් ඔහු කය බිඳිලා මළාට පස්සේ අපාය, දුගතිය, විනිපාත කියන නරකාදියෙ උපදිනවා. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි කියන්නෙ ‘මෙලොවත් දුක් විඳින, පරලොවත් දුක් විපාක ලබාදෙන දේවල් සමාදන් වෙනවා’ කියල.

15. කතමඤ්ච භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං?

පින්වත් මහණෙනි, මෙ ලොව දී සැප විඳින නමුත්, පරලොව දී දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියන්නෙ මොකක් ද?

ඉධ භික්ඛවේ ඒකච්චෝ සහාපි සුඛේන සහාපි සෝමනස්සේන පාණාතිපාතී හෝති. පාණාතිපාතපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන අදින්නාදායී හෝති අදින්නාදානපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන කාමේසු මිච්ඡාචාරී හෝති කාමේසු මිච්ඡාචාරපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන මුසාවාදී හෝති. මුසාවාදපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන පිසුනාවාචෝ හෝති. පිසුනාවාචපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන ඵරුසවාචෝ හෝති. ඵරුසාවාචපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන සම්ඵප්පලාපී හෝති. සම්ඵප්පලාපපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන අභිජ්ඣාලු‍ හෝති. අභිජ්ඣාපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන බ්‍යාපන්නචිත්තෝ හෝති. බ්‍යාපාදපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන මිච්ඡාදිට්ඨි හෝති. මිච්ඡාදිට්ඨිපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සෝ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං.

පින්වත් මහණෙනි, තව කෙනෙක් ඉන්නවා. ඔහු සතුටින්, සොම්නසින් සතුන් මරනවා. සතුන් මැරීම නිසාත් සතුටක්, සොම්නසක් ලබනවා. ඒ වගේම සතුටින් සොම්නසින් හොරකම් කරනවා. හොරකම් කිරීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. ඒ වගේම සතුටින් සොම්නසින් වැරදි කාම සේවනයේ යෙදෙනවා. වැරදි කාම සේවනයේ යෙදීම නිසාත් සතුටක්, සොම්නසක් ලබනවා. ඒ වගේම සතුටින් සොම්නසින් බොරු කියනවා. බොරු කීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුක්ත ව කේළාම් කියනවා. කේළාම් කීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුක්ත ව පරුෂ වචන කියනවා. පරුෂ වචන කීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් හිස් වචන කතා කරනවා. හිස් වචන කීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් අනුන්ගේ දේට ආශා කරනවා. අනුන්ගේ දේට ආශා කරලත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුක්තව ම තරහ සිත් ඇති කරගන්නවා. තරහ සිත නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුතුව ම මිථ්‍යා දෘෂ්ටික වෙනවා. මිථ්‍යා දෘෂ්ටිය නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. අන්තිමේ දී ඔහු කය බිඳී මළාට පස්සෙ අපාය, දුගතිය, විනිපාත කියන නරකාදියෙ උපදිනවා. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි කියන්නෙ ‘මෙලොව සැප ලබන, පරලොව දුක් විපාක ලබාදෙන දේවල් සමාදන් වෙනවා’ කියලා.

16. කතමඤ්ච භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං?

පින්වත් මහණෙනි, මෙලොව දුක් ලැබෙන නමුත්, පරලොව සැප විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියන්නෙ මොකක් ද?

ඉධ භික්ඛවේ ඒකච්චෝ සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන පාණාතිපාතා පටිවිරතෝ හෝති. පාණාතිපාතා වේරමණීපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අදින්නාදානා පටිවිරතෝ හෝති. අදින්නාදානා වේරමණීපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා වේරමණීපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන මුසාවාදා පටිවිරතෝ හෝති. මුසාවාදා වේරමණීපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. පිසුනාය වාචාය වේරමණීපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති. ඵරුසාය වාචාය වේරමණීපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. සම්ඵප්පලාපා වේරමණීපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අනභිජ්ඣාලු‍ හෝති. අනභිජ්ඣාපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අබ්‍යාපන්නචිත්තෝ හෝති. අබ්‍යාපාදපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන සම්මාදිට්ඨි හෝති. සම්මාදිට්ඨිපච්චයා ච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං.

පින්වත් මහණෙනි, මෙහෙම කෙනෙකුත් ඉන්නවා. ඔහු දුකින් දොම්නසින් යුක්තව ම සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මැරීමෙන් වැළකීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. ඒ වගේම දුකින් දොම්නසින් යුක්තව ම සොරකමින් වළකිනවා. සොරකමින් වැළකීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම වැරදි කාම සේවනයෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වැළකීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම බොරු කීමෙන් වළකිනවා. බොරු කීමෙන් වැළකීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම කේළාම් කීමෙන් වළකිනවා. කේළාම් කීමෙන් වැළකීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම පරුෂ වචන කීමෙන් වළකිනවා. පරුෂ වචන කීමෙන් වැළකීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම හිස් වචන කීමෙන් වළකිනවා. හිස් වචන කීමෙන් වැළකීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම අනුන්ගේ දේට ආශා කිරීමෙන් වළකිනවා. අනුන් සතු දේට ආශා නොකිරීමෙනුත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම තරහ සිතින් වළකිනවා. තරහ නොවීම නිසාත් දුක් දොම්නස් විඳිනවා. දුකින් දොම්නසින් යුක්තව ම සම්මා දිට්ඨියෙන් යුක්තව ඉන්නවා. සම්මා දිට්ඨිය නිසාත් දුක් දොම්නස් විඳිනවා. අන්තිමේ දී ඔහු කය බිඳිල මළාට පස්සෙ සැප ඇති සුගති ලෝකෙ උපදිනවා. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි කියන්නෙ ‘මෙලොව දී දුක් විඳින නමුත්, පරලොව දී සැප විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා’ කියලා.

17. කතමඤ්ච භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකං?

පින්වත් මහණෙනි, මෙලොව ජීවිතේදීත් සැප ලැබෙන, පරලොව ජීවිතේදීත් සැප විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියන්නෙ මොකක්ද?

ඉධ භික්ඛවේ ඒකච්චෝ සහාපි සුඛේන සහාපි සෝමනස්සේන පාණාතිපාතා පටිවිරතෝ හෝති. පාණාතිපාතා වේරමණීපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන අදින්නාදානා පටිවිරතෝ හෝති. අදින්නාදානා වේරමණීපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා වේරමණීපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන මුසාවාදා පටිවිරතෝ හෝති. මුසාවාදා වේරමණීපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. පිසුනාය වාචාය වේරමණීපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති. ඵරුසාය වාචාය වේරමණීපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. සම්ඵප්පලාපා වේරමණීපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන අනභිජ්ඣාලු‍ හෝති. අනභිජ්ඣාපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන අබ්‍යාපන්නචිත්තෝ හෝති. අබ්‍යාපාදපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සහාපි සුඛේන සහාපි සෝමනස්සේන සම්මාදිට්ඨි හෝති සම්මාදිට්ඨිපච්චයා ච සුඛං සෝමනස්සං පටිසංවේදේති. සෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකං.

පින්වත් මහණෙනි, මෙහෙම කෙනෙකුත් ඉන්නවා. ඔහු සතුටින් සොම්නසින් යුක්තව ම සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මැරීමෙන් වැළකීම නිසා සතුටක්, සොම්නසක් විඳිනවා. ඒ වගේ ම සතුටින් සොම්නසින් යුක්තව ම සොරකමින් වළකිනවා. සොරකමින් වැළකීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. ඒ වගේම සතුටින් සොම්නසින් යුක්තව ම වැරදි කාම සේවනයෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වැළකීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුක්තව ම බොරු කීමෙන් වළකිනවා. බොරු කීමෙන් වැළකීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුතුව ම කේළාම් කීමෙන් වළකිනවා. කේළාම් කීමෙන් වැළකීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුතුව ම පරුෂ වචන කීමෙන් වළකිනවා. පරුෂ වචන කීමෙන් වැළකීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුතුව ම හිස් වචන කීමෙන් වළකිනවා. හිස් වචන කීමෙන් වැළකීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුතුව ම අනුන් සතු දේට ආශා කිරීමෙන් වළකිනවා. අනුන් සතු දේට ආශා කිරීමෙන් වැළකීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුක්තව ම තරහ සිතින් තොරව ඉන්නවා. තරහ සිතින් තොරව සිටීම නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. සතුටින් සොම්නසින් යුක්තව ම සම්මා දිට්ඨියෙන් යුක්තව ඉන්නවා. සම්මා දිට්ඨිය නිසාත් සතුටක් සොම්නසක් ලබනවා. ඒ නිසා ඔහු කය බිඳී මැරුණට පස්සෙ සැප ඇති සුගති ලෝකයේ උපදිනවා. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි මෙලොව දී ත් සැප විඳින, පරලොව දී ත් සැප විපාක තියෙන දේවල් සමාදන් වෙනවා කියල කියන්නෙ.

ඉමානි ඛෝ භික්ඛවේ චත්තාරි ධම්මසමාදානානි.

මහණෙනි, මේවාට තමයි ධම්මසමාදාන සතර කියන්නේ.

18. සෙය්‍යථාපි භික්ඛවේ තිත්තකාලාපු විසේන සංසට්ඨෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ජීවිතුකාමෝ අමරිතුකාමෝ, සුඛකාමෝ දුක්ඛපටික්කූලෝ, තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස, අයං තිත්තකාලාපු විසේන සංසට්ඨෝ. සචේ ආකංඛසි පිව. තස්ස තේ පිවතෝ චේව නච්ඡාදෙස්සති වණ්ණේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වා ච පන මරණං වා නිගච්ඡසි මරණමත්තං වා දුක්ඛන්ති. සෝ තං අප්පටිසංඛාය පිවෙය්‍ය, න පටිනිස්සජ්ජෙය්‍ය. තස්ස තං පිවතෝ චේව නච්ඡාදෙය්‍ය වණ්ණේනපි ගන්ධේනපි රසේනපි. පිවිත්වා ච පන මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තථූපමාහං භික්ඛවේ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකං.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. මාරාන්තික වසක් දාපු තිත්ත ලබු යුෂ පානයක් තියෙනවා. එතනට මිනිහෙක් එනවා. ඔහු ජීවත් වෙන්න කැමතියි. මැරෙන්න අකැමතියි. සැපයට කැමතියි. දුක පිළිකුල් කරනවා. ඔහුට මෙහෙම කියනවා. ‘ඒයි මනුස්සයෝ, මෙන්න තියෙනවා මාරාන්තික විෂ දාපු තිත්ත ලබු යුෂ බීමක්. ඔබ කැමති නම් බොන්න පුළුවනි. හැබැයි මේක බොන කොට මේකෙ පාටටවත්, සුවඳටවත්, රසටවත් ආශාවක් නම් හිතෙන්නෙ නෑ. බිව්වට පස්සෙ එක්කො මැරිල යාවි. එක්කො මාරාන්තික දුකකට පත් වේවි’ කියල. ඉතින් ඔහු ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ. ඒක බොනවා. ඒක අත්හරින්නෙ නෑ. ඔහු ඒක බොනකොටත්, ඒකෙ පාටටවත්, සුවඳටවත්, රසට වත් ආශාවක් නම් ඇතිවෙන්නෙ නෑ. බිව්වට පස්සෙ එක්කො ඔහු මැරිල යනවා. එහෙම නැත්නම් මාරාන්තික දුකකට පත්වෙනවා. පින්වත් මහණෙනි, මෙලොව දී ත් දුක් විඳින, පරලොව දී ත් දුක් විපාක විඳින, යම් දේවල් සමාදන් වීමක් ඇද්ද, අන්න ඒ අයහපත් සමාදන් වීම ගැන තමයි ඔය උපමාව කරන්න තියෙන්නෙ.

19. සෙය්‍යථාපි භික්ඛවේ ආපානීයකංසෝ වණ්ණසම්පන්නෝ ගන්ධසම්පන්නෝ රසසම්පන්නෝ, සෝ ච ඛෝ විසේන සංසට්ඨෝ. අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ජීවිතුකාමෝ අමරිතුකාමෝ, සුඛකාමෝ දුක්ඛ පටික්කූලෝ. තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස, අයං ආපානීයකංසෝ වණ්ණසම්පන්නෝ ගන්ධසම්පන්නෝ රසසම්පන්නෝ. සෝ ච ඛෝ විසේන සංසට්ඨෝ. සචේ ආකංඛසි පිව. තස්ස තේ පිවතෝහි ඛෝ ඡාදෙස්සති වණ්ණේනපි ගන්ධේනපි රසේනපි. පිවිත්වා ච පන මරණං වා නිගච්ඡසි මරණමත්තං වා දුක්ඛන්ති. සෝ තං අප්පටිසංඛාය පිවෙය්‍ය, න පටිනිස්සජ්ජෙය්‍ය. තස්ස තං පිවතෝ හි ඛෝ ඡාදෙය්‍ය වණ්ණේනපි ගන්ධේනපි රසේනපි. පිවිත්වා ච පන මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තථූපමාහං භික්ඛවේ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ඉතාම රසවත් බීමක් තියෙන බඳුනක් තියෙනවා. ඒ බීමෙ පාටත් හරිම ලස්සනයි. හරිම සුවඳයි. හරිම රසවත්. ඒත් ඒකට මාරාන්තික වස මිශ්‍ර කරලයි තියෙන්නෙ. ඔතෙන්ට මිනිහෙක් එනවා. ඔහු ජීවත් වෙන්නයි කැමති. මැරෙන්න අකැමතියි. සැපයටයි කැමති. දුක පිළිකුල් කරනවා. එතකොට ඔහුට මෙහෙම කියනවා. ‘ඒයි මනුස්සයො, මෙන්න තියෙනවා අපූරු බීමක්. මේකෙ පාටත් ලස්සනයි. හරිම සුවඳයි. හරිම රසවත්. හැබැයි මේකට මාරාන්තික වසක් මිශ්‍ර කරලයි තියෙන්නෙ. කැමති නම් බොන්න පුළුවනි. හැබැයි ඔබ ඒක බොන කොට ඒකෙ පාට ගැනත්, සුවඳ ගැනත්, රසය ගැනත් ගොඩාක් කැමති වේවි. බිව්වට පස්සෙ ඔබ මැරිල යාවි. එහෙමත් නැත්නම් මාරාන්තික දුක් විඳින්න සිද්ධ වේවි’ කියලා. ඔහු ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ. ඒක බැහැර කරන්නෙ නෑ. ඔහු ඒක බොනවා. එතකොට ඒකෙ පාටටත්, සුවඳටත්, රසයටත් ගොඩක් කැමති වෙනවා. නමුත් බිව්වට පස්සෙ මැරිල යනවා. එහෙම නැත්නම් මාරාන්තික දුකකට පත්වෙනවා. පින්වත් මහණෙනි. මෙලොව සැප තිබෙන නමුත්, පරලොව දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වීමක් ඇද්ද, අන්න ඒ සමාදන් වීම ගැන ඔය උපමාව තමයි මට කරන්න තියෙන්නෙ.

20. සෙය්‍යථාපි භික්ඛවේ පූතිමුත්තං නානාභේසජ්ජේහි සංසට්ඨං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය පණ්ඩුකරෝගී. තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස ඉදං පූතිමුත්තං නානාභේසජ්ජේහි සංසට්ඨං සචේ ආකංඛසි පිව. තස්ස තේ පිවතෝ හි ඛෝ නච්ඡාදෙස්සති වණ්ණේනපි ගන්ධේනපි රසේනපි, පිවිත්වා ච පන සුඛී භවිස්සසී’ති. සෝ තං පටිසංඛාය පිවෙය්‍ය න පටිනිස්සජ්ජෙය්‍ය. තස්ස තං පිවතෝ හි ඛෝ නච්ඡාදෙය්‍ය වණ්ණේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වා ච පන සුඛී අස්ස. තථූපමාහං භික්ඛවේ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. අරළු වැනි නොයෙක් බෙහෙත් දාපු ගව මූත්‍රා තියෙනවා. ඔතෙන්ට මිනිහෙක් එනවා. ඔහු පාණ්ඩු රෝගියෙක්. එතකොට ඔහුට මෙහෙම කියනවා. ‘පින්වත, මෙන්න තියෙනවා ගව මූත්‍රා බෙහෙතක්. නොයෙක් ඖෂධ වර්ග දාලයි තියෙන්නෙ. ඔබ කැමති නම් බොන්න පුළුවනි. හැබැයි මේක බොන කොට මේකෙ පාට ගැනවත්, සුවඳ ගැනවත්, රස ගැනවත් ඔබ කැමති වෙන එකක් නෑ. හැබැයි බිව්වට පස්සෙ ඔබ සුවපත් වෙයි’ කියලා. ඔහු ඒ ගැන නුවණින් හිතල ඒක පානය කරනවා. බැහැර කරන්නෙ නෑ. ඔහු ඒක බොන විට පාට ගැනවත්, සුවඳ ගැනවත්, රස ගැනවත් කැමැත්තක් ඇතිවෙන්නෙ නෑ. නමුත් ඔහු ඒක බිව්වට පස්සෙ සුවපත් වෙනවා. පින්වත් මහණෙනි, මෙලොව දී දුක් ලැබෙන නමුත්, පරලොව සැප විපාක තියෙන දේවල්වල යම් සමාදන් වීමක් ඇද්ද, අන්න ඒ සමාදන් වීම ගැන කරන්න තියෙන්නෙ ඔය උපමාව තමයි.

21. සෙය්‍යථාපි භික්ඛවේ දධි ච මධු ච සප්පි ච ඵාණිතඤ්ච ඒකජ්ඣං සංසට්ඨං. අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ලෝහිතපක්ඛන්දිකෝ. තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස, ඉදං දධිං ච මධුං ච සප්පිං ච ඵාණිතඤ්ච ඒකජ්ඣං සංසට්ඨං, සචේ ආකංඛසි පිව. තස්ස තේ පිවතෝ චේව ඡාදෙස්සති වණ්ණේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වා ච පන සුඛී භවිස්සසීති. සෝ තං පටිසංඛාය පිවෙය්‍ය, න පටිනිස්සජ්ජෙය්‍ය. තස්ස තං පිවතෝ චේව ඡාදෙය්‍ය වණ්ණේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වා ච පන සුඛී අස්ස. තථූපමාහං භික්ඛවේ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකං.

පින්වත් මහණෙනි, මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. දී කිරි, මී පැණි, ගිතෙල්, පැණි කලවම් කරල හදපු රසවත් බීමක් තියෙනවා. ඔතෙන්ට මිනිහෙක් එනවා. ඔහු ලේ අතීසාරය හැදුණු ලෙඩෙක්. ඔහුට මෙහෙම කියනවා. ‘ඒයි පින්වත, මෙන්න තියෙනවා දී කිරිත්, මී පැණිත්, ගිතෙලුත්, කළවම් කරපු රසවත් බීමක්. ඔබ කැමති නම් බොන්න පුළුවනි. ඔබ ඒක පානය කරන කොට ඒකෙ පාට ගැනත්, සුවඳ ගැනත්, රසය ගැනත් ගොඩක් සතුටු වේවි. ඒ වගේ ම ඒක බිව්වට පස්සෙ ඔබ සුවපත් වේවි’ කියල. එතකොට ඔහු ඒ ගැන නුවණින් සළකල ඒක පානය කරනවා. ඒක බැහැර කරන්නෙ නෑ. ඔහු ඒක පානය කරන කොට ඒකෙ පාට ගැනත්, සුවඳ ගැනත්, රස ගැනත් ඔහු ගොඩාක් කැමති වෙනවා. ඒ වගේම ඒක පානය කරල ඔහු සුවපත් වෙනවා. පින්වත් මහණෙනි, මෙලොව දී ත් සැප ලැබෙන, පරලොව ජීවිතේ දී ත් සැප විපාක ලැබෙන දේවල් සමාදන් වීමක් ඇද්ද, අන්න ඒ දේවල් සමාදන් වීම උපමා කරන්න තියෙන්නෙ මේකට තමයි.

22. සෙය්‍යථාපි භික්ඛවේ වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ දේවේ ආදිච්චෝ නභං අබ්භුස්සක්කමානෝ සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතේ ච තපතේ ච විරෝචතේ ච, ඒවමේව ඛෝ භික්ඛවේ යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිඤ්ච සුඛවිපාකං තදඤ්ඤේ පුථුසමණබ්‍රාහ්මණපරප්පවාදේ අභිවිහච්ච භාසති ච තපති ච විරෝචති චාති.

පින්වත් මහණෙනි, වැස්ස කාලෙ අන්තිම මාසෙ සරත් කාලයේ වළාකුළු නැති ආකාසෙ හිරු මඬල නැග එද්දි, අහස පුරා තිබුණු හැම අඳුරක් ම නැති වෙලා ගිහින් අර හිරු මඬල බබලන්න පටන් ගන්නවා. රස්නෙ පැතිරෙන්න පටන් ගන්නවා. දිළිසෙන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි, මෙලොව දී ත් සැප විඳින, පරලොව දී ත් සැප විපාක ලැබෙන දේවල්වල සමාදන් වීමක් ඇද්ද, අන්න ඒක, වෙනත් බොහෝ ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ වාද විවාදවල ඔද තෙද බිඳගෙන බබලන්න පටන් ගන්නවා. රස්නෙ ඇති වෙනවා. දිළිසෙනවා.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා මේ ගැන ගොඩාක් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සාදු නාද නංවමින් ඉතා සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාධම්මසමාදාන සුත්තං ඡට්ඨං.

යහපත අයහපත සමාදන් වීම ගැන වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M