මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.4.2. මහා ගෝසිංග සුත්තං

1.4.2. ගෝසිංග සල් වනයේ දී වදාළ විස්තරාත්මක දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා ගෝසිංගසාලවනදායේ විහරති සම්බහුලේහි අභිඤ්ඤාතේහි අභිඤ්ඤාතේහි ථේරේහි සාවකේහි සද්ධිං: ආයස්මතා ච සාරිපුත්තේන ආයස්මතා ච මහාමොග්ගල්ලානේන ආයස්මතා ච මහාකස්සපේන ආයස්මතා ච අනුරුද්ධේන ආයස්මතා ච රේවතේන ආයස්මතා ච ආනන්දේන : අඤ්ඤේහි ච අභිඤ්ඤාතේහි අභිඤ්ඤාතේහි ථේරේහි සාවකේහි සද්ධිං.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ගෝසිංග නම් සල් වනයේ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ, ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් රේවත, ආයුෂ්මත් ආනන්ද වැනි ඉතා කීර්තිමත් ස්වාමීන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ සමඟ වැඩසිටියා.

2. අථ ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතෝ යේනායස්මා මහාකස්සපෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං මහාකස්සපං ඒතදවෝච: ආයාමාවුසෝ කස්සප යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමිස්සාම ධම්මසවනායාති. ඒවමාවුසෝති ඛෝ ආයස්මා මහාකස්සපෝ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස පච්චස්සෝසි.

එදා ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ, සවස භාවනාවෙන් නැගිටලා, ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ළඟට වැඩියා. ඊට පස්සෙ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් කස්සප, අපි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න යමුද?” කියලා. “හොඳයි, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට පිළිතුරු දුන්නා.

3. අථ ඛෝ ආයස්මා ච මහාමොග්ගල්ලානෝ ආයස්මා ච මහාකස්සපෝ ආයස්මා ච අනුරුද්ධෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමිංසු ධම්මසවනාය. අද්දසා ඛෝ ආයස්මා ආනන්දෝ ආයස්මන්තඤ්ච මහාමොග්ගල්ලානං ආයස්මන්තඤ්ච මහාකස්සපං ආයස්මන්තඤ්ච අනුරුද්ධං යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමන්තේ ධම්මසවනාය. දිස්වාන යේනායස්මා රේවතෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං රේවතං ඒතදවෝච: උපසංකමන්තා ඛෝ අමූ ආවුසෝ රේවත සප්පුරිසා යේනායස්මා සාරිපුත්තෝ තේන ධම්මසවනාය. ආයාමාවුසෝ රේවත යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමිස්සාම ධම්මස්සවනායාති. ඒවමාවුසෝති ඛෝ ආයස්මා රේවතෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි. අථ ඛෝ ආයස්මා ච රේවතෝ ආයස්මා ච ආනන්දෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමිංසු ධම්මසවනාය.

ඉතින් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේත්, ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේත් බණ ටිකක් අහන්න කියල හිතල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට වැඩියා. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන, ආයුෂ්මත් මහාකස්සප, ආයුෂ්මත් අනුරුද්ධ යන ස්වාමීන් වහන්සේලා බණ ටිකක් අහන්න කියල හිතල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට වඩිනවා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දැක්කා. දැකල ආයුෂ්මත් රේවතයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් රේවතයන් වහන්සේට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් රේවත, අන්න අපේ මහෝත්තම ස්වාමීන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේ ළඟට බණ අහන්න වඩිනවා. ප්‍රිය ආයුෂ්මත් රේවත, ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගෙන් බණ ටිකක් අහන්න අපිත් යමු” කියලා. “හොඳයි, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් රේවතයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඉතින් ආයුෂ්මත් රේවතයන් වහන්සේත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත්, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් බණ අහන්න පිටත් වුනා.

4. අද්දසා ඛෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තඤ්ච රේවතං ආයස්මන්තඤ්ච ආනන්දං දූරතෝව ආගච්ඡන්තේ. දිස්වාන ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: “ඒතු ඛෝ ආයස්මා ආනන්දෝ, සාගතං ආයස්මතෝ ආනන්දස්ස භගවතෝ උපට්ඨාකස්ස භගවතෝ සන්තිකාවචරස්ස. රමණීයං ආවුසෝ ආනන්ද, ගෝසිංගසාලවනං, දෝසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ ආනන්ද භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති?

ආයුෂ්මත් රේවතයන් වහන්සේත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත්, දුරින් ම වඩින හැටි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ දැක්කා. දැකල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙහෙම කිව්වා. “හා! වඩින්න. වඩින්න. ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රිය උපස්ථායක වූ, භාග්‍යවතුන් වහන්සේගේ ළඟින් ම සිටින ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ වැඩමවීම කොච්චර දෙයක්ද? ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට හරිම සුන්දරයි. මේ සල් ගස් පුරා අතු පතර මල් පිරිල තියෙනවා. ඒ මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, මේ ලස්සන ගෝසිංග සල් වනය තවත් ලස්සන වෙන්නෙ කොයි වගේ භික්ෂුවකගෙන්ද?”

(ආයස්මා ආනන්දෝ:)

5. “ඉධාවුසෝ සාරිපුත්ත භික්ඛු බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සෝ චතස්සන්නං පරිසානං ධම්මං දේසේති පරිමණ්ඩලේහි පදබ්‍යඤ්ජනේහි අප්පබද්ධේහි අනුසයසමුග්ඝාතාය. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ගෝසිංග සල් වනය ලස්සන වෙන්නෙ මේ වගේ භික්ෂුවක් නිසා. ඒ කියන්නේ ඒ භික්ෂුව බහුශ්‍රැතයි. ඇසූ දේ දරා ගෙනයි ඉන්නෙ. ඒ ඇසූ ධර්මය රැස් කරගෙනයි ඉන්නෙ. ඒ ධර්මයේ ආරම්භයත් ලස්සනයි. මැදත් ලස්සනයි. අවසානයත් ලස්සනයි. ඒ ධර්මය අර්ථ සහිතයි. ඒ ධර්මය පැහැදිලි වචනවලින් යුක්තයි. ඒ ධර්මයෙන් කියවෙන්නෙ මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මගයි. අන්න ඒ ධර්මය ගැන තමයි ඒ භික්ෂුව බහුශ්‍රැත වෙලා ඉන්නෙ. ඒ ධර්මය තමයි දරාගෙන ඉන්නෙ. ඒ ධර්මය තමයි වචනයෙන් පුරුදු කරන්නෙ. ඒ ධර්මය තමයි නුවණින් විමසන්නෙ. ඒ ධර්මය තමයි ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඉන්නෙ. ඒ භික්ෂුවට පුළුවන් අභ්‍යන්තරගත සියලු කෙලෙස් නැතිවෙන විදිහට, පරිපූර්ණ වශයෙන් යහපත් වචනවලින්, පැටලිලි රහිත වචනවලින්, සිව්පිරිසට ම බණ කියන්න. අන්න ඒ වගේ භික්ෂුවකගෙන් තමයි, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ගෝසිංග සල් වනය ලස්සන වෙන්නෙ.”

6. ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං රේවතං ඒතදවෝච: බ්‍යාකතං ඛෝ ආවුසෝ රේවත ආයස්මතා ආනන්දේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං රේවතං පුච්ඡාම. රමණීයං ආවුසෝ රේවත ගෝසිංගසාලවනං, දෝසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ රේවත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යාති?

එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් රේවතයන් වහන්සේට මෙහෙම කියනවා. “ප්‍රිය ආයුෂ්මත් රේවත, ඔන්න දැන් ආයුෂ්මත් ආනන්දයන් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. ඉතින් අපි දැන් ආයුෂ්මත් රේවතගෙනුත් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් රේවත, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් රේවත, කොයි වගේ භික්ෂුවක් නිසාද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?”

(ආයස්මා රේවතෝ:)

7. “ඉධාවුසෝ සාරිපුත්ත, භික්ඛු පටිසල්ලානාරාමෝ හෝති පටිසල්ලානරතෝ, අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ, අනිරාකතජ්ඣානෝ, විපස්සනාය සමන්නාගතෝ, බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, සමාධි සමාපත්තිවලට ඇලුණු භික්ෂුවක් ඉන්නවා. ඔහු සමාධි සමාපත්තිවලට හරිම කැමතියි. තමන් තුළ චිත්ත සමාධියෙන් ම යි ඉන්නෙ. ධ්‍යානවලින් බැහැර වෙන්නෙ නෑ. නිතර විදර්ශනාත් වඩනවා. නිදහස් තැන්වලට ම යි කැමති. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසාත් මේ ගෝසිංග සල් වනය ලස්සන වෙනවා.”

8. ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝච: බ්‍යාකතං ඛෝ ආවුසෝ අනුරුද්ධ ආයස්මතා රේවතේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම: රමණීයං ආවුසෝ අනුරුද්ධ ගෝසිංගසාලවනං, දෝසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථං රූපේන ආවුසෝ අනුරුද්ධ භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”’ති?

ඊට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙහෙම කියනවා. “ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, ඔන්න දැන් ආයුෂ්මත් රේවතත් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන්ගෙන් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?”

(ආයස්මා අනුරුද්ධෝ:)

9. “ඉධාවුසෝ සාරිපුත්ත, භික්ඛු දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සහස්සං ලෝකානං වෝලෝකේති. සෙය්‍යථාපි ආවුසෝ සාරිපුත්ත චක්ඛුමා පුරිසෝ උපරිපාසාදවරගතෝ සහස්සං නේමිමණ්ඩලානං වෝලෝකෙය්‍ය, ඒවමේව ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛු දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සහස්සං ලෝකානං වෝලෝකේති. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, දිවැස් තියෙන භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය දිවැසින් දහසක් ලෝක ධාතු දකිනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උස් ගොඩනැගිල්ලකට ගිය කෙනෙක් එතන ඉඳල දහසක් නිම් වළලු බලනවා වගෙයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, භික්ෂුව මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය දිවැස් නුවණින් දහසක් ලෝක ධාතු දකින්නෙ ඔය විදිහට ම යි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ භික්ෂුවකගෙන් මේ ගෝසිංග සල් වනය තවත් ලස්සන වෙනවා.

10. ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං මහාකස්සපං ඒතදවෝච: බ්‍යාකතං ඛෝ ආවුසෝ කස්සප ආයස්මතා අනුරුද්ධේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං මහාකස්සපං පුච්ඡාම: රමණීයං ආවුසෝ කස්සප ගෝසිංගසාලවනං, දෝසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ කස්සප භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යාති?

ඊට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට මෙහෙම කියනවා. “ප්‍රිය ආයුෂ්මත් කස්සප, ඔන්න දැන් ආයුෂ්මත් අනුරුද්ධයන් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. ඉතින් අපි දැන් ආයුෂ්මත් මහාකස්සපයන්ගෙනුත් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් කස්සප, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් කස්සප, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?”

(ආයස්මා මහාකස්සපෝ)

11. “ඉධාවුසෝ සාරිපුත්ත භික්ඛු අත්තනා ච ආරඤ්ඤකෝ හෝති ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පිණ්ඩපාතිකෝ හෝති පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පංසුකූලිකෝ හෝති පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච තේචීවරිකෝ හෝති තේචීවරිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච අප්පිච්ඡෝ හෝති අප්පිච්ඡතාය ච වණ්ණවාදී. අත්තනා ච සන්තුට්ඨෝ හෝති සන්තුට්ඨියා ච වණ්ණවාදී. අත්තනා ච පවිවිත්තෝ හෝති පවිවේකස්ස ච වණ්ණවාදී. අත්තනා ච අසංසට්ඨෝ හෝති අසංසග්ගස්ස ච වණ්ණවාදී. අත්තනා ච ආරද්ධවිරියෝ හෝති විරියාරම්භස්ස ච වණ්ණවාදී. අත්තනා ච සීලසම්පන්නෝ හෝති සීලසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච සමාධිසම්පන්නෝ හෝති සමාධිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නෝ හෝති පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිසම්පන්නෝ හෝති විමුත්තිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නෝ හෝති විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, තමාත් වනාන්තරේ වාසය කරමින් ම වනාන්තරේ වාසය කිරීම ගැන ගුණ කියන භික්ෂුවක් ඉන්නවා. තමන් පිණ්ඩපාතෙනුයි යැපෙන්නෙ. පිණ්ඩපාතෙන් යැපීමේ ගුණත් කියනවා. තමන් පාංශුකූල වස්ත්‍ර ම යි පොරවන්නෙ. පාංශුකූල වස්ත්‍ර පෙරවීම ගැන ගුණත් කියනවා. තමන් තුන් සිවුරෙන් ඉන්නෙ. තුන් සිවුරෙන් සිටීම ගැන ගුණත් කියනවා. තමන් අල්පේච්ඡවයි ඉන්නෙ. අල්පේච්ඡතාවය ගැන ගුණත් කියනවා. තමන් ලද දෙයින් සතුටු වෙලයි ඉන්නෙ. ලද දෙයින් සතුටු වීමේ ගුණත් කියනවා. තමන් හුදෙකලා විවේකයෙන් ඉන්නෙ. හුදෙකලා විවේකයේ ගුණත් කියනවා. තමන් පිරිස සමඟ නොඇලීයි ඉන්නෙ. පිරිස සමඟ නොඇලීමේ ගුණත් කියනවා. තමන් පටන් ගත් වීරියෙන් ම යි ඉන්නෙ. පටන් ගත් වීරිය ගැන ගුණත් කියනවා. තමන් සිල්වත්ව ඉන්නෙ. සීල සම්පත්තියේ ගුණත් කියනවා. තමන් සමාධිමත්ව ඉන්නෙ. සමාධි සම්පත්තියේ ගුණත් කියනවා. තමන් ප්‍රඥාවෙන් ඉන්නෙ. ප්‍රඥා සම්පත්තියේ ගුණත් කියනවා. තමන් විමුක්ති සිතින් ඉන්නෙ. විමුක්ති සම්පත්තිය ගැන ගුණත් කියනවා. තමන් විමුක්ති ඤාණදර්ශනයෙන් යුක්තවයි ඉන්නෙ. විමුක්ති ඤාණදර්ශන සම්පත්තියේ ගුණත් කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඕන්න ඔය විදිහේ භික්ෂුවක ගෙනුත් ගෝසිංග සල් වනය ලස්සන වෙනවා.”

12. ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං මහාමොග්ගල්ලානං ඒතදවෝච: බ්‍යාකතං ඛෝ ආවුසෝ මොග්ගල්ලාන ආයස්මතා මහාකස්සපේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම: රමණීයං ආවුසෝ මොග්ගල්ලාන ගෝසිංගසාලවනං, දෝසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ මොග්ගල්ලාන භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යාති?

ඊට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙහෙම කියනවා. “ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඔන්න දැන් ආයුෂ්මත් මහාකස්සපයන් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. ඉතින් අපි දැන් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් ගෙනුත් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මේ ගෝසිංග සල් වනය හරි ම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?”

(ආයස්මා මහාමොග්ගල්ලානෝ:)

13. “ඉධාවුසෝ සාරිපුත්ත ද්වේ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති. තේ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති. අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති නෝ ච සංසාදෙන්ති. ධම්මී ච නේසං කථා පවත්තනී හෝති. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ගැඹුරු ධර්මය කතා කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉන්නවා. උන්වහන්සේලා එකිනෙකාගෙන් ප්‍රශ්න විමසනවා. එකිනෙකාගෙන් අහන ප්‍රශ්න විසඳනවා මිසක් කරුණු හංගන්න යන්නෙ නෑ. එතකොට උන්වහන්සේලාට දිගට ම ධර්ම කතාව කරගෙන යන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසා මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙනවා.”

14. අථ ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච: “බ්‍යාකතං ඛෝ ආවුසෝ සාරිපුත්ත අම්හේහි සබ්බේහේව යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං සාරිපුත්තං පුච්ඡාම: රමණීයං ආවුසෝ සාරිපුත්ත ගෝසිංගසාලවනං. දෝසිනා රත්ති. සබ්බඵාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

ඊට පස්සෙ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙහෙම කියනවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න දැන් අපි ඔක්කොම තම තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්න නෙව. දැන් ඉතින් අපි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?”

(ආයස්මා සාරිපුත්තෝ)

15. “ඉධාවුසෝ මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තේති, නෝ ච භික්ඛු චිත්තස්ස වසේන වත්තති. සෝ යාය විහාරසමාපත්තියා ආකංඛති පුබ්බණ්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බණ්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. සෙය්‍යථාපි ආවුසෝ මොග්ගල්ලාන රඤ්ඤෝ වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකෝ පූරෝ අස්ස, සෝ යඤ්ඤදේව දුස්සයුගං ආකංඛෙය්‍ය පුබ්බණ්හසමයං පාරුපිතුං තං තදේව දුස්සයුගං පුබ්බණ්හසමයං පාරුපෙය්‍ය, යඤ්ඤදේව දුස්සයුගං ආකංඛෙය්‍ය මජ්ඣන්තිකං සමයං පාරුපිතුං තං තදේව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්‍ය, යඤ්ඤදේව දුස්සයුගං ආකංඛෙය්‍ය සායන්හසමයං පාරුපිතුං තං තදේව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්‍ය, ඒවමේව ඛෝ ආවුසෝ මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තේති, නෝ ච භික්ඛු චිත්තස්ස වසේන වත්තති. සෝ යාය විහාරසමාපත්තියා ආකංඛති පුබ්බණ්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බණ්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. ඒවරූපේන ඛෝ ආවුසෝ මොග්ගල්ලාන භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඒ භික්ෂුව විසින් තමන්ගේ සිත තමාගේ වසඟයට පත්කරගෙනයි ඉන්නෙ. සිතේ වසඟයට ඒ භික්ෂුව පත්වෙලා නෑ. උදේ වරුවෙ යම්කිසි සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, උදේ වරුවෙ ඒ සමාධි සමාපත්තියෙන් ඉන්නවා. දවල් කාලෙ යම්කිසි සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, මුළු දවල් කාලයේ ම ඒ සමාධි සමාපත්තියෙන් ඉන්නවා. හවස් වරුවෙ යම්කිසි සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, හවස් වරුවෙ ම ඒ සමාධි සමාපත්තියෙන් ඉන්නවා. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඒක මේ වගේ දෙයක්. රජ්ජුරු කෙනෙකුට හෝ රජ්ජුරුවන්ගේ මහඇමතිට හෝ නොයෙක් සළු පිළි පුරෝපු ලොකු අල්මාරියක් තියෙනවා. ඉතින් එයා උදේට පොරවන්න කැමති වෙනවා වෙන සළුවක්. එතකොට උදේ වරුවට ඒ සළුව පොරෝනවා. දවල් කාලෙ වෙන සළුවක් පොරවන්නයි කැමති. එතකොට එයා දවල්ට ඒ සළුව පොරෝනවා. හවස් වරුවෙ වෙන සළුවක් පොරවන්නයි එයා කැමති. එතකොට හවස් වරුවෙ ඒක පොරෝනවා. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අන්න ඒ විදිහමයි ඒ භික්ෂුව විසින් තමන්ගේ හිත වසඟ කරගෙන ඉන්නේ. හිතේ වසඟයට ඒ භික්ෂුව අහු වෙලා නෑ. ඒ නිසා ඒ භික්ෂුව යම් සමාධි සමාපත්තියකින් උදේ වරුව ගෙවන්න කැමති නම් උදේ වරුව ගෙවන්නෙ ඒ සමාධි සමාපත්තියෙන් ම යි. දවල් වරුවට යම් සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම් දවල් වරුවෙ ඒ සමාධි සමාපත්තියෙන් ම ඉන්නවා. සවස් වරුවෙ යම් සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, සවස් වරුව පුරාම ඒ සමාධි සමාපත්තියෙන් ම යි ඉන්නෙ. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසාත් ගෝසිංග සල් වනය ලස්සන වෙනවා.

16. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ තේ ආයස්මන්තේ ඒතදවෝච : බ්‍යාකතං ඛෝ ආවුසෝ අම්හේහි සබ්බේහේව යථා සකං පටිභානං. ආයාමාවුසෝ යේන භගවා තේනුපසංකමිත්වා ඒතමත්ථං භගවතෝ ආරෝචෙස්සාම, යථා නෝ භගවා බ්‍යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’ති. ඒවමාවුසෝති ඛෝ තේ ආයස්මන්තෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං.

එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ ආයුෂ්මතුන් වහන්සේලාට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දැන් අපි ඔක්කොම තම තමන්ගේ වැටහීම් ගැන කිව්වා නෙව. දැන් ඉතින් අපි භාග්‍යවතුන් වහන්සේව හමුවෙන්න යමු. භාග්‍යවතුන් වහන්සේ බැහැදැකලා උන්වහන්සේට කියමු. ඉන්පසු අපි මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙන විදිහට අපි මතක තියා ගම්මු” කියල. “හොඳයි ආයුෂ්මතුනි” කියල ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා.

17. අථ ඛෝ තේ ආයස්මන්තෝ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච:“ඉද භන්තේ ආයස්මාච රේවතෝ ආයස්මාච ආනන්දෝ යේනාහං තේනුපසංකමිංසු ධම්මසවනාය. අද්දසං ඛෝ අහං භන්තේ ආයස්මන්තඤ්ච රේවතං ආයස්මන්තඤ්ච ආනන්දං දූරතෝව ආගච්ඡන්තේ. දිස්වාන ආයස්මන්තං ආනන්දං ඒතදවෝචං: ඒතු ඛෝ ආයස්මා ආනන්දෝ. සාගතං ආයස්මතෝ ආනන්දස්ස භගවතෝ උපට්ඨාකස්ස භගවතෝ සන්තිකාවචරස්ස. රමණීයං ආවුසෝ ආනන්ද ගෝසිංගසාලවනං. දෝසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ ආනන්ද භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

ඉතින් ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න වැඩියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, මේ ආයුෂ්මත් රේවතත් මේ ආයුෂ්මත් ආනන්දත් මගෙන් බණ අහන්න ඕන කියල මං ළඟට ආවා. ඉතින් ස්වාමීනි, ආයුෂ්මත් රේවතත්, ආයුෂ්මත් ආනන්දත් වඩිනවා මං ඈත තියාම දැක්කා. දැකල මං ආයුෂ්මත් ආනන්දයන්ට මෙහෙම කිව්වා. ‘හා! වඩින්න. වඩින්න. ප්‍රිය ආනන්ද, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රිය උපස්ථායක වූ, භාග්‍යවතුන් වහන්සේගේ ළඟින් ම සිටින ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ වැඩම වීම කොච්චර දෙයක්ද? ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට හරිම සුන්දරයි. මේ සල් ගස් පුරා අතු පතර මල් පිරිල තියෙනවා. ඒ මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් ආනන්දය, මේ ලස්සන ගෝසිංග සල් වනය තවත් ලස්සන වෙන්නෙ කොයි වගේ භික්ෂුවකගෙන්ද?’ කියලා.

18. ඒවං වුත්තේ භන්තේ ආයස්මා ආනන්දෝ මං ඒතදවෝච: “ඉධාවුසෝ සාරිපුත්ත භික්ඛු බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සෝ චතස්සන්නං පරිසානං ධම්මං දේසේති පරිමණ්ඩලේහි පදබ්‍යඤ්ජනේහි අප්පබද්ධේහි අනුසයසමුග්ඝාතායා”ති. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

එතකොට ස්වාමීනි, මේ ආයුෂ්මත් ආනන්ද මට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඒ භික්ෂුව බහුශ්‍රැතයි. ඇසූ දේ දරාගෙනයි ඉන්නෙ. ඒ ඇසූ ධර්මය රැස් කරගෙනයි ඉන්නෙ. ඒ ධර්මයේ ආරම්භයත් ලස්සනයි. මැදත් ලස්සනයි. අවසානයත් ලස්සනයි. ඒ ධර්මය අර්ථ සහිතයි. ඒ ධර්මය පැහැදිලි වචනවලින් යුක්තයි. ඒ ධර්මයෙන් කියවෙන්නෙ මුළුමනින් ම පිරිසිදු පිරිපුන් නිවන් මග. අන්න ඒ ධර්මය ගැන තමයි ඒ භික්ෂුව බහුශ්‍රැත වෙලා ඉන්නෙ. ඒ ධර්මය තමයි දරාගෙන ඉන්නෙ. ඒ ධර්මය තමයි වචනයෙන් පුරුදු කරල තියෙන්නෙ. ඒ ධර්මය තමයි නුවණින් විමසන්නෙ. ඒ ධර්මය තමයි ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඉන්නෙ. ඒ භික්ෂුවට පුළුවන්, අභ්‍යන්තරගත සියලු කෙලෙස් නැතිවෙන විදිහට, පරිපූර්ණ වශයෙන්, යහපත් වචනවලින්, පැටලිලි රහිත වචන වලින් සිව්පිරිසට ම බණ කියන්න. අන්න ඒ වගේ භික්ෂුවක ගෙන් තමයි, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ගෝසිංග සල් වනය ලස්සන වෙන්නෙ’ කියලා.

19. “සාධු සාධු සාරිපුත්ත, යථා තං ආනන්දෝව සම්මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍ය. ආනන්දෝ හි සාරිපුත්ත බහුස්සුතෝ සුතධරෝ සුතසන්නිචයෝ. යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සෝ චතස්සන්නං පරිසානං ධම්මං දේසේති පරිමණ්ඩලේහි පදබ්‍යඤ්ජනේහි අප්පබද්ධේහි අනුසයසමුග්ඝාතායා”ති.

‘සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, අපේ පින්වත් ආනන්ද ඉතින් හරියට ම උත්තරේ දීල තියෙනවා නෙව. පින්වත් සාරිපුත්ත, ඒක ඇත්ත. ඔය ආනන්ද බහුශ්‍රැතයි. ඇසූ දේ දරාගෙනයි ඉන්නෙ. ඒ ඇසූ ධර්මය රැස් කරගෙනයි ඉන්නෙ. ඒ ධර්මයේ ආරම්භයත් ලස්සනයි. මැදත් ලස්සනයි. අවසානයත් ලස්සනයි. ඒ ධර්මය අර්ථ සහිතයි. ඒ ධර්මය පැහැදිලි වචනවලින් යුක්තයි. ඒ ධර්මයෙන් කියවෙන්නෙ මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මගයි. අන්න ඒ ධර්මය ගැන තමයි ඒ භික්ෂුව බහුශ්‍රැත වෙලා ඉන්නෙ. ඒ ධර්මය තමයි දරාගෙන ඉන්නෙ. ඒ ධර්මය තමයි වචනයෙන් පුරුදු කරල තියෙන්නෙ. ඒ ධර්මය තමයි නුවණින් විමසන්නෙ. ඒ ධර්මය තමයි ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඉන්නෙ. මේ ආනන්දට පුළුවනි අභ්‍යන්තර ගත සියලු කෙලෙස් නැති වී යන විදිහට, පරිපූර්ණ වශයෙන්, යහපත් වචනවලින්, පැටලිලි රහිත වචනවලින් සිව්පිරිසට ම බණ කියන්න.”

20. ඒවං වුත්තේ අහං භන්තේ ආයස්මන්තං රේවතං ඒතදවෝචං: “බ්‍යාකතං ඛෝ ආවුසෝ රේවත ආයස්මතා ආනන්දේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං රේවතං පුච්ඡාම: රමණීයං ආවුසෝ රේවත ගෝසිංගසාලවනං. දෝසිනා රත්ති. සබ්බඵාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ රේවත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ඉතින් ස්වාමීනි, ඊට පස්සේ මම ආයුෂ්මත් රේවතට කතා කළා. ‘ප්‍රිය ආයුෂ්මත් රේවත, ඔන්න දැන් ආයුෂ්මත් ආනන්දයන් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. ඉතින් අපි දැන් ආයුෂ්මත් රේවතගෙනුත් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් රේවත, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් රේවත, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?’

21. ඒවං වුත්තේ භන්තේ ආයස්මා රේවතෝ මං ඒතදවෝච: “ඉධාවුසෝ සාරිපුත්ත භික්ඛු පටිසල්ලානාරාමෝ හෝති, පටිසල්ලානරතෝ, අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ, විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරානං. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

එතකොට ස්වාමීනි, මේ ආයුෂ්මත් රේවත මට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, සමාධි සමාපත්තිවලට ඇලුණු භික්ෂුවක් ඉන්නවා. ඔහු සමාධි සමාපත්තිවලට හරිම කැමතියි. තමන් තුළ චිත්ත සමාධියෙන් ම යි ඉන්නෙ. ධ්‍යානවලින් බැහැර වෙන්නෙ නෑ. නිතර විදර්ශනාත් වඩනවා. නිදහස් තැන්වලට ම යි කැමති. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසාත් මේ ගෝසිංග සල් වනය ලස්සන වෙනවා’ කියලා.”

22. “සාධු සාධු සාරිපුත්ත, යථා තං රේවතෝව සම්මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍ය. රේවතෝ හි සාරිපුත්ත පටිසල්ලානාරාමෝ පටිසල්ලානරතෝ, අජ්ඣත්තං චේතෝසමථමනුයුත්තෝ අනිරාකතජ්ඣානෝ, විපස්සනාය සමන්නාගතෝ බ්‍රෑහේතා සුඤ්ඤාගාරාන”න්ති.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, අපේ රේවත ඉතින් නියම විදිහට ම උත්තරේ දීල තියෙනවා නෙව. පින්වත් සාරිපුත්ත, මේ රේවත සමාධි සමාපත්ති වලට ඇලිල ඉන්නෙ. සමාධි සමාපත්තිවලට කැමතියි. තමා තුළ චිත්ත සමාධියෙන් ම යි ඉන්නෙ. ධ්‍යානවලින් බැහැර වෙන්නෙ නෑ. නිතර විදර්ශනාත් වඩනවා. නිදහස් තැන්වලටයි කැමති.”

23. ඒවං වුත්තේ අහං භන්තේ ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝචං: “බ්‍යාකතං ඛෝ ආවුසෝ අනුරුද්ධ ආයස්මතා රේවතේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම: රමණීයං ආවුසෝ අනුරුද්ධ ගෝසිංගසාලවනං. දෝසිනා රත්ති. සබ්බඵාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ අනුරුද්ධ භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“ඉතින් ස්වාමීනි, මං ඊට පස්සෙ ආයුෂ්මත් අනුරුද්ධට කතා කළා. ‘ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, ඔන්න දැන් ආයුෂ්මත් රේවතත් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන්ගෙන් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ හරියට දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?’

24. ඒවං වුත්තේ භන්තේ ආයස්මා අනුරුද්ධෝ මං ඒතදවෝච: “ඉධාවුසෝ සාරිපුත්ත භික්ඛු දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සහස්සං ලෝකානං වෝලෝකේති. සෙය්‍යථාපි ආවුසෝ සාරිපුත්ත උපරිපසාද වරගතෝ සහස්සං නේමිමණ්ඩලානං ඕලෝකෙය්‍ය, ඒවමේව ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛු දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සහස්සානං ලෝකාං ඕලෝකේති. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”’ති.

එතකොට ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ මට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, දිවැස් තියෙන භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය දිවැසින් දහසක් ලෝක ධාතු දකිනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උස් ගොඩනැගිල්ලකට ගිය කෙනෙක් එතන ඉඳල දහසක් නිම් වළලු බලනවා වගෙයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, භික්ෂුව මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය දිවැස් නුවණින් දහසක් ලෝක ධාතු දකින්නෙ ඔය විදිහට ම යි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ භික්ෂුවක ගෙන් මේ ගෝසිංග සල් වනය තවත් ලස්සන වෙනවා’ කියල.”

25. “සාධු සාධු සාරිපුත්ත, යථා තං අනුරුද්ධෝව සම්මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍ය. අනුරුද්ධෝ හි සාරිපුත්ත දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සහස්සං ලෝකානං ඕලෝකේතී”ති.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, අපේ මේ අනුරුද්ධ හරියට උත්තරේ දීල තියෙනවා නෙව. පින්වත් සාරිපුත්ත, මේ අනුරුද්ධ සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය දිවැසින් ලෝක ධාතු දාහක් බලන්න පුළුවන්කම තියෙන කෙනෙක්.”

26 “ඒවං වුත්තේ අහං භන්තේ ආයස්මන්තං මහාකස්සපං ඒතදවෝචං: “බ්‍යාකතං ඛෝ ආවුසෝ කස්සප ආයස්මතා අනුරුද්ධේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං මහාකස්සපං පුච්ඡාම: රමණීයං ආවුසෝ කස්සප ගෝසිංගසාලවනං. දෝසිනා රත්ති. සබ්බඵාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ කස්සප භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති?

“ඉතින් ස්වාමීනි, ඊට පස්සෙ මම ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට මෙහෙම කිව්වා. ප්‍රිය ආයුෂ්මත් කස්සප, ඔන්න දැන් ආයුෂ්මත් අනුරුද්ධයන් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. ඉතින් අපි දැන් ආයුෂ්මත් මහා කස්සපයන්ගෙනුත් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් කස්සප, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයේ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් කස්සප, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?’ කියල.

ඒවං වුත්තේ භන්තේ ආයස්මා මහාකස්සපෝ මං ඒතදවෝච: “ඉධාවුසෝ සාරිපුත්ත භික්ඛු අත්තනා ච ආරඤ්ඤකෝ හෝති ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පිණ්ඩපාතිකෝ හෝති පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පංසුකූලිකෝ හෝති පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච තේචීවරිකෝ හෝති තේචීවරිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච අප්පිච්ඡෝ හෝති අප්පිච්ඡතාය ච වණ්ණවාදී. අත්තනා ච සන්තුට්ඨෝ හෝති සන්තුට්ඨියා ච වණ්ණවාදී. අත්තනා ච පවිවිත්තෝ හෝති පවිවේකස්ස ච වණ්ණවාදී. අත්තනා ච අසංසට්ඨෝ හෝති අසංසග්ගස්ස ච වණ්ණවාදී. අත්තනා ච ආරද්ධවිරියෝ හෝති විරියාරම්භස්ස ච වණ්ණවාදී. අත්තනා ච සීලසම්පන්නෝ හෝති සීලසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච සමාධිසම්පන්නෝ හෝති සමාධිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නෝ හෝති පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිසම්පන්නෝ හෝති විමුත්තිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නෝ හෝති විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී.

එතකොට ස්වාමීනි, ආයුෂ්මත් මහාකස්සපයන් මට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, තමාත් වනාන්තරේ වාසය කරමින් ම වනාන්තරේ වාසය කිරීම ගැන ගුණ කියන භික්ෂුවක් ඉන්නවා. තමන් පිණ්ඩපාතෙනුයි යැපෙන්නෙ. පිණ්ඩපාතෙන් යැපීමේ ගුණත් කියනවා. තමන් පාංශුකූල වස්ත්‍ර ම යි පොරවන්නෙ. පාංශුකූල වස්ත්‍ර පෙරවීම ගැන ගුණත් කියනවා. තමන් තුන් සිවුරෙන් ඉන්නෙ. තුන් සිවුරෙන් සිටීම ගැන ගුණත් කියනවා. තමන් අල්පේච්ඡව යි ඉන්නෙ. අල්පේච්ඡතාවය ගැන ගුණත් කියනවා. තමන් ලද දෙයින් සතුටු වෙලයි ඉන්නෙ. ලද දෙයින් සතුටු වීමේ ගුණත් කියනවා. තමන් හුදකලා විවේකයෙන් ඉන්නෙ. හුදෙකලා විවේකයේ ගුණත් කියනවා. තමන් පිරිස සමඟ නොඇලීයි ඉන්නෙ. පිරිස සමඟ නොඇලීමේ ගුණත් කියනවා. තමන් පටන්ගත් වීරියෙන් ම යි ඉන්නෙ. පටන්ගත් වීරිය ගැන ගුණත් කියනවා. තමන් සිල්වත්ව ඉන්නෙ. සීල සම්පත්තියේ ගුණත් කියනවා. තමන් සමාධිමත්ව ඉන්නෙ. සමාධි සම්පත්තියේ ගුණත් කියනවා. තමන් ප්‍රඥාවෙන් ඉන්නෙ. ප්‍රඥා සම්පත්තියේ ගුණත් කියනවා. තමන් විමුක්ති සිතින් ඉන්නෙ. විමුක්ති සම්පත්තිය ගැන ගුණත් කියනවා. තමන් විමුක්ති ඤාණදර්ශනයෙන් යුක්තවයි ඉන්නෙ. විමුක්ති ඤාණදර්ශන සම්පත්තියේ ගුණත් කියනවා.

ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහේ භික්ෂුවකගෙනුයි ගෝසිංග සල් වනය ලස්සන වෙන්නෙ’ කියල කිව්වා.”

27. “සාධු සාධු සාරිපුත්ත, යථා තං කස්සපෝව සම්මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍ය. කස්සපෝ හි සාරිපුත්ත අත්තනා ච ආරඤ්ඤකෝ ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පිණ්ඩපාතිකෝ පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පංසුකූලිකෝ පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච තේචීවරිකෝ තේචීවරිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච අප්පිච්ඡෝ අප්පිච්ඡතාය ච වණ්ණවාදී. අත්තනා ච සන්තුට්ඨෝ සන්තුට්ඨියා ච වණ්ණවාදී. අත්තනා ච පවිවිත්තෝ පවිවේකස්ස ච වණ්ණවාදී. අත්තනා ච අසංසට්ඨෝ අසංසග්ගස්ස ච වණ්ණවාදී. අත්තනා ච ආරද්ධවිරියෝ විරියාරම්භස්ස ච වණ්ණවාදී. අත්තනා ච සීලසම්පන්නෝ සීලසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච සමාධිසම්පන්නෝ, සමාධිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නෝ පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිසම්පන්නෝ විමුත්තිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නෝ විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී”ති.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, අපේ කස්සප ඉතින් උත්තරයක් දුන්නොත් ආයෙ ඉතින් හරියට ම උත්තර දෙනවා. පින්වත් සාරිපුත්ත, කස්සප ඔහොම තමයි. කස්සප තමාත් වනාන්තරේ ඉන්නවා. වනාන්තරේ වාසය කිරීම ගැන ගුණත් කියනවා. තමාත් පිණ්ඩපාතෙන් යැපෙනවා. පිණ්ඩපාතෙන් යැපීමේ ගුණත් කියනවා. තමාත් පාංශුකූල සිවුරු පොරවනවා. පාංශුකූල සිවුරු පෙරවීම ගැන ගුණත් කියනවා. තමාත් තුන් සිවුරු පොරෝනවා. තුන් සිවුරෙන් සිටීම ගැන ගුණත් කියනවා. තමාත් අල්පේච්ඡව ඉන්නවා. අල්පේච්ඡතාවය ගැන ගුණත් කියනවා. තමාත් ලද දෙයින් සතුටු වෙලා ඉන්නවා. ලද දෙයින් සතුටු වීමේ ගුණත් කියනවා. තමාත් හුදෙකලා විවේකයෙන් ඉන්නවා. හුදෙකලා විවේකයේ ගුණත් කියනවා. තමාත් පිරිස සමඟ නොඇලී ඉන්නවා. පිරිස සමඟ නොඇලී සිටීමේ ගුණත් කියනවා. තමාත් පටන්ගත් වීරියෙන් ම ඉන්නවා. පටන්ගත් වීරිය ගැන ගුණත් කියනවා. තමාත් සිල්වත්ව ඉන්නවා. සීල සම්පත්තියේ ගුණත් කියනවා. තමාත් සමාධිමත්ව ඉන්නවා. සමාධි සම්පත්තියේ ගුණත් කියනවා. තමාත් ප්‍රඥාවෙන් ඉන්නෙ. ප්‍රඥා සම්පත්තියේ ගුණත් කියනවා. තමාත් විමුක්ති සිතින් ඉන්නවා. විමුක්ත සම්පත්තියේ ගුණත් කියනවා. තමාත් විමුක්ති ඤාණදර්ශනයෙන් යුක්තව ඉන්නවා. විමුක්ති ඤාණදර්ශන සම්පත්තියේ ගුණත් කියනවා.”

28. ඒවං වුත්තේ අහං භන්තේ ආයස්මන්තං මහාමොග්ගල්ලානං ඒතදවෝචං: “බ්‍යාකතං ඛෝ ආවුසෝ මොග්ගල්ලාන ආයස්මතා මහාකස්සපේන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම: රමණීයං ආවුසෝ මොග්ගල්ලාන ගෝසිංගසාලවනං. දෝසිනා රත්ති. සබ්බඵාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ මොග්ගල්ලාන භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති?

“ඉතින් ස්වාමීනි, මං ඊට පස්සෙ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන්ට කතා කළා. ‘ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඔන්න දැන් ආයුෂ්මත් මහාකස්සපයන් තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා. ඉතින් අපි දැන් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගෙනුත් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩක් ලස්සනයි. සල් වනයෙ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?’

29. ඒවං වුත්තේ භන්තේ ආයස්මා මහාමොග්ගල්ලානෝ මං ඒතදවෝච: “ඉධාවුසෝ සාරිපුත්ත ද්වේ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති, තේ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති, අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති නෝ ච සංසාදෙන්ති, ධම්මී ච නේසං කථා පවත්තිනී හෝති. ඒවරූපේන ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

එතකොට ස්වාමීනි, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ මට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ගැඹුරු ධර්මය කතා කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉන්නවා. උන්වහන්සේලා එකිනෙකාගෙන් ප්‍රශ්න විමසනවා. එකිනෙකාගෙන් අහන ප්‍රශ්න විසඳනවා මිසක් කරුණු හංගන්න යන්නෙ නෑ. එතකොට උන්වහන්සේලාට දිගට ම ධර්ම කතාව කරගෙන යන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසා මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙනවා’ කියල.”

30. “සාධු සාධු සාරිපුත්ත, යථා තං මොග්ගල්ලානෝව සම්මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍ය. මොග්ගල්ලානෝ හි සාරිපුත්ත ධම්මකථිකෝ’ති.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, අපේ මේ මොග්ගල්ලාන හරියට ම උත්තරේ දීල තියෙනවා. පින්වත් සාරිපුත්ත, මොග්ගල්ලාන කියල කියන්නෙ ධර්ම කථිකයෙක් නෙව.”

31. ඒවං වුත්තේ ආයස්මා මහාමොග්ගල්ලානෝ භගවන්තං ඒතදවෝච: අථ ඛ්වාහං භන්තේ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝචං: “බ්‍යාකතං ඛෝ ආවුසෝ සාරිපුත්ත අම්හේහි සබ්බේහේව යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං සාරිපුත්තං පුච්ඡාම: රමණීයං ආවුසෝ සාරිපුත්ත ගෝසිංගසාලවනං. දෝසිනා රත්ති. සබ්බඵාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්ති. කථංරූපේන ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා’ති?

එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඒ වෙලාවෙ මං අපේ මේ ආයුෂ්මත් සාරිපුත්තයන්ට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔන්න දැන් අපි ඔක්කොම තම තමන්ට වැටහෙන විදිහට උත්තර දුන්නා නෙව. දැන් ඉතින් අපි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් අහන්න කැමතියි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මේ ගෝසිංග සල් වනය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට ගොඩාක් ලස්සනයි. සල් වනයේ අතුපතර සල් මලින් පිරිල ඉතිරිලා. මල් සුවඳ හමාගෙන එන්නෙ දිව්‍ය සුවඳක් වගෙයි. ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කොයි වගේ භික්ෂුවක් නිසා ද මේ ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙන්නෙ?’

32. ඒවං වුත්තේ භන්තේ ආයස්මා සාරිපුත්තෝ මං ඒතදවෝච : “ඉධාවුසෝ මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තේති, නෝ ච භික්ඛු චිත්තස්ස වසේන වත්තති. සෝ යාය විහාරසමාපත්තියා ආකංඛති පුබ්බණ්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බණ්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති.

එතකොට ස්වාමීනි, මේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මට මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඒ භික්ෂුව විසින් තමන්ගේ සිත තමාගේ වසඟයට පත් කරගෙනයි ඉන්නෙ. සිතේ වසඟයට ඒ භික්ෂුව පත්වෙලා නෑ. උදේ වරුවෙ යම්කිසි සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, උදේ වරුවෙ ඒ සමාධි සමාපත්තියෙන් ඉන්නවා. දවල් කාලෙ යම්කිසි සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, මුළු දවල් කාලයේ ම ඒ සමාධි සමාපත්තියෙන් ඉන්නවා. හවස් වරුවෙ යම්කිසි සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, හවස් වරුවෙ ම ඒ සමාධි සමාපත්තියෙන් ඉන්නවා.

සෙය්‍යථාපි ආවුසෝ මොග්ගල්ලාන රඤ්ඤෝ වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකෝ පූරෝ අස්ස, සෝ යඤ්ඤදේව දුස්සයුගං ආකංඛෙය්‍ය පුබ්බණ්හසමයං පාරුපිතුං තං තදේව දුස්සයුගං පුබ්බණ්හසමයං පාරුපෙය්‍ය, යඤ්ඤදේව දුස්සයුගං ආකංඛෙය්‍ය මජ්ඣන්තිකං සමයං පාරුපිතුං තං තදේව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්‍ය; යඤ්ඤදේව දුස්සයුගං ආකංඛෙය්‍ය සායන්හසමයං පාරුපිතුං තං තදේව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්‍ය; ඒවමේව ඛෝ ආවුසෝ මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තේති, නෝ ච භික්ඛු චිත්තස්ස වසේන වත්තති. සෝ යාය විහාරසමාපත්තියා ආකංඛති පුබ්බණ්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බණ්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති සායන්හසමයං විහරිතුං, තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. ඒවරූපේන ඛෝ ආවුසෝ මොග්ගල්ලාන භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඒක මේ වගේ දෙයක්. රජ්ජුරු කෙනෙකුට හෝ රජ්ජුරුවන්ගේ මහඇමතිට හෝ නොයෙක් සළු පිළි පුරෝපු ලොකු අල්මාරියක් තියෙනවා. ඉතින් එයා උදේට පොරවන්න කැමති වෙනවා වෙන සළුවක්. එතකොට උදේ වරුවට ඒ සළුව පොරෝනවා. දවල් කාලෙ වෙන සළුවක් පොරවන්නයි කැමති. එතකොට එයා දවල්ට ඒ සළුව පොරෝනවා. හවස් වරුවෙ වෙන සළුවක් පොරවන්නයි එයා කැමති. එතකොට හවස් වරුවෙ ඒක පොරෝනවා. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, අන්න ඒ විදිහමයි ඒ භික්ෂුව විසින් තමන්ගේ හිත වසඟ කරගෙන ඉන්නේ. හිතේ වසඟයට ඒ භික්ෂුව අහු වෙලා නෑ. ඒ නිසා ඒ භික්ෂුව යම් සමාධි සමාපත්තියකින් උදේ වරුව ගෙවන්න කැමති නම් උදේ වරුව ගෙවන්නෙ ඒ සමාධි සමාපත්තියෙන් ම යි. දවල් වරුවට යම් සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම් දවල් වරුවෙ ඒ සමාධි සමාපත්තියෙන් ම ඉන්නවා. සවස් වරුවෙ යම් සමාධි සමාපත්තියකින් ඉන්න කැමති නම්, සවස් වරුව පුරා ම ඒ සමාධි සමාපත්තියෙන් ම යි ඉන්නෙ. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසාත් ගෝසිංග සල් වනය ලස්සන වෙනවා’ කියලා.”

33. “සාධු සාධු මොග්ගල්ලාන, යථා තං සාරිපුත්තෝව සම්මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍ය. සාරිපුත්තෝ හි මොග්ගල්ලාන චිත්තං වසං වත්තේති. නෝ ච සාරිපුත්තෝ චිත්තස්ස වසේන වත්තති. සෝ යාය විහාරසමාපත්තියා ආකංඛති පුබ්බණ්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බණ්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකංඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං, තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති යාය විහාරසමාපත්තියා ආකංඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරතී”ති.

“සාදු! සාදු! පින්වත් මොග්ගල්ලාන, සාරිපුත්ත උත්තරයක් දුන්නොත් ඉතින් හරියට ම උත්තර දෙනවා. පින්වත් මොග්ගල්ලාන, ඔය සාරිපුත්ත තමන්ගේ සිත වසඟ කරගෙනයි ඉන්නෙ. හිතේ වසඟයට සාරිපුත්ත අහු වෙලා නෑ. සාරිපුත්ත යම් සමාධි සමාපත්තියකින් උදේ වරුව ගතකරන්න කැමති නම්, උදේ වරුවෙ ම ඒ සමාධි සමාපත්තියෙන් ගතකරන්න පුළුවනි. දවල් වරුවෙ යම් සමාධි සමාපත්තියකින් ගතකරන්න කැමති නම්, දවල් වරුවෙ ම ඒ සමාධි සමාපත්තියෙන් ඉන්න පුළුවනි. හවස් වරුවෙ යම් සමාධි සමාපත්තියකින් ගතකරන්න කැමති නම් සවස් වරුවෙ ම ඒ සමාධි සමාපත්තියෙන් ගතකරන්න පුළුවනි.”

34. ඒවං වුත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච : කස්ස නු ඛෝ භන්තේ සුභාසිතන්ති?

එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා. “ඉතින් ස්වාමීනි, කවුරු කියාපු එක ද හොඳම එක?”

35. සබ්බේසං වෝ සාරිපුත්ත සුභාසිතං පරියායේන. අපි ච මමපි සුණාථ යථාරූපේන භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍ය. ඉධ සාරිපුත්ත භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා ‘න තාවාහං ඉමං පල්ලංකං භින්දිස්සාමි යාව මේ නානුපාදාය ආසවේහි චිත්තං විමුච්චිස්සතී’ති. ඒවරූපේන ඛෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංගසාලවනං සෝභෙය්‍යා”ති.

“පින්වත් සාරිපුත්ත, ඔය හැම කෙනෙක් ම කියල තියෙන්නෙ ඒ ඒ ක්‍රමයෙන් හොඳ ම ඒවා තමයි. එහෙම නම් මගේ අදහසත් අහගන්න ‘කොයි වගේ භික්ෂුවකගෙන් ද මේ ගෝසිංග සල් වනය ලස්සන වෙන්නෙ?’ කියලා. පින්වත් සාරිපුත්ත, භික්ෂුව පිණ්ඩපාතෙ වැඩල දන් වැළඳුවට පස්සෙ පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය සෘජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවාගන්නවා. ‘මම නම් කිසිවකට නොබැඳී ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා යනකල් ම මේ පළඟ ලිහන්නෙ නෑ’ කියලා. පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසාත් ගෝසිංග සල් වනය වඩාත් ලස්සන වෙනවා.”

ඉදමවෝච භගවා. අත්තමනා තේ ආයස්මන්තෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළා. ඒ ආයුෂ්මතුන් වහන්සේලා ඒ ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාගෝසිංගසුත්තං දුතියං.

ගෝසිංග සල් වනයේදී වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M